Cherreads

Chapter 9 - 09

නිර්වාන්....අහකට පලයන්....

දෙවියනේ ලොකූ.....ඊටත් මගෙ ඔලුව....ආව්හ්...අනේ..අම්මෙ...ඔලුව...

පොඩ්ඩක් හෝව්.....මැරුනට පස්සෙ වේදනාවක් දැනෙන්න බෑනෙ....???

අනේ දෙවියනේ....ඒකියන්නෙ.....ඒකියන්නෙ ...

නිර්වාන් තමුසෙ මොකක්ද කෙරුවෙ කියනවා....ආ නිර්වාන් මගෙ මල්ලිව අසනීප කෙරුව මදිවට උගෙ ඇග උඩ නැගන් තමුසෙ අනිත් පාර මොන මගුලද කෙරුවෙ කියනවා....

සනාශ්....එයා මොකුත් කෙරුවෙ නෑ සනාශ් ....

මං තමුන්ගෙන් ඇහුවෙ නෑ ශෙනිරු ....මං තමුන් එක්ක කතා කෙරුවෙ වත් නෑ...මං ඇහුවෙ නිර්වාන්ගෙන්...නැතුව තමුන්ගෙන් නෙවෙනෙ....නේ....මං ඇහුවෙ නිර්වාන්ගෙන්.....එච්චරයි

මල මගුලයි...ලොකූව ආවේස වෙලා...මගෙ ඇග උඩට කඩා වැටුන නිර්වානයව අත් දෙකෙම්ම ඇදල ගත්තු මගෙ නිවුන්නා උගෙ පෙට්ටි කට එහා මෙහා කරකර නිර්වාන්ට කෑගහනකොට වචනයක් නොකිය බලන් ඉන්න නිර්වාන් වෙනුවෙන් ඩිපූටියා මැදට පැනලා ඌත් බැනුම් ඇහුවා....මේ හැම මගුලක් අස්සෙම ඇද විට්ටමෙ ඔලුව වද්ද ගත්තු මම දැනුන වේදනාවත් එක්කම මගෙ මරනෙ හරියටම තහවුරු කරගන්න එක්ක අනිත් උන්ට හොරාවට මාවම කොනිත්‍ත ගත්තා ...

ආව්හ්ක්....ම්හ්හ්...ක්.....ම්හුක්....රිදෙනවනෙ....මගුලයි....මැරිලා නෑ....යෝහ්....මැරිලා නෑ........

නිර්වාන්.....ඇත්ත කියනවා...

කරුනාකරලා මගෙ ඇගෙන් අත ගන්නවා සනාශ් ...මං තමුන්ගෙ මල්ලිට කරපු දෙයක් නෑ....හරි....ශෙනිරු මෙන්න මෙයාට කියනවා මට මෙයා මල්ලිට මොකුත් කරන්න තරම් පිස්සුවක් නෑ කියලා ...

ඇවිලෙනවා නේද ගින්න...මගෙ නිවුන්නා එහෙන් ආවේසවෙලා තියනකොට මැරිලා කියලා හිතාගන මගුල් නටපු මට දැන් දැන් ඇද පිටින් පොලව පලාගන යන්න තරම් ලැජ්ජාවක් දැනුනා.....

ලෝමියෝ...ලෝමියෝ...ගාපු හැටි...ඔයාගෙ චූටි පැටියා මැරිලා ඉවරයි නිරූ කියපු හැටි...ඔලුවට පොල්ලකින් ගහනවා වගේ මතක් වෙනකොට මම හෙඩාගෙ කට කාපු හැටි පවා මට මැවි මැවි පේන්න ගත්තා .....

අනේ දෙවියනේ...මන් ඒකගෙ කට හොදටම හැපුවනෙ.....

හරිම අගෙයි....හරිම අගෙයි...අප්පච්චි ගෙ බාල පුතුනුවන්ගෙ ක්‍රියා කාරකම්...ප්‍රීතී...ප්‍රීති....අනේ අප්පච්චි .....චූටියා මන්ත්‍රී පුතුනුවන්ගෙ කට සූප්පු කෙරුවා මදිවට නාට්ටියකුත් රගපෑවනෙ අප්පච්චි ....

ඉංග්‍රීසි මිස්ටත් ආදරෙයි කිව්වා....අනේ....යකෝ....සයාශයෝ.....උඹ මොන මගුලක්ද ඒ කෙරුවෙ...හ්හ්

මැරිලා නෑ කියන එක සියපාරකට වඩා තහවුරු කරගත්තු මම වැලේ වැල් නැතිව ඉන්නකොට මං බලාගන හෙඩා ලොකුවගෙන් බැනුම් අහ අහ මා දිහා රවාගන් බලන් ඉදලා එයාගෙ ශර්ට් එකෙන් අල්ලන් උන්න ලොකුව තල්ලු කරලා ඇරියා ...

නිර්වාන් කියනවා.....

තමුන්ට අහන්න දෙයක් තියනවා නම්.. තමුන්ගෙ මල්ලිගෙන් අහගන්නවා.....නිකන් බොරුවට කියවන්නෙ නැතුව.....අනික මං මොකෙක් කියලා හිතුවද ඔහොම කෑගහන්න...

තමුසෙ මොකා උනත් මට මගෙ මල්ලිව ලොකුයි ඕයි....අන්න ඒකත් මතක තියාගන්නවා.....අපි ගමේ ගොඩේ උන් හන්දද අපිව මඩවන්නෙ.....???

චූටී.....චූටී....උඹට මාව ඇහෙනව නේද චූටි....

මම බලාගන උන්නා..අරූගෙ පෙට්ටි කට එහා මෙහා වෙවී බනින හැටි මම බලාගන උන්නා....ලැජ්ජාව වගේම නිර්වාන්ගෙ රතු උන ඇස් දැකපුමට දැන් ඉබේම ඇඩෙන්න වගේ ආවා...

මෙච්චර වෙලාම රිදෙන්න නැතිව තිබුන පපුව නිර්වාන්ගෙ නපුරු ඇස් ගාව ආයම රිදෙන්න ගත්තා ....එයා උන්නෙ අත මිටිමොලවගන...මං කරපු විගඩම ගැන සනාශ්ට නොකිවත් නිර්වාන් උන්නෙ දත්මිටි කාගන වෙනකොට දුවනකොට ආව හතියම බය වෙලා උන්න හන්දම ආයම ආය ආයම උඩට මතුවෙන්න ගන්නකොට දැන් මට ලැජ්ජාවයි බයයි දෙකම හින්දා ඔලුව හැරුන අතේ.දුවන්න හිතුනා...

එහෙන් මගෙ ගාව ඉදන් මාව ඇහෙනවා නේද අහ අහ මාව හොලව හොලව මගෙ මූනට එබුන ලොකූ දිහා බලන් උන්න මම හිමීට ඇද රෙද්ද මිරිකගත්තා ...

කරන්න දෙයක් නෑ...සැගවුන දක්ශතා දැන් වත් එලියට ගන්න වෙනවා..නැත්තන් ඒ හැම දෙම මටත් හොයා ගන්න බැරිව හැංගිලාම යනවා.....

ම්හුක්..චූචිච සමාවෙන්න සීයා තාත්තෙ ...

චූටි....මාව ඇහෙනවද...

සනාශ් උන්නෙ මගෙ ඇද ගාව...මීට කලින් රිදුන් නැති පපුව ධැන් දැන් බයටම රිදෙන්න ගන්නකොට මම මගෙ කම්මුල් වලට හිමීට තට්ටු කරන ලොකූ දිහා බලාගන ඉදලා හිමීට මිමිනුවා....

නිකන් නෙවෙ...මීට අවුරුදු බරගානකට උඩදි මිය පරලොව සැපත් උන අපෙ අම්මගෙ මැරිච්ච අප්පච්චි ට.....

අර වෙච්ච සිද්දිය මේකට ගලපගන්න නම් මට අම්මගෙ අප්පච්චි ලව්වා හරි වැඩක් ගන්න වෙනකොට මං මලවුන්ටත් මගෙ නාට්ටියෙ නලුකමක් දීලා හිමි සැරේ රගපාන්න ගත්තා ....

සීයා තාත්තෙ ...ම්හ්හ්ක්.....සීයා තාත්තෙ...මං...මේ...කොහෙද....ඉ..න්නෙ... ...

චූටි...මං...සීයා තාත්තා නෙවෙ....මං...ලොකූ.....

සීයා තාත්තෙ ...අපි.....ගෙදර ....ය...න්...

අප්පච්චියි .....ලොකූ...බලාගන....ඇතිනෙ.....මට...මෙහෙ ඉන්න..බෑනෙ.....චූටි...බයයිනෙ.....

චූටි...ඇයි චූටි මේ....

සීයා...තාත්තෙ....එපානෙ...බය...කරන්න....මට...දැන්ම..මැරෙන්න....බෑනෙ.....එපානෙ...අතින්....අදින්න....එපා...රිදෙනවනේ.....

චූටි....චූටී....ඇයි...චූටි මේ...අනේ..චූටි....

මං එක අතක් උස්ස ගත්තා ...හරියටම නොපෙනෙන බලවේගිකින් මගෙ අත අදිනවා වගේ මං මගෙ අත එහා මෙහා කෙරුවා ...මගෙ ගාව උන්න ලොකූ දැන් දැන් චුට්ට චුට්ට බය වෙලා ඉන්නකොට නිර්වාන්ගෙ ඇස්වල තිබුන නපුරු කම ඒ විදිහටම තිබුනා....ශෙනිරුවා විතරක්.මං වෙනුවෙන් දුක් වෙන අපේ ලොකුවා දිහා බලන් උන්නා... එව්ව්...එතනත් මනමාල කම...හරිම අගෙයි ප්‍රේම වන්තයගෙ ආලවන්ත කම....

ම්හුක්...මන්ත්‍රී පුතුකිව නම් ලේසියකට අන්දන්න බැරිවෙයිද මන්දා....අනේ....අප්පච්චි .....චූටි වැරද්දක් තමා කෙරුවනෙ.......

අනේ චූටි මං කියන දෙ අහන්නකො...ඇයි දගලන්නෙ..

සීයා තාත්තෙ....සීයා තාත්තෙ.....

සනාශ් ආරව් සර්ට කතා කරන්නද...

අනෙ ශෙනිරු කතා කරන්නකො...

මම හෙඩාගෙ ඇස් මග ඇර ඇර සීයා තාත්තෙ අනේ එපා..මාව අරන් යන්න එපා ගගා දගලනකොට ඩිපූටියා ඇවිත් ලොකූගෙන් අපෙ චූටියව එක්ක එන්නද ඇහුවා....ඌ ආවොත් අනිවාර්යයෙන්ම මාව මේ දැම්ම දෙහි කප්පලා සුරේකුත් දම්මවන්න නියම කරයි....

එව්...සුර දාපුවාම කන්නත් බෑ...කන්න දෙන්නෙත් නෑ...

ඒ පැත්තත් හිතන්න වෙනවා....

මගෙ මුන දැන් තිත්ත කැකිරි පන්තියෙ පූසා වගේ.....එක බොරුවක් වහන්න මට දැන් බොරු සීයක් කියන්න වෙලා....

චූටී....

චූටි අයියව එක්කන් එන්න ගියපු ඩිපූටියා මා දිහා බලාගන ඉන්නකොට මං හිමින් සැරේ හෙන ලොකූ.....හුස්මක් අරගන ආපහු පියවි ලෝකෙට ආව එකා වගෙ ගැස්සිලා ලොකූ දිහා බැලුවා...

ල්...ල්..ලොකූ...

චූටි...ඔයාට කොහොමද චූටි.....

මට මොකද උනේ ලොකු...

ඔයාට කලන්තෙ දැම්මා..මට කියන්න ඔයාගෙ කොහෙද රිදෙන්න...පපුව තාම රිදෙනවද චූටි....

මම ලොකූ දිහා බලාගන උන්නා...එයා මගෙ පපුව අතගානවා...වෙච්ච ලැජ්ජාව වහගන්න මං විගඩම් නැටුවත් සනාශ්ගෙ මූනෙ තිබුන බය දැකලා මට නිකන් පොල්ලෙන් ගැහුවා වගේ උනා...මට කොහෙට හරි දුවලා අඩන්න ඕනා උනා.....මට හෙඩාගෙන් සමාව ගන්න වගෙම ආයම මටත් වද දෙන්න එපා.ඉයන්න ඕනාඋනා...කොච්චර කෑගහලා නටලා කරලා.උන්නත්...මගෙ සංවේදි පැත්තට මටත් නොදැම වේදනාවක් දැනෙන්න ගත්තා ....

සනාශ් ආරව් සර්ව ඕනෙද....

ඔ..ඕන් නෑ....ශෙනිරු...අයියෙ...

චූටි ඔයාට අමාරුයිනෙ. ...චූටි අයියට කියලා අපි ගෙදර යමුද.....මං උඹට කිව්වනෙ චූටි...ඇත්ත කියපන්...උඹ හිනා උනාට උඹට අමාරුයිනේද ...?? ඇයි චූටි හැමදේම හිනාවකින් හංගන් ඉන්නෙ.....ඇයි උඹ විකාර කර කර වේදනාව හංගන් ඉන්නෙ.....??

ල්..ලොකූ.....

අමතක කරන්න එපා සයාශ් ..අපි දෙන්නම උන්නෙ එක බඩවැලක....විනාඩියකයට දෙකකට මං අයියා උනත්...අමතක කරන්න එපා ...මේ ලෝකෙ අම්මා අප්පච්චිටත් වඩා උඹව දන්න දැනෙන එකෙක් ඉන්නවා නම්...ඒ මම් විතරක් කියන එක.....

මම බිම බලාගත්තා ....කොච්චර විගඩම් නැටුවා උනත්...මැරිලා කියලා හිතාගන හෙඩාගෙ ඇගේ එල්ලීගන විකාර කෙරුවා උනත් මගෙ පපුව සැරින් සැරේම ඇදුම් කෑවා.....

චූටි....

මම නෙවෙ ඔලුවක් ඉස්සුවෙ...එයා හරි...මං හරි දක්ශයි ඕනම විකාරෙකින් මගෙ වේදනාව හංගන්න....මං හරි දක්ශයි...හිනාවෙන් හැමදේම හංගන්න.....ජෝකර් කෙනෙක් වගේ ජෝක් කර කර උන්නත්...හිටපු ගමන් දැනෙන වේදනාව වහගන ආයම හිනා වෙන්න මං පුදුම තරම් දක්ශයි .....

මම බිමබලාගන උන්නා...නාඩගම් නටපු මාව තේරුම් ගන්න පුලුවන් එකම එකා මගෙ නිවුන්නා වෙනකොට මං ඇද රෙදි මිරිකන් යටිතොල හපාගන ඉන්නකොට මමවත් නොහිතන තැනකදි මගෙ ඇස්වලින් කදුලු වැටුනා වගේම මං කදුලු පිටිම්ම මගෙ ඔලුව ඉස්සුවා .....

මම දැක්කෙ ඒ ඇස් දෙක ...මං ලොකුගෙ මූන දකින්නත් කලින් දැක්කෙ ඒ මූන .....රවාගන උන්න මූන මට හිතන්නවත් බැරි වේගෙකින් වෙනස් වෙලා යනකොට මං බලාගන එයා එයාගෙ අතේ ඇගිලි මිටිමොලව ගන්නවා....එයාට තරහා ගිහින්ද....

ලො...කූ.....

කියන්න චූටි.....මොනවා හරි ගෙනත් දෙන්නද.....

ම්ම්..මයිලෝඑකක්....

කූල් එව්වා නැතුව හොදද...

අනේ...

මුරන්ඩු කම් කරන්න එපා චූටි.....චූටි අයියා දැනගත්තා නම් අනිවාර්යයෙන්ම අප්පච්චිට කියනවා.....අප්පච්චි අම්මට කිව්වම....

ලොකූ මගෙ ගාව ඉදගන කියවන්න ගන්නකොට මං කකුල් දෙකත් නවාගන අහන් ඉන්නකොට මං බලාගන හෙඩා මං දිහා බලන් ඉදලා ඩිපූටියට මොනවා හරි මුමුනලා ට්‍රැක් කිට් එකේ ඉස්සරහා සාක්කුවට අත දාලා කලුපාට වොලට් එකක් ගත්තා ...වොලට් එක දැකපු මට හීල්ලෙන්න ආවා....අම්මො යකො ඒක...මටයි ලොකුවටයි වගෙ දෙකයි පනහෙ වොලට් නෙවෙ....ඒක වෙර්සාචෙ එකක්...

අම්මලා මන්ත්‍රීලා....තාත්තලාoic ලා උනාම මුන්ට සල්ලි නැද්ද ...වෙලාවක අහන්න ඕනෙ අම්මයි තාත්තයි පගාව ගන්නවද කියලා .....හැබැයි ඉතින් ඇහුවට පස්සෙ හයියෙන් දුවන්න ඕනා....ඔව්වා ඇහුවම උන්ට තරහා යනවනෙ...අපෙ අප්පච්චි නම් ආණ්ඩුවට අම්බානෙට බනිනවා ...එව්වා ඇහුනොත් නිර්වානයා පන පිටින් නිවන් යනවා..

චූටි....

ලොකූ කියවනවා ඒ උනාට කදුලු පුරවන් උන්නත් මගෙ ඇස් තිබුනෙ අරුන් දෙන්නගෙ කුටු කුටුව ගාව වෙනකොට නිර්වානයා දික් කරපු වොලට් එක ඩිපූටියා ආයම හෙඩාගෙ පැත්තටම හරවලා මොන මොනාදෝ කුටු කුටු ගෑවා...

පගාවක්ද මන්දා....අම්ම අප්පා වගේ නැතැයි....හොරා කාලා පගාව අරන් මූටත් පුරුදු ඇති අම්බානෙකට.....අරුත් ඉතින් එ ජාතියෙම එකෙක්නෙ ...ඒ උනාට ඕකා මොකටද ලොකුවට මගෙ එකා කිව්වෙ....ම්ම්ම්....යම්කිසි දෙයක් වෙනවා වgay.....ඇරත් හෙඩා මට චූටි පැටියත් කිව්වා ...ම්ම්ම්...කුමක් හෝ සුනාමියක් ඔන්ද වේ වගෙ.....

මට දැන් හොදයි ලොකූ...මං මෙහෙම්ම ඉන්නම්...එතකොට හරියයි...

අනුන්ගෙ ඕප දූප හොයපු මං ආයම කියවන ලොකූගෙ නවතින්නෙ නැති පෙට්ටි කටදිහා මං බලන් ඉදලා එයාගෙ අත් දෙකෙන් අල්ලන් මට දැන් හොදයි කියනකොට සනාශ් මා දිහා බලාගන ඉදලා මොකක් හරි කියන්න හැදුවා හැබැයි ඉන්ටර්වල් එක ඉවර වෙන සීනුවත් එක්කම එයාට මට මොකූත් කියාගන්න බැරිව මාව දාලා යන්න සිද්ද උනා කොටිම්ම එයාට මට ගෙනත් දෙන්නම් කියපු මයිලෝ එකවත් දෙන්න බැරි උනා ....

චූටි.....ඔයා මෙහෙම්ම ඉන්න ඉස්කොලේ ඇරුන ගමන් මං එන්නම්....

හිතන්න එපා ලොකූ....මං හොදින්....

රවන් උන්න මූන වෙනස් වෙලා තිබුනත් මා දිහා බලනවා තියා ඒ ගැන හිතුවෙ වත් නැති හෙඩා ඩිපූටියත් එක්ක යන්න යනකොට අවසානෙදි ලොකූ මගෙ ඔලුවත් අතගාලා යන්න ගියා....සික් රූම් එකේදි ආයමත් මං තනි උනා.....

ඒ තුන් දෙනාම යන්න ගියා ...අත් දෙක ඔලුව යටින් තියාගත්තු මන් ඒ ටිකකින් ආයමත් කවුරුත් එන්නෙ නැති බව දන්න හන්දම ඇදන් උන්න ටීශර්ට් එක ගලවලා දැම්ම...

වේදනාවයි .....

ඇගම තලා දාලා වගෙ ...

කොච්චර කොහොම පිස්සු කෙලියත් මං උන්නෙ දැනෙන වේදනා වහගන වෙනකොට මන් මගෙ වේදනා දීලා නිවුන පපුව උඩින් අතක් තියාගන සිවිලිම දිහා ඔහේ බලන් උන්නා .....

මොනවා හරි උනෝතින් අම්මා අප්පච්චි පව්....ඒ දෙන්නම මෙච්චර දුක් විදින්නෙ අපි දෙන්න හන්දා...මට බෑ අම්මා අප්පච්චිට දුකක් දෙන්න...

තනි ක්‍රීම් පාට ගාපු සිවිලිම දිහා බලාගන උන්න මට ඇස් පිහාටු බර වේගන ආවා.....කොටින්ම මට නින්ද යාගන වගේ ආවා.....මගෙ ඇස් වැහුනා....හැබැයි ඒ චුට්ටකිම්ම ආයම අඩි සද්දයක් ඇහුනා.....ලොකූද.....නෑ....ඒකා වෙන්න බෑ...ඒකා එනකොට පලාතම දෙදරවන්න වගේ අඩිගහන්නෙ...මේ ලොකුවා වෙන්න බෑ....මං වහන් උන්න ඇස් දෙක තවත් තද කරගත්තා .....

වැනිලා සුවදයි....මුලු කාමරේම තනිකරම වැනිලා ෆර්ෆියුම් සුවදයි....හරියටම අර ඩිපූටුයගෙ ගාවින් ආව සුවද වගේ.....

ඩිපූටියවත්ද...??

මං එක අතකින් ඇදරෙදි මිරිකන් මගෙ ඇස් දෙක තවත් තදකරගත්තා .....ඩිපූටියා එක්කෝ...අපේ ලොකුවට වගේම මටත් කැමතීවත්ද...?? ඒකා මගෙ එක්කෙනා.කිව්වෙ අපේ ලොකුවටනෙ.....මූට තියෙන්නෙ මහ චපල හිතක්....

මගෙන් යාලුවෙන්න වත් අහයිද දන්නෙ නෑ...

නැත්තන් ඩිපූටියට මන් ගැන ක්‍රශ් එකක් වත් ආවද දන්නෙ නෑ....

අනේ මන්දා....මට නම් තේරෙන්නෙත් නෑ...අපි දෙන්නට ලව් එකක් තිබිලත් නෑ....බඩත් කැලතෙනවා...කක්කා බරද මන්දා.....

අනේ...ඩිපූටියෝ..උඹ ඔව්වට නම් එන්න එපා හරිද...මං ආදරෙ ඉංග්‍රීසි මිස්ට...අන්සතු උනත් මොකෝ....

ඩිපූටියගෙ වැනිලා සුවද එන්න එන්නම ලන් වෙනකොට මම මගෙ කකුලෙ ඇගිලි වලින් පවා ඇදරෙදි මිරිකගත්තා .....

ඇරත් මං ඉන්නෙත් උඩට මොකුත් නැතුව...මගෙ සෙක්සි පිගර් එකට මූට පිස්සු හැදෙයිද දන්නෙත් නෑ....

මං නිදි කියලා හිතාගන මගෙ චුම්චු අල්ලයිද.....??

ම්හුක්...අනේ....අප්පච්චි මේ බලන්නකො...චූචිට කරදර කරනවනේ....මේ ඩිපූටියා....ඇත්තමයි මූ මාව ඇල්ලුවොත් මං හෙඩාට කියනවා ඔයාගෙ චූටි පැටියට මේ හෙඩා වනචරකම් කරන්න ආවා කියලා .....

මොන හේතුවකට උනත් හෙඩා මට චූටි පැටියා කියලා ඉවරනෙ...ඇයි දන්නෙ නෑ ඒකා එහෙම කිව්වෙ...මං ගැන හෝප්ස් තියනවද ඇහුවම ඒකටත් නෑ කින්න රවන් උන්නා...ම්ම්ම්....ම්ම්...අනෙ මන්දා....ඇරත් අනේ මට මොකටද හෙඩාව....මට ඕනෙ මගෙ ඉංග්‍රීසි මිස්ව...

මන් ඇස් දෙක වහගන ආයමත් එක එක විකාර හිත හිත ඉන්නකොට අර වැනිලා සුවද දැන් දැන් මගෙ ලගටම ආවා.විතරක් නෙවෙ මගෙ ඇදත් එක්ක බර වෙනවා මට දැනුනා...

අනේ ඩිපූටියෝ..උඹ මොන මගුලද මෙතන කරන්නෙ....අපේ ලොකුවා දැක්කොත් උඹට අනිත් පාර හෙඩාට උන එකේ අනික වෙයි....අහකට පලකෝ....

මං ඇස් දෙක වහගනම උන්නා.....කොටිම්ම හුස්ම පවා හිරකරගත්තා....ඒ එක්කම ආයමත් මගෙ හිස කෙස් අස්සෙන් අර දිග ඇගිලි තුඩු එහා මෙහා යනවා එක්කම මං ඇස් ඇරියා...මට බෑ...මට කොහෙත්ම බෑ....ඩිපූටියගෙ වලත්තකම් වලට ඉඩ දෙන්න කොහොමත් බෑ....මු දැන් ඔලුව අතගාලා පස්සෙ කොහෙ අතගායිද....

මං ඇස් ඇරියා.....හැබැයි ඇස් ඇරපු මට ඇයි මං ඇස් ඇරියෙ කියලා හිතෙන තරමට මාව සීතල වෙලා ගියා.....

එතන උන්නෙ ඩිපූටියා නෙවෙ...ඒකගෙම සුවද එන හෙඩා...

නිර්වනයා.....වෙන කවුරුත් නෙවේ...කියි වෙලෙත් රවාගනම ඉන්න නිර්වානයා...

න්...නිර්....

කොහොමද ඔයාට...

මට නමවත් කියන්න ඉඩක් දුන්නෙ නෑ.....කොටිම්ම තත්පරේකට කලින් මගෙ ඔලුව අතගාපු අහන්කාර හෙඩා මං ඇස් අරිනවත් එක්කම ඒකගෙ අත අරන් සාක්කුවෙ ඔබාගත්ත ...හරියටම ඒකා මට අතක් වත් තිබ්බෙ නෑ වගේ කියලා කියන්න.....

මීට ටික වෙලාවාය කලින් ස්පෝර්ට් කිට් එකක් පිටින් උන්න හෙඩා ඊලග තත්පරේදි උන්නෙ කිරිසුදු පාට යුනිෆෝම් එක පිටින්....බොරු කියන්න ඕන් නෑ..මට මූව ඇස් දෙකට පේන්න බැරි උනත් හෙඩා ඒකගෙ යුනිෆෝම් එකට ඇත්තටම ලස්සනයි.....

මටත් වඩා චූට්ටක් සුදු උන හෙඩා අත් දිග ශර්ට් එකට ටයි එක ගැටගහලා මූන බලන්න පුලුවන් තරමට දිලිසෙන සපත්තු දෙකක් දාන් උන්න හෙඩා.මං එදා කිව්වා වගේම තනිකරම CEO කෙනෙක්ගෙ මූඩ් එකක් ගන්නකොට මට හෙඩා දිහා බලන් ඉන්න ආස හිතුනා...

මුඩුම කම නැත්තන් මූ කොච්චර ලස්සනද....මූ කොහොම රවන් උන්නත් අනිවාර්යයෙන්ම කෙල්ලො ඇති අඩේ ගමකට....වට්සැප් එක සුදාම්මිලාගෙන් වැහි වැහලා ඇති...එහෙමත් තියාගනනෙ මූ මට චූටි පැටියා කිව්වෙ.....

සල්ලිකාරයොනෙ...මුන්ට ඉතින් හැමෝම සෙල්ලම්බඩු තමයි....අනේ ඉතින් ඒව්ව දාගනින් උඹ වෙන උන් එක්ක....මා එක්ක නොදා ...

රවාගන ඉන්න මූන තවමත් එහෙමයි.....අත සාක්කුවට ඔබාගත්තු හෙඩා මගෙන් කොහොමද අහනකොට මම කනට නෑහෙන ගානට හිමීට මිමිනුවා....

සමාවෙන්න....

මං ඇහුවෙ කොහොමද කියලා සයාශ්....

වරදක් නෑ...හොදින් ඉන්නවා ඔයාට කොහොමද .....?

සයාශ් මං අහන්නෙ අසනීප තත්වෙ මිසක් සුවදුක් නෙවෙ....

මීට වැඩිය....හොදා.....යි.....මුගෙ.....කට කඩන්න ඇත්නම්....

කොහොමද කියලා අහපු මම ඒකගෙනුත් කොහොමද කියලා අහනවත් එක්කම හෙඩා මට සැර උනා.....සැර වෙනවා එක්කම මං අහක බලාගත්තා ..මොකද ...මගෙ කලදසාව කොච්චරවත් හොද නැති හන්ද මගෙ යටි හිතින් මේකට බනින දේවල් මගෙ මුනෙ ලියවෙයි කියලා මට බය හිතුන හන්දා මං අහක බලන් උනා..හැබැයි....කරන්න ඕන හැම විහිලුවම පැත්තකට දාලා මට හෙඩාගෙන් සමාව ඉල්ලන්න ඕනා උනා..මටයි ලොකූටයි පාඩුවෙ ඉන්න අරින්න කියන්න ඕනා උනා....අහක බලාගනම ලොකු හුස්මක් ගත්තු මම මගෙ විකාර මුන හදාගන හෙඩා දිහාවට හැරුනා...

නිර්වාන් ....මට චුට්ටක් කතා කරන්න පුලුවන්ද .....

ම්න්....

ඒකා ම්න් ගෑවා.....අහංකාර කම උපතිම්ම අරන් ඇවිත් උන්න නිර්වාන් ම්න් ගානකොට මම මගෙ හිත පාලනේ කරගත්තා .....මොකද මුගෙ අහංකාර කම මට හදන්න බෑනෙ

නිර්වාන් ...මටයි ලොකූටයි මෙහෙම කරන්න එපා නිර්වාන්...

.....

විහිලුවක් කරලා හින වෙලා උන්නට ...අපිට ප්‍රශ්න නෑ කියලා හිතන්න එපා...මගෙ අම්මා අප්පච්චි මායි ලොකුයි හන්දා හුගාක් දුක්විදිනවා....අපි ගමේ උන් හන්දා අපිව ඔයාලා හැමෝටම ගොඩයො වගේ පේනවා ඇති....කමක් නෑ නිර්වාන්...ඒක එහෙම හිතුවට....ඒත්...මාව අසනීප කරන්න එපා නිර්වාන්.....

මං බිමබලාගත්තා ....මාව අසනීප කරන්න එපාය කියපු මම බිම බලාගත්තා ...එයා වචනයක් නොකියම අහන් ඉන්නකොට මම ටික වෙලාවක් ඉදල බිම බලාගත්තා ...

බෙහෙත් බොන්න හොරකමකට වත්...මැරෙන්න බයකටවත් කියනවා නෙවෙ නිර්වාන්...මගෙ අම්මා අප්පච්චි පව්...ලොකූ පව්...මං හින්දා මට ආදරෙ කරන මිනිස්සු ව්දනවා මට බලන්න බෑ...ඒකයි....මං මැරුනොත් එක පාරයි...හැබැයි ...උන්....උන් මැරි මැරි ඉපදෙයි නිර්වාන්....

ඕනම දෙයක් කියන්න...බනින්න....කමක් නෑ....එත් මගෙ අම්මා අප්පච්චි අසරන වෙන වැඩ කරන්න එපා නිර්වාන් ..මං බය මං ගැන නෙවෙ ....අම්මා අප්පච්චි ගැන.....අපිට ඔයාලා එක්ක හැප්පෙන්න පුලුවන් මිනිස්සු නෙවෙ නිර්වාන් .....අපි හරි සාමාන්‍ය මිනිස්සු ....සමහර විට ඔයාග් පොකට් මනි එක මගෙ අම්මගෙ මාසයක් නැහිලා ගන්න සැලරිය වෙන්න පුලුවන් ....මගෙ අතින් ඔයාට උන හැම වැරද්දටම සමාවෙන්න නිර්වාන් ...මට මහන්සී.....

කියන්න දේවල් හුගාක් කටට ආවා උනත් මං එතනින් එහා මොකූත් නොකියා කට පියාගන ඉන්නකොට මං අහගන නිර්වාන් ලොකු හුස්මක් ගන්නවා.....

එයාගෙන් සමාව ඉල්ලපු මං ඔහේ උන්නා....එතනින් එහා මොකූත්ම නොකියා ගානක් නැතුවම ඉන්නකොට එයා මගෙ දිහාවට හැරුනා ....

ආ මේක ....

මයිලො එකක්.....එයා මගෙ දිහාවට දික් කෙරුවෙ මයිලෝ එකක්...මං හිතන්නෙ අපෙ ලොකූ වෙන්න ඇති එවන්න ඇත්තෙ ...

අපේ ලොකූද එව්වෙ.....?

......

මං එයා අතෙ තිබුන මයිලෝ එක අත් දෙකෙම්ම අල්ලන් අපෙ ලොකූද ඒව්වෙ අහනකොට මං බලාගන නිර්වාන්ගෙ කනක් රතූවෙලා තිබ්බා ඇයි දන්නෙ නෑ.....සමහර විට මන් සමාව ගත්තු නිසාද දන්නෙත් නෑ.....

එතනින් එහාට මං ගනු දෙනු කෙරුවෙ තනිකරම මයිලො එක එක්ක වෙනකොට මං බලාගන මගෙ දිහා ඇහිපිල්ලමක් වත් නොගහම බලන් ඉන්නවා...යෝ...මේකෙන් උගුරක් ඉල්ලාවිදෝ මන්දා ...ඇයි යකෝ ඕනා නම් ගිහින් ගනින්කො..මේක එව්වෙ ලොකූනෙ.....මේක නම් මහ පුදුම පෙරේත කම්ක් තමයි...ඒකට මොකද අම්මා මන්ත්‍රී....අප්පා ඕ අයිසී.....ඕඅයිසි ද ගඩොල් වෙන්න ඇති...

සනාශ් ...

අනේ නිර්වාන් මේ ඉල්ලන්න නම් එපා ....චුට්ටක්වත් දෙන්නෙ නෑ...චුට්ටම චුට්ටක් වත් දෙන්නෙ නෑ ආ...හප්!!

මයිලෝ එකට බටේ දානවත් එක්කම මගෙ දිහා කන්න වගෙ බලන් උන්න හෙඩා අනිත් පාර සයාශ් කියනවත් එක්කම මං මයිලෝ එක පස්සට කරගත්තා වගේම ඒකා ලාවට ඔලුව වැනුවා....ම්හුක්.....ඇයි වදේ...

මට ඕක ඕන් නෑ.....

එහෙනම්.....

මට ඕනා උනේ රිදෙනවද අහන්න...

කොහෙද....

....

එයා එපා කියනවත් එක්කම මම හංගගත්තු මයිලෝ එක හිමින් හිමින් හොරා වගේ උරවන්න ගත්තා ...හෙඩාගෙ ඇස් දෙක තිබුනෙම මගෙ ගාවට වෙනකොට අනිත් පාර එයා කිව්වා එයාට ඕන උනේ රිදෙනවද අහන්න වෙනකොට මම කොහෙද ඇහුවත් උත්තරයක් නොදුන්න හෙඩා මගෙ දිහාම ඇස් පිල්ලන් නොගහා ඉන්න කොට මං හිමින් සැරේ මගෙදිහා බැලුවා .....

හත්තුක්කෙ....උඩ කය නිරුවත් නේද... 

.හරිම අගෙයි ..හරිම අගෙයි....පිට පිරිමි ඉස්සරහා අප්පච්චි ගෙ චුටි පුතුනුවන් හැසිරෙන විදිහ නම් හරිම අගෙයි....

යෝ නිර්වානයා මගෙ චුම්චු දිහා බලනවා නේද .....මේ මොන වල් කමක්ද මේ....

නිර්වාන් මේ....ඔව්වට නම් එන්න එපා ආ....ඔයා රිදෙනවද අහන මුවාවෙන් මගෙ චුම්චු දිහා බලනවා නේද....ආ...

වි...කාර...

මං එක අතකින් මගෙ පපුව වහගන්නවා එක්කම රතුපාට කනක් තිබුන නිර්වානයා විකාර කියන ගමන් අහක බලාගත්තා වගේම මං බලාගන ඒකා ඒකගෙම කලවයක් අතින් මිරිකන් ඉන්නවා.....ඔය මං කිව්වෙ...බලන් ඉදලා තියෙන්නෙ ඒක දිහා තමයි....රිදෙනවා නම් හරියට කට ඇරලා අහපන් කො.....සයාශ්...ඔයාගෙ පපුව තවම රිදෙනවද කියලා ....එහෙම අහන්නෙ නැතුව හොරගල් අහුල අහුල ඉන්නෙ...

ම්හුක්...මේ...ඔයාට දැනගන්න ඕනෙ පපුව රිදෙනවද කියලද...

ම්න්.....

මං බටේ දිගෙ සුරුස් බුරස් ගාලා මයිලෝ උගුර උගුර ඉහලට අදින ගමන් අහක බලන් උන්න හෙඩාගෙන් ඔයාට දැනගන්න ඕනෙ මගෙන් පපුව රිදෙනවද කියලා අහනකොට අහක බලන් උන්න හෙඩා අනිත් පාර ම්න් ගාලා මා දිහා බලන් ඉන්නවත් එක්කම මම කටට ගත්තු මයිලෝ උගුර කටින් පිට ගිහින් කිරි බින්දු බටේ දිගේ වැක්කෙරීගන ඇවිත් එහෙම්ම මගෙ පපුව දිගේම පහලට පෙරීගන පෙරීගන එනකොට මං බලාගන හෙඩාගෙ උගුරු ගැටෙත් දෙපාරක් තුන්පාරක්ම උඩ පහලට ගියා වගේම අනිත් පාර ඒකා දෙපාරක් නොහිතම මගෙ අතේ තිබුන මයිලෝ එක එක උදුරලා අරන් කැත නැතිවම කටෙ ගහගන්නකොට මටත් නිකන් මඥ්ඥන් වේගන ආවා....

ඒ මොක්කත ඒ උනේ....මගෙ ඇගේනෙ හැලුනෙ.....

සයාශ්.....

ම්හුක්...ඇයි...අනේ...ඇයි...මගෙ ඇගෙත් හැලුනා.....දැන් ඇලේවි...නෙ....

ම්න්...පිහාගන්න.....

පුදුමයක්...අද නම් ඉර එක්කො වෙන පැත්තකින් පායලා....ඇගේ හැලුන කිරි ටික පිහිදගන්න බැරිව උන්න මං වට පිට බලබල පිහන එකක් හොයනකොට හෙඩා ඒකගෙ සුවද ගහන ලේන්සුව මගෙ දිහාවට දික් කරලා පිහදගන්න කියනකොට මමත් ඒක ඉල්ලගත්තා ...අරන් ඇගේ හැලුන කිරි ටික පිහිදගන්නකොට මගෙන් උදුරපු මයිලෝ එකෙන් එක උගුරක් විතරක් ඉහලට ඇදපු හෙඩා මොකක් හරි කල්පන කරන්න ගත්තා ...මං දත්මැදලද කියලද දන්නෙ නෑ.....අනේ.....මං නම් දත් මදිනවා...ඇයි වදේ...

දෙයක් අහන්න තියනවා .....

මොකක්ද ....

ඒකට දෙයක් අහන්න තියනවා කියන ගමන් මාදිහා බලනකොට මාත් ගැම්මෙම්ම මොකක්ද ඇහුවා .....

කාටද ආදරේ කරන්නෙ ....

ඉංග්‍රීමිස්ට .අ...ආ ...න්න්....නෑ....අනෙ....නෑ ....මං ඒක මෙ....

හරිම අගෙයි ...ඔය කෙරුවෙ .....යෝහ්....කටට බ්‍රේක් නැති උනානෙ ...කටට බ්‍රේක් නැති උනානේ....හ්.ම්හුක්....ඉතින් ඇත්තනෙ ..ඒ උනාට ඒක හෙඩාට කියන්න බෑනෙ ....

අද නම් අප්පච්චි ගෙ චූචි පුතා ඉවරයි ....

කොච්චරක් ආදරෙයිද...

ම්..මොකක්ද .....

මිස් නිශේලට කොච්චරක් ආදරේ කරනවද ම්ම්ම්....

මං උන්නෙ බිම බලාගන....හෙඩා අහනවා ඉංග්‍රීසි මිස්ට කොච්චර ආදරේ කරනවද කියලා ...සමහර විට එයාට මංගැන දුක හිතුනවත් ද .මගෙ පපුවෙ අමාරුව නිසා එයාට මං ජීවත් වෙන ටික කාලෙ මාව සතුටින් තියන්න ඕනා උනා වත්ද ...

ඔයා මට උදව් කරන්නද හදන්නෙ නිර්වාන් අයියෙ ..

ම්න්...අනිවාර්යයෙන්ම ...

අනෙ ...ඉතින්.....යක්ස ගති ගුන අස්සෙ දේව ගතිත් හැංගිලා තියනවනෙ ....

පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය මට ඉංග්‍රීසි මිස්ගෙ රවුම් මූන විතරක් නෙවෙ ...අපි දෙන්නගෙ වෙඩි ඵොටෝ එකත් මැවුනා ආයම මගෙ අතෙ බබෙක් ඉන්නවත් මැවුනා ...එ චුට්ටකින් තවත් බබ්බු ගොඩක් මැද මිස්ට තවත් බබෙක් හම්බවෙන්න එන පින්තූරෙකුත් මට මැවෙනකොට ලැජ්ජාවටන මගෙ මූන රතු උනත් මං බලාගන හෙඩා අර මයිලො එක මිරිකගන ඉන්නවා ...

ඒ මොකත ඒ...මොක උනත් මට මොකද එයා මට උදව් කරනවා කිව්වනෙ .....

ඉතින් සයාශ් මට කිව්වෙ නෑනෙ මිස් නිශේලට කොච්චර ආදරේද කියලා ම්ම්ම්.....

හෙඩා ආයම මගෙ මුන දිහා බලාගන මගෙන් කොච්චර ආදරේද කියලා අහනකොට මං අත් දෙකෙම්ම මූන වහගත්තා ....ම්හුක්....චූචිට ලැජ්ජයිනෙ ...ඒත් මං ආදරෙයිනෙ මේ හෙඩා ගොබ්බයා උනත් හරි හොදයි අප්පා...

ඔයා කාටත් කියන්නෙ නෑනේද නිරූ ..

ම්න්...නෑ . .

අපෙ ලොකූටවත්

නෑ ..

අපෙ චූටි අයියටවත් ...අනෙ මං ඔයා කියන ඕන එකක් කරන්නම්.....ඔයාට කරපු වැරදි වලට දෙන ඕනම දඩුවමකටත් යටත් වෙන්නම්.....මේක නම් කියන්න එපා අනේ ..

නෑ ....

මං එයාට...ගොඩක් ආදරෙයිනෙ ..නිර්....ඒ ....ව්ව්...ඔය මොකක්ද ඔය කෙරුවෙ ....යෝහ්....පිපිරුවා නේද ...නිර්වාන් .....යො....ඇදේ හිටන් ...

මට ඒ වචන සම්පූරනම කරගන්න බැරි උනා.....ගොඩක් ආදරේනෙ නිර්වාන් කියන කෑල්ල සම්පූරන කරගන්න බැරි උනා....මං එහෙම කියනවත් එක්කම නිර්වාන්ගෙ අතේ තිබුන මයිලෝ එක එයාගෙ අත විතරක් නෙවෙ ඇද රෙදිත් තෙමාගන පුපුරලා යනකොට මං බෙරිහන් දුන්නා රවාගන උන්න නිර්වානයා නැගිට්ටා එයා යන්නද යන්නෙ මට උදව් කරනවා වත් නොකියම ....???

ඔ ...ඔයා යන්නද යන්නෙ ...මට උදව් කරනවා කියලා කියන්නෙවත් නැතිවම ...ඔයා මට උදව් කරනවද අනේ 

අනිවාර්යයෙන්ම ....ම්ම්ම්

ඔයා මං හිතන් උන්නට වඩා හරි හොදයි අනෙ හරී නිහතමානීයි .....

ම්න්...එහෙමද ....

ඔව්...ඉතින්...ආය අපි හොරොව්පතානෙ මිනිස්සු.....දිව දෙකේ කතා නෑනෙ මහත්තයො අපිගාව ...

ම්න්....එහෙමද ....

ඔව් ඉතින් ආය පන උනත් දෙනවා .....ආය බොක්කෙ තියන දේත් දෙනවා ....

ම්න්...රෑ දහයට විතර ගේට් එක ගාවට එනවා .....මට තමුන්ව හම්බෙන්න ඕනෙ.....

මො..මොකක්....රෑ...දහයට මං...දොයිනෙ අනෙ .. ...පොලවෙන් මතු උන මිනිසා අපිට ලගයිනෙ ඉතින් ..අපිත් දහය වෙනකොට දොයියනවනෙ නිරූ ...

හරියටම දහයට .....ඕනම දෙයක් කරන්නම් කිව්වනෙ නේ...ම්ම්ම්.....මං දෙන ඕනම පනිශ්මන්ට් එකක් බාරගන්නවා කිව්වනෙ නේද ම්ම්ම්....

න්...නි...නිර්වාන් ....මං...මං....මොකටද එන්නෙ .....

තමුසෙව බලන්ඩ ඕනෙ දැන් හරිනෙ.... .....හරියටම දහය .එහෙම නොවුනොත්...මං එනවා ගේ ඇතුලට .....ඇවිත්....කියනවා ඔක්කොටම ....ඒක නිසා මාව ගෙන්න ගන්න නොතිය එනවා එලියට .....මං කිව්වොත් එකපාරයි...මට ඕනා කිව්වොත්....ඕනමයි සයාශ් .....

මො..මොකක් ...ගෙට එනව ....මොන....මගුලටද.....නිර්වාන් ....නිර්වාන් ...නිර්වානයා ...හ්...

😌මාත් එකපාරයි කියන්නෙ...හරි...

ආයහෙට ඈ.....

ගෞරවයෙන් දෙවිපිහිටයි.....

මම

FERDEESHA ❤💚 ...

More Chapters