ලබ් ඩබ්....
ලබ් ඩබ්...
ලබ් ඩබ්...
ක්රී...ස්....
ටික්...
ටික්.....
ටික්...
ටික්...
ලබ් ඩබ්...
ටික්.....ටීක්...
ලබ්ඩබ්....
ටික් ටීක්.....

දොලහෙ කනිසම යන්තන් පහු උනා විතරයි ...රොබින් කුරුල්ලා වගේම වරුණ උන්නෙ සිවිලිම උඩ වෙනකොට අපි දෙන්නම බිත්තියට හයි කරපු අල්මාරිය අස්සට රිංගුවා ....
එලියෙ තියන ගස්වල හෙවනැල්ල සුදු පාට බිත්තිය උඩට වැටිලා තවත් හොල්මන් ලෝකයක් මවනකොට මෙච්චර වෙලාම ඇහෙන නැහෙන ගානට එහා මෙහා උන වහලෙ උලු සද්ද වෙන එක නැවතුනා...
යන්තමට ජනෙල් පියනක් ඇරෙන සද්දෙ.....ග්රීල් පට්ටම ගැලවෙන සද්දෙ එක්ක සාලෙ තිබුන බට්ට ඔරලෝසුව එහා මෙහා වෙන සද්දෙ ඇරුනම..එයාගෙ මගෙ හුස්ම ගන්න සද්දෙට අමතරව තවත් හුස්ම අල්ලන සද්දයක් ඇහුනා.....ඒක එයාගෙන් එන බ්රැන්ඩි එක්ක සිගරට් සැර මුහු උන හුස්ම වත්...මගෙන් එන නමක් නොදන්න සුවදක් දැනෙන හුස්මවත් සිවිලිම උඩ අඩ්ඩඩ්ඩාවට නැවීගන ඉන්න රොබිනගෙවත්....ඇමතියගෙ ඊලග ගොදුර වරුනවත් නෙවෙ...
ඒක උන්ගෙ.....
ඒක ඇවිදින් අපෙ මාරයේ දූතයන්ගෙ....
ඔව් අපිට තිබුනා අපිට ජීවිත හානයයි වෙයි කියලා බයයි කියලා පොලිස් පොතේ ලියන්න...
කෝ සාක්කි.....
නහ මහ රූස්ස ගස්වලින් සාක්කි ඇහුවෙ නැතුවට අපි වගෙ සූරිය ගස් වලින් සාක්කි නාහා ඉදීද...
සංධීර් ගෙ මරනෙම යට ගගපු....මරන පරික්ශන මොකුත්ම තියන්න නොදුන්න...ඒ වෙනුවෙන් කතා කරපු උන්ට මාරුවීම් එක්ක තාවකාලික වැඩ මුර තහනම් කරපු සක්කිලි කාල කන්නි රජයක් එක්ක අපි කොහොමද කියන්නෙ..මේක මෙහෙමයි...අරක අරහෙමයි කියලා .....
කාකි ඇදුම අදින හැම කාකි ඇදුම් කාරයම එක වගේ නෑ.....
වෙද නලාව දාන හැමදොස්තර මහත්තයම එක නෑ....
කලු ලෝගු පොරවන හැම පෙරකදෝරුවම එක නෑ....
සල්ලි වලට ආත්මෙමම විකුනන උන් ඉන්න ලෝකෙක ...අපි වගේ උන්ට වෙන්නෙම නහයට උඩින් වතුර ගැලුවත් ජය වේවා කියලා කෑ ගහන්න....
ක්රී....ස්ස්
වහල තිබුන දොර ලාවට ඇරුනා...හද එලිය විතරක් මරනයෙ දූතයන්ට පාර කියනකොට මිනිස්සු මේ වෙනකොටත් තම තමන්ගෙ හීන වල අන්තෙටම කිමිදෙන ගමන් ඉන්නකොට ගමක් පෙති ගැහුවත් උන්ට දැනෙන්නෙ නැති උනා.....
එකෙක් ආවා....
සංධීර් ගෙ උනුසුම් හුස්ම මගෙ බෙල්ල පිටිපස්සට වදිනකොට මම එයාගෙ ඇදුම කිටි කිටිය්ට මිරිකගත්තා .....
අවංකවම මෙවෙලෙ තිබුනෙ මට බයක්...
තැති ගැන්මක්.....
හදවත එලියට අරන් මගෙඇස් පනා පිටම ලේ පනිනකන් මිරිකනව වගේ හැගීමක්.....
ඇද උඩ තියෙන්නෙ අශාන් කාරයගෙ මලකද උනත්.....
මාව එක පාරම අවුරුදු දහයකට ඇදගන ගියා...
මට සංධීර්ව මැවෙන්න ගත්තා....
අනෙ මගෙ සංධීරුත් එදා මෙහෙම වෙන්න ඇති නේද නිදාගන ඉන්න ඇත්තෙ මතක් උනා...සිවිලින් කුස්තූර අස්සෙ තියන ඇහැට නොපෙනෙන කැමරාවලට මේ හැම දේම රෙකෝඩ උනත්...එදා එයාගෙ තනියට බලු බල්ලෙක් නැති උනා.....
ස්ස්.....ස්..සංදීර් ....
මට කෙදිරි ගෑවුනා...මට ඇහෙන නෑහෙන ගානට කෙදිරි කෙදිරි ගෑවුනා....
මගෙ සංධීර්...
යෙ....යේ....
එයා කනට කොදුරනකොට ඇද වටෙ කැරකෙන උන් අශානයගෙ මලකද කියලා නොදැන උන් එයාව මරන්න හැදුවා...හිතේ තියන බය දුක වේදනාව තැතිගැන්ම එක්ක මගෙ ඇස් දෙකෙන් කදුලක් පනිනකොට එයා මාව එක පාරම තුරුල් කරගත්තා වගේම අනේ ඔයාව මරන්න දෙන්න එපා සංධීර් කියලා මම කෙදිරුවා ......
මූට මැරිලා වගෙ නින්ද ගිහින්....
අල්ලපන් ඕක ඉක්මනට...
අරුන් රහස් මුමුනවා....උන් දන්නෙ නෑ...උන්ගෙ හාම්පුතාගෙ පුත්ර රත්නෙගෙ මලකදමයි පුච්චන්න හදන්නෙ කියලා ......
මුන් එදත් මෙහෙම වට කරන්න ඇති....සද්ද බද්දයක් නැති තැන එකා එකා කාමරේට ඇදෙන්න ගත්තා...හරියටම හුඹස් වලින් එලියට ඇදෙන සර්පයි වගෙ....
අල්ලපන් ඕක.....
එකෙක් මිමිනුවා...උන් රහස් මුමුනවා....අල්මාරිය ඇතුලෙ රෙදි අස්සෙ වකුටු වෙලා උන්න අපි දෙන්නට උන් කියන වචනයක් නෑරම ඇහෙනකොට අපි දෙන්නම බලන් උන්නා
අල්ලපන් ඕක....
එකෙක් අල්ලපන් ඕක කියනකොට තව එකෙක් රෙදි කෑල්ලක් අරන් මොනවහරි රෙදි කෑල්ලට වැක්කෙරුවා....
ක්ලෝරෆෝම් ...
මගින් ඇහැරෙයි කියලා ...උන් මගෙ සංධීර්ගෙ බෙගෙත් වලට නිදිපෙති කලවම් කෙරුවා වගේම මෙතනදි ක්ලෝරෆෝම් ඇල්ලුවා......ඉන්නෙ මොකාද කියන්නවත් නොබලා මැරුන මලකදට උන් ක්ලෝරෆෝම් අල්ලන් ඉදලා අනිත් පාර හිතේ සැක ඇරලා කට ඇරලා කතා කරන්න ගත්තා ....
ඔය ගන්න තියන දෙයක් තියනවා නම් ගනිල්ලා...මූව මෙක අස්සෙ කරකුට්ටන් උනාට පස්සෙ මොනවා ගන්නද....
උන් කියවනවා...
ගන්න තියන දෙයක් ගනිල්ලා කිව්වා....
මුන් අල්මාරිය අරීද....???
මට සංධීර්ට කතා කරගන්නත් බෑ.....අපිට එලියට යා ගන්නත් බෑ
තිබුන එකම සැනසීම කාමරේ ලයිට් එක ගලවපු එක විතරක් වෙනකොට මුන් අශානයගෙ මලකදට පුලුවන් තරම් බැන්නා හැප්පුනෙ වැරදි එකා එක්ක කිව්වා...එක මිනිමැරුමකින් පස්සෙ උන්ගෙ කුට්ටිය කීයක් හම්බෙයිද බැලුවා...උන් මගෙ සංධීර්ගෙ නම පවා කිව්වා....
පෙරකදෝරුවෙක් උනහම....ඉඩම්...නඩුවක්...කතා..කරගන....පාඩුවෙ ඉන්න...ඕනේ...
නැති මගුල් කරලා...නිකා....න්.....මැරෙනවා...
උඹ හැප්පුනෙ....වැරදි එකා එක්ක මල්ලි.....අපිටත්...ඉතින්....කරන්න දෙයක් නෑ.....
උඹ වගේම එකෙක්....මිට අවුරුදු බරගානකට උඩින් අමු අමුවෙ නිවන්ගියා....
මොකද ඒකගෙ නම...
උන් කියවනවා.....උන් උන්ගෙ හපන් කම් ගැන කියවනවා...
මොකාද උගෙ නම කියලා එකෙක් අහනකොට තව එකෙක් ගිහින් එයාගෙ කබඩ් එකේ තිබුන විස්කි බෝතලයක් ගෙනාවා....
ඒකගෙ...නම...මොකාද.....ස්....සංධීර් .....නිකන්...නෙවෙලු....ධවා....න්....සංධීර් ...එක...නායක......
පුහ්...නම...විතරයි....ඒකගෙ...
ධවාන්....අවසානෙදි දැවිලම ගියෙ.....
ම්ම්ම්.....නෑ...ඌ....ඉන්නවලු.....
මම අහන් උන්නා....ක්ලෝරෆෝම් අල්ලපු මිනිය දිහා බලාගන අම්මා අප්පා බඩ වෙන කුනුහර්ප දිගාරින ගමන් උන් විස්කි බෝතලේ හිස් කරන්න ගත්තා වගේම සංධීර් මැරිලා කියපු එකෙක්ට තව එකෙක් ඌ ඉන්නවා කියලා උත්තර බැන්දා....
ඌ ඉන්නවලු....කව්ද කිව්වෙ.....
ඇමති තුමා....
එහෙනම්....එයාටත්....අද හෙටම....
ම්ම්ම්...ඇමති තුමා පුටුවට නගින්නෙ ඕකගෙ මලකද උඩින් කිව්වා.....
ඒකියන්නෙ....හෙට අනිද්දා.....ආයම....වැඩක්...
ම්ම්ම්...
එකක් නෙවෙ....දෙකක්...ලොක්කා..දෙකක්.....
දෙකක්...??
ඇයි.....අර ගොතයා.....ඇමති තුමාගෙ රෙදි ගැලෙව්වයි කියන ඇටයා......වචනයක් කියා ගන්නබෑ...බ්බ්.. බ්බ්...බැක්...බැක්...බැක්.....ගානවා...ගොතයා...ඕකගෙ ගොතේ තිබිල ඔහොම නම්...ගොතෙර් නැතුව ගියා නම්.....කොහොමට හිටීද පොඩි පකා.....
ඕකගෙ දිව කපලා යවන්න ඕනා ඇමති තුමාට.....
හහ්....හ...හ්...හ....හ්.හහ්.....
උන්ගෙ වැඩෙ....ඒකත් අපිටම
මං හිතන්නෙ නෑ...ඒක දැනටම කාටහරි දිලා ඇති...කියන්න බෑ...හෙට උදේ වෙනකොට ...එකට මලගෙවල් තුනක් ආරංචිවෙයිද කියලා.....ගොතයගෙයි...ඒකගෙ....අර නාකි මයිනගෙයි.....
ම්ම්ම්....මොනව උනත් අර කොල්ලා.....ඒකට පව් කියලා බෑ...ඔය වගෙ උන් තමා ඔය කැම්පස් ගිහින් අරගල කරන්නෙ...මරලම දාන්න ඕනා හුත්තිගෙ පුතාලව.....පේන්නෙ නැද්ද.....කිව්වත් වගෙ ගොත ගහලා ඔහොම නම්...
වරෙල්ලා...වරෙල්ලා...අ..මේ කාලකන්නියවත් අලුකරල තියන දෙයක් අතපත ගාන් යමු...
මම දත්මිටි කෑව....මම මගෙම අත් කිටි කිටියට මිරිකගත්තා ...ඒකලා මට ගොතයා ගොතයා ගගා වෙට්ට කතා කියනකොට මගෙ රතු කට්ට පැන්නා.....
අපි හිතුවා හරි....අපි හිතුව හරියටම හරි...ඇමතියා අපි දෙන්නට ශොට් එක දෙනව කියන එක ටක්කෙයම හරියනකොට චියර්ස් කරපු උන් විස්කි වීදුරු එකට හප්පලා එක උගුරට හලාගත්තා වගේම ගෙනාව පෙට්රල්.කෑන් කෑන් මලකද උඩට වැක්කෙරුවා....මගෙ සංධීර් මට දුක හිතෙයි කියලද කොහෙද මගෙ කන්දෙක වහගත්තා ....උන් මට ගොතයා කියන එක ඇහෙන් නැති වෙන්න මගෙ කන් දෙක වැහුවා.....එ උනත්..අමට ඇහිලා ඉවරයි...ඒ උනත්...මට ඇහිලා ඉවරයි.....
මං සංධීර් දිහා බැලුවා.....මගෙ බැල්ම ඒ තරම් හොද උනේ නෑ...
මම උන්නෙ වෙව්ල වෙව්ල........මම උන්නෙ පුපුර පුපුර.....
එහෙනම්.....නිවන් සුව ලොක්කා....!!!
මොනවා කරන්නද ලොක්කා...උඹලට තිබුනා කිව්ව විදිහට සාක්කුව පුරවන් යන්න....දැන් ඉතින් සදා සොත්ති ...
භවන්තුතේ.....!!!
තව ටික දවසිකින් අර නාකි මයිනයි ගොතයයි එයි.....තුන්දෙනාටම තියෙන්නෙ උඩට වෙලා ඉදන් නඩු කතා කරන්න එහෙනම්....
ම්..ම්...බ්බ්..බ්ක්..බක්....ගගා
..අරූගෙ නඩූ විසදන්න...
හහ්...හ...හ්...හහ්....!!!
උන් හිනා උනා...උන් කයිවාරු කියෙව්වා ...ඇමතියගෙ හපන් කම් කියෙව්වා...අපි දෙන්නත් එයි කිව්වා...අවසානෙදි පෙට්රල් වලින් නාවපු මලකද ඇද මේ ඔක්කොම දිහා බලන් උන්න උන් තුන්දෙනාගෙන් එකෙක් කාට හරි කෝල් එකක් ගත්තා....කාටද...
එයයි මමයි බලන් උන්නා.....අපේ ඵෝන් වලින් පවා වීඩියො කෙරුවා ......උන් තුන්දෙනාටත් වෙන්නෙ කරකුට්ටන් වෙලා ඇමතියගෙ ගේ ඉස්සරහින් නවතින්න වෙනකොට අපි උන්ට ඕන නාඩගමක් කරන්න දුන්නා...
වෙලහට ඇමතියා මල්වඩම් රටෙම්ම ගෙන්නනවා ඇති.....
ඇයි ඉතින් සතියක් තිස්සෙ ෆ්රීසර් එකේ උන්න පුතන්ඩියගෙ මලකද අඩලා දොඩලා වලදාන්න....
මම යටි තොල හපන් බලන් උන්නා....සංධීර් මගෙ උරහිස්වලින් මිරිකන් උන්නා...
ඇමති තුමා....
හෙලො....
ඇමතිතුමා....වැඩේ හරි...
එන්න හදන්නෙ...
නෑ..නෑ...මෑන්ට කට කපලා නින්ද ගිහිල්ලා.....
ඌට මහන්සි ඇති...ඇමති තුමා එක්ක කටගහලා....
හරි ඇමති තුමා....එහෙනම්...නමෝ විත්තියෙන් ගිනිකූර ගහන්න තියෙන්නෙ...දැන් ඉතින් ඔක්කොම කරදර ඉවරයි...
ඉවරයි...ඉවරයි පම්කක්....දැන් තමා පටන් ගන්නෙ.....ඉවරයි....
ඒකා හිනා උනා...නෑ...නැ...නෑ...උන් ඔක්කොම හිනා උනා...කරදර ඉවරයි කියලා හිනා උන උන් අවසානෙදි උන් උන්ගෙ මුනට මුන බැලුවා...
හෙට ඉදන් ඇමති තුමාගෙ ගෙදර ඉලව් රකින්න තියෙන්නෙ...එහෙනම්....ඉතින්...
පෙරකදෝරු මහත්තයො.....නිවන් සුවම ලැබේවා.....
සාධු....සාධු.....සා....ධූ....
ටක්ස්....
උන් සාදුකාරයක් දුන්නා...සාක්කුවක් අස්සක තිබුන ගිනිපෙට්ටියෙන් සද්දෙට ගහපු ගිනි කූරත් එක්ක බලාගන ඉන්නකොට ගිනිජාලාවක් නගිනකොට උන් උන් කාමර කාමර වල තියන වටින කියන දේවල් හොයන්න ගත්තා ....
එහෙනම් ඉතින්...ඒ තුන්දෙනාටත් සාදු.....සාධු....සාධු තමයි කියන්න වෙන්නෙ.....
ඔන්න...ස්...ස්..සංධීර් ....ප්ප්..පටන්....ග්..ගත්තා.....
මම මිමිනුවා....
පෙට්රල් වලින් නෑවුන් මලකද බස බස ගාලා ගිනි ගන්නකොට උන් උන් ගේ අස්සෙ එහා මෙහා ගියා.....උන්ට ගානක් නැති උනා....ඇවිලෙන්නෙ මලකදක් කියලා දන්නෙ අපි විතරක් උනත්...තිරිසන්නු ආස්රේට වැටුන උන්ට මේ ඇවිලෙන්නෙත් තමුන් වගේම පන ගහන මනුස්සයෙක් කියලා බෙරලා යවන්න හිතක් තිබුන් නැ...
මේ ඉන්නෙත් උන් වගේම කාගෙ හරි සහෝදරයෙක්..මිනිහෙක් දරුවෙක්ගෙ තාත්තෙක්ද කියලා හිතන්න උන්ට වෙලාවක් තිබුන් නෑ...
වරුණ කැම් ඕෆ් කරන්න....
ඒ සංධීර්ගෙ කට හඩ...
ඒක තනිකරම අණක් වෙනකොට එයා උඩ ඉන්න රොබිනලාට කැම් ඕෆ් කරන්න කියලා මැසේජ් එකක් යැව්වා වගේම අරුන් සැරින් සැරේම ඇවිලෙන ගින්න දිහා බල බල යනකොට ආව එකා ආපිට දුවනවත් එක්කම මාව අල්මාරිය අස්සෙ දාපු සංධීර් එලියට පැන්නා.....
පැනල ඇවිලි ඇවිලි තිබුන අශානයගෙ මලකද එලියට ඇදලා ගත්තා....
ස්...ස්..සංධීර් ...
මං කෑ ගැහුවා.....
සිවිලින් වෙනකන් වදින ගින්න දිහා බල බල ගානක් නැතුවම ගින්නට පැනපු එයා දිහා බලන් මම කෑ ගහනවත් එක්කෙම එකෙක් ආපිට කාමරේට ආවා.....
ඌ සංධීර්ව දැක්කා....ඒ විතරක් නෙවෙ....ඌ මාවත් දැක්කා...හැබැයි ඌට කාමරේට ආව මෝඩකම කියලා හිතෙන්න ඇති...බාගෙට කර උන අශාන් කාරයගෙ මිනියත් තියාගන ඇස් ගෙඩිලොකු කරන් උන්න සංධීර්ව දැකපු ඌට උඩ ඉන්න තිස්තුන්කෝටියම සිහි වෙන්න ඇති.....
අද හෙට අනිද්දා ස්වර්ගස්ත කරන්න බලන් හයිරන් කාරකම් කියවපු ඌ ඉස්සරහම අපි දෙන්න හිටන් ඉන්න කොට ඌට සංධීර්ගෙ එක බැල්මකින් පවා මරන බය දැනෙන්න ඇති....
...උ...උ....උඹ....ආව්ව්...හ්හ්...අම්....මහ්....
මං හිතන්නෙ ඌට හිතේ තියන දේවල් වචන කරගන්න කාලයක් නැති වෙන්න ඇති...අපි දිහා බලන් ඉදපු ඒකගෙ මූන සම්පූරනම සුදුමැලිවෙලා ගිහින් උඹලා .....කියනවත් එක්කම මගෙ මිටමෙලවුන අත ගිහින් ඒකගෙ නාස් පොල්ල එක පාරින් කඩල දානකොට මෙච්චර වෙලාම එලිය දුන්න හද පවා වලාකුලකට මුවා වෙලා ගියා ...
හදටත් බය හිතුනා....හදෙ උන්න හා පැටියටත් බය හිතුනා....
.....උ..උඹ...ම්..මොනවද බලන් ඉන්නෙ...ම්ම්....ක්..කෑ.ගහන්නද....ආ....ක්..කෑ....ගහපන්.....උ..උඹගෙ....ඇ..ඇමතියට.....ඇහෙන්න..ම්..මෙතන...ඉ..දන්....ක්..කෑ....ගහපන්.....හ්..හරි...උ..උඹට....ප්..පුලුවන් ...මෙ..මෙතන....ඉ..ඉද....න්...උ.....
උඹලගෙ.....ඇ...මති....ත්තුමාට....ඇ..ඇහෙන්න....හ්..හයියෙන්.....ක්ක්...කෑ.....ගහන්න.....
මම හිනා උනා.....සිවිලින් අස්සෙන් රොබිනා වගේම ගිනි තියපු පෙරකදෝරුවා බහිනකොට මගෙ අතට හිර වෙලා උන්න එකාව වෙව්ලන්න ගත්තා....
එ...එ....
එ...එ...ඒ.ග්ග්..ගාන්නෙ....ඇ..ඇයි....උ..උඹටත්....ම්..මට.....ව්..වගේ...ග්..ගොතේද...ම්ම්...ම්ම්....මොකක්ද....උ ...උඹ..ක්..කිවේ...ම්ම්ම්...
මන් අල්ලන් උන්නෙ මට ගොතයා කියපු එකාව.....මං අල්ලන් උන්නෙ මම ගොතයෙක් කියලා මට ආය ආයම මතක් කරපු එකාට.....
ඔව් මං ගොතයි....ඔව් මට කතා කරගන්න අමාරුයි තමයි යකො....ඒක මගෙ වැරද්දක්ද.....මම ගොත වෙලා ඉපදුන එක මගෙ වැරද්දක්ද.....නෑ...ඒක මගෙ වැරද්දක් වෙන්නෙ කොහොමද .....????? පොඩි කාලෙ ඉදම්ම ගොතයා කාලකන්නියා...කාලකනියා.....ගොතයා කියලා අහපු මට....දැන් දැන් ඉවසගන්න බැරි උනා...මොන්ටිසූරියෙ ඉදම්ම පිටිපස්ස පේලියට තල්ලු වෙලා ගිය මම මේ තාක් වෙනකම්ම එක එකාගෙ බයිට් එක උන මට අවසානම මොහෙතෙ දරාගන්න බැරි වෙනකොට මම උගෙ කට දිහා බලන් උන්නා......
යෙවීන්.....
ප්ප්...පිහියක්....ද්..දියන්...
මං ඉල්ලුවෙ එච්චරයි .....ඒකගෙ බෙල්ලෙම්ම අල්ලන් බිත්තියට හිරකරන් උන්න මට අංගුලි මාලා වැහෙන්න එක තත්පරයයි....ගුරුභක්තිය පෙන්නන්න ගිහින් මිනිමරුවෙක් උන අංගුලි මාලට රහත් වෙන්න පින තිබුනත්...මට ස්වර්ගෙ දොරවත් දකින්න බැරි වේවි...
කමක් නෑ.....මට අමුතුවෙන් අපායකට යන්න ඕනා නෑ....
මම ඉපදුන දා ඉදන් ඉන්නෙම අපායක....මතක ඇති කාලෙක ඉදන් ගේ ඇතුලෙදිම ප්රතිකේෂ්ප උන මගෙ ඉවසීම අද නැත්තටම නැති උනා....ඕනම එකෙක් යකෙක් උනේ හේතුවක් ඇතිව....ඕනම ඒකෙක් පලිගත්තෙ හේතුවක් ඇතිව.....
මම පිහියක් ඉල්ලුවා...සංධීර් දිහා බලපු මම වෙව්ල වෙව්ල පිහියක් ඉල්ලුවා.....
ස්...ස්...සංධීර් ....ම්..මට.....ම්ම්..මට.....ප්..පිහියක්....ද්..දීපන්....
යෙවීන්...
තතොඅර ගානයි ගියෙ...සාලෙන් ඇහුන මරලතෝනිය එක්ක මම අල්ලන් උන්න එකාට ඇස් අන්ද වෙනකම්ම ගැහුවා...එක පාරක් දෙපාරක් නෙවෙ....ඒකගෙ ඇස්වලට ඒ බහිනකම්ම....
ඔ..ඔ...ඔව්...යකො....ඔව්....ම්..මං....ග්..ග්..ගොතයි.....ඒකයි...ඒකයි....ය්..යකො...උ...උන් මාව...ප්..ප්රතික්ශේප....ක්.කෙරුවෙ.....ඒ..එකයි...ය්..යකො....උන්...මගෙන්...ස්..සෑහිමකට....ප්..පත්...න්..නොවි....ත්ත්...තව...ල්..ළමයෙක්...හැදුවෙ....එ....ඒකයි....ය්..යකො.....මගෙ....අම්මා....ත්ත්...තාත්තා....ව්....වෙන්....උනේ.....මමයි...ම...මමයි.....ම්..මම්යි....හ්..හේතුව.....ම..මයි...
මම ගැහුවා...බයවෙලා උන්න එකාගෙ මූන පොඩි පට්ටම් වෙන්න ගැහුවා...මම ගැහුවා...ගැහුවෙම මූනට...ගැහුවෙම මූනට..සංධිර් බය උනා.....ඌව මරයි කියල නෙවෙ....මට මාව පාලනේ කරගන්න බැරි උනෝතින් මගෙන්කටහඩ නැත්තටම නැති වේවි කියලා .....
එයා ඒකට මූන දුන්නා....
අවුරුදු ගානකට උඩදි එයා ඉස්සරහම මගෙ කටහඩ නැති වෙයි කියලා උදානලා මගෙ පවුලෙ වැඩකටම නැති මහ උන්දලාට අනතුරු අඟවන වෙලාවෙ ඒක සිහියෙන් අහන් උන්න එකම එකෙක් උනා නම්...ඒ මගෙ සංධීර් විතරක් වෙනකොට එයා බය උනා.....
පුම්බපු බැලුමක් පිම්බිලා පිම්බිලා අවසානෙදි පුපුරල යනවා හා සමානවම මගෙ ඉවසීම නැත්තටම නැති වෙලා ගියා...... ...
ක්රිස්...
ටාන්....
වැස්සක් එන්න යන්නෙ...ඇවිලෙන ගින්නට ඇවිලෙන්න දෙනකොට වැහි සීතල එලියට දැනුනත්.....ගින් ජාලාවක් ඇවිලෙලෙන කාමරේ පුරාවටම විසුවියස් කන්දෙන් ලාවා ගලනවා වගේ උනුහුමක් දැනුනා.....
ගින්දර රස්නෙනද.....
නෑ....
ඊටත් වඩා මගෙ ඇස් වලින් පිට වෙන ගින්න ලොකු වෙනකොට කාලගුණ දෙපාර්තමේන්තුවත් රවට්ටපු කාල ගුනෙ අහස අඩවන්න ගත්තා.......
හුලන් අතට ඇරල දාපු ගේට්ටු පියන් ඉස්සරහ පස්සට යනකොට සංධීර් අතින් එකෙන් කාපු පාරක් එක්ක ඒකව බිත්තියෙ ගිහින් වැදුනා....
යෙවීන්.....ඕකව අතෑරපන්...
හුස්ම ගනින් යෙවීන්.....
රොබිනා කෑ ගහනවා.....
වෙනදවසක නම් පැන පැන දශ්ට කරන පොලගා වගේ එලව එලව ගහන මම අද එකෙක් ගාව නැවතිලා උන්නා...
ගේ පුරාවටම වීදුරු කුඩුපට්ටම් වෙන සද්දෙ ඇහෙනකොට සාදුකාර දීපු එකාගෙ අත බලාගන ඉන්නකොට අනිත් අතට කඩලා ගියා වගේම උන්ගෙ මලකදන් දාන්න දැනටම පෝර ගෝනි ලෑස්ති වෙලා තිබුනා...
ඉ...ඉතින්....ග්..ගොතයව....ම්..මරන්න.....උ..උඹට....ඔ..ඔච්චරම....අ..ආසද....ම්ම්.....ග්..ගොතයව....ව්..විතරක්...න්න්....නෙවෙ.....උ..උඹ.....අ..අර....ක්..කියපු....න්..නාකි....ම්..මයිනව....
අ..අතෑ.ර.....ප...පන්.....ක්...කාල....
චටාස්...
මගෙ කම්මුල දෙදරලා යන්න පාරක් වැදුනා.....සංධීර් උන්නෙ මගෙ ගාව නෙවෙ.....සංදීර් උන්නෙ වෙනකොහෙදෝ .....ඇතුලට ආවෙ තුන්දෙනෙක් උනාට....එලියෙන් තව දෙතුන් දෙනෙක්ම රැකවල් කරන් ඉදලා තියනකොට එකා එකා ගේ අස්සට ඇදෙද්දි සංධීර් රොබිනල ගාවට ගියා.....
මගෙ කම්මුලට වැදුන පාරත් හක්ක දත් නැතිව තිබුන හක්කම දෙදරලා යනකොට කාර් එකෙන් පැනල බාගෙට අබලන් වෙලා උන්න හිනා උනා...
නිකන් නෙවෙ කෑ ගහලම හිනා උනා....යටි තොලට දැනෙන නොදැනෙන ගානට තෙතක් දැනෙනකොට ගුටි කාලා ගුටි කාලා නාස් පොළෙන් ලේ වක්කරන් උන්න ඌ අනිත් පාර ආයම මට ගහන්න එනකොට ඌට මගෙ ඇගට පනින්න ඉඩ දීපු මම ලගට එනවත් එක්කම අනිත් පැත්තට හැරුනා වගේම ඒකව අර ගොජ ගොජ ගාලා පිච්චෙන ඇද මෙට්ටෙ උඩට වැටුනත් මම ඒකව ආයා ඇදලා ගත්තා ....
උ..උඹ...එ..එහෙම....ල්ල්..ලේසියෙන්....ම්..මැරෙන්න...න්..නෑ...නෑ...නෑ..නෑ....
මං කෑ ගැහුවා....ඌ මට ගහනකොට මාත් ඌට ගැහුවා....උ මට වඩා දෙගුනයක් හයිය හත්තිය තියන එකෙක් වෙනකොට මම අතට අහුවෙන්නෙ මොකෙන්ද ඒ හැම එකකිම්ම දමලා ගැහුවා....
ඔ..ඕන.....ත්ත්....තැනකට....ග් ග..ගහපන්....හ්..හැබැයි...හ්..හෙට...ඉ..ඉස්කෝලේ...ය්..යන්න....ම්..මූන....ඉ..ඉතුරු....ක්..කරලා...හ්හ්....හ..හරි...
මම...කෑගැහුවා...මුනට වැදුන පාරක් එක්ක මම ආයම කෑ ගැහුවා ....මම හෙට යන්නම ඕනෙ...අතක් පයක් කඩන් හරි.....මම.....ඉස්කෝලේ යන්නම ඕනෙ....
ආව්...හ්...
ක්ක්..කාල...ක්..කන්...නි.....යා....උ..උඹ....
ඔ..ඔව්...ම්..මං...ක්..ක්ක්..කාලකන්නියා....ත්තමයි....එ..ඒවිතරක් ...න්...න්..නෙවෙ.....ක්ක්..ක්ක්..කාලකන්නි.....ග්..ගොතයා....ක්..කියපන්....එක....ක්..කියපන්.....බ්..බ්..බැක්....බ්බ්..බැක්...ග්....ග්..ගාන....ග්..ගොතයා...ක්..කියපිය.....
යෙවීන්.....
යෙවීන්....
මං උන්නෙ අරූව බිම දාගන.....ඒකගෙන් ඇති පදම් ගුටි කාලා උන්න මම අවසානෙදි මම ඌට බිම දාගන ගැහුවෙම කටට වෙනකොට නලල පැත්තකින් ලේ පෙරාගන ආව සංධීර් මට කෑ ගැහුවා....
මගෙ පිට අල්ල තුවාල වෙලා.....ඒකගෙ කටටම ගහපු පාරවල් එක්ක මගෙ පිට අල්ල තුවාල වෙලා.....
යෙවීන්....ඇති...
න්..නෑ....නෑ.....අ...ඇති....න්..නෑ.....ඇ..ඇයි....ඇ..ඇති....ක්..කියන්නෙ.....ඇ.ඇයි....ඇ..ඇති....ක්..කියන්නෙ.....
ඌ මැරිලා...යෙවීන්....ඌ මැරිලා....
න්න්..නෑ.....උ...ඌ..මැරිලා...න්න්..නෑ...ඌ..ඌ.....කොහොමද ....ම්..මෙච්චර ඉක්මනට මැරෙන්නෙ.....ආ....
මං....කෑගැහුවා...එලියෙන් වහින වැස්සත් එක්ක වැහි සද්දෙ කටහඩ ගිල ගන්නකොට මූන මැදටම එක පිට එළ පිට පාරවල් සීයකට වඩා වැදුන ඒකා බාගෙට මැරිලා ඉන්නකොට උගෙ බඩ උඩ ඉදන් උන්න මාව සංධීර් ඇදලා ගන්න හැදුවා උනත් මම සංධීර්ව තල්ලු කෙරුවා ...
ත්ත්...තාම....ඉ..ඉවර නෑ.....ම්..මේ....ග්..ගොතයා.....ත්ත්....තාම....ඉ..ඉවර....න්..නෑ...ස්..සංධීර් ....ම්..මේ....ග්..ගොතයා.....ත්ත්....තාම....ඉ..ඉවර....නෑ...
ම්ම්..මට...ප්..පිහියක්....ද්..දියන්....ස්ස්..සංධීර් .....
යෙවින්..ඔය ඇති....ඔය.....ඇති....යෙවීන්...
දඩාන්.....
ගින්දර රස්නෙට පුපුරපු ඇස් බැස්ටෝ සිවිලිමෙන් පදාසයක් ගලවගන ගිනි ගන්න ඇද උඩට වැටෙනකොට සංධීර් මාර ඇදගන යන්න හැදුවා උනත්.....තවමත් අඩ පනින් ඉන්න උගෙ ඇග උඩ ඉදන් ඉන්න මම පිහියක් ඉල්ලුවා...
මම වෙව්ල වෙව්ල පිහියක් ඉල්ලුවා.....
ඒඋනත් සංධීර් නෙවෙ මට පිහිය දුන්නෙ.....
මගෙ ඇස් වලින් කදුලු කැට කඩාගන වැටුනා....
උ..උඹට....ඇ..අහුනා....ස්..සංධීර් ....
නෑ.....මට ඇහුන් නෑ....
න්න්..නෑ...උඹට...ඒක....හ්..හොදටම....ඇ.ඇහුනා.....
උ..උඹට...ඇහුනා...මම...අවුරුදු ....ග්..ගානක්.....ත්ත්....ත්ත්...තිස්සෙ...අහනවා...
ද්ද්...දැන්...ඇති.....දැන්....ඇ..ඇති.....ද්ද්...දැන්.....හ්..හොදටම....ඇ.....ඇති...
යෙවීන්.....ඇහුනා ණෑහුනා...උඹ මට එහෙම එකෙක් නෙවෙ....උඹ..කවදාවත් මට....එ..එහෙම....ඒකෙක්....න්.....නෙවෙ....මගෙ යෙවීන්.....
එයා කිව්වා එයාට මම කවදාවත් ගොත එකෙක් නෙදෙ කියලා ....නලල පැත්තකින් ලේ පෙරාගන උන්න එයා කිව්වා එයාගෙ ඇස් දෙකට මම කවදාවත් ගොත එකෙක් නෙවෙ කියලා ....
ප්..ප්..පොරොන්දු ....ව්..වෙයන්.....
මොනවද.....මොනවද....මගෙ...යෙවීන්....මට කියපන්..
ම්..මට....ම්..මහන්සී....ම්..මට....මහන්...සී....ස්..සංධීර් ....ම්ම්..මට...ම්..මේ...ක්..කතාව....අ...අහලා....අ..අහලම.....ම්..මහන්...සී...ක්ක්..කවදාවත් ....උ..උන්ව....අ..අතාරින්නෙ.....න්..නෑ...ක්..කියලා....වගේම...ම්..මට.....උන්ව....අතාරින්න....ක්..ක්...කියන්නෙ....න්න්..නෑ....ක්..කියලා...ම්ම්..මට....ප්..පොරොන්.....දු....ව්..ව්...වෙයන්.....ස්..ස්..සංධීර් ...
කෑගහලා....ගොතහලා...කියවපු මගෙ බෙල්ල දෙපැත්තෙ නහර පිම්බිලා තිබුනා...මගෙ ඇගට යට වෙලා උන්න...උන්ගෙ අතින්ම අපිදෙන්නවත් ස්වර්ගස්ත කරන්න බලන් උන්න එකාගෙ මුලු මූනම ලේ පාට වෙලා තියන හැටි හදිස්සියෙ පුපුරපු අකුනක එලියෙන් මම බලාගන උන්නා....
වහිනවා...ඉවරයක් නැතිවම වහිනවා...
නිදාගන ඉන්න මිනිස්සුන්ට තව තව ගුලි වෙවි නිදාගන්න ඉඩ දීපු වැස්සම...තවත් අංගුලි මාලෙක්ට පන දෙන ගමන් උන්නා....
පුපුරනවා....පිට පිට අකුනු පුපුරනව වගෙම ගින්දර සැරට ජනෙල් වීදුරු පවා පුපුරලා යනකොට ජනෙල් තිර රෙදි පවා ගිනිගත්තා.....
ගින්දර රස්නෙට කෙහෙල් කොල මැලවෙන්නවා හා සමානවම උඩ හම මැලවෙනකොට තවමත් මැරිලා ඒකගෙ මුන දිහා බලන් උන්න මම දත් මිටි කාගන වෙව්ල වෙව්ල ඉදලා ඒකගෙ ලේ පාට උන කට බලෙන් ඇරියා.....
යෙවීන්...
රතුපාට උන ගින්දර දලු තව තවත් නපුරු වෙනකොට බිත්තියට අල්ලලා හදල තිබුන ලී අල්මාරිය එක හුස්මට ඇවිලෙනවත් එක්ක ගින්දරට පරාද වෙන්න අකැමැති වැස්ස තමන්ගෙ හයිරන් කාර කම පෙන්නන්න කන් අඩි පලාගන පපුව කැහුතු හතරට පලාගන හෙනයක් පුපුරලා අරිනවත් එක්කම් මගෙ කටට ලේ රස දැනෙන්න ගත්තා...
නිකන් නෙවෙ....අමුම...අමු....ලෙ....රසක්.....

යෙ.....වී...න්....
මට යට වෙලා උන්න ඒකගෙ කකුල් දෙක වේදනාවටම එක දිගට ගැහෙන්න ගන්නකොට මගෙ යටිතොල් තෙමාගන ලේ බින්දු පහලය ගියා වගේම අවසානෙදි සංධීර්ව.....රොබිනව.....වරුනව ගොලුකරගන මම ඒ ඇග උඩින් නැගිටලා සංධීර් ගෙ අත ඇදල අරගත්තා.....ඇදලා අරන් අ ඒ අල්ල උඩට මගෙ මූන පහත් කරලා කර ඇරියා.....
ය්.....යෙවී.....න්
..
...
රොබිනව ගොලුවෙලා ගියා....
පන ගැහෙන ලේ පාට දිව ....
පිහියක් ඉල්ලපු මට පිහියක් දුන්නෙ නැති වෙනකොට ගොතයා....ගොතයා....ගොතයා...ගගා.....
මගෙ ලමා කාලෙම කෑව....ඒ වචනෙ මට අදින් දරන්න බැරිවෙන්නම අප්රසන්න වෙලා යනකොට ඒ හැමෝම ඉස්සරහා අංගුලිමාලෙක් වෙනුවට පනපිටින් දිව කඩා ගත්තු මම හිටන් උන්නා වගේම පැත්තම එලි කරගන ගහපු විදිල්ල එක්ක මගෙ නපුරු මූන නපුරු ඇස් දෙක වගේම ලේ පෙරුන කට ඒ හැමෝම දැක්කා .....
ඌවෙ මාව මරන්න.....
උන් හිතුවෙ මාව මරන්න....
සංධීර් ගෙ අල්ල උඩ තිබුන දිව තවමත් ගැහෙනකොට කට කොන තිබුන ලේ පාර පිට අල්ලෙන් පිහිද ගත්තු මම සංධීර් ගාවට ලන් උනා....ලන් වෙලා
ඒ ඇස් දෙක දිහා බැලුවා....
ස්...ස්...සංධීර් .... i..am the master of my fate.i am the...cc...captain ...o..of my soul....
සංධීර් මට කියපුම වචන සංධීර්ටම කියපු මම එලියට එනවත් එක්කම ගුටි කාපු එකෙක් ආයම කකුලක් අද්ද අද්ද එයාලගෙ දිහාවට එනවත් එක්කම මම එතන තිබුන හිස් ගෑස් ටැංකිය අරන් දෑතබදලම ඒකගෙ ඔලුවටම ඇරලා දාලා ටැංකියත් එක්කම බිම වැටුනා.......
ම්ම්..මැරියව්.....ත්ත්....තොපි.....ඔ..ඔ..කෝම.....ම්...මැරියව්.....!!!!