Cherreads

Chapter 24 - 24

ඉන්ධර් .....හාමු....

දෙවියනේ....මේ මහ රෑ ඇවිදින් තියෙන්නෙ ඉන්ධර් හාමු...අපි දෙන්නගෙ අත් දෙක තවමත් තිබුනෙ එකට පැටලිලා වෙනකොට එයා මා එක්ක හරි ලස්සනට හිනා උනා...ඒ විතරක් නෙවෙ ඈතින් උන්න සංගීත් මහත්තයත් වෙලාව කලාව බලලම ගැලපෙන්න ඕනම කෑල්ල කිව්වද මන්දා.....කවදාවත් දාල යන්නෙ නෑ කියන එක නලවලා කියනකොට ඉන්ධර් හාමු මට හරි ආදරෙන් මගෙ ඇහල මල කිව්වා...

ආදරේ පතා ඔබෙන් සිතා සිතාම

ආවෙ සොයන්

ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයන්

කිසිදා දාලා නොයන්....

මගෙ ඇහල මල....

බේබි...හාමු..මෙහෙ....මෙ..මෙවෙලෙ.....ඇයි....හාමු...

හිනා වෙලා ඉදන් මගෙ ඇහල මල කියලා මුමුනපු ඉන්දධර් හාමුගෙන් මං ගොත ගගහා වගේ ඇයි මෙහෙ අහනකොට අල්ලපු කනා මැදිරියා යයි කියලද කොහෙද ඉන්ධර් හාමු ඌට හුස්ම හන්න චූට්ටකට නැති ඉඩක් තියකා ඇගිලි ලන් කෙරුවා ..අනේ අතේ උන්න කනාමැදිරියා ඒකගෙ පුංචි ලයිට් එක නිවි නිවි අවුල අවුලන හැටි ඇගිලි කරු අස්සෙන් පේනකොට ඉන්ධර් හාමු ලොකු හුස්මක් ගත්තා... 

මැනික .....නැතුව ඉන්නෙ කොහොමද ම්ම්ම්ම් ...ඒ හන්දයි දුවන් ආවෙ...ඇහැ පියන්ඩම අමාරුයි ...හිත එක තැනක තියාගන්ඩම බෑ.... කොච්චරවාත් මතක් වෙනවා...මේ හිනාව...මේ ඇස් දෙක...මේ සුවද නැතුව හිතම පාලුවට ගිහින් ඇසල...ඒ හන්දමයි රෑ නොබලා තකහනක් දුවන් ආවෙ....ඒ එනකොට මයෙ අම්මා නොදරුවෙක් වගේ ලනා මැදිරි පස්සෙ දුවනවා....ම්ම්ම්ම්ම්....

මට ලැජ්ජා හිතුනා....ඉන්ධර් හාමු ආදරේ වැඩි වෙන හැම පාරකම මට කතා කෙරුවෙම මයෙ අම්මා කියලා වෙනකොට මං ඇබරුන.....අනේ ඒ ආදර් හරි බරයි දෙයියනෙ....

ඉතින් දැන් බලන්නෙ නැද්ද ම්ම්ම්....ඇල්ලුවෙ බලන්නෙ නේ.....ම්ම්ම්

ඔ..ඔව්.....

හ්ම්...බලලා ආපහු යවපල්ලා....හොදනෑනෙ හිරකරගන්ඩ...ම්ම්ම්

හ්ම්ම්ම්...

මන් අත් දෙක අස්සට එබුනා....ඉන්ධර් හාමුගෙ ලොකු ඇගිලි එහා මෙහා කරලා අර කනාමැදිරියා දිහා බලන් උන්න මං අවසානෙදි ඉන්ධර් දිහා බැලුවා....

ඇතිද මයෙ මැනිකට ම්ම්ම්...

ම්ම්ම්....ඕ...ඇති...නෙ

හුරතලේ තියන...

බ්..බේබි...හා...මු...

කොච්චරවාත් බය වෙනවා....ඇයි...මගෙ මැනික හුරතල් නැද්ද ම්ම්ම්...පේනවනෙ මේ ඇස් දෙක....මුව පැටියෙක් වගේ...ඉතින් මට හුරතල් ...මනාපයි ...මයෙ රත්තරන් හුරතල් වෙනවා නම්...

බේබි හාමු මට රත්තරන් ලු....තවත් නමක්...අනෙ නිකන් නෙවෙ ...හැමදාම ඒකට මගෙ කියන කෑල්ල එකතු කරනවා...හාමු කියවනවා....මං මීක් නොගා උන්නා...

හුරතල් වෙන්ඩ කවදාවත් කාලයක් නොතිබුන මට ජීවිතේ පලවෙනි වතාවට ඉන්ධර් හාමු හුරතලේ කිව්වා....ඇත්තටම ..මට අම්මා අප්පච්චි ගාව කවදාවත් හුරතල් වෙන්න බැරිව යන්න ඇති අම්මට අප්පච්චි ගෙ කරදර හන්දා ..සුද්දි හන්දා....මාව හුරතල් කරන්න බැරිව යන්න ඇති.... ..බහ තෝරන කාලෙත් අනෙ දූවිලි නාගන නොතේරුම් කමට උනත් බයේ මුලු ගැන්වි ගැන්වි උන්නා මිසක්කා..මං කවදාවත් හුරතල් වෙන්න නැතුව ඇති...මේ ලෝකෙ මටයි කියන්න නෑයෙක්ට තියා වේයෙක්ට වත් මොකෙක් වත් නැතිව යනකොට .....කවුරු නම් මාව හුරතල් කරන්නද.....පුංචි කාලෙ අම්මගෙ උන් වත් ආවා නම්....ඇරත්...අම්මගෙ අප්පච්චි කිව්වලුනෙ ඒකි මැරුනයි කියලා හිතාගන්‍ටය කියලා ...

මොනා කරන්ඩද ..මුරන්ඩු කමක තරමට අද විදවන හැටියක්...

ඇසල...

බේබි හාමු....

මක්කද කල්පනා කරන්නෙ...හිතෙ මොනවත් හන්ගන් ඉන්නවද උඹලා ....මැනිකට රිදවන කාරනාවක් නම් කියපන්...මනාප නෑ ඔය මූන කලු ගහනවට.....ම්ම්ම්...

එහෙම දෙයක් නෑ අපෙ හාමු....

එහෙම දෙයක් නැත්තන්...කොහොමද දෙයක්ද දැන් කල්පනා කරන්න තරම් තියෙන්නෙ ....

මං හිනා උනා බේබි හාමු පන්න පන්නම අහන්නෙ එකම කතාව වෙනකොට ලයිට් නිව නිව වහපු කනාමැදිරියා මගෙ පිට අල්ල උඩට බඩගානකොට මං බලාගන උන්නා...ඒ එක්කම ඉන්දර් හාමු මගෙ අත දිගෑරලා මගෙ අතට යටින් ඒ අත තිබ්බා..ඒක හරියටම මහ වැහි වහින වෙලාවක...ආදරේ කරන මිනිස්සු එකතුවෙලා වැහි වතුර අල්ලනවා වගේ දෙයක් වෙනකොට අර කනාමැදිරියා මගෙ පිට අල්ලෙන් එහෙම්ම පහලට ගිහින් බේබි හාමුගෙ අතට පැන්නා...

ඒක හරි ලස්සන සිදුවීමක්.....හද එලිය වැටුන මහ රෑක.....පුංචි කනාමැදිරුයෙක්ට අතේ ඉඩ දුන්න එයයි මායි උන්නෙ අත් දික් කරගන වෙනකොට ඉන්ධර් හාමු නොහිතපු වෙලාවක මාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා ...

ඒ ආදරේ ගාවදි හැමදාම මං ගොලු වෙනවා....

.ඒ ආදරේ ගාවදි හැමදාම මං හිරි වැටෙනවා.....

ඒ ස්පර්ශයන් දැන් නුහුරු නොවුනත් ..ආගන්තුක නොවුනත් ..හැමදාමත් ආදරේට ආදරේ කවන ඉන්ධර් හාමුගෙ ආදරේ ගාවදි මං හැමදාම හිරි වැටුනා.....

මෙච්චර වෙලාම පෙම්වන්තියකට සින්දු කියපු සංගීත් මහත්තයා යන්න ගියා.....ඉන්ධර් හාමුගෙ අත එතිලා තිබුනෙම මගෙ බඩ හරහා මදිවට මං හිටගන උන්නත්... හරියටම බැලුවොත් මම ඉන්නෙ බේබි හාමුගෙ පපුවට හේත්තු වෙලා....එකට එතුන අතදිගේ පුංචි කනාමැදිරියා එහාට මෙහාට..එහාට මෙහාට ගියෙ...මාව දාලා යන්න බැරිවද...නැතිනනම්...මග වැරදීගනද.....කියන්න නොදන්නකොට හද සීතලත් ඔතාගන ආව හුලන් රැල්ලක් එනවා එකම යායට හැදුන කෝපි ගස් වල සුදුපාටින් පිපුන කෝපි මල් සර සර ගාලා හුලගත් එක්ක නැලවෙද්දි ඒ හුලගම කෝපි මල් සුවදත් මලෙන් උදුරන් ඈතට ගහන් යනවා එක්කම මන්මුලා වෙලා උන්න පුංචි කනා මැදිරියා යන්නද කොහෙද ලැහැස්ති වෙලා තටු ගහනකොට ඉන්ධර් හාමු මගෙ කනට මිමිනුවා...

මං අදයි දන්නෙ...මගෙ හුස්ම ගන්න මලට තියෙන්නෙ තරු කැට ඇස් වග.....දන්නවද මගෙ ඇසල.....මේක චිත්‍රයක් ....මේක ...තනිකරම ...පන තියන චිත්‍රයක් ...උඹගෙ බේබි හාමු අතින් තව තවත් පන දෙන්නම ඕන....මැනික...මනාපද.....හුස්ම ගන්න මලක් විදිහට ..මගෙ පින්සලෙන් අදින්න්න දෙන්න.....ම්ම්ම්ම්ම්....දන්නවද...ඇසල...කවියෙක් සිත්තරෙක් වෙනවා කියන්නෙත්..... හඳට යන එනමන් නැති කරන තැනක් බව.....ම්ම්.....දුහලකින් වැහුන රේඛාවන්ට පන පොන්න පුලුන්ම....එහෙව් එකෙක්ටත් විතරමයි ඇසල.....මගෙ..ඇසල...මනාපද...දුහුලකින් වැහුන ...මලක රේඛාවන්....පින්සල් ආරකින් ...ආය ආයම...පන ගහනවා බලන්න.....?

...

බේබි හාමු මුමුනවා.....මට තියෙන්නෙ තරු ඇස් කියපු හාමු තවත් හුගාක් කතා කියනකොට හුස්මත් හිරකරගත්තු මං හාමුගෙ කියන වචනයක් වචනයක් පාසාම අහන් ඉදලා ඇහෙන නෑහෙන ගානට ම්න්...කිව්වා මොකද ..මට ම්න් කියන්නත් දැන් බය හන්දා ....හාමු කරන්නෙම බර වචන ...

ඉන්ධර් හාමු මිමිනුවා.....හඳ සිසිලස අරන්නාව හීන් හුලන් රැල්ල.යන්න ගියේ කෝපි මල් සුවදත් අරගන වෙනකොට පින්වන්තියක් ගැන කියපු සංගීත් මහත්තයගෙන් පස්සෙ හදක් එක්ක කිරිල්ලියක් ගැන කව්ද මන්දා කෝකිලයෙක් කියන්න ගත්තා විතරයි ...

පුංචි කනාමැදිරියා අර තටු ගහලා ඉගිල්ලිලා ගියා.....

හැබැයි....තවමත්...අපි දෙන්නගෙ අත් දෙක එහෙම්මයි....!පන තිබුනත්...චිත්‍රයක් කොහොමද හෙලවෙන්නෙ...??.....

 පුංචි කනා මැදිරියා යන්න ගියා...චූටිම චූටි ඇබිත්තන් තටු දෙක ගහපු කනා මැදිරියා යන්න ගියා....මෙච්චර වෙලාම මාව ඇගට හේත්තු කරන් තුරුල් කරන් උන්න ඉන්ධර් මගෙ උරහිස් වලින් අල්ලන් එයාගෙ පැත්ත හරවගන්නකොට බේබි හාමුගෙ කාමරෙන් ඇහෙන අධිමාත්‍රාවක් නොවුනත්....මෑත කාලෙදි ඇවිදින් හිත් හොරාගත්තු තවත් කෙනෙක් හරි අපූරුවට ඩිංග ඩිංග හොරකන් කරන්න ගත්තා .....ඒ වෙනමොකුත් හන්දා නෙවෙ...ඉන්ධර් හාමුගෙ වචනවලට ඒ මනුස්සයා තාලයක් දාලා.තිබුන හන්දා...

මැනිකගෙ ඇස් දිලිසනවා....

........

මගෙ ඇහල මල උඹ.....හුරතල් උනා...ඇති නම්.....මනාප නම්...හාදුවක් තියන්නද ම්ම්ම්ම්...

......

මං නෙවෙ මීක් ගෑවෙ....දෙවනි පාරටත් මැනිකගෙ ඇස් දිලිසෙනවා කියපු ඉන්ධර් හාමු මගෙන් හාදුවක් තියන්න අවසර ඉල්ලනකොට මං කෙරුවෙ ඇස් පියාගත්තු එක ....!!!

මොකද..ඒකයි මගෙ එකම උත්තරය.....

හාදුවක් ...!!!!ආදරේ බර නලලටත් දරන්න බැරි හරි උනුසුම් හාදුවක් ....

එක තත්පරයක් යන්න නැතිව ඇති.....ඇස් පියාගත්තු මගෙ නලලට ආදරේ වෑස්සෙන හාදුවක් හම්බ උනා....ඉන්ධර් හාමුගෙ රැවුල පවා මූනට ඇනුනත්...ඊටත් වඩා...අර හාදුව හරියට බර වෙනකොට මට ඇස් අරින්න පවා ලෝබ හිතුනා....

"හඳ කතා කරන උඹයි මගෙ සුරඟන කිරිල්ලි...."

රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ

නිදි දෙව්දුව ඉර්ශ්‍යා හිතෙනා බව

දන්නවාද නුඹ මගේම ආලය

නිදි දෙව්දුව මට අහිමි කරන බව....

හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ

තරුකැට පරදන නුඹේ නුවන් යුග

ප්‍රතම ප්‍රේමයේ පිවිතුරු මුවාව

සනසවන්න මා ඉඟි කරනා හැටි

සුරඟන කිරිල්ලියෙ....

සඳ නුඹ ගැනමයි කතා කලේ....

නිල්වන් ගුවන් තලේ....

පියඹා යනු බෑ නිසන්සලේ.....!!

 මාව තත්පර ගානටක අනතමනත උනා...මගෙ නලලට ආදරනීයම හාදුවක් තියපු ඉන්ධර් හාමු හඳ කතා කරන සුරගන කිරිල්ලි මමයි කියනකොට පිල්කඩෙ ඉදන් සින්දු කියන පිරිමි පරානෙත් ඒකම කිව්වා.....

ඇසල මෙතනද නිදියන්නෙ...

මං උන්නෙ ඉදුලෙ....ඉනට අත් දෙකත් තියාගත්තු ඉන්ධර් හාමු මගෙ දියවුන පැදුර දිහා බලාගන ඇසල මෙතනද නිදියන්නෙ අහනකොට මං යන්තමට ඔලුව වැනුවා...

කනාමැදිරියො පස්සෙ දිව්වට මොකද...මට හරි මහන්සී.....

මේ බිබික්කම යන්නෙ නැතිව එලිවෙනකන් මෙතන ඉදන් කවි කතා කියකිය ඉදීද දන්නෙ නෑ...අනේ උඹ නම් හෙට ඉදන් ගෙදර ..ඒත් මං වැඩට යන්ඩ එපැයිනෙ.....

ඉන්ධර් හාමු තවමත් ඉනට අත් දෙක තියාගන පැදුර දිහා බලන් ඉදල ඉදලා මගෙ දිහාවට හැරුනා... ඒ ඇස් අමුතු වෙලා තිබුනා..මෙච්චර වෙලාම හරි ආදරෙන් උන්න ඉන්ධර් හාමුගෙ ඇස් දෙකට මොකක් හරි වෙලා තිබුනා...

"මයෙ අම්මා කවදාවත් මෙට්ටෙක වත් නිදියලා නැද්ද ඇසල....."

.......මං බිම බලාගත්තා ...හාමුගෙ ඇස් වෙනස් වෙන්න හේතුව මේකයි එහෙනම්...එයා අහනවා මං කවදාවත් මෙට්ටෙක නිදියලා නැද්ද කියලා .....ඇත්තටම මං ඇදක තියන සැප සනීපෙ කොයි තරම්ද කියන්න දැනගත්තෙ හාමුගෙ ඇදේ නිදියෑවයින් පස්සෙ...

න්..නෑ..බේනි..හාමු....හාමුගෙ...ඇදට.....නගිනකන්...ඇදක්...කොයි...තරම්...සැපද කියන්න

මට තුරුල් වෙයන් ඇසල.....

මං ඉන්ධර් හාමු දිහා බැලුවා...මට කතාව සම්පූරන කරන්න නොදුන්න ඉන්ධර් හාමු මට තුරුල් වෙන්න කිව්වා.....

අනේ හාමු...ඇයි මේ....

මගෙ හිත හාමුගෙන් අහන්න ඕන දෙයක් මගෙන්ම අහනකොට මං බිම බලාගත්තා ඒ වගේම ඉන්ධර්ම ඇවිදින් මාව තුරුල් කරගත්තා ...

මට හරි වේදනාවයි ඇසල....උඹම කියපන්....මගෙ ඇහල මල මෙහෙ දිය උන පැදුරක නිදියනකොට මං කොහොමද සැප ඇදක නිදියන්නෙ කියලා ම්ම්...මයෙ අම්මා මෙහෙම ඉන්න ඕන එකෙක් නෙවෙනෙ....දැන් මගෙනෙ...ඇසල අහලා තියනවද....හදක් කවදාවත් කවියෙක් හන්දා දුක් වින්දා කියලා ....ම්ම්ම්.....අහලා නෑනෙ...නේද.....

 ඉන්ධර් හාමු මුමුනවා....මාව අත් දෙකෙම්ම තුරුල් කරන් විතරක් නෙවෙ.....සැරින් සැරෙම ඔලුවත් අත ගානවා...හාමු කියවනකොට අහන් ඉන්න ආස මම ඒ පලල් පපුවට...ආදරෙ පිටාර ගලන පපුවට තුරුල් වෙලා හාමුගෙ ආදරේ වේදනාව ගැන අහන් උන්නා.....

 කවියෙක් හන්දා හඳක් කවදාවත් දුක්

වින්දෙ නැතිනම්....මං කොහොමද මගෙ හදට දුකක් දෙන්නෙ ඇසල...?ම්ම්ම්..මනාප නෑ උඹ මෙහෙම විදවන එකට...මන් විදින හැම සැපම උඹටත් අයිතියි ඇසල.....මයෙ ඇහල මල....පෙති තැලුනම....උඹට වඩා රිදෙන්නෙම මටනෙ ඇසල... නාඹර බඹරු රොන් ගන්න විතරක් වැහුවත්.....වියපත් බඹරු කවදාවත් රොන් විතරක් අරන් ගියේ නෑ මයෙ අම්මා...උන් හැමදාම කෙරුවෙ ඒ මලෙ හිත අරන් ගියපු එක....

 මට මේවා....දැන්....පුරුදුයි බේබි හාමු....මේවා...අපිලබා උපන් හැටිනෙ...හාමු....

හාමු කියන කතා අහන් උන්න මං මැදින් පැනලා මට පුරුදුයි කියනකොට මං අහගන එයා ලොකූ හුස්මක් පිට කරනවා.....

උඹට පුරුදු උනාට....මීට වඩා විදවන්න දෙන්න මනාපයක් නෑ....තේරුනාද මගෙ ඇසලට.....මල් පෙත්තක් තැලුනොතින් තැලුනමයි ඇසල....විසිරුනොතින් විසිරුනාමයි....උඹ මලකට වඩා හයියයි....ඒත්...මට උඹ මලක්නෙ ම්ම්

......

මං සද්ද නොකර අහන් උන්නා....මගෙ ඔලුව අත ගගා කියවපු ඉන්ධර් හාමු අවසානෙදි මගෙ හිස්මුදුනටම හාදුවක් තිබ්බා.....

මගෙ මැනික...

බේබි හාමු....

ම්ම්ම්.....

හාමුට පුරුදු නෑනෙ...ඇරත්....ඉඩත් මදි...බාගෙට බාගයක් එලියෙනෙ....

මං උන්නෙ ඉන්ධර්ගෙ අත උඩ ...පැදුර දිහා බලන් ඉදලා යාවි කියලා හිතුවා උනත්.....ඉන්ධර් කෙරුවෙ මගෙ ගාවින් දිගෑදුන එක.....නිකන් නෙවෙ මාව අත උඩට අරගන එක අතකින් තුරුල් කරගත්තු එක....

දෙන්නටම තිබුනෙ එකම පොරවන රෙද්ද වෙනකොට අච්චර අර් සැප ඇදක් තියාගන මෙහෙ ආව ඉන්ධර් ගැන මට දුජ හිතුනා ..... 

කාරි නෑ...ඇදක උනත් ...ඉඩ මදි වෙනතරමටයි මනාප....හිත නොහොද කමක් ඇති උනෝතින් ...දෙපැත්ත හැරිලා නිදියෑවත් මහ රෑක..නොදැනුවත්ම ආයම තුරුල් වෙනකොට කොච්චර ආදරනීයද බලපන් ඇසල...සාගරයක් තරන් ඇදක තරහා උනොත්.....ඒ නෝක්කාඩුව දවස් ගනන්.....මගෙ ඇසල තරහ වෙන්නෙ නෑනෙ මා එක්ක ම්ම්ම්ම්.....

මං හිනා උනා...ලෝභ කමක් නැතුවම හද එලිය මිදුලට ආව හන්දා ඒ මූනෙ තියන ඉරියව් මට ඕනාවටත් වඩා පේනකොට මන් බලාගන ඉන්ධර් හාමුගෙ උගුරු ගැටෙ යන්තමට ඉහල පහල යනවා...මාව තුරුල් කරන් උන්න අත තිබුන විදිහමයි උනත්...මගෙ දිහා බලන් ඉන්න ඉන්ධර් හාමුගෙ අර මහ මුහුද වගේ තියන ඇස් දෙක නම් තොරතෝංචියක් නැතුව මොනවදෝ කියනකොට උඩ බෙලි අතට උන්න ඉන්ධර් හිමින් සීරුවෙ මාව එයාගෙ පැත්තට පෙරලගත්තා ...

මගෙ ඇහැල මල උඹ....අමනාපයක් නැත්තන් ...පුලුවන්ද මගෙ මලට හාදු තියන්න ම්ම්ම්ම්ම්....මෙච්චර ලස්සන මලක් ළඟ ඉන්නකොට ....මොන තවුසගෙ හිතද මැනික තවත් සිල් ගන්නෙ ...ම්ම්ම්ම්ම්.....

.......

හාදුවක් විතරයි ...එයින් එහා යන්නෙ නෑ මම.....මැනික මනාප නම්...විතරයි....නැති නම්....කාරියක් නෑ .. ගෙදර ඉන්ඩ හිත දෙන්නෙම නෑ....ගියපු තත්පරේ ඉදලම මතක් උනෙ උඹව....මේ මූන...මේ...ඇස්...මේ නහය කට.....බෙල්ලෙන් පහල....මේ...හැමදේම මගෙ බව දන්න මං....උඹ නැතුව කොහොම කියලා නම් ඇහැ පියාගන්නද මැනික.....ම්ම්ම්ම්ම්ම්ම්

බය හිතුනා.....ලෝභ හිතුනා.....මොකද ..එක කවියෙක් නෙවෙනෙ.....හඳකට ලියන්නෙ...කියපන්...මනාපද...හාදුවකින් විතරක් නවතින්න...එයින් එහා ගියෝතින් ...මේ කට්ට පොලව උඹව රිදවාවි ....මනාප නෑ මයෙ අම්මට එච්චර වේදනා දෙන්න...ම්ම්ම්ම්ම්ම්.....

කියපන් ඉතින්....මනාපද....මේ මුන පුරාවටම හාදු තියන්න...සමහර තැන්වලදි....චුට්ටක් තදින් හපන්න.....මිනිස්සු නොදැක්කා උනාට...මහ රෑත් බඹරු ආවා ඇසල රොන් ගන්න...ඒත් ඉතින් රෑ ආව බඹරු ගියේ නම්....රොන් වෙනුවට...මලේ හිත ඇසල...උඹගෙ...වයසක බඹරත්....හැමදාම කරන්නෙ..මගෙ ළපටි මලගෙ හිත ගන්න එක...හොර හොරාවට...උඹව අවුස්සන එක....

ඉන්ධර් ...

මගෙ යටි හිත මිමිනුවා... හාදුවක් තියන්නද ඇහුවත්...මනාපද ඇහුවත් ....මගෙ ගාවට වෙලා ඉදන් අවසර ඉල්ලුවත්...මේ වෙනකොටත් ඉන්ධර් හාමුගෙ ඇගිලි තුඩු මාව රවට්ටගන ඉවර උනා......

ඉන්ධර් මහ කපටියෙක්...හැමදාම කරන්නෙම මාව වචන වලින් නම්ම ගන්න එක වෙනකොට ..රෑ සීතෙන් බේරෙන්න ඇග වහපු රෙදිකඩ ඇතුලෙ අපේ කකුල් එකට පැටලිලා තිබුනා...සරමට යටින් තිබුන හාමුගෙ කලවයන් මගෙ කලවයන් වල වදින වාරයක් ගානෙම...එකට ඇතිල්ලෙන වස්තූන් හොර හොරාවට රස්නෙ ගහ ගහ ගිණි පුපුරු විසි කරන්න ගන්නකොට යටි බඩ ඇතුලෙන් අදත් මහ වැලිය වාන් දාන්න හදන්නෙ කියන්න මට දැනෙන්න ගත්තා ....

මගෙ....ඉන්ධර් ...

මං ඉන්ධර් හාමු දිහා බලාගන උන්නා....ඒ ඇස් ඉවරයක් නැතිවම....හුස්මක් කටක් නොගෙනම කියවනවා...දැනටමත් ඇගිලි තුඩු මාව හාමුගෙ පැත්ත නම්මනකොට.....කෝපි පාට ලප කාටත් කලියෙන් ඉස්සර වෙලා තිබුනා..... සැරින් සැරේම ඉහල පහල ගියපු උගුරු ගැටේ කිව්වෙත් හාමුගෙ ඉල්ලීමට හා කියන්න කියන එක වෙනකොට හාමුට කලියෙන් මං ඉස්සර උනා.....

මැනි...ක...

මං හාදුවක් තිබ්බා....කොච්චර වාත්..මගෙ ගාවදි කලබල වෙලා දුවන්න හදන උගුරු ගැටේටම මං හාදුවක් තිබ්බා විතරයි .....ඉන්ධර් කෙදිරි ගෑවා......

හැබැයි එච්චරයි ....හාදුවක් තියාපු මට...පන යන තරමට ලැජ්ජා හිතුනා...මට හැංගෙන්න ඕනා උනා....අනේ හාමු....මට අත් වැරදක් උනෙ

කියලා හාමුගෙන් පැනලා යන්න හිතුනා....

..ඇයි ඉතින් මේ....ම්ම්ම්ම්ම්ම්ම්.....ලැජ්ජා හිතුනද මගෙ ඇහල මලට ම්ම්ම් ....කෝ ඉතින්...බලාපන්න මගෙ දිහාව....එපා ඇස් හංගගන්ඩ ඕනම කරන තැන...දන්නවද ඇසල...ස්වර්ග ද්වාර ගාවදි අහක බැලුවොතින් ....ඒකෙ රසේ නැති වෙනවා....මනාපයි.....ඔහොම ලැජ්ජා වෙනවට.....මෙහෙම රතු වෙනවට...ඒත්...ඉතින්...අහක බැලුවම..මං කොහොමද ...මෙ බය වෙන ඇස් දකින්නෙ ම්ම්ම්.....

මට ලැජ්ජා හිතුනා...ඒ අස්සෙන් මගෙ මුනට උඩින් ඉන්න ඉන්ධර් හාමු කියන එක එක කතා එක්ක මගෙ බඩ කලතවන්න ගත්තා ...ඒ මුන දිහා බලන්න ලු.....අනේ මං කොහොම කියලා නම් ඒ මුන ඒ ඇස් දෙක දිහා බලන්නෙ...

මයෙ ඇහැල මල උඹ....කෝ ඉතින්....ම්ම්ම්ම්....අහක බැලුවම කොහොමද මයෙ අම්මට හිතු මනාපෙට හාදුවක් වත් තියන්නෙ....

අනේ ඉන්ධර්...ඔහොම කතා කරන්න එපා දෙයියනේ.....මට නිකනන් පිස්සු හැදෙන්න වගේ ......ඒ මුජ්න දිහා ආදරේ පිරුන ඇස් දෙක දිහා බලන්න හයියක් නැතුව උන්න මං පැදුරු කඩමාල්ල මිරිකගන යටි හිතින් මා එක්කම කියව කියව ඉදලා අවසානෙදි ඉන්ධර් හ්ඩ්ිහා බැලුවා...

.කිව්වත් වගේම ඒ ඇස් වල ආදරේ උතුරනවා....හාමුගෙ එක බැල්මකුත් ඇති මගෙ සර්වාංගෙ ගැහෙන්න...එක බැල්මකුත් ඇති මගෙ යටි බඩ ඇතුලෙන් ආයම මහ වැලියට වාන් දාන්න පාර කපන්න...

ඇස් දෙක හන්ග හනග උන්න මං හරි අමාරුවෙන් හාමුගෙ දිහා බැලුවා ....මේක නම් තනිකරම ඉටි රූපයක්මයි.....කරවාපු උඩු රැවුල...ගන ඇහිබැම....ආදරේ පිරුනත්.....අහංකාරම බැල්මක් තියන හාමුගෙ ඇදන් උන්න කමිසෙ හිඩැස් අස්සෙන් පේන පලල් පපුව වගේම පිරුන අත් ගොබ එක්ක මේ මනුස්සයා මගෙ නේද කියලා හිතෙනකොට ඊට වඩා මට ලෝභ හිතුනා.....වෙන දෙයක් වෙච්ච දෙන් කියලා ...අනේ හාමු මාව අදත් යටකරගනින් කියන්න හිතුනා.....

මොකද ...ඉන්ධර් කියන මනුස්සයා මගෙ හැහීම් ඒ තැනට ගෙනල්ලා හන්දා.....

....කොච්චරවාත් ගැහෙන එකමයි කරන්නෙ....ඇයි ඉතින් මේ...ම්ම්ම්.....

.ඉන්ධර් මුමුනනවා....එක බැල්මකින්ම දියාරු වෙලා යන්න ආව මගෙ කෝපි පාට ලප තිබුන පපුව ගැහි ගැහි උස්පහත් වෙන්න ගන්නකොට ඉන්ධර් ඇයි කියලා ඇහුවා....ඇයි....ඇයි දෙයියනෙ...ඇයි අහන්නෙ....අනේ හාමු මේ ඔක්කම උඹ හන්දනෙ...

මුව පැටියෙක් වගේ....බය වෙලා උඹ.....බයද මැනික මට ම්ම්ම්ම්ම්..මෙච්චර ගැහෙන පපුව...කියන්නෙම.....උඹගෙ ඖදු මහත්තයට හාදුවක් තියන්න කියලද ..නැතිනම්...කෝපි මලකින් රොන් ගන්නද.....ම්ම්ම්.....මැනික මනාප මොකක්ද.....උඹගෙ ඉන්ධර් මනාප....උඹගෙ බහට කන්දෙන්න....

ස්වර්න විමානෙට නොගියත්...මොකද...හාමුට පුලුවන් ...උඹව ද්වාර ගාවට එක්ක යන්න...මැනික දන්නවද...ම්ම්ම්ම්

මං පැදුර මිරිකගත්තා ....මගෙ පපු පදාසෙම අයාලෙ ගිහින්....වෙනදට නලලට හාදුවක් ඉල්ලන මමම අද හාමු ඉස්සරහා හිරිඔතප් සලු කෑලි කෑලි වලට ඉරලා දාල ආදරයත්....සුරක්ශාවත් දැනෙන හාදු තියන නලල ඈතට විසික් කරලා....ස්වර්න විමානෙට එක්ක නොගියත්.... ද්වාර ගාවින් නවත්තන්න පුලුවන් කියාපුන්හාමු ගාව මං අසරන උනා....

..මගෙ...ඉන්ධර්.....

මං මිමිනුවා....මොකද ...පැදුර මිරිකන් උන්නත්...හාමුගෙ උනුසුම් හුස්ම වදින වාරයක් වාරයක් ගානෙම හුස්මට මගෙ කෝපි මල් මැල වෙන්න ගන්නකොට මට පැදුරට වඩා ඒ උරහිස් දාහෙන් සම්පතයි කියලා හිතෙන තැන මං හාමුගෙ උරහිස් වල එල්ලුනා...ඇදන් උන්න බාච්චු කමිසෙ බොත්තම් කාස හැමදාම ඕනම.තැන්වලදි බුරුල් වෙලා යනකොට මං හාමුගෙ උරහිස් වල එල්ලීගන ස්වර්න විමානෙට මෙහායින් හරි මාව නවත්තපන් හාමු කිය කිය කෙදිරුවා.....

.ලස්සනයි උඹ.....හරියටම ...ග්‍රීක දෙවගනක් වගේ...මන්දා.....මහ බඹාට වැරදිලාද කොහෙද ...ඒත් නැත්තන් ...නන්දා වදන්ඩ කලියෙන් රන් තැඹිලි බීලද කොහෙද ....අනේ මන්දා...හාදු තියන්ඩ...කෝපි මල් ඉල්ලුවත් මොකද .....දැන් මටම ලෝබයි.....ඒ මල් වලින් රොන් ගන්න...මට කියපන්..ඇසල....ඇයි පාඩුවෙ උන්න මගෙ නිස්කාරනේ සිල් බින්දෙ මයෙ අම්මා.....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් උඹට පෙනවනෙ...ඉන්ධර් හාමුට වෙලා තියන විනාසය....හීනි ඉගක් එක්ක...පිරුන තට්‍ටම්....බැල්මකිනුනත් උලුප්පන්න පුලුවන් කෝපි මල් එක්ක උඹ කියන්නෙම...තනිකරම...දෙවගනක් වෙන්න ගිහින් පිරිමි පරානයක් උන...

මගෙ යටි බඩ නෑ වගේ....එන්න එන්නම කොර වෙනවා...හාමුගෙ කලවා හන්දා අසරන වෙන්නෙ මගෙ කලවා වෙනකොට ...සරමට යටින් තියන වාන් දොර යතුරෙ උනුහුම එක්ක මගෙ අකීකරු ගිනිගල් රත් වෙන්න ගත්තා....ඒ අස්සෙන් හාමු කියවනවා...මෙච්චර දෙයක් වෙලා තියෙනකොට හාමු කියවනවා.....හාදු තියන්න හද හද මගින් නවතිනවා...

අනේ හාමු උඹ මාව උන්මතකයෙක් කරවනවා....

මැනික දන්නවද....මනුස්සයෙක්ට පුලුවන් .....රමනෙකින් නොමරා මරන්න වගේම....රමනයක් විදින්න බලාපොරොත්තුවක් දීලා....එක පාරම ඒක ආපිට ඇදලා අරනුත් නොමරා මරන්න.....මන් උඹට කරන්නෙත්....ඒකමයි...කිසිම කවියෙක් කෙලින්ම හඳට ආදරෙයි නොකියනකොට ...මං මක්කද මගෙ හඳටත් කෙලින්ම හාදු තියන්නෙ...ම්ම්ම්....හෙම්බත් වෙයන්.....මගෙ...ඉන්ධර් ගාන තරමට....ලැජ්ජා වෙන මේ ඇස් වලට ⚔ පිරෙන තරමට මැනික හෙම්බත් වෙයන්....එතකොටයි මං මනාප....ලහි ලහියෙ බදින බත් ගෙඩියක පවා රසක් නැති වෙනකොට ...ලහි ලහියෙ දෙන හාදුව රසවෙයිද ඇසල ම්ම්ම්.....කියාපන් ඉතින් ...ඇයි මේ....මැලවිලා....

කුඩා චන්ඩයා මගෙ....උඹ හදන්නෙ....ඔය කෝපි මල් උස්ස උස්ස මාව රවට්ටන්න නම්...මැනික මතක තියාගනින්.....මමත් තපස් රැකපු එකෙක් බව...උඹට හෙම්බත් වෙනකන්...මට පුලුවන් ආයම තපස රකින්ඩ....

කාරි නෑ...උඹට මනාප තරමක්..මගෙ සීලෙ බිදින්ඩ උස් පහත් වෙයන්...මට පුලුවන් මගෙ ඇහල මල...මට මනාප තරමක් නොමරා මරන්න....

..

..

දෙවියනේ ඉන්ධර්.....උඹ මහ ආත්මාර්තකාමීයෙක් ඉන්ධර්...හාදුවක් ඉල්ලපූ උඹම මෙහෙම කරනකොට මට පන තියෙයිද ඉන්ධර් ....

මට හති වැටුනා...එක බැල්මක් ළඟ අසරන උන ....මහ වැලියට අදත් වාන්දාපන් කියලා උසි ගන්නපු මම හෙම්බත් උනා.....පලල්.උරහිස් වල එල්ලීගන උන්න මට හාදුවක් වෙනුවෙන් බලන් ඉදලම හති වැටෙනකොට මගෙ අත් දෙක ඉබේටම ඒ උරහිස් වලින් ගිලිහුනා...මං හිමිහිට මිමිනුවා...

"මට.. .හරි...මහන්සී.....ඉන්ධර්...."

....මගෙ ඇහල මල උඹ...ආදරෙයි මැනිකට.....ම්ම්ම්.....එහෙනම්...දැන් පටන් ගන්නද ම්ම්ම්...ඩිංගක් විතර දතක් දෙකක් වැද්දුවට කමක් නැද්ද...ම්ම්ම්ම්.....බය වෙන්න එපා...හුස්ම හන්න මලව රිදවන්නෙ නෑ මන්.....

මට උත්තර දෙන්නවත් පනක් තිබුන් නෑ...හාමුගෙ බැල්මෙන් හෙම්බත් වෙලා උන්න මට හාය කියන්නවත් පනක් තිබුන් නෑ.....

..ඔන්න බලපන්....ඉතින් මට කියපන්....හිත හදාගන...කොහොම නම් හාදු තියන්නද කියලා .....ආයමත්...උස්පහත් වෙනවා....උඹ ඔය නොකියා කියන්නෙ.....අදත් උඹව...ස්වර්න විමානෙට අරන් යන්න කියලද ම්ම්ම්ම්ම්...කට්ට පොලවක ඉදන්....රිදවන්න මනාප නෑ මයෙ අම්මට...අද රෑට වඩා...හෙට රෑ ලස්සන වේවි...අනිවාර්යයෙන්ම ....මොකද...කවියෙක් හදක් දැක්කෙම හැමදාම කලින් දවසට වඩා ලස්සනට...මැනිකට පුලුවන් අද දොර ගාවින් ආපහු හැරිලා එන්න....තේරුනාද ම්ම්ම්ම්ම්ම්...

හ්ම්ම්....

ආදරෙයි මගෙ ඇසලට....

ඉන්ධර් මට ආදරෙයි කිව්වා...ගැහෙන පපු දැක දැක අද රෑට වඩා..හෙට රෑ ලස්සනයි කියපු ඉන්ධර් හාමු ගෙ උඩු රැවුල...කෝපි සුවද නැති උනත්...කෝපි පාට කෝපි මල් ගාව නවතිනකොට මට හීල්ලුනා....පපු මැද්දට තියන හාදුවක් පාසාම මං ඒ උරහිස් මිරිකුවා ...වාන් දාන්ඩ අද අවසර නැති බව දැන දැන උනත්...අකීකරු ගිනි ගල් ඇහට පේන්නෙ නැති ගිනි පුපුරු විසි කරන්න ගත්තා ......

මං ඉස්සුනා...හීල්ලුවා.....පලල් උරහිස් මිරිකගත්තා .....අවසානෙදි හාමුට යට උනා....මැලවුන කෝපි මල් වලට වතුර වැටිලා වැටිලම අවසානෙදි පන ගහන්න ගන්නකොට ඉන්ධර් ගෙ ඇස් තවත් අඩවන් උන්නා...

අ..නේහ්...ඉන්ධර්...

ම්ම්ම්....කියපන්.....මක්කද ඕනෙ මගෙ ඇහල මලට ම්ම්ම්ම්....ඉන්ධර් මැනිකව රිදෙව්වද.....ම්ම්....ඇසල....දන්නවද.....හාදු කියන්නෙම මිනිස්සුන්ව හැගීම් වලින් ලෙඩ කරන වැස්සක්...අනෝරාවක්.....උඹ ලෙඩ වෙලා...මේ තරු වගෙ ඇස් දැන් ලෙඩ වෙලා....දැනෙනවා..ඉනෙන් පහල උනුසුම පවා....ඒත්...මෙ කඩතොල්ල උඹව රිදවාවි...මනාප නෑ පොඩියක් වත්.....රිදවන්න අයිතිය තියෙන්නෙ මට විතරක් වෙනකොට ...කඩතොල්ලකුත් රිදවනකොට ...හිතට වේදනයි ඇසල...සාගරයක් වගේ.....හතර වියන් බැදපු ඇදක්....උඹව මාව දරාගන්න බලන් ඉන්න බව දැන දැනම....දමාගන තලන්න තරම් හිතක් නෑ ඇසල...රොන් ගන්න රේනු තලනවා මිසක...නැති කරන්න...පෙති තලන්න බෑනෙ මයෙ අම්මගෙ ම්ම්ම්ම්.....

මට කදුලු පිරුනා....ඉන්ධර්ගෙ ආදරේ ගාවදි මං හැමදාම අසරන වෙනවා...

සුදු මහත්තයා .....

ම්ම්ම්....

මං උන්නෙ හාදු වැස්සෙ තෙමිලා තෙමිලා අවසානෙදි කිව්වත් වගේ ලෙඩ වෙලා...හාමුගෙ බර දරාපු උඩු කද තෙත හාදුවකින් නාලා නාලම....කෝපි පාට කෝපි මල් වලට පීනසේ හැදිලා තිබුනා....පිරිමි තනක් උඩ තිබුන කලු පාට උපන් ලපය ඉන්ධර් හාමුගෙ ආදරේ දරන්න බැරිවම අවසානෙදි මග මැරිලා යනකොට බෙල්ල මුලට තියාපු හාදු තනිකරම ගංවතුරක් දැම්මා හා සමාන උනා....මෙච්චර වෙලාම සින්දු කියාපු කෝකිලයන්ට පවා හාදුවක් හන්දා මං විදින දුක උහුලන්න බැරිව උන් සේවාව පවා අකුලගන යනකොට මං බලාගන වලාකුලු අස්සෙන් එබි එබී බලපු වටකුරු හදටත් හැගීම් උත්සන්න වෙලාඩ කොහෙද මහ රෑ ඒ තකහනක් කවියෙක් හොය හොය දිව්වා .....

ඇයි...ඉන්ධර් ...කිසිම දෙයක්...නැති මට...මෙච්චර ආදරේ කරන්නෙ...

මගෙ හින්දා.....දෙන්න තියෙන්නෙ මේ උත්තරෙ විතරයි ...ආදරේ කරන්න හේතු කියන උන් ගාව කොහෙද ඇසල ආදරයක් ම්ම්ම්ම්ම්ම්....කවියො කවදද මැනික හදට හේතු කිව්වෙ...හදේ ලප දැන දැනත් ආදරෙ දුන්නා මිසක....ම්ම්ම්....මගෙ පන ටික උඹ....ආදරෙයි මේ පන ගහන ඇහැල මලට.....දැන් ඉතින් නිදාගනිල්ලා....උඹට මහසීනෙ ම්ම්ම්ම්ම්ම්

..මං මීක් නොගා උන්නා....හාදු ගොඩක් අහවර උනා ...මල්වැස්සක් අනෝරාවක් වෙලා අවසානෙදි ආයම පොද වැස්සකින් අහවර වෙලා ඉන්ධර් මට පපුව පිරෙන්න ආදරේ දුන්නා...

කෝ ඉතින්.....

හ්..හාමු....

තුරුල් වෙන්නෙ නැද්ද ම්ම්ම්ම්...

....

මං ඉන්නකොට මක්කටද සීතෙ ගැහෙන්නෙ ම්ම්ම්....මේ අතපය...මේ පපුව...මේ උනුහුම.....ඔක්කොම...මගෙ ඇහල මලටනෙ..ම්ම්ම්...

හාමුට...අමාරුයිනෙ...බිම....

ම්ම්ම්..අමාරුයි...කාරි නෑ.....ආදරේ හන්දානෙ ඇසල....දීඝ ගාමිනිත් ඔය උඩ බඩ ගෑවෙ ම්ම්ම්...එහෙව් එකේ.....උඹ වෙනුවෙන් රැයක් කියන්නෙ මොකක්ද...ම්ම්..කෝ....වරෙල්ලා ඉතින් .....තුරුල් වෙන්න ඕන තැන් පාලුවට යවන්න එපා ඇසල....

මං හාමුගාවට රෝල් උනා...පැදුරෙන් පිට ඉදන් හාමුට පැදුර දුන්නත් ..ඉන්ධර්ගෙ වචන එක්ක මට තවත් දුරින් ඉන්න බැරි වෙනකොට මං හාමුගෙ ගාවට රෝල් උනා විතරයි ..ඉන්ධර් මාව ඇදලා අරන් ඇග උඩ තියා ගත්තා ...

බ්..බේබි...හාමු...අනේ....

ඇයි....ම්ම්ම්.....යට වෙලාමද පුරුදු ම්ම්...කාරියක් නෑ....මලක් උනත් දැනගන්න ඕනෙ බඹරව පොඩ්ඩක් යට කරගන බලන්න...හැමදාම රොන් ගන්න එන එකාට බැරි මොකද දවසකට මලක බර උහුලන්න ම්ම්ම්...කාරි නෑ...දැන් ඉතින් නිදියපල්ලා...ම්ම්ම්...කෝ...ඇස් පියවපන්....ආදරෙයි උඹට...

මං ඉන්දර්ගෙ බෙල්ල හාවට මුන තියාගත්තා ....සුවදයි ..හාමු ගාවින් එන සුවද හන්දම මට නිදා ගන්නත් ලෝභ හිතුනා...ඒත්....මාව උහුලන් කට්‍ට පොලවෙ උන්න බේබි හාමුට තව බරක් දෙන්න බැරි හන්දම මං හරි ඉක්මනට ඇස් වහ ගත්තා .....

අර තම්මැට්ටම දැනගත්තා නම්....බිබික්කම මෙහෙ ඇවිත් මාව උඩ තියන් පැදුරු කඩමාල්ලක නිදියෑව කියලා ...ඒකි හිස මුඩුකරන් ඔලුවට අලු වට්ටියක් හලාගන නිගන්ඨයෙක් වෙනවා.....

අනේ මල සමයන්...මගෙ මිනිහනෙ මොක උනත්....

*

*

*

දහයට එකොලහට විතර වලව්වට වරෙන් මන් දැන් ගිහින් බඩුවගයක් ගන්ඩ එලියට යනවා...ඒ ඇවිදින්...අටෙ කෑල්ලට යන්ඩ තියනවා....මැනිකත් ලෑස්ති උනා නම් මනාපයි...මෙව්වා දැන් උඹගෙත් එකේ...ගනන් හිලව් එහෙම බලන්ඩ උඹ ඉන්ඩ ඕනා...

මං උන්නෙ ලාම්පු එලිය දිහා බලාගන....මැනික කොහොමද තේ බොන්නෙ අහපු ඉන්ධර් හැමදාම බොන එළ කිරි එක වෙනුවට මහ පාන්දරම තෙ කහට බිව්වෙ මගෙම බෙලෙක් කෝප්පෙන් අතට සීනි අහුරක් අරගන වෙනකොට අනේ මට දුක හිතුනා...

මොනවද බලන් ඉන්නෙ....

හාමු....මෙහෙම කරනකොට ....

ඇසල...සාලිය කුමාරයා වහ වැටුනෙත් චන්ඩාලියෙක්ට....ම්ම්ම්.....උඹත් ඇවිත් හෝපලුවක් වෙනකොට මට සාලිය වෙන එක මහ දෙයක් නෙවෙ ඇසල.....ඇයි ඉතින් මේ..උදෙම්ම හිත තලාගන්නෙ...මනාප නෑ රත්තරනේ නිස්කාරනේ හිත පාරගන්නවට....ම්ම්ම්....කහට බිව්වා කියල මැරෙන් නෑ....කෝ ඉතින්...ටිකක් හිනා වෙයන් මගෙ අශෝකමාලා.....

මට හිනා ගියා...ඉන්ධර් කියන්නෙම ආදරේ විශ්වකෝශයක් වෙනකොට මේ කියන හැම නමක්ම ලිංග්බේදෙකින් තොරවම මං බාර ගත්තා .....

.බේබි හාමු....

ම්ම්ම්....

අල්ලෙ තිබ්බ සීනි අහුරට දිව ගාපු ඉන්ධර් ම්ම්ම් ගානකොට ඉර එලිය වැටෙන්න හිතලවත් නැති අන්ධකාරෙ දිහා බලන් මං මිමිනුවා...හාමු කියනව දහයට විතර එන්නලු.....අනික...ඉන්ධර් දෙපාරක් නොහිතම හාමුගෙ දේවල් මගෙ කිව්වත්...මහ තැන් දෙක මතක් වෙනකොට මට අනේ වලව්වෙන් වැලි ඇටයක් වත් එපාය හිතුනා.....ඊට වඩා හොදයි ..මං ගුනේ මාමා එක්ක ගිහින් පුරුදු විදිහටම වැඩ කරන එක.....

බේබි හාමු....

හාමු ඉතිරි කරලා දුන්න කහට උගුරු දෙක තුන...හාමුගෙ අතේ තිබුන සීනි වලින්ම බීපු මං ඉන්ධර්ගෙ මුන දිහා නොබලම කතා කෙරුවා ...

ම්ම්ම්

.බේබි හාමු..මං අද වැඩ.....

කොහෙ.....??ගිනි පූටකෙ ගෙවල් බදින්ඩද....නෑ ඒවා අදින් පස්සෙ නෑ.....උඹට පුලුවන් මෝලෙ ලියන මහත්තයගෙ වැඩෙ කරන්ඩ....ම්ම්ම්

අනේ හාමු...හාමු කියාවි...මං එපෑය

ඇසල...නිස්කාරනේ ...උදෙම්ම මගෙ බහට පිටින් ගිහින් මාව කේන්ති ගස්සවලා ඇස්වල කදුලු පුරවගන්ඩ ලෑශි වෙන්ඩ එපා ම්ම්ම්...

මං බිම බලාගත්තා ..ඒත් ඒකනෙ ඇත්ත...මෝලෙ ලියන මහත්තයෙක් ඉන්නවා...මං මොකටද...ඇරත් මාව ලියන එකා කරලා සුගලා මට පොල් ගහයි..කොච්චර ආදරේ උනත් ඉන්ධර් පොඩ්ඩ ඇතිනම් නපුරුකම එලියට දානවා....

දැන් මක්කද ඔය බිම බලන් හිතන්නෙ කිව්වා නම්....

ඉන්..ධර්..ගහෙන් ගෙඩි එන්නා වගේ...ඔහොම තීරන දෙන්න එපා.....හාමු...ඕවට වග උත්තර

උඹගෙ වාහෙ පොල්පිත්තකින් කපාගත්තු එක්කෙ කියලද හිතන්නෙ අපෙ මැනිකෙ ආ....?

මාව ගැස්සිලා ගියා...ගැස්සුන පාරට අතෙ තිබුන බෙලෙක් කෝප්පෙත් බිම වැටෙනකොට මං ඉන්ධර් හාමු දිහා බලාගන උන්නා...අනේ හාමුගෙ පැත්තෙ හාමු හාමු උනත්...මගෙ පැත්තෙන්.....

ඇසල...ගිනි පූටකෙ පිච්චි පිච්චි ගල් වැලි එක්ක ඔට්ටු වෙනවට මගෙ හිත මනාප නෑ ඇසල...මං කිව්ව විදිහට කරපන් .....මගෙ බහට පිටින් ගිහින් ඔය ගුනයගෙ ගල් අස්සෙ රිංගන් ඉදලා මට උඹව වඩම්මන් එන තැනට වැඩ කරල මං නරකයි කියන්ඩ එපා ඕන්....

බේබි....හ්...

මම කතාව නැවැත්තුවා කියන්නෙ.....

අපෙ මැනිකෙගෙත් කතාව අහවරයි කියන එක...ම්ම්ම්ම්....බහට පිටින් නොයන එක....උඹගෙ ඇගට හොදයි....

මම කට පියා ගත්තා ....

ගිනිබත් වෙලා යන රැවිල්ල එක්ක දුන්න අණ හන්දම මං සැලන්ඩර් වෙලා ගියා රැයක් තිස්සෙ ආදරේ වැහිවස්සපු ඉන්ධර් ඉර එලියටත් කලියෙන් ඒ ආදරේම වේලවලා ඇරියා...

උඹගෙ පැත්තෙන් උඹ හරි උනාට..අනේ හාමු...මගෙ පැත්තෙන්.....

නමෝ තස්ස භගවතෝ....අරහතෝ...සම්මා....සම්බුද්ධස්ස .....

මම උන්නෙ පහන් පැල ගාව..මං විතරක් නෙවෙ සුද්දියත් ..ඒකිගෙ ඉස්කොලේ බෑග් එක මගෙ පිටේ.....මාත් එක්ක තරහා වෙලා ගියපු ඉන්ධර් හන්දා මං උන්නෙම මහ වේදනාවකින් වෙනකොට පහන් පැලට තියන්න කඩපු මලක් ගානෙම මං බුදුන්ගෙන් ඉල්ලුවෙ..අනේ මගෙ සැනසීම ඉතිරි කරන්ඩ කියලා ....මහපොලවට ඉර එලිය වැටෙන්ඩ කලියෙම්ම සන්තකේටම උන්න එකම කුකුලා රෑ ලැගපු ගහේ උදන් පහේ කනිසමට කෑ ගහනකොට අම්මා වලව්වට ගියා වගේම දහපාරක් හොලවා හොලවලා ඇහැරවපු සුද්දියව ඉස්කෝලේ එලවන්ඩ මං ඒකිගෙ පස්සෙ ගියා.....

මමම ගොතාපු ඒකිගෙ කොන්ඩ කරල් දෙකට පීත්ත පටි ගැටහපු මං ඒකි එක්කම බුදුන් වැන්දෙ කොටහලු උන එකීව තනිපන්ගලමෙ අපේ පාරෙ යවන්ඩ බැරි හන්දම වෙද්දි ඒකි නහයෙන් අඩ අඩ.මගෙ පස්සෙන් ආවා....

අනේ අයියෙ...

නව වරක්....මතක නෑනෙ....

දැන් උඹට පාඩම් කරන්ඩ කිව්වා නේද....

කෙරුවා.....

එහෙනම්.....

වනසිංහයා මැදින් මැදින් අහනකොට නෙ බැරි...මුල ඉදන් පිලිවලට ගත්තා නම්....අමාරු නෑනෙ.....

...

ඉස්කෝලේ ගිනිගන්නෙ වත් නෑනෙ.....නැත්තන්.....ආව්....හ්...කන....

කටවහපිය මෝඩ දෙමලි....

සුද්දියගෙ බෑග් එක දාන් උන්න මං ඒකිගෙ මෝඩ කතාවලට කන අඹරනකොට ඒකි නහින්ඩ හැදුවා....

..ආ..මේක.දාගනින්.....ඔය ළමයි එන්නෙ...පරිස්සමින් ගිහින් වරෙන් සුද්දි....අයියා උන්නොත් දවල්ට එන්නම් උඹව එක්ක යන්ඩ...මේ පාරෙ බලු බල්ලෙක් නෑ...

ම්ම්ම්.....රත්නපාලයව හම්බුනොත් මක්කද කරන්නෙ අයියෙ ....

නොදැක්කා වගෙ පලයන්....කතා ඕන් නෑ...

කියක් හරි දුන්නොත්...ඒක අරගන්නකන් කතා කරලා...අරගත්තට පස්සෙ කතා නොකර ඉන්ඩද....

උඹගෙ මහ එකා වලව්වෙ නාකියද.....ඒකගෙම කපටි මොලෙ තියෙන්නෙ උඹට....

ම්හුක්....නෑ....දෙවනි බිබික්ක්ම්ම මගෙ මහ එකා....ඌත් කපටියා තමා....උඹ දැන් බේබි හාමු ගගා වැදගන උන්නට.....

පලයන් පලයන්....වෙලා යනවා.....

ඔය...පේනවනෙ....අමාරුයි බිබික්කන් සවානට ඇදයක් කියනකොට

සුද්දියා .....උඹ යනවද...මං යවන්නද.....

ඔව්..ඔව්...පහු පහු වෙනකොට සුද්දියව කොහු කොහු වෙනවා...උඹට මග දිගට යනකොට පාලු නම් මං කවියක් කියල දෙන්නද....බිබික්කමාලට කොහු මෝලක්නෙ තියෙන්නෙත්...

.....

මෙතන ඉදන් ගේ ගාවට යනකන්....ඒ කොහු කාලායි...මේ කොහු කන්නෙ කිය කිය ආව්හ්...ආව්..හ්...කටටම..යි....ගහ....ම්හුම්.අනේ..අයියෙ...කට.....

පල.....පල...කිව්වම අහලා..කුනු හර්ප ඇහිදන් ඇවිත් ...හිටපන් අම්මට කියන්න.....

කට පුරවලම ඩෑස් පාරක් කාපු සුද්දියා අඩාගන වගේ ඉස්කෝලේ යනකොට මම.මග දිගට ඒකි කියපු කවිය කියන්න ගිහින් මූන රතු උනා

අමු කුනුහර්පයක්..මේකි කොහෙන් හොයන් ඇවිත්ද මන්දා...

දැන් ඉතින් වලව්වට පලයන්කො.....දහය වෙනකන් ඉන්නත් බෑ....අපරාදෙ ...ගුනෙ මාමා එක්ක ගියා නම්....දෙදහක්නෙ....ලියන පට්‍ටම මට දුන්නොත්....මහ තැන මාව තම්මැට්ටමෙර් ඔබා ගනී...හුස්ම හිර කරලා මරන්න ගගකට දාන්න ඕන් නෑ...තම්මට්ටන් කානුවෙ එබුවත් ඇති....

බොරලු පාර දිගේ ආව මං ආයම වැටකඩුල්ල පැනලා පොල් වත්ත දිගේ වලව්වට ගියා.....

අර ඉන්නෙ...ආ..මුන දෙක වෙලා මහතැනගෙ....ඊයෙ හරියට හැදිගාල නෑ වගේ.....

කහපාට ඔසරියක් ඇදන් උන්න මහ තැන අත් දෙක පිටිපස්සට බැදගන මිදුල පුරාවටම ඇවිද ඇවිද උන්නා..ඒ මූන තනිකරම වැල වෙලා ගිහින් තිබුනා....

අපෙ මැනිකෙ....

.

ඇසලයො....මෙහෙ වරෙන්.....

අත් දෙක පිටිපස්සට බැදන් උන්න ලොකු මැනිකෙ හිස් වෙච්ච ගරාජ් එක දිහා බලන් උන්නා...නාකියත් නෑ...බිබික්කමත් නෑ....මේකිට වාහෙ නැතුව සාංකාවද.කොහෙද ....මක්ක කරන්නද නැන්දම්මෙ...මටත් වාහෙ නැතුව සාංකාව දැන්....

අපෙ මැනිකෙ...ඇයි මේ...හිතේ වේදනාවක් වත්ද....මුනත් කලු ගහලා ගිහින්...

බලපන් ඇසලයො...බේබි හාමු අදත් නොකියම ගිහින්නෙ...

අනේ...

ඔව්.....කිරි එකවත්...බත් ගෙඩියවත් නොගෙනම ගිහින් නේ...

ඒ කියන්නෙ බිබික්කම...අපේ ගෙදර ඉදන් එන ඒමටම ගිහින්ද.....

මං මුන දෙක කරගත්තු මහ තැන දිහා බැලුවා...අයියෝ....සෝකේ ..හර්ද වස්තුවෙන් එකයි....පෙනේද.....මේකිගෙ තිරිහන් විල්ලෙ තරමට හැට්‍ට කර ඉරෙනවා...අපේ එකාට මගෙ කෝපි මල ඉහල පහල යනකොට ඔහොම පිස්සුන් නම්...මහ නාකියට ..

අපෙ..අප්පො.....ඒ උනාට හෙන කැත ඇති...ඔය හිර කරන් දාන් ඉන්න තන පට ගැලෙව්වම.....තම්මැට්ටම තනිකරම උඩ අතට හිටවපු යක් බෙරේ වගෙ ඇති....ඇයි ඉතින් ඕක බුරියෙන් පහලට වත් දිග ඇති...

ශිහ්...මොනමගුලක්ද ම්න්දා...මේ ගෑනි මන් ඉන්න තැන ඕනාවටත් වඩා හිතලා හුස්ම අල්ලනවද කොහෙද ....නැත්තන් ඉතින්.....ඔච්චර පිම්බෙන්නෙ.....බිබික්කම කියන්නෙ. හුස්ම ගන්න ඇහැල මල කියලා ..මේවට කියන්න වෙන්නෙ හුස්ම ගන්න තම්මැට්ටම කියලා .....

බලපන්කො ඉතින්...අදත් බඩගින්නෙනෙ... උඹ මක්කටද ගෙදර ගියෙ...උඹ හිටියා නම්.මට කතා කරනවානෙ...බලපන්...අර කිරි බෝතලේ එහෙම්ම...වතුර උගුරක් බොන්ඩ බෑ...දරුවව මතක් වෙලා හිර වෙනව...

මන් ඇස් දෙක හීනි කරගත්තා ..ඔන්න ඉතින් මට පව්පුරවන්න පටන් ගත්තා ..මේකට නම් පෙකනිවැලේ ආසාදනයක්ද කොහෙද ...බෝතල් කීරි මොකටද...ඒ බිබික්කම එලිවෙනකම්ම කිරි නැති මල් වල එල්ලිලා උන්නෙ.....ඒවත් කිරි තමයි.....අනේ. ...මෙහෙ නැහැනවා...බිබික්කමගෙ කෙරුවව බලන්ඩ තිබ්බෙ ආවා නම්...

ආවදෙන්කො අපේ එකාටත් කියන්ඩ....අනේ උඹ යන තැනක පලයන් අම්මන්ඩිගෙ කිරි බීලා කියලා ..නැත්තන් මේ ව්ස්සෝප වෙන හැටියට අද හෙටම තම්මැට්ටම කාලක්‍රියා කරනවා.....ඒ උනාට ඊය්‍ර්‍ර් රෑ කිව්වෙ නම් කොහොමද ...හපපු පාරවල් වලට තාම රිදෙනව...

එක්කො....මහතැන මෙච්චර නැහෙන කේ....රෙද්ද උස්සලා පෙන්නුවා නම් හරි.....නැහෙන්න එපා නැන්දම්මෙ පුතා ඇති වෙන්ඩ කිරි බීලා ගියෙ කියන්ඩත් හිතෙනවා.....එක්කො ඕන් නෑ..මොකක් හරි උනොත්...නාකියටනෙ තම්මැට්ටමක් නැති වෙන්නෙ...

මැනිකෙ කීයටද නැගිට්ටෙ...?

මං විස්සෝප දාහතර වෙච්ච මුන දිහා බලලා මැනිකෙ කියටද නැගිට්‍ටෙ ඇහුවා.....

පහ වෙනකොට නැගිට්ටා බන්.....ඒ වෙනකොටත් ලමයා ගිහින් නේ...උඹ ආයම එහෙම ගෙදර යන්ඩ ලෑස්ති වෙන්ඩ එපා...මගෙ කොල්ලා බඩගින්නෙ .....

එහෙමයි අපෙ මැනිකෙ එහෙමයි....එලෙව්වත් යන්නෙ නෑ අපෙ මැනිකෙ කියනවා නම්.....මන් නොයාම ඉන්නම්.....

හ්ම්....හ්ම්....පලයන්....කරන වැඩ රාජකාරි ඔක්කොටෝම කලියෙන් ගිහින් තියාපන් අර එලාර්ම් ඔරලෝසුවෙ එලාර්ම් එක තියපන්.....

..එහෙමයි අපෙ මැනිකෙ....කීයටද තියන්ඩ ඕනෙ .....මැනිකෙ කියන විදිහට ඉන්දර් හාමු ගිහින් තියෙන්නෙ හතරෙ කනිසමට හරි ..හතරහා මාරෙ කනිසමට හරි වෙන්ඩ ඕනා....

හ්ම්ම්න්....ඒකත් හැබෑව.....එහෙනම්.....

තුනටවත් තියන්ඩද අපෙ මැනිකෙ....දඩිබිඩියෙ උයාගන්ඩත් අමාරුයිනෙ අපෙ මැනිකෙගෙ කකුල් රුදාව එක්ක...?

🌼ඔව්....රුදාවයිනෙ.....තුනට නැගිටිමු....

.ආය එනකන්.....පයිස්සමින් ඉන්ඩෝ.....

.ආතරෙයි...බිබික්කම් ටිකට....😘😘😘😘❤❤❤❤❤

මම.ජොබි

Nedeesha

More Chapters