Cherreads

Chapter 101 - 101

මම නැවතුනා....අවංකවම...ඒ වචන මග්ව් කකුල් නැවැත්තුවා ....බොරු කියන්න ඕන් නැ....මං බය උනා.....අවංකවම මං බය උනා....තවමාස හයයි....මේක ගෙවුන ගමන් හැමදේම ඉවරයි...කවදද කින්ද මන්ද නොදන්නවා උනත්.....මගෙ සංධීර් එන්න ලගයි.....එහෙම එකේ...එච්චර දේවල් ඉදසන් උන්න මට මෙ වචන මහ බයක් ගේනකොට....අවංකවම මට ප්‍රනීත්ව මරල දාන්න හිතුනා...

......

නොක නොබී සිගරට් විතරක් උරවල කදුලු බීලම කෙසග වෙලා ගිය මගෙ උගුරු ගැටේ දැන් පොඩ්ඩක් ඉස්සරහ නෙරලා තියනකොට බය උන පාරට කෙල ගිලුන මගෙ උගුරු ගැටෙ උඩ යට යන හැටි ඕනාවටත් වඩා පෙනුනා .....

ප්ප්...ප්‍රනීත්...

මං ආපිට හැරුනා.....හැබැයි හිතේ බය හංගගන මම කට කොනකින් හිනා වෙන ගමන් ප්‍රනීත් දිහා බැලුවා...

ස්ස්....සාක්කි තියනවද....ම්ම්...මම....මැරුවා ක්ක්..කියල.....ම්ම්ම්?

සාක්කි නැති නම්...මම කියන්නෙ නෑනෙ බබා.....අනික....අද වෙනතුරු කාටත් හොයන බැරි උන සාක්කි මගෙ ගාව තියනකොට...මම මොන දේටද බබෝ බොරු කරන්නෙ....

මම බලාගන උන්නා...ඒ වචන අවංකවම ස්තීරයි....ඒක මට දැනුනා...අවුරුදු පහක් ගෙවිලා ගිහින් මගෙ ඇස් ඉස්සරහට නාව ප්‍රනීත් අවසානම මොහොතෙ මගෙ ඇස් ඉස්සරහට ආවෙ නිකම්ම නිකන් බොරු කතාවක් කියන්න නෙවෙ කියන්න මගෙ හිත ඕනාවටත් වඩා තහවුරු කරගන්නකොට මම ඒ ඇස් දිහා බලාගන ඉදල අවසානෙදි අවසානම මොහොතේ දි කතා කෙරුවා .....

ඔව්....ම්ම්....මං....මැරුවා....ත්ත්...තමයි....ද්ද්..දැන්...මොනවද....ක්..කියන්න...ඕනෙ....ම්ම්..මාව....මාට්ටු ....ක්..කරලා...දෙන්නද...ම්ම්ම්ම්.....??අ ...අව්ලක්....න්..නෑ.....ප්..ප්‍රනීත්.....ක්ක්..කොහොම....උ..උනත්...අ...අපි.....හ්..

හැමෝම.....ම්ම්....මැරෙන...ම්..මිනිස්සු....

ඒක ඇත්ත.....අපි හැමෝම මැරෙන මිනිස්සු.....ඒත් බබා....මොන මිනිහත් කැමති...ජීවත් වෙන ටික කාලෙ ඇතුලත සතුටින් ඉන්න.....එහෙම නේ.....ඇරත්...

මම පුදුම ඉවසීමකින් උන්නෙ.....මම....පුදුමාකාර ඉවසීමෛන් උන්නෙ.....අවුරුදු පහක් විතර පොඩ්ඩ බැරි වෙනකොට තරහ ගන්න අනක් ගුනක් නැති වෙන්න ගහන මරන්න හදන...මරලා දාන මම මාවම මගෙන් හංගන් එආ වෙනුවෙන් බලාගන උන්න අසරන වෙච්ච එකෙක් විදිහට අහිංසක එකෙක් විදිහට ජීවත් උනා....ඒත්...දැන්..දැන්....අන්තීම මොහොතෙ කොහෙවත් යන එකෙක් ආපහු මතුවෙලා මේ හැම දේම අවුල් කරන්න හදනවා...

ඇරත්...සංදීර් එන්න තව ටික කාලයයි....එ කාලෙ ඇතුලත කොහොමද ....

උ..උඹට....ම්..මොනවද ඕ...ඕනෙ.....ක්..කියපන්.....ම්ම්ම්ම්.....

මම මැදින් පැන්නා.....අශාන් කාරයගෙ මිනි මැරුම එහෙම ලේසියකට යට ගහන්න බැරි එකක් උනත් අවසානෙදි මොන ප්‍රාතිහාර්‍යකින් හරි ඒ හුනියම යට ගියා...ඒත් ....එකම එක කෙස් ගහක හෝඩුවාවකින් හරි මෙක ආයම උඩට ඇද්දොත්....අනිවාර්යයෙන්ම ....අනිවාර්යයෙන්ම එල්ලුම් ගස් යනවා.....ඒක ආය...අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි .......

මම හිතන්නෙ ප්‍රනීත් මාව කොටු කරනවා....එක්කො.....ප්‍රනීත්ව ඉවරයක් කරන්න ඕනෙ...නැතිනම්...ඌ කියන විදිහට මම නටන්න ඕනෙ....

අත් දෙක මිට මොලවන් උන්න මම අවසානෙදි අවසානම.මොහොතෙදි උඹට මොනවද ඕනෙ අහනකොට ඒකා මග්ව් ගාවට ඇවිත් ආපිට මගෙන් මූන අත ගෑවා.....මම මගෙ මූන අහකට ගත්තා...හැබැයි .....මට ආපිට විරුද්ද වෙන්න වත් ඉඩක් නොතියම ඌ ආපිට මගෙ මූන අත ගානකොට මම පුදුමාකාර විදිහට ඉවසන් උන්නා.....

ක්ක්..කියපන්.....උ..උඹට....ම්..මොනවද....ඕ..ඕනෙ....න්..නිදා...ග්..ගන්නද.....න්න්..නැත්ත.....න්....

මා එක්ක එන්න.....

ක්..කොහෙ....කොහෙ....ම්..මගුලෙ.....

බබා..මේක පාර.....කාට හරි ඇහුනොති ඔයාටමයි හොද නැත්තෙ...ඇයි ඔහොම තරහ ගන්නෙ...

.......

මට ඉවසන්නම බෑ.....මගෙ හිත කිව්වෙම කාගෙන එන ලේලන්ඩ් බස් එකක් බලලා මූව පාරට තල්ලු කරන්නම කියලා මගෙ හිත කියනකොට මම හිත ඇතුලෙන් පිච්චි පිච්චි උන්නා...

යෙවීන්....යෙවීන්...අහලා තියනවද බබා...බිත්ති වලට කන් තියනව කියලා ....පිස්සුවෙන් වගේ..හුස්ම අල්ලන උඹ වෙනුවෙන් උඹගෙ සංධීර් දුවනකොට ....පිස්සුවෙන් වගේ එක එකාගෙ කකුල් ගාව උඹව බේරන්න කියල දනගහනකොට ....

න්න්...නවත්තපන්....ක්ක්..කරුනාකරල....න්න්..නවත්තපන්.....ක්..කොහෙටද.....ය්..යන්න....ඕනෙ....මොන....ර්..රූම්...එකටද....පො..පැය....ක්ක්..කියක්...ඕ..ඕනෙද...උ..උඹම....හ්..හිතපන්...ම්..මොකද...උ..උඹ...ලා....ම්ම්..මොක....ක්ක්..

කෙරුවත්....ආයම.....ම්ම්....මාව....

අලුතෙන්...මරන්න...බෑ....ප්ප්..ප්‍රනීත්.....ම්ම්..මොකද.....ම්..මම...දැන්ටම.....ම්..මැරුන....ම්ම්..මිනිහෙක්...

මම වෙව්ල වෙව්ල කියන්න ඕන ටික කියලා අවසානෙදි සැලෝන් එක දිහා බැලුවා.....උඹ රැවටිලා අමේලි...බැටලු හමක් පොරවගත්තු නරියෙක්ට උඹ රැවටිලා........

මාත් එක්ක යන්න එන්න...

නවත්තපන් කියලා නොගහ දත්මිටි කාපු මම අවසානෙදි මාව ඕන තැනකට ඕන පැය ගානකට අරන් යමං කියලා කියනකොට ප්‍රනීත් මගෙ අතක් අල්ල පිට අල්ල හිමීට ඒ දිගැටි ඇගිලි තුඩු වලින් අත ගාන ගමං මා දිහා බලලා ලාවට හිනා උනා.....

ඕනම කියන දේවල්...කවදාවත් හිමි කරගන්න බැහැ කියලා දැනෙනකොට .....එක හිතට මහ වේදනාවයි ....හරියටම .....උඹ වගේ...උඹව මට ඕනමයි....ඕනමයි....ඕනමයි....කියලා හිතෙන හැම වෙලාවකම.....පරහට මොකක් හරි හිටියා.....එදත්.....අදත්...

ප්ප්..ප්‍රනීත්.....උ..උඹ....මට.....දැන්....ම්ම්..මොනවා....ක්..කෙරුවත්.....ක්..කමක්....නෑ...ම්ම්...මං...දෙයක්....අ..අහන්නම්....ම්ම්...මට.....ඇ..ඇත්ත...ක්ක්..කියපන්...හ්හ්..හරි.....

මම මගෙ අත අල්ලන් උන්න ප්‍රනීත්ගෙ අත මැනික් කටුව ගාවින් තදකරලම අල්ල ගත්තා ..නිකන් නෙවෙ....තද කරලම.....මාව මොන මගුලෙ අරන් ගිහින් මට මොන මගුල කරත් කමක් නෑ...ඒත්.....අරකිට අවැඩක් වෙනවට මගෙ තුන් හිතකවත් කැමැත්තක් නැති වෙනකොට මම එ අත මගෙ කෝටු ගැහුන අතින් පුලුවන් තරම් තදින් අල්ල ගත්තා....

මොනවද...ඔයා දන්නවා..මං කවදාවත් ඔයාට බොරුවක් කෙරුවෙත් නෑ.....බොරුවට ආදරෙ කෙරුවෙත් නෑ....අහන්න තියෙන්නෙ මොකක්ද...අහන්න....

හ්හ්..හරි.....ම්ම්..මට....ක්..කියපන්....

ප්..ප්‍රනිත්.....උ...ඹ....අර ක්ක්..කෙල්ලට ක්ක්...කරන්නෙ...බ්..බොරුවක්ද....ව්..

වංචාවක්ද...ක්ක්...කියලා.....ඒඑක...එහෙම...එකක්....න්න්..නම්...කරුනාකරලා .....න්න්..නවත්තපන්.....ප්..ප්‍රනීත්.....හ්හ්.....හරි....ම්ම්....මොකද...ඒකි...මට...

මගෙ....යාලුවට...වඩා....ල්ල්...ලගයි....

.නෑ...මං එයාට ඇත්තටම ආදරෙයි .....මං එයාට කරන්නෙ බොරුවක් නෙවෙ.....මං පිලිගන්නවා.....

ඇ..ඇත්තටම ආදරෙයි....න්න්...නම්....ඇයි...කියපන්....ඇයි.....ක්ක්..කියපන්.....උඹ...මම....එකෙක්ට....ආ....ආදරෙයි .....න්න්න්..නෑ...එක්කො...වැඩක්...නෑ.....උඹට....ඕන..දේ...කරන්....

පලයන්...

ප්‍රනීත් කිව්වා අමේලිට ඇත්තටම ආදරෙයි කියලා ....ඒත්...ආදරෙයි නම්.....ආදරෙයි නම්....මොන.....මගුලද මේ කරන්නෙ...අඩුම ගානෙ එයා පුදුම උනෙත් නෑ.....එක්කො..මම අමේලිගෙ යාලුවා බව දැනගන මූ ඒකි එක්ක යාලු උනාද....මාව ඇමට ගන්න බලාගන ඒකි එක්ක යාලු උනාද ...හැබැයි...එහෙම දෙයක් නම් වෙලා තියෙන්නෙ ....උඹ ජීවත් වෙන අවසානම දවස අද ප්‍රනීත්...මං මරනවා....උඹවත් මරනවා....මට දැන් කොහොමත් හැගීම් දැනීම් නෑ...මං නන්නත්තාර වෙලා ඉවරයි ...තැලිලා පොඩි වෙලා ඉවරයි...මට ආයම අලුතෙන් වෙන්න දෙයක් නෑ .....

නගින්න...

මම සැලුන් එක දිහා බැලුවා....ඒකි ඇතුලෙ තියන ලෙඩි සෙක්ශන් එකට යන්න ඇති බාප්පා...බාප්පත් මොකක් හරි කරනව ඇති ...

මම නැග්ගා. ...මං වෙනුවෙන් ඉස්සරහා දොර ඇරන් බලන් උන්න ප්‍රනීත් දිහා නොබලම මම නැග්ගා...නැගලා ඉදගත්තා ....

.

බබී....ශීට් බෙල්ට් එක දාගන්න.....

ම්ම්ම්..මට පුලුවන් .....

.බබී කියන වාරයක් වාරයක් ගානෙම මට දැනුනෙ පුදුමාකාර තරහවක් වෙනකොට මං ඉවසන් උන්නා මං තවත් ඉවසුවා ... තවත් ....තවත් ...

ශීට් බෙල්ට් එක දාගත්තු මම මොකුත් නොකියම ඉන්නකොට කාර් එකට නැගපු ප්‍රනීත් ඇදන් උන්න බ්ලේසර් එක ගලවල ඒක මගෙ උකුල උඩින් තිබ්බා...

මේක තියාගන්න.....

.......

ඔයා බොන්නෙ මොනවද .....

......

කන්න ආස මොනවද ...ඉස්සර වගේම මයි

ම්ම්ම්....මන් ඉස්සර.....උ...උන්න.....යෙවීන්.....න්න්..නෙවෙ...ප්ප්...ප්‍රනීත්.....ම්ම්...මං ඉස්සර උන්න.....ය්ය්...යෙවීන් ...න්න්..නෙවෙ....

මං කෑ ගැහුවා ...ඉස්සර වගේම මයිලෝ වලටද අහනවත් එක්කම මං කෑ ගැහුවා ...

ඇත්ත....මට දැන් මයිලෝ එකෙ රස වත් මතක නෑ.....එකවලු බත් වලට පෙරේත මම අවුරුදු ගානකින්....කොටිම්ම එයා ගිය දා ඉදන් මං එලවලු බත් කටක් කෑවෙ නෑ.....මස් කෑල්ලක් කටෙ තිබ්බෙ නෑ....මගෙ බඩ දැන් හුගක් කෑම ජාති අදුනන්නෙ නෑ...

බත් කටන් කටට ගන්න වාරයක් ගානෙම හිතෙන්නෙ අනෙ එයාට බඩ කට පිරෙන්න තියනවද ....

එයා නොකා මං මේවා රස කරන්නෙ කොහොමද ....

යෙවීන්...

ක්...කරුනාකරලා .....ම්ම්ම්....මාව

....ද්ද්....දන්නවා....වගේ...ර්‍ර්....රගපාන්න.එ...එපා...ප්ප්..ප්‍රනීත්.....ත්ත්....තමුන්....ම්ම්...මාව....දන්නෙ....නෑ.....ත්ත්....මුන්....ම්ම්.....

යෙවීන්.....යෙවීන්...අනෙ දරුවො....අනෙ බබී...නාඩා....

අහකට.....ග්ග්...ගනින්.....අත.....උ..උඹට.....ක්ක්..කරගන්ඩ ...ඕන....දේ.....ක්ක්..කරගන....මගෙ.....ස්ස්...සංධීර්ව.....අ...

අතෑරපන්....ප්‍රනීත්.....න්න්...නැත්තන් ....උ...උඹයි....ම්ම්..මායි....ද්ද්...දෙන්නම.....මැරිලා...ය්ය් ..ය්න්....මොකද .....මගෙ.....ම්..

මිනිහා.....උ...උඹ.....ම්ම්...මේ කරන...අපරාදෙ ...ද්දැන ගත්ත ද්ද්...දාට.....ප්ප්...පපුව.....පලා ගනී.....

මන් ඒ අත අහක් කෙරුවා .....හිතෙ තිබුන තරහව අවසානෙදි කදුලු වලට හැරෙනකොට අඩන්න එපා කියන ගමන් මගෙ කදුලු පිහිදන්න හදපු ප්‍රනීත්ගෙ අත මං අහකට කරලා ඌයි මායි දෙන්නම එකට මැරෙමු කියනකොට ප්‍රනීත් මා දිහා සෑහෙන්න වෙලා බලන් ඉදලා මගෙ වැවුන කොන්ඩෙ පස්සට කෙරුවා ....

යන තැනක...මේ කොන්ඩෙ රැවුල කපන් යන්...

........

ඇත්ත....උඹ වෙනස් වෙලා....මං ඒක පිලි ගන්නවා....උඹ විතරක් නෙවෙ.....හුගාක් දේවල් වෙනස් වෙලා ....මිනිස්සු....මිනිස්සුන්ගෙ හැගීම් ...මම..දන්නවා යෙවීන් ...මේ ආත්මෙට මට කවදාවත් සංධීර්ගෙ තැන ගන්න බැරි බව...ඒක සංධීර්වත්.....උඹවත් නෙවෙ....ඒ තැනට එන්න මට දැන් කොහොමත් පාරක් නෑ යෙවින්...

........

ඒත්.....එහෙමයි කියලා ....

....

යෙවීන්...තමුසෙ මට බලාපොරොත්තු දුන්නා....තමුසෙ මට ආදරේ කරන්න හේතු දුන්නා.....කොටිම්ම.....තමුසෙ මගෙ හැගීම් වලට වංචා කෙරුව යෙවීන්...

එයා කෑ ගැහුවා...මෙච්චර වෙලා බබී බබී ගගා උන්න ප්‍රනීත් එක පාරම කෑ ගැහුවා ...

ඇත්ත ....මගෙ අතින් වරදක් උනා....ඒක මං පිලිගත්තා සහ....එයා දැන් වෙන කෙනෙක් එක්ක ආදරෙන් ඉන්නවා ....ඉතින්.....ඉතින්....එහෙම එකේ.....තව....තව මොනවද

....මගෙන් ඉල්ලන්නෙ....ම්ම්ම්

එයා පලි ගන්නවා ....මගෙ හිත කිව්වෙ එච්චරයි .....දැන දැනම ඒකි එක්ක යාලු උනේ මගෙන් පලි ගන්න.....

ඒකිට අවංකවම ආදරෙයි කියලා කිව්වා උනත්....එයාගෙ හිතෙ තවමත් අලු යට වැලලුන ගිනි පුපුරු තිබුනා.....

උ..උඹ....ම..මගෙන්....ප්ප්..පලි..

ග්ග්..ගන්නවා නේද.....ප්ප්...ප්‍රනීත්.....

මම කදුලු පුරව මගෙ ඔලුව ශීට් එකට ගහගන්නකොට එයා හිනා උනා....හිනා උනත් කෑ ගහලා නෙවෙ වෙනකොට ඒ හිනාව් ඇතුලෙ හුගාක් හුගාක් දේවල් ලියවෙලා තියනකොට අවසානෙදි එයා පිලිවලට ඉන්න කියලා සැලෝන් එක ගවින් කාර් එක නවත්තලා මගෙ ශීට් බෙල්ට් එක පැන්නුවා.....

යන්න.....ගිහින් කැමති විදිහට කපාගන්න....ඔය රැවුල කපලා මූනට ෆේශල් එකක් දාගන්න මං අමේලිව ගෙදරට දාල එන්නම් එයා බය වෙලා ඇති....

ප්‍රනීත් එයාගෙ ඵෝන් එක දිහා බලාගන මට කැමති විදිහකට කොන්ඩෙ කපාගන්න රැවුල කපල ෆේශල් එකක් දාගන්න කියනකොට මම ඕනාවට එපාවට එයා කියන එක අහන් ඉන්නකොට බාප්පගෙන් කෝල් එකක් ආවා....

හ්හ්..හෙලෝ.....

කොහෙද යකො ඉන්නෙ..?

ය්ය්...යාලුවෙක් ආ..ආවා....බ්බ්..බාප්පෙ.....

.......

මෙතනින් එහා මම බාප්පා කියන දේවල් අහන් උන්නා උඹ නොකියා කොහෙද ගියෙ..මේ කෙල්ල උඹව හොයනවා ...ඒකිගෙ කොල්ලා කෝ කියලා බලනවා....කිය කිය බාප්පා එහා පැත්තෙ ඉදන් කියවනකොට මම අහන් ඉදල ප්‍රනීත් දිහා බලනකොට ප්‍රනීත් මාව දාලා යන්න ගියා.... 

ආයම මම තනි උනා....

මට මහ අසරනකමක් දැනුනා.....මට කියාගන්න බැරි තරන් මහ අසරන හැගීමක් දැනුනා...ඒක නිකන් කසාද ගෑනිව දැක්කම අනියම් එකාව වේස ලේබල් එකට දාලා අනාත කරනවා වගෙ හැගීමක්....

මට තේරෙන්නෙ නෑ...තේරෙන්නෙ නැ කියන්නෙ..කොටිම්ම...කොටිම්ම...ප්‍රනීත් මාව පාවිච්චි කරනවා...කොටිම්ම ප්‍රනීත් මාව ඉත්තෙක් කරගන්නවා....ඌ මේ දේට ලෑස්ති වෙලා තියෙන්නෙ අදක ඊයෙක නෙවෙ....ඌ දන්නවා...ඌ හොදටම දන්නවා....මම සංධීර්ට මොකුත් වෙන්න දෙන්නෙ නැ කියලා ...නිදහස් වෙන්න ඔන්න මෙන්න ඉන්නකොට තවත් නඩුවක් උඩට අදින්න දෙන්නෙ නෑ කියලා දන්නවා....

මම එහෙම්ම සාක්කුවට අත දැම්මා....

නෑ...

අනිත් සාක්කුවට...නෑ....පිටිපස්සට....ඒත් නෑ.....

සාක්කු හතරෙන් එකකවත් සිගරට් එකක් නැති වෙනකොට මං එතනම තිබුන සිල්ලර කඩෙට ගියා.....කඩෙන් බාගයක්ම පිරෙන්න මැලිබන් ටී ටයිම් බිස්කට් වගේම ලිට්ල් ලයන්ද මොකේද කේක් පෙට්ටි තිබුනා.... නත්තලට නෑගම් යන මිනිස්සුන්ට අරන් යන්න...

මොනවද....

ඩ්ඩ්....ඩන්හිල් .....ද්..දෙකක්.....

කේක් පෙට්ටි වගේම බිස්කට් පෙට්ටි පුරාවටම ඇස් ගෙනියපු මම අවසානෙදි ඉල්ලුවෙ සිගරට් වෙනකොට කඩේ උදව්වට උන්න කොල්ලා සිගරට් දෙක දෙනකොට මම කඩේ දැලේ එල්ලා තිබුන ලයිටර් එකෙන් සිගරට් එක අවුලන් සල්ලි දීලා එලියට ආවා....

"සංධීර් සිගරට් බොන්න එපා දරුවෝ..."

මට මගෙම වචන මතක් උනා...අවුරුදු දහ අටක කොල්ලෙක් උන මම එයාට දරුවො කිය කිය සිගරට් බොන්න එපා කියලා බැනලා...අද....සිගරට් කන්න පටන් අරන් තිබුනා....

ම්ම්..මට.....ම්ම්...මහ....අසරන....ක්ක්..කමක්....දැනෙනවා....ස්ස්.....සංධීර් ...

අතේ ඇගිලිවලට හිර උන සිගරට් එකේ සිගරට් දුම උඩු හුලගට යන්න යනකොට නත්තල් කාලෙට එන.පාර දෙපැත්තෙන් තියන් විකුනන ෆයින්ස් ගස්වල අතුවලින් එන අර නත්තල් සුවද ,සිගරට් එකේ වේදනාත්මක දුක ඇවිදින් සම්පූරනම ගිලගත්තා......

උඹ මට කොන්ඩෙ කපල...රැවුල කපලා...මූනට ෆේශල් එකක් දාගන ඉන්න කියන්නෙ....අවුරුදු පහක ඇරියස් එකක් දවසින් අල්ල නම්.....ප්‍රනීත්...උඹ මම ගෙවන අවසානම....නත්තල මේක වෙයි...

මොකද....මම උඹගෙ කාර් එකට නැගපු මොහොතෙ ඉදන් ද්‍රෝහියෙක්....මම උඹ එක්ක ආව මොහොතෙ ඉදන් මම ද්‍රෝහියෙක් ...එකක්...මගෙ ආදරේට....අනික මගෙ යාළු කමට.....

උඹට ඕනා..මාව පාවිච්චි කරන්න...මට ඕනෙ....එයාව නැති කරන්න තියන හැම සාක්ශියක් එක්කම උඹවත් මරාගන මැරිලා යන්න.....මං ඒක තීරනේ කරල ඉවරයි ප්‍රනීත්....සමහර විට.....අපේ ගෙදර නත්තල් ගහ ආයම ගේ මුල්ලකට කරන්න වේවි....

උගුරෙන් උගුර ඇදපු සිගරට් එක අවසානෙදි ඉවර වෙලා යනකොට පැයගානක අනියම් ප්‍රේමයක් වෙන්න උන්න මම අවසානෙදි සැලෝන් එක අස්සට ගියා....ගිහින් ඉදගත්තා.....

මට....සමාවෙන්න.....සංධීර් ...

බාබර් කොල්ලගෙ අතට හිර උන කතුරට මගෙ වැවුන කොන්ඩෙ කැපි කැපි නින වැටෙනකොට මම ඔහේ බලන් උන්නා...

මං දැන් උඹටත් වඩා වයස පාටයි වගේ මගෙ සංධීර්.....

මට මාවම මග ඇරුන තැන....මට උඹව ඕනම උන තැනයි මගෙ සංධීර් ...

මම තනියෙන් දරාගත්තු තැන...මට කවදාවත් දරාගන්න පුලුවන් තැනක් නෙවෙයි සංධීර් ....

තාප්පෙන් එහා ඉන්න උඹ ඔහෙන් මැරෙනකොට .....තාප්පෙන් මෙහා උන්න මම දැනටමත් මැරිලා ඉවරයි සංධීර්....

මං හිතන්න....උඹයි මමයි....හමුවෙන්න පින් කෙරුවට...එකතුවෙන්න පින් කරලා නැතුව ඇති මගෙ සංධීර් ....

යෙවීන්....

මම උන්නෙ රාක්කෙක තිබුන හීනි කතුර දිහා බලාගන ....තියපු ගමන් කැපිලා යන තරමට මුවහත් කරපු කතුරු තලේ දිලිසෙනවා.....මගෙ දැහැන බිදගන ප්‍රනීත්ගෙ කටහඩ ඇහෙනකොට මම කන්නාඩියෙන් එයා දිහා බැලුවා....ප්‍රනීත් උන්නෙ සතුටින්....ඒ ඇස් දිලිසෙනවා...එයා කියපු විදිහටම මූනට කරන්න ඕනා දේවල් කරලා.....රැවුල කොන්ඩෙ කපලා උන්න මගෙ දිහා බලන් උන්න ප්‍රනීත්ගෙ ඇස් දිලිසනකොට මගෙ ඇගිලි කාටත් හොරාවට අර මුවහත් කතුර උඩ එහා මෙහා ගියා.....

එන්න බබී.....

මම මොකුත් නොකියා උන්නා...එයා පුරුදු විදිහටම ආයම එන්න බබී ගානකොට මම මීක් නොගා කාර් එකට නැග්ගා...මං දන්නවා...මට දැනෙනවා...ප්‍රනීත් උන්නෙ ඇහිපිල්ලමක් වත් නොගහා මා දිහා බලාගන වැවුන රැවුල කැපිලා...කොන්ඩෙ කැපිලා....කෞ ගහලා තිබුන පාට වෙලා ඇවිත් තියනකොට ප්‍රනීත් උන්නෙ මා දිහා බලාගන.....

දැන්නෙ ලස්සන මගෙ කොල්ලා.....මෙච්චර කල් වැදි පැටියෙක් වගේ ඉදලනෙ....

ත්ත්....තමුන්ට....ම්ම්..මාව....ප්ප්.....පැය....ක්ක්..කීයකටද...ඕ...ඕනෙ.....ප්..ප්‍රනීත්.....??

මගෙ කොල්ලගෙ ලස්සන කියනපු ප්‍රනීත් මගෙ කම්මුලක් ආයම පිට අල්ලෙන් අත ගෑවා...මේ පාර මම ඒ අත අහක් කෙරුවෙත් නෑ මොකූත් කෙරුවෙ නෑ.... අතපත ගාන තැනක් අතපත ගාම්ම දීලා නිකන් උන්නා.....

පැය ගානටක.....ම්ම්....මට කවදාවත් පැයකට දෙකකට උඹව ඕනා උනේ නෑ මගෙ යෙවීන්..මට උඹව ඕනා උනා උනේ හැමදාටම....ඒත්....

....

වැඩක් නෑ..දැන් කතා කරලා තේරුමක් නෑ...කමක් නෑ අදින් පස්සෙ...වෙන්නෙ මොනවද...ඒ විදිහට මූන දෙමු...අනියම් දෙයක් උනත්...ඕනාවට වඩා රස වෙන්න ගියහම...පහු කාලෙකදි නීරස වෙන්න පුලුවන් ...

ප්‍රනීත් කියවනවා.....කියවන ගමන් මගෙ කෝටු ගැහුන අත උඩින් අත තියා ගත්තා... අමේලිට මොනවා උනාද....මොනවා කිව්වද දන්නෙ ඌම විතරක් වෙනකොට මට අහන්නවත් හිතක් තිබුන් නෑ....

මම බලන් උන්නා...අවුරුදු ගානකට උඩදි එයා එක්කම ගියපු වෙරල පාර...මේ හැම දේම වෙනස් වෙලා....මේ හැම දේම වෙනස් වෙලා ගිහිල්ලා...එයා එක්ක ගියාට පස්සෙ ....මං හිතෙන්නෙ මම ගියපු එකම පාර කොලේජ් එකට යන පාර විතරක්ම වෙනකොට මෙ අවුරුදු ගානට මිනිස්සු ...මෙ දේවල් කොයිතරම් නම් වෙනස් වෙලාද කියන්න මටවත් හිතා ගන්න බැරි උනා.....

බබී...

.....

තව කොච්චර කල් තියනවද....

.....

යෙවින්....මා එක්ක කතා නොකර ඉන එපා යෙවීන්....මම එක්ක යන්නෙ පැයඅට දෙකකට නිදියන එකෙක්ව නෙවෙ යෙවීන්....මාව අදුනන්නෙ නැති ගානට දාලා මා එක්ක කතා නොකර ඉන්නෙ ඇයි යෙවීන්...

ම්ම්..මම...මොනවද ක්ක්...කතා කරන්න ඕනෙ...ප්ප්..ප්‍රනීත්.....ත්ත්...තමුන්ගෙ හිත දන්නවා...මෙක....ද්‍රෝහි....ක්ක්..කම්ක්....

කියලා .....අරකි.....ත්ත්...තමුසෙට ආදරේ බව...ද්..දැන...දැන.....ම්ම්..මට...එකෙක්...ඉන්නවා...ක්ක්..කියන්න..දැන...දැන.....ම්ම්..මාව....ප්ප්..පාවිච්චි ක්ක්...කරන්න...එක.....ද්‍රෝ...හිකමක්....ව්ව්..වෙනකොට.....ම්ම්..මම....මොනවද....ක්..කතා...කරන්නෙ....ප්..ප්‍රනිත්...ආ....??

එයා කට පියා ගත්තා.....ඇයි එයා එක්ක කතා නොකරන්නෙ අහපු ප්‍රනීත් ඊලග තත්පරේදි කට පියා ගත්තා .....ඇත්තනෙ....මම මොනවා කියල කතා කරන්නද....උඹ හොදින්ද...මට තාම ආදරේද....මාව මතක් වෙනවද....ඔව්වා අහන්නද....???

යෙවීන්.....

.....

එච්චර ලොකු දෙයක් කරන්න....හිත හදාගත්තෙ කොහොමද යෙවීන්....?

මෙච්චර වෙලාම බහුභූත කිය කිය මගෙ ලේ කෝප කරපු ප්‍රනීත් අනිත් පාර මගෙ කටින් වචන ගන්න මගෙ දුර්වල තැනටම පහර දෙන්න ගත්තා.....එයාට හැම එකම ඇහිලා...මගෙ සංධීර් රොබිනත් එක්ක ඉස්පිරිතාලෙ දි කියපුහැම දේම ඇහිලා....කරුමෙට අඩු කඩාගන උන්න ප්‍රනීතුත් ඉදල තියෙන්නෙ එතන.....

යෙවීන්....බබී....මං උඹව පාවා දෙන්නෙ නෑ.....ඌව පාවා දෙන්නෙත් නෑ... ..

උඹ මාව විස්වාස කරන්නෙ නැති වෙන්න පුලුවන් ..හැබැයි....උඹයි....උඹගෙ අර පෙරකදෝරුවයි ඌව මැරුවෙ කියන්න ඕන තරම් සාක්ශි මන්ගාව තියනකොට මම අද වෙනකන් ඔව්වා තියාගන ඉන්නෙ නෑ යෙවීන්....මම එදාම දීලා දානවා....මොකද ...උඹ දන්නවද....නැද්ද....කියන්න....මං දන්නෙ නෑ.....අපිත් ඒකට වන්දි ගෙව්වා...මගෙ තාත්තා හිර ගෙවල් ගානෙ උන්න.....මුලු ස්ටාෆ් එකම හිර කූඩුවෙ ලැග්ගා....පාවා දෙනවා නම්....මම පාවා දෙන්නෙ එතනයි යෙවීන් ...නැතුව අද නෙවෙ....අනික...මට උඹව බය කර කර අරන් යන්න ඕනා නම්...අවුරුදු පහක් ගෙවෙනකන් ඉන්නෙ නෑ යෙවින්....සංධීර්ව අරන් ගිය දා ඉදම්ම මං උඹට වැඩේ දෙනවා...

.එ..එහෙනම්.....ද්..දැන්....මොනවද.....ම්ම්..මගෙන්....බ්..බලාපොරොත්තු ව්...වෙන්නෙ...ප්ප්..ප්‍රනීත්...

මොකුත් නෑ.....මට ඕනේ....ළඟ තියාගන්න...

.....

මට ඕනෙ...එක දවසක්....එක....පැයක්...හරි ...මගෙ ගාවින් තියාගන්න...මට ඕනෙ...එච්චරයි ...

මම නලල මිරිකන් ශටර් එකෙන් එපිට පේන නිල් පාට මුහුද දිහා බලන් උන්නා...රැල්ල ගහනවා ආපිට මුහුදට යනවා...රැල්ල ගහනවා....ආපිට මුහුදට යනවා......

මම අවසානෙදිම මෙතනට ආවෙ එයා එක්ක.....මම රැල්ලක් පෑගුවෙ එයා එක්ක..... අඩිපාර දිගට අඩි තිය තිය ගුයෙ එයා එක්ක.....ඒ හැම දේම තියනවා....ඒත් එයා නෑ.....

ප්ප්..ප්‍රනීත්.....ප්ප්..පොඩ්ඩක්....න්න්..

නවත්තන්න....

රැලි ගහන මුහුද දිහා බලාගන ඉදලා මම එයාට කාර් එක නවත්තන්න කියනකොට එයා ඇයි....මොකද මේ මොකූත් නාහා කාර් එක නැවැත්තුවා.....

බබී.....

මම බැස්සා...උදේ අව්ව උනත් ටිකක් සැර උනා.....ටිකක් නෙවෙ...මුහුදට වැටෙන අව්ව කොහොමත් සැරයි.....

මම බලන් උන්නා...

අදත් එදා වගෙම අවු පූටකේ තියන දවසක්...

මුහුදු රැල්ල එක්ක ගොඩට ගහගන ආව ගස් කොටයක්...කාක්කෙක්....මැරුන මාලු කුනක්...ඒ නැත්තත් පැත්තට දුවන කක්කුට්ටෙක්.....

මේ හැම දේම තිබුනා....

ඕනම කෙනා නැතිව අනිත් හැමදේම තිබුනා...

දුක කියන්නෙ...උඹයි මමයි ඇවිදපු තැන්වල අද මම තනියෙන් යන එක...

උඹයි මමයි ඇවිදපු පාරවල් වල වෙන උන් වෙනුවෙන් මල් පිපිලා තියන එක .....

දඩස්....

මට කාර් එකේ දොර වැහුන සද්දෙ ඇහුනා.....අනිවාර්යයෙන්ම එයත් බහින්න ඇති....එයා මගෙ පස්සෙන් එන බව දැන දැනම උනත් මම එහෙම්ම් වෙරලට බැස්සා.....

පයට පෑගෙන සිප්පි කටු සර බර ගානකොට මම එහෙම්ම රැලි බොක්ක ගාවට ගියා...

ගිහින් රැලි ගහන මහ මුහුද දිහා බලන් උන්නා...

උඹ එදත් අපේ නම් මැකුවා...

පුලුවන් නම්...අදත් මකපන්...

උඹ මකන වාරයක් ගානෙ මම ලියන්නෙ නෑ...හැබැයි ...උඹලා කවුරුත් නොදන්නව උනාට...එ නම මගෙ හිතේ කවදාවත් මැකෙනෙ නැති වෙන්නම කොටාගන ඉන්නෙ...

කතා කරනකොට ගොත ගැහෙන කට වගේ නෙවෙ හිත.....මගෙ හිතට නැවතීන් ලකුනු නැතුවම කියවන්න පුලුවන් ....මම ගොත නොගහන හිතෙන් මුමුනලා අවසානෙදි රැල්ල ඇවිදින් එයාගෙ මගෙ නම හෝදන් යන බව දැන දැනම මම අපේ නම් ලිව්වා.....

එකම සයන්නක් ලොකුවට ලියලා.....සංධීර් ....සංජාන කියලා ලියලා හැරෙනවත් එක්කම කාලකන්නි රැල්ලක් ඇවිදින් වෙරලට අයිති නැති දේ මකල දානකොට මම ආපිට එන්න හැරුනා වගේම ප්‍රනීත් ඒ මැකිලා ගියපු නම දිහා බලාගන උන්නා....

සමහර බැදීම්....සමහර හැගීම් සක්කරයගෙ පුතා වයිමටවත් වෙනස් කරන්න බෑ...

මම කාර් එකට නැග්ගා...එක්කන් යන්නෙ කොහෙද...කියලා අහන්නවත් මට උවමනාවක් තිබුන් නෑ.....

මෙතනින් පටන් ගත්තම නිමක් කොනක් නැතුවම තියෙන්නෙ හෝටල් කාමර වෙනකොට එයා මාව එයලගෙ තැනට එක්කන් යාවි කියලා හිතපු මම ඔහේ උන්නා....

හැබැයි ප්‍රනීත් එතන නැවතුනෙත් නෑ...නන් ඒසි...ඒසී...හයි ලක්සරි මේ හැම රූම් එකක්ම...හැම රිසෝර්ට් එකක්ම පහු කරන් යන ප්‍රනීත් දිහා මං බැලුවා....

ක්ක්...කොහෙද....ම්ම්...මාව...එක්ක....ය්ය්..යන්නෙ...?

ගෙදර .....

ග්ග්..ගෙදර.....???

ඔව්...මගෙ ගෙදරට ...

මම ප්‍රනීත් දිහා බලාගන උන්නා..එයා ගානක් වත් නැතුව කිව්වෙ එයාගෙ ගෙදරට එක්ක යනව කියලා වෙනකොට ඒ මූනෙ තිබුන හැගීම් මට තෝරන්නත් අමාරු උනා.....

භවනක්.....

දෙවියනේ...

මාව එක්ක යන්නෙ ගෙදර කියපු ප්‍රනීත් මගෙ කලවයක් උඩ තිබුන මගෙ අත එයාගෙ අතට පටලවනකොට කොහොමත් මැරිලා උන්න මම අවසානෙදි ඔහේ ඉන්නකොට එයා කාර් එක තනිකරම ස්ව්රන විමානයක් වගේ ගෙදරක් ඉස්සරහින් නැවැත්තුවා ....

මම දැකලා තිබුන් නෑ...මම...මේතාක් වෙනකන් ප්‍රනීත්ගෙ ගෙදර දැකලා තිබුන් නෑ.....කට වචනෙට නෙවෙ.....අතිශයෝක්තියකිනුත් නෙවෙ...ඒක වචනයේ පරිසමාප්තියෙන්ම ස්වර්න විමානයක්.....

කලුම කලු ගේට්ටුවල තිබුන මල් වැල් රත්තරන් පාටින් දිලිසෙනකොට මම ඈතින් පෙනුන ගේ දිහා බලන් උන්නා.....

එක් අතකට අමේලි වාසනාවන්තයි.....මේ වගෙ සැප තැනක ඉන්න....ඒත්...මොන සැප තිබුනත් වැඩක් තියනවද ආදරේ කරන්න තෝරගත්තු එකා සල්ලාලයෙක් නම්....

.බබී බහින්න ....

බබී...බබී...බබී...බබී...ඒ කටින් බබී කියන වචනෙ පිට වෙන වරයක් ගානෙම මට ප්‍රනීත්ගෙ දිව එලිට අදින්න තරම් කේන්තියක් ආවා උනත්...අද දවසෙ අවසානෙදි උගෙයි මගෙයි දෙන්නගෙම අවසානෙ කියන්න දන්න මම කටවහන් ප්‍රනීත්ගෙ පස්සෙන් ගියා වගේම මට ගෙට ඇතුල් උන තත්පරේදි හුස්ම නැති උනා....

දෙවියනේ....

ප්ප්..ප්‍රනීත්...

මම ප්‍රනිත් දිහා බැලුවා....

....

ත්ත්...තාත්

නැති උනා...

ගෙට ඇතුල් වෙච්ච ගමන් දැකපු දේ මගෙ සර්වාංගෙම පන නැති කෙරුවා...

ප්‍රනීත්ගෙ තාත්තා ....එයාගෙ තාත්තා නැති වෙලා...කවදා.....ඇයි.....

මල්මාලයක් දාපු බිත්තියෙන් බාගයක් වැහුන ඵොටෝ එකේ වීදුරුවෙන් මාවම පේනකොට මං ඒ මූන දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා.....

එයා නැති උනා ....යෙ....වීන්.....

ක්ක්ක්....කවදද ...

මගෙ ගාවට ආව ප්‍රනීත් එයාගෙ තාත්තගෙ ඵොටො එක දිහා බලාගන එයා නැති උනා කියලා කියන ගමන් මගෙ උරහිසක් මිරිකගත්තා .....එතකොට දැන් එයාද මේ හැම දේම බලාගන්නෙ ....එයාගෙ තාත්තා නැතිවෙලා මං ඒකවත් දන්නෙ නෑ....

මං ඔහේ ඵොටෝ එක දිහා බලාගන ඉන්නකොට උඩ තට්ටුවෙන් අඩි සද්දයක් ඇහුනා .....මං එහෙම්ම බෙල්ල උස්සලා බැලුවා ....

අම්මා....

කොහෙද ඔයා යන්න යන්නෙ....

කොහෙවත් නෑ....

ප්‍රනීත්ගෙ අම්මා...එයාගෙ අම්මා කොහෙද යන්න යන්නෙ අහන ගමන් පහලට ඇවිදින් මා එක්ක හිනා උනා වගේම මට ටිකෙන් ටික මං ගැන මහ වරදකාරි හැගීමක් දැනෙන්න ගත්තා ....

එයාට මට මොනවහරි කරන්න ඕන නම් මාව ගෙදර ගේන්නෙ නෑ....ඇරත් අම්මා ඉන්න බව දැන දැන කොහොමත් ගේන්නෙ නෑ....

ඔයා මොනවහරි බොනවද ...

එ...එ....

මං ඔයාට මොකුත් කරන්නෙ නෑ යෙවීන් .....මං ඔයාට මොකුත් කරන අදහසකින් මෙහෙ ගෙනාවෙත් නෑ.....ඔයා එන්නෙ නැතිවෙයි කියලයි මං එහෙම කිව්වෙ .....

ඇත්ත...මට...මට....බබී.....අපි මිනිස්සු....හැමෝටම හැගීම් දැනීම් තියනවා .....අපි හැමෝම කැමතී යෙවීන් අපි ආදරේ කරන කෙනා එක්ක සීමා පනින්න....වැරද්දක් උනත් සමහර තැන් නවත්තන්න බැරිවෙනවා ....අවංකවම .....මට.....මට ආසාවක් තිබුනා යෙවීන්....මං කොතනකදි වත් නෑ කියන්නෙ නෑ....ඒත්....මගෙ නෙවෙ බව දැනුනට පස්සෙ මට ඒ හැගීම නැති උනා යෙවීන් ....

මොන දේ උනත්.....මගෙ පලවෙනි ආදරෙ උඹ.....ඒක ඒ විදිහටම හිතේ තිබුන දෙන් මට ආය කවදාවත් ඒ තැන ගන්න හම්බෙන්නෙ නෑ....

උඹ සෑහෙන කාලෙකින් නිදියලා නෑ කිව්වා ....මාව විශ්වාස නම්....මගෙ කාමරෙන් ගිහින් නිදා ගනින් යෙවීන් ...මන් තිරිසනෙක් නෙවෙ ....

එයා මගෙ ඔලුව අත ගෑවා .....බබී බබී

ගගා මගෙ ලේ කෝප කරපු ප්‍රනීත් ටිකෙන් ටික වෙනස් වෙන්ස්කොට මොනවද බොන්නෙ කියලවත් නාහපු එයාගෙ අම්මා ඇවිදින් හෙන උස කිරි වීදුරුවක් තියලා මා දිහා බැලුවා .....එයා අම්මට කියලද .....

ගෙදරට ආව මනුස්සයෙක්ට මෙ පූටකෙ බීම එකක් වෙනුවට කිරි එකක් දෙන්නෙ...

යෙවීන්...

මාව් ගැස්සිලා ගියා .....එයාගෙ අම්මා මට යෙවීන් කියලා කතා කරනකොට මට මහ වේදනාවක් දැනෙන්න ගත්තා එහෙන් එයාගෙ තාත්තා නැතිවෙලා ...එයාගෙ තාත්තා නැතිවෙන්න හේතුව අපිද??

මේක බොන්න ...

හ්හ්...හා.....අ...ඇ....ඇ...

කිරි වීදුරුව දිහා බලන් කල්පනා කරපු මගෙ අතට කිරි එක දිපු එයා මේක බොන්න කියනකොට අවංකවම මට වෙනදටත් වඩා ගොත ගැහෙනකොට මං කිරි වීදුරුව අරන් එක හුස්මට බීලා ඇරියා....

මගෙ කට පිච්චුනා...ඒත් මං බිව්වා.....මට පිට උගුරෙ ගියා ඒත් මං බිව්වා...

මගෙ කට කොන්වලින් කිරි එලියට ආවා....එත් මං බිව්වා...බීලා අවසානෙදි ප්‍රනීත් කිව්වා වගේම මම එයාගෙ කාමරේට ගියා...එයාගෙ අම්මා බලන් උන්නා...මම එයාගෙ පස්සෙන් යන හැටි...ඒත් එයා නෙවෙ වචනයක් ඇහුවෙ....වචනයක් කිව්වෙ ....

බබී....

මං දොරකොඩ ගාව නැවතුනා...මට ඉස්සරහින්.ගියපු ප්‍රනීත් බබී කියලා කියන ගමන් මගෙ කම්මුලක් ආයම අතගෑවා...අතගාලා.මගෙ මූන දිහා බලන් ඉදලා හෙන බර හුස්මක් පහලට දැම්මා.....

අද නත්තල් .....මා එක්ක...අපි එක්ක පල්ලි යන්න එනවද එනවද....

එයා මගෙන් පල්ලි යන්න එනවද ඇහුවා...මට දෙන්න තියන එකම උත්තරේ බෑ කියන එක.....මම මගෙ අම්මා තාත්තා එක්කවත්...බාප්පා එක්කවත් නොයා.....ප්‍රනීත් එක්ක යයිද....

වෙනසක් නෑ...මගෙ උත්තරෙ බෑ කියන්න ඔලුව දෙපැත්තට වැනෙන කොට එයා මා.දිහා බලාගන ඉදලා ප්‍රනීත්ගෙ කාමරේ දොර ඇරියා....

ප්ප්...ප්‍රනීත්....

මට ගොත ගැහුනා ...ප්‍රනීත් ගෙ කාමරේ දොර ඇරියත් එක්කම තිබුනෙ මගෙ ඵොටො එකක්.....නෑ....එකක් නෙවෙ ...දෙක තුනක්ම.....

ඇ..ඇයි....ම්...මේ....ඇයි...මේ.....??

මම ප්‍රනීත්ගෙ මැනික්.කටුවෙන් අල්ල ගත්තා...ටිකක් නෙවෙ කඩලා යන තරමට තදිම්ම.....

යෙවීන්.....උඹ බය....අමේලි ගැන නම්...නෑ...කවදාවත් එයා මේ ගෙදරට ඇවිල්ලා නෑ....එක්කන් ආවත්...මම කවදාවත් මේ කාමරේට එක්ක එන්නෙ නෑ....කවදා හරි දවසක...මේ හැම ඵොටෝ එකක්ම.අයිති කෙනා ගාවට යාවි...එතකම් තිබුන දෙන්.....

ප්...ප්ප්..ප්‍රනීත්.....එ...එපාහ්හ්!!!!

.*

*

*

මම උන්නෙ ජනේලෙන් එපිට බලාගන....පිපුන මල් ඔහේ බිමට වැටිලා තිබුනා....

සුවද උරා ගත්තු උන් මැරුන මල් පාග පාග යන්න ගියා මිසක්කා...මැරුන මල් ගැන උන් නෑ හැරිලා වත් බැලුවෙ...

මිනිස්සු හිනා වෙනවා....කලු ලෝගු කාරයන්ගෙ ඵොටො හතර අත වදිනකොට මම විතරක් ඔහේ උන්නා.....

මම එහෙම්ම අහස දිහා බැලුවා.....මගෙ ජීව්තෙන් වැඩිම කාලයක් කෙරුවෙ මේ අහස දිහා බලපු එක වෙන්න ඇති ...

වැස්සක් එන්න වගේ.....

අවාරෙ වැහි වැටෙනවද.....??

අවාරෙට මල් පිපෙනවා නම්.....

ඇයි අවාරෙට වැහි වැටෙන්න බැරි......

මම වෙනස් උනා...මම තවත් වෙනස් උනා....එදා ප්‍රනීත් මාව කාමරේට තල්ලු කරපු දා මගෙ ජීවිතේ අන්දකාරෙටම වැටිලා යනකොට මම කැ ගැහුවා...ඇයි එහෙම කෙරුවෙ කියලා මම ඒ මුලු කාමරේම අනිත් පැත්ත ගැහුවා.....

ඇඩුවා හීල්ලුවා...අවසානෙදි අවසානෙදි ජේසු බබා ඉපදුන මහ රෑක පිස්සෙක් වගේ කකුලට සෙරෙප්පු දෙකක් වත් නැතුව මම එන්න ආවා.....

අවංකවම මට ගැහුවෙ නැත්තෙ හෙන විතරයි ...

මේ දරා ගැනිල්ල ගැන කියනව නම්..මගෙ හදවත ගලවලා අතට අරන් මල් මාලා දාන්න ඕනා...

ගෙවුන මාස හය ගැන මට කියන්න තව වචන නැතුව ගියා...මම අමේලිව පවා ගෙයින් එලියට දැම්මා...මට මූන දෙන්න අමාරුයි....මට මගෙ මූන මේ මුලු පිටස්තර ලෝකෙයටම දෙන්න අමාරුයි .....වහපු දොරවල් ගාව අම්මලා රැයක් දවාලක් නැතුව යෙවීන්...යෙවීන් කියනකොට ....මගෙ කාමරෙ දැන් සිගරට් ගද විතරක් නෙවෙ අරක්කු ගදෙන් පවා වැහිලා ගියා.....

මං හිතන්නෙ සංධීර්ට ආයම යෙවීන් කෙනෙක් හම්බෙන්නෙ නැති වේවි.....

මම ඔහේ උන්නා.....වෙන ලෝගු කරයො ගාව පවුල් පිටින් ඉන්නකොට මගෙ පවුලෙ මිනිස්සුන්ට මා දිහා දුරින් බලන් ඉන්න උනා.....

මම ලෝගුවක් දැම්මෙ යුක්තිය කතා කරන්න උනාට අවසානෙදි මටම යුක්තියක් සාදාරනයක් නැති උනා...

මගෙ රත්තරන් පුතාට....සුභ පැතුම්.....

මීට අම්මා....

මගෙ අතේ තිබුන මල් පොකුරෙ තිබුන අකුරු දිහා බලාගන උන්න මම ඒ අකුරු මොන අම්මගෙ අකුරුද කියලා කල්පනා කෙරුවා .....

මට දැන් අත් අකුරක් වත් අදුනන්න බෑ....මට තිබුන එකම උවමනාව සංධීර්ගෙ හීනෙ විතරක් වෙනකොට අනිත් පැත්තෙන් මම සම්පූරනම මැරිලා ගිහින් උන්නා....

සුදු සාරිය ඇදපු අමේලිව ප්‍රනීත් දිගට හරහට ඵෝටො ගන්නකොට මගෙ අම්මා ගාව උන්න බාප්පා ඵෝන් එක මගෙ පැත්තට හරවනවත් එක්කම මම අනිත් අතට හැරුනා.....

මං හිතන්නෙ මගෙ අම්මා තාත්තා තරම් අසරන වෙන්න නැතුව ඇති කවුරුත් ...

යෙවීන්.....

ම්ම්...ම්ම්..මං.....ප්ප්..පස්සෙ....එ..එන්නම්.....ඔ..ඔයාල....යන්න....

මගෙ ගාවට එන්න හදපු අමේලි දිහා වත් නොබලා අතේ තිබුන මල් එක දිහා බලන් උන්න මම එයාලට යන්න කිව්වා...

මට ඵොටෝ එකක් ගන්න ඕනා.....එයා එක්ක...

මට මේ මල් එක එක්ක ඵොටො එකක් ගන්න ඕනා....එයා එක්ක....

හැමෝම වගෙ ..මගෙ ඇගේ තියන ලෝගුව එයාට අන්දවලා ඵොටෝ එකක් ගන්න ඕනා...ඒ එයා එක්ක....

එයාම තහංචි දාපු තැනට අද මමම යන්න යනවා ........

සංධීර් .....මං....උඹගෙ හීනෙ.....ඇත්තක්....කෙරුවා සංධීර් ....

ඒ හැමෝම මාව දාලා යන්න ගියා...තවත් කියල පලක් නැති බව දන්න එයාලා මාව දාලා යනකොට අවසානෙදි මම මල්.පොකුර එක්ක තනි උනා....

ස්ස්.....සංධීර් ...ම්ම්....ම්ම්..මං....දැන්.....උ..උඹ.....වගේ...

ම්ම්..මං...දැන්.....උ..උඹ....වගේ.....ල්ල්..ලෝගු...ක්ක්..කාරයෙක් ....

ම්ම්...මං....උඹව....බ්බ්..බලන්න....එ..එන්නම්....අ..අනෙ....එ..එපා...ම්ම්..මාව....

එලවන්න.....

මල් පෙතු උඩට වතුර බින්දුවක් වැටුනා....මගෙ ඇස් වලින් වැටුන කදුලු නෙවෙ....අහසෙන් වැටුන කදුලු ...වෙනදට දුක කිය කිය ඇඩුවෙ මම උනාට....හැගීම් මැරුන මට කොහෙන්ද කදුලු ....

රතු රෝස මල් උඩ අහස් කදුලු වැටෙනකොට මම මල් පොකුර පරිස්සම් කෙරුවා ....එයාට දෙන්න...

ස්ස්....සංධීර් .....ම්ම්..මට....කියන්න....ම්ම්...මං....ආවොත්.....උඹ.....එලවන්නෙ.....නෑනේ.....ද.....උ..උඹගෙ....ඇ..ඇබිත්තම....අ...ආවොත්.....එ..එලවන්නෙ...න්න්..නෑනෙ.....ද.....ස්..සංධීර්........

නෑ...එලවන්නෙ නෑ...

"එලවන්නෙ නෑ..."මගෙ හුස්ම එක පාරම නැවතුනා වගේ උනා....

තනියෙන් දුක කිය කිය උන්න මට කවුරු හරි උත්තර බදිනකොට මගෙ සර්වාංගෙම කරන්ට් එකක් වැදුනා වගේ දැනුනා...

ලබ් ඩබ්...

ලබ්...ඩබ්...ලබ්...ඩබ්....

මෙච්චර වෙලාම ගැහුන්නෙ නැති පපුව එක පාරම පන ගහන ගත්තා ....

ඒ කටහඩ.....

ඒක.....

එයා කිව්වා එලවන්නෙ නෑ කියලා ....

මගෙ අතෙ තිබුන මල් පොකුර මටත් නොදැනීම පපුවට තවත් තද වෙනකොට පෙති තැලුන මලක කහට තනු සුදු ශර්ට් එකේ වැදුනා වගේම හොරෙන් හොරෙන් අඩන්න හදපු අහසට එකපාරම ඉකි ගැහුනා.....

අවාරෙට මල් පිපෙනවා නම්....

ඇයි අවාරෙට වැහි වැටෙන්න බැරි.....

අවාරෙ වැහි වැටෙන්නෙ....

පිපිරුන හිරෝශිමාවෙ...ආපහු මල් පිපෙන්නද...

දලු දාන්නද.....

.අට හැරෙන්න බයයි....

මම උන්නෙම මංමුලා වෙලා හන්දා මට ආපිට හැරෙන්න බයයි.......

"ඇබිත්තම ...."

ආයමත්.....ආයමත්....ආයමත්....ඒ කටහඩ..සර්වාංගෙම හිරිවට්ටන් ගියපු කටහඩ ආයමත් ඇහෙනකොට අවසානෙදි මම හැරිලා බැලුවා....

දෙවියනේ...එයා...එයා...

මගෙ අතේ තිබුන මල් පොකුර මටත් හොරාවට අතැරෙනකොට වැටෙන්න ගියපු කලු ලෝගුව මම අත් දෙකෙම්ම මිරිකගත්තා ...

ස්.....ස්...සංධී....ර්

මං එච්චරයි කිව්වෙ...

අවාරෙ වැස්සත් එක්ක හිරෝශිමාවට මල් පිපෙන්න පටන් අරන් තිබුනා.....

ස්ස්...සංධී....ර්...!!!!

😩සංජීර් ආවා....යාලුවෙ.....හ්

මුහුක්....

ආයම ...එන්නාම්.......

ජොබී...නිතහා.....ස්ස්

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters