තේශි....
ම්න්.....
හරිද ....
එයා මම ශීට් බෙල්ට් එක දාගන්නකන් බලන් උන්නා...මේක එයාගෙ එක....එතකොට මගෙ එක කෝ....
විතේන් ....
ම්ම්ම්....කියන්න
කෝ..මගෙ කාර් එක....
ආ...ඒක ඇවිත් මගෙ ස්ටාෆ් එකෙ ළමයෙක් අරන් ගියා ඊයෙ රෑම.....
එයා කාර් එක පාරට දාන්න දෙපැත්ත බල බල මට උත්තර බැන්දා.....පාරෙ වාහන එකා කාරෙට ...සමහරක් උන්ට යන්න පාර මදි උනා.....උන් කාගන යනවා පාරෙ ඉන්න අහින්සක උන් තෙමනවා....වැස්ස වැහැලා නෙස්ටමෝල්ට් පාට මඩවලවල් කට මට්ටන් වෙනකොට වාහනයක් එද්දි පාරෙ උන්න මිනිස්සු තාප්පවලට හේත්තු උනා....
විතේන් ....හෙමින් යමු.....පේමන්ට් එකෙ ඉන්න මිනිස්සු තවත් නානවා....
ආණ්ඩු කීයක් ආවත් වැඩක් නෑ...එකෙක්ට බැරි උනා හරිහමන් පාරක් හදන්න එන එන එකා පාර හදනවා ඌ යන්නත් කලින් පාර කැඩෙනවා.....නිකමට හිතපන් සුදු මහත්තයා වෙන රටවල ඉන්න මිනිස්සු විදින සැප එක්ක අපේ උන් කොච්චර පව්ද ....අද පාර කාපට් කරන් යනවා ඔන්න යකො සතියකින් වෝටර් බෝර්ඩ් එකෙන් එනවා බට ලයින් දානව....එදා කාලේ ඉදලම උනේ මිනිස්සුන්ව හූරන් කාපු එක ...මේ මිනිස්සුන්ට දැන් නෙවෙ තේශි මේවල බරපතල කම තේරෙන්නෙ තව ඉස්සරහට...අරක්කු කාරයොයි ගෑනු හොරුයි ඔක්කොම මන්ත්‍රීලා කරනවා බත් පැකට් එකටයි අරක්කු කාලටයි චන්දෙ විකුනනවා ...මේ රටෙ ඉන්න මිනිස්සු එක පැයකට වෙනරටක උන්නොත් තේරුම් ගනීවි උන්ව මුන් කොච්චර රවට්ටලද කියලා කාලකන්නි හුත්තලා...
විතේන්න්....
නෑ මැනික මට තරහා ගිහින් නෙවෙ ඉන්නෙ....
එයා කුනුහර්පයක් කිව්වා....අඩුම ගානෙ මං උන්නත් එයාට ඒක ගානක් නෑ වගෙ....එක අතකට තමුන්ගෙ උන් ඉස්සරහා මොකටද මවා පාන්නෙ....එයාට හරි ඉක්මනට හැගීම් වෙනස් කරන්න පුලුවන් ...කපපු රැවුල ආයම වැවීගන එනගමන් තිබුනා.... එයා කැප් එක හද හද බැන්නා...ඇත්ත...අපෙ රටෙ මිනිස්සු කොච්චර පව්ද ....අපි හම්බකරලා නඩත්තු කරන්නෙ කොහෙවත් යන හොරුන්ව වෙනකොට එයාගෙ කේන්තිය සාදාරනයි හිතුනා...එයා එහෙම්ම මගෙ අත උඩින් අත තිබ්බා ....ඊට පස්සෙ ඒ අත මගෙ අත එක්ක පටලව ගත්තා හැබැයි ඒ ඇස් තිබුනෙ පාරෙ මිසක් මගෙ ගාව නෙවෙ ....නෙස්ටමෝල්ට් පාට මඩවලවල්....දෙපැත්තෙ තිබුන කානු...වැහි කබාය දැම්මත් බාගෙට බාගයක් තෙමිලා උන්න බයික් කාරයො....වැහි කබායක් ගන්න වත් කමක් නැතිව ඉටිකොල බස්සන් යන බයිසිකල් පාගන නහර වැල් එලියර මතු උන වයසක උන්දලා...එයා ඒ හැමෝටම එයාව පහු කරන්න දුන්නා....ඉස්සර කරන්න පුලුවන් කම තිබුනත් එයා හෝන් නොකර යන්න දුන්නා.....සයිකල් මිනිස්සු අයිනෙන් යනකොට බයික් කාරයො වාහන අස්සෙන් අස්සෙන් දැම්මා....
කාටත් ඕනෙ වැස්සට කලින් ගෙදර යන්න මැනික....උඹ බලනවා ඇති ඇයි මට ඉස්සර කරන්න පුලුවන් කම තිබිලත් ඉස්සරකරන්නෙ නැත්තෙ කියලා...නිතේශ් ....ආයම වහීවි....නිකමට හිතපන් නිතේශ් .....අපි ඉන්නෙ ඇතුලක...ඒ මිනිස්සුන්ගෙ පිහිටට තිබුනෙ හෙල්මන්ට් එක....වැස්ස හැමෝටම සුන්දර නෑ මගෙ සුදු අප්පො..
මං උඹව තුරුල් කරන් උන්නා...අපි දෙන්නම වහින හැටි බලන් උන්නා...ඒ උනත්....තේශි...ඒ වහින වැස්සෙම වහලෙ හිල්වලින් පහලට ගලන වැහිවතුරෙන් බේරෙන්න කී දෙනක් පොර කනවා ඇතිද...
අපි හැමෝම මිනුස්සු උනාට....හැමෝටම එකම සැප සම්පත් නෑ මැනික.....
එයා කියවනවා..වෙලාවකට බනින එයා ආයම කියවනවා....එයාට තිබුනෙ හරි ලස්සන හදවතක්.....එයා වැස්ස ගැන කියනවා...මගෙ තේශී....මගෙ මැනික...සුදු අප්පො...සුදු මහත්තයා .....එයා කියන වචනයක් ගානෙම ඔතනින් එක නමක් කිව්වා.....තනි අතින් ස්ටියරින් වීල් එක අල්ලන් වෙලාවකට මගෙ කලවයක් උඩින් අත තියන වෙලාවට මගෙ අත එයාගෙ අතට පටලවගන්න විතේන් කියන මනුස්සයා මට හුගක් දේවල් කියල දෙනවා....සමහර විට...එයා මට කියලා දෙන්නෙ අහසෙ පාවෙන වලාකුලක් ගැන විතරක් වෙන්න පුලුවන් ...ඒ උනත්...එයා ඒ වලාකුලට ලොකු වටිනා කමක් දිලා කතා කෙරුවා.....
එයා ආයමත් සද්ද නැතිව ඩ්‍රයිව් කරන්න ගත්තා ....මගෙ කලවෙ උඩ තිබුන එයාගෙ අත හිමින් සීරුවෙ කකුල පිරිමැද්දා ...වෙලාවකට ඇගිලිවලින් තදකෙරුවා ....
සුදු මහත්තයා....
කියන්න පන....
පන්සලට යන්න ඕනෙද ....
එයා මගෙන් අහනව යන්න ඕනෙද කියලා හැබැයි...මම දන්නවා මටත් වඩා පන්සලට යන්න ඕනෙ එයාට කියලා...ඉතින් ඒ හිතේ තියන දේවල් දැනෙන කොට මම බෑ කියන්නෙ කොහොමද...මම දන්නවා...එයාට ඕන මලක් පහනක් පත්තු කරලා හුගාක් දේවල් නැතිව එකම එක දෙයක් ඉල්ලන්න....ඒ" මාව" විතේන් කියන ආදරනීයම මනුස්සයට ඕනා උනේ මේ නිතේශ්ව ඉල්ලන්න කියන එක මගෙ පපුවට දැනෙන කොට මම එයාට උත්තර බැන්දා....
යමු විතේන් ...
මගෙ බෝල ගෙඩිය...
එයා මගෙ කලවය මිරිකලා මගෙ බෝල ගෙඩිය කිව්වා...මං එහෙම්ම ශටර් එකෙන් එලිය බැලුවා....එයා හරි...කාර් එක ඇතුලෙ උන්න අපි දෙන්නා වැස්සෙ නොතෙමුනාට වැස්සෙ තෙමෙන මිනිස්සු ඉන්නවා...මීට කලින් තුරුල් වෙලා කිරි කෝපි එකක රස බැලුවට හැමෝටම වැස්ස අස්සෙ තුරුල් වෙලා කිරි කෝපි බොන්න වරම් තිබුන් නෑ.....
වලව්වෙ මැනිකෙලා ගරහන අඩු කුලේ පර හැත්ත හුස්මක් ගන්න විදින දහදුක බේබි හාමු වෙච්ච මම වලව් සදලු තලෙන් බිමට බැහැලා බලන් උන්නා ....
අප්පච්චි ....
මට මිමිනුනා....එයා කාර් එක පාර්ක් කරන්න තැනක් බල බල උන්නා වගේම මගෙ මූන දිහා නොබලා උනත් ආපිට උත්තර බැන්දා...වෙන කෙනෙක් නම් කවදාවත් එක තත්පරෙන් ආපිට උත්තර බදීවිද...
කියන්න තේශි අහන් ඉන්නෙ..
එක දවසක ඇස් පියාගන්න බව දැන දැනම මිනිස්සු මේ තරම් නැහෙන්නෙ ඇයි විතේන් ....
මැරෙනවා කියන එක දැන දැන උනත්...මිනිස්සුන්ට ඕනෙ එක දවසක් හරි හිනාවෙන්න නිතේශ් .....අතඇරෙන බව දැන දැනම මිනිස්සු අත් අල්ලගන්නවා නම්.....මැරෙන බව දැන දැන එකදවසක් හිනාවෙන්න නැහුනම මොකද තේශී.....


එයා මගෙන් ආපිට ප්‍රශ්නයක් අගනකොට මම එලියෙ ඉන්න මිනිස්සු දිහා බැලුවා ....අතපාන මිනිස්සු උන්නා.....කඩල ගොට්ටක් විකුනන් බඩ වියත රකින මිනිස්සු උන්නා...කවදා හරි දවසක හරියන්නම ඕනේ මේ වගෙ මිනිස්සුන්ට ...
නිතේශ් මෙහෙ එන්න මේක අන්දවන්න...
මේක....තවත් එකක් ...
එයාගෙ අතෙ තිබුනෙ ලා ක්‍රීම් පාට හූඩියක් වෙනකොට මං ඇස් ලොකු කරගත්තා ඕකත් ඇන්දොත් මාව පිටිමුට්ටයක් වගෙ පෙනේවි...
ඔව් තව එකක් තමා....වැහිපොද යයි..රෑට අසනීප වෙන්නද ....
මේක ඇති විතේන් ..
අනෙ නිතේශ් මේ මගෙන් කුනුහර්ප නාහා මේක අදිනවා ඕයි ...තමුසෙ මැරෙන්න වැටුනම දුක් විදින්නෙ මායි තමුසෙගෙ අප්පච්චි කොච්චර උනත් අර පොඩි ඇටයයි අනිත් එකයි ....
මම බබෙක් නෙවෙ විතේන්
නිතේශ් පරිස්සම් කරන්න ඕනෙ බබ්බුන්ව නෙවෙ...බබ්බුන්ට නෙවෙ ඕන එකෙක්ට ලෙඩ හැදෙනවා ඩොක්ටර් මට කිව්වා තමුසෙව පරිස්සම් කරගන්න කියලා ...ඒක නිසා මාව කේන්ති ගස්සවන්නෙ නැතිව මේක අදිනවා ...
එයා මට බලෙම්ම අර හූඩිය ඇන්දෙව්වා වගේම මගෙ කරුමෙට කිඹුහුමකුත් එවෙලෙම ගියා එකම එක තත්පරෙන් ආවේස වෙන විතේන් කියන්නෙම අහසක්. කොයි වෙලේ කොහොම වෙනස් වෙයිද කියන්න එයාවත් දන්නෙ නැතිව ඇති ....
මූන නරක් කරන් ඉන්න එපා මැනික.....ආදරේට මිසක් බනින්නෙ තරහට නෙවෙනෙ .....නිතේශ් බැන බැන හරි අපි පරිස්සම් කරන්නෙ අපිට වටින මිනිස්සුන්වනෙ...අනික....ඔයාට තවම හරියටම සනීප නෑනෙ.....
සමාවෙන්න ....
සමාව ඉල්ලන්න දෙයක් නෙවෙ සුදුමහත්තයා .....මං ආදරේ කරනකොට මට පුලුවන්ද උපරිම පරිස්සම් කරනවා නිතේශ් .....ඒක මගෙ හැටි ...
එයා මහ මිනිහා වගෙ මගෙ අවුල් උන කොන්ඩෙත් හදලා වට පිට බලලා ඇබිත්තන් හාදුවක් මගෙ කම්මුලට තිබ්බා...
"මැනික මගෙ...."
ඒ එයාගෙ ආදරනීයම වචන.....
වැහි මන්දාරම එක්ක නුවර අහස කලු වෙලා තියනකොට කහපාට ලයුට් එලි තිබුන දලදාව දිලිසුනා .....මාව ගිලගත්තු නුවර වැව අද උන්නෙ මාව අදුනන්නෙවත් නැති විදිහට වෙනකොට මං වැව දිහා බලන් උන්නා....
ඇයි අදත් පනින්න තැනක්ද හොයන්නෙ ....මෝඩ හාමුවා මගෙ....රූපෙ සම්පූරනම දිසානායක හාමුදුරුවන්ගෙ වගෙ ගිහින් මොලේ විතරක් වලව්වෙ පොඩි මැනිකේ මෝඩ අනීතගෙ වගේ වෙලා.....
එයා මට ඇනුම් පද කියනවා..මම හිනා උනා... අම්මට මෝඩ අනීතා කියන එක ඇගට පතට නොදැනී කියපු එයා කැප් එක ගලවලා දාලා කොන්ඩෙ හදනකොට මට එයාගෙ අකීකරු කොන්ඩෙ හදන්න ආසාවක් ආවා.....එ උනත්.....අපි ඉන්නෙ අමුතු ඇටේක...ආදරෙ කරන්න විදින්න නිදහසක් නෑ...කුලමලක්.....ඉස්සරහට දාන අමුතු ඇටේක.....ජාති බේදයක් ඉස්සරහට දාන අමුතු ඇටේක....ලිංගබේදයක් ඉස්සරහට දාන අමුතු ඇටේක වෙනකොට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන්න වෙන්නෙ කාටත් හොරෙන් වෙනකොට මම ඒ අහිංසක ආසාව හරිම අමාරුවෙන් යට කරගත්තා ...
එයා මල් ගන්නවා ...නිල්මානෙල් .....ඕලු.....ඒ ඇස්වල තිබුනෙ මොනවද කොයන්න මට හොයන්න අමාරු උනා....එයා තව ගන්නවා ....
මේ ඇතිද මැනික....
කාටත් නෑහෙන ගානට මැනික කියපු එයා මට මල් එක පෙන්නුවා....
ඇති ....
මට හුගක් වෙලා ප්‍රාර්තනා කරන්න ඕනා.....
එච්චර දේවල් තියනවද ඔයාට ප්‍රාර්තනා කරන්න ...
ම්න්....එකම දෙයක් තියනවා...හැබැයි....ඒ ප්‍රාර්තනාව හුගක් වෙලා යනකන් කරන්න ඕනා.....
මං බලන් උන්නා...එයා මල් පෙති ඇගිලි තුඩු වලින් අතගාලා ඉඹින්න හැදුවා ...
ඒ...ඒ.....එපා...එහෙම කරන්න....
ඇයි ඒ...හොද නැතිද....
ම්න්....හොද නෑ.....
දන්නෙ නෑනෙ ඉතින්....කොහෙද ඉතින් මට කවදාවත් බෞද්ද කෙනෙක් ඉදලම නෑනෙ.....
එයා කිව්වා එයාට කවදාවත් බෞද්ද කෙනෙක් ඉදලම නෑනෙ කියලා ...මගෙ හිත අහේතුවකට වේදනා දුන්නා...ඒ කියන්නෙ අදීශ් ක්‍රිස්ටියන් ...එතකොට ඒ දෙන්නා පල්ලි යන්න ඇති...ඒ දෙන්නම අර ඉටිපන්දම් පත්තු කරන්න ඇති.....අතීතය කියන්නෙ අතීතෙට උනත්....මට වේදනාවක් දැනුනා...මං හිතන්නෙ ඒක මට නෙවෙ....අපි හැමෝටම පොදු දෙයක් වෙන්න ඇති....
තේශි.....
ම්න්....
ඇයි මේ මුන අමුතු කරන්...??ආයමත් මොකක් හරි මනස්ගාතයක් හිතුවා නේද....යෝ.....මැනික...ඔච්චර ඊරිසියා කාරවෙන්න එපා මගෙ සුදු අප්පො...මං ඉතින් කිව්වෙ...
ඕන් නැ මට අහන්න....ඔයාට පුලුවන්ද ඔයාට මුලු ජීවිත කාලෙටම උන්නෙ මමම විතරයි කියල හිතන්න.....
එයා හිනා උනා....එයාට දැනෙන්න ඇති...ආදරේ කරන හැම කෙනාම....කරන්නෙ කලින් ආදරෙ කරපු කෙනා එක්ක ඊරිසියා කම් කරන එක වෙනකොට මම කෙරුවෙත් ඒ දේම උනා....මට දුකක් වගේම තේරුම් ගන්න බැරි වේදනාත්මක ඊරිසියාවක් දැනුනා වගේම එයා හිනා වෙලා මා දිහා බැලුවා....
මගෙ ජීවිතේ හැමදාටම උන්නෙ ඔයා විතරයි සුදු අප්පො.....
එයා මගෙ හිත හදන්න බොරු කියනකොට මම කරන්න දෙයක් නැති කමට හිනා උනා...ඒ උනත් ඒක බොරුවක්....ඒක මම දන්නවා..එයා දන්නවා.....
විතේන් ...
ඉස්සරහින් යන එය දිහා බලලා මම කතා කෙරුවා .....
.
කියන්න....
මට...සමාවෙන්න ....මට....
දලදාහාමුදුරුවො ඉස්සරහා පව් පුරවගන්න බෑමගෙ විතේන්....ඒ උනත්....මිනිස්සු හැටියට අපි අසරනයි....කූඩු වෙලා හැදුන මම හුගක්ම අසරනයි....උඹ මට මේ දෙන ආදරේම කලින් තව කෙනෙක්ට දුන්නා කියන එක මතක් වෙනකොට මට වේදනාවක් දැනුනා.....මම වැරදි....මම....වැරදි ...මට සමාවෙන්න .....
හැගීම් දැනීම් ගාව අපි හැමෝම අසරනයි තමයි නිතේශ් .....මම ඒක නොතේරෙන්න මෝඩයෙක් නෙවෙ...ඒක නොහිතා ඉන්න.....
එයා අවසානෙදි මමම පාරපු හිත හැදුවා...
තේශි ...කොහොමද ප්‍රාර්තනා කරන්නෙ...
එයා බුදුසාදු දිහා බලාගන මගෙන් අහනවා.....මං අත් දෙක තියන් ඉන්න විදිහටම අත් දෙකත් තියාගත්තා .....
ඇස් දෙක පියාගන ප්‍රාර්තනා කරන්න...
මම මිමිනුවා.....මම එයා එක්ක මල් පූජා කෙරුවා...ඒක හිතට කවදාවත් විස්තරක කරන්න පුලුවන් හැගීමක් නෙවෙ....මොන තරම් ඇවිලෙන හිතක් උනත් බුදුන් ගෙ ඇස් ඉස්සරහා නිවිලා යනවා.....ඒක අත්දුටුවයි...මල් සුවද ....හදුන් කූරුවල සුවද...දැල්වෙන පහනක එලිය..මේ හැමතැනකම තිබුනෙ මිනිස්සුන්ගෙ ප්රාර්තා වෙනකොට අත්දෙකම වැදන් බුදු සාදුගෙන් මාව ඉල්ලන " මගෙවිතේන්" දිහා මම බලන් උන්නා....ඇත්තටම මට එයා ගැන දරන්න අමාරු ලෝබ කමක් දැනුනා...
එයයි මගෙ ඇස්වල කදුලු පිහදැම්මෙ.....එයයි මගෙ රිදුන හිත ආයම හරි ගැස්සුවෙ ....කොටින්ම කියනව නම්.....මාව ආයම ඉපැද්දුවෙ වෙන කවුරුත්ම නෙවෙ මේ විතේන් කියන ආදරනීයම මනුස්සයා
කදුළු සුසුමන් පිරුණු නෙතු අග
සෙනෙහසින් මෘදු හාදු තවරා
නිවා දැමුවේ මගෙ තුන් සිත,
උර මඩලේ උණුසුම් හොවා
අයාලෙ ගිය සිතක් ඇත
නුඹ නමින් කවි ගී මුමුනනා,
පැමිණි දා නුඹ මගේ දිවියට
දැනුනි මට මා අහිමියි කියා
කියා ගනු බෑ හදෙහි ආලය
මෙපණයි නුඹ වෙනුවෙන් කියා
අකුරු අමුණා ලියමි පද වැල
හදගැස්මෙ රාවය ගලපලා
නොයමි උපමා කිරීමට නුඹ
හද තරු කිසිවකට මෙලොවෙ
සගවමි මුළු ලොවෙන් නුඹ මම
හොවාගන මගෙ පපු තුරේ
පුදා සුවදැති මල් මිටක් මම
දහසකුත් මල් ඇති පුදසුනේ
පහනෙමි මතු බවෙත් නුඹවම
සමිදු දළදා ඉදිරියේ.....!
(XZhan_1005 ගොඩක්ම ඉස්තූතියි නිතේශ්ගෙ ආදරේ වචන කෙරුවට.....❤️❤️❤️)
මම ඇස් පියා ගත්තා ....මට ඕන උනේ නිවිමක්...ඇවිලීමක් අපි කවදාවත් කොතනක වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ .....ඉතින්...ඉපදුන දා ඉදන් ඇවිලුන මම බුදු සාදු ඉස්සරහ නිවීමක් ඉල්ලුවා...ඒ වෙන මොකුත් නෙවෙ...මගෙ විතේන්ව...මොකද....විතේන් කියන්නෙම නිවීමක් වෙනකොට මම එයාව ප්‍රාර්තනා කෙරුවා....වෙලා ගිහින් හම්බ උනා උනත්...අවසානෙදි මේ ගිනි ගත්තු හිත් වෙනුවෙන් ආව විතේන් කියන්නෙම නිවිමක් වෙනකොට මම ප්‍රාර්තනා කෙරුවා .....
දලදා හාමුදුරුවනෙ...හැම දේම අතා අරින්න කියන ඔබවහන්සේ ගාවටම ඇවිත්...ඉල්ලන්නෙ ...අපි තවමත් මග හින්දයි අපෙ හාමුදුරුවනෙ....බැදීම් කියන්නෙම දුකක්....ඒ උනත්...අපි ජීවත් වෙන්නෙත් බැදීම් නිසා නෙවෙද අපෙ හාමුදුරුවනේ...මට ලෝකයක් තරමට ඉල්ලන්න දේවල් හුගක් නෑ....ඒ උනත්...ඔබවහන්සේ ඉස්සරහා මම ඉල්ලන එකම දෙ....මගෙ විතේන් ...මට "ලෝකයක් " තරම් වටිනවා අපෙ හාමුදුරුවනෙ...මට ඕන් මෙච්චරයි ....මෙච්චර කාලයක් ඇවිලුන මගෙ හිතට හීතලක් විතරයි....අඩපු ඇස්වලට නිවාඩුවක් විතරයි...මැනිකෙලාගෙන් අඩන්තේට්ටම් විදපු මට හුස්මක් විතරයි..මේ හැම දේම ආපිට කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම දෙන්න කෙනෙක් උන්නා නම්....ඒ මගෙ විතේන්මයි හාමුදුරුවනේ...
මම ඉල්ලුවා...මට ලෝකයක් හා සමාන දේකට උන්නෙ මගෙ විතේන් විතරක් වෙනකොට මම විතේන්ව ඉල්ලුවා...අවසානෙදි සෑහෙන්න වෙලාවකට පස්සෙ මම ඇස් අරිනකොට එයා මගෙ දිහා බලන් උන්නා.....
හරිද තේශි ...
ම්න්....
එතනින් පස්සෙ දලදාවෙන් එලියට එනකන් වත් අපි දෙන්නම කතා කෙරුවෙ නෑ....වැලි මලුවෙදි එයා මට ඉස්සරහින් ගියා ඒ අඩිපාර උඩ මම මගෙ අඩිය තිබ්බා....ඒක කියන්න නොතේරෙන හරිම ආදරනීය හැගීමක් වෙනකොට එයා මාව දැකලා ලාවට හිනා උනා.....
අදත් අතන ඉදගන්න ඕනෙද මැනික...
ම්න්.....
මම මිමිනුවා...මොකද...මට එයා එක්ක වරු ගානක් හරි...අනන්තය දිහා බලන් ඉන්න ඕනා උනා....වලාකුලු වලටත් එහා අනන්තය දිහා මට එයා එක්ක බලන් ඉන්න ඕනා උනා....නුවර අහසම අන්දකාර වෙලා....ඒ උනත් වලාකුලු තවමත් පෙනුනා.....
වැහි හීතල තවමත් තිබුනා....සිමෙන්ති ගල් බංකුවෙ සීතල තට්ටම්වලට දැනුනා...ආදරේ කරන අය තම තමන්ගෙම ලෝකවල එයාලා වෙනුවෙම්ම ඉඩක් හොයනකොට කාටත් හොරාවට අපේ අත් දෙකත් එකට පැටලුනා...කාටත් හොරාවට අපේ උරහිස් එකට ගෑවුනා ....මං දන්නවා...එයාට මගෙ උරහිස උඩින් ඔලුව තියන්න ඕනා.....
ඒත් මිනිස්සු...????කමක් නෑ...දැකපු දෙන්....බැනපු දෙන්....හරහපු දෙන්....ඒ උනත්...මට පුලුවන් ඇනුම්බැනුම් මැදම අපේ ලෝකේ දිහා එයා එක්ක බලන්න.....
අප්පච්චි .....
මම එයාට කත කෙරුවා .....මගෙ විතේන් කියනවා හා සමාන ආදරයක් "අප්පච්චි" කියන වචනෙ අස්සෙ තියනකොට මම කතා කෙරුවා...එයා මා දිහා බැලුවා...
මම මගෙ ඇස් වලින් මගෙ උරහිස තියාගන්නකොට නුවර වැව ලයිට් එලිවලින් දිලිසන්න ගත්තා ...

වලා තීරයෙන් එහා...
කොහේද ලෝකයක්....
සොයා ඇදෙන් පැතුම් බිගුම්
අපේම ලෝකයක්....
අපේම....ලෝකයක්...
තරංගයක් ලෙසින් නදී....
බිදී නොයන් සිතින්...
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්....
සෑහෙන්න වෙලාවක් යනකන් අපි දෙන්නා නුවර වැව දිහා බලන් උන්නා ....

මේ නුවර වැව ගාව හුග දෙනෙක්ගෙ මතක ඇති ....හුග දෙනෙක්ගෙ බොදවුන හීන ඇති....ගලින් ගල බැදපු බලාපොරොත්තු ඇති....ඈත පේන දලදාව දිහා බලන් කරපු ප්‍රාර්තනා ඇති...මේ නුවර වැව් පතුලෙම කොතනක හරි...ඇහැලේපොල කුමාරි හාමිගෙ අවසාන හුස්මත් තවම හිර වෙලා ඇති...

නුවර වැව රවුම කියන්නෙම මිනිස්සුන්ගෙ මතක හුගාක් පරිස්සම් කරන තැනක්ම වෙන්න ඇති. ...
සුදු අප්පො...
ම්න්...
අපි මොනවා හරි කමු මැනික .
මොනවද ...
මගෙ ඇස් දෙක දිලිසුනා ..මොකද එයා මට වීදි කෑමපුරුදු කෙරුවා.....එයා මට කඩචෝරු පුරුදු කෙරුවා ..
මොනවහරි ...මගෙ තේශි ආස මොනවටද...
අච්චාරු තියනවද ...
මෙවෙකෙ අච්චාරු ගිලින්න බෑ...
අනේ....ඒ ඇයි....
රෑට අච්චාරු කන්න හොද නෑ දරුවො බඩ රිදේවි ...
ඉතින් අපි අසමෝදගම් බොමුකො....
අකීකරු වෙන්න එපා තේශි...බෙහෙත් බොන්න ඕනානෙ....
මට ආයම අච්චාරු දොලදුකක් එනකොට එයා මට තරවටු කෙරුවා...එයා හරි ...ඒ උනත් . ....මගෙ හිත පිරිලා තියනවෙලාවෙ මට කන්න ඕනා උනා...
අර අතන මඥ්ඥොක්කා පතුරු බදිනවා ....ඕනෙද ...
එයා මට කෙරවක ජම්පර් එකක් එල්ලගත්තු කරත්තයක් තියන් උන්න මනුස්සයෙක් පෙන්නුවා.....
පැනි දාපුද??
අනෙ මන්දා....
මට ඕනෙ දැවිල්ල දෙයක්
එහෙනම් ගෙදර ගිහින් මිරිස් කුඩු ටිකක් කාපන්....
මන් හිනා උනා...හිටපු ගමන් එයා කියන කතා මගෙ මුනට හිනාවක් ගෙනාවා ...මගෙ නගයට තට්ටුවක් දාපු එයා මඥ්ඥොක්කා පතුරු ගේන්න යනකොට මං ඒ දිහා බලන් උන්නා....
"ඔයාට මේ තීරනෙ විතරමද මගෙ අයියෙ ගන්න පුලුවන් ....."
"මං...අසරනයි සුදු නෝනා...මං....අසරනයි මගෙ මැනිකේ...."
"මං...උඹව වෙන කෙනෙක්ගෙ වෙනවා බලන්නද මගෙ අයියෙ හීන මැව්වෙ....මෙච්චර ආදරෙ දුන්නෙ.....?"
"මෙ අහපන් මගෙ මැනිකේ...මට උඹව අරන් යන්න පුලුවන් ....එතනින් එහා උඹෙ දුප්පත් අම්මා තාත්තට වෙනදෙ හිතපන්..."
"ඇයි මගෙ අයියෙ දෙයියො අපිටම මෙහෙම කරන්නෙ....???"
මං අහන් උන්නා...මට ඉස්සරහින් තිබුන බෙංච් එකේ උන්න කෙල්ල කොල්ල අඩනවා....ඒ වේදනාව මටත් මගෙ පපුවටම දැනුනා ..මොකද මීට මාස ගානකට කලින්ම මමත් ඔය වගේම ඇඩුවා ....එතනදි දැනුන අසරනකම....මේ කොල්ලා අද විදවන තරමට මමත් එදා විදෙව්වා ...
ඇයි මගෙ මැනික අඩන්නෙ.....
මටත් නොදැනිම මගෙ ඇස්වලින් කදුලු වැටිලා තිබුනා ....එයාගෙ කටහඩ මගෙ ලන් ගාවින් ඇහෙනකොට මම හැරිලා බැලුවා ....මඥ්ඥොක්කා පතුරු වෙනුවට පරිප්පු වඩ ගොඩක් අතේ තියන් උන්න එයා මගෙ කදුලු දිහා බලන් ඉන්නකොට මං ඉක්මනට ඇස් දෙක පිහදගත්තා ...
එයාව මතක් වෙනවද ...
නෑ.....
එහෙනම්....
මට ඒ කොල්ලගෙ වේදනාව දැනුනා විතේන් ...එදා..මාත් ඔය විදිහටම අසරන උනා.....එදා...මාත්...ඔය විදිහට ඇඩුවා....කරගන්න දෙයක් නොතේරෙන තරමට අසරන උනා ...ඒක පපුවට ලොකු වේදනාවක් විතේන් ....
ම්ම්ම්ම්ම්...
මට නොදැනුනාට මගෙ ඇස්වලින් ආයම කදුලු කඩන් වැටුනා ....එයා අමාරුවෙන් හුස්ම අල්ලන මාගාවදි අදීශ්ව මතක් වෙලා අඩනවා හා සමානවම මේ කොල්ලා ඉස්සරහා මං අසරන උනා.....
සුදු අප්පො.....දන්නවද මගෙ මැනික...මැරෙන්න නම්....හුස්ම නවතින්නම ඕන් නෑ සුදු අප්පො....පැලෙන්න තරම් ආදරේ දීලා අතෑරලා දාපන් කියද්දි අතාරින්න වෙනකොට මිනිස්සු හුස්ම ගත්තා උනත් හිතින් මැරිලා ඉවරයි මගෙ නිතේශ් .....
එයා ලොකු හුස්මක් ගත්තා...අතේ තිබුන වඩමුල මගෙ අතට දුන්නා....
එයාව තවම මතක් වෙනවද නිතේශ් .....මම බනින් නෑ....මම...තරහා වෙන්නෙත් නෑ....අඩුම ගානෙ මම...ඒ ගෑනු ලමයට ඊරිසිය කරනෙත් නෑ.....
විතේන් .....
මට කියපන්.....නිතේශ් .....උඹට....තවම සෙනාරිව මතක් වෙනවද.....
නෑ මගෙ විතේන් ...ඉස්සර ගන්න හුස්මක් පාසාම මට මතක් උනා...ඇහිපිල්ලමක් ගහන වාරයක් ගානෙම මට ඒ මූන ඇදි ඇදි පෙනුනා....ඒ උනත්...අද...වෙනකොට ...
අද වෙනකොට මොනවද නිතේශ් .....
අදවෙනකොට ගන්න හුස්මක් ගානෙම ඉන්නෙ උඹයි විතේන් ඇහිපිල්ලමක් ගානෙම ඉන්නෙ උඹම විතරයි මගෙ විතේන් ....මේ හිතෙ කිසිම හිස් තැනක් නොතියම උඹ ඉන්නවා නම්....යන්න ගිය කෙනෙක්ට කොහෙන්ද තව ඉඩක් මගෙ විතේන්.....
මං එයාගෙ මූන මගෙ අත් දෙකෙම්ම අල්ලන් හිතේ හැගීම් අකුරු කරනකොට මං බලන් ඉන්නකොට ඒ ඇස් දෙක තෙත් උනා...
නිතේශ් .....
කියන්න ...
උඹට පුලුවන්ද හිතන්න....මමම විතරයි ඔය ජීවිතේ ඇතුලෙ සදහටම උන්නෙ කියලා මට කලින් කෙනෙක් උන්නෙ නෑ කියලා හිතන්න පුලුවන්ද ....
මීට ටික වෙලාවකට කලින්...මමම එයාගෙන් කරපු ඉල්ලීමම එයා මගෙන් කරනකොට මං මගෙ නලල එයාගෙ නලලට හේත්තු කෙරුවා ....
මගෙ ජීවිත කාලෙටම උන්න එකම කෙනා උඹ විතරමයි මගෙ විතේන් ....
මෙච්චර වෙලාම අඩ අඩ අදරෙ විරහව උහුලපු කෙල්ලයි කොල්ලයි ඒ සිමෙන්ති බන්කුවෙන් නැකිට්ටා ....මං බලන් ඉන්නකොටම කෙල්ල කොල්ලගෙ කකුල් අල්ලලා වැන්දා වගේම කොල්ලට වේදනාව දරන්න බැරි තැනමද කොහෙද නලලට අත තියා ගත්තා ....
"පරිස්සමින් ඉන්න තැනක ඉදපන් මගෙ අයියෙ....මන් කරපු එකම වරද අඩු කුලේක ඉපදිලා බේබි හාමු කෙනෙක්ට ආදරෙ කරපු එක මගෙ අයියෙ...."
ඒ වචන මගෙ පපුවට පිහිතුඩක් බස්සනවා හා සමානව ගිලා බහිනකොට මං බලාගන එයාගෙ ඇස් දෙක යන්න ගිය කෙල්ලගෙ පස්සෙන් ගියා.....
උන් ආදරේ කරන්න ඔඉන් කෙරුවට එකතු වෙන්න පින් කරලා නෑ තේශි.....

නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය...
අවසානෙදි කෙල්ල ආපිට හැරෙන් නැතිවම යන්න යනකොට කොල්ලා එහෙම්ම ගල් බංකුව උඩ වාඩි උනා.....ඌ සෑහෙන්න වෙලා උන්නා....සෑහෙන්න වෙලා බලන් ඉදලා අවසානෙදි සිහියක් පතක් නැති එකෙක් වගේ මිනිස්සු සිය ගානක් ගැවසෙන වැව රවුමෙ අවසිහියෙන් වගෙ මරලා දාපු ආදරේ වේදනාව එක්ක යන්න ගියා....
තවත් වලව්වක ප්‍රේමයෙ මලගමක්.....
සුදු අප්පො...
ම්ම්ම්ම්.....කියන්න පන....
මෙන්න උම්මලකඩයක්.....
ඒකෙ පොඩි.....

විරහ වේදනාව අවසානෙදි නන්නාදුනන දෙන්නා එක්ක යන්න යනකොට තවමත් උනුසුම් වඩමුල මගෙ කකුල් දෙක උඩ දිගෑරෙනකොට වඩයක් අස්සෙ තිබුන උම්මලකඩ කෑල්ල රත්තරන් කෑල්ලක් ගන්නවා වගේ එයා උඩට ඉස්සුවා ....
මේකට වඩා ලොකු කෑල්ලක් දැම්මොත් ඌ වඩයක් දාහක් කරයි....
ඔව්නේ අඩේ...
මොකක්....අනෙ යකො...මගෙ හාමු බිබික්කමා
මට හිනාගියා....මට එයා එක්ක ඉන්න හැම මොහොතක්ම හිතට ගෙනාවෙ සැහැල්ලුවක් වෙනකොට මට කටට එන වචනෙ බය නැතිව කියන්න පුලුවන් උනා....මන් එයාට අඩේ කියනකොට එයා මට කැත නැතිවම බිබික්කමා කිව්වා..
මට ඕන උනේ ආදරයක්....ඒ වගේම ජීවිතේ කියලා දෙන නිමල් කෙනෙක්....අද වෙනකොට මට නිමල් කෙනෙක් වගේම ආදරනීයම කෙනෙක් හම්බවෙලා තියනකොට මං කාටත් හොරෙමල්න් මගෙ අතේ තිබුන වඩ කෑල්ල ඒ කටට එබුව....
සුදු මැනික...තේශි අපි යමුද ....මං හෙට ඔෆිස් යන්නත් ඕනා...දැන් ඉතින් ඉස්සර වගෙ....මට මගෙ ඇදුම් මැදලා දෙන්න....එනකොට කෑම ටික හදලා තියන්න සර්වන්ට් කෙනෙක් නෑනෙ....
ඒ...ඇයි.....විතේන් ..
මං මන් මගෙ....අපාර්මන්ට් එකෙන් මාරු උනානෙ....
ඉතින්...කොහෙටද....සර්වන්ට්ව අරන් යන්න...එපැයිනෙ...
උඹ කියන්නෙ මට උඹගෙ ගෙදරට ගෑනු පරානයක් අරන් එන්න කියලද සර්වන්ට් කමට....??
මො..මොකක්...ඔයා...ඉන්නෙ...
නැතුව.....මං ඉන්නෙ මගෙ...මෝඩ හාමුවගෙ ගෙදර තමා...ආවෙ කොහොමද කින්ද මන්ද අහන්න එපා තේශි මං ඇවිත් මගෙ ඇදුම් පවා ඇරේන්ජ් කරලා ඉවරයි දැන් වරෙන් යන්න....
එයා කිව්වා ...එයා ඉන්නෙ මගෙ තැනලු...මෙච්චර ඉක්මනට ....සර්වන්ට් ව අයින් කෙරුවලු...ඒ ඇයි....
ඒහ්.....සර්වන්ට් ව අයින් කරෙ ඇයි...
ඒකි මගෙ හාමුවව රවට්ට ගනී කියලා බය හිතුනා ...
ආ...එහෙනම්...මගෙ විතේන් උඹම වැඩ කරගනින් පිරිමි සර්වන්ටලාව ගේන්නත් බෑ උන් උඹව රවට්ට ගනී.....
එතකොට...අපි කන්නෙ කොහොමද මැනික...
එයා ගෑනු පරානයක් එපා කියනකොට මම පිරිමි පරානයක් එපා කිව්වා...අවසානෙදි කන ප්‍රශ්නෙ උඩට මතු වෙනකොට අපි දෙන්නම මූනට මූන බලා ගත්තා ....
ඇයි....අපේ....ම්ඩියෝන්.....බබා ඉන්නෙ!!!!!
උඹගෙ හොර ගෑනි.....

ආදරනීය රීඩර්න්කෙනෙක්ගෙන් ලැබුන ආදරනීය තෑග්ගක්...ස්තූතියි නංගා ගොඩක්
අපෙ...විතේන් .....🤭
🙂ආය කොටසකින් එන්නම්...
මේලමයා බුජි.....ඔය ලමයිනුත් බුජිය ගන්න....
මම
Ferdeesha ❤️💚😘 ...