Cherreads

Chapter 69 - 69

අකිල.....

න්න්..නෑ..නෑ...අ..අම්මෙ....එච්චර .....න්න්..නෑ...

අම්මා හිතුවෙ මම උල ඇගේ ඇනන් කියලා ...කොහොම උනත් මම උන්නෙ සංධීර් හින්දා හෙම්බත් වෙලා වෙනකොට අඩන්න ඕනා උනත් අඩාගන්න බැරි කමට මම තුවාල උන අත දිහා බලාගන තාත්තට කෑ ගහන අම්මා දිහා බලාගන එච්චර නෑ අම්මෙ කියලා ඇහෙන නෑහෙන ගානට මුමුනන් මම දනහිස් අස්සෙ ඔලුව ගහගත්තා ...

ඇයි...මොකද

අනේ අකිල නේ කොල්ලා උල ඇනගනනෙ

යෝහ්....කෝ. ...බලන්ඩ...සංජාන....කොල්ලා.....පෙන්නපන් බලන්ඩ.....

ත්ත්...ත්ත...

කොහෙටද ඇනගත්තෙ....තනුසෙටත් පිස්සුනෙ ඕයි පොල්ගෙඩියක් ලෙලි ගහන්ඩ ඕනා නම් මට කියන්ඩ එපැයිනෙ මූ ආවෙත් හෝන්දු මාන්දු වෙවි ..කෝ..පෙන්නපන් තාත්තට....

තාත්තා ඒ අස්සෙන් අම්මට කෑ ගැහුවා...වෙනදට මාව හුරතල් කරනවා කිය කිය බනින තාත්තා අද පොල් ගෙඩියක් ලෙලි ගහන්න දුන්නා කියලා අම්මව මරන්න යනකොට මම නැගිටලා හිටගන මගෙ අත දිහා බැලුවා....

දකුනු අතේ මැදැගිල්ලයි වෙදැගිල්ලයි මැදින් ඉරිලා ගිහින් වගේ තිබුනා...ඒ ඇරෙන්න ලොකූ දෙයක් නොතිබුන මම කෑගහන තාත්තා දිහාට අත පෙන්නුවා....

ත්ත්....ත්තා...ත්තෙ....එ...එච්චර .....අ...අවුලක්....න්න්..නෑ....

කෝ බලන්ඩ...මම එකයි ලෙලි ගහන්ඩ කිව්වෙ.....කව්ද ඔක්කොම ලෙලිගහන්ඩ කිව්වෙ.....

පෙන්නපන් .....

එලියෙ හිටන් උන්න මම වැනි වැනි ගිහින් කුසියෙ ඉදගන්නකොට තාත්තා මගෙ අත අරගන බැලුවා...අම්මා එකක් නැතුව පොල් ගොඩම ලෙලි ගහපු වරදට ඉවරයක් නැතුව බනිනකොට ඉදල ඉදලා අම්මට බනින්න ගන්න තාත්තා අම්මගෙ මලකරච්චලේ කියලා අනිත් පාර අම්මට බනින්න ගත්තා ....වැඩිය කියවන්න්ව් නැති අම්මා මට මොකක් හරි උනොත් කියවන්න ගත්තම ඒක හිසරදයක් වෙනකම්ම කියවන්න ගන්න එක සාමාන්‍ය දෙයක් උනත් මට මොකක් හරි ලොකු දෙයක් උනා කියල බය වෙලා උන්න තාත්තට අම්මගෙ කියවිල්ල ඉවසන්න අමාරු උනා...

අශාන්‍යා ...දෙයියන්ගෙ නාමෙට පොඩ්ඩක් කට පියන් ඉන්නවකො...මුගෙ ඇගිල්ල ගාව යන්නත් තුවාල වෙලා තියෙන්නෙ...තමුසෙටත් ලෙලි ගහන රෙද්දක් ඇහැ කන පේන වෙලේ ලෙලි ගහන්න දෙන්න බෑ...උනාට පස්සෙ කියවන්න එනවා....තාත්තගෙම හොර කට තමා ගිහුන් තියෙන්නෙ....

ඒක ඊටත් හපන්.....

.මට ඇගේ අමාරුවට වඩා තිබුනෙම හිතේ අමාරුව...සංධීර් දිගින් දිගටම මාව ප්‍රතික්ශේප නොකර ගනන් නොගන්න එක...අවංකවම මගෙ ඇගේ තිබුන හැම හයියක්ම උදුරගත්තා ...ඉස්සර වගේ හිතෙ හැටියට මැසේජ් දාන්න තවම ඵෝන් එකක් නෑ...හිතේ දුක කියන්නයි කියලා මට යාලුවෙක් නෑ....එහෙව් එකේ...මාව හැම පැත්තෙම්ම හිර වෙනකොට මට දරන්නම අමාරු උනා....

මාව නිකන් බෝතලයක් අස්සට දාලා මූඩිය වහලා වගේ දැනුනා...

හුස්ම ගත්තා උනත්....ඒක මට මදි වගෙ දැනුනා.....

කොටිම්ම මගෙ හිතේ මහ ගින්නක් ඇවිලුනා...

මොනවා කරනන්නද....වැරද්ද මගෙ....ඒත්...ඒ ඇස්වල කිසිම සමාවක් තිබුන් නෑ...

අ..අම්මෙ....ම්ම්..මට...ප්ප්..පෙනඩෝල්

පෙනඩෝල්.....තොටත් ඇස් කන් ඈ.....සිහියෙන් දෙයක් කරන්ඩ.....අශාන්‍යා...මුගෙ අර දොස්තරයට කතා කරලා අහනවා ගෙදර ඉන්නවද කියලා .....

මම ඉල්ලුවෙ පෙනඩෝල් දෙකක්.....අතේ තිබුන තුවාලෙ ටැප් එකට අල්ලා හෝදලා පෙනඩෝල් දෙකක් බීලා මට ඕනා උනේ ඇදට වැටිලා ඈ පියාගන්න ..වතුර පොදක් බොන්න වත් පිරියක් නැති මම වතුර උගුරක් වත් නොබී පෙනඩෝල් දෙක උගුරෙන් පහලට යවා ගන්නකොට තාත්තා අම්මට යහපතා ගෙදර ඉන්නවද අහන්න කිව්වා...එකත් මගෙ....මගෙ වෙන්නෙ කොහොමද .....යහපතා රොබිනගෙ....මගෙ නලුවා....

ත්ත්....ත්තාත්තෙ....ය්ය් යහපතා....න්න්..නෙවෙ...ම්ම්..මගෙ...ක්ක්..කෙනා....අ..අනික...එ එයාට.....අ..අඩගහ....

මොකක්??....අල්ලපන් අත වතුරට....මගුල් කියවනවා...තොට පිටගැස්ම එන්නද....

මම උන්නෙ සින්ක් එක ගාව හිටගන වෙනකොට තාත්තා ටැප් එකට අත අල්ලන් කැටි ගැහි ගැහි එන ලේ හේදුවා.....මම ටිකක් ටිකක් ගගා උන්නත් මගෙ ඇගිලි මැද ටිකක් ලොකුවට තුවාල වෙලා තිබුනා...ඒ අස්සෙන් සධීර්ගෙ සිහියෙන් ඉදපු මම යහපතා මගෙ කෙනා නෙවෙ කියනකොට මගෙ ඔලුවට ඇනපු තාත්තා තවත් මට බනින්න ගත්තා වගේම අම්මා එක දෙක කරල යහපතාගෙ කනේ තිබ්බා.....

අනෙ ඩොක්ටර් ...ගෙදර ද ඉන්නෙ....

.....

අනේ මේ ළමයා උල ඇනගන....

ය්....යෝහ්....අ..අම්මෙ..

අල්ලපන් අත හැම ලබ්බටම කට දාන්න ඉදපන් කොල්ලො ...

මම ආයම ගුටි කෑවා....එක දෙක කරලා කියපු අම්මා ආයම ඇවිදින් මගෙ අත බලලා යනකොට මම ආයම පුටුව උඩින් ඉදගත්තා ...

යහපතා ආවොත්...අනිවාර්යයෙන්ම සංධීරුත් එයි...

තුවාල අත දිහා බලාගන උන්න මම එයා එයි කියලා හිතුවා....නෑ...අවංකවම එයා එයි කියලා ප්‍රාර්තනා කෙරුවා ....එයා එයි...මගෙ හිත එකම දිගට එයා එයි...එයා එයිමයි කියනකොට වේදනාවෙන් උනත් මගෙ හිතට එයා එයි කියන හැහීම මගෙ හිතට පොඩි සැනසීමක් ගෙනාවා....

අන්න ඇවිල්ලා.....

..ලමයෝ.....

අන්න යමන් උඹගෙ වයසක බලඇනිය ඇවිල්ලා

මම උන්නෙ තවමත් කුසියෙ....උදානට එන්න කියපු අම්මා ඉස්සරහට වෙලා මග බලාගන ඉදල මට කෑගැහුවා වගේම තාත්තා මට වයක බල ඇනිය ඇවිල්ලා කියන ගමන් ඉස්සරහට යන්න කිව්වා....

එයා ඇවිල්ලා ඇතිද....එයා ඉන්න ඕන අනිවාර්යයෙන්ම යහපතාලා එක්ක...බාප්පා ඉදීද නැද්ද.කියන්න දන්නෙ නෑ....ඒත්....සංධීර් ඉන්න ඕනෙම අනිවාර්යයෙන්ම යහපතාලා එක්ක....

ලමයෝ...

අම්මා....තවමත් කුසියට වෙලා ඉදන් උන්න මට අම්මා දෙවනි පාරටත් කතා කෙරුවා ....එයා ඇවිල්ලා ඇති කියන බලාපොරොත්තුවෙන් උන්නත් ඒ මූන දැක්කම ඇයි සංදීර් උඹ මට මෙහෙම කරන්නෙ කියලා අහල ඇඩෙයි කියන බයට මම තව ටිකක් පස්ස ගැහුවා වගෙම ඒත් අම්මා අඩගහපු නිසාම නොයාත් බැරි මම ඉදන් උන්න පුටුවෙන් නැගිටලා සාලෙට ගියා....

මොනවා කරන්න ගිහින්ද ...

අනෙ එක පොල් ගෙඩියයි ලෙලි ගහන්න කිව්වෙ මේ කොල්ලා මුලු පොල් ගොඩම ලෙලි ගහලා....

අත ලෙස්සන්න ඇති...

ඔයින් ගියා මදැයි..ඕකගෙ ඇගේ බරත් එක්ක ඉස්සරහට වැටුනනම් පපු කැහුතු ගේන්ඩ වෙනවා.....කෝ.....වර්ව්න් මෙහාට අහු මුලු ගානෙ හිටන් ඉන්නෙ...

කුසියෙ උන්න මම සාලෙට එනකොට මට අම්මගෙ වගේම යහපතාගෙ කටහඩ ඇහුනා....හැබැයි සංධීර්ගෙ කටහඩ ඇහුන් නැතිවෙනකොට එයා කොයි වෙලේ හරි ම්න් ගායි කියල හරි අහන්න ඕනාවට මම කෙලිම්ම නොයා මුල්ලක හිටන් ඉන්නකොට මාව දැකපු තාත්තා ආයම කෑ ගැහුවා වගේම හිමින් හොමින් සාලෙට ගියපු මගෙ බලාපොරොත්තු හැම එකක්ම බලාගන ඉන්නකොට අතින් අතෑරුන වීදුරුවක් හා සමානවම කුඩු පට්ටම් වෙලා ගියා.....

එතන උන්නෙ යහපතයි රොබිනයි විතරයි ....

එයා නෑ ...

යහපතාගෙ බැල්මෙ වෙනසක් නොවුනත් රොබිනගෙ ඇස් මොකද උනේ කියලා වෙනමම කතාවක් කියනකොට මම සංධීර් තරහයි කියන්න මගෙ වේදනාව බරම බර හුස්මකින් පිට කරන ගම්න් මම යහපතා ගාවින් ඉදගත්තා ...

පිට ගැස්මට බෙහෙත් එකක් විදිමු.....තෙමා ගන්න එපා...දවසක් යනකන්...අත තලා ගන්න එපා තේරුනාද.....

ම්ම්ම්....

කෝ බලන්න....

මූට කවදා හරි බන්දල දෙන්න වෙන්නෙ දොස්තර කෙනෙක් කොයි වෙලෙ බැලුවොත් එක්කො ඉස්පිරිතාලෙ ඇදක් උඩ නැත්තන් දොස්තර කෙනෙක් ගාව....

කැහ්...කැ..හ්....

ඒ තාත්තා ....අතට බෙහෙත් දාපු යහපතා ඉන්ජෙක්ශන් එක ගහල එතනට පුලුන් කෑල්ලක් තද කරනකොට තාත්තා ආයාම මට ආඩ පාලි කියන්න ගන්නකොට ඵෝන් එක කකා උන්න රොබිනා කහින්නඅ ගත්තා යහපතා රොබිනා දිහ හැරිලා බැලුවා...

කීයද ඩොක්ටර් ගාන....

සල්ලි එපා....

.උල ඇනගත්තු මට බෙහෙත් දාලා බොන්නත් බෙහෙත් දීලා අතට ඉන්ජෙක්ශන් එක්කුත් විදපු යහපතා යන්න නැගිටිනකොට අපෙ තාත්තා හරි නිවුන කටහඩකින් කීයද ගාන අහනකොට අහිංසක විදිහට හිනා උන යහපතා අනේ සල්ලි එපා කියන ගමන් මගෙ දිහා බලල ප්‍රවේසමෙන් වැඩ කරන්න කියලා එලියට යනකොට රොබිනත් ඒ පස්සෙම්ම් ගියා වගේම මාත් ඒ දෙන්නගෙ පස්සෙන් ගියා 

බබා ඔයා යාන්න මන් එන්නම්.....

අම්මා තාත්තා ගෙයි දොරකොඩ නවතිනකොට යහපතාට කාර් එකට නගින්න කියපු රොබිනා ගෙට්ටුව ගාවදි මා එක්ක නැවතුනා .. 

..මොකක්ද උනේ..

එ..එයා...ක්ක්..කොහෙද .....ර්..රොමේන්....

.අර අපෙ ගෙදර.....

ඒ කියන්නෙ එයා දන්නවා...මට තුවාල උනා කියලා එයා දන්නවා....?ඒත් ....එයා ඇයි නාවෙ.. 

රොමේන්ගෙ වචන හරියටම ගින්දර වගේ... ගින්දර රස්නෙට අහු උන මලක් පරවෙන්නාක්මෙන් මගෙ හදවත මැලවිලා ගියා... 

එ...එයා...ද්ද්...දන්නවද...ම්ම්...මට....ත්ත්...තුවාල උනා...ක්ක්...කියලා රොමේන්....

ම්ම්.....

එ..එයා....මොකද....ක්ක්...කරන්නෙ...

අර පොඩි කොල්ලට කවනවා.....මට කියන්න මොකක්ද උනේ....

ම්ම්..මට මහන්සී ර්....රොමෙන් ...ම්..මං....සියපාරක් ස්..සමාව ඉල්ලුවත්....එයා...ගෙ....ස්ස්...සමාව හරි...ගනන්...රොමේන්...

මම ඇඩෙන්න තිබුඅ ඇස් දෙක පිහදගත්තා ...එයාට මගෙන් වැඩක් නෑ වගෙ...එයාට මගෙ තුවාලෙට වඩා....නෑ...ලොකු තුවාලයක් නොවුනත්...මට වඩා එයාට දැන් එයා ලොකුයි වගේ....

.ර්...රොමෙන් ...ස්...සමහර ...වෙලාවට....ම්..මිනිස්සුන්ට....ඇ...ඇත්ත...ක්..කෙනාට.....ව්..වඩා....ආදේශක උන....ක්..කෙනාව....ව්..වටිනවා...කමක්...න්න්..නෑ....එයාට....ම්ම්..මොකුත් ක්ක්...කියන්න...යන්නත්...එපා....මට...ක්ක්..කොහොමද ...කියලා ...මගෙ....විස්තර කියන්නත් එපා...

ලමයො.....මොකද මෙ...ඔව්වා ඔහොම තමයි....අර ඇතුලෙ ඉන්න එකාව පේනවද.....ම්ම්...අහිංසක කම පෙරාගන උන්නා උනත්...ඌ මාව කී පාරක් නමොය ගෙදරින් එලියට දැම්මද....කී පාරක් නම් මෙ සම්බන්දෙ නවත්තමු ගගා ඌත් උගෙ ගෙදර ගියාද.. ඒත්...ඔව්වා..දවසයි දෙකයි යෙවීන්....උඹ තාම පොඩි එකෙක්...අනික මේක පලවෙනි එක....අරූ හද්ද නාකියා උනත් ඒකගෙත් පලවෙනි එක.....ම්ම්ම්...හොද කොල්ල වගේ හිත රිදවගන්නෙ නැතුව කාලා බීලා බෙහෙත් බීපන්....ම්ම්....

රොබිනා මගෙ කොන්ඩෙ අවුල් කෙරුවා....අවුල් කරල ඔව්වා හිතන්න එපා ගගා මගෙ හිත හදන්න හැදුවා...

අනික...අර පොඩි ඇටයට පුලුවන්ද අපේ ඇබිත්තමා වෙන්ඩ....ම්ම්...බෑනෙ..... 

..එ..ඒඋනත්....ද්ද්...දැනටමත්...ඒ ළමයා....ස්...සංධීර්ට ල්..ලන් වෙලා ඉවරයි...ර්..රොමේන්....එයා.....ඒ..ක්ක්..කොල්ලගෙන් දකින්නෙ...එයාට...ම්..මගෑරුන මාව....

ඒක හරි පුකක්නෙ.....උඹව තියාගන මේ පොඩි බිජ්ජෙක්ගෙන් උඹව හොයනවා නම් ඌට මැනයාව.....උඹ බය නොවී ඉදපන්...මං ගානට ගින්න අවුලලා ගන්නම්...ඇරත් අරුත් එක්ක ඉදලම මම දැන් ඔව්වලින් පදම් වෙලා ඉන්නෙ...

ඔ..ඕන්...නෑ....ර්..රොමේන්...ම්..මිනිස්සුන්ව....බ්බ්..බලෙන්....

අනෙ..අනේ....මේ...ඇබිත්තම....උඹත් නිකන් මහදැනමුත්තා නොවී ඉදපන්.....පේන්නෙ නැද්ද උඹගෙ මූන.....හ්න්..හ්ම්....යමන් ඇතුලට....ගිහින් කාලා බීලා පාඩුවෙ ඉදින්කො....

ම්ම්.....

මගෙ ඔලුවට උපදෙස් කෝටියක් විතර දාපු රොබිනා යන්න යනකොට මම ඒ දෙන්නා යන දිහා බලාගන ඉදලා ගෙට එන්න හැරුනා . . 

ගර්.. ...

අ..අනේ ....ය්..යකො...

ජිමියා...කොහෙ හරි මගුලක ඌම හංගලා තිබ්බ මස් කට්ටක් ආපහු ගොඩ අරන් ගෙයි දොරකොඩ පාපිස්ස උඩ තියාගන ලොටව ලොටව ඉන්නකොට හිත් වේදනාවෙන් ඇගේ වේදනාවෙන්....අනතම මනතෙන් උන්න මට ගෙට යන්න තියා පඩියට වත් ලන් වෙන්න නොදී ගොරවන්න ගත්තා විතරයි මම ඌ දිහා බලලා වට රවුමෙන් ගෙට ඇතුල් වෙන්න ආවා....

අවසානෙදි ජිමියට පවා මාව අරහන් උනා....කමක් නෑ...කමක් නෑ.....සංධීර් උඹට මාව් ඕන වෙන දවසක් එයිනෙ නෙ...කමක් නෑ....

මිදුලෙන් කුසියට ආව මම පුටුවෙ ඉදගන මේස උඩ තිබුන තාත්තගෙ ඵෝන් එක අරන් මම එකට ගියා.....ගිහින් සංධීර් ඒකනායක කියන එකවුන්ට් එක හෙව්වා...

..

ෆ්‍රොෆයිල් එකත් මාරුකරලා...එකවුන්ට් එක ලොක් කරලා...

උඹ ලමිස්සිනෙ එකවුන්ට් එක ලොක් කරන්න.....කමක් නෑ...

මම එයාගෙ ෆ්‍රොෆයිල් එක දිහා බලන් උන්නා තාත්තා එයගෙ එකවුන්ට් එකේ නැති හන්දා දාලා තියන මෙලෝම දෙයක් පෙන්නන්නෙ නැති වෙනකොට මම මගෙ එකට ලොග් වෙලා ආයම සංධීර් ඒකනායකව හෙව්වා .....

උඹට දැන් මන් ගැන හොයනවට වඩා කොච්චර දේවල් නම් තියනවද සංධීර් කරන්න....

මම ඒ මූන දිහා බලාගන කල්පනා කෙරුවා ....උඹට ඌට බත් කවන්න පුලුවන් ....ඌට අනන කටක් ගානෙ මාව මතක් වෙන්නෙ නැද්ද සංධීර් ...?.

මමත් මගෙ ෆ්‍රොෆයිල් එක මාරු කරන්න හැදුවා....ඒත්...මම ආයම කල්පනා කෙරුවා ...නෑ...ඕන් නෑ....උඹට ඕනා මාව වචනවලින්....හැගීම් වලින් රිදවන්න නම්.....කමක් නෑ....රිදවලා බලපන්...මිනිස්සු මට රිදවන්නෙ අදක ඊයෙකෙ නෙවෙනේ...

මම මගෙ කාමරේට ගියා....පොත් මේසෙ අවුස්සලා අවුස්සලා හැංගිලා උන්න සරච්චන්ද්‍ර මහත්තයගෙ මලගිය ඇත්තව හොයා ගත්තා ...

සුදුපාට මේසෙ රෙද්ද උඩ නිල්පාට පොත කැපිලා පේනකොට මම ගිහින් වාස් එකෙ තිබුන රෝස මලක් ගත්තා .....අම්මගෙ වැල් රෝස ගහෙ පිපෙන්නම සුවද ගහන තදම රතු රෝස වෙනකොට පොත උඩ මලත් තියපු මම පොතේ ඵොටෝ එකක් ගත්තා.....

හරි....දැන් අප්ලෝඩ් කරමු....

"මම නැහැයි කියලා මල් නොපිපී

 තියෙන්නෙ නෑනෙ නොරිකො..."

උඹට මම නැහැ කියල ගානක් නෑනෙද අහන්න බැරි කමට මම දෙවොන්දෙරාගෙ වචන දෙක තුනක් හොරකම් කරලා ඵොටෝ එක අප්ලෝඩ් කරලා එකවුන්ට් එකෙන් ලොගවුට් වෙලා ආයම තාත්තගෙ එකට ලොග් උනා....

ලමයෝ...

.....

.ලමයෝ.....එන්න බත් කන්න.....

අම්මගෙ කට හඩ...තුවාලෙ වෙලන්න කියලා යහපතා කරල් දෙක තුනක් දීලා ගියා නොකා බිව්වොත් බඩ දනවා...ඒත්...මට අමුතුවෙන් ආය බඩ දන්න දෙයක් නෑ.....සංදීර් මට දැනටමත් ගින්දරක් දීලා තිබුනා...

මම කුසියට ගියා උම්මලකඩ සුවදයි.....වෙන් දවසක් උනා නම් තම්බපු බිත්තරයක් එක්ක සුදු බත් එකේ පලාතක්ම වැහෙන්න දාන තද රතු තෙල් පැදුන උම්මලකඩ එක්ක මට කොතක් තරමට බත් කන්න පුලුවන් උනත්....අද එ හැම දේන මට පිරියක් නැති උනා.....

"මට උඹව අල්ලන්නත් අපුලයි...."

ඒ වචන හරි සැරයි සංධීර් ...

උඹට ඔය තුවාල අතින් කන්න බෑනෙ....

.

.ක්ක්...කමක්....න්න්..නෑ....ත්තා...ත්තෙ.....වමෙන් කන්නම්.....

අත හේදුවොත් තුවාලෙ තෙමෙන හින්දම තාත්තා හැදුවෙ මට කවන්න වෙනකොට මම වම් අතින් නුහුරට බත් එක අනන්න ගත්තා .....

තාත්ත වෙනුවට එයා උන්නා නම්....එයා ඇහුවා නම්....,

ඇබිත්තම.....

සංධීර් ගෙ..."

කවන්නද කියලා ...

එයා ආයම මට ඇබිත්තම කියන එකක් නෑ...එයා දැනටමත් ඇබිත්තම කියන නම එයාට දීලා....

අල්ලන්නවත් එපා අපුලයි කියන තරමට වැටෙන්න නම්....උඹ මට වෛර කරනවා ඇති.....

කතාවක් තියනවනෙ....කාලයක්....නොසෑහෙන්න ආදරෙ කරපු හිත්මලු නොසෑහෙන්න වෛර කරන්නෙ.....

ඒක එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ....

ඉදා මාලු මිරිස් කරලක්...

තාත්තා එයාගෙ බත් පතේ තිබුන මාලු මිරිස් කරල මට දැම්මා....හාල්මැස්සො තෙල්දානකොට.....උම්මලකඩ කරවල වගේ තෙල් දානකොට ඒකට දාන මාලු මිරිස් කරල කන්න මම කොහොමත් පෙරේතයි....ඒත්...මම අද ඒකවත් කන්නෙ නැතුව බිත්‍තරෙත් බාගයක් තාත්තට දාලා අනිත් බාගෙ අම්මට දැම්මා...දාලා බත් කටවල් දෙකතුනක් කාලා ඉතුරු එක ජිමියගෙ ඇතිලියට දැම්මා...

පිගාන ඔහොම තියන්න අම්මා හෝදන්නම්....

පිගාන තියන්න කියපු අම්මා ආයම තාත්තා එක්ක කනකොට වෙනදට බෙහෙත් පෙත්තක් බොන්න හතර අතේ වදින්න ඕන මම අද කියන්නත් කලින් බෙහෙත් ටික ගිලල කාමරෙට ගියා.....දොර වහගත්තා ....ඇදට වැටුනා....

පාලුයි...

මට මාවම නැති වෙලා වගේ දැනුනා....මාව අතරමන් කරල වගේ දැනුනා ..නිකමටත් බලන්න අහන්න නාව සංධීර් මාව අතෑරලමයි කියලා හිතුනා....

කමක් නෑ....උඹට ඕනා මාව නොකියම අතාරින්න නම්....කරපන්....ඒත් මම අවසාන පාරට උඹ නොකිව්වත් ..උඹ මාව නොදැක්කා උනත් මම එන්නම්....ඇවිදින් උඹට නොපෙන්න හරි මම මට පුලුවන් උදව්ව කරන්නම් සංධීර් .....

මෙච්චර වෙලාම අඩන්න බයේ උනන් ඇස් දෙක අඩන්න අවසර ලැබුන තත්පරේදිම අඩන්න ගත්තා ...මටත් නොදැනිම ඇස් කොන් වලින් වැටෙන කදුලු ගින්දර හා සමානව උනුසුම් වෙනකොට හැමදාම මගෙ වේදනාව තනියම මා එක්ක බෙදාගන්න කොට්ටෙ අදත් මොකුත් නොකියම මගෙ කදුලු බොන්න පටන් ගත්තා....

මිනිස්සු වැටෙනවා....තනිවෙනවා...අඩනවා...

අඩන්න උරහිසක් නැති උන් අසරන වෙනවා....දුක කියාගන්න බලු බල්ලෙක් නැති උන් තව තනි වෙනවා.....

උඹ උගෙන් ඇහුවා කා ගාවද අද ඉන්න ඕනෙ කියලා ...ඌත් උඹවම ඉල්ලුවා...මං දන්නවා.....උඹලා දෙන්නා අතරෙ මොකුත් වෙන්නෙ නෑ ..උබ එහෙම තිරිසනෙක් නෙවෙ....ඒත්.....උඹ ඌ ලව්වා උදුරවගත්තෙ මගෙ තැන සංධීර් ...

වැලන්ටයින් එක ගැන කිව්වම උඹ කිව්වා ආදරේ කරන මිනිස්සුන්ටලු වැලන්ටයින්....

උඹ නොකියා කිව්වෙ මම ආදරෙට වංචා කරන එකෙක් කියලා .....

කමක් නෑ..එක අතකට....මනුස්සයෙක්ගෙ මරනයක් අහු මුලු ගානෙ රිංගන්වත්....කාලා බීලා හිනා වෙලා සමරන්නෙවත් මොකටද.....

සමහර විට...වැලන්ටයින් සාමි ඇස් පියාගත්තෙ ආදරෙ කරන මිනිස්සු එකතු කරල උනාට....එ නම් ගොඩෙ මගෙ නම තියෙන්න නැතිව ඇති....

යෙවීන්....

බ්බ්...බාප්පා.....??

උඩ බෙලි අතට....මුනින් අතට.....පැත්තට...හැරෙන්න ඕනා හතර අතටම මම හැරුනා....නින්ද අහලකවත් නැති ඇස් දෙක කෙරුවෙ විරහවෙ උනුසුම් ලුනු රහ මට දැනෙන්න දීපු එක විතරක් වෙනකොට මට බප්පගෙ කටහඩ ඇහුනා....

බ්බ්...බාප්පෙ.....

අනිවාර්යයෙන්ම රොබිනා කියන්න ඇති.....බාප්පා ආවනම්...මේ පාර නම් අනිවාර්යයෙන්ම එයා එන්න ඇති.....

මම අඩපු ඇස්වල කදුලු පිහ දැම්මා...මේ පාර නම් අනිවාර්යයෙන්ම බාප්පා එක්ක සංධීර් මාව බලන්න එන්නම ඇති කියලා හිතුන මම අඩියට දෙකට ගිහින් දොර ඇරියා...

උඹට මොකද??

දොර ඇරපු ගමන්ම.බාප්පා මගෙ අත අරගන උඹට කොහොමද ඇහුවා ...හැබැයි...දෙවනි පාරටත් මගෙ බලාපොරොත්තු පය පාමුල කැඩිලා විසිරිලා ගියා...

එයා නෑ.....

එයාට ගානක් නෑ.....

උඹ ඇස් කටෙ ගහන්ද පොල් ගෙඩිය ඇන්නෙ...

.....

කෝ බෙහෙත් බිව්වද....

.....

කතා කරපන්.....

බාප්පා මගෙ මූන දිහා බැලුවා....එයා අහන දේවල් වලට උත්තරයක් නොදී උන්න මම ඔහෙ බලගන ඉන්නකොට බාප්පා මාවත් ඇදන් එලියට ගියා...

..බ්බ්....බාප්පෙ...

කියපන්....උඹට මොකද වෙලා තියෙන්නෙ කියලා ...

ම්ම්..මට....

බාප්පා උන්නෙ මගෙ දිහා ඇස් දෙක හීනි කරන් බලාගන.....එයාට මොකක් හරි දැනිලවත්ද...

ඔව්...උඹට තමයි...දවල් කෝල් එක ගත්තු වෙලෙත් උඹ උන්නෙ අඩ අඩ ....මට කියපන් යෙවීන්....මොකටද උඹ අරකගෙ නම කිය කිය ඇඩුවෙ ....??

ක්ක්..කාගෙ ....

අනේ..දෙවියනෙ.....බාප්පට ඇහිලා.....මම ඇඩුවෙ සංධීර් මෙහෙම කරන්න එපා...මෙහෙම කරන්න එපා කිය කිය...එයාට .....අපි ගැන....තේරිලාවත්ද...

මම.බාප්පගෙ මූන දිහා බැලුවා..ඒ මූන එච්චර හොද නෑ...

මම නොතෙරෙන ගානට ආයම කාගෙද කියලා ගොත ගහනකොට බාප්පා අඩියක් දෙකක් මගෙ ලගට ආවා....

කාගෙද අහන්නෙ.....උඹ යන මගුලක යන්නෙම අරූ එක්කනෙ....ඒ යන එක්ක තමයි.....මට කියපන් එකා උඹට බැන්නද.....සැරකෙරුවද...

න්න්...නෑ....

එහෙනම්....මොකටද උඹ ඇඩුවෙ...මොන හේතුවටද උඹ ඇඩුවෙ....උඹට අඩන්න තරම් ඌ එක්ක මොකුත් හේතුවක් තියෙන්න බෑනෙ.....

එ..එහෙම...ද්දෙයක්....න්..න්න්..නෑ.....

යෙවීන්.....එක්ක් හොදට මතක තියාගනනින්....මෙ බාප්පා හොදට හොදයි....නරකට බොහෝම නරකයි ආ...නිකන් බොරුවට හේතු නැතුව ප්‍රශ්න දාගන උඹ හදන්නෙ අවසානෙදි උඹත් ගුටි කාලා....ඌයි මායි කා කොටාගන්න තැනට වැඩකරන්න...අනික ඌ අපේ වයසෙ මිසක් උඹගෙ වයස නෙවෙ....උඹට හරියන යාලුවො එතන නෑ.....කරුනාකරලා උඹගෙ වයසට ගැලපෙන යාලුවො හොයා ගනින්.....අනික මම උඹගෙන් ඕක අහන්නත් කලිම්ම දවල් උඹ ඇදුම් බෑග් එකත් අරන් දිව්වා...

නෙහා....න්

මම උන්නෙ බිම බලාගන.....මෙක බාප්පගෙ නිකන් හැසිරිම ....බාප්පා හිතන් ඉන්නෙ මම සංදීර් එක්ක යාලු ෆිට් එකට මොකක් හරි වලියක් දාගන කියල වෙනකොට බාප්පා මට මගෙ වයසට ගැලපෙන යාලුවො.හොයා ගන්න කියලා බැන්න වගෙම බාප්පගෙ කටහඩ ඇහිලද කොහෙද අම්මත් එලියට ආවා.....හැබැයි තාත්තා ආවෙ නෑ...

අශාන්‍යා....

ඒ..එක....පොඩි තුවාලයක්.....

බාප්පා අම්මා දිහා බැලුවා...අම්මා කොහොමත් බයයි බප්පා එනවට....එයා හිතන්නෙම බාප්පා මාව අරගන අනිත් අම්මට දෙයි කියලා වෙනකොට මොනවා හරි කියල.බනින්නත් කලින් අම්මා ඒක පොඩි තුවාලයක් කිව්වා.හරියටම ලමයට මහා අමාරුවක් නෑ....අපි ලමයව බලාගන්නවා කියන්න වගෙ වෙනකොට බාප්පත් අම්ම දිහ හැරිලා බැලුවා...

මං දන්නවා....මට උදාන කිව්වා...

බ්බ්..බාප්පෙ....

මොකද...

බාප්පා ආවෙ මගෙ තුවාලෙ බලන්නම විතරක් නෙවෙ කියන එක මට දැනුනා.....ටික වෙලාවක් බාප්පා දිහා බලන් උන්න අම්මා අනිත් පාර යන්න යනකොට මං බාප්පට කතා කෙරුවා ...

තව දවස් දෙක තුනකින් ඉස්කෝලෙ නිවාඩු ...ඒලෙවල් පටන් ගන්නවා මෙච්චර කල් පහු වෙවි තිබුන විභහගෙ පටන් ගන්නකොට අපිට නිවාඩු දෙනවා ...හොදම දේ ටික දවසකට කාටත් ඔලුවට වදයක් නොවෙන්න මං කොහෙ හරි යන එක...මාව අල්ලන්න අපුලයි කියපු සංධීර්ට මාව බලන්නත් අපුල ඇති ....ඇරත් එයාට මාව හිසරදයක් වගෙ ඇති...

මං හින්දා බාප්පලා රන්ඩුවෙයි.....ඔය කතාවම රොබිනත් කිව්වා ....හොදම දේ....මං අම්මගෙ ගමට යන එක....

අම්මා තාත්තව බැදපු නිසා මෙහෙ ආවට අම්මගෙ ගම මෙක නෙවෙනෙ .... අනික අපෙ ගෙදරිනුත් මොකුත් කියන්නෙ නැතිවෙයි ...ඒ අම්මටත් මාව අයිතියිනෙ....

කාටත් නොකියම යන එක හොදයි.....සංදීර් .....උඹ මාව හෙට නොදකීවි...හැබැයි....උඹව මන් දකීවි...හෙටින් පස්සෙ මං උඹව වත්....උඹ මාව වත් නොදකීවි....

තත්පෙරෙන් හැම දේම වෙනස් උනා නම්....සති දෙකක් තුනක් යනකොට මොනවා වෙනස් නොවේවිද ...

මොකද උඹ....කියන්න ඕන දෙ කියපන් ....

බාප්පා ආයම මට සැර උනා....

ම්ම්...මට...ම්...මාතලෙ යන්නඕනා....

මාතලෙ....??කොහෙ....

ක්ක්..කිරි අම්මලාගෙ...අ..අනිද්දට.....ග්..ගිහින්....අරිනවද .....අ..අම්මා....එ...එක්කම...

කිරි අම්මලාගෙ.....?

ම්ම්ම්.....ඔ..ඔව්.....

ම්ම්ම්.....මං අම්මගෙන් අහලා බලන්නම්....එ නැතත් මං උඹව ගිහින් අරින්නම්.....උඹට කවුරු මොනවා කිව්වත් මට කියපන් යෙවීන්...මට මොකාද අදාල නෑ...උඹට මගෙ උන් ආදරෙයි .....රොමේනයා උදානයා සංධීරයා උන් උඹට පන ඇරලා එක මං දන්නව.....හැබැයි පුතෙ මේ බප්පටත් උඹව මග ඇරුනා.....උඹ අඩනකොට මොකුත් කරගන්න බැරි උනා.....හැබැයි දැන් එහෙම නෑ...හරි.....

ම්ම්...

දැන් පලයන් ගෙට මං ආවෙ උඹව බලලා යන්න ගිහින් නිදා ගනින් ....උඹට බේතකුත් විද්දලුනෙ...අත තලාගන්නෙ නැතුව නිදාගනින්.....

ම්ම්.....

මං අනිද්දා එන්නම්.....උඹ ලෑස්ති වෙලා ඉදපන්....

🥺ම්හුක්.....තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස්...

🤭ආය එන්නම් ඈ.....

Ferdeesha ❤️💚😘

More Chapters