එල්ලුම් ගහ ..මාව කරකවලා අතෑරියා වගේ උනා ...මෙච්චර මේ ලෝකෙ ගස් අනම් මනම් තියනකොට මේ මනුස්සයා ආසම එල්ලුම් ගහටලු...
එහෙන් සිත නිවන කතා යනකොට අලුත් කස්ටර්මරයා හිත අවුලන කතා කියනවා...
එල්ලුම් ගහ ගැන මොනවද දන්නෙ?
යෝ අද පෝය දවසේ අහන පව් කාර කතා...මටත් පව් පිරෙනව අප්පා....එල්ලුම් ගහ ගැන මොනවද දන්නෙ අහනවා ...මං දන්න එකම දේ එල්ලුම් ගහෙ දලු දාන්නෙ නෑ කියන එක විතරමයි...
මං මැරිච්ච ගස් දිහා බලන් ඉදලා ශේප් එකේ එයා දිහා බැලුවා ..ඒකා මා දිහානෙ බලන් ඉන්නෙ.....මා දිහා බලපු එයා ඇස් දෙක හිනි කෙරුවා ...මේක හරි පුදුම වැඩක් නේ .....කොයි වෙලෙත් ඇස් පොඩි කරනවනෙ.....
ඒ ලෙවල් කරන්නෙ මොනාවලින්ද ?
ආ...ආර්ට්ස්...
සබ්ජෙක්ට් ...
ප්ප්...පොලිටිකල්...ස්ස්...
එල්ලුම් ගහ පටන් ගත්ත අවුරුද්ඩ්ග?අවසානෙටම එල්ලුම් ගහ ක්‍රියාත්මක උන අවුරුද්ද?
ඔ..ඔව්වා...උගන්..නන්නෙ නෑනෙ..
මොකෙක් වෙන්න ආස...
ප්ප්...ප්ප්....
එහෙනම් ඔය දෙක දැනන් ඉන්න ඕනා...
මට කියන්න දුන්නෙ නෑ.....ආයම කියන්න දුන්නෙ නෑ....කලින් බිත්තර ....පස්සෙ අපි වහලා කියලා දැන්....මට ඵොක්ටර් කෙනෙක් වෙන්න කියලා කියන්න දුන්නෙ නෑ...මේක මහ පුදුම වැඩක් උනානෙ....අනික මේ මනුස්සයා අහන ප්‍රශ්න...මං දන්නෙ කොහොමද එල්ලුම් ගහ පටන් ගත්තෙ කවදද කියලා .....මං යනවද ඔව්වා හොයන්න.....
මටත් එක අතකට හොද වැඩෙ ආවා නම් කන්න දුන්නා නම් යන්නෙ නැතුව මගුලක් අහන්න නැවතුනානෙ....අනික මල් ගස් මැරිලා ගියත් මට ඇති රුදාව මොකක්ද...මටත් කට පුක වහ ඉන්න බෑනෙ...
ම්ම්...මේ....මං...ද්ද්...දන්නෙ ....නෑනෙ...අනික....ම්ම්....මට....මො....
පටන් ගත්තෙ අටසිය හතලිස් හතරෙ....අවසානෙටම එල්ලා මැරුවෙ " චන්ද්‍රදාස එහෙම නැත්තන් හොද පපුවා කියන එකාව....ඒකත් නවසිය හැත්තෑ හයෙ ..එදායින් පස්සෙ තව නෑ...හැබැයි....මම හිතන්නෙ...නෑ...ඒක එහෙම වෙයි කියලත් ....තව මොනවා හරි දැන ගන්න ඕනෙද ...??
න්න්....නෑ.....මොකූත් ද්...දැනගන්න ඕන්නෑ.....
මාව නිකන් උස්සලා පොලවෙ ගැහුවා වගේ උනා....අටසිය හතකිස් හතරෙලු පටන් ගත්තෙ ....අටසිය හතලිස්හතරෙ නේ බෝගම්බර හිරගෙදර පටන් ගත්තෙ...අනේ මන්ද...මන්දා...මං දන්නෙ නෑ ..ඉවර උනේ නවසිය හැත්තෑ හයේලු....
හැබැයි ඒක තව දුරටත් එහෙම් වෙන්නෙ නෑ කියපු එයා පාරෙ එහා පැත්තෙ තිබුන ඇමතියගෙ විරිත්තන් ඉන්න මූන දිහා බලාගන කියලා අවසානෙදි මගෙන් තව මොනවා හරි දැනගන්න ඕනද කියලා ඇහුවා ..අනේ...අම්මෙ....නෑ...නෑ...මට මෙ දැන ගත්තු ටික වැඩිත් එක්ක...
එයාට මොකුත් දැනගන්න ඕන් නෑ කියනවත් එක්කම එයා ආපහු අර ගුහාව අස්සට රිංගුවා ...තරුන සිතට දහම් සිසිඑ ඉන්න හාමුදුරුවො මෛත්‍රී වඩන්න ගගා එක දිගට එක දිගට කියනකොට අද පෝය හින්දම මම එයාට ගිහින් එන්නම්...අපි අද වහලා කියලා කියන්න එයාගෙ දිහාවට හැරුනා.....
ම්ම්..මහත්තයා....ග්ග්...ගිහින් එන්නම්.....අපි...අ...අ...
දවල්ට කෑම එකක් අරන් එන්න....
දඩාස්!!!!.....
ය්ය්...ය්ය්...යකෝ....අද....අපි...වහලා....ව්ව්.....වහලා.....ව්ව්....වහලා.....ව්....වහලා....වහලා....වහලා.....හ්හ්හ්හ්හ්....
මම කෑ ගැහුවා.....අවංකවමතරහව දරා ගන්නම බැරිම තැන මම යටි ගිරියෙන් කෑ ගැහුවා විතරක් නෙවෙ කොන්ඩෙනුත් ඇදගත්තා ...මට ඉවසන්නම අමාරු දේ ඕක ....මට දරාගන්නමබැරි දේ ඕක ...කතා කර කර ඉදලා තමන්ගෙ කොටස ඉවර උනහම මට කියන්න නොදෙන තැන....මාව ගනන් ගන්නෙ නැති තැන....මං වෙනුවෙන් එක තත්පරයක් බලන් ඉන්න බැරි තැන....
මම ඔලුව හෙලෙව්වා .....තරහටම මගෙ කන් දෙකත් පිහිදගත්තා. ....
ක්ලික් ....ක්ලික් ...!!!
ආයම දොර ඇරුනා...ආයම දොර ඇරෙනකොට මට ඒකව මරන්න තරම් තරහවක් ඇවිත් තිබුනා වගේම මගෙ ඇස් කොන්වල නහර ඉලිප්පිලා තිබුන.....අමාරුවෙන් ගලපන වචනෙ එලියට දාන්න නොදි උන් හිර කරනකොට මට ඒකව මරන්න හිතුනා....
මොකද කෑ ගහන්නෙ...
ක්ක්...කෑ...ගහන්නෙ....කෑගහන්නෙද ....ත්ත්.....ත්ත්....තමුන්ට .....මම...ම්...මම...ඊ...ඊයෙ ....ඉදන්...
තත්පරයක් ...මට කෝල් එකක්....!
(##@#$$$@@...බ්බ්...බල්ලා....)
දොර ඇරපු එයා මොකද කෑගහන්නෙ ඇහුවා.....යන්න හදපු මම කෑ ගහගහ ඉන්නකොට දොර ඇරපු එයා ඇහි බැම අකුලවන් ඇයි කෑ ගහන්නෙ කියලා අහනකොට මම ආයම කියන්න ගත්තා...ඊයෙ ඉදන් මට කියන්න නොදුන්න වචන වලට මම පලි ගන්න හැදුවා ... ඒත් ඒකෙන් උනේ මට තවත් තරහා යන එක....ආයමත් බැරි උනා...ආය ආයමත් බැරි උනා.....එයාට කෝල් එකක් ආවා...මම නිකන් පුපුරන්න ඔන්න මෙන්න ඉන්න බැලුමක් වගෙ.....
පුම්බලා පුම්බලා අවසානෙදි බැලුම දිලිසන්න ගන්න තැන කොහු කෙන්දක් ඇනුනත් පුපුරන්න යන තරමට බැලුම තුනී වෙලා යනවා වගේම මමත් තරහවෙ උපරිමේ උන්නා.....එයා ඇයි කෑ ගහන්නෙ අහලා හේතුව කියන්න හදනකොටම ආය ආයම මාව මහන්සි කරවලා අර කෝල් එක කට් කරනකොට වයසවත් නොබලා මම හිතින් බැන්නා...මගෙ තාත්තගෙ වයසෙ නේද වත් නොහිතා මම ආවේස උනා.....
මොකක්ද කේස් එක....අනියම් සම්බන්දයක් ....??
........
මනුස්සයගෙ වයස කීයද....ගෑනු කෙනාගෙ වයස කීයද ළමයෙක් ඉන්නවා නම් මට ලමයගෙ වයස කීයද ??
........
අනියම් සම්බන්දෙට හේතුව??
........
මම අහන් උන්නා... එයා මහ දරුනුයි ....එකම වචනෙක වත් තෙතමනයක් නෑ.....එකම වචනෙක වත් හැගීමක් නෑ..උනුසුමක් නෑ....එවා හරියටම රොබෝ කෙනෙක්ගෙන් එලියට එන වචන වගේ....සාක්කුවට අත දාගත්තු එයා කෝල් එකෙ අනිත් පාර්ශවෙන් එක එක ඒවා අහන්න ගත්තා....
හොර ගෑනු සීන් එකක් වගෙ....
ඒ අස්සෙන් ඩිවෝර්ස් නඩුවක් ෆයිල් කරන්න කියනවා....
කියන්නෙ නෑ එය තර්ජනේ කරනවා.....
ඒ කියන්නෙ....එයා....???
මම ආයම හැරිලා එයා දුහා බැලුවා.. මෙච්චර වෙලා සාක්කුවෙ තිබුන අත එයා කටේ ගහන් නියපොත්තක් හපන්න ගත්තා . එහාට යනවා මෙහාට යනවා...කකුලට පෑගෙන වේලුන කොල සර බර ගානවා.....ඉවරයක් නැතුවම සර බර ගානවා...ඒමගුල් සර බර ගානකොට මට අහන් ඉන්න බැරි උනා...ඉදලක් අරන් අතුගාන්නම හිතුනා...අවංකවම මට අමාරුයි...මම ආස නෑ..මම මූසල පාලු හිතෙන දේවල් වලට බයයි...වහපු ජෙනෙල් තිර රෙදි....ඒවා ඔක්කොටම හපන්...
ඔයාව එයා අතාරින්න එකම හේතුව වෙන මොකුත් නෙවෙ එයා ...මං කියන්නෙ ඔය හොර ගෑනි.....වයසින් බාලයි...පෙනුමයි...එහෙමනෙ....??
.......
නෑ....දරුවො වෙනුවෙන් ඇයි සමාදාන වෙන්නෙ ...?සමාදාන වෙන්න හේතු උන්ම මවලා ඇයි දරුවො ගැන හිතල සමාදාන වෙන්න ඕනා කියන්නෙ???
.......
මොකක්.....ආදරෙයි ...කොහෙද....කොතනද ඒ ආදරේ තියෙන්නෙ.....???
මේකා දික්කසාද් කරන්නමනෙ යකො බලන්නෙ....හරි නම් කැඩුන පවුල එකතු කරන්න එපැයිනෙ....?
මම බලන් උන්නා...මිනිහා හොර ගෑනියෙක් පස්සෙ ගිහින්ලු...හැබැයි එක අතකට වෙන ගෑනු පස්සෙ යන ගෝතයන්ව ඕනෙම නෑ ඔවුන්ව ගල්ගහලා මරන්න ඕනෙ නිකන් නෙවෙ ටවුන් එක මැද හෙලුවෙන් හිටගස්සවලා....
මම ආයම කන දැම්මා....
ඕක පලවෙනි වතාව නෙවෙ.....එහෙමනෙ.....කී වතාවක් සමාව දුන්නද??
......
ප්‍රමානය ඉක්මවල සමාව දීලා ඇයි බාල්දු කරගන්නෙ ...අදාල නැති උන්ට ආදරෙයි සමාවයි දෙන්න ගිහින් අදාලකෙ එකා ආව දාට දෙන්න දෙයක් නැතිවේවි.....
.......
හවස පහත් පහමාරත් අතර එන්න....මීට වඩා දේවල් මට ඵෝන් එකෙන් කියන්න අමාරුයි....
......
නෑ....මං ලමයව අනිවාර්යයෙන්ම ඔයාට අරන් දෙන්නම්...
......
පොරොන්දුවක් ....
ලමයව අරන් දෙන්නම්ලු....මං හිතනෙ අම්මා වෙන්න ඇති.....පව්....අම්මට තමා එහෙනම් ලමයව දෙන්න ඕනා...මිනිහ හොර ගෑනු පස්සෙ යන්නෙ ළමයි ගෑනු එපා හින්දනෙ....හොද වැඩේ එක අතකට....
ම්ම්ම්....ම්ම්....ම්ම්...
එයා ඵෝන් එක පැත්තකට දැම්මා....දාලා ඇගිල්ලෙ නලලට තට්ටු කර ගත්තා .....
" මම් ඔයාට වෙච්ච පොරොන්දු කැඩුවා ඇබිත්තම.....මට සාමාවෙන්න...මම කැඩුවෙ නෑ ...මගෙ අතින් කැඩුනා..."
එයා මිමිනුවා.....පොරොන්දුව කැඩුවලු....පොරොන්දු තියෙන්නෙ රකින්න මිසක් කඩන්න්නද...නෑනෙ...දැන් සමාව අරන් මොකටද...
ප්ප්...පොරොන්දු ....ත්ත්...තියෙන්නෙ....ර්ර....රකින්නනෙ....
අනුන්ගෙ කතාවලට කන් දාගන උන්න මම මූන අමුතු කරන් උන්න එයාට ඇනුම් පදයක් කියනවා එක්කම එයා මගෙ දිහා බැලුවා....
ම්න්....පොරොන්දු තියෙන්නෙ රකින්න...ඒක ඇත්ත....
එ...එහෙනම්...ම්ම්...මොන...ම්ම්..මගුලටද....ක්ක්...කැඩුවෙ....ක්ක්...කඩවුන...ප්ප්..පොරොන්දුවද?
එයා මගෙ දිහා බලන් උන්නා....සාක්කුවට අත් දෙකත් දාගන බලන් උන්නා...එයා මගෙ මූන දිහාවම බලන් ඉදලා අඩියෙන් අඩිය මගෙ ලගට එනකොට මට හිතුනා මේකා මාව මරයි කියලා ...
ප්ප්..පෝය..දවසේ.....ම්ම්..මිනී...ම්...මරන්නද...ය..යන්නෙ....මේ...මට....ත්ත්....තරහා...යනවා....ආ.....
එයා මගෙ ගාවට අඩියෙන් අඩිය ලන් වෙනකොට චන්ඩියා වගේ උන්න මම අනිත් පාර ගොත ගහන්න ගත්තා....ගොත ගගහා ගිහින් අවසානෙදි බිත්තියට හේත්තු උනා.....
ඇස් දෙකත් අමුතු කරන් ආව එයා මගෙ ගාවින් නැවතිලා හිතක් පපුවක් නැතුවම අනක් ගුනක් නැතුවම බයක් හැකක් නැතුවම මගෙ මූන අත් දෙකෙන් අල්ල ගත්තා ... .මට කට උත්තර නැති උනා...මට හිතුනෙම එයා මගෙ බෙල්ල අනිත් අතට අඹරවන්න හදනවා කියලා වෙනකොට මම ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නා.....මොකද බය වෙලා උන්න මට කතා කරගන්න වචන නැති උනා....
ඔව්...මගෙ අතින් ඒ පොරොන්දුව කැඩුනා...හැබැයි...ඒක මම හිතලා කරපු දෙයක් නෙවෙ...අනික ..ඔයා පුලුවන් නම් කතා කරන එක අඩු කරන්න බලන්න..මොකද...ඔයා ඔහොම ගොත ගහනකොට .....
.මේ මොකද මේ ....
මං හිතුවෙ එයා මාව මරන්න හදනවා කියලා ඒ උනත් එයාගෙ කටහඩ හරි අමුතු උනා...එයා කිව්වා එයාට ඒ පොරොන්දුව රකින්න බැරි උනා කියලා ....අනිත් එක කතා කරන එකත් මට අඩු කරන්න කිව්වා....හරි වැඩක් නේ ඒක....මම මොකටද ඒක කරන්නෙ....
ඇ...ඇයි ....ක්ක්..කතා කරන එක...අඩු කරන්න ක්ක්...කියන්නෙ.....
මට ඒක වදයක්...
ම්ම්..මොකක්....??
ම්න්...
ම්ම්..මේ මම කතා කරන එක...ව්ව්....වදයක්...
ම්න්....
ඇයි....ඒ....
.......???
එයාට මම කතා කරන එක වදයක්ලු....අයියෝ පව්....මගෙ කටින්නෙ මම කතා කරන්නෙ...අනේ...නිකන් ඉදපන් නාකි පප්පෙ.....
මම එයාගෙ අත ගසලා දැම්මා.....
ක්ක්..කාටත් වදයක් ව්වෙන්න මම...මෙහෙ ආවෙ නෑ....අ...අනිත්..ද්ද්...දවසෙ.....ක්ක්...කෑම...ඕනෙ නම්....ග්ග්..ගෙදරට එන...එ...කයි.....
එයා බලන් උන්නා...බලන් ඉදලා කට කොනකින් හිනා උනා .. හින වෙලා ආයම අත් දෙක සාක්කුවෙ දාගත්තා...එයා එහෙම ඉන්නකොට මම ආයාම එන්න හැරුනා...මාව වදයක්ලු...මම කතා කරන එක වදයක් ලු .....වදයක් නම් වෙන උන්ගෙන් කාපන්කො....අපෙන්ම කන්න බලන් ඉන්නෙ.....
මම එන්න ආවා...හැබැයි නිකම්ම ගෙදර යන එකත් හිතට හරි මදි වගේ හින්දා මම ආයම හැරුනා...හැරිලා ගිහින් එයාගෙ ගාවින් හිට ගත්තා .....
ප්ප්..පුලුවන් ..න්න්...නම් ඔය මහන්ත්ත ....ක්ක්...කම....අඩු...ක්ක්..කරගන්න.....මටත්....ඒක....මහ.....ව්ව්....දයක්...අනික...අද...ප්පෝය....අ....
දඩස්...!!!!...
........##@@@@&&%$#
මම හෙන හයියෙන් හුස්මක් ගත්තා ...ඒකා මගෙ මුනටම දොර වැහුවා.....මට කතා කරන එක වදයක් කියපු එයා මගෙ මුනටම දොර වහල දාලා යනකොට මම හුස්ම ඉහලට අල්ලන් බලන් ඉදල එන ඒමටම වතුර නැතිව උනත් හරි අමාරුවෙන් දලු දාන් එන බෝගන් විලා පැලයක් හිටවලා තිබුන පෝච්චියකට පයින් ඇන්නා...පෝච්චිය වැටුනා කුඩු උනා...පෝච්චිය යට උන්න ගෙම්බෙකුත් මගෙ දිහා රවාගන වගෙ බලන් උන්නා...
ඇ ඇයි.....උ..උඹ.....
කොල්ලො...
මම ගෙදර ආවා....මුස්පේන්තු පාරිභෝගිකයගෙන් එක එක කතා අහගත්තු මම ගෙදර ආවා....ඒ එනකොටත් තාත්තා මජන් නාගන ග්‍රීස් කරන ගමන් උන්නා....
ඇ...ඇයි ....
පුලුවන් නම් කාලා ඇවිත් මේ ටික ග්‍රීස් කරලා දියන්කො...
ම්ම්ම්.....
හා....කාල වරෙන්කො....
තාත්තා මට කාලා වරෙන් කියන ගමන් ආයම වාහනේ අස්සට රිංගුවා....
ත්ත....තාත්තෙ....
ම්ම්ම්.....ඇයි.....
ඇතුලට යන්න ගියපු මම ආයම වාහනේ ගාවට ආවා....ඇවිදින් දන ඔබාගන අස්සට බෙල්ල දාගත්තා ...
තාත්තා කෑවද.....
නෑ...කන්න වෙලාවක් නෑ....තව චුට්ටයි.....දහය වෙනකොට ගන්න එනවා කිව්වෙ.... ...උඹ කාල වරෙන්කොමේ මගුල දිලා දාන්න.....අතපයත් කැක්කුමයි .....
ද්ද්...දහය ....වෙනකොට .....
ම්ම්ම්....
එ...එහෙනම්....ග්ග්...ගාන....වැඩියෙන්...ක්ක්...කියන්න....ඇයි යකෝ....අද...ප්ප්...පෝයනෙ...අනික....
දවසෙන් ...දෙකෙන් ගන්න...ම්...මේක...මොකක්...කියලා හිතුවද...ඕකෝම ඉන්නෙ.....අ...අපිව කන්න බලන්....ත්ත්....තමයි ....නර...කාදියො....
..උඹගෙ නහරයක් ගහලා යයි දැන්...
තාත්තා කාලා නෑලු මට කාලා ඇවිත් ග්‍රීස් කරන්න කිව්වා.දහය වෙනකොට ගෙනියන්න එනවා කියනවා එක්කම මට අලුත් කස්ටමර් ව මතක් උනා...ඒකට මං කතා කරනවා අහන් ඉන්න එක වදයක් කියපු එක මතක් උනා .....ඒ අස්සෙන් තාත්තව උන් හදිස්සි කරවන එක මේ ඔක්කෝම එකට ඇවිදින් මට ආයම තරහා යනකොට වාහනෙ යට උන්න තාත්තා මගෙ නහරයක් පුපුරලා යයි කියනකොට වාහනේ උන්න සිල්වගෙ විරිත්තන් ඉන්න මූනට මම මැද ඇගිල්ල පෙන්නලා ගෙට දිව්වා ....
නූඩ්ල්ස් තියනවා.....බතුත් තියනවා.....අනෙ අම්මා උදේට දවල්ට දෙකටම උයල ගිහින්....දැන් අරකට දවල්ට කන්න දෙන්නෙ...??මේවා දෙන්න බෑනෙ...අනික මම කිව්වනෙ අද අපි වහලා කියලා .....අනික වට්ටක්කයි කරවලයි මැල්ලුනුයි තියෙන්නෙ .පෝය දවසෙ කරවල කෑවට පව් නැතුව ඇති...
නූඩ්ල්ස් හැන්දක් විතර බෙදා ගත්තු මම අත හෝදන් මේසෙන් ඉදන් මගෙ දුක කියන්න ප්‍රනීත්ව හොයන් ගියා විනාඩි දෙක තුනකට කලියෙන් ඔන්ලයින් ඉදල ගිහිල්ලා.....
"ම්හුක්....ඉන්නවත..."
මන් මැසේජ් එකක් දැම්මා....මට දැන් කේලම කියන්න ඕනා.....නිකන් නෙවෙ.....එක දෙක කරලා.....වේදනාව දහගුනේකින් විතර වැඩි කරලා.....
ම්ම්ම්.....
එයා ආවා....ම්ම්ම්...ගෑවා.....මම මූන අඩ අඩ බනිසක් කන පූසාව යැව්වා.....
ටින්.....
හැරෙන තැපෑලෙන් මැසේජ් එකක්.....ඇයි කියලා අහලා....
"මාව වදයක් කිව්වනෙ..."
මම ආයම මැසේජ් එකක් දාලා චීම්ස් බල්ලා අඩන එකක් යැව්වා...
ටින්...ගෑවා.....කාටද කියලා අහලා මැසේජ් එකක් ආවා....
"ම්හුක්...."
මම කාටද කියලා නොකියා බොරුවට මැසේජ් එකක් දාලා කටක් කටේ ඔබාගන පුලුවන් තරන් හිත රිදුන වදන් දාන්න ගත්තා....නිකන් නෙවෙ ඒවා තාත්තටත් ටැග් කරලා....අම්මටත් ටැග් කරලා.....
මම ඵෝන් එක පැත්තකට දැම්මා.....මට එයාට ඊට එහා දේවල් කියන්න ඕනා උනේ නෑ ....පන්සල් යනකොට අම්මා දාලා ගියපු ඵෝන් එක අරගන මුස්පේන්තුවා ගෙ නම්බර් එක අරන් මැසේජ් එකක් කොටන්න ගත්තා.....
" මහත්තයා....අද දවල්ට කෑම ගේන්න වෙන්නෙ නෑ.....අද පෝය...අපි අද වහලා.....අද....වසා ඇත.....වසා ඇත....වසා...ඇත...!!!!"
මැසේජ් එක පුරාවටත් වසා ඇත කියන එක දෙපාරක් තුන් පාරක්ම කොටපු මම සැනසීමෙන් කන්න ගන්නකොට මං අහගන වාහනයක් නවත්තනවා....තාත්තා කා එක්ක හරි කතා කරනවා.....තව චුට්ටම චුට්ටයි කියනවා...දහයට කලින් දෙන්න පුලුවන් කියනවා.....
පව්.....මගෙ තාත්තා .....වෙන එකෙක් නම් කරයිද...නෑනෙ.....උන්ටත් පුක කැඩුන කඩි වගේ අදම ඕනා....අදම ඕනා.....අත පය කැක්කුමයි කිව්වා.....කැක්කුම නැද්ද....
මම අතට ගත්තු නූඩ්ල්ස් පිඩ ආපිට පිගානට දැම්මා..... ..මටහිත දුන්නෙ නෑ....තාත්තා අහරෙ බඩ ගින්නෙ ඉන්නකොට මෙතනට වෙලා ගිල ගිල ඵෝන් එක ඔබන්න හිත දුන්නෙ නෑ...
ආව වාහන සද්ද ආපි නැතුව ගියා....යකඩයක් තැලෙන සද්ද එක්ක තාත්තා ආයම වාහනෙ එක්ක ඔට්ටු වෙන හැටි මට ඇහෙනවා එක්කම මම අත හෝදන්න නැගිට්ටා හැබැයි ඒ නැගිටිනවා එක්කම මොකක් හරි පෙරලෙන සද්දයක් වගේම තාත්ත්ගෙ කටහඩ ඇහෙනවත් එක්කම අත හෝදන්න නැගිටපු මම අනිත් අතට කෑ ගහනගන එලියට දිව්වා .. .
ත්ත් . ....තා...ත්ත්....ත්ත්....
ත්ත් .....
අනේ .....ත් ...
මගෙ කකුල් දෙකම පන නැති උනා...අඩුම ගානෙ තාත්තෙ කියලා කෑ ගහගන්න වචන නැති උනා උදේ ඇදන් උන්න රතු පාට මජන් ටී ශර්ට් එක පුටුව උඩ තියන කොට වාහනෙ යට හිටපු තාත්තගෙ කකුල් දගලන ගමන් තිබුනා....
රෝද හතර නැතිව උස්සලා තිබුන වාහනෙ කඩන් වැටිලා..
.තාත්තව යට් වෙලා....
.සුදුපාට වැලි පොලව බලාගන ඉන්නකොට තෙත් වෙනකොට
මම ඔලුව ගැසුවා. . කන් දෙක පුලුවන් තරම් අත් දෙකෙන් ගසන්න ගත්තා.
කතා කරගන්න වචන නැතුව ගොලු උන මම බය උනා. ....දත් අස්සෙ හිර උන තාත්තා කියන වචනෙ එලියට පනින්නෙ නැති තැන මම මටම ගගගත්තා....මගෙම කොන්ඩෙ අහුරු ගනන් ඇදගත්තා . ...
තාත්තව යටවෙලා....
.වාහනෙන් එලියට ආව කකුල් දෙක එක දිගට දගලලා දගලලා දගලන්නෙ නැති වෙනකොට මම හයියෙන් කෑ ගැහුවා....
ත්ත්....ත්ත්....තා....ත්තේ....හ්...
🥺ජොබියා නිදහාස්...
ආයම අග්ගියා එක්ක එන්නම්...
.මම්
...
.ferdeesha ...