Cherreads

Chapter 89 - 89

යෙවීන්.....

ම්ම්..මං...හොදින්.....ම්..මං...හොදටම....හ්..හොදින්....

මම නැගිට්ටා..ගෑස් ටැංකිය අරන් අරූට ගහපු මාව වැටුනෙ වාරු නැතිව වෙනකොට මම සංධීර්ගෙ අතේ තිබුන දිව ඉදිරුවා...මෙක මට ඕනා..මේක....කෙලිම්ම ඇමතියගෙ ගෙදරට යන්න ඕනා....

රොමේන්...

දාගනින් මුන්ව.....නෑ....එක්කො.....සංධීරයා.....මුන්ව තියලා.....

අරුව විතරක් ගනින්....ඒ ඇති....

සංධීර් බිත්තියට හේත්තු වේගන උන්න මා දිහා බලලා බාගෙට පිච්චිලා ගියපු අශානයගෙ මලකද විතරක් ගන්න කියනකොට වරුණ බයෙන් බයෙන් අනිත් මිනි ටික බලනකොට මම අරූට ගිහින් ආයාම පයින් ඇන්නා...ආයම පයින් ඇන්නා...ආයම...ආයම...ආයම...ආයම...ආයම.....

මට හති වැටෙකම්ම....මට ඇතිවීමක් ඇති වෙනකම්ම.....උඩ ඉන්න දෙයියො පල්ලයි...අද ඉදන් මට ගොත කියන්නෙ මොකාද....පනපිටින් මම ඒකගෙ දිව කපනවා....

එකට එක දිගටම ගහගන ගහගන ගියපු මම මටම ඇති වෙලා පැත්තකට වෙනකොට සංධීර් මගෙ දිහා බැලුවා .....

ඇතිද .....

ම්..මොනවද ....

හිතෙ තිබුන තරහව ගියාද ....

......

මං මීක් නොගා උන්නා....එයා ඇහුවා මගෙන් තරහව ගියාද කියලා ....මං තාම හති අරිනවා ...මට මගෙ තරහව නිවුනද කියන්නවත් තේරුමක් නෑ...මං එහෙම්ම මගෙ අතට මිටිමෙලවිලා තියන දිව දිහා බැලුවා ....

ඒක ලේ පාටයි...

ඒක ලේම ලේ පාටයි ...

කතා කරගන්න මට එන තරහව මගෙ හදවත පුලුරලා යන තරම් වෙනකොට

මට ආයම ගොතයා කියම්නෙ මොකාද ඒකගෙ දිව අනිවාර්යයෙන්ම කපලා දානවා ....අරූගෙ ඇගට පයින් අනින වාරයක්...වාරයක් පාසාම මම දත් මිටි කකා හිතින් හිතුවෙත් ඒක ....

ඇබිත්තම ....

ස්ස්....සංධීර් ...ම්..මට....ගෙදර ය්..ය්න්න ඕනෙ.....

ඇවිලි අවිලි තියන කාමරෙ අවසානෙදි ගෙයි පුරාවටම පැතිරෙන්න ගන්නකොට අද ඉදන් මුලු ලෝකෙටම මැරුන කෙනෙක් උන වරුනත් මගෙ සංධීර්ගෙ තැනට වැටෙනකොට අශාන් කාරයගෙ මිනිය විතරක් අරන් අනිත් මලකදන් එහෙම්ම ගින්නටම පිච්චෙන්න දැම්මා....

සංධීරයා.....

....

උගෙ කාර්‍යාලෙ අනිවාර්යයෙන්ම කැමරා තියනවා ....

ම්න්...

උගෙ ගෙදරත් අනිවාර්යයෙන්ම කැමරා තියනවා...එතනින් ගිහින් මේකගෙ මලකද ගේ ඉස්සරහට දැම්මත් ඒක පේනවා.....කරන්න තියන එකම දේ මුගෙ මල කද

ආපහු මෝචරියට යවන එක ...

වැටෙන වැහු බින්දු අස්සෙන් වරුනගෙ ඇවිලෙන ගෙදර දිහා බලන් උන්න මං සංධීර්වගෙම රොබිනා කතාවෙන හැටි අහන් ඉන්නකොට වරුණ විතරක් මුලු ලෝකෙම කඩා වැටිච්ච එකෙක් ගානට පිච්චි පිච්චි යන ගේ දිහා බලන් උන්නා....

මේ ගෙදර වෙනුවෙන් යට කරපු හැම වැලිකැටයක් අස්සෙම තියෙන්නෙ මගෙ මහන්සිය යෙවීන් ....

එයා පලවෙනි පලවෙනිම පාරට උසාවි විත්ති කූඩුවෙන් බැස්සට පස්සෙ මට කතා කෙරුවා ....

මං හැරිලා ඒ මූන දිහා බැලුවා ...අනිවාර්යයෙන්ම ඒ ඇස්වලින් කදුලු වැටෙනවා ඇති...

ඒත්....අහස අපි හැමෝවම නාවන් අඩන හන්දා ඒ කදුලු පේන්නෙ නැතිව ඇති.....

ඇවිලෙන ගේ දකිනකොට එයාගෙ පපුවත් මහ සද්දෙන් හත් කඩකට පැලෙන්න ඇති....ඒත්....පිට පිට පුපුරන මහ හෙන කාන්දරාව හන්දා ගිඩි ගිඩි ගගා පැලෙන පපුවෙ සද්දෙ ඇහෙන් නැතිව ඇති...

ව්ව්....වරුණ....

මං කතා කෙරුවා ...මගෙ සංධීරුයි රොබිනයි දෙන්නම උන්නෙ මලකද තියාගන ලොකු කතාවක වෙනකොට ...හෙට ඉරපායන්නෙ අපි හැමෝගෙම හිත්වල සැනසීම නැතින්කරන් කියලා දන්නවා උනත්.....සංධීර් වෙනුවෙන් මම එල්ලුම් ගහට හරි යන්න මේ වෙනකොට හිත හදන් තිබුනා .....

ඔව්....මං හිත හදාගත්තා ....

මං මගෙ හිත ගල් කරගත්තා .....

කවදාවත් නැතුව රොබිනලාගෙන් පිටයි කියලා කෙනෙක්ගෙ අතකින් ඇල්ලුවා නම්.....ඒ ඇල්ලුවෙ වරුනගෙ විතරක් වෙනකොට මං ඒ අත කිටි කිටියට අල්ල ගත්තා ....

ම්ම්..මීට....අ...අවුරුදු .....ග්..ගානකට.....උ...උඩදි.....ම්.මාත්.....ඔ...ඔයා.....ව්...වගේම ඇවිලෙන....ග්..ගෙයක්..ද්ද්...දිහා බලන්.ඉ..ඉදලා.....මු..මුලු....ල්..ලෝකෙටම....ම්ම්..මැරුන ක්..කෙනෙක්....උ..උනා.....ව්...වරුණ.....

ම්ම්...මං...ග්...ගොත....ගැහුවා ....

ම්.....මං..ග්...ගොත ගගහා එදා පොඩි කමට උනත් නලුවෝ ගගා කෑ ගහපු හැටි මතක් කෙරුවා ...බාප්පා පොලවෙ පස් කාපු නැති ටික විතරක් මතක් කෙරුවා .....එයාගෙ අම්මා....

ඇත්තටම එයාගෙ අම්මා...

එතනින් එහාට මගෙ ඇස් දෙක එක පාරම සංධීර් ගාව නැවතුනා.....

අර බෝල කෙල්ල.....

මගෙ අතින් අල්ලගන මාව එක්කන් ගියපු කෙල්ල...අපෙ බප්පා කියලා තියෙන්නෙ ගැහුවොත් ගහන්නයි කියපු නටන්න කවුරුත් නැති මං තනි වෙලා බලන් ඉන්නකොට මාත් එක්ක නටන්න කැමති උන එකම කෙල්ල....

කතා කරන්න බැරි මට හැමදාම උරුම උනෙ ගහක් ගලක් වෙන්න වෙනකොට ...කතාකරන්න පුලුවන් කම තියන් මාත් එක්ක ගහක් වෙන්න ආව ඒ කෙල්ල...

මම නලල මිරිකගත්තා .....

ඇස් දෙක තද කරගත්තා

....

ඇස් දෙක පියාගත්තු මං ....ඇස් හීනි කරන් ආපස්සට අවුරුදු දහයක් දුවලා ඒ කෙල්ලව හෙව්වා ....

මට නම මතක නෑ...

අනෙ මට උන්න එකම යාලුවා.....

මාත් එක්ක ආජිතපර නටපු එකම යාලුවා ....අනෙ....ඒකි.....ඒකිගෙ නම.....

මං ඇස් පියාගන ඔලුව වැනුවා ....ඔලුව වනන වේගෙට සාපේක්ශව මබ් තවමත් අතින් අල්ලන් ඉන්න වරුනගෙ අත තව තවත් තද උනා.....ඒ කෙල්ල...

"යෙවීන්...."

"යෙවීන්..."

මුලු මූනම බෝලයක් උන ජපන් බෝනික්කියක් වගෙ උන්නඒ කෙල්ල ඒකෙල්ල.....

අ....

අ....

මං කට ඇරියා....

ආයම කට තද කරගන අකුරු පිලිවලට හදාගත්තා ...

ඒ කෙල්ල ...

අ.. අ...අමේලි....!!!

මට මතක් උනා...අලු වෙවී යන වරුනගෙ මහන්සිය ඉස්සරහ මට නැති උන දේවල් එකින් එක ආය ආය මතක් වෙන්න ගන්නකොට මං ලොකුම ලිකු හුස්මක් අරන් වරුණ දිහා බැලුවා ....

අ..අදින්...ප්...පස්සෙ.....උ..උඹට....අ...අම්මා....අප්පා....න්..නැති....වේවි....

හ්.හොදම.....ය්...ය්..යාලුවො.....න්.නැති.....ව්...වේවි...

ම්..මේතාක්....ව්...වෙනකන්..හ....හම්බ ....කර...ග්ගත්තු....හ්හ්.....හැම....ද්ද්....දේම...න්නැති වේවි...ව්...ව්...වරුණ.....

හ්....හරියටම ...අපිට වගේම....

මං ඒ මූන දිහා බලන් උන්නා....ඒ කම්මුල් සට සට ගාලා වෙව්ලනවා වැහි සීතලටද....නැතිනම්.....තරහව දුක වේදනාවටද කියන්න දන්නෙ නෑ....ඇවිලෙන ගින්දරවල ගිනි දැල් ඒ ඇස් අස්සෙ ඇදිලා තියනකොට වෛරයෙ ගිනිදැල් වල ඉපදීම මං ඒ ඇස් දෙකෙන් දකිනකොට මගෙ සංධීර් අපි දෙන්නා ගාවට ආවා....ඇවිදින් මගෙ උරහිසට අත තියනකොට මන් එයා දිහා බැලුවා ....වෙනසක් නෑ....දහ අවුරුද්දකට කලින් ගින්දරින් අලු උන එකෙක්ම තවත් අලුවෙලා යන එකෙක් දිහා බලන් ඉන්නවා ...

ෆීනික්ස් කෙනෙක්ට උනත් ආයම ඉපදෙන්න නම්...ගින්නෙන් අලුවෙන්නම වෙනවා .....

එයා මිමිනුවා .....

ඒක හරි.....ෆීනික්ස් කෙනෙක්ට උනත් ආපහු ඉපදෙන්න නම් පිච්චිලා අලු වෙලාම යන්න ඕනා....

හරියටම මගෙ සංධීර් වගෙ....

පිච්චිලා අලුවෙලා ගිහින් නැගිටපු සංධීර් වගෙ....

වරුණ.....එයාටත් අද ඉදන් ෆීනික්ස් කෙනෙක්ට පන පොවන්න වෙනවා....

වරුණ...

ම්ම්ම්ම්ම්ම්....මං.....න්..නැත්තටම....නැති....උනා....සංධීර් .....

එයා ගොත ගැහුවා ....ඉකි ගහන්න බැරි කමටද කොහොදේ එයා ගොත ගැහුවා ....එයා නැත්තටම නැති උනා කිව්වා....

අ...අපිත්....න්.නැත්තටම.....න්න්....නැති උන මිනිස්සු.....ත්ත්....තමයි.....ව්....වරුණ....ඒ...ත්...අ..අපි....න්..නැගිට්ටා.....අ..අපි...න්..නැගිටලා....ප්....පෙන්නුවා...

මම ගොත ගැහුවා....වෙනදා වගේම මම මගෙ සංධීර් ගෙ වචන වලට මගෙ වචන එකතු කෙරුවා .....වෙනදා වගේම මම මගෙ සංධීර්ට එයා ගව හැමදාම මේ ගොත කොල්ලා වචනෙකින් පවා ළඟින් ඉන්නවා කියලා පෙන්නුවා....

රොමේන්ගෙ ගෙදර යන්න.....අදින් පස්සෙ....තව දුරටත් වරුන කෙනෙක් නෑ...

තවත් පාරක් මුමුනපු එයා අඩන කදුලු වල සැර බාල කරපු හස දිහා බැලුවා....වැහි කදුලු වලට ඒ හිස කෙස් ඉත්තෑ කූරුවෙනකොට නලල පලාගන ආව ලේ පාරවල් වැහි කදුලු එයාගෙන් උදුරන් තිබුනා...

හෙට කියන්නෙත් එදා වගේම දවසක් වේවි....කහපාට do not enter බැන්ඩර් හතර වටින්ම වට වේවි.....

නීතිඥ්ඥ වරුණ තිසේරා මියයි....

මෙය ඝාතනයක්ද...

විදුලි කාන්දුවක්ද...

හදිසි ගින්නක් හට ගත්තෙ කෙසේද....

කීයක් නම් ජාති හෙට නිව්ස් වලට යයිද ..පත්තර වල වැටෙයිද.....අවසානෙදි .....ඔය මරන පරික්ශන පවා ලස්සනට යටයාවි....

හරියටම මගෙ සංධීර්ට උනා වගෙ.....කමක් නෑ....වලදාපු හැම මිනියක්ම ආයම උඩ මතුවෙන කාලයක් එනවා.....හංගන්න හදපු හැම රහසක්ම ආයම උඩ මතුවෙන දවසක් එනවා....

මැරුන මිනිස්සු කවදාවත් බොරු කියන්නෙ නෑ කියන්නෙ කට කහනවට නෙවෙ.....කමක් නෑ...අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම මේ දේවල් හරි ඉක්මනට නැතත්....හරි හිමීට විසදේවි.....

සිල්වා කාරයා දියවන්නාවෙ අවුරුදු පහක් සැප විදපු දෙන්.....ඒ අවුරුදු පහම ඇති....මට නැගිටින්න.....

ඒ අවුරුදු පහම ඇති...මගෙ අන්දකාර අතීතෙ ආයම එලි කරගන්න

ඒ අවුරුදු පහම ඇති ...යෙවීන් සංජානට ගින්නෙන් පිච්චිලා ගිහින් ගින්නෙම්ම ආපහු නැගිටින්න.......

යෙ..යෙ....

මං උන්නෙ මගෙ මේසෙ ගාව.....

වෙලාව තුනටත් කිට්ටුයි....

තවමත් අහස අඩනවා....

තවමත් අහස නවත්තන්නෙ නැතිවම ඉකි ගගහා අඩනවා...

ඇවිලුන ගෙදර දිහා කදුලු පුරවන් බලන් උන්න වරුන් අවසානෙදි රොමේන්ගෙ ජීප් එක අස්සෙදි ඔලුව ගහගත්තු විදිහට අපු කාටත් හිත දුන්නෙ නෑ නාඩා ඉදපන් කියන්න....

මොකද අපි දෙවිවරුද...

මරනෙ ගාවදි ජේසු පවා ඇඩුවා.....දාඩිය ලෙයට හැරවුනා......අවසානම පැය ගානෙදි ජෙත්සෙමෙනි උයනෙ දනින් වැටීගන අත්දෙක වැදගන කිව්වා...හැකියි නම් මේ පාත්‍රය මාගෙන් අහක් කරන්න කියලා ...ඒත් උන්වහන්සෙ අවසානෙදි කිව්වා...මාගෙ කැමැත්ත නොව ඔබගෙ කැමැත්ත සිදුවේවා කියලා ....මිනිස් කම ගත්තු දෙවි කෙනෙක්ට පවා මරන බය දැනෙනවා නම්...

අපි වගේ ජන්ම පාපෙ අතේ ගුලිකරන් ඉපදෙන මිනිස්සුන්ට මරන බය කියන්නෙ උහුලන්න පුලුවන් දෙයක්ද....

අපි ඉඩ දුන්නා....වරුනගෙ ඇස්වල කදුලු එලියට දාන්න අපි ඉඩදුන්නා....

කහපාට ලාම්පු එලි වැහි බින්දුවලි තෙමෙන වෙලාවක....මහපාරෙ බලු බල්ලෙක් නැති වෙලාවක....අමුවට පිච්චුන මලකදක කර රස්නෙ ඉහලට ඇද ඇදම....එයාගෙ බරම බර කදුලු වැල්වලට අපි ඔහේ ගලාගන යන්න දුන්නා....

යෙයෙ.....

දන්නවද...

මේ ලෝකෙ...කිසිම මිනිහෙක්...කවදාවත් .....කවරමදාකවත්....කාව වත්...තේරුම් ගත්තෙ නෑ...මට ඔයාව තේරෙනවා කියපු හැම තැනකම තියෙන්නෙ සීයට පනහක් වත් බොරු මගෙ ඇබිත්තම සමහර තැන් එනවා අපිටම අපිව තේරුම් ගන්න බැරි...එහෙව් එකේ.....අපි කොහොමද ඇබිත්තම .....තව කෙනෙක්ව තේරුම් ගන්නෙ.....ම්ම්ම්

ඒ එයා අඩන,වරුනව සනසවන්න හදපු මට කියාපු වචන....එයා ඉන්න තත්වෙ අපිට තේරෙනවා කිව්වා උනත්...අපිට එයාට තරම්ම තේරෙනවද .....අපිට එයාට තරම්ම දැනෙනවද...

මගෙ ඇද උඩ දිගා උන සංධීර් එක පාරක් යෙයෙ ගාලා අනිත් පාර සද්ද නැතිව ඉන්නකොට මං මගෙ එකට සෙට් කරල තිබුන සී ආර් පොත් දෙකෙ මැද හරියෙ ලියවිලා තිබුන අකුරු දිහා බල බල උන්නා.....

වැහි සීතලට...දවසම වාහන කදන් එක ඔට්ටු උන මහන්සියටද කොහෙද මගෙ දුප්පත් තාත්තා අම්මවත් එක අතකින් තුරුල් කරන් ගොර ඇද ඇද නිදියන් ඉන්න හැටි මන් අඩවන් වෙලා තිබුන දොරෙන් දැක්කා ....

මගෙ කකුල් ඇද පත්ත ගාවට දික් වෙනකම්ම මමත් ඒ මැද්දෙ නිදියෑවා ...බිත්තිය අයින අල්ලගන්න අම්මා....වටෙන පැත්තට අයිතිය කියන තාත්තා ...අවසානෙදි කොට්ටා නැතුව තාත්තගෙ හරි අම්මගෙ හරි අත උඩ නිදියන මං ඒ දෙන්නගෙ ඇගට අඩු බඩු දාන් නිදියෑවා .....

මට සමාවෙයන් රත්තරන් තාත්තෙ...ඇද මැද නිදියෑව අහිංසක කොල්ලා.....තව දුරටත් ඇස්වල කදුලු පුරවගන්න එකෙක් නෙවෙ තාත්තෙ...

යෙවීන් .....වෙනස් වෙලා මගෙ තාත්තෙ ....

යෙවීන් නොසෑහෙන්න වෙනස් වෙලා.....

මං ආදරෙ කරන මිනිස්සු වෙනුවෙන් එකා පිට එකා මරන්න තරම් තාත්තගෙ කොල්ලා යකෙක් වෙලා..

අනෙ මගෙ තාත්තෙ ....

වෙලාවකට මට මාවම දරා ගන්න බෑ මගෙ තාත්තෙ....

මම හිතින් සැප නින්දක උන්න මගෙ තාත්තට මුමුනනකොට මගෙ ඇබිත්තන් සයිස් ඇද ජිරි බිරිස් ගෑවා .....

බබා....

මට හුස්මක් පිට උනා...පපුවම බර කරන් ලොකුම ලොකු හුස්මක්....පොත් මේසෙ උඩ තිබුන පොඩි ඔරලෝසුවෙ කටු තුනහමාරෙ කනිසම සලකුනු වෙනකොට මුවහත් කතුරු තලේට ඉරාගන ගියපු කොල කෑලි බිම පුරාවටම වැටිලා තිබුනා...සෙලෝටේප් එකෙ සර බර ගාන සද්දෙ එක්ක අවසානෙදි එකට එකතු කරල තිබුන සිංහල පොත වහල දාපු මම මම බල කරලා කරල කියවගන්න බබා කියන වචනෙ නොහිතන වෙලාවක එයාගෙ කටින් එලියට පනිනකොට සත්තයි මට මහා වේදනාවක් දැනුනා ....මන් ඒ වේදනාව ඇස්වලින් එලියට පනී කියලා බයටම මෙච්චර වෙලාම ඇවිලුන ලයිට් එක වහලා දැම්මා...වහල දාලා ඇදට නැග්ගා...වෙනදා වගේම බිත්තිය අයිනට රෝල් උන මාව එයා ඇදල අරන් අත උඩ නිදි කරවගන්නකොට සැරින් සැරේම පැත්තම එලි කරන් කොටන විදුලිවල එලියෙන් මම ඒ මූන දැක්කා...

අයා මා දිහා බලන් ඉන්නවා.....එයා මාව තුරුල් කරන් ඇහිපිල්ලමක් වත් නොගහම බලන් ඉන්නවා.....

බබා කියලා කතා කරපු එයා මම ඇයි කියලා අහනකන් බලන් ඉන්නවා.....

ඇ..ඇයි....ම්..මගෙ....ස්..සංධීර් ...

මම මිමිනුවා...

" පොප්ලර් ගස් දෙක එකිනෙකට ඈතයි

කොලයක්වත් එකිනෙකට ගැටුනෙ නෑ සත්තයි...

එකිනෙකා බැදිල තිබුනෙ මුල් වලින් විතරයි...

තාම ඒ ගැන දන්නෙ එක ගහක් විතරයි ....."

(උපුටා ගැනීමකි....)

ඒත්....අපි...අපිට බැදිලා කියන එක.....මම වගේම.....උඹත්...දැනගන්න ඕනා...මගෙ යෙවීන්.....

අතකින් වත් අල්ලන්න බැරි දුරක ඉදන් ආදරේ කරන්න වෙනකොට .....මගෙ රත්තරන් ...උඹ ඉගන ගනින්.....ආදරේ වෙනුවෙන්...බලන් ඉන්න එකමයි....ආදරේ කියන්නෙ කියලා .....

මම නැති අඩුව දැනෙනකොට .....උඹ ඉගන ගනින්...මේ වයසට ගිය මිනිහටත්.....උඹ නැති අඩුව තදටම දැනෙනවා කියලා .....

මං නැහැයි කියලා ....මල් පිපෙන් නැති වෙන්නෙ නෑ වගේ තමයි....මං නැහැයි කි.නැහැයි ..මේ මුනෙ හිනාව නැති වෙන්න බෑ.....

මං ආසයි මේ හිනා වෙන ඇස් හිනා වෙනකොට හීනී වෙලා යනවා දකින්න.......මම ආසයි...උඹ දග කරනකොට අපි මෙක නවත්තමු සංධීර් කියලා කෑ ගහලා...අවසානෙදි හොර පූසෙක් වගේ මා දිහා බලන් ඉන්නවා දකින්න...

ඒ මතක ඇති....මට උඹ වෙනුවෙන් ජීවත් වෙන්න...

යෙවීන්...

දවසක....දරාගන්නම බැරි තරම් පාලුවක් දැනුනොතින්.....

හන්තානට පායපු හද බලන්න.....තව කෙනෙක් ඕනමයි කියල හිතුනොතිත්....

කුඩෙ යටින් යනකොට තනිකමක් දැනුනොතින් ......

මගෙ ඇබිත්තම.....

සංධීර් ගෙ ඇබිත්තම.....එදාට....එහෙම්ම මෙ නාකි මිනිහව අතෑරලා......

මම ඒ කට වැහුවා...

.යකෙක් උනත්....ආදරේ ගාවදි මෙල්ල වෙනවා කියන්නෙ කට කහනවට නෙවෙ වෙනකොට මෙච්චර වෙලාම අහන් උන්න මම අවසානෙදි එයාට නිදහස දුන්නා වැඩියි කියලා හිතුන තැන...වේදනාවට ඔහෙ කියවන එයාගෙ කට මම වහල දැම්මා...

බ්බ්...බලන් ඉන්න එ...එකම...න්..නම්.....ආ.අදරේ....ක්..කියන්නෙ...ඇ..ඇයි....ම්..මම....ව්..වෙන....ක්..කාවත්....හ්..හොයා.....ග්..ගන්නෙ.....මගෙ.....ස්..සංධීර් .....උ..උඹමයි....ක්..කිව්වෙ...එකට....ප්..පිපිරිලා....එ...එකට.....

දලු....ද්..දාමු කියලා ....ස්ස්....සංධීර් ....න්..නැති.....ත්ත්....තැනක....ය්....යෙවීන්.....ක්..කෙනෙක්.....න්..නෑ...මගෙ....න්න්..නලුවො...ම්..මුල් වලින් ....අ..අල්ලන්....ඉන්න....බ්..බව.....දැනන්...ඉ..ඉ..ඉන්නෙ...එක ගහක් ක්..කියලා....ඒ...ක්..කතාවට....ස්ස්...සීමා...උනාට.....ම්..මෙතනදි.....අ..අපි...ද්..දෙන්නම.....ද...දන්නවා...ම්ම්.....මගෙ....ස්.....

සංධීර්.....

එ..එපා.....ම්...මාවා...ම්..මහන්සි...ක්..කරවන්න....එ..එපා....

ම්ම්..මට....ර්..රිදෙනවා...

ම...මට.....න්..නොසෑහෙන්න...ර්..රිදෙනවා....

ම්..මං...වෙනුවෙන් .....

ඇති.....

මන්

ආදරෙයි...

ඇබිත්තමට.....

සංදීර්ගෙ.....

මම පියාගත්තා ...ගොත ගහල මනහන්සි මම ඇස් පියාගත්තා ...නිකන් නෙවෙ...ආදරෙයි කියපු එයාගෙ ආදරනීයම හාදුවත් එක්ක වෙනකොට එයා මගෙ නිකටෙන් අල්ලගත්තා .....

ඔච්චර නපුරු වෙන්න එපා.....

.

මට උඹව නැති කරගන්න බෑ.....මට උඹ ඇතුලෙ ඉන්න ....පුංචි කොල්ලව මරා ගන්න බෑ....

උඹ මැනිකක් යෙවීන් .....වැරදි වෙලාවක....වැරදි මිනිහෙක්ට අහු උන...අවසානෙදි අහම්බෙන් හරි.....හරිම මනුස්සයෙක්ගෙ අත් වලට මැදි උන...උඹ මැනිකක් මගෙ යෙවීන්.....

එයා මගෙ ඔලුව අතගෑවා...ඔය හැටි නපුරු වෙන්න එපා කිව්වා....අවසානෙදි ඇබිත්තන් ඇබිත්තන් හාදු නොසෑහෙන්න ගානක් දුන්න එයා මාව දෙකෙම්ම තුරුල් කරගන්නකොට හෙට දවස ගැන නොහිතා එයයි මායි දෙන්නම ඇස් පියා ගත්තා ....

මං....අ...ආදරෙයි.....ම්...මගෙ.....ස්..සංධීර් .......

යෙවීන්.....

ලමයෝ.....

කොල්ලෝ...

ම්ම්ම්....හ්

ට්‍රී...ංං.....

ලමයෝ....ඉස්කෝලේ යන්නෙ නැද්ද...යෙවීන්....

අම්මගෙ කටහඩ .....

ඔලුව පැලෙන්න එන ඔලුව කැක්කුම.....

ඇහෙන නෑහෙන ගානට ඇහෙන කුරුල්ලෙක්ගෙ සද්දෙ...

පැයගානක් මාව තුරුල් කරගන උන්න එ අත්දෙක නැහැයි කියන හිස්කම...

ඉවරයක් නැතිව කෑ ගහන එලාර්ම් එක එක්ක මම ඇස් ඇරියා....

එයා ගිහිල්ලා...

මගෙ සංධීර් ගිහිල්ලා....

මගෙ සංධීර් මාව තියලා යන්න ගිහිල්ලා....

මම එහෙම්ම ඇදේ ඉදම්ම මේසෙ දිහා බැලුවා....කහපාට පුංචි ස්ටික් නෝට් කොලයක්.....

එයාගෙන්ද.....

මම නැගිට්ටා...තවමත් නොදි කියලා හිතාගන කෑ ගහන අම්මටවත් උත්තර නොදී මම ඇදෙන් නැගිට්ටා...

" පුංචි හිරෝශිමාව මං හරි ආදරෙයි...."

කහපාට කොලේ උඩ ඇට්ලස් ජෙල් පෑනෙන් ලියපු සංධීර්ගෙ කැත අකුරු ...

කැත අකුරු අස්සෙ කවදාවත් මිලකරන්න අමාරුම හැගීමකට පනපොවලා ගිහින්.....මම ඒ කොලෙ අත් දෙකට ගත්තා ....අරන් ආය ආය...ආයම කියෙව්වා....

හිරෝශිමාව .....

ඇබිත්තම...

විශ්ව...

යෙ යෙ.....

ආදරේට සවරූප ගොඩයි කියනවා.....

මම එහෙම්ම මගෙ ඵෝන් එක දිහා බැලුවා.....වට්සැප් එකට ගියා.....එයා ඔන්ලයින් ඇවිදින් නෑ....

ඇත්තටම අද මොකට ඉර පෑව්වද මන්දා...

මෙන්න දැන් ලැබුන පුවතක්...

හයහමාරෙ කනිසම පහු වෙන්න එක තත්පරයක් තියනකොට පක්ශ කාර්‍යාලයක් ගිනි අරන් කියන එක බ්‍රේකින් නිව්ස් වලට යනකොට මෙච්චර වෙලාම උගුර කඩාගන කතාකරපු අම්මා ඒ වැඩෙ ජිමීට බාර දීලා ගිහිල්ලා...

ඒකා දොර හූරනවා.....

කෙදිරි ගානවා....

දරුවෙක් ඉපදෙන්න ඉන්නකොට අම්මෙක්ගෙ බඩ පුරාවටම ඇදෙන ඉරි වගේම ජිමීගෙ චූටි කාලෙ ඉදන් පහුරු ගාපු හැම නියපොතු පාරක්ම මගෙ කාමරේ වගේම අම්මලාගෙ කාමරෙ දොරේ තිබුනා...

පේන්ට් කරන වාරයක් ගානෙම ඒ නියපොතු පාරවල් මකන්න පුලුවන් කම ඕනවටත් වඩා තිබුනත්.....ඒකගෙ ඇබිත්තන් අත් වලින් පහුරු ගාපු පාරෙ ඉදන් අදටත් ඒ කුරුටු පාර තියනවා....

සමහර විට ඒක වෙන්න ඇති ආදරේ කියන්නෙ....

මම දොර ඇරියා.....කන්දෙක පාතට දාන් උන්න ජිමියගෙ නැට්ට ෆෑම් එකක් උනා...උගෙ රවුම් ඇස් දෙක අස්සෙ හිනාව උතුරනකොට ඒකා හත් අවුරුද්දකට පස්සෙ මාව දැක්කා හා සමානව නට නට මගෙ බඩට කකුල් තිය තිය හිටගන්නකොට ගිලලා ගිලලම පුඅ ඌරෙක් වගේ උන්න ජිමියව මම කොදු කඩාගන වඩාගන්නකොට අම්මා තෙල් හැන්ද අතේ තියාගනම ටීවි එක දිහා බලන් උන්නා...

සිල්වගෙ.....

උගෙ පක්ශ කාර්‍යාලෙ ගිනි තියලලු.....ගෙටත් ගිනි තියලලු...

කොල්ලා...ඔය බල්ලගෙ නියපොතු වලට සීරෙයි බස්සපන් ඕකව....

මාව දැකපු තාත්තා නියනකින් බල්ලගෙ ඔලුවට තට්ට්ටුවක් දාන ගමන් බල්ලව බස්සන්න කියනකොට මම ඒකව අතෑරියා ඌ කස කස උගෙ පුටුවට දිව්වා.....

ක්ක්...කොයි..ව්..වෙලෙද.....ත්‍ත්.....තාත්තෙ...මේ...

මම ඉනට අත් දෙක තියාගන බලාගන උන්නා.....මේක නම් අපේ කාගෙවත් වැඩක් වෙන්න බෑ...

මගෙ හිත දිගින් දිගටම කිව්වෙ මේක නම් අපෙ කාගෙවත් වැඩක් වෙන්න බැහැයි කියනකොට මට මතක් උනෙ වරුනව.....

කාලකන්නි.....ලස්සනට වැඩේ යට ගහනවා....

මූ මෙහෙන් ගිනි අවුලලා එ නිව්ස් එක එන්න කලින් ඌ ගින්නක් අවුලගත්තා...එතකොට අවදානෙ යන්නෙ මහජන නියෝජිතයගෙ පැත්තට ....

ඔබතුමාට මේ සම්බන්දව කාව හරි සැකද ඇහුවොත්....

සංධීර් ඒක නායක....

කොහොමද මුගෙ මොලේ...

සංදීර්ගෙ පස්ස පාරෙ ගිහින්ම්මද කොහෙද මගෙ මොලේ ඇතුලෙන් සට පට සට පට ගාලා මේ දේ මේ මේ විදිහට...මේ මෙර් විදිහට වෙයි කියන එක හිතා ගන්නකොට හතහමාරට පටන් ගන්න ඉස්කෝලෙට යන්න හයයි හතලිස් පහට මම බාතෲම් එකට දිව්වා.....

ඌ එහෙන් සංධීර්ගෙ ඇම දැම්මා නම්...අනිවාර්යයෙන්ම .....

යෙවීන්...යෙවීන්...යෙවීන්...

මම දත්මදින ගමන් මගෙ මූන දිහා බලාගන මටම කතා කරගත්තා ....

එහෙනම්...ඉතින් මගෙ මාරයා මග එනවා ඇති...

දරුවෝ...

ඕ...

මම උන්නෙ සපත්තුවෙ ලේස් එක ගැට ගගහා.....

විනාඩි පහක් ඇතුලට හැම දෙම විනාඩියෙන් විනාඩියට කලෙ වෙන් කරන් ඇග පත මූන කය ටොයිලට් මෙර් ඔක්කොම කරගත්තු මම සට සට ගාලා ඇදගන්න ගන්නකොට අම්මා සිය පාරකට වඩා ඇවිදින් කිරි එක බොන්න කියලා කියලම බැරිම තැන එයා කිරි එක අ‍රන් කාමරෙට ආවා...

ආ මේ කිරි එක ඇල්වෙනවා දැන්.....

අ...අම්මෙ.....ත්ත්....ත්තා....ත්තට ම්ම්..මාව....හ්..හන්දියට....ග් ....ග්...ගිහින්....ද්ද්...දාන්න....ක්..කියනවද.....

වෙනදට බයිසිකල් එකේ යන මම අද තාත්තට හන්දියට ගිහින් දාන්න කියන ගමන් අම්මගෙ අතේම කෝප්පෙ තියන්න ඇරලා එහෙම්ම බෙල්ල පාත් කරන් මම හුස්මක් නොගෙන එක හුස්මට කිරි එක බොන්න ගත්තා ...

හා...කෝ එන්න ඔය ටයි ගැටේ හදන්න.....

පිට අල්ලෙන් මගෙ කට පිහිදපු අම්මා ටයි ගැටෙ හදනකොට මම බෑග් එකත් අරන් බෑග් එකෙට දාන්න පුලුවන් කම තිබුනත් කැටයමට අතේ අරන් යන සී ආර් පොත් දෙක තුනත් අරන් මම එලියට බැස්සා.....

ත්ත්....

මම කතා කරන්න හැදුවෙ තාත්තට....ඒත්....තාත්තා උනෙ මූන හරිය ඥ්ක්ක ඥරස් වෙච්ච ඩෙලිකා එකක් එක්ක තාත්තා මේ උදෙම්ම ඔට්ටු වෙනවා...මේක නම් තාත්තා හදනවට වඩා හොදයි මිට්ශුබිශී එකට දාන එක....

ත්ත්....තාත්තෙ.....

ම්ම්

ඔ..ඕක....ත්ත්...තාත්තාට....හ්..හදන්න...අමාරුයිනෙ .....

මං ගොත ගැහුවා....තාත්තාට මස් කරලා තියන වාහනයක් ආපහු හදන්න බැරි කමක් නැ...ඒත් මේ වගේ එකක් තාත්තා ගාව හදන්න බෑ.....

ඒක නේන්නම්..මං මේක ගෙනාව එකාට කිව්වා.....

මම අහන් උන්නා....තාත්තා මොනවදෝ මුමුන මුමුන මේක හදන්න බැහැයි කියලා කිව්වා ගගා බනිනකොට මම තාත්තා දිහා හැරිලා බැලුවා....

ත්ත්....තාත්තෙ.....

ම්ම්.....

ම්ම්..මෙක....ග්..ගෙනත්.....ද්..දැම්මෙ.....ම්..මොකෙක්ද...

කලු එකෙක්...

කලු එකෙක්...

තාත්තා කලු එකෙක් කිව්වා...හැබැයි ඒ කටහඩ ඇතුලෙ තිබුනෙ තාත්තා ඒකව මීට කලින් කවදාවත් දැකලා නැති නුහුරු ගතියක් වෙනකොට තාත්තා එක්ක හන්දියට යන්න හිටපු මම සංධීර්ට මැසේජ් එකක් දාලා පයින් එන්න ආවා.....

ආ...කොල්ලා...

ප්ප්...පාල....මාමෙ.....

ත්‍ර්‍රීවිල් පාර්ක් එකෙ උන්න කරුනාපාල මාව දැකලා සැලුට් එකක් ගහනකොට මම ඊට වඩා මොකුත් නොකියා කකුල ඉක්මන් කරලා එන්න ආවා.....

හතයි කාලයි.....

මට අද ඉස්කෝලේ යන්න වෙන්නෙ නෑ....

ඉදලා හිටලා බයික් කාරයෙක් ඇරුනම හන්දියට යන පාරෙ කවුරුත් නැති වෙනකොට මම් බාලාගන සුදු පාට ශෙරිනා එකක් පාරෙ දකුනු පැත්තෙ නවත්තලා තියනවා...

කැඩිලද...???

කැඩිලා වගේ.....

මනුස්සයා එන්ජින් එක ඇතුලට බෙල්ල දාගන වයර් අත ගගා ඉන්නකොට මම ඒක දිහා බලාගන වාහනෙ පහු කෙරුවා ....

මල්ලි....

මට අඩි දෙක තුනකට වඩා යන්න හම්බුන් නෑ....

බෙල්ල ඔබන් උන්න එකා මට මල්ලී කියලා කතා කරනවත් එක්කම මම මොකුත් නොකියා ආපිට හැරුනා.....

ඒක මට දැනෙනවා...

සංධීර් .....

කතා කරපු එකා දිහා බලන්න කලින් මගෙ හිත මිමිනුවෙ සංධීර් කියල වෙනකොට මම සී ආර් පොත් ටික පපුවට තුරුල් කරන් මිනිහා දිහා බලනකොට ඌ මා දිහා බලන් උන්නා....

"කලු එකෙක්....."

තාත්තා කිව්වෙත් කලු එකෙක් කියලා ...

මල්ලි මේ හරියෙ ගරාජ් එකක් නැද්ද.....

ඌ මගෙන් ගරාජ් එකක් නැද්ද අහනකොට මම බෑ කියන්නත් හදල තියනවා කියලා කියන්න ඔලුව වනනකොට මෙච්චර වෙලාම වහලා තිබුන පැත්තෙ දොර අරිනවා එක්කම බඹ හතක් විතර එකෙක් එක්ක තව එකෙක් එලියට බැස්සා...

ඒ බැල්ම හරි නෑ....

ඒ බැල්ම කොහොමටත් හරි නෑ.....

ස්වයං වින්නදනේ කරනවා වගේ පක්ශ කාර්‍යාල ගෙවල් ගිනි තියාගත්තු සිල්වා අවදානෙ අරගන මේ පැත්තෙන් වැඩේට බැහැලා.....

යෙවීන්.....යෙවීන්...යෙවීන්....යෙවීන්....මං හිතන්නෙ...මරනයෙ දූතයා ඇවිල්ලද කොහෙද .....

සංධීර් .....උඹ කොහෙද ....

මම මටම මුමුනගත්තා ....

ගරාජ් එක කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද මල්ලි...

බඹ හතක් විතර උස එකා තනිකරම තමිල්නාඩු කොටියෙක් වගේ එකෙක් වෙනකොට ඌ ගරාජ් එක කොහෙද තියෙන්නෙ කියල පෙන්නන්න කියන ගමන් උගෙ උඩ රැව්ල පොඩ්ඩක් කැරකෙව්වා.....

එච්චරයි ....ගරාජ් එකක් තියනව කියන්න ඔලුව වනපු මම

ඉස්සරහට තියපු අඩිය ආපස්සට ගත්තා වගේම ආය හිතන්න බලන්න කාලයක් නොතියම අනිත් අතට දුවන්න ගත්තා.....

මොකද..... අපි මෙක බලපොරොත්තු උනා.....ඒ වගේම... සෙල්ලම පටන් ගත්තා .....

කොල්ලා දුවනවා.....

අල්ලපියව් ඕකව...

අල්ලපිය ඕකව...

ගනින් වාහනෙ....

🙂මේරියන් ජෝන්ස් පන්තියෙ ජොබීත නිදහාස් ...

More Chapters