Cherreads

Chapter 22 - 22

ඇසල...

මේ එනවා මැනිකෙ ....

මගෙ මුලු හීන ලෝකෙම කෑවා....කෑවා කියන්නෙ කාලම දැම්මා....ඉන්ධර් හාමුගෙ ආදරේ පිරුන අකුරුවලට තුරුල් වෙලා උන්න මට සිද්ද උනේ මහ තැනගෙ අර කන්කරච්චලෙත් එක්ක මේ ලෝකෙට එන්න උන එක වෙනකොට මම ආයම අර කවි කොලෙ තව දහ වංගියක් වත් කියවන්න බලාගන ආපිට හතරට නවලා පොත ඇතුලෙන් දැම්මා....

හැබැයි...නිකන් නෙවෙ...

අනේ මං ඒ කොලේට හාදු කෝටියක් විතර තිබ්බා...මගෙ ඉන්ධර් කියලා හැටපාරක් විතර මිමිනුවා....අවසානෙදි මහ ලෝබ කමකින් ආපිට ඒ ආදරේ පොතේ පිටු අස්සෙ හංගලා මහ තැනව හොයන් යනකොට අනේ අම්මා පහල කුසියෙ හාල් වල කලු ඇට අහුලනවා....

අම්මෙ.....

අම්මව දැක්කා විතරයි මට මහ ගෑනිගෙ පනිවිඩෙ පවා අමතක උනා ....අනේ අම්මව තවත් ඇදිලා ගිහින්ද මන්දා..

අම්මෙ...

මං දෙවනි පාරටත් අම්මට කතා කෙරුවා අම්මා නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....

බොලාගෙ මහ එකා ඔන්න ඊයෙ ගෙදර ඇවිදින් අත පයෙ හයිය පෙන්නලය කියන්නෙ...

මාව රත් වෙලා ගියා....කොස් කඩන්න මායන් උන මහ මැනිකෙ අම්මා ගාව ඇතිල්ලෙන මගෙ දිහා බලලා අප්පච්චි ගෙදර ඇවිදින් අත පයේ හයිය පෙන්නලයි කියනවත් එක්කම මං බිම බලාගන හාල් ඇට ඇහින්ද අම්මගෙ නිකටින් ඇදලා වගේ අරගන මූන ඉස්සුවා.....

මහ එකා ගෙදරද කියපන්....

ඇසල.....

පුතෙ..ඇසල...අනේ ලොකු මැනිකෙ ....

කොල්ලො ඇසල....නැවතියන්.....

හාල් කුල්ල සීසිකඩ ගියා.....කලු ඇට විතරක් ඇහිද ඇහිද උන්න මගෙ අම්මට කුඹුරකම හාල් ඇහිදින්න වෙන තැනට මගෙ අත වැදුන කුල්ල වීසිවෙලා හාල ඇට සිසීකඩ යනකොට මං පහල කුසියෙන් කෙලිම්ම දිව්වෙ මගෙ දුප්පත් පැලට...

.අම්මගෙ ඇහැක් නිල් වෙලා...ලේ බැහැලා...යටි තොල එහෙම්ම පුපුරලා.....අනෙ දෙයියන් මං මෙහෙ ඉන්ධර් හාමුගෙ පපුව මැද නිවන හොයනකොට දේවදත්ත ඇවිදින් අම්මට සතර අපාය පෙන්නලා....

අප්පච්චි ....උඹ ගෙදරද .....

අන් කෑ ගැහුවා....හතර දිග් බාගෙම යට කරන් වාන්දාපු මහවැලියෙ රොන් මඩ වේලෙන්නත් කලියෙන් මං අලුයට හැංගුන ගිනි පුපුරු වගේ තිබුන ගිනි ගල් ආය ආය අලු අස්සෙන් රත් උනත් කමක් නෑය කියලා දිව්වා..නිකන් නෙවෙ...ගෙට ගොඩ වෙන්නත් කලියෙම්ම කෑ ගහගන.....

..අප්පච්චි ...අප්පච්චි උඹ ගෙදරද කියපන්....

අයියෙ....

කෝ මහ එකා...

බ්...බ්...බුදිනෙ....

බුදි....බුදි....බීලා...බීලා..ඇවිත්...බුදිද...

අනේ අයි..යේහ්....

අහකට පලයන් සුද්දි.....මාව මාරයා කරගන්ඩ එපා....

අනේ.....අම්මෙ....හ්.....අම්මෙ....එන්නකො.....අයියා...මහ එකාව මරන්ඩ..යන්නෙ...අම්මෙ.....හ්....

සුද්දියා පයට සෙරෙප්පු කබලක් වත් නැතිව පොල් වත්ත මැදින් වලව්වට දුවන්න ගත්තා ...ඒ එක්කම මං ගෙට ගොඩ උනා...

.බලන්න දෙයක් නෑ.....අනේ තිබ්න රෙදි පෙරෙදිටික වත් දාගන්න සන්තකේටම තිබුන පෙට්ටම කෑලි කෑලි වලට පලලා....අම්මට....අරුංගල් දෙකත් අරන් මාරු වෙලා...සල්ලි ඉවර උනහම ආපහු ගෙට බඩගාපු අප්පච්චි මැරිලා වගේ වලවල් හැරුන සාලෙ මැරිලා වගේ නිදාගන ඉන්නකොට ඇදිවත පවා ලෙහිලා ගිහින් තිබ්බා....

උඹට....උඹට ඇති අපලයක් නෑ අප්පච්චි ...අපිට ඉන්න එකම අපලෙ උඹ ...අපිට ඉන්න එකම අපලෙ උඹ...මං ගස් ගල් ගානෙ දුක් විද විද මහ එකා වගේ නැහෙන්ඩ එකම හේතුව් උඹ....

අ..නේ...ඇසල...ඇසල පුතේ.....ඇසල.....

අම්මගෙ කටහඩ...පොල් වත්ත මැදින් ඇහුනෙ අම්මගෙ කටහඩ වෙනකොට මං දත් මිටි කකා කුසියට දිව්වා...වෙනමොකටවත් නෙවෙ...කන මදයා වගේ බීගන උන්න අප්පච්චිගෙ වෙරිය බහින්නම මට අප්පච්චි ව ගෙයි මැදම නාවන්න ඕනා වෙනකොට අම්මගෙ කෑගැහිල්ල මැදම මං අර මැටි කලේ උස්සන් ගිහින් දපනේ දාන් උන්න අප්පච්චි ව මං සීතල වතුරෙන් නෑව්වා....අම්මා කෑ ගැහුවා...

...අනේ....ඇසල...!!!

...මො...මොකාද....තොපෙ...අම්ම$$###

බොන්ඩ කලයක් නැති බව දැන දැනම.මං මගෙ හිතේ උපන් කේන්තියටම වගේම ඉහවහ ගිය දුකටම අර කලේ මහ සද්දෙන් පොලවෙ ගැහුවා....

අප්පච්චි නැගිටපන්.....!!

මං හිතන්නෙ මගෙ කෑ ගැහිල්ල මුලු ඉරුගල්බන්ඩාර අඩවියටම ඇහෙන්න ඇති . .කරපිංචා නැටි ඔබාගන කන් හිල් වල පාලුව යවන අම්මා නංගි දැක්කම මට හිතුනෙම ජා‍තක කරන්ඩ ධාතුව දුන්න මහ එකාව ගෙයින් එලියට දාන්න වෙනකොට වතුර පාරත් එක්ක ඇහැරුන අප්පච්චි අපි හැමෝවම බඩ වෙන කුනුහර්ප ගොන්නක් කියන්නවත් එක්කම මං අප්පච්චි ගෙ අතින් ඇදන් එලියට ආවා...එලියට ආවා කියන්නෙ මං කෙලිම්ම අප්පච්චි ව මිදුලට තල්ලු කෙරුවා ....මගෙ හිතේ තිබුනෙ එසේ මෙසෙ තරහවක් නොවුනකොට අප්පච්චි කෙනෙක්ට අත උස්සන්න බැරි කමට මං ඉවසුවා මිසක මගෙ පපුව අස්සෙ තනිකරම විසුවියස් ගිනි කන්ද පිපිරුවා හා සමානවම ගිනි පුපුරු විසිවෙන්න ගත්තා ...

ඇසල....

.ඔව්...මං ඇසල....ඇසල තමයි යකො...මන් ඇසල...මොන ලබ්බටද මට උඹ ඒ තරම් ලස්සන නමක් දැම්මෙ අප්පච්චි ....පිපෙන්ඩ කලියෙන් උඹ මාව පර කරන බව දැන දැන..මොන ලබ්බටද අප්පච්චි මට මලක නමක් දැම්මෙ....????

උත්තර දීපන්.....උත්තර දීපන්...මෙච්චර දුකක් විදින්න දෙන්න බලාගන මට මල්වල නම් දැම්මෙ මොකටද යකො...උඹට දාන්න තිබුනනෙ මට ගලක නමක්.....ගහක නමක්....මෙච්චර වේදනාවක් මල් වලට විදින්න පුලුවන්ද අප්පච්චි ....උත්තර දීපන් යකො.....

අනේ..ඇසල...පුතෙ .. නවත්තපන්කො..... නවත්තපන්කො....

.

...නවත්තන්න ..මොනවා කියල නවත්තන්නද... .. සුද්දි...ගෙනෙන් උඹගෙ මහ එකාගෙ ඔය රෙදි කඩමාලු දෙක තුන .

රෙ...දි....රෙදි මං කොහෙ යන්ඩද ...ආ..යකො..ම්..මං....නන්දා...මූට. .කියපන්...මං...උගෙ...අප්පච්චි ...මං....උගෙ ..මහ...එකා...

.ඔව්...උඹට මහ එකා කියලා මතක් උනේ දැන්ද.....උඹට මේකිගෙ අරුංගලේ අරගන යනකොට .....කනමදයා වගේ බීගන ඇවිත් දර ඉපලක් වගේ උන්න අම්මට තලනකොට උඹ අපේ මහ එකා කියලා හිතුන් නැද්ද ආ අප්පච්චි කතා කරපන්...උඹයි මායි දෙන්නම සරමෙ පිහන්ඩ ඕන උන්... නිස්කාරනේ ජාතකවෙකා බලුදුක් විදිනවා.. උඹ අපිට වද දෙනවා....මං උඹ හන්දා දුක් විදිනවා....

පින් අයිතිවෙයි ...උඹ පලයන් අප්පච්චි ...උඹ...ඕනම...ගුබ්බෑයමක...

පලයන් ...උඹ...උඹ යමන් දෙයියො...උඹ හන්දා...මං මිනිමරුවෙක් වෙයි අප්පච්චි ...පලය..න්.....අනේ...බුදුන් වදින අත් එකතු කරලා උඹගෙම කකුල් දෙකත් වදින මගෙ කර පිට උඹගෙ පෙට්ටිය ගෙනියන්නවත්....හම්බකරල කන්ඩ දෙන මෙ අත් දෙකට මාංචු වට්ටන්නවත් එපා අප්පච්චි ...උඹ මට දුන්න ජාතකෙට හරි ගරු කරලා මන් මේ හරි ඉවසීමෙන් කියන්නෙ....අප්පච්චි ...පලයන්.....

ඇසල...මාව...අතෑරපන්....නන්දා...කියපන්න්...මූට කියපන්...මාව...අතරින්ඩ..කියලා ...තොපි...මෙ රත්නපාලගෙ හැටි තාම දන්නෙ නෑ.....

ඔව්..ඔව්...උඹගෙ...හැටි...මොකක්ද කියලා මං මේ අවුරුදු දහනමයටම හොයනවා අප්පච්චි ....හරියටම හොයා ගත්තු දාට...උඹගෙ බණවරයි මට කියන්ඩ වෙන්නෙ.....මොකද ..උඹ දැනටමත් මල්වඩම් නැතුවම අපි තුන් දෙනාව වලලා ඉවරයි යකෝ.....

මං කෑ ගැහුවා ඇස් වලින් පිට පනින කදුලු කැට එලියට පනින්නෙ මොන හේතුවටද කියන්න මටවත් හිතා ගන්න බැරි උනා.....වේදනාවටද...තරහවෙ අන්තෙන් ඉපදුන කදුලුද කියන්න මට තේරුම් ගන්න බැරිව යනකොට මං වෙව්ල වෙව්ල අප්පච්චිට ගෙයින් දොට්ට බහින්න කිව්වා...

මගෙ පපුව ගැහෙනවා. හැමදාම අහනකොට කියන්නෙම බේබින්හාමුට දාපු කොඩි විනේ අප්පච්චි පාගලා කියලා ....ඔව්...අපි විස්වාස කෙරුවා ....අන වින කොඩිවින අහු කපන්න පොට්ට කාසියක් වත් නැති අපි.. අමාවකට අවා බෝධිය නෑව්වා.....සුදු රෙදි කඩවල් ඉර ඉර බෝධියට භාර ගැට ගැහුවා රත්නපාලගෙ අපල දුරු වේවා ගගා උඩ ඉන්න තිස්තුන් කෝටියටම වද දුන්නා...

අවසානෙදි රත්නපාලගෙ දුරු උන අපලයක් නෑ භාර දරාගන්න බැරිව බෝ අත්ත දෙකට නැවුනා මිසක්...උඩ ඉන්න තිස්තුන් කෝටියම අපි වදිනකොටම කන්වලට පුලුන් කැටි ඔබා ගත්තා මිසක්.....

ඔව්..දෙයියොත් අහක බැලුවා....නිවනක් යන පාරට ඉදලක් වත් කැප නැති අත් දෙකෙන් මගෙ අප්පච්චි කොන තරම් ගිනි වතුර බැරල් ඉස්සුවා....කසාවතක් ගාව දන නවන්ඩ බැරි මගෙ බේබදු අප්පච්චි වරු ගනන් ගෝඩා වඩිය ගාව දන නැවුවා.....

මං ඇස් වල.කදුලු කැට පොදි ගහන්...අප්පච්චි දිහා බලන් උන්නා...ඉන්ධර් හාමුගෙ අපලෙට සින්න උනත්...

චන්ඩාලියක් වෙලා ඉපදුනත් අර පෙර පිනකට අශොකමාලට ලස්සන රූපයක් හම්බුනා වගේ...මටත් පෙර පිනකට බේබි හාමුගෙ ආදරේ උතුරන්න ලැබුනා..ඒ ඇරෙන්න....මටයි කියලා මේ ජීවිතේ කිසිම දවසක් සුභ නොවුනකොට මං අප්පච්චිගෙ පාට ගියපු සරුම් කෑලි දෙක තුන එක්ක කමිස දෙක තුන දහයෙ ටියුලිප් බෑග් එකට එබුවා.....

අප්පච්චි ....උඹ පලයන් අප්පච්චි ...නාවට කාරි නෑ. .ලුණු කැද බීලා හරි....අපි ඉන්නම්...උඹගෙ ගිනි වතුරෙ සැර...මගෙ අම්මා පිටුන් යවලා.....උඹ හදන්නෙ මාව අමනුස්සයෙක් කරගන්ඩ..මං බීපු කිරට නය වෙන්ඩ මනාප නෑ අප්පච්චි .....හතර වරිගෙම සංසාරෙන් එතෙර කරන්ඩ බලන් මට කසාවතක් වත් පොරවන් මේ නාරාවලෙන් උඩට යන්න බැ මගෙ අප්පච්චි ...බුදු වෙන්න ඔන්න මෙන්න තියලා ගෙදර ඉන්න ළමයි මතක් වෙච්ච අම්මලා බුදු බණෙන් මගින් නැගිටන් එනවා වගෙ....මට අත අරින්ඩ බැරි බැදීම් දෙකක් ගාව මං හරි අසරනයි.....ඒක හන්දා...උඹ පලයන් අප්පච්චි .....මොකද .....මං හරි ඉවසීමෙන් ඉන්නෙ.....හරිද....උඹ පලයන්.....කිව්වම අහලා..උඹ පලයන්.....

මං අප්පච්චිගෙ උරහෙට ඇන ඇන මං අප්පච්චිව වැට කඩුල්ල ගාවටම තල්ලු කරන් යනකොට අම්මයි සුද්දියයි මාව ඇද්දා....

ඇසල...අනේ..නවත්තපන්කො...

අයියෙ...අනේ...අප්පච්චි .....අප්පච්චි ව...එලෙව්වට කමක්...නෑ...උඹ...වරෙන්කො...අයියෙ... අපිට...මේ රත්නපාලයා එපා...අයියෙ....ඒත් උඹ වරෙන්කෝ...

උඹ මාව දැන් එලියට දානවා....

ඔව්...අප්පච්චි ...පලයන්...උඹට අපිට මෙ ගෙදර වසන්ඩ බෑ අප්පච්චි ...පලයන්....උඹ ගහපු පාරවල් වල සැර මකන්ඩ අම්මට පොට්ටනිය උඩ පොට්ටනි ගහලා තැව්වත් මදි...උඹ යමං...අප්පච්චි ..උඹ යමන්...

මං එච්චරයි කිව්වෙ...වතුර බේරුන අප්පච්චි අවසානෙදි මගෙ දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි ඇදුම් කඩමාල්ලත් අරගන යන්න යනකොට මං වැට කඩුල්ල ගාව හිටන් බලාගන උන්නා....

අයියෙ....

උඹ අහවල් එකටද අද ඉස්කෝලේ නොගියෙ සුද්දි???

මං ඇස් දෙක හීනි කෙරුවා ....අප්පච්චි ගියා විතරයි මගෙ වැලමියෙ එල්ලුන සුද්දි දිහා බලපු මං ඇයි ඉස්කෝලේ නොගියෙ අහනකොට ඒකි බිම බලගත්තා .....

අන් ගියෙ නෑනෙ....ඇසල....

.මං අහන්නෙ ඇයි කියලා ...උඹගෙන් මං ඇහුවෙ ඇයි නොගියෙ කියලා....

රූපසිංහ ටීච...පහසුකම් ගාස්තු ගෙනාවෙ නැති ලමයිට.....අම්මා එක්ක ලොකු සර් ගාවට එන්ඩ කිව්වනෙ .....

.......

මං කොහොමද අම්මා එක්ක යන්නෙ...අපිට ගෙවන්ඩ සල්ලි නෑනෙ...ඇරත්.....දැන් රූපසිංහ ටීචර් මට හරියට අරියාදු කරනවා අයියෙ....

අර මොකද...

කඩේ ණය කන්දම ගෙවාගන්ඩ ආඩම්බරේ තිබ්බට පහසුකම් ගාස්තු දෙන්ඩ බෑය කිව්වා....පුක කහන්ඩ නියපොතු නැති උනාට පොත්තෙ පාට නම් තියනවය කිව්වා...

මං ඉනට අත් දෙක තියා ගත්තා ....උදේ තිබුන ලපටි අවු රැල්ල දැන් නම් ඉලන්දාරියෙක් වෙලා තියනකොට අවු පූටකේ හන්දම මට දාඩිය දාන්ඩ ගත්තා ....බෙල්ලෙන් පටන් ගන්න දාඩිය බින්දු කොදු නාරටිය දිගේ පහලට ගිහින් අවසානෙදි හාමු මවාපු ස්වර්ගෙන් ඇතුලට යනකොට වෙනදා වගේ උඩ ඇදුම ගලවගන්න බැරි මං අසරන උනා...

කොහෙ ගලවන්ඩද.....මැනික දන්නවද...බෙල්ලෙන් පහල තියෙන්නෙම ස්වරග දොරටුව කියාපු ඉන්ධ හාමුගෙ හපන් කම් වල ලකුනු මගෙ ස්වර්ග දොරටුවලට අලුත් පාටක් ගාලා තිබුනා.....

ඇබිල්ල පාටයි ..හාමුගෙ දත් වැදුන හැම තැනම දැන් ඇඹිල්ල පාටයි...කෝපි පාට ලප පෙගිලා පෙගිලම කුරුම්බැට්ටි මූනවල් වෙලා තියනකොට මං කොහොම කියලා නම්...දොරටු අරින්නද....???

අයියෙ...අයියේ....හ්

ඇසල....අනේ පුතෙ නැවතියන්කො ඇසල....

අම්මයි සුද්දියි කෑ ගහනවා...වැට කඩුල්ල පැනපු මං කෙලිම්ම එලි බැස්සා...රූපසිංහ මිස් කියන්නෙ මුදලාලියගෙ ගෑනි.. ..ශිහ්..දරුවෙක් මල්ලෙක් නැති හන්දමද කොහෙදො ඒ ගෑනිට ලමයිගෙ හිත් තේරුම් ගන්න පුලුවන් කමක් තිබ්බෙම නෑ.....

මට දුකයි ඒකි ළමයි ඉස්සරහා කොන් වෙනකොට මට වේදනයි...ලේවලට ලේ කකියනවා කියන්නෙ නිකන් නෙවෙ වෙනකොට මම කෙලිම්ම ගුනෙ මාමව හොයන් දිව්වා ..මහතැනට කොස් ඕනා නම් ඒකිම ගස් බඩගාපු දෙන්....මට ඒකිගෙ කොසට වඩා වටින දෙවල් තියනවා.....

ගුනේ මාමෙ.....

....

ගුනේ මාමෙ.....

ගිනි පූටක අව්ව මැදම බොරලු පාර දිගේම දුවගන ආව මම රතුපාට ගලින් ගල බදින ගුනේ මාමව දැකලා කෑගැහුවා...

ආ...මේ ඇසලයනෙ....මං ඒත් බැලුවා මොකාද කියලා....මොකද බන් උඹ ඊයෙ පෙරේදා නාවෙ?

අනේ ගුනේ මාමෙ...ඉහට උඩින් වලව්වෙ වැඩ තිබුනා ..ඒකයි ගුනෙ මාමෙ නාවෙ.....

හැමදාම වගේ කට පුරාවටම බුලත් චප්පෙ කටේ ගහන් උන්න ගුනෙ මමා අව් කාස්ටකේ හන්දා ඇස් දෙකත් හීනිකරන් මගෙ දිහා බලන් ඉදලා කට කොනින් පෙරුන බුලත් කෙල පිට අල්ලෙන් පිහාගන රතුම රතු පාට බුලත් කෙල පාරක් ගැහුවා ..ඒ හරියම දැන් රතු පාටයි...

හ්ම්..හ්ම්...කාරි...නෑ...උඹට පුලුවන් එහෙනම් බදාම අනලා මට ගල් ටික ඇදල දෙන්න.....

මම ඔලුව වැනුවා...වෙනදට නම් අව් පූටකේට පිට පිච්චුනත් ඔලුව රදේ එයි කියන බයට මං ඔලුවට ඇදන් ඉන්න එක ගලවලා ඔලුවෙ ගැට ගැහගත්තා උනත් අද මගෙ ඔලුව හත් කඩකට පිපිරුවත් මං නෙවෙ ඇදන් ඉන්න එක ගැලෙව්වෙ ...

.ආ.....ඇසලයෝ...

ගුනේ මාමෙ.....

බදාම අන අන බාල්දියට පුරවපු මං සවල අතේ තියාගන ගුනේ මාමා දිහා බැලුවා.....නලලෙන් මතු උන දාඩිය බින්දු පෝලිමක් කනට ඉස්සරහින් පල්ලම් බහිනකොට පහු පහු වෙනකොට දාඩිය හන්දම මාව කහන්න ගත්තා උනත් හරි අමාරුවෙන් උන්න මං කොහොමත් සැටලයිට් එක උන ගුනේ මාමා අහන්න යන්නෙ කාගෙ හරි කුනක් කියන්න දන්න මං දාඩියෙන් පෙගුන බෙල්ල කසාගන බදාම සවලක් යකඩ පනිට්ටුවට දැම්මා...

ඔය....මහ හාමුලාට අයිතියි කියන අටේ කෑල්ල....

ම්ම්ම්...ඉතින්....

ඒකට අර ඇදුන පල හිලව්ව දැන් හොදද.....?

.පලහිලව්ව....???

මන් ඇස් දෙක හීනි කෙරුවා ...ගුනේ මාමා මටවත් මතක නැති මගුලක් කියවනකොට බදාම බාල්දි දෙක උස්සන් ආව මං බිමින් තියලා ගුනේ මාමා දිහා බලන් උන්නා....

ඇයි බන්...ඔය අටේ කෑල්ලටනේද...මහ හාමුගෙ අයියා...ධර්මෙ හාමු.....දත කන්නෙ ..වලව්වත් ඔය ධර්මේන්ද්‍රන් හාමුට නෙවෙය කියනවනෙ. ..ධර්මෙ හාමුට කියනවනෙ.. මහ හාමු මොකක්දෝ වංචාවකින් වලව්ව ලියා ගත්තය කියනවනෙ..

එහෙමද....අන් මන්දා....දන්නෙ නෑ ගුනෙ මමෙ.....

මේ යකා මොනවා කියනවද මන්දා...මං කොහොමද ඔය ඉඩකඩම් ගැන දන්නෙ.. අපි ඉන්නෙත් වලව්වේ වත්තෙ.. ඔව්වා අහන්න හොයන්න ගිහින් ඉන්න තැනත් නැතිකරගන්නද ඇරත්...ධර්මේන්ද්‍රන් හාමුයි....ධර්මෙ හාමුයි අයියා මලෝලා....ඉඩ කඩන්වලට කව්ද කා ගන්නෙ නැත්තෙ...

ඔය හේතුවටය කියන්නවනේ. .ධර්මෙ හාමුගෙ මැනිකෙ අනුලා මැනිකෙ ඔය කොඩිවිනේ කෙරුවෙ කියනවන්.....

හැබෑට....මේ ..අපේ බේබි හාමුග් ලොකු අම්මා...අනුලා මැනිකෙ.....

හ්ම්...හ්ම්.....

මන් නොසෑහෙන්න පුදුම උන වගේ ඇස් කන් ලොකු කරන් ඉදලා තවත් ගල් කැට දහය දොලහක් අරන් ඇවිත් පලන්චිය උඩින් තිබ්බා..... මට මොකටද අන වින...අනේ ..අපේ ගෙදර තියන අන විනේම මදිද. .... ????

එතනින් එහ මං කට පියෙව්වා ..මොකද ගුනේ මාමා ගාව තියන කෝප්පා ගාන හෝදන්න ගියෝතින් මේ ගේ හදන්න වෙන්නෙ විලියම්.කුමාරයත් රජ උනයින් පස්සෙ හන්දා මං මීක් නොගා ගිනි පූටකේ වැඩ කෙරුවා .....

නාඹර අව්ව...අවසානෙදි ඉලන්දාරියෙක් උනා...ඉලන්දාරියා මැදකදි

තලතුනාවෙක් උනා....හොරාවෙන් හෝරාව යනකොට ගෙදර නොගියපු මං ගුනේ මාමගෙ බත් ගෙඩියෙම්ම බඩ පුරවන් හරි හරියට ගල් ඇද ඇද බදාම ඇද්දෙ තලතුනා වෙච්ච ඉර අවසානෙදි මහල්ලෙක් වෙන්න කලියෙන් ගෙදර දුවාගන්න ඕනා හන්දා උනත් මට තලතුනා අව් රැල්ල වයසට යනකන් වත් යාගන්න බැරි උනා...

මහන්සී අත පය කොන්ද නෑ වගේ ඉන්ධර් හාමු කිව්වෙම ටිකක් ඇහැ පියවන්න කියලා ..ඒත් .කොහෙ කියලා නම් ඇහැ පියවන්නද...??...

.ආ කොල්ලො...උඹට අදම සල්ලි දෙන්නද....නැත්තන් සෙනසුරාද හැන්දෑවෙ ගන්නවද.....?

සිමෙන්ති වැදුන ආම්පන්න හෝද හෝද උන්න අගෙ දිහාවට හැරුන ගුනේ මාම අදම සල්ලි දෙන්න ඇහුවා....සතිය ගානෙ ගත්තම කීයක් හරි ඉතුරුයි දවස ගානෙ ගත්තම ආප්ප කෑවා වගේ....ඒත් දුප්පත් කමේ අඩියෙනුත් අඩියෙ උන්න මට ඉතිරි කරනවට වඩා ආප්ප කන එක සැපයි කියලා හිතෙනකොට මං කරගැට දාලා දාලා වේදනා දෙන අත් දෙක පිහිදගන අර සල්ලි කොල දෙක ගත්තෙම මහ නිදානයක් ගන්නවා හා සමාන වෙනකොට අවංකවම මට මම පව් කියලා හිතුනා....මට මන් ගැන අසරන කමක් දැනුනා.....

සුද්දී.....!!!

සිමෙන්ති බින්දු හැලුන කකුල් දෙක පුරාවටම බොරලු පාරෙ දූවිලි ඇලිලා ඇලිලා අවසානෙදි කකුල් දෙකම දූවීලි බදාමක් දැම්ම වගේ තිබුනා...වැට කඩුල්ල පනිනවත් එක්කම ගෙයි ඇතුලෙ තිබුන කුප්පි ලාම්පුවෙ නටන කහ දැල්ල දැකපු මං කෙලිම්ම සුද්දියට කතා කෙරිවෙ ....

සුද්දියා 

මේ පරිප්පු තෙල් දානවා...අයියෙ ....ගොරකත් දානවද කියපන්....

මං කුසියට ගියා....අඩ අන්දකාරෙ උනත් කිරිමඩ පාට මිදුලෙ ඇදලා තිබුන බට්ට කොටුවෙ කොටුවක් පැන පැනම ආව මං සුද්දියගෙ කටහඩත් එක්කම කුසියට යනකොට අරකි මහා අම්මන්ඩි වගෙ ඉනට අතකුත් ගහන් මොනවදො කූරු ගානවා.....

අයියෙ ලූනු ගෙඩියක් කපපන්කො.....

මං ලිපේ තිබුන හට්ටියට බෙල්ල දැම්මා...අනෙ අම්මෙ....පරිප්පු අඩු කෝප්පෙට මේකි ගගක් වගෙ වතුර තියලා....

ඕකෙ වතුර ටිකක් අඩු කරපිය ඔච්චර දාන්නෙ මසක්කන්ද තොට...පරිප්පුවක් උයාගන්ඩ බෑ.....

..ඌ.....ව්හ්..ගහන්නෙ.....

ඌව්ග් ගාන්නෙ...ගැට දෙක වන වන තව බට්ට පැනපන්.....

මහ වනචරයෙක්නෙ උඹ...ඒ උනාට....අයියෙ ...මේ....

උතුරන්න හිතලවත් නැති පරිප්පුව ඉවරයක් නැතුවම හැදිගාන සුද්දියගෙ පිටට ගහපු මං ළූනු වට්ටියට අත දාලා ළූනු ගෙඩියක් ගත්තා....සුද්දියා පොල් කටු හැන්ද ඉනට ගහන් මහ ගෑනි වගේ ඉදන් ඇස් කැරකෙව්වා.....මේකි මොකාටද එන්න හදන්නෙ 

මට තියෙන්නෙ ගැට උනෙ මං තාම පොඩි හන්දනෙ...

ඔන්න පටන් ගත්තා වනචරී වනචර කතා කියන්න.. උයපන් කියවන්නෙ නැතුව...

දැක්කනෙ...දැක්කනෙ...අර මුඩුම බිබික්කමාට මොනව හරි කියන්න යනකොට දැන් උඹට කොහෙවත් නැති අමාරුවක් ගහනවා....මං බලාගන...අපෙ..අප්පෙ..අයියෙ ..

බිබික්කමා යකඩ කදන් වත් උස්සලද....

මට නිකන් මොකක්ද වෙලා ගියා.. . ....සුද්දියා මගෙ ඉන්ධර්ගෙ පපුව ගැන කියනවත් එක්කම මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා ගියා අනේ ඇත්තටම ඒ පපුව හරි සනීපයි...අර හයිය අත් වලින් පපුවට තෙරපගන්නකොට ඉන්ධර් හාමු කියනවත් වගේ මං නිර්වාන දොරටුව ගාව ඒ උනුසුම වින්දා.....

මැනික තුරුල් වෙනවද පපුවට අහනකොට මං හිත යටින් මා එක්කම ඊරිසියාවෙ පැලුනා...

උඹ ඔය මොන මගුලද ළූනු ගෙඩිය කොනිති ගගහා හිතන්නෙ...කපපන්කො...අනේද ඉතින්....බිබික්කමගෙ පපුව ගැන කිව්වා විතරයි සන්නිය ගහලා....හිටපන්කො...අම්මා ආවම කියන්නම්....

.විකාර..ගනින් ඔය අමු මිරිස් කරල.....

මං සුද්දියට බැනලා මිරිස් කරලක් ඉල්ලුවා.....

ආ සුද්දි.....බේබි හාමු ගෙනාව බඩු ඔක්කොම ඉවරද????

 

පරිප්පුව උයාගන්න බැරි ඒකිට ඔලුවට ඇන ඇන උයන්න උගන්නපු මං අවසානෙදි එදා ඉන්ධර් හාමු ගෙනාව බඩු මූට්ටු අස්සෙ තිබුන සෑහෙන්න හිස් ප්‍රමානෙ බලලා බඩු ඔක්කොම ඉවරද අහනකොට ඒකි බිම බලාගත්තා ....

සුද්දි... 

අයියෙ...උඹ...අද...රෑට...නොයා ඉන්නවද...

ඇයි මැනිකෙ...මෙ.....කදුලු ....කියපන්කො අයියට...මක්කද උනේ.....

ඒකිගෙ බෝල ඇස්වලට එකපාරම කදුලු පිරුනා.....උම්මලකඩ හොද්දයි මිරිස් කායන් වෙන්න දාපු පරිප්පු එකයි එක්ක රතු බත් මුට්ටිය ලිප් ගල් උඩ නැගන් දුකෙන් වහෙ බිම බලාගන ඉන්නකොට මං සුද්දිව ලගට ගත්තා .....

කියපන්...මක්කද උනෙ.....

අප්පච්චි ....ඊයෙ. රෑ...අම්මට...හොදටෝම තැලුවා...සල්ලි ඉල්ලුවා..නෑය කිව්ව කියලා අම්මට ...හොදටෝම තලලා.....හාමු දුන්න බඩු මුට්ටු...ආපිට...

ඇයි මාව හොයන් නාවෙ....

මට එතනින් එහා කතාව පැහැදිලි උනා....බොන්ඩ පනම හොයාගන අප්පච්චි ඉන්ධර් හාමු ගෙනාව බඩු මුට්ටු ආපිට විකුනලා.....මට අම්මා ගැන දුක හිතුනා...සුද්දි ගැන බය හිතුනා....

අප්පච්චි මොකා එක්කද ආවෙ කියපන්?...

තනියෙන්....

ම්ම්ම්....ම්ම්ම්....

උඹ අද ඉදින්කො ඇසලයො...පාලුයිනෙ....කවුරුත් නෑත් එක්කනෙ....

මන් ඒකිගෙ ඔලුව අතගෑවා..එහෙන් ඉන්ධර් .....මේ පැත්තෙන් සුද්දි....ඒකි පව්..අම්මා එක්ක තට්ට තනියම ....මං අවසානෙදි හා කියලා කියන්න ඔලුව වැනුවා .....

උඹට මං කියල තියනවා නේ චීත්තයක් ඇදපන් කියලා තාම බැනියමයි ජංගි කොටෙයි පිටින් නාන්නෙ ...

නැහිලා...නැහිලා ආව මට බඩගින්න ඉවසන්නම බැරි තැන මඩක්කුවට බත් ටිකක් බෙදාගන කන්න ඉදගන්නව එක්කම මං බලාගන සුද්දියා අඩ අන්දකාරෙ ගහන ලිද ගාවට දුවනවා..අනේ බේබි හාමුට පින් අයිති වෙන්න වතුර ටික නම් එනවා ආය සරුසාරෙට ...

පව්.....ඒකිට....

පහසුකම් ගාස්තුව අතට මිටමොලවලා හෙට ඉස්කෝලේ යමං කියනවත් එක්කම ඒකි හරි අහිංසක විදිහට හිනා උන හැටි මතක් උන මං මිරිස් තලියක් විතර දාලා උයපු ඒකිගෙ පරිප්පුවයි...උම්මලකඩයි ..තනියට කියලා කපාගත්තු රටලූනු කෑල්ලයි එක්ක හිමින් හිමින් බත් කන්න ගත්තා ....

එක කටක්...කාපු මට ඊලග කට කාගන්නත් ඉවසුමක් නැතිවෙනකොට බත් කටට අනලා කටේ දාගන්නවත් එක්කම කවුරු හරි මට කතා කෙරුවා .....මාව ගැස්සිලා ගියා

හිගන පැටියා මගෙ....

බ්..බ්..බේබි හාමු....

මැනික බඩගින්නෙ වගෙ හොදටෝම .....

මං ඉදගන උන්න බන්කුවෙන් ඉද්ද ගැහුවා වගෙ නැගිට්ටා ....තවමත් ඇදුමක් වත් මාරු නොකරපු ඉන්ධර් හාමු උන්නෙ මගෙ දුප්පත් ගෙදර කුසිය අස්සෙ වෙනකොට මං අනාපු බත් කට අතේ තියන් බලන් ඉන්නකොට එයා තවත් අඩියක් ලගට ආවා...

කටක් කවන්නද....ඉන්ධර්....

මනාපයි...කවදනවද මැනිකගෙ අතිම්ම.....

 ඇයිද මන්දා මං ඒක ඇහුවෙ....ඇහුවෙ නෑ..අනේ මට ඒක ඉබේටම හාමුගෙන් ඇහුනා.....කටක් කවන්නද අහනවත් එක්කම උසට උසේ ඉන්න ඉන්ධර් හාමු උස මදි හන්දම මගෙ දිහාවට පහත්වෙනකොට අනේ..මං මගෙ ජීවිතෙටම පලවෙනි පාරට බේබි හාමුට බත් කටක් කැව්වා.... 

රසද...හාමු...

ම්ම්ම්...රසයි....

මං තව කටක් ඇනුවා...අනෙ මට දුක හිතුනා...මොනවා හරි කරගන්නම් කිව්වට හිස් බඩ වගෙ ඇවිදින් තියෙන්නෙ කියලා දැනුන මං මඩක්කුවෙ තිබුන බත් ඔක්කොම ඉන්ධර් හාමුට කදවනකොට අනෙ පරිප්පුවෙ සැර හන්දම මගෙ බිබික්කමට හොටු පෙරුනා...

ඇතිද බේබි හාමු....

ම්ම්...මං හින්දා උඹ බඩගින්නෙනෙ...

අනෙ නෑ හාමු මං කෑවනෙ...

ගුරුලේත්තුවෙ තිබුන සීතල වතුර පොල්කටුවක් පිරෙන්න වතුර බීපු ඉන්ධර් හාමු අත පිහ පිහ උන්න මාව එකපාරම පිටිපස්සෙන් තුරුල් කරගත්තා .....අනේ ඉතින් මේ සුවද මට කොයි තරම් මතක් උනාද .....

පාලුයිද මගෙ මැනිකට ම්ම්ම්ම්ම්....

බේබි හාමු ...

මතක් උනේ නැද්ද සුදු මහත්තයව.....

.....

මගෙ ඇහැල මල උඹ...හැබැයි ඉතින්....අද නම් කිලිටි මල උඹ....

 ඇගපත හෝදගත්තු සුද්දියා ගෙට වෙලා ලාම්පු එලියෙන් පාඩම් කරනකොට හුන්ඩුවක් සයිස් කුසිය ඇතුලෙ ඉන්ධර් හාමු මාව තුරුල් කරන් උන්නා...දැන් ඉතින් තියෙන්නෙ හාමුගෙ වචන එක්ක දිය වෙන්න.....

මගෙ ඇහල මල උඹ...මට කියපන්...මක්කද මේ ඇස් මේ තරම් මැලවෙන්ඩ කාරනාව....

මං බිම බලාගත්තා ...මන් ගුනෙ මාමා එක්ක වැඩට ගියා කියලා කියාගන්න බැරිව මං බිම බලාගත්තා .....

උඹ අදත් ගල් එක්ක ඔට්ටු අල්ලන්න ගියාද ඇසල...

........

මනාපයක් නෑ ඇසල උඹ මේතරම් විදවනවට .....මේ අත් තියෙන්න ඕනෙ....සිනිදුවට නෙ ම්ම්ම්...කොරොස් කටු ගාව හැහීම් අල්පයයි ඇසල....මට ඕනෙ මෙ අත් සිනිදු වෙන්න.....උඹම කූද්දලා...ඉහල නගින අතට තදවෙන හැගීම් පිරිමදින්නම ඕනෙ සිනිදු අතකිනුයි ඇසල.....කාරි නෑ මෙ අත්වල තියෙන්නෙ පවුල් බරනෙ...මට තේරෙනව මයෙ අම්මව...

බේබි හාමු...

මගෙ ගොරහැඩි අත් දෙක දිහා බලන් උන්න ඉන්ධර් හාමු දිහා බැලුව මං හිමීට මිමිනුවා ....

හාමු...අමනාපයක් නැති නම්.....මං අද මෙහෙ නවතින්නද බේබි හාමු.....

මෙච්චර වෙලාම දිස්නෙ ගගහා උන්න ඇස් දෙක මැල උනා....මෙච්චර වෙලාවම මගෙ ගාව්ද් උන්න ඒ මූන වෙනස් උනා.....අනෙ හානුට දුක හිතුනා වත්ද...

සුවදයි මැගෙ මැනික ගාව.....

.අනේ...බේ.බි...හාමු...

මට එකපාරම ජනෙල් කූරු මිරිකුනා...මූන මැලකරන් උන්න ඉන්ධර් හාමු එක්ක ආපිට වලව්වට ඇවිදින් හෝරා දෙකතුනකුත් පහුවෙනකොට මං තට්ට තනීයම කාමරේට වෙලා අන්දකාර උන පොල් වත්ත කෙරවලෙ තිබුන මගෙ ගෙදර දිහා බලන් උන්නා...

කනමැදිරි එලියක් තරම් ලාම්පු එලියක් විතරයි ... පායපු හදෙ එලිය එක්ක ඒ වටපිටාවම අඩ අන්දකාරයි .....

මගෙ කල්පනාව තිබුනෙ ඈත තිබුන ගෙදර ගාව වෙනකොට එකපාරම බෙල්ලට දැනුන කිතියක් එක්ක මාව හිරි වැටිලා ගියා.....

මගෙ ඇහල මල උඹ...

අදත් වටකුරු හද පායලා.....හද එලිය ඇවිදින් ලෝබ කමක් නැතිවම ඉරුගල්බන්ඩාර වලව්වෙ මිදුලට වැටෙනකොට ඒ හද එලියම අදත් හීනි හුලගන එනකන් මග බලන් උන්න ඇහැල මල් උඩටයි...හාමුගෙ ඇද උඩටයි වැටිලා තියනකොට මෙච්චර වෙලාම පස්ස හරවන් උන්න මං හිමින් සැරෙ ඉස්සරහ හැරුනා.....

බේබි හාමු නාලා...අදත් අර ගිනි රතු පාට තුවාට ඉනට ඇදන් උන්න ඉන්ධර් හාමුගෙ පලල් පපුව පුරාවටම වතුර බින්දු ඉතිරි වෙලා තිබුනා වගේම තැනින් තැන වගේම ඒ පලල් උරහිස් පුරාවටම මගෙ දත් පාරවල් හිටලා ඒ ඔක්කෝම ඇබිල්ල පාට ගහලා තිබුනා...

පේනවද මැනිකගෙ චන්ඩකම් වල තරම....ම්ම්ම්ම්.....

 මගෙ මුන රතු උනා...අඩ නිරුවතින් උන්න ඉන්ධර් හාමුව කහපාට හද එලිය ඇවිත් හාදු තියනකොට උරහිස්වල..වගේම පලල් පපුව පුරාවටම තිබුන දත් පාරවල්... දිහා බලපු ඉන්ධර් හාමු හිමින් සැරෙ මුමුනනකොට මං ලැජ්ජාවටම අහක බැලුවා....කොටින්ම..මේ තත්පර ගානකට කලියෙන් ලමිස්සියෙක් උන හද දිහා බැලුවා. . 

ලස්සනයි....

බේබි හාමු....

හද එලිය වැටුනම...මගෙ ඇහල මල ලස්සනයි...

.

මං හිනා උනා....මට ලැජ්ජ හිතුනා.....හද එලිය වැටුනම මගෙ ඇහල මල ලස්සනයු කියපු ඉනධර් හාමු අත් දෙකෙම්ම අර තුවායෙ ගැටේ ආයාම තද කරනකොට මහ වැලියෙ බැමි බිදින පිරිමි ඇගටයන පාර ගාව මගෙ ඇස් නැවතුනා....

රෝම කූප පෝලිමයි ....තිරිවානා පාට යටු බඩෙ ඉදන් වතුර බින්දු හැංගෙන නාභියට වෙනකන් තිබුන තදම කලු රෝම කූප කෙරුවෙම වාන් බැම්මෙ යතුර ගැන ආසාවක් ඇති කරපු එක වෙනකොට මන් හිම්න් සැරෙ අහක බලා ගත්තා ...

 තහංචියක් නෑ... ඩිංගක් විතර බලන් උන්නට.....මැනිකගෙ තමයි ඉතින්...

 මගෙ කන් දෙක දැන් නෑ වගේ...අනේ..පටන් ගත්තු තැනම මගෙ කන් ගිනි ගන්නවාඅ..... මේ දැන් නාවලා ගෙට ගත්තු ලමිස්සියෙක් උන හද එලිය අපිටත් හොර හොරාවට මෝරන්න ගන්න කොට ඉන්ධර් හාමුට මගෙ ඇස් දෙක අහුවෙලා තිබුනා....

මනාප නැතිද මැනික ඩිංගකට පපුවට තුරුල් වෙන්න...ම්ම්ම්ම්

මගෙ ගාවට ලන් උන ඉන්ධර් හාමු කෙරුවෙ අඩ නිරුවත පෙන්න පෙන්න මගෙ ගමන කල් දදා මාව මුලා කරපු එක වෙනකොට මට අයිති පලල් පපුව අයිති කරගන උන්න වතුර බ්න්දු එක්ක පවා ඊරිසියාකාර කම් කර කර උන්න මට හාමුගෙ පපුව මැදට තුරුල් වෙනකොට අමතක උනා තවත් කෙනෙක් අපි එක්ක ඉන්නවා කියන්න.....

හැමදාම වගේ....අමරදේව මාස්ටර් ....මගෙ ඉන්ධර් ආසම අධි මාත්‍රා වෙනකොට මම ඒ පපුවට තුරුල් වෙන හැටි බලන් උන්න හදට ඊරිසියා හිතිලද...නැතිනම් ලැජ්ජා හිතිලද කොහෙද ඒ ලගින්ම පාවෙවී ගියපු වලකුල අරගන මූන වහගත්තා .....

 මගෙ ඇහල මල උඹ.....අමනාපයක් නැත්තන් ....මැනිකට හාදුවක් තියන්නද ම්ම්ම්.....දන්නවද.....මතක් උනා උඹව නොසෑහෙන්න....දාලා ගියෙ අපරාදෙ කියලා හිතෙන්න....

බේබි හා..මු....

ම්ම්ම්.....හාදුවක් තියන්නද....හිනා වෙනකොට හිනා වෙන මේ ඇස් දෙකට ම්ම්ම්...දන්නවද මැනික.....උබට තියෙන්නෙම හිනා වෙන ඇස් දෙකක්.....හිනා වෙනකොට හීනි වෙලා යනවා...ඒත්..මේ ඇස්ම...අර ඇද උඩම මට කිව්වෙ වෙනම කතා වෙනකොට ....මගෙ හිත අදත් කියන්නෙම....අඩවන් වෙන ඇස්...වලට අදත් කතා කරන්න ඉඩ දීපන් කියලා .....

......

මගෙ හෝපලු මල උඹ...ඇයි මැනික...හද එලියට උඹ මෙච්චර ලස්සන ම්ම්ම්....අපරාදෙ මට තිබුනෙ ඉන්ධර් නොවී සාලිය වෙන්න.....එහෙම උනා නම්...උඹ මගෙ අසෝකමාලා .....

දන්නවද.....ඊරිසියයි මට....නොසෑහෙන්න...මගෙ බව..දැන...දැනත්....මට....ඊරිසියයි...

නොසෑහෙන්න .....එහෙනම්....මං නලලෙන් පටන් ගන්නද....ම්ම්ම්....ඊට පස්සෙ ..මේ දිලිසෙන ඇස් දෙක...මෙ නහය පොඩ්ඩ....එතනින් එහා නම්...මගෙ හෝපලු මල චුට්ටක් විතර මේ ඉන්ධර්ව නිවන හාදුව.....එතනින් එහා ගියෝතින් වෙන්නෙම මට උඹව තලන්න....බෙල්ලෙන් පහලට ගියත් මේ කෝපි පාට ලප කරන්නෙම මාව අවුස්සන එක....මගෙ සීලේ බිදින එක....ඒත්....ඊයෙත් තලලා...අදත් තැලුවොතින්...රස අඩුවෙයිද ඇසල....

 අන බේබි හාමු...ඔය මදැයි....අනේ ගෙදර යන එක නවත්තලා උඹ කරන්නෙ ..අදත් මට පිස්සු හදවන්න...

මං ඇස් දෙක පියාගත්තා ...මොකද ..අනේ මීටත් වඩා නම් මට බෑ කියලා හිතුනා...ඉන්ධර් හාමුගෙ අඩ නිරුවතට තුරුල් වෙලා උන්න මං තවත් නම් දරන්න බැරිම තැන ඇස් දෙක පියාගත්තා .. ..හීනි ඉග වටෙ හාමුගෙ හයිය අත පැටලුනා මදිවට...ඇගට තද කරගත්තු තද කරගැනිල්ලටම....හාමුගෙ ගිනිගල් මැද තිබුන වාන් දොරටුවෙ යතුර මගෙ ඇගට තද වෙනකොට හාදුවක් හන්දා මං මේ වෙනකොටත් මගෙ සිහිය නැතිකරන් උන්නා....

නලලට තියපු හාදුව කොයි තරම් ආදරනීයද කියනවා නම්...හාදුව ඉවර උනෙත් මගෙ මැනික කියාගන වෙනකොට හිනා වෙන ඇස් වලට හාදුවක් තියාපු ඉන්ධර් හාමු මගෙ නහයට ඇබිත්තන් හාදුවක් තියලා..හාමුව නිවන හාදුව ගාවදි මං අහගන අමරදේව මාස්ටර් අපි දෙන්නගෙ ආල වදන් හද අහගන ඉන්න බවට අදත් කේලමක් කිව්වා...හැබැයි ..ඒකත් හරි තාලෙකට....

 

සඳ හොරෙන්...හොරෙන්...හොරෙන්....න්

වළා රොදක සැගවිලා.. 

අපේ මියුරු..පෙම් කතා...අසා...සිටිනව....

අසා...සිටිනවා....

මගෙ ඍතුව උඹ...

මහන්සිද මැනිකට.....ම්ම්ම්...හාදු තියලම.....

තත්පර විනාඩි උනා....ඉන්ධර් හාමුගෙ පලල පපුවෙ ගිලුන මම හාදුවෙ ගැඹුරයි හාමු හොයා ගත්තු නිවනෙ තරමයි දරාගන්න බැරුව අවසානෙදි ඉන්ධර් හාමුගෙ බෙල්ලෙ එල්ලෙනකොට එයා මාව එහෙම්ම අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ...

මට මහන්සී..අනේ මට නොසෑහෙන්න මහන්සී...කිව්වත් වගෙම...මට මහන්සී.....හාමුගෙ නිවන හරි ගැඹුරුයි.... මගෙ උනුසුම් තොල් වගේම නාපු හන්දම සීතල වෙලා ගියපු බේබී හාමුගෙ සීතල තොල් එකට පැටලිලා වෙනමම තුසිතයක් මවනකොට ඉනෙම් පහල ස්වර්ගෙත් පොලව හෙමින් හෙමින් තෙත් වෙන්න මග බලන් උන්නා....!

මගෙ ඍතුව උඹ කියපු ඉන්ධර් හාමු ආයමත් මගෙ කට කොනකට හාදුවක් තියනකොට මෙච්චර වෙලාම ලැජ්ජාවට මූන වහන් උන්න නාඹර ගැටිස්සියක් උන සද වතිය අදත් තවුසන්ගෙ සිල් බිදින්න ලැහැස්ති වෙනකොට ඉන්ධර් හාමු ඇද දිහා බැලුවා... 

මගෙ හඳ ගියහම....මේ ඇදම පාලුයිනෙ ම්ම්ම්ම්ම්....මැනිකට යන්නම ඕනෙද ...යවන්න ලෝබයිනෙ...හිත කියන්නෙම..පපුවට අරගන තුරුල් කරගන නිදියපන් කියලම වෙනකොට .....මට උඹව යවන්න හිත දෙන්නෙ නෑනෙ මැනික....දවස තිස්සෙම මතක් උනෙ මේ ඇස් දෙක...තකහනක් දුවන් ආවෙ උඹව තුරුල් කරන් නිදියන්න බලාගන..මොකද..මේ ඉන්ධර්ගෙ නිවන තියෙන්නෙම මේ ඇහල මල ළඟ.....

 මට පව් කියලා හිතුනා....ඉන්ධර්ගෙ නිවන තියෙන්නෙ මේ ඇසල ලග කියපු ඉන්ධර් හාමු යවන්න හිත දෙන්නෙ නෑ කියලා මගෙ ඔලුව අත ගාලා රෑට අදින සරම ඇදගන තුවාය දිගෑරලා පුටුව උඩින් දාන ගමන් මගෙ දිහා බැලුවා ...

මං කියපු තෑග්ග ඇසලට හම්බ උනාද....

ඇසල කියෙව්වද ඒක.....ම්ම්ම්ම්ම්....

කන්නාඩි මේසෙ ගාවට ගියපු ඉන්ධර් හාමු කොන්ඩෙ හද හද කවිය ගැන අහනකොට මං මට කියවගන්න බැරිව ගිය ටික කියවන්න ආයම කොලේ අරගත්තා ....ආදරෙ පිටාර ගලන අකුරු ගාව මාව ගොලු උනා...

අඬ දුහුල් සේද පොට සඳෙ රැස්

ගිලගන්න

මට හොරෙන් තාලයට හුස්ම

ඉහලට ගන්න

ගිලිහෙන්න යන නාද සවන් තෙක්

දිව යන්න

කෝපි පැහැ තුඬු අතර මෘදුවට ලවන්

තෙත් වන්න...

අතට ගෙන හැඩ බලමි

තලන්නට සිත් නැතිය

කල් යවා දිග හරිමි නොතලාම

සිසි 'ඇසල'

දරන්නට බැරි තැනදි උරපතට 

බර දෙන්න

සුළගෙ විත් ඇසල මල මගෙ

කොපුල් සිප ගන්න....

මොනවද තියෙන්නෙ....ම්ම්ම්.....

මං උන්නෙ අර සින්දුවෙ තිබුන හාමුගෙ හැගීම් අස්සෙ එල්ලීගන වෙනකොට ඉණ්ධර් හාමු ඇවිදින් මගෙන් අවසරයක් නැතිවම බෙල්ල පිටිපස්සට හාදුවක් තියලා මොනවද තියෙන්නෙ අහද්දි හාමුගෙ ආදරෙ පිරුන වචන එක්ක අතරමන් වෙලා උන්න මන් හිමින් සැරෙ ඒ ඇස් දිහා බලනකොට අමරදේව මහත්තයා ගිහින් සුලං කුරුල්ලන්ට අඩගහන ලාන්ත්‍රා මහත්තයා අඩගහද්දි....තවත් කවියක් තියනව දැක දැක ඉන්ධර් හාමු ඒ කොලෙ අරන් ආයමත් නවලා දැම්මා...

කියපන් ඉතින් ..මක්කද තියෙන්නෙ....ම්ම්ම් මගෙ මැනිකට තේරෙන්නෙ නැතුවදම්ම්ම්...කාරි නෑ....හෙමින් තේරුම් ගමු...ඒත්.. දරන්න අමාරුම තැන්වලදි මනාපම උඹ හුස්ම ඉහලට අල්ලන්...උරහිස් වල එල්ලීගන....ආදරෙයි මගෙ ඉන්ධර් කියනවට...

.මං හිනා උනා....හාමුගෙ අකුරුත් ආදරේ සුවද බෙදනකොට මගෙ නිකටින් අල්ලන් මුමුනපු ඉන්ධර් හාමු උරහිස්වල එල්ලිගන ආදරෙයි මගෙ ඉන්ධර් කියලා කියනවට මනාපයි කියද්දි හීන පොතෙ පිටු අතරෙ තිබුනෙම ආදරේ කියලා කියනවත් එක්කම ඉන්ධර් හාමුගෙ සුවද අකුරුත් එක්කම මං තවත් පාරක් හාමුට තුරුල් උනා....ඒ එක්කම ඇහල මල් සුවද එතුන හීනි හුලන් රැල්ලක් ඇවිදින් හාමුගෙ පපුවට තුරුල් උන මාව තවත් ලන් කරලා යන්න යනකොට මන් අහගන ඉන්ධර් හාමු හරි බර හුස්මක් ගන්නවා...ඇහෙන නෑහෙන ගානට මගෙ මැනික කියනවා...

සුළං කුරුල්ලො.....

හෙමින් ඉගිල්ලි...

මල් සුවදකි අරගන....එන්නෙ....

ආදර උයනේ දොරටුව හැරගන

ඔච්චම් කරමින් පැන යන්නෙ...

සිහින පොතේ පිටුවක් පෙරලී ඇත....

මොනවද එහි ලියවී ඇත්තෙ...//

ආදරෙ....!!

ආදරෙ...!!!

ආදරේ....ආදරේ!!!

මගෙ ඉන්ධර් ....

පපුවට තුරුල් වෙලා උන්න මං ගෙදර යන්න ඔන්න මෙන්න තියලා හාමුට කතා කෙරුවා .....

සුදුමහත්තයට ආදරෙයිද ඇසල.....?

අනේ මං කියන්නත් කලින්ම මගෙ ඉන්ධර් සුදු මහත්තයට ආදරේද කියලා අහනකොට රැයකට උනත් තනිවෙන්න අකමැති ඉන්ධර් හාමු මගෙ දිහා බලාගන උන්නා.....අවසානෙදි ඇද දිහා බලලා ආපිට මගෙ දිහාවයි.. අහස දිහාවයි බැලුවා.....ඒ ඇස් මනාප නැති විත්තිය පුන පුනා කිව්වත්...අම්මයි සුද්දියි හන්දම මට යන්න දුන්න ඉන්ධර් පපුවට බර හුස්මක් අරගන මා දිහා බැලුවා...කෝ මගෙ උත්තර කොහෙද හෙව්වා....අවසානෙදි මගෙ නිකටින් අල්ලන් මගෙ ඇස් වලට එබුනා...

හැගීම් කල්දාන්න එපා මැනික.....හරි අපරාදෙ.....මගෙ ඇහල මල උඹ...දන්නවද....හද නැති අමාවකක් කියන්නෙම....කවියෙක් කනවැන්දුම් දවසක්....ලියාගන්න කවි පද ඕන තරම් තිබුනත්...ඉනිමන් බැදලත් හද හොයන්න බැරිව ගියදාකට.....සිනිදු ඇද රෙදි අඩලා තේරුමකුත් නෑ ඇසල.....

මං උඹට ආදරෙයි...මනාප නෑ...අමාවක දවසට...මොකද ...අමාවකක් කියන්නෙම...කවියො හූල්ලන දවසකට.....පපුවම පාලුවෙනකොට...අමු සොහොනක් වගේ ඇසල....කඩුපුල උනත් පෙති දිගාරින්නෙ හද එලියට වෙනකොට .....අමාවකට උනත්...හද නෑවිදින් කොහොමද..ඉතින්.... උඹ නැති දවසක් කියන්නෙම මට අමාවක් මැනික....!!

මගෙ ඉන්ධර්...මං උඹට ආදරෙයි නොසෑහෙන්න...අද අමාවක උනත්....හෙට..අමාවක නෙවෙනේද...මං ගිහින් එන්නම්...මගෙ සුදු මහත්තයා නිදියන්න... ....

ම්න්....අද අමාවක වුනත්..හෙට අමාවක වෙන්න ඉඩක් නෑ .....මැනිකත් ගිහින් නිදියපන් ...රෑ හීනෙන් හරි.. වෙන්නෙ නැති උනත් අමාවකට හද පායපන්...

💮💮🌸🌸🌸🌼...ආයමත් කොටසකින් එනකන්..පයිස්සමින් ඉන්ඩෝ.....

ආතරෙයි අනේ හැමෝටම ගොඩක්ම ගොඩාක්.....

මම ජොබී...

..nedeesha ....

More Chapters