Cherreads

Chapter 68 - 68

වයසක උන්දගෙ මූන තනිකරම හැගීම් මැරිලා ගියපු සුදු රෙදි කඩක් හා සමාන උනා.....ඕඩික්ලෝන් සුවද .....ඒ කොන්ඩෙ....ඒ ඇදුම.....ඒ ලේන්සුව....අතේ තිබුන ටොපිය එක්ක පටි අලවන සපත්තු දෙක විතරක් නෙවෙ පල්ලි අරන් ගියපු වතුර බෝතලේ වගේම බෝතලයක් මදිවට යෙවීන් සංජාන ප්‍රනාන්දුපුල්ලෙ .....තුනවසර රෝස පන්තිය කියලා ගහලා තිබුන බෑග් එක.....මෙ ඔක්කොම ඇස්පනා පිට තියනකොට ආච්චම්මා හුස්ම හිරකරගත්තා ...

ආ....ච්චම්මෙ.....

කොල්ලා හිමින් සැරේ මුමුනකොට මම ඉඩ මදී කියන ගමන් වයසක උන්දව පොඩ්ඩක් එහාට තලු කෙරුවා ..හරියටම උන්දගෙ එහා පැත්තෙන් තව කවුරුත් ඉන්නෙ නෑ කියන්න වගෙ....ඒක පේන්නෙ උන්දට විතරයි කියන්න වගේ..

ප්ප්...පොඩ්ඩක් එහාට....ය්ය්...යනවද .....ම්ම්..මහ ගොඩක් ...ඉ....ඉඩ...ත්ති....තියාගන ඇලෙන්න ඕන්...නෑනෙ....ආච්චම්මෙ ම්ම්ම්ම්ම්....

මං ඇහෙන නෑහෙන ගානට ගොතගහනකොට හොදට උන්න උන්ද ගොත ගගන්න ගත්තා .....

එ...හාට....එහාට....ය්..යන්නෙ....කොහොමද ....මෙත....න....අනෙහ්...

ඇයි.....ඔතන....ක්ක්...කව්ද ඉන්නෙ ම්ම්ම්ම්...ම්ම්..මූන ...ද්දැක්කම....හිතෙන්..නෙම.... හොල්මනක් දැකලා ක්ක්..කියලා....

අ..අහකට...අහකය....ප්ප්..පලය.....න්...අහකට.....යක්සයා....අහකට...

අල්තාරෙ උඩ ඉන්න සුවාමි එහෙන් පූජාව තියනකොට මම මෙහෙන් සාතන් වගේ ආච්චම්මට යක්සපරික්ශාව ගේන්න ගත්තා.....පොඩි යෙවීන් සැරින් සැරෙම ආච්චම්මෙ ගානකොට මම උන්නෙම ඇහෙන්නෙ නෑ වගේ වෙද්දි ගොත ගහන මම සද්දෙට ඔරසම් කිව්වා...

ආ....ච්....ච....ම්මෙ......

ක්ක්...ක්ක්..කව්ද....උ..උඹ....ක්ක්...කව්ද......උ..උඹ.....අනේ..භ්..බ්...

ශ්ශ්....ඇ.ඇයි....ඔය කෑ ගහන්නෙ ම්ම්...මේ හ්හ්..හැමෝම ම්ම්..මිනිස්සු පූජාවෙ ඉන්නෙ.....අහල නැද්ද...බ්බ්..බන..ක්ක්..කියනකොට යක්කුන්ට...ඉ..ඉන්න..බ්බ්බ්..බෑ කියනවා...අන්න...ඒ...වගේ ත්ත්...තමයි....ඔරසම් ක්ක්...කියනකොට.....ස්....සාතන්...පවා...න්න්..නිරේ....ඉදන්.....ක්ක්..කෑ....

ගහනවලු....අපායෙ.....ද්..දොරවල්....ක්ක්..කඩාගන.....එ..එන්න....හ්හ්..හදනවලු....ම්ම්ම්ම්ම්......ආ....මේ...න්න්න්න්!!!

බින්දුවෙන් බින්දුව රැලි වැටුන නලලෙන් දාඩිය මතු වෙනකොට බයවෙලා.කෑ ගහන්න හදපු ආච්චම්මගෙ අත...මැනික් කටුව ගාවින් අල්ලගත්තු මම හිමින් හිමින් මුමුනන්න ගත්තා....මගෙන් පිට වෙන වචනයක් ගානෙම ඒ මූන වෙනස් වෙන හැටි බලන් උන්න මම උන්දගෙ ඇස්ගෙඩි දෙක පුපුරන තරමට ගස්සගන හයියෙම්ම ආමේන් කියනකොට පොඩි කොල්ලා වෙලාව බලලම හිනා උනා....

ආච්චම්මා බෙරිහන් දුන්නා.....බෙරිහන් දුන් ඉකන් නෙවෙ පූපෙ උස්සන වෙලාවෙ...

මිනිස්සු හැමෝම දනගහන් ඉන්නකොට .....පූජා උදව් වෙන කොල්ලන්ගෙ අතේ තිබුන චූටි සීනු පොකුර එක දිගටම සද්දෙ වෙනකොට ...සංකිරිස්තියන් අර ලොකුම ලොකු සීනුව මහ සද්දෙන් ඩින් සොන් ගාලා ගහනකොට මම හිටගන උන්න ආච්චම්මව වැලමිට ගාවින් අදිනකොට උන්දව ඉබේම දනගැස්සුනා වගේම කොල්ලගෙ හිනාව එක්ක මම උන්දා අත් දෙකෙන් කන් වහන් නහින්න ගත්තා....

ලොවේ පව්හරින...දේවාජබාලකයානනී...

අපට කරුනා කලමැනව.....

අල්තාරෙ උඩ උන ස්වාමි තනි සුදුපාට පූපෙ උස්සන් ඉන්නකොට දහනගන් ඉන්න මිනිස්සු පව් කමා කරගන්න ගන්නකොට මම මෙතන ඉදන් ආච්චම්මට පව් කමා කරන්න ගත්තා....

ක්ක්.....කොහොමද...අ...අපට...ක්ක්..කරුනා...ක්ක්..කලමැනව...ක්ක්..කියලා...ක්ක්..කියන්නෙ...ම්ම්...උ..උඹ...ක්..කෙරුවෙ....ව්ව්..ව්වැරද්දක්...ම්ම්ම්..

ය්..ය්.....යෙ....

අන්...න...හ්හ්..හරි....යෙ....වී..න්....ක්ක්..කොහොමද...උඹ....උඹගෙ....ප්ප්..පව්....කමා...ක්ක්..කරගන්නෙ...ම්ම්.....ඌ....ම්ම්.මැරිලා....ත්ති....තියෙන්නෙම....ද්ද්...දුක්....විදලලු....ම්ම්ම්.....උඹ...අහන්න...ආසද.....ඌ...ම්ම්..මැරුන....ව්..විදිහ...ම්ම්ම්

එ..එපා....ර්..රෙහාන්....

දුවපන්...උඹට....ප්...පුලුවාන්.....ත්ත්....තරම්....ද්ද්...දුවපන්.....

මම සාක්කුවෙ තිබුන කොන්තෙ එලියට ගත්තා...හරියටම අර බෑඩ් නන් එකෙ අශුද්ද නන්ව එලවන්න එන ෆාදර් වගෙ......කලුම කලුපාට සුවද ලීයෙන් හදපු කොන්තේ එලියට ගත්තු මම මලවුන්ගෙ ප්‍රාර්තනාව කියන්න ගත්තා.....

ජේසුනී...මරියනී...

ඇස් යටින් බලන් උන්න මම ආච්චම්මට දුවපන් කියනකොට පූජාව මැද ආච්චම්මා මාවත් තල්ලු කරන් එලියට යනකොට කන්තාරු කන්ඩායමෙ ගීතිකා සද්දෙ හින්දා කාටත් අබලන් උන කටහඩ ඇහෙන් නැති උනා වගේම මම පොඩි යෙවීනට සිග්නල් එක දුන්නා උන්දව කනත්තට අරන් යන්න කියලා.....

පල්ලිය පිටිපස්සෙන් තියෙන්නෙ කනත්ත...අරලිය ගහක් තිබුන කනත්තෙ සමහරක් මිනි කදු උඩ උන්න දේව දූතයන්ව දකිනකොට කියන්න නොතේරෙන මහා පාලුවක්.බයක් දැනෙනකොට මම දුවන්නෙ නැතුව ආච්චම්මව හොයන් ගියා.....

ආ....ච්ච්....චම්මෙ.....ය්ය්...යන්න...එපා....ය්ය්...යන්න...එපා...

එපා...උඹ....උඹ...ක්ක්..කව්ද....උඹ....ක්ක්..කවද....ක්ක්...කියපන්....උ..උඹ...

ඇඇත්තටම.....හොදයි...ආච්චම්මා වයසක කකුල් වලට පන අරන් දුවනකොට පොඩි කොල්ලා ආච්චම්මෙ යන්න එපා...යන්න එපා ගගා පස්සෙන් ගියා වගේම මම කෙලින්ම උන්දා එනමග හිටගත්තා....දැන් ඉස්සරහින් මම...පිටිපස්සෙන් පොඩි එකා....

ඉ...ඉතින්.....ක්ක්..කොහෙද....මේ...ද්ද්...ශුවන්නෙ.....ම්ම්ම්

උඹ...උඹ මොකාද.....උඹ මොකාද කියපන්..කොල්ලො.....එදත් උඹ....ආවා....අදත් උඹ....ඇවිදින්...

ම්ම්ම්....ඔ..ඔව්.....ද්දැන්....ඉ..ඉතින්.....මම...හ්හ්..හැමදාම....එනවා....අ..අහල.....

ත්තියනවද...ම්ම්..මිනිස්සු....ම්ම්මැරෙන්න....ල්ල්..ලන්....උනාම.....ම්ම්...මලගිය..... ඇත්තො...එනවලු.....උන්ව....එ..එක්ක...ය්ය්..යන්න...ම්ම්...මාත්.....ඒ....වගේ.....ම්ම්..මරනයේ....ද්ද්...දූතයෙක්.....

මම උන්දගෙ මූනට ලන් වෙලා මගෙ සීතල අතෙන් බීබී ක්‍රීම් තලියක් උලාගන උන්න ඒ මුනත් තහඩුව අල්ලලා කම්මුල පොඩ්ඩක්.මිරිකලා කට කොනින් හිනා වෙනකොට ආච්චම්මා මේ හැන්දෑ යාමෙ තිරින්දාඩිය ගහන වෙලාවෙව් හූ තියනකොට මම උන්දට දුවලා බේරියන් කිව්වා....

ද්ශ්..දුවපන්.....ඌ එනවා....ඌ...උඹව....අරන්....ය්..යන්න...එනවා.....

මම හිනා උනා...යෙවීන් මම ආසම සින්දුව උන්දගෙ පස්සෙ ඉදන් මුමුනන්න ගන්නකොට ආච්චම්මා පස්සෙන් පස්සට ගිහින් කනත්ත අස්සට දුවන්න ගත්තා....

ආච්ච්....ම්ම්..මේ....එ..එපා....ග්ග්....ගහන්න...එපා...

රෙහා....න්.....අනේ.පුතේ...

අ..අනේ.....අච්ච....ම්ම්.මේහ්....

අ...ම්ම්...මව....එලවන්න....එ..එපා....ආ..ආච්චම්මේ....

එන්න...එපා..උඹලා....උඹලා...උඹලා....අනේහ්.....ර්...රෙහා...න්න්න්..ප්ප්..පු...පුතේ.....

ආච්චම්මා කෑ ගගහා උදව් ඉල්ලුවා...කොච්චර හයියෙන් කෑ ගැහුවා උනත් ඒ කටහඩ අතර මග හිරවෙනකොට ගොම්මන් අන්දකාරෙ මලාවූ ක්‍රිස්තියානින්ගෙ අඩවියත් හෙනින් හෙමින් ගිලගන්න ගමන් උන්නා...හයාමාරෙ තිරින්දාඩිය ගහනකොට මං දකුනු අතින් කුරුසෙ ලකුන ඇදගන්නකොට ආච්චම්මා දුවලා දුවලා අවසානෙදි සිමෙන්තියෙන් බැන්ද සොහොන් කොතක් පිටිපස්සෙ හැංගීගන අඩනකොට මං ඒකෙ උඩ උන්න දේවදූතයා දිහා බලලා හිනා උනා වගේම පොඩි යෙවීන්ට වචන නැතුව ඈතට වෙලා ඉදන් අඩන්න කියන ගමන් මිනි කදු පාගන් නැතිව කදු උඩින් පැනන් ගිහින් අර සොහොන් කොත උඩ නැගලා අර දේවදූතයා ගාවින් හිටගත්තා ....ආච්චම්මා හැංගීගන එබි එබි බල බල පපුව අත ගහා දෙයියන්ට කන්නලව් කරනවා....

අඩපන්...උඹ ඇස්වල කදුලු හිදෙනකම්ම අඩපන්...මගෙ අම්මගෙ මගෙ ඇස්වලින් වැටුන කදුලු වගෙ දෙගුනයක් උඹෙඇස්වලින් හල්පන්...මං.එහෙම්ම ඔලුව උස්සලා මල ඉර බැහැන් ගිය ගොම්මන් අහස දිහා බලාගන හිනා උනා...සොහොන් කොත යට උන්න ආච්චම්මා යටි ගිරියෙන් බෙරිහන් දුන්නා ...

ඉ..ඉතින්....අ .අපි....ආයම....හ්හ්...හම්බ උනා.....ම්ම්ම්.....

ල්ල්..ලගට එන්ඩ...එපා...උඹ....ලගට...අනේ....රෙහා.....න්...පොඩි...පුතේ.....හ්හ්....උඹ...ක්ක්..ක්ක්ව්ද.....කව්ද....ක්ක්..කියපන්....සාතන්....

මමද...ම්ම්...සාතන්....හ්...හරියටම...හ්හ්....හරි....මම....සාතන්...ඉතින්...උ..උඹ....ඇයි.....එ..එකොල්ලව...ම්ම්..මරා...ගත්තෙ....ම්ම්....

ක්ක්..කාවද..මං....කාවවත් මරාගත්තෙ නෑ....මං....කාවවත්....මරා.....

ශ්ස්ග්ශ්...උඹ....ම්ම්..මරා...ගත්තා ....උ..උඹ....ඌව...ඇඩෙව්වා.....ට්ට්....ටිකක්....න්න්..නෙවෙ....නොසෑහෙන්න ...නොසෑහෙන්න .....ඇඩෙව්වා ....ඇගෙනවද ....ඌ...අඩනවා ....ම්ම්...ඌ...ට....සැනසීමක්...නෑ...හොදට.....අහන්....ඉදින්...ඌ...ව්ලාප.....ත්ත්...තියන...සද්දෙ.....උඹට....

ඇහේවි...ඔ..ඔය...ඇහෙනවද ....ම්ම්ම්ම්..

යෙවීන් අඩන්න ගත්තා.....වචන පිට නොදා ඈඩියාවක් හා සමානව යෙවීන් මිනිකන්දක් උඩ ඉදන් මුලු මූනම දනිස් උඩ ගහන් අඩන්න ගත්තා .....දේවදූතයා ගාව උන්න මං කලු පොරවන් සාතන්ගෙ පුතා හා සමානව අපාය ගැන කිය කිය....දුක්විදින ආත්ම ගැන කිය කිය...යෙවීන් ගැන කිය කිය අරුන්දව බය කරනකොට වයසක හින්දම කට පන තිබ්බත් කකුල් වල වාරුව බයටම හිදිල ගියපු ආච්චම්මා මගෙ කකුල් ගාව දනගහන් වදින්න ගත්තා ...මම හිනා උනා.....මගෙ හිනා සද්දෙ අනුව යෙවීනුත් අඩන හැටි අඩු වැඩි කරන්න ගත්තා ...

අනෙ...අනේ.....වදින්නම් .....මාව....

ම්ම්..මරන්නෙ....න්න්..නැතුව...ක්ක්..කොහොමද ම්ම්ම්....උඹ.අහන්න....ආසද....උගෙ....මරනෙ.....ව්...ව්ලාපෙ....අම්මෙ....ම්ම්..මාව...ද්දාලා....ය්ය්..යන්න....එපා...ගගා.....අවසානම ...හ්හ්...හුස්ම....ඇරපු....ව්..විදිහ....ම්ම්ම්

එපා...

එපා.....ඇයි...එපා....ම්ම්....ඌ..ඇඩුවා....අ..අන්තීම...ම්ම්.මොහොතෙ...ඌ..මැරෙන..ම්ම්..මොහොතෙ....ඌ...අම්මව....ඉ..ඉල්ලුවා...ඒත්....උඹ.....උගෙ.....අ..අම්මව....උ..උදුර....ග්ග්...ගත්තා .....

න්න්...නෑ.....අනේ....නෑ...

ආච්ච...ම්මෙ...එ..එපා..ම්ම්...මගෙ....අ.ම්මා.....අ..අනෙ.....අම්මෙ....

ඇහෙනවද .....ම්ම්...උ..උඹට.....ඇහෙනවද ...ස්ස්...සැනසීමක්...න්න්....නැතුව....ඉ..ඉබාගාතෙ යන...උගෙ...ආ....ත්මෙ.....වේදනාවෙන්.....ස්ස්.....ද්ද්‍....දරාගන්න බැරි සීතල .....බය...හිතෙන....අන්දකාරය....උ..උඹ.....අහල....ත්තියනවා.....උඹ.....ඒ....හැම...දෙයක්ම...

අහල...ත්තියනවා.....ස්ස්...සැනසීමක්.....න්න්..නැති ආත්ම.....ද්දුක්...විදින හැටි.....

අනේ...මගෙ...රත්තරන් ....පුතා...යෙවීන්....ආච්චම්මට....සමාවෙයන් ...අනෙ....රත්තරනේ ....

මම බලන් උන්නා...මෙච්චර වෙලාම උන්දව බය කරන සිහියෙන් උන්න මට අවසානෙදි ඒ කටින් පලවෙනි පාරට....බය උන හින්දා උනත්....ඒ කටින් මගෙ පුතා කියලා පලවෙනි පාරට කියවෙනකොට මගෙ යටි තොල් වෙව්ලන්න ගත්තා ....මගෙ ඇස්වලට කදුලු පිරෙන්න ගත්තා ....මං ගැනම අනුකම්පාවෙන් මගෙ හදවත රිදෙන්න ගත්තා ...

උ..උඹ....ක්ක්..කවදාවත් ....ඒ කොල්ලට....ආදරෙන් ක්..කතා කෙරුවෙ නෑ....කන්ඩ....දුන්න....බ්බ්..බත්...පිඩට....පවා...සාප...ක්ක්..කර....කරකන්ඩ....ද්

දුන්නෙ...උ..උඹ.....ද්දන්නවද.....උගෙ.....ච්චූටි.....හිත.....ර්..රිදුන....ත්ත්....තරම් ....ම්ම්.....න්න්..නෑනෙ...ඌ....අදටත් ....අඩන්නෙ.....ඒකයි....

අනේ....යෙවීන්....

උ..උඹට....ග්..ගෙවන්නම...වෙනවා....උ..උඹලා....ඌව....උගෙ....අම්මව...ව්ව්..

වෙන්කරපු...ප්ප්...පව.....ග්..ගෙවන්නම.....ව්ව්...වෙනවා....

ආ...ච්චම්මේ..

ය්...යෙවීන්...

ඇ...ඇයි.....ම්ම්..මාව.....ම්ම්.මරා....ග්ග්..ගත්තෙ.....

මගෙ ඇස්වල කදුලු නලියනකොට පිටපතේ විදිහටම යෙවීන් ගොත ගහනකොට බය වෙලා උන්න ආච්චම්මා මිනිකදුවල තිබුන වැලි අරන් ඔලුවෙ ආ ගත්තා .....

උ..උඹ...ඌව...ම්මූනට මුලිච්චි උනත්....බ්බ්...බැන්නා....

"ඇයි....ආ....ච්චම්ම්...මෙ.....ය්...යෙවීන්ට....ක්ක්...කාලකන්නියා....ක්ක්..කිව්වෙ...

"

උ..උඹ.....ඌට....ප්ප්..පිට.එකා.....ගොත....එකා....ක්ක්..කිව්වා....ඌ...අඩනවා....ඌ.....උගෙ...අම්මව....හ්හ්..හොයනවා.....ඌ...තාම.....උගෙ....ත්තා....ත්තව...හ්හ්..හොයනවා...

මං එකින් එක එකින් එක කියන්න ගත්තා ...මට කරපු කියපු හැම දේම මං වලලපු තැන්වලින් ගොඩ ගන්න ගත්තා .....ගොම්මන පහු වේගන යනකොට මුලු පිට්ටනියම මූසල අන්දකාරෙන් ටිකෙන් ටික වැහෙන්න පටන් ගන්නකොට පිපිලා තිබුන අරලිය මල් එකින් එක එකින් එක හුලගට හැලෙන්න ගත්තා ...

හැලුන මල් සමහරක් මිනි කදු උඩ නවතිනකොට ඊයෙ පෙරේදා වලලපු මිනියක තිබුන මල්වඩමකින් ලාවට වගෙ මිනී සුවද උඩ හුලගට ගහන් යනකොට පොඩි යෙවීන් ඇයි ආච්චම්මෙ අම්මව උදුරගත්තෙ අහනකොට මං ඇස්වල කදුලු පුරවන් ඒ මූනට ලන් උනා...

ඌ....ම්ම්....මැරුන්....නෑ.....උ..උඹ....ඌව .උඹගෙ....අත්....ව්ව්...වලින්....ම්ම්....මරා....ග්ග්..ගත්තා ...ව්ව්....වෙනස්....ක්ක්..කම්...කර....කර.....උඹ....ඌව....උඹේම....ග්ග්...ගේ....අස්සෙ....මරා ගත්තා ....

ආච්චම්මෙ...ග්ග්..ගගා.....පස්සෙන්...අවත්....උ..උඹ....ඌව....එලව....ග්ග්.ගත්තා....ඌ....ඇවිල්ලා....උ..උඹගෙ....න්න්..නඩුව.....ක්ක්...කතා....කරන්න.....ඌ.....

ඇවිල්ලා...ඌ...වලලපු.....ක්ක්..කන්....ද....ප්ප්..පසාරු.....ක්ක්..කරන්....ආයම ...

ඇ...ඇවිල්ලා...

යෙවීන්...පුතෙ...

ප්ප්...පරක්කුයි....උ...උඹ.....න්න්..නොසෑහෙන්න ....ප්ප්....පරක්කුයි.....උ .උඹ...නොසෑහෙන්න පරක්කුයි....ඌ....ආවෙම...උඹව...

ගෙනියන්න...

ආච්චම්මෙ...එ...එන්න...ම්ම්..මා...එක්ක....ය්ය්....යන්න ...එ...එන්න....

එපා...එපා.....එපා....අතැරපන්...යෙවීන්.....එපා ....රෙහා....න්න්...අනේ....මාව....බේරපන්.....පුතේ......හ්හ්

පොඩි යෙවීන් හිනා උනා ...හිනා වෙවී.....ආච්චම්මා ගාවට ලන් වෙන්න හැදුවා වගේම පිටිපස්සෙන් ගියපු මං උන්දගෙ සර්වාංගෙම හිරිවට්ටවන් උරහිස් දෙකට අත තියනකොට උන්දා යටිගිරියෙන් හූ තිබ්බා වගේම යෙවීන් ලගටම ආවා...මං ඒ කන ගාවට පහත් උනා ..

මං....එදා....ක්ක්...කිව්වනෙ...ම්ම්..මං....ආයම.....මං...ආයම....එනවා....ක්ක්..කියලා ...ම්ම්..මං....ක්..කිව්වා....න්න්..නේද ....උඹ....ඌ...ව...අමු..වෙ...ම්..මරා...ග්..ගත්ත...උ..උඹ...ඌට....අම්මා....ත්ත්....තාත්තා.....ද්ද්....දෙන්නම.....න්න්..නැති....ක්ක්..කෙරුවා .....

ඌ....ව්ව්...වේදනා.....ව්ව්....වින්දා .....ඌ...න්න්..නොසෑහෙන්න .....ව්....විදෙව්වා ....ඒ.....උඹ....හ්හ්..හින්....දා.....

යෙවීන්....එ....

ශ්ශ්....උ...උඹ....ක්ක්..කොච්චර.....ක්ක්..කෑගැහුවත්.....උ..උඹව....උ..උගෙන්...බ්බ්..බේරන්න.....ක්ක්..කාටත් ....බ්බ්..බෑ....ප්ප්..ප්‍රවේසමෙන් ...ම්ම්ම්ම්...න්න්...නොසෑහෙන්න .....ප්ප්..ප්‍රවෙසමෙන් ...ඌ...ඇවිදින් ....ඉ...ඉවරයි .....ම්ම්..මිනි....ක්ක්....කදු....ද්..දෙබෑ....කරන්....ඌ....ඇවිදින්....ඉ..ඉවරයි ....

රෙ....රෙ....හාන්...ම්...ම්ම්මාව.....

උ..උඹ....ව...බ්බ්..බේරගන්න...ස්..ස්වර්ගෙන්....වත්.....ද්ද්.....දුතයො එන්නෙ...න්න්...නෑ.....අ..අහල....ත්ත්.....තියනවද ....ද්ද්..දෙයියො.....ප්..පවා....මූන...හංගගන්නවා.....ක්ක්...කියලා ම්ම්ම්...ප්ප්...පුලුවන් ...නම්...බ්බේ...රියන්....

රෙහාන් ....

උන්දා පස් කකා බෙරිහන් දුන්නා.....එන්න එන්න අන්දකාරෙ වැඩ්වෙනකොට අලුතෙන් වලලපු මිනියෙ කන්ද උඩ තිබුන මිනි කොඩි හුලගට සර සරගානකොට මං සාක්කුව අස්සෙ තිබුන....අවුරුදු දහයක් පරන මගෙ මිනිකොලයක් අතට ගත්තා ....මලකදක් පවා නොදැක උන් මගෙ මිනි කොලයක් ප්‍රින්ට් කරවලා...

.උපත.

විපත....එක්ක මගෙ නම.....ජිවත් වෙලා උන්න මාව අමු අමුවෙම මරාගත්තු උන් මට දාන මාන පවා දීලා තිබුනා ...

ම්ම්...මෙක.....ප්ප්..ප්‍රවේසමෙන් ...ත්ත්...තියාගනින්....උඹ...ඇවිල්ලා....ම්ම්...මිනි මරුවෙක් ...උ...ඹ ...ඇවිල්ලා...න්න්.නොදරුවෙක් ....ම්ම්...මරා...ගත්තු.....ම්ම්..මිනී...මරුවෙක් ...

න්න්නෑ.....අනෙ.....යෙවීන්....යෙ...වීන්....ප්ප්..පුතේ...

ආ...ච්චම්මෙ....ම්ම්...ම්ම්...මා...එක්ක....ය්ය්...යන්න...එ...නවද.....

යෙ....වී....න්....එ....පා.....හ්...

ඇදි වත තෙමාගන ඇගේම සුලු දිය පහ උන ආච්චම්මා මිනි කන්දක් උඩම කලන්තෙ දානකොට මන් හිතක් පපුවක් නැති එකා වගේ උන්දගෙ මූන දිහා බලන් උන්නා... 

උඹ මාව මරා ගත්තා .....

මං හිතින් මිමිනුවා .....පොඩි යෙවීන් අවසානෙදි මගෙ ගාවට ඇවිත් ආච්චම්මා ගාව දන ඔබාගන උන්න මගෙ උරහිසට අත තියන ගමන් ඒ මූන දිහා එබිලා බැලුවා ...

ම්ම්....මැරුනා....න්න්..නේද...ය්...යෙවීන්....

අ...අනේ ....උ...ඹ ...

මම කොල්ලව වඩා ගත්තා ...ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට මිසක් හුස්ම ගියපු මිනිස්සුන්ට බය වෙලා තේරුමක් නැති වෙනකොට ආච්චම්මට සිහිය ආව වෙලාවක නැගිටලා යන දේවාලෙක යන්න ඇරපු මං පොඩි යකාව වඩාගන කනත්තෙන් එලියට ආවා වගේම සංධීර් අපි එනකන් ජීප් එක ඉස්සරහා ඉදන් එහා මෙහා ඇවිද ඇවිද උන්නා...

ස්ස්....සංධීර් .....

ලගට ගියපු මං කතා කෙරුවා ....එයා මගෙ උඩ ඉදන් යටටම බැලුවා .....ඒ බලලා මොකුත් නොකියා මගෙ අතෙ උන්න පොඩි කොල්ලව වඩා ගත්තා ....වඩාගන මගෙන් නෑහුවට කොල්ලගෙ කොන්ඩෙ හදන ගමන් ඔයාට කරදරයක් නෑනෙද ඇබිත්තම කියලා අහනකොට මං ඔහේ බලන් උන්නා.....

තරුන සංධීර් ගාව උන්නෙ පොඩි යෙවීන් කෙනෙක් වෙනකොට මටයි කියන්න කවුරුත් නැති තැන මං එහෙම්ම අහස දිහා බැලුවා .... . 

ඔයාට කොහෙ ගෙදරද ඉන්න් ඕනා.....ම්ම්ම්.....අර....රොමේන් මාමලාගෙද.....

ස්ස් ...සංධී....ර්ලගෙ....

හා....එහෙනම්.....

එයාට මගෙ ගැන ගානක් වත් නෑ...වෙනවෙලාවක නම් මං ඔය පොඩි කොල්ලා එක්ක මරාගන්න ගියා උනත් මට රන්ඩු කරලා වත් ලබාගන්න දෙයක් නැගැයි වගෙ දැනෙනකොට මං යන්න හැරුනා....

යෙවීන්...

...

යෙවීන්....

මම නැවතුනෙ නෑ...එයා මට කතා කෙරුවා ....ඒත් මන් නවතින් නැතිවම එන්න ආවා.....

යෙවීන් නවතිනවා....

මම නැවතුනා ....එයා අවසානෙදි එයාගෙ සැර කටහඩ එක්ක මං නැවතුනා ...නැවතිලා හැරිලා බැලුවා පොඩි කොල්ලව බිමින් තියපු එයා මගෙ ගාවට ආව....එක අතකට එයාට සතුටු ඇති....අවුරුදු අටක කොල්ලව ආයම හම්බ උන එකට....

ක්ක්..කියන්න සංධීර් ....

මං ගිහින් දාන්නම්....

ඕ..ඕන....නෑ....ම්ම්..මට ප්ප්...

මුරන්ඩු නොවී යනවා යෙවීන්....

එයා මට සැර උනා ...බැන්නෙ නැති උනත් ගැහුවෙ නැති උනත් එයා මට රිදෙව්වා එතනින් එහා මොකුත් නොකියපු මං ගිහින් මට අයිති වෙලා තිබුන පිටිපස්ස ශීට් එකට ගිහින් ඉදගන්නකොට එයා ඉස්සරහ "එයාගෙ යෙවීන් "එක්ක උන්නා....එයා හිනා උනා.....කොල්ලගෙ ඔලුව අතගෑවා ... හුරතල් කෙරුවා ....මේ හැම දේම මං බලාගන උන්නා ...ඒත් එදා වගෙ කෑ ගැහුවෙ නෑ.....ඔහේ උන්නා....වෙනදට අහන්නෙ බලන්නෙ නැතිව උනත් මාව එයාගෙ ගෙදරට එක්කන් යන එයා අද මොකුත් නාහම අපෙ ගෙවල් පාරට හරවනකොට මං ඒත් ඔහෙ උන්නා....අවසානෙදි මං බැස්සා....ඒත් එයා බැස්සෙ නෑ...මං යන්න ගිහිල්ලත් ආයම හැරිලා එයා ගාවට ඇවිල්ලා හිටගත්තා ....

ස්ස්..සංධීර් .....

ම්න්...

හ්හ්...හෙට.....ව්ව්...වැලන්ටයින් ...

ම්න්...ආදරෙ කරන මිනිස්සුන්ට.....

එයා මෆෙ මූනවත් නොබලා ආදරෙ කරන මිනිස්සුන්ට කිව්වා ...එතකොට එයා මම .....අපි තවදුරටත් ආදරේ කරන මිනිස්සු නෙවෙද ...

ස්ස්...සංධීර් ....එ...එතකොට....උ..උඹ...ම්ම්..මම....ත්ත්...තව දුරටත් ....ආ...ආදරේ....ක්ක්...කරන....ම්ම්..මිනිස්සු....න්න්..නෙවෙද ...

උඹ බුදියලා ආවත්....මම නාවලා ගෙට ගන්න එකෙක් කියලා හිතන් ඉන්නවා නම්.....උඹට වැරදිලා ..මං උඹට පටන් ගන්නකොටම කිව්වා ....දන්නෙ නැත්තන් ...ආදරෙ කරන්න පටන් ගන්න එපා....මන් තමුසෙට ඕක කිව්වද....නැද්ද...???ම්ම්ම්ම්.....

......

අනික වැලන්ටයින් ගගා නහින්නෙ මොකටද ම්ම්ම්...ආදරෙ කරන මනුස්සයට කවදත් එකයි ..මං තමුසෙව අරන් රූම් යන්නද....පාර්ක් යන්නද ම්ම්ම්ම්....අනික වැලන්ටයින් කියන එකෙ තේරුම මොකක්ද කියන්න ඔය ඵෝන් එක කන වෙලේ බලනවා ....

එයා මට බැන්නා ....අර කොල්ලා ආයමත් රත්තරන් පාට ටොපියක් කාලා ටොපි කොලෙන් සමනලයෙක් හදන හ්ඨි මං බලාගන උන්නා ....

ස්ස්...සංදීර් ....ම්ම්...මාව....ව්ව්...වදයක්ද ??

නෑ...

එ...එහෙනම් ....ම්ම්..මාව....ව්....ව්

ගුඩ් නයිට්

මාව වදයක්ද කියලා අහපු එකට නෑ කියලා උත්තර දීපු එයා මාව විස්වාස නැද්ද අහන්න කලින් වාහනෙ ස්ටාර්ට් කරගත්තා වගෙම මං එයාගෙ අත උඩින් අත තියන්න හදනකොටම එයා අත ගත්තා .....

ක්ක්...කමක්....න්න්..නෑ....උ..උඹට....ම්ම්...මාව....අ...අපුලයි.....ක්ක්...කියලා ...ක්ක්..කිව්වනෙ....ප්ප්..ප්‍රවේසමෙන් ....ස්ස්....

සංධීර් .....උ...ස්ස්...සමහර .....ව්..විට....ම්ම්...මට....ව්ව්...වැලන්ටයින් ....න්න්...නැතිව....ඇ...ඇති.... 

මං එච්චරයි කිව්වෙ ...ආය ඒ මූනවත් නොබලා එන්න හැරුනා වගේම එයත් වචනයක් නොකියා යන්න යනකොට මං ගෙටවත් නොයා තාත්තා ගාවට ගියා .....ඒ යනකොටත් තාත්තා වැඩ...

මිනිස්සු ආදරෙ කෙරුවට වැඩිපුරම විදින්නෙ විරහවද කොහෙද ....නැත්තන් ..ඔය තරම් විරහ ගී මොකටද ....???

ත්ත්....තාත්තෙ.....

ම්ම්ම්...කොහෙද උඹ ගියෙ....

ප්ප්...පල්ලි.....

ආ....අදත් ස්වාමි අද අප අතර සාතන් ඉන්නවා කියලා කිව්වෙ නැද්ද ...කෝ ඔතනින් මට හයෙ යතුර අරන් දියන් කොල්ලා.....

.

වෙනදට නම් මං ඔව්වට හිනා වෙලා මොනවා හරි කියනවා උනත් මං අද ඔහේ උන්නා වගේම තාත්තා ඉල්ලපු යතුර දීපු මං එහෙම්ම ගෙට ගියා.....

ලමයෝ.....

ඇ...ඇයි....

අම්මට මෙ පොල්ගෙඩිය ලෙලිගහල දෙන්න පුතෙ....

ගෙට එනවත් එක්කම උදේ එලිය වැටෙන්නත් කලින් ඉදන් ලිප එක්ක ඔට්ටුවෙන අම්මා පොල්ගෙඩියක් ලෙලි ගහන්න කියනකොට ඇදන් උන්න බැනියම ගලවපු මං ඒක කුසියෙ පුටුව උඩ දාලා පොල් උල ගාවට ගිහින් පොල් ගෙඩිය ලෙලි ගහන්න ගත්තා .....

සස් ..

සස්....

පොල්ගෙඩියෙ මුන හරිය පොල් උලට පසාරු කරගන යනකොට පොල් එක ගෙඩියට පොල් ගෙඩි පහලවක් විස්සක් තිබුන පොල් ගොඩම හිතේ වේදනාවෙන් උන්න මං ලෙලි ගහන්න ගත්තා . ....කෑ ගැහිලි ඇඩිලි මේ මොකුත් නෑ...ඔලුවත් එහා මෙහා වන වන උන්න මං පොල් ගෙඩියෙන් ගෙඩිය ගෙඩියෙන් ගෙඩිය ලෙලි ගහගන ලෙලි ගහගන ගිහින් අන්තීම ගෙඩියෙ මූන හරිය අනිනවත් එක්කම කොලපාට පොල් ලෙල්ල උඩ රතු පාට පැල්ලමක් හිටියා.....මං එහෙම්ම බිම වැටිලා ඉදගත්තා ...

අනෙ දෙයියනෙ...ලමයෝ....

අනෙ ....අකිල...!!!!

.

🥺කලටි පොල් පන්තියෙ ජොබී නිදහාස් ...

ආය එන්නම් .....

මම...

Ferdeesha ❤️💚😘

More Chapters