Cherreads

Chapter 82 - 82

අම්මා....

මං හීන් සීරුවෙ ගෙට ඇතුල් උනා....අම්මා අප්පච්චිගෙ සද්දයක් නෑ..අවුරුදු ගානක් ලිප් අස්සෙයි පාන්දර නිදිමරලයිද කොහෙද ඉස්සර වගෙ නෙවෙ මගෙ අම්මා අප්පච්චි හරි ඉක්මනට අසනීප වෙනවා.....

මන්දා ඒක මහ පුදුමාකාර වේදනාවක් ...යතාර්තෙ මේක උනත්...මනුස්ස ජීවිතෙ මේක උනත් මට මගෙ අප්පච්චි අත පය රැලි වෙන එක බලන් ඉන්න අමාරු උනා.....අම්මව එන්න එන්න කුදු ගැහෙන එක මට මහ පරිමානෙන් රිදෙව්වා....

අපිට ඇවිදගන්න බැරි කාලෙදි වචනයක් කියවගන්න බැරි කාලෙදි අම්මා අප්පච්චි හරි ආසාවෙන් අපි ලොකු වෙනකන් බලන් ඉන්නවා....අතට ගන්න බත් ගුලිය කවන්නෙම මගෙ පුතා හබුන් නොකෑවොත් හැමදාම ඔය විදිහටම ඉන්න වෙයි කියලා ...

හැබැයි මං ඒ කාලෙදි දැනන් උන්නා නම්...අපි ලොකු වෙනවා කියන්නෙ අම්මා අප්පච්චි වයසට යනවා කියන එකයි කියලා ...සත්තයි මං හැමදාම වැටි වැටි ඇවිදිනවා මිසක් ලොකු වෙන්න ප්‍රාර්තනා කරන්නෙවත් නෑ....

අනූ...අම්මලා නැද්ද

ඉන්නවා වස්තු මං හිතන්නෙ වැස්ස හන්දා නිදි ඇති ...ඉස්සර වගෙ නෙවෙ නිම්න අප්පච්චිට වඩා අම්මට කාලගුනෙ ඔරොත්තු දෙන්නෙ නෑ...

මං නිම්නව අතින් අල්ලන් අම්මා අප්පච්චි ගෙ කාමරේට යන්න හැදුවත් මොකද එයා සාලෙ මැදක නැවතුනා .....වට පිටවත් වෙන කොහෙවත් නෙවෙ එයා සාලෙ මැද බලාගන උන්නා.....

සුදු මල්ලි දන්නවද .....මැරිලත් එදා මගෙ පපුව පැලෙන්ඩ ආවා....උඹ අත් දෙකත් පපුවට බැදගන ඔහේ මගෙ දිහා බලන් උන්නා ..සැරින් සැරෙ එනවා මගෙ මූනට වහන මැස්සෙක් එලවනවා.....ආයම ගිහින් බිත්තියට හේත්තු වෙනවා ...

උඹගෙ ඇස්වලින් එක කදුලක් වැටුන් නෑ...ඒත් උඹත් මා එක්කම එදා මැරිලා උන්නා.....

නිම්න.....

මට තවමත් මැවිලා පේනවා අනූ....සමහර මතක අලු යටින් ආයම මතක් වෙනකොට පපුව ගිනිගන්නවා ...උඹ මාව දරාගත්තු දරා ගැනිල්ලම මගෙ මලකදටවත් උහුලගන්න බැරි උනා අනූ...

මන් එයාව ඇදලා අරන් තුරුල් කරගත්තා .....ඇත්ත ...ඒ කතා හැම එකක්ම ඇත්ත මං ඒවෙනකොටත් මැරිලා උන්නා...

ආයම ඒ මතක වලට හුස්ම ගන්න දෙන්න එපා නිම්න.....අවුරුදු දාසයක් ...අවුරුදු දාසයක් මං උහුලන් උන්න වේදනාවෙ බර මනින්න පඩි නෑ...මිනුම් නෑ....ඇති ඒ කතාව....ඒ කතාව ආය කීයටවත් එපා වස්තු...

නෑ.....ආය ඒ කතා මොකුත් එපා..මට ඕන ඔයා එක්ක හිනාවෙන් ජීවත් වෙන්න...

මං ලාවට හිනා උනා....ඒ ඇස්වල වේදනාවෙ කදුළු පටලයක් බැදිලා තිබුනා වගේම කාමරේ අස්සෙන් අම්මා කහින සද්දෙ ඇහුනා මං මගෙ නිම්නවත් අතින් අල්ලන් කාමරේට ගියා...

මන් හිතුවා හරි..අම්මයි අප්පච්චි දෙන්නම වැහි සීතලට ගුලිවෙලා නිදි....

අප්පච්චි ...

අප්පච්චි .....අප්පච්චි මේ කව්ද ආවෙ බලන්න අප්පච්චි ...

මං.හිමින් සීරුවෙ අප්පච්චි ගෙ අතට තට්ටු කරලා අප්පච්චිව ඇහැරව ගත්තා...නින්දෙන් නැගිටපු පලවෙනි තත්පරේ හරියට ඇහැ ඇරගන්න බැරි උනත් ඊලග තත්පරේදි ඇස් දෙක හීන් කරලා අප්පච්චි මගෙ නිම්න දිහා බලන් උන්නා...අනෙ ඒ ඇස්වලින් කදුලු පේලියක් කඩා වැටුන..

උඹ.....ආවා....එහෙනම් අපිව...බලන්ඩ...

අප්පච්චි .....අනෙ මගෙ අප්පච්චි ....මට සමාවෙන්න....අම්මෙ....අනෙ මට සමාවෙන්න ...මට බැරි උනා අම්මෙ....

මන්දා මට බලන් ඉන්න බැරි උනා....අප්පච්චි ගෙ ඇස්වලින් කදුලු කැට කඩන් වැටුනා විතරයි නිම්න ගිහින් මගෙ අප්පච්චිව තද කරලම තුරුල් කරගත්තා ...අම්මගෙන් සිය දහස් වාරයක් සමාව ඉල්ලුවා ....පරන කතා....ඒ දුක ආය ආයම උඩට එනකොට එයා මගෙ අම්මා අප්පච්චිගෙ කකුල් ගාව වැද වැටුනා....අනෙ අප්පච්චි මට සමා වෙන්න ගගා ආයම සමාව ඉල්ලුවා

මන්දා මගෙ හිත රිදෙනවා ....මට කදුලු එනවා ...කොච්චර උනත් අර පරන වේදනාවල් අහවර වෙනකම්ම එයාලට අඩන්න වැලදගන්න දුන්න මං කාමරේට ගිහින් කලිසමෙන් සරමට මාරුවෙලා වැහි හීතල දිය වෙන්නත් එක්ක කෝපි හදන්න ගත්තා

නිකන් නෙවෙ කිරි කෝපි.....!

සුවදයි...සුදු මල්ලි කිරි කෝපි හදනවා ....

මං උන්නෙ සීනි රස කිරි රස කෝපි රසෙ පදම බල බල වෙනකොට එයා ඇවිදින් මගෙ ඉනවටෙ අත් දෙක පටලවන් මගෙ උරහිසට එයාගෙ නිකට තියා ගත්තා ...

සැනසීමයි.....මන්දා මට කියාගන්න බැරි තරන් පුදුමාකාර සැනසීමයි...අවුරුදු ගානකට පස්සෙ...ආයමත් එයාගෙ සුවද උනුසුම මට දැනෙනවා....

මෙච්චර වෙලාම කුසිය අත්තඩංගුවට අරගන උන්න කිරි කෝපි සුවදට මගෙ නිම්නගෙ සුවද ඉස්සරහ පහු බහින්ඩ උනා.....

මන්දා මේක හීනයක්ද...ඇත්තක්ද...මට තවම විස්වාස කරගන්න බැරි උනා....එලියෙ මහ සද්දෙන් වහිනවා....අහසෙන් හලන කදුලු කැට සට බට ගගා තහඩුවට වැටෙනකොට එක විදිහකට ඉන්ඩම බැරි සුදු පුතා වැහි වතුරට බුරනවා..පීලි දිගෙ පෙරිලා එන වතුරපාර හපන්න හදනවා..ඒත් විදිල්ලක් අකුනක් පුපුරන්න බෑ අඩාගන කැ ගහගන අම්මව හොයන් දුවනවා....

අපි කොච්චර ආදරෙ දුන්නත් වැඩක් නෑ ඌට ඕන අම්මවම විතරක් වෙනකොට මං ඒකගෙ බලු විස්කෝතු දෙක තුනක් අරන් මගෙ නිම්නගෙ අතින් තිබ්බා...

අනූ....

දැන් උතින් පුරුදු වෙයන්...ඌට පගාව දෙන්න ඕන...නැත්තන් පැත්තවත් බලන්නෙ නෑ....

එයා හිනා උනා..හිනා වෙලා මගෙ නහය මිරිකුවා....

ඒ උනාට මං ඒකගෙ අප්පච්චි ව අල්ලගන ඉවරනෙ...පුතාව අල්ලන එක මහ දෙයක් නෙවෙ.....

ම්න්...ඇත්තට....

ඔව්...ඇයි.....චූචි බුංජිය අල්ලගත්තනෙ අනුව...

ඒක ඇත්ත....චූචි බුංජියයි...නාකි බුංජියයි ඔක්කොම මාව අල්ලගත්තා...

යෝහ්...නාකියි...නාකියි කියන්ඩ එපා අනූ....නාකි නැනෙ...

බොරු හුරතලෙ උඹගෙ.....වස්තු.....මට උදව්වක්.කරන්න පුලුවන්ද

මොකක්ද මගෙ අනූ.....

පුලුවන් නම් මාව චුට්ටක් හපනවද....හිමින් නෙවෙ....හයියෙන්.....

හපන්න .....ඇයි....

මේක හීනයක් නෙවේමයි කියලා මගෙ හිතට කියන්න....මට බයයි මේක හීනයක් උනෝතින් මගෙ පපුව ගහලම යයි මගෙ නිම්න ....

මට බය හිතුනා එකපාරම එයා මගෙන් අතුරුදහන් වෙයි කියලා බය හිතුනා....එයා හිනා වෙනවා හරිම ආදරනීය විදිහට ...ඒ හිනහව හරි මෘදුයි.....

මගෙ පන....මේක හීනයක් නෙවෙ මගෙ අනූ....උඹගෙ නිම්න ආයම ආවා....දුන්න පොරොන්දු රකින්නෙ නැතුව කොහොමද මයෙ අම්මෙ .....

මන්දා ....මගෙ පපුව ඇත්තටම නතර උනා....ජීවිතෙ පලවෙනි වතාවට මම නිම්නගෙ පොත් අස්සෙ ඉන්න ,අනෙ අපිටත් මෙහෙම ආදරෙ කරන කෙනෙක් උන්නා නම් කියලා ප්‍රාර්තනා කරන ඒ ආදරනීයම ප්‍රේමවන්තයව මං මගෙ ඇස් පනාපිට දකින්න තරම් භාග්‍යවන්ත උනා...

නිම්නගෙ ආදරෙ වෑස්සෙනවා...මයෙ අම්මෙ කියලා මාව තුරුලු කරගන්නවා...මම දන්නවා...අවුරුදු දාසයකට පස්සෙ මම අද රෑ හරි සැනසීමෙන් නිදා ගන්නවා...

අප්පච්චි ...අම්මා...මේ කිරි කෝපි හැදුවා .....මෙන්න අප්පච්චි ගෙ එක...මෙන්න අම්මගෙ එක

උඹ....දැන්...හරි ලොකු මිනිහෙක් වෙලානෙ....උඹට...මගෙ කොල්ලා...වයසට යනකම්ම ඉන්න උනාද එන්ඩ....

මං ආය කවදාවත් අප්පච්චි ගෙයි අම්මගෙයි පුතාව දාලා යන්නෙ නෑ.....

ඔව්...උඹ..ගියොත්....මං...උඹට පොල්...ගහලා ගෙන්න ගන්නවා...

අප්පච්චි එදා වගේමයි...

මං....දැන් වයසයි.....කොල්ලා....

අප්පච්චි ගෙ හිතයි ආදරෙයි එදා වගේමයි...

මං උන්නෙ කාමරේට මෙහායින් ...මටත් කලින් කිරි එක උස්සන් අප්පච්චි ලාගෙ කාමරේට ගිය නිම්නට අප්පච්චි බනිනවා....යන්න දෙන්නෙ නෑ කියලා කියනවා...

දැන්...ඉතින් ...මටයි..අම්මටයි සැනසීමෙන් ඇස් පියාගන්න පුලුවන් ...

අප්පා අම්මයි අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන...අප්පච්චි මං වෙනුවෙන් කරපු දේවල්ම ඇති අප්පච්චි ...අම්මා මං වෙනුවෙන් දුන්න ආදරේම ඇති.....අම්මා අප්පච්චි බුදු වෙන්නම ඕනෙ....ආය කවදාවත් ගෙදර දරුවො තනියෙන් කියලා මගින් හැරිලා එන්න එපා අප්පච්චි බුදුවෙලාම එන්න...

මම මගෙ ඇස් පිහාගත්තා ...ඇත්ත ලියන මිනිස්සුන්ගෙ ආදරේ හරි බරයි....උන් හරි ආදරනීය මිනිස්සු.....!

අනූ.....

ම්න්..

තවමත් බෝංචි කන්න ආසද ඔයා...

මං හිනා උනා...කිරි කෝපි එක වැහී සීතල එලවලම දැම්මට පස්සෙ අපෙ කුසිය නිම්නගෙ ආදරෙන් පිරෙන්න ගත්තා ...මගෙම සරමක් ඇදන් ඉන්න නිම්න අදත් බෝංචි අහුරක් අරගන මගෙන් තවමත් බෝංචි වලට ආසද අහනකොට මං හිනා උනා...කොහොම නම් කියන්නද උඹ ගියත් හරි මගෙ ආසාවල් හැම එකක්ම මැරිලා ගියා කියලා .....

ඉස්සො මොකද කරන්නෙ අනූ....

තෙල් දානවා...

බෝංචි...මැල්ලුනුයි....බතුයි...පපඩමුයි...එච්චරයි නෙ

ම්න්...එච්චරයි .....

අම්මා අප්පච්චි දැන් ඉතින් නිවාඩු ....මේ කුසිය දැන් ඉතින් අයිති වෙන්නෙ මටත් මගෙ නිම්නටත් විතරක් වෙනකොට

තෙම්පරාදු සුවදවල්...බැදුම් සුවදවල්....ඒ විතරක් නෙවෙ රයිස් කුකර් එකෙන් එන බතෙ සුවදින් මුලු ගේම පිරුනා...

අනූ මේ බලන්න...මේ මිරිස් ඇතිද....මේ ලුණු ඇතිද..චුට්ටක් කාලා බලන්නකො කියන අතරි පතර අපි දෙන්නා හාදුවක් රස බැලුවා ...අපේ ආදරෙත් මේ මාළු පිනිවලට මුහු කෙරුවා ....

මට හරි සතුටුයි.....

අම්මට අප්පච්චි ට බත් බෙදන එයා දිහා බලාගන මං මිමිනුවා ...

එයා හිනා වෙනවා ඒ කියන්නෙ ඒකත් එයාට ඇහුනා .වෙනදට පෑන් වල කාබන් සුවද එන ඒ අත් දෙක අද තුනපහ සුවදයි... 

වස්තු....

ඇයි ඉතින් මේ...අප්පච්චි ආවොත් ඔයාට බැනුම් අහන්න වෙයි

ඒ මොකටද....ආ හරි කෙලියක්නෙ...ඇයි උඹ ආයම ගිහින් මගෙ අප්පච්චි වයි අම්මවයි අල්ලගත්තද ම්ම්ම්ම්

මෝඩයා.....ඔය පිගන් දෙක අරන් එන්න...

අපි හතර දෙනාටම බත් බෙදුවෙ එයා....එයා බත් බෙදනකම්ම මං කෙරුවෙ ඒ ඉනවටේ අත් දෙක පටලන් උරහිසට මගෙ මූන ගහන් උන්න එක...එයා එහාට යනකොටත් එහාට යන එක...මෙහාට යනකොටත් එයා එක්කම මෙහාට වෙන එක....

මට දැන් ලෝබයි.....කොටින්ම නිම්නට නිදහසෙ හුස්ම ගන්නවත් ඉඩක් නොදෙන තරමට මං ලෝබයි...අවුරුදු දාසයක් මගෙ පපුවෙ ඇවිලුන ගින්දර වල හැටියට මගෙ පපුව විසුවියස් ගිනි කන්දටත් වඩා රස්නෙ ගැහුවා.....

එයා යනවා...මට අරක ගේන්න මේක ගේන්න කිය කිය මගෙ නිම්න මට අන දෙනවා....අත හෝදනවා....ආයම අත පිහනවා ..අවුරුදු ගානකට කලින් මම පිහුවෙම දොර රෙද්දෙන් උනත් අම්මගෙ එක පාරින් මාව හැදුනා වගෙ මගෙ නිම්න කියන්නෙත් පුදුම පිලිවල මනුස්සයෙක් උනා....

අප්පච්චි ....කාලා ඉමු නේ.....

වෙලාව කීයද කොල්ලො....කැහ්...කැහ්....කැහ්....මේ කාලකන්නි...කැස්සක්...කැහ්..කැහ්...

අනූ උනු වතුර ටිකක් ගේන්ඩ....

එයා ආයම කෑගහනවා...ඇත්ත ජරහන්ත වෛරස් එකක් ඇවිදින් මගෙ අම්මගෙයි අප්පච්චි ගෙයි කටට නිවනක් නෑ....අනෙ රෑ එලි වෙනකම්ම කහිනවා...අම්මට කැහැලම.හුස්මත් නෑ...රෑ එලි වෙනකම්ම.මගෙ වැඩේ කෙල ගහන්ඩන වැලි බාජන තියන එක....

වේදනාවයි...අම්මා වයසට යනවා...මගෙ ඇස් පනා පිට අර පිරුන පපුව වැරහැලි වෙලා යනවා....ඉස්සර ගිහින් ඔය පපුවට මුන ඔබාගත්තම මොන තරන් සනීපද....ඒත් දැන් ..ඒ පපුව ලෑලි ගැහෙනවා...

ඇයි දෙයියන්ට බැරි අම්මා අප්පච්චි ව අමරනීය කරන්න...වයසට නොයවා ඉන්න....

අනූ...ඇයි සුදු මල්ලි මේ...ඇයි මේ අඩන්නෙ....ඇයි මගෙ මයුර....මොකක්ද උනේ ...කියපන්කො පන...ඇයි මේ.....

එයා උනු වතුර ඉල්ලනකොට මං ගිහින් කේතලෙ ලිපට තියලා යන්තමට වතුර රත් කරන්න ගත්තා මං දන්නෙ නෑ...මගෙ ඇස් වලින් කදුලු වැටිලා...

ඇයි මේ....මට කියන්න බැරි හෙතුවක් නෑනේද්..

එයා වද වෙනවා...යන්තමට රත් උන වතුර එක කෝප්පෙකට දාගත්තු එයා මගෙ කදුලු වලට හේතු ඉල්ලනවා....

අම්මා අප්පච්චි වයසට යනවා නිම්න....මට හරි වේදනාවයි...මේක මගෙ අම්ම අප්පච්චි ට විතරක් අයිති දෙයක් නෙවෙ...ඒත්....ඇස් පනා පිට අර මූනවල් ඇකිලෙනකොට මට රිදෙනවා නිම්න.....මම ඇවිදින් අප්පච්චි ගෙ කපාපු පලුව...ඒ ඇස් කට නහය උස පාට....හොදට බලපන් නිම්න...මං අප්පච්චි මයි....හොදටම මතක් කරපන්...උඹ මීට කලින් දකිනකොට මගෙ අප්පච්චි හරි තරුනයි...නලුවා වගේ මමම කෑ ගහනවා ඔච්චර ස්ටයිල් කරන්ඩ එපා ගගා...ඒත් අද...එයාලා වයසට යනවා....

මට දුක මම වයසට යන එක නෙවෙ.....

නිම්න....මට අර තිත්ත ඇත්ත...ඇත්තක්ම උන දාට දරාගන්න බැරි වෙයි.....මට බැරි වෙයි නිම්න...

මගෙ අනු....

මන්දා....මට වාවන්න බැරි උනා.....අවුරුදු හතලිහ පැනපු මිනිහෙක් උන මට දරාගන්න බැරි උනා...එයා නැති වේදනාවත් දරාගත්තු මට දරාගන්න බැරි උනා....මං එහෙම්ම ඒ උරහිසට මගෙ ඔලුව ගහගත්තා....

නාඩා ඉදින්කො අනූ...නාඩාපන්...මං ඉන්නවනෙ රත්තරන්.....

*

*

ආ කොල්ලා....ඔය බත් ඇතිද.....

ඇති අප්පච්චි .....මේ ඇති....

කාපන්....දැන් වත් මූව ඇටගෙනවා....දැන් ඉතින් උඹගෙ මනමාලයා ඉන්න එකේ කාපන්.....කෝ අල්ලපන් ඔය බත් එක....නිම්න කොල්ලා අල්ලපන් ඕක

එපා එපා අප්පච්චි මේ තියෙන්නෙ...මට මදි උනොත් මං ගන්නම්....

කාපන් කාපන්

ඒ අප්පච්චි ලාගෙ හැටිද කොහෙද ...කොච්චර බත් පතෙ හොදි පිනි තිබුනත් ඒ බත් පතෙන් හොදි අහුරක් අරන් දැම්මෙ නැත්තන් මදි කමක් වගෙ දැනෙනවද කොහෙද ....

අප්පච්චි ගෙ බත් පතෙන් ඉස්සො අහුරයො....කැස්ස තිබ්බට මොකද කටෙ ලෙඩ ගතිය යන්න කියලා ගත්තු ඉස්සො ටික ආයම මගෙයි නිමන්ගෙයි බත් පිගන් වලට දාපු අප්පච්චි හාල්මැස්සො කරවල අනාගන බත් කන්න ගත්තා.....

අම්මා කන්නෙ එක හැන්දයි...රටෙම දොස්තරලා ගෙන් ගිහින් කෑම පිරිය එන බේත් ගෙනාවත් අම්මග් බඩට අල්ලන්නෙ එක හැන්දයි....නෙස්ටමෝල්ට් නම් බොයි කොච්චර හරි....

අම්මට තව බත් ටිකක් දෙන්ඩද අම්මෙ....

එපා..එපා...මේ වැඩිත් එක්ක

හැන්දනෙ දැම්මෙ.....

.

කන්ඩ බෑ ළමයා දැන්...ඉස්සර වගේ....මගෙ හක්කෙ දත් එකක් වත් නෑ දැන්...නිම්න ගෙ බෝංචි එක එදා වගේමයි.....කැහ්...කැහ්...කැහ්.....

කමනි ආ...මේ වතුර එක.....

අම්මට කතා කරගන්න පුලුවන් උනෙ ඔච්චරයි ...ආයම කැස්ස පටන් ගත්තා...

ඇත්ත....මගෙ නිම්නගෙ බෝංචි එක එදා වගේමයි ඒ රසමයි මන් බත් එකෙන් තුනෙන් පංගුවක්ම කෑවෙත් බෝංචි එක්ක විතරක් වෙනකොට මං බලාගන එයා මං කනතාලෙ දිහා බලාගන හිනා වෙනවා...

වස්තු...

ම්ම්ම්

ජනා අයියා දැන් මොකද කරන්නෙ.....

ආකිටෙක්....

කොහොමද ජනා අපෙ රවිදුවව හොයන් තියෙන්නෙ....එතකොට අක්කා.....එයාට....

.....

මං උන්නෙ එයා හෝද හෝද දෙන පිගන් පිහ පිහ....වහිනව වහිනවා...එලිය සහලොලම වහිනව ...කාපු අම්මයි අප්පච්චි විතරක් නෙවෙ මං අරන් දුන්න අලුත්ම සෙල්ලම් බඩුවත් අරන් ගෙදර ඉන්න දොන්ත බිබික්කමත් ඇදට වෙලා තිබුනා...

එයා ජනා ගැන කියනවා....එයා වගේම ජනත් අයියත් රවිදුවව හෙව්වා ...නිච්චියක් තිබුන් නෑ කිය කිය හැම දේම විස්තර කෙරුවත් එක දෙයක් විතරක් එයා මගෑරියා .....

මේඝා ගැන එයාගෙ ආදරෙ ගැන...

නිම්න අර ගෑනු ළමයා....ඔයාගෙ අක්කා.....

මං හිතන්නෙ දරාගන්න සීමාව වත්....දෛවය මිනිස්සුන්ට සලකන විදිහත් එක සමාන නෑ මගෙ මයුර

....එයා නැති වෙලා...

ද්...දෙයියනෙ.....

එයා නැති වෙලා ....කැන්සර් එකකින්...lungs කැන්සර් එකක්....එයත් බලන් ඉන්න ඇති...ඒත් එයාට ඊට කලින් දෙවියො ස්වර්ගෙට එන දොර අරින්න ඇති..

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා...මිනිස්සු ඉන්නකම්ම කිව්වෙ ගෑනු ගෑනු ආදරෙ කරන එක පාපයක් !පාපයක්!! පාපයක්!!! විතරක්ම කියලා වෙද්දි නිම්න ඒ කතාවට සවර්ග දොරටුවක් එකතු කරලා තිබුනා...

මට හුස්මක් පිට උනා...මේ අමුතු කතාවෙ සාධාරනයක් නොවුන තැනක් තිබුනා.....

වස්තු.....

හ්ම්ම්ම්..

අම්මයි අප්පච්චි ....

එයා මගෙ දිහා බැලුවා ....මගෙ අතින් අල්ලගත්තා .....

සුචිත්‍රා පූජනි.....දැන් රිටයර් ..ආනන්දෙ ඉගැන්නුවෙ.....අප්පච්චි ගැන කියනවා නම්...මට රොහාන් වගෙ අප්පච්චි කෙනෙක් ලැබුනා.....අපි කව්ද කියන්න අපිටත් වඩා තේරුම් ගන්න .....අපි හෙට රවිදුලාව බලන්න යන්ද අනූ....

කැන්ඩි ....

හ්ම්....එදා වගේම ට්‍රේන් එකෙ...මල් පිපිලලු...අවුරුදු ගානකට කලින් අපි එක්කම වාඩිවෙලා ගියපු එයා...අද ඒ ට්‍රේන් එකම අරගන යනවා කියන්නෙ...ඒක මහ අමුතු දෙයක් නේද අනූ.....

එදා ජනත්ගෙ උරහිස උඩ ඔලුව තියන් ගිය එයා.....අද හරි සන්තෝසෙන් නුවරට මැනිකෙව දක්කනවා කියන්නෙ....

මං කල්පනලාට මැසේජ් එකක් දාන්නම්....

හ්ම්.....

කුසියෙ ලයිට් නිවුනා....වැහි අන්දකාරෙ ඇවිදින් මුලු ගේම අන්දකාර කරනකොට වැහි වතුර දරා ගන්න බැරිව පිච්ච මල් පිපුන පිච්ච ගහ මලුත් එක්කම බිමට බර වෙලා තිබුනා...

අඹ ගහෙ කොල බිමට හැලිලා වතුරට ගහගන යනකොට වැහි වතුර මහපොලවට වැටෙනකොට මං බලාගන වැහි දිය තෙමාපු පොලවෙන්ම වතුර සමනල්ලු මතු උනා..

සට සට සට සට....

වැහි පීලි කෑ ගහනවා....නෑ...එක්කො පීල්ල උඩට වැටෙන වතුර කෑ ගහනවා.....මුලු අහසම අංගාර පාටින් නෑවිලා....සැරින් සැරේම නිල් එලි සුදු එලි එක්ක කන් අඩි පුපුරන සද්ද එනකොට මන් එයා එක්ක කාමරේට එන්න ආවා...

අනූ....

ම්න්..

දෙයක් දැනගන්න ඕන.....

අහන්න...

කුඩම්මා ගැන....

කුඩම්මා ගැන.....

ඔව්....

කුඩම්ම ගැන.....

අහන්න ඔය ඉන්නෙ ඒකි ගෙදරට වෙලා....

මොකද.ගමේ ලස්සනම ලේලි කුඩම්මව කරන් කමනිට ගෙනත් දෙන්නද කල්පනාව

එ...ඒ...ඌව්..කොනිත්තන්නෙ....කව්ද ඒකිව ගේනව කිව්වෙ...

අර කිව්වෙ එහෙනම්....අර කිව්වෙ...උඹ වෙනුවෙන් මං මේ පනහට කිට්ටු වෙනකන් මලකඩ කකා උන්නෙ මොකටද...

ඌව්..හපනවා...හපන්ඩ එපා නිම්නයො...ආව්...ඒක බොරුවක්...ඒක බොරුවක්...ඒකිට මං ගැන ක්‍රශ් එකක් තිබිලා.....ආව්හ්...

එහෙනම් අප්පච්චි කිව්වෙ ඒකි ඇවිත් අප්පගෙන් උඹව බදින්න ඇහුවා කියලා....දෑවැද්දට බුරුත කකුල් තියන අල්මාරියකුත් තියනවලු නේ.....උඹට බුරුත කකුල් පෙන්නන්නම්...

ඔව්..ඔව්...ඒ ඒකිගෙ දහ අටවෙනි උපන්දිනෙ දා....ආව්හ්...කොල්ලො...උඹට කොල්ලා කියන්නත් බෑ...නාකියා කියන්නත් බෑ....නිම්නයෝ...

මං උගුර යටින් කෑ ගැහුවා...අප්පච්චි මේ ටිකට ඔක්කොම.කනේ තියලා.....කුඩම්මා ඒකිගෙ දහ අටවෙනි උපන්දිනෙ දා ඒකිගෙ දෑවැද්දට දෙන බඩු ලිස්ට් එකත් ලියන් කේක් එකකුත් අරන් අපෙ ගෙදර ඇවිදින් මාව බදින්න ඇහුවා යක්ස කෙල්ල.....අප්පච්චි අකුරක් නෑරම කියලා තියනකොට නිම්නයා මාව මරාගන කන්න හැදුවා...

කියපිය මගෙ විතරයි කියලා....

අව්ව්හ්....දැවිල්ලයි බන්.....

කියපන්....ගමෙ ලස්සනම බැනා චූචි බුංජියා කියලා....

ඔ..ඔව්...ගමේ...යක්සම බෑනා...අපෙ කමනිගෙ වේ..වී.....ඌ.....යි බන්...ඌයි.....හ්හ්....සූරනවා....හපනවා...උඹ තමයි ලස්සනම බෑනා..හරී....

ම්හුක්.....ආතරෙයිනෙ චූචි බුංජියා.....ආතරෙයිනෙ මගෙ වේස අනූට....

මං මගෙ කම්මුල අත ගාගන්න ගමන් ඒකා දිහා රවාගන බලන් උන්නා....

.අපි අම්මලවත් හෙට එක්ක යන් අනූ...අපෙ අම්මයි අප්පච්චි යි....ඔක්කොමව....

හ්ම්...එක්ක යමු

ආදරෙයි මගෙ මයුර....

දන්නවා ඒක.....මට දැනෙනවා ඒක....

මං හිනා උනා...එයාම හපපු කම්මුලට හාදුවක්.තියලා ආදරෙයි කියපු එයා මගෙ අත් ගොබෙන් අල්ලගන.මා එක්කම.කාමරේට ආව....

අවුරුදු ගානකට පස්සෙත් එකම කාමරෙ....අප්පච්චි ගෙ අප්පච්චි ලාගෙ කාලෙ වියන් බැදපු ඇද.....එයාගෙ පින්තූරෙ...මෙ හැම දේම ...අවුරුදු විසි පහේදි එයා එක්ක.මේ කාමරේට ආව මං ආයමත්...අවුරුදු දාසයකට පස්සෙ එයාව එක්කන් ආවා...

අවුරුදු හතලිහ පැනපු මනුස්සයෙක් විදිහට....එදා මට විසි පහයි...එයාට තිස් දෙකයි....අද මට හතලිස් එකයි...එයාට හතලිස් අටයි....තව අවුරුදු කීයද...ජීවිතෙන් හරි අඩයි...

එයා මගෙ අත් ගොබේට හේත්තු උනා....කමරෙ දොරකොඩ ගාවදි පපුව පිරෙන්න හුස්මක් ගත්තු එයා මගෙ අත් ගොබේට හේත්තු වෙලා ඒ දිහා බලාගන උන්නා...වැහුන කර්ට්න් වගේම වැහි අන්දකාරෙ...වැහි හීතල.....අමුතු පරිසර විපරියාස ඇවිදින් මගෙ කනට හුගක් දේවල් මුමුනල යනකොට එයා මගෙ දිහාවත් මම එයාගෙ දිහාවත් බැලුවා ....

අනූ....අපි අර පෙරහන් කඩදාසියට දැන් වැහි වතුරත් එක්ක ගහගන යන්න කියමුද.....

මං හිනා උනා...නලලට හාදුවක් තිබ්බා...ඒ ඇස් හිනා උනා...

කොන්ද කැක්කුම් අල්ලන්න කාලෙ එන්න කලින් මට එයාව හරහට ගන්න හිතුනා.....මං එයාව වඩා ගත්තා....

මං හිතන්නෙ වැහි හීතල එන්න ඇත්තෙම වෙරළු මල් මොනතරම් සුවදයිද කියලා මේ වසන්තෙදි වත් විදපන් කියන්නද කොහෙද !

දොර වැහිලා ගියා....වියන් බැදපු ඇදෙ තිර රෙදි ලෙහිලා ගියා....තනි පාට ඇද රෙද්ද උඩ මගෙ ප්‍රතම වසන්තෙ මං එනකන් බලන් ඉන්නකොට රොබරෝසියා සුවදට කලියෙන් මගෙ කාමරේට වෙරළුමල් සුවද ගලන්න ගත්තා!

කාබන් අකුරු වලින්.....පොත් වල පිටු අස්සෙ ඉන්න ආදරනීයම ප්‍රේමවන්තයෙක් මගෙ ඇද උඩ ජීවමාන වෙනමොහොතක ...ඉතින් ඒ සෘංගාරෙත් මොන තරම් ආදරනීය වෙයිද...

ඉතින් අවසර...මේ තාක් රැකුන කොලුකමට පිරිමිකමට හැරෙන්න....!

💐👉👈........!

More Chapters