උදාන....වයසට යන්න යන්න කන් ඇහෙන් නෑ...පොඩ්ඩක් ඉන්න දරුවො ...
මම ඔලුව වැනුවා.....කලිසම උරහිසේ දාන් උන්න මැදිවයසේ මනුස්සයා ..... ඇතුලේ උන්න කාටහරි කෑගහලා අවසානෙදි කුටු කුටු ගගා ආපහු ඇතුලට යන්න ගියා...එයා යනවත් එක්කම දොරකොඩ උන්න මම අඩියක් විතර ඒ ගේ අස්සට අඩිය තිබ්බා....
සිගරට් ගදයි...
ඇතුලට එනවත් එක්කම මගෙ නහය ඇකිලුනා.....නහය ඇකිලුනත් මගෙ ඇස් දෙකම තත්පරයක් ඇතුලත මුලු සාලෙ වටේම කැරකුනා...මුලු ගේම පිලිවලයි....හැබැයි එකම වරද සිගරට් ගද විතරමයි....
ශ්‍රීලංකා පොලීසිය.....
ස්ටෙත් එකක්...
මේසෙ උඩ තිබුන තොප්පිය වගේම එතනම තිබුන ස්ටෙත් එක ....මේසෙ උඩ තිබුන ඵොටෝ එකේ උන්න පිරිමි දෙන්නා දිහා මම බලාගන උන්නා.....
මොකටද ඒ තුරුල් වෙලා ඉන්නෙ...
දොස්තරයෙකුයි...
පොලිස්කාරයෙකුයි...
එතනින් නැවතුන් නැති මගෙ ඇස් දෙක සාලෙම තිබුන ඵොටෝ වටේ ගියා...බිත්ති වලින් බාගයක්ම වහ්ස්න් උන්නෙ ඒ දෙන්නා ....
අයියයි මල්ලිද ....??
ඒත් එහෙම කියන්න අමාරුයි ....
අනික බබා කිව්වා ....
බබා කිව්වා නම්.....
මගෙ මුලු මූනම එකම එක තත්තපරේකින් රතු උනා....හැබැයි තත්පරයක් යන්න කලින් ඒක නැති උනා....
එයාලා ....."සමලිංගිකයෝ....."....
ඉතින් ....???
මට මොකද ...
අපිට මොකද .....
අපි කාටත් මොකද ....ඉස්සර මිනිස්සුන්ට මැජික් උනාට දැන් ඒක මැජික් නෙවෙ ...
මම ඒ ඵොටෝවල තිබුන හිනාව දිහා බලන් උන්නා ...ඒ දෙන්නගෙ ඵොටෝ ඔක්කොම පහුකරන් ආව මගෙ ඇස් දෙක මේසයක් උඩ තිබුන තවත් ඵොටෝ දෙකක් ගාව නැවතුනා .....
මල්මාල දෙකක් දාපු ඵොටො දෙකක්....තරුන කෙනෙක්ගෙ වගේම පොඩි ලමයෙක්ගෙ .....බොද වෙලා ගියපු මූනක් .....සල්ලි ගේන්න ගියපු කෙනා තවමත් නැති කොට මම අවසරයක් නැතිවම ගේ ඇතුලටම ඇවිත් අර මල්මාලා දාපු ඵොටෝ දෙක ගාව නැවතියන් පොඩි ලමයගෙ බොද උන ඵොටෝ එක දිහා බලන් ඉදලා එයා ගාවම තිබුන අනිත් ඵොටෝ එක දිහා බැලුවා ....පව්....එක දවසෙද දන්නෙ නෑ මැරුනෙ .....පොඩි එකෙක්....අනිත් කෙනත් තරුනයි ....මැරෙන්න ඕන වයසක නෙවෙ ....ඒත් ඉතින් මැරිලනෙ.....
තවමත් නෑ...
මම ආයම බෙල්ල දැම්මා....ඇතුලෙන් ඇහුන කුටු කුටුව වගේම ඒ ටිකකිම්ම මම ඉන්න තැන මේසෙ උඩ තිබුන ඵෝන් එක රින්ග් වෙන්න ගත්තා ....
"රොවිනා අක්කා...."
ඩ්ස්ප්ලේ එකේ සුදුපාට අකුරින් වැටුන නම දිහා මම බලන් උන්නා ....රොවිනා අක්කා...
කාගෙද දනෙ නෑ....මුන්ට බීරිද මන්දා...මම යනවා යන්න..රුපියල් දෙසීය ඉල්ලන්න මෙච්චර ලතවෙන්න ඕනද....
කලිසම කරේ දාගාත්තු එකා තවමත් නැති කොට මට යන්න හිතුනා...රුපියල් දෙසීය මොකටද හිතුනා...ඒත්.....මම ඒක අතාරින්නෙ කොහොමද මගෙ අම්මගෙ අත් දෙක පව්...වංගෙඩිය අල්ලලා අල්ලලා ඒ ත් රලු වෙලා....ඉදිආප්ප ගොඩක් මිරිකන එක කොච්චර අමාරුද.....
යන්න ගියපු මම ආයම නැවතුනා...අර ඵෝන් එකත් ඉවරයක් නැතුවම ආය ආයම අඩනකොට තවත් එක්කෙනෙක් ආවා....කලින් කෙනා නෙවෙ වෙන කෙනෙක්....කොන්ඩෙ පස්සට පීරලා කන්නාඩි දාපු කෙනෙක්....කලින් ආව එක්කෙනා එක්ක ඵොටෝ වල ඉන්න අනිත් කෙනා....
ඔයාගෙ වැඩ කවදාවත් පිලිවලක් නෑ රොමේන්.....මේ එහෙන් ඵෝන් එක රින්ග් වෙනවා....
ඉතින් කෑ ගහන්නෙ... ඕක ආන්ස්වර් කරන්නකො ලමයෝ....
ඔයාගෙ ගාන කීයද දරුවො.....
ද්....
මට ආයම ගාන කියන්න සිද්ද උනා හැබැයි එයාට ගාන ඇහුන් නෑ ...මොකද එයා මගෙන් ගාන අහලා ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ....
හෙලෝ කියන්න අක්කෙ...
එයා කතාවක....අතේ තිබුන පර්ස් එක ඇදලා අරන් මට අදාල ගාන අරන් දුවන්නත් හිතුනා...ඒත් එහෙම කරන්න බැරි කමට මං තවත් චුට්ටක් ඉවසන් උන්නා ..ඒ අස්සෙන් සාක්කුවෙ තියන ඵෝන් එක සැරින් සැරේම වයිබ්රේට් වෙවී මැසේජ් එනකොට මම ඵෝන් එක එලියට අරන් බැලුවා .....තාත්තගෙන් දෙකයි....ප්‍රනීත්ගෙන් එකයි...
උඹ සල්ලි අච්චු ගහනවද....?
කොල්ලො....උඹ උන්ට ඉදිආප්ප කවනවද වරෙන්කො....
මං තාත්තගෙ මැසේජ් දෙක උඩින් කියවලා ප්‍රනීත්ගෙ එක ඕපන් කෙරුවා ....
'යන තැනක ප්‍රවේසමෙන් ගිහින් එන්න...."
.
එයාගෙ මැසේජ් එකට මගෙ මූනට මටත් නොදැනිම හිනාවක් මතුවෙනකොට සල්ලි දෙන්න ආව මනුස්සයා කතාවක පැටලිලා උන්නා ...
ම්ම්ම්...උන්නා නම්....අද ලමයට දහ අටක්නෙ අක්කෙ....
......
මායි උදානයි හවස ඇවිත් යන්න එන්නම්.....අඩන්න එපා අක්කෙ...අවුරුදු ගානක් තිස්සෙ ඇඩුවා .....දැන් ඇතිනෙ....ඔයා මොකද කරන්නෙ .....
......
ම්ම්ම්.....පාර්සල් කීයක් දෙනවද .....?
....
ඔව්.....පාරෙ ඉන්න මිනිස්සුන්ට දුන්නට පව් සිද්ද වෙන්නෙ නෑ අක්කෙ ...අනිත් උන්ට කන්න තියනවා....කමක් නෑ....අක්කා දෙන්න....අපි හවස ඇවිත් යන්න එන්නම් ..මොනවා කරන්නද .....පොඩි එකා සැනසීමෙන් ඇති දැන්.....
මම අහන් උන්නා ..අනුන්ගෙ කතා අහන් ඉන්න හොද නැති උනත් මම අහන් උන්නා .....උන්නා නම් දහාටක් ලූ....කාටද .....???එහා පැත්තෙ උන්න කෙනාට අඩන්න එපා හවස එන්නම් කියලා ඵෝන් එක පැත්තකින් තිබ්බ ඒ මනුස්සයා අර මල්මාල දාලාඵොටො දෙක ගාවට ගියා...ගිහින් බලාගන උන්නා ....
උඹ උන්නා නම්...අපිත් එක්කම වයසට යන්න තිබුනා සංධීර් .....උඹගෙ ඇබිත්තම උන්නා නම්....ඒකත් ලොකු ඉලන්දාරියෙක් වෙන්න තිබුනා .....
මට සල්ලි ඉල්ල ගන්න තිබුන හදිස්සිය යන්න ගියා ...මොන හේතුවටද මන්දා ...සංධීර් ..ඇබිත්තම උඹලා උන්නා නම් කියනකොට මට වේදනාවක් දැනුනා . ....එයා ඵොටො එක ගාව ඉන්නකො කලිසම කරේ දාන් උන්න එක්කෙනා සම්පූරනම යුනිෆෝම් එක ඇදගන ඇවිත් අනිත් එක්කෙනා ගාවින් හිටන් පොඩි කොල්ලගෙ ඵොටෝ එක ගත්තා .....
සුභම සුභ උපන්දිනයක් වේවා සංධීර්ගෙ ඇබිත්තම.....උඹ උන්නා නම් ලස්සන කොල්ලෙක් වෙන්න ගියා බොසා ...
මට මහ මොකක්ද වගෙ....මං එන්න හැරුනා...මට අර සල්ලිත් එපා වගෙ දැනුනා
ලමයෝ....
මං එලියට එනවත් එක්කම එයාලගෙන් කෙනෙක් ආයම කතා කෙරුවා ...
ආ මේ සල්ලි....
එයා මගෙ අතට පන්සීයෙ කොලයක් තිබ්බා ....දෙසීයක් නැද්ද දන්නෙ නෑ...
මාරු...ස්ස්...ල්ලි නෑ...?
මං ගොත ගැහුවා ....ඒක අලුත් දෙයක් නෙවෙ .....ඒත් මම ගොත ගහනකොට එයාලා දෙන්නා මා දිහා බලන් උන්නා....ඒ දෙන්නගෙම ඇස්වල තිබුනෙ වේදනාවක්...
ඉතුරු එපා....තියා ගන්න.....
ම්ම්ම්....
එයා මට ඉතුරු එපා කියනකොට තවත් කතා කරන්න බැරි කමට මං හැරිලා එන්න හැදුවා.....මට ඉන්න බෑ....නොතේරෙන වේදනාවක්.....මගෙ පපුවට වද දෙනකොට මම එන්න හැරුනා...හැබැයි උලුවැස්ස පනින්න හදනකොටම ඒදෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් මට ආයම කතා කෙරුවා ....
දරුවො...
ඒ කටහඩ වෙව්ලනවා....වෙව්ලනවද..නැතිනම්....
එයාගෙ හැටිද කියන්න දන්නෙ නෑ.....දෙන්නගෙන් එක්කෙනෙක් මට නවතින්න කිව්වා.....යන්න ගියපු මම ආයම හැරුනා....
ඔයාගෙ නම....නම මොකක්ද පුතෙ....
කොන්ඩෙ පස්සට පීරපු එක්කෙනා මගෙන් නම ඇහුවා....ඔක්කොමත් හොදයි පිට මිනිස්සු ඉස්සරහා ඕනවටත් වඩාගොත ගැහෙන මට මගෙ නම සංජාන කියන්න මම තටමනවා එක්කම මගෙ පිටිපස්සෙන් කවුරු හරි ඇවිත් හිටගත්තා .....
සංජාන.....
ත්...තාත්තෙ ...
දෙයියන්ගෙ පිහිටයි.....තාත්තා.....ඒ අවිදින් උන්නෙ තාත්තා වෙනකොට තාත්තා ඇවිදින් මගෙ නම කියලම කතා කරනකොට ගොත ගහන මගෙ වචන ඉතුරු උනා.....
සල්ලි දුන්නද....?
ම්ම්ම්
එහෙනම් එන්න වෙලා ගියේ.....
ද්...දෙන්න වෙලා ගි..ගියානෙ....
වර වර....මෙතනම දහයයි වෙලාව ...හරියන් නෑ අම්මට යකඩ කදකට රෝද හතරක් පූට්ටු කරලා දෙන්න ම වෙනවා....
ප්ප්.....පිස්සුද....ත්තා....ත්තේ....
මාව හොයාගන ආව තාත්තා අනිත් පාර අම්මට යකඩ කදක් හේත්තු කරනවා කියනකොට මං තාත්තගෙන් පිස්සුද ඇහුවා .. ....
උඹටත් අම්මට වචනයක් කිව්වොත් ඩෝන් යනවනෙ....දාගනින් ඔය බෙල්ට් එක අම්මගෙ දොන්ත මගුල...
තාත්තෙ....එපා....අනේ...ඔ..ඔය ..කතාව....කියන්ඩ . ....මං කොහෙද...දොන්ත විකාරද ?
මං අතේ තිබුන පන්සීය තුනට හතරට නමලා මගෙ පර්ස් එක අස්සෙ හැංගුවා ..නැත්තන් තාත්තා මට තඹ දොයිතුවක් දෙන්නෙ නෑ....අම්මට දෙසීයක් ගියහම උඹට තුන්සීයක් ඉතුරුයි....අපේ කාලෙ අපිට අපෙ දෙමව්පියො දුන්නෙ සත තිහක්...අපි ඒකෙනුත් කීයක් හරි ඉතුරු කරනවා කියලා ඒකටත් විදී....මං දන්න තරමින් අපේ තාත්තා තරම් දුක් විදපු මනුස්සයෙක් මේ මිහිපිට නැතුව ඇති...ඒත් ආච්චම්මා තමා කිව්වෙ තාත්තව ඉස්කෝලේ යැව්වෙත් අතට කීයක් හරි මිටමොලවලලු...නැත්තන් යන්නෙ නෑලු...මට බිබුක්කම දොන්ත මගුල කිව්වට අඒ තාත්තා තරම් දොන්තයෙක් අහල ගම් හතක ඉදලා නෑලු.....
කොල්ලො....
ම්ම්ම්....
දැන් උඹ මොකද කරන්න හිතන් ඉන්නෙ...
...?
මං අහන්නෙ.....ඔය විභහග කෙරුවව ඉවර වෙලා ....??උඹට කොහෙ හරි යන්ඩ ඕනෙද ....?නැත්තන් .....
තාත්තා අහනවා මං ආස මොනවා කරන්නද කියලා .....මට ඕනෙ මොනවද කියලා ...මට තේරෙන කාලෙක ඉදන් තිබුනෙ එකම හීනයයි....යතාර්තයක් කරගන්න පුලුවන් උනත්....සීයට සීයක්ම යතාර්තයක් කරගන්න පුලුවන්ද නැද්ද දන්නෙ නෑ...ඒත්...මට ඒ කලු ලෝගුව දාගන්න ඕනා....ඒක හීනෙකට වඩා....ඒක මගෙ ආත්මෙන් එන පනිවිඩයක් වගේ....
"පෙරකදෝරුවෙක්....."
ඒ වචන හැමදාම මගෙ ආත්මෙමම් අත ගානවා...
ත්...තාත්තෙ.....
ම්ම්....
ත්තා...ත්තෙ..මට කවද හරි...කවදමහරි ....ලෝයර් ක්...කෙනෙක් වෙන්න ප්ප්...පුලුවද තාත්තෙ.....??
මම තාත්තගෙන් අහනකොට තාත්තා හිනා උනා...හැබැයි වෙන උන්වගේ සමච්චේලට නෙවෙ.....වෙන උන් වගේ " උඹ ගොත ගගහා නඩු කතා කරද්දි නඩුව ඉවරයි" කියන උනුත් නෙවෙ....
මම තාත්තා දිහා බලාගන ඉදලා ඉදලා අහක බලා ගත්තා පොඩි කාලෙන් නම්...අම්මා තාත්තා හිටපු ගමන් කටින් කට යනකොට මම බයටම ඇද යට රිංගුවා....හැංගෙන්න ජනෙල් තිරයක් හෙව්වා...නිකන් ඉන්නකොටත් ජනෙල් තිරවලට බය මම අම්මාතාත්තා කෑ ගහනකොට දිව්වෙත් ජනෙල් තිරේක පිහිට හොයන් වෙනකොට අඩ අඩම මම ඔලුව වනවන කෑ ගහන්න ගත්තු දා ඉදන් පස්සෙ පස්සෙ මම.අම්මා තාත්ත මැදට පැනල ඒදෙන්නව තල්ලු කරලා දාන තැනට එනකන් වෙනස් වෙනකොට තාත්තා විහිලුවට මට පෙරකදෝරුවෙක් වෙයන් කිව්වා....
ඒත්.....ඒත්...මගෙ තාත්තා දැනන් උන්නෙ නෑ.....එයාගෙ ගොත කොල්ලගෙ රහස් ලියන පොතේ එක කෙරවලක කලු පාට ලෝගුවක චිත්‍රයක් තිබුනා කියලා.....
පොඩි කාලෙ දවසක ගොත ගගහා තාත්තෙ ලෝයර් කෙනෙක් වෙන්නද කියලා අහනකොට තාත්තා එදා ඉදන් හැමදාකම කිව්වෙ ඇයි බැරි කියලා.....ඒත් ලොකු වෙන්න ලොකු වෙන්න තාත්තා ගාව මගෙ හීනෙ එන්න එන්න නිහඩ වෙලා යනකොට මම ඒ හීනෙ මගෙ හිතේ හංගගත්තා....එයින් පස්සෙ මම කවදාවත් මගෙ හීනෙ ගැන ඇහුවෙ නෑ....ඒත්....ඉදලා...ඉදලා.....මම අද ආයම පරන ප්‍රශ්නෙම අහනකොට තාත්තගෙ මූනෙ හිනාවක් ඇදුනා ....හැබැයි ඒ හිනාව වෙනස්.....ඒ හිනාව අස්සෙ සමච්චලයක් ගෑවුනේ නැති හිනාවක් උනත් ඒ හිනාව හරි බරයි කියලා මට හිතුනා...
හෝන් සද්දෙ අස්සෙ....වාහන සද්දෙ අස්සෙ මගෙ හීනෙත් යට වෙනකොට මං ඔහේ උන්නා ...සමහර විට තාත්තට දුක ඇති..නොදැනුවත්ව හරි මට බලාපොරොත්තුවක් දුන්නට.....
ඇත්ත....එක්කො වෙන උන් කියනවා වගෙ මම ගොත ගහනකොට මගෙ නඩුව ඉවර වෙයි.....
උඹට පුලුවන්ද මම විරුද්දයි ස්වාමිනී කියලා හයියෙන් කෑ ගහන්න.....?
ත්ත්.....තාත්තෙ.....
මෙච්චර වෙලාම තිබුන හුස්ම හිර කරන නිහඩ කම තාත්තගෙ වචන එක්ක නැති වෙලා යද්දි මම තාත්තා දිහා බැලුවා .....තාත්තගෙ වචන එක්ක මන් ගොත ගහනකොට කලර් ලයිට් එකේ වැටුන රතු එලියත් එක්ක ටෙක්නිකල් හන්දියේදි කාර් එක නැවතුනා ...මං තවමත් තාත්තා දිහා බලන් උන්නා ....
..උඹට පුලුවන්ද ඇගේම හයිය එකතු කරලා හරි ....මම විරුද්දයි ස්වාමිනී කියලා එහා පිලේ එකාට විරුද්ද වෙන්න...උඹට පුලුවන් නම්....මෙ මජන් කාරයයි...උදේ ඉදන් ඇතිලි වලන් එක්ක නහින දැලි ගාගන මටත් අම්මෙක් වෙන ඒ ගෑනියි උඹගෙ පස්සෙන් ඉන්නවා පුතෙ.....උඹගෙ තාත්තා මෝඩයා ....ඇස් දෙක වහන් උනත් වාහනයක් හදන්න දන්නවා උනාට පොතෙ පතෙ දැනුම අඩුයි.....ඒත් .....උඹගෙ අම්මවත්...මේ තාත්තවත් නොදැකපු ලෝකෙ උඹට දකින්ඩ තහනම් නෑනෙ....වටෙ ඉන්න උන් මොක කිව්වත්.....උඹ අමතක කරන්ඩ එපා...යකඩ වලට පදම් උන අතක් වගේම...ඉදිආප්ප වංගෙඩියට කර ගැට දාපු අතක් උඹව අල්ලගන්න බලන් ඉන්නවා කියලා ...උඹට යන්න පුලුවන් කොතනටද උඹ යමන් ....මහන්සි හැමතැනකම අපි දිහා බලපන්....අපි ඉන්නවා ...උඹගෙ හීනෙ ඕක නම්....උඹගෙ තාත්තා ඉන්නවා සංජාන .....
මගෙ කලිසම් කකුල උඩට වැටුන කදුලු බින්දුව ෆේඩ් ඩෙනිමෙ තෙත පැල්ලමක් ඉතුරු කරනකොට බස්තියම කන්දෙ තිබුන අලුත්කඩේ උසාවියට යන පෙරකදෝරුවෙක්ගෙ කලු පාට මර්සිඩීස් එකක් අපිව පහු කරන් යන්න යනකොට මගෙ තාත්තා යකඩ වලට පදම් උන අතින් මගෙ අත මිරිකුවා ......
..ඒ වචන මහ මෙරක් ..
.ගොතයෙක් උනත් මගෙ අම්මා තාත්තට මන් රන් කදක් .....ඉතින් අම්ම තාත්තට මාව වටිනවා නම් වටේ ඉදන් ගොතයා කියන උන් මොකටද ...
දැන් උඹ පෙරකදෝරුවෙක් උනාම මුලිම්ම කතා කරපන් උඹලගෙ අම්මගෙන් මට වෙන ගෘහස්ත හිංසන සම්බන්දව තේරුනාද කොල්ලො උඹට .
ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්...ගාන්නෙ....ම්ම් ගාන්නෙ මොකද ...උඹත් කොච්චර කෙරුවත් අම්මටම තමයි....බැහැපන්....ගොනා වගෙ දොර අරින් නැතුව පාරෙ එන උන් ඇරලා බලපන් දොර අරගන යයි අනිත් පාර ...
තාත්තගෙ ඉවසන්න බැරි විහිලු එක්ක මං කාර් ඒකේ ශටර් වහලා එලියට බහිනවා එක්කම මගෙ අතේ තිබුන ඵෝන් එක ආයම වයිබ්රේට් උනා...ප්‍රනීත් ප්‍රොෆයිල් එක මාරු කරලා .....මෙච්චර කල් දාන් උන්න මල්පෝච්චිය වෙනුවට එයා අද ඇත්ත මූන දාගන තිබ්බා .....වෙනසක් නෑ....එයාගෙ මූනමයි....

එයාට ලස්සන හිනාවක් තිබ්බා ...මිනිස්සු බුම්බන් ඉන්නවට වඩා හිනාවෙනකොට කොච්චර ලස්සනද.... ඒත් මම ආසත් බුම්බන් ඉන්නවට....
මම කිසිම රියැක්ට් එකක් දැම්මෙ නෑ ...කමෙන්ට් එකක් දැම්මෙත් නෑ .ඒත් මම අවදානෙන් උන්නා...මොකාද මොනවද කියන්නෙ කියලා ....හේතුවක් නෑ . එයා මම එක්ක වගේම මං එයා එක්ක නමක් දෙන්න නොදන්න මහා අමූතු බැදීමක් එක්ක අපි දෙන්නම බැදිලා උන්නා .....
මං තත්පර ගානක් ඵෝන් එක අතෙ තියන් ඉදලා ආපිට සාක්කුවට ඔබා ගත්තා ....මෙතනින් එහාට තුබුනෙ තනිකරම තාත්තගෙ පාලනෙ වෙනකොට පංචිකාවත්තට හෙන අද්දන්නෙ නැද්ද කියලා හිතෙන තරමට යකඩ පිරිලා තිබුනා ....වාහන කෑලි ..බයික් වල ත්‍රීවිල් වල....එහෙන් පිටිම්ම යකඩ පාරාදීසයක් ....අම්මා කියන කතාව හරි ....තාත්තට පංචිකාවත්තට ගියෝතින් එන්න හිතෙන් නැති තරමට යකඩ කෑලි තාත්තව අල්ල ගන්නව.....මට තේරෙන්නෙ නෑ එයා අංක කිය කිය ඇන ඉල්ලනවා ...ආයම තව තව වාහන පාර්ට්ස් වගයක් ඉල්ලුවා .....ඇදුන් උර එල්ලන් අම්මා පස්සෙ යනවා වගේ නෙවෙ යකඩ කෑලි උස්සන් තාත්තා පස්සෙ ගාටන්න උනාම හෙම්බත් වෙනවා .....
.ත්ත්....තාත්තෙ...ඉවර ..න්න්..නැද්ද.....
පොඩ්ඩක් හිටපන්කෝ...මොකක්ද බන් උඹලා .. ....පොඩ්ඩක් ඉදිල්ලකො කොන්ද කෙලින් තියාගන.....අඩිය දෙක යනකොට දිව බුරියට එනවනෙ.....
යකඩ කැල්ලක් දිහා බල බල උන්න තාත්තගෙන් මං පැය දෙක තුනකට පස්සෙ හරිද අහනකොට තාත්තා හැසිරුනෙ මේ දැන් පංචිකාවත්තෙන් බැස්ස එකෙක් හා සමානවවෙනකොට කතා කරපු විදිහට මට පාර දිගේ ඩ්‍රාමා එකේ ඉන්න නානව මතක් උනා....නිර්මල නානායක්කාර....ඒව්....ඒකා නම් මහ මොකෙක්දෝ මන්දා ...අපේ තාත්තත් ඔහොම උන්නට නානාවගෙ කියලා අම්මත් බනිනවා ....ඒ බනින්නෙ නම් ඵෝන් එක අතේ තියන් තනියම හිනාවෙනකොට ...
ඔන්න හරි...මෙච්චරයි දැන් ඉතින් යන්න පුලුවන් ...
අවසානෙදි මං බලාගන උන්න වචනෙ එලියට පැන්නත් අම්මගෙ බඩු ලිස්ට් එක මතක් උන මට ආයම ඇඩෙන්න එනකොට තාත්තා එක්ක ආව මම අනිත් පාර එලවලු මාර්කට් එකෙන් බැස්සා ....
හුලන් අතට එහා මෙහා විසික් වෙන රතුළූනු පොතු ....තැන් තැන් වල තිබුන පොඩි පොඩි මඩවලවල්...ළූනූ ගෝනිවලින් එන ළූණු සැර වගේම නරක් උන ළූනු වලින් එන අමුතු කුයිලෙ එක්ක වෙලෙන්දන්ගෙ කන්කරච්චලෙ ඉවරයක් නැතිවෙනකොට මං තාත්තගෙ පස්සෙන් ගියා .....
කැරට් බීට්....බෝංචි....වට්ටක්කා ....මෑ කරල්.....
සාක්කුවෙ තිබුන ලිස්ට් ඒකේ තිබුන එලවලුවෙන් එලවලුව අපි දෙන්නගෙ අත් වලට පිරෙන කොට අවසානෙදි ගොරකා වගේම සියඹ්මත් ගත්තු තාත්තා මාත් එක්කම ආයම කාරෙකට ආවා....
බලපන් පුතෙ ඔක්කොම තියනව නේ කියන්න ....උඹලගෙ අම්මා ආය හරවලා යවයි එහෙමට ගෑනි .....
මං ඩිකියෙ තිබුන එලවලු මලු දිහා බල බල අතේ තිබුන ලිස්ට් එක චෙක් කෙරුවා .....
ත්ත්...තාත්තෙ. .
ඇයි මොනවද අඩු... ....
ඉ..ඉගුරුයි.....අලු කෙසෙ...ලුයි
එච්චරමද...??
ම්ම්ම්...
එලවලු වල ගනන් බන් බෝන්ංචි කිලෝ එකක් ගන්න සල්ලි වලින් රත්තරන් පවුමක් ගන්න පුලුවන් .....ඔහොම ඉදින් මං අරන් එන්නම්...කොහෙවත් යන්නෙ නෑ ආ...ඇතුලෙන් ඉදගන ඉදපන්....
අඩු පාඩු ටික බලපු තාත්තා මට කොහෙවත් යන්නෙ නෑ කියලා මාව කාර් එක ඇතුලට තල්ලු කරලා යන්න යනකොට මන් ඇතුලෙ ඉදන් මුරුක්කු උරේ දත් වලින් ඉරා ගත්තා බඩත් ගිනී. ..යන ගමන් කනවා....
මන් මුරුක්කුවෙන් මුරුක්කුව කටෙ දාගන්න ගමං කරස් කුරුස් ගගා හපන්න ගත්තා ....දෙකක් තුනක් කනකොට දත් කැක්කුම් කරවන්න ගත්ත හන්දම ම්ස්න් මුරුක්කු උරේ පැත්තට දාලා ඔහේ ඵෝන් එක ඔබන්න ගන්නකොටම අම්මගෙන් කෝල් එකක් ආවා...
අම්මා...ඇයි....
සුදු මහත්තයා .....කොහෙද ඉන්නෙ....
ම්ම්...මා...කට් එකේ ඇයි.....
......
ත්ත්....තාත්තට කිව්වද.....?
......
හ්හ්...හා ...
අම්ම්ගෙන් ආව කෝල් එකෙ වචන යතාර්තයක් උනේ කොළඹ කොච්චිකඩේ පල්ලියෙන් ....අම්මා මගෙ නමින් තිබ්බ බාරයක්ලු ....පොඩි කාලෙ තිබ්බ අසනීප හින්දා උන බාරයක්ලු...වචනයක් කතා කරගන්න බැරි මං වෙනුවෙන් තිබ්බ බාරයක්ලු...මාව හම්බෙලා සෑහෙන කාලයක් මට කතා කරගන්න බැරි උනාලු . තමන්ගෙ නොවුනත් මගෙ අම්මා තාත්තා මාව අරන් නොගියපු තැනක් නැති වෙනකොට මගෙ දහ අටවෙනි උපන්දිනෙදා තාත්තා මාවත් එක්කන් කොච්චිකඩේ අන්තෝනි පල්ලියට ආවා...
සපත්තු දෙක ගලවලා පැත්තකින් තිබ්බ මං තාත්තා එක්ක ඇතුලට ගිහින් වෙනදා වගේම අදත් ඇස් පියාගත්තා ....
ඉල්ලන්න දේවල් නෑ..ඒත් මං වෙනුවෙන් තවමත් හෙම්බත් වෙන අම්මා තාත්තෆෙ බර මගෙ කරට ගන්න පිහිට වෙන්න කියලා මං ඉල්ලුවා ...අම්මා තාත්තගෙ මූනෙ හිනාව රකින්න කියලා මං ඉල්ලුවා ....ඒ වගේම මේ ලෝකෙ දරුවො වෙනුවෙන් මහන්සි වෙන හැම අම්මෙක් තාත්තෙක් වෙනුවෙම්ම ආශිර්වාද කරන්න කියලා ඉල්ලපු මම අල්තාරෙ ගාවට දනින් ගිහින් මගෙ භාරෙ නිදහස් කරලා තවමත් ඇස් වහන් ඉන්න තාත්තව තියලා පල්ලියෙන් එලියට ආවා ..මම දන්නවා ....මම ඉල්ලුවෙ නැති උනත් මං වෙනුවෙන් මගෙ තාත්තට හුගක් දේවල් ඇති ඉල්ලන්න . ...
මං එලියට ආවා....ඉටිපන්දම් සුවද ...
මල් වල සුවද වගේම
පාරෙන් එහා පැත්තෙ තිබුන මල් කඩවල තිබුන මල් කඩ වල එල්ලලා තිබුන සුදු පාට මල් මාලා දිහා බලන් උන්න මං තාත්තා එනකන් ඔහේ උන්නා .....පාර දෙපැත්තෙ උන්න හිගන්නො කාගෙන් හරි කීයක් හරි හම්බෙනකන් අත දික් කරන් කට්ට අව්වෙ වේලෙනකොට පල්ලියට ආව සමහර මිනිස්සු දානෙ බෙදුවා ....
අනෙ පව් එහෙම හරි බඩ පිරෙනවනෙ..... ...
ඔව්...ඇයි...උඹ හිතුවද මට අමතක උනා කියලා ....මට අමතක උනෙත් නෑ අක්කට අමතක උනෙත් නෑ.....ඒ වගේම උඹලා එකතු වෙලා ලමයව මරා ගත්තා කියන එක ජාති ජාතිත් අමතක වෙන්නෙ නැ....උඹෙයි මගෙයි ඇති ඇයි හොදැයියකුත් නෑ.....
මං උන්නෙ පාරෙන් එහා පැත්තෙ තිබුන මල් කඩ දිහා බලන් වෙනකොට පල්ලිය ඉසාරහා කියලා නොබලා කවුරු හරි පිරිමෙ කෙනෙක් කාට හරි බනිනවා ඇහෙනකොට මං හැරිලා බැලුවා ...

ඵෝන් එකෙන්....
එක අතක බත් පාර්සල් එකක් තියාගන අනිත් අතෙන් ඵොන් එක අල්ලන් උන්න එයා කාවද මන්දා මරා ගත්තා මරා ගත්තා ගගා බැන බැන ඉන්න හැටි මං බලාගන ඉන්නකොට කවුරු හරි මට කතා කෙරුවා ....
ආ පුතේ.....
ගෑබු කෙනෙක් ....
ආ පුතේ කියන කටහඩ එක්ක හැරිලා බලනකොට මගෙ ඉස්සරහා උන්නෙ මගෙ ඉස්සරහට බත් පාර්සල් එකක් දික් කරන් උන්න ගෑනු කෙනෙක් වෙනකොට මං අත් දෙකෙම්ම ඒ බත් පාර්සලේ ගත්තා ....ඒ ඇස් වල කදුලු පටලයක් බැදිලා තිබ්බා

මගෙ පුතාට පින් අනුමෝදන් කරන්න...
🥺ජොබික්කා නිදහාස්....
ආයම එන්නම්....
අජ අග්ගියා නෑ.....
හෙත එන්නම්.....
පයිස්සමින් ඉන්ඩෝ
ආතරයි....
Ferdeesha ❤️💚😘 ...