මේ පාර මන් ඩ්‍රයිව් කෙරුවා...එයා අනිත් පැත්තෙන් ඉදන් උන්නා...අතේ තිබුන වඩ මුලෙන් හරි අඩක් අපෙ අනාගත කෝකියට එහෙම නැතිව එයාගෙ වචනවලින් කියනවා නම් මගෙ හොර ගෑනිට වෙන් වෙන් වෙලා තිබුනා...
විතේන් ....
කියන්න මැනික
ඔයාට හෙට ඔෆිස් යන්නම ඕනෙද ...
ඔව් .... අනිද්දට ඇඩ්වටීස්ට්මන්ට් එකක් තියනවා....ඒකෙ වැඩවගයක් තියනවා....ඒක නිසා යන්න ඕනෙ....
එයා මට උත්තර දුන්නා ....ඒ උනත් එයාගෙ ඇස් දෙක තිබුනෙ ඵෝන් එක ගාව....ඵෝන් එකේ සිහියෙන් උන්නා උනත් එයා මගෙ හැම ප්‍රශ්නෙකටම හරි උත්තරයක් දුන්නා එක අතකින් ඵෝන් එක ඔබන එයා අනිත් අතින් මගෙ කලවය පිරිමැද්දා වෙලාවකට ඇගිලි තද කෙරුවා ..මං මේවෙනකොට එයාගෙ පුරුදු දෙක තුනක් හොයා ගත්තා .....එකක්...එයාට කොච්චර මම ළඟ උන්නා උනත් මගෙ ඇගේ කොතනින් හරි ලාවට හරි අල්ලන්න උවමනා උනා.....කලවයක් පිරිමදින්න....හිතුන ගමන් අත් ගොබේට හාදුවක් තියන්න....ඒ හැම දේම කරල එයා මොකුත් නොකෙරුවා හා සමානවම එයාගෙ පාඩුවෙ උන්නා.....දැන් උනත් එයාගෙ අත මගෙ කකුල දිගල්ගේ යනකොට මගෙ කන් දෙක උපරීමේටම රතු වෙලා තිබුනා උනත් ඵෝන් එකෙ සිහියෙන් ඉන්න එයා එහෙම්ම මගෙ කකුල පිරිමැද්දා ...ගානක් වත් නැතිවම ....
විතේන්.....
ම්ම්...ම්ම්...අහන් ඉන්නෙ කියන්න.....
එන මොඩල්ස්ලා....මේල්ද....ෆී මේල්ද....
මේල් අය මැනික...මං එච්චරම ෆීමේල් උන්ට පන්නන්නෙ නෑ...ඇදුමක් ඇන්දම ලෑලි වගේ.....එන උන්ගෙත් පුදුම ලයින් මට ඔය මගුල් අල්ලන්නෑ.....අනික...මං ආස නෑ ෆීමේල් අය එක්ක ඉන්න.....මේල් කෙනෙක් එක්ක ඉන්න එක ඊට වඩා හොදයි....මට රිලැක්ස් ...
මම එයා දිහා ඇස් දෙක හීනි කරලා බැලුවා....මේල් අයලු.....ෆීමේල් නෙවෙලු....ඔව් ඔව්....තොට උන්ගෙ කරෙ නගින්න...බලන් ඉදපන්...
ඒ උනාට සුදු මහත්තයා ඔයා ටික දවසක් නිවාඩු ගන්න.....ඩියෝන්ලා ඉන්නවනෙ....
නෑ...මටත් හෙට වැඩ දෙක තුනක් තියනවා.....
ඉතින්..ඔයාට සනීප නෑනෙ....
ම්න්...ඒඋනාට නොයා බෑ....උදේට බොන්ඩින් එකක් තියනවා....දවල්ට....මසාජ් එකක් තියනවා...හවසට ෆේශල් එකක් තියනවා...
ඉතින්.....ඔව්වා අරුන්ටත් පුලුවන්නෙ.....
කස්ටමර් ඉල්ලන්නෙ සාමාන්‍ය සර්විස් එක වත්....විඅයිපි එකවත් නෙවෙනම්....මට කියන්න බෑනෙ විතේන් මට බෑ කියලා නේ.....
හරි හරි....මට කියමුකො බලන්න කව්ද ඔය කස්ටමර් .....මේල්ද....ෆී මේල්ද...අනික මසාජ් එකක්....
ම්න්...නිකන් නෙවෙ...ඔයිල් මසාජ් එකක්...ෆුල් බොඩි....
මම බලාගන.....මෙච්චර වෙලාම ඵෝන් එක කකා උන්න එයා ඊලග පාර ඵෝන් එක පැත්තකට දාලා මගෙ පැත්තට හැරෙනවා .....ඒ මුන රතු වෙලා...පුපුරන්න එනවා ..තොට මෙතන මේල් මොඩල්ස්ලා ගෙන්නන්න...මම උඩින් ගානක් නෑ වගේ උන්නට හිත යටින් මැරෙන්න හැදුව....
හරි...හරි...මට කියනවකො ඉතින් කස්ටමර් කව්ද කියලා...මේල්ද....ෆීමේල්ද....
ෆීමේල් .....
එතකොට අර මසාජ් එක.....
ඒක මේ වයස විසි පහක විතර පොඩි කෙල්ලෙක්...actress කෙනෙක්....
නවත්තපන් ඔහොම්ම කාර් එක....
පිස්සුද එහෙම...?
නෑනැ...නවත්තපන්කො නිතේශ් .....
උඹට මොංගල්ද මේ කොහෙ නවත්තන්ද විතේන්.....
තමුසෙ මේ ලබ්බ නවත්තනවද...නැතිද...
හරි...නවත්තන්න ඕන් නෑ..මට කියන්නකො...
ආ නිතේශ් ...තමුසෙට මොලේ කියන එක කලදක්වත් තියනවද.....
ඇයි....??
ඇයි අහන්නෙ.....ඔයිලි ෆුල්බොඩි එකක් තමුසෙ කරන්න...තමුසෙට පෛතියන්ද කියනවකො...
ඉතින්....මොකද වෙන්නෙ මම ඒකි එක්ක නිදා ගන්නෙ නෑනෙ විතේන් ..... ඒකි ආවා මසාජ් කරගත්තා ගියා...අනික....තමුසෙත් අර ගේන මොඩල්ගෙ කරෙ යන්නෙ.....එදා මම දැක්කනෙ.....
නිතේශ් මේහ්....මගෙන් කන පලාගන්න එපා....
මට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි විතේන් .....වෙනසක් නෑ.....මගුලක් නොකර ඔය ශීට් බෙල්ට් එක දාගන්නවා....
මගුල් අහන්න පටන් ගත්තෙ නෑ මම තාම....
මම අහක බලාගත්තා ....එයා කුටු කුටු ගගා මට බැනබැන ඵෝන් එක ඔබන්න ගත්තා ....මට ඇති මසාජ් එකක් නෑ...අනික ඔයිල් ෆුල් බොඩි ....අනේ....හාමුදුරුවනේ මම නම් කරයි ලබ්බක්...
හෙලො.....හෙලො....මිස්ටර් නලින්.....හෙලෝ....
......
මේ හුත්තා මේ දැම්ම නිදිද මන්දා.....තාම නවයටත් නෑ. ....
මම යටි තොල හපාගන යන්න යන හිනාව කාගන ඩ්‍රයිව් කෙරුවා.....ඒකා කුනුහර්ප පලනවා...මදැයි.....අත්තම්මා දන්නවා නම් සූරියබන්ඩාර වලව්වෙ බේබි මහත්තයා කුනුහර්ප සංස්තාවක් කියලා ඔසරිපටෙන් බෙල්ල වැලදාගන්නවා..අනෙ සාදු එහෙමවත් වෙනවා නම්....
එයා නිදි ඇති විතේන් ...අනික....මේ ක්ලයිමේට් එකත් එක්ක බැලුවම....කොච්චර වැඩ ඇතිද කරන්න...
නිතේශ් වාත නොවි කට පියන් ඉන්නවද ...
එයා මට බැන බැන ආයම ඵෝන් එක කනේ තියා ගන්නකොට මම හුරුවමක් බාන ගමන් ඩ්‍රයිව් කෙරුවා ....
හෙලො...මිස්ටර් නලින්...ඇහෙනවද.....?? බුදිද....නැතිනම් නිදිද...???
......
හරි...මොක කෙරුවත් මට අදාල නෑ...අර ඒජන්සි එකට කෝල් කරලා මට තව මොඩල් කෙනෙක් දෙන්න කියන්න....
........
ඇයි හුයි ගාන්න නෙවෙ මම කියපු දේ කරන්න මිස්ටර් ...මම දෙයක් කිව්වම ආපිට මට උපදෙස් දෙන්න එපා...අනික...හෙට තියන බෝර්ඩ් මීටින් එක කැන්සල් මම නිවාඩු....
.......
මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ට සනීප නෑ.....කතා එපා.....දැන් ඉතින් මග නවත්තපු තැන ඉදන් පටන් ගන්න පුලුවන් ගුඩ් නයිට්....
නිතේශ් ....
ම්න්.....
මම අහන් උන්නා..විතේන් කියන ආදරනීයම චරිතෙ එක මොහොතින් අංගුලිමාලට ඇදගන අර මනුස්සයට වගේ වගක් නැතිව සද්ද දාලා මගෙ පැත්තට හැරුනා...එයා හෙට ඔෆිස් යන් නෑලු...බෝයිෆ්‍රෙන්ඩ් ට අසනීපලු....
අර මසාජ් එක වෙන කාට හරි දෙන්න....
ම්න්....
ම්න්...ම්න්...නෙවෙ මේ දැම්ම...
හා.....
මම ඵෝන් එක අතට අරන් ඩියෝන්ගෙ නම්බර් එක ඩයල් කරලා රින්ග් වෙන්න කලින් කට් කරල කනෙ තියා ගත්තා ...
හෙලො...සුපුන්.....ඔයා වැඩකද....නෑ..මං ගත්තෙ පොඩි කාරනාවකට...ඔයාට පුලුවන්ද හෙට මගෙ සැලෝන් එකට එන්න.....
......
නෑ...ඔයිල් මසාජ් එකක් තියනවා.....මට එන්න වෙන්නෙ නෑ....එයාගෙ වැඩෙ ඔයා බලන්න ....හොදද...ම්න්....මං කියන්නම්....හරි...හරි...කොල්ලො...
ඵෝන් එක පැත්තට දාලා මම එයා දිහා බැලුවා....ඒ මුනට මල් පපඩමක් දැමෝත් පපඩම් කෝටියක් උනත් විසික් වෙනවා...මගෙ පනට තරහා ගිහිල්ලා....
මගුල මට කේන්තියි අප්පා.....
හරි...ඉතින්....දැන් ඔයයි මායි දෙන්නම හෙට ගෙදරනෙ පන....
ඔව්....ඔව් ගෙදර තමා...කෝ ලයිටරෙ...
සාක්කුවෙ .....මටත් එකක්...
බේත් බිබි සිගරට් බොන්න මොංගල්ද ??
එහෙනම්..බාගයක් ....ඔයා බාගයයි මං බාගයයි....
මට ඕන මගුලක් නෑ.....කතා කරන්න එපා නිතේශ් මා එක්ක...මොලයක් කියන දෙයක් ඇත්තටම නැද්ද ...ආ නිතේශ් .....හිටපන්කො.....හිටපන්කො...
එයා බනිනවා....මට පේන්නෙ එයා ශෙනෝන්ගෙ ගඩාපියට අන්තයි වගෙ.....එයා බැන බැන අහක බලන් උන්නා .....වෙන වෙලාවක නම් එයා මේ වෙනකොට කී පාරක් නම් ඉඹලද....ඒ ඔක්කොම මග නැවතුනා ... පාර පුරාවටම කහපාට ලයිට් එලි....වාහන වලින් පිරුන පාරට නිවනක් නැතිවෙනකොට මං එයා දිහා බැලුවා...තරහා ගියහම ඇස් කොන් රතු වෙන මගෙ විතේන් තවමත් පුපුරනවා...මම හිමීට මගෙ පිට අල්ලෙන් ඒ කම්මුල පිරිමැද්දා .....
මට තරහා ගියා තේශි....
ඉතින්...අඩන්නෙ ඇයි පන .....
නෑ...මම ..අඩන්නෙ..නෑ...මට....අනේ මන්දා....තේශි...දෙයක්...කියන්නම්...
අනේ...තරහ ගන්න එපා.....
උරව උරව උන්න සිගරට් එකේ අලු අවසානෙදි ඉබාගාතෙ වැටෙනකොට එයාගෙ ඇස් කදුලු වලට රතු කරල තිබුනා...එයාව අඩව අඩව තවත් යන්න හිතක් නැතිවෙනකොට මම කාර් එක නැවැත්තුවා නවත්තලා ඉබාගාතෙ ඇවිලෙන සිගරට් එක ඉල්ලන් එලියට දැම්මා....
මගෙ විතේන් ...
තේශි ...මට... ඊරිසියා හිතුනා...ටිකක් නෙවෙ ...නොසෑහෙන්න...මට වේදනාවක් දැනුනා...ටිකක් නෙවෙ නොසෑහෙන්න.....තරහා ගියා...ටිකක් නෙවෙ...නොසෑහෙන්න....ඒ වෙන මොකටවත්....නෙවෙ මගෙ සුදු අප්පො...මම ගේ උනාට...උඹ එහෙම නෙවෙ නිසා...මමයි උඹව මට ආදරේ කරන තැනට හරවගත්තෙ....මම උඹට පැලෙන්න ආදරේ කරනවා මගෙ නිතේශ් ....මම දන්නවා...මැනික...උඹත් මට ආදරෙයි කියලා ..ඒඋනත්...ඒ...උනත් මගෙ සුදු මහත්තයා ...උඹ...ගෑනියෙක්ට ආදරේ දුන්න කෙනෙක්....උඹ...ගෑනියෙක්ගෙ උනුසුම අදුනන කෙනෙක්.....එහෙම...උනාම....පිරිමි මගෙ පපුවට වඩා...ගෑනු පපුවක උනුසුම දැනෙන කෙනෙක්....මට....වේදනයි....බයයි.....
මගෙ මැනික.....
මම කතා කෙරුවා ...හුස්මක් නොගෙනම කියවන එයාගෙ කටට මම අත තිබ්බා...එයාගෙ වේදනාව සාදාරනයි.....එයාගෙ තරහව සාදාරනයි...මම ගේ නෙවෙ කියපු එක සාදාරනයි.....එයා බයයි ...මගෙ හිත ආයමත් ගෑනු හිතක් ගාව නවතී කියලා .....මම එයාට මැනික කිව්වා....වෙනදට මගෙ මැනික කියන එයා වෙනුවට මම අද මැනික කිව්වා.....
අප්පච්චි ....උඹට මාව විස්වාස නැතිද මගෙ විතේන් ...උඹට....තේරෙන්නෙ නැතිනම්....මගෙ පපුවට කන තියලා අහපන්....උඹ හරි.....උඹහරි....මම ගේ නෙවෙ....ඒ උනත්..මිනිස්සු ආදරෙ කරනකොට ආදරෙ දෙන්නෙ ඔය මොකුත් නොබලා නෙවෙ මගෙ විතේන්...දන්නවද පන....මට කවදාවත් ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුන් නෑ...මාව විස්වාස කරපන්...මගෙ විතේන්...මම සෙනාරිව මට නැති උන දුක දලදාහාමුදුරුවන්ට කිව්වා මිසක්කා...මට ඒකිව ඕනා කියන එක කවදාවත් කිව්වෙ නෑ...ඒ ඇයිද කියන්න මම දන්නෙ නෑ...ආදරේ නැතිව නෙවෙ...මම ආදරේ කෙරුවා ....ඒ උනත්...මම ඉල්ලුවෙ නෑ....ඒත්....උඹ දන්නවද මගෙ විතේන්.....කවදාවත් කිසිම දෙයක් නොයිල්ලපු මම උඹව ඉල්ලුවා.....මට උඹව දෙන්න කියලා ඉල්ලුවා...මොකද...මගෙ හුස්ම වැටෙන්නෙ උඹ හින්දා....උඹගෙ සුදු අප්පො ජීවත් වෙන්නෙ උඹ හින්දා මගෙවිතේන් ...උඹ ඊරිසියා කරපන්....තරහ ගනින්....රන්ඩු කරපන් ඇති තරම් ....ඒඋනත්.....මට ඒ හැමතැනකම පේන්නෙ උබේ ආදරේ විතරමයි මගෙ විතේන් ....
මම කතා කෙරුවා ....එයාගෙ මුන මගෙ අත් දෙකෙම්ම අල්ලගන කතා.කෙරුවා .....ඉස්සරහට එන වාහනවල ලයිට් එලි දහස් ගානක් වැදුනත් මම ඒ මූන මගෙ අත් දෙකෙම්ම අල්ලන් කතා කෙරුවා ....අඩපු ඒ ඇස් මගෙ ආදරේ හොයනකොට මම මට ජීවිතේ දුන්න විතෙන්ගෙ අඩපුඇස්වලට හාදුවක් තිබ්බා.....
මේ ලස්සන ඇස් දෙක අඩලා කැත කරගන්න එපා මගෙ පන...මන් ආස නෑ...මට ඕනෙ හිනාව විතරයි...මට ඕනා...මගෙ ආදරනීයම විතේන්ගෙ හිනාව විතරයි ...
මම එයාව සැනසෙව්වා....අපිව පහුකරන් යන වාහනවල කහ එලි වලට අපි දෙන්නව හැමෝම දකින්න ඇති...ඒඋනත්..මට ඕනා උනා...උන් දැකපු දෙන්...ඕන දෙයක් හිතපු දෙන්....මගෙ අකුලපු තටු දිගාරින්න....උන් තහනම් කරපු අහසෙ පියාඹන්න..උන් බලෙන් කූඩු කරපු මගෙ ජීවිතේ ආයම විදින්න.....ඒ වෙන කා එක්කවත් නෙවෙ....මගෙ ආදරනීයම විතේන් එක්ක විතරක්ම ...
මං එහෙම්මම අඩන එයාට හාදුවක් තිබ්බා ....එකක් දෙකක් නෙවෙ තුන හතරක්ම ....

මං උඹට මහගොඩක් ආදරෙයි මගෙ විතේන් ...මං එහෙම්ම එයාගෙ අත මගෙ අතට පටලව ගත්තා .....
අච්චර ලොකුවට අහස තියනකොට ....ඇයි උඹයි මායි බිම ඉදගන හූල්ලන්නෙ මගෙ විතේන් ....මං හුස්ම ගන්නෙ උඹ හින්දා .....

මට මමම වී ඉන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා
අපිම අපි වී ඉතින්..
නව ලොවක
මුල් අනු වෙන්න....
මිල නොවන පෙම් කවිය පබදින්න..
පිණි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න
මිහි කත මතින්
සිහිනෙ....සනහා...
කිරනින්....දැවෙනා .....!!
එයා එහෙම්ම මගෙ අත්ගොබේට කම්මුල හේත්තු කර ගත්තා ....පුරුදු විදිහටම එක අතක් මගෙ කලවය උඩ තියනකොට එතනින් එහාට මං ඒහිත වචනෙකින් වත් නොරිදෙන්න කතා නොකර උන්නා.....විනාඩි පහක්...දහයක් .....පස්සෙ එයා ආයම කෙලින් උනා...
ඇයි....??
ඔයාට අමාරුයිනෙ මැනික....
මං හිනා උනා ...අවසානෙදි ඒ මූනෙ ආයමත් හිනාවක් එක්ක මගෙ පරන විතේන් ඉපදිලා උන්නා.....ඒ එක්කම මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් වෙන්න ගත්තා...
විතේන් ....අනේ මගෙ ඵෝන් එක ගන්න.
එයා එහෙම්ම මගෙ සාක්කුවට අතදාලා ඵෝන් එක ගත්තා ...
කව්ද ..
හොර ගෑනි.....වීඩියෝ කෝල් එකක්...නොදැක ඉන්නම බෑ ඒකිට...
මට හිනා ගියා .එයා ඩියෝන්ට කිව්වෙම හොර ගෑනි කියලා .....ඒ අස්සෙන් ඒකිත් ලු....ඊරිසීයාවෙ පුපුරනවා....වෙලාවකට දරන්න අමාරු තරම් ආදරෙ දෙන වෙලාවකට හිතන්න බැරි තරම් ඉක්මනට කේන්ති යන.....වෙලාවකට ආයමත් මොකුත් නොවුනා වගෙ ඉන්න විතේන් කියන්නෙම හරි පුදුමාකාර චරිතයක් උනා.....ආදරනීයයි....වචනයේ පරිසමාප්තියෙන්ම ආදරනීයයි....
එයා ස්පීකර් ඔන් කෙරුවා ....
හලූ...නිතේ....ස්
නිතේශ් නෙවෙ විතේන්.....
ආ...හලූ....මේ....විතේන් අයියෙ....කෝ ඒයි අපේ නිතේස් .....
ඩ්‍රයිව් කරනවා...
මුකක්.....ඩ්‍රයිව් කරනවා...??
ම්ම්ම්ම් ඇයි.....
ඇයි අහන්නෙ...ඇයි අහන්නෙ....අසනීප දරුවටද ඩ්‍රයිව් කරන්න දුන්නෙ....ඈ විතේන් .....අපේ කොල්ලව ඩ්‍රයිවර් සීට් එකට දාලා ඔයා බිබික්කම වගේ ඉදන් එනවත ඒයි ඈ....
නෑ..නෑ. මමත් ඩ්‍රයිව් කරනකොට එයත් බිබික්කම වගෙ ඉදන් ආවා....
ම්හුක්....කෝ...කෝ...පෙන්නන්න බාන්න්න ....පෙන්නන්නකො....
මොනවද ...
මගෙ නිතේස්ව.....
ඔය ඉන්නෙ.....
ඔය ඉන්නෙ කිව්වට අතක් විතරනේ පේන්නෙ...අම්මො....විතේනයො...
පෙන්නපියකො අනෙ ...මට පේන් නෑනෙ..
හරිද ඔය ඉන්නෙ....
අනෙ අම්මෙ හරි....දැන් තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ...ඇයි අනේ ඉතින් මේ ළමයා ගෙදර ආවට ඔය දෙන්නා ගැනනෙ හිතන්නෙ....කොහොම එයිදෝ...කව්ද දන්නෙ...අපේ සෙනොන් නම් හරි හෙමින් එනවනෙ....අනික පාර ලෙස්සන සුලුයි කියලත් තිබ්බනෙ.....නිතේ....ස්...පයිස්සමින් ඒයි...දොයියමතක් හැදීගන එනව නම් විතේන්ට දෙන්න ඕනා ඈ...සුක්කානම....
හා..හා...මං දෙන්නම්....දැන් මොකද ගත්තෙ..
ආ...අමතක උනානෙ....තා...ටිකෙන්...අමතක වෙනවානෙ.....කොහෙද ඉතින්..මම දැන් කී දෙනෙක් ගැන නම් හිතන්න ඕනෙද...මට හරියට වැඩ....
අදත් බබ්බු බබ්බු පිජාම එක ඇදන් නත්තල් පප්පා තොප්පිය දාන් උන්න ගඩාපියා ඉවරයක් නැතිවම හැච හැච ගානකොට අපි දෙන්නා අහන් උන්නා...මහ අම්මන්ඩි වගේ වෙලාවකට ඉනට අතකුත් තියාගන ඒකා කියවනකොට වෙලාවකට උගෙ කුඩික්කි කට දිහා බලන් ඉන්න ආසා හිතුනා.....
නිතේස්...මං බඩ්ඩක් එව්වා බැලුවද .....
නෑ....
අයිචෝ....චෝ...චෝ....වස්සැප් එකට දැම්මෙ ඒයි බාන්නකො....අනේ...බාන්නකො....මේ දැම්ම..බාන්නකො...අපිට මගදි බබෙක් හම්බුනානෙ...
අරූ මොන බහුබූත කියවනවද කියන්න හොයා ගන්න බැරිවෙනකොට විතේන් ඌ ලයින් එකේ ඉන්නකොටම ඒකගෙ චැට් එකට ගියා.....



විතේන් අයියේ...දැක්කද....දැක්කද....අපේ බව් චුක්කව දැක්කද....
කොහෙන්ද මූව හොයා ගත්තෙ ....
යෝ.....මූ මූ කියන්න එපා ඒයි...කෙල්ලෙක්නෙ.....
හරි...කොහෙන්ද මේකිව හොයා ගත්තෙ....
යෝ...විතේන් ඇත්තමයි ඒයි.....ඔයාට නම් හිතක් පපුවක් ඇත්තෙම නෑ අප්පා...කෙලි පැටියගෙ මූන දිහා බලාගන ඒකි මේකි ගාන්න එපා ඒයි...හිත රිදෙනවනෙ ....
හා...හා....
ඒකට බලු පැටියෙක් හම්බවෙලා.....ඇබිත්තකට නැති බලු කික්කිව අත් දෙකෙම්ම වඩාගන මහ අම්මන්ඩි වගේ ඌව නලවනවා....
හරි දැන් නම මොකක්ද ඕකිගෙ...
යෝ...නිතේ.....ස්....මේ ඇත්තමයි නිතේස්..දැන් නම් මට හරියට තරහ යාගන එන්නෙ.....අපේ ලමයට ඒකි මේකි කියන් එන්න එපා හරිතේ....අනිකට කියලා කට ගත්තා විතරනේ..මේ ළමයි කියන දේ පොඩියක් වත් අහන් නෑනෙ අප්පා....මටම වද දෙනවා.....ම්හුක්
හා..හා...ඉතින්...ඔයාගෙ දුවගෙ නම මොකක්ද.....
අර බැලි කික්කිට ඕකි කිව්ව විතරයි වඩාගන උන්න බලු කික්කිගෙ කන් දෙකත් මූ අතින් වැහුවා...හරියටම ඇහෙයි කියලා වගේ...ඒ තරම්ම අම්මා...අද රෑට ඕකිට චුම්චුත් පොවයි...ඒ තරම් පොර ඕකා...
මම ආයම ඵෝන් එක දිහා බැලුවා....ඒකා බැල්ලි කික්කිව උඩ බෙලි අතට තියන් නලවනවා....මුගෙ පොඩි කමට නෙවෙ අම්මන්ඩි කම.....
හරි..දැන්...ඔයාගෙ ඔය චූටි දුවගෙ නම මොකක්ද.....
එයාගෙ නම....පලිගු මැනිකේ....
මො...මොකක්....කැහ්...කැහ්...පලිගු...
මැනිකේ...යකො...අත්තම්මගෙ නම නේද.....??
ඔව්....ඒ නාකි පාපිස්සගෙ නම හරියන්නෙම බැල්ලියකට තමා...තනිකරම කටු බැල්ලි වගේනේ...හැච හැච ගානවා...ඒ උනාටමගෙ පලිගුවව නම් මම ඔච්චර උද්දච්ච විදිහට හදන් නෑ....නේද පලිගුවෝ...අම්මියට බුරලා පෙන්න....කෝ...අම්මියට බුරලා පෙන්නන්න.....
මම විතේන් දිහා බලලලා ඔලුවට අත ගහගත්තා වගේම ඒකා අහක බලන් හිනා උනා ..අර ගඩාපි පැටියා එහෙම් පිටිම්ම බැල්ලි කික්කිට අත්තම්මගෙ නම දාලා තිබුනා ...පලිගු මැනිකෙ.....ඕක දැනගත්තොතින් එහෙම බැල්ලි කික්කිවත් ලිදට දායි ඒ තරම් එකෙක්....
නිතේ...ස්.....නිතේ ..ස්....හලූ...
ඇ....ඇයි....ඒ පාර මොකද ....
මං උන්නෙ නමෙ සිහියෙන් වෙනකොට අරු එහා පැත්තෙ ඉදන් මැරෙන්න හැදුවා ....
මේ ඒයි...මං ගත්තෙ බඩ්ඩක් කියන්න.....එනගමන් අපේ ලමයට බලු කුක්කු එකක් ගේනවද ..
ඇයි...ඔය අම්මා ගාව තියන ඒවා හරියන් නෑලුද....
මං ගාව කොහෙද ඒයි චුම්චු...කම්පැනිය විතරයි ප්‍රඩක්ට් එකක් නෑ....අනික මා ගාවත් දෙකයිනෙ ඒයි තියෙන්නෙ...එකක් අපේ සෙනෝන්ට....අනික අපෙ නිතේස්ට...
නෑ..නෑ...නිතේස්ට ඕන් නෑ චූටි මැනික.....ඌයිහ්...කොනිත්තන්නෙ.....මං ගාවත් ඔයිට වඩා ලොකු දෙකක් තියනවා මං ඒදෙක නිතේස්ට දෙන්නම්.....
මං විතේන්ව කෙනිත්තුවා.....කොච්චර කිව්වත් අහන් නැතිව එයා ආයම කට පුරාවටම ගඩාපි පැටියට චූටි මැනික කියනකොට මම එයාව කෙනිත්තුවා....
ඒ උනාට....නිතේස්ට ඕක පුරුදු නෑ.....මේ නිකන් ඉන්න ඒයි...මාව තරහ ගස්සන් නැතිව...මේ...විතේන් ...ඔයා මා එක්ක සෙල්ලන් නම් කරන් එන්න එපා හරිතේ.....මට දැන් මේ ළමයා ගැනත් හිතන්න තියනවා.....
ඉතින්.....?
ඉතින් කියන්නෙ...අනේ නිතේස්....බැනපිය මූට...ඩියෝන් බබාව
කේන්ති ගස්සනවට...
හරි..හරි...ඩියෝන් බබාව කේන්ති ගස්සනවට මම බනින්නම්කො....මට කියන්නකො කෝ දැන් ඔය දුවගෙ තත්තා....
තාත්තා නෙවෙ ඒයි ...තාත්තියා.....අපි ඉන්නෙ සිනමන් ගාඩින් එකෙ නේත....පොස් විදිහට කතා කරන්නකො ඒයි...
හා..හා....කෝ දැන් තාත්තියා....තාත්තියට හෙට පාන්දර යන්න තියන්වා නේද....
ඔව්...එයි ..පව් අප්පා.....දුකේ බෑ...මගෙ සෙනෝන් හරීයට මහන්සි වෙනවනෙ.....දැන් ඉති එයා මේ ළමයා ගැනත් හිතන්න එපැයිනෙ..කොහෙද ....අපිට පඩියක් වත් වැඩි කරලා දෙන්නෙ නෑනෙ...පව්..අහිංසකයා පොල් ගානවා...මට මේ ළමයා එක්ක බෑනෙ ඒයි...
හා...හා...අම්මෝ....හා...හරි අම්මා...හරි අමාරු ඇති....
මේ...විතේන් ඔයාට මොකත වෙලා තියෙන්නෙ ....මේ හැම වෙලේම අනන්මනම් කියන් එන්න එපා හරිතේ....සෙනෝන්...සෙනෝන්.....අනෙ...සෙනෝන්...බැනපිය මෙන්න මූට...
අරූ ශෙනෝන් ගැන දුකයි ගගා මැරෙන්න හැදුවට අවසානෙදි ඌ පොල්ගාන එක මං ලාවට වගෙ දැක්කා.....අරූ බැල්ලි කික්කිව රෙද්දකින් ඔතාගන හොලව හොලව එහා මෙහා වෙවි මොන මොනවදෝ කියෙව්වා ..
මේ නිතේශ් එනකොට එහෙනම් අපෙ ලමයට බලු කුක්කු එකක් ගේන්න මතක ඇතිව මාස දෙකයි කියන්න ඒයි....නැත්තන් කෙල්ලගෙ බඩ රිදේවි...අනික ඉතින් ඔය දෙන්නා අපෙ ලමයගෙ නැන්දයි මාමයිනෙ.....ඈ නැද්ද විතේන් ඈ ඒයි...
ඔව් ඔව්....නැන්දයි මාමයි තමයි දුවව පරිස්සම් කර ගන්න ...නැතිනම්බලු වෑන් වලින් අල්ලන් යයි...
අනෙ ඇත්තමයි විතේන් ඔයා නම් මහ පලිගුවෙක් කිසිම හිතක් පපුවක් නෑනෙ අම්මා පා....මේහ්...ඒක නෙවෙ නිතේස්...මේ ඔයාගෙ ගෙදරට කව්ද කට්ටියක් ආවා....ඔයා දන්නවනෙ ඒයි...මේ ළමයා කොයි වෙලෙත් හොද රේඩාර් එකෙන් ඉන්නෙ කියලා.....
කව්ද අවෙ.....??
ඔය ඔයාගෙ ගෑනිගෙ කම්පැනියෙන් කිව්වෙ.....
ඩියෝනයා....මෙන්න මෙගෙ ඇවිත් හාල්ටික හෝදපියකො...ඇත්තමයි පුක පුපුරන්න ගහනව ආ...රෑට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.....
ගඩාපියා ඒ අස්සෙන් පලි ගන්න පටන් අරන් තිබුනා ...හිනාව කාගන උනත් රවාගන ඉන්න විතේන් දිහා බල බල ඇස් කරකව කරකව උන්න ගඩාපියා විතේන්ට මගෙ ගෑනි කිව්වා වගේම පොල් ගගා උන්න ශෙනොන් මැරෙන්න හැදුවා ....
මේ ඒයි මං යනවා අනේ....අපේ ලමයගෙ තාත්තියට හරියට කේන්ති ගිහින් කොහෙද ඉතින් ඩියෝන් බබා බිබික්කම වගේ උන්නා මිසක් ගෙදර වැඩ කරේ නැනෙ....මං යනවා අනේ ...අමතක නොකර ලමයගෙ කිරි එක ගේන්න ඒයි ....පයිස්සමින් එන්න මගෙ නිතේස් ....පයිස්සමින් එන්න මගෙ විතේන් මේ ලමයට තරහා ගිහින් බැන්නට කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ....සුලගක් වගේ හැරගියත් ලෝකෙන් මගේ...ආයෙ....ත් ව්ව්ව්...
ඩියෝනයා....
මේ එනවා....එයි..මේ එනවා...අම්මෝ...මේ මිනිහෙක් එක්ක දීග ඇවිත් මම විදින දුකක් ...දෙයියනෙ කොහෙද ඉගන ගන්න කාලෙ මගුල් විසේ ගැහුවනෙ...
හෝදපිය මේ හාල් එක...
ඌයියා....ළමයා ඉන්න තැන ගහන්න එපා අප්පාවෙ....අම්මයි තාත්තයි රන්ඩුවෙනවා කියල හිතයි....ම්හුක්...!!!!
අනේ...අම්මෝ...තේශී.....වැස්සක් වැහැලා පෑව්ව වගෙ මැනික...
කෝල් එක කට් වෙනවා එක්කම මගෙ විතේන් ඔලුවට අත ගහගත්තා ...
මට ඕක දැන් අහලම පුරුදුයි .....
දැන් ඉතින් කරන්න දෙයක් නෑ ..ඕකා ලව්වා ගෙදර වැඩ කරවගන්න නම් ඔව්වා අහන් ඉන්නම එපැයිනෙ.....
මම හිනා උනා ....ඩියෝන්ගෙ හුරතලේ පිරුන මරකරච්චලේ අවසානෙදි නැතිව ගියා වගේම ඒකා ඉල්ලපු බලු කුක්කු එකයි පස්සෙ එවලා තිබුන මැසේජ් එකේ තිබ්බ බලු සෙරිලැක් එකයි ගත්තු අපි දෙන්නා ගෙදර එනකොට යන්තන් දහය උනා විතරමයි ..එය කිව්වා වගේම මගෙ කාර් එක ගෙනල්ලා තිබුනා...පල්ලැහැ තට්ටු දෙකම අන්දකාර වෙලා තිබුනත්.....සැලුන් එකෙ නම ගහපු බෝර්ඩ් එක ලයිට් එලියෙන් දිලිසුනා...උඩම තට්ටුවෙ මගෙ ගෙදර එකම ලයිට් එකක් වත් නැතිව තියනකොට ගඩාපියගෙ ගෙදර කහපාට ලයිට් හතර වටින්ම බැබලුනා...ඕකා කලුවරට බයයි....කට විතරයි .....
නි....තේ.....ස්....ඒ....ඒ....
වැටෙයි යකො...
අපි දෙන්නම එන්න හදනවත් එක්කම අරූ යටගිරියෙන් බෙරිහන් දෙනකොට මම නිකමට උඩ බැලුවා ජනෙල් පට්ටමක් උඩ ඉදගන කකුලකුත් එලියට දාන් උන්න ගඩාපියාව වැටෙන්න ගියා වගේම පහල උන්න මම බෙරිහන් දුන්නා...දැන් ඉතින් කන් දෙකට් සැනසීමක් නෑ.....
සුදු මහත්තයා ....
ම්ම්ම්ම් කියන්න පන....
ඔන්න දැම්ම කිව්වා....මට රෑට සැනසීමෙන් නිදා ගන්න ඕනා ඔය පොඩි ඇටයව නම් ගෙන්න එපා.....
මගෙ පනට තරහා ගිහින්.....
නෑ මැනික...මට හරි මහන්සී ...නින්දක් නෑනෙ...
මට දුක හිතුනා ලිෆ්ට් එකේ උන්න එය මහන්සී කියනකොට මම එයාගෙ ඉන වටේ අත දාලා මගෙ ගාවට අරගත්තා ...මට ඕනා උනෙ හාදුවක් දෙන්න උනත්.. හතරවෙනි තට්ටුවෙදි ටින් ගාන සද්දක් එක්ක දොර ඇරුනා වගේම ශෙනෝන්ගෙ ගේ කුරුලු පැටියා අපේ තට්ටුවට පියාඹලා විරිත්තන් උන්නා....
කම්...සා...හම්...මි.....දා.....!!!!

මේකා උගුර පාදලා දූවල ගිහින් දොර ගාව හිටගත්තා ...
අපේ සෙනෝන් කිව්වා අද ඉදන් ඔයත් අපේ නිතේස් එක්ක පවුල් කන්න එක වහලක් යටට එනවා කියලා ....අපිට ඉතින් පොල් ගෙඩියක් වත් බිදින්න කැත්තක් නෑනෙ ඒයි...
ආ ඒකට කමක් නෑ චූටි මැනික ....ඔයාව දැක්කා කියන්නෙ පොල් ගැහුවා වගෙ තමා....
නිකන් ඉන්න ඒයි ...ලැජ්ජ හිතෙනවා...පොඩ්ඩක් ඉන්න මේ ළමයා....සින්දුවක් පාඩම් කරන් ආව...
ආ...නැ...නෑ....ඩියෝන්...ඕන් නෑ...විතේන්ට මහන්සි කිව්වා....පව්නෙ....ඉතින්...මගෙ ඩියෝන් හොදයිනේ
ම්හුක්....අනේ...මහන්සි වෙලානෙ පාඩම් කෙරුවෙ....ඉස්කෝලෙදි වත් මෙච්චර උනන්දුවක් තිබ්බෙ නෑ.....
අරකා සාක්කුවෙ තිබුන කොලයක් බලලා ආයම සාක්කුවට දාන් අත් දෙකත් පිටි පස්සට කරන් දෙපැත්තට වැනෙන්න ගත්තා පිලිගැනීමෙ ගීතය අහන්න බලන් උන්න අපි දෙන්නගෙ ඇස්වලි පන ගිහින් උන්නා....
හා..හා...පටන් ගන්න.....
සාදරයෙන්....පිලි ගනිමු....
සාදරයෙන්....පිලි ගනිමු....
අප හදවත් තුල පිබී.....දුනූ...
බැති කුසුමන්....මල්ල්...පුදා.....
සාදරයෙන්....ඔබ...පිලි...ගනිමූ.....
අපේ....ලමා...ලෝකය....ජය ගන්නට...
කිරුලු...දරන්නට....අත්වැල...වන්නට....
සාදරයෙන්..නිතිනා....ම්ම්ම්ම්ම්.....මතක නෑනෙ ආ හරි.. හෝව්. ...
මෙච් මල් පිබිජේවා.....
සිච් චුල මෙච් මල් පිබිජේවා...
යෝ...යෝ....ඩියෝන්...ඇති...ඇති....
ලස්සනයි නේත අනෙ....ඩියෝන් බබාගෙ සින්දුව....ඕක අපි අපෙ ඉස්කෝලෙ වැසිකිලිය හදනකොට මුල්ගල තියන්න ආව ඇමතියව පිලිගන්නකොට කියපු සින්දුවක් අනේ....
අනේ....ඇත්තට...පුදුම ලස්සනක් චූටි මැනික...
චැම්කිව් ඒයි....ඩියෝන් බබා එතකොට උන්නෙ තුන වසර නිල්කටරොලු පන්‍තියෙ....
මං යටි තොල හපා ගත්තා ...මූ කියවනවා....කියවනවා ඉවරයක්ම නැති තැන අපි උගෙ සිංදුව අතිශයෝක්තියෙන් වර්නනා කෙරුවා වගේම මේකා කොන්දත් නමලා විතේන්ට දොර අරින්න කිව්වා ...දොර ඇරපු විතේන් මාව ගඩාපි පැටියා දාලා ගේ අස්සට ගියා විතරයි එයා බෙරිහන් දීගන එලියට ආවා අරු පැනලා දිව්වා .....මොක් හරි ජඩ වැඩක් කරලා ...
අනේහ්....තේශී....
ඇයි...විතේන් ...ඇයි....
මි..මිනි...යක්..මිනියක්.....
එයා ගොතගහනවා...එයාව එලියෙ තියපු මං අන්දකාර ගෙදර ලයිට් දාගන කාමරේට යනකොට මාවත් ගැස්සිලා ගියා.....
ඩියෝනයා....!!!

යක්ස කොල්ලා....මිනියක් ඔතලා වගෙ කොට්ට වලට රෙදි පොරෝලා තියනකොට අන්දකාරෙ ආව විතේන් බය වෙලා තිබ්බා...
ඩියෝන් බබා අනේ ආ ගාපන්කෝ...මං පාන්දර යන්නත් ඕනා....
අරූගෙ විකාර උන විතේන්වත් ඇදගන මම උන්ගෙම ගෙදර කන්න ගියා....බැල්ලි පැටියට ඒකගෙ අතේම නින්ද ගිහින් තිබුනා වගේම ශොනෝනයා අරූව මරන්න හැදුවා....මෙච්චර වෙලා විකාර නටපු ඩියෝනයට නිදිමත ගහලා තිබ්බා වගේම ඌ එක බත් කටක් කටේ එක පැත්තක තියන් නිදා වැටුනා.....
විතේන් ඇති තරන් බෙදන් කන්න ...
ශෙනෝන් විතේන් දිහා බලලා ඇති තරම් බෙදන් කන්න කියනකොට එයා බෝංචි ටිකක් ආයම දාගත්තා වගේම මන් තව බත් හැන්දක් බෙදා ගන්න යනකොටම මේසෙ උඩ තිබුන ඵෝන් එක රින්ග් උනා.....
කවද මැනික....
අන අන උන්න බත් කට එහෙම්ම පිගානෙම තියන කොට මගෙ මුන සුදු මැලි උනා...
වලව්වෙන් ...
ආන්ස්වර් කරන්න.....
එයා මගෙ කලවෙ උඩින් අත තියලා ආන්ස්වර් කරන්න කියනකොට මම ආන්ස්වර් කරා.....
සුදු මහත්තයා
අත්තම්මා.....
සුදු මහත්තයා අපි හෙට උදෙම්ම කොළඹ එනවා මේ පොඩීගෙ සාරි බලන්න....ඔහෙත් ඇවිත් යන්න එනවා....
මො...ක්..මෙහෙ.....??
ඔව්...ඔහෙ තමයි...
🙂ආය හෙට එන්නම්...
කතාව කියවපු හැමෝටම ස්තූතියි ගොඩාක් ....
මේ ළමයා ඔරෙන්ජන් ජූස් බොනවා...ඔයලමයිනුත් බොන්න....හරි රස්නෙයි.....🤭🤭🤭
මම
Ferdeesha ❤️💚😘 ....