Cherreads

Chapter 26 - 26

මම අත් දෙකෙම්ම ඒ බත් පාර්සල් එක ගත්තා ....එයාගෙ පුතාට පින් අනුමෝදන් කරන්නලු...

මං ඔලුව වැනුවා ....මොකද මට බැහැ ඒ වගේ දෙයකදි නිකන් ඉන්න.....ඇහුන් නෑ වගෙ ඉන්න.....බත් එකෙ සුවද ඔතපු කවරෙත් පහු කරන් එනකොට මම බත් එක අරන් කාර් එකට යන්න හැරුනා විතරයි මට බත් පාර්සල් එක දුන්න ගෑනු මනුස්සයව එක පාරම කකුල් වාරු නැතිව වැටෙන්න වගෙ එනකොට මං අතේ තිබුන බත් එකත් විසික් නොකරම ඉක්මනට එයාව අල්ල ගත්තා.....

ඇ...ඇන්ටී .....

මගෙ කටින් පිටවෙච්ච පලවෙනිම වචනය ...මගෙ ඇගේම සිහිය නැති උන එයාගෙ අතපය ඔක්කෝම කඩන් වැටෙනකොට තාත්තත් නැති තැන මං ඕනවටත් වඩා බය වෙනකොට එයාගෙ අතෙ තිබුන ප්ලාස්ටික් කූඩෙ බිම වැටිලා ඇතුලෙ තිබුන බත් පාර්සල් සීසීකඩ යනකොට මං එයාව ඉක්මනට මගෙ උකුලට වාරු කර ගත්තා .....

ඇන්ටී ...ඇ...න්ටී.....

මං කතා කර කරම ඒ කම්මුල් වලට හිමින් තට්ටු කරන්න ගත්තා .....හදිස්සියකට වතුර බෝතලයක් වත් ළඟ නැති කොට තාත්තව ස්වර්ගෙට ඇදගන ගිහින්ද කියලා හිතෙන තරම් වෙලා ගිහිනුත් තාත්තා නැති කොට කෑ ගහලා උදව්වක් වත් ඉල්ලගන්න බැරි උන මං අසරන උනා .....

ඇන්ටී....ඇන්ටී කිය කිය කම්මුල් වලට තට්ටු කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් බැරි වෙනකොට මං එයාගෙ ඔලුව අත ගගා කම්මුල් වලට තට්ටු කෙරුවා ...

අක්කෙ....හරීද...අක්....කෙ....අක්කේ....!!!!

මම හිතන්නෙ දෙවියො මගෙ දිහා බැලුවා වගේ ...කර කියා ගන්න දෙයක් නැතිව අසරන වෙලා උන්න මං ගාවට සුරදූතයෙක් එනකොට මට ඉබෙටම හුස්මක් පිට උනා ....

අක්කෙ....අක්කෙ.....මොකද මෙයාට උනේ ....

..ක්ලන්තෙ....ද්ද්....දැම්මා... 

මීට ටික වෙලාවකට කලියෙන් කාට හරි ඵෝන් එකෙන් බැන බැන උන්න එයා දුවගෙන ඇවිදින් මගෙ උකුලෙ උන්න කෙනාගෙ කම්මුල් අත ගගා අක්කෙ අක්කෙ කියන ගමන් කතා කරල මගෙ දිහාවත් නොබලා මොකද උනේ අහනකොට මාත් හිත හිත ඉන්න කල් ගන් නැතිව කටට වචනෙ ආව වෙලේ ඉක්මනට කලන්තෙ දැම්මා කියනකොට එයා මගෙ දිහා බලලා ආයම ඉක්මනට නැගිට්ටා 

ඔහොම පොඩ්ඩක් ඉන්න...

එයා මට කිව්වෙ එච්චරයි පාරෙන් එහා පැත්තෙ තිබුන කඩේකට දුවනකොට මං මගෙ උකුලෙ උන්න එයාව තවත් චුට්ටක් උඩට ගත්තා ... 

එයා දුකෙන්....එයා වේදනාවෙන්...පව් මගෙ අම්මා වගේමයි...එයාගෙ පුතා නැති උන වේදනාවට වෙන්න ඇති.....මටත් මොනවා හරි පොඩි දෙයක් උනහම මගෙ අම්මා නහින හැටි බැලුවම මේ අම්මා කොහොම ඒ දුක ඉවසුවද කියන්න දෙවියොම තමයි දන්නෙ .....

පොඩ්ඩක් උස්සලා අල්ලන්න ලමයො.....

එයා ආවා....පාරවත් නොබලා පාර පැනපු එයා අනිත් පාර වතුර බෝතලයකුත් උස්සන් සිහියක් පතක් නැති විදිහට දුවන් ඇවිත් මගෙ උකුලෙ උන්න එයාව උස්සලා අල්ලන්න කියනකොට අනේ මං එයාව ඉක්මනට මගෙ පපුවට හේත්තු කර ගත්තා වගේම අර මනුස්සයා අල්ලක් පුරවලා වතුර අරන් එයාගෙ මූන තෙමන්න ගත්තා .....

අක්කෙ....අනේ අක්කෙ ඇස් ඇරපන්...ඇස් ඇරලා බලපන් අක්කෙ.....

එයා මූනට වතුර ගානවා ගගා ඇස් ඇරලා බලපන් අක්කෙ ගගා කම්මුල් වලට තට්ටු කරනකොට එයාගෙන් කිසිම හාවක් හූවක් නැති උනා....

මගෙ ...අතට ව්ව්....වතුර ට්ට්...කක් දාන්න...

ලාවට ඇරුන කට දිහා බලපු මම අර මනුස්සයගෙන් වතුර චූට්ටක් ඉල්ලන් එක බින්දුවක් දෙකක් එයාගෙ කටට දලා මං මුලු මූනම තෙත අතින් අතගානකොට එයා චුට්ටක් ගැස්සුන ....ඇස් කොන්වලින් පහලට වැටුන කදුලු බින්දුවක් එක්ක එයා හරී...අමා....රුවෙන් ඇස් ඇරියා....ඒත් එයාට තවමත් හොද සිහිය නෑ වගෙ...වේලිලා ගියපු යටි තොල් වෙව්ලනකොට එයාගෙ ඇස් ආය ආයම වැහෙන්න ආවා වගේම එයා කාට හරි කතා කෙරුවා ....

යෙ...වී...න්.....

එච්චරයි එයාට ආයමත් සිහිය නැති උනා.....

යෙවීන් ...යෙවීන්....යෙවීන්....

එ...එයාගෙ....ප්...පුතාලුද....ත්තා ත්තෙ....යෙ..යෙවීන්...

ම්ම්ම්ම්ම්ම්ම්

ප්ප්...පව්....ඒ අම්මට...

එක තමයි උඹටත් අපි කට කැඩෙනකන් කියන්නෙ ප්‍රවේසන් වෙයන් ප්‍රවේසන් වෙයන් පාරෙ යන කොට කල්පනාවෙන් පලයන් කියලා පේනවනේ....ඒ.අම්මගෙ දුක ....

ම්ම්ම්....

ම්ම්ම්...ලු...ම්ම්ලූ....දාපිය ඔය සීට් බෙල්ට් එක.....කියලා කට වහන්න හම්බුන් නෑ 

අඅ...ආ.....ව්හ්....ත්තා...ත්තේ.....ර්...රිදෙනවනෙ....

මගෙ හිතට මහ වේදනාවයි...මගෙ උකුලෙ ඉදගන එයා අවසිහියෙන් උනත් මගෙ මූන අල්ලලා යෙවීන් ගාලා ආයම කඩාගන වැටෙනකොට ඒ අතේ උනුසුම මට කම්මුල් වලට දැනුන වෙලේ ඉදන්මගෙ පපුවට මහා වේදනාවක් දැනුනා...ඒ ඇස්....එ ඇස් අස්සෙ තිබුන වේදනාව...ඔක්කොටම වඩා ඒ මූන...

යෙවීන්ලු....

මගෙ නමමයි ....එයාගෙ පුතා නැති වෙලා.....කකුල් දෙක උඩ තිබුන බත් පැකට් එකෙන් එන සුවදට මෙච්චර වෙලාම පෙරේත කම් කෙරුවා උනත්.....මගෙ පපුව මම නොදන්න ගින්දරකින් පිච්චෙන්න ගන්නකොට තාත්තගෙන් බැනුම් අහ අහ උන්න මම ඊලගට ගුටිත් කෑවා.....ශීට් බෙල්ට් එක නොදාපු වරදට ගුටි කාපු මම ආව්හ් රිදෙනවා තාත්තෙ කිව්වා උනත් තාත්තා ගහපු පාරට වඩා මට හිතට වේදනාවක් දැනෙන්න ගත්තා...

ත්තා...ත්තෙ.....

ම්ම්ම්ම්.....ඇයි බඩගිනිද ...ඔහොම්ම ඉස්සරහින් නවත්තන්නම්.....

එ...එපා.....

ඇයි.බඩගිනි නැද්ද....උඹ ගෙදර ඉන්නකොටත් කුරුල්ලා වගේ කොයි වෙලෙත් එහා මෙහා යනගමනුත් කොට කොට කනවා නේද.....

.......

මොකද ඒ පාර.....

තාත්තා අනිත් පාර මගෙ කනකින් ඇද්දා...හැබැයි තරහටවත් රිදෙන්නවත් නෙවෙ ආදරේට...මගෙන් බඩගිනිද ඇහුවා...මුරුක්කුවක් ගිලපු මට බඩගින්න තිබුනත් එතනින් එහා...මීට කලින් ගෙවුන විනාඩි ගානෙදි ඒ බඩගින්න නැත්තට නැති උනා.....නන්නාදුනන ඇස් දෙක ගාව...නන්නාදුනන උනත් පපුව ඇදුම් කන ඒ අතේ ස්පර්ශය ඒ නම....ඒ අඩපු විදිහ මගෙ බඩගින්න සම්පූරනම මරල දැම්මා....පරාටා පෙරේතයෙක් උන මට අද තාත්තා පරාට අරන් දෙන්නද අහනකොට පරාට පාවා නීරස වෙලා ගියා . ...

යෙ..යෙවීන්....ලු නම....තාත්තෙ...

ම්ම්ම්....යෙවීන් කිව්වා නේද.....පව් අප්පා.....වයස කීයෙ කොල්ලෙක්ද දන්නෙ නෑ...පොඩි දරුවෙක් වෙන්න ඇති.....ඒඋනත් ලොකු පොඩි කියල නෑනෙ බන්.....අම්මලා තාත්තලාට වේදනයිනෙ....දැන් උඹ ගෙදර ගිහිනුත් ඔව්වා අම්මට කියන්ඩ තියා ගන්ඩ එපා.....දනන්වනෙ අම්මගෙ හැටි උඹගෙ නම තිබ්බ ළමයෙක් මැරිලා කිව්වොත් අදම කච්චේරියට එක්ක ගිහින් උඹගෙ නම මාරු කරයි...

මම ශීට් එකට ඔලුව ගහගත්තා ....පාරෙ වාහන එකාකාරෙට.....පන්ති යන ළමයි....ඉස්කෝලේ යන ළමයි.....ගිනි මද්දහනේ පාරවල් පනිනකොට ස්කූල් වෑන් වල උන්න සමහරක් මහන්සියටමද කොහෙද නිදාගන උන්නා...

පව්.....

මගෙ හිත ආය ආයම කෑ ගෑහුවා...

දැන් කන්න ඕනනෑ කිව්වනෙ.....

ම්ම්ම්...

ගෙදර ගිහිනුත් ඔය විදිහටම කියපන් නැත්තන් අම්මගෙ දොන්තයට කන්ඩ දුන්නෙ නෑ කියලා අම්මා ඔලුව කයි .

ම්ම්ම්....

උඹට කාර්ඩ් එකක් දාගන්න කීයක් හරි දෙන්නද?

එපා...

ඇයි....?සල්ලි තියනවද??

ම්ම්ම්ම්....

කීයක්....

මම තාත්තා දිහා බල්ලා රැව්වා...මලකරච්චලේ ..මට ඕනා කල්පනා කරන්න....මට ඕනේ කාත් කවුරුත් නැති තැනකට ගිහින් කල්පනා කරන්න...මොනවද කියන්න මම දන්නෙ නෑ...හැබැයි මම ආසයි සමහරක් වෙලාවට ඔහේ බලන් ඉන්න.....ඒක නිදහස්....නන්නාදුනන උන් ඉස්සරහා ගොත ගහලා හෙම්බත් වෙනවට වඩා... මට ඕනෙ පැත්තකට වෙන්න.....

හොදම යාලුවෙක්....එහෙම නැත්තන් මටමයි කියල යාලුවෙක් නැති මට හැමදාම ඊන උනේ තනිවෙන්න...

මම ඵෝන් එක දිහා බැලුවා....එයා ඔන්ලයින් ඉන්නවා....ප්‍රනීත් නිසංසල.....කොලපාට තිතක් එක්ක එයා ඔන්ලයින් ඉන්න හැටි මැසෙන්ජර් එකෙ පෙන්නනකොට මම දුක හිතෙන මූනක් යැව්වා...

" ඇයි ....."

ඒ එයාගෙ උත්තරේ හරියටම එයා මගෙන් මැසේජ් එකක් එනකන් බලන් ඉදලා වගේ...මම එයාට මැසේජ් කෙරුවා ...එයා අහන් උන්නා....මම අද දැකපු කියපු දේවල් හැම දේම අකුරක් නෑරම එයාට කිව්වා....කොටිම්ම ඉදිආප්ප දුන්නෙ ගෙදර උන්න දෙන්නා වගේම....කලන්තෙ දාලා වැටුන ගෑනු කෙනා ගැන වෙනකම්ම...අද දවසම මලගෙයක් වගේ....ඉදි ආප්ප දුන්න ගෙධ්‍ර දැක්කෙත් මැරුන දෙන්නෙක්ගෙ ඵොටො.....පල්ලියට ගියහමත්අට හම්බුනේ වේදනාවෙන් ඉන්න අම්මෙක් වෙනකොට මම එයාට එකක් නෑරම කිව්වා...සමහර මැසේජ් මාගලක් වගේ දිහයි.....

එයා ඒ හැම එකම අහන් ඉදාලා දුක හිතෙන මූනක් එව්වා....එච්චරද....මෙච්චර කියලත් එච්චරද...සෙල්ලිපි වගෙ දිග මැසේජ් යවලත් මෙච්චරද.....

පලවෙනි වතාවට මට එයා එක්ක තරහවක් දැනුනා....වේදනාවක් දැනුනා...හොදම යාලුවෙක් නැති මට එයා විතරයි ලගින්ම දැනුනෙ උනත්... එයාගෙ එක ඉමෝජි එකෙන් මම එයාට වදයක් උනාද හිතුනා...

ලොකුම ලොකු හුස්මක් එක්ක මම ඵෝන් එක පැත්තකට දැම්මා...මොකද මට හිස්බවක් දැනුනා....මෙච්චර දේවල් කියලත් එයාගෙන් මට ලැබුනෙ ඉමෝජියක් වෙනකොට මම ඵෝන් එක පැත්තකට දාලා ඔහේ ඉන්නකොට අපේ කාර් එකට ඉස්සරහින් සුදුපාට වෑන් එකක් ඉස්සර කෙරුවා ...

ඔබේ උත්සව අවස්තා සදහා සියලුම ආහාර පාන...පහසු මිලට...

මගෙ ඇස් දෙක වාහනේ පිටිපස්සෙන් ලියලා තිබුන අකුරු උඩ ඒ මේ අත ගියා.....

කේටරින් සර්වීස් එකක්...

මම කියෙව්වෙ යට ඉදන් උඩට වෙනකොට අවසානෙදි මගෙ ඔලුව කැරකෙන්න ගත්තා ....

"යෙවීන් කේටරින් සර්වීස්"

මට ඉබේටම තාත්තගෙ අත මිරිකුනා...තාත්තා මා දිහා බැලුවා...

ත්ත් .....තාත්තෙ අර ....

අප්පට සිරි.....අද යෙවීන්ලගෙ දවසද මන්දා උදේ ඉදන් යෙවීන් යෙවීන්...එහෙ බැලුවත් යෙවීන් මෙහෙ බැලුවත් යෙවීන්...

තාත්ත මට විහිලු කරන්න ගත්තා ....අපේ කාර් එකට ඉස්සරහින් තිබුන වාහනේ අපි ඉස්සරහින් ගියා උනත් සැරින් සැරේම බ්‍රේක් වැදුනා.....කොට කොට වගෙ යන්න ගත්තා ...

මේ මගුල යන්නෙ නැත්තෙ ගෑනියෙක්ද දන්නෙ නෑ එලවන්නෙ...

දෙපාරක් තුන්පාරක්ම හෝන් එක ගහපු තාත්තා ඊලග පාර බනින ගමන් ඕවර් ටේක් කරලා ඉස්සරහට දානකොට මම එහෙම්ම බෙල්ල උස්සලා මොකාද ඩ්‍රයිව් කරන්නෙ බැලුවා 

ග්ග්....ගෑනියෙක් නෙවෙ....මිනිහෙක්...

මිනිහෙ නම් යන්න එපැයි....ගාටන්නෙ....

වහනේ ඉස්සරහා කරපු තාත්තා බර නොකර උනත් අවලාද කියනකොට මගෙ කලවය උඩ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා.....

එයාගෙන්.....

මම ඕපන් කෙරුවා ...මාගලක්....තනිකරම සෙල්ලිපියක්...

අවංකවම මට සතුටක් දැනුනා...කතා කරනකොට ගොත ගහන මට කතුර වගේ කතා කරන්න පුලුවන් එකම විදිහ මේක වෙනකොට මගෙ ඇගිලි කීබෝර්ඩ් එක් උඩ දුවන දිවිල්ලට මටත් වෙලාවකට පුදුම හිතුනා.....

.."ආදරේ කරන්න ගෑනු පිරිමි වෙන්නම ඕනද සංජාන.....??අනික මිනිස්සු ඉපදෙන්නෙම මැරෙන්න බලාගන...එහෙව් එකේ...ඉන්න ටික කාලෙ හිතට දැනෙන තැන නවතින්න මිනිස්සුන්ට අයිතියක් නැද්ද???...

මං එයාගෙ මැසේජ් එක අකුරෙන් අකුර අකුරෙන් අකුරම කියෙව්වා ....සමහර තැන් වලදි මගෙ හිතට එයාගෙ වචන අමුතු තිගැස්මක් ගේනකොට සමහර තැන් වලදි මගේ මූනට ලාවට හිනාවක් මතු උනා..... ....මීට ටික වෙලාවකට කලින් බැනපු මමම ඊලග පාර එයා එක්ක එයගෙ වචන එක්ක හිනා උනා ...මීට ටික වෙලාවකට කලින් වේදනාවෙන් බර උන පපුවම ඒ වචනත් එක්ක නිවිලා යනකොට පහල ලේන් එකේ අර තුන්වෙනි තට්ටුවෙ ගෙදර පහුවෙනවා එක්කම මං ඒ ගේ දිහා බැලුවා ....

ඒ දෙන්නම වැඩට යන්න ඇති .....

පුතා . .....

....

ලමයෝ ....

......

දරුවෝ ...

......

ඇයි කොල්ලො උඹගෙ කන් ඇහෙන් නැද්ද ...

ඇ...ඇයි....අම්මේ...

එක පාරක් දෙපාරක් නෙවෙ තුන් හතර පාරක්ම කතා කරපු අම්මා ඊලග තත්පරේදි කුසියෙ ඉදන් යටි ගිරියෙන් බෙරිහන් දෙනකොට ඇද උඩ මුනින් අතට වැටීගන උන්න මම ඇදේ ඉදම්ම ඇයී.....කියලා කෑ ගැහුවා ....

බත් කන්ඩ එන්ඩ....

කඩේ ඉදන් ගෙදර ඇවිදින් ආය උයන්න ගත්තු අම්මට සැනසීමක් නැති වෙනකොට මට ආය ආයමත් අම්මව කෑ ගස්සවන්න හිතුන් නැතිවෙනකොට මම අම්මව හොයාගන කුසියට ගියා....

ක්ක්...කෝ...බෙදුවද.....

පොඩ්ඩක් ඉන්න මේ පරිප්පු එක තවම ලිපේ ....

ඕ....ඇයි...අනේ.....

මම ගිහින් කුසියේ මේසෙන් ඉදගත්තා .....කන්න එන්න ගගා බෙරිහන් දුන්නත් පරිප්පු එක තවම ලිපේ කියනකොට මේසෙ උඩ තිබුනද.දානෙ බත් එක දැකපු මම පිගානක් ගත්තා ...කාර් එකට නැගපු වෙලාවෙ ඉදලා එක එක දේවල් හිත හිත ආව මට බත් පැකට් එක සම්පූරනම අමතක වෙලා යනකොට මම අම්මගෙ පරිප්පු එක දිහා බල බල ගිහින් පිගානක් අරන් බත් එක ලෙස්සලා ....

එ...එ....එලවලු....බ්බ්...බත්!!!

.මට එක පාරම කෑගැස්සුනා....දානෙ එකකට එලවලු බත් එකක් හම්බෙන එක පුදුමයක් නොවුනත් කොටුවට කපපු කැරට් කෑලි...බිත්තර වගේම පොතු ගහපු පොඩි පොඩි ඉස්සො දැක්පු මට කෑ ගැස්සුනා ...හරියටම ජිවිතේට එලවලු බත් එකක් නොදැකපු එකෙක් වගෙ... 

අ..අම්මෙ...මං...මේක ක්ක්...කනවා...

මට අම්මගෙන් ආපිට උත්තරයක් ඕන උනෙත් නෑ...කොටිම්ම මට අම්මගෙන් හොදි මාලු පිනි ඕන උනෙත් නෑ....බත් එකේ පැත්තක තිබුන අබගම්මිරිසට හදපු කුකුලු අන්ඩත් පැත්තකට කරපු මම අනිත් හොදි පිනි පවා පැත්තට කෙරුවා මට ඕන උනෙ බත් විතරයි ...

හොදටම අනලා දෙන කොත්තුව පවා අපේ මිනිස්සු අනාගන කන එකේ මටත් පුරුද්දට ඇගිලි තුඩු වලින් ඒ බත් එක හාමු උනා...

පලවෙනි කට.....පලවෙනිම කට ඇතුලට යනවත් එක්කම මගෙ උගුර හිර උනා...යෙවීන්.....ඒ අම්මා වෙව්ලන ඇගිලි වලින් මගෙ මූන අත ගාපු හැටි ආයම මගෙ කකුල් උඩම සිහිය නැතිව ගිය හැටි මට ආය ආයම මගෙ ඇස් ඉස්සරහා මැව් මැවි පේනකොට මගෙ ඇස් වලට කදුලු ඉනුවා...

යෙවීන්....යෙවීන්...ඇත්තටම යෙවීන් ...අනේ යෙවීන් ඔයාගෙ අම්මා අඩනවා යෙවීන්...

ඔයාගෙ අම්මා ඔයාව තවම හොයනවා...

තවමත් ඔයාගෙ නම කියනවා.....

ඇයි යෙවීන් අම්මව දාලා ගියේ....ඇයි ඒ.....අම්මා පව්....ඔයාගෙ අම්මා ඔයා කියලා හිතාගන මට කතා කෙරුවා ...ඔයා ඉන්න තැන කොතනක උනත් කමක් නෑ...අම්මගෙ හීනෙකට හරි යන්න...ඔයාගෙ අම්මා ඔයාට හුගාක් ආදරෙයි...

කන කන බත් කට ගානෙ මගෙ ඇස් බොද වෙවී බොද වෙවී යනකොට මම නොදන්න...එයාලට නැති උන යෙවීන්ට මම මගෙ හිතින් කතා කෙරුවා .....එයාට ඔන්න තැනක ඉදන් අම්මා දිහා බලන්න කිව්වා ........

පුතා.....

ම්ම්ම්....

හවස පන්ති නේද...

කටේ බත් කටක් තියන් උන්න මගෙන් අම්මා හවස පන්තිනේද අහනකොට මම නෑ කියලා කියන්න ආයම ඔලුව හෙලෙව්වා .....ඉස්කෝලේ යන්න පාඩම් කරන්න පන්ති යන්න.....වෙලාවකට ඉගන ගන්න එකත් ඔලුවට ලොකු බරක් වෙන තරමට ළමයි ලනයි අතරෙ තරගෙ වැඩි වෙනකොට විභහගෙ ලියන්න කලින් මට උන ගැනෙන්න ආවා....

පාස් වෙයිද....ෆේල් වෙයිද...පාස් වෙයිද ෆේල් වෙයිද....ඔලුව පුරාවටම විභහගෙ ලියන්න කලින් ඔය ප්‍රශ්න දෙක කැරකෙන්න ගන්නෙ වෙනමොකටවත් නෙවෙ වටේ පිටේ මිනිස්සුන්ට උත්තර බදින්න වෙන හන්දා...

ගෙදරින් වත් නැති පීඩනයක් වටේ උන් දෙන්නෙ...

ගෙදරින් වත් නැති ප්‍රතිපලයක් පිට උන් ඉල්ලන්නෙ...

ජීවිතේ අඩියකම හැංගිලා තිබුන රසක් මටත් නොදැනිම ආයම දිව අගට දැනෙනකොට කාලෙකට කලින් පනගියපු රස අංකූර පන ගහන් ආවා වගේම මම ඒ බත් පතේ එක ඇටයක් වත් ඉතිරි නොකරම කාලා අවසානෙදි යෙවීන්ට පින් දුන්නා....ආය කවදාවත් එයාගෙ අම්මව දාලා යන්න එපාය කියලා කියන ගමන් මම කාමරේට ගිහින් පොතක් අතට ගත්තා ....

බිත්ති ඔරලෝසුවෙ ඔරලෝසුකටු දෙකේ ඉලක්කම පහු වෙනවත් එක්කම ගිරා සංදේශේ ගිරවා කොහෙන් කොහෙට යනවද කියලා මටවත් හිතා ගන්න බැරි උනා....ඒතරම්ම මට කර මත ඉහට ගැහුවා....නොරිකො දෙවොන්දෙරා එක්ක මිදොරියට යනකන් ඉදලා...සත්ගුනවත් සාමෙල්ගෙ කතුරු හොරකම එක්ක මට රැපියල් තෙන්නකෝන්ව මැවිලා පේනගමන් සුසංගතා සාගරිකා එක්ක නෙලුම් දඩු මාලයක් කරේ දාගන නහින්න හදන එකත් ලාවට වගේ ඔලුව වටෙ කැරකෙනකොට කෙහෙටවත් නැති දහයවසරෙ උන්න සිරියාවතිවත් මතක් වෙනකොට ඇරිලා තිබුන ඇස් දෙක පිය විලා ගියා....

.මට නිදිමතයි.....

යෙවීන්.....

යෙවීන්....අම්මව දාලා යන්න එපා පුතේ...

මගෙ....පුතාට...සූට් එකක්...

අම්...අම්...අමේහ්.....එපා....යන්....යන්න.....එපා.....අම්මෙ.....

බොසා....

යෙවීන්...

යෙවීන්....යන්න...එපා .....

නවතින්න යෙවීන්....

දඩාස්......!!!

අම්...මේහ්....!!!අනෙ....අම්..අම්..අමේහ්.....අම්ම්....මේහ්....

මං නැගිට්ටා .....තුන් මුනින් දාඩිය දාන් ඔලුව පැලෙන්න තරම් කැක්කුමක් එක්ක මං නැගිට්ටා ...මටම යට උන සිංහල පොත පැත්තට දාපු මම ඔලුව බදාගත්තා .....

යෙවීන් ...???

අනෙ දෙවියනේ .....මගෙ හීනවලත් ඒ නම.....

අපැහැදිලි කටහඩවල් ගොඩක් එක්ක අපහැදිලි මූනවල් ගොඩක් මාව හෙම්බත් කරනකොට මං ඔලුව බදාගන ඉදලා ඇදෙන් නැගිට්ටා ....නැගිටලා එහෙම්ම අම්මව හොයන් ගියා ...

සුදු මහත්තයා ....

මං උන්නෙ හෝන්දු මාන්දුවෙලා ....ලිප උඩ තිබුන මුට්ටිය වගේම පන් වට්ටිය උඩ තිබුන තම්බපු පිට්ටු දිහා බලපු මම එහෙම්ම පඩියක් පහලට බැස්සා .....

අම්...මෙ.....

ඔලුව කැක්කුමට පැනඩෝල් දෙකක් ගිලපු මම අම්මා ගාවට හේත්තු වෙනකොට අම්මා මගෙ අතට පාර්සල් එකක් තිබ්බා ...

මගෙ පුතා මූන කට හෝදන් මේක මේ එඩ්‍රස් එකේ ගෙදරට ගිහින් දීලා වරෙන්....අද ඉදන් අම්මට තුන් වේලටම ඒ ගෙදරට කෑම යවන්න වෙලා ....

මගෙ අතට දුන්න පාර්සල් ඒකෙ රස්නෙ තවමත් මගෙ අතට දැනෙනකොට මං එඩ්‍රස් එක දිහා බලන් උන්නා.....

ම්ම්...මේකට ..න්න්...නමක්.....නැද්ද....අම්මා...

නෑනෙ නමක් කිව්වෙ නෑ ....දොර බෙල් එක ගහන්න කිව්වා ....

ම්ම්ම්.....

කෑම එකයි එඩ්‍රස් එක ලියපු කොල කෑල්ලයි දෙකම එක ගාව තිබ්බ මම හීනෙන් හෙම්බත් උන මූන හෝදගන්න බාතෲම් එකට ආවා...

නමක් නැති ගෙදර ....!!!

🤭ජොබීත නිදහා .....ස්

🙂ආයම එන්නා....ම්

අග්ගියා එක්ක එනකන් පයිස්සම් ඉන්ඩෝ😘😘😘

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters