සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ රත්තරන්ට...
මම ඒ " කැත " අකුරු දිහා දැන් සියපාරකට වඩා බලන් උන්නා.....
අකුරු කැත උනත්.....ඒ අකුරු අස්සෙ තිබුන ප්‍රාර්තනාව ආදරනීයයි...
ඉතින් මොකටද අකුරු ගැන හිතන්නෙ....
මුතු කැට වගෙ අකුරු තිබුනත්....ලියවෙන්නෙ වස් කවියක් උනෝතින් ....
වැඩක් තියේවිද....????
මං ඒ අකුරු උඩට හාදුවක් තිබ්බා.....
මේ ලෝකෙ ඕනම කපටි වැඩක් දන්නවා උනත්.....රෝමාන්තික පුදුම කිරිලි අතින් කවදාවත් සාර්තක නොවුන මගෙ සංධීර් මහ රෑ දොලහට එලියට ගන්න බලාගන මගෙ කොට්ටෙ යටින් තියන්න ගියපු කාර්ඩ් එක එක නිසා මං ඇහැරුනා.....එයාගෙ අත උඩ නිදා ගන්න මාව කොට්ටෙට එලවපු එයා හොරෙන් හොරෙන් කාමරේකට දුවන හැටි මම නොතේරුනා වගෙ බලන් උන්නා...
බැලුම් පැකට් එකක් උස්සන් ගිහින් අන්දකාරෙකට වෙලා පුම්බ පුම්බ බිම දානකොට සමහරක් ඒවා පිපුරුන හැටි ....වෙනදටත් කලින් මාව නිදිකරවන්න දගලපු හැටි මේ ඔක්කොම දේවල් මම තේරුනා උනත් නොතේරුනා වගේ උන්නා........
පව්........
මට හිතුනෙ එච්චරයි ...ජීවිතේ කිසිම දවසක කාවවත් සප්‍රයිස් නොකරපු...බොලද වැඩ නොකරපු එයා මං වෙනුවෙන් කරගන්න බැරි හොර වැඩ කරනකොට මට පව් කියලා හිතුනා...
පුම්බපු බැලුම් ඔක්කෝම ඇද උඩට දාලා....පොඩි උනත් හරි හුරුබුහුටි කේක් කේක් එකක් උඩ විසි පහේ ඉටිපන්දම් දෙක ගහන් උන්න එයා එකොලහයි පනස් පහේ ඉදන් ඔරලෝදිහා බලන් ඉදල එකොලහයි පනස් නවයයි කියන ගමන් මුමුන මුමුන ඉටිපන්දම් අවුලන හැටි මම බලන් උන්නා........
මම දැක්කා..එයා කියන කරන හැමදේම මම දැක්කා.....අනේ ඉතින් මං ඒ සතුට නැති කරන්නෙ කොහොමද ...වෙන මිනිස්සු සප්‍රා.....යිස් කියලා ගිරියෙන් කැෑ ගැහුවට මගෙ සංධීර් කෙරුවෙ හොරට නිදාගන උන්න මාව ඇහැරවලා කනට නෑහෙන ගානට සප්‍රයිස් කියපු එක වෙනකොට හිත රිදවන්න බැරි කමට මාත් එයාගෙ සප්‍රයිස් එකට හයියෙන් කෑ ගැහුවා...අත් දෙකෙම්ම කටවහන් පුදුම උනා.....අර ටීවි වල වගේ එයාගෙ ඇගේ එල්ලුනා.......
අවසානෙදි එයාගෙ තාලයක් නැති හැපි බර්ත්ඩේ සිංදුව අහන් උන්න මට ඇත්තටම කදුලු පිරුනා....කිසිම සප්‍රයිස් විල්ලක් නොවුන මට එයාගෙ ආදරේ වෙනදටත් වඩා දැනෙන්න ගන්නකොට තාලෙ නැති හැපි බර්ත් ඩේ එකට ගොත ගහන මගෙ කටහඩ එකතු උනා......
සුභම සුභ උපන්දිනයක් මගෙ ඇබිත්තම.....
තනි අතින් කේක් එක අල්ලන් උන්න එයා මගෙ නලලට තියපු හාදුවත් එක්ක මම එයාට තුරුල් උනා...ආදරෙන් හාදුවක් තිබ්බා ....කේක් කෑල්ලක් එයාට කැව්වා.......
එතන ආදරනීය බව හුගක් තිබුනා......
අපිට ජීවිතේ මග ඇරුනා....
අපිට අපිව අතෑරුනා.....
ඇත්ත...රෝමාන්තික බව ගාව ..සමහර තැන්වලදි සංධීර්ට ඒ දේවල් අලුත් උනා...ඒකට එකම හේතුව....සමර බොලද වැඩ වලට එයා වයසින් වැඩී කියලා එයාම හිතුවා උනත්....ඕනම මනුස්සයෙක් ඇතුලෙ පොඩි ලමයෙක් ජීවත් වෙනවා කියන එක ආපහු එයාම මතක් කරන් පුලුවන් විදිහට මගෙ වයසට හරියන්න කෑගහන්න.....දගලන්න හදනකොට මම ඒ හැම දේම හරි ආදරෙන් බලාගන උන්නා....
බබා.....
මං උන්නෙ කුසියෙ පැන්ට්‍රිය උඩ ඉදගන...එයාගෙ බර්ත්ඩේ කාර්ඩ් එක ආය ආයම කියව කියව....
කොච්චර කියෙව්වත් මට මදි.....
දවසෙන් බාගයක්ම ගෙවුනෙ අපේ ගෙදර ........හරි වචනෙන් අපෙ මහ ගෙදර .....සංධීර්ගෙ නැන්දම්මගෙ ගෙදර
රැයෙන් බාගයක් ඇහැරන් උන්න....ඉටිපන්දම් නිව්ව....පුමබපු බැලුමක් දෙකක් එක්ක සෙල්ලම් කරපු එයයි මායි මහ පාන්දර ජාමෙක ආයම නිරුවත් වෙලා ගියා....පැය ගානක් හති වැටෙනකන් සෘංගාරය විදපු....සමහර තැන් දරාගන්න බැරිව කෙදිරි ගහා අඩපු මාව එයා කවදාවත් නැතිව වඩාගත්‍තා ...
මගෙ දෙවියනේ....
මං කෑ ගැහුවා .....
හීල්ලුවා ...
මොකද ඒ හැගීම් පතුලක් නොපෙනෙන තරමට ගැඹුරුයි.....
මං දන්නෙ නෑ...රමනයකට මේතරම් විදින්න පුලුවන් කියලා ...මං දන්නෙ නෑ සෘංගාරයක් අස්සෙ මේ තරම් ගිලෙන්න පුලුවන් කියලා.....
මං වින්දා......පුලුවන් උපරීමෙටම...එයා එක්ක මං අපේ ආදරෙ යන්න පුලුවන් උපරිම සීමා විදලා අවසානෙදි ඉර නගින්න හෝරා ගානක් තියලා එයයි මායි හෙම්බත් වෙලා ඇදට වැටුන මොහොතෙ අස් පියාගන්න තත්පරයක් තියලා බාප්පගෙන් අම්මගෙන්...තත්තගෙන් කෝල් පිට කෝල් එනකොට අවසානෙදි නින්ද නැති කරන් මම එයාගෙ නිරුවතට තුරුල් වෙලා එන හැම සුභ පැතුමකට ස්තූතියි කියපු මම යන්තන් නිදා ගන්නකොට උදේ හතත් පහු උනා...
කොච්චර පහු වෙලා නිදා ගත්තා උනත් කිව්වත් වගෙම උදේ අපේ ගෙදර ගිය එයයි මායි ආයම ගෙදර එනකොට උදේ පිපුන මල් පරවෙලා සුදු පාට වලාකුලු සීනි පුලුන් පාට වෙලා තිබුනා.....උදේ පායපු ඉර අවසානෙදි වෙන රටකට එලිය දෙන්න මුහුදෙ ගිලෙනකොට උදේටයි දවල්ටයි අම්මගෙ අතින් කාපු බෑනා ගෙදර ඇවිදින් උයන ගමන් උන්නා .....
ඉතින් ඕකයි දැන් මගෙ ජීවිතෙ.....කාලෙකට කලින් විදවපු මට දෛවය ආයම පිපෙන්න අවස්තාවක් දීලා තිබුනා . ..පොහොට්ටුව කාලෙදිම ගහෙන් වෙන් කරන් තලා දාපු....පෙති පොඩි කරපු මගෙ ජීවිතේ තැලුන තුවාල සුවකරන්න ආදරනීයම මිනිස්සු ලැබුනා....
මේ ගෙවෙන්නෙ ගොත යෙවීන්ගෙ පුනරුප්පත්තියක්.....
ඇත්ත....මං මැරිලා ඉපදුන කෙනෙක්.....
තැලුන පෙති ආයමත් මං හරි හිමින් දිගෑරියා ....
කතාවක් තියනවා....සමනලයෙක් දකින්න නම්....දළඹුවන්ට ඉඩ දෙන්න කියලා ...
කාලෙකට කලින් ....සමනල කෝශෙකින් එලියට ආව මගෙන් දලඹුවෙක් විතරක්ම දැකපු මිනිස්සු මට රිදෙව්වා...
ඒත්....මගෙ වාසනාවට තැලුන දළඹුවට හිමින් තටු දිගාරින්න තවත් ලෝකයක් හම්බ වෙනකොට .....නිකම්ම නිකන් සමනලයෙක් වෙනුවට....දුර්ලභ සමනලයෙක් තටු ගහන්න ගත්තා .....
හීනයක් ....
ආදරයක්....
ජීවිතයක් ...
කදුලු වෙනුවට හිනාවක් එක්ක ගොතයෙක් විදිහට තැලුන මං අද ගොත උනත්....විශේශ කෙනෙක් වෙලා උන්නා.....
ච...ස්ස්.....
මගෙ දැහැන බිදුනා.....සංධීර්ගෙ උපන්දින කාර්ඩ් එකත් එක්ක හුගාක් දේවල් හිතන්න ගත්තු මං උන්නෙ කදුලු විතරක් පිරුන අතීත ලෝකෙ .....පරමාණුවක් ඇවිදින් හැම දේම සුන්නත්දූලි කරපු හිරෝශිමාවෙ...
සමහර විට සරච්චන්ද්‍ර පවා නොරිකොව බිහිකරන්න හිරෝශිමාවෙ මල් පිපෙනකන් ඉන්න ඇති....බෝම්බයක් වැටුන තැනක නැත්තන් මොක්කු කබුකි බලන්නද ........??
රෝමය පවා ගිනිගත්තා ....ගිනිගත්තු රෝමය උනත්..දවසින් නැගිට්ටෙ නෑ...
කව්ද දන්නෙ...ශෝකාන්තයක් උනත් ....රෝමියෝව ජුලියට්ව ගේන්න ශේක්ශ්පියර් පවා ගිනිගත්තු රෝමය නිවෙනකන් උන්නද කියලා .......
සමහර විට ...වේදනාවක් විදින්නම ඕනා ඇති...හොදම දේවල් ලැබෙන්න.....
මං දන්නවා.....
මේ වෙනකොට හරි හිමීට සකුරාවල පෙතු දිගෑරෙනවා.
ඉතින් හෙටින් පස්සෙ පායන ඉරත් එක්ක...පෙති දිගෑරුන සකුරාමල්....කවදටත් වඩා ලස්සනට පෙනේවි.....
මං එයා දිහා බැලුවා ..මගෙ දත් පාරවල් නියපොතු පාරවල් වලට ඒ රෝස පාට ...ලා දුඹුරු පාට පිට රතු වෙලා තිබුනා....පිච්චුන කැලැල් උඩ ඇගිලි ගෙනියනකොට වේදනාවක් නැති උනත්.....ඒ කැලල් ඇහැට දකින වාරයක් පාසා මතක වේදනාවක් ගෙනාව .....
ඒ කැලැල් වලට තවම සාදාරනයක් උනේ නෑ....
ඉතින්....සාදාරනයක් නොවුන තුවාල කැලල් වේදනා දෙන එක අහන්නත් දෙයක්ද ...
කුනු ලේ පාට බතික් සරම ඇදන් උන්න සංධීර් උන්නෙ උඩට බැනියමක් නැතුව වෙනකොට පැන්ට්‍රි එක උඩ උන්න මං බිමට බැහැලා ගිහින් පිටිපස්සෙන් එයාව තුරුල් කරගත්තා .....
බඩගිනිද ....ම්ම්ම්...
හැන්ද අතේ තියාගන උන්න එයා එහෙම්ම මගෙ දිහාවත් නොබලම බඩගිනීද අහන ගමන් සෝස් පෑන් එකේ ඉදුන සොසේජ් එක හිමින් සැරේ කලවම් කර කර ඉදල "ම්ම්ම්" ගාන ගමන් මගෙ පැත්තට හැරුනා...
ම්ම්ම්..
ප්ලාස්ටික් හැන්ද උඩ රතු පාට උන මිනි සොසේජ් එකක්...
මං ආ කිව්වා .....
ඒත් එයා කෙරුවෙ ඒකට ටිකක් පිඹපු එක.....පිඹලා එයාගෙ කටෙ තියා ගත්තු එක...
මගෙ මෝඩ සංධීර් ....
මං එහෙම්ම ඇගිලි තුඩු වලින් ඉස්සුනා ...ඉස්සිලා එහෙම්ම එයාගෙ දත්වලින් අල්ලන් උන්න සොසේජ් එකේ ඉතිරි බාගෙ මං හපාගන්නකොට එයා හිනා උනා....
කිසිම වෙලාවක හිනා වෙන්නෙ නැති සංධීර් ඉදලා ඉදලා හිනා වෙනවා කියන්නෙම අවංකවම අමාවකට හද පෑව්වා වගෙ.....
කොච්චර ඇඩුවත් හරි පුංචි දේකින් උනත් කට පුරාවටම හිනා වෙන මං වගෙ නෙවෙ ඉදලා ඉදලා එයා හිනා වෙනකොට ඒ හිනාවට තුන් හිතම පිරෙනවා...ඒ හිනාවට ලෝභ හිතෙනවා.....
ඒ හිනාවට ආදරේ හිතෙනවා......
ආ...ආ....දරෙයි ...ම්ම්..මගෙ....ස්ස්...සංධීර්.......
මගෙ දිහා බලාගන හිනා වේගන උන්න සංධීර්ගෙ ඇස් දිහා බලන් උන්න මම එයාට ආදරෙයි කිව්වා....මම ඒ මුන අතගෑවා...
තව පැය ගානයි.....අද රෑ ගෙවිලා ගියාට පස්සෙ.....මට ඕනෙ සියලුම සාක්ශි එක්ක....මෙ තුවාල කැලැල් වලට සාදාරනයක් කරන්න ..... .....
කවන්නද ඔයාට.......
තුරුල් කරගත්තු කරගැනිල්ල එහෙම්ම වෙනකොට එයාට උයන්න නොදී මම වදුරු පැටියා වගේ ඒ ඇගේ එල්ලීගන උන්නා...
අට විසිපහක්....එයාට පනහක්......තාත්තෙක් පුතෙක් වගේ .....ඒත්...මේ ඉන්නෙ මම අම්මා තාත්තට පස්සෙ...සීමා විරහිතව ආදරේ කරන එකම කෙනා....පදනම් විරහිතව ආදරේ කරන එකම කෙනා......
මගෙ ජීවිතෙන් අවුරුදු ගානක්...මගෙ ආදරෙ කොටු වෙලා උන්නා....
දෙපැත්තක ඉදන් අපි දෙන්නම ආදරේ වෙනුවෙන් විදෙව්වා....
ප්‍රේම පාරමිතාවෙ නැති තරමටත් වඩා මම ආදරේ වෙනුවෙන් දරාගත්තා ...එයා දරාගත්තා ......හිරබත් ඇදපු මම වගේම එයා පිස්සෙක් උන මගෙ ගාව රැයක් දවාලක් නැතුව මගෙ පිස්සු කතා අහන් උන්නා. . රැයක් දවාලක් නැතුව පිස්සුවෙන් නඩු අහපු මගෙ ප්‍රශ්නවලට උත්තර බැන්දා...
ඉතින්...එහෙව් ආදරෙ සැනසීමෙන් විදින්න දෛවය තවත් අවස්තාවක් දෙනකොට මොන කෙහෙල් මලටද දෙවියනෙ පැත්ත ගහලා ඉන්නෙ....මං අහන්නෙ...???
ක්ක්...කවන්නකෝ...ස්ස්..සංජීර්....ච්ච්...චුචුල්....ප්..පැටියත ...බ්බ්..බයි....ග්..ගින්නක්....ඇයිල්ලනෙ........
ඇත්තට.....
.හුරතලේ....
මගෙ.....
මං කට උල් කරගත්තා ...හුරතල් වෙන්න..ආදරේ විදින්න පුලුවන් තැන වැටමායිම් නැතුවම ආදරේ හොයන...ආදරෙ විදින...ආදරෙ බෙදන එයා මම ගෙවෙන හැම තත්පරයක්ම ආදරනීයම තත්පරයක් කරගන්නකොට වදුරු පැටියා වගේ එයාගෙ ඇගේ එල්ලිලා උන්න මාව එයා ආයම පැන්ට්‍රි එක උඩින් ඉන්දවලා එයාගෙ සුදුපාට පිගානට බත් බෙදන්න ගත්තා ...
ඇත්ත...මගෙ අම්මා තාත්තා සංධීර්ට ආදරේ වෙන එක ඇත්ත...මොකද ...එයාලා දන්නවා....එයාලගෙන් පස්සෙ එයාලගෙ එකම පුතාව ඇහැක් වගෙ බලාගන්න පුලුවන් එකම කෙනා මගෙ සංධීර් විතරයිම කියලා .....
කෝ....ආගන්න.....
ස්ස්....සංජීර්....බ්බ්..බිත්තර...හ්හ්..හදන්න......
බිත්තර .....
අනපු බත් කට ගුලියක් නොකර කවන්න යනකොට මම එයාට බත් වලින් බිත්තර හදන්න කියනකොට එයා මා දිහා බලන් උන්නා....
බ්බ්..බිත්තර ....ක්ක්..කියන්නෙ.....ඇ .ඇබී....ම්...මමාට...එ...එයාගෙ....ඩ්ඩ්...ඩෝ...ඩෝ.....ක්ක්..කැව්වා...වගේ.....බ්බ්...බිත්තර ....
එයා හිනා උනා...හිනා වෙලා ආයම අර බත් කට ගුලි කරල කටට ලන් කරනකොට මම කදුලු පුරවන් ආ....ගෑවා.......
ඇයි මේ......ම්ම්...
ඇස් වල කදුලු දැකපු මගෙ සංධීර් මගෙන් ඇයි කියලා අහනවා. ..කොහොම කියන්නද...ආදරේ දරාගන්න බැරි තැන්වලදි පවා.මිනිස්සුන්ට කදුලු උනන බව....මම හිනා උනා...කදුලු අස්සෙම්ම හිනා වෙලා මගෙ තාත්තා වගෙ කියන්න පුලුවන් පරිනත ප්‍රේමවන්තයව ලගට ඇදලා ගත්තු මම මගෙ කකුල් එයාගෙ ඉන වටේ පටලවන් කටේ තිබුන බත් ගුලිය හපලා හපලා ගිලලා එයාගෙ ප්‍රශ්නෙට උත්තර බැන්දා....
"ම්ම්..මුව.....ප්ප්..පැතියත ....ද්..දුක.....හ්..හිතිලලූ...."
ඇබිතතම මගෙ......කෝ....එහෙනම්...මගෙ මුව පැටියා ආගාන්න.......
ම්ම්...ම්ම්......ම්ම්...
ඇ....ඇයි....ස්ස්...සංධීර් .....
මම උන්නෙ එයාගෙ උකුල උඩ...එයා උන්නෙ එයාගෙ කැරකෙන පුටුවෙ.......අපි දෙන්නම උන්නෙ කලින් එයාගෙ උන...දැන් අපි දෙන්නගෙම උන ඔෆිස් රූම් එක ඇතුලෙ වෙනකොට සංදීර් එයාගෙ අතෙ තිබුන දික්කසාද කේඅ එක දිහා බලාගන නලල මිරිකගත්තා ........
යෙවීන්......
ම්ම්ම්....
ඇත්තටම බඩුවක් වෙන එක ලේසිද යෙවීන්...??
අමන ප්‍රශ්නයක්....බැලූ බැල්මට ඒක මහ අමන ප්‍රශ්නයක් වෙන්න ඇති...ඒත්...ඒක..මට වත්...සංධීර්ටවත් අමන ප්‍රශ්නයක් උනෙත් නෑ...හැබැයි....සීයට සීයක් සාදාරන දෙයක් උනෙත් නෑ....මම එයාගෙ අතේ තිබුන ෆයිල් එක අතට ගත්තා..
.ක්ක්..කවදද....ම්ම්....මේක...ආ..ආවෙ....අස්...ස්ස්...සංධීර් ....
පෙරේදා.....
එයාගෙ අතේ තිබුනෙ කලින් ගනිකා වෘතියෙ යෙදුන....හැම වැරද්දකටම සමාව දීලා භාරගන්න කැමති උන....එක වහලක් යට අවුරුදු තුනක් ජීවත් උන ගනිකාවකගෙ සැමියෙක්ගෙ දික්කසාද ඉල්ලුමක්....
දික්කසාදයට හේතුව.....
සැකය...ප්‍රදානම හේතුව සැකය....
ළමයි ඉන්නවද....
ඔව්.....පලවෙනි දරුවට අවුරුදු එකහමාරයි ....
මම කල්පනා කෙරුවා ....මෙතන තියෙන්නෙ මිනිහගෙ පැත්ත...කෝ ගෑනිගෙ පැත්ත.....
ස්ස්...සංධීර් .....ම්ම්..මේ...මිනිහගෙ.....ව්..වයිෆ්....ගෙ...ල්ල්..ලෝයර්....ක්ක්..කව්ද.....
මම එයා දිහා බලාගන ඒ ගෑනිගෙ ලෝයර් කව්ද අහනකොට දන්නෙ නෑය කියන්න උරහිස් ඇකිලුවා...සමහර විට ගෑනිට ලෝයර් කෙනෙක් අල්ලන්න වත් කමක් නෑ වෙන්න පුලුවන් .....
මං එයාගෙ උකුලෙන් බැස්සා..බැහැලා ලාච්චුව ඇරල ඩන්හිල් පෙට්ටියෙන් සිගරට් එකක් අරන් අවුලගන්න කොට එයත් අවුල ගත්තා.....
එයා ෆයිල් එක අතේ තියන් බලන් ඉන්නවා.....එයාගෙ නඩුව හෙට තියාගන එයා අනුන්ගෙ නඩු ගැන බලනකොට දුම් උගුරක් ඇදපු මම කාමරේ.පුරාවටම එහා මෙහා ගියා...ගිහින් අවසානෙදි සංධීර් දිහා බැලුවා....
ස්ස්....සංධීර් .....
ම්න්....
ම්ම්...මට....එ...එයාගෙ.....ව්ව්...වයිෆ්ගෙ....න්න්..නම්බර් එ...එක...දෙන්න...
යෙවීන්....
ම්ම්....මන්...කැමති...ස්ස්...සල්ලි....න්න්.නැතුව...ක්ක්..කේස්...එක....බ්..බාර....ග්..ගන්න....
මම හිනා උනා...සංධීර් මා දිහා බලන් උන්නා...එයාම කිව්වා...දවසක් ඒවි...එයයි මායි...එක නඩුවක් දෙපැත්තට බෙදිලා නඩුවක් කතා කරන කියලා .....ඉතින්....ඒ නඩුව...මේක.....
මම සිගරට් එකෙ දුම් අලු ඈශ් ට්‍රේ එකට දලා මේසෙ හරහා සංධීර්ගෙ මූනට බර උනා....
ස්ස්....සංධීර් .....ම්ම්....මේකෙ...හ්හ්..
හැටියට....ඌ...ග්ග්....ගෑනිව.....ද්ද්...දික්කසාද....ක්ක්..කරන්න....ප්...ප්‍රදානම....හ්හ්..හේතුව.......".සැකය"
ම්න්....
හ්හ්..හරි.....ඒක...ම්ම්....මිනිහගෙ....ප්ප්.
පැත්තෙන්...ග්ග්..ගත්තොත්....ස්ස්..සාදාරනයි.....
මං..ආයම ෆයිල් එක අතට ගත්තා ...අරන් එයාගෙ අකුරුවලින් ලියවුන මිනිහගෙ පාපොච්චාරනෙ දෙපාරක් තුන්පාරක්ම කියෙව්වා.....එයා බලන් උන්නා...මම මොනවද කියන්න හදන්නෙ කියලා බලන් උන්නා...අවසානෙදි මම ෆයිල් එක මහ සද්දෙට මේසෙ උඩට අතෑරියා ....
ස්ස්...සංධීර් ...ඒ..ඒක...නායක...ම්ම්..මං..මේ...න්න්...නඩුව.....අ..අනිවාර්යයෙන්ම
...ද්ද්..දිනනවා.....න්න්..නිකන්...නෙවෙ.....ත්ත්..
තමුන්ගෙ....ස්ස්..සේවදායකට...මගෙ....ස්ස්..සේවාදායිකාවට...ගෙවන්න...ව්..වන්දි....මුදලකුත්...එ..එක්ක....
එයා හිනා උනා...
මම මේ නඩුව අනිවාර්යයෙන්ම දිනනවා කියනකොට එයා කට කොනින් හිනා වෙනගමන් දුම් උගුරක් ඇද්දා.....
කොහොමද දිනන්නෙ...ම්ම්ම්

.......
ඇබිත්තම....මම කතා කරපු....කිසිම නඩුවක්....මම පැරදිල නෑ.....
ඒ...වගේමයි.....ම්ම්...මාත්....මම.
.ක්ක්..කතා...කරපු....ක්..කිසිම...නඩුවක් ....ප්ප්..පැරදිලා...නෑ....
මං අහන්නෙ කොහොමද උඹ දිනන්නෙ....ම්ම්..මේ...සංධීර්ව පරදලා.....?
ම්ම්..මිස්ටර් ....ස්ස්..සංධීර් ...ම්ම්..මිස්ටර් ...සංධීර්...ප්ප්..පලවෙනි.....ක්..කාරනාව ....මම...ඇ..ඇවිත්....ස්ස්...සංධීර්ගෙ....ඇ.ඇබිත්තම...හ්හ්..හරි.....උ..උඹ...ප්..
පැරදිලා....න්න්..නැතිනම්....මම.....පරඩ්ජින්න.....ව්..විදිහක්....ක්..කොහෙත්ම....
න්න්....නෑ....ම්ම්ම්
ඒත් ගනිකා වෘතිය නීති විරෝදීයි යෙවීන්.....
ම්න්....ඇ.ඇ..ඇත්ත...න්න්..නීති....ව්..විරෝධීයි......ඒත්...ම්ම්...මිනිහගෙ.....ප්ප්..පාපොච්චාරනෙ හ්හ්..හැටියට.....උගෙ.....ක්ක්..කසාද....ග්ග්..ගෑනිව.....හ්..හම්බෙලා....
ත්ත්...තියෙන්නෙත්.....ඌ...ඌ
..ගිය....ම්ම්..මඩමකින්....ඒ..ඒකම...ම්ම්..මදිද....ස්ස්...සංධීර් ...මට...දිනන්න...ම්ම්ම්....??
එයා හිනා....උනා....එයා හිනා වෙනකොට මම ආයම සිගරට් අලු ට්‍රේ එකට දැම්මා.....
ඒත්...කසාදයක් ඇතුලෙ ඉන්නකොට ...ආපහු පිට යනවා කියන්නෙ...ඒක....ඒක පිලිගන්න අමාරුයිනෙ.....යෙවීන්...දැන් මෙ ගෑනි බැදලා...දරුවෙක් ඉන්නවා.....තමන්ගෙ මනුස්සයා පිලිගත්තු ඇඟලුම් ආයතනේක සුපර්වයිසර් කෙනෙක්.....මිනිහා හොයලා කන්න බොන්න දෙනවා නම්.....
ම්ම්..මම....ව්..විරුද්දයි.....ස්ස්...සංධීර්.....ඕ..ඕක....ත්ත්...තනිකර...ස්..සැකයක්....උ..උඹ...ල්ල්..ලියපු...හැම...වචනයක්ම....ඉ..ඉවර...කරලා....ත්ත්...තියෙන්නෙ" ලූ" අකුරෙන්....ඒකි...ම්ම්..මෙහෙමලූ....ග්..ගියාලූ....අ..ආවලු...ද්ද්...දැක්කලූ.....
........
එ..එතකොට ....ඕක.....ස්ස්..සැකයක්...
විතරයි....ස්ස්...සාක්කි....පදනම්.....ර්..රහිත.....ස්ස්....සැකයක්....ව්..විතරයි ...ස්ස්...සංධීර් ....උ..උඹ....ජ්ජ්..ජීවිතේ.....ප්ප්..පලවෙනි....ප්ප්...පාරට....න්න්..නඩුවක්....ප්ප්..පරදිනවා...ඒ....ඒ...මට...
ව්ව්..වෙනමොකටවත් ....න්න්..නෙවෙ...ම්ම්..මිනිහට....ග්ග්..ගෑනිව...ස්ස්...සැක...ග්ග්..ගෑනි....ක්ක්..කලින්....ග්ග්...ගනිකාවක්....හ්හ්..හන්දා.....
හ්හ්..හැබැයි.....ග්ග්..ගෑනිටත්....ඔ..ඔය...ස්ස්....සැකේම....එ..එන්න...ප්ප්..පුලුවන් ....ග්ග්..ගෑනි....හ්හ්..හිතුවොත්.....ත්ත්...තමන්ගෙ....ම්ම්..මිනිහා...ත්ත්..තමුව.....ද්ද්..දැක්කෙ.....ග්ග්..ගනිකා....ම්ම්..මඩමක...න්න්..නම්.....ත්ත්...තාමත්..... ඒ ව්ව්..විදිහටම මඩම්...අ..අස්සෙ ස්ස්...සල්ලාල....ක්ක්..කමේ....යනවයි....ක්ක්..කියලා.....ම්ම්ම්ම්....එ..එතකොට....ඒක......??????
මේ පාර මම හිනා උනා....කලින් පාර හිනා උනේ සංධීර් වෙද්දි මේ පාර හිනා උනෙ මම වෙනකොට සංධීර් ලාවට ඔලුව වැනුවා.....මේ පාර තමයි නඩුකාර හාමුදුරුවන්ටත් උන ගැනෙන්නෙ...
බිබී උන්න සිගරට් එකේ අවසානම හරිය උරවපු මම ඒක වෙට් ස්පොන්ජ් එකේ ඔබලා ඈශ් ට්‍රේ එකට දානකොට සංධීර් අර ෆයිල් එක දිහා බලන් උන්නා වගේම මම ෆයිල් නැතුව මගෙ පැත්තට ඕන කරන දේවල් හිතින් හදන්න ගත්තා.....
ඇත්තටම බඩුවක් වෙන්න ලේසිද.....
සංධීර්ගෙ ප්‍රශ්නෙත් එක්ක මට මතක් උනේ ශශික සන්දීප්ගෙ කවියක් වෙනකොට මං ඇත්තටම බඩුවක් වෙන එක ලේසිද කියලා මගෙන්ම ඇහුවා.....
අමාරුයි .....
පලවෙනිම දේ මට දැනුන විදිහට අමාරුයි.......
නොදන්න මිනිහෙක් ගාව නිරුවත් වෙන එක..දකින එකාට ලේසි උනාට.....ඒක ඒ ගෑනිගෙ ආත්මෙට වේදනාවක් වෙන්න ඇති...මොකද...උඩින් පෙන දෙතන ඇරුනම...මොන යකාද ඇතුලෙ තිබුන හදවත දැක්කෙ.....
ඇරත්...මිනිහට ගෑනිව සැකලු.....
ඌට ගෑනිව සැක ඌට හිතෙනවලු ඌ නැති අතර ගෑනි වේසකමේ යනවා කියලා.....
මේ මොන වදුරුකුනුහර්පද අයිසෙ....එතකොට ඌ....ඌ ශුද්දවන්තයා....ඉතින් යකො...ඌ ගෑනිව හොයා ගත්තෙත් එ මඩමට ලගින්න ගිය දාකනෙ....
..ගෑනිත් හිතුවො ඒකම....මූ මාව හොයා ගත්තෙත් ඒ මඩමෙන්මයි...
එහෙව් එකේ...මූ තාමත් මඩන් අස්සෙ ලගිනවද කියලා ගෑනිට සැකයි කිව්වොත්.....?? එතකොට ඒක....ඒක් සාදාරනද....?????
.........
මම සංධීර් දිහ බැලුවා...සංධීරයා කපටියා ...උඹට ඕනෙ මගෙ කටින් මගෙ නිගමන එලියට අරගන එදාට මට ඇප නැතිවෙන්න කතා කරන්න...නෑ..නෑ...සංධීර් ....උසාවිය ඇතුලෙ....මට උඹ එක්ක ඇයිහොදැයියක් නෑ....
මං ආයම හැරුනා........
බඩුවක් වෙන්න ලේසිද....????
මං ආයම මගෙන් ඇහුවා...ඇති පදම් ගහලා ගහලා දාපු කොන්ඩම ගලවලා ඩස්ට්බින් එකට දාලා අවසානෙදි මොනරපිල් දෙකතුනක් මූනට විසිකරලා යනකොට ....කව්ද දන්නෙ...ඒකි ඌට යට වෙනකොට ඒකිත් කාගෙ හරි ගෑනියක් වෙන්න තිබුන නම් කියලා හිතින් ප්‍රාර්තනා කරනවද කියලා ...
හැමදාම නානප්‍රාකාර උන්ට යට වෙනකොට ඒකිත් ප්‍රාර්තනා කෙරුවද කව්ද දන්නෙ එකම මිනිහෙක්ට විතරක් සදහටම සින්නකර වෙන්න ඇත්නම් කියලා .......
මිනිහෙක්...දරුවෙක්...අවසානෙදි පවුලක්...ඒවා ඒකිගෙ හීන වෙන්න ඇති.....කවුරුත් උපතිම්ම මම වෙසගනක් වෙනවා කියලා හිතන් ඉපදෙන්නෙ නෑනෙ.....ඒකිට ඒ තැනට එන්න....කොහේ ලෝකෙක හරි පිරිමි පරානයක් පාර කපන්න ඇති......නැත්තන් ගෑනු මොකටද බඩු වෙන්නෙ.....?????
හැමෝම එනවා.....පැය ගාන වෙන් කරනවා .....ඇදුම් ගලවනවා.....ඉහ වහ ගියපු ආසාවන් මවාගත්තු හැගීම් වලින් වහන් කරන් හැමදාමත් එක එකාගෙ බර උහුලන ඇද උඩ දමාගන අර ගෑනිගෙ රෝම කූපයක්...එකම එක රෝම කූපයක් අතනෑරම තලලා තලලා....එවුන්ගෙ ඇට නැති සව් ගියාට පස්සෙ අර දුක අහන අයියා චරිතෙට පන පොවන්න හදනවා.....උපාසක චරිතෙට පන දෙන්න හදනවා...මීට කලින් උන්නෙ ඒකා වේඩි කාපු ඌරා වෙලා නම්..යන්න තිබ්බ ටික ගියාට පස්සෙ ඌ තනිකරම මන්දකට අහු උන මුවා වෙනවා....ඒ තරම් අහිංසකයි.......අහිංසකයි මං බබෙක් වගෙ තොත්ත වෙනවා.......
ඔතනින් පස්සෙ තියෙන්නෙ ගෑනි ඇගට ඇද රෙද්ද පටලවගන්න කෑල්ල.....අරූ සිගරට් එකක් අවුලගන සිවිලිම දිහා බලාගන ගෙදර ගෑනිව මතක් කරන....දරුවො මතක් කරන කොටස.......
ඌට මතක් වෙනවා....උපාසක බලලා වැහෙනවා.....ඔතනින් පස්සෙ පටන් ගන්නෙ අර සාම්ප්‍රදායික දෙබස් මාලාව....
ඇයි නංගි ඔයා මේ වගෙ දෙයක් කරන්නෙ....
ආස නැද්ද ලස්සනට ජීවත් වෙන්න.....
ආස නැද්ද....පවුලක් පන්සලක් වෙන්න...දරුවෙක් හදන්න......
මට සුලෝචනා රගපාන පෙටූනියා මතක් උනා...හරි ශෝර්ට් ගිල්ම් එකක්....ඒකෙත්.....සුලෝචනා එක්ක නිදිවැදපු එකා ඒකගෙ ඇගෙ හයිය ඒකිගෙ කකුල් මැදින් යවල යවලා අවසානෙදි හැම දෙයිම්ම නිදහස් උනාට පස්සෙ අහනවා කොච්චර කල්ද .....ඇයි මේක කරන්නෙ....ඔයාට පුලුවන්නෙ හොද කෙනෙක් බදින්න....ලස්සන තියනවා.....ඔයා sex වලට දක්ශයි....අරකයි මේකයි.....
හැබැයි...ඌ හැම දේම ඇහුවෙ....ඒකිත් එක්ක නිදිවැද්දට පස්සෙ ....
ඌ විතරක් නෙවෙ ....හැමෝම ඔය කතාව අහන්නෙ....නැගපුවා බැස්සට පස්සෙ....හැබැයි..ඔය එකෙක්ට බැරි උනා.....කරන්න කලින් අහන්න....
කොහෙ අහන්නද.....උන් එන්නෙ ඒකටම.විතරක් වෙනකොට .......
අවසානෙදි සුලෝචනා අහනවා...මාව කසාද බදින්න කැමති නැද්ද කියලා ...අම්මටහුඩු...අරූට ගිනි පත්තු වෙනවා....අර මුනෙ තිබුන හැම හැගීමක්ම ඇහිපිය ගහන තත්පරෙන් වෙනස් වෙනවා....
ඇයි ඔයාට බැරි මෙහෙම වෙන්න....අරහෙම වෙන්න.....ඔයාට ලස්සන තියනවා... ගගා නැහුන එකා...එක පාරම ඇදුම් අදිනවා....
කිව්වත් වගේ.....ඌ අහනවා ඇයි බදින්න බැරි .....ලස්සන තියනවා අරක තියනවා මේක තියනවා කියලා ....හැබැයි.....උඹ කැමතිද මාව බදින්න ඇහුවොත්.......
එතනදි උන් ගොලු වෙනවා...
එතනදි උන් ඇත්තටම ගොලු වෙනවා....
මොකද ....අහන්නෙ කට වචනෙට මිසක්...ඇත්තටම නෙවෙ.....
ගෑනුන්ට ඒ ලෝකෙන් මිදිලා යන්න ඕන කම තිබුනත්...
කව්ද මං වෙනුවෙන් ඉන්නෙ කියන ප්‍රශ්නෙ එක්ක උන් ආයම පරන තැනට වැටෙනවා....
මං හිතන්නෙ....පිරිමි අපියි ගනිකාවක් නිර්මානය කරන්නෙ.....
මෙතනත් වෙන්නෙ ඒක.....උගෙන් අහන්න ඇති උඹට මාව බදින්න පුලුවන්ද කියලා .....පූරුවෙ පිනකට....ද.....නැද්ද මන්දා...ඌ බදින්න කැමති උනා...ඒත්...මෙ ඉන්නෙ තමුන්ගෙ කසාද ගෑනි මේ ඉන්නෙ මට ආදරේ කරන...මම ආදරේ කරන ගෑනි කියන දේ සීයට දාහක් උගෙ හිතේ තිබුන් නෑ....ඒ ගෑනි ඇත්තටම හැදෙන්න ඇති .....ඌට ආදරෙ කරන්න්න් ඇති....ඌ වෙනුවෙන් උගෙ ධාතුව උහුලන්න ඇති....ඒත්....ඒත්.....උගෙ හිතේ එක කොනක මේ ඉන්නෙ ගනිකාවක් කියන කලු පැල්ලම අනිත් ඔක්කොටම වඩා ඌට ලොකුවට දැනෙන්න ඇති......
මම නැති අතර මේකි යයිද....
මේ ළමයා පවා මගෙ නෙවෙද.....
එතකොට ...එතකොට .....ඌත් සල්ලාලයෙක් නෙ....ගෑනිත් ඒ පැත්තෙන් හිතුවොත් ....කව්ද දන්නෙ...කී දෙනෙක් එක්ක මු ගියාද කියලා ....එතකොට ..ඒක....ඒක හරිද.....
නැ.....අපි ගෑනිට අවස්තාවක් දෙන්න ඕනා....පොතක තරම කවදාවත් කවරෙන් මනින්න එපාය කියන්නෙ කටකහනවට නෙවෙ...
මං ලොකු හුස්මක් අරන් ජනේලෙන් එලිය බැලුවා...මුලු රෑ අහසම තරුවලින් වැහිලා තියනකොට මාසෙ පෝයට පායපු හද වටකුරුවට ඒ තරු මැද උන්නා.....හරියටම අන්තඃපුරයක් මැද ඉන්න රජෙක් වගේ.....
මම එහෙම්ම මගෙ සංධීර් දිහ බැලුවා..එයා පෑනක් කරකව කරකව ෆයිල් එක දිහා බලන් ඉන්නකොට මම ලගට ගිහින් ෆයිල් එක අරන් වහලා දැම්මා...
ද්ද්...දෙයක් අහන්නද...
ම්න්.....
මට අහන්න ඕනා.උනෙ එක දෙයයි.....සුලෝචනාගෙන් අර නිනිහා අහපු ප්‍රශ්නෙ විතරමයි....
ස්....ස්...සංධීර් ....හ්හ්..හැමෝම...අහන්නෙ...ඇ..ඇයි....ඔ..ඔයා...මෙක...ක්ක්..කරන්නෙ....ඇ...ඇයි....ඔ..ඔයාට...බ්බ්...බැරි.....හොද...ක්ක්..කෙනෙක්....හ්..හොයන්...ක්ක්..කසාද...බ්බ්..බදින්න.....ක්ක්..කියලා ........
ම්න්....
ඒත්....ක්ක්..ඒඑ.කවුරුත් ...ක්ක්..කවදාවත් ...ක්ක්..කියන්නෙ..නෑ.....ඔ..ඔයාට....ප්ප්..පුලුවන් ම්ම්..මාව්...බ්බ්..බදින්න කියලා .....
ම්න්....
ස්ස්...සංධීර් ....එ..එහෙම....ග්ග්...ගෑනු...කෙනෙක්....ඌ..උඹගෙන්....ඒ...ප්‍රශ්නෙ.....ඇ. .ඇහුවොතින්....උ..උඹ...මොකක්ද.....ක්ක්..කියන්නෙ...මගෙ....ස්ස් ...සංධීර් .....???
එයා බලන් උන්නා....තත්පරයක්...දෙකක්........තුනක්.....
හා කියනවා......
......
මම එහෙම ගියානම්....ඔය ප්‍රශ්න ටිකම මම ඇහුවා නම්.....ඒකිට මාව් බදින්න ඕනා කිව්වා නම්...මම හා කියනවා.....
ඒත්.....මට ඒක කියන්නවත්...එහෙම කරන්නවත් අවස්තාවක් නෑ.....
මොකද....මං....කවදාවත් සල්ලි වලට යන එකෙක් නෙවෙ....
දෙවනි එක...මම දැනටමත් ආදරේ කරන එකෙක්.....මට යන්න අවස්තාවක් කවදාවත් එන්නෙ නෑ.....උඹ මේ නඩුව දැනටම දිනලා ඉවරයි යෙවීන්.....ඒත්....එච්චර ඉක්මනට මාව විස්වාස කරන්න එපා...මොකද....අර...."ලූ" කියලා ඉවර වෙච්ච තැන්....ඒ ගෑනි එහෙම කෙරුවා කියන තැන්වලට පෙරෙලෙන්නත් පුලුවන් ...
මම හිනා උනා...හිනා වෙලා එයාගෙ නිකටට හාදුවක් තියනකොට එයා ටේබල් ලෑම්ප් එක් නිවලා.මගෙ කම්මුලට හාදුවක් තිබ්බා...
නිදාගමු .....මගෙ ඇබිත්තමට මහන්සී....
ස්ස්...සංධීර් .....
ම්න්...
මන් උන්නෙ එයාගෙ අත උඩ.....නිදාගමු කියලා මාව එක්ක ආව එයා හැමදාම වගේ මාව එයාගෙ අත උඩ තියාගන තුරුල් කරන් උන්නා.....තත්පරෙන් තත්පරෙ ගෙවෙනකොට කොහොන්දෝ ආව් නිදිමත අද වෙනදටත් වඩා දැනෙනකොට එයාගෙ තුවාල කැලලක් උඩින් අත තියපු මට මං උඹව අනිවාර්යයෙන්ම දිනවනවා කියලා කියන්න ඕනා උනත් ඒක කියාගන්න බැරිව මගෙ ඇස් දෙක පියවෙනකොට සංධීර්ගෙ හාදුවත් එක්කම මට තදින්ම නින්ද ගියා.....
*
*
*
*
ස්වාමිනි...මාගෙ සේවාදායකයා කිසිම විටක....මේ විරුද්ද පාක්ශික...ඒ වගේම නීතීඥ ස්ංධීර් ඒකනායකව මරාදැමීමට උත්සහ කලේ නැති බව ඔහු වෙනුවෙන් මා පුන පුනා කියා සිටින අතර...මීට වසර කිහිපයකට උඩදි ඔහු මත්‍රද්‍රව්‍ය...
මගෙ කටේ කෙල හිදිලා ගිහින් තිබුනා....විත්ති කූඩුවෙ ඉන්න සංධීර්ට මමත්...අනිත් පැත්තෙන් ඉන්න සිල්වට සද්දහමංගලත් කතා කරනකොට සිල්වගෙ එකා පැන පැනම කිව්වෙ මගෙ සංධීර්ව එක පාරකුත් මත්‍කුඩු ළඟ තියාගන ඉදල හිරබත් කෑවා වගේම මේකත් එයා මතෙන් ඉන්නකොට තමන් නොදැනුවත්ව හරි...තමන්ගෙ අත්වැරදීමකින් හරි ඇවිලෙන දෙයක් පෙරලගන අනතුර කරගත්තා කියලා ....
මම මගෙ සාක්කුවට අත දලා ලේන්සුව අරන් නලලට මතු වෙලා තිබුන දාඩිය පිහ දැම්මා.....
උදේ පායපු ඉරත් එක්ක නැගිට්ටෙ කට කඩාගන හරි කෑගහලා එයා වෙනුවෙන් සාදාරනයක් කරල දෙන පොරොන්දුව පිට වෙනකොට මම මේ වෙනකොට වතුර ලීටර් තුන හතරක් වත් බීලා තිබුනා....
කට ඉදිමුන සිල්වට කතා කරගන්න බැරි වෙනකොට සද්දහමංගලයා උගෙ කටට එන හැම බොරුවම ගානක් නැතුවම කියලා දැම්මා වගේම ගොත ගහලා මහන්සි මා දිහා බලලා ආයම නඩු කාර හාමුදුරුවො දිහා බලනකොට මම සෑහෙන්න වෙලාවක් කට පියන් උන්නා....
නීතීඥ යෙවීන්.....ඉතින්...තවත් මාගෙ සේවාදායකයා වෙනුවෙන්ගොනු කරපු බොරු සාක්ශි තියනවද.....
මගෙ ලගට ආව සද්දහමංගලයා දැනටමත් නඩුව දිනපු එකාවගෙ මුනු මුනු ගානකොට මම සංධීර් දිහා බලලා එයාට කලබල වෙන්න එපා කියනකොට මම ඔලුව උස්සලා නඩුකාර හාමුදුරුවො දිහා බැලුවා....
ග්ග්..ගරු ...ස්ස් ස්වාමීනි...සැබෑව...ක්.....ම්ම්..මාගෙ..
විරුද්ද පාර්ශවයෙන් කියූ....ද්..දෙය....ස්..සැබැවක්....නමුත්....එ..එය....සී..යට....ස්ස්...සීයක්ම...න්..නොවෙ .....
ඇත්ත.....ම්ම්..මේ...ඉන්න්න..ස්ස්...සංධීර් ඒ..ඒකනායක.....ව්ව්...වසර....ක්ක්..කීපයක...ස්ස්.සිර....ද්ද්..දඩුවම්.....ව්..වින්දා.....ඒ...ම්ම්..මත් ද්‍රව්‍ය ල්ල්...ළඟ.....ත්ත්...තබා....ග්..ගැනීම...හ්හ්..හේතුවෙන් ......
මත් ද්‍රව්‍ය ළඟ තබාගැනීම හේතුවෙන්...ඒ කියන්නෙ..ළඟ තබාගැනීම හේතුවෙන්ම පමනයි....
ඔව්....ඒ..ඒ..හ්හ්..හේතුවෙන්....ප්ප්..පමනයි.....ක්ක්..කිසිම...ව්..වෙලාවක.....ඔ..ඔප්පු....උනේ...න්න්..නෑ...මාගෙ...ස්ස්..සේවාදායකයා....ම්ම්..මත්‍රද්‍රව්‍ය ..ව්ව්..ව්ව්..වලට....ඇ .ඇබ්බැහි....ව්ව්...වූ...අ..අයෙක්..ක්ක්..කියලා.....
ග්ග්..ගරු...ස්ස්..ස්වාමීනි....ම්ම්..මාගෙ..සේවාදායකයා ...ම්ම්..මත්‍රද්‍රව්‍ය ...ල්.
ළඟ....තබා...ග්ග්..ගත්තා...පමනයි.....න්න්..නමුත්...එය....පො..පිටස්තර....ල්ල්..ලෝකයට....පෙනෙනෙ...ද්දේ..ම්ම්..මිසක්....ඇ..ඇතුලාන්තය....න්..නොවේ...ස්ස්...ස්වාමීනි......
මම සද්දහමංගලයව පහුකරන් ඇමතියා දිහා බැලුවා....ඒ හක්ල අලි හක්කක් වෙලා....මත් ද්‍රව්‍ය ළඟ තියාගත්‍ය්හෙ බොන්න නෙවෙද ..එහෙනම් ඒ මොකටදද ගගා අරූ පැන පැන එකම දේ කියනකොට කට වහ උන්න මම මගෙ පාඩුවෙ කතා කරනකොට මං බලාගන සංධීර් ලී වැට නියපොතු වලින් සූරන ගමන් උන්නා....
එයාගෙ අම්මා...අක්කා.....ලෝගුව ඇදන් උන්න අමේලි.....යහපතා ...මගෙ අම්මා තාත්තා ..මේ හැමෝම බලන් ඉන්නකොට මම ඒ මත්ද්‍රය පැකට් එක සිල්වා දාපු එකක් කියල කියනවත් එක්කම අරු මම විරුද්දයි කියලා කෑගහන්නත් කලින් සිල්වා කට ඇරගන්න ගිහින් වේදනාවෙන් කෑ ගැහුවා.......
ඇ..ඇත්‍තෙම්ම...ඒ....මත්...කුඩු...ප්ප්..පැකට්ටුව...අමාත්‍ය.....ස්ස්...සිල්වා...ම්ම්.මහතාට....අ.අයිති...ව්..වූවක්....ස්ස්..ස්වාමීනී.....ඔ..ඔහුට....අ..අවශ්‍ය...ව්..වී....තිබුනේ...ම්ම්..මාගෙ....ස්ස්..සේවාදායකයා .....ක්ක්..කොටු..ක්ක්..කරගැනීමට...ම්ම්.මාගෙ...ස්ස්ස්..සේවාදායකයාක්....මත්ද්‍ර්ව්‍ය ...ව්ව්....වලට....ඇ..ඇබ්බැහි.....ව්ව්...වූ..අයෙකු...න්න්..නොවන...බ්බ්..බවට...ස්ස්..සාක්ශි....ඉ..ඉදිරිපත්...ක්ක්...ක්ක්..කිරීමට...මා...ක්ක්..කාරුනීකව....ඉ..ඉල්ලා...සිටිමි.......
මම හුස්ම ගත්තා..අරූ අරහෙන් චක් බක් ගගා...ඌ දැන්මෙ නෑ ගගා දගලනකොට හිරේ යන්න කලින් ඉදන් ප්ලෑන් කරන් තිබුන විශිහට සංධීර් ගෙ ලෙ රිපෝර්ට් එදා ඉදන් අද වෙනකන් එව්වා මම නඩුකාර හාමුදුරුවන්ට දෙනකොට ඒක බලලා නඩුකාර හාමුදුරුවො ලාවට ඔලුව වනනකොට මම ඊලග සාක්කිය ගෙන්නන්න අවසර ඉල්ලුවා....
ඒ මගෙ සංධීර්ව කොටු කර ගන්න කුඩු දැම්මයි කියන අතුන් හදපු සාක්කි කාරයව විත්ති කූඩුවට නග්ගන්න.......
දොර ඇරුනා...එදා වේල හියන්කන අසරන දුප්පත් පෙනුමක් වගේම...මත් වතුරට ඇබ්බැහි උන එකෙක් කියලා බැලූ බැල්මට මූනෙන් කියන්න පුලුවන් එකෙක් විත්ති කූඩුවට නැගලා නේ කියන්නෙ බොරුවම් නෙවේ කියල දිවුරලා බොරු කියන්න ගන්නකොට මම සිල්වා දිහා බලාගන උන්නා....
එ..එදා....ම්ම්...ම්මොකක්ද....උ...උනේ......
මම බෙබදු මාස්ටර් දිහා බැලුවා......
එදා....හවස....පහට විතර ඇති....මහත්තයො මම කරන්නෙ පොල් කඩන එක....
ඉ..ඉතින්...
එදා දවසට වත් මට රස්සාවක් තිබුන් නෑ...රුපියලක් හොයාගන්න තිබුන් නෑ....
ඒකා දිවර දිව්ර බොරු කියන්න ගත්තා...වෙලාවට සංධීර්ගෙ ගෙදර පොල් ගස් දෙකතුනක් තිබුනෙ වෙනකොට වෙලාදෙ හැටියට බේබදු මාස්ටර්ව පොල්කඩන එකෙක් කරපු මම කලින් දවස්ටිකේ කට කඩාගන උගන්නපු පාඩම් කරවපු බොරුව ඌ ගානට කියන්න ගත්තෙ මම දුන්න මොනරපිල් වල රස්නෙට වෙනකොට නඩුවෙන් පස්සෙ තවත් කුට්ටියක් දෙන්නම් කියන පොරොන්දුව උඩ විතරක් උනා...
මම විරුද්දයි ස්වාමීනී...මාගෙ සේවදායකයා කවදාවත් ...කවම දාකවත් මෙවැනි ලද බොලද වැඩ කරන අයෙකු නොවෙයි ස්වාමීනී........මම විරුද්දයි.......
ස්වාමීනි...මම කියන්නෙ...ඇත්තක්....එදා...මේ..මහත්තයා....මගෙ අතට
මම විරුද්දයි ස්වාමීනි!!
විරුද්දත්වය නිශ්ප්‍රභා කරනවා.... ..
සද්දහමංගලය බේබදු මාස්ටර්ට කටක් අරින්න දුන්නෙ නෑ..දෙයක් කියන් වාරයක් ගානෙම කෑ ගහනකොට නඩුකාර හාමුදුරුවො අවසානෙදි විරුද්දත්වය නිශ්ප්‍රභා කරලා මගෙ නලුවට රගපාන්න අවස්තාව දෙනකොට ඒකා කුඩු පැකට් එක හංගපු තැන ඉදලම ටක්කෙටම කියනකොට සද්දහමංගලට කට උත්තර නැතිනුනා වගේම ඒකා සැරින් සැරේම මගෙ නලුවව කටින් බය කෙරුවා උනත් මම හොයාගන තිබුනෙත් හොද ගල් ආදෙක් වෙනකොට ඌ කටට නොදැනෙනන් බොරු හැලුවා...
තමුන් ඔය කියන්නෙ ඇත්තක්ද...නැත්තන්
තමුන්ට ඔව්වා ඉගැන්නුවද....මෙහෙම කියපන්....අරහෙම කියපන් කියලා .....තමුන් හදන්නෙ උසාවිය නොමග යැවීමක් නම්....
අනේ..මහත්තයා...මැරුන දෙමව්පියො පල්ලයි...ස්..සිල්වා මහත්තයා.....මයි දුන්නෙ..මගෙ දෑහ පල්ලයි....මේ ඇස් දෙක පල්ලයි....සිල්වා මහත්තයා පල්ලයි
ස්ස්..ස්වාමීනි....මෙ කරුනු..ව්....වලින් ..පවා....ඔ..ඔප්පු...වී...යන්නෙ...මාගෙ...සේවදායකයා ...න්න්...නිරපරාදේ.....හ්..හිරබත්....කෑ...අයෙකු..බවත්...මාගේ සේවාදායකයා හට මරනිය ත්ත්...තර්ජන...ප්ප්..පමනක්...න්න්...නොව.....ඇත්තෙම්ම....ඔ..ඔහුව...ම්ම්..මරාදැමීමට....ත්ත්...තැත් කිරීම...ස්ස්..සම්බන්ද ව.....අ...අමාත්‍ය....ස්.සිල්වා...මහතාට.....විරුද්දව ....ස්ස්..සාක්කි.....ඉ..ඉදිරිපත් කිරීමට අ..අවස්තාව....ල්ල්..ලබා...දෙන...මෙන්...ම්ම්..මා...කාරුනීකව....ඉල්ලා...සිටිමි....
මට මහන්සී .....මට අද නොසෑහෙන්න මහන්සී...මගෙ උගුර සම්පූරනම වේලිලා ගිහින්....ඇමති බලේ හින්ද වගේම සල්ලි කුට්ටියෙ බර හින්දම සද්දහමංගල යා මං කියන කියන දේට කට ගහනකොට මම අවසානෙදි ගහන්න පුලුවන් ලොකුම තුරුම්පුව එලියට ඇදලා ගත්තා....ඒ වෙනමොකුත් නෙවෙ...හැමෝම මැරුනයි කියලා හිතන් උන්න..මාව නැති කරන්න හදපු OIC ව.....
කවුරුත් හිතුවෙ නෑ...කවුරුත්ම හිතුවෙ නෑ.....මැරුන මිනිස්සුන්ට පන එනවයි කියන එක මොකෙක්වත් විශ්වාස කරෙ නෑ...අතුරුදහන් වෙච්ච උන් ආයම එයි කියලා මොකෙක් වත් විශ්වාස කෙරුවෙ නෑ....
චිරි.....චිරි...චිරි....චිරි.....
රෝදපුටුවෙ රෝද කැරකෙන සද්දෙ එක්ක මුලු උසාවියම හැරිලා බැලුවා......
කාලෙකට කලින් කාකිඇදුමකින් උන්න..අද රෝඩ්බ පුටුවකට වැටිලා උන්න ඒ කාකි ඇදුම් කාරයගෙ ඇස් දෙක ගිනි පුලිගු වෙලා තිබුනා.....
OIC....
ඇමතියගෙ...OIC මහත්තයා.....
ඇමතියගෙ මූන සම්පූරනම මලානික වෙලා ගියා........
සද්දහමංගලගෙ මූනෙ ලේ හිදිලා ගියා ..සාටකේ බෙල්කෙ ඉතන් උන්න සිල්වා කාරයා සාටකෙම්ම මූන පිහිදගන්නකොට මුලු උසාවියම රෝදපුටු කාරයා දිහා බලන් උන්නා.....
යට ගහපු කේස් එකක් ආයම උඩ අදිනකොට දැනෙන්නෙ අවුරුදු ගානකට කලින් වලලපු මලකදක් ආපිට උඩට ගන්නවා වගේ හැගීමක් වෙනකොට අවුරුදු ගානක් මම නැහුනෙ මේ වෙනුන්වෙන් නේද කියන එක ආය ආයම මට මතක් වෙනකොට මම බලන් උන්නා.....
සිවිලිමක් නැති රට උලු තිබුන වහලෙ පත සයිස් බාල්කවල එල්ලලා තිබුන තටු තුනේ ෆෑන්වල සද්දෙ අහ්ඩ ඕනාවටත් වඩා සද්දෙන් ඇහෙනකොට මම OIC දිහා බලල මහ කුරිරු විදිහට හිනා උනා.....
අවුරුදු ගානක මගෙ මහන්සිය.....
අවුරුදු ගානක අපෙ මහන්සිය.....


OIC ම්ම්..මහත්තයා...
මම කතා කෙරුවා ...එදා ඉස්කෝලේ ඇදුමෙන් උන්න මම අද කලු ලෝගුවක් දාගන ඉන්නකොට මිනිහව රොද පුටුව උඩම මැරෙන්න ආවා උනත්...ඌට මැරෙන්න ඕන වෙලාව මේක නෙවෙ බව දන්න මම නෑ කියන්න ඔලුව වැනුවා......
මැරුන OIC......
ඇත්ත කතාව නම්...එදා ඒ පත්තු උන වෙඩිල්ල තිබ්බෙ ඒකගෙ දනහිස් පොල්කටුවට..........
ඒ ඊලග සාක්ශිය.....
ඊටත් පස්සෙ...ආයම දොර ඇරුනා......
ඊලගට එලියට ගත්තෙ නීතීඥ වරුනව....මගෙ සංදීර් වගෙ අවුරුදු ගානක් මැරිලා උන්න වරුන හදිසියේ පන ගහනකොට සිල්වව සුදු මැලි වෙලා ගියා විතරක් නෙවෙ.....දාස් ගනන් වියදම් කරලා යන්න ගියපු පන අල්ලන් බැදන් උන්න අවසානෙදි සනීප උන වරුනගෙ මාර දූතයන්ව.......
ඒ එක්කම..එදා වීඩීයෝ කරපු වීඩියෝව........
එකින් එක...එකින් එක....එකින් එක සාක්කි එලියට එනකොට මම කතා කරන්න ගත්ත....වතුර වීදුරුවක් එක හුස්මට බීපු මම සද්දහමංගලව සම්පූරනම ගොලු කරල දැම්මා....
මෙච්චර වෙලාම.මට පන්න පන්න පහර දුන්න....සද්දහමංගලව මේ ගොතයා ගොලු කරලා දැම්මා......
.ග්ග්..ගරු ...ස්ස් ..ස්වාමීනි.....අදින්...ව්ව්.වසර ගනනාවකට පෙර...මාගෙ....ස්ස් සේවාදායකයාව මරා..දැමීමට....ත්ත්..තැත්...ක්ක්..කලේ...ඔ..ඔහුව....න්..නිර්ද්‍රාවට.....ප්ප්..පත්...ක්..කිරීමකිනු...යි....ව්ව්....වාසනාවකට....ප්ප්..පූරුවෙ....ක්ක්..කරපු...ව්ව්..වාසනාවකට...මෙන්.....ප්ප්..පිලිස්සුම්...ත්ත්..තුවාල...ග්..ගනනාවක්...සමග...බ්බ්..බේරුනත්...ම්ම්ම්..මාගෙ...ස්ස්...ස්ස්..සේවදායකයා.....එතැන්....ප්ප්..පටන්.....නොසෑහෙන්න...විදෙව්වා....
මේ...එ..එක්...ස්ස්..සාක්ශියක්...පමනයි...ස්ස්....ස්වාමීනි...
ම්ම්..මේ...එක...ස්ස්...සාක්ශියක්.....ප්ප්..
පමනයි.....
ම්ම්...මාගෙ...ස්සේවදායකයා...ක්ක්..
කරපු....එ...එකම...ව්ව්...වරද....ය්..යුකිතිය....වෙනුවෙන්....ප්..පෙනී...සිටිමද...
ස්..ස්වාමීනි????
ම්ම්..මාගෙ...ස්ස්..සේවාදායකයා...ක්..කල...එකම....ව්..වරද....අප...යෝජනයට....ල්ල්..ලක්..උන...බ්බ්..බාල..වයස්...ක්ක්..කාරියක්...වෙනුවෙන්....පෙනි...හිටීමද ස්ස්..ස්වාමිනී???
එමෙන්ම...ම්ම්..මාගෙ....සේවාදායකයාට
..මෙන්ම.....න්න්...නීතීඥ්ඥ....ව්.වරුන...ම්ම්.මහතා....ස්ස්..සිදුකල....එකම....ව්ව්..වරද....යුක්තිය...වෙනුවෙන්....පෙනීහිටිම නම්.....ඇ..ඇයි...ස්ස්වාමිනී....රටට....න්න්.නීතියක්......ඇ..ඇයි....ල්ල්...ලමා....
අපචාර....ව්..වෙනුවෙන්....න්....නීතියක්.....??
ඒ..නීතිය...ක්ක්..ක්‍රියාත්මක...ව්..වෙන්නෙ.....බ්බ්...බලය....ඇ..ඇති...නැති....උන්...අ..
අතර.....පමනද....ස්ස්..වාමීනී....???
අමාත්‍ය....ස්....සිල්වා....වගේ...ම්ම්.මිනිස්සුන්ට...මේ..ලෝකෙ....ඕනම....ව්..වරදක්....කරලා...න්න්...නිදහසේ.....ඊ..ඉන්න..පුලුවන් ...න්න්..නමුත්...ස්ස්..සල්ලි...බලය....න්න්.නැති...ම්ම්..මිනිහා...පොඩි....ව්ව්...වරදටත්...දඩුවම්....විවි..විදින්න...ඕනේ....ඒකද....ස්ස්...ස්ස්...ස්වාමීනී...නීතිය.....??

න්න්..නීතිය....ක්ක්..ක්‍රියාත්මක ....ව්....වේන්න්නෙ.....ඇ..ඇති......න්න්..නැති....උ..උන්...අතර....ව්..විතරක්....න්න්..නම්...මොකටද....ස්ස්..වාමිනී...න්න්..නීතියක්....ම්ම්..මොකටද.....ස්ස්..සමානතාවයක්........
මම හුස්මක් ගත්තා....ආයම කතා කෙරුවා .....
ස්ස් ස්වාමීනි....අමාත්‍ය....ස්..සිල්වා...අතින්...ස්..සිදවුන....එ..එකම....ව්ව්..වරද...මේක...නොවෙ...ස්ස්...ස්වාමිනි....ම්ම්..මහජන...න්න්..නියෝජිතයෙක්....ව්ව්....වශයෙන්....ම්ම්.මිනිස්සු...බ්බ්..බලාපොරොත්තු ....ව්..වෙන්නෙ...මෙකද....ස්ස්...ස්වාමිනී??
ප්ප්..පුරුවෙ....ව්ව්.....වාසනාවට....ම්ම්..මාගෙ....සේවාදායකයා ...බ්බ්..බේරුනා.....එහෙම...න්න්..නොවුනා..නම්...
ඒ...අම්මා....ත්ත්...තාත්තට....ඒ...අ.අඩුව....ප්ප්..පුරවන්නෙ....ක්ක්..කව්ද...
ස්ස්.ස්වාමිනී????
ම්ම්..මහජන...න්න්.නියෝජිතයො...ප්ප්..
පත්..වෙන්නෙ...රටට...ස්ස්..සේවකය...ක්ක්..කරන්න...මිසක්....දූශන.....ව්ව්..වංචා....ම්ම්....මිනිමැරුම්..කරන්න්නද...ස්ස්වාමීනී...???
න්න්..නීතියනම්.....නීතිය...ය්ය්...යුක්‍තිය...නම්....යුක්තිය....සමානාත්මතාව නම්....ස්ස්..සමානාත්ම තාව...වදන....නම්...වදන....ස්ස්...ස්වාමීනි....ඇසට...ඇසත්....ද්..දතට...දතත්...ලෙයට..ලෙයත්....ජ්ජ්..ජීවිතේට....ජීවිතයත්....එහෙමයි....ත්ත්...තියෙන්නෙ....ස්ස්..ස්වාමීනි......
මෙ..ඉන්නෙ...ල්ල්...ලමා...අපයෝජකයෙක්....මේ..ඉන්නෙ....මිනීමරුවෙක්.......ම්ම්..මේ..ඉන්නෙ.....අ..අත්වල....ලෙ..ගෑවුන.....ප්ප්..ප්ව්කාරයෙක්.....!!!!
ම්ම්..මේ ඉන්නෙ.....අ..අමාත්‍ය.....බ්බ්.බලය.....ත්ත්...තමන්ගෙම ....ව්ව්....වාසියට ...හ්හ්..අහරවගත්තු.....අ..අපචාරකයෙක්....ස්...
ස්වාමීනි....
මං අවසානෙදි අතේ තිබුන ෆයිල් එක මේසෙ උඩට දැම්මා....එක මොහොතයි......මුලු උසාවියම කසු කුසු ගාන්න ගත්තා....එක මොහොතයි.....මුලු උසාවියාම දමිල සිනමාවක් උනා.....සල්ලි බලේ හින්දා කවදත් පස්ස ගහන මිනිස්සුන්ගෙ කටවල් ටිකෙන් ටික ඇරෙන්න ගත්තා.....කිසිම නඩු විභහගයක් ආපස්සට කල් නොදා ප්‍රමානයටත් වඩා තියන සාක්ශි එක්ක තීන්දුව ඉල්ල ඉල්ල මිනිස්සු කස කුසු ගාන්න ගන්නකොට හදිසි තත්වයක් එයි කියලමදෝ බන්දනාගාර පොලිසියෙන් උසාවිය ඇතුලට එනකොට මම නඩුකාර හාමුදුරුවන්ගෙන් තීන්දුවක් ඉල්ලුවා....
..එ මගෙ සංධීර් වෙනුවෙන් විතරක් නෙවෙ .....
ඒ ඇමතියා අතින් අපයෝජනේ උන එකෙක් දෙන්නෙක් වෙනුවෙන් විතරක් නෙවෙ....
කවදාවත් යුක්තියක් ඉටු නොවුන හැමෝම වෙනුවෙන් ...
සල්ලි බලේ...ඇමති බලේ ගාව පෑගෙන හැමෝම වෙනුවෙන්....
තැලෙන්න ඉන්න හැමෝම වෙනුවෙන්...
තැලුන හැමොක්ම වෙනුවෙන්.....
ගරු ස්වාමීනි...මාගෙ සේවා දායකයා හිරබත් කෑවෙ නිස්කාරනේ කියලා ආය ආයම කියපු මම එකෙක් නෙවෙ...අනුන් වෙනුවෙන්...සල්ලි බලේ වෙනුන් නිස්කාරනේ හිරබත් කන උන් ඕන තරන් වැලිකඩ ඇතුලෙ ඉන්නවයි ගගා ගොත ගැහුවා........
මන් කෑ ගැහුවා....කෑ ගැහුවා කියන්නෙ...අවුරුදු ගානක් හිතේ හිරකරන් උන්න ආවෙගෙ මම ඔලුව වන වන එලියට දානකොට මම බලාගන පොලිසිය එනවත් එක්කම ආයම මීයට පිම්බා වගේ උන මුලු උසාවියම මගෙ වචනත් එක්ක ආයම පන ගහල කුටු කුටු ගාන්න ගත්තා...
ඔව්..මිනිස්සු එකතූ උනා....
හැමදාම සල්ලි ගාව පයට පෑගෙන....
මුලුගැන්වෙන....
මුලු ලෝකෙටෙම හොරෙන් තැලුන...තැලිලා මුලු ගැන්වුන මිනිස්සු තව දුරටත් ඔලුව නමන් ඉන්නෙ නැතිව එකාට එකා එකතු උනා......
මන් හිතුවෙ නෑ...අවංකවම මම හිතුවෙ ඒවා තියෙන්නෙ දමිල සිනමාවෙ විතරයි කියලා ...මම හිතුවෙ ඒව තියෙන්නෙ හින්දි සිනමාවෙ විතරයි කියලා ......
නෑ...ඒවා ඇත්ත ජීවිතේදිත් වෙනවා....
හැමෝම
එකාවගේ නම්...ඒ හැම චිත්‍ර පටියක්ම යතාර්තයක් වෙනවා......
මිනිස්සු කලබල කරන්න ගත්තා...අසාදාරනෙට විරුද්ද උන මිනිස්සු මගෙ සංධීර් වෙනුවෙන්.....මැරෙන්න ගිහින් බේරුන වරුන වෙනුවෙන් හිට ගත්තා .....
කිසිම.මරන පරීක්ශනයක් නැතුව.....අපයෝජනේ වෙලා මැරිලා ගියපු කෙල්ල වෙනුවෙන් මිනිස්සු සිල්වට හෙන ඉල්ල ඉල්ල කෑගහන්න ගන්නකොට උසාවියට බැරියර් වැටෙන්න ගත්තා.....
මෙක තනිකරම ෆිල්ම් එකක් උනා....
යතාර්තයක් නෙවෙමයි කියලා හිතෙන තැනට මෙ හැම දේම වෙනස් වෙනකොට නසු කාර හාමුදුරුවන්ට නිහඩ වෙනු කියලා කෑගහන්න කට සද්දෙ මදි උනා.....
මම බලන් උන්නා....
යෙවීන් සංජාන ප්‍රනාන්දුපුල්ලෙ වෙච්ච මම....මගෙ ජීවිතේ මේතාක් කත කරපු හොදම නඩුව මේක වෙනකොට මිනිස් බැරියර් කඩාගන මිනිස්සු සිල්වව අල්ලන්න හැදුවා .......
මම හිනා උනා....
මම සංධීර් දිහා බලලා හිනා උනා......
මේක ඇවිත් තනිකරම මෙච්චර කල් තැලුන මිනිස්සුන්ගෙ නැගිටීම වෙනකොට මම සාක්කුවෙ තිබුන කහපාට කොලෙන් එතුන ටොපියක් අරන් කටේ ඔබාගන කාලෙකට කලින් සිල්වටම චන්දෙ දුන්න....කාලෙකය කලින් සිල්වටම පක්ශ උන මිනිස්සු අද විරුද්ද වෙන හැටි ගැම්මෙන් බලන් උන්නකොට මගෙ සංධීර් කට කොනින් හිනා උනා....

මිනිමැරීමට තැත් කිරීම් චෝදනා යටතෙ....අපයෝජන චෝදනා යටතෙ......
මං අහන් උන්නා.....සිල්වගෙ ලෙ හිදුන මූන දිහා බලාගන මම අවසානම නඩු තීන්දුව අහන් උන්න......වසර ගානකට බරපතල වැඩ එක්ක හිරබත් කන්න නියම වෙච්ච සිල්වා දිහා මම බලන් ඉන්නකොට දන්...දන්..දන්....ගාන සද්දෙ ඇහුනා.......
මම දින්නා.....
නෑ....අපි දින්නා.....
මගෙ සංදීර්ගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා....සුදු රෙදි වලින් වහගන බන්ධනාගාර බස් එකට පටවන්න ගියපු සිල්වට සුදු රෙදි නැතුව විතරක් නෙවෙ මිනිස්සුන්ගෙ බාට පාර පවා වදිනකොට මම සාක්කුවට අත් දෙක දාගන බකන් ඉන්නකොට නඩුව පැරදුන සද්දහමංගල කාරයා ආදා වගේ ලෙස්සලා යන්න හදනකොට මම ඒකව අල්ල ගත්තා.....
මිස්ටර් ....ස්..සද්දහ....ම්ම්..මංගල.......
යෙවීන්.....
මම හිනා උනා...කට කොනින් හිනා උන මම ඒකගෙ කන ගාවට පහත් උනා.....
"ම්ම්ම්..මන්....ප්ප්..පරදින්න....බ්බ්..බලන්...න්න්.නඩු කතා කරනෙන් නෑ...."
ඇබිත්තම........
සංජී...ර්...

කදුලු පුරවන් උනන් සංධීර් මගෙ අත් දෙකෙන් අල්ලගන්නකොට මට එයාට අඩන්න එපා කියන්නවට් හම්බුන් නෑ...නාකි බෑනගෙ මාමන්ඩියලා අපි ගාවට ආවා වගේම බාප්පා මගෙ කොන්ඩෙ අවුල් කරලා කනට කරලා කුනු හර්පයක්.කිව්වා...
"මගෙ පොඩි ජඩයා..."
මං හිනා උනා.......අපි හිනා උනා......අසාදරනයක් වෙනුදෙන් උහුර කඩාගන සාදාරනයක් ඉල්ලපු මම අවසානෙදි මගෙ සංධීර්ගෙ තුවාල කැලැල් වලට මං අවසානෙදි සාදාරනයක් ඉශට කරනකොට බාප්පා මම නොදුන්න උපන්දින පාටිය ඉල්ල ඉල්ල නහින්න හදනකොට ආර්තිකෙ කඩන් වැටිලා උන්න මං ගල් ආදා වගේ ලෙස්සලා යනකොට අපේ තාත්තා නම් මෙ සුන්හ මොහොතෙත් මගෙ රෙදි ගැලෙව්වා ...
හම්බෙයි ලබ්බක් ඕකගෙන් සතයක් හොලවන්න බෑ කුනා....!!
ම්හු....ක්....ඇ..ඇත්තමයි.....ත්ත්...තාත්තෙ.....අ..අපහාස....න්න්.....නඩුවක්..දානවා...
හරිතේ.....!!
බබා........
ගිලිනවා....ගෙදර ආව නාකි බෑනා සීගිරියක් සයිස් බත් එකක් ගිලලා ඒ උඩට මේ මද්දහනෙ තේත් බොනවා....

බාප්පා තාත්තා බෙදාගන කාපන් බෑනො කියන වාරයක් ගානෙ මෙ මිනිහා අනේ ලොබකමක් නැතුවම නැගිට නැගිට බෙදාගන කනකොට උපන්දින පාටි ඉල්ලයි කියන බයට මං හොරා වගේ සිද්දාලේප තලියක් නලලෙ උලාගන සිද්දාලේප සැරට ඇස් ඇරගන්න බැරුව කාමරෙ අස්සෙ අඩ අඩ උන්නා.....
යෙවීන්....
කොල්ලෝ...
ම්ම්..මට .....ඔ..ඔලුවෙ....ක්ක්.කැක්කුම....බ්බ්..බාප්පෙ.....
ආනෙ..අනෙ...පොඩි ජඩයො....තෝ නලලට බදාම දානවා වගේ සිද්දාලේප ගාන් නේද.....මුත්‍රා අමාරුව තියනවා නම් ඒකටත් ටිකක් ගාගනින්.....
ය්ය්...ය්ය්..යෝ..බාප්පෙ......හ්හ්
මං නහින්න හැදුවා...මගෙ පොඩි ඇදට වෙලා හොරාවට හුචු හුචු ගගා උන්නමාව අවුස්සන්න ආව බාප්පා මගෙ ඇදෙන් ඉදගන මාව අවුස්සනකොට හිතේ වේදනාව කියන දෙ දශමයක් වත් නැති මම නැගිටල ඇදේ ඉදගන්නකොට බාප්පා මගෙ ඔලුව අත ගෑව...
මට උඹ ගැන නොසෑහෙන්න ආඩම්බරයි මගෙ පුතේ.....
බ්බ්..බාප්පෙ...
මං හිතන්නෙ.....හැමදාම අනම් මනම් කියන බාප්පා මට පුතේ කිව්වමද කොහෙද ....මට වාවන්න බැරි උනා.....මට ඉවසන්න බැරි උනා......
පොඩි කාලෙ ඉදම්ම අපේ උන්ගෙ වැරදිවලට තැලුන උඹ අද ලොකු මිනිහෙක් වෙලා ඉන්නකොට ...මේ කාටටත් වඩා මටයි සතුටු ....පොඩි කාලේ බයික් එකට අරන් ඉන්දගත්තම මං යන්නෙ කොහෙද නාහා මා එක්ක ඕන තැනකට යන්න ආව මගෙ පොඩි එකා....අද උඹ ලොකු මිනිහෙක් වෙලා මගෙ යෙවීන්........උඹ සතුටින් ඉන්න ඕනා.....උඹ හැමදාම සතුටුන් ඉන්න ඕනා මගෙ යෙවීන්.....මෙ ඇස් වලින් ගියපු කදුලු වලට හිලව් වෙන්න උඹ දැන් හිනා වෙන්න ඕන මගෙ යෙවීන්......
බාප්පා මගෙ ඔලුව අතගෑවා...අත ගාලා මගෙ අත් දෙක අරන් හාදුවක් තියනකොට මම බාප්ප දිහා වේදනාවෙන් බලන් උන්න මං අවසානෙදි බාප්පට තුරුල් උනා.....
ම්ම්....මං.....ආ....ආද...
මට ඉකි ගැහුනා....මං ආදරෙයි කියන වචනෙවත් මට සම්පූරන කරගන්න බැරි උනා .....මට හයියෙම්ම ඉකිගැහුනා.....
නාඩා ඉදින්....උඹ ඇඩුවොත් මේ මූන කැත වෙයි.....අඩලා ගිහින් කොහොමද උඹ කේක් කපන්නෙ....
බාප්පා මට අඩන්න එපා කිව්වා.....අඩලා කොහොමද කේක් කපන්නෙ ඇහුවා ....
කේක්....??
මං බාප්පා දිහා බැලුවා ...
අ..අපි....ප්ප්...පාටියක් ....ද්දානව...ද...
නැතුව යකො....සමරන්න නම් කීයක් දේවල් තියනවද ....
උඹගෙ ජම්ම දිනේ...
නාකි බෑනගෙ නඩුව...
ඔව්වා සමරන්න ඕන දේවල් නෙවෙද....ඒ තෝ......උඹලගෙ තාත්තා කියන කතාව හරි කුනාම තමයි...
ය්ය්..යෝ..බාප්පෙ.....ස්ස්...සල්ලි.....හ්හ්...හම්බුන්...නෑ...හ්හ්...ම්හුක්....ස්ස්..සංජී......ර්..මේ.....බලපන්කෝ........!
මං කෑ ගැහුවා.......
මගෙ ඔලුවට ඇනපු බාප්පා යන්න යනකොට මම් ඇදේ පෙරලුනා.....
අද මගෙ හැපි ටූටූ පාර්ටියලු.....යෝ....හ්හ්...අපේ මිනිහව අදවත් පොඩ්ඩක් මොඩ් කරල අරන් යන්න ඕන...නැත්තන් අදත් පප්ප කිට් එක අදී...
බබා.....
ම්හුක්....ස්....ස්...සංජීර්.....
මෙච්චර වෙලාම ගිලපු මගෙ සංදීර් ඇතුලට ආවා ....ඇදන් උන්න ශර්ට් එක ගලවලා පුටු ඇන්ද උඩින් දාපු එයා දොර අඩවන් කරන් ඇදට එනකොට මම බිත්තිය අයිනට පෙරලුනා.....
ම්හුක්...මෙ මද්දහනෙත් අපි මොනවා හරි ලිංගික ක්‍රියා කාරකමක් කරන්නද දන්නෙ නෑ යන්නෙ....
සංදීර්ට කියන්න ඕනා අද බෑ කේක් කපන්න ඕනා කියලා ...ඕනම නම්....චුට්ටක් කමක් නෑ කියන්න ඕනා..හැබැයි...වඩාගන්න නම් එපා කියන්න ඕනා....හරි වේදනාවයි අනේ......
ම්හුක්....ස්ස්..සංජීර්...👉👈
ස්ස්....සංධීර් ......ස්ස්.....ය්ය්..යෝහ්....බුජී...නේ...ද......
ඇදට ආව් එයා ඇගට කකුල දාගන්නකොට මම වල් වැදුන හිතින් අනන් මනන් කෝටියක් විතර හිතල හිතලා එයා දිහාවට හැරෙනවත් එක්ක ඇදට වැටුන පමාවට නාකි බෑනට මැරිලා වගේ නින්ද ගිහින් තිබ්බා....
යෝ ඉතින් මොනවා කරන්නද....වයසයිනෙ.........
වයස උනත් මොකද...මං ආදරෙයිනෙ.....
ව්‍යාට නින්ද ගිහින්....වැටුන පමවට නින්ද යන්න ඇත්තෙ....එයාගෙ හිත අද ඕනාවටත් වඩා සැහැල්ලු හින්දා වෙන්න ඇති.......
මගෙ සංදීර් ........
මං හිතුන් මුමුනන ගමන් ඒ නලලට හාදුවක් තිබ්බා....
පපුව පැත්තක තිබුන රෝස පාට කැලල උඩින් අත තියපු මම එතනටත් හාදුවක් තිබ්බා......
මං උබගෙ හැම කැලලකටම සාදාරනයක් ඉශ්ට කෙරුවා මගෙ සංධීර් ........
..
.....
.....
Happy birthday to you....
Happy birthday to you........
Happy birthday
Dear yeveen
Happy birthday to......y....o....u
ඉටිපන්දම් එලියට මගෙ ඇස් වල තිබුන කදුලු කැට දිලිසෙන්න ඇති...
ඉර බැහැගන යනවා....
මුලු අහසම ලා තැඹිලි පාටයි.......
මුහුදු රැල්ල ගොඩට ගහන සද්දෙ එක්ක.....මම මාව වටකරන් හැපි බර්ත් ඩේ කියන එයාල දිහා බලන් උන්නා....
අම්මා....බාප්පා.....තාත්තා....ආයම තාත්තා...අම්මා.....අමේලි....ප්‍රනීත්......එ වගේම....ප්‍රනීත්ගෙ අම්මා........මගෙ සංධීර්.....රොබිනා......යහපතා.....යෝ....අපේ..හොර ජිමියා.....මූත් උන්නා......
අපි උන්නෙ ප්‍රනීත්ලගෙ banquet hall එකෙ...ඒක සම්පූරනම වෙනස් වෙලා....කේක් එක කපන්න හදල තිබුනෙ එලියෙ වෙනකොට තවම අන්දකාර නැති උනත් කහපාටින් පුංචි පුංචි බල්බ් වැල් පත්තු වෙනකොට එක රෝස මලක් ඉල්ලා වද දුන්න මට එයා අද රෝසමල් යායක් ගෙනත් තිබ්බා...

හැපිබර්ත් ඩේ කියන වාරක් ගානෙම මගෙ ඇස් දෙක ගියෙ එයා ගාවට වෙනකොට තාත්තගෙ නාකි බෑනා අද වදපොරෙන් මොඩ් වෙලා තිබුනා වගේම...අවුරුදු ගානකට පස්සෙ මං ආයම මගෙ පරන නලුවව දැක්කා.....

හැමෝම හැපි බර්ත්ඩේ ටූ යූ කියල ඉවර උනා...කාටත් වඩා ඒ මූන අද එලිවෙලා තියනකොට මං බලාගන එයා හොරෙන් හොරෙන් කදුලු පිහිනවා......
හැමෝගෙම ජීවිත අවසානෙදි සර්ව සම්පූරනම නැති උනත්....සම්පූරන වෙලා යනකොට දෙපැත්තට වෙන් උන අම්මා තාත්තා ආයම එකම වහලක් යටට ආවෙ නැති උනත්.....හිතෙ හැගීම් හංගන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පටන් ගන්නකොට හිරෝශිමාවක් උන මගෙ ජීවිතේට අවසානෙදි මල් පිපෙන්න ගත්තා.....
මං කේක් එක දිහා බලන් උන්නා.....එ හැමෝම මම කේක් එක කපන කන් බලන් උන්නා.......
දන්නවද.....මම ඉන්නෙ මැරෙන්න තරම් සතුටකින්......
ඒකට හේතු ගොඩයි....
ඒකට....හේතු....ගොඩයි.......
යෙවීන්....
තවමත් කේක් එක කපන්නෙ නැතුව බලන් උන්න මට එයා හිමීට කතා කරනකොට මම අර කේක් එක කපලා බලන් උන්නා....කාටද දෙයියනෙ මං මුලිම්ම කවන්නෙ.....මොන අම්මටද........????
මං අශාන්‍යා අම්මා දිහාවට හැරුනා...නන් බය උනා එක අම්මෙක්‍ට හරි දුක හිතෙයි කියලා ...ඒත් ...එහෙම උනෙ නෑ...මං අම්මට කැව්වා....තාත්තට....ආයම අම්මට....ආයම තාත්තට....සංදීර්ට.......
එ හැමෝම මගෙ මූනට හාදුවක් තියනකොට මම ආයම කේක් කෑල්ලක් කපාගන එයා ගාවින් හිටගන්නකොට මගෙ අත වෙව්ලුවා.......
මගෙ ඇස් වලට කදුලු ඉවරයක් නැතුවම උනන්න ගත්තා..........
අතේ තිබුනෙ කේක් කෑල්ල වෙව්ලනකොට මම එයාට දික් කෙරුවා .....
" ත්ත්.....තාත්තෙ....."

තාත්තෙ....
ඔව්.....මම බාප්පගෙ කටට කේක් කෑල්ල තියන ගමන් තාත්තෙ කියනකොට ඒ හැමෝගෙම මූනවල් සුදුමැලි වෙලා යනකොට ...දෙන්නෙක් විතරක් මා දිහා බලන් උන්නා....
ඒ වෙන කවුරුත් නෙවෙ.....ප්‍රනීත්ගෙ දෙවනි අම්මා.....ප්‍රනීත්ගෙ තාත්තගෙ දෙවනි කසාදෙ....මගෙ බාප්පගෙ ආදරේ......
මගෙ ඇත්ත අම්මා.....මෙච්චර කල් බාප්පේ....බාප්පෙ කියලා තියෙන්නෙ මගෙම තාත්තට වෙනකොට මට පිස්සු හැදෙන් නැති එක සාදාරන නැද්ද.......??????

යෙ...වීන්........
බාප්පගෙ ඇස් වල.....නෑ....නෑ...මගෙ....තාත්තගෙ ඇස්වලට කදුලු පිරෙන්න ගත්තා.......
එදා ඉස්පිරිතාලෙදි...ලේ නැති තැන ලෙ දීලා තියෙන්නෙ....වෙන කවුරුත් නෙවෙ....මගෙ බාප්පා..............
ලේ වලට....ලේ කකියනවා කියන්නෙ බොරුවට නෙවේ වෙනකොට ප්‍රනීත් ගාව උන්න මගෙ ඇත්ත අම්මා අවුරුදු ගානකට පස්සෙ නැති උන ආදරෙ ඇස්දෙකට දැකල තිබ්බා....
අවුරුදු ගානක්...හැංගුන ඇත්ත ටිකෙන් ටික එලිවෙනකොට එදා මාව අරන් ගිය ප්‍රනීත් මට වෙච්ච කෙරිච්ච දේවල් අකුරක් නෑරම කියනකොට යතාර්තෙට මූන දෙන්න හයියක් නැති උන මට අවසානෙදි සිද්ද උනෙ පිස්සෙක් වෙන්න වෙනකොට මන් සාක්කුවෙ තිබුන මගෙ ඇත්ත අම්මගෙයි තාත්තගෙයි පින්තූරයක් එලියට ගත්තා.....

ම්ම්ම්.....ම්ම්...මං...ඒ...හ්හ්....හැම...දේම....දද්....දන්නවා........
අම්මගෙන්.....ම්ම්..මාව...උදුරන්....ත්ත්...තියෙන්නෙ...ම්ම්....මොකාද කියන්න....මේ..හැම....ද් .....දේම.....ම්ම්..මන්...දන්නවා.......
මට ඉකිගැහුනා...මගෙ අම්මා ඇස් ඇරලා බලනකොට ඉස්පිරිතාලෙ තොටිල්ලෙ උන්න මන් ඉදලා නෑලු......ළමයත් නැති.....මනුස්සයත් නැති කසාද නොබැදපු අම්මට යබ එනමන් නැතිවෙනකොට අම්මව බාර අරන් තියෙන්නෙ ප්‍රනීත්ගෙ තාත්තා...ඒ වෙනකොට ප්‍රනීත්ට අවුරුදු තුන හතරයිලු....එයාගෙ අම්මා නැති වෙලාලු... තමන්ගෙ දරුවට අම්මෙක් වෙන්න බැරි උන මගෙ අම්මා එදා ඉදන් ප්‍රනීත්ට අම්මා වෙලාලු...
.
ලොකු කතාවක්....මේක ලොකුම ලොකු කතාවක්.....මේ හැම දේටම පිටිපස්සෙන් උන්න එකම කෙනා නම්.....ආච්චම්මා විතරක් වෙනකොට තාත්තලා දෙන්නගෙම ජීවිත විනාශ කරන්න එකම හේතුව මගෙ අම්මලා දෙන්නම දුප්පත් උන එක ....අන්‍යාගමික උන එක....උන්දගෙ කීමට පිටින් ගිය එක වෙනකොට ....ආච්චම්ම....ඒ හැමෝගෙම සතුට උදුරන් තිබුනා.....
මම ඇඩුවා.........
අතෙ තිබුන ඵොටෝ එක උඩට සට සට ගාලා කදුලු වැටෙන කොට මම ඉකි ගගහා ඇඩුවා..........
පොඩි කාලෙ මම කව්ද නොදැන උනත්.....තාත්තට වඩා බාප්පා මට ආදරේ දුන්නෙ ....දෛවයේම සැලස්මකට කියන එක දැනෙනකොට මම "බාප්පා" දිහා බැලුවා......
ම්ම්...මං....ත්ත්....තාමත්.....බ්බ්...බාප්පා....ක්ක්..කියලමද.....ක්ක්..කතා.....ක්ක්..කරන්න.....ඕනෙ....." ත්ත්....තාත්‍තෙ....."
යෙවීන්.........මගෙ පුතා........
යෙවීන්.....
"අ...අම්..මෙ...."
*
*
*
ඇබිත්තම......ඔය ඇඩුවා...මදිද.....ම්ම්ම්
මම උන්නෙ එයා එක්ක.....
මං දන්නෙ නෑ...සතුට වැඩි කමටම අඩලා අඩලා උන්න මාව මැරෙන්න ආවා........
දෙවියනෙ...අම්මලා තුන්දෙනෙක්...තාත්තලා තුන්දෙනෙක් කියන්නෙ.....මම වාසනාවන්ත නැද්ද....
කාලකන්නියා....අවජාතකයා ගගා ගරහලා තියෙන්නෙ උන්ගෙම ලේ වලට උනත් අද මම ඇත්තටම එ වාසගමට උරුමකම්.කියන එකම එකා වෙනකොට එ හැම දේටම වඩා අවුරුදු දෙකකට කලියෙන් ප්‍රනීත් එලිදාපු රහසත් එක්ක පිස්සු හැසුනත් ....අද මං සතුටින් උන්නා....
..ස්ස්...සංජීර් ....
ම්ම්.....
අපේ අත් එකට පැටලිලා තිබුනා....උපන්දින කේක් ගෙඩිය වටේම උන්නෙ මගෙ දෙමව්පියො වෙනකොට ඒ ඒ අයට ඒ එ හැගීම් බෙදාගන්න දීලා ඒ ඔක්කෝගෙම බෑනව අරගන මම වෙරලට එනකොට ප්‍රනීතයා දිහා රවලා බලපු මගෙ සංදීර් ඌට අයියා කියන්නවත් මට කිසිම පර්මිශන් එකක් නැති කරලා තිබුනා........
ම්ම්....මට.....හ්හ්..හුගාක්.....ස්...සතුටුයි....ම්ම්....මගෙ.....ස්ස්....සංධීර් ........
ඉර මූදෙ ගිලෙන්න යන්නෙ.....අදත් මම මගෙ අඩි එයාගෙ කකුල් අඩි අස්සෙ තිය තිය එනකොට අද නම්....මූදු රැල්ල එ අඩි සලකුනු ඉතිරි කෙරුවා ........
මගෙ මොඩ් බෑනා...එයා හිනා...උනා.....මට දැන් හැබෑ කරගන්න කියල හීන නෑ...මොකද....හිරෝශිමාවට මල් පිපුනා....මට ඕනෙ...මගෙ පරිනත ආදරේ හැරමිටියෙ වාරුවෙන් යනතාක් ඒ ආදරේ ගාවම ඉන්න....එයා එක්ක තරගෙට නඩු කියන්න....
සංදීර් ...
ඇයි බන්.....ඇයි...ඇබිත්තමෝ....
මං...ඔ..ඔයාව....ව්..වඩාගන්නද.....
පිස්සුද දරුවො....
මම එයාගෙ අත පිරිමැද්දා ....අඑයා මගෙ ලුනු රස වෙච්ච තොල්පටට ඇබිත්තන් හාදුවක් දෙනකොට මම එයාව වඩාගන්නද ඇහුවා.....මං දැන් ඉලන්දාරියෙක් ....එයා මගෙ බර මෙච්චර කාලෙකටම දරාගත්තා.. ඉතින් ..දැන් මට ඕනෙ...මං වෙනුවෙන් උහුලපු හැමෝවම දරාගන්න........
මගෙ ඇබිත්තම...උඹ..මම....එකට පිපිරිලා....එකට...පිපුන උන්.......
උඹ සතුටින් .....
මගෙ පුංචි පෙරකදෝරුවා .......
උඹගෙ නලුවා....හැමදාම ප්‍රාර්තනා කරන්නෙ එකම දෙයයි....ඒ...... උඹගෙ හිනාව...ආයම...කාටත්....උදුරගන්න බැරිවෙන්න ඕන කියලා .......
එයා මගෙ කම්මුල් අත ගෑවා.....මගෙ මූන අතගෑවා...එයා කිව්වා.මගෙ සතුට කවදාවත් ආයම උදුරගන්න බැරිවෙන්න ඕනා කියලා ප්‍රාර්තනා කරනවා කියලා ....හැමදේම ඉවර වෙන්න තත්පරයක් තියලා එයා මගෙ හිතට ගැස්මක් ගෙනාවා.....
.ස්ස්...සංධීර් ....ඌ...ඌ...ආයම...අ.ආ....
ඇබිත්තම....ඇබිත්තම........මං හැමදාම කියනවනේ.........මෙ සංධීර්.....මීයක්...කඩන්නෙ...අත ලේව කන්න නෙවෙ කියලා....අද විතරක් නෙවෙ...හෙටත් ..සතුටක් තියෙන්නෙ ඕනා.......
ස්ස්...ස.....
ශ්ශ්.........අමතක කරන්න එපා...හැම කතාවකම තව පිටුවක පසු සටහනක් ලියවෙනවා.....
ඇබිත්තම....
සංධීර්ගෙ........
උඹව අඩව අඩව....හිර බත් කෑවෙ....හේතු...ඇතුව.......තේරුනාද....ම්ම්ම්.....
එයගෙ මූනෙ ආයම අර නපුරු හිනාව ඇදෙනකොට මං බලාගන අඩි තිස්තුන්දාහකට උඩින් යන ප්ලේන් එකක් වෙන කොහේදො රටකට යන්න යනවා ....කියන්න බෑ.....සකුරා මල් හොයන් යන එකක් වෙන්නත් පුලුවන් ..... .
මම එයාගෙ ඇස් දෙක දිහ බලන් ඉදලා ඇගිලි තුඩු වලින් ඉස්සෙනකොට එයා මගෙ ඉන වට් අතක් යවලා හාදුවක් තිබ්බා වගෙම මම ඇස්දෙක පියාගන එ හාදුව විදල ආපහු ඇස් ඇරියා.....
ස්ස්...සංධීර්......ම්ම්...මම....හ්..හිරෝශිමාවක්...නම්...........
මම...උඹගෙ...සකුරාව වෙන්නම්...!!!
එයා හිනා උනා...මාත් හිනා උනා....හැබැයි.....මගෙ නලුවාගෙ හිනාව තිබ්බෙ එක තත්පරයයි...මන් එයාවත් කෑගස්සවගනම එයාට හිතන්නවත් ඉඩක් නොදී එයව හරහට උස්සගත්තා
යෙවීන්......
යෙ.....වේ....න්....
ශ්ශ්.....මම....හ්..හිරෝශිමාවක්...නම්.....ම්ම්..මට....ප්ප්..පුලුවන්...ද්ද්...දැන්...උඹවත්...දරාගන්න...........
ඇබිත්තමගෙ.....
සංධීර්....!!!
අ...අපි...මේ....ස්...ස්....සම්බන්දෙ....න්න්..
නවත්තමු....ස්...සංධීර්....
පටන් ගත්තා....බස්සපන් මාව....!!!

ඉතින්.....පුපුරා ගියපු
හිරෝශිමාවට මල් පිපුන වගයි!!!
...... සමාප්තයි........
*
*
*
*
*
තිත්ත කැකිරිපන්තියෙ ජොබී නිදහා............ස්ස්ස්!!!
මම
Ferdeesha ❤️💚😘 ....