පලිගු මැනිකේ.....අම්මියා ආවා.....!!!!කෝ මගෙ සුදු දෝනී....
මට හුස්ම හිරවෙන්න ආවා.....හැමෝගෙම්ම කොන් වෙලා වගේ උන්න මම උන්නෙ මගෙ එකම සැනසීම බලාපොරොත්තුවෙන් වෙද්දි දොර ඇරලා තිබුනෙ පොඩි ගඩාපියා වෙනකොට බැලිකික්කිගෙ සිහියෙන් ආව ඩියෝන් බිල්ඩිමම හෙලවෙන්න කික්කිට කතා කෙරුවා.....
.දැන් තමා සෙල්ලම පටන් ගන්නෙ....
මම ඉදගන උන්න සෝෆාවෙ තවත් හොදට හරි බරි ගැහෙනකොට ඉදගන උන්න මහපලිගු මැනිකෙගෙ ඇස් දෙක නලලට ගියා...
ආ බොල රොඩියො...තෝ කවදද මගෙ අම්මා උනේ....
ආ ....ඒ මොකද මේ...කොහෙවත් යන පාපිස්සක් කුලප්පු වෙලා..මං කතා කෙරුවෙ මගෙ පලිගු මැනිකෙට මිසක් ඔය රාජසිංහලාට රෙදි උස්සපු උන්ට නෙවෙ .....
හරියටම හරි කමෝන් ඩියෝන්..කමෝන්...මම හිත යටින් උඩ පැන්නා වගේම ඩියෝන්ගෙ වචන එක්ක අත්තම්මා ඔටෝ නැගිට්ටා ....අරූ ඉවරයක් නැතිවම පලිගු මැනිකේ ඉදා ඉදා ..කූකූ...කියනකොට කොහෙදො ඉදන් දුවන් ආව බැල්ලි පැටියා ඩියෝනයව දැකලා බිම පෙරෙලුනා....
පලිගූ....පලිගු මැනිකෙ....කොහෙද මගෙ සුදු දෝනි ඉන්නෙ...කූකූ...කූකු....ආ...මේ...ඉන්නෙ...මේ...ඉන්නෙ...අම්මියගෙ වස්තුව...මේඉන්නෙ....
ආ බල පරයො තො මේ අවලන් බැල්ලිටද මගෙ නම දැම්මෙ...
අවලන්....ඇයි අවලන් කියලා මගෙ කික්කිගෙ ඇගේ කොටලා තියනවද නිතේස්....නිතේස්....කව්ද අනේ මෑ.....හරිම පාපිස්සක්නෙ මේක...දැන් ඉන්න ගෑනුන්ටත් වැඩ නෑ පිරිමින්ටත් වැඩ නෑ..අපිට තමයි වැඩ තියෙන්නෙ ....
සුදු මහත්තයා ....හොද හිතින් කියන්නෙ මෙන්න මේ රොඩියව වහාම එලියට දාපන් නැති නම් මම පුකට පයින් ගහලා එලවන්නෙ....උඹලා මේ වගේ හැත්තවද නිතේශ් ආශ්රෙ කරන්නෙ....මූ අත්තම්මට මෙච්චරත් කියල උඹ කටවහන් ඉන්නෙ...වහාම යන්න කියපන්...
ආ..ආසීයා තාත්තා ...මේ ඔයා ඔව්වට එන්න එපා හරිතේ.....අපේ නිතේස් මාව එලවන් නෑ....
ආ බොල රොඩියො....වලව්වෙ හාමුදුරුවො කවද ඉදලද තොට සීයා තාත්තා උනේ...ආ පරයො....
එහෙනම් ඔය වලව්වෙ හාමුදුරුවට කවදා ඉදලද මම රොඩියෙක් උනේ....අනික හාමුදුරුවා හාමුදුරුවා කියන්නෙ හාමුදුරුවා ඉන්න ඕනෙ පන්සලෙනෙ...මෙහෙ මොනා කරනවද..අනික කෝ මුගෙ තට්ටෙ....අනෙ අත්තම්මෙ මේහ් එන්න එපා හරිතේ....
තොගෙ කට...තොට අච්චු කරන්ඩ මම...අඩු කුලෙ පර රොඩියා....
ආනේ.....අත්තම්මෙ....මගෙ ලමයා ඉන්න තැන ඔහොම නහින්න හදන්නෙ...කට පියාගනිල්ලකො අප්පා....චමුදිතයා වගෙ මේ අම්මන්ඩි.....
නිතේශ් උඹට කන් ඇහෙන් නැද්ද....මෙන්න මූව එලෝලා දාපන්....උරුලෑවො ගිය පාරකවත් වලවේ ඈයො නොයන එකේ උරුලෑවෙක් ගෙට දාගන උඹ මොනවද කරන්නෙ...උඹ ආශ්රේ කරන්න ඕනෙ උඹට ගැලපෙන උන්ව....
පලිගුවො....චුට්ටකට බහින්නකො.....අම්මියට වැඩක්නෙ....
අත්තමා සීයා තාත්තා මාරුවෙන් මාරුවට මට ඩියෝන්ව එලියට දාන්න කිය කිය කෑ ගහනකොට මම ඩියෝන් දිහා බලලා හිනා උනා...හරියටම "තව බැනපන් ඩියෝන් "කියන්න වගේ වෙනකොට අතේ උන්න චූටි පලිගුවව බිමින් තියපු ඩියෝනයා පස්ස පස්සට කරලා හිට ගත්තා..
ඇයි ..වලව්වෙ ඈයො කියලා උන් කන්නෙ ඉටිපන්දම්
හදුන්කූරුත...නෑනෙ...නේ...අනික මේක කොළඹ.....කළම්බු...සෙවන්.....සිනමන් ගාර්ඩ්න් මිසක්.....ඔය නුවර වලව්ව නෙවෙ...අනික මේවල ඔය නැමිපනාව ගහගත්තු බස්තම් ගත්තු හාමුවලාව තඹේකට ගනන් ගන්නෙ නෑ.. බොරු නම් බලන්නකො සීයා තාත්තෙ...
තොට සැරයක් කිව්වා....පරංගින්ට ජාතක උන අඩුකුලේ ගෙවලයා....මට තොගෙ ඔය වහන්තරා කටින් සීයා තාත්තා කියන්න එපා කියලා ...
අරූට සීයා තාත්තා කියන එක කියන්න එපා...එපා කියන වාරයක් ගානෙම ඌ කෙරුවෙ තඹේකට කවත් ගනන් නොගන සීයා තාත්තා කියපු එක වෙනකොට ඩියෝනයා අත්තම්මව තල්ලු කරගන වගේ ගිහින් බැල්කනියෙ ගාව හිටගත්තා ....
ඒ....ඇහෙනවදො....මේහ්....අපෙ ගෙදර නැමි පනාව ගහපු හාමුවෙක් ඉන්නවා.....ඇහෙනවදෝ....
අරූ අත් දෙකම කට ගාවට තියලා පලාතටම ඇහෙන්න බෙරිහන් දෙනකොට අත්තම්මව පුපුරන්න ආවා වගේම මං බලාගන සීයා තාත්තා බස්තමෙන් පොලවට අනිනවා....චූටි පලිගුවා හුලගට යන ජනෙල් තිරයක් පස්සෙ යනකොට මං බලාගන පොඩී කාටත් හොරෙන් බැලි කික්කිව පුලුවන් තරම් ඉඹිනවා....උන් අපිව කාලාතිබ්බා....මම වගේමයි පොඩිත් බැල්ලි පැටියගෙ චූටි අත පය හොරෙන් හොරෙන් පුලුවන් තරම් ඉම්බා....ආදරේට කොහෙද ජාතියක් ජම්මයක් ....මුන්ම හැදුවොත් මිසක්....
ඔය...පේනවනෙ..එකෙක් ගනන් ගන්නෙ නෑ...එකෙක් ගනන් ගත්තෙ නැ හාමුවෙක් ඉන්නවා කිව්වම.....
නිතේශ් ..මෙන්න මූට යන්න කියපන්....තව ටිකෙන් අප්පච්චි ඒවි...
ඉතින් ...අම්මලා එයාව උස්සන් ඉන්නෑනෙ....එයා ඉදපුදෙන්....
උස්සන් ඉන් නැති උනාට මුන් කොහොමද අපි එක්ක සම තැන ඉදගන්නෙ ආ සුදු මහත්තයා....දහම් ඒවි තව ටිකෙන්....කොල්ලො...පලයන්..පලයන් .....වනචර වැඩ වලට පුරුදු වෙච්ච පරයා....උඹ කොහොමද අපි එක්ක ඉදගන්නෙ...
ආ...මේ බලකො යකො...නිතේස්.....ඇත්තමයි..මට මේ නාකි හාමුවා එක්ක හරියට තරහ යාගන එන්නෙ නිතේස්....ඇයි යකො....ඉදගන්න බැරි...ඩියෝන් බබා ඉදගන්නෙ මේ පුටුවෙ....ඔහේ ඉදගන්නෙ ඔය පුටුවෙ....ඩියෝන් බබා ඉදගන්නෙත් පුක තියලා...හාමුවා ඉදගන්නෙත් පුක තියලා...ඇයි මම ඉදගත්තොත් ඉදගන්න අමාරු භගංදරාභාදෙ හැදිලා නෑනෙ..නේ.....සීයා තත්තෙ මේ...එන්න එපා හරිතේ....
මොකක්දබල අවලමෝ තෝ කියන්නෙ....
ඇයි භගංදරාභාදෙ වත් දන්නෙ නැද්ද...ඒකට මොකද ගමෙ ඉස්කොලේ මුල් ගුරුතුමාලු...පුකෙ ගෙඩි...අහල තියනවද.....පුකෙ ගෙඩි ගැන...
නෑනෙ....ඔව් ඉතින් ඉස්කොලේ ගිහිනුත් ලමයිගෙ කුල මල හොය හොය ඉන්න ඇති...අනේ ඇත්තමයි ඔහේලට යන්න අපායක් හොයන්න වෙනවා...අපායට වත් ගන්නෙ නෑ..මිනිස්සුන්ගෙ හිත් තල තල ....අපේ නිතේස්ට ඔහේලා දීපු දස වද අපි දන්නවා හරිද...අපි රොඩියො වෙන්න ඇති හාමුවො...මම නම් මහත්තයා කියන් නෑ...මොන මගුලටද මම මහත්තයා කියන්නෙ...අපේ නිතේස්ට ඔය බලු ගති ගිහින් නැති එකම ඇති....ඌට ගිහින් තියෙන්නෙ හොද ගති...
කටවහපිය මේ බස්තම් පාර නොකා...තොට එදා කාපුවා මතක නැතිව ඇති..කෝ තොගෙ වාහෙ.....
මගෙ වාහෙ...මගෙ වාහෙ වැඩට ගියා..ඇයි තොට මොකද.....බස්තමෙන් ගහන්න...අයියෝ හරි පව්....මොල්ලිගොඩයා...මම එදා උන්න ඩියෝන් නෙවෙ අපේ පොත්වල පිරෙන්න සල්ලි නැති උනාට...පපුව පිරෙන්න මනුස්ස කම තියනවා....උඹලා අපේ නිතේස්ව පිස්සෙක් කරලා....උඹලා ඌට ආදරේ නැති උනාට අපි ආදරෙයි...ඌ අද මෙහෙම ඉන්නෙ මේ රොඩියො හින්දා තමයි...වලව්වෙ මැනිකෙලා උගෙ හිත පාරන පාරන හැම වෙලාවෙම ඌව නැකිට්ටෙව්වෙ මේ රොඩියොම තමයි.....අන්න ඒක හොදට මතක තියාගනින් හාමු.....උඹලා එනකොට කොදු කඩාගන නැවීගන උන්නෙ ඒ කාලෙ....දැන් හාමුවව බල්ලෙක් ගනන් ගන්නෙ නෑ....මේ ඩියෝන් හොදට හොදයි...නරකට නරකයි...හරි....අපි රොඩියො වෙන්න අපෙ අපච්චිලා ගෑනු එක්ක හැමිනි හැමිනි ගියෙ නෑ.....එන්න එපා කියවන්...
ඇයි....තෝ මට මොනවා කරන්නද..ආ පරයො....තොපෙ ජාතකෙ හොද කමටද පිරිමියෙක් එක්ක හැමිනෙන්නෙ...
මං මොකුත් කරන්නෙ නෑ..මොකද...බුදු හාමුදුරුවො පවා ගැරඩි මරලා පව් පුරවගන්න එපා කිව්වා....මම ගැරඩි මරන්නෙනෑ....අනික මං හැමිනුනෙ ඌ එක්ක විතරයි ....මොල්ලිගොඩ හාමුවනෙ ගෑනු හුගක් එක්ක ගස් ගල් ගානෙ යන්නෙ...නැත්ද නිතේස්....ඈ ඒයි??
සුදු මහත්තයා ..මේ පරයා මෙච්චර කතා කියනවා...උඹට බැරිද මූව එලවන්න....මූ මෙච්චර නවනිංගිරා කතා කියනවා....තොට බැරිද කනට දෙකක් දීලා එලියට දාන්න....
මං මොකටද එයාව එලවන්නෙ අම්මා....එයා කියන හැම දේම ඇත්ත....එකක් නෑරම ඇත්ත....උන් නැති නම් මම මැරුන තැන්වල ගස් පැලවිලා....අනික රොඩී රෝඩි ගාන්න උන් එහෙම හරි උනන් හින්දයි උඹලවත් මැනිකෙලා වගේ පේන්නෙ නැත්තන් උඹලත් ඔය අඩුකුලේ පරහැත්ත තමයි.....
නිතේශ් ...කටවහපන්....
මේහ්....අනීතා නැන්දෙ...අපේ නිතේස්ට අතක් උස්සන්නෙ නෑ හරිතේ....
නැන්දා ???අතෑරපිය මාව.....තොට මොන හයියක්ද මාව අල්ලන්න...
ඇයි...මගෙ අත් දෙක තියනවා පොට්ටද.....??කොයි වෙලෙත් මාලු කාරයා වගෙ හැච හැච ගානවා....වලව්වෙ මගුල කියව කියව ඉන්නවා ඔය වලව්ව කවද හරි ඩෝසර් කරලා ගහන්න ඕනෙ නයිට් ක්ලබ් එකක්....නිකන් නෙවෙ.....හොද චමින්දයලා සෙට් එකක් එක්ක....
කටවහප් රොඩියා....
තෝ කටවහපන්කො...මට කියන්නෙ...නිතේස් ...ඔන්න එයි මම නම් පටන් ගත්තෙ නෑ මේ කුනු වලිය හරිද ඒයි ....මටත් දැන් රතු කට්ට පැන්නා...අපේ අම්මා අප්පච්චිලා වැදගත් කමට ඉන්නවනෙ අනික අපි අතපල්ලෙන් වැටිලද රොඩියා රොඩියා කියලා අහගන්න.....අනික සෙනෝනුත් කිව්වා ඩියෝන් බබාට බැන්නොත් බෑඩ් වර්ඩ්ස් කියන්න පුලුවන් කියලා ....පක් යූ බිච් කිව්වා.. උනත් අවුලක් නෑ කිව්වා..අපිටත් හිතවල් පපුවව්ළ් තියනවනෙ....අපිටත් රිදෙනවනෙ....නිතේස්.....
මං අහන් උන්න..බලන් උන්නා.....අත්තම්මගෙ ලොකු අම්මගෙ.....අම්මගෙ...සීයා තාත්තගෙ මූනවල් පුපුරන්න වගේ තිබුනා....එයාලා කියන්නෙ මොනවද මාත් එකට එක කිව්වා වගේම මට ගහන්න අත උස්සන් ආව වගේම ඩියෝන් ඒ අත අල්ලගත්තා ...මිනිස්සු හැමදාම තැලෙන් නෑ...මිනිස්සු හැමදාම පෑගෙන් නෑ....මිනිස්සුන්ටම තේරිලා උන්ම කොන්ද කෙලින් තියාගන උන්ට ගහන පාරට අත අල්ලන්න.....හැමදාම පාගන මිනිස්සුන්ව පැගුන මිනිස්සුන්ගෙන් බේරගන්න උඩ ඉන්න දෙවියන්ටවත් බැරි වේවි....මං බලන් උන්නා....ඩියෝන් කෑ ගහනවා....මම නැවැත්තුවෙ නෑ...ඌ උගෙ හිතේ වේදනාව යනකන් මුන්ට අල්ලන් ගැහුවත් මම බලන්නෙනෑ....ඌ මොන හර්පෙන් බැන්නත් මං නවත්තන් නැතුව උගෙ වේදනාව එලියට දාන්නදුන්නා....
නිතේශ් ...හොදහිතින් අවසානම පාරට කියන්නෙ....මෙන්න මේ කොල්ලව එලවපන්....
ඇයි...මොකටද...මොනවා කෙරුවටද අම්මෙ.....ඔයාලා ඉන්නෙ මගෙ ගෙදර ඉන්න ඕනෙ යන්න ඕනෙ තීරනෙ කරන්නෙ මම මිසක් ඔයා නෙවෙ මේක උගෙත් ගෙදර ...ඌ වැටිලා නිදාගන්න තැන ..ඌට මහන්සි දැනුනම මාව හොයන එන ගෙදර ...බයක් දැනුනම මාව හොයන් එන ගෙදර ... බඩගින්නක් දැනුනම කන්න එන ගෙදර ...මට ඌව මගෙ සහෝදරයා වගෙ....ලේ නෑකමක් තියන උන්ට වඩා උන් මට මගෙ කියන හැගීම දෙනවා..... සේලයින් බෝතලේට නැති සහෝදරයො මොකටද.....??
ඔලුව කැක්කුමක් ආවොත් පෙනඩෝල් පෙත්තක් දෙන්න මෙලෝ බල්ලෙක් නැති වෙනකොට මට හැමදාම උන්නෙ මුන් විතරයි .....ඒක හින්දා මට වෙන උන්ට වඩා මේ මිනිස්සු ලොකුයි ඉන්න උන් ඉදපියව් නැති උන්පලයව්...මම එක දවසක් හිනා උනොත් තොපි මාව සතියක් අඩවනවා....තොපිට ඕනෙ මාව මරා ගන්න....
නිතේශ් තෝ කාටද යකො ඔය කතා කරන්නෙ රොඩීත් එක්ක ඉදලා තොපිට අම්මා අප්පච්චි ලාව හොයන්නත් බැරිද...
මට හොදට මතකයි මන් ගාව උන්නෙ කව්ද නැත්තෙ මොකාද කියන්න අනික මට කොයිවෙලෙත් අතපය උස්සන් එන්න එපා අම්මා...මං පොඩි එකෙක් නෙවෙයි.....මම තව දුරටත් පොඩි එකෙක් නෙවෙයි.....
මං කෑ ගැහුවා...ඩියෝන්ව අතින් අල්ලන් මං කෑ ගැහුවා..මට ඉවසන්න පුලුවන් සීමාව පැන්නට පස්සෙ අම්මා මට ගහන්න හදපු අත ජීවිතෙ පලවෙනිම පාරට අල්ලන් අත ගසලා දැම්මා ...තව ගුටි කන්න තව අඩන්න තව තව කොන්ද නවන්න මට ඕනකමක් තිබුන් නැති උනා වගේම අම්මා මා දිහා බලන් උන්නා.....
උඹට වයස කීයක් උනත් උඹට ගහන්න කරන්න අයිතිය අපිට තියනවා නිතේශ් ඒක උව හොදට මතක තියාගනින්.....
ඇත්තද අප්පච්චි ....මගෙ එකාට ගහන්න ඕනෙද බනින්න ඕනෙද ඒකෙ අයිතිය තියෙන්නෙ මට....
අප්පච්චි ...
අම්මගෙ තැන අනිත් පාරට සීයා තාත්තා ගන්න හැදුවා...උන්මයි හැම දේම පටන් ගත්තෙ....නියපොත්තෙන් කඩන්න තිබුන දෙ පොරවෙන් කපන්න තිබ්බෙ උන්මයි...හැමෝම එක පැලැන්තියක ඉදන් පහත උන්න එකාව පාගලා රිදවන්න හැදුවෙ උන්ම වෙනකොට මගෙ වගේම ඩියෝන්ගෙ වාසනාවට මගෙ අප්පච්චි ආවා....ඒ හයියම මට ඇති....ඒ හයියම මට ඇති....ඒ එක්කම කොච්චර කෑ ගැහුවත් අඩන්න වගෙ උන්න ඩියෝන් මගෙ අප්පච්චිගෙ පිටිපස්සෙ හැංගුනා හරියටම අප්පච්චි මාව බේරගන්න කියන්න වගේ...
අප්පච්චියෝ...මේ බාන්නකො මේ මුන් හරියට ගහනවනෙ.....
අප්පච්චි .....තොට කවදා ඉදන්ද අප්පච්චි උනේ...
කවදා ඉදන් හරි.....
පල එලියට
අනීතා .....උඹ මෙහෙ ආවෙ ලමයට ලැජ්ජ කරන්න නම්.....වහාම ආව පයිම්ම ගෙදර පල.....තොපි එකෙක් මගෙ එකා ඉස්පිරිතාලෙ ඉන්නකොට ආවෙ නෑ...ඒවා මට හොදට මතකයි...දැන් එනවා මෙතන එක එක පිත්තම් කියවන්....අනික අම්මා...අප්පච්චි මේක නුවර නෙවෙ..මේක කොළඹ....අන්න ඒක මතක තියාගත්තොත් හොදයි....කුරුදු වත්ත කියන්නෙ නුවර නෙවෙ...කරුනාකරලමගෙ ලමයගෙ නම නොකා උන්නොත් හොදයි මම මේ කාට කාටත් ඇහෙන හොදින් කියන්නෙ.... අනික ...අද නිතේශ් කියලා කියන්න හරි මට මගෙ කොල්ලව ඉතුරු උනෙ උඹලා රොඩී කිය කිය හරහන උන් හින්දා....මං මේ බොහෝම හොදින් කතා කරන්නෙ හරී...
.
ඔව් ..දැක්කනෙ අප්පච්චි හොදින් කියන්නෙ.....
දහම්....තමුන් කවදා ඉදන්ද රොඩියෙක්ගෙ අප්පෙක් උනේ
උඹ මාස නවයක් බඩෙ තියන් ඉදලා වදලත් අද වෙනකන් අම්මෙක් වෙන්න බැරි උනාට දරු කැක්කුම තියන එකාට කාගෙ දරුවත් එකයි...ඒක තොගෙ නෙවෙ තොගෙ අප්පගෙ ඉදම්ම එන ජානවල වැරද්දක්.... නිතේශ් ...පලයන් ගිහින් උඹේ වැඩක් කරපන්.....මෙතන මගුල් නටන්න ඇවිත්...අනීතා....මම උඹව ලගදිම පතුරු ගහනවා බලන් ඉදින්...උඹලා හැමෝම මාවත් කාලා...අවසානෙදි ඉත්තා කෙරුවෙ මගෙ කොල්ලවද...ආ අම්මා....
දහම්...
අම්මා...කරුනාකරලා ....කරුනාකරලා ..මගෙන් පරන දහම්ව හොයන්න එපා...මූට එදා මැශින් ගොඩක් ගහලා තියනවා දැක්කම එතනම මගෙ පන ගියා ....ආය මගෙන් පරන දහම්ව හොයන්න හිතන්නවත් එපා....
මගෙ අප්පච්චි වෙනස් වෙලා.....මගෙ අප්පච්චි නොසෑහෙන්න වෙනස් වෙලා...වෙනදට කනට නෑහෙන්න කතා කරපු අප්පච්චි අද ගේ හෙලවෙන්න කතා කරනවා...
මං අප්පච්චි දිහා වගේම සීයා තාත්තා දිහා බලන් උන්නා...බස්තම අතින් මිරිකන් උන්න සීයා තාත්තගෙ කම්මුල් වල මස් පිඩු පවා වෙව්ලනකොට මෙච්චර වෙලාම පොඩී ගාව හුරතල් උන ඩියෝන්ගෙ බැලි කික්කි ගිහින් සීයා තාත්තගෙ කකුල ලෙව්වා විතරයි හිතක් පපුවක් නැතිවම ඇබිත්තන් සයිස් අහිංසකයට බස්තම් පාරක් වදිනකොට ඒකී අඩාගන බිම ඇකිලුනා ..
තිරිසන්නු.....
අහකට පල බැලිකික්කි...රෙද්ද අස්සෙ රිංගන්න එනවා...
ආනෙ.. මගෙ දෝනියා....අනේ නිතේස් බලපියකො...නාකියා ගැහුවෙ මගෙ පලිගුවටනෙ...යෝ....
එන්න...දෝනියො අම්මියා ගාවට ....
අහකට ගන් තොගෙ ඔය කික්කිව...
අනෙ ඇත්තමයි හාමුවො....උඹට නම් හිතක් පපුවක් කියන එකක් නෑ....මේ අහිංසක මූන බලන් ගැහුවනෙ බස්තමෙන්...අනේ නිතේස්...ඇස්වල කදුලුත් ඇවිත්නෙ ලමයගෙ....ඇත්තමයි....ඇත්තමයි දෙයියනෙ මට දැන් හොදටම කේන්ති ගිහින් ඉන්නෙ මගෙ ලමයට ගැහුවා මේ නාකි හාමුවා....මේ හාමුවා නම් මහ පිස්සෙක් ,පිස්සෙක් පිස්සුම හුත්තෙක්!!!!!
නිතේස් මං යනවා යන්න ....ඔන්න දැම්ම කිව්වා මන් පොඩී ගැන විතරයි බලන්නෙ ඔය අනිත් බිබික්කමියන්ව නම් පලාතෙ එවන්න එපා....ඉගුරු අතු වගෙ කකුල්...මට නම් බෑ ඔය මගුල් අල්ලන්න....දැන් ඉන්න ගෑනුන්ටත් වැඩ නෑ පිරිමින්ටත් වැඩ නෑ අපිට තමයි දැන් වැඩතියෙනෙ ....එන්න පලිගුවො යන්න...
අඩ අඩ කෙදිරි ගාපු බැල්ලි පැටියව අරගත්තු ඩියෝන් යන්න ගියෙ දොර කඩලා යන තරම් වේගෙන් වහගන වෙනකොට මං අප්පච්චි දිහා බැලුවා ...
නිතේශ් .....දැන් උඹට සතුටුද ..ආ නිතේශ් කොහෙවත් යන පරයෙක් ඉස්සරහට මගෙ අම්මා අප්පච්චිව ලැජ්ජා කරලා උඹට සතුටුයිද ...අනික....දහම් ඔයා....මොකටද දහම් ආතක් පාතක් නැති උන් එක්ක ඔච්චර ඇගෑලු කම්පාන්නෙ ආ....අනික ඌ ඉන්නෙ මොකා එක්කද දන්නවා.....මොන අසික්කිත වැඩක්ද දහම් පිරිමි පිරිමි එකතුවෙලා කරන්නෙ ...ගෑනුන්ට මිනිස්සු මිසක් පිරිමි පිරිමි එකතුවෙලා මොනවා හම්බෙනවද...අපේ එකාට මොලෙ නෑ....එක පාරක් අර පරට්ටියෙක්ට අහු උනා...ඉන්නෙත් රොඩී හැත්ත එක්ක යකො කටක් ඇරලා කියන්න පුලුවන්ද මූ මගෙ යාලුවෙක් කියලා ...ආහ්....??
ඇයි අනීතා බැරි....ආ
මේ දහම්
කටවහපන්....මං කියවනකොට මැදින් පැනලා ගුටි කන්න එපා....
ඩියෝන් යන්න ගියා....ඒ උනත් තවමත් ගින්න ඇවිලෙනවා .....ඊට පස්සෙ එලියට ආවෙ හැමදාම වලව්ව අස්සෙ පිලිකුල්ම කරපු කතාව වෙනකොට මගෙම කරුමෙට ඔෆිස් ගියපු මගෙ විතේනුත් එනකොට මං තවත් අසරන උනා.....
උන් ඩියෝන්ලට මෙහෙම කරනවා නම්...මායි මගෙ විතේන් ගැනයි දැනගත්තු දාට.....හැබැයි මේ පාර නම් මං සෙනාරිට යන්න දුන්නා වගෙ මගෙ විතේන්ව නම් මං මැරුවත් අතාරින් නෑ....
මැනික...
රන්ඩුව මැදිම්ම මගෙ ගාවට ආව එයා කාටත් නොපෙනෙන්න මගෙ පිට අත ගෑවා වගේම තාත්තා අම්මට දේශනාව දෙන්න ගත්තා ...
අනීතා ...ඒක උන්ගෙ ජීවිතේ...ඒක උන්ගෙ අම්මා තාත්තට ගානක් නැති නම්...උන්ගෙ අම්මා තාත්තට දරුවන්ගෙ සතුට වැදගත් නම් තව මොනවද අනීතා ආ...මිනිස්සු හිතන්නෙ ඉපදුනාම ඉගන ගන්න ඕනෙ බදින්න ඕනෙ ළමයෙක් හදන්න ඕනෙ ඕකද අනීතා ජීවිතෙ....ඒක උන්ගෙ ජීවිතෙ ...උන් විදිනවා ....උඹගෙ ලමයා විදවනවා...තොපි එකතුවෙලා උගෙ කෙල්ලව අවසානෙදි එලවල දැම්මා....එච්චර හරියක් කරලා තවත් ඌවම කන්න හදනවා ....වෙන උන් විදින ජීවිතෙන් හරිඅඩක් වත් උඹගෙ ලමයා විදිනවද...ආ අනීතා....උත්තර දීපන්
ඒ උනාට දහම් පිරිමි පිරිමි....ගල්ගහලා මරන්න ඕනෙ සිරිකිත හැත්තව...මගෙ එකාව මන් කෑලි කරලා ගගක දානවා ඔය වගෙ නමනින්දාවක් කෙරුවොත් ..
මං ඉබේටම එයා දිහා බැලුවා ....එයාගෙ ඇස් ඒ වෙන්ස්කොටත් තිබුනෙ මගෙ ගාව වෙනකොට මං ඒ මූන දිහා බලන් උන්නා..
අනෙ....විතේන් මාව දාල යන්න එපා ..
හිතේ වේදනාව දැනෙන අසරන කම බය එක්ක මට මාව දාපා යන්න එපා කියන එක මටත් නොදැනිම මිමිනෙනකොට එයා මගෙ අත මිරිකුවා....
කවදාවත් නෑ....මගෙ තේශි මම ඉන්නවා ...
මෙච්චර වෙලා හයිය කරන් උන්න හිත ආයම දියාරු වේගන එනකොට මං අප්පච්චි දිහා බැලුවා
අනීතා.....මම අදටත් විදවනවා මගෙ අප්පච්චිලා මට කරපු අපරාදෙට....මගෙ ආදරෙ මගෙන් උදුරන් උඹව මට කර ගැස්සෙව්වා මම අදත් විදවනවා ....මං උඹට ආදරෙ කරන්න හැදුවා ....උඹව කවදාවත් හදන්න බෑ අනීතා...උඹ මට සැනසීමකට කියලා දුන්නෙ මට මේ කොල්ලව විතරයි ....උඹ අනුන්ගෙ දරුවන්ට ගරහන්න කලින් හිතපන් උඹත් විලිරුදාව දන්න අම්මෙක් කියලා ....උන් දෙන්නා කොහොම උනත් ආදරෙන් ඉන්නවා..මගෙ දරුවා තොපි හින්දා හූල්ලනවා....ඌට උඹලා දුන්නෙ දුක විතරමයි.....ඌ පව්...අනුන්ට ගරහා ගරහා යන්න කලින් හිතපන් උඹත් අම්මෙක් කියලා ..උඹලා ඔක්කොම එකතුවෙලා අර පොඩි එකාට කොච්චර කියුම් කිව්වද....
දහම් ඌත් බැන්නා....තමුන්ට කන් නැතිද....
ඌ නිකන් බැන්නෙ නෑ තොපි ඒ දරුවගෙ මූනටම රොඩියා කිව්වම ඌ ඉවසයිද....උඹලට සහ ගහනවා අනීතා ..
.
මං අප්පච්චි දිහා බලන් උන්නා.....මගෙ අප්පච්චිගෙ මූනෙ අසරන කම තිබ්බා...කවදාවත් කියපු නැති දේවල් පවා කටින් එලියට පනිනකොට අප්පච්චි ගෙ හිතේ වේදනාව මමදැක්කා....
තේශි...එන්න මැනික කාමරේට යමු...
අම්මා අප්පච්චිගෙ රන්ඩුව තව තව ඇදුනා...තව තව ඇදෙනකොට මගෙ ඔලුව පුපුරන්න වගේ ආවා..මං දන්නවා....කොච්චර කෑ ගැහුවා උනත් ඩියෝන් අඩනවා....කොච්චර උනත් ඒ හිත තැලෙනවා.....
ඉදගන්න තේශි.....
මගෙ ඔලුව පුලුරන්න වගෙ විතේන් .....මගෙ ඔලුව පුපුරන්න වගෙ....ඇයි විතේන් මාව දාලා ගියෙ ...ඇයි....විතේන් ....
මං එයාගෙ බඩට මගෙ ඔලුව හේත්තු කරගත්තා වගේම එයා මගෙ ඔලුව අත ගෑවා ...මට වේදනයි.....මට දරන්න බැරි තරම් වේදනයි...මුල්ම පාරට මං අප්පච්චිගෙ නොකියපු වේදනාව දැක්කා.....
විතේන් ...
කියන්න තේශි....
මාව තුරුල් කරගනින් මගෙ විතේන් ...
එයා ගිහින් කාමරෙ දොර ලොක්කරලා දැම්මා....එහෙන් ඩියෝන්ගෙ වේදනාව....මෙහෙන් මම....අනිත් පැත්තෙන් අප්පච්චි ...මේක තුන් කොන් වේදනාවක් ....
විතේන් .....මගෙ අප්පච්චි පව්....මගෙ අප්පච්චි පව් විතේන් ....මම මගෙ අප්පච්චි අම්මා එක්ක ඉන්නකොට ඒ මූනෙ කවදාවත් හිනාවක් තිබුන් නෑ මගෙ විතේන් .....මගෙ අප්පච්චි හිනා උනේ මං ගාවදි විතරයි විතේන් ...කවදාවත් නැතිව එයගෙ කටින් අර වගේ දෙයක් පනින්න ... ...
මම නැවැත්තුවා..මම කිය කිය උන්න එක නැවැත්තුවා ....මගෙ අප්පච්චි විරහා වේදනාව විදිනවා එයාගෙ ආදරේ එයාට නැති උනා කිව්වා....මගෙ අප්පච්චිත් නිතේශ් කෙනෙක් වෙන්න ඇති .. ..පන දීගන කරපු ආදරෙ නැති වෙන්න මගෙ අප්පච්චිත් නිතේශ් කනෙක් වෙන්න ඇති .. ...
මම එයා දිහා බැලුවා...
මගෙ අප්පච්චිත්....නිතේශ් කෙනෙක් වෙන්න ඇති විතේන් .....කරුමෙට මගෙ අප්පච්චිට නිමල් කෙනෙක් හම්බ නොවෙන්න ඇති. .....මගෙ අප්පච්චි විරවහ තවම විදිනවා කියන්නෙ ඒක මොන තරම් වේදනාවක්ද මගෙ විතේන් .... මට අප්පච්චිගෙ වේදනාව දැනෙනවා විතේන් ...මට අප්පච්චිගෙ වේදනාව හදවතටම දැනෙනවා....
.නාඩා ඉන්න මගෙ මැනික....ආදරයක් මරන එක තරම් තවත් වේදනවක් මේ ලෝකෙ කොහෙවත් නෑ තේශි ... උවගෙ අප්පච්චිත් නිතේශ් කෙනෙක් වෙන්න ඇති...මැරිගන කරපු ආදරේ වලව්වෙ හාමුදුරුවො මරලා දාපු.....
මන් එයාගෙ පපුවට ඔලුව ගහන් උන්නා.....කවදාවත් නොදැකපු තරම් වේදනාවක් මං මගෙ අප්පච්චිගෙන් දැකපු මට මගෙ අප්පච්චි ගැන කියන්න බැරි තරම් වේදනාවක් දැනුනා ...
උඹත් අඩන්න ඇති මගෙ අප්පච්චි .....උඹත් උඹෙන් උදුරපු ආදරෙ වෙනුවෙන් අඩන්න ඇති මගෙ අප්පච්චි .....අපි දෙන්නම පව් .....මගෙ අප්පච්චි අපි දෙන්නම පවි....

"පෙම් කවක් ලියූ නුඹ
සිත් අහසෙ...
එය මකා දමා ගිය හැටි රහසේ...
නුඹ මෙතෙක් රැදී උන්
මා මනසේ....
පෙම් පුරාවතක් නිමා කරන්නද
මා කෙලෙසෙ..."
මගෙ විතේන් ....
එයාට තුරුල් වෙලා උන්න මං එයාගෙ අත අරන් මගෙ ඔලුව උඩින් තියා ගත්තා....
තේශී ...ඇයි මේ...
මට පොරොන්දු වෙයන් මගෙ විතේන් .....මගෙ අතේ සතේ නැති උනත් ..මට ඉතිරි වෙන්නෙ ඇදිවත විතරක් උනත් මොන දේ උනත් කවදාවත් මාව දාලා යන් නෑ කියලා ...අල්ලගත්තු අත අතාරින් නෑ කියලා උඹම ඇවිත් පනදීපු මාව උඹම මරන් නෑ කියලා .....
මං එයාගෙ අත මගෙ හිස් මුදුනට තියන් පොරොන්දු ඉල්ලුවා .....මගෙ ඇස්වලින් කදුලු වැටුන් නැති උනත් මගෙ හදවත කෑ ගහලා අඩනවා ....අඩන්න හදන ඇස් අමාරුවෙන් කදුලු නවතන් ඉන්නකොට මං එයාගෙන් පොරොන්දු ඉල්ලුවා වගේම එයා මාව ලගට අරන් තුරුල් කරගත්තා .....මට නිවීමක් තිබුන ඒ පිරිමි පපුවට....
මගෙ තේශී.....ආදරෙ කරනවා කියන්නෙ.....වචනයක් නෙවෙ මගෙ සුදු අප්පො...උඹම මගෙ පපුවට තුරුල් වෙනකොට ඇස් පියාගන්නවා....ඒ සනීපෙට විතරක් නෙවෙ මගෙ නිතේශ් ...උඹට මාව විස්වාස හින්දා....මගෙ ආදරේ උඹට දැනෙන හින්දා...මගෙ හිත හයියයි මගෙ මැනික ....ඇස් ඉස්සරහම මගෙ වෙන්න ඔන්න මෙන්න තිබුන ආදරෙ මැරිලා යනකොට පිස්සෙක් නොවී පිස්සෙක් වෙලා මං නොමැරි හුස්ම ගන්නවා....මට පුලුවන් නිතේශ් හෙන ගැහුවත් දරන් ඉන්න.....මට පුලුවන් මොන දේ උනත් උඹව ඇස් දෙක අස්සෙ තියන් පරිස්සම් කරන්න....
මං උඹට වචනවලට පෙරලන්න බැරි තරම් ආදරෙයි ....මං පොරොන්දු වෙනවා ...මොන දේ උනත්....උඹ මගෙමයි කියලා ....මට ඕනෙ උඹ එක්ක ජීවිතෙ විදින්න.....මට ඕනෙ කූඩු කරපු උඹව අරන් පියාඹන්න....උඹටයි මටයි විතරක් වෙන් උන ලෝකෙකට යන්න....මගෙ නිතේශ් දුක් නොවී ඉදපන්....උඹගෙ විතේන්ට හිත හයියයි ..හෙන ගැහුවත් දරන් ඉන්න...
මගෙ නිතේශ් ....ජීවිතේ කියන්නෙ...ප්රාතිහාර්ය පිරුන තැනක්...හැම තැනකදිම පොඩිම හරි දෙයක් අපි වෙනුවෙන් බලන් ඉන්නවා මගෙ තේශි....
සුදු අප්පො.... ...තත්පරෙන් දෙකෙන් කරන්න පුලුවන් දේවල් තියනවා කරන්න බැරි දේවල් තියනවා ....සමහර දේවල් තියනවා කවදාවත් කරන්න බැරි.....උඹගෙ අතෙ නියපොත්තක් වැවිලා තිබුනොත් මට ඒක තත්පරෙන් කපලා දාන්න පුලුවන් ..හැබැයි මැනික...
නියපොත්ත සවුත්තු වෙලා තිබුනොත් මට කියන්න බෑ මේ දැන්ම ගලවපන් කියලා ....ඉතින්....හැම වේදනාවකටම ඕනෙ දරා ගන්න කාලය....මුලින් උදුරන්න ඕනෙ කාලය..වැරද්ද හදා ගන්න ඕන කාලය .....
උඹට තවමත් පරන දේවල් කිය කිය වද දෙන මිනිස්සු කාලෙකින් ඕක අතෑරලා දාවි පන...හැබැයි තත්පරෙන් දෙකෙන් නෙවෙ.....ඒක නිසා ...හෙන ගැහුවත් අපි දරා ගමු.....
එයා අත් දෙකෙම්ම තුරුල් කරන් උන්න මගෙ හිත හදලා නලලට හාදුවක් තිබ්බා.....එයා ගාව තිබුනෙ මිනිහෙක්ට වචනවලින් මෙච්චරයි කියන්න බැරි ආදරයක් වෙනකොට ඇවිලුන හිතට නිවෙන්න දීලා මං එහෙම්ම උන්නා....

පායා එන සදවත මනරම් ..
තනිකමත් බෝම සීතයි...
වාවගන මහමෙරක තරම්
උනුසුමකින් තුරුලු වෙමි...
දිවිය පුරා ළඟ හිද
මා හා සංසාරෙ වෙලෙනා
උනුසුමකින් තුරුලු වෙමි..
සසරපුරා...ළඟ හිදිමි....
මං සෑහෙන්න වෙලාවක් යනකන් එයාගෙ පපුවට තුරුල් වෙලා උන්නා වගේම දොරට තට්ටු කරන සද්දෙත් එක්ක එයාගෙන් ඈත් වෙලා ගිහින් දොර ඇරියා ..
අප්පච්චි ..
එන්න කන්න...
අප්පච්චි ...දවල්ට ..
මං කෑම ගෙන්නුවා...
අප්පච්චි යන්න ගියා වගේම මං එයාව එක්කන් අපෙ කෑම මේසෙට යනකොට මූනවල් කුන්ඩ හට්ටි කරගත්තු මැනිකෙලා මේසෙ ඉදන් උන්නා උනත් මට ඩියෝන් නැතිව බත් කටක් ගිලින්න අමාරු උනා....ඌව දීලා ගියෙ මට....
සුදු පුතා...
අප්පච්චි
අර දරුවව අඩහන් එන්න....
දහම්.....මෙතනට ඌ එනවා නම්..මං යනවා...
කන උන්ට කන්න පුලුවන් නැති උන්ට බඩගින්නෙ ඉන්න පුලුවන් කෑවත් එකයි මට නැතත් එකයි.....විතේන් වාඩිවෙන්න.....මට උඹලට වගෙ එකෙක් බඩගින්නෙ ඉද්දි ගිලලා පුරුද්දක් නෑ....
අප්පච්චි ඩියෝන්ට පුටුවක් වෙන් කරලා තිබ්බා වගේම ඩියොන් එනවා කිව්වා විතරයි පොඩී ඇරෙන්න අනිත් උන් නැකිට්ටා ....මගෙ හදවත වීදුරු කටුවකින් හූරනවා වගෙ දැනුනත් මං පොඩි එකාව හොයන් ගියා...
ඩියෝන් මැනික...
මං ඌට ආදරෙන් කතා කෙරුවා ...ඌ සැලොන් එකෙ නෑ කියන්න මං හොදටම දන්නවා....චූටි පලිගුවා ගෙයි පුරාවටම සපත්තුවක් ලේස් එකෙන් ඇදන් දුවනකොට මං ඩියෝන්ව හෙව්වා .....
ඩියෝන්....ඔයා ඇතුලෙ ඉන්නවා නේද ඒයි .....මේ නිතේස් ආවනෙ.....
දුක හිතුනම...බය හිතුනම...ශෙනෝනයගෙන් ගුටි කෑවම ඌ හැමදාමත් රිංගුවෙඅල්මාරියට වෙනකොට මං අල්මාරිය ගාව දන ඔබාගන ඇතුලට වෙලා හොරෙන් අඩන ඩියෝන්ගෙ හිත හැදුවා...
ඇ...ඇයි...නි...තේ....ස්...අපිට...එහෙම...
කරන්නෙ....අපිත්....ඔයාලා...වගේ මිනිස්සු..නෙ.....අපිට ...රිදෙනව...නෙ.....
ඩියෝන්..මගෙ මැනික මේ අහන්නකො.....කවුරු මොනවා කිව්වත්....අප්පච්චි ආදරෙයිනෙ.....නිතේසුත් ආදරෙයිනෙ.....විතේනුත් ආදරෙයිනෙ ඩියෝන් බබාට.....
මං ඒකගෙ හිත හදන ගමන් හිමින් දොර ඇරියා වගේම රෙදි අස්සෙ හැංගිලා අඩන එයාව එලියට ගත්තා ..ඒචූටි මූන රතු වෙලා.කොච්චර කෑ ගහලා ආවා උනත් උන් හැමෝම එයාට බනිනකොට ඒ චූටි හිත රිදිලා තිබුනා ...මං මගෙ අත් දෙකෙම්ම රතු උන මූන පිහලා කොන්ඩෙත් අතින් හැදුවා
අප්පච්චි එක්කන් එන්න කිව්වනෙ ඩියෝන් බබාව...ඉක්කෙ....පලිගුවගෙ අම්මියා අඩනවනෙ....
මං එයාගෙ මූනට හිනහවක් ගේන්න එක එක එව්වා කිව්වත් එයා හිනා නොවි උන්නා...
නිතේස් ....සමහර....වචන...තියනවා....පපුවට..හරි බරයි....නිතේස් .....මට ....රිදුනා .....අපිව...පෑහෙන්නෙ...නෑ ගගා...කියනකොට මට...රිදුනා....අපි...හිතලා....ඉපදුන් නෑනෙ.....අපි...මොනව...කෙරුවටද....ඔහොම...රිදවන්නෙ...
එයා දුක කිය කිය අඩනවා .....උන් අහිංසකයව රිදවලා..මන් අඩන එයාගෙ රතු උන තෙත කම්මුල් මගෙ පිට අල්ලෙන් පිහදැම්මා....කොයි වෙලෙත් හිනාවක් තිබුන චූටි මූන දුකෙන් බර වෙලා....
ඒ හුත්තලාට පිස්සු මැනික....නිතේස් ඉන්නවනෙ...විතේනුත් ඉන්නවනෙ...ඉතින් උන්ව අපිට ඕන් නෑ...හරිද ...
ම්න්...නාකි හුත්තට තමා හුගක්ම පිස්සු...මගෙ දෝනියට ගැහුවා...නාකි බස්තමා.....වල් හාමුවා ....
ම්න්..වල් හාමුවා තමා...අපි යමුද ...අප්පච්චි බලන් ඇතිනෙ....ඔයාගෙ සෙනෝන් ආවොත් මට බනීනෙ..මේ මල්පපඩම් බිබික්කමව බඩගින්නෙ තිබ්බා කියලා ....
මං ඒකා කියන කියන ඔක්කොටම හූ මිටි තිබ්බා වගේම අවසානෙදි හරී අමාරුවෙන් එයාව නලවගත්ත ..
පලිගුවෝ.....දෝනියෝ....ඔයා කොහෙත.....
මේ ඉන්නෙ ...එන්න බයි කන්න යමු. ....අප්පච්චි බයි කන්න එන්න කිව්වනෙ..මගෙ දෝනියා ලොකු වෙලා දත්.ආවම අර නාකි හාමුව හව් හව් ගාලා හපන්න ඕනෙ තේරුනාත ...
මං එයවයි බැලි කික්කිවයි එක්කන් ආවා ...
අනිත් උන්ව තඹේකට මායිම් නොකරපු අප්පච්චි කරදඩු උස් උන අපි තුන්දෙනාටම කැව්වා...
මට කොයි දරුවත් එකයි.....
මගෙ අප්පච්චි කටක් කවන වාරයක් පාසාම මට කොයි දරුවත් එකයි කියනකොට කාටත් හොරාවට මේසෙ රෙද්දට යටින් මගෙයි මගෙ විතේන්ගෙයි අත් දෙක එකට පැටලිලා තිබුනා ....වෙලාවකට එයාගෙ අත පුරුදු විදිහටම මගෙ කලවෙ උඩ දගකෙරුවා වගේම මගෙ කකුල එයාගෙ කකුල දැනෙන නොදැනෙන ගානට පාගන් උන්නා.....උන් දහසක් දේවල් කිව්වත් මං එයා එක්ක කාටත් හොරාවට අපෙ ආදරෙ වින්දා ..
ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙ ..
අප්පච්චියෝ .....අනේ පපඩම අස්සට බත් දාන්නකො....
හා...
පිම්බුන පපඩමක් අස්සට බත් දාලා ඉල්ලපු ඩියෝනය අඩලා බුරුල් උන නහයෙ හොටුත් පිහ පිහ පපඩම කන්න ගත්තා වගේම ඇබිත්තන් පලිගුව කෙදිරි ගගා මේසෙ රෙද්දෙ එල්ලුනා.....
අප්පචි ලව්වා බඩ පිරෙන්නම බත් කවෝ ගත්තු ඩියෝන් ආය වැඩට යන්න බෑ කියාගන බලු කුක්කව අරන් යන්න ගියා වගේම මං කෑම මේසෙ අස් කරන්න කාපු බීපුපිගන් හෝදන්න ගන්නකොට මැනිකෙලා උන් උන්ගෙ කතාවල උන්නා...
විතේන් ....මෝඩයෝ ..
ඔය ඇති අස්කෙරුවා...
අතු ගාපු කොස්ස ආයම තියලා එනකොට මිනි බාතෲම් දොරෙන් එලියට ආව අතක් මාව ඇදලා ඇතුලට ගත්තා ....ඒ වෙන කවුරුත් නෙවෙ මගෙ විතේන් ...ඒකා හිනාවෙනවා ....
දැන් මොකද මගෙ මෝඩයට...
එයාලා අදම යන එකක් නැද්ද සුදු මහත්තයා ...
ම්ම්ම්....අනේ මන්දා...ඇයි යනවට අකමැති නම් මං කියන්නම්....මගෙ විතේන් හරි කැමතීනෙ...
තොට පෛයිත්තියන්ද මැනික....නිකන් ඉදු....අනේ ඉක්මනට එලවපන් නිතේශ් ...උන් ඉන්නකොට මට මගෙ බේබි හාමුවව අල්ලන්නවත් බෑනෙ.....අත කොකියනව...අනික කොච්චර වැඩ තියනවද කරන්න .....මගෙ මැනිකගෙ සිල් බිදින්න ...
උඹ මහ වලෙක් විතේන් ....මහ වල් කොල්ලෙක්.....
වලෙක් නෙවෙ ....වල්වනචර ඇම්ඩෙක් ...ඇයි...මගෙ තේශි ආස නැද්ද ....
නැත්තෙ මොකක්ද .....වල් වනචර ඇම්ඩා උනත් මං ආදරෙයිනෙ පන ...උඹ ගාව්නෙ මගෙ හුස්ම තියෙන්නෙ.....
මගෙ බේබි හාමුවා.....
වෙනදා වගේම ලෝබ කම පිරුන ඇස් දෙක මගෙ මුන පුරාවටම යනකොට මං එයාගෙ යටි තොලට ඇබිත්තන් හාදුවක් දෙන ගමන් එහෙම්ම එයාව සින්ක් එක උඩ ඉන්දුවා .....ඉන්දවලා එහෙම්ම එයාගෙ ඔලුව පිටිපස්සෙන් අත තියලා මං හිමින් සීරුවෙ එයාව සිප ගන්න පටන් ගත්තා ....

මගෙ විතේන් කියන්නෙම තනිකරම භාවනාවක් වගේ වෙනකොට මටත් නොදැනිම මගෙ අත එයාගෙ ටී ශර්ට් එක අස්සෙන් ගියා...අකීකරු ඇගිලිවලින් තැලෙන පපුව වගේම පුංචි උපන් ලපයක් එක්ක හැඩ උන එයාගෙ දෙතොල් මැද මාව අතරමන් වෙලගියා....ඇහෙන නෑහෙන ගානට එයා කෙදිරුවා වගෙම කෙදිරි ගාන එයාව මං සම්පූරනම සීල් කරලා දැම්මා උනත් ඉවසීමක් නැති මගෙ අත එක්ක එයා මාව පපුවට තදකරනකොට දුන්න හාදුව මගින් නවත්තලා එයාගෙ ටීශර්ට් එක උඩට ඉස්සුවා .....
දත් පාරක් හිටවන්නද ...
ඇහෙන නැහෙන ගානට මං කොදුරනකොට හා කියලා කියන්න එයා ඔලුව වනනකොට මං දෙකට බෙදුන පපුවට පහත් උනා...
අනේ....හ් ...තේ....ශී....හ්...
ඇයි පන ....
ආයමත් එයාගෙ කෙදිරුම එන්න එන්න වැඩිවෙනකොට මං ආයමත් පාරක් එයාව සිපගන්න පටන් ගත්තා උනත් අපේ ආදර් ළෝකෙම බිදගන තට්ටුවක් නොකරම දොර ඇරුනා ....
අපි දෙන්නගෙම කටේ කෙල හිදිලා ගියා ...
නිතේ....ශ්....උඹ.....!!!!!
🙂සාමය සචුට පිරි...පීතිමත් උජෑසනක් වේවා....
මේ ළමයා බුජි.....ඔයාලත් බුජියන්න ....
ආයම කොටසකින් එන්නම්...
මම
Ferdeesha ❤️💚😘