Cherreads

Chapter 29 - 29

මම ඵෝන් එක කනට තද කරගත්තා ....අත්තම්මලා මෙහෙ එනවලු.....මෙච්චර වෙලාම හිතේ තිබුන අර සතුට සැනසීම පෑල දොරින් පිට උනා වගේම වියලුන තුවාල කබලක් ආයම වටින් පිටින් කොනිති ගහනවා වගේ හැගීමක් දැනෙනකොට මම ඉදුල් අත පිටින්ම බැල්කනි එකට ගියා.....

අත්තම්මා ඔතන අම්මා ඉන්නවා නම් ඵෝන් එක දෙන්න....

මම අත්තම්මගෙන් අම්මව ඉල්ලුවාවගේම කිසිම තෙතමනයක් නැතිවම අම්මා කතා කෙරුවා ...

නිතේශ් .....අත්තම්මා කියපුදේ ඇහුනනෙ..?

අම්මා.....අඩුම ගානෙ...මට කොහොමද...උඹ හොදින්ද කෑවද බිව්වද පුතේ උඹ බෙහෙත් ටික වෙලාවට බිව්වද කියලා අහන්නවත් ඔය දිව නැවෙන්නෙ නැතිද අම්මෙ...මට අන දෙන්න විතරද ඔය දිව නැවෙන්නෙ.....

දවසක හවස් වරුවක ඩියෝන්ගෙ අම්මා ශෙනෝන්ට ආදරෙන් කතා කරපු හැටි මට මතක් වෙලා මගෙ පපුව පෑරුනා.....උන් මගෙන් පලිගන්නවා...වලව්වෙ පෙලවහට පයින් ඇනපු දා ඉදලා උන් මගෙන් පලි ගන්නවා....උන්ට ඕනෙ එකම පිරිමි පරානෙ මම මම කිය උනත් මාව පාගන්න වෙනකොට මම අම්මගෙන් ආපිට ප්‍රශ්නයක් ඇහුවා

නිතේශ් ...උඹලට අපි කියන දේ අහන්න බැරි නම්...එතනින් එහා මොකට අහනවද....අනික උඹට අපි කවුරුත් කිව්වෙ නෑ වැවට පනින්න කියලා...අපි උඹව වැවට තල්ලු කෙරුවෙත් නෑ.....වලව්වෙ හාමුලා දැනගත්තා නම් සීයා තාත්තට මූනක් දෙන්න හම්බෙන්නෙ නෑ...උඹලා ඔව්වා විහින් කරගත්තුවා නම්...තනියම විදවපන් නිතේශ්

මම කට පියන් අහන් උන්නා..මොකද කොච්චර නෑව්වත් උරා බහින්නෙම මඩට...කොච්චර මෙට්ටෙ උඩින් තිබ්බත් කූඩැල්ලා බඩ ගාන්නෙම වෙන අහකට වෙනකොට මම කට පියන් අහන් උන්නා.....ඒ වගෙම කොච්චර පින් කෙරුවත් වලව්වෙ මැනිකෙලා කෙරුවෙම පව් වැඩ ..මිනියක් මරන්න ඕන් නෑ උන් අපිව පන පිටින් මරනකොට දැනෙන වේදනාව මරන වේදනාව හා සමාන උනා....

කමක් නෑ...උඹලට ඕනෙ ඔය වලව්ව මත්තෙම්ම මැරිලා යන්නනෙ...ඒ විදිහටම උඹලා ඔක්කොම ඔය වලව්ව අස්සෙම මැරිලා පලයල්ලා.. උඹලගෙ මිනියක් කරගහන්නවත් බල්ලෙක්වත් නැතිවෙයි...අඩුම ගානෙ මම වත් උඹලගෙ මිනියට කර ගහන්න එන්නෙ නෑ

නිතේශ් ...කට පියාගනින් .....

මං කටපියා ගත්තු කාලෙ ඉවරයි අම්මෙ...මට කරන දේවල් වලට මම තවත් කටපියාගන්න ගියොත් මට අන්තීමට මාවත් නැතිවේවි.....මට ඉතුරුත් මම විතරයි ....තවත් නම් මම රූකඩයක් වෙන්නෙ නෑ...ඒවලින් වැඩක් නෑ....අත්තම්මා කිව්ව මෙහෙ එනවා කියලා ....

අපි බලමුකො නිතේශ් උඹේ නැටුම් කවදා වෙනකන්ද කියලා.....අත්තමා කිව්ව කතාව හරි...ඇවිල්ලා දවසක් දෙකක් ඉදලා යන්නෙ...ආව ගමන් යන්න බෑනෙ....

මෙහෙ ඇවිත් කොහෙ නවතින්නද...මෙහෙ කොහෙද ඉඩ...???අම්මා, අප්පච්චි ,පොඩි ,ලොකුඅම්මා, සීයා තාත්තා, අත්තම්මා මේ හැත්ත බුරුත්තම මෙහෙ කොහෙ ඉන්නද ...මේක අම්බලමක් ද ?

උඹගෙ ගෙදරට අපි එන්න අවසරගන්න ඕනෙ නෑනෙ නිතේශ් ඇයි අර මහ සාගරේ වගෙ පහල තට්ටුවක් තියෙන්නෙ ...අම්බලමක් කරගන්න ගියා ..මගෙ කටට හොද පද එනවා.....පහල තට්ටුව ලැහැස්ති කරනවා

පහල...පහල කොහෙ.....පහල තට්ටුවෙ ශෙනෝන්ලා ඉන්නවා ඒකෙ කොහෙ ඉන්නද ...පිස්සුද එහෙම

ආ...තාමත් ඒ රොඩියො දෙන්නා උඹෙන් කකා බිබී ඉන්නවද ආ නිතේශ් ....උන් දෙන්නා තවමත් ඔතන ලැගන් ඉන්නවද...ආ ඉන්න කියපන්...හෙට සීයා තාත්තා ආවම කනෙන් ඇදල එලියට දාන්න..නමනින්දාවෙ බෑ.....ආ නිතේශ් උඹ තවම උන් දෙන්නව ආශ්‍රෙ කරනවද.....පිරිමි පිරිමි ඉද්දකින් රොඩීන්ට ජාතක උන පර හැත්ත..

දෙයියන්ගෙ නාමෙට පින් අයිතිවෙයි ඔය කටේ සද්දෙ අඩු කරගන්නවද අම්මෙ...අම්මලා තවමත් වලව්වෙ රෙද්ද අස්සෙම රිංගන් ඉන්න....මොක්කුද අම්මෙ රොඩී කියන්නෙ ආ...මොක්කුද රොඩී කියන්නෙ පෙර පිනකට මැනිකෙක් වෙන්න වරම් තිබ්බත් ඊලග ආත්මෙ උඹලට අපායවත් නැති වෙයි අම්මෙ....අනික උන් දෙන්නා ඉන්නෙ උන්දෙන්නගෙ ගෙදර ...උන්ගෙ ගෙදරින් මම කොහොමද උන්ව එලවන්නෙ අනික මට පුලුවන් කමක් තිබුනත් මම එල්වන්නෙ නෑ...

මොකද අම්මලා ගරහන ඒ රොඩියො දෙන්නම තමයි මාව මැරෙන්න වැටිලා ඉන්නකොට බලාගත්තෙ අදටත් තම්බ තම්බ තුන්වේලම ගිල්ලවන්නෙ...උදේ නැකිටින්න කලින් කිරි එකක් හදලා මේසෙ උඩින් තියන්නෙ...ගමනක් යන්න කලින් පරිස්සමින් ගිහින් වරෙන් නිතේශ් කියන්නෙ...ගිහින් එනකනුත් උඹ කොහෙද ගගා හැටපාරක් කෝල් කරන්නෙ.... උන් දෙන්නා ගාව පොත පිරෙන්න සල්ලි නැතත් හිත පිරෙන්න මනුස්ස කම තියනවා.....

ඒකට අම්මලා...අම්මලා මට ගන්නෙ වාසියකට විතරයි ...අම්මලාට ඕනේ වලව්වෙ මාන්නෙ විතරයි..මට නම් දැන් වල්ලව්වම චී..හ් කියලා කියන්න හිතිලා තියෙන්නෙ.....කරුනාකරලා එනවා නම්..ආපු පයින්ම යන්න බලන් එන්න..මොකද මාත් දැන් රොඩියෙක් වෙලා ඉවරයි.....මගෙන් පරන නිතේශ්ව හොයන්න හදන්න එපා... මට මාව වටිනව ඔය වලව් මාන්නෙට වඩා මට දැන් ඔය නැමි පනාව ගහපු හුත්තලාව වහ කදුරු වෙලා...ඇයි අම්මෙ මට මෙහෙම කරන්නෙ ...බොන්න දුන්න කිරිවල නයද මේ රිදව රිදව ගන්නෙ??

නිතේශ් .....

මම තියනවා.....

මම එතනින් එහා වචනයක් කියන්න නොදි කට් කරලා දැම්මා...මට කුනුහර්පයක් කිය උනා.....කවදාවත් වලව්වෙන් පිටත ඇහෙන කතා නොකරපු මම අද අම්මගෙ මුනටම කුනුහර්පයක් අතෑරලා තිබ්බා.....මට වේදනයි.....

මට කියන්න මම අසාදාරනද ...අවුරුදු තිහක් යනකන් මෙලෝපන් හසරක් නොදැන අනුන්ගෙ පදේකට ජීවත් උන මට තටු දිගාරින්න හදනකොටම ආය ආයම ඒ තටු කපන්න හදනකොට මම චන්ඩ වෙන එක අසාදරනද...අපි කවදාවත් හිතලා අම්මාගෙ බඩට එන්නෙ නෑනෙ....උන්ම අපිව ගෙන්නගන කිරි බීපු නයට මෙච්චර වද දෙනකොට මොන වේදනාවක්ද.....මම දෙවියන්ගෙම්ම ඉල්ලුවා මට කවදාවත් ආයම අනීතා මැනිකෙව මේ සසරෙ කොතනකමවත් මුන ගස්සවන්න එපා කියලා ..මම ණයක් පියවන්න ඇති....ඒකයි මෙච්චර දුක් කදක් දෙන්නෙ...

ඇයි අම්මෙ අතෑරුන මගුලක් වෙනුවෙන් මේ තරම් පන්න පන්න පලි ගන්නෙ.....මටවඩා වලව්වෙ මාන්නෙ ලොකු උනාද...මම ප්‍රාර්තනා කරන්නෙ මෙච්චරයි ම්ම උඹට ගෙවන්න තියන ණය ඉක්මනිම්ම ගෙවෙන්න කියලා විතරමයි...මොකද උඹ මට වේදනා දෙනවා නොසෑහෙන්න.....

විදිනෙමි නුඹ කුසින් මෙලොවට

බිහිවූ පවට

වදිනෙමි කිරි පොවා ඇති දැඩි කල

පිනට

අයදිමි බිදක් සෙනෙහස ලෙස

සිගමනට

නොපතමි මව්නි නුඹ කිසිදා

සසර මග...

(XZhan_1005 ස්තූතියි හදවතිම්ම ගොඩක්ම ගොඩක්

ඔයාගෙ මහන්සියට.....❤️❤️❤️)

නිකල් වැට අත්දෙකෙම්ම මිරිකගත්තා ....

නිතේශ් .....

මං පිටිපස්ස හැරිලා බැලුවා ...එතන උන්නෙ ශෙනෝන්...උරහිස උඩම නින්ද ගිය ගඩාපි පැටියගෙ කකුල් දෙක එල්ලෙනකොට ඌ තවමත් ඒකගෙ පිටට තට්ටුකරනවා ....වලව්වෙ මැනිකෙලා ගරහන රොඩියො දෙන්නා ගාව තියන ආදරේ තරම කවදාවත් උන්ගෙ ඇස්වලට පෙනුන් නෑ ..ශෙනෝන් මගෙ විතේන් වගෙ...ආදරේ දෙන්නෙ දරුවෙක්ට වගේ...මං ශෙනෝන් දිහාබලන් උන්නා, මං දන්නවා අනිවාර්යයෙන්ම ඇහෙන්න ඇති...

නිතේශ් ....මං ඩියෝන්ව අරන් යන්නම්.....

කොහෙ යන්නද...මොංගල්ද උඹට?

උඹට....අපි හින්දා කනක් ඇහෙන්න බැරිවේවි නිතේශ් ...උඹ දන්නවා ඩියෝන් මටත් වඩා වෙලාවකට උඹට ආදරෙයි ....ඌ හොයන්නෙ ආදරේ ඌට උඹව දක්කිනෙ නැතිව ඉන්න බෑ.....උඹම දකිනවා උඹට අසනීප උනාම ඌට හැදෙන පිස්සුව....මට බෑ මගෙ කොල්ලගෙ ඇස්වලට කදුලු ගේන්න...උඹලට අපිව පෑහෙන්නෙ නෑ කියන එක මට දරන්න පුලුවන් උනාට ඩියෝන්ට බෑ... .ඌ හෙටත් උඹව හොයන් ඇවිත් උඹලගෙ මිනිස්සු අහස පොලව නූහුලන කතා කිව්වොත්...උගෙ පොඩි හිතට දරන්න අමාරුවෙයි....උඹලගෙ අත්තම්මලා උගෙ මුනට කියපු කරපුවා මට අමතක නෑ...ඌට අමතකත් නෑ...එහෙම එකේ...

මට....මට...සමාවෙයන් ශෙනෝන්....මට...සමාවෙයන් ....බන්...

උඹ සමාව ඉල්ලන්න උඹ වරදක් කරලා නෑනෙ .. .වැරද්දක් කරලා තියෙන්නෙ අපි බන්...අපෙ දෙමව්පියන්ට තිබුනා හොද කුලේක ඉපදෙන්න එහෙම උනානම්...අපිටත් උඹලා එක්ක එක පුටුවෙ ඉදගන්න තිබ්බා...උඹලා බොන වතුර වීදුරුවලම බොන්න තිබ්බා .....උඹල කන පතේම අපිටත් කන්න තිබ්බා...කෙරුමෙට අපි රොඩියො වෙලානෙ....

ශෙනෝන් නවත්තපන් ශෙනෝන්...මං කවදාවත් උඹට වෙනසක් කරලා නෑ...කරන්නෙත් නෑ..මෙච්චර කල් මට උන්නෙ උඹලා මිසක්වෙන කවුරුත් නෙවෙනෙ....කරුනාකරලා හෙට යන ගමන යමන්...ඒ වැඩෙ ලස්සනට කරපන්...මට සතපහක් වත් එපා...සම්පූරනම ගාන උඹ ගනින්...මං ඩියෝන්ව බලා ගන්නම්...මම ඌව බලාගන නැතුව නෙවෙනෙ....තව දුරටත් මම ඔලුව පාත් කරන් උන්නොත් මට වෙන්නෙ මේපාර මහ මූදට පනින්න...

මං හිතේ ආවෙගෙටම කියාගන කියාගන යනකොට චුට්ටක් කෙදිරි ගාපු ඩියෝන්ව උස්සන් ශෙනෝන් යන්න ගියා....මගෙ අතේ ඉදුල් අතටම වේලෙනකොට බඩගින්නෙ උන්න මට සැනසීමෙන් කන බත් පතවත් කන්න නැති උනා ..මං නම් මොකක් හරි ලොකු පවක් කරලා තියනවා.....

සුදු මහත්තයා .....

ඒ එයා...මගෙ වම්පැත්තෙන් ඇවිත් හිටගත්තු එයාගෙ අතෙ බත් පිගානක් තිබුනා...එයා බත් කටක් ඒ දිගැටි ඇගිලි වලින් අනලා මගෙ කටට ලන් කරනකොට මං එපා කියලා කටින් නොකියා අහක බලා ගත්තා ....

අනුන් එක්ක තියන තරහවට තමන්ගෙන් පලි ගන්න එපා සුදු අප්පො....එදා වලව්වෙ වෙනස්කම් උහුලන නිමල්ලාට කන්න බත් කටක් නැතිව උන් කෑවෙ රොටි....සුදු අප්පො...මිනිස්සු ඕන තරම් පෝස්ට් දානවා ජීවිතේ විදින්න නම් ඉගුරු තේ එකයි රොටියකුයි තියෙන්නම ඕනා කියලා ...උන් ඉදලා හිටලා රොටියක් ගිලලා රොටියෙ ගුන කිව්වට....බත් කටක් කන්න පින් නැති උන නිමල්ලාගෙ පන්තියෙ අයට ජීවිතේ විදින්න නෙවෙ ජීවිතේ ගැටගහගනයි සුදු අප්පො රොටියක් ඕනෙ.....

මේ එක බත් කටක තියන හාල් ඇටයක් ගන්න ගොවියා විදින දුක කවදාවත් කවුරුත් දකින් නෑ මගෙ තේශි ... ..උඹම දැකලා ඇති...හේන්වල මිනිස්සු කට්ට අව්වෙ මැරීගන...අලි එනකොට අලි එලව එලව....වතුර නැති කාලෙට හූල්ල හුල්ල...උන්ගෙ මුලු ජීවිතෙන් බාගයක්ම හේනට දිය කරලා අවසානෙදි ලොරියට පටවන එලෝලු මිටිය වෙළෙන්දා කුනු කොල්ලෙට අරන් යනවා....මිනිස්සු සුපර්මාකට් එකට ගිහින් ගහලා තියන ගානට ගන්නවා මිසක්කා කවදාවත් අඩු කරන්න කියලා කැශියර් එක ගාවදි කියන්න් නෑ...ඒ උනාට මැනික පේමට් එකේ දෙහි ටිකක් ගෝනියක දාන් ඇස්වලින් පන ගියපු වයසක උන්දගෙන් දෙහි ගොඩක් ගන්නකොට කුනු කොල්ලෙට ගන්න බලනවා.....

අපේ රටේ වැඩි හරියක් ඉන්නෙ නිමල්ලා.....උන්ගෙ මහන්සිය මේ තියෙන්නෙ...උන් උඹට දෙස් තිබ්බත් කාලා බීලා ඉන්නෙ.....බැනුම් අහපු උඹ අවසානෙදි හිතේ ගින්දරයි බඩෙ ගින්දරයි දෙකම උහුලනවා.....උඹට අසනීප උනාම විදවන්නෙ මම...උඹගෙ අප්පච්චි .....අරුන් දෙන්නා....

මගෙ තේශි...මේ ලෝකෙ මිනිස්සුන්ට හොයා ගන්න අමාරුම දේවල් දෙකක් තියනවා...එකක් අවංක ආදරයක් ...දෙක අවංක යාලුවෙක් ...උඹට ඒ දෙකම තියනවා තේශි .....අපි ඉන්නවනෙ....ඒක නිසා දැන් කාපන්...උඹ බඩගින්නෙ ඉන්නකොට මගෙයි බඩ පපුව දන්නෙ .....මෙතන තියන්නෙ නිමල්ලගෙ පන්තියෙ මිනිස්සුන්ගෙ මහන්සිය.....උඹ සුදු අප්පො නම්..මම නේද මැනික නිමල්....ඒක නිසා ආ ගාපන්...

මම අහන් උන්නා...දෙවියනේ මනුස්සයෙක් කොහොමද මෙච්චර ආදරේ බෙදන්න දන්නෙ...මගෙ විතෙන් ...ඇත්තටම මට දෙවියො දීපු වටිනම තෑග්ගක් වගේ....එයා තවමත් අනපු බත් කට මගෙ පැත්තට අල්ලන් උන්නා...මම එහෙම්ම එයාගෙ නලලට හාදුවක් තිබ්බා..මොකද....ඒ ආදරේට පෙරලා ආදරේ දැනෙන්න නොදුන්නොත්....ඇත්තෙම්ම මම ආත්මාර්තකාමියි....

.මගෙ විතේන් ...උඹ කොහොමද පන මෙච්චරම ලස්සනට ආදරෙ බෙදන්න ඉගන ගත්තෙ . ....

බත් කට එක පැත්තක තියන් මම ඒ ඇස් දෙක දිහා බලන් මුමුනනකොට එයා හිනා උනා ඒ හිනාව බලන් ඉන්න තරම් ලස්සනයි....ඇත්තටම මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනේ මගෙ විතේන් කෙනෙක්....ඇවිලෙන හැම හිතකටම ලැබෙන්න ඕනෙ විතේන් කෙනෙක්....මොකද මැරිලා ගිය ගහක් උනත් මගෙ විතේන්ගෙ ආදරේ එක්ක ආයම පන ගහනවා.....මගෙ විතේන් කියන්නෙම මට හම්බ උන වටිනාම තෑග්ගක් ...විතේන් කියන්නෙම නිවීමක්...මං හැමදාම ඒක කියනවා ....

එයා බත් කටෙන් කට අන අන මට ලන් කරනකොට මම ඒ හැම එකටම කට ඇරියා.. .....ඒ හැම කටක් අස්සෙම එයාගෙ ආදරෙ පිරිලා තිබුනා...

විතේන්.....

කියන්න සුදුමහත්තයා ...

උඹ දන්නවද රත්තරන් ..මම විනාඩි ගානක්....අත් දෙක වැදගන උඹව ඉල්ලුවා ..ජාති ජාතිත්...උඹව මට දෙන්න කියලා ඉල්ලුවා ....

ඒත්.....මන් තව දෙයක් මට එපා කිව්වා ....ඒ වෙන කවුරුත් නෙවෙ මගෙ අම්මව....ආයම ඉපදීමක් තිබුනොත්.....මට කිසිම තැනකදි මගෙ අම්මව එපා කිව්වා ...එක බඩවැල කඩන් නාවත් ....අම්මෙ දෙපැත්තෙ එල්ලිලා මමයි සුදුයි කිරි බිව්වා.....ඒ උනත්....අම්මා.....වැඩක් නෑ විතේන් මගෙ අම්මා අම්මෙක් විදිහට....අම්මෙක් වෙන්න සුදුසු නෑ ...ගෑනියෙක් විදිහට සාර්තක නෑ...මගෙ අප්පච්චිත් නිතේශ් කෙනෙක්... අප්පච්චි අම්මා හින්දා අවසානෙදි කදුලු බිව්ව.....අදටත් බොනවා...මගෙ හිත කොයිතරම් හදන්න හැදුවත්....අප්පච්චි අම්මාගෙන් කවදාවත් සතුටක් ආදරයක් ලබල නැතිව ඇති විතේන් ....

මගෙ අප්පච්චිගෙ එකම සැනසීම මම..

හරිටයටම මගෙ එකම සැනසීම උඹ වගෙ මගෙ විතේන් .....මට ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි මට උඹට පුලුවන් නම්....ඉපදෙන හැම තැනකම මගෙ වෙයන්.....

බත් පතේ අවසානම බත් කටත් මට කවපු එයා මගෙ කම්මුලට හාදුවක් තිබ්බා වගේම මගෙ ඇගට හේත්තු වෙනකොට මං මගෙ එක අතක් ඒ බදවටේ ඔතා ගත්තා ...

මං පොරොන්දු වෙනවා මගෙ තේශි.....

මාරුතකය ඔබ

පැටලී ආවද

මේ වාරෙ....

සංසාරෙ අල්ලාගන යන්නට

අත මාගෙ...ම්

ඔබ කොයි කාලෙ කාටවත්

බැහැ දෙන්නට මොහොතකටවත්

ඔය අල්ලාගත් අත

පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින්...

ගැහෙන මගෙ පපුව පුරා.....

වැටෙන මගෙ හුස්ම ඔයා..

ටික වෙලාවක් යනකන් එයාව තුරුල් කරන් උන්න මම අවසානෙදි ඇතුලට ඇවිත් වේලිලා ගියපු ඉදුල් අතත් හෝදගන එහෙම්ම ශෙනෝන්ලගෙ කාමරේට ගියා...ශෙනෝන් හෙට යන්න ඇදුම් ලැහැස්ති කරන ගමන් උන්නා වගේම ඩියෝනයට හොදටම නින්ද ගිහින් තිබ්බා....විසි හතර පැයම එක දිගට නිතේස් ..නිතේස් ගගා නහින්න හදන ඒකගෙ ඇබිත්තන් කුඩික්කි කට උල් වෙලා තියනකොට බැලි කික්කි ඇද උඩ එහා මෙහා ඇවිද්දා වගේම ඒකි අඩන්න ගත්තා ..

යෝ....ආයෙත් චූ දාන්නද....

ඇබිත්තන් සයිස් බැල්ලි පැටියට අරූ කිරි පොවලා පොවලා චූටි බඩ කලයක් වෙලා තියනකොට ඒකි ඇද ඉඹ ඉඹ කෙදිරි ගානකොට ඇදුම් හද හද උන්න ශෙනෝන් ඩියෝන්ට නෑහෙන්න උන්ගෙ දුවට සද්දයක් දැම්මා....

අනෙ නිතේශයා මෙන්න මේකිව පොඩ්ඩක් අරන් ගිහින් බාතෲම් එකෙන් තියපන්.....අර ගඩාපියා මේකට කිරි පොවලා පොවලා ....හැබැයි පලිගුවො රෑට නම් හුචු හුචු ගාලා කාමරේ චූ දැම්මොත් අම්මා නැකිටින්න කලින් තාත්තා අතින් ඔය චූටි බිබික්කම ලෙප්ට් වෙයි ආ..

ඉදකින් උඹ බැල්ලි පැටියට කියන කතා..මෙහෙ එන්න මගෙ චූටි මැනික

ජීවිතෙ කිසිම දවසක ආසාවට බලු කුක්කෙක් තියා පූස් පැටියෙක් වත් ඉදපු නැති මං පාරෙ අතරමන් කරලා ගිය ඇබිත්තන් චාලිව අතට ගත්තා මිනිස්සු ටීවි එකේ උන්න චාලි ගැන පත හෑලි ලිව්වට පාරෙත් ඕන තරම් චාලිලා ඉන්නවා උන් නොදැක්කට....පාරෙ ඉන්න චාලිට වඩා.....ටීවි එකෙ උන්න චාලිට මිනිස්සු ආදරේ කරන්න එකම හේතුව ටීවි එකෙ උන්න චාලි කුලවත්....පාරෙ චාලි දඩාවතේ....එතනත් කුල මල...

....පලිගු මැනිකෙ...ඇබිත්තන් තෙත නහය.. තවම දතක් වත් මතු නොවුන කටෙ කිරි සුවද උතුරන්න තිබුනා....අත්තම්මා නම් කවදාවත් පලිගුවක් තියා තඹ තහඩු කෑල්ලක් තරම් වත් දිලිසුන් නැති උනත් ගඩාපි පැටියගෙ පලිගු මැනිකෙගෙ ඇස් දෙක නම් පලිගුවක් තරම් දිලිසුනා...ඒක හුරතලේ උතුරන වස්තුවක්.....

අනේ....තේශි.....අර....ඒකි අර ඇබිත්තන් නැට්ට වනනවා...

අතට අහු නොවුන චූටි අත දෙකට යටින් අත් දෙක දාලා ඒකිව උස්සන් මන් බාතෲම් එකට යනකොට බැල්ලි පැටියා ඇහැට පේන්නෙ නැති නැට්ට වන වන ඔලුවත් තට්ටෙ කරන් මාව ඉවකරන්න,වගේම ඒකගෙ දතක් වත් මතු නොවුන චූටි කටෙන් හපන්න හැදුවා .....

ආ...මෙන්න මෙතනින් චූ දාන්න...අම්මියා කුක්කු පොවලා නේද බඩ පැලෙන්නම ආ ..

බිමින් තියපු බැල්ලි පැටියා බිම ඉඹ ඉඹ චූ දාන්න තැනක් හෙව්වා වගේම අවසානෙදි මේකා කොමඩ් එක ඉස්සරහා උගෙ ඇබිත්තකට නැති පිටිපස්ස කකුල් නවලා පහත් උනා...

අප්පටසිරි ...පලිගුවො.....ගංගාවයි නේද....

එපා තේශි ....තවන ඉවර නෑ ඔයා ඉස්සුවොත් නවතීවි පව්...

බැල්ලි පැටියට චූ ගංගාවක් විතර ගියා...ගානක් නැතිව ඉදගන චූ දාන බැලි කික්කිගෙ චූවලට ඒකිගෙම අත පය හතර තෙමීගන යනකොට මං ඒකිව උස්සන්න ගියා උනත් එයා මට එපා කිව්වා ...අවසානෙදි අර කලයක් වගෙ තිබුන බඩ බැහැල ගියා වගේම එකිගෙම චූ පාර ඒකි ඉව කරන්න හදනකොටම මං උස්සගන ඒකි කකුල් අතපය හතරම සින්ක් එකට අල්ලලා හේදුවා ....

මෙන්න උඹගෙ දුව

ටිශු එකකුන් පොඩි අතපය හතරම පිහපු මම ඒකිව ගිහින් ඇදෙන් තියනකොට ඒකිගෙත් පොඩිකමට නෙවෙ ඩියෝනයගෙ වැවුන කොන්ඩෙ අස්සට රින්ගන් උගෙ ඔලුව හපන්න ගත්තා ....කොන්ඩෙ අදින්න ගත්තා උපරිම තත්පර දෙකතුනක් යන්න ඇති ආයම කොන්ඩෙ අතෑරලා බෙල්ල අස්සට රිංගපු පලිගු මැනිකෙට නින්ද ගියා ...

ඇබිත්තන් හුරතලයක්.....

සුදු මහත්තයා ...

කියන්න පන.....

පලිගුවගෙ ඇබිත්තන් මූන දිහා ටික වෙලාවක් බලන් උන්න මං එයා එක්ක ගෙදර ආවා වගේම ඇගපත හෝදන් ඇදුමක් මාරු කරගත්තා ...මගෙම ටී ශර්ට් එකක් ඇදන් උන්න විතේන් ඇදට වෙලා මන් එනකන් බලන් උන්න වගේම මමත් එහෙම්ම ඇදට නැග්ගා....

කොළඹ අහසට හද පායලා තව චුට්ට දවසකින් වෙසක් හද පායාවි...ඈත අහසෙ පායපු හද එලිය අපි දෙන්නගෙ අන්දකාර වෙලා ගියපු කාමරෙ නිල්පාටින් පාට කරනකොට මං එයාව තුරුල් කර ගන්නවා වෙනුවට ඒ පිරිමි පපුවෙ උනුහුම හෙව්වා ....මොකද එයා කියපු වචන ආය ආයම මගෙ හිතට වද දෙන්න ගත්තා ....ගෑනු පපුවක තියන මටසිලිටු කම වගේම පිරිමි පපුවෙ තියන රලු කම එයාව වේදනාවෙන් පුරවනකොට මට ඕනා උනා මගෙ විතේන්ගෙ පපුව තමා මට තියන එකම සැනසීම කියන්න.....

එකම බෙඩ් ශීට් එක අස්සෙ ගුලිඋන අපි දෙන්නා තුරුල් උනා...එයාගෙ අත උඩ මගෙ ඔලුව තිබ්බා උනත් මම එහෙම්ම මගෙ මූන ඒ දෙකට බෙදුන පපුව මැදින් තියා ගත්තා ....ගෑනු පපුවක් හැම වෙලාවෙම මෘදු වෙනකොට පිරිමි පපුවක් හැම වෙලාවෙම දැඩි උනා...ඒ උනත්....මෘදු පපුව මැද උනත් දැඩි පපුව මැද උනත් තිබුනෙ ආදරේ වගේම සෙනෙහස විතරක් වෙනකොට මම එ දෙකට බෙදුන පපුවෙ මූන තියන් එහෙම්ම ඉන්නකොට එයා මගෙ ඔලුව අතගෑවා....

සනීපයි....

මට මිමිනුනා.....

ආ ඇත්තට...හරි සනීප ඇති මගෙ බේබි හාමුට...

ඔව් ඉතින්.....සනීපයි නේන්නම්....

මෙච්චර වෙලාම ටීශර්ට් එකට උඩින් මූන තියන් උන්න මම එහෙම්ම.මගෙ අතක් ටීශර්ට් එක ඇතුලට දාගත්තා ....

මොනවද ඔය හොයන්නෙ.....

ඇයි...දැන් ඔයානෙ කිව්වෙ ගඩාපියට ඔයා ගාවත් දෙකක්ම තියනවා එයාට දෙන්න ඕන් නෑ කියලා...ඒ දෙන්නම් කියපුවා තමයි මේ හොයන්නෙ....

ඔතන නෙවෙ බන්...තව චුට්ටක් උඩට ගනින්.....

මගෙ කන්දෙක රත් වෙලා ගියා ....මගෙ අත ඉබාගාතෙ යනකොට ඔතන නෙවෙ බන් තව චුට්ටක් උඩට ගනින් කියපු එයාම මගෙ අත අරන් උඩින් තියනකොට මාව ඉටිපන්දමක් වගෙ දියවෙලා වැක්කෙරෙන්න ආවා...ඇත්තටම ඒක ලොකුයි නේන්නම්.....

ඇයි...මොකද.....ආයම කන රතු වෙලාද මගෙ ළදරු හාමුවගෙ.....ඒ විතරක් ...වයසට ගිහින් තියෙන්නෙ අකලෙට .....

එයා කියවනවා...මම තාමත් ගල් ගිලලා වගේ ගල් ගැහිලා ඒපපුව උඩ අත තියන් ඉන්නකොට එයා මගෙන් අහනවා කන රතු වෙලාද කියලා ...කන රතු වෙලා නෙවෙ මගෙ කන් වලින් ගින්දර පිට වෙනවා වගෙ...

සුදු මහත්තයා ....ඔයාට ටොප් වෙන්න අමාරු....

මේ මගුලක් කියන්න එපා....මට බෑ බොටම් වෙන්න...

ඉතින් මම කිව්වද තොට බොටම් වෙන්න කියලා ..මම කියන්න ගියේ කියලා දෙන්නම් කියලා....කොහෙද ඉතින් හරි හදිස්සියනෙ මගෙ මැනිකට...

මට ලැජ්ජා හිතුනා . ..චුට්ටක් නෙවෙ ගමකට...බාල්දියෙන් ඇදගන නෑවා හා සමානවම ලැජ්ජා හිතුනා .....එයා එහෙම අහනකොටත් මට නිකන් පස්ස රිදෙන්න ගත්තා වගේ වෙනකොට ඒ කියපු දේවල් එක්ක මට වලක් කපන් වැලලෙන්න හිතුනා.....

යෝ....ඉතින්...අර ගඩාපියා කියනවා වගේ වලව්වෙ මැනිකෙලා ටික මගෙ මැනිකව බිබික්කමක් කරලා නේන්නම්...

පාඩුවෙ හිටපිය මට ඔලුව කැක්කුමට වගෙ....

ඔලුව කැක්කුම නෙවෙ ...බොට ලැජ්ජා හිතිලා ඉන්නෙ.....

ඒකා කියවනවා.....එලියෙ ඉන්න මිස්ටර් විතේන් ..මගෙ ආදරනියම විතේන්....වගේම මට වෙලාවකට යාලුවෙක් වෙන ව්තේන් මාව අවුස්සනකොට මම මගෙ අත අහකට අරන් මුනින් අතට හැරිලා කොට්ටෙ අස්සෙ මුන ගහගන්නකොට එයා මොන මොනවදෝ කියෙව්වා .....

මලකඩ කාලා මැරිලා යන්න වෙන්නෙ.....මගෙ බිබික්කම් හාමුවට ලැජ්ජාව ....ඒකට මොකද මොල්ලිගොඩ හාමුදුරුවන්ට නම් රට වටේම ගෑනු...මුනුබුරාට මොකුත් බෑ වගේ...

ඌට මෝල තද උනාට මට නෑනෙ...

ඔව්..බොට ලාදුරු .....

මොනාද යකො මේ කියන කතා....

මම කෑ ගැහුවා....ඒ අස්සෙන් එයත් කෑ ගැහුවා...ඒ කියන කතා ඉස්සරහ තවත් ලැජ්ජා වෙන්න බැරිම තැන මම එයාව උඩ බෙලි අතට පෙරලගන එහෙම්ම ඇග උඩට නැග්ගා....

මගෙ වල් හුත්....තා....

තේ...ශීහ්හ්හ්....

ඉතින් උඹම තමා මට පුරුදු කෙරුවෙ...ඒ උනාට දන්නවද පන.....කුනහර්පයක් උනත් කියන්න උඹ මට නිදහස දෙනවා....මං ඒක ආදරෙයි විතේන් ...මං ඒ හැගීමට හුගාක් ආදරෙයි....උඹ උඹම් වෙලා මට ආදරේ දෙනකොට...මට මමම වෙලා උඹට ආදරෙ කරන්න උඹ ඉඩ දෙනකොට ....මටවත් උඹටවත් හංගන්න දෙයක් ඉතිරි නෑ මගෙ විතේන් .....ඒ ආදරෙ අවංක නැතිද...හතර පෝයටම සිල් ගන්න...අටලෝ දහම ඔලුව උඩ තියන් නහින අත්තම්මලාගෙ පිට ඔපේ බැලුවම කොයි වෙලේ රහත් වෙයිද කියලා හිතන්න බෑ....ඒඋනත්...වලව්ව ඇතුලෙදි තනිකරම ඉන්නෙ අම්බ්පාලියක්.....අම්බපාලි පවා පහු කාලෙක හොද උනා....ඒත්....වලව්වෙ මැනිකෙලා......මට ඒ ජීවිතේ හරි මහන්සී මගෙ විතේන්.....

මගෙ මැනික.....ආදරේ කරනවා කියන්නෙ හිරකරන් ඉන්න එකට නෙවෙ නිතේශ් ...උඹට උඹ වෙන්න දෙන එක...මම මමම වෙන එක...මවා පෑමක් නැති තැන හිතට වේදනාවක් නෑ....දන්නවද මගෙ නිතේශ් ....මිනිස්සු හුගාක් වෙලාවට විදවන්නෙ....අනිත් මිනිස්සු මවපු හීන ලෝකෙ බොරුවක් කියල පපුවට දැනුන දාට....මිනිස්සු මැරෙනවා....අවුරුදු ගානක් එකට ඉදල බොරු කෙරුවම මිනිස්සු මැරෙනවා.....දාල ගියහම මිනිස්සු මැරෙනවා...මේ ලෝකෙ මිනිස්සු හුස්ම ඇල්ලුවට හදවතින් මැරිලා ඉවරයි නිතේශ් .....

මාත්...මැරුන කෙනෙක් ...උඹ නැතිනම්....

මම එයාගෙ ඇගට සම්පූරනම බර දීලා උන්නා උනත් එය නෙවෙ වචනයක් කිව්වෙ....එයා කෙරුවෙ මගෙ ඉන් වටේ එක කකුලක් ඔතාගන මගෙ බෙල්ල වටේ එයාගෙ අත පටලවගත්තු එක වෙනකොට එයා කතා කෙරුවා...මට ජීව්තේ කියලා දුන්නා...මම නොදැකපු ලෝකෙ එය මට පෙන්නුවා....වලව්වෙන් තහනම් කරපු අහස කොයි තරම් ලස්සනද කියන එක එයා මට ඉගැන්නුවා...උන් කපලා දාපු තටු එයා හරි හිමින් එයා දිගෑරියා ...මගෙ විතේන් ....වචනවලට කියන්න බැරි තරම් ආදරනීයම විතේන් මට ජීවිතේ කියලා දෙනවා.....එක අතකට බබා හුකුන් ලෝකෙකට වඩා නිදහස දෙන ආදරෙ මොන තරම් නිදහස්ද....එයාගෙ දිගැටි ඇගිලි මගෙ හිස කෙස් පුරාවටම යනකොට මම එහෙම්ම ඒ නලලට හාදුවක් තිබ්බා...නලලට දෙන හාදුවත් එක්ක ඒ ඇස් දෙක පියවෙනවා මම හද එලියෙන්ම දැක්කා...මං දන්නවා...එයා විදිනවා....මට එයාට දැනෙන්න දෙන්න ඕනා උනා.....

.මගෙ කපපු රුවුලෙ ලාවට වැවුන රැවුල් කොට එක්ක මම ඒ මූනම පිරිමදිනකොට එයා ඇබරුනා ...උනුසුම්ම උනුසුම් ආදරනීයම දෙතොල් හාදුවක් පටන් ගන්නකොට එයාම මගෙ ටීශර්ට් එක ගලවලා දැම්මා වගේම මම එයාගෙ ටී ශර්ට් එක ගලවලා දැම්මා.....

එයා කෙදිරි ගානවා...ඇද රෙද්ද අත වලට මිරිකෙන හැටි මම අඩවන් වෙච්ච ඇස්වලින් දැක්කා වගෙම එයාගෙ කෙදිරි ගෑම් එක්ක මගෙ අත් දෙක නොසන් සුන් උනා.....දෙතොල් හාදුව ටිකෙන් ටික පහලට ගිහින් උගුරු ගැටේ ගාව නවතිනකොට උඩට ඉලිප්පුන තන පුඩු මම හිමින් මිරිකුවා වගේම ඒයාම මගෙ ඔලුට අත තියලා මාව පහලට තල්ලු කරලා අත් දෙකෙම්ම මාව පපුවට තුරුල් කර ගත්තා ...

ඉලිප්පුන තන පුඩුවඩා උනුසුම් කෙල බින්දු දිලිසන කොට එයා පපුවටත් වඩා බර උනුසුම් සුසුම් එලියට පිට කෙරුවා .....මගෙ දිව වගේම උනුසුම් දෙතොලම එයාගෙ පපුව පුරාවටම එහා මෙහා වෙනකොට එයාගෙ දිගැටු ඇගිලි මගෙ හිස කෙස් අස්සෙන් ගියා...වෙලාවකට පිට පුරාවටම ගියා වෙලාවකට මගෙ කලිසම උඩින් අත තියලා තට්ටමක් මිරිකුවා.....

ඒත්...අද මෙතනින් ගියෝතින් හෙට නැගිටින්න වෙන එකක් නෑ කියන එක අපි දෙන්නටම දැනෙනකොට මම හිතන්නෙ මම වගේම එයත් වලව්වෙ මිනිස්සුන්ට සාප කෙරුවා ...

දොයියමු සුදු අප්පො....අර මැනිකෙලා හෙට උදේ වෙනකොට මෙතන උන්නොත්....උන් ගිය ගමන් අපි වැඩ අල්ලමු.....

එච්චර හදිස්සිද.....

නැතිව ඉතින්...මොකද මම රහත් වෙලා නෑනෙ තේශි...

උඹ මහ වලෙක් අප්පා.....

ආදරේටනෙ.....

මං දන්නව..විතේන් ...උඹ මට පන ඇරලා ආදරෙයි කියන්න...එච්චරයි මට තියන එකම සැනසීම....

මම එහෙම්ම එයාගෙ ඇගෙන් බැහැල එයාව මගෙ පැත්තට හරවගත්තා .....

විතේන්...

ම්ම්ම්ම්...

පොරොන්දු තියෙන්නෙ රකින්න නේද....

ඔව්...ඔව්....පොරොන්දු තියෙන්නෙ රකින්නම තමයි...

එයා දන්නවා...මගෙ කපටි කතා ඔක්කොම එයාට තේරෙනකොට මම ආයම අගල් දෙකක් පහතට රිට්‍ටුවා....හැගීම් උපරිමේටම එනකොට මට ටොප් වෙන්න ඕනා උනත්.....එයාගෙ ආදරේ ගාවදි....ඒ උනුසුම ගාවදි මට හැම වෙලේම බොටම් වෙන්න ඕනා උනා.....මොකද ඒ ආදරේට මම මාරම පෙරේත නිසා....

ආ....ආයි...හ්හ්හ්හ්..

ඊයේ රෑ එයාගෙ පපුවට ගුලිවෙලා සැනසීමෙන් නිදාගත්තු මාව උදෙ වෙනකොට දඩු අඩුවකට හිරවෙලා වගේ දැනුනා...එහෙන් මගෙ කනේ කරාබුව කවුරු හරි අදින ගමන් උන්නා වගේම ඊයේ රෑ කුක්කු බොන ගමන් නිදාගත්තු මම මේ පාර කාට හරි කුක්කු දෙනගමන් ඉන්නවා කියන එක මට දැනුනා වගේම නහයට දැනුන ඕඩික්ලෝන් සුවදට මම නින්දෙම්ම ඉව ඇල්ලුවා.....

ඩි...යෝ...න...යා...

අදනම්....පින්බර දවසක් නෙවෙ කියන එක නින්දෙම්ම මට දැනුනා....එයා අනිවාර්යයෙන්ම ඇහැරිලා ඇති...ඒ අස්සෙන් බැලි කික්කි මගෙ කරාබුව අදිනවා...ඒකි කන ඉරන්න හදනවා...ඒකි කන ඉරුවත් මට ඇස් අරින්න බය හිතුනා...අරූගෙ කුඩික්කි කටේ දත් වදින එක දැන් හොදටම දැනුනා වගේම මට නින්දෙම්ම මැරිලා ගියා නම් හොදයි කියන එක දැනුනෙ එයාගෙ උගුර පාදන සද්දෙ එක්ක වෙනකොට මම නින්දෙන් දගලන එකා වගේ ඩියෝනයව තල්ලු කරන් මුනින් අතට හැරුනා....

නැකිටපන් නිතේශ් බොරු නොකර.....

ම්හුක්....

හුකුක්...හුකුක්..නෙවෙ..මං දන්නවා තෝ නැකිටලා කියලා....

උදෙම්ම ආවේස වෙලා...මගෙ ඔලුවටත් එකක් ඇන්නා ...ඇස්දෙක පියන් උනත් ඒ දුශ්ට මුන මට මැවි මැවි පේනකොට මම ආයම ගුටි කන්න බැරි කමට ඇස් දෙක ඇරලා වීදුරුවෙන් එපිට තිබුන ලා පාට ඉර එලිය දිහා බැලුවා....පින්බර දවසක් ඇත්තෙම්ම.....අර යක්ස පැටියා මැදට රිංගුවෙ නැති නම්.....

මම නැකිට්ටා....

නැකිටලා ඇදෙ ඉදගන ඇදපත්තට හේත්තු උනා....එයාගෙ සුදු පපුවෙ මගෙ දත් පාරක් ...මං එහෙම්ම මගෙ පපුව දිහා බැලුවා.....එකට දහයක් විතර...මූව කොටියම කාපිය...

ගුඩ් මෝර්නින් මගෙ පන.....

......

අනේ....පන...ඉතින්...

එයා අත් දෙකත් බැදගන ඇද පත්තට හේත්තු වෙලා රවාගන මං දිහා බලන් උන්නා වගේම අපි දෙන්නා නිදාගන උන්න ගඩාපියගෙ පස්සට මම අත දිගෑරලම පාරක් ගැහුවා.....

..ම්හුක්.....සෙ...නෝ.....න්න්....සි..දෙ..නා..නෙ.....

සෙනෝන්....නෙවෙ නැකිටපිය ගිනි තියලා බුදි මෙතන....

මම ඒකව හොලව හොලව ඇහැරෙව්වා උනත් එකා නෙවෙ නැකිට්ටෙ....අරූ පාන්දර යන්න ඇතිමූ බයට මෙහෙ රිංගලා.....

එයා රවන් ඉන්නවා....බැල්ලි ඇද පුරාවටම එහා මෙහා යන බැල්ලි පැටියව බිමින් තිබ්බ මම අරූව යට කරගන මගෙ විතෙන්ව ඇදල අරන් හාදුවක් තිබ්බා ...ඒඋනත් එයා නෙවෙ හිනා උනේමේකා පලි ගන්නවා...අනේ තරහා නම් ඉදපන්.....

මම එයාට එහෙම ඉන දීලා අහකබලා ගත්තා ...ඇයි යකො උම්මා එකකුත් දුන්නෙ...පලිගු මැනිකෙ බිම ඉව කර කර එහා මෙහා දිව්වා...ඒකිට තවම අර චූටි කකුල් වලින් දුවා ගන්න බැරි වෙනකොට මුනින් අතට වැටිලා අර ඇබිත්තන් හොම්බත් බිම ඇනුනා.....සුදු පාට ටයිල් පුරාවටම කහ පාට පැල්ලම්.....

පලිගුවා.....යෝහ්....උඹ චූ දාල නේද හැම තැනම...

නෑ...නෑ...තේශි.....අර...එහා කොනෙ...මෙහා කොනේ...හිනා වෙනකැවුමුත් තියනවා....මෙන්න මේ හොරාව ඇහැරවල අස්කරවපන් මට බෑ.....

ඩියෝන් ....ඩියෝන් ...ඩියෝනයා....

ම්හුක්...ඇයි....අප්පා....

නැකිටපිය...

හරි.....මං උදේට කන්න හදන්නම් .....නිතේස් එහෙනම්.....ඔව්වා සුද්ද කරන්න.....පුංචි එකී මොනවා දන්නවා කියලද....ම්හුක්....පලිගු...මැනික....

නැන්දිට මල පැනලා ඉන්නෙ....එක තැනකින් ඉදගන්න....මාමියා මොප් කරන්න යන්නෙ.....අම්මියා බිත්තර බදින්න යන්නෙ...මගෙ හොද දෝනියා පැත්තකින් ඉදගන්න.....දෝනි...කේස් දාන්න එපා.....

ගහලා ගහලා ඇහැරවපු ඩියෝනයා නින්දෙම්ම මොන මොනවදෝ දොඩවලා අවසානෙදි ඒකගෙ දුවගෙ

හිනා වෙන කැවුම් මට සුද්ද කරන්න දීලා ඒක උදේට කන්න හදන්න ගියා වගේම විතේන් ඇද රෙදි මාරු කෙරුවා .....බැලි කික්කිව රෙදි පටියකින් මේසෙ කකුලක ගැටගැහුවා වගේම ඒකි අඩලා අඩලා අවසානෙදි අපි හැමෝම එක්ක තරහාවෙලා බිම පෙරලිලා නිදා ගත්තා ...පොඩි පලිගුවා...

නිතේස් ...නිතේ.....ස්.....

ඇයි බන්..ඇයි.....මං මොප් කරනවා....ඇයි.....

මේ ඒයි...තව බිත්තර ගෙඩි දෙකක් නැද්ද

තියනවා නිතේශ් ගෙ කලිසම අස්සෙ ඒක දෙන්න බෑ ඒක මට....

Shiaaaaaahhh මේ මොන මගුලක්ද මේ.....අනේ විතේන් ඇත්තමයි ඒයි....ඔයා නම් මහ පුදුම නරකයෙක් තමයි...මට බිත්තර මදි වෙලා ඉන්නකොට ඔයා මගුලක් කියනවා...අහකට...අහකට වෙන්න ඒයි...මට නිතේස් ගාවට යන්න දීලා...

හැන්දකුත් අතට අරන් මැරෙන්න හදන ඩියෝනයා මේස රෙද්ද දදා උන්න විතේනවත් තල්ලු කරන් ගිහින් මගෙ ගාවට ඇවිත් මාව ඇදන් ආයම ලිප ගාවට ගියා....

මේ ඒයි...ගම්මිරිස් ටික නම්..ගානට ආවා...බිත්තර තමා මදි උනේ.....

මූ මගුලක් කරලා....බිත්තරේ වැහෙන්නම ගම්මිරිස් කුඩු ඉහල බිත්තර මදි උනා කියනකොට මං බලාගන විතේන් අහක බලන් හිනා වෙනවා....

පොඩ්ඩක් ඉන්න ඒයි....මට ඉතින් කීයක් වැඩද....අර ළමයා ගැන බලන්න ඕනා...අපේ සෙනෝන් ගැන හිතන්න ඕනා...ඔය දෙනා ගැන හිතන්න ඕනා...ඉතින්...මට වැඩ හරීයට.....පොඩ්ඩක් ඉන්න...පහල කඩේ අවංක තිවන්කට කියලා බිත්තර ගෙන්න ගන්න...

මම මොකුත් නොකිය අහන් උන්නා..දැන් උට මොනවා කිව්වත් ඌ තමා හරි...අපි වැරදි වෙනකොට මම කටවහන් උන්නා...

සුදු මහත්තයා මං නාගන්න යනවා....

අරූ පොඩි පුක දික් කරන් ඉනට අතත් තියන් මහ අම්මන්ඩි වගෙ පහල කඩේ කොල්ලට කතා කරනකොට මගෙ විතේන් නාගන්න ගියා වගෙම මම ආයම අරකා හිනා වෙන කැවුම් බැදපු තැන සියපාරක් විතර මොප් කරා.....

හලූ.....තිවා...ගුම් මෝනිම් ඒයි...මට බිත්තර ගෙඩි දහයක් ගෙනත් දෙන්නකො.....ගම් බිත්තර හරි.....කොටු බිත්තර හරි ඕන පුකක් ප්‍රීති වෙසක් ඒයි.....දහයක් ගත්තම දෙකක් ප්‍රී නේත...ඒ දෙකක් ගෙනන් තිවන්ක ඈ...උඹ හරියට හොර කරනවා ඒයි...අහ නරකයා.....

මං අහන් උන්නා...මේ ඩියෝනයා මේ කුරුදුවත්තම උගෙ පදේට නම්මන් උන්නා...මුගෙ දොන්ත කටහඩටයි.....ඇබරෙන ඇබරිල්ලටයි ඔක්කොම ගොනා වෙනකොට පහල කඩේ තිවංකයා මූට ඇන්දිලා තිබුනා...

ඩින්..ඩොන්....!!!

විනාඩි ගානක් ඇතුලත දොර බෙල් එක වැදුනා වගේම ඩියෝනයා දොර ගාවට වැටි වැටි දිව්වා....

ආ...නේ....තිවා...තැම්කිව් ඒයි.....මෙන්න සල්ලි....ඉතුරු රුපියල ඔයාට.....

ඩියෝනයගෙ මායමට අහු උන තිවන්කයා යන්න ගියා වගේම ඊට සෑහෙන්න වෙලාවකට පස්සෙ මම මුලු ගේම කැවුම් සුවද යනකම්ම මොප් කරලා ඉවර උනා.....ඊටත් පැය කාලකට පස්සෙ ගම්මිරිස් යහමින් වැඩි උන....කටට ගන්නකොට පුත්තලමෙ ලුනු කන්දක් උඩ නැගගන කනවා වගෙ පිත පැලෙන්න එන තරම් ලුනු රස තිබුන බිත්තර එක්ක දත් මදින්න පුලුවන් තරමට කර උන පාන් පෙත්තක් එක්ක සමබල ආහාර වේලක් ගත්තු අපි තුන්දෙනා අවසානෙදි අඩන්න බැරි කමට හිනා වෙල මේසෙන් නැකිට්ටා ...

කව්ද ඩාලින් ඔයාගෙ නම...මධු...???

........

එතකොට ඔයාගෙ නම මධූද මල්ලිහ්හ්....

නෑ...අනේ..මගෙ නම...මදුරංග....ඒ උනාට මගෙ ප්‍රෙන්ඩ්ස්ලයි ෆෑන්ස්ලයි කියන්නෙ මධෝ....හ්...කියලා....

ආ...ඔයා පැයකින් එන්නකො ඩාලින්....මං කරන්නම්.....

කාලා බීලා ඔක්කොමත් කරලා ගෙදර ගිය ඩියෝන්‍ ආපිට බලු කික්කිවත් වඩාගන නයි මල්ලකුත් කරේ එල්ලන් අපේ ගෙදර ආවා....ඒකා වැඩට යන්න යන්නෙ.....ආව කෝල් එකත් එක්ක ස්පීකර් ප්ඵෝන් දාපු ඩියෝනයා මොන මොනවදෝ ඒකගෙ බලිකුරුටු ලියන පොතේ ලියාගත්තා වගේම උගෙ මදූ එන්ජල්ට වෙලාවක් වෙන් කරල දුන්නා

නිතේ.....ස්....නිතේ....ස්

මොකද...

මට අද හරීයට වැඩ...මං එනකන් මගෙ කෙල්ලව බලාගන්න ඒයි....මෙන්න මේකෙ එයාගෙ කුක්කු පිටියි සෙරිලැක් එකයි තියනවා.....දහයට කුක්කු පිටි එකක් එක්ක සෙරිලැක් ටිකක් කවන්න ඒයි....බඩගින්නෙ ඉන්දවන්න එපා හොදේ....

පලිගුවෝ...අම්මියා යනවා...නැන්දියි...මාමියි එක්ක පරිස්සමින් ඉන්න ඕනා හරිතේ...

ආ..හෝව්...හෝ..ව්...තව එකක්.....අර නාකි පාපිස්ස එනවලු නේ.....මගෙ කෙල්ලට ගහන්න කරන්න දෙන්න එපා නිතේස්.....තෙඋඩිච්චි ...පට්ටබැල්ලි....

ගහනවා ඕකිට මම වැලි....ම්හුක්.....

පස්සත් දික් කරන් අහස පොලව නූහුලන අපරාද කතා ගොඩාක් කියපු ඩියෝනයා යන්න ගියා වගෙම ඔෆිස් එකෙන් හදිස්සියක් කියලා ආව කෝල් එකත් එක්ක මගෙ විතේනුත් ආයම ඉක්මනට එන පොරොන්දුව පිට යන්න යනකොට මායි චූටි පලිගුවයි ගෙදර තනි උනා....

එකි එහෙට දුවනවා...මෙහෙට දුවනවා...දුවන්න බැරි තැන වැටෙනවා....

පලිගු මැනික. ....එන්න මේ කුක්කු බොන්න....

සපත්තු ලේස් එකක් එක්ක ඔට්ටු වෙවී උන්න පලිගුවා නම කියනවා එක්ක බෝල ගෙඩිය වගේ වැටි වැටි දුවන් ආවා වගේම ඒ ටිකකිම්ම ආයම දොර බෙල් එක වැදුනා....

..මහ පලිගු මැනිකෙ වෙන්න ඇති....මෙච්චර වෙලාම හිතේ තිබුන අර සැනසීම පෑල දොරින් පිට වෙලා යනකොට මම ගිහින් දොර ඇරියා.....

සුදු මහත්තයා .....

අත්තම්මා ....

අපෙ...අප්පේ...මේ..කොළඹ රටේ අව් පූටකෙ ....

සුදු පුතා.....

ලොකු අම්මා....

මෙන්න මේ කැවුම් මුලක් ගෙනාවා....

වලව්වෙ හැත්ත බුරුත්තම ගෙට රිංගනකොට ලොකු අම්මා මගෙ අතට කැවුම් මල්ලක් දෙනකොට කුක්කු නාගන කුක්කු බේසමට වැටීගන කුක්කු බොන ඇබිත්ත පලිගුවා දිහා මට ඉබේටම බැලුනා වගේම කැවුම් එපා උනා....

සුදු මහත්තයා ...කාගෙද මේ බැල්ලි.....

කිරි බිබී උන්න බැල්ලි පැටියට බස්තම් කොනකින් ඇනලා උගෙ ජාතිය ජම්මෙ හොයා ගත්තු සීයා තාත්තා මගෙන් බැල්ලි කාගෙද අහනකොට මම උත්තර නොදී උන්නා .....

බැල්ලියක්...මේකිලා දඩාවතේ ගිහින් වදන්න මෙහෙ ලගියි....

මං කට පියන් උන්නා....තවම ඇබිත්තට නැති බැලි කික්කිට දැම්මම අත්තමා මගුල් පන්ගරාත්තු කරනකොට මම ඒකිව වඩා ගත්තා ....

මගෙ පැටියා...මමනෙ හදන්නෙ..

මට තරහා ගියා ...ජීවිතේට ආසාවට බලු කුක්කෙක් මොන සුවදද උගෙ කට කොයි තරම් කිරි සුවදද නොදන්න මට තරහා ගියා....කිරි බීපු බැල්ලි පැටියා අර ඇබිත්තන් නැට්ට වන වන මන්න්දිහා බලනකොට මම අත්තම්මා බලන් ඉන්නකොටම ඒකගෙ තෙත නහය ඉම්බා.....

ශිහ්....හිරිකිතේ බෑ ...

වලව්වෙ මැනිකෙලා ඔසරි පට කරේ ගහන් බැල්කනියට වෙලා පාරෙ යන කුරුදු වත්තෙ නෝනලාගෙ ඇද කුද හෙව්වා.....

කූඩු කරපු කිරිල්ලියො හිතන්නෙ ඉගිලෙන එක වරදක් කියලා.....

මැනිකෙලා නානාප්‍රකාර දේවල් කිව්වා...ලැජ්ජහේ බෑ කිව්වා.....අඩු කුලෙ සංකර හැත්ත කිව්වා.....

ආපු වෙලෙ ඉදන් මගෙ මූනවත් නොබලපු අම්මා මා එක්ක වචනයක් කතා නොකර පොඩීගෙ හාමු මහත්තයා ගැන ලොකු අම්මා එක්ක ගුන වයනකොට මං වේදනාවෙන් අහන් උන්නා....

මගෙම අම්ම මගෙන්ම පලි ගනන්වා....

මුන් හැමෝම දන්නවා මං ඉස්පිරිතාලෙ උන්නා කියලා ...ඒත් එකෙක් නිකමට මගෙන් කොහොම කියලා වත් නාහපු කොට කොච්චර උනත් මගෙ පපුව වේදනා දුන්නා වගේම මං එයා එනකන් මග බලන් උන්නා....

මොකද මගෙ අප්පච්චි ඇරුනම මට සැනසීම තිබ්බෙම එයා ගාව විතරක් වෙනකොට මම දොර දිහා බලන් උන්නා...

ඒ එක්කම දොර ඇරුනා...මගෙ මුනට හිනාවක් වෙනුවට යුද්දෙට කලින් ගුටිකන්න බලන් උන්න රෝමන් කාරයෙක් හා සමාන උනා.....

පලිගු මැනිකේ....අම්මියා ආවා....!!!!!

🤭ආය හෙට එන්නම් අයියො...

මේ ළමයා උයනව....ඔය ලමයිනුත් උයන්න.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters