අග්නී.....යන්න එපා අග්නී....
මම මිමිනුවා...මට ලෙහාගන්න බැරි ගැට ගොඩක් පිරුන නූල් බෝලයක් හා සමාන ප්රශ්න ගොඩක් අතට මිට මොලවලා එයා යන්න යනකොට මෙච්චර වෙලාම එයාගෙ ඇගට තුරුල් වෙලා උන්න මගෙ නිඛිල් කෙදිරි ගගා ඉදලා අඩන්න ගන්නකොට මම එයා නිදියපු පැත්තට ගිහින් දිගෑදුනා ....
අග්නී.....
මගෙ ඇස් වලට කදුලු මතු උනා...සීතල ඇගිලි වලින් අත ගාන..හිතක් පපුවක් ණෑ වගේ වෙලාවකට මාව මරන්න හදන එයාගෙ උනුසුම එයා ඇද මෙට්ටෙ ඉතිරි කරලා ගිහින් තිබුනා...මේ තාක් කාලෙකට එයා මට එයාගෙන් දැනෙන්න දුන්නෙම සීතලක් වෙනකොට මගෙ පුංචි එකා හරි සනීපෙට එයාට තුරුල් උන හේතුව මට දැනෙනකොට කදුලු මටත් නොදැනීම මගෙ කම්මුල් තෙමන් යනකො මගෙ කොලුවා අඩන්න ගත්තා ....
අම්මියෙ...හ්හ්.....
ඕ...අයි ...ඇයි මගෙ සුදු මහත්තයා මේ අඩන්නෙ.....මගෙ පුතා ඇයි මේ.....
එයා අඩනවා නවත්තනවා මගෙ මූන දිහා බලන් ඉන්නවා...ආයම අඩනවා...අඩන්න කට හදනවා....ඒ චූටි පපුව වේහෙන් ඉහල පහල යනවා...ආයම චූටි නාස් පුඩු පිම්බි පිම්බි ඇකිලුනා.....
ඇයි අම්මියො.... ඇයි මේ..මගෙ සුදු මහත්තයට ඇයි මේ දුක හිතිලා ඇයි මගෙ පුතාට මේ දුක හිතිලා....ආ රත්තරන් ....
එයා අඩන්න හදනවා.....එයා කාව හරි හොයනවා ...මොනවා හරි මතක් කර කර අඩන්න හදන ගමන් මගෙ බෙල්ල බදාගන උරහිසට උඩින් ඇස් දෙක කරකව කරකව ආයම මා දිහා බැලුවා....
අප්පුච්චියා....අප්පුච්චියෝ....
ඕ.....අප්පච්චියා මේ ඉන්නෙ....මගෙ පුතාට මොනවද ඕනෙ....කුක්කු පිටි හදා දෙන්නද.....
මම කොල්ලව චුට්ටක් හෙලෙව්වා ....එයා අඩනවා...අඩනවා කිව්වට හොයනවා.....වට පිට බලනවා....පුංචි උන් හරි දක්ශයි මතක් කර කර දුක් වෙන්න....මගෙ කොලුවා මොනවා හරි මතක් කරනවා....අප්පච්චි කිය කිය එයා හොයන්නෙ කාවද..... අග්නිවද...?
අප්පුච්චියෝ.....ම්ම්ම්හුක්...කෝත....
අම්මියේහ්.....
අප්පච්චි මේ ඉන්නෙ.....මේ ඉන්නෙ මගෙ පුතාගෙ අප්පච්චි .....
ම්හුක්...නානෙ....නා...නේ....අප්පු...ච්චියේ...හ්...බයිය...න්න....බයි...න්න...
මගෙ පුතාට බයියන්න ඕනේද.....
කොල්ලා ආයම කෑ ගැහුවා.....අනේ දෙයියනේ එයා ඒපාර හොයන්නෙ අග්නිව....මම හොරාවට අග්නී.....අග්නී ගෑවා....අවංකවම මට මීට පැය ගානකට උඩින් තිබුන නිදහස නැත්තටම නැති උනා වගෙ දැනුනා...අග්නි....උඹ මගෙන් මොනවද හංගන්නෙ අග්නී...
අඩන කොලුවව මම හොලව හොලව කාමරේ පුරාවටම යන ගමන් බයිය පුතා කියනකොට ඒකා නෙවෙ මගෙ උරහිස උඩ ඔලුව් ගැහුවෙ.....
අප්පු..ච්චියෙ....කෝ....ත....අම්..මීයේ...
මෙ ඉන්නෙ රත්තරන් අප්පච්චි ...මේ ඉන්නෙ..මගෙ පුතාගෙ අප්පච්චි නෙ මේ ඉන්නෙ...
නානෙ.....අනික්...අනික්.....ම්ම්..හ්හ්ක්....
මගෙ පුතා...
මාව රත් උනා කොලුවා හොයන්නෙ අග්නිව කියන එක සහසුද්දෙම්ම්ම ඉල්ලන්නෙ අග්නිව බව දන්න මට අම්මගෙ කටහඩ ඇහුනම.අග්නිගෙ කටින් එයාට නොදැනුවත්ම පැනපු වචන එක්ක මට ඇග පුරාවටම සීතලක් යන්න පටන් ගත්තා ...
අම්මා....
ඇයි ඔය කොලුවා අඩන්නෙ....
නින්දෙන් බය වෙලා අම්මා.....
අප්පුච්චියෝ...ම්ම්හ්....අප්පුච්චියෝ...
ඇයි....ඇයි...මේ අප්පච්චි ඉන්නෙ.... මේ ඉන්නෙ...සුදු මහත්තයා ඇයි මේ....
කොල්ලා ආයම අප්පච්චියෝ ගාල ජනෙල් තිරේ දිහාවට කෑගහනවා එක්කම අම්මා දුම් කබලකුත් අරන් කාමරේට ආවා.....
ම්ම්හු...ක්....
සුදු මහත්තයා ..කෝ ලගට වරෙල්ලා..මගෙ පුතාට දුන් චුට්ටක් අල්ලන්ඩ.....
මම කොලුවවත් අරගන අම්මා ගාවට යනකොට අම්මා අතේ තිබුන සාම්බ්රානි එක රතුපාටින් පුපුරු ගහන පොල් කටු උඩට දාලා අපි දෙන්නටම දුම් ඇල්ලුවා....
අප්පච්චි යෝ.....
ඕ...
ම්හුක්....
කෝත....
කව්ද...
අප්පුච්චියා...
මේ ඉන්නෙ...මේ ඉන්නෙ මගෙ පුතාගෙ අප්පච්චි නෙවේද.....
මම බලන් උන්නා...කොල්ලා මොනවා කියයිදෝ කියලා මම බයේ උන්නා....මගෙ කරුමෙට වත් තව අප්පච්චියෙක් ඉන්නවා කිව්වොත් .....??මම අම්මගෙ මූන දිහා බලාගන උන්නා.....එයා මගෙ පුංචි එකා එක එක ඒවා කියන කොට ඔලුව අත ගගා අහන් උන්නා.....අහන අහන ඒවට මොන මොනව හරි උත්තර බැන්දා....අම්මියේ කිව්ව...අම්මා වැඩට ගිහින් තාම ආවෙ නෑ කිව්වම ලමයත් තාම ආවෙ නෑ කියන එක අම්මගෙ කට දිහා බලන් ඉදලා ආයම කිව්වා...හැබැයි එච්චරයි ..ඊලග තත්පරෙදි මගෙ ඇගේ ලේ ආයම වතුර උනා ...
අප්පුච්චියෝ ...කෝත...අප්පුච්චියා.....කෝත....බයිය..න්න....බයිය...පුතා...කීන්න...අප්පුච්චියා...
මේ ඉන්නෙ...මගෙ පුතාට තව අප්පච්චි කෙනෙක් ඉන්නවද.....
පුතාත...
ඔව්...පුතාට...තව අප්පච්චියෙක් ඉන්නවද.....
යන්න හැරුන අම්මා....ආයම නැවතුනා.....කාමරේ හතර වටම බල බල තව් අප්පච්චි කෙනෙක් ඉන්නවද අහනකොට අනේ දෙයියනේ ඔව් නම් කියන්න එපා කිය කිය මම බුදුන් යැද්දා....
සුදු මහත්තයා ....බාප්පිගෙ පැටියා ඉන්නවදෝ....
දෙයියො මාව බේරුවා...අනේ දෙයියනේ ..දෙයියෝ මාව බේරුවා .....ආරාද්ය ...සාරන්යගෙ මල්ලි ...මොනවා නැතත් ස්වර්ගෙන් මට ගැලවුම් කාරයෙක් එව්වා හා සමානවම එයා එනකොට මගෙ කොල්ලා එයාව දැකලා අත් දෙක දික් කරන් ඉස්සරහට නැවුනා...මට හුස්මක් පිට උනා .....
පාප්පි....යේහ්...
ඕ.....මගෙ පුතා බයියන්නෙ නෑ ....
නෑ...බයියන්නේ නෑත ..
ඒක තමා අහන්නෙ...බයියන්නෙ නෑද ....
ආරාද්ය ලමයව නලවනකොට අම්මා ඒ දිහා බලන් ඉදලා මා දිහා බලනකොට මම උගුර පෑදුවා....
අම්මා...මං හෙට ඉස්පිරිතාලෙ යන්න කියලා .....
කොහෙටද ..මහරගමට ...?
ම්න්.....මගෙ හිත කියන්නෙම මේක වෙන්න බෑ කියලා ...මගෙ හිත කියන්නෙම මේක වෙන්න බෑමයි කියලා අම්මා...
ආරද්ය අතේ ඉදන් නිඛිල් හුරතල් වෙනවා...මොනමොනවාදෝ කිය කිය හිනා වෙනවා...අම්මා ඒ දිහා බලන් ඉදල ආයමත් මා දිහා බලලා දුම් කබල අරගන මුලු කාමරේ පුරාවටම ගිහින් දුම් ඇල්ලුවා....
මගෙ පුතා ...කොලුවව තනිකරන්ඩ එපා...ඒකා අම්මා නැති සාන්කාවෙන් ඉන්නෙ.....අඩලා අඩලා හෙම්බත් කරවන්ඩ එපා ..උඹලා හෙට යමල්ලා..යන්ඩ කලින් මට ඒකගෙ රිපෝර්ට් ටික දීපන්....පහනක් පත්තු කොරලා මගෙ එකාට කරදරයක් කොරන්ඩ එපාය කියලා ඉල්ලන්ඩ.....උඹලත් වරෙන්.....උඹලට කරදර හරීයට ...අර අරකි එහෙම ඇවිදින් ඇලෙන්ඩ ආවොතින් පැත්තකට වෙයන් මගෙ පුතා....ඒකි අපේ ඇසුත් වහලා නොදරුවට පැගිරි ගිල්ලලා...ඔය ටික අහවර කරලා උඹලා වෙලාපත්කඩේ අරන් පලයන් අර සුභද්රා මෑනියො ගාවට...
අම්මා බනින්න ගත්තා....කොලුවගෙ රිපෝර්ට්ස් ටික ඉල්ලපු අම්මා ආරාද්ය අතේ ඉන්න දරුවගෙ මූන අත ගගා මගෙ කොලුවව අඩවන්න එපා තනිකරන්න එපා කිව්වා....අම්මා අපිට මෙච්චර ආදරෙන් සලනවා නම්...ඇයි දෙයියනේ අර අසරනයට කරවල කෑල්ලක්වත් පුලුටු නොකරන්නෙ...අනික මට කරදර එක පිට එක එන්නෙ ගන්ඩ තියන වරේ ගන්ඩ නොදෙන හින්දනෙ .... .මොන හේතුවටද අම්මා මාව නවත්තන්නෙ.....ඊටත් එයාම කියනවා සුභද්රා මෑනියො ගාවට යන්නලු....ඒත් අග්නි කිව්වෙ මට බන්ඩාර ගුරුන්වහන්සෙ ගාවට යන්න කියලනෙ....
මම අම්මා දිහා බලන් උන්නා ...අම්මා බයේද....මට ඔව්වැ දරන්න බැරිවෙයි කියලා ....කහ වතුර ...පැහෙන කිරි මුට්ටි ඔලුවට හලා ගන්ඩ බැරි වෙයි කියලා .....මන්තර සාත්තරේ හරියට ඉගන ගන් නැතුව මතුරලා වස් වද්ද ගනී කියල...නැත්තන්...මට ඊට වඩා ලොකු දෙයක් වෙයි කියලා .....
මට මේ උන දේවල් එක්ක...තව අඩු හෙන ගහන එක විතරයි ....එහෙව් එකේ..මට මගෙ කොලුවගෙ පන කෙන්ද රක්කවන්න මට හෙන ගැහෙන දෙයක් හරි මම කරනවා .....
මම අම්මට රිපෝර්ට්ස් ටික දුන්නා..එයා ඒ දිහා බලන් ඉදලා කාමරෙන් එලියට යන්න යනකොට මමත් අම්මගෙ පස්සෙම්ම යන්න හදලා මගින් නැවතුනා.. නැවතිලා ආයම කාමරේට ආවා..මොකද ...අම්මා මගෙ කාමරේ ඇතුලෙ උන්න තත්පර ගාන ඇතුලත මං දැක්කා අම්මා මොනවට හරි ඉව අල්ලනවා....
අම්මා අග්නිගෙ කුයිලෙ හෙව්ව වත් ද...අග්නි බයයි...අම්මා දැනගනී කියලා ...අග්නි බයයි මාව එයාගෙන් ඈත් කරයි කියලා ...අග්නි බයයි අම්මා එයාව වෙන කොහෙට හරි අරන් ගිහින් බැදලා දායි කියලා .....
මං එහෙම්ම ඇද උඩ ඉදගන ආරාද්ය එක්ක හුරතල් වෙන කිරි පැකට් එකක් බොන කොලුවා දිහා බැලුවා..මේ රෑ මේකා සීතල පොවනවද.....

මේ රෑ සීතල පොවන්න එපා බන්...
මම කොල්ලගෙ අතේ තිබුන කිරි පැකට් එක ගන්න ගියා උනත් එයා මාව නැවැත්තුවා ....
උරේ විතරයි නංගි මේකගෙ කිරි එකක් හදලා මේකට දාලා දුන්නෙ මූ බෝතලෙන් බොන් නැති හින්දා....
අනේ අම්මෝ මේකට සූප්පුවෙන් බොන කිරි උගුරෙන් පහලට ගියෙ නැතිවට බලපල්ලකො බටෙ කටේ ගහන ලස්සන....ඒ උනාට මිනිහා දන්නෙ නෑනෙ ඔය බොන්නෙ එයාගෙම ඒවා කියලා ....
මම ටික වෙලාවක් කොල්ලා දිහා බලන් ඉදලා එලියට ආවා...වෙන මොකටවත් නෙවෙ මට අග්නිව හොයා ගන්න ඕනා උනා...එයා අම්මගෙ කටහඩට ආයම දේවාලෙ ඇතුලට ගියා වත්ද ...
අප්පච්චි බුලත් වට්ටියක් අතේ තියාගන ඔහේ කල්පනා කරනවා ...සාරන්යා ගෙ අම්මා කාත් එක්කදෝ තවමත් දුක කියනවා ..නංගි තවත් තැනක ඉදන් ඉදලා මාව දැකලා මා ගාවට ආවා...
අයියෙ...අපි පොඩි එකාව ටික දවසකට ගෙනියන්නද.....
අනේ...මං ඌ නැතුව කොහොමද ඉන්නෙ....ඇරත්.....එයාව අරන් යන්න එපැයි ....
කෙල්ල අහක බලා ගත්තා .....උන් කවුරුත් විස්වාස කරන්නෙ නෑ මගෙ නොදරුවට මේ වගේ අසනීපයක් ඇති කියලා ..එයාලා නෙවෙ මමවත්....අඩුම ගානෙ අග්නිවත් විස්වාස කරන්නෙ නෑ....එයා ඒකමයි මට වෙලා පත්කඩේ ඉල්ල ගන්න කියන්නෙ....මට පිස්සු හැදෙයි....මං නංගි දිහා බැලුවා ...ඒකි ලොකු අම්මන්ඩියෙක් වගේ හැසිරුනාට....ඇත්තටම ඒකි තාම පොඩි එකියක් ....ඊයේ පෙරේදද කොහෙද කොටහලු උනේ....
උඹ රෑ තිස්සෙ අහු මුලුවල රිංගන්න යනවා නෙවෙ...
පඩියෙන් පහලට බැහැපු මං ආයම නැවතුනා ...වෙනමොකටවත් නෙවෙ ...අග්නිම මට කියපු දෙයක් ආයම මතක් වෙලා ...අලුත කොටහලු උන උන්ට කිලි වැඩි....වෙරලු ගහෙ කොයි වෙලෙත් අතු හෙලවෙනකොට මට ඒකි ගැන බයක් දැනුනා ....පව්ලෙ එකා යකා උන මට සාරන්යාගෙ නංගි අයියා මගෙම උන් වගේ වෙද්දි මම ඊයෙපෙරේදා ලමිස්සියෙක් උන ඒකි දිහා බැලුවා ....
මං කොහෙවත් යන්න එපා කියපු එකී ආයම පහලට බැස්සා...
මං කොහෙවත් අහුමුලු ගානෙ රිංගන්න යන්නෙ නෑ...
ආ...ඇත්තද...යන්නෙ නැත්තන් ගෙට වෙලා ඉදපන්....අර අරහෙ ඉලව් රකින්න ආව කොල්ලො කුරුට්ටො ඉන්නවා උඹ පලයන්කො බලන්න ඒපැත්තට අක්කගෙ මලගේ කියලා බලන් නෑ උඹටත් මැරෙන්ඩ ගහනවා...
මොන යකෙක් වැහිලද මන්දා....
මම ඒකිට බැන බැන එනකොට ඒකි මට අනිත් අතට බැනගන ඇතුලට ගියා මං කෙලිම්ම දේවාලෙ ගාවට ගියා...හැබැයි ඇතුලට ගියෙ නෑ.....මොකද මං අම්මගෙ සෙරෙප්පු කුට්ටම ඈත තියාම දැක්කා...
අම්මා යාතිකා කියනවා....පහන් දැල්ලෙ එලිය වගේම අම්මා එහා මෙහා වෙන හැටි මම බලන් උන්නා....
අග්නී...උඹලා කොහේවත් යනවා එහෙම නෙවෙයි ..තේරුනැයි...යන්නෙහෙම නෑ එලි පහලියට ...පේනවනෙ එක එකා ඇවිල්ලා ඉන්නවා....
මන් අහන් උන්නා....අම්මා අග්නිට එලියට යන්න එපා කිව්වා...ඒකියන්නෙ එයා අම්මගෙ කටහඩ ඇහෙනවා එක්ක දේවාලෙට දුවලද...මම තවත් ටිකක් අහන් උන්නා....අම්මා අග්නිට සැර කෙරුවෙ නෑ හැබැයි යන්න එපා කියනවා..මට තේරෙන්නෙ නෑ.....
උඹලට මම හෙට දිහාට කරවල කෑල්ලක් පුලුටු කරවලා දෙන්නම්.....හැබැයි ඉතින් උඹලා අකීකරු කම් කෙරුවොත්....මං මේක ගලවන්නෙ නෑ...තේරුනානෙ....
මම අහන් උන්නා..ලාවට දම් වැල් සද්දෙකුත් එනවා...දෙයියනේ...ඒකියන්නෙ....අම්මාඅම්මද....අම්මද දෙයියනෙ අග්නිට දම්වැල් දාන්නෙ.....
දේවාලෙ ඇතුලෙ කැරකෙන සුවද දුමාරෙ දේවාලෙ දොර රෙද්ද අස්සෙන් පෙරිලා එනකොට අම්ම එන්න හදන්නෙ කියන එක දැනුන මම ඉකමනට ගහකට මුවා උනා...ඒත්..ගහකට මුවා වෙලා ඉදලා නිකන් සැක ඇති කරවන්න ඕන් නැති එකේ වෙන්ද වගේම දත් මදින්න කුරුදු දන්ඩක් කපාගන්න ආව විදිහට මම කුරුදු ගහේ අත්තක් අල්ලන් මායන් වෙනකොට අම්මා එලියට ආවා...
මගෙ පුතා උඹලා දත්මදින්ටැයි.....
ඔව් අම්මා...හක්කෙ දතක කැක්කුමයි...දත් දිරලදකොහෙද...මං මේ කුරුදු දන්ඩක් වත් හපන්න කියලා....
මෙහෙට ආවා නම්....උඹලට මම තෙල් ටිකක් මැතිරුවා ....හෙට උදේ යනකොට පොඩි එකාගෙ කොල ටික අරන් යමල්ලා...තුරුනුවන්ගෙ සරනින් මයෙ අම්මට මොකුත් වෙන්නෙ නෑ....
මම අම්මා ගාවට ගියා .....අග්නිට අකීකරු කම් කරන්න එපා කියපු අම්මම ආයම මන්ගාවදි වෙනස් වෙනකොට මට අම්මගෙ මේ දෙබඩි රූපෙ ගැන හිතන්න බැරි උනා...අම්මට සමහර විට බයද දන්නෙ නෑ...අග්නිගෙන් මට කරදරයක් වෙයි කියලා .....ඇත්ත...ඒක අම්මෙක්ගෙ පැත්තෙන් ගත්තොත් බයවෙන්න හේතුවක්...මොන මනුස්සයද තමුන්ගෙ ලමයිට යක්කු එක්ක ඇයි හොදැයි කම් පාන්න දෙන්නෙ.....කාලිට බයේ දේවාලෙ වැඩකරන මනුස්සයා පවා සෙල්ලම් කරපු දරුවව ඉල්ල ඉල්ල වැද් වැටුනලු...
ඉතින්...කාලි දෙවියෙක් වෙලත්....අවසානෙදි මොකද උනේ...කාලි අම්මා අච්චර කිව්වලු උඹ ගෙදර පලයන් මම දරුවව එවන්නම් කියලා මේ තාත්තා ඇහුවෙ නෑමලු...ඒක එක අතකට දේව භය එක්ක තව මොනවහරි දැනෙන්න ඇති.....එහෙන් කාලි කියනවලු ගෙදර යමන් දරුවා එවන්නම්.කියලා මෙහෙන් තාත්තා දරුවා ඉල්ල ඉල්ල වැද වැටෙනවලු...
දෙයියන්ට උනත් ඉවසීම නැති වෙනවලුනෙ.....අවසානෙදි මොකද උනෙ...එක බාගයක් උඹට අනිත් බාගෙ මට කියලා කොලු පැටියව දෙකට ඉරලා එක බාගයක් තාත්තට විසික් කරලා අනිත් බාගෙ කරෙව් දා ගත්තලු.....
එහෙම එකේ අම්ම බයද දන්නෙ නෑ...
මට හුස්මක් පිට උනා....ඒ කොහොම උනත් මට අග්නිව මෙතන දාලා යන්න බැහැයි කියන දේ මගෙ හිත අස්සෙන් කියනකොට මම අම්මා යනකන් බලන් ඉදල දේවාලෙ අස්සට රිංගුවා....කතර ගම දෙයියන්ගෙ රූපෙ ගාව තිබුන මොනර පිල් දිහා බලන් උන්න මම පහන දිහා බලාගන වැදගන ඉන්නකොට මට ලාවට දම්වැල් සද්දයක් ඇහුනා...
"අග්නී....."මට හිතින් මිමිනුනා...මම හැරිලා නොබැලුවත් එයාගෙ නම මට හිටින් මිමිනුනා ...මම තත්පර ගානක් කතර ගම දෙයියන්ට මගෙ දුක කිව්වා...මගෙ කොල්ලව මගෙන් උදුර ගන්න එපා දෙයියනේ කියලා වැද වැටුනා....අවසානෙදි මම හැරිලා බැලුවා....
අග්නී....
අනේ...එයා ඉන්නවා....දේවාලෙ මුල්ලක ඉදගන...දනහිස් අස්සෙ ඔලුව ගහගන....මට කෑ ගහන...මාව කන්න හදන...මට ගහන එයා දැන් මුලු ගැන්විලා උන්නා.....
අග්නී...
"එපා ලගට එන්න..."
අනේ ඇයි අග්නී....
එයා මගෙන් මූන හංග ගත්තා...මට ලගට එන්න එපා කියලා අත පය හතරම අකුලගන්නකොට මට ආයම දම්වැල් සද්දෙ ඇහුනා....
අග්නී...මගෙ අග්නී....කෝ මේ බලන්නකො.....
මම ලගට ගියා.....ගිහින් එයාගෙ ඔලුව අත ගෑවා.....වැවුන කොන්ඩෙ උරහිස් වලිනුත් පහලට කඩා වැටෙනකොට එයාගෙ අත් පය වල තිබුන රෝම ගස් මගෙ ඇගේ වැදුනා....
මගෙ අග්නී...මේ බලන්නකො...මගෙ එකා අප්පච්චි අප්පච්චි කිය කිය උඹව හොයනවනෙ.....
මම එයා ආස විදිහට ආයම මගෙ අග්නි කිව්වා....එය ඒ එක්කම මා දිහා බැලුවා..ඒ ඇස් රතු වෙලා...කදුලු පිරිලා තිබුනා...අනේ...දෙයියනෙ...යකෙක් අඩනවා...විස්වාස කරන්න පුලුවන්ද යක්කු අඩනවා කිව්වම...
මගෙ අග්නී...
" එපා අල්ලන්න මාව...අහකට ගනින් උඹේ අත...."
අනේ ඇයි අග්නි මේ....
එයා මාව ආයම තල්ලු කෙරුවා .....එයාට මා එක්ක දැන් එන්න බෑ....මම එහෙම්ම අම්මා අග්නි වෙනුවෙන් තියන පහන දිහා බැලුවා ...මම දන්නවා ඒක නිව්වොත් අග්නිගෙ දම්වැල් ගැලවෙනවා....
"එපා ඕක නිවන්න...උඹට පෛත්තියන්ද ..."
ඇයි...
" ඇයි අහන්නෙ...උඹලගෙ අම්මා කිව්වා අකීකරු කම් නොකර්ස් උන්නොත් මට කරවල කෑල්ලක් පුලුටු කරවලා දෙනව කියලා "
ඉතින්...ඒ කියන්නෙ ඔයා මෙතනින් නොයා ඉන්නෙ එක හින්දද...
එයා කරවල කෑල්ලක් නොදී ඉදී කියලා මට පහන නිවන්න නොදි මට බනින්න ගත්තා...
අම්මගෙ කරවල ඕන් නෑ..මං ඔයාට උම්මලකඩ දෙන්නම්....
" උම්මලකඩ.....?"
ම්ම්ම්...ඔව්...ගෙනාපුවා තියෙන්නෙ...
" ඕන් නැහ්....".
එයා ආයම ගස්සලා අනිත් පැත්ත හැරුනා....හැරුනා විතරක් නෙවෙ බිත්තියෙ මුල්ලට මූන ගහන් ඇහුන්නෑ වගේ උන්නා...
ආ දැන් ඔයා එහෙම ද අග්නි...මා එක්ක කතා කරන්නෙ නෑ.....මා එක්ක තරහද.....
"හුම්...."
මං මොනවා කෙරුවටද.....
"......."
අග්නී.....
"...."
එයා කට වහගත්තා ....බිත්තියෙ මුල්ලට මූන ගහගත්තු අග්නි මම කොච්චර කතා කෙරුවත් බීරි වෙලා වගේ ඉන්නකොට මම නැගිට්ටා...නැගිටලා එන්න හැදුවා ...
අර දැහැමිනීගෙ කකුලට මොනවා උනාද දන්නෙ නෑ...බලන්න යන්න ඕනා...පව්....
""........"
අනික....මන් බලාගන අද වෙරලු ගහෙත් අලුත් අත්තක් හෙලවෙනවා.....
"......."
හන්දිය පැත්තට ගිහින් අර මාතර බත් ක්ඩෙන් බත් එකක් වත් කාල එන්න ඕනා බඩගිනි ....උන් නම් වැව් මාලු ගෙන්නන් බදිනවනෙ.....
"......"
මම එයා එපා කියලා තිබුන දේවල් එකිනෙක කියවන්න ගත්තා ...එයා මතක් කරනවට වත් කැමති නැති එක එක මගුල් කියවන්න ගත්තා ...ඒත් එයා නෙවෙ මා දිහා බැලුවෙ.....එයා හොරෙක් වගේ අහන් උන්න මිසක්කා...
අග්නී....බලන්නකො...
"......"
හරි ..මා එක්ක තරහයිනෙ...හා අග්නි ..හා...ඔහොම ඉන්න එකයි...මං යන්නම්....මන් ගිහින් බටනලාව පිඹිනවා...තමුන් දන්නවනෙ බටනලාව පිඹිනකොට මොකාද එන්නෙ කියලා ..ඇරත්...ඒකි නටලා නටලා හති වැටෙන කම්ම පිඹින්න ඕනා....තමුන් දන්නවනෙ එලිවෙන ජාමෙ වෙනකන් මට ඔය මගුල ගහන්න බෑ කියලා ....හුස්මක් ගන්න හරි නැවැත්තුවොත් ඒකි මාව මරනවා....එක දන්නවනේ...කමක් නෑ...කමක් නෑ...මැරුන දෙන්...කොල්ලව බලාගන්න නංගිලා ඉන්නවන්...මාව මැරුන...
චටාස් ...!
ආහ්හ්ව්ව්.....ආ....හ්...අග්...අග්
නී....හ්....ආ...හ්...
"උඹව...මම....."
මම හිතන්නෙ මට වැඩි දුර කියවන්න හම්බුන් නෑ....මැරුන දෙන් ගගා එකම එක කියවනකොට මන් බලාගන එයාගෙ උරහිස් වේගෙන් ඉහල පහල වෙනවා...මම මැරුන දෙන් කියලා කියනවා එක්ක එය මා දිහා හැරිලා බලපු බැලිල්ලට එයාට තියන පහන පුපුරලා සීසිකඩ ගියා වගේම මොනර පිලුත් ඇවිලෙන්න ගත්තා...
පහන පුපුරනවා එක්කම එයාගෙ දම්.වැල් ගැල විලා යනකොට මට මැරෙනුදෙන් කියලා කියන්න ඇරපු කට ආය වහන්න හම්බුන් නෑ...එයා මට ගහපු ඇහිල්ලට මාව දේවාලෙන් එලියටම විසික් වෙලා ගියා.....
මගෙ කම්මුල පිපිරුව වගේ....
මම තවමත් උන්නෙ බිම....ඉලව් රකින උන් උන්නෙ නිදි මතේ වගේම උන්ගෙ ලෝකවල වෙනකොට යකෙක්.ගහපු මම බිම ඉන්න එක ගානක් නැති වෙනකොට බිම උන්න මම ආයම දනි පනි ගාන් නැගිටින්න හදනකොටම තට්ටමට වැදුන පාරත් එක්ක ආයම මාව හොම්බෙන් ගියා...
ආව්හ්...
අරූ මගෙ පුකට පයින් ගහලා වනචරයා ...
ගුටි කාපු මං ආයම නැගිට්ටා .....ඒත් එක්කම ඊලගට වැදුන පාර එක්ක මාව ආයම දේවාලෙ ඇතුලට විසික් උනා...
අග්..නී...අනේ...
"ඇයි...ඇයි දැන්...ඇයි කියපන් දැන්..මං මේ ඔක්කොම කුඩු පට්ටම් කරලා දානවා....ඇයි කියපන්....ඇයි...ඇයි උඹ මැරෙන්න ඔච්චරම ආස...."
කැහ්...කැහ්...අග්...අග්...නී...කැහ්..
එයා මගෙ බෙල්ලෙන් අල්ලන් ගිහින් බිත්තියට තියලා තද කෙරුවා ....ඒ දර දඩු අත් වලට අහු උන මගෙ බෙල්ල බෝංචි කරලක් හා සමාන වෙනකොට ඒ මූන තරහෙන් වෙව්ලුවා...ඒ ඇස් ගිනියම් වෙලා තිබ්බා.....බිත්තියට තද කරන් උන්න මාව එහෙම්ම උස්සනකොට මම පොලවට අඩිය ගහන්න කකුල් ගැසුවා.....
අග් .....
මට කතා කරගන්න බෑ...මගෙ සර්වාංගෙම ලේ මූනට එනතරමට මගෙ මූනම දම් වෙන තරමට එයා මගෙ බෙල මිරිකන් උන්නා....
"ඇයි ..උඹට මැරෙන්න නේද ඕන කිව්වෙ...ආ..ශිවන්....ආ...උඹ කිව්වෙ..කොල්ලව බලාගන්න උන් ඉන්නවා කියලා...නේහ්....."
අග් .....කැහ්...කැහ්...කැහ්...කෑ....හ්හ්
මගෙ හුස්ම හිරවෙන්න ආවා....එයා එන්න එන්නම අත් තද කරනකොට එයා මැරියන් කිය කියෝම මාව අලු කරන්න හැදුවා වගේම ඊලග තත්පරේදි එයා මාව උස්සල පොලවෙ ගැහුවා....
ආහ්....ව්...ආහ් ....
මගෙ ඇට කටු නැ වගේ....එයා මාව පොලවෙ ගැහුවා...බෙල්ලෙන් අල්ලන් උන්න මාව එයා ගානක් නැතුවම පොලවෙ ගැහුවා...බිදුන මැටි පහනෙ මැටි කටු බිම පුරාවටම තියනකොට මොනරපිල් තුන හතරක්ම අලුවෙල තිබුනා...
මම උන්නෙ බිම වකුටු වෙලා.....බෙල්ල මිරිකපු පාරට උගුරු දන්ඩ කඩලා යන්න ඔන්න මෙන්න තියලා පොලවෙ ගහපු මට හුස්ම අල්ලන්න බැරිව මං වකුටු වීගන ඉන්නකොට එයා අඩි හප්ප හප්ප දේවාලෙ පුරාවටම ඇවිද්දා ....
අග්...නී....
"...."
එයා කතා කරන්නෙ නෑ....එයා හැරිලා වත් බලන්නෙ නෑ....
"මැරියන්....මැරෙන්නනෙ ඕනෙ...පලයන් මැරියන් ....එතකොට මට තව දුරටත් බලන් ඉන්න ඕන් නෑ..."
අනේ.අග්..නී..
"පල පල ගිහින් මැරිය..."
සිමෙන්ති දාපු පොලවට බර අඩි ගගහා යන ගමන් එයා මට පල පල මැරිය ගාගන මාවත් දාලා එලියට යන්න ගියා ....
මම කවදා හරි මැරෙන්නෙ මුගෙ අතින් .....
වේදනා දෙන බල්ල හිමින් අත ගාගත්තු මම දනි පනි ගාලා නැගිට ගන්නකොටම අම්මා ආවා....
මගෙ පුතා.....මේ මොකෝ...
අනේ...අම්මා...කලන්...තෙට....වගේ.....කොලුවට...බෙහෙත්..ගන්න..ගිය...වෙලෙ...
මට කර කියා ගන්න දෙයක් නැති උනා....ගියපු අම්මා ආපිට දේවාලෙට එනකොට මම පහන් කටු ගොඩේ ඉදන් කලන්තෙ කියනකොට අම්මා ඇවිත් මගෙ නලලට අත තිබ්බා...
රස්නෙයි ...උඹට උණ ගැනෙන්ඩදෝ මන්දා...නැගිටපල්ලා....ඉලව් රකින්ඩ ඕන් නැ..උඹ ගිහි න් නිදා ගනින්.....
නලලට අත ගහපු අම්මට අග්නි නෑ කියන එක අමතක උනා ..පහන කුඩු කියන එක අමතක උනා ....ඉලව් රකින්නත් එපා කියලා මට නිදා ගන්න කියපු අම්මා මට නැගිටගන්න අත දෙනකොට මං නැගිට්ටා....
ආව්....හ්හ්....
ඇයි....
කොන්ද...
නැගිටපු මට කෙදිරි ගෑවුනා .....එයා මාව පොලවෙ ගහපු පාරට මගෙ කොදු ඇට ගැලවිලා ගිහින් වගේ දැනෙනකොට පයින් ඇනපු පාරට තට්ටමක් නෑ වගේ දැනෙනකොට මම නොන්ඩි ගගහම එලියට එනකොට සර බරාස් ගාල වෙරලු අත්තක් කඩන් වැටුනා...
අර යකා නම්...මහ යකෙක්...අපූරූවට පීදුන අත්ත...ගැටත් තිබුනා....
මම අග්නියට හිතින් දෙහි කප කප නොන්ඩි ගගහා රිදෙන තට්ටමත් අත ගගා කාමරේට අවා...ඇවිදින් නින්ද ගිහින් උන්න මගෙ පැටියා ගාවින් දිගෑදුනා...
අනෙ....අම්මෙ ..හ්හ්...
මටත් නොදැනිම මගෙ කටින් කෙදිරි ගැවෙනකොට මම ලමයයව තුරුල් කරන් මගෙ ඇස් පියා ගත්තා ....
"......"
තතපර දෙක තුනක් ගෙවෙන්න් ඇති...මට කාමරේ අස්සෙන් අඩි සද්දයක් ඇහුනා ..බර අඩි කියන්නෙම අග්නිගෙ අඩි වෙනකොට මමත් නින්ද ගියපු එකා වගේ හොරාවට ඉන්නකොට මට තේරුනා ඇද බර වෙනවා ...හැබැයි බිත්තිය පැත්ත නෙවෙ ..මට පිටිපස්සෙන් ....
සීතලම හුස්මක් මගෙ බෙල්ල පිටිපස්සෙන් වදිනකොට මං ඇද රෙද්ද මිරික ගත්තා .....ඇදන් උන්න ටී ශර්ට් එකේ පිටිපස්සෙන් ඉස්සුනා...
එයාගෙ සීතල ඇගිලි මගෙ කොන්ද පුරාවටම යනවා...මේ හැම දේම මට දැනුනා...ඒත් මං යටි තොල හපාගන උන්නා මිසක් අග්නි කියලා වත් කිව්වෙ නෑ....
"උඹ මැරෙන්න හදන්නෙ ඇයි මැනික...මං...උඹ වෙනුවෙන් බලන් ඉන්නකොට ...උඹ කොහොමද මට තවත් බලන් ඉන්න දීලා යන්න හදන්නෙ...."
අනෙ එයා මගෙ පිට අත ගානවා .....මට දුක හිතුනා....ඒ උනත් මම නෙවෙ කතා කෙරුවෙ.....
"බොරු නොකර නැගිටපන්..."
එයාට දැනුනා ...මං කරන්නෙ බොරුවක් කියන එක එයා දැනන් උන්නා ...මෙච්චර වෙලා පිට දිගේ ගියපු අත කෙලිම්ම මගෙ නිරුවත් බඩ උඩ නවතිනකොට මගෙ ඇගම හීතල වෙලා ගියා වගේම එයාගෙ සීතල සුසුම් මගෙ බෙල්ල පිටිපස්සට වදිනකොට මං ඉක්මනට එයාගෙ පැත්තට හැරුනා ...
අග්නී...
එයා මගෙ දිහා බලන් ඉන්නවා...දැන් ආයමත් එයා මගෙ පිට දිගෙ ඒ සීතල අත ගෙනියනවා ...
"උඹ එහෙම කියනකොට මට රිදෙනවනෙ මගෙ ශිවන්...."
මට...සමාවෙන්න.....අග්නී...
"...."
ඔයාට උම්මලකඩ කෑල්ලක් දෙන්නද...
"රතු පාට හරිය තියනවා නම් විතරක් ...."
මට හිනා ගියා...එයා උම්මලකඩේ රතු පාට හරිය විතරක් ඉල්ලනකොට මට හිනා ගියා....
තව හන්දියෙ කඩෙන් බැදපු වැව් මාලුත් ගෙනත් දෙන්නද...
"උඹට අන්ඩ වාතෙද...මේ ඉලව් අස්සෙ පුලුටු හොයන්ඩ යන්නෙ...මෝඩ මූසලයා"
මගෙ දෙවියනේ...අග්නී.....අග්නී.....කොහෙන්ද අග්නි ඔයා ඔව්වා ඉගන ගත්තෙ....
එයා මට අන්ඩ වාතෙද අහලා මෝඩ මූසලයා කියලා කිව්වා වගේම මන් හොරාවට කෑ ගහනකොට ඒකා නියපොත්තක් කටේ දාගත්තා ...
අග්නී...කන ඇහුනද ....
"ඉතින්...උඹලගෙ මිනිස්සුනෙ ඔව්වා කියන්නෙ ...අපි නම් නෙවෙ....ඇරත්..මං අහන්න උන්නෙ...'
එයා දැන් හොද සෙල්ලමක් පටන් අරන් දිවෙ කටේ නොගෑවී කුනුහර්ප කියලා ඒ ඕක්කොම මිනිස්සුන්ව ඇල්ලුවා ....ඒ මදිවට තවත් මොනවද අහන්න තියනවා කියලා හරිබරි ගැහිලා එයාගෙ අත දිහා බැලුවා ...
"ඇයි මේ මැද ඇගිල්ල පෙන්නන්නෙ..".
දෙයියනේ අග්නීහ් ...
"ඉතින් උඹනෙ පෙන්නුවෙ... මං නෙවෙනේ.."
එයා ආයම මැද ඇගිල්ල පෙන්නලා ඇයි අහන ගමන් ඒ ඇගිල්ල කරකව කරකව බලලා ආයමත් මගෙ මූන දිහා බැලුවා ....
"ඇයි ඒ මැද ඇගිල්ල පෙන්නන්නෙ ...උඹ මහ වනචරයි වගේ ..නැත්තන් ඔව්වා පෙන්නන්න ඕන් නෑනෙ ."
ඇත්තමයි අග්නි ..
"හා හා කටවහන් නිදා ගනින් ...හෙට පාන්දර යන්න ඕනනෙ....මං ඒක අපේ කාගෙන් හරි අහගන්නම්..."
චික්කෙ අග්නි එපා..විකාරද ..
"එහෙහම්...ඉතින් ...පෙන්නන්නෙ නැතුව ඉදින් ..දැන් නිදාගනිල්ලා...හෙට උදෙම්ම යන්න එපැයිනෙ...නිදා ගනින් මගෙ මැනිකෙ...."
අග්..නී.....
"සැරයක් කිව්වම අහලා කට පියවපන්කො ..මේ මිනිස්සුන්ගෙ මොලේ පුකේ තියෙන්නෙ කියලා අර උඩ අත්තෙ යකින්නත් කිව්වා .....ඒක තමා උඹේ එකත් ඔච්චර ලොකු....නැත්තන් කියන දේ නොතේරෙන්නෙ මොකද උඹෙත් මොලේ පුකට බැහැලා....මේ පේන්නෙ නැද්ද
අනෙ දෙයියනේ අග්නීහ්හ්හ්හ්හ්!!!! මිරිකන්ඩ එපා යකෝ.....
🙂ආය කොටසකින් එන්නාම්...
ගුත් නයිත්...
මුව පැතියත දොයිය මත හැදිලලු....ඔය ලමයිනුත් බුජියන්න.....
ආතරෙයි...චුක් චුක්
මම
Ferdeesha ❤️💚😘 ..