Cherreads

Chapter 64 - 64

"මිනිහා...."

මම රොමේන් දිහා බැලුවා....එයා සංධීර් ට මිනිහා කිව්වා....හත්තික්කෙ....මොනව හරි වැටහිලාවත් ද??

එයාට අපි දෙන්නගෙ සම්බන්දෙ ගැන ඉව වැටිලා වත්ද...

ර්.....රොමේ....න්

ම්ම්ම්....

බූට්ස් දාගන බරට බරෙ අඩිතියන රොමේන් ගාව උන්න මම කුකුල් පැටියා වගේ පස්සෙන් දිව්වා...මට රොමේන්ගෙන් අහන්න ඔනා.....ඔයා මොනවා හරි

දන්නවද කියලා.....සංධීර් කියලද කව්ද දන්නෙ.....?

එහෙඅ උනෝතින් නොදන්න දෙයක් හරි එයා මට කියලා දෙයිනෙ ඕක කරන්නෙ මෙහෙම නෙවෙ අරහෙමයි ...අරහෙම නෙවෙ මෙහෙමයි කියලා ....අනික එයාලා නොදන්න දෙයක් තියෙන්න පුලුවන්ද බෑනෙ.... 

ඔ...ඔයා...ල්..ලා...

ඔව්....ඉතින්....අපි මොකද....

ශූ...ගාන ඩෝ කූලින් එක මැදින් එයා වීක් සුවද හැම අතම යනකොට කාගිල්ස් එකේ ලස්සන අක්කා කෙනෙක් ආයබොන්ඩ කිව්වා...

ආයුබොවන්....!

ආයබොන්ඩ කියලා පනාව දාලා ගන්නවා....තියන එව්වා ගන්න ගියහම වකුගඩු දෙක උගස්තියන්න වෙනවා....ආයුබෝවේවා..මහරජානනි...

ම්හුක්...ලගදි ළූනු කෑවතේ.....

ඔලුව කස කස උන්න එක එක මගුල් හිතලා ආයම උන්න තැනට ආවා....එයාට ගානක් නෑ.....තල්ලු කරගන යන කරත්තයක් අරන් එයා මට ඕන ඒවා ගන්න දීලා එයත් මොන මොනවදෝ තෝරන්න ගත්තා ..යහපතාට කෝල් කරලා බබා අරවා තියනවද...මේවා තියනවද ඇහුවා....අරුත් එහෙ ඉදන් ඒක නැත්තන් මේක ගන්න....අරකට වඩා මේක හොදයි ගානකොට මට සංධීර් ව මතක් උනා...

ම්හුක්...අනේ බාප්පෙ ...බාප්පගෙ කොල්ලගෙ ඵෝන් එක කැඩිලනෙ....නැත්තන් මාත් එයාගෙන් අහනවනෙ අරක ගන්නද මේක ගන්නද කියලා ...ඇරත් දැන් හේතුවක් නැතුව හරි ඇතුව හරි බැනලා මැසෙජ් එකක් දාන්නවත් විදිහක් නෑ...

ඔයාට ඕන දේවල් බලලා ගන්න ....

රොමේනයා ආයම මා දිහා බලන් මහ එකා වගේ ඕන ඒවා බලලා ගන්න කියන්කොට මගෙ කට කොකියන්න ගත්තා...හිත කිව්වෙම ගිහින් අහපිය අහපිය අහපිය කියලා...

ගියොත් වචනයක් ආවොත් අලියෙක්....

ඒත් මම ඕක අහන්න ගිහින් එයා විරුද්දත්වෙ ප්‍රකාශ කෙරුවොත්??

ආ...එව්වා කොහොමද වෙන්නෙ...අනික මම දැන් නොමග ගිහින් ඉවරයි. ආය මාව යහමගට ගන්න සිරිමත් නෙවෙ සිරිමත්ගෙත් සිරිමත් ආවත් වැඩක් නෑ...අනික මට මෙහෙම වෙන්න එයාලත් සීයට අනූ නවයක්ම වග කියන්න ඕනා....

ඇයි යකො උන්නෙ කිව්වෙ සංධීර්ගෙ ඇබිත්තම....සංධීර්ගෙ කෑල්ල කියලා...

සංධීරයමනෙ කිව්වෙ ඉක්මනට බත් කාලා ලොකු වෙන්න කියලා....

ඇරත් බාප්පනෙ මට සංධීරයගෙ ගෑනි කිව්වෙ....උන් හින්දා නේන්නම් මට මෙහම උනේ ....

ම්හුක්...පුම්චි කමට නොදන්න හින්දනෙ මේ ඔක්කොම කරදර උනේ...

විරුද්ද උනෝතින්.....විරුද්දත්වය නිශ්ප්‍රභා කරන්න හේතු දාහක් විතර හොයා ගත්තු මම අවසානෙදි බඩු තෝර තෝර ගන්න රොමේනයව ඇදගන මුල්ලකට දිව්වා...එයා තක්බීර් වෙලා වගේ බලන් උන්නා.....

යෙවීන්.....ඇයි මේ....

ර් රොමේන්.....ද්ද්...දෙයක්...අ..අහ්න්න ත්ත්..තියනවා....

මොක්කද.....

.

ම්ම්ම්..මේ...ඔ..ඔයාට....ම්..මගෙ....ව්..

වෙනසක්....ප්ප්..පේනවද.....

මම එය දිහා බලාගන උන්නා...ඇස් දෙක ලොකූ කරලා බුක්.බුක් ගාලා ඇහිපිල්ලම් දෙක තුනකුත් ගහලා චුට්ටක් හිනා වෙනකොට රොමේන් ඇස් හීනින්කරන් මා දිහා බලන් උන්නා....

ඇයි...සුදු වෙන්න වත් මොනවහරි ඉලුවද උඹ?

ය්ය්..යෝ.....න්න්..නෑ...අනේ.....

එහෙනම්...මට එහෙම වෙනසක් පේන්න නෑ....

ම්ම්..මං...න්..නිකන්....ඉ..ඉලන්...දාරි ...යා වගේ....න්න්..නැද්ද....

යෝ...හ් උඹගෙ මනමාල කම...එහෙම නෑ බිබික්කමක් වගෙ මූන.....

මම රවා ගත්තා...ඇයි දෙයියනෙ....එහෙම කරපුවාම මූන ඇගපත එහෙම වෙනස් වෙනවනෙ....මේ යකාට ඒක හොයා ගන්න බෑනෙ...එක්කො එයාට ලැජ්ජාවක් වත් දැනුනද...මගෙ.මූන බලාගන කියන්න...නැත්තන්...එයා නිකන් බය වෙලා වගෙද ....

මම වට පිට බැලුවා බලලා එයාට පහත් වෙන්න කිව්වා...

මොකද...

ර්..රහසක්...ක්ක්..කියන්න.....

යෝ...උඹ කියන එකක් කියපිය බෙල්ලෙ එල්ලෙන්න ඕන් නෑ කාටත් ඇහෙන් නෑ....

මම අඩි පොලවෙ ගැහුවා.....පහත් වෙන්න බෑ කියනකොටම මම රවාගන ඉදලා අර පොඩි යක්කුන්ට තරහා ගියහම අඩි පොලවෙ ගහනවා වගෙ මමත් අඩිය පොලවෙ ගහනකොට රොමේනයා මට කුටු කුටු ගගා බැන්නා....

අරූ හැදුවෙ මූව හදාගන්න ගන්න හදාගන්න ගත්තා නම් වසන්ඩ වෙන්නෙ නෑ. 

ම්..මොක්කද....

මොකුත් නෑ කියපිය කියන දෙයක්....

ම්ම්හුක්....බ්බ්...බයින්නෙ....

හා...හා....කියන්න්නකො.....

මම මගෙ ගාවට පහත් උන රොමේන්ගෙ කන මගෙ වකුටු කරපු අත්ව්ලින් වහගත්තා.....

එයා කම්පියුස් උන්ගා බුන්ගා වෙයිද දන්නෙ නෑ 

.

ර්..රොමේන්....ම්ම්..මං....ස්ස්..සම්බන්..දයක්....ප්ප්..ප්ටන් ගත්තා...

මො..මොකක්....?

ස්...සම්බ..න්දයක්.....

මොන සම්බන්දයක්ද....???

..අ..අනේ....න්..නිකන්....ර්..රගපා...න්නෙ...න්නැතුව....ඉ..දපන්...ර්..රොමේන්.....ව්ව්.වැටහිලා ..න්..නේද....ඉ...ඉන්නෙ...ම්ම්..මං...ඕක...ම්ම්..මගෙ....ක්..කටින්...ක්ක්..කියනක..න්නෙ....ඔ..ඔය....හ්..හින්ට්....ප්..පාස් කරන්නෙ....

මම් ගස්සලා අහක බලාගත්තා.....මෙච්චර වෙලාම මට හින්ට් ගහලා දැන් නොදන්න එකා වගේ රගපානකොට මට මල පැන්නා...

මොන හින්ට්ද? මොනවද ලමයො කියවන්නෙ....

ම්ම්..මොනවද ක්..කියවන්නෙ අහන්නෙ...ඔ..ඔයා.....ම්..මගෙයි....ස්ස් සංධීර්ගෙයි ...අ..අතර....ත්තියන....ස්..සම්බන්දෙ ....ද්ද්...දන්නෙ නැද්ද.....???

මොක...ක්....ඔයාගෙයි...සංධීර්ගෙයි අතර....තියන...

ඔ..ඔව්...ව්ව්..වැටහෙන්නෙ නැතුව න්න්..නෙවෙනෙ.....නේ...

...

අ..අර....එ...එලියෙදිත්...ක්ක්..කිව්වෙ...ම්..මගෙ....ම්..මිනිහට....ප්ප්..පිස්සුයි....ක්..කියලා...එ..එතකොට....

.....

එයා බලන් උන්නා...නිකන් නෙවෙ.....ඇස් දෙක ලොකු කරන්....ඔලුව කසපු රොමේන් අත් දෙකෙම්ම මූන වහගන ඉදලා ආයම ම දිහා බැලුවා.....

වරෙන් මෙහාට....

ර්..රොමේන්...

ටික වෙලාවක් යනකන් අනත මනත වෙලා උන්න රොමෙන් වරෙන් මෙහාට කියලා මාව පැත්තකට ඇදගන ගියා....එයාට තරහා ගිහින්ද.. ??? යෝ...එයාට තරහා යන්න දෙයක් උනේ නෑනෙ.. අනික මම යාලු උනෙ සංධීර් එක්ක මිසක් එයාගෙ යහපතා එක්ක නෙවෙනෙ...එයාට මොකද මේ ගිනිපුක් ගාය ගැහුවෙ 

...දැන් කියපන්.....

.මාවත් අතින් ඇදන් ගියපු රොමේන් කවුරුත්ම නැති තැනකට ගිහින් මාව අතෑරියා හැබැයි මේ වෙනකොට මගෙත් මූන පොර කුකුලෙක් වගේ වෙලා තියනකොට මාත් රවාගන උන්නා....

.මොකක්ද උඹ කිව්වෙ ..සංධීර් එක්ක සම්බන්ද කමක්...

ඔ..ඔව්...ඇ..ඇයි....අ..අවුල්ද???

අවුල්ද...අවුල්ද ....උඹ අවුල්ද අහන්නෙ....උඹට ඕනෙ යාලුවො යාලුවො මරාගන්නවා බලන්ඩද ආ....?????

ර්...රො..රොමේන්...ආ.ව්හ්...ඇ....යි....අ..අනේ.....බ්බ්..බා...ප්..පෙ....ම්..මෙ...රොමෙ....නයා...ස්..සංධීර්....

.මගෙ පිට මැදටම සටපට සත්ත පඩ් වෙන්න දෑස් තුන හතරක් වදිනකොට මම මැරෙන්න හැදුවා....එයා ඇහුවා යාලුවො යාලුවො මරාගන්නව බලන්න ඕනෙද කියලා ...

මම් හිතුවා හරි ..එයාලගෙන් කවදාවත් ඒකට යහපත් හිත සතුටු වෙන උත්තරයක් ලැබෙන් නෑ...

ඕක නවත්තපන් යෙවින් .....උඹලගෙ බාප්පා දැනගන්න කලින් ඕක නවත්තපන්...

...

.උඹට කන ඇහෙනවද මං කියන එක.....උන් අපි යාලුවො නෙවෙ යෙවීන් ...අපි හැමෝම ඉන්නෙ සහෝදරයො වගෙ....නිකන් බොරුවට එක එකා කා කොටා ගන්න තැනට වැඩ නොකර ඕක නවත්තපන්...මම.කියන්නෙ උඹගෙම හොදට....උඹලගෙ බාප්පා දැනගත්තොත් උඹ හිතනවද අනේ මගෙ කොල්ලා....සංධීරයා මේකව ගනින් කියල දෙයි කියලා ආ??

මම අහන් උන්නා කනකුත් කැසුවා... එහෙන් රොමේන් බනිනවා...බනිනවා ඉවරයක් නෑ....අනික එයා කොහොමද මට බනින්නෙ....එයා කොහොමද මට තහංචි දාන්නෙ....එයාලා එයාලට ඕන අයට ආදරෙ කරනවා නම්...ඇයි මට බැරි.....

...ම්ම්..මට....බ්බ්..බෑ.....ප්ප්..පුලුවන් ..ද්ද්..දෙයක්...ක්..කරපන්....ම්ම්..මං...නවත්ත...න්න්....නේ..නෑ....

.මොකක්...මොකක්ද උඹ කිව්වෙ....

.ඇ...ඇයි...ක්..කන්...වල...ම්..මැටිද....ප්ප්..පුලුවන් ...ද්දෙයක්....ක්..කරපන්....ම්..මං..නවත්තන්...න්න්..නෑ කියලා...ක්..කිව්වෙ.....

ඇත්තට....උඹ ආදරේ එක්ක වෙන මොකක් හරි පටලවන් ඉන්නෙ යෙවීන් ...ඔය වයසට ආදරේ කියල ලමයි කරන්නෙම රැවටෙන එක.....අපේ එකා නරකයි කියලා කියනවා නෙවෙ...ඌ ඕනාවටත් වඩා හොදයි....

එ..එහෙනම්...උ..උඹ...ක්..ක්..කියන්නෙ...ම..මං....න්..නරකයි....ක්..කියලද...ය්....

යකො??

මට එක තත්පරෙන් ආවේස උනා.....සංධීර් නරක නෑ ඌ ඕනාවටත් වඩා හොදයි කියනවා එක්කම මට මා පැන්නා මම ඇගිලි තුඩුවලින් ඉස්සිලා රොමේන්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා....

උ..උඹට....ම්ම්..මාව...විස්වාස....න්න්..නෑ.....

ඔව්....උඹලා පොඩි උන්.....දෙයක් වෙච්ච ගමන් අවසානෙදි කරන්නෙම මී හරක් වැඩ... ..උඹලට දෙයක් තේරුම් කරන්නත් තේරුම් ගන්නත් බෑ.....

එ..ඒ...වෙන ..උ..උන්....

උඹ මා එක්ක කට ගහයි යෙවීන්...හැබැයි....

ම්ම්ම්...මරලා...දානවා....

මම එයාව තල්ලු කෙරුවා....ඇගේම ලේ මූනට එකතු වෙලා මගෙ මූනම රතු පාට වෙනකොට මම එයාව තල්ලු කරල කෑගැහුවා ...එයාට මාව විස්වාස නෑ...එයා හිතන්නෙ වෙන උන් වගේ මමත් මෝඩ වැඩ කර ගනී කියලා ....

මම අහක බලාගත්තා ....එයා කතා කෙරුවෙ නෑ .....එක අතකට එයා හරි....එයාගෙ පොලිස් පොතෙ මේ වගේ දේවල් කොච්චර ලියවෙනවා ඇතිද...එයා හරි...බාප්පා නිකන් ඉන්න එකක් නෑ...ඒත් මට බෑ...මම සංධීර්ට ආදරෙයි .....රොමේන්ට උදානට සලකන විදිහට මටයි සංධීර්ටයි සලකන්න බාප්පා එක පාරම හිත හදාගන්නෙ කොහොමද ම්...

මම විනාඩි ගානක් උන්නා...පස්සෙ ආපහු ඔලුව ඉස්සුවා...වචනයක් නොකිවා උනත් රොමේන් මා.දිහා බලන් උන්නා.....

ම්ම්..මං...නවත්තන්නෙ...නෑ...ම්..මං....උ..උඹ...ක්ක්..කියනවා....වගේ...ම්ම්..මෝඩ.....වැඩ කරගනෙත්....න්න්.....නෑ...අනික....ම්..මම...ආදරේ...එ..එක්ක...වෙන...ම්ම්..මොකුත්...පටලවගනත්....න්න්..නෑ...ප්ප්..පුලුවන් ...න්න්..නම්...ම්ම්..මාව...විශ්වාස...ක්ක්..කරන්න.....ර්..රොමේන්...ම්..මං...ස්..සංධිර්ට.. .අ..ආදරෙයි.....ආ..අය....එතනින්...එහා...ද්දෙයක්....නෑ....

ම්න්...ඕක නම්....තීරනේ....බාප්පගෙන් පරිස්සම් වෙයන්.....

එයා මොකුත් කිව්වෙ නෑ..හැබැයි කුටු කුටු ගගා සංධීර්ට බැන්නා....මටත් ඉදලා හිටලා ඇන්නා....

දැන් උඹ...මේ.....මෙහෙට වරෙන්....

ඇ..ඇයි....අප්පා....මගෙ...ඔ.ඔලුවත්....ක්..කැක්කුමයි...ක්ක්..කීපාරක්...ම්..මගෙ....ඔ...ඔලුවට....ඇ...ඇන්නද...

.මම නහයෙන් ඇඩුවා...මෙච්චර වෙලා.ආවේස වෙලා උන්න මම අවසානෙදි රොමේන් අපේ සම්බන්දෙට බැනලා බැනල කැමති වෙනකොට මම ආයම අර පරන කුකුල් පැටියා උනත් රොමේනයා මට කරන අඩත්තේට්ටම් එක්ක මම අඩන්න ඔන්න මෙන්න උන්නා.....මගෙ ඔලුව හිල් වෙන්න ආවා..කට ගහන් ගියොත් කටවහපිය පොඩි ඇටයා කියලා ඇදලා ඇරියා....

මොකද අඩන්නෙ.....

අ..අඩන්නෙ...ක්..කියන්නෙ....ර්..රිදෙනවනෙ....

ආ...උඹට පොඩ්ඩක් ඇන්නම අමාරුයි.....ඔයිට වඩා දේවල් වලට තව අඩන්න වෙයි එහෙනම්

ම්හුක්....මං...අ..අඩලා...ඉ.ඉවරයි...එ..ඒවට....ස්ස් .සංධීර් ...ක්..කිව්වා...ත්ත්...තව...දෙපාරක්...ත්තු...න්...පාරක්....උ..නාම....හ්..හරියයි....ක්..කියලා...ම්හුක්...

කැහ්...කැහ්.....මො.....මොකක්.....??

මම උන්නෙ ටිපිටිප් පැකට් එකක් අතේ තියාගන වෙනකොට අතේ තිබුන දෙකෙන් කෝක තෝරන්නද හිතා ගන්න බැරි උනා.....ටිපිටිප් කිව්වට හුලන් පැකට් එකක් අස්සට ටිපිටිප් දෙකක් තුනක් දාලා.....ඒ අස්සෙන් රොබිනා අනම් මනම්.කියනකොට මාත් සෙකන්ඩ් නොවී ඒකට එකට එක කිව්වා විතරයි මම කියපු දේකට රොබිනට කෙලත් ඉස්පොල්ලෙ ගියා.....

ම්..මොකක්ද...අහන්නෙ.....ම්ම්..මං...ක්..කිව්වෙ....ඔ..ඔයා....ක්..කියපු...එ.එකම...ත්ත්...තමයි.....වැටහු..නා...නේද....බ්..බොරුව...න්..නොකර....ඉ..දපන්කො....ර්..රොබිනෝ...ල්..ලමයව....ම..මහන්සි...ක්ක්..කරවන්නෙ....

වැටහුනා...මොනවා වැටහෙන්නද...උඹට මම කියන්නෙ එකක්...උඹ කියන්නෙ වෙන එකක්....

මම අතේ තිබුන ටිපිටිප් පැකට් දෙකම ගත්තා...අරන් තරහටම තවත් එකක් ගත්තා...සල්ලි ගෙවන්නෙ ඕකනෙ....

ධ්ද්...දැන්....ව්..වැටහෙන්නෙ...නෑ....එ..එහෙමද....ක්ක්..කියන්නෙ...

ඔව්....

රොබිනා කලවම් කඩල පැකට් එකක් අරන් ඒකේ ග්‍රැම් ගානයි..රුපියල් ගානයි දැකලා සුන්දර සිරිබරනි ප්‍රජාතාන්ත්‍රික ජනරයේට සාදුකාරයක් කුනුහර්පෙන් දෙන ගමන් කූඩෙට දාලා.මා දිහා බලනකොට මම මහදැන මුත්තා වහෙ උගුරෙ රැල් බුරුල් කරලා හස්තමුද්‍රාවෙන් කතා කරනකොට රොබිනා කටට අත තියා ගත්තා ....

අ..අපි...👉👌ම්..මේක...ක්..කරලා...ඉ..ඉවරයි...ආ.ය....අ..අඩන්...න...ද්..දෙයක්....න්..නෑ....

කොල්ලො....!!

ඇ...ඇයි.....

කවදා...කොහෙ.....??

ම්ම්...ම්ම්...ස්ස්....සංධීර්ගෙ...ග්.ගෙදර....

අනෙ....ඒ...උනාට.....ර්...රොබිනෝ....ම්..මට....අත්...දැකීම්....න්...නෑනෙ.....ම්හුක්....

මං උගන්නන්නම්.....!!!

රොබිනාගෙ මුනෙ මහ වල් හිනාවක් මතු උනා....අහල බලන් හිනා උන රොබිනා ආයම මොකුත් නොවුන වගේ ඉදන් ඵෝන් එක කනේ තියා ගත්තා.....

ක්ක්...කාටද...ඔ..ඔය....ග්..ගන්නෙ...

මිනිහට....

ක්ක්.....කාගෙ....

වෙන කාගෙද.....

ආ....ක්ක්..කමක්...නෑ.....

මමත් අතින් කට වහගත්තා ....මටත් දැන් ලැජ්ජයි.....යෝහ්....මොකට කිව්වද මන්දා.....එයා බැන්නොත්...ආ...කමක් නෑ...බැනපු දෙන්....

මම බලන් උන්නා...සංධීර් තාම ආන්ස්වර් කෙරුවෙ නෑ වගේ.....ආ..හරි....ආන්ස්වර් කෙරුවා .....

යෝ.....බාප්පෙ...කොල්ලට ලැජ්ජයිනෙ.....

Congratulations සංධීරයා.....!!!

එයා congratulations කිව්වා.....ඇයි.ඒ.....මොකටද ඒ.....අපි දෙන්නගෙ සම්බන්දෙටද .... හැබැයි ඒ කියලා වෙන් මොකුත්ම නොකියා ඵෝන් එක සාක්කුවට දාන් මා දිහා බැලුවා...

.නැත්තන් ඕකා වර්ජින් පිට මැරිලා යනවා ඒකයි.....දැන් හරි ....අවුරුදු හතලිස් තුනකට පස්සෙ....ඌත් පතිවත පරක්කුවෙලා හරි කඩා ගත්තනෙ...

ය්ය්....ය්ය්..යෝ...ර්...රො...මේන්...ම්..මොනවද....ද්..දරුවෝ....ඔ..ඔය...ක්..කියවන්නෙ....

මගෙ.මූන රතු උනා...එයා සංධීර්ට congratulations කියලා,කියලා තියෙන්නෙ ඒකට.....ම්හුක්...මමම.උන්න හින්දා හොදයි...නැත්තන් කිව්වත් වගෙ සංධීරයට මැරෙන්න වෙන්නෙ වර්ජින් පිට.....

යෙවීන්..මෙක විහිලුවක් නෙවෙ....මේක සෙල්ලමකුත් නෙවෙ...වචනයක් දුන්නා නම්.....ආපිට නොගන්න බලන් දීපන් යෙවීන් ..මොකද මිනිස්සු වෙන් දෙන්න බලන් ආදරෙ කරන්නෙ නෑ...අපි කවුරුත් එහෙමෙයි.....

ම්..මං....ස්ස්....සංධී....ර්ට....ග්..ගොඩක්....ආදරෙයි.....ර්..රොමේන්...ම..මං....ග්..ගොඩක්...ආදරෙයිනෙ.....ම්..මාව....වි....

විස්වාස.කරන්නම්.....සංධීර්ගෙ ඇබිත්තම.....පහු වෙලා හරි.....කමක් නෑ...මේක තමයි හොදම ලැබීමකියලා ....අපි විශ්වාස කරන්නම්....

රොබිනා මගෙ ඔලුව අත ගෑවා.....ආය බැන්නෙත් නෑ මොකූත් කිව්වෙත් නෑ...මට ගන්න ඕන දෙයක් ගන්න කියලා එයා එයාගෙ ගෙදර අඩුපාඩු ගන්නකො මට මතක මතක විදිහට සංධීර්ගෙ ගෙදර අඩුපාඩු ගත්තා ....

මෙ මිනිහගෙ සිග්නල් එකත ඉවර වෙලා තිබ්බා ...ඒකයි.....යෝ ෆ්‍රිජ් එකේ මින මගුලක් වත් නෑ මාත් ඉන්නෙ එහෙනෙ.....කුකුල් පැටියට දෙන්න හාල් ඇටයක් නෑ...

මං මහ එකා වගෙ එක එක දේවල් ගන්නකොට මං බලාගන රොබිනා හොරා වගෙ කොන්ඩම් පෙට්ටියක් බඩු අස්සෙ යට කෙරුවා .....ඒ ඇයි ඒ...

ලැජ්ජද දන්නෙ නෑනෙ....එක්කො එයාට කියන්න හිතෙනවා ලැජ්ජා නොවී ගන්න කියලා මං ඔව්වා ගැන දන්නවා කියලා ....

ම්හුක්..බාප්පගෙ කොල්ලට ඔය ගැන හසල දැනුමක් තියෙන්නෙ...

ර්...රොමේන්....

ඇ...ඇයි....

මං ගිහින් රොමේන්ට ඇන්නා විතරයි එයා ගැස්සුනා ...තත්පරෙන් ඒ මූන රතූඋනා...

👉👈ල්ල්....ලැජ්ජා ..වෙ..න්න....එ..එපා....අ..අනෙ....ම්..මං....ඔ...ව්වා ...ග්ග්...ගැන....ද්ද....න්නවා ...

කටවහපන් කොල්ලා.....

එයා මගෙ ඔලුවට ඇනලා තවත් පෙට්ටියක් අරන් කූඩෙට දැම්මා...

ද්....දෙකක්....ක්ක්...කාටද ...

අනික සමන්තට.....!

සුදු දුව...කූඩයක් අරන් එන්න.....ශෙහානි හාල් මොනවද තියෙන්නෙ බලන්න....

මම උන්නෙ රොබිනත් එක්ක පිටිපෙට්ටි තියන හරියෙ....පැලවත්ත පිටි එකක් ආසාවට හොයන්න බැරි වෙනකොට එයා රෙඩ් කව් පෙට්ටියක් ගත්තා ...අරගන මයිලෝ එකකුත් කූඩෙට දානකොට මං ගිහින් ප්‍රීමා ලොකූ නූඩ්ල්ස් පැකට් එකක් උස්සන් එනවත් එක්කම හුරු පුරුදු කටහඩක් ගාවදි මගෙ කකුල් දෙක ණැවතුනා ....

ආච්චම්මා.....

අලුත් ගෑනි....

අර කෙල්ල.....

මගෙ අතෙ තිබුන නූඩ්ල්ස් පැකට් එක අත් වලටම තද වෙනකොට මං බලන් උන්නා...අරගෑනි ආච්චම්මා එක්ක මුකුලු කර කර බඩු තෝරන හැටි.....

ඇදන් උන්න සායෙ කොට ....

උඹට මගෙ අම්මා ඇන්දම තමා ඇස්වලට කටු ඇන්නෙ නේ .....මගෙ අම්මා එක්ක කවදද උඹ මෙහෙම හිනා උනේ.....

මට මතක හැටියට ආච්චම්මා අම්මට සලකපු එකම පාරයි තිබ්බෙ .... ඒ අම්මට බබා හම්බෙන්න උන්න කාලෙ....

අම්මට කොයිතරම් හොදින් සැලකුවද කියනවා නම්....උදේ පාන්දර මගෙ මූනවත් මුනිච්චි වෙන්න දුන්නෙ නෑ.....බඩෙ එකත් ගොත වෙයි කිව්වා .....

සමහර විට මගෙ ඇත්තම අම්මටත් එහෙනම් ගොත කාව හරි මුනිච්චි වෙන්න ඇති.....

මගෙ මූනටම කාලකන්නි කොල්ලා කිව්වා .....

ඒත් අද.....අම්මව එලවල ගෙනාව ගෑනිටයි තාත්තගෙන් කියලා කිසිම සම්බන්දයක් නැති ලමයෙක්ටයි පන දෙන්න තරම් සලකනකොට ම්ගෙ අතේ තිබුන නූඩ්ල්ස් එක මන් කුඩු පට්ටම් කරලා තිබුන

සාප කාර ගෑනි ..

ඔලුව වනලා කනක් පිහදගත්තු මං සාපකාර ගෑනි කියන ගමන් අලුත් ගෑනි දිහා බැලුවා ...

තව ටිකක් නටපන්කො...උඹට හම්බෙයි හෙට අනිද්දා .....උඹට උඹගෙ කෙල්ල එක්ක පාරට බහින්න වෙනවා...ඔය මහ අම්මන්ඩිටත් රටේම ඉන්න හොද දොස්තර කෙනෙක් චැනල් කරන්න වෙන තැනට මං වැඩ කරන්නම්කො...

සුදු දුව ඉක්මන් කරන්නකො...අම්මට සැලුන් එකට යන්නත් ඕනා....

එනවා අම්මී.....

සැලෝන් එකට යන්න.....

මන් ගෑනිගෙ උඩ ඉදන් යටටම බැලුවා .....මේකි විසිහතර පැයම මේකප් නාන් ඉන්න එකියක්.....මගෙ අම්මට වගෙ විසි හතර පැයම බත් තම්බ තම්ම ඉන්න නැතුව ඇති....

රෙහාන් ... රෙහාන් .....රෙහාන්...

තාත්තෙ....උඹත් වැරදි ...ඇස්වලින් දැක දැකම උඹත් කෙරුවෙ අවසානම මොහොතෙ අම්මව එලවපු එක...මම් එකින් එක එකින් එක සාක්කි එලියට දාලා....අවසානෙදි මං කව්ද කියන එකත් කියන්නම්...

යෙ.....වී ..න්

ශ්ශ් .....

ඇස් පිල්ලමක් වත් නොගහම තාත්තගෙ අංගනාවි දිහා බලන් උන්න මම මගෙ ගාවට ආව රොමේන්ගෙ කට වහල දැම්මා ...

කටවහපු මං ආච්චම්මව වගේම අලුත් ගෑනිව පෙන්නනකොට රොමේන් ඒ දිහා බලන් ඉදලා මාව අතින් අල්ලගත්තා .....

එන්න යමු.....

....

යෙවීන් එන්න යමු...

මම දත්මිටි කෑවා...මට තිබුන තරහව කොයි තරම්ද කියනවා නම්...මට අර ගෑනිගෙ කොන්ඩ ගුලියෙන් අල්ලන් ඔලුව බිත්තියෙ ගහන්න හිතුනා....වයසක උනත් ආච්ච්චම්මගෙ කට බිම අතුල්ලන්න හිතුනා....කියපු කතා...කරපු කෙනෙහිලි කම් මතක් වෙන වාරයක් ගානෙම මගෙ පපුව පුදුම විදිහට ඇදුම් කනකොට මම වෙව්ලුවා....වෙව්ල වෙව්ල බලන් උන්නා...එහෙන් රොමේන් මාව අදිනවා....

මට සැනසීමක් නැතිව යයි....මට මුන්ගෙන් පලි ගන්නකම්ම සැනසීමක් නැතිව යයි...

ර්..රොමේන්.....

ඇයි....ඇයි යෙවීන් මේ....ඇයි.....

ර්..රොමේන්....ම්..මට...මට.....

ශ්ශ්...මේ අහන්නකො...මේ අහන්නකො...හොද ලමයනෙ..දැන් ඔයාගෙ සංධීර් එයි....අපිට උන්ගෙන් වැඩක් නෑනෙ....අපිට උන්ගෙන් වැඩක් නෑනෙ...උන් වෙනුවට....උඹට කොච්චර හොද අම්මෙක් තාත්තෙක් ඉන්නවද...අරත්...එකට අම්මලා දෙන්නෙක් ඉන්නෙ.....උඹට කව්ද ආදරේ නැත්තෙ. ....අපි හැමෝම ආදරෙයිනෙ....හොද ලමයනෙ.....

මම උන්නෙ තරහවෙන්...මගෙ අතේ වෙව්ලුවා . ..අතේ තිබුන ප්‍රීමා නූඩ්ල්ස් පැකට් එක පලිලා ගිහින් නූඩ්ල් එලියට ආවා.....මම එ තරන් තරහවකින් උන්නෙ.....

ර්..රොමේන්...

කියන්න....

ම්ම්..මිනිස්සු....ඇ..ඇත්ත....ක්..කියන දේ....නොදන්න...ත්ත්...තාක්...ක්..කල්...හිනා.වෙලා...ඉ..ඉන්න...පුලුවන් ....හ්..හැබැයි...ඇ..ඇත්ත...ද්...දැනගත්තු....ද්..දා....පටන්...ම්ම්..මිනිස්සුන්ට.....අ..අඩාගන්න....ක්ක්..කදුලු ...ම්..මදි.....වෙ...න්න....ප්ප්..පුලුවන් .....

මම දත්මිටි කෑවා.....මට තාත්තා ගැන වෛරයක් නැතත් තරහවක් දැනෙන්න ගත්තා....තාත්තා සල්ලි නැති මිනිහෙක් නෙවෙ...එයාට තිබුනා අපි දෙන්නව අරන් කොහෙ හරි යන්න...ගිහින් ජීවත් වෙන්න.....ඒත්....තාත්තා මොකක්ද කෙරුවෙ...බාප්ප කිව්වා වගේම කොන්ද නැති එකෙක් විදිහට උන්නා.....

මම දන්න තරමින් බාප්පට කවුරුත් නෑ....බාප්පා කා එක්කවත් ආයම යාලු උනෙත් නෑ.....කොලු කමට කෙල්ලෙක්ට විහිලුවක් කෙරුවට.....බාප්පා කාවවත් හම්බෙන්න කරන්න ගියෙත් නෑ.....දන්න එකම දේ බාප්පගෙ මගුලත් ....ආච්චම්මා කැඩුවා...සදුනි අක්කගෙ අම්මා....ලොකු නැන්දා එක්ක එකතු වෙලා බාප්පා යාලුවෙලා උන්නයි කියපු එකත් කැඩෙව්වලු....මං දන්නෙ නෑ.....එහෙම කතාවක් රන්ඩුවකදි කියනවා ඇරෙන්න බාප්පා කවදාවත් ඒ ගැන කතා කෙරුවෙත් නෑ..ආච්චමට ඒ ගැන කියන්න කටක් අරින්න දුන්නෙත් නෑ.....

ඔය ගෑනිගෙ හුට පටේ ඉවර උන ගමං....තාත්ත ආයම.මගෙ අම්මා ගාවට එන්න පුලුවන් ....එක පාරක් දෙපාරක් ඇඩුවා කියන්නෙම අම්මා තාත්තව බාර ගන්නවා කියන එක...මොකද ....අම්මා...අදටත් තාත්තට ආදරෙයි...

නෑ...එහෙම ඕන් නෑ...එහෙම වෙන්න ඕනෙම නෑ...මගෙ අම්මා ගාවට ආයම කවදාවත් අවස්තවාදියෙක් ඕනෙම නෑ ආය...මොකටද.....මොකටද ....

සමාව දෙන්න පුලුවන් වැරදි තියනවා නැති වැරදි තියනවා .....

බාප්පා ඇහුවා අම්මගෙන් බදින්න කැමතිද කියලා ....මගෙ අම්මට ආයම ගැලපෙන කෙනෙක් ඉන්නවා නම්....ඒ බාප්පා විතරයි ...ආය තාත්තගෙ හෙවනැල්ලක් වත්....අපිට එපා....

යෙවීන්....

රොමේන් මාව හෙලෙව්වා...

බ්බ්..බාප්..පට....ක්ක්..කවූරු....හ්හ්..හරි ...ඉ .ඉන්නවද....

බාප්පට....නෑ...ඇයි .. 

බාප්පා සන්ධීර්ට වඩා අවුරුද්දක් වගේ වැඩිමල් ඇත්තෙ....අම්මගෙයි බප්පගෙයි අතර තියෙන්නෙත් මහ ලොකු වෙනසක් නෙවෙ.... අනික වයස කියන්නෙ ඉලක්ක්මක්....

බ්බ්..බාප්පට...අ..අපේ...අම්මව.....

යෙවීන්....මොනවද දරුවෝ මේ හිතන්නෙ ම්ම්ම්.....එහෙම කරන්නෙ කොහොමද ....

එ .එහෙම...න්න්..නොවුනොත්....අර...ත්ත්...තාත්තා කියන...ම්ම්..මනුස්සයා....ආයම....ම්ම්..මගෙ....අම්මගෙ.....අහිංසක....ක්ක්..කමෙන්....ප්ප්..ප්‍රයෝජ....න...ගනීවි...ර්...රොමේන්....ද්..දාල....ග්..ගියපු....ම්..මිනිහා....ග්..ගියා....ගියාමයි.....ම්ම්..මොකද....ත්ත්....ත්තා...ත්තා....අවුරුදු ...ද්ද්...දහයක්....තපසෙක්....ව්..වගේ....උ...උන්නෙ නෑ.....මගෙ...අම්..මගෙ...තැන....ම....වෙන....ග්ග්..ගෑනියෙට...දුන්න...ම්ම්..මිනිහට.....ව්..වැරදුනහම....ව්..විතරක්....අම්මව...ම්..මොකටද .....?

මට කියන්නකො...ඔයා මොකක්ද කරන්න හදන්නෙ....

මම හුස්මක් ගත්තා...කියන්න දේවල් හුගක් උනත්.....ගොත ගහන මට වරුවක් වත් ඕනා වෙයි.....ඒක හින්දම මම මොකුත් නොකියම ආච්චම් වගේම තාත්තගෙ නාටිකාංගනාව හරි හරියට බඩු තෝරන දිහා යටි තොල හපාගන බලාගන උන්නා...රෙහාන්ට වෙන්නෙ....අම්මා තනි උනා වගෙ තනි වෙන්න....මගෙ අම්මා හිනා වෙන්න ඕනා...ආයමත්.....මම ඒ වෙනුවෙන් කරන්න පුලුවන් ඕනම දෙයක් කරනවා.....

හෙලෝ....උඹ ආවද?ආ ඉවරයි....

.....

ළමයා...මොන ළමයා....උඹට ළමයෙක් නෙවෙනෙ ඉන්නෙ නේ...

මම බෙල්ල හරවලා බැලුවා...රොමේන් කෝල් එකක...අනිවාර්යයෙන්ම සංධීර් එන්න ඇති .....

මම අපෙ බඩු කරත්තෙ දිහා බැලුවා...ඒක කටමට්ටන් නොවුනත්...පිරිල තිබුනා...නැන්දම්මලා ලේලිලත් බඩු අරන් ඉවර වෙනව එක්කම මම කූඩෙ තල්ලු කරන් කැශියර් එක ගාවට ගියා...

..මෙච්චර කල්.....උඹලා හැමදාම අපිව පස්සට දැම්මා...දැන්...උඹලට පස්සට යන්න කාලෙ හරි.....

..අරගෑනි එනවා...මං අනිත් පැත්තෙන් ආවා...අනිත් කවුන්ටර් දෙකේම සෙනග ඉන්නකොට යන්තම් එකක් හිස් උනා විතරයි මම එ පැත්තට ගියා .....අර ගෑනිත් එතනටම ආවා....අ..තත්පරයයි....දෙකයි...මම ඉස්සර උනා....

එක්ස්කියුස් මී.....අනේ අපි එකටම බිල් කරගන්නද....අයිටම් දෙක තුනයි තියෙන්නෙ....

මගෙ මූන නොදැකපු ගෑනි කටහඩ හදාගන මගෙ තැන ඉල්ලනකොට මම හැරිලා බැලුවා...බලලා කටකොනකින් හිනා වෙනවා එක්කම මහ ගෑනිගෙයි ඒකිගෙයි මූන දෙල් උනා...මොකද....ඒ දෙන්නටම මා එක්ක තියෙන්නෙ හොද මතක නෙවෙ හින්දා...

වැටකොලු කරලකින් කට පුපුරන්න ගුටිකාපු ගෑනි වගේම තර්ජනේ කරනකොට හුස්ම හිරකරගත්තු මහ තැනගෙ මුන දෙක වෙනකොට මම පොඩ් කෙල්ල දිහා බැලුවා....

ල්ල්ල්..ලමයින්ගෙ.....ඉ..ඉ..ඉස්සරහා....අ .අනුන්ගෙ.....ත්ත්....තැන්වලට....ර් ...

රිංගන්න....හදන...එක....ඒ...තරම්....හ්හ්..හොද....න්න්....නෑ....ම්ම්..මොකද.....ස්..

සමහර.....ග්ග්...ගස්වල....ක්..කටු..... උල්...ක්ක්..කරන්න.....

උඹට....මම.....

ඇයි.....මොකද....ම්ම්ම්.....මගෙ එකා මොකක් හරි වැරද්දක් කෙරුවද නෝනා මහත්තයා....?

ගෑනි මට ගහන්න අත ඉස්සුවා...ගහේ කටු උල්කරන්න ඕනේ නෑ කියන්න යනවත් එක්කම තාත්තගෙ ගෑනි අත ඉස්සුවා විතරයි රොමේන් මැද්දට ආවා...අවිදින් ඒ අත තදිම්ම අල්ලගත්තා .....

කඩලා දානවා අතක් තිබ්බොත්...

රොමේන් එච්චරයි කිව්වෙ.....උන් දෙන්නම අනිත් කැශියර් එක ගාවට කෙල්ලවත් ඇදන් යන්න යනකොට රොබිනා මා දිහා බැලුවා....බලලා රවාගත්ත හරි .හරි.....ඒකිව තල්ලුකරන් තමා මම ආවේ ඒ උනාට....

ම්හුක්...බාප්පෙ....බාප්පගෙ කොල්ලට.....

මූලග්ගින්න ඇවිදින්නෙ.....

උඹත් අංකර කෙක්ක .....බිලකරගන් ඔය ටික...අරූ ඇවිල්ලා

හ්හ්...හා....ඉතින්.....

ටීක්....ටීක්....ටීක්.....ටීක්.....

ගගා කැශියර් එකේ අක්කා බිල් කරනකොට මම ආයමත් කීකරු හා පැටියා වගේ ගෙදර යනගමන් කියලා කියල තිබුන බෑග් එකට බිල් වෙලා එන බඩු ටික දාගත්තා. 

ගෙදර යනගමන් කියල ලියල තියන තැනින් තව කෑල්ලක් එකතු කරන්න ඕනා හරි නම්.....

ගෙදර යනගමන් - හිදිලා ගෙදර යන්

කියල...ඇයි වදෙ බඩු ගිනි ගනන්නෙ....

හත් දාස් ....

මම හිමීට ගාන බැලුවා....ම්හුක්...එතනින් එහාට මට රොබිනග් මූන බලන්න බය හිතුනා....බඩු පොඩ්ඩ උනාට....ගාන හෙන ලොකු වෙනකොට සෞභාග්‍යයෙ දැක්මෙන් බඩු ගත්ත මම මීයා වගෙ මගෙ බඩු මලු වල තිබ්බ ඒවා මලු ගාන අඩුකරගන්න උර ඉරාගන එකකට ඔබන්න ගත්තා.... ...

.ම්හුක්...පුම්චි කමට දකින දකින හැම දේම ගත්තනෙ බාප්පෙ...

ස්තූතීයි ආය එන්න කියලා අක්කා හින වෙනකොටම මම හරි අමාරුවෙන් රොබිනගෙ මූන දිහා බලලා හිනා උනා

ආය වටපිට නොබලා කෙලිම්ම පල එලියට...පඩි වැටුනෙත් නෑ...ඇටදෙක තමයි උගස් තියන්න වෙන්නෙ...

ය්ය්..යෝ...ර්..රොමේන්...අ..අර...අක්කට....ඇහෙයි..ද්..දරුවො ...

රොබිනයි මමයි සූ ගාන ඩෝ කූලින් එක පහු කරන් ආයම එලියට ආවා වගේම මෙච්චර වෙලාම ඇතුලෙ තිබුන සීතල වෙනුවට දැන් තිබුනෙ ගිනිකන රස්නයක් වෙනකොට මම මගෙ පප්පා මහත්තයව හෙව්වා....

.අ..අනේ....ර්..රොමේන් ...අ..අපේ....ම්ම්..

මනුස්සයා...ක්ක්..කෝ...

ඉදින් බලන්න....

සැලුන් එකට යනව කියල ගියාට වැඩක් තියනවද...ඔය පප්පා කොන්ඩෙම ආයම පැත්තට පීරන් එයි...අපරාදෙ මට ඩයි එකක් ගන්න අමතක උනානෙ...රොබිනට කිව්වොත් එහෙම මාව හමගහයි.....

කොහෙද බන් ඉන්නෙ....මේ උඹෙ නොදරුවා එක්ක ඉස්සරහා ඉන්නෙ....මූ ෆුඩ්සිටියටම අරගත්තා වරෙන් ඉන්න තැනකින්.....

අතින් කටින් බඩු එල්ලන් උන්න මා දිහා බලන් උන්න රොබිනා සංධීර් ට බනිනකොට එයා ඉන්න තැන කිව්වා වගේම අපි දෙන්නට ඉස්සරහට එන්න කියනකොට මම ගාට ගාට රොබිනගෙ පස්සෙන් ගියා....

අම්මටම.....සිරි.....නලුවා.....!!!

එච්චරයි මට ඇහුනෙ.....මගෙ අතේ තිබුන බඩු මල්ල බිම වැටුනා...කොල බොක්ක පේන.තරමටම මගෙ කටත් ඇරුනා....දෙවියනේ.....සංදීර්......!!!

අනේ...බ්බා....ප්පෙ...මගෙ....ම්..මිනිහා....ල්ල්..ලස්සන.....ව්..වෙලානෙ.......මෙ සම්බන්දෙ...අදින් ඉවරයි...සංධීර්...

😊 තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස් .....

ආයම හෙට එන්නම්.....

අනේ ජොබීට කවර් එකක් හම්බුනානෙ...ම්හුක්...මේ ලමයට අමතක උනා...නොසෑහෙන්න.....

Xiao yi නංගා....ඔයාගෙ මහන්සියට ස්තූතියි ගොඩාක්ම ගොඩක්❤️❤️❤️😘😘😘😘😘😘🥺🥺🥺🥺

More Chapters