ස්ස්...සංධීර් ....
මං ගොත ගැහුවා....මම වගේ නෙවෙ...කොයින්වෙලෙත් තරහ යන මම වගේ නෙවෙ....ඉදලා ඉදලා එයාට තරහා ගියහම ඒක කෙරවල වෙන්නෙම මරනෙකින් බව දන්න මම එයාව අතින් අල්ල ගත්තා...
එයා මොකුත් නොකියම කලිසම් බෙල්ට් එකේ ගාන්චුව බුරුල් කෙරුවා වගේම මෙච්චර වෙලා බිබී ඉන්න සිගරට් එක බිම දාලා පෑගුවා........පාගලා මා දිහා බැලුවා....
යෙවීන්...රෝස මල් නටුවෙ කටු තියන බව දැන දැනම...මල කඩාගන්න නටුවෙන් ඇල්ලුවොත් මොකද වෙන්නෙ.......ම්ම්ම්ම්ම්ම්ම්ම්
"කටු ඇනෙනවා....." එයා මගෙන් ඒ ප්‍රශ්නෙ අහනවත් එක්කම මම උත්තර දුන්නා...ගොත නොගහම උත්තර දුන්නා.....හැබැයි....කටින් නම් නෙවෙ...මගෙ හිතින්.......
කටු ඇනෙනවා...එහෙම නේ....ම්ම්...කටු ඇනෙනන බව දැන දැන........මල නටුවෙන් වෙන් කරන්න හදනවා නම්.......කටු ඇනගත්තු ඌද වැරදි....නැතිනම්.....මල් නටුවද වැරදි යෙවීන්....ම්ම්ම්.....
ඌ...ඌ....ව්...වැරදි.....
ම්ම්ම්...ඇත්ත....ඌ වැරදි...හැබැයි ඉතින්.....ඔක්කොමල්ලම...බනින්නෙ...
මලට....එහෙම නේ.....
ම්ම්ම්....
ඇත්ත ....නටුව පුරාවටම කටු තියන බව දැන දැන මල කඩන්න යන හැම එකාම අවසානෙදි බැන්නෙ මලට.....
මම සංධීර් දිහා බැලුවා......එයත් හරියටම මල් නටුවක් වගේ.......මම එයාගෙ රෝස මල වගේ ......එයාව මාව වෙන් කරන්න හදන උන් කරන්නෙම ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න හදනවා හා සමාන දෙයක් වෙනකොට අවසානෙදි උන් ඇගිල්ල දික් කරන්නෙත් අපිටම වෙනකොට සංධීර් ගේට්ටුවත් ඇරලා දාලා මාව අතින් අල්ලන් පාර පැන්නා......
ඇත්ත...එයා නම් අද සාතන්ව හම්බවෙන්නම වගේ යන්නෙ .
ඒක මට දැනුනා....
ඒක එයා තදින් අල්ලන් උන්න මගෙ මැනික් කටුවට දැනුනා....
මල්ලි...හයර් එකක් යමුද...
මාව අතින් අල්ලන් ගියපු එයා කෙලිම්ම අර මීටර් ටැක්සි කාර් එක ගාව නැවතිලා හයර් එකක් යමුද අහනකොට ඒකෙ උන්න එකාගෙ මුන සුදු මැලිවෙලා ගියා.....
මු ටැක්සි කාරයෙක් නෙවෙ ...රියදුරු සංගමෙන් කාර් වලට ත්‍රීවිල් වලට මේ ඔක්කොටම යුනිෆෝම් එකක් දුන්නා......අනික....මූ මේ ත්‍රීවිල් පාර්ක් එකේ ඉන්නෙ....
ඉදකින් මු නම්...රට හරකෙක්ම තමයි.....ගොන් ආදා.......
මහත්තයා ...මං දැන් නම් හයර් දුවන්නෙ නෑනෙ.....
ම්ම්.....හදිස්සියක් ....ඒකයි . .වෙනදට මෙතන ත්‍රීවිල් තියානවා අද ඔක්කොම හයර් දුවලා....ඒකයි.....ගාන ඩබල් දෙන්නම්...
සංදීර් අරූට ගාන ඩබල් දෙන්නම් කියනකොට මම ඒකගෙ වාහනෙ ෆුල් ස්කෑන් කෙරුවා .......මූ මේකෙ නම්බර් ප්ලේට් එක මාරු කරලා...ඇයි මූ මාරු කරලා තියෙන්නෙ.. ...මූ මේක උස්සලද මන්දා...අනික මේ මීටර් ටැක්සි කියන එක........
යෙවීන් නගින්න.....
ම්ම්..මහත්තයා...මං කෙනෙක්
කිව්වනෙ ඩබල් ගෙවන්නම් කියලා...ගන්න කෙනාට කියන්න වෙන එකක යන්න කියලා...යෙවේ.....න්න්.....
සංධීර්ට නප්පියටම නැගලා.....යෙවීන් යෙවීන් කියන එයා කලාතුරකින් යෙවේන් කියනවා නම්.....අනිවාර්යයෙන්ම සංධීර් ඉන්නෙ සාතන් එක්ක තේ කෝප්පයක් බොන ගමන්......
මං නැග්ගා...
නෑ....නෑ...එයා මාව බලෙන් කාර් එක ඇතුලට එබුවා වගේම එයා මාව දාලා වටෙන් ගිහින් එයත් නැග්ගා....නැගලා ඉදගන්නකොට අරූ කාර් එක ස්ටාර්ට් කෙරුවා වගේම අරූ කාට හරි කතා කරන්න ඵෝන් එක අල්ලනකොටම මම ආපහු බැහැලා ඩ්‍රයිවින් ශීට් එකට මෙහා පැත්තෙ ශීට් එකෙන් ඉදගන්න ගමන් ඒකා දිහා බැලුවා.....
ඩ්ඩ්ඩ්.....ඩ්‍රයිවර් ...ම්ම්..මහත්තයා.... ඩ්ඩ්....ඩ්‍රයිව් කරනකොට කෝල් කරන එක.....ඒ....එතරම්...හ්..හොද....ද්..දෙයක්....න්..නෙවෙ.....
මම අරූ දිහා බලලා ඇහිබැමක් උඩ යවනකොට මූ කනට තියා ගන්න හදපු ඵෝන් එක පැත්තකින් තිබ්බා උනත් මම දැක්කා මූ ගත්තු කෝල් එක එහා පැත්තෙ ආන්ස්වර් කෙරුවා ...මං ඵෝන් එක අරන් කෝල් එක කට් කෙරුවා ...
අ..අපරාදෙනෙ.....ස්...ස්ස්...සල්ලි...
ඒකගෙ මූන දෙක උනා....කෝල් එක කට් කරනවත් එක්ක ඒකගෙ මූන අන්දකාර වෙලා ගියා වගේම මං බලාගන පිටිපස්සෙන් උන්න සංධීර් හිනා වෙනවා....

පව්....අහිසකයා........
ඩ්...ඩ්‍රයිව....ර්....උ..උන්නැහැ...අ..අහලා තියනවද....Mm..money cant buy life ක්ක්..කියලා....ක්..කතාවක්...ම්ම්ම්ම්.....
මං හිමින් සැරේ ගින්න පත්තු කරන්න ගත්තා....යන්නෙ කොහෙට කියලවත් නාහපු මනුස්සයා කාර් එක ස්ටාර්ට් කරන් මහ පාරට දාලා මග දුරක් ඇවිදින් කන්නාඩිය හරාහ සංධීර් දිහා බැලුවා.....
මහත්තයා....කොහෙටද යන්නෙ....
ඩ්‍රයිවර් උන්නැහැට...කොහෙටද යන්න ඕනේ....ම්ම්ම්....

මම ජනේලෙන් අහක බලාගත්තා.....මිනිහා සංධීර්ගෙන් ප්‍රශ්නයක් අහනකොට සංධීර් උගෙන් ආපිට උගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.....
ම්..මට කොහෙටවත් උඅන්න ඕන නෑ මහත්තයා ..මහත්තයා මහත්තයට යන්න ඕන තැන කිව්වා නම් මට මගෙ ගමබ යන්න ලේසියි....
බයයි.......
මො..මොකක්ද.....
මං කිව්වෙ...මට බයයි කියලා....මොකද....මට බයයි.....තමුන්නැහැට ඔය ගමන යන්න බැරි වේවි කියලා ...
සංධිර්ගෙ කටහඩ......
මට ඒ මූන වත් බලන්න හිතුන් නෑ....කොටිම්ම මට එයාගෙ මූන දිහා බලන්න බයහිතුනා වගේම මෙච්චර වෙලාම මේබ් රෝඩ් එකේ ගියපු වාහනේ එක පාරම අතුරු පාරකට හැරවෙනකොට ඩ්‍රයිවින් ශීට් එකෙ උන්න මිනිහට ස්ටියරින් වීල් එක අතෑරුනා....
කාර් එකට යන්න පාරක් නැති උනා.....
මග පෙන්නන්න අත්දෙකක් නැතිව යනකොට කාර් එක හිතු මනාපෙට යන්න ගත්තා
ස්...ස්...සංධීර් .....
මම සංධීර් දිහා බැලුවා.....
එයා උන්නෙ මාරාවේස වෙලා...
ම්ම්....අ...අත්....තෑරප...කැ...කැහ්...කැහ්..........
කලිසන් බෙල්ට් එක....එයා ගේ ගාවදි බුරුල් කරගත්තු බෙල්ට් එක මේ වෙනකොට තිබුනෙ අර මනුස්සයගෙ බෙල්ල වටෙ වෙනකොට අරූ අත පත ගගහා දැගලුවා....කාර් එක ඒ මේ අත ගියා........
අතාරින්න.......ඇයි ඒ....මට එක හේතුවක් දුන්නොත් මම අතාරින්නම්..... ම්ම්ම්........
ම්ම්..මාව....අ..අ...අතරෑ...ප්.....පන්.....ය්..යකො....
ඇ..ඇයි....ම්ම්ම්....ඇ..ඇයි....උ..උඹව....අතරින්න...ඔ..ඕනේ....ම්ම්...කියපන් ඉතින්...
අනිත්පාර මම...සංධීර්ගෙ අත් වල සම්පූරනම හයිය බෙල්ට් එකට යනකොට මම අරූව ඇදල දාලා ඩ්‍රයිවින් ශීට් එකට පැන්නා වගේම සංධීර් එන්න එන්නම බෙල්ට් පටිය තද කෙරුවා ......
උඹ බලාපොරොත්තු උනෙ ...මගෙ මරනෙ...එහෙමනේ...ම්ම්ම්.....
එයාගෙ කට හඩ.....මගෙ ඇගෙ හිරිගඩු පිපුනා....එයාගෙ කටහඩ වෙනදා තරම් වත් එලියට අවෙ නෑ........
එයා දත්මිටි කනවා...කතා කරන වචනයක් පාසාම එයා අර බෙල්ට් එක තද කෙරුවා ..........
උඹ බලපොරොත්තූ උනේ මගෙ මරනෙ....නෑ...මරන දෙකක්....හැබැයි උඹ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු උනේ මගෙ මරනෙ.....එහෙම එකේ ඇයි ...මට බැරි උඹෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නෙ බැරි....ම්ම්ම්.......කීයක් ගත්තද....ම්ම්....
මගෙ මලකද පෙන්නන්න.....කීයක් උඹගෙ සාක්කුවට දැම්මද.....ම්ම්...
ලක්ශයක්......
දෙකක්...
නැත්තන්.....තුනක්...
ම්ම්ම්ම්.....
නැත්තන් ....හතරක් ........ ම්ම්ම්ම්.......
වැරදුනා.....ඌට වැරදුනා ...මරපු එකෙක් මරන්න බෑ කියන එක....ඌට....නොසෑ....හෙන්න....
වැ ර දු නා...!!!!
ක්..කීයක්.....ක්..උනත්.....අ....කැහ්...කැහ්....උ..උඹ....ට...උ...ඹට.....ම්..මගෙන් ....බ්..බේරුනත්.....
ඇ....ඇත්ත....ඇත්ත.....උ...උඹට....අ...අ..පෙන්....බ්..බෙරුනත්.....ඇ...ඇමතියගෙන්.....බ්බ්..බේරෙන්න...බ්..බෑනෙ....හ්...හරි....හරි....අ...අපි...එක....ද්..දන්නවා...හ්..හැබැයි........අ...අපි....ක්..කැමතියි.....එ..එයාට....ස්...සප්‍රයිස්.....ග්..ගිෆ්ට්...එකක්....ය්....යවන්න......ල්..ලක්ශයක් ....එ...
එක්ක...උ..උඹේ....ම්..මලක....ද....ක්ක්..කැමතිද....ම්ම්ම්...
ගුටි කකා ගුටි කකා බැනුම් අහ අහ සල්ලි නොගෙවා තාත්තගෙ ලර්නස් එකෙන් ඩ්‍රයිවින් පුරුදු උන මම අවසානෙදි පලවෙනි පාරටම සුක්කානමකට අත ගැහුවෙත් හොදම නැකතකින් වෙනකොට සමහර තැන්වලදි මට නප්පියටම ක්ලච් එක පෑගුනා...හිටපු ගමන් දඩාන් ගාලා බ්රේක් එක පෑගුනා....ඒ පෑගෙන වාරයක් ගානෙම එයාව මාව අරූව ඒ මෙ අත යනකොට බලු බල්ලෙක් නැති අතුරු පාරෙ ලයිට් කනු දෙක තුනකම කාර් එකේ පේන්ට් ආර හිටියා වගේම අරූ දගල දගල මට පයින් ඇන්නා.....
අ...අතැර...පන්...කැහ්...කැහ්...යකො.....අ....
අතාරින්න.....
හරි....අතාරින්නම්...
මම...උඹව...බොහෝම...ලෙසියෙන්......අතාරින්නම්.....හැබැයි...නිකන් නෙවෙ.... ..මගෙන් විතරක් නෙවෙ.....මේ මුලු....ලෝකෙම්ම...මොකද....උඹව...
ඉතුරු කෙරුවත්...උඹ මැරෙනවා.....නැතත්.....මැරෙනවා...
අරූ දගලනවා....සංධීර් ගෙ බෙල්ට් එක උගෙ බෙල්ල වටේ කිටි කිටියට තද වෙනකොට ඇමතියා වෙනුවෙන් ජීවිත දෙකක් උදුර ගන්න ආව එකාගෙ ජීවිතේ අවසානෙදි තිබුනෙ සංධීර්ගෙ අතේ වෙනකොට මම ගියර් එක පස්සට කඩලා ඉස්සරහ තිබුන ලොකුම ලොකු මාර ගහ දිහා බැලුවා........
ස්...ස්...සංධීර් ...
මම සංධීර් දිහා බැලුව....සංධීර් උන්නෙ දත්මිටි කාගන අරූව අල්ලන් වෙනකොට මෙච්චර වෙලාම දගලපු ඒකා මරන වේදනාවටමද කොහෙද මාව මිරිකගත්තා ....නිකන් නෙවෙ.....උගෙ සර්වාංගෙම්ම තිබුන හයියත් එක්කද කොහෙද ඌ මගෙ අත මිරිකගත්තා ....ඒ නියපොතු පහම මගෙ උඩ හම ඉරාගන මස පසාරු කරන් යනකොට ඒ වේදනාව මටත් දැනුනා වගේම මං බලාගන ඒකගෙ දිව එලියට එනවා.....
එ ඇස් ලොකු වෙනවා....ඇස්වල ලේ නහර පවා ඉලිප්පෙනවා.....
ඌ හුස්ම අදිනවා.....
සංධීර්ගෙ මලකද වෙනුවෙන් මොනරු පිල් වලින් සාක්කුව පුරවගත්තු ඒකා අවසානෙදි ඒකා පෙනහලු හිස්වෙන හිස් වෙන පාර
ඌ හයියෙන් හයියෙන් හුස්ම අදිනවා..
ඒ පන යන්න යන්නෙ....ඒ හුස්ම යන්න යන්නෙ.......
අ....අ....අතෑ....ර.....
අවසානම....තත්පර ගාන.....
අවසානම....අවසානම.....තත්පර ගාන....
කට කොනින් සවල පෙරෙනකොට ඌ කකුලට කකුල අතුල්ල අතුල්ල අවසානම හුස්ම අල්ල අල්ල අවසානම හුස්ම ගන්න ඌ පොර කනවා...
උඹට පේනවද.....ම්ම්....උඹගෙ ආත්මෙ අරගන යන්න ආව උන් උඹට අඩගහනවද... ම්ම්ම්...මොනවද කියන්නෙ.....කව්ද ඉන්නෙ.....
අශාන් මහත්තයා ඉන්නවද උඹගෙ.......
නැත්තන් ....මාව එදා පුච්චන්න ආව උන්.....ම්ම්.....ඒත් නැත්තන් ....උඹගෙ මලගිය ඇත්තෝ.....ම්ම්ම්...
අ...හ්...ම්..මාව...
අරූ පන අදිනවා....ඌ...අත් දෙක එකතු කරන්න හදනවා......ඒ හුස්ම එකතු කර කර අවසානම හුස්ම එලියට දාගන්න ඌ දත් මිටිකනවා.....
මං බ්රේක් එක අතෑරලා අවසානම අඩියට ක්ලච් එක පෑගුවා වගේම අසූවට අනූවට සීයට තියපු මීටර් කටුව අවසානෙදි අන්තෙටම ගියා වගේම ගහ ලන් වෙන්න අන්තීක දශම දෙක තුම තියනකොට මං බලාගන අරූගෙ කකුල් ගැහිලා ගැහිලා අවසානෙදි කකුල් තෙමාගන මල මුත්‍රා පිට උනා වගේම අවසානෙදි ඇස් කොන් වලින් ඇස් කොන් වලින් කදුලු බින්දුවක් පහලට පෙරෙනවා එක්කම මමයි සංධීරුයි දොරවල් ඇරන් එලියට පැන්නා වගේම කඩාගන ගියපුකාර් එක අවසානෙදි මාර ගහෙ මහ සද්දෙන් වැදුනා......
දඩාන්.....
යෙවීන්......
යෙවේ...න්...
කාර් එකෙන් පැන්න එයා රෝල් වෙල ගිහින් කම්බි කටු ගොඩක පැටලුනා වගේම මාව ගිහින් ලයිට් කනුවක වැදුනා...
මහ සද්දෙන් වැදුන කාර් එකේ එයාර් බෑග් පවා දිගෑරිලා තියනකොට මං නැගිට්ටා....නොන්ඩි කොට කොටම නැගිටලා හිටගත්තා ....
ස්ස්....සංධීර් .....ල්ල්...ලයිට....ර්....එක....
මං ලයිටර් එක ඉල්ලලා කෑ ගැහුවා ...ඒත් එයා නෙවෙ මගෙ අතට ලයිටර් එක දුන්නෙ....
රො..මේන්ට ගන්න....
එයා එච්චරයි කිව්වෙ ...කම්බි වැටෙ ඇමිනුන සංධීර් රෙදි ඉරාගන නැගිටලා කාර් එක ගාවට දිව්වා....
පෙට්‍රල් ලීක් කරලා ගිනි තියන්න යන්නෙ.....
පැලුන යටි තොලෙන් ආව ලේ රස දිවට දැනෙනකොට ආයමත් එයාටයි මටයි කොගෙ හරි ඇදක නැගන් බෙහෙත් දාන්න වෙනව කියන එක හිත හිතම රොබිනට ගන්නකොට සංධීර් ආවා.....එය්ස ආවෙ නිකන් නෙවෙ.....නොන්ඩි කොට කොට ....එයාගෙත් කකුල් තුවාල වෙලා
.......
තව චුට්ට වෙලාවයි.....ඕක පුපුරනවා.....ඕක ගිනි ගන්නවා
....
ස්ස්...සංධීර් .....
එන්න යමූ...
සංධීරයා .....
කතා එපා දාගනින්.....
රොමේන්ගෙ තනි කලුපාට ජිප් එක අපි ඉස්සරහින් නවත්තනවත් එක්කම සංධීර් අහන්න තියන හැම ප්‍රශ්නෙකටම තිත තිබ්බා....
කෙලිම්ම තිතක් කියන්නෙ ආය තිත් පේලියක් වත් කමාවක් වත් නෙවෙ කෙලිම්ම තිතක්.....
තහනම්....
ඒ කතාව ආය ආය උඩට ගන්න තහනම් වෙනකොට මන් පිටිපස්සෙ ශීට් එකක ඉදන් හති ඇරියා ...
මෙතනින්.....
මෙතනින් කොහෙටද......
වරුනගෙ ගෙදර .....
මං ඇස් දෙක පියාගත්තා .....එයා කිව්වෙ වරුනගෙ ගෙදර කියලා ....වරුණ කියන්නෙ මගෙ පැත්තට කතා කරපු ලෝයර් ....
මං හිතන්නෙ....අවුරුදු දහ අටක ළමයෙක් කියන නම මට සැහැල්ලු වැඩි ඇති . .
වේදනාව කියන දේ මං දරා ගන්න පුරුදු උනේ අදක ඊයෙකත් නෙවෙ ....
සංධීර් ....
මගෙ වස්තුව ....
මිනිස්සු අම්ම තාත්තගෙන් පස්සෙ පිටින් ආදරයක් හොයනවා...
මිනිස්සුන්ට ඒ වගේ ආදරයක් ඕනෙ වෙනවා...
මිනිස්සු ආදරේ කරනවා පරදිනවා....
අඩනවා...
සාප කරනවා...
දරා ගන්නම බැරි තැබ මිනිස්සු අතාරිනවා....
සමහරු ජීවිතෙ....
සමහරු බැදීම්....
සමහරුන්ගෙ සර්වාංගෙම බර කඹේකට සින්නක්කර වෙලා යනකොට ...ඒ අතහැරීමම සමහරු කසාවතකට සින්නක්කර කෙරුවා ....
අත්වලින් අල්ලනවට වඩා සමහර බැදීම් හිත්වලින් බදලම අල්ලගත්තම.....ඒ වෙනුවෙන් අපායෙ දොරකොඩ ගාවට යන්න උනත් මිනිස්සු හිත් ගල් කරගන්නවා ....
මම හිතන්නෙ මට තියෙන්නෙත් ඒ වගේම යකඩ හිතක්....
මම කැඩුන කෙනෙක්....මං බිදුන කෙනෙක්.....ලමා කාලෙ කියන්නෙම අන්දකාරෙන් වැහුන පතුලක් නොපෙනන ආගාදයක් වෙනකොට මට එකම වචනයක් හරි ආදරෙන් කතා කරපු ඒ මනුස්සයව රකින්න...
සත්තයි .....
මං ලෝකයක් හරි මරලා දානවා .......
යෙවීන්....
ඇබිත්තම....
ම්ම්.....මං....හ්..හොදින්.....සංධීර් ...
මම ඇස් පියන් උන්නා මිසක්...මම නෙවෙ ඇස් ඇරියෙ......මට අඩන්න උවමනාවක් නෑ ....මං අඩන්න ආසයි ...එයාගෙ ආදරෙ දරාගන්න අමාරුම තැන්වල ....මම එයාට ආදරේ කරනවටත් වඩා එයා මට ආදරේ කරනවා කියලා දැනෙන තැන්වල .
මං දන්නවා ..මට තනිවෙන්න වෙනවා ....
එයා දන්නවා එයාට මාව තනිකරන්න වෙනවා...
අපි දන්නවා අපි දෙන්නටම ....ආදරෙ හිතේ තියාගන ජීවත් වෙන්න වෙනවා.....
මට අඩන්න බෑ මට කොටිම්ම බොලද වෙන්න බෑ......මේක සටනක්....ඉහලට ගන්න හුස්න ඊලග තත්පරේදි නැතිවෙලා යන්නෙ කොයි වෙලාවෙද කියලා හිතන්න බැරි මිශන් එකක්....
එයයි මායි විතරයි ....
ඌට .....ඌට නැති එකෙක් නෑ....
ඇබිත්තම ...
මං ඇස් ඇරියා ...
සංධිර්ගෙ ඇස් දෙක ගොරකා ලෙලි වෙලා.....එයා මගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා ...
යෙවීන්....
අපි හිරෝශිමාවක් නම්.....එකට පුපුරමු.....
පුපුරලා...
අ..අපි....එ...එකටම.....ද්දලු...ද්දාමු.....ස්...සංධීර් .....
එයා හිනා උනා...මාත් හිනා උනා....අපි දෙන්නා තනිකරම රුසියන් විප්ලවේට යන සොල්දාදුවො දෙන්නෙක් වගෙ...ගියාට ආපහු එන්න පුලුවන් වෙයිද ....නැද්ද නොදන්නවා උනත්...මල් පිපෙන ඍතුවක ඉර පායන හැටි බලන්න ඇගිලි ගනින ...
වරුණ...
සංධීර් .....
මං ඉදගත්තා ...ඉරුන ඇදුම් වලට ආයම එයා මම ඇදුම් මාරු කරගන්නකොට ඇගේ අමාරුවට මට පෙනඩෝල් දෙකක් දුන්න සංධීර් එයාගෙ ඇගෙ අමාරුවට වඩා එහෙ මෙහෙ දුවන හිත එක තැනකට ගන්නද කොහෙද විස්කි එකක් තොල ගාන්න ගත්තා.....ආපහු සිගරට් එකක් අවුලගත්තා ...තත්පර ගානයි....මුලු කාමරේම සිගරට් දුම් වලින් වැහිලා යනකොට මං එයාලා හැමෝටම මැදිවෙලා උන්න,මං පැත්තකින් තිබුන තවමත් අයිස් නොබැහපු අශාන් ගෙ මල කද දිහා බලන් උන්නා....

මේක මූනින් අතට දාන්න...
මලකද දිහා ඇස් පියවන්නෙ නැතුවම බලන් උන්න සංධීර් මේක මුනින් අතට දාන්න කියනකොට මං නැගිට්ටා ...නැගිටලා මලකද ගාවට ගියා....
කවුරුත් කිව්වෙ නෑ එපා කියලා ...
කවුරුත් කිව්වෙ නැ ඔයා බයවෙයි කියලා ....
මට හුස්මක් පිට උනා....
මේ හැමදේටම මුල....එකම එක නඩුවක් .....
මේ හැමදේටම මුල....යුක්තිය වෙනුවෙන් අයුක්තියට පයින් ඇනපු එක....
එකම එක නඩුවක්.....
....අවුරුදු දහයක් උදුරගත්තා .......
දැන් ආයම ආයම කැරකිලා ඇවිත් එතනම නවතින්න වෙලා.....
උන් මගෙන් උදුර ගන්නෙ ජීවිතෙ හොදම කඩයිම් දෙක...
ප්‍රේමය වනාහි
පත්තු කරන ලද
සිගරුට්ටුවක් වැනිය
එක්කො
ඉක්මනට ඉවරවෙනවා....
නැත්නම් බිබී ඉන්නකොට
මොකෙක් හරි ඇවිත්
උදුරන් යනවා..
(උපුටා ගැනීමකි....)
සංධිර්...මෙතනින් එහාට.....
මැරුන කෙනෙක් විදිහට ජීවත් වෙන්න....
පැය හයක් යන්න කලින් දෙවනි පෙනඩෝල් දෙකත් බීපු මං හයෙ කනිසම පහු වෙනකොට එලියට ඇදපු බඩ බොකු අපිලිවලට ආපහු බඩටම ඔබලා තිබුන මලකද දිහා බලන් ඉදලා බලන් ඉදලා ප්‍රීමා කොත්තුමී එකක් හදාගන සාස්පානටම ගෑරුප්පුවක් දාන් කනකොට
මම අහගන සංධීර් වරුනට කියනවා මැරුන කෙනෙක් විදිහට ජීවත් වෙන්න කියලා .....
ජීවත් වෙන ගමන් මැරුන කෙනෙක් විදිහට ජීවත් වෙන එක.....
ඒක අමාරුයි...
ඒක ඇත්තටම කරන්න අමාරුයි......
සුරුස් ...
මං නූඩ්ල්ස් රැල්ලක් කටේ ඔබාගත්තා .....
මුලු කාමරෙව් හතර කොන්වලටම කැමරා වදිනකොට සිවිලිම් කුස්තූර අස්සෙත් කැමරා හිර උනා.....
මේ යන්නෙ උගෙ හොදම කාලෙ......
මේ යන්නෙ උගෙ ආසනේ උඩිම්ම තියන කාලෙ.....ඒ කාලෙ ඌට උගෙ දකුනු අත නැති උනා කියන්නෙ තනිකරම උම්මන්තකයෙක් වෙනවා....ඒක සාදාරනයි....
ඌ විතරද සාදාරන.....එතකොට අපි ...
ඇබිත්තම....
මං උන්නෙ ගෑරුප්පුව කරකව කරකව නූඩ්ල්ස් රැල්ලක් ඔතන ගමන්...
මෙච්චර වෙලාම රොබිනා වගේම වරුණ එක්ක කතා කරපු එයා ඇබිත්තම ගාගන මගෙ ගාවට එනකොට එතනටම රොබිනත් ආවා....
උඹට තියෙන්නෙ ජුදාස්ගෙ කැරක්ටර් එක රගපාන්න ....වෙනසකට තියෙන්නෙ හාදුවක් නැතිව...."රබ්බෝනි "* නොකියා මාව පාවා දෙන එක.....
(*හීබෲ බසින් ගුරු දේවයන්)
ස්...ස්ස්....සංධීර් ....
මං රොබින් කුරුල්ලා දිහා බැලුවා ....එයා කිව්වා රොබිනට එයාව පාවා දෙන්න කියලා ...
අවංකවම මට මෙවෙලෙ කදුලු පිරුනා.....
කතාවක අවසානෙ නොදැන ඉදලා ඒ හරියෙදි අඩනවට වඩා.....
වෙන්න යන දේ වෙන්න තියන දේ මෙතනදි මේ වෙලාවෙදි වෙයි කියන දේ දැනුනම ඇඩෙන එක ඊටත් වඩා වේදනාවක් වෙනකොට මං කකා උන්න නූඩ්ල්ස් එක පැත්තකට දානකොට රොබිනා මගෙ ඔලුව අත ගෑවා....
ටික්.....
ටික්...
ටික්....
ටික්.....
ඔර්ලෝසුවෙ බට්ටෙ එහාටත් යනවා මෙහාටත් යනවා....හයහමාරෙ කනිසම....හතට යන නිව්ස්ට් ෆස්ට් එකෙ කෑලි දැම්මම යනකොට මං බලාගන උන්නා හෙට අනිද්දට තියන්න තියන චන්දෙට මැති ඇමතිලා වැදගන වැඩ කරනවා ....
සමහරු අඹ පැල හිටවලා මහ වැස්සෙ කුඩ අල්ලන් වතුර දානවා....
විල්පත්තු කපන්න පර්මිට් දුන්න උන් වල්ලපට්ටා කදන් පිටින් ලොරිවල පටවන උන් මේ පාර ඇහැට පේන්නෙ නැති විලාට් අඹ ගස් හිටවනවා....හේන්වලට අලි ගහනකොට.....හයෙන් පස්සෙ අලිමංකඩන් ගාවින් එහා මෙහා යන්න බැරි වෙනකොට ඇස් කන් පියාගන උන්න ඇමතිලා මේ දවසට දෙකට අලිමිනිස් ගැටුමට විසදුම් හොයනවා මදිවට අහිංසක උන්ව රවට්ටන්න අලි වෙඩිත් දීලා එනවා...
මුන් මිනිස්සුන්ව රවට්ටනවා.....ඉස්සර රුපියල් දහයක් දීලා කඩපු ටිකට් එක අද රුපියල් පනහට කැඩෙනවා...ඒකත් බස් එකේ ඉදගන ගිහින්ද හරියට හිටගන ගිහින්ද.....
රුපියල් දෙදහක් අරන් වැල්ලට ගියොත් දහයෙ ටියුලිප් උරෙන් බාගෙකට මාලු ජාති දෙක තුනක් එක්ක ජිමියට කන්න පවා සාලයො සූඩයො ගේන තාත්තා අද ජිමියට අපිට කියල නෑ...රුපියල් දාහක් දෙදහක් දීලා සාලයො සූඩයො ගේනවා....පොල් ගෙඩියක් ගන්න ගානට රත්ත්‍රන් පවුමක් ගන්න පුලුවන් තරමට පොල් ගනන් යනකොට අපෙ අම්මලා වගේ ලිප් ගාව මැරෙන බත් අම්මලාට පොල් සම්බෝලයක් එක්ක විකුනන බත් එක ගිනි ගනන් වලට විකුනන්න වෙනකොට තියන බිස්නස් බලාගන ඉන්නකොට කකුල් ගාව කඩන් වැටුනා වගේම අවසානෙදි පාන්දර ඉදන් නැහිලා නැහිලා හදන බත් පැකට් ටික පින් තකා අහල පහල ගෙවල් වල උන්ට දෙන්න උනෙ මේ වගෙ පින්කාර ඇමතිලා හින්දා....
මම බලන් උන්නා..එක එක පළාත්වල පළාත්වල වැඩ මෙහෙවර අස්සෙ සිල්වා කාරයා අනාත නිවාසයක් සම්පූරනම පිළිසකර කරන්න පටන් අරන්...
මට හිනා ගියා....
මට බකස් ගාලම හිනා ගියා......
අනාත නිවාසයක්.....
සමහර විට මේක අස්සෙ උගෙයි උගෙ පුතන්ඩියයිගෙයි පවා ළමයි ඇති....
උගෙ පුතන්ඩියා අතින් අනාත උන කෙල්ලෙක් නැතුව ඇති.......
දේශපාලාඥයො කියන්නෙම තනිකරම කලු විස පුරවගත්තු මායකාරයො .....
උන්ට පුලුවන් මිනිස්සුන්ව හිටගන ඉන්නකොට නිදිකරවලා කවදාවත් හැබෑ වෙන්නෙ නැතින් හීන පෙන්නන්න...උන්ට පුලුවන්....පාලමක් හදලා නැති ගගක් උනත් උන්ට මවන්න පුලුවන් ...
උන් මවනවා.....උන් ගිරිය කඩාගන මයික් එක ඉස්සරහා කටෙ කෙල හිදෙනකම්ම අමුතුම ලෝකයක් මවනවා......
මම හිතන්නෙ ..ඒමවපු මැවිලි යතාර්තයක් උනා නම්...ලංකාව ආයම සිංගප්පූරුවක් වෙන්න තිබුනා........
තාත්තා කියන විදිහට මැතිනිය ඉන්න කාලෙ ලංකාව කියන්නෙ කාටත් ණය නැති රටක් ලු....හැබැයි....මං දන්න විදිහට...දැන් අම්මගෙ බඩෙ ඉනන දරුවා පවා ඉපදෙන්නෙ නයකාරයෙක් වෙලා.....මගෙ අම්මට බප්පගෙ දරුවා ලැබුනා නම්.....ඒ ළමයත් මේ රටට නයකාරයෙක්...
මම බලන් උන්නා...උන් මේ දවස්ටිකට කටවුට් ගහන්න වියදම් කරන සල්ලිම එකතු කරලා ඔය වතුකරේ හරි බින්න වතුර ටිකඔ හියන් හැතැප්ම ගනනාවක් පයින් යන මිනිස්සු ඉන්න ගමකට හරි ගිහින් වතුර ටැංකි දෙක තුනක් වත් හදවල තිබුනා නම්....
ඒවයි වෙන්න ඕනා..මහජන නියෝජිතයා කියන්නෙ අපෙන් කාලා බඩ ආර ගන්න එකෙක්ට නෙවෙ......
මම බලන් උන්න....අපේ හීන කාලා දාපු කාලකන්නියා ළමයි ගොඩක් තුරුල් කරන් බොරුවට හිනා වෙනකොට ඒකගෙ පුතාගෙ මලකද මෙහෙ ඇදක් උඩ කුනු උනා.....
සමහර ජීවිත තියනව පොලවට පස් වෙනවා සැප කියන්නෙ මොකක්ද කියන්නවත් නොදැනම...සමහර් මිනිස්සුන්ගෙ හීනවල පාට දකින්නත් කලින් උන් ඒ හීන කුඩු පට්ටම් කරල දැම්මා....
උන් හීන මරාගත්තු උන් උනා.....
උන් එහෙන් පිටිම්ම අලුගෝසුවො උනා.....
තාජුදීන්!!!
නුඹ දැනං හිටියෙ රගර් විතරමද?
කරාතෙ බොක්සිං දන්නෙම නැද්ද
හයිස්පීඩ් යා යුත්තෙ හයිවේම කියා
තාජුදින් නුඹ දන්නේම නැද්ද....
(උපුටා ගැනීමකි....)
ඔන්න ඔය මගුල වහපන් වරුණ....
මගෙ අවදානෙ බිදුනා........
මං උන්නෙ ගව් ගානක් ඈත ලෝකෙක වෙනකොට එයාගෙ කටහඩත් එක්ක මගෙ සම්පූරනම අවදානෙ බිදිලා ගියා....
මගෙ ගාව උන්න රොබිනා අරූගෙ මූන දිහා කන්න වගේ බලන් ඉදල බපන් ඉදලා අවසානෙදි ඔන්න ඔය මගුල වහපන් කියනකොට එයා ටීවි එක ඕෆ් කෙරුවා හැබැයි ස්විච් එකෙන් වහන් නැතිව තිබුනා....
රතු එලියක්.....
මිනිමරුවන්ට ගෙට එන්න ආරාධනාවක්........
වහපු ටීවි එකක රතු එලිය කියන්නෙ ගෙදර ඉන්නවා කියන්න ලකුනක් වෙනකොට මෙරුවන්ට ගෙට අඩගහන්න ලයිට් අවුලනවා වගේ අපි අපේ අලුගෝසුවන්ට අඩගහන්න පාර කැපුවා....
රොමේන්......
ඉදලා ඉදලා මගෙ සංධීර් රොබිනට කතා කෙරුවා .....එයාගෙ කටහඩ කනටඇහුන් නෑ...හැබැයි....එ කටහඩ අස්සෙ තිබුන හැගීම් උහුලන්න බැරි තරම් බරයි කියලා දැනුනා
සංධීරයා....
වෙනදට සංධීරයා කියලා කෑ ගගන රොබිනට අද කෑ ගහන්න අමතක උනා..සංධීරයා....ඒ නම අස්සෙ තිබුනෙ හරි වේදනාත්මක හැගීමක් වෙනකොට සංධීර් මාව අත් දෙකෙම්ම තුරුල් කරගන එයා ඉස්සරහම හිස් මුදුනට හාදුවක් තිබ්බා...
"මගෙ කොල්ලව බලා ගනින්....."
මට වචන නැති උනා....
එයා කිව්වා මගෙ කොල්ලව බලා ගනින් කියලා ....දෙපැත්තට පැද්දි පැද්දි උන්න ඔරලෝසු බට්ටා ගෙවලා දැම්මෙ කාලෙ උනාට.. ...හරියටම බැලුවොත් ඒ ගෙවුනෙ අපේ ජීවිතෙ කියලා මට අද දැනුනා .....
ස්ස්...ස්..සංධීර් ....
මම එයාගෙ පැත්තට හැරුනා....ගෙවීගන යන කනිසමක් කනිසමක් ගානෙම ලයිට් එකෙන් ලයිට් එක නිවි නිවි යනකොට මම එයාගෙ මූන දිහා බලාගන සංධීර් ගාලා මිමිනුවා......
එයා කියපු වචන පුදුම විදිහට මගෙ හිතට වද දෙනකොට අවසනම තත්පරේදි කැස්ස හිරකරන් ඉදලා නහර පුපුරලා ගිය එකෙක් හා සමානවම ආදරේ පිට උගුරෙ ගියා...
"ආ...ආයම.....ප්ප්..පාරක්....ම්..මාව...ත්ත්....තනිකරන්න.....එපා...ර්...රත්තරන් ..."
මම හිතන්නෙ එයාගෙ පපුවත් නැවතුනාද කොහෙද ....සංධීර් සංධීර් ගගා කතා කරන මගෙනුත් හුරතල් වචනයක් පිට වෙන්නෙ මාසෙකට සැරයක් පායන හද වගෙ වෙනකොට මම එයාට රත්තරන් කියනකොට ඒ මූන අනෙ බලාගන ඉන්නකොට මැලවෙලා ගියා උනත් එයා එයාගෙ හැගීම් මගෙ ඉස්රහා සම්පූර්නම කොන්ක්‍රීට් කරල දානකොට එකොලහෙ කනිසම පහුවෙනවත් එක්කම ඈතම ඈතින් බල්ලො බුරන සද්දයක් ඇහුනා වගේම වාහනයක් ගේ ඉස්සරහින් ස්ලෝ එකේ යන සද්දයක් ඇහුනා.....
වෙලාව ලන් වෙනවා .........
මම එයා දිහා බලන් උන්නා.....
උන් එනවා......
මුලු ගෙදරම ලයිට් නිවිලා ටීවි එකෙ විතරක් රතු ලයිට් ඇවිලෙනකොට රොබින් කුරුල්ලා වගේම වරුන මේ වෙනකොට උන්නෙ සිවිලිම උඩ වෙනකොට එයයි මායි විතරක් තවම පහල උන්නා....
එක පාරක් ස්ලෝ එකේ ගියපු වාහනෙ ආයම තව ටිකෙන් ආයම එනවා...
ඒක මට දැනුනා විතරක් නෙවෙ ඒක එයත් කිව්වා......
උන් තව පාරක් එනවා...
උන්.ගේ වටේම කැරකෙනවා....
අවසානෙදි මුලු පලාතම නිදාගත්තට පස්සෙ ....උන් එනවා...
සංධීර් මාව එයාගෙ පපුවට තුරුල් කරන් කනට කොදුරනකොට එයාගෙ හුස්මත් එක්ක හාමු වෙලා ආව බ්‍රැන්ඩි වගේම සිගරට් ගද මගෙ නහයට දැනෙනකොට මම එයාගෙන් පොරොන්දු ඉල්ලුවා....මං වෙනුවෙන් ජීවත් වෙන්න කියලා .....
ස්...ස්..සංධීර් .....
ම්න්....
ම්ම්..මට....ප්..පොරොන්දු ....ව්..වෙන්න........ම්..මං....වෙනුවෙන් ....ජ්..ජිවත් වෙනවා ....ක්..කියලා .....
මං පොරොන්දු වෙනවා...
එයා මට පොරොන්දු දුන්නා........
එයා මගෙ හිස්මුදුනට අත තියලා පොරොන්දු වෙල මාව එක අතකින් වඩාගෙන අනිත් අතෙන් මගෙ ඔලුව අල්ල ගත්තා වගේම මගෙ යටි තොලට හාදුවක් තිබ්බා....
යෙවීන්......මතක තියාගන්න......
"I am the master of my fate.i am the captain of my soul "
එයා හිනා උනා....ඒක තිමෝතිගෙ අවසානම වචන ටිකද කොහෙද ...සංධීර් අවසානෙදි මාව බිමින් තියලා හිනා වෙලා වරුනගෙ කාමරෙ ඒ ඇද උඩ මුනින් අතට උන්න අශාන්ගෙ මල කද ගාවට නැමුනා.......
අශාන්....අශාන්...අශාන්....මැරෙනව කියන්නෙයි...මරනවා කියන්නෙයි දෙකක්......උඹ මාව මරන්න හදනකොට ...මට මැරෙන්න ඕනා නැති නම්........ඒකට මොකද කරන්නෙ...ම්ම්ම්.......
එයා මිමිනුවා.....මැරෙනවා කියන්නෙයි මරනවා කියන්නෙයි දෙකක් කියපු එයා ඇද රෙද්දෙන් පොරවලා මුනින් අතට උන්න අශාන්ගෙ ඔලුව අත ගාලා මා දිහා බලනකොට පිටිපස්සෙන් කූඩුවෙ උන්න බල්ලා බුරන්න ගත්තා වගේම වහල උඩ කවුරු හරි ඇවිදින සද්දයක් ආවා.....
යෙවීන්.......
ස්ස්...ස්ස්....
උන් ඇවිල්ලා.....
🙂ම්හුක්.......පන්තියක් නැති.....නිර්දන පන්තියෙ ජොබී නිදහාස්........
ආයම එන්නම්....ඈ....
Ferdeesha ❤️💚😘 ....