පහට පහයි කාලට...සංධීර්ගෙ මිනිය ගේනවලු .....
මම.අහන් උන්නා...කතා කරගන්න බැරි මම මේ ඔක්කෝම අහන් උන්නා ....අම්මා එහෙන් මට කතා කරන්න ගගා අඩනවා ..බාප්පා එහෙන් මගෙ දිහා බලලා උදාන....යහපතාට මාව සනීප කරලා දෙන්න ගගා වැද වැටෙනවා මෙ ඔක්කොම කරපු තාත්තා අවසානෙදි ලගට වත් එන්නෙ නැතුව බලන් උන්නා ....
උදාන....මම මගෙ සේසතම හරි විකුනලා වියදම් කරවන්නම්...මට මූව සනීප කරලා දියන්....එහෙන් එකෙක් යන්න යනව. .මෙහෙන් මූව අර යක්කු මරාගන්න යනවා....අනෙ උඹට පින් අයිති වෙයි මට මගෙ කොල්ලව සනීප කරලා දියන් බන්...උඹ ඉල්ලන ඕන දෙයක් දෙන්නම්...
නෙහාන්.....මේ අහපන්...මේ අහපන්කො...කොල්ලට තියෙන්නෙ කම්පනේ.....උඹලට එදත් ඕක කිව්වා..මේ ලමයා ඉන්නෙ දරාගන්න පුලුවන් තැනක නෙවෙ....එක පැත්තකින් නෙවෙ හතර වටෙම්ම ආවෙ හිත රිදෙන දේවල්....සද්ද වලට....අඩනවා අහන්න බැරි කමට මේ ඔක්කොම මේ පොඩි මොලේ දරාගන්නෙ කොහොමද කියපන්.....උඹලා මෙතන දැන් දහා අතේ වැන්දත් වැඩක් නෑ....ළමයා සනීප වෙන්නෙ සෑහෙන කල්.යාවි ...එක්කො...සනීප වේවි....නැතිනම්...සදහටම ...
උදාන..
උඹ මෙතන නැහුනා කියලා.උන දේ වෙනස් කරන්න බෑ...ලමයට ඕනා
ආදරේ...අම්මා තාත්තා මිසක්...අම්ම ඉදලා තාත්තා නැතුව වත්....තාත්තා ඉදලා අම්මා නැතිව වත් නෙවෙ.....අම්මා එක්ක තනිවෙන්න නම් තාත්තෙක් ඕනෙ නෑ....ඒ වගේම තාත්තා එක්ක තනිවෙන්න නම් අම්මෙක් ඕනෙත් නෑ...ඉතින්.....එහෙම බැලුවම.....බෙහෙත් වලට වඩා ඕනා ආදරෙ ....සෙනෙහස.....අම්මා තාත්තා ඉන්නවා කියන හැගීම....
ඕක.මට නෙවෙ...අර අතන ඉන්න එකාට කියපන් උදානයා....අර අතන ඉන්න එකාට කියපන්....මූට තාත්තෙක් වෙන්න පින නැත්තේ මේ හින්දම වෙන්න ඇති....
නෙහාන්....
.ඇයි...උඹට අහන් ඉන්ඩ අමාරුද....කව්ද දන්නෙ උඹ වඳයිද කියලා .....මේකි වඳ නම් බඩ වෙන්නෙ නෑනෙ....ඇරත්....යකෝ.....වෙන ලමයි ගැන හිතන්ඩ කලින් මුලිම්ම තොට තාත්තා කිව්ව එකාව රැකපිය...කොහෙවත් යන බඩුවක් කරගහන් ළමයි වදන්ඩ කලින්...
නෙහාන්....ඇති බන්...ඇති.....මේ ලමයා තව බය වෙනවා...කතා කරන්න බැරි උනාට ඌට ඇහෙනවා....උඹලා තවත් කාගන්නවා...මුන්ට කිව්වට තේරුමක් නෑ උදාන....මුන්ට කිව්වට තේරුමක් නෑ....
ඇස් දෙක ඇරන් උන්න මම බලන් උන්නෙ සුදුපාට සිවිලිම දිහා...ඇස් දෙක එහා මෙහා කරනවා ඇරෙන්න මම අඩුම ගානෙ ඇගිල්ලක් වත් හොලවන්නෙ නැතිව මේ ඔක්කොම අහන් උන්නා.....වෙන්දට සංධීර්ගෙ ඇබිත්තමා කියන රොබින් කුරුල්ලා මගෙ ඔලුව අතගෑවා ඇරෙන්න වෙන මොකූත්ම කිව්වෙ නැති උනා....එයාලට අද කියන්න මොකුත්ම ඉතුරු වෙලා නෑ....එයාලට අද අහන්න මොකුත්ම ඉතුරු වෙලා නෑ....
අනේ නලුවා දන්නවා නම් යෙවීන්ට දැන් කතා කරන්නම බෑ කියලා ...එයත් අපේ බාප්පා වගේ බනින්ඩ ගියා...
දැන් ඉතින් මට කවදාවත් නලුවා කියන්ඩ එපා කියන කිසිම රහසක් බාප්පට කියන්න වෙන්නෙ නෑ.....
කියන්න කෝ මගෙ කටහඩ.....
ඒ වගේම නලුවටත් කවදාවත් මට රහසක් කියන්න වෙන්නෙනෑ....
රහස් කියන්න කෝ නලුවා....
යෙවීන්....සංධීර්ගෙ පුංචි ඇබිත්තම...ඉක්මනටම සනීප වෙන්න...අපි බලන් ඉන්නවා...ඔයා ආයම කතා කරනකන්....
සිවිලිම දිහා බලාගන උන්න මට මගෙ කම්මුල් වලට උනුසුමක් දැනුනා.....එහෙම්ම මම ඇස් දෙක කැරකෙව්වා .....එතන උන්නෙ රොබින් කුරුල්ලා...තවමත් ඇදුමවත් මාරු කරලා නැති රොබින් කුරුල්ලා අද කැත වෙලා උන්නා...එයා මගෙ මූන අතගාලා ආයම සංධීගෙ ඇබිත්තම කියනකොට මම ඔහේ උන්නා...ආය සංධීර් එන්නෙ නෑනෙද අහන්නවත් මට කටහඩ නැති වෙනකොට මම ඇහිපිල්ලමක් ගැහුවා....ඇහෙන් වැටුන කදුලු පේලියක් කොට්ටෙ තෙමුවා....
උඹ ඉලව් ගෙදර එන්නෙ කීයටද...අද නාවත් කමක් නෑ....
මං එනවා.....රෑවෙලා හරි එනවා.....මම නෑවිදින් කොහොමද.....ඌ ලස්සනට ඉන්නවද බන්....අනේ....ඌ ලස්සනට ඉන්නවද....අපි ඔක්කොටම වඩා ලස්සනම එකා ඌ...මට මට කියපන් රොමේනයා...මට කියපන්....අනේ...කියපන්...අපේ එකා.....ඒකා.....ලස්සනට....ඉන්නවද....??
මූන විතරයි .....ඉතුරු ඔක්කොම ලී කුඩු.....උගෙ ගන්න දෙයක් තිබුන් නෑ බන්...අගුරු වෙලා ගියපු කරවල කෑල්ල වගෙ....
යෝ...උඹලා කොහොමද යකො ඔව්වා හිතක් පපුවක් නෑ වගේ කියන්නෙ....උඹලා ඔව්වා කියන්නෙ කොහොමද කියපන්කො...සංධීරයා...අනේ ...මහෙ එකා.....ඌට .....වැඩක් නෑ..වැඩක් නෑ බන් කියලා .....මම මෙතන පිස්සා වාගේ කෑගහලා දෙවනත් කෙරුවත් ඌ ආය එන්නෙ නෑ.....ඌ ආය කවදාවත් එන්නෙ නෑ....ඔක්කොම ඉවරයි.....දවස් දෙකයි.....හැම දේම කනපිට....හැම දේම් කනපිට...
බාප්පා අවසානෙදි ඔහේ පුටුවක ඉදගත්තා ...තාත්තා මගෙ ගාවට ආව....අම්මා මගෙ අත අතගගා මට කතා කරපන්කො....අම්මෙ කියපන්කො ගගා අඩ අඩ මිමිනුවා...කතා කරන්න පුලුවන් කාලෙ කාටත් මාව අහන් ඉන්න ඕන කමක් තිබුන් නෑ.....බාප්පට අම්මට තාත්තට ඇරෙන්න කාටත් මගෙ කටහඩ අහන්න ඕන කමක් තිබුන් නෑ...ඉතින් ඇයි දැන් මට කතා කරන්න කියන්නෙ.....ඇයි මට කතා කරන්න කියන්නෙ...
.මම අම්මගෙ නෙවෙ වෙන්න ඇති....
කමක් නෑ....ඒත් අම්ම අද වෙනකන් මට නියපිටින් පාරක් ගහලා නෑ
අර ලොකු බන්ඩිය තියාගන උනත් මාව වඩා ගත්තා.....
මම තාත්තගෙ නෙවෙ වෙන්න ඇති....ඒත් අද වෙනකන් ඉල්ලපු කිසිම දෙයක් නොදී ඉදලා නෑ...
මේ හැම දේටම වැරදි ආච්චම්මා .....ආච්චම්මා අම්මටවත් යෙවීන්ට වත් ආදරෙ නෑ පොඩ්ඩක් වත්.....කොච්චර ආදරේ උනත් තාත්තා කැමති නෑ ආච්චම්ම්ට ඉහලින් යන්න....බාප්පා වගේ නෙවෙ තාත්තා.....
යෙවීන්...සුදු පුතා....තාත්තා ගෙදර ගිහින් ඇදුම් අරන් එන්නම්...මොකක්ද මගෙ පුතා අදින්නෙ...අර නත්තලට ගත්තු අලුත් සූට් එක අරන් එන්නද.....නැත්තන් ....අර අහසෙ නිල්පාට එක.....ඉස්සරහා ටෙඩියෙක් ඉන්න එක...මොකක්ද ඕනේ....
තාත්තා මම අදින්න ආසම ඇදුම් ගැන කිය කිය මොකක්ද ඕනෙ ඇහුවා....මට ඕනෙ ඇදුම් නෙවෙ....මට ඕනෙ අම්මා තාත්තව...මට ඕනෙ අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න...අනේ....තාත්තෙ.....අම්මව මගෙන් උදුර ගන්න එපා...මට අම්මා නැතුව බෑ කියන්න මගෙ කට පන නැතිව යනකොට තාත්තා අහපු ප්‍රශ්නවලට තාත්තම උත්තර හොයාගන යන්න ලැහැස්ති උනා....අඩුම ගානෙ අම්මා දිහා බැලුවෙ වත් නෑ...අම්මගෙන්.මොනවද ඕනෙ ඇහුවෙත් නෑ....ඒ වෙනුවට තාත්තා කෙරුවෙ අර අලුතෙන් හම්බුන ගෑනිට කතා කරලා සුප් එකක් හදන්ඩ කියපු එක වෙනකොට මං බලාගන අම්මා යටි තොල් හපාගන කදුලු පුරවන් බාප්පා දිහා බලනවා...හරියටම අම්මවයි මාවයි නේරගන්න පුලුවන් එකම කෙනා බාප්පා විතරක් කියන්නද කොහෙද ...
ශෙහානි.....පුලුවන් නම් සුප් එකක් හදන්න...ගම්මිරිස් දාන්න එපා ලමයට හොද නෑ...
.....
නෑ...අම්මට බෑ.....
.....
ඔව්.....ලමයට විතරක් ඇති.....
......
හා...මං එනගමන් ගන්න එන්නම්...නෑ.ඔයා එන්න ඕනා නෑ....
අයියෙ ...
....
උඹ ඔය රෙද්දක් ඇදගනද කතා කෙරුවෙ ??.මෙ ගෑනි ලමයා ඉන්න තැන මහ කෙරුමා වගේ අර බඩ්ඩට සුප් හදන්ඩ කිව්වෙ උඹ රෙද්දක් ඇදන්ද.....?
කාටද මම කියන්නෙ?
යකො...
අනේ මල්ලි.....ඇති මල්ලි.....ඇති....එයාට ඕන දෙයක් කරගන්ඩ දෙන්ඩ....එයාට මාව එපා හන්දනෙ ඔච්චර රිදවන්නෙ.....මම හිත හදාගන්නම්...මට මගෙ දරුවව ඇරෙන්න මාව එපා කියන මිනිහෙක් ගාව මොන ජීවිතයක්ද නෙහාන්...මෙච්චර කාලෙකට පස්සෙද මගෙ අඩුපාඩු පේන්න ගත්තෙ....එහෙම මිනිහෙක් ඇයි නෙහාන්.....දරුවට ඕනෙමාව බව දැන දැන අම්මා දරුවව රිදවනවා බව දැන දැන එයා කරන්නෙ තවත් අපිට රිදවන එක නම්....අපි කටගහලා මොකටද නෙහාන්...එයාට න දේ කරන්න දෙන්න.....එයාට ඕන දේ කරගන සැනසීමෙන් ඉන්න දෙන්න.....
මම බලන් උන්නා.....මම අහන් උන්නා....අම්මා ඉන්න තැන තාත්තා ගානක් නැතුව අලුත් ගෑනිට කතා කරන හැටි අමාරුවෙන් අහන් උන්න අම්මා තාත්තව අතාරින්න බැරි බව දැන දැනම බොරු කිව්වා...අම්මගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා.....නලුවත් නැති වේදනාවෙන් උන්න බාප්පා උන්නෙ තාත්තව මරන්න තරන් තරහකින් කියන්න මම එයා දත්මිටි කාගන උන්න විදිහෙන් තේරෙනකොට මම ඔහේ උන්නා...
මම යනවා.....
ඔහොම නැවතියන් .....
ඇයි.....
උඹගෙ මේ ප්‍රශෙන් මෙතනිම්ම ඉවර කරන් පලයන් අයියෙ
මල්ලි....අනේ ඇති මල්ලි...මේ ළමයා අවසානෙදි පිස්සෙක් වේවි මල්ලි...අනේ පින් අයිති වෙයි.... රෙහාන්.....ඔයාට ඕන දෙයක් කරගන්න රෙහාන්....ඒත් මම යනකන් වත් මගෙ කොල්ලගෙ හිත කඩන්නෙ නැතිව ඉදපන් රෙහාන්...පින් අයිතිවෙයි .....උඹට මාව එපා ඒකට කමක් නෑ.....මේ ලමයව තව තලන්ඩ එපා පින් අයිති වෙයි .....
හරි.....උඹට මොනවද කියන්න තියෙන්නෙ කියපන් නෙහාන්...මම අහන් ඉන්නෙ..මාත් කැමතියි මේ ප්‍රශ්නෙ බොහොම ඉක්මනට ඉවර කරගන මගෙ පාඩුවෙ ජීවත් වෙන්ඩ.....
හරි උඹට පාඩුවෙ ඉන්ඩ දෙන්නම්....උඹට දැන් අක්කව එපානෙ...නේ....
ඔව්...මම ඒක අක්කට තෙරුම් කරලා දුන්නා....එයාට නිකන් නෙවෙනෙ මම ඩිවෝර්ස් එක දෙන්නෙ....එයාට ජීවත් වෙන්න මම
අනේ තොගෙ පිත්තමෙන් වැඩක් නෑ....ඩිවෝර්ස් එක එක්ක ඒකිට ජීවත් වෙන්ඩ අනම් මනම් ලබ්බවල් ගැන මම ඇහුවෙ නෑ.....ඒකිට තොගෙ මගුල් ඕනෙත් නෑ.....ඔය තරම්ම ආදරේ නම්මේ ලමයවයි ගෑනිවයි ආපහු අරන් ඉතාලි පලකො මෙහෙ මගුල් අහන්නෙ...උඹගෙන් මම ඇහුවෙ අක්කව එපානෙ කියන කතාව විතරයි .....
ඔව්...එපා....හැබැයි ලමයව මට ඕනා...ලමයව දෙන්නෙ නෑ...එයාට ලමයව බලාගන්න වත්කමක් නෑ ඒක උඹ දනන්නවා...ඒක එයත් දන්නවා.....
හරි...හරි.....ඒකිට වත්කමක් නැති උනත් ලුනුයි බතුයි කව්වලා හරි දරුවො හදන අම්මලා ඉන්නවනෙ...
..එහෙම කියලා මට මගෙ කොල්ලට ලුණුයි බතුයි ගිල්ලන්ඩ බෑනෙ නේ....උඹට තේරෙනවනෙ.....
.හරි..හරි....උඹ මූට හැමදාම ෆ්‍රයිඩ් රයිස් ගිල්ලපන් ...හැබැයි උඹගෙ ඔය අලුත් ඉසකුඩිච්චිය මේ ලමයට.කවදාවත් අම්මෙක් වෙන්නෙ නෑ...අන්න ඒකත් හොදට මතක තියාගන කතා කරපන්.....අනික අම්මා උනත් කරන්නෙම අරියාදු....අක්කත් එහෙමයි අර අරුනි කියලා එකියක් ඉන්නවා...ඒකිත් අම්මා වගෙම කුරිරුකම විතරමයි....එහෙම තැනක තමයි උඹ ලමයව තියන්ඩ හදන්නෙ...
හරි....උඹට මොකක්ද වෙන්න ඕනෙ කියපන්...
වෙන්ඩ ඕනෙද....වෙන්ඩ ඕනෙ මෙච්චරයි කොල්ලව අක්කට දීලා උඹ ඕන එකියෙක් එක්ක පලයන්...උඹට ඕන මකබාවක් කරගනින්.....මමත් යනවා යන්ඩ...
අක්කට ලමයව දෙන්ඩ....
ඇයි උඹට අමාරුද...මම ලමයගෙ හැම වියදමක්ම දරන්නම්...මම ඌව බලාගන්නම්.....
උඹ බාප්පා මිසක්.තාත්ත නෙවෙනෙ....ඌට තාත්තා ඉන්නෙ මොකටද....
එහෙම....පකටද අම්මා ඉන්නකොට තව අම්මෙක් උස්සන් එන්නෙ.....??තාත්තා උනත් බාප්පා උනත් මොකද...තොගෙ ඔය බොරු කැක්කුමට වඩා මට කැක්කුමයි....
නෙහාන්....!!!!
ආයම රන්ඩුව දිග්ගැස්සුනා....බාප්ප යන්ඩ යනවලු...අම්මට මාව දීලා දාන්ඩලු....බාප්පා මාව බලාගන්නම්ලු...අම්මා අඩ අඩ බාප්පට නවත්තන්න කිව්වා උනත් තාත්තායි බාප්පයි නෙවෙ නවත්තන්නෙ.....තාත්තා මාව දෙන්නම බෑ කිය කිය බනිනකොට බාප්පත් කට ගැහුවා....
අනේ....ඔය ඇතී.....ඔය ඇතී....
මේ කතා තවත් මට අහන් ඉන්න බෑ....
ඔය ඇති...අනේ අම්මෙ....තාත්තේ...එපා රන්ඩු වෙන්න කියල කියාගන්න බැරි තැන ගොත මම ගොලු වෙලා ඔහේ අහන් උන්නා උනත් මගෙ හිත ඇතුලෙන් පුදුමාකාර විදිහට මම කෑ ගැහුවා ....අඩා වැටුනා.....ඒත් ගානක් නෑ ...
හරි....උඹට මම කොල්ලගෙ බාප්පා වෙන එකයි ප්‍රශ්නෙ...අනික අක්කට ලමයව දෙන්න බැරි එකම හේතුව අක්කට වත් කමක් නැති එක කිව්වනෙ.....
ඔව්..ඒක තමයි...ඇයි...දැන් උඹ සේසත අක්කට ලියන්ඩද....
නෑ.නෑ.මගෙ සේසත කොහොමත් කොල්ලට....හැබැයි මට හිතෙනවා ඊටත් වඩා දෙයක් කරලා ලමයව අක්කා ගාව තියන්ඩ...
ඇයි දැන් උඹ මොකක්ද කරන්න හදන්නෙ කියපන්.....
කරන්න හදන්නෙද....කරන්න හදන්නෙ මට කරන්න පුලුවන් ලොකුම දේ....
බාප්පා උන්නෙ ඉනට.අත් දෙක තියාගන.....අම්මා එහෙන් මාව අත ගගා අඩනවා.....තාත්තා කටින් කට යනවා...බාප්පා කිව්වා එයා කරන්න හදන්නෙ එයාට කරන්න පුලුවන් ලොකුම දේ කියලා අම්මා දිහා බැලුවා...
අක්කෙ.....
.....
උඹට මේ ලමයව ඕනෙද...
මට මගෙ ලමයව ඕන.මල්ලි...කාගෙ ඇස් වලට මොන විදිහට පෙනුනත්....ඉපදිලා දවස් ගානක ඉදන් මමයි දරුවව කැත කුනු අත ගාලා හැදුවෙ...උඹ දන්නවා....මම මගෙ දරුවව හදාගත්තෙ කොහොමද කියන්න....මට මගෙ ලමයව ඕනේ මල්ලි.....මම කොහොමද නැතුව ඉන්නෙ...
ඇහුනනෙ අයියෙ...උඹලා කාටත් වඩා අයිතිය තියෙන්නෙ අක්කට....
අක්කට විතරක් නෙවෙනෙ .....දැන් මම ලමයව නොදෙන්න එකම හේතුව කිව්වනෙ නෙහාන් නේ...?
හරි...හරි....උඹ කොල්ලව නොදෙන්න හේතුව කිව්වා...ඒක හරි....උඹට.ලමයව දෙන්න බැරි හේතුව අක්කට සල්ලි බාගෙ නැති කමනෙ.....?
........
අක්කෙ...
...
උඹට පුලුවන්ද මුගෙන් අයින් උනාම මාව බදින්න....
මල්ලි.....!
නෙහාන්...උඹට පිස්සුද යකො....උඹ ...උඹ.....
දෙවියනේ..බාප්පා....බාප්පා හදන්නෙ අම්මව බදින්න...අම්මව බැදලා මාව අරගන්න....
ඇයි..උඹට මොකද.....ඊරිසිය හිතුනද.....??උඹට තව එකියක් බදින්න හොදනම් අක්කට බැරි මොකද.....??උඹ අක්කට ඩිවෝර්ස් එක දීපන්.....මට අමුතුවෙන් තාත්තා වෙන්න ඕන් නෑ...මම උගෙ බාප්පා උනාට තාත්තා වගේ තමයිනෙ.....මට කන්න දෙන්න බැරි කමක් නෑනෙ....මම අක්කවයි ලමයවයි අරන් යනවා...අඩුම තොපේ හුලගක්වත් වදින් නැති පැත්තකට....
උඹට පිස්සුද යකො..මගෙ ගෑනිව බදින්න.??...මිනිස්සු හිනා වෙයි....
ඉතින් හිනා උන දෙන්....මිනිසු කවදද හිනා නොවුනෙ.....හිනා වෙන්න කියපන්....ඇරත් උඹගෙ....උඹගෙ නෙවෙනෙ....උඹට ගෑනියෙක් ඉන්නකොට මොකටද එහෙනම් තව ගෑනු ගන්ඩ හදන්නෙ??
උඹට මම කොල්ලව දෙනෙන් නෑ නෙහාන්....
ඒක කියන්නෙ උඹ මට දෙන්නෙ නෑ...එහෙමද....බලන් ඉදපන්....මම අරගන්නවා.....උඹගෙ අර අම්මන්ඩිගෙ අතින් ලමයව මැරෙන්ඩ අරිනවට වඩා හොදයි මම ගන්නවා....උඹ කරන්ඩ පුලුවන් දෙයක් කරපන්....අක්කෙ....මම යනවා...සුදු මහත්තයා ...බාප්පා රෑට එන්නම් රත්තරන් ....
බාප්පා යන්න ගියා....මලමිනියක් වගේ උන්න මම වගෙම අම්මයි තාත්තයි ඉතුරු උනා .....බාප්පා යන්න ගියා නිකන් නෙවෙ තාත්තට ඇගිල්ලකුත් උරුක් කරලා....
මෙච්චර වෙලා තිබුනෙ එක ප්‍රශ්නයක්.....දැන් තවත්.ප්‍රශ්නයක්.....බාප්පා හදන්නෙ මාව අම්මට අරන් දෙන්න....ඒත් මට ඕනෙ අම්මවයි තාත්තවයි දෙන්නවම...ඇයි.....අනේ .ඇයි කවුරුත් මගෙන් නාහෙන්නෙ ...ඇයි කවුරුත් මගෙන් නාහන්නෙ.....මට ඕනෙ කාවද කියලා.....ඇයි කවුරුත් මගෙන් නාහන්නෙ.....ඇයි කවුරුත්ම මගෙන් නාහන්නෙ....ඇයි යෙවීන්ගෙන් නාහන්නෙ...
එතකොට උඹ මල්ලිව බදිනවද?
මට ඕන.මල්ලියෙක් නෑ රෙහාන්...මට ඕන මල්ලියෙක් නෑ....තමුසෙට බය මම වෙන කසාදයක් කරගනී කියලද...මට ඕන මගෙ දරුවා මිසක් මට ඕනෙ මිනිහෙක් නෙවෙ රෙහාන්....
උඹට මම ලමයව දෙන්නෙ නෑ....එච්චරයි....
තාත්තා යන්න ගියා....අම්මට බැනපු තාත්තා යන්න ගියා...නිකන් නෙවෙ අම්මගෙ උරහිස් වලින් අල්ලලා හොලවලා....
අම්මගෙ සුදු පුතා....
අම්මා.....සල්ලි....ගොඩාක්....එකතු කරන්නම්....අම්මයි...මගෙ පුතයි...වෙන ගෙදරකට යමු....අම්මට...පුලුවන් ...මගෙ රත්තරන්ව බලා...ගන්න.....අම්මට....අනේ...යෙවීන්...අම්මට ....අම්මට.....උඹව ඕනා ඇයි...පුතේ....අම්මව එලවගන්නෙ...අම්මට ....අම්මට.....පුලුවන් .....අම්මට.....පුලුවන් ....අනේ...අම්මට පුලුවන් උඹව බලාගන්න...
අනේ අම්මා අඩනවා.....
අම්මෙ අඩන්න එපා....
මට අම්මට අඩන්න එපා කියන්න ඕනා උනා.....
මට අම්මට මම අම්මව දාලා යන්නෙ නෑ කියන්න ඕනා උනා.....
.අනේ....ඒත් ගොත මගෙ කටහඩ දැන් මැරිලා ගිහිල්ලනෙ....
අනේ රත්තරන් අම්මෙ.....අඩන්න එපා....අඩන්න එපා.....යෙවීන්වත් මැරේවි.....අනේ....යෙවීන්වත් නලුවා වගේම මැරිලා යාවි...අනේ.....අම්මෙහ්.......
අම්මා මාව ඉඹ ඉඹ ඇඩුවා.....අම්මා මාව දාලා යන්න බැ ගගා ඉඹ ඉඹ ඇඩුවා.....අම්මා.එහෙන් අඩනකොට මගෙ ඇස් වලින් හෝ ගාලා කදුලු වැටුනා....
උන්.හැමෝම අම්මව මගෙන් ඈත් කරන්න හදනවා....
මට අම්මට අඩන්න එපා කියන්න ඕනා උනා...
වචන නැති මම අවසානෙදි මගෙ හිතින් කෑගැහුවා ...
යෙවීන්ට අම්මා ගාව ඉන්න පුලුවන්...අඩන්න එපා අම්මෙ....
යෙවීන් කවදාවත් අම්මගෙන් මොකුත් ඉල්ලන්නෙ නෑ...අඩන්න එපා මගෙ අම්මෙ....
යෙවීන්ට අලුත් සූට් ඕනෙත් නෑ.....අඩන්න එපා මගෙ අම්මෙ ...
අනේ අම්මෙ.....අඩන්න එපා.....අඩන්න....එපා....
අම්මෙ...හ්........
අනේ.....අම්මෙ.....
යෙවීන්...අම්මගෙ රත්තරනේ අම්මට උඹව ඕනෙ....අනේ...අම්මගෙ.....රත්තරන් .....නිදිමරාගන උඹව හැදුවෙ මමයි...
උකුලෙ තියාගන නැලෙව්වෙ මමයි...
ලේ කිරි නොවුනත් අම්මගෙ පපුව උඹටයි...උඹ මගෙ....අනේ...යෙවීන්.....අනේ....
ස්වාමිනි.....මගෙ දරුවව....මට දෙන්න.....මගෙ....දරුවව....මට දෙන්න......
ගරු ස්වාමිනී...මාගෙ සේවාදායකයාගෙ විරුද්ද පාර්ශවයට දරුවෙක් බලාකියා ගන්න තරම් වත් කමක් නැති බව මා ගරු අධිකරණයට ඉදිරිපත් කල සෑම වාර්තාවකිම්ම ඔප්පු වෙනවා....මසකට වරක්.දරුවා බලාගැනීමට අවසරය හැර....ඇයට හදාවඩා ගැනීමේ අයිතිය....එනම්...දරුවාගේ පූර්න අයිතිය දරුවාගේ පිය පාර්ශවයට පවරන මෙන් මා මේ ගරු අධිකරණයෙන් කාරුනීකව ඉල්ලා සිටිනවා.....
මම උන්නෙ මැද හිටගන එදා ඉස්පිරිතාලෙ ඉදන් ආවට පස්සෙ මම කරපු එකම දේ හුස්ම ගත්තු එක විතරක් වෙනකොට බාප්පගෙ ඵෝන් එකෙන් හැමදාටම ඇස් පියාගන උන්න සංධීර්ව දැකපු මට සිහිය නැති වෙලා තිබුනා...
එදයින් පස්සෙ යෙවින් ආය කවහිනා උනේ නෑ.....
.යෙවීන් ආය කාටත් පේන්න ඇඩුවෙත් නෑ.....
යෙවීන් ආය බාප්පගෙ බයික් එකට නැග්ගෙත් නෑ.....
.බාප්පා ආයම හිනා උනෙත් නෑ.....
බාප්පා කකුල් දෙකෙන් ඇවිද්දෙත් නෑ...
අම්මා ආයම ලස්සනට ඇන්දෙත් නෑ....
අලුත් ගෑනි ගෙදරට යන්නඑන්න ගත්තු දා ඉදන් අම්මගෙ වත් යෙවීන්ගෙ වත් ලෝකෙට ඉර පෑව්වෙත් නෑ....
මාස දෙකතුනක්....ගෙවිලා ගියා....සංධීර් ලියන්න කියපු පොතෙ ගොලු මගෙ වචන කතා කෙරුවා .....
ඒ හැම පිටුවක් ගනෙම යෙවීන්ගෙ කදුලු තිබුන....
ඒහැම රූලක් ගානෙම සංධීර් ගෙ නම තිබ්බා.
අනේ නලුවො දිව්‍ය ලෝකෙ ඉදන් හරි මගෙ අම්මට උදව් කරන්න කිව්වා.....
ඒත් වැඩක් උනේ නෑ....
අඩාගනම දවස පටන් ගන්න අම්මා ආච්චම්මගෙන් හිත රිදෙන කතා හුගාක් ඇහුවා...
අවසානෙදි ....හැමෝටම ඕන උන ඒදවස උදා උනා...
දවසින් බාගයක්ම පොලිසි ගානෙ මාවත් අරන් රස්තියාදු උන අම්මා අවසානෙදි අද උදේ මගෙ අත් දෙක අල්ලා ඉඹගත්තා ....මගෙ කකුල් පවා ඉඹගත්තා ....අවසානෙදි අම්මා මාව හිට ගස්සලා මගෙ කකුල් උඩ නලල තියා ගත්තා ...තියාගන කිව්වෙ එකම එක වචනයයි....
"අම්මව අමතක කරන්න එපා මගෙ රත්තරන් "
කියන එක විතරක් වෙනකොට නලුවා වගේම කලු ඇදුම් ඇදගත්තු මිනිස්සු ඉන්න උසාවියේදි ආච්චම්මා හින්දා මගෙ අම්මා තාත්තා දෙපැත්තට වෙන හැටි ගොලුවෙක් උන මම හුස්ම හිරකරන් බලන් ඉන්නකොට තාත්තා ආච්චම්මා අලුත් ගෑනි....ආච්චම්මා අලුත් ගෑනි කෙසේ වෙතතත් තාත්තා මාව තාත්තට හම්බෙනකන් බලන් උන්නා වගේම කූඩුවෙ හිටපු අම්මා අත් වැද වැද මගෙ පුතාව දෙන්න ස්වාමිනී කියන එක ඒ ස්වාමියා කනකටවත් ගන්නෙ නැතුව යෙවීන්ව අම්මගෙන් උදුරන් තාත්තට දෙනකොට මාස ගානක් කතා නොකර උන්න මම පපුව පලාගම ආව වේදනාවත් එක්ක යටි ගිරියෙන් කෑ ගහන් මගෙ අම්මා ගාවට දිව්වා....
අම්.....මේ....හ්හ්........අම්....අම්...අමේ...ය්...ය්....යන්න.එ...එ...එපා..මගෙ.....අම්...අම්..මේ......හ්.....යන්...න්න්..එපා..අම්...මේ....නේ.....අම්....අම්...මේහ්.....!!!!!!!!
ඩන්...ඩන්....ඩන්.....!!!!!
ජොබියා නිදහා.......ස්
ආයම හෙට එන්නා....ම්
මේ ලමයා බුජි.....ඔය ලමයිනුත් බුජියන්න...
ආයම.....පහයි කාලෙන් එන්නම්...
මම
Ferdeesha ❤️💚😘 ..