ස...සමාවෙන්න ..අනෙ ..ම්..මං හිතලා....
එච්චරයි මට කියා ගන්න පුලුවන් උනේ....අකුරු එකතු කර කර වචන ගැටගහපු මාව එයා තල්ලු කරලා ඇරිලා වගේම මගෙ පිටිපස්සෙන් උන්න සනාශ් මාව අල්ලගත්තෙ නැතිනම් මාව ආයම වැටෙනවා ...මොකද ඌ ඒතරන් වේගෙකින් මාව තල්ලු කෙරුවා .....
අනේ ලොකූ මං හිතලා කෙරුවෙ නෑ බන්....
ඒක ඉතින් ඕන ගොනෙක්ට තේරෙනවනෙ චූටි....ඒ මෝඩ මූසලයට නොතේරුනාට...මට නම් හිතෙන්නෙම මුන පුරවලා දෙකක් අනින්න....
ඒ උනාට බලපන් ඌ සමාව ඉල්ලපු මාව තල්ලු කෙරුවෙ නිකන් කුනු මාලුවෙක් ගානට....හෙඩා හින්දද බන් ඔච්චර ඔලුව.....
ඌට නැග්ගද දන්නෙ නෑනෙ උඹ කිරි පිහන්න ගිය වෙලෙ...අනේ ඕකට ආය කවදාවත් නගින්න එපා....ඒස් වාහ්...පූ...පූ...පූ...
වෙලා තියන මගුල් මදිවට විකාර නොකර ඉදින් සනාශ් අවංකවම මට මෙ ඉස්කෝලේ මහ තිත්තයි දැන්.....
අපි දෙන්නම උන්නෙ ගහක් යට.....කිරි ඉහිරුන ඇදුම පිහින්න ගියපු මට හෙඩාගෙන් හම්බුන රැවුම් ගෙරවුම් මැද මීට කලින් වෙච්චත් මතක් උනහම මට මේ ඉස්කෝලේ තිත්ත වෙලා ගියා වගෙ දැනුන .....කොච්චර නගරෙ හොදයි ..නගරෙ හොදයි ගෑවත් කොලඹට කිරි ගමට කැකිරි උනත් හිටපු වන්නිය හොදයි කියන එක අනන්තවත් හිතෙනකොට මං බලාගන ඩිෆියුටියා ෆුල් ෆේස් හෙල්මට් එකක් අරන් ස්පෝර්ට් රූම් පැත්තෙන් පිටිපස්සට ගියා වගේම ඇඩිඩාස් ස්පොර්ට් බෑග් එකක් උරහිසෙ එල්ලගත්තු යුනිෆෝම් එකෙ කිරි නාගපු හෙඩත් ඒ පැත්තට යනවා ....
ගමට වඩා කොච්චරද වෙනස්ද....ගමට වඩා මුන් කොච්චරද ඉස්සරහින්ද ....අපෙ අප්පච්චි අපි දෙන්නට ඵෝන් එකක් අරන් දුන්නෙත් මේ මෑතක...ඒකට මුන්ට ලයිස් එකටත් කලින් බයික් තියනවද කොහෙද ...මං හිතන්නෙ හෙඩා ගෙදර යනවා ... ..ගියපු දෙන්.....අපේ එකා කිව්වත් වගේ උඹට නගින්න එපා...
සනාශ්
ම්ම්ම්....මොකද
අරූ ගෙදර යනවා වගෙ...
ඒ වගෙ.... ඒක ඉතින් උඹ හිතලා කරපු දෙයක් නෙවෙනෙ චූටි අනික තමුසෙගෙ කටෙ සද්දෙ ගෙදර උන්ට විතරක් නොදා මුන්ටත් දාපන්කො....සමාවෙයන් කියලා වැද වැටෙන්න ඕනෙද .....අර ශෙනිරුවා...ඩිෆියුටියා ....හොදට බලපන්...මං මෙහෙන් අවුට් වෙලා ඕකට ගහලමයි යන්නෙ ...නිකන් නෙවෙ..ඕකගෙත් ඇට බහින්න ගහන්නෙ ....
මන් ගවුන්ඩ් එකෙ සෙල්ලම් කරන ළමයි දිහා බලන් උන්නා....හෙඩා මාත් එක්ක කෝන්තර පිරිමහනකොට සනාශ් එක්ක ඩිෆියුටියා පැටලෙන්න අරන් තිබ්බා ..මට ඕන උනෙ ඉක්මනට මෙහෙන් මාරු වෙන්න වෙනකොට සනාශ්ට ඩිෆියුටියට දෙක තුනක් ඇනලා යන්න ඕනා උනා.....
අයියෙ ...
.....
අයියෙ....කව්ද ....මේ සැලලිහිනියගෙ මල්ලි කියන්නෙ....
ඒක ඉතින් සැලලිහිනියගෙම්ම අහන්න ඕනා....උගෙ මල්ලි මොකාද කියන්න අපි දන්නෙ නෑනෙ මල්ලි....
අරලිය ගහ යට හිටන් සසර කල කිරිලා වගෙ උන්න මායි සනාශුයි පිට්ටනිය දිහා බලාගන අවුට් වෙනදාක අරුන් දෙන්නට නෙලලා යන්න ප්ලෑන් කරන ගමන් උන්න.. අපි දෙන්නා ගාවට ආව හයෙ හතෙ වගෙ පොඩි එකෙක් මොකාද සැලලිහිනියගෙ මල්ලි අහනකොට සනාශයා අර පොඩි කොල්ලා දිහාවට හැරිලා උත්තර බැන්දා.....
මං දන්නෙ නෑ..මේන් මේ බෑග් එක සැලලිහිනියගෙ මල්ලිට දෙන්න කිව්වා ...පෙට්ටි හිනාව තියන එකාට නෙවෙ හා දත් දෙකක් තියන එකාට කියලත් කිව්වා....ඒක නම් ටිකක් තදින් ද මන්දා කිව්වෙ....
පෙට්ටි හිනාව...හා දත් දෙක....හරිම අගෙයි පොඩි ගස් බල්ල මූන දිහා බලන් කියපු කතාව....හරිම අගෙයි ඈ.....දැන් මොකාද මේක දෙන්න කිව්වෙ...මොන ඒජන්ත හාමුදුරුවොද??
ශෙනිරු අයියා ....මේ අයියට තමා හා දත් තියෙන්නෙ.....ඔන්න කියපු විදිහටම බෑග් එක දුන්නා...මට නම් බනින්න එපා ඔන්න....අපි කැපුනා.. එහෙනම්...ගෞරවයෙන් බුදුසරනයි !
......
......
අපි දෙන්නා ගාව උන්න පොඩි කොල්ලා අතෙ තිබුන හමීඩියා කියලා ලියපු ඉටි බෑග් එක තියාගන අපි දෙන්නගෙ කටවල් දෙක දිහා සෑහෙන්න වෙලා බලන් ඉදලා මේ අයියට තමයි හා දත් දෙකක් තියෙන්නෙ කියලා එක් මගෙ අතට දීලා ඌ පැත්තවත් නොබලා ග්‍රවුන්ඩ් එකට දුවනවත් එක්කම සනාශ් මගෙ අතෙ තිබුන බෑග් එක කූරු ගෑවා....
අරූගෙ යුනිෆෝම් එක.....අමෝ...අමො.....පලිගන්නවා වgay....මූ නම් තනිකරම නයෙක්....පන්න පන්න දස්ට කරන්නෙ සිවන්‍යගෙ පුතාද කොහෙද .....උඹට කියලා හෝදවගන්න ජොකාවත් එවලද දන්නෙ නෑ....ජොකාව එවලා තිබුනොත් ගාපිය මැදටම සිද්දාලේප ...
කිරි හැලුන ඇදුම් දිහා බලපු සනාශ් ඒක දිහා බලාගන කියවනකොට මාත් ඉක්මනට බෙල්ල දාලා කිව්වත් වගෙ ජොකාවත් දාලද කියලා එබිලා බැලුවා ...නෑ ශර්ට් එකයි කලිසමයි....අනේ ජොකා තිබ්බ නම් උලනවා කැහැබිලියා දවසම ඇට කහ කහ ඉන්න....
මූ හිතුවද දන්නෙ නෑ සනාශ් මන් අර සෙන්කොට්ටන් එකෙ ඉන්න බබා හින්නියා කියලා ...නැත්තන් මොකටද උගෙ රෙදි එවන්නෙ ... ...මාව ඩෝබියෙක් වගේ පේනවද.....
බෑග් එක දිහා තරහෙන් බලන් උන්න මං ඉන්ටර්වල් එක ඉවරයි කියලා ගහන බෙල් එක වදිනවත් එක්කම පන්තියට යනකොට සනාශුත් මගෙ පස්සෙන් ආව වගෙම අපි දෙන්නවම පාස් කරන් ඩිෆියුටියා ගියා ...
මු ගාව සුවද බන්...අර පහෙ සෙන්ට් බට්ටො නානවද මන්දා පුදුම සුවදක්නෙ...
ඇත්ත .....සනාශ් කිව්ව කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත ....ඩිෆියුටියා වගේම හෙඩා ළඟින් ගියහම පලාතම සුවදයි ....උන් දෙන්නා ගාවිම්ම ආවෙ එකම ෆර්ෆියුම් සුවද ...අර වැනිලා බොඩි ස්ප්‍රේ එකද කොහෙද .....අපිදෙන්නා ඉතින් තාම අම්මා අප්පච්චි ගෙ චූටි පුත්තු හින්දා එක්කො ඕඩි ක්ලෝන් නැත්තන් ඉතින් ඔය අහුවෙන එකක්....අනික ඉතින් අප්පච්චි ලා එවන්න ගිහමත් එවන්නෙ අලි සයිස් ඕඩික්ලෝන් නෙ...එහෙ තියන එව්වා මෙහෙ වගේ හූනු බිජ්ජවල් නෙවෙ....
දෙවනි තට්ටුවෙ ඉන්න අපි පඩියෙන් පඩිය නැගලා හිමින් හිමින් උඩට ආවා....අනිත් හැමෝම කොරිඩෝවෙ ඉදන් පන්තිය ඇතුලට යනකොට මං බලාගන ඩිෆියුටියා විතරක් කොරිඩෝවෙ ඉන්නවා...අතේ තිබුන ඉටිබෑග් එක වගේම මා දිහා බලපු ඒකා වචනයක් වත් නොකියම ගල් ගිලලා වගෙ බලන් ඉන්නකොට මං හිමීට මගෙ පන්තියට හැරුනා වගේම මං බලාගන ඌ ඇස් යටින් සනාශ් දිහා බලාගන ඉන්නවා ....අප්පච්චිට ලේලි කෙනෙක් විතරක් නෙවෙ මං හිතන්නෙ බෑනා කෙනෙකුත් ඉදී වගෙ.....
කොහොම මුන් දෙන්නා සෙට් උනොත් ...
එව්....
අනිත් උන්ට කේ පොප් විප්ලවෙ කියලා බැන්නට මොකද මායි සනාශුයි කියන්නෙ කාටත් හොරාවට bl ෆැන්ඩම් එකෙ දෙන්නෙක් වෙද්දි ඩිෆියුටියා සනාශයා දිහා බලන් උන්න බලන් ඉදිල්ලට මෙච්චර කල් බලලා තිබුන හැම bl සීරිස් එකක්ම ඔලුව අස්සෙ අපහු ආපහු රිපීට් වෙවි පේන්න ගන්නකොට මට එක පාර මුන් දෙන්න කටවල් කාගන්න එකක් මැවිලා පෙනුනා වගේම බඩෙ කොරේකුත් ඇල්ලුවා ...
එව්....යකො.....!එව්.....
ළමයි....ලියා ගන්න...
ළමයි ලිය ගන්නලු අවසානම පීරියඩ් හතරම දේශපාලන විද්‍යාව උනත් මට එතනින් පස්සෙ මගෙ හිත එක තැනක තියා ගන්නම බැරි උනා ....මගෙ හිත වල් වැදෙන්න ගත්තා ....කොටිම්ම...මගෙ හිත යට උන්න්න් අර වනචර ආත්මෙ නැකිටින්න ගත්තා...
කවුරු ටොප් වෙයිද ....???
මොකා බොටම් වෙයිද විතරක් නෙවෙ ....මට හැම කුනුහර්පයක්ම මැවෙන්නත් ගත්තා ..කොටු කොටු ඇදරෙද්දෙක් අස්සෙ ඩිෆියුටියා අපෙ එකාට උඩ දාගන නෙලනව පෙනුන මාව ඉටිපන්දමක් හ සමානවම උනුවෙලා වැක්කෙරෙන්න ආවා..... ....
ශික්කේයියා....ඇයි අඩේ ඒ එහෙම.....
සයාශ්...
ම්ම්....
නිල්පෑනක් තියනව නම් දියන්කො...මේ ගෑනි ලියාගන්න කියනවා කියනවා ඉවරයක් නෑ...ගුරු අත්පොතම අපිට ලියන්න දෙනවද මන්දා...
මට එහා පැත්තෙ උන්න එකා මිස්ට බැනබැන පෑනක් ඉල්ලනකොට මම හරස් අතට ඉරි ගිය ලියපුවාම අකුරු සුවද ගහන හීනි තුඩ තියන පෑනක් දුන්නා....ඒකගෙ මූන තනිකරම මරන්න ගෙනියන හරකා වගේ...මිස්ව මරන් කන්න පුලුවන් නම් ඒකත් කරයි .....
පොඩි පන්ති වල වගේ නෙවෙ ...ලොකු පන්ති වලට ආවම මිස්ලව රවට්ටන් පීරියඩ් එක ඉවර වෙනකන් ඕප දූප කියවන්න බෑ.....කොයි වෙලෙත් අත පොතේ...පොත අතේමයි....
පෑන දීපු මම ආපහු ඔලුව පාත් කරන් ලියන්න ගත්තා....
ලියනවා ලියනවා ඉවරෙකුත් නෑ....
.අප්පච්චි අපි එනකොට ගිහින් ඉදීවිද...
අම්මට ලියුමක් වත් ලියලා යවන්න තිබ්නබා නම්....කොච්චර මූනට මූන බලන් කතා කෙරුවා උනත්...මට සමහර දෙවල් ඒ මුන බලාගන කියන්න හිතෙන් නෑ....අනික අම්මගෙ ඇස් යට කලුවෙලා නොතිබුන දවසක් නෑ....රමදාන් කාලෙට අම්මා ඉන්නෙම බාගෙට මැරිලා වගේ.....අරාබි ගෑනු වගේම විලුඹටම වැහෙන ගවුම් ඇදගන මදිවට අම්මා ඉන්නෙ උයන්න හන්දම කොන්ඩා වැටෙයි කියලා අම්මගෙත් කොන්ඩෙ වහල තිබුනා ...ඒ මදිවට ඉනෙනුත් පහලට තිබුන කොන්ඩෙ දැන් උරහිස ගාවට වෙනකන් ගිහින් කියලා අප්පච්චි කිව්වා...
ගිනි ගහන රස්නෙ දවස් වලට ඇල් වතුරත් ලෝදිය වගේ රස්නෙ හන්දම අම්මගෙ නලල දෙපැත්තෙම කොන්ඩෙ ගිහින් තට්ටෙ පෑදිලා කිව්වා....
ඇත්තමයි...මට ඒ වගේ කතා ඇහෙනකොට මගෙ හිත කියන්නෙම අනේ අම්මෙ අපි පුලුවන් විදිහට ඉමු මෙහෙ එන්න කියලමයි....ඒත්...මේ අවුරුදු දෙක ගෙවෙනකන් අම්මා අප්පච්චි කොහොම හරි ඉන්න එපැයි ...අම්මා අප්පච්චි බාගෙට මැරිලා එවන සල්ලි වලින් අපි අඩුපාඩුවක් නැතිව උන්නත් .ලන්කාවෙ තියන තත්වෙ හැටියට මං හිතෙන්නෙ දැන් නම් පවුලම වැඩකට ගියත් මදි.....රුපියල් හතට ගත්තු පාන් රාත්තල දැන් කීයද...ශැම්පු බෝතලේක ගාන දැක්කම නාන්නෙ නැතිව ඉන්න එක හොදයි කියලා හිතෙනවා.....ඇදුමක් ගන්න ගියහම සම්පූරනම සැලරියක ගානෙ ඇදුමෙ වටිනාකමට තියනකොට ඇත්තටම මට හිතෙනවා ඒලෙවල් නොකර හරි අම්මා අප්පච්චි ගාවට යන්න....
මිස් අරහෙන් කියනවා මගෙ හිත අම්මා අප්පච්චි ගාවට දුවනවා.....අප්පච්චි ගිහින් උන්නෙ නැත්තන් අම්මට කේශා බෝතලයක් වට් යවන්න ඕනා...මං අහගන ලොකු නැද්දත් අම්මට මොනවද යවන්න ඕනා කතාවක් කියනවා...පව්...
.ටිං.....ටිං.....ටිං.....ටිං....
ඇතියාන්තන් ....දෙවියො අවසානෙදි මූන බැලුවා.....පීරියඩ් හතරක්ම එකම දිගට ඉදගන උන්න මගෙ තට්ටම් රත්වෙලා තිබුනා.....දෙයියන්ටත් දුක දැනිලද කොහෙද ඉක්මනට ඔරලෝසුවෙ කටු කරකල වෙලාව එකහාමාර කරල.තියනකොට මම පොත් ටික බාග් එකේ ඔබාගන අනිත් උන් වගේ ඉක්මනට නැගිටගත්තා ...දැන් ඉතින් තියෙන්නෙ ගාතාව හරි...ඔරසම හරි කියලා පස්ස නොබලා එලියට දුවන්න.....
චූටි...
මං උන්නෙ පහල තට්ටුවට බහින අවසානම පඩි දෙකෙ තුනෙ...මුලිම්ම එලියට එන්නෙ 12 කලා එක...පස්සෙ 13 කලා එක...ඊට.පස්සෙ 12කොමර්ස් එක.....අවසානෙදි 13 කොමර්ස් එක වෙනකොට මම සනාශ් එනකන් හිටන් උන්නා....පැත්තට දාන බෑග් එක ඉස්සරහට දාන් ආව සනාශ් අවසානම පඩි දෙක තුන ගාව හිටන් උන්න මට කතා කරන ගමන් මගෙ ලගට එනකොට මාත් එයා එක්කම එලියට ආවා...
ඇයි...
උඹ ගාව කීයක්වත් නැද්ද....
සීයක් වගෙ ඇති ඇයි...
අද මට ක්ලාස් ඕයි ..බස් එකේ යන්නයි එන්නයි කාර්ඩ් එක ගන්නයි ඇරුනම සීයයි ඉතුරු ...
ඒ කියන්නෙ මට අද තනියෙන් ගාටන්න වෙන්නෙ....සනාශ් අතෙ තිබුන සල්ලි පෙන්න පෙන්න කියවනකොට මම බෑග් එකෙ හොර පොකට් එකක තිබුන සීයෙ කොලයයි තව උන්ඩි වෙලා තිබුන විස්සෙ කොල දෙකකුයි දුන්නා....
ආ මේක....
ම්ම්...මං යනවා....උඹ චූටි අයියා එක්ක පලයන්....
මගෙන් සල්ලි ඉල්ල ගත්තු සනාශ් බස් හෝල්ට් එකට දුවනකොට මම ඔෆිස් රූම් එක ගාව හිටගන චූටි අයියා එනකන් බලන් උන්නා...එකෙක් ඉන්න දාට විතරයි ඉතින් එයා එක්ක යන්න පුලුවන් මොකද ගමෙ වගේ නම් බයික් එකකට බස් එකක තරම් සෙනග පැටේව්වත් බලන්න බලු බල්ලෙක් නෑ...ඒත් මෙහෙ එහෙම නෙවෙනෙ...
බෑග් එක කරේ දාගත්තු මං ඔෆිස් එක ඉස්සරහා ඉදන් එහාටත් ගියා මෙහාටත් ගියා .....හොරාවට හොරාවට සයන්ස් එක දිහාත් බැලුවා...මොකද එතකොට ඕකා උන්නොතින් දකිනවනෙ ඒකගෙ ඩෝබියා ඇදුම් උරේ තියන් ඉන්නවා..කව්ද දන්නෙ අන්තීම මොහොතෙ හිත වෙනස් වෙලා දෙනවා ඕක....නැත්තන්...දෙන්න මල්ලි ඕක....නැත්තන්.....දෙන්න සයාශ් ඕක...ඔය වගේ කියලා ආපිට ඇදුම් ටික අරන් ගියොත් ....
සයාශ් .....
.මම.උන්නෙ එහාට මෙහාට ඇවිදින ගමන් හෙඩා ඇවිදින් මගෙන් බැග් එක අරන් යයි කියන හිතින් මවාගත්තු හීන ලෝකෙක වෙනකොට මගෙ ගාවිම්ම චූටි අයියගෙ කටහඩ ඇහුනා...
සර්....
ලොකූ ගියාද...
ඔව්...ගියා
ඔය මොක්කද.....?
මේක...මේ....මේක ...මේක ඔයාගෙ අර ප්‍රසව හා නාරි වේදි වෛද්‍ය තුමාගෙ
කාගෙ .....
අර හෙඩාගෙ.....
චූටි අයියා බෑග් එකට බෙල්ල දාලා බලලා ඇයි කියලා අහන්න වගේ ඇහි බැම උඩ ඇරියා ....
මේ ලමයගෙ අතින් සුලූ ...වැරද්දක් උනානෙ ...
....හරි..හරි...එන්න එන්න....කරන දෙයක් ගෙදර ගිහින්...හවස මට ක්ලාස් එකක් තියනවා....
කොහෙ....
ගෙදර දරුවො...අම්මව පොලට එක්ක යන්නත් ඕනා....අප්පච්චි එන්නෙ රෑ වෙලා...
අපේ අප්පච්චි ගිහින් ඉදිවිද චූටි අයියෙ....
ඔෆිස් එක ගාවදි සර් සර් ගගා උන්න මම බයික් දාන තැනදි චූටි අයියෙ කියලා කතාකරනකොට එයා මගෙ ඔලුවය හෙල්මට් එකක් බැස්සුවා පෝ....පිටිපස්සෙන් යන එකාට හැමදාම හැම තැනම හම්බෙන්නෙ කැත හෙල්මට්මයි ...
ම්ම්...ගිහින් ඉදීවි....යනදාට කලින් දාට මෙහෙ ඒවි....මෙහෙ ඉදන් යන එක ලේසිනෙ.....
.
ම්ම්ම්ම්....පව් අප්පච්චි .....
ඒක තමයි ඔයාල දෙන්නට කියන්නෙ හොදට ඉගන ගන්න කියලා ....
.ම්ම්...හුම්...හුම්...
මම මගෙ බෑග් එකයි....අරකගෙ හඩු රෙදි තිබුන ඉටිබෑග් එකයි දෙකම කකුල් දෙක උඩතියාගන ඉදගන්නකොට ඉස්සරහ උන්න චූටි අයියා යැයි යැයි ගෑවා...බයික් එක යනකොට හුලන් පාරත් එක්ක කියන මෙලෝ.මගුලක් නෑහෙනකොට එයා අහන්නෙ මොනවද නෑහුන මමත් ඔහේ කටට එනදෙයක් කියල ඇතෑරියා .....සමහර වෙලාට ඈ....ඈ...හ් ගෑවා....
.පන්තිය කොහොමද චූටි....
මං එච්චර මස් මාලු කන්නෙ නැ චූටි අයියෙ ...
ඔයත් ක්ලාස් එකක් හොයා ගන්න....
ඔව්...ලොකු නැන්දට කියන්න ඕනෙ හෙට කෑම එකක් දෙන්න කියලා ...
ක්ලාස් පීස් සැර උනාට කමක් නෑ චූටි...මේ අවුරුදු දෙක කොහොම හරි ගොඩ.දාගන්න....
ඒක තමයි....එක වේලකට ඔච්චර වියදම් කරන එක පව්....
ඉස්කෝලේ ඇරෙන වෙලාව හන්දා ස්කූල් බස්.....ස්කූල් වෑන් වගේම බයික් ත්‍රීවිල් මුලු පාරම බදුනරගන තියනකොට හෝන් වලට කන් බීරි වෙන්න ආවා ....අස්සෙන් මුල්ලෙන් රිංගවපු චූටි අයියා ක්ලාස් එකක් තියනවා කියන ගමන් ලෑල්ලටම පාගනකොට පුංචි පුංචි ගැටි උඩින් දානකොට උඩ ගියපු මාව ආපහු ශීට් එක උඩට වැටෙනකොට කට්ට අව්ව හන්දා වෙනදටත් වඩා ඩීංගිත්තක් පහලට එල්ලෙන ජනපද බෝල දෙක වැටෙන වාරයක් ගානෙම තැලිලා යනකොට මට "මගෙ ඉංග්‍රීසි මිස් "ගැන දුක හිතුනා...
.අනේ...ඉතින් මොක්ක හරි උනෝතින් එයාටනෙ කතා අහන්න වෙන්නෙ....
යෝ....ලස්සන...ම්ම්.....අහිම්සකාවි.....නුඹ වසන්තයක් වී ...
.චූටි අයියෙ .....
ඇයි....
මං තවත් ටිකක් ලගට ගියා.....හදිසියේම ඔලුවට ආව ඉංග්‍රීසි මිස් හන්දා මෙච්චර වෙලම ගව්වක් දුරින් උන්න මම එයාටලන් වෙලා උරපත්ත උඩින් මගෙ නිකට තියා ගත්තා ....
මේ...අපේ...ඉංග්‍රීසි මිස්.....
මොකා...
ඉංග්‍රීසි මිස්....
ඉතින්....
කොහෙද ...
.....ඇහෙන් නෑ....
ඉංග්‍රීසි මිස්ගෙ ගෙවල් කොහෙද ...
ඇයි ...
.නෑ.....මිස් ගෙදර ක්ලාස් කරනවද දන්නෙ නෑනෙ.....ඇරත් මගෙ ඉංග්‍රීසි දැනුම හරි දුර්වලයි.....ඒකයි👉👈
උරහිස උඩ නිකට තියන් උන්න මම බෙරිහන් දිදි චූටි අයියගෙන් ඉංග්‍රීසි මිස්ගෙ ගෙවල් කොහෙද ....ක්ලාස් කරනවද දන්නෙ නෑ කියනකොට එයා ටික වෙලාවක් කල්පනා කෙරුවා ....
කරනවද දන්නෙ නෑ...මං අහල කියන්නම්...ගෙවල් නම් එච්චර දුර නෑ...
අනේ....ඉතින්...කොච්චර දෙයක්ද...පයින් යන දුරක වෙන්න ඇති නෙ.....
ඔව්....මහත්තයාගෙ ගෙදර ඉදන්නෙ ඉස්කෝලේ එන්නෙ...
මො....මො.....කක්...මහත්තයා .....??
නෑ.....මට ඕන ඉංග්‍රීසියක් නෑ...චපල ගෑනි.....!!!
මට නිකන් හෙනයක් ගැහුවා වගේ උනා....මෙච්චර වෙලාම ගෙදරට එනකම්ම ඉංග්‍රීසි ඉගන ගැනීමෙ ගුන ගැන කිය කිය ආව මට ගේ ගාවින් බහිනවා එක්කම මට ඉංග්‍රීසි වහ කදුරු උනා.....
එයා බැදලලු.....
මගෙ හිත දැන් කෑ ගහනවා...නිශේ.....ලා...හ්හ්
හරියටම අර දම්සාරී ....සින්දුවෙ ..දම්සාරී...ගාල කෑගහනවා වගේ.......
සිනා....සෙන්න බෑනෙ....අනෙ ..පවන් කතා කරන්නකො ....
කිසිම දෙයක්...කිසික දවසක අමතක වෙන්නෙ නෑ....
මාව විශ්වාස කරන්න රත්තරන් .....
ශික්කෙ....හේතු නැතුව ඇඩුවනෙ මේ කෑලි අහලා...ඊටත් ලැජ්ජාව .....
ඒ කොහොම උනත්... අර රෝසි කට් කපපු බෝනික්කි අන්සතුයි කියලා දැනගත්තු තැනම මට ඉංග්‍රීසි වලට ලයිට් කනුවක් ආවත් කමක් නෑ කියලා හිතුනා....
හිත රිදුනා....
චූටි....
...
චූටි....
අ..ආ..ඇයි...
බහින්න...
ආ..ආ...මේ...බහිනවා...කොහෙද ඉතින් වෙන කල්පනාවකනෙ....
මං නිශේලගෙන් කෝල් එකක් දාලා අහන්නම් ක්ලාස් කරනවද කියලා .....නෑ කිව්වොත් ඔයාටයි ලොකූටයි හරි කරන්න පුලුවන්ද අහන්නම්කො...
ආ...ආ..නෑ...එපා චූටි අයියෙ....එපා...ඕන් නෑ....
ඇයි.....දැන් ඔයානෙ කිව්වෙ.....
නෑ..නෑ..මෙහෙමයි මට ඉංග්‍රීසි බැරුව නෙවෙ...ඒඋනාට....අවුරුදු ගානකට කලින්...අපේ පරන මිනිස්සු සුද්දත් එක්ක සටන් කරලා රට බේරපු ගුනේ මේ ලේවල තියනවා....ඒක හන්දා ඕන් නෑ.....පර සුද්දගෙ බාසාව.....
මෙච්චර වෙලාම මැරෙන්න ගියපු මම එකපාරම අරහෙම කියනවත් එක්කමමං බලාගන චූටි අයියව කන්පියුස් උන්ගා බුන්ගා වෙලා ගියා...මොන මගුලටද අනුන්ගෙ ගෑනු බලන්න යන්නෙ.....හිටපන්කො ...ඔය මිස් හෙට පන්තියට ආවත් මං නම්.මූනක් බලන් නෑ....එතකොට දෙයියනෙ අර එෆ් බී එකෙ තියෙන්නෙ බොරුද...අක්කි බබෙක්ගෙ ආදරෙ සදාකාලිකයි කියලා ...
චූටි පුතා.....
නැන්දෙ...
මං අයියා එක්ක මාකට් එකට යනවාබත් බෙදලා තියෙන්නෙ.....කන්න
මිස්ට බැන බැන ඇතුලට යනවත් එක්කම බෑග් එකක් නව නව ආව ලොකු නැන්දා බත් බෙදලා තියෙන්නෙ කියනකොට මම අප්පච්චගෙ සෙරෙප්පු දෙක තියනවද බැලුවා ...ඒක නෑ....
ලොකු නැන්දෙ....අප්පච්චි ගියාද...
ඔව් චුටි...අප්පච්චි ගියා...යනකොට මෙහෙන් එන්නෙ කිව්වා.....
චූටි අයියගෙ බෑග් එක ගත්තු මන් එහෙම්ම ගෙට එනකොට සාලෙ ජනෙල් පෝලිම ගාව තිබුන කැම මේසෙ අස් කරලා තිබුන මං හිතන්නෙ එතන වෙන්න ඇති පන්ති කරන්නෙ...
නාල කනවද...කාලා නානවද.....කාල නෑවොත් බඩපිපෙනවා...නාලා කෑවොත්....සැපට නින්ද යනවා...
මං තෝරගන්නවා..දෙවනි උත්තරේ....උත්තරෙ....බී....නාලා කනවා.....
කම්පියුටරේ...උත්තරේ තහවුරු කරන්න.....!!
කතා කරන්න කෙනෙක් නැති වෙනකොට තනියෙන් කියවන්න පුරුදු උනාම කවුරුත් උන්නත් එකයි නැතත් එකයි කියලා හිතපු මම තනියම කියව කියව ගිහින් සපත්තු මේස් ගලවලා යුනිෆෝම් එක පිටිම්ම බාතෲම් එකට ගියා....ගිහින් අරකගෙ ඇදුම් වල චොකලට් කහට යවන්න දාන්න තියන හැම මගුලම ඔබලා මමගෙ ඇදුනුත් හෝදලා දාපු මම අවසානෙදි ශවර් එක යටින් හිටගත්තා ....
ඔන්න දැන් තමයි...ගායන හැකියාව...සැගවුන දක්ශතා ඔක්කෝම එලියට එන වෙලාව...ආදරෙ කරන්නත් කලින් විරහව විදින්න උන මම අවසානෙදි ගෙදරත් බලු බල්ලෙක් නැති එකේ කෑගහලම දුක පිටකරන්න ගත්තා .....හරිම වචන නොදන්න තැන්වලදි හිතට එන වචන ඔබපු මම එහෙන් මෙහෙන් අතුල්ලන ගමන් නාන්න ගත්තා ....
දුක තද කරන්....
මහ මෙර තරම්.....
මට ඉන්න ....බැ...
ඔබ නැතුව නම්.....
..
අන්සතු....ඔබ වෙත..
මගෙ හිත බැදිලා....
හිත තුල සෙනෙහස .....
ගොඩ ගැහිලා...
නානවට වඩා.සින්දු කියපු මම ක්ලියර් ශැම්පු එකෙනුත් අහුරක් අතට හලාගන අවසානෙදි නාලා...නලා කන්නාඩියෙනුත් මූන බලල.අවසානෙදි ඉංග්‍රීසි මිස් නැතිකරගත්තෙ මැනිකක් කියන ගමන් අවසානෙදි පිහිදගන්න ටවල් එක හෙව්වා.....
හැබැයි එතන තමයි මට දෙයියො බුදුන් සිහි උනෙ...වෙන වෙන කල්පනාවලින් ආව මට ටවල් එක ගේන්න අමතක වෙලා තියනකොට මං දොර ගාවට ආවා....
ගෙදරදි නම් කවුරුත් නැති නම් හෙලුවෙන් කාමරේට දුවනවා...ඒත් ඒ ගෙදරනෙ...මේක පිටනෙ.....නිකමට හරි හෙලුවෙන් දුවනකොට කවුරු හරි දැක්කොත් හිතාවි ග්‍රීස් යකා පැනලා කියලා ...අනේ අම්මෙ...
චූටි අයියෙ...ඔයා ආවත...
මේ චූටිට තුවාය ගෙනියන්න අමතක වෙලානෙ.....
දොරගාවට ආව මම දෙපාරක් තුන්පාරක්ම චූටි අයියට කතා කෙරුවා ...
මීක් නෑ...එයාගෙන් සද්දයක් වත් නෑ...ඒකියන්නෙ එයා තාම ඇවිල්ලා නෑ....
මං එහෙම්ම වට පිට බැලුවා...වහන් යන්න අමුඩ රෙදි.කෑල්ලක් වත් තියනවද කියලා ...නැ....ඒත් නෑ....අප්පච්චිට කියන්න ඕනා යන්න කලියෙන් මගෙ වෙලාපත් කඩ බලවන්න කියලා ...මොකද මට සෙනසුරු අපලෙ ලබලද කොහෙද .....
චූටි අයියේ.....
මොකකටත් කියලා තවත් පාරක් මං කතා කෙරුවා ...ඒත් නෑ....ඒත් නෑ...අවසානෙදි කරන්න දෙයක් නැති කමට මම හෝදලා තිබුන රෙදි ටික අයින් කරලා රෙදි බේසමෙන් ඉස්සරහා හරිය වහන් කාමරේට දුවන්න හිත හදාගන්න ගමන් රෙදි ටික අයින් කරනවත් එක්කම බයික් එකක් නවත්තන සද්දයක් ආවා...
ඇති යාන්තන් ....ඇවිල්ලා.....මගෙ ගැලවුම් කාරයා....
චූටි අයියේ....හ්
චූටි අයියේ....
මං ඒ මනුස්සයට ගෙටවත් එන්න දුන්නෙ නෑ...බාතෲම් එකේ ඉදන් නහින්න ගත්තා...
චූටි අයියෙ.....කාමරෙන් මගෙ තුවාය ගෙනත් දෙන්නකො.....
මට තුවාය ගෙනියන්න අමතක උනානෙ...
"......"
චූටි අයි...යේ.....හ්
ඇයි අඩේ කතා කරපියකො...
බයික් සද්දෙත් ඇහුනා....සද්දෙත් ඇහුනා...ඒත් කටහඩ නැතිවෙනකොට සර් කම පැත්තක දාලා මං චූටියට බනින්න ගත්තා .....
අඩේ...කාමරෙන් තුවාය ගෙනත් දියන්කො....
අර නිල්පාට තුවාය...කහපාට ටුයිටියා ඉන්නෙ...ආන් ඒක...වැලෙ ඇති.....ගසලා ගෙනෙන් ...
මන් ආයම කෑ ගැහුවා....අඩි සද්දෙ ලගට ඇවිදින් යන්න යනකොට දොරගාව උන්න මම අනිත් පාර දොරට තට්ටු කර කර සින්දුවක් මුමුනන්න ගත්තා ....
හෙඩා ගොබ්බයා
හෙඩාගෙ අනිකා ගොබ්බයා....
හෙඩා ගොබ්බයා
හෙඩාගෙ අනිකා ගොබ්බයා....
හෙඩා ගොබ්බයා
හෙඩාගෙ අනිකා ගොබ්බයා...
අපේ හෙඩා හරිම ගොබ්බයා.....
අපේ හෙඩා හරිම ගොබ්බයා....
අපේ....හෙඩා....හරී.....ම.....
" ටක් ටක්...."
ගොබ්බයා.....!!!
කොහෙන් ගියත් මතක් වෙන්නෙම හෙඩාව හන්දාම මම ඒකට බැන බැන සින්දුවෙ තාලෙ අල්ලනකොට වෙනදට කතා කරන චූටි අයියා අද මීක් නොගා දොරට තට්ටු කරන කොට මම සංගීත සාජ්ජෙ නවත්තලා හීනි නුලක තරමය දොර ඇරියා ..
චූටි අයියෙ ගෙනාවත...
ම්න්...
චූටි මල්ලිගෙ තුවාය ගෙනාවතේ...
...ම්න්....
කෝ දෙන්න ඉතින්.....යෝ....ලැජ්ජාව....නේ....අපේ චූටියගෙ...
ලාවට දොර ඇරන් උන්න මම එයා තුවාය ඇතුලට දෙනකන් බලන් උන්න වගෙම චූටි අයියගෙ සුදු අත බාතෲම් එක් ඇතුලට ආවා....
යෝ ...මේ අත අද තවත් පොඩ්ඩක් සුදුවෙලානෙ .....
පොඩ්ඩක් ඉන්න.ඔයාට තෑග්ගක් තියනවා....තුවාට ඇතුලට දුන්න චූටි අයියගෙ සුදුම සුදු අත අල්ලගත්තු මම ඊලග පාර කටපුරවලා එයාගෙ අල්ලට හාච්චි දෙක තුනක් දීලා මං ආයම ඇගිලි ටික ඇතුලට නැව්වා නැත්තන් වැටුනොත් ...
කොච්චර උනත් ආතරෙයි අනේ .....බලාගන රත්තරන් උම්මියා ටික බිමට වැටෙයි මගෙ චූ...චී...
ම්න්....
චූටියා යන්න ගියා...එය ගෙනත් දුන්න තුවායත් ඉනට පටලවගත්තු මං අනිත් පාර ලද වගේ අර රෙදි බේසම උකුලෙ ගහන් පිටිපස්ස පැත්තෙන් ගිහින් රෙදි ටික වනන්න ගත්තා ...
කෝ බලමු මුගෙ ඇදුම.....
ම්ම්....සුවතයි....දහසක් මල් විසික් වෙනවා...
හෙඩාගෙයි මගෙයි ඇදුම් ටික වනපු මම සුවද එහෙම බලලා බේසමත් ඔලුවෙ නවාගනම ආපහු ඉස්සරහින් එනකොට ගෙ ඉස්සරහා තනි කලු ලොකු බයික් එකක් නවත්තලා තිබ්බා.....
යූ...මේක චූටියගෙද.....වෙන්න බෑ...ඌට මෙච්චර ලස්සන එකක් තිබුන් නෑනෙ.....
සමහර විට් යාලුවෙක්ගෙන් වත් ඉල්ලන් ආවද....
මගදි හදිස්සියක් වෙලා යාකුවෙක් ගෙන් වත් ඉල්ලන් එන්න ඇතිනේ....
කලුම කලු පාට ලොකු බයික් එක වටේ ඇවිදපු මම ඒක අතපත ගාන ගමන් ඒකෙ හැඩ බැලුවා...
මරු බාන්ඩෙ.....අපිටත් තිබ්බා නම්.....
ගැලවෙනන් ආව තුවාය එක අතකින් අල්ලගත්තු මම අනිත් පාර චූටි අයියට කතාකරගනම ඉස්සරහා දොරින් ගෙට ආවා....
චූටි අයියේ....කාගෙද. අඩේ අර ...අලුත් වන්ඩි.....ය...
දෙවියන්ට ඔප්පු වෙන්න....
මගෙ කටේ කෙල හිදුනා.....චූටි අයියෙ කාගෙද අලුත් වන්ඩිය ගාන් එක අතකින් තුවායත් අල්ලන් අනිත් අතින් බේසම ඔලුවට නවන් ආව මගෙ කටේ කෙල හිදිලා ගියා...
හෙඩා....දෙවියනෙ....හෙඩා....
වෙන කවුරුත් නෙවෙ...ඒඋන්නෙ හෙඩා ...මගෙ අතේ තිබුන බේසමත් මට නොදැනිම අතෑරිලා ගියා ....එක අතක ඇගිලි නවාගන ඒ දිහා රවාගන වගේ බලාගන උන්නෙ හෙඩා ...
එතන ඇති චුටි අයියෙක් නෑ....
ච්....ච්... චූ..ක්...හ්...හෙ.....ම්..ම්...
අත දිහා බලාගන උන්න ඒකා එක පාරම ඔලුව උස්සල මා දිහා බැලුවා..නිකන් නෙවේ...ඒ මූනෙ තිබුනෙ මාව මරාගන කන්න පුලුවන් නම් ඒකත් කරන තරම් බැල්මක් වෙනකොට බයටම මම අඩියක් පස්සට් තිබ්බා.....හෙඩානැගිටලා මගෙ ගාවට ආවා....

ස්..ස්...සමා...ව්...ම්න්....මං....හිතු....වෙ....ම්....මං....
ඒකා එනවා...කාත් කවුරුත් නැති වේලේ යකා ආරුඩ වෙලා වගෙ උන්න හෙඩාමගෙ ගාවට අඩියෙන් අඩිය එනකොට මං බලාගන මම අර ඇගිලි නවපු විදිහටම එයා ඇගිලි නවාගන උන්නා...
.දෙවියනේ...මං ඒකගෙ අතට නේද දමාගෙන උම්මා දුන්නෙ....
අ..අහන්නකො...මං...මං හිතුවෙ....මං හිතුවෙ....
හෙඩා ගොබ්බයද....ම්ම්....
ඔ..ව්...න්..නැතුව..අනේ...නෑ...නෑ...
ඇත්තට...ම්ම්ම්...
ඒකා එනවා...අනේ..ගෙයි හතර මායමක බලු බල්ලෙක් නැති වෙනකොට අඩියෙන් අඩිය පස්සට ගියපු මාව බිත්තියෙ හැප්පුනා වගේම එ නපුරු මූන දැකපු මට හිතුනෙම මූ එන්නෙ මට අතවරයක් කරන්න නැත්තන් පලි ගන්න කියලා විතරක් හිතෙනකොට මම මගෙ අත් දෙකෙම්ම මූන් වහගත්තා ....
සයාශ් ....
ඒහුස්ම...මගෙ බෙල්ලට පවා වදිනවා...අනේ ඌ මගෙ ලගනෙ...අනෙ..සනාශ්...ඉන්න තැනකින් වරකෝ...මූ පලිගන්න ඇවිල්ලා....
සයාශ්....
ඒකා අයාම කතා කරනවා..නපුරු කම බේරෙන කටහඩ...උනුසුම් හුස්ම මගෙ බෙල්ල ගාවට වදිනකොට මම බයෙන් වගේ මගෙ ඇගිලි ඈත්කරලා ඒ මූන දිහා බැලුවා....
රවාගන....ඒකා උන්නෙ දත්මිටි කාගන.....

අ..අනේ...අයියෙ....ස්..ස...මාවෙන්..න.....කො...
ඔය ටවල් එක ඇදගන්නවා...!
......!!!
මට මැරෙන්න හිතුනා...මට වැලලෙන්න හිතුනා....පුලුවන් තරම් ඌට බැනලා....ඌලව්වා ටවල් එක ගෙන්න අත ඉම්බා මදිවට මං අත් දෙකෙම්ම මූන වහන් තියෙන්නෙ ටවල් එක කඩාගන ඒකා ඉස්සරහා අනු හෙලුවෙන් ඉදන් වෙනකොට තුවාය අතට ගත්තු මං එක මොහොතක් නොයිද තුවාය පටලවන් ඒකවත් තල්ලු කරන් කාමරේට දිව්වා වගේම ඒ ආව වේගෙට මගෙ කරුමෙ මට කොයි තරම් පඩිඩන් දුන්නද කියනවා නම් මාව දොර රෙද්දෙ පැටලුනා විතරක් නෙවෙ කකුලෙ චූටි ඇගිල්ලත් කොනක වදිනකොට මං හූ තියාගන ඇදට පැනලා කකුල අත් දෙකෙම්ම අල්ල ගත්තා ....
ආනේ....අම්...මියෙ...හ්හ්....!!!
ම්හුක්....රිදෙනවා...යකෝ...ඇද උඩට වැටුන මම අවසානෙදි සෑහෙන වෙලාවක් කකුල.අල්ලන් ඉදලා ඉදලා අවසානෙදි ඇදුමක් දාගන උඩ හම ගියපු කකුලට බේබි ක්‍රීම් ටිකක් අතුල්ලගන්නකොට ගෙ අස්සෙන් තවත් කටහඩවල් දෙක තුනක් ඇහුනා....මං හිතන්නෙ තුන් හතර දෙනෙක් වත් ඉන්නවා ඇති....
බඩගීනිනේ...කන්න කොහොමද යන්නෙ....අරුන් ඔක්කොම සාලෙනෙ.....
කොල්ලො දෙතුන් දෙනෙක්ගෙ කටහඩ සාලෙන් ඇහෙනකොට මම ජනෙල් පියන ඇරලා ආයම ජනේලෙන් පැනලා කුසියට ගිහින් හොරා වගේ මුල්ලක ඉදන් කන්න ගත්තා ...ඒකත් අරූ නිකමටවත් වතුර බොන්න වත් කුසියට වත් එයි කියන බයට කියලම පුටුව උඩවත් නොයිද හිමනෙ උඩ ඉදගත්තු මං බත් කටක් අනන්න ගත්තා ...
ශික්කෙ.....දැක්කද දන්නෙ නෑනෙ....
දකින්න ඇති යකො...
ඔක්කොම දකින්න ඇති.....
කොයි විදිහටද දන්නෙ නෑ තිබ්බෙ....
නාව හින්දා....හතු නැගිටන් වත් උන්නද දන්නෙ නෑ....
බත් කට අනපු මට කාගන්න බැරි උනා...මගෙ මුලු මූනම රතුවෙලා ලැජ්ජවටම මාව පුපුරන්න එනකොට අර තිබුන බඩගින්න පෑල දොරින් පිටවෙලා ගියා...
මං කොහොමද ඕකට ආයම මූන දෙන්නෙවත් කොහොමද දෙයියනේ....
මූන දෙන්න බැරිනම්.පුක තමයි දෙන්න වෙන්නෙ....
ඒව්....යකො...!! මට බෑ....
චූටී.....
සුදු බත් කටට රතු අල ටිකක් එක්ක තෙල් දාපු වේලුන හාල්මැස්සො එක්ක මැල්ලුන් චුට්ටක් අනපු මම.බත් කට කටේ ඔබාගන්නවා එක්කම මෙච්චර වෙලාම ගෙදර නොයිදපු චූටි අයියගෙ කටහඩ ඇහෙනවා එක්කම මම කන එක පැත්තක දාලා නැගිට්ටා...
අම්මේ...ඔබ දකින විට පුදුම සත්තියක් මට දැනෙන්නෙ....
චූටි කාල ඉවරනම් ඔයත් එන්න.....
අර මොන මගුලටද....උන් සයන්ස්නෙ...අනික මට වඩා වැඩිමල්.....
අත හෝදපු මම ආයම ටැග් ගැහෙනකොට චූටි අයියා ආයම කතා කෙරුවා වගේම මම හෙමින් හෙමින් සාලෙට ගෑටුවා.....
කොල්ලම පහ හයක්...සමහරක් අපේ ඉස්කෝලෙත් නෙවෙ .
යන්න ගිහින් ගෙදර වැඩ දීපු පොත් ගේන්න...
මං තනියම කරන්නම්...
නෑනෑ...අප්පච්චි මගින් මගටම කියලා ගියේ.....
මම හොරාවට ඇස් කරකවලා බැලුවා..අරූ ඉන්නවා..පොතට බෙල්ල ඔබාගන....ලැජ්ජා වෙලා ඉන්න එකෙ උපරිමේටම ලැජ්ජා වෙල ඉන්න මම ආයම මොකුත් නොකිය පොත් ටික අරන් ඇවිත් ඉදගන්න තැනක් බලනකොට මට හම්බුනෙත් වසවර්ති මාරයගෙ මූනට මුන තිබුන පුටුව වෙනකොට මම මීක් නොගා...ආය....හුස්ම උනත් සද්දෙ නෑහෙන්න අරගන්න ගමන් හිමින් සීරුවෙ පොත දිහා බලනකොට චූටිඅයියා අරුන්ට මොකක් හරිදීලා මොනවහට හරි නැගිටලා යන්න ගිය වගේම වෙන ඉස්කෝලේකින් ආව කොල්ලෙක් අනේ මා එක්ක හිනා උනා වගේම මාත් කොල්ල එක්ක කට පුරාවටම හිනා උනා....

ආර්ට්ස්ද කරන්නෙ මල්ලි....
ඔව්...අයියෙ...
අපේ අයියත් කෙරුවෙ ආර්ටිස් ..මොනවද සබ්ජෙක්ට් ....
ඩ්‍රාමා.....පොලිටිකල්....
ආ...ඩ්‍රාමා....නරක නෑ.....
අපෙ.ඉස්කෝලෙත් හුගක් උන් දැන් ඩ්‍රාමා කරනවා
මට ඉස්සරහා උන්න අයියා මගෙන් මොනවද කරන සබ්ජෙක්ට් අහනකොට අනිත් හැමෝමත් මාත් එක්ක හිනා වෙලා කතා කෙරුවා ...හැබැයි එකම එකෙක් ඇරෙන්න....
වෙන කවුරුත් නෙවෙ.....හෙඩා...ඒක මම හිනා වෙන වාරයක් වාරයක් පාසාම මා දිහා සැරින් සැරෙම රව රව බලනකොට අනිත් උන් ගොඩක් හිටපු හන්දා ඌව තඹේකට මායිම් නොකරපු මම සිරික්කිය දාගන කතා කෙරුවා උනත් මට වැඩි දුර හිනා වෙන්න බැරි උනා .... අර අයියටත් වැඩි දුර කතා කරන්න බැරි උනා....
ආ..ඔයත් ඩ්‍රාමද....ගෙදර පාස්ට් පේපර්ස් වගයක් තිබුනා...මං ඔයාට ගෙනල්ලා දෙන්නම්....
හා...අයියෙ.....කොයි...අවු.....
සයාශ්....දැන් වත් කට පියවනවා...!
😩ඇයි වදේ....
රෑට වික්‍රමසිංහ මාමා එක්ක එන්නම්...
පරිස්සමින් ඉන්ඩෝ.....
Ferdeesha ❤️💚😘 ....