Cherreads

Chapter 65 - 65

සුනීතා.....අයියෝ...සුනීතා .....

මම අහගන උන්නා...අත්තම්මා විලාප තියනවා...මුලු ඉලව්වටම උන්නෙ.දැරනියගල උනුයි මොල්ලිගොඩයොයි විතරක් වෙනකොට අඩුම ගානෙ මිනිහගෙ පැත්තෙ උන් වත් උන්නෙ නෑ....

සුදු මේස් දාපු කකුල් දෙක...සුදු පාට කපු ඔසරි බාගෙ...හැට්ටා බාගෙ...සාක්කු නැති පිට පලු නැති මිනි ඇදුඅ ඇදන් උන්න සුනීතම්මගෙ මල කද අවංකවම මට කිසිම හැගීමක් දුන්නෙ නෑ....අඩන්නද...හිනා වෙන්නද..මොනව හරි කියන්නද කියලා...

හැබැයි මම එකෙ දෙයක් තේරුම් ගත්තා .....පව් කරනකොට රස උනාට.....කරත්තෙට බැදපු ගොනාගෙ පස්සෙන් රෝදෙ එනවා වගේ කර්මෙ පස්සෙ පිටි පස්සෙන් එනකොට උන්ට දුවන්න පාරවල් නැතුව ගියා...අඩුම ගානෙ මිනියට කරගහන්න වත් කෙනෙක් හොයන්න නැති උනා... ..

ඉලව් සුවද මුලු වලව්වම වහ ගන්නකොට මල බතට වට්ටක්කා කපන්න එකෙක් නැති උනා....දංකුඩ ගිලපු මැනිකා යන්න ගිහිල්ලා.....එතනා ඇස් වහන්.....ඇයි උන්ට යන්න උනේ.....??

රන්මලියා හින්දා.....

ඇයි රන්මලියා නැති උනෙ.....

පොඩීලගෙ අමු සක්කිලි වැඩ හින්දා....අන්න එදා ඉදන් තමා හැම දේටම පාර කැපුනෙ වෙනකොට අත්තම්මා සුනීමමා ගාවින් හෙළ වෙන්නෙ නැතිව බලන් උන්නා....

මට අහන්න හිතුනා....උඹට දරු දුකද කියලා.....

මට අහන්න හිතුනා උඹගෙ පපුවට වේදනායිද කියලා ...

මට අහන්න හිතුනා උඹත් ඒකි ආය ඇස් අරිනකන් බලන් ඉන්නවද කියලා....

අහන්න හිතුනා උඹෙත් පපුව හත් කඩකට පැලුනද කියලා...

මේ හැම දේටම හේතුව අම්මෙක්ගෙ දරු දුක නේද අහන්න හිතුනා....සුදූට දරුවා නැති කෙරුවා.....එ දරුවා නැති උණ් නෑ...මුන් නැති කෙරුවා....රන් මලී නැති උනා...නැති උන් නෑ...මුන් නැති කෙරුවා.....ඉති....ඇස් හතරකින් වැටුනෙම නිර්දෝශීම කදුලු වෙනකොට උන් උන්ගෙ දරුවන්ව උන්ගෙන් ඉදිරුවා.....

පොඩී පිස්සෙක් නොවි පිස්සෙක් උනා...සුදු අක්කා හා සමානවම.....

අත්තම්මා පිස්සෙක් නොවී පිස්සෙක් උනා....මැනිකා හා සමානවම...ඒ හැම දේම සාදාරනයි කියලා කටවහන් මිනී වලට පස් පිඩැල්ලක් දානව ඇරෙන්න මටවත් අප්පච්චිවත් කරන්න්න් දෙයක් තිබුන් නෑ..මොකද....ගෙදර පහන අම්මා කිව්ව්ත්.....වලවේ පහන උන අම්මලා පහන කුඩු කරන් හැම දෙම ගිනි තියලා තිබ්බා...

මන් බලන් උන්නා....මොකදඅට් මෙයින් එහා දෙයක් කරනන් නැති හින්දා....සීයා තාත්තා ඔහෙ බලන් උන්නා....උන් දැන් කම්පා වෙනවා...අන්නසි ගැට කව කව මරවපු නූපන් ලේ කැටි ගැන කම්පා නොවුන උන් අද අහස පොලව ගැටගහන්න කල්පනා කරනවා....

එ අස්සෙන් මං බලාගන අම්ම නාද්‍යා අතේ ලොකු රෙදි පොට්ටනියක් තියලා මොන මොන්වදෝ කියවල මා දිහා බැලුවා....අනිවාර්යයෙන්ම ඕකෙ ඇත්තෙ පොඩීගෙ ඇදුම් වෙන්න ඇති...මම නැකිට්ටා ...මට නම් තවත් කොහේවත් යන්න බෑ...මම නැකිටලා එන්න හැදුවා එත් අම්මා කතා කෙරුවා....

සුදු පුතා ...මෙහෙට අවා නම්...

ඒ කටහඩ ඇහුනත් මල පනින්න එන මම අත මිටමොලවන් අම්මා ගාවට ආවා...

මොකක්ද වෙන්න ඕනා...

සුදු පුතා මේන් මේන් මේක පොඩීට දීලා වරෙන්....මේ දරුවටත් ගෙදර ගිහින් ඇගපත හෝදන්න ඕනලු.....එක්ක ගිහින් එහෙම්ම දුව එක්කම ඉස්පිරිතාලෙ යමන් පුතා....

මොකක්...අම්මා කියන්නෙ මම මෙයා නාලා ඇග හෝදලා එනකන් එහෙ ඉන්න කියලද....අම්මට මොලේ හොද නැද්ද එහෙම....

.ඇයි...උඹ බදින්න ඉන්න කෙල්ලනෙ නිතේශ් මොකද වෙන්නෙ....

ආයම මගුලක් අහන්න පටන් ගත්තා ..මේ යකින්න කරපු දේවල් ඇස්වලින් දැක දැකද බන් උඹ මේ වහන්තරාව මගෙ ඇගේ ගහන්න හදන්නෙ ආ අම්මෙ.....

නිතේශ් මේ මලගෙවල් අස්සෙ මගෙ ඔලුව කන්න එපා නිතේශ් ....කියන දේ අහලා යමන්...

ඇයි මම යන්නෙ...මම කිව්වනෙ....මම කිව්වනෙ මම මේකිව බදින් නෑ...මම එදත් උඹට කිව්වා.....අදත් කියනවා..මම මේ යකින්නව බදින් නෑ..අම්මෙක් වෙලා ලමයිගෙ පපුවට ඔහොම ගින්දර දෙන්න එපා අම්මෙ.....උඹලගෙ මාන්නක්කාර කම හින්දා වැදුන හෙන මදිද....ආ...මේකි අර පොඩි එකීව මරාගන්න තැටමුවෙ නැත්තන් අද මෙහෙම වදයක් නෑ...උඹලා එදා සුදු අක්කව නුපන් නොදරුවා මරා ගත්තෙ නැති නම්...අද පොඩීට මෙහෙම වෙන්නෙ නැ....මෙච්චර දේවල් වෙලත්...මෙච්චර දේවල් නැති වෙලත්...අනේ දෙයියනෙ උඹගෙ ඔලුව පැදෙන්නෙ නෑනෙ...අවංකවම...මන් උඹට දැන් අම්මා කියන්නෙ කට වචනෙට.....ඒ තරම්ම උඹලා චී....උඹලා චී කියන්නෙ හොදටම චි...

මම අම්මට කියන්න පුලුවන් උපරිමෙන්ම හෙමින් දත්මිටිකාගන නාද්‍යා දිහා බැලුවා...බලලා ඒකිගෙ අතේ තිබුන රෙදි පොට්ටනිය උදුර ගත්තා ..

උඹගෙ මහ උන් නැද්ද....අනික පොඩීගෙ වාහෙල දෙන්නෙක් ඉන්නවනෙ ..උන් මේවා කරාවි...අනිත් එක නාගන්ඩ කරගන්ඩ ඕනා නම්.උඹගෙ අම්මා අප්පා එක්ක පලයන්....තොපි හැමෝගෙම ගෑනු මායන් ...තෝ හදන්නෙ මා එක්ක ගෙදර ගිහින් අඩව්වක් අල්ලා මගෙ ඇගේ නගින්න.....එහෙමනෙනේ ...

නාද්‍යා බිම බලාගත්තා ඒ වගේම මම අම්මා දිහා බැලුවා ..

පුදුම වෙන්න දෙයක් නෑ....අම්මෙ උඹගෙ හිතේ තිබුනෙම කුනු අදහස්...උඹ මේ මලගේ අස්සෙ මේකිව මගෙ කරේ ගස්සලා එහෙ යවන්න හදන්නෙ මොන මගුලටද කියන්න මම හැරෙනකොටම දන්නව.....උඹ ඇවිල්ලා දරු දුකක් කියන එක විහිලුවට වත් නොදන්න අහම්බෙන් අම්මෙක් උන එකෙක්...

උඹට දරු දුක නෑ...ගෙවල්වල බුදුන් කියන්නෙ අම්මලාට උනාට මෙ මොල්ලිගොඩ නම් බුදුන් නෙවෙ ගෙදරට ඉන්න මහම සාපෙ උඹලා..මට වස් වදීවී....උඹට මේ බනින බැනුම් වලට මටත් ආත්මයක් නැති වේවි....එ උනත්.....මම කියන්නෙ අමූලික ඇත්ත.....අකුරක් නෑරම ඇත්ත...හොදටම මතක තියා ගනින් අම්මෙ.....උඹට කවද හරි...මාවත් නැතිවෙනවා....මගෙ අප්පච්චිත් නැතිවෙනවා.... ආන්න ඒක හොදට මතක තියාගනින්ල්ලා....

උඹලා මැරෙන්න හැදුවා නම්බුව නම්බුව

නම්බුව ගැන කිය කිය....පේනවනේ අවසානෙදි මලකුනට කරගහන්න එකෙක් නෑ....අඩුම ගානෙ මලබතට වට්ටක්කා කපන්ඩවත් වැඩ කාරියෙක් නෑ.....

මිනි ඇදුමෙ පලුවක් නෑ.....උඹලා මේවා යනකොට දාන් යනවද . ..නෑ...දැන් වත් ඔය වංශෙ කබල් ගාන එක නවත්තලා මට මගෙ පාඩුවෙ ඉන්න දීපන් මම එච්චරයි කියන්නෙ ...අනික නාද්‍යා...උඹ.....උඹ නටන නාඩගම් උඹ නටාගනින්...මුන් කියන කියන පදේට මගෙ ඇගේ ඇලෙන්න ආවොත් ගෑනියෙක් කියලා බලන් නෑ ඇදලා අරින්නවා කන් ගැටේ පුපුරන්න .

මම එන්න හැරුනා.....නාද්‍යා බය වෙලා වගේ බලන් ඉන්නකොට මං බලාගන අම්මා නාද්‍යා දිහා බලන් උන්නා....මුන්ටලැජ්ජාවක් නෑ මෙච්චර දෙයක් වෙලා තිබිලත් ලැජ්ජාවක් නැතිකොට මම වචනවලට කියන්න බැරි කලකිරීමකින් මම බලන් උන්නා.....

මට උන් ඉතුරු කෙරුවෙ හැමදාම කලකිරීමක් විතරයි....

දරු දුකක් නොදැනීම එරුනමුත්

කිරි නුඹේ දෙතනට

මවක් වෙන්නෑ අයෙක් කුසින්

දරුවෙම් වැදූ පමනට

කියන්නෙ කියමනට බුදුන්

වෙන්නෙ මවලු නිවසට

ඒත් මගෙ අම්මෙ නුඹ සුදුසු නෑ

බුදුවෙන්න ගෙදරට....

දරුවො තම දුක කියන්නත් පෙර

දනී අම්ම බැල්මකින්

එවන් අම්නෙක් මේ සසරෙ මට

හිමි වෙලා නෑ සිහිනෙකින්

මගෙ සතුට උදුරන්න ඈ අම්මා

වෙන්නැති පාපෙකින්

ඉතින් ඈ හට බුදු වරම් නොව

හිමියි රිදුමන්

යමලොවින්..

වලව් නම්බුව කියා කියමින්

කී දෙනෙක් තොපි මරා දැම්මද

මිනිස්කම මිස නම්බු නාමය

මැරුන දවසට පිහිට වෙනවද

"දිනෙක පොලවට පස් වෙනවා කය"

ඒක හදවතේ නැතුවද

උඹල කල පව්වලට යමලොව

තියන දස වද වුවත් සෑහෙද

(නෙතූ අමන්දා....නංගී හුගාක් ස්තූයි නිතේශ්ගෙ හැගීම් අකුරු කෙරුවට😘😘❤️❤️)

මම එහෙම්ම රෙදි පොට්ටනිය අරන් එලියට ආවා....පොඩීගෙ වාහෙලා දෙන්නම බිබික්කම් වගෙ ඉදන් ඉන්නවා...අම්මගෙ රෙද්ද අස්සෙ හැදුන බිබික්කම් දෙකක් වගේ...නැත්තන් යකො ගෑනි අරහෙ මැරෙන්න වැටිලා ඉද්දි මැරුන උන් හින්දා මොකට තනි රකිනවද....කියන්නත් පව්....ඒ උනාට අපේ උන්ට හොදම වැඩේ...

පොඩ්ඩක් ආවා නම්....

මං එතනට ගිහින් උගුරෙ රැල් බුරුල් කරලා අයියා මලෝ දිහා බලනකොට අයියා කාරයා නැකිටන් ආවා....

මේන් මේක පොඩීට ගිහින් දුන්නා නම්....

මම මගෙ අතේ තිබුන රෙදි එක අයියන්ඩිගෙ ඇගේ ගහනකොට ඒකගෙ මූන කොර වෙලා ගියා....

මොකද හාමු මහත්තයා .....ඒ ගෑනි නේ...

එහෙම නෙවෙ නිතේශ්....නිකිනි....කිලිනේද...ඇරත් මෙහෙ ඉලව්ව තියාගන ....අම්මා කිව්වා යන්න එපාය කියලා....

අනේ මේහ් රෙද්දක් කතා නොකර ඉදින් බන්...ඒකි කිලි කියන්නෙ ඇයි තොපෙ නංගිට කිලි නැද්ද...මේ මලගෙවල් අස්සෙ මට තව පව් පුරවන්න එපා සංකේත් හරි ....මැරුන එකීව හවස අරන් ගිහින් පුච්චලා දානවා.....ඒකිගෙ මල කද රකින්න කලින් ගිහින් උඹගෙ ගෑනිව බලපන්....උඹලා එක ගෙයිකනකොට නම් කිලි බැලුවෙ නෑනෙ එකා මාරුවට එකා බඩ උඩ නගින්න ඇති ඒවට කිලි අහු වෙනවද නැද්ද කියලා උඹගෙ අම්ම කිව්වෙ නැද්ද....ඉදෝකින් අපේ උනුත් තොපිට කරගහල මදිවට අර ඉන්න එකීවත් මගෙ කරේ ගහන්න යනවනෙ.....අපේ එකීලටයි තොපිටයි සහලවලා පිස්සු ...

මට ආවේස උනා....එලියට එන්න කලින් අම්මයි අර අම්මන්ඩියි එහෙන් බහු බූත කියවනකොට රන්දෙනිගල ගොන් බාන් දෙක වෙන මගුල් කිව්වා ....උයාගන්ඩ එකෙක් නැති වෙද්දි අප්පච්චි කුලියට උයන මිනිස්සු දෙන්නෙක් තුන්දෙක් අරන් ආවා වගේම මගෙන් බැනුම් අහපු සංඛේත් ඒකගෙ අම්මා දිහාබැලුවා ...

රන්දෙනිගල මැනිකෙ....බොහෝම සමාවෙන්න ඕනා මෙහෙම කියනවට...අම්මගෙ රෙද්ද අස්සෙ දාන් හදපු බිබික්කම් දෙකක් කියලා දන්නව නම් මේ ගොන් බාන් දෙකට නොදී ඒකිව වතු දෙමලෙක් එක්ක යවනවා....උඹලා පොරොන්දු උනානෙ ජීවිත කාලේම දුකේ සැපේ එකට ඉන්ඩ...මලකුනු ගාව තනි රකින්ඩ කලින් හුස්ම ගන්න ගෑනි ගාවට යන්න කියපන් මැනිකෙ ..අනිත් එක...දූ පොඩිත්තට නාගන්ඩ ඕනෙලු....උඹලාගෙ දුවලව මට නාවන්ඩ අරන් යන්ඩ බෑ...අපේ එකිත් කිලි නම් ඒකිත් කිලිනෙ.....කරුනාකරලා ඔය පුත්තුරු දෙන්නව අදාල තැනට යැව්ව නම් හොදයි...හරී....මට ආය ආය ඇවිල්ල කියන්ඩ තියන්ඩ එපා මොකද මටත් මේ දේවල් කරලා මගෙ ගෙදර යන්ඩ ඕනා උඹලගෙ දූ පොඩිත්ත කරල තියෙන්නෙ එසේ මෙසේ හපන් කමක් නෙවෙ නෙ .....

මං රන්ඩ්ගෙනිගල මැනිකෙට ආඩපාලි කිව්වා ....ඒ ගෑනි කටක් හෙලෙව්වොත් ඇරෙන්න අරුන් දෙන්නා අම්මගෙ ගාවින් හෙලවුන් නැති උනා..මම ඉනට අත් දෙක තියන් බලන් උන්නා....ළමයා නැති උන දා ඉදලා ඒ මැනිකෙගෙත් රෙද්දෙ තුත්තිරි එලියට පේන්න ගන්නකොට මම බලන් උන්නා දැන් යන්න කියයි...දැන් යන්න කියයි කියලා ඒ ගෑනි නෙවෙ කටක් ඇරියෙ වෙනකොට මම මහ ගොනාව ඇදලා අරන් තල්ලු කෙරුවා ...

දැන් වත් පල.....තෝත් අරකිව අරන් පල.....අරකිත් කටක් ඇරියොත් ඒකිවත් ගගෙ ඔබලා මරල දාලා මම හිරේ යනවා....

තරහව වේදනාව මහන්සිය මගෙ කියන උන්ගෙන් ඈත් වෙලා ඉන්න එකේ දුක මේ ඔක්කොම එකට ඔලුවට වද දෙනකොට මම අරූව පොඩීව බලන්න තල්ලු කරල දාලා සටකපට අම්මන්ඩි නාද්‍යා දිහා බලලා අනිකව ඒකි එක්ක එලවනකොට මන් බලාගන මැනිකේ ඔසරි පොට ගස්සගන මොන මොනවදෝ මුනු මුනු ගෑවා....

වැඩක් නෑ..මුන් තවම ජීවත් වෙන්නෙ අටසිය ගනන් වල...මෙලෝ පන් දෙයක් දන්නෙ නැති වලව්වෙ මාන්නෙන් එහා දෙයක් හිතන් නැති....වංසෙ කබල් ගාන්න දේපල පිට නොයා උන්ගෙ උන් ඇතුලෙම තියාගන උන්ගෙ උන්වම බැදගන්න සමජෙ ගැන මෙලෝම මගුලක් නොදන්න මහන්තත්ත කම විතරක් ඔලුව තියන් ඉන්න උන්ගැන මට අවංකවම කල කිරුනා....

දෙයියො බුදුන් බැලුවා වගේ මගෙ විතේන්ට පින්සිද්ද වෙන්න මම ගැලවුන මගෙ අප්පච්චි ගැලවෙන ගමන් උන්නා.....

වලව්වෙ මිනිස්සුන්ගෙ ජීවිත තනිකරම ගුඩු පොල් ගෙඩි හා සමාන උනා...එකම තැන ඉදන් පල් උනා...උන් කූඩු අස්සෙ ජිවත් වෙලා ඉන්න ගමං කූඩුවෙන් එපිට ඉගිල්ලිලා ජීවිතෙ විදින මිනිස්සුන් දිහා වපරැහෙන් බලන්න ගත්තා ....

තේරුමක් නෑ.....

මම බලන් උන්නා....හට් අස්සෙ තිබුන පුටු හැම එකක්ම හිස් වෙලා තිබුනා අච්ක්ජර දුප්පත් වෙලා.....වලව්වෙ දන්කුඩ කාපු රන්මලියගෙ මලගෙදරට ඇගිල්ලක් ගහන්න බැරි වෙන්න සෙනග පිරෙනකොට මැස්සෙ මදුරුවො ඇරෙන්න මැනිකෙගෙ මලගෙදර බලු බල්ලෙක් නැති උනා...

අත්තම්මාගෙ මුනෙ වික්ශෝපෙ පිරිලා තිබුනා...එක ඇහැක් වැහිලා දම් වෙලා තියනකොට වෙනදට දාන ගාම්බීර ගති අද දියවෙලා තිබුනා සීයා තාත්තා සැරින් සැරේම ඇවිදින් සුනීතම්මගෙ මිනිය දිහ බල බල යනකොට කල පව් මේ ආත්මෙදිම පඩිසන් දෙන හැටි මම බලන් උන්නා.....

සුදු පුතා.....

අප්පච්චි .....

මෙහෙට ආව නම්....

මම උන්නෙ ඈතට වෙලා බලාගන වෙනකොට ඇදන් උන්න කලු සරමෙ එක කොනකින් උස්සන් මම අප්පච්චි ගාවට ගියා...

මිනිය කරගහන්ඩ එකෙක් දෙනෙක් හියා ගන්ඩ බැරිද නිතේශ් .....

ඇයි අර ගොන් බාන් දෙක ඉන්නෙ....

කව්ද.....

අර අම්මගෙ රෙද්ද අස්සෙ හැදුන ගස් ලබ්බවල් දෙක....

කතා කරන්ඩ එපා නිතේශ් උන් නම් අහම්බෙන් පිරිමි උන උන්ද කොහෙද අර ගැනිගෙ හුස්මට පිටින් උන් යන්නෙ නෑ....

ඇත්තටම අප්පච්චි එහෙම උන්ව ඇයි අප්පච්චි බන්දවන්නෙ.....අම්මා අප්පච්චිලාව අපි බලා ගන්න ඕනා..ඒක යුතුකමක් වග කීමක්...අපි කියන දේ අහන්න ඕනා...ඒකත් හරි...ඒත් මෙ මොන රූකඩ ජීවිතයක්ද අප්පච්චි .....ඒ ගෑනි කිව්වොත් විතරයි කරන්නෙ...උන් එකගෙයි කන්න අරන් තියෙන්නෙත් ඒ ගෑනිගෙ උවමනාවටලු....ආ අප්පච්චි මේ අපේ උන්ගෙ මොලේ කලදක් නැද්ද අප්පච්චි .....

අප්පච්චි අරුන් දෙන්න ගැන චරිත සහතිකෙ දෙන්න ගත්තා විතරයි මට අපෙ උන් ඇයි මේ තරම් මෝඩ හිතුනා...මිනිය කරගහම්න්න එකෙක් නැති උනා...අප්පච්චි මම සීයා තාත්තා සුදූගෙ වගෙමපොඩීගෙ අප්පච්චි ලා ඇරුනම බල්ලෙක් නැති උනා....එක ගෑනිව එක මිනිහට උස්සන්න පුලුවන් උනාට ගෙයි උලුවැස්ස පනිනව එක්කම බර වෙන මල කදක් කර ගහන්න දහයක් දොලහක් වත් ඕනා උනා....

ගෙයි උලුවැස්ස හරි වැට මායිම හරි පනිනවා එක්කම කැරකොප්පුවට ගෙනියන්න යන මලකද අරන් යන්න බලන් ඉන්න යක්කු ප්‍රේත කුම්භාන්ඩයො මිනී පෙට්ටියෙ එල්ලෙනකොට ඒ බර උරහිසට ඕනවටත් වඩ දැනුන කොට කැරකොප්පුව ලන් වෙනකොට කරගහන් යන මිනිපෙට්ටිය අරන් ඇවිදිනවට වඩා සමහර වෙලාවට අරන් දුවනවා වගෙ උනා....

මිනියට ඉස්සරහින් අරන් යන මල සීනුව ටිලින්....ටිලින් ....ටිලින් ගානකොට අඩි හයක් යටට දාන මලකද තනි කරන්න බැරි කරමට එක කොනකට තවත් ප්‍රානයක් (බිත්තර ගෙඩියක්)දැම්මත් එල්ලෙන යකා එල්ලෙනවම වෙදි පෙට්ටි කරගහන්න හයිය හත්තිය තියන උන්ම ඕනා උනා .....

බලන්නම් අප්පච්චි ....ටවුමෙ මුට්ට කරගහන නාට්ටාමියෙක් හරි....

ම්ම්ම්....එහෙම වත් කරමු....මොකද මලකද තියන් උන්නා කියලා ගිලින්ඩද...නෑනෙ...

හැමදාම වගේ මම වගේම අප්පච්චිගෙ කරට බර පැටවෙනකොට මැහි මදුරුවො ඇරුනම බලු බල්ලෙක් නැති මලගෙදර අපි දෙන්නම හෙම්බ්ත් උනා.....අප්පච්චිගෙ ..මගෙ ඇස් යට ඔක්කොම කලු වෙලා තිබුනා ....ඇස් දෙක නින්දක් ඉල්ලනකොට හැමදාකම මොකක් හරි පාත් උනා....කරන්න දෙයක් නැතිම කමට අපි දෙන්නා කෙරුවෙම උන්ට බැන බැන කරන්න පුලුවන් ටික කරල උන්ගෙ කුනු වලින් තවත් ඔලුවෙ කැක්කුම හදා ගත්තු එක වෙනකොට මම වගෙම අප්පච්චි අවසානෙදි හැමදේටම නිහඩ වෙලා උන්නා...

මොකද දෙයක් සියපාරක් කියලත් තේරුම් නොගන්නකොට කරන්න පුලුවන් ලොකුම දේ නිහඩ වෙන එක ඇරුනම වෙන කරන්න දෙයක් නැති කම උනා...

උන් හැම දාම කෙරුවෙ මගෙ පපුවට ගින්දර ඔබපු එක....අවසානෙදි එකම වේදනාව විදලා විදලමත් මට ඒ වේදනාව පවා සාමාන්‍ය දෙයක් වෙද්දි උන්නත් දාහයි මලත් දාහයි කියලා මං සමහර තැන්වලදි කටට එන ඕන කුනුහර්පයක් කියල දැම්මා...

මම එහෙම්ම ටවුමට ආවා.....වෙනමොකටවත් නෙවෙ මොල්ලිගොඩ මැනිකෙගෙ මලකුන අදින්න එකෙක් හියා ගන්න වෙනකොට තැන් දෙක තුනකිම්ම මොල්ලිගොඩ නම කියනකොටම අනේ මහත්තයෝ තරහ වෙන්න නම් එපා බෑ කියනකොට මටම හිනා ගියා.....මුන් ජීවත් වෙන ටික කාලෙ අතුලෙ කරලා තියෙන්නෙම අනිත් උන්ව රිදවපු එකවෙනකොට අවසානෙදි බලු බල්ලෙක් පිහිටට නැති උනා....

හෙලෝ....විතේන් කියන්න....

කොහෙද තේශි ඉන්නෙ...ගෙදර නෙවෙද.....

නෑ මැනිකෙ...මං මේ එලියට ආවා...

කරන්න දෙයක් නැතිම කමට පාරෙ සපත්තු මහන දෙන්නෙක් තුන් දෙනෙක්ට උන් දවසෙ හොයන ගානටත් වඩා ගානක් දෙන්න පොරොන්දු උන මම ඒ මිනිස්සුන්ව එක්ක එක්ක එනකොට මටඑයාගෙන් කෝල් එකක් ආවා...එයා බනිනවා....ඒඅස්සෙන් ගඩාපි පැටියා මාව බලන්න ඕනා කියලා නහින්න හදනවා....පලිගුවා කුරුමිනියෙක්ට හරි කූඹියෙක්ට හරි බුරන සද්දෙ ඈතින් ඇහෙනකොට අනේ මගෙ ගෙදර තියෙන්නෙ උන් ගාව නේද හිතුනා මම කැම්.එක විනාඩියකට දෙකකට ඔන් කෙරුවා .....

අනේ ...මගෙ...නිතේස් අයියෙ....

එන්නත් කලිම්ම මගෙ විතේන්ව තල්ලු කරලා කැම් එකට එබුනෙ ගඩාපියා වෙනකොට ඒකව මේ දවස් දෙක තුනට මූන එහෙම බෝල වෙලා තිබුන උනත් මගෙ විතේන්ව ඇදිලා ගිහින් උන්නා...

නිතේස් අයියෙ....අනේ ඒයි ගෙදර වරෙල්ලකො...මෙ ලමයා කන්නෙ බොන්නෙ වත් නැනෙ.....මම බත් කටක් කවාගෙන්නෙත් හරි අමාරුවෙන් ..අපේ සෙනෝන් වගෙ නෙවෙ අප්පා...මේ ලමයා හරි මුරන්ඩුයි ඒයි...අපේ දෝනියවත් මෙහෙම් වද දෙන්නෙ නෑනෙ ඒයි.....අනික ඔයා මට මේ දරුවව බාර දීලා ගියේ ඇස් දෙක වගෙ බලාගන්න රජෙකුට වගේ සලකන්න කියලනෙ....ඩියෝ බබාගෙ ඇස් දෙක පොට්ට වෙන්න යන්නෙ ඒයි...

මම අහන් උන්නා....එයා සද්ද නොකර බලන් ඉන්නවා....එයා මං නැති ගෙදර ඉන්න බැරි හින්දම එයා රෑ දවල් දෙකේම ඔෆිස් එකට දිය වෙලා උන්නා.....

නොකා ඉන්න එපා මගෙ විතේන්...මං ඉක්මනට එන්නම් ....

මට තව හුග දේවල් කියන්න ඕනා උනත්.....මම නිහඩ උනා...මට එයවෙනුවෙන් දෙන්න පුලුවන් එකම දෙ මම ඉකමනටඑන්නම් කියන එක වෙනකොට අනෙේ මගෙ කොල්ලගෙ ඇස් දෙක දිලිසුනා. ...

ආදරෙ කරන මිනිස්සුන්ට එක තත්පරේ පවා කල්පයක් දිගයි කියන්න මට එයා උගන්නනකොට මම ඒ ඇස් දිහා බලන් හිනා උනා 

පරිස්සමින් සුදු මහත්තයා .....

හරි මැනිකේ....

මම කෝල් එක කට් කරල දාලා ඵෝන් එළ සාක්කුවෙ ඔබාගත්ත ....ඒත් අවසිහිය කියනවා නම් මට අමතක උනා සරමට සාක්කු නැති බව.....

සුනීතා මොල්ලිගොඩ.....උපාසක අම්මා....

සුදු පිරුවට දාපු පුටුවල උන්න කසාවත්තු පව් පුරවගත්තදෝ මන්දා.....

පාංශු කුලේ දෙනකොට තමන්ගෙ දරුවව මරාගත්තු සුනීතම්මා වෙනුවෙන් නොකරපු ගුන දම් පවා කියවනකොට මම අහන් උන්නා...

මල කදට පවා කියන්න ගුනයක් ඉතිරි නොවුනකොට කසාවත්තු පවා අසරන උනාද මන්දා ...අඩන්න උන්නෙ වලවේ උන් ටික විතරක්න්වෙනකොට අවසානෙදි මලකුනට කරගහන්න අඩු කුලේ පරහැත්තවල් පාරක් පාරක් ගානෙ ගිහින් මට එකතු කරගන්න උනා....උන්ම ගරහපු උන්ගෙ කරපිටින් යන තැනට උන්ට වැටෙන්න උනා.....උන් මිනිස්සු මැන්නා...හරිම පහත් විදිහට .....

උන් මිනිස්සු මැන්නා...කුල මල එක්ක.....

උන් මිනිස්සු මැන්නා කැත ලස්සන එක්ක....

උන් මිනිස්සු මැන්නා...සල්ලි භාගෙ එක්ක....

උන් මිනිස්සු මැන්නා හැගීන් දැනීම් නැතුව.....

ඒත් උන්ට මනින්න බැරි උනා මනුස්සකම එක්ක....

අවසානෙදි ඇගිලි එකතු කරල පැන් වඩනකොට අනිත් උන් හැමෝම සුනීතම්මට හොද ආත්මයක් ප්‍රාර්තනා කරන කොට මම විතරක් එහෙම එපා කිව්වා....මම විතරක් ආය ඉපදීමක් එපා කිව්වා...මොකද.....

"මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඕනා කියන කටිම්ම මිනිස්සු ඉපදීම දුකක්" කියල කියනකොට මම විතරක් අපි අතර ආයම ඉපදෙන්න එපා කිව්වා....

මල බෑන්ඩ් එක ගැහුවත් ඇස්වලට කදුලක් නොඑනකොට අවසානෙදි සුනීතම්මගෙ මල කද කැරකොප්පුවට අරන් යන්න අපි කරගැහුවා....කිව්වා වගේම උලුවැස්ස පන්නලා එලි බහිනවා එක්කම මිනී පෙට්ටිය බර වෙලා යනකොට ඉස්සරහා කොන් දෙකේ උන්න සීයා තාත්තා වගේම ලොකු තාත්තව වීසිවෙලා වගෙ යනකොට පස්සෙ කොන් දෙකේ උන්න අප්පච්චි මායි කාගන උන්නා.....

තොවිලෙක බිල්ලක් උන සුනීතම්මව අරන් යන්න අපායෙ දොරටු කඩාගන ආව යක්කු මලපෙරේතයො පොර කනකොට අත්තම්මා මේ වෙනකොට සිය පාරක් විතර කලන්තෙ දැම්මා.....පොඩිට සුනීතම්මව අවසාන පාරට බලාගන්න බැරි උනා...විනීතම්මට බැරි උනා....අවසානෙදි වලව්වට කිව්ව වගේම වස් වැදුනා.....

මල ඉර බහින ගොම්මනේක සුනීතම්මගෙ ඉලව්වෙ කලුදුම යනහැටි මම වගේම අප්පච්චි බලන් උන්නා....වලව්ව හොලවන් උන්න බවලතීගෙ මිනිය අවසානෙදි කලු දුමක් වෙලා උඩු හුලගෙ ගහගන යනකොට හැමදේම අනිත්‍යයි කියන එක කැර කොප්පුවේදි වත් පිලිගන්න බැරි උන් එකක් වසලම මහන්සි මම ඉලව රකින්නවත් නොයිද එන්න හැදුවා ....

සුදු පුතා...උඹ යන්නද...

ඇයි.....මම තවත් මෙහෙ ඉදන් මොනවා කරන්ඩද අම්මා....

උඹ ගියහම කොහොමද

ඇයි..මම ගියහම කොහොමද අහන්නෙ..මගෙ ගෑනිට මාව තියාගන්ඩම ඕනෙලුද.....

පැත්තක උන්න නාද්‍යා බලන් ඉන්නකොට මම බැනලා එන්න හැරුනා වගේම අම්මා මාව අල්ලගත්තා ...ඒත් මගෙ පිහිටට අප්පච්චි ආවා....

අනීතා....කොලුවව යැව්වා නම්...

දහම්...

කොල්ලව යවපන්...අනික ඔය කවුරුත් මතක තියාගත්තොත් හොදයි....මගෙ එකාව දෙන්නෙ මට ඕන තැනට...නාද්‍යා....ඇහුනනෙ.....

අප්පච්චි

මුන හෝදන් පලයන්....යක්කු ගහලා මැරුන එකියක්වනෙ වැලලුවෙ.....

අප්පච්චිගෙ වචන එක්ක නාද්‍යා වාශ්ප වෙලා යනකොට මම සියපාරක් විතර මුනට සබන් දාලා අතුල්ලලා හෝදන්

" මගෙ ගෙදර" එන්න ලැහැස්ති උනා....

මලානික මූනට හිනාවක් ආවා...

වෙලාව අටට කිට්ටුයි...එයාට වත් නොකියම මම එන්න ආවා...

නුවර වට රවුම පුරාවටම අදත් ආදරේ කරන අය ඉන්නකොට මම එයා මම ඉදන් උන්න සිමෙන්ති බන්කුව පාස් කරන් එන්න ආවා...

උන් හැමෝටම ඒ ආදරෙ අයිති වෙන්න ඕනා .....

ඇහෙන නෑහෙන ගානට රේඩියෝ එකෙන් ගියපු සිංදුව මගෙ තනිය රකිනකොට දවස් තුනකට පස්සෙ මගෙ සැනසීම මගෙ ගෙදර මගෙ ජීවිතේ මගෙ නිවන තිබුන එකම තැන මගෙ විතේන් ගාවට මං එන්න ආවා...

එයා නිදී.....

මට හීල්ලුනා ..මගෙම ඵොටෝ එකක් දිහා බලන් උන්න එයාගෙ ඇස්දෙකට නින්ද ඇවිත් තියනකොට මම එයාව ඇහැරෙන්නෙ නැති වෙන්න මෘදු හාදුවක් තිබ්බා....

මගෙ පන....

මට මිමිනෙනකොට මන් බාතෲම් එකට රිංගුවා....පැයක් නෑවා .....ඉනට පටලවගත්තු ටවල් එක පිටින් එලියට එන්න දොර අරින්නවත් හම්බුන් නෑ මගෙ සුවද පවා අදුනන එයා මග රැකන් ඉදලා ඇගට පැන්නා....අනේ ඒ ඇස් හිනාවෙනවා දෙයියනෙ...

මගෙ තේශී ...අනේ උඹ ඇවිත්.. .උඹ ඇවිත් මගෙ නිතේශ් ....

මගෙ ගෙදර තියෙන්නෙ උඹ ගාවනෙ මැනිකේ...

මං ඒ ගිලා බැහැපු කම්මුලකට හාදුවක් තිබ්බා .... වරුවක් විතර එයා මට තුරුල් වෙලා ඉන්නකොට කොළඹ අහසෙ පායපු හද මොන මොනවද රහසක් කියනකොට සිනිදුම සිනිදු ජනෙල් තිරෙ ලාවට පාවුනා...

මගෙ විතේන් .....

දවස්තුනකට පස්සෙ ...මම එයාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා...

දවස්තුනක් තනි ඇදේ එයා හලපු කදුලු නවතිනකොට විරහවෙ කදුලු වෙනුවට සෘගාර කදුලු වලට ඇස් දෙක අඩන්න මග බලන් ඉන්නකොට එයා ඈත පේන හද දිහා බලලා මාදිහා බැලුවා....

මට ඕනා උනා....වක්කඩ ළඟ දිය වැටෙන තාලෙ සිංදුවට උපරිම සාදාරනයක් කරන්න....ගල මතු පිට මල් පූදවන්න...වැහි වැහැලා ගග පුරවන්න ඕනා උනා....කතාව අයිති වෙන ලිංගෙ මොකට උනත් මට ඕනා උනා ඒ කතාව අපේ කරගන්න...

තිත්ත පැටව්ට උඩ පැනලා නටන්න දෙන්න....

ආදරනීයම ඇස් දෙක ගාව මගෙ ඇස් නවතිනකොට මම උනුසුම්ම හාදුවක් අස්සට ආදරේ පුරවල නලලෙන් තියනකොට වැහි වැහැලා ගග පුරවන්න....ගග උතුරා හිත පුරවන්න එයා මට අවසර දෙනකොට එකින් එක එකින් එක ඇදුම් ඇද පාමුලට වැටෙනකොට

එයගෙ යටි තොල එයාටම හැපෙනකොට පිරුන පපුව උස්පහත් වෙනකොට .... ඈත් වෙච්ච තිරිවානා පාට කලවයන් මැදින් මම සිංදුවට සාදාරනයක් හෙව්ව.....තුන් දවසක් ඔසප් කාලෙන් පස්සෙ උන් දෙන්නම හොයපු සතුට මම එයාගෙන් හොයන්න ගත්තා .....ආදරෙන් පිරුන ඇස් අඩවන්න හිතුවා...

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට

තිත්ත පැටව් උඩ පැන නැටුවා...

වැස්ස වහින්නට ඉස්සර අහසෙ...

වළාකුලින් විදුලිය කෙටුවා...

කිව්වට වස් නැත නිල් නිල් පාටින්

කටරොලු මල් වැට වටකෙරුවා....

තුන් දවසක් අමනාපෙන් උන් කලු....

නෝක්කාඩු බැල්මෙන් බැලුවා....

" ගල වටකර මල පිපෙන්න...

මල වට බඹරිදු නටන්න

වැහි වැහැලා ගග පිරෙන්න...

ගග උතුරා හිත පිරෙන්න....."

ආයම එන්නම්.....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters