Cherreads

Chapter 43 - දැන් මාව බඳිනවද?

"අනේ මොන දරුවොද නේද අනේ? මෙයාලා තාම චූටී නේ. මේ දෙන්නව යවන්න ඕන නිසා ඔය පොරොන්දන් බැලෙව්වා මිසක් මේක බඳින වයසක් යෑ. දැන් අලුත් කාලේ විදිහට Living together කියලා එකක් තියනවනේ සාගර අයියේ. ඒවා මේවා මොනා වුනත් අපි අපේ පරණ විශ්වාස අහක දාන්න හොඳ නෑ"

"ඒක ඇත්ත නුවනි නංගි. ඔයා පොරොන්දම් බලවපු එක හොඳයි. අපෙත් ඒ ගැන ලොකු විශ්වාසයක් තියනවා. එතකොට ඉක්මනින් විවහයක් සිද්ධ වෙන්නේ නැද්ද එතකොට?" 

කසාදයක්? මේ දැන්ම? අනේ මට දැම්ම කසාද බඳින්න බෑ! මට තාම 18 ලැබුවෙවත් නෑ. රෙශඛ්‍යට 18 ලබන්නේ එන අවුරුද්දේ. තාත්තට පිස්සුද? මන් රෙශඛ්‍යගේ මූන දිහා බැලුවම, එයාගේ මූණත් හතරක් විතර වෙලා. මන් එයාගේ අතින් අල්ලලා 'ඔව්' කියලා සන් කරේ 'කියන්න' කියන එක කියලා එයා තේරුම් ගත්තා.

"තාත්තා ඔහොම පොඩ්ඩක් ඉන්න! ඒක තීරණය කරන්න ඕන මමයි සවේන් අයියයි. අපිට පොඩි කාලයක් දෙන්න මේ ගැන කතා කරන්න"

අම්මෝ ඇති යන්තන්! මන් සැනසුම් සුසුමක් හෙලුවා.

"ඔව් තාත්තේ. මල්ලි මමයි මේ ගැන කතා කරලා නෑ තාම. අපි දෙන්න කතා කරලා ඔයාලට පස්සේ මේ ගැන කියන්නම්."

"ඒක හරි. ඔයාලා දෙන්නා මේ ගැන තීරණයක් ගන්න ඕනා. මොකද අපි නෙමෙයිනේ පවුල් කන්නේ. හොඳට හිතලා තීරණය කරන්න." වජිර තාත්තා මගේ පිට්ට තට්ටු කරලා,

"එහෙනම් අපි බත් ටිකක් කමු නේද නිමාලි ආක්කේ?" කියපුවාම අම්මගේ ඇස් දෙක උඩ ගියා.

"අනේ මල්ලී මේ... එහෙම විශේෂ මුකුත් හැදුවේ නෑ නේ. පොල්සම්බෝලයි..."

"නියමයි!" කියලා වජිර තාත්තස් හිනා වුනාම අම්මත් හිනා වෙලා නුවනි අම්මා එක්ක කුස්සියට ගියා.

"සාගර අයියේ... වැදගත් දේවල් කතා කරලා ඉවර නිසා, පොඩ්ඩක්..." කියලා ඇඟිලි දෙකෙන් ග්ලාස් එකක් හදලා කටට වක් කරගන්න අභිරූපනයක් දැම්මම තාත්තටත් හිනා ගියා.

"නිමාලි ඔය බිත්තරයක් බැදලා ගත්තනම්..." 

"ආන්න ආන්න වජිර.....!!!" නුවනි අම්මා කුස්සියේ ඉඳන් බෙරිහන් දෙනකොට

"හරි අනේ ඉතින් මස්සිනා එක්ක හරියට කතා කරන්නත් බැරි වුනා නේ"

"දැන් බොන්න ඕනද කතා කරන්න?" 

"දන්නේ නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ!!!" කිව්වම අපේ තාත්තට හොඳටම හිනා.

තාත්තලා දෙන්නම එලියේ බංකුව උඩට ගියාම තුර්ශත් මගේ පිටට තට්ටුවක් දීලා එලියේ රෙක්ස් එක්ක සෙල්ලම් කරන්න ගියා. මන් රෙශඛ්‍ය දිහා බැලුවම එයා මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. මන් 'ඇයි' කියලා කට හැදුවම ඇස් දෙකෙන් කාමරේ පෙන්නුවම මව තක්කාලි ගෙඩියක් වුනා. තුර්ශ මගේ කාමරේ අස්සට ඕන වෙලාවක කඩන් බිඳන් ආවත්, රෙශඛ්‍ය ගෙදරට කොච්චර ආවා ගියත් කවදාවත් මගේ කාමරේට ඇවිත් නෑ. 

බඳින්න ඉන්න කෙනාගේ දෙමව්පියන් තමන්ගේ දෙමව්පියන් එක්ක තමන්ගේ කසාදය ගැන එලියේ කතා බහ කරනකොර තමන් පන වගේ ආදරය කරන, ආත්මයෙන්ම බැඳුන කෙනාව තමන්ගේ කාමරයට අරන් යනවා කියන්න එක වෙනම හැඟීමක්. රෙශඛ්‍ය හෙමින් මගේ කනට ලං වෙලා 

"ඔයා රතු වෙලා සුදයියේ" කියලා,

මගේ අතින් හෙමින් අල්ලගෙන නැගිට්ටම මාවත් නිකන්ම නැගිට්ටුනා. එයා මාවත් අරන් කාමරේට ගිහින් කාමරේ වටේම ඇස් ගෙනිච්චා. මගේ පොත් මේසේටම අල්ලලා තිබ්බ රාක්කයේ උඩම තට්ටුවේ තිබ්බ මන් පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු අතට අරන් බලලා හිනා වුනාම,

"ඔයාටත් බෙර ගහන හාවෝ හිටියද?" 

"නෑ, මට තිබ්බේ ඩෝසර්, ඩෝසර් විතරමයි"

"මොනා?" 

"ම්ම්ම්... අහලා බලන්නකෝ ලොකූගෙන්" කියලා,

ළඟට ඇවිල්ලා මගේ ඉන වටේ අත යවලා මාව ළඟට ඇදලා අරන් මූනට පහත් වුනාම මගේ පපුව මහ තනි තිතට වැයෙන්න ගත්තම රෙශඛ්‍ය උත්සහ කරානම් දැන් බෙරපදය ප්‍රස්ථාර ගත කරන්න තිබුනා. 

"ඇයි මේ තරම් රතු වෙලා සුදයියේ?"

කට ඇරගන්න බැරුව එයාගේ පපුවට අත් දෙක තියන් ගොලු වෙලා ඉද්දි එයා මගේ තොල් වලින් කෙටි හාද්දක් තියලා මගේ මූණ දිහා බලලා හිනා වුනා. 

"දැන් මාව බඳිනවද සුදයියේ?"

"රෙශඛ්‍ය!"

"රෙසඛ්‍යව තමයි! මොකෝ උඹ වෙන එවුන් බඳින්න යෑ?"

"ඇයි තුර්ශ?" මන් කුප්ප හිනාවක් දැම්මම

"ඇයි එහෙම නවනිංගිරා වැඩ කරන්නේ? කුජීතයි නේද?"

මන් පපුව අස්සේ ඔලුව ගහන් හිනා වෙන්න ගත්තම රෙශඛ්‍ය මගේ ශර්ට් එක යටින් අත් දෙකම දාලා ඉන දෙපැත්ත මිරිකුවා.

"ආව්!" 

"රිදුනද?"

"ඔව්"

"‍රිදෙන්න තමයි කලේ!" 

"ඇත්තද? ඉන්නවකෝ" අත අරන් මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ල මැද්දෙන් හොඳට අල්ලලා හැපුවම

"ආව් ආව් කොරි කැටියා! නවත්තපිය!" 

"මොනාද?"

"ඇයි ඇත්තනේ! උනුත් එහෙමයි. කොල පාට ඇස් තියෙන්නේ, හුරතල් වෙනකොට පුරු පුරු ගානවා, තව හපනවා, තවුසේ වගේ!"

මන් දත් පාර හිටපු තැනට උම්මා එකක් දීලා ඒ අතින්ම ඇදන් ගිහින් ඇඳෙන් ඉඳගත්තම රෙශඛ්‍ය මගේ ඇඳ එහා පැත්තේ තිබ්බ පොඩි මේසේ උඩ තියලා තිබ්බා ආශුගේ photo එක අතට අරන් බලන්න ගත්තාම,

"ඔයා ආස නැද්ද මන් ඒක තියන් ඉන්නවට?" මන් ඇහුවම

"ඇයි ආස නැත්තම් අයින් කරන්නද?" 

"මන් දන්නේ නෑ" මන් එහෙම් කිව්වම, රෙශඛ්‍ය ඒක තිබ්බ තැනම තිබ්බා.

"ඔයාගේ හදවතේ අයුශ් ඉන්නේ කොතනද, එයා ඒ තැනම හිටපුවාවේ සුදයියේ. මට එයාගේ තැන ඕන නෑ. මන් මටම තැනක් ඔයාගේ හදවතේ හදන් ඉවරයි." 

"රෙශඛ්‍ය?" 

"අයුශ් අමතක කරන්න වටින කෙනෙක් නෙමෙයි සුදයියේ. එහෙම නේද?"

මන් මගේ අල්මාරිය ඇරලා යටම තට්ටුවෙන් යකඩ පෙට්ටිය අරන් රෙශඛ්‍යට දුන්නාම එයා ඒක ඇරියා.

"අවුරුදු 10ක ආශුගේ මතක" 

රෙශඛ්‍ය හිනා වෙලා ඔලුව වනලා එකින් එක එලියට අරන් බැලුවා.

"ට්‍රේන් ටිකට් එක පවා තියනවානේ සුදයියේ! දැන් නම් මට ඉරිසියයි හොඳේ!" එහෙම කියලා මූණ දෙක කරගත්තම මට හිනා ගියා.

"ටිපිකල් ඉරිසියාකාර කුක්කු බබා මගේ!" මන් කම්මුල් දෙක මිරිකුවම රෙශඛ්‍ය පෙට්ටිය ඇඳ උඩින් තියලා මාව එක කකුලකින් වාඩි කරගත්තා."

"මේවගේ මතක ගොඩක් එකතු කරගෙන අපිට ඇතී කියලා හිතුනම අපි කසාද බඳිමු සුදයියේ. හාම්ද?"

"හාකෝ, ඊටපස්සේ?"

"ඊටපස්සේ....." කියලා මාව ඇඳ උඩට දාලා මගේ මූනට පහත් වෙලා,

"ඊටපස්සේ අපි දෙන්නා විතරක් නෙමෙයි තුන් හතර දෙනාම තව මතක ගොඩක් එකතු කරමු!" 

"රෙශඛ්‍ය!"

"එනවාකෝ!" කියලා නැගිටලා යකඩ පෙට්ටියේ තිබ්බ ආශු කිරල ඇබේට යෝගට් හැඳි ගහලා හදපු වතුර බඹරය අරගෙන එලියට දුවලා වත්ත පහලටම දුවනකොට රෙක්ස් අපේ පස්සේ දුවන් ආවා. රෙශඛ්‍ය මට වතුර බඹරය විසික් කරාම මන් ඒක අල්ලගත්තා. ඒ ගමන රෙශඛ්‍ය නල ලිඳේ ලීවරය වේගෙන් උඩ පහල කරනකොට වතුර එන්න ගත්තම මන් අවුරුදු ගානකට පස්සේ වතුර බඹරේ කැරකෙනවා දැක්කේ. රෙක්ස් වතුරට දිව අල්ලන් දඟලනකොට තුර්ශ අත් දෙක ඉනට තියන් අපේ සමයං දිහා බලන් ඉඳලා phone එක ඇදලා අරන් වීඩියෝ කරන්න ගත්තම තාත්තලාත් එතනට ආවා. වජිර තාත්තාට නම් දැන් ගානට වැදිලා. 

"සාගර අයියා දන්නේ නෑ නේ. ඒ කාලේ එක ගමනක් මන් තනියම ගියා මඩකලපුවේ. මගේ මැශින් වගයක් වැඩ එහේ ඒ දවස් වල. කොහොමහරි ඔය පෙට්ටි කඩේකින් කෑවා එලු කිරි දාපු ආප්ප. කොහොම හරි පට්ට රහයි. අනේ මන්දා කීයක් කෑවද කියලා කොහොම හරි බුරිය උල් වෙන්නම කෑවා."

රෙශඛ්‍යයි තුර්ශයි දමාගෙන හිනා වෙනවා. මමයි තාත්තයි කට බලියන් අහන් ඉන්නවා දැන්.

"කාලා කරලා වාහනේට නැග්ගා. ඒ දවස් වල මේක නෙමේ 18 ඩෑශ් පෙජෙරෝ එකක් තිබ්බේ. කොහොම හරි ටික දුරක් එනකොට කෝල් එකක් ආවා. කාගෙන්ද?" කියලා මගෙන් ඇහුවම

"අම්මාගෙන්ද?"

"නෑ, ආහාර දිරවීමේ පද්ධතියෙන්" 

තාත්තා ඔලුවේ අත ගහගෙන හිනා වෙනවා. මටත් හිනා.

"ඉතින් සවියෝ පේන තෙක් මානෙක් ටොයිලට් එකක් නෑ. අඩුම පැලක්වත් නෑ. ඒ කාලේ කොටි කලබල. වටේම කාශ්ඨක පොළවයි, කටු පඳුරුයි. දැන් ඉන්නම බෑ. සීට් එකේම යන ගානයි"

"ඊයා..." මන් කෑ ගැහුවා.

"හිටහංකෝ කියනකන්. තාම දැම්මේ නෑ ඊයා කියන්න!" රෙශඛ්‍යගේ කට ඇවිත් තියෙන්නේ කොහෙන්ද කියලා අපේ තාත්තා දැන් පසක් කර ගනිමිනුයි හිටියේ.

"වටේම බලාගෙන එනකොට දැක්කා ඈතින් නල ලිඳක්. පටස් ගාලා වාහනේ නැවැත්තුවා. දුවලා ගියා. වටේම බැලුවා කවුරුත් නෑ. ඉඳගත්තා වැඩේ කරා. ඔය වෙලේ තමයි පුතේ මගේ හිතට ලස්සන පබැඳුමක් ගලා ආවේ. සතුට බොකයි බොක සැපතයි..."

තුර්ශයි රෙශඛ්‍යයි,

"දැම්මොත් බොක වලෙන් එකයි.... "

"හත්තුකේ!!!!!!" තාත්තා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තම.

"වැඩේ කාරිය ඉවර කරලා දැන් පස්ස හෝදගන්න එපැයි." වජිර තාත්තා නලලිඳට ගිහින්

ඔන්න මන් මෙහෙම ගිහින් ලීවරේ මෙහෙම දෙපාරක් ගහලා", ලීවරේ ගහලා දුවගෙන ඉස්සරහට යන ගමන්,

"මෙන්න මෙහෙම දූ...වගෙන ඇවිත්"

පුප වතුර කරාමෙට දික් කරලා 

"මෙන්න මෙහෙම වතුරට පස්ස අල්ලනකොටම වතුර ඉවරයි."

"අනේ තාත්තේ මට බෑ!!!!" මන් තාත්තව බදන් හිනා වෙනකොට තාත්තා මාව බදන් හිනා වෙනවා. ඒත් ඉවර නෑ ආයේ කිය කිය රඟපානවා

"ආයේ වේගෙන් ගහලා තව ටිකක් හයියෙන් දුවම් ඇවිත් පස්ස ඇල්ලුවා, ම්හුක්! ඒත් නෑ!"

"ඉතින්... හීක් හීක් කොහොමද හීක් හීක් හෝදගත්තේ තාත්තේ?" මන් අමාරුවෙන් හිනාව අස්සෙන්ම ඇහුවම,

"හේදුවේ නෑ සවී. කොල රොඩු ටිකකින් පිහිදගත්තා"

"ඊයා...." 

"ඔව්වට තමයි කියන්නේ අතට ආපු වතුර පුපට දාගන්න බෑ කියලා" 

දැන් ලන්ඩන් යන්න ඇප්ලයි කරනවා වගේ නෙමේ IELTS කරන්නත් එපැයි. තුර්ශට කිව්වම උගන්නපන් කියලා ඌ කිව්වේ ඒකට IELTS වලටම ට්‍රේන් කරන කෙනෙක් ගෙන් ඉගනගන්න ඕනා නැත්තම් එයා ඒකේ ටැක්ටික්ස් දන්නේ නෑ කියලා. තුර්ශටයි, රෙශඛ්‍යට, සුදු නංගිටයිනම් ප්‍රශ්නය නෑ. මන් තමයි ඒකත් කරන්න ඕනා. ඒත් ඉතින් රෙශඛ්‍ය හවස ඩරයිවර් අංකල් එක්ක ආවා මාව ගන්න. British Council එකට යන්න. ඇතුලට ගියාම එයා සේරම කතා කරලා payments කරාට පස්සේ මට තිබ්බේ form එකක් පුරවන්න. ඒකත් පුරවලා දීලා register වෙලා ඇවිල්ලා වාහනේට නැග්ගා,

"අංකල් මන් කියපු තැනට යමු!" 

"කොහෙද?"

"යන්කෝ සුදයියේ!" කුප්ප හිනාව තියන!

වාහනේ ගිහින් නැවතුනේ බැද්දගාන mount lavinia වල සිල්බර කොටන් ඉස්සරහා. බැහැලා රෙශඛ්‍ය මට ඉස්සරහට යන්න කියලා කියද්දි මන් හිනා වෙවී අඩි දෙකක් ඉස්සරහට ගිහින් පිටිපස්ස හැරිලා එයා දිහා බැලුවම එයා සාක්කුවට අත් දෙක දාගෙන මාත් එක්ක හිනා වෙලා 'යන්න' කිව්වා. ඒත් මන් ආයේ පිටිපස්සට දුවලා ගිහින් එයාගේ අතේ එල්ලුනා. 

"අනේ රෙශඛ්‍ය! මට මේක කරන්නම ඕන වෙලා තිබ්බ දෙයක්. ඔන්න මන් මේකට නැග්ගම, ඔයා එහා පැත්තේ එකට නගින්න!" කියලා මන් දකුණු පැත්තේ සිල්බර කොටයක් උඩට නැග්ගම රෙශඛ්‍ය,

"පිස්සුද සුදයියේ ට්‍රේන් එක ආවොත්?"

"අයියෝ එනවනම්, ඇහෙනවනේ රෙශඛ්‍ය! එහා පැත්තට යන්නකෝ!"

රෙශඛ්‍ය මගේ බලේටම වම් අත පැත්තේ කොටේට නැග්ගම මන් එයාගේ අත ඉල්ලුවා. ඉතින් මැද්දට කරලා අත් අල්ලන් ඉස්සරහට යනකොට,

"ආවා සොයා ආදරේ පතාගෙන" මන් හිතට ආපු අමුතු මෙව්වා එකට කිව්වම රෙශඛ්‍ය,

"දුම්‍රිය ආවොත් යයි හුකාගෙන"

"රෙශඛ්‍ය!"

මතු සම්බන්ධයි....

More Chapters