දාඩිය .....
දාඩිය බින්දුවලට අද නිවාඩුක් තිබුනෙම නෑ....නලලෙන් ඉපදෙන දා බින්දු එයාව තෙමුවා ..එකක් වැටෙනකොට වැටුන දා බින්දුවෙ අඩුව පුරවන්න තවත් එකක් මතු උනා...මගෙ දනහිස් පොල්කටු රතුම රතු වෙලා තිබුනා.....
දවස් තුනක්...ඒ සුවද මට මග ඇරුනා.....ඇදට සීමා නොවුන ආදරෙ අවසානෙදි කාමරේ සෝෆාවත් හරි අමාරුවෙන් ඉහිලුවා.....
ජනෙල් තිර රෙද්දට තවත් නම් එයාට හයියක් වෙන්න බෑ කියන්නදො කොහෙද කොකුවලින් ගැල්විලා ගියා.....ඒ පපුව උස් පහත්වෙනවා.....හරි හදිස්සියෙන්...කෙලවලින් නෑවුන තනපුඩු මරිතොන්ඩු පාට උනා.....මෙහින්දි පාට උනා ...මෘදු වගේම පිරුන තට්ටම් වල මගෙ ඇගිලි පහම හිටලා රතු වෙලා තිබුනා.....
විදින්න පුලුවන් කොයි විදිහද මම උපරිම වින්දා ...දැනෙන්න පුලුවන් කොයි තරම්ද මම උපරිම එයාට දැනෙන්න දුන්නා....අනේ සුදු මහත්තයා ...පොඩ්ඩ්ක් නැවතියන්කො කියන තැන අපි දෙන්නම හති ඇරියා .....ආයමත් ඒ මූනෙ හිනාවක් පිපෙනකොට එයාගෙ ඉනෙන් පහල මට හරියට වැඩ තිබුනා.....
ආදරනීයම වචන හුගාක් නැති උනත් එයා මට සුදු මහත්තයා කියන වාරයක් පාසා මම තවත් ඒ සර්වාංගෙ ගැඹුර හෙව්වා...උනුසුම්.....වගේම මෘදු නොවුන දැඩි පාර අවසානෙදි මගෙම්ම හතර පස් පාරක්ම තෙමිලා යනකොට ආයම එයාව යට කරන් මම ඇද උඩට කඩාගන වැටුනා....
මිනිහෝ.....ම්ම්හුක්...මිනි....යෝ....
ම්ම්ම්...අම්මො...තව...වටයක්....නම්...බෑ...මගෙ..ඇගට...පන...නෑ....
නෑ...යකො.....හුස්ම...ගන්න...බෑ...
නැගපුවා...බැස්සනම්...අයින්...වෙයන්...කෝ....කොදු...ඇට පේලිය නෑ වගේ තේශී...කොහෙන්ද...යකෝ...ඒ position ටික ඉගත්තෙ .....ඒ....හ්...
ම්ම්ම්...නායිස්...නේහ්.....
පලයන්කො....අප්පා...අනේ...තේශි....බරයි....ම්හුක්....උඹ බරයි අප්පා....
අනේ ..ඉතිම්...මගෙ මැනිකව තැලුනද....තොට දැන් තමා අමාරු මීට කලින් අනින්ට නිලමේ අනින්ට ගගා බැහැගන යන ඒවා නග්ගලා ගන්නකොට හොදයි....වල් විතේනයා මගෙ....
මම එයාව යට කරන් උන්නා...ඇගේ බර දරන්න බැරි තැනම තවමත් ගෙම්බෙක් වගේ කකුල් දෙකත් ඈත් කරන් උන්න එයාගෙන් මම අයින් වෙලා උඩබෙලි අතට හැරෙනකොට මගෙ වල් විතේනයා කාමරේ අලාභ හානි ගනින්න ගත්තා .....
අම්මෝ...හ්හ්...තේශි...අනේ...යකො.....
ඇවිදින්න බැ...උඹ තහනම් උත්තේජක ගහලා එනවද මගින්....
මම ඈ අරින් නැතිව එයාගෙ ආඩ පාලිය අහන් උන්නා ඒක බයිනවා..ඇවිදගන්න බෑ කියනකොට මම ලාවට ඇහැක් ඇරලා බලුවා....සුදු තට්ටම් පීච් ගෙඩි හා සමානවම රතුම රතු වෙලා තිබ්බා.....ඇවිදින්න බෑ කියන්නම කකුල් දෙක වක ගහන් උන්නා
මගෙ මැනිකෙ....උඹ ඇගට රෙද්දක් පටලව ගත්තෙ නැතිනම් හයවෙනි වටෙත් ඩක්කුපාරක් පදින්න පුලුවන් ...
අනේ නිකන් ඉදුකො අප්පා....
අනෙ...අම්මෙ...උඹ නම් බෑම කියයි.....මෙහෙට වරෙන්කො බබා...
මගෙ විතෙනෙ කැඩුන ජනෙල් රෙද්ද එක්ක එල්ලි එල්ලි ඉන්නකොට මම එයාව ආයම මගෙ ගාවට ගෙන්න ගත්තා ..මෙච්චර වෙලාම ආලිංගන පාපු එයාට අවසානෙදි ලැජ්ජ හිතෙනකොට එයාම අපි දෙන්නව කිලිටි වෙලා ගියපු රෙද්දෙන් වහගත්තා ...
ම්හුක්....මේකෙ වෙරලු මල් සුවදයි....
විතේනයා කට වහකො.....
ඉතින් ඇත්තනෙ සුදු අප්පො...මේ...මේ හරිය...මේ ඉඹලා බලන්න ..
අනේ කොල්ලො උඹ මහ ඌරෙක් වෙලා....
අනේ ....මගෙ කට...ඌරු වැඩ කරනකොට උඹට හොදයි....
එයා කියවනවා..මං අහන් උන්නා....දවස් තුනක් උනත් කල්පයක් තරම දුරක් දැනුන මට ඒ දවස් ගාන අවසානෙදි මම හරි අමාරුවෙන් ගෙවලා දාලා එයා ගාව ඉන්නකොට මෙච්චර දවසක්ම තිබුන ඇගපතේ අමාරු....හිතෙ අමාරු හැම දේම නැති වෙලා ගියා ....ඒ හැම දේටම එකම හේතුව මගෙ විතෙන්ම විතරක් වෙනකොට මම එයාව මගෙ පැත්තට හරවගත්තා වගේම රතු වෙලා තිබුන තට්ටමක් හිමින් පිරිමැද්දා .....
මගෙ විතේන් ...
සුදු අප්පො.....
උඹ හරියටම විස ගලක් වගෙ මැනිකෙ....උඹ නොදන්නවා උනාට එහෙදි හුගාක් දේවල් උනා විතේන් .....හැම පැත්තෙම්ම තැලුනෙ පොඩි උනෙ බරපැන වැටුනෙ....මායි මගෙ අප්පච්චියි
විතේ න්...ඒක මහ වේදනාවක්....මට උඹ නැති අඩුව නොසෑහෙන්න දැනුනා....උඹව මතක් නොවුනා නෙවෙ විතේන්...මට උඹට ගන්නවත් වෙලාවක් තිබුන් නෑ...මිනියට කරගහන්න එකෙක් උන් නෑ....මල බත උයාගන්න එකෙක් උන් නෑ....ඒ අස්සෙන් පොඩී ආයම ඉස්පිරිතාලෙ ...වැඩක් නෑ කතා කරලා....
මං වෙච්ච හැම දේම අකුරක් නෑරම කිව්වා.මගෙ විතේන් නාද්යාට හෙන ඉල්ලුවෙ නැති එක විතරයි ...අවසානෙදි ඒකා ඒකිට හෙනත් ඉල්ලුවා....
උඹව ඇදිලා ගිහින් සුදු අප්පො....ඇටකටුවල බර විතරද කොහෙද තේශි...මෙ ඇස් යට ඔක්කොම කලු වෙලා ....
මට මහන්සී මැනිකෙ.....නොසෑහෙන්න.....
උඹ කියන්න ඕන් නෑ මගෙ තේශි...මේ ඇස් දෙක දැක්කම තේරෙනවා...වලව්වෙ මොන දේ උනත් හැමෝම කතා කරන්නෙ උඹටයි....අප්පච්චිටයි තේශී..උන් කතා කරනකොට ඔක්කොටම වඩා මටයි හිසරදේ..මගෙ පපුවටයි වේදනාව තේශි ...
එයා දුක් වෙනවා....මම ඒ කම්මුල අතගෑවා.....අඩන්න ඔන්න මෙන්න තිබුන ඒ ඇස් දෙක
එයා මගෙ ඔලුව අත ගෑවා...දවස් ගානකට පස්සෙ මම ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනුනා....සෑහෙන්න වෙලා උන්න මම එහෙමම් එයාගෙ බෙල්ල ගාවට මූන ගහගත්තා ... .
මැනිකෙ බඩගිනීනෙ.....
දැනුන බඩගින්න එක්ක මම එයා දිහා බලලා බඩගිනී කිව්වා ...කඩන් වැටුන ජනෙල් තිර වලට එලියෙන් පේන කොළඹ අහස පුරාවටම අහස පහු කරන් මල් වෙඩි පත්තු වෙනකොට මං එයා දිහා බැලුවා ...
අද දිනේ කවදද මැනිකේ..
අහසෙ පත්තු වෙන මල් වෙඩි දිහා බලලා එයා දිහා බලපු මං දවස ඇහුවා....
විසිතුන....
විසි තුන....
අනේ මැනිකෙ....හෙට උඹලට නත්තල්නේද??හෙට විසි හතරනෙ.....
මට දුක හිතුනා...මට අමතක උනා.....අඩුම ගානෙ ඇදුමක් වත් අරන් දෙන්න බැරි උනා...එයාට ඇදුමක් ගන්න බැරි කමක් නෑ ඒ උනාට මම දන්නවා එයා ආසයි මා එක්ක යන්න ඇදුමක් තෝරන්න...සුදු මහත්තයා ඔයාට මේක හොදයි නේද ..මේක මට හොදයි නේද අහන්න..... මම ඒයා දිහා බැලුවා අනේ එයා පුපුරන මල් වෙඩි දිහා බලන් උන්නා.....
තේශි.....බත් තියනවා රත් කරන්නද.....
හා....රත් කරන්නකො.....
එයා බත් එක රත් කරන්නම් කියලා ඇද රෙද්ද පටලවන් යනකොට මම බාතෲම් එකට ගියා ....
සුදු අප්පො ඔය කොහෙද යන්නෙ ....
තත්පරේට දෙකට ඇගපත හෝදගත්තු මං එයාගෙ කාර් එකේ යතුර ගන්නකොට එයා කෑ ගැහුවා ...
එන්නම්...කාගීල්ස් එක ඇරලා ඇතිනේ.....
නත්තල් හින්දා ඇරලා ඇති....
ඕ...කොහෙද යන්නෙ කියලා කියලා පලකො යකෝ.....
......
මහ පිස්සු පකෙක්...කියලා යන්නෙ නෑනෙ.....මගුල නිතේශයා...හ්හ්
එයා මැරෙන්න හදනවා ..ඇද රෙද්ද ඇගේ ඔතාගන උන්න නිසා එයාට මගෙ පස්සෙ එන්න බැරි හින්දා එයා මැරෙන්න හැදුවා .....
ඩියෝන්.....ඩි....යෝ ....න්...
පහලට ආව මම ඩියෝනයට දෙපාරක් තුන්පාරක්ම කතා කරනකොට ගඩාපි පැටියා එලියට ආවා....
හී....මගෙ ...අම්මෙ.....නිතේස් අයියේ.....අනේ සෙනෝන්...මගෙ නිතේස්....ම්හුක්....ම්හුක්...වඩා....වඩා.....
ඒහ්...බැහැපිය....කොල්ලො.....මගෙ බෙල්ල....කැඩෙයි බන්...
අනේ....හ්...අප්පා...අම්මෝ....මගෙ නිතෙස් අයියෙ...මේ ලමයගෙ ඇස් දෙක කැඩෙන්න ගියෙ පාර දිහා බලන් ඉදලා...ඇයි අනේ...විතෙන් ළමයා කිව්වෙම දැන් එයි දැන් එයි කියලනෙ. ..දෑස රිදෙනවා...පාර බලා ඉදලා....
මෝ...හරි...බන් ....බැහැපන්කො...
ම්හුක්....අනේ...එයි....වඩාගන ඉන්නකො.....මට ඔයාව මතක් උනානෙ මගෙ නිතේස් අයියේ...මේ ලමයට කෑමක් බීමක් වත් තිබුන නෑ....
අනේ ...ඇත්තට.....
මුගෙ බොරු බන්....උඹගෙ විතේනය න නොකා නොබී උන්නා...මූ නම්නහයෙ පාතට තිබ්බා....ඩියෝනයා තොට ගහනව පුක පුපුරන්ඩ බොරු කියනවට.....
.
අරු මගෙ ඇගේ එල්ලීගන උන්නා වදුරු පැටියෙක් හා සමානව.....පලිගුවාඇගේ එල්ලනෙකොට ශෙනෝන් උරහිසට ගහපු පාර ..මේ හැම දේම මට මගේ උන් කියන හැගීම ඇති කරනකොට මං පහලට ලෙස්සපු ඩියෝනයව උස්ස ගත්තා....
අනේ දෝනියෝ....මාමියගෙ ඇගේ එල්ලෙන්න එපා ලමයෝ....යෝ.....හ් මේ කෙල්ලෙක් හදාගන අනෙ ඇත්තමයි සෙනෝන් මට මේ අපේ ළමයා එක්ක හරීටයට තරහා යාගන එන්නෙ ...ඈ.....අනේ නිතේස් අයියේ මාව ටිකක් බස්සපන් ඒයි....මේ ලමයට කන්න දීපු එක දාලනෙ මේ දුවන් ඇවිත් තියෙන්නෙ....
මගෙ ඇගේ උන්න ගඩාපියට ආයම අම්මන්ඩි ගති වැහුනා ...
ඇගේ නටන පලිගුවා මොන මොනවදෝ කියව කියව ගේ පුරා දුවනකොට ගඩාපියත් උගෙ පස්සෙ දිව්වා..
උඹ කොහෙද යන්නෙ ...
රතිඤ්ඤා පෙට්ටි දෙක තුනක් අරන් එන්න...මට අමතක උනා බන්...
උඹට අමතක නොවුනොත් තමා පුදුමෙ.....මාත් එන්නද...
කොහෙද ....අනේ කොහෙද ...
අනේහ්...ම්හුක්....අනේ...නිතේස්....අයියේ...මාව...මාව....ඩියෝන් බබාව....
පෝ...අරන් පලන් මූව...කරච්චල් කාරයා
යනවා තමයි....සෙනෝන් උඹ දැන් ඒමයි නේ....වරෙන්කො....වරෙන්කෝ රෑට මාව හොයාගන....අනෙ ඇත්තමයි...ඇත්තමයි...උඹට දැන් තමා මාව කරදරයක් උනේ....අපේ අම්මා කොච්චර නම් කිව්වද ....ම්හුක්....මේ ලමයට මෙහෙම වෙලා මදි ....උඹ තනියෙන් ඉදපන් සෙනෝන්....මන් යනවා මගෙ ලමයවත් අරගන.....
දෝනියෝ.....එන්න පුතෙ අපි මාමියා එක්ක යමූ උඹලගෙ අප්පට දැන් මාව කරච්චලේනෙ.....අනේ නිතේස් මේකට කාසමක් දාන් එනකන් ඉදිල්ලා පුතේ.....
යෝ....පලිගුවා.....හෙමින් දුවකො....
කිව්වා වගේම මේකා කරච්චලේම තමා.....කටට සැනසිමක් නොදුන්න ගඩාපියා ඇදන් උන්න පිජාමා එකෙ කලිසම ගලව ගලව ගෙට දුවනකොට කොයි වෙලෙත් චූන් වෙලා පොලවෙ පය ගහලා ඉන්න බැරි පලිගුවා මොනවදෝ පෙරලගන දිව්වා ශෙනෝනයා මැරෙන්න හැදුවා ....
නිතේස්....
ම්ම්....
කොහෙද ඒයි මේ අපි යන්නෙ ...
රෑ අහස පුරාවටම මල් වෙඩි පත්තු වෙනවා ...කොළඹ අහස නත්තලට ලැහැස්ති වෙනකොට කොළඹ පුරාවටම තියන පල්ලි වලට අමතරව නගර සභාවෙන් දාලා තිබුන ලවුස්පීකර් වලින් ඇහුනෙම නත්තල් ගීතිකා වෙද්දි අවුරුදු ගානක් මේ කොළඹ නත්තා දැකපු මම මගෙ ජීවිතේ පලවෙනිම පාරට නත්තල වෙනුවෙන් බලන් උන්නා.....
අනේ...දෝනියෝ.....බයවෙන්න එපා...ඒවා පුපුරන්නෙ අහසෙ පුතේ ....යෝ...මේ ළමයා...අර මිනිහට නම් දරු කැක්කුම නෑනෙ.....අනේ නිතේස් ....ස්ලෝකරන්න ඒයි මේ ලමයව කකුල් දෙක උඩට ගන්න...පව්.....
පිටිපස්සෙ සීට් එකේ උන්න පලිගුවා රතිඤ්ඤා වලට බය වෙලා ඉස්සරහා ශීට් දෙක මැදින් අපි ගාවට එන්න එනකොට ගඩාපි අම්මා ආයම කියවන්න ගත්තා .....
කෝ එන්න.....යෝ...ඇයි පුතේ.....ඔව්වා අහසෙනෙ පත්තු වෙන්නෙ ...කෝ එන්න අම්මියා කන් දෙක වහගන්නම්....
මම බලන් උන්නා..පලිගුවා ඇවිල්ලා සිංහලෙන් උපාදියක් ගැහුව එකෙක් වගේ...ඒ යකාට සිංහල හොදටම තේරුනා...වැඩිපුරම සැලුන් කියන වචනෙ.....කන්න එන්න..කුක්කු පිටි....තව ඔය බෝල කඩල....ඔය වගේ වචන කියනකොට ඕකා හෙන මීටරෙන් අහන් ඉන්නවා.....අනේ ඇත්තටම හොද ජාතියෙ බල්ලෙක් නොවුනත් ගඩාපි පැටියා ඌට ලස්සන ජීවිතයක් දීලා තිබ්බා...ඌ විතරක් නෙවෙ....අපි හැමෝම පලිගුවට පුදුමාකාර තරම් ආදරේ උනා...ඌ දැනන් උන්නා තනි රකින්න...මූනට හිනාවක් අරන් එන්න...තත්පරේකට එලියට ගිහින් ආවත් ආයම දැකපු ගමන් කල්පෙකින් දැක්කා හා සමානව සතුටු වෙන්න....පුංචි තෙත නහය අපේ ජීවත අස්සෙ අපේම එකෙක් උනා...ඒකට අම්මා නැති උනාට ගඩාපියා අම්මෙක් උනා.....උන් දෙන්නා මැද නිදියෑව....අපි දෙන්නා මැද නිදියෑවා.....
එක අතකට...මිනිස්සු ගාව තියනවට වඩා හුගාක් හොද ගති ගුන සත්තු ගාව තිබ්බා.....විශේශෙම්ම බල්ලො ගාව.....එක බත් පිඩක් දුන්නට පස්සෙ ඌ ඒ කලගුනේ හැමදාම තියනවා....උගෙ හදවත තිබුනෙම ඇස් දෙක අස්සෙ....උගෙ වල්ග කොටේ අස්සෙ...නිවනක් නැතිවම වනන නගුටෙන් කියන්නෙම උගෙ හිතෙ ආදරේ වෙනකොට පලිගුවව අපිට එක බල්ලෙක් උනාට....පලිගුවට අපිව කියන්නෙ මුලු ජීවිතේම වෙද්දි අනේ අපි ඌට පුදුමාකාර තරමට ආදරේ කෙරුවා ..මොකද...මගෙ විතේන්ගෙ දුක ඇහුවෙම පලිගුවා....ඩියෝනයගෙ පිස්සු වැඩ ජීවත් උනේම පලිගුවා.....
ඒ අතින් බලනකොට ආදරේ ගැන මිනිස්සුන්ට වඩා සත්තු දැනන් උන්නා....
නත්තල් දා..සීත රෑක...
අපේ පුංචි කාලෙ.....
තෑගි බෝග අරන් ආවා.....
සීයලා.....අනේ .....ම්ම්ම්ම්ම්...
එන්න දවල්..කාලෙ...ම්ම්ම්.....සීයලා....නිතේස්...ඉතුරු කෑල්ල මොකක්ත ඒයි...
දන්නෙ නෑ...
යෝහ්.....අපේ...විතේන් අයියා කිස්මස් බෝය් කෙනෙක් නේත ඒයි ඈ....අනේ...අනේ....දැනගන ඉන්න එපැයි ඔව්වා...
ම්ම්ම්ම්ම්....
මගෙ නිතෙස් අයියේ....
ම්ම්ම්ම්ම්...
දැන් අපිත් හෙට විතේන් අයියට හැපි කිස්මස් කියලා වදින්න ඕනත...
ම්ම්ම්.....
ආ..එ ඇයි...
උඹනෙ පොඩි එකා...උඹ වදින්න ඕනා....නිකන් නෙවෙ...පසග පිහිටුවා වදින්න ඕනා....
ආ ...ඒක.....එතකොට ඔයා....
උඹලා ඔක්කෝමල්ල මට වැදපල්ලා...
හිතේ ඇති දන ගස්සවගන්න.....ම්හුක්...නේත පලිගුවෝ...
පාරෙ වාහන එකා කාරෙට....හෙට නත්තල් නිසාමද කොහෙද කොළඹ පුරාවටම සෙනග වැහි වැහලා උන්නා....අනේ පේම්න් වල...දිනපතා පොලේ තවමත් වෙළඳාම් වෙනකොට දවසෙ කුලිය හොයන නාට්ටාමිලා....සපත්තු මහන මිනිස්සු පල්ලි යන්න අන්තීම තත්පරේ තියලා ඇදුම් ගන්න ආවා....අතින් කටින් ළමයි එල්ලන් අනේ උන් ගත්තෙ අඩු ගානට් තිබුන ඇදුම් වෙනකොට අවුරුද්දක්ම බඩ පුරවපු තාත්තා එදත් "මට එපා පුතේ මට ඇදුම් තියනව" කියන ආදරනීයම බොරුව කියලා සල්ලි නැති කම හංගන් දරුවන්ගෙ සතුට මරන්න බැරි කමට පැත්තට වෙන හැටි මම කාර් එකේ වීදුරුවෙන් බලන් උන්නා.....
ඩියෝන්.....
ඕ...නිතේස් අයියේ....ඇයි....ඈ...ඒයි....ඇයි පුතේ.....ඇයි...
ඔයා...අම්මා තාත්තට හුගක් ආදරේද....
බෝ ගහගාව රෙදි ගොඩේ රෙදි තෝරන ළමයි දිහා පැත්තකට වෙලා බලන් උන්න නන්නාදුනන අප්පච්චි දිහා මං බලන් උන්නා...
ගෙවුන රබර් සෙරෙප්පු දෙක පාට ගියපු සරම එක්ක ඇට ගැහුන නන්නාදුනන අප්පච්චිගෙ ඇස් දරුවන්ගෙ හිනාව ගාව නැවතිල තියෙද්දි මං ගඩාපියගෙන් ප්‍රශ්නයක් ඇහුවා ..
ම්හුක්.....මං ආදරෙයි නිතේස් අයියෙ....අපේ...අම්මියටයි තාත්තියටයි ඉන්නෙ මං විතරනෙ නිතේස් අයියෙ .... අනිත් අය නන් කතා කරන් නෑනෙ මා එක්ක.....සෙනෝන්ගෙත් සහෝදරයො අපිව ගනන් ගන් නෑනෙ.....
මං අහගන උන්නා.....ඒකගෙ අර ඇබිත්තන් මූන මැලවිලා යනකොට මං ඒ ඔලුව අත ගෑවා .....
අපි එයාලට එන්න කියමු.....
කොහෙ ....කිස්මස් එකට....ඈ...ඈ නිතේස් අයියේ....ඈ....
ම්ම්ම්ම්....
අනේ...ඇත්තටමතේ....
ම්ම්ම්ම්ම්
දෝනියෝ.....දෝනියෝ...අනේ ඇහුනද දෝනියෝ ...සීයා පපාලා එනවලු...
මන් බලන් උන්නා ගඩාපි පැටියා මැරෙන්න හදනකොට මං එලිය බලන් උන්නා ..මල් වෙඩි එකා කාරෙට පත්තු වෙනකොට පලිගුවා වලිගෙ කකුල් අස්සෙ ගහන් ඇකිලිලා උන්නා වගේම නන්නාදුන අප්පච්චිගෙ දරුවො අනේ දහයෙ ටියුලිප් බෑග් එකකට අලුත් ඇදුම් පේමන්ට් එකෙන් ගන්නකොට ඒ පවුල පහුකරන් ගිය තවත් අප්පච්චිකෙනෙක්ගෙ අතේ හමීඩියා එකේ බෑග් එකක් තිබ්බා....
එකම ලෝකෙක එකම රටක එකම නත්තලක පවුල් පන්ති දෙකක් අස්සෙ ජේසු බබාව පිලිගන්න ලැහැස්ති වෙනහැටි මං බලන් උන්නා....
වාහන එකා කාරට පාර්කින් එකක් හොයන්නවත් බැරි තැන මං කාර් එක අස්සකින් ගහලා ඩියෝනයා එක්ක එලියට බැස්සා ...පලිගුවා රතිඤ්ඤා වලට බය නිසාම ඒකව දාලා දොර වහපු මන් ඩියෝනව නැතිවෙයි කියලම අතින් අල්ලගන්නකොට අනේ ඒකා පොඩි එකා වගේ බල්බ් වැල් දිහා බලන් උන්නා ...
නිතේස් අයියේ....
ම්ම්ම්
මේ පාර...අපිටත් නත්තල් නේ....
මගෙ පපුව හත් කඩකට පැලුනා හා සමාන උනා...."බේබි හාමු මේ පාර අපිටත් නත්තල් නේද" අහපු විදිහ මතක් උනා.....අනේ ඒකී උන්නා නම්....
නිතේස් ...මගෙ නිතේස්....ඇයි මේ....
න්න්..නෑ මොකුත් නෑ....
කාගීල්ස් එකට එන්නම් කියලා ආව මට ගඩාපි පැටියට ලයිට් බලන්න ඕනා කියපු නිසාම කොටුවටම එන්න උනා....ආමර් වීදිය ..මැලිබන් වීදිය....චයිනා ස්ට්‍රීට් එක ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනගෙන් පිරිලා උන්නා....රූකාන්තගෙ ගවහලේ පිදුරු මිටිය කියන ගීතිකාව යනකොට මං ගඩාපි පැටියව තදින් අල්ලන් උන්නා .
නිතේස්....නිතේස්....අනේ...නිතේස්....
ආ...ආ..ඇයි...ඇයී...
අර..අර....නිලා ....නිලා...
මොනා....
අර පත්තු කරන නිලා...
චයිනා ස්ට්‍රීට් එක හරියෙ පාරෙ අයිනෙ මේසයක් පිරෙන්නම රතිඤ්ඤා දාගන උන්න මනුස්සයව පෙන්නපු ගඩාපි පැටියා මැරෙන්න හැදුවා මං එහෙම්ම මැරෙන්න හදන ගඩාපි පැටියා දිහා බැලුවා ..
මොන නිලාද ඕනෙ....
හැමනිලාම ඕනා...අනේ නිතේස්.....අයියේ....මට හැම නිලාම ඕනා...හැම..නිලාම....
මට හිනා යන්න ආවා.පිස්සා ඔහේ කෑ ගහනකොට එතන උන්න එකෙක් දෙන්නෙක් ගඩාපියා දිහා බැලුවා ..මූ කුනුහර්ප කියනවා.....
මං ඒකට ඕන එකක් ගන්න දුන්නා...
නිතේස් අයියෙ...අපෙ විතේන් අයියට....
එයාටත් එක්ක තමයි....
මේවා උඩගිහින් පුපුරනකොට මල් විහික්කා වෙනවත අංකල්....
යේක...ඕකෙ මල් නෑ...මේකෙ තමා විහික්කා වෙනවා ....
අහස් කූරක් අතේ තියන් උන්න ගඩාපි පැටියා මුස්ලිම් නානගෙන් මල් විහික්කා වෙනවද අහනකොට ඒ මනුස්සයා ගඩාපියට මල් විසික් වෙන එව්වා පෙන්නුවා ...
මේවා පාට පාටද අනේ.....ඈ....
යෙක කා පාට..කොල...පාට...රතු...පාට....දම්...පාට....ඇම පාටම තියනවා තමා....
ගඩාපියා කොලඹම පුපුරවන්න තරම් රතිඤ්ඤා තොගයක් බදාගන උන්නා.....ගත්තෙ නැති උනොත් මැරෙන්න හදන හින්දම මං ඒකවත් එක්කන් එන්න ආවා වගේම රතින්ඥ්ඥා සිහියෙන් උන්න ගඩාපියා ගෙම්බා පොලවෙ ගැහුවා කඩපිලක් උඩත් වැටුනා .....
අනේ...ම්හුක්...නිතේ....ස්....ඇහිදගනිම්..කෝ..මාව...ම්හුක්...අනේ...නිතේස්....අයියෙහ්.....ඇහිදපල්ලකො.....
ඇස් ඇරන් යමකො...දීපිය ඕක...
ම්ම්හ්හ්හ්...බයින්නෙ....ඇයි....අප්පා.....
කෝ...අත් දෙක පෙන්නපන්....දනහිස්....තුවාල නෑනෙ....
ම්ම්ම්හ්..නැ....
ගහන්නෙ තොට පුක පුපුරන්න උඩ බලන් එනවට....
මම ගඩාපි පැටියගෙ අතේ තිබුන රතිඤ්ඤා උරෙත් අරන් අනිත් අතින් ඒකවත් අල්ලගන කාර් එක ගාවට ආවා...පලිගුවා කාර් සීට් එක අස්සෙ හැංගිලා වගේ ඉදලා මාව දැක්කා විතරයි මැරෙන්න හැදුවා.....
නිතේස්...අයියෙ....
ඇයි බන්...ඇයි....
අනේ....ඒයි.....අපේ දෝනියගෙ බලු කුකු ඉස්කෝතු ඉවරයිනෙ ...ඔය ලංකා ෆාමසිය ගාවින් නවත්තලා පැකට් එකක් අරන් එන්නකො....
සල්ලි.....
ම්හුක්...පස්සෙ දෙන්නම්....
පස්සෙ දෙයි උඹ...ඇටයක්.....
පාරෙ යන වාහන දිහා කටත් ඇරන් බලන් උන්න පලිගුවගෙ ඔලුවට මම ටොක්කක් ඇන්නා...අනේ ඒකා ආපිට ඔලුව තට්ටෙ කරන් මගෙ අත ලොව ලොව නගුට වැනුව ඇරෙන්න වෙනමොකුත් නොකරපු කොට මම ඒ තෙත නහය මිරිකලා ලංකා ෆාමසියට ගියා.....
සර් මේක නම්...ඇන්ටිබයොටික් එකක්.....මේක දවස් තුනයි.... ටිකක් මිලයි.....
කමක් නෑ...මට ඔය ඔක්කොම දෙන්න...
ෆාමසියට ඇතුල් උන මට ඇහුන පලවෙනියටම ඇහුන වචන දෙක තුන ඒක වෙනකොට කැශියර් එක ගාව මට පිටිපස්ස හරවන් උන්න මනුස්සයා එක පාරක් මගෙ පැත්ත හැරිලා බලලා ආයම කැශියර් එක පැත්තට හැරෙනකොට ඒ මනුස්සයා දිහා මම බලන් ඉදල ආයම එක පාරක් හැරිලා බැලුවා...
පොකුටු කොන්ඩේ...පොඩ්ඩක් විල්ල ගැහුන උඩ දත් ඇන්ද එච්චර උසත් නැති සාමාන්‍ය ඇග තිබුන මනුස්සයෙක්.....
ඒ වෙනකවුරුත් නෙවෙ.....තනි තටුවෙන් පියාඹන්න ආන්දෝලාත්මක ෆිල්ම් එකේ අයිතිකාරයා....පිරිමි වෙස් ගත්තු ගැහැනියට පන දෙන්න තමන්ගෙ බිරිදවම ගත්තු ඒ මනුස්සයා.....ජිනාදරීව පිරිමියෙක් කරලා...සමලිංගික කතාවක් ගහපු මනුස්සයා...කව්ද....අශෝක හදගම.....මම බලන් උන්න...ඇත්තටම ඒ උන්නෙ අශෝක හදගමම තමයි...
තනිතටුවෙන් පියාඹන්න...
ජිනාදරීට කියපු කියුම්.....ඒ දෙන්නගෙ කෙල්ල කොහොම ඉවසන් උන්නද කියලා මටම හිතුන වාර අනන්තයි..මොකද....තනි තටුවෙන් පියාඹන්න කියන්නෙම රටම හොලවපු ෆිල්ම් එකක් නිසා ....අච්චර දෙයක් කරපු අශෝක හදගම මේ මොකුත් නොදන්නවා වගේ බෙහෙත් උරෙත් අරන් සාමාන්‍ය මනුස්සයා වගේ එලියට ගිහින් අතෙ තිබුන බෙහෙත් මල්ල පාරෙ අයිනෙ උන්න වයසක උන්දෙක්ගෙ අතට දීලා යන්න යනව බලන් උන්න මම පලිගුවගෙ බිස්කට් පැකට් එක අරන් එන්න ආවා....
තේශීහ්හ්....කොහෙද මිනිහො ගියේ...යන මගුලක ඵෝන් එක අරන් පලකෝ.....මගුල...
හරි..හරි....ඉතින්...මගෙ මැනිකෙට තරහා ගිහින් නෙ...
අනේ පලයන් යන්න නිතේශ්.....ශෙනෝන්ගෙන් අහනකොට තමා කිව්වෙ උඹ හොර ගෑනියි ලමයයි එක්ක ගියා කියලා...මගුල...මට කේන්තියි ඇයි අප්පා...
ගඩාපි පැටියා එක්ක ගෙදර ආව මම ඌව උගෙ මිනිහට බාර දීලා අපේ ගෙදර දොර ඇරියා විතරයි මගෙ එකා මාව මරන් අන්න හැදුවා...අවසානෙදි අතේ තිබුන් රතිඤ්ඤා උරේදැකපු එයා ඒක පොඩි එකෙක් හා සමානවම බදා ගත්තා .....හරියටම එයා මට වලන් සෙට් එක අරන් දුන්න දා වගේ වෙනකොට මම ඒ මූන දිහා බලන් උන්නා...
මැනිකෙ..බඩගිනීනෙ.....
අර කුසියෙ....
අනේ කවන්නකො.....
මං මේවා පත්තු කරන්නනෙ යන්නෙ.....
අනේ.....දවස් තුනකින් හරියට කෑවෙත් නෑ.....කවපන්කො....අනේ ...සූටි මැනිකේ.....
අහකට පල බොරු හුරතලේ.....
මම.එයා ගාව පොඩ්ඩක් හුරතල් උනා.....අතින් කන්න පුලුවන් කම හොදටම තිබුනත් මට එයා ලව්වා කවා ගන්න ඕනා උනා...දිගැටි ඇගිලි වලින් ඇනෙන බත් කටක් අස්සෙ එයාගෙ ආදරේ පිරෙන්න තිබුනා....
කවන කවන කටක් ගානෙම මගෙ නිකටට යටින් අත තියනකොට මං කට අරිද්දි එයාගෙ කටත් ඉබේටම ඇරෙන....සුදු මහත්තයා ගගා බත් පතම කවන එයාගෙ කතා මැද මට හැමදාමත් ඇස් දෙකට නොපෙනන හදවතට දැනෙන 'නිවන 'තිබුනා..
සුදු මහත්තයා...කෝ ආ ගාන්න...
එයා කවනවා....බොරූවට රන්ඩුවක් අල්ලන තත්පරයක් යන්න කලින් ආයම මට තුරුල් වෙන මගෙ විතේන්ට කියන්න කතා ගොඩාක්.ඉතිරි වෙලා තිබුනා....
බත් කටක් කවනවට අමතරව මගෙ කම්මුලට හාදුවක් තියන්න....මං උඹට හුගාක් ආදරෙයි මගෙ තේශි කියන ඒ මූනෙ..ඒ ඇස්වල ලෝභ කම පිරිලා තිබුනා .
සුදු මහත්තයා . .මා එක්ක පල්ලි යනවද...
නැතුව .....උඹගෙ හැම දේම මමනෙ මැනිකෙ.....
එයා අහනවා ...මං නොගිහින් කොහොමද .....එයාගෙ හැමදේම මම වෙනකොට මන් නොගින් කොහොමද .....
ආ ගාන්න අවසාන කට...
කවන කවන හැම කට අතුලෙම තිබුනෙ මගෙ විතේන්ගෙ පතුලක් නොපෙනෙන ආදරෙ වෙනකොට මම අවසාන බත් කටටත් කටඇරලා අවසානෙදි එයාට පින් දුන්නා.....
උඹට පින් මැනිකේ...
පහල ගෙදර උන් රතිඤ්ඤා පත්තු කරනවා.....ගඩාපි පැටියගෙ මල් විහික්කා වෙන අහස් කූරු අහස පුරාවටම පුපුරනකොට බැල්කනි එකේ හිටන් උන්න එයා මගෙ පපුවට හේත්තු වෙගන ඉන්නකොට මම ඒ බද වටේ අතක් පටලවන් එයා එක්ක අනිත් අතින් නිලා කූරක් පත්තු කෙරුවා ....ඒ ඇස් දිලිසෙනවා....නිලා කූරෙන් විසික් වෙන ගිනි පුපුරු වලටත් වඩා ලස්සනට....
තේශී...ආ.....
බලාගන පිච්චෙයි.....ඔය...ඇස්වලට යයි දරුවො...
මගෙන් ඈත් උන මිස්ටර් විතේන් පුංචි එකෙක් හා සමානවම බැල්කනි එක පුරාවටම නටනකොට මමකෑ හැහුවා...එයා හිනා උනා...එයාගෙ කියන්න උන්න එකම කෙනා මම වෙනකොට දවස් ගානක් අඩපු ඇස් අද හිනා වෙලා ඉන්නකොට මම ඒ දිහා හරි ආදරෙන් බලන් උන්නා...
උඹට ..හුගාක්....පින් සුදු මහත්තයා .....
ඇයි මැනිකෙ මේ....
මං...හිතුවා....මේ...පාරත්....මට...නත්තල...නැති වේවි...කියලා....මට ආයම පන දුන්නට මේ තරම් ආදරේ දෙනවට පින් මගෙ සුදු අප්පො.....
අනේ..රත්තරනේ...මං ආවනෙ...මට අමතක උනාඅනෙ....කෝ....නාඩා ඉන්නකො...මං කැමති නෑනෙ උඹ අඩනවට....මන් ආදරෙයි නෙ වස්තුවේ.....
ඇඩෙන්නෙ දුකට නෙවේ තේශී...
එහෙනම්....
උඹේ ආදරේ දරාගන්න බැරි වෙනකොට මට ඇඩෙනවා...අනේ මන් උඹට හරි ආදරෙයි මගෙ සුදු අප්පො...උඹ මට ලෝකයක් වගේ මගෙ තේශි....මට උඹව ඊටත් වඩා වටිනවා මගෙ දිසානායක හාමු.....
පෙම් කෙරුවා වතාවක් මම අනේ
පණ ඇරලා
ඔහු මැරුනෙ ඇස් ගාව මාව
පිස්සෙක් කරලා
දුකින් වුව මා දිවි ගෙව්වා දුන්නු
දිවුරුම රැකලා
මියදුණු හදවත හුස්ම ගත්තෙ
අහම්බෙන් නුඹ දැකලා...
යලි මගෙ හිත සෙලවු නුඹ ගැන
බැලුවා තොර තුරු හොයලා
වලව් පරපුරෙ එකම කොල්ලා
ඉන්නෙ කොළඹලු රැදිලා
මගෙ තරු ඇස් මැලවිලා ගොස්
නුඹත් උන්නෙ බිදිලා
ඇහුනෙ හේතුව සිව්වසක ප්‍රේමය
ඇත වලව්වෙන් මරලා...
ගියෙ කාලය හෙමින් ගෙවිලා
නුඹ මට ලංකරලා
හිනැහුනේ මං බොහෝ කලකින්
නොකිව් නුඹේ පෙම දැනිලා
බලන් උන්නෙ පෙම කියනකම්
මගෙ නල්ලත සිඹලා
එවිට ගන්නම් නුඹෙ අයිතිය සදහට
මට ලියලා...
වැඩි වෙද්දි පෙම රණ්ඩු සරුවල්
අපි අතර ඇති තිබිලා
ඒත් ඒවා හුඟක් දුර දිඟ ගියෙ නම්
නෑ ඇදිලා
දරන්නට බෑ අපිට අපේ දුක යාවි
හදවත් පැලිලා
ඉතිං විරසක කමක් ගෙවුනෙම
තවත් ප්‍රේමය වඩලා
නුඹ නමට උතුරන්න පෙම ඇත
මගෙ හද තුල පිරිලා
දරනු බැරි තැන නුඹට ආදරේ
ඇමතුවෙමි නම් ගොතලා
සුදු අප්පො නුඹ මගෙ පණ ටික
ඉන්න මං ළඟ රැදිලා
නුඹ නොමැති එක රැයක් වත්
මට ඉන්න බෑ උහුලා....
(විතේන්ගෙන් සුදු අප්පොට.....නෙතූ අමන්දා නංගී ඔයාට ගොඩක්ම ගොඩක් ස්තූතියි මේ දැනෙන අකුරුවලට❤️❤️❤️❤️)
ආයම එන්නම්....
කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්
.මම
Ferdeesha ❤️💚😘 ...