Cherreads

Chapter 16 - 16

වෙදමහත්තයා කියපු හැම දේම අකුරක් නෑරම මම අහන් උන්නා එයා කිව්වා මොන දේ උනත් මට මේ පුටුවෙන් නැගිටින්ඩ එපාය කියලා.....

පාට පාට පිරුන එකට පැටලුන මාලෙ අස්සෙ ගනින්න බැරි තරම් පබලු තියෙනකොට එයා මට තන්ගුස කපන්න කියලා කතුරක් ගෙනල්ල දීලා මට ඉස්සරහින් පුටුවක් තියන් වාඩි උනා..නිකන් නෙවෙ කහ ගැහුන කොලයක් වගෙම පරන කාලේ තීන්ත පෑනක් එක්ක ..

දැන් පටන් ගනින් ....ඒකා බලන් උන්නා...ඒකා එසේ මෙසේ බලන් ඉදිල්ලක් නෙවෙ බලන් උන්නෙ...ආත්ම ගානක්....ආත්ම ගානක්...උඹ ඉපදි ඉපදි මැරෙන හැටි බල බල ..උඹට ආදරෙ කර කර බලන් උන්නා...යකෙක් උනත්..ඒකට හිතක් පපුවක් තියනවා ....සුනංගු නොවි කරපල්ලා ඕක....

අග්නී...එයා මට ආදරේ කරලා.....??

මම වෙද මහත්තයා දිහා බැලුවා....

වෙද මහත්තයා කිව්වෙ අග්නි මට ආදරෙ කෙරුවයි කියලද ...

ඔව්.....ඒක එහෙමයි....

කො..කොයි විදිහට ...යාලුවෙක් වගේ...සහෝදරයෙක් වගේ....

මම වෙදමහත්තයා දිහා බලන් උන්නා..මොකද...මට උත්තරයක් ඕනා....අග්නි මන් වෙනුවෙන් බලන් උන්නලු...ආදරේ කෙරුවලු.....කොයි වගේද .....කොයි විදිහටද ...සහෝදරයෙක් වගෙද ..මගෙ ඔලුව ආය ආය පුපුරන්න හැදුවා ..

අපෙ උක්කුවා ඔය ලමයට මොකක් හරි අපබ්‍රංස කතාවක් කිව්වද....

මොකක්ද....

මම වෙදමහත්තයගෙන් ප්‍රශ්න අහනකොට වෙදමහත්තයා මගෙන් ආපිට ප්‍රශ්නයක් ඇහුවා...උක්කුවා මොකක් හරි අපබ්‍රංස කතාවක් කිව්වද අහනකොට මට කියන්න හිතුනා ..උක්කුවා පවා සහමුලිම්ම අපබ්‍රංසයක් කියලා ...ඒත් මේක විහිලු තහලු කරන වෙලාවක් නෙව්ව් හින්දා ..මට කියන්න දෙයක් ඉතිරි නැති උනා....

ඇයි...අපේ උක්කුවා කිව්වෙ නැද්ද ඒකා මෙහෙ ඉන්ඩ හේතු කාරනාව...

ආ..ආ....ඒක ..කිව්වා.....

ම්න්....ඔය ලමයට හිතෙන විදිහට ඒක හරිද....වැරදිද ...?

මම ..හිතන්නෙ...

මම ඇහුවෙ කෙටි උත්තරයක්....

මම බලන් උන්නා වෙදා අතේ තිබුන තීන්ත පෑන බෝතලේට ඔබන ගමන් මට සැර නොවී සැර උනා....

හරි ....එයා ආදරෙයි නම්....ඒ කොල්ලා මෙයාට ආදරෙයි නම්..ඒක හරි ...අපබ්‍රංසයක් වෙන්නෙ කොහොමද ...

ම්න්....එතකොට උක්කුවගෙ අම්මා තාත්තගෙ බලාපොරොත්තු ...ඒවට මොකද වෙන්නෙ...මූ මෙහෙම කොල්ලෙක් එක්ක ගියහම....උන් දෙන්නගෙ බලාපොරොත්තු මොකද වෙන්නෙ ...

වෙදමහත්තයා මගෙන් උසාවියක නඩු කතා කරනවා වගේ ප්‍රශ්න අහනකොට මම සෑහෙන්න කල්පනා කෙරුවා ....මමත් අප්පච්චි කෙනෙක් .....අවංකවම මට මගෙ ලමයා ගැන ලොකූ හීන නෑ...මොකද ....මගෙ හීන මත මට කොල්ලව උස් මහත් කරන්ඩ ඕන් නෑ...මොනමගුලටද..මගෙ ආශාවන් වේනුවෙන් ඌව උස් මහත් කරන්නෙ ...ඌට කියලා ආශාවන් නැද්ද.....

වෙදමහත්තයා ....දෙයක් කියන්නම්.....හරිද ....වැරදිද කියන්න....ඔයාම තීරනේ කරන්න...අප්පච්චි කෙනෙක් විදිහට මම කියන්නෙ.....මම මේ තාක් වෙනකන් මගෙ දරුවා ගැන බලාපොරොත්තු තියන් නෑ.....මොකද ...මට ඕනා කොල්ලව පයිලට් කෙනෙක් කරන්න උනාට්..කොල්ලට ඕනා නලුවෙක් වෙන්න නම්...මට ඕනා කොල්ලව දොස්තර කෙනෙක් කරන්න උනාට...ඌට ඕනා...සිංදු කියන්න...ටීචර් කෙනෙක් වෙන්න නම්....මම ඌව හදන්නෙ මට බැරි උන දේ ඌ ලව්වා කරවන්න නම්....අප්පච්චි කෙනෙක් විදිහට...මම අසාර්තක නැද්ද...එතකොට කාගෙ හීනෙද අවසානෙදි හැබෑ වෙලා තියෙන්නෙ වෙද මහත්තයා ..මගෙද මගෙ කොල්ලගෙද....

අම්මා අප්පච්චිලා හැටියට .....අපි හැමෝම ආසයි ලමයි ලොකු තැන් වල ඉන්නවා දකින්න...ඒත්....උන්ටත් හීන තියනවා...මම මගෙ කොලගෙන් බලාපොරොත්තු වෙන එකම දේ ..ඌ හැමදාම මගෙ පුතාම වෙලා ඉදී කියන එක විතරයි ....ඌට අයිති මොන හීනයක් උනත්...ඌ පාට කර ගනීවි.....මට ඕන මගෙ කොල්ලා සතුටින් ඉන්න මිසක්...මගෙ බලාපොරොත්තු යතාර්තයක් කරන්න නෙවෙ....මට බැරි උන දෙ ඌ ලව්වා කරවලා...මට උගෙ හීන මරන්න බෑ...සමහර විට ඌ ආස දේ හිතේ තියන් මගෙ සතුට වෙනුවෙන් උගෙ හීනේ මරලා දායි...ඒකටද අපි ලමයි හදන්නෙ...අපිට බැරි දේවල් උන් ලව්ව කරාගන්න ....

මට සමාවෙන්න ....මට බෑ ඒතරම් ආත්මාර්තකාමී වෙන්න...

ම්ම්ම්....ඒ කියන්නෙ..උක්කුවා හරි.....

එයාගෙ හිතට අවංකවම හැගීම් හරියි කියල හිතෙනවා නම් හරි ...

අන්න එ වගේ හැගිමක් තමයි....තමුන්ගෙ පස්සෙන් හෙවනැල්ල වගේ ඉන්න ඒ අමනුස්සයටත් තියෙන්නෙ කිව්වොත්....දැන් පුලුවන්ද හරිද වැරදිද කියන්න.....අම්මා තාත්තා මොනවා හිතයිද....ම්ම්ම්

මම නිරුත්තර උනා....ප්‍රශ්නෙ මගෙ නොවෙන තාක් කල් මම දාර්ශනික උනාට ප්‍රශ්නෙ මගෙ පැත්තට කැරකුන ගමන්මාව නිරුත්තර වෙලා ගියා....

අග්නී....අග්නී...එයා...එයා...එතකොට ....ඒ විදිහට...

මොකද...උත්තරයක් දෙන්න බැරිද ..ඒක හරිද වැරදිද....

......

කාරියක් නෑ...ඔය හැම දෙගිඩියාවක්ම උඹලට මේ මාලෙ ලෙහිලා ආයම හරි ගැස්සෙනකොට ඉබේම නැතිවෙයි....උඹලගෙ අඹුව උඹට අයිති කෙනෙක් නෙවෙ...මං කිව්වා වගෙම...උඹට හම්බෙන්න ඕනා උන් හම්බුනේ වෙන උන්ට.....සමහරුන්ගෙ ලින්ගෙ මාරු වෙලා...සමහරුන්ගෙ නෑ කම් පැටලිලා.....කාරි නෑ..මෙච්චර කල්.....අරකා ඉවසපු එකේ...මේ පාරත් අවසානම පාරනෙ කියල ඉවසාවි.....

අදින් පස්සෙ උඹ මෙ අවනඩුව විසදන්ඩ ඕනා....අදින් පස්සෙ උඹ අදාල තැන නවතින්ඩ ඕනා....ඉතුරු හරිය මම මේකෙන් පස්සෙ කියන්නම්...දැන් ඕක ලිහපන් ..ලිහලා...අමුනපන්...අමුන අමුන..මට...එකඑක පාටින් කොච්චර කොච්චර තිබුනදැයි කියපන් ....හොදට මතක තියා ගනින්...එක පබලුවක් කියන්නෙ....එක වර්සයක්...කතාව ගොතන්ඩ එක පබලුවක් එහා මෙහා උනා නම් හරි ...

.පටන් ගනින්.....

මාව කරකවල ඇතෑරියා ...අග්නි...දෙයියනෙ ...අග්නිගෙ හිතේ තියෙන්නෙ එහෙම දෙයක්ද...අනේ මං අප්පච්චි කෙනෙක්..මන් බැදපු එකෙක්නෙ....

වෙදමහත්තයා .....මං අප්පච්චි කෙනෙක්...මං බැදපු එකෙක්...අනික....මම...

උඹ මනුස්සයෙක් ඒකා යකෙක්..එහෙනම්...උඹලා මීට කලින් ආදරේ කෙරුවෙ කොහොමද ...මීට කලින් ඌගෙ ලමයි වැදුවෙ කොහොමද .....තව ඉස්සරහට ඌට පන ඇරල ආදරේ කරන්නෙ කොහොමද ....මම කිව්වනෙ ..උඹට ...මේ හැම අවුලක්ම ඔය මාලෙ ඇමිනුවයින් හරි යයි කියල....

මන් කිව්වෙ සීයා තාත්තෙ...මේ දකුනෙ බිජ්ජා බක පන්ඩිතයා කියලා....මු මහ පන්ඩිතයෙක්....මහ ගෝතයෙක් ..මගෙ කිරිමහත්තයත් ඔය වගේමයි ....

උක්කුවා....!!!

මම වගේම වෙදමහත්තයා උඩ ගියා...අපි දෙන්නම උන්නෙ විහිලුවට හිනා වත් වෙනන් බැරිකතාවක වෙනකොට වහලෙන් ආව සද්දෙ එක්ක අපි දෙන්නම උඩ ගියා.....

උක්කුවා ...වෙන කවුරුත්ම නෙවෙ...අර උක්කුවා...ඒකා වහලෙට නැගලා උලු කැටයක් අස්සෙන් එබීගන උන්නා.....

උක්කුවා ....උඹට මං කිව්වා නේද...

ඉතින් සීයා තාත්තා මට වහලෙට නගින්ඩ එපා කියලා කිව්වෙ නෑනෙ ..මට කිව්වෙ අහුමුලුයි...ජනෙල් දොරකොඩවල් ගාවයි ඉන්ඩ එපාය කියලා ....ඉතින්.....

බැහැපිය බැහැපිය....මගෙ ලේ කෝප කරනවා.....

අනේ සීයා තාත්තෙ...මට කිරි මහත්තයට කෝල් එකක් ගන්ඩවත් මගෙ ගල්බාගෙ දීපල්ලකො....උඹලා කිව්වනෙ....අප්පච්චිලා අකමැති උනත්...මගෙ පලහිලව්වට මනාප වෙන්ඩ බලන්නම් කියලා . ඇරත්...මට දැන් රකින්ඩ දෙකුත් නෑ..මං මිනිහෙක් වෙලා ඉවරයි ....

මගෙ දෙයියනේ...මට වැලලෙන්ඩ හිතුනා....මූ හීබිච්චා වගේ ඉදලා කියන කතා වලට අර අග්නියා කියන්න වගෙ ඉබේ බඩ වෙනවා...මූ මාතර කියල කියන්ඩ එපාය කියලා අනිත් පාර මූනට මුන උගෙ කිරිමහත්තයට කෝල් එකක් ගන්ඩ ඉල්ලනකොට මන් බලාගන වෙදාගෙ මූන පුපුරන්ඩ එනවා...

කෝල් ගන්ඩ .. .තොට කෝල් තමයි මදි උනේ .බැහැපිය ඔතනින්...බැහු....උක්කුවා ..මන් උඹව අප්පච්චි එක්කම පිටත් කරලා යැව්වොතින් උඹට ඔය කිරි මහත්තයට කිරි එරෙන්ඩ ගහයි උඹලගෙ අප්පච්චි .....බැහැපිය කිව්වම අහලා.....

යෝහ්...ඇයි සීයා තාත්තෙ අනේ දීපන්කො පුතේ....මම දැන් අර මගුල් කොච්චර කියලා නම් පාඩම් කරන්ඩ ඕනද ...ඔව්ව මතක හිටින් නෑ...ඇරත්...ඒකට ඒ සාත්තරෙ පිහිටන්ඩ ඕනා ...බලෙන් එබුවට වැඩක් නෑ....

ඇත්තමයි උක්කුවො....මං ආවොතින්.....

වෙදා නහින්ඩ හැදුවා....අරහෙන් අරූ උගෙ කිරිමහත්තයා නැතුව සාන්කාව කිය මැරෙනඩ හැදුවා ....

උක්කුවා...උඹ බැස්සෙ නැත්තන් මම මෙතන ඉදන් වස්කවියක් කියනවා කකුල් පනනැතුව වහලෙන් බිමට වැටෙන්ඩ කියලා ....එහෙම වෙලා එක්තැන් වෙන්ඩ කියලා ...එතකොට ඔය කියන කිරි මහහ්තුරු ඉබෙ නැතිවෙයි...

මගෙ අම්මො...සීයා තාත්තෙ.....ඇත්තමයි ඒයි...උඹ නම් මහා..නරකාදියා...නොදරුවගෙ මූන බලන් කියන කතාද මේ කියන්නෙ...ඈ...සීයා තාත්තෙ ....ම්හුක්.....හැන්දෑ වෙලා වත් මට ඵෝන් එක එක තත්පරේකට දීපල්ලකො.....යහතින්ද බලන්ඩවත්....සීයා තාත්තට ආදරේ වේදනාව දැනෙන් නෑ....කොහෙද ....ගෙදරින් පංගරාත්තු කරපු බිබික්කමක්නෙ බැදගත්තෙ.....එව්ව්.....විතරක් එව්ව්...

උක්කුවා....

හරි ඉතින් මේ බහිනවා .

මං අත් දෙකෙම්ම කන්දෙක වහන් උන්නා

මොකද ඒකගෙ කතාවලට මට යටි බඩ කොර වෙන්න ගත්තා .....වෙදා වස් කවිය කියනවා කිව්වා විතරයි අරූ නාහෙන් අෆ අඩ වහලෙන් බැහැලා යන්න ගියා උනත් ඊට ටික වෙලාවක්....ඕනා නම් විනාඩි දෙකක් යන්න ඇති පොල් වල්ලක් බිම වැටුනා හා සමානවම මොනවා හරි බර පොට්ටනියක් බිමට වැටෙන සද්දයක් ඇහුනා...උක්කුවා ලතෝනි ගැහුවා ....

වැටුනා නේද පොඩි පරයා...මූ අර මාතර එකාට එකතු උන දා ඉදන් නාහෙට අහන් නෑනෙ....

මං හිතුවා හරි....අරූව බිමට පත බෑවිලා.....වෙදා තත්පර දෙක තුනක් මීක් නොගා උන්නා...ඉදලා මොන මොනවදෝ මුමුනලා මට මාලෙ ඇස්වලින් පෙන්න ගමන් ලොකු සුදු රෙද්දක් දීලා පබලු හලලා තෝරන්ඩ කිව්වා ....

මං සුදු රෙද්ද බිම එලාගන අර පබලු ටික තංගුසෙන් එලියට ඇද්දා....ගැට ගැහුන තැන් ලෙහ ලෙහ පබලු වෙන කරනකොට මට ටිකෙන් ටික ඉන්න බැරි වේගන ආවා...

උඹ දකින්නෙ මොනවද .....ඒ ඔක්කෝම අකුරක් නෑරම මට කියපන්.....උඹ දකින්නෙ.....මොනවද අඩ අඩ හරි හූල්ල හුල්ල හරි....මට කියපන්...දැන් පටන් ගනින්...දැන් පටන් ගනින්.....

මගෙ අගිලි වෙව්ලනන්න ගත්තා....මගෙ ඇගිලි වෙව්ලන්න ගත්තා විතරක් නෙවෙ....මගෙ පපුවත් ගැහෙන එක ටිකෙන් ටිකෙක්න් ගැහෙන වේගෙන් ගැහෙන්න ගත්තා ....

මම පබලුවෙන් පබලුවෙන් අහුලන්න ගත්තා ...මට පබලු ඇට හතකට වඩා අහුලන්න බැරි උනා....මම නැගිටින්න හැදුවා...

අනෙ දෙයියනේ බෑ...

ඉදගනින් ...ඉදගනින්....බෑ කියලා බෑ....ඕක උඹ හරි ගස්සන්ඩම ඕනා ඉදගනින්....

මාව නිකන් කරකවලා ඇතෑරියා වගේ උනා..පබලුවෙන් පබලුව ඇහිදිනකොට කන් බෙර පලාගන එක එක කටහඩවල් .....ඇඩුම් විලාප...

ඉදලා හිටලා හිනා වෙන සද්ද ..පොඩි එකෙක් අඩන හැටි මේ ඔක්කොම එකොනෙක ඇහෙන්න ගන්නකොට මම වෙව්ල වෙව්ල ගැටගැහුන තැන් ලෙහෙ ලෙහ පබලු අමුනන්න ගත්තා .....

අනේ..එපා....හ්....ඕක බොන්න. ..එපා..අනේ....

කියපන්...උඹ මොනවද දකින්නෙ...කියපන්...

අයියෝ ඕක බොන්න එපා...අනේ..අනෙ..එපා...කියපල්ලකො....

මම කෑගැහුවා..එක පබලුවක් කියන්නනෙම කතාවක් වෙනකොට මම පබලු වැල අමුන අමුන ඇස් දෙකට දකින...ඇස් වලට පේනදේ දිහා බල බල අවසිහියෙන් අඩන්න ගත්තා..දුවන්න හැදුවා....බෑයි කියලා කෑ ගැහුවා.....පපුව අල්ලන් මැරෙන්න හැදුවා ....

අනේ ...එපා..මගෙ.....

එපා නම කියන්ඩ....ඉදා...ගනින් මේක ලියපන්...අමුන අමුන ලියපන් ....මොන වේදනාව උනත් දරාගන අමුනපන් ...

ඔය කටින් එක නමක් වත් එලියට එන්න නොදී මේ කොලේ ලියපන්.....කටින් නම නොකිය...අග්නි කියලම කියපන්...එපා දැනගන්ඩ තියන්ඩ ඒකගෙ නම.....පෙරේත හැත්ත ....

වෙදා කෑ ගහනවා ..මං අඩනවා ...සමහර තැන් වලදි මං පපුවට ගහ ගත්තා ....එයා ඉන්නවා ..එයා හිනා වෙනවා ...වෙලාවකට අඩනවා....එයා මාව තුරුල් කර ගන්නවා ...අනෙ දෙයියනේ....ඒ ආදරේට ඇස්වහක් වදින්ඩ එපා කිය කිය මං පබලු ඇමිනුවත් සමහර තැන්වලදි එයාව මගෙන් ඈතට ඇදගන යනවා ...

මම ඇකිලුනා ....දකින දේ අඩ අඩෝම කොලේ ලිව්වා ....අග්නි වෙනුවට කිව්වෙම වෙන නමක් වෙනකොට මන් අඩ අඩ එයාගෙ මගෙ නම් ලිව්වා ...ඇස් දෙකට දකින හැම දේම මං මැරෙන්න තරම් වේදනාවක් උහුල උහුල ලිව්වා ...

අග්නී....අනේ...අග්නී...යන්න එපා...හ්...අනෙ....

අග්නී...උන් බොරු කරන්නෙ උඹව අල්ලගන්ඩ.....යන්න එපා...යන්න එපා...

අප්පච්චි ...අප්පච්චි ...අනේහ්....

මම ඔලුව බදා ගත්තා ...තන්ගුසට එකින් එක පබලු එකතු වෙනකොට මං වින්දෙ එසේ මෙසේ වේදනාවක් නොවුන කොට ම..අඩ අඩෝම මාලෙ ආයම හරි ගැස්සුවා ...

පැයෙන් පැය....ගෙවුනා ....තවත් තියනවා...මෙච්චර වෙලාම පපුවට ගහනගමන් අඩපු මං ඊලග පාර හිනා වෙන්න ගත්තා .....

මම උන්නෙ මේ ලෝකෙ නෙවෙ..මම උන්නෙත් මේ සිහියෙන් නෙවෙ.මං දකින රූප ගොඩ අස්සෙ දුක සතුට හැගීම් දෙකම තිබුනා.....

සමහර තැන් වලදි මම හූ තියලා ඇඩුවා...එයාව මගෙන් ගෙනියන්න එපා කිය කිය ඇඩුවා...එයා මාව ඉල්ලපු හැටි මට පේනවා.....එකින් එකට කට හඩවල් ගොඩක්....කතා ගොඩක්....

පපුවට පිහි තුඩවල් බස්සනවා වගේ සමහරක් වචන මාව රිදවනකොට මම අනේ එහෙම කරන්න එපා කිය කිය පැත්තක ඉදන් පුලුවන් තරම් වැද වැටුනා.....

අනේ...එපා....මේ...මමනේ...අනේ...මට ඔහොම කරන්න එපා...අයියෝ..මා දිහා බලපන්කො.....අනේ...අග්නී...අග්නී...අනේ...මා.දිහා බලපන්කෝ...

පින් අයිති වෙයි....එහෙම කරන්ඩ එපා...අනේ...වදින්නම්....එපා...මට....බෑනෙ...මට ඌ නැතුව ජීවත් වෙන්ඩ බෑනෙ....මට...බෑ....මට තනිවෙන්ඩ බෑ...

මම ආයම ඇඩුවා...මට තනිවෙන්න බෑ ගගා ඇඩුවා...එයා මාව දාලා යන්න බෑ කිය කිය ඇඩුවා...නොදන්න මූනු ගොඩක් සැරින් සැරේ ඇවිදින් යනකොට ඒ ආපු හැමෝම කෙරුවෙ අපි දෙන්නව වෙන් කරන්න....

එයා එහෙන් අඩනවා...මම මෙහෙන් අඩනවා...ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඇවිත් මගෙ හිත හැදුවා..ඒත් කාටත් බැරි උනා මා එක්ක නවතින්ඩ....ඒ හැමෝම විනාඩියෙන් විනාඩිය ඇවිදින් පෙනි පෙනි ගියා මිසක්කා කාටත් බැරි උනා මා එක්ක නවතින්න.....

මැනිකේ....අනෙ.....වේදනාවයි....වේදනාවයි...මගෙ ඔලුව පුපුරන්ඩ වේදනාවයි...

අනේ..අග්නී.....

එයා ආයම කෑ ගැහුවා...එයාව පිච්චෙනවා...අනේ දෙයියනේ...එයාව මගෙ ඇස් පනා පිටම පිච්චෙනවා...එයා ඇකිලෙනවා.....දනහිස් අල්ලන් එයා නැවුනා...එයා කියනවා....ඔලුව පුපුරන්න තරන් වේදනාවයි කියලා ...

මට බෑ....මට බෑ.....අනේ...වදින්...නම්....මාව..මැරෙයි....

මම නැගිටින්න හැදුවා...බලන්න බය හිතෙනම දෙයක් ඇස් වහන්න වත් නොදි ඇහි පිහාටු කපලා...ඇහි පියන් කපලා බලෙන් පෙන්නුවා හා සමාන කතාවක් පබලු ඇටෙන් ඇටෙ අමුනනකොට මගෙ ඇස් වලට පේන්න ගන්නකොට මම වැන්දා..තව බැහැයි කියලා ...ඒ මුලු කතාවෙම....අග්නි ශිවන් කෙරුවෙ අඩපු එක...ඒ කතාව පුරාවටම තිබුනෙ අග්නි අඩපු එක...ශිවන් අග්නිව හොයා ගන්නකම්ම අග්නි කෙරුවෙ අඩපු එක....හූල්ලපු එක....මැනිකෙ කියලා ආදරෙන් බලපු ඇස්වල තිබුනෙම කදුලු විතරක්ම වෙනකොට තවත් නම් මට පබලු අමුනන්න බැරිව මගෙ ඇගිලි අත පය සර්වාංගෙම වෙව්ලන්න ගත්තා විතරක් නෙවෙ මට වෙන දේවල්..මං විදින දුක...අග්නි නැතිව මං තනිවෙන හැටි...අග්නි අඩ අඩ මාව හොය හොය එන හැටි මගෙ ඇස් පනාපිට චිත්‍රපටියක් වගේ පේනකොට මම පපුව අල්ලන් ඇඩුවා ...

පින්...අයිති ..වෙයි..මට බෑ....අනේ..බෑ...

මං නැගිට්ටා ...ඒත් මගෙ කකුල් පම නැතුව ආයම මාව වැටුනා මොකද ඒ වෙනකොට මට ඇත්තටම ඇවිදින්න බැරි වෙලා උන්නා....

උඹට මේක ...මේ ගැට ලිහලා අදාල කෙනාට අදාල කෙනාව දෙනකන් ...මේ වේදනා විදින්න වේවි....

වෙදාගෙ මූන මේ වෙනකොට වෙනස් වෙලා තිබ්බා ...එතන වෙදා වෙනුවට උන්නෙ ගෑනියෙක් වෙනකොට ඒ මූනම අර පබලු වැල අස්සෙ තිබුන කතාවෙත් තියනකොට මගෙ පපුව හිර වෙන්න ආවා ...මං කට ඇරිය ..ගොත ගගහා මම කියන්න හැදුවා ...ඒත් ඒ වෙනකොට මට කටහඩ තිබුන් නෑ...

ලියපන් ...මේ ඔක්කොම ලියපන් ...

එයා ආයම මට ලියන්න කියනකොට කටහඩත් නැති උන...ඇවිදගන්නත් බැරි උන මට අතේ ඇගිලි දිගාරින්න බැරි උනා....මගෙ අතේ ඇගිලි බලාගන ඉන්නකොට ඇකිලිලා යන්න ගත්තා ....ඇස්වලින් වැටෙන කදුලු ඇරුනම වෙන මොකුත් නැති වෙනකොට වෙදා වෙනුවට එතනඋන්න ගෑනි....පබලු වැල අස්සෙ උන්න ගෑනි මගෙ අත අල්ලවන් මම දකින දේ ලියවනකොට මං තව තව අවසිහිය උනා.....

මං ඇඩුවා ...මට අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නැති උනා ....තත්තපරයක් ගෙවෙන්න කල්පයක් තරම් වෙලාවක් ගියා...ඔරලොසුවෙ කටු කැරකෙන්නෙත් හිමිහිට වෙනකොට මෙච්චර වෙලාම අමුනපු කලු පාට පබලු වෙනුවට ලා පාට පබලු අමුනන්න ගන්නකොට මගෙ අත පය ආය ආයම ලිහිල් උන්නා.....ටිකෙන් ටික පබලු ඇට සුදු පාට වෙනකොට අඩපු මං හිනා වෙන්න ගත්තා ....වේදනාවෙ කදුලු වෙනුවට මං සතුටු කදුලු හැලුවා .....පුංචි පැටියෙක් අඩන සද්දයක් ...එක්ක මං හිනා වෙන හැටි මං බලන් උන්නා....

මගෙ හදවත ආය ටික ටික සංසුන් වෙන්න ගත්තා ...ඇවිදගන්න බැරි උන කකුල් ආයම දිගෑරුනා...මම දැන්හිනා වෙනවා ....හෝරා ගානක් දුක් විදපු මං පබලු වැලේ අවසාන හරියට ලන් වෙනකොට කහ පාට පිටු ගොඩාක් මේ වෙනකොට මගෙ අකුරු වලින් පිරිලා ගියා....මන් චුට්ට චුට්ට හිනා උනා....අග්නී.....අග්නී...ආයම ඉන්නවා ....

අග්නී...

මං කෑ ගැහුවා ..ගැට ගැහිලා තිබුන හැම ගැටයක්ම ලෙහිලා ඇද නැති දිගම දිග පබලු වැලක් ගෙතිලා තිබුනා.....මං නවතින්නෙම නැතිව ගෙතුවා ...කිරි පබලු වලින් කිරි සුවද පවා ආවා...

අග්නි ඉන්නවා ....මාව තුරුල් කරන්...අවසානෙදි පබලුවක් අස්සෙ උන්න හැම කෙනෙක්ම තමන්ට අයිති තැන හොයන් ඉන්නකොට මං සාරාන්‍යව දැක්කා ...

අක්බඹරු කොන්ඩෙ...හිනාවෙනකොට වල ගැහෙන කම්මුල්.....නල දත් ....සාරාන්‍යා ඉන්නවා ...ඒත්....ඒක....

මම වෙදමහත්තයා දිහා බැලුවා.....පුදුමයි....දැන් මෙතන උන්නෙ ආයමත් වෙද මහත්තයා ...අර ගෑනු කෙනා නෙවෙ .....

එපා.....ඒක හිතේම තියාගනින්.....උඹව අයිති ඒකිටවත් ...ඒකිව අයිති උඹටවත් නෙවෙ ...

අවසානෙදි මම පපුව පිරෙන්න හුස්ම ඇල්ලුවා...වේදනාවක් එක්ක අමුනන්න ගත්තු පබලු වැලේ අවසානෙදි තිබුන කිරි පබලු කිරි සුවද එක්ක මගෙ මූනට හිනාවක් ගේනකොට විශ්වාස කරන්න අමාරුම දේවල් මේ මාලෙ ඇතුලෙ හැංගිලා තිබුනා.....

මේ හැම දරුවෙක්ම...

උඹලගෙ ....උඹට දැන් තේරෙනවනෙ...ශිවන්....උඹ අද ඉදන් අග්නි වෙනුවෙන් පේ වෙන්න ඕනා.....සරන්‍යා ....කව්ද....කියන්න උඹ දන්නව.....අදින් පස්සෙ...මෙ මොහොතෙන් පස්සෙ .....උඹට එයා ගැන වේදනාවක් දැනෙන්නෙ නැති වේවි.....මොකද...උඹ දැන් ඇත්ත දන්නවා...

උඹ මේ සම්පූරනම මාලෙ හරි ගැස්සුවා....අග්නිගෙ හිතේ තියන ප්‍රාර්තනාව යතාර්තයක් කරන්න පුලුවන් එකම කෙනා උඹයි.....

මෙන්න මේ කඩදාසි....ඒ වගේම මේ මාලෙ..මං ආපහු ඔතනවා .....උඹ මේ ගෙයි පහුකරන් යනවා එක්කම දැකපු හැම දේම ආයම අමතක වේවි....ඒත්...උඹ මේන්න මේ දෙක අරන් සෙංකඩගලට යන්ඩ ඕනා....අන් උඹට තැනක් කියන්නම්...වලලපන්.....දලදාවට පලයන් ...ප්‍රාර්තනා කරපන්....අග්නි ප්‍රාර්තනා කරන්නෙ මොනවද ....ඒ දේ ඉශ්ට කරලා දෙන්ඩයි කියලා ප්‍රාර්තනා කරපන්....

කල්පයක් තිස්සෙ බලන් ඉන්නවා කියන එක....ලේසි නෑ...මේ හැම පබලු ඇටේකටම අයිතිකාරයො ඉන්නවා ...උඹට දැනටමත් එයින් දෙතුන් දෙනෙක් හම්බ උනා....

ශිවන්....උඹට ඒ වරය ගන්නම වෙනවා...අග්නි වෙනුවෙන් ..උඹ පින් කරන්න ඕනා...උඹවම ප්‍රාර්තනා කරපු අග්නි වෙනුවෙන් .....ක්ලපයක් තිස්සෙ උඹ ගාව ඉන්න අග්නි වෙනුවෙන් ...උඹ හැමදාකම ප්‍රාර්තනා කරන්න ඕනා ඒ හිතේ තියන ප්‍රාර්තනා යතාර්තයක් කරන්න ඕනා කියලා ..

මං අහන් උන්නා..අවසිහියෙන් උන්න මම ලියපු කොල ටික මටවත් පෙන්නන්නෙ නැතුව වෙද මහත්තයා ඒ ඔක්කොම මාලෙත් එක්කම සුදු රෙදිකඩකින් ගැට ගහලා මගෙ අතට දුන්නා...

මේ ගැට ලෙහෙනකන්...උඹ දැකපු හැම කෙනෙක්ම ඉපදි ඉපදි මැරුනා ...පින් පව් අපි පස්සෙම්ම එනවා...හැමදාම අග්නි උඹව හොයා ගත්තා ...අදින් පස්සෙ උඹ අග්නිව හොයන්න ඕනා.....ඌට සැනසීමක් දීපන් ...

මං බිත්තියට හේත්තු වෙලා ඉදන් උන්නා....

අවසානෙදි වෙදා නැගිටලා දොර ජනෙල් ඇරියා ....ඉර එලිය වෙනුවට ජනෙල් කූරු අස්සෙන් හද එලිය එනකොට හෝරා ගානක් මම වැරද්දක් හරි ගස්සලා තිබුනා.....

ඔය ලමයා අද මෙහෙ ඉදලා හෙට උදෙම්ම මං කියපු කාරනාව කොරන්ඩ යන්ඩ ඕනා ....එතනින් එහාට ඔය ලමයට වෙන්න කෙරෙන්න ඕන දේවල් මං කියන්නම්....ඇරත්...අර පුංචි එකාගෙ වෙලා පත්කඩේ වැරදි.....වෙන්ඩ තියන දේ නෙවෙ වෙලා තියෙන්නෙ....දලදාවට බාරයක් වෙලා දොස්තර මහත්තයා ගාවට ගිහින් බලපන් ...ප්‍රාතිහාර්‍ය කියන දේවල් කිය කිය වෙන්නෙ නෑ....දැන් ඉතින් ඔය දැකපුවා හිතන්ඩ ඕන් නෑ තව ඩිංග වෙලාවකින් ඔය ඔකෝම උඹට අමතක වෙනවා .....උඹ ඉස්සරහට හම්බෙන්නෙ කාටද ...උදව්වක් උපකාරයක් ඕනෙ කාටද දෙපාරක් නොහිතම උදව් කරපන්...ඒ පින් ඔක්කෝම අග්නිට දීපන්...

සීයා තාත්තේ...සීයා තාත්තෙ.....මෙ උක්කුන් පුතා එනවා .....

මං අර රෙදි කඩ අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා ..අග්නි ගැන ඇරුනම මං දැකපු හැම දේම මගෙ මතකෙන් වාශ්පවෙලා යන්න යනකොට උක්කුවා මේ පාර දොන්තෙට දොන්තෙ ඒකා එනවයි කියන්න ගාන්ටාරෙ ගහන් එනකොට වෙද මහත්තයා මගෙ අතේ තිබුන පොට්ටනිය අරන් බුදු කුටියෙන් තිබ්බා ....

සීයා තාත්තෙ...මේ උක්කුන් පුතා ආවා....අත්තම්මා කිව්වනෙ රෑ බත ලෑස්තියි එන්ඩ කියලා ....මේ ලමයට අර පහල කඩයප්පන් කඩෙන් ඉදිආප්ප ගිලින්ඩ හිතිලනෙ සීයා තාත්තෙ ....බලන්ඩකො ඉතින් හරි වැඩේ තමානේ....ම්

උඹගෙ මායන්....පලයන් ගිහින් බත් ඉල්ලන් කාපන්....

යෝහ්.....හැදෙන ලමයට සත්තිය එන්ඩ කන්ඩ දීපල්ලකො...ඇරත් මේ දකුනෙ බිබික්කමාටත් පාන් කියන්ඩ බෑ වගේ ඉන්නෙ....මේ ගෝතයගෙ දත් කැක්කුම් අල්ලයි අත්තම්මගෙ කෝරා හාල් බත් හපලා...මගෙ පුතුකියට බිත්තර ආප්පයක් වත් ගන්ඩ සල්ලි දියල්ලකෝ.....

උක්කුවා ...

යෝහ්....ඉතින්....කෑ ගහන්නෙ.....ඔච්චර බෙරිහන් නොදි කීයක් හරි දීපල්ලකො පුතේ...ඉදි ආප්පයක් වත් කන්ඩ ....

මන් උන්නෙ ඔලුව අත් දෙකෙම්ම බදාගන ..අරූ කිව්වා වගේම මට පාන් කියාගන්ඩ බැරිව උන්නේ...ඒ අස්සෙ ඌ මගෙ පිහිටෙන් එලිය බලන්ඩ හැදුවා .....කොහොමෙන් කොහොම හරි මේකා කටගහලා වෙදාගෙන් සල්ලි ඉල්ලන් විරිත්තුවා ...

සිවන් අයියේ ...

මොකක්.....???

ඇයි ...නම ඒක නේද....

ශිවන්....

මට ඔය ශ ශ ගාන්ඩ බෑ..හක්කෙ දත් කැක්කුමයි....මට පුලුවන් එක මම කියන්නෙ.....පිට පුපුරන්ඩ ගහන්ඩ කලින් මොනවද ඕනෙ කියපන් පුතේ....

මට මොකුත් එපා...

ඔන්න ඔන්න....මේ දකුනෙ බිජ්ජා සෝබනෙ දානවා...අපේ කිරි මහත්තයත් ඔහොම්මයි....ඒකගෙත් පුදුම ලොකුවක් තියෙන්නෙ...ඒ උනාට මේ ලමයා ඒකට ආදරෙයිනෙ.....කෝ ඉතින් කියපල්ලකො පුතේ . ...අපේ සීයා තාත්තා ගාව දපනෙ දාලා වැටුනම සත්තිය එපැයි.....

වෙද මහත්තයා යන්න ගියා ..අරූ මගෙ ගාව ඉදන් ආයම එක එක මගුල් කියවන්න ගත්තා ...ශිවන් වෙනුවට සිවන් කිව්වා ...උගෙ කිරි මහත්තයත් මන් වගේ කිව්වා ....ආයම මට කන්න කිව්ව....

මට කන්න බෑ....ඒ කඩෙ බොන්න මොනවා හරි තියනවද ...

අනෙ...නිසංකගෙ ආප්ප කඩේ ඉගුරු බියර් විතරයි තියෙන්නෙ.....ඇයි උඹලට හුගක් අමාරුද පුතේ ..ඔලුවත් කැක්කුමද...බඩ පපුවත් දනවද .....

නෑ එහෙම නෑ...මගෙ කටට අපුලයි...

ම්ම්ම්.....මන් දැන් යනවා....කැමති නම් එන්ඩ පුලුවන්

ඒකා මට ඌත් එක්ක කඩේ යන්න එනවද අහනකොට මන් ලාවට ඔලුව වැනුවා ඒකා හිනා උනා...

මන් නැගිට්ටා ...ඒ එක්කම මගෙ දනහිස් වේදනා දෙන්න ගත්තා ....

ආහ් ..ව්...

ඇයි .....පුතේ....උඹලට අමාරුද.....ම ගිහින් අරන් එන්නද...

නෑ...කකුල් හිරි වැටිලා....ඒකයි...

පරිස්සමින් .....ඔය වයසට කකුලක් වත් කැඩුනොත් ..

ඒ මුගෙ කට.....

පුතුකියෝ...පුතුකියෝ....කොහෙද පුතේ ඉන්නෙ ...මේ අම්මියා කඩේට යනවා .....ලමයෝහ්....කොහෙද කොල්ලො ඉන්නෙ...

මම ඒකගෙ පස්සෙන් එලියට ආවා..යන්න හදලත් මූ ආයම අර බලු පැටියට අඩ ගගහා නහින්න හදනකොට මන් මගෙ කොලු පැටියා ගැන අහන්න ආරාද්‍යට කෝල් එකක් ගත්තා ...

හෙලෝ....නිශ්මිකයා ....කොහෙද බන් ඉන්නෙ....

ගමනක් ආවා ....මට කියපන් කොල්ලා හොදින් නේද කියලා ...

පොඩි එකාට උඹ නැතුව පාලුද කොහෙද ...දවසෙම අප්පුච්චියො ගෑවා...පව් ....නංගි කන්න බොන්න දීලා නිදි කෙරෙව්වා ....

ම්න්....

ආරද්‍යගෙ වචන වලට පපුවට සැනසීමක් ගෙනාවා .පුංචි එකා දවසම අප්පච්චි ගෑවාලු....පව් ...

හා බන් මන් තියන්නම්...හෙට උදෙම්ම එන්නම් ....

යෝ...හ් ..පුතුකියෝ.....අම්මියට ඔහොම වද දෙන්න එපා පුතෙ...ඇත්තම්මා දැක්කොතින් විසුමක් වෙන්නෙ නෑ...අනෙ සිවන් අයියෙ මේ කොල්ලව අල්ල් ගනින් ඒයි මේ ලමයා අත්තම්මගෙ කොත්තමල්ලි වට්ටිය උඩ රීලනෙ ....යෝහ්....ඉතින්.....

නිශ්මිකයා.....උඹ.....උඹ ඔය කොහෙද ඉන්නෙ ...??

ලමයා ගැන අහන්න ගත්තු මම කෝල් එක කට් කරන්න හදනවා එක්කම උක්කුවා මහ අම්මන්ඩි වගෙ අර බලු පැටියව වඩණ් ඇවිත් මගෙ ඇගෙ ගහනකොට එහා පැත්තෙන් ලයින් එකේ උන්න ආරාද්‍ය කලබලෙන් වගෙ මන් කොහෙද ඉන්නෙ ඇහුවා ...

ඇයි ...?

ඇයි අහන්නෙ උඹ ඔය කොහෙද ඉන්නෙ කියපන්...

යෝ....පුතේ වරෙල්ලකො ...ඔය ගල්බාගෙ කනේ ගහන් ඉන්නෙ....

නිශ්මිකයා ..උඹ....උඹ ඔය ඉන්නෙ මගෙ උක්කුවගෙ ගෙදර නේද ...

මොකක්....මගෙ???උක්කුවගෙ.....?????!!!

😒ම්හුක්.....

මන් යනවා බුජියන්ඩ ඔය ලමයිනුත් බුජියන්ඩ.....ඇයි වදෙ ...

ම්හුක්😒😒

මීට මුව කායයියා!!!

Ferdeesha ❤️💚😘 ...

More Chapters