මහාමේඝවත්ත පාරෙට හැරුනම තියන රටේ මුල් පුරවැසියගේ නාමෙන් තිබූ පාසලේ මැද තියනවා මැද මිදුලක්. ඒකේ තියනවා ලස්සන මල්. හරියට අපේ ගෙදර වගේ. ගෙවත්තේ මල් ගොඩක් තිබ්බට, ගෙදරට ම ඉන්න එකම ළමයා මන්, සවේන් දෙනෙත් පෙරේරා. වෙස් තිබ්බට, මට මඟුල් නටන්න විතරලු පුලුවන්. එහෙම තමයි අම්මා කිව්වේ. ඒත් එහෙම්මම නෑ. සාමාන්‍යයෙන් ඉගන ගන්නත් පුලුවන් ඒ කාලේ. මැද හරියේ හිටියා. ඒත් දැන් ඒකත් නෑ. නටන්නෙත් නෑ. නැටුම් කාමරේ පැත්ත පලාතේ ගිය කාලයක් මතක නෑ. වෙස් තියලා අවුරුද්දක්වත් ගියේ නෑ. ඒත් මට දැන් නටන්න ඕන නෑ.
මට ඕන බෙල් එක ගහනකන් කොහෙට වෙලා
හරි හැංගිලා ඉඳලා මැඩම් පන්තියට ආවම හෙමින් සැරේ ගිහින් අන්තිම ඩෙස්ක් එකේ තනියෙන් ඉඳගන්න. මොකද දැන් මන් ඉන්නේ තනියෙන්. ඊයේ උන සිද්දියෙන් පස්සේ මන් ඉස්කෝලේ එන්නේ නෑ කියලා හිත හදාගත්තත්, ගෙදර ගියත් ඒ සෙතේමයි. ඉස්කෝලේ හැංගිලා ඉන්න හරි තැන් තියනවා. ගෙදර එහෙමත් නෑ. මන් සම්පූර්ණයෙන් බෝඩිං කාරයෙක් ගානට වැටිලා හිටියත්, තාත්තා මූණට හම්බුනොත් මිදුලට පවා කෙල ගහලා ගියා.
මෙතුල, අයුශ්, සවේන් කියන්නේ, තුර්ශ, දේශාන්, සඳරු ට පස්සේ ඉස්කෝලේ හොල්ලන් හිටපු තුන් කට්ටුවක්. ඒත් ඊයේ මන් මෙතුල ළඟින් ඉඳගන්න ගියාම,
"අඩෝ මහ ඒස පුසුඹක් එනවා නේද බන්?"
"ඒක නේන්නම්! කවුරු හරි ඒස බඩුවක් පු$ දීලා වගේ"
"ආ ඒ සවී නේ, අයුශ්ගේ නගර සෝබනී! අප්පිරියයි යකෝ!"
"මෙතුල උඹට ගේ කුරුලු වසගතේ බෝවෙයි හොඳේ!"
එච්චරමයි ඊයේ දවසට ඇහුවේ. ඉස්කෝලේ අන්තිම බෙල් එක ගහනකන්ම මන් හිටියේ පිට්ටනියේ කොනේම තිබ්බ ගම් ගෙදර ඇතුලේ. කොයි තරම් ඇඬුවත් මදි. කොයි තරම් හීල්ලුවත් මදි. ඒත් දැන් මට ඒ දෙකම කරන්න බෑ. මට අඬන්න ඕන වුනත් ඇඬෙන්නේ නෑ.
"අඬන්න එපා සවේන්! පිරිමියෙක් වගේ හැසිරියන්! ජාතක කල අපිටත් ලැජ්ජයි! ආයේ තෝ මේ ගේ අස්සේ ඇඬුවොත් තොටත් යන්න තැනක් හොයා ගනිං!" තාත්තා කාමරේ අස්සට ඔලුව දාලා කියෝලා ගියේ දවස් ගානක්ම කන්නෙවත් නැතුබ අඬ අඬ හිටපු ඇඬුමට තිත තියලා.
අඬන්න අවසර නැති තැන කඳුලු හිර කරන ඉඳලා මට දැන් ඇඬෙන්නේ නෑ. ඇඬෙන්නේ නැති නිසා ඒ වෙනුවට මගේ හර්ද සප්න්ස්දනය වේගය වැඩි වෙලා, හුස්ම හිරවෙලා, ඇඟ ගැහෙන්න ගන්නවා, පෙලක් වෙලාවට කැරකිල්ල පවා එනවා. මන් දන්නේ නෑ ඒ වෙන්නේ මොකක්ද කියලා. ඒත් ඒ වෙන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා මන් දන්නවා. ඊයේ උනත් කැරකිල්ලට මැටි ගේ ඇතුලෙම වැටුනත්, මන්ම ඇහැරෙනකන් කවුරුත් මාව හොයන්නවත් ඇවිල්ලා හිටියේ නෑ. එහෙම තමයි දැන් මැඩම් ට උනත් මාව මතක නෑ.
ඒකාලේ ඉස්කෝලේ තියන හැම event එකකම announce කර ගමන් හැමෝගෙම කටවල් වල තිබ්බේ, 'අනේ සවේන්' විතරයි. මිනිස්සු වෙනස් වෙනවා ඒක සාමාන්‍යයි. ඒත් මන් මේ මුහුණ දෙන කාලය මට ඉතාම අසම්මතයි. ඒක මන් තවත් පිරිමි ළමයෙක්ට ආදරය කරනවා කියන එකටත් වඩා අසම්මතයි. මිනිස්සු, තව කෙනෙක්ට හිංසා කරලා, රිදවලා ගන්න සතුට අසම්මතයි. ආදරය පමණක් සම්මතයි. 'ආදරේ නම් කොයි කතාවත් සම්මතයි' කියලා අයුශ් කියනවා මට මතකයි.
වෙන්දා වගේම බස් එකෙන් බැහැලා බිම බලාගෙනම ගේට්ටුවෙන් ඇතුලු වෙලා කරේ තිබ්බ බෑග් එක අතට ගත්තේ බෑග් චෙක් කරන අයට ඒක චෙක් කරන්ම දෙන්න. එදා වගේමයි. එදත් මේ විදිහටම මන් බෑග් එක දුන්නේ දේශාන් ට. පොතේ පිට කවර අස්සේ තිබ්බ ආදර හසුන අහු වෙයි කියලා මන් හීනෙන්වත් හිතුවේ. නෑ. මොකද දේශාන් ඉන්නේ පිටිපස්සේ ගේට් එකේ. එදා මගේම කරුමෙට ඌ එතන හිටියේ. ඌට තියෙන්නේ උකුසු ඇස්. ඌගෙන් බේරෙන්න මොකෙක්ටවත් බෑ. ඒත් ඌ එදා ලියුම හංඟන්න උත්සහ කරා. ඒත් ගේම්ස් කැප්ටන්ගේ අතට ලියුම යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
අයුශ් මට හම්බුනේ එක වසරෙදි. මන් අම්මාගේ සාරියේ එල්ලිලා 'මාව දාලා යන්න එපා' කිය කිය හොටු පෙර පෙර අඬනකොට, කලු කොල්ලෙක් ඇවිත් මට රතුම රතු පාට ජම්බු ගෙඩියක් දික් කරලා 'ඔයාගේ නහය මේ වගේ' කිව්වම මට හිනා ගියා. එදා ඉඳන් අපි ආදර වන්තයෝ වෙනකන්ම් අයුශ් කියන්නේ මගේ හෙවනැල්ල. අපි ආදරය කරන්න පටන් ගත්තට පස්සේ කියලා එයාට මට අමුතුවෙන් ලං වෙන්න අපි දෙන්න අතර තිබ්බේ ලිංගිකත්වය කියන හිඩස විතරයි.
මගේ බත් ටිකේ පවා කරපිංචා අයින් කරලා, මාලු කෑල්ලේ පවා කටු යවලා මට කැව්වා එයා. නටලා, නටලා කකුල් සිලම්බු වලට මැදුනම, ඒවායේ ප්ලාස්ටර් ඇලෙව්වේ මන් නටන්න පටන් ගත් දා ඉදන්මයි. එයා මට ආදරෙයි කිව්වට පස්සේ වෙනස් වුනේ ඒ ප්ලස්ටර් කෑල්ල අලවලා මගේ කකුල් ඉඹපු එක විතරයි. අයුශ් කියන්නේ කාට වුනත් ලෝභ හිතෙන්න ආදරය දීපු ආදර වන්තයෙක්. ඒ ආදරය, නැති වුනාට පස්සේ මගේ ජීවිතේ හිස් වෙලා. ආදරේ කියන හැඟීම අපි තුලට එන්න කලින් ඉඳන්ම අපි දෙන්නා ආදරය කරලා කියලා මට තේරුනේ ලියුම අහු වෙලා අයුශ් ගේ අප්පච්චි මාරාවේසෙන් අයුශ් ව ඇදගෙන ඉස්කෝලෙන් එලියට ගියාට පස්සේ මගේ දෙනෙත් වලින් නේත්‍රව අයේ දකින්න නොලැබුනයින් පස්සේ. 'නේත්‍ර' ඒක තමයි මන් ආදරය කරනකොට එයාට කියපු නම, මගේ නම දෙනෙත් නිසා... එයා කිව්වා 'නේත්‍ර ඉන්නේ ඔය දෙනෙත් වල සවී' කියලා. ඒ කියද්දි නේත්‍ර වල තිබ්බේ උතුරණ ආදරය මට දරා ගන්න බැරි වුනාම ඒ තොල් මගේ තොල් තෙත් කරා.
බෑග් එක මේස උඩින් තියනකොටම වෙනදා වගේම තුර්ශ කියන 'සැමගේ සකියා',
"අහ් සවේන්! Good morning මචං" තුර්ශ, අයුශ් ගිය දවසේ ඉඳන් මාත් එක්ක කතා කරන්න පුදුම උත්සහයක් දැරුවා. ඒ ඇයි කියන්න මන් දන්නේ නෑ. තුර්ශ කියන්නේ ඉස්කෝලේ ජනප්‍රියම තරුවක් කිව්වොත් හරි. දකින කෙනෙක්ට මතක් වෙන්නේ ජපන් පෝසිලේන් බෝනික්කෙක්. ඒ වගේමයි කතාව. අයුශ් සිංහලෙන් මිනිස්සුන්ව වසඟ කරනවා වගේම තුර්ශ ඉංග්‍රීසියෙන් මිනිස්සුන්ව වසඟ කරා. තුර්ශ කියන්නේ ඇවිදින කලාගාරයක්, 'හිච්චි ශේක්ස්පියර්, පර සුද්දා' ඒව තමයි ඌට සිංහල මීඩියම් ක්ලාස් එකේ වැටිලා තිබ්බ කාඩ්. හැබැයි ඌට අකමැති කෙනෙක් ඉස්කෝලේ හොයනවට වඩා ඉස්කෝලෙන් කලු නික හොයාගන්න පුලුවන්. කාගෙන් ඇහුවත් උඹේ යාලුවෝ කවුද කියලා, 'තුර්ශ' නම හැම එකාගෙම ලිස්ට් එකේ තිබ්බා. මගේ ලිස්ට් එකෙත් තුර්ශ ඉන්නවා. ඌ ඉන්න තැනක වෙනම වයිබ් එකක් හැදෙනවා. වටේ ඉන්න උන් වුනත් ඌ ආපු ගමන් හිනා වෙන්න ගන්නේ නිරායාසෙන්මයි. ඒක නිසයි ඌට හැමෝම කැමති. ඒත් ඌත් වෙන එවුන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඔය එන්නෙත් මොකක් හරි කුප්ප කතාවක් කියලා මගේන් ආතල් ගන්න කියලා මන් දන්නවා. සවේන් කියන්නේ සමනලයෙක්, ගේ කුරුල්ලෙක්, මූනට 'හෑයියා' කියලා ඇහෙන එකෙක්. හොඳම දේ අවදානය දිනා ගන්නේ නැතුව ඉන්න එක. ඒත් හෑමදාම වගේ මන් Good morning කියන එක විතරක් කිව්වා.
"Good morning Thursha!.
"මචං උඹ මේ සැරේ නටනවා නේ?" නටන්න? මූට මොකටද මන් නටනවද නැද්ද කියන එක?
"බලමු තුර්ශ." එහෙම කිව්වේ මෙතනින් ලිස්සලා යන්නමයි.
"බලමු කියලා හරියන්නේ නෑ. ගිය සැරේ එකත් මිස් කරානේ. උඹ නැතුව ඩාන්සින් ටීම් එකේ කිසි ගෝ එකක් නෑනේ සවේන්" ඔන්න වැරදි පැත්තට කතාව යන්නේ. ඉක්මනින් මෙතනින් පැනගන්න ඕනා.
"මට පරක්කු වෙනවා තුර්ශ මන් යන්නම්" මන් බෑග් එකත් කරේ දාගෙන අඩිය ඉක්මන් කරා. ඒත් දෙවනි අඩිය තියන්න කලින් මාව පිටිපස්සට ඇදුනා.
"ඔහොම හිටපං" තුර්ශ මගේ බෑග් එකේ උඩම අණ්ඩෙන් අල්ලලා පිටිපස්සට ඇදලා
"වරෙං යන්න මාත් එක්ක" කියලා මාව අතකින් ඇදන් ගියේ
ඉස්කෝලේ මැද්දේ ගස් වලින් වට කරලා තියන center garden එකට. මන් එන්නේ නැති තැනක්. මට මෙතන ඉන්න ඕන නෑ. මට මෙතනින් දැන්ම යන්න්ද් ඕනා. ඒත් තාරකා ඉබ්බා මන් දිහා බලන් හිටියා. හුඟ කාලෙකට පස්සේ,
'සවී, බලන්න අර ඉබ්බාට අපි දෙන්නා ගැන ඉරිසියයිද කොහෙද!"
'මොනා?'
'ඔව් අර බලන්න ඔලුව උස්ස උස්ස අපිට කෝචෝක් කරනවා. ඌට මැණිකෙක් නෑනේ'
'අහ් ඔයාට ඉන්නවද?'
'ඔව් මට ඉන්නවා, මේ ලෝකේ ලස්සනම මැණික'
මට කඳුලු එනවා ඒත් මට ඇඩෙන්නෙ නෑ. මට අමාරුයි! නහය උඩට ඇදන් ඔලුව උස්සලා ආකාසේ දිහා බැලුවේ ඇඟ ගැහෙන්න යන එක නවත්තන්න.
"සවේන් මට උඹ එක්ක තියනවා පොඩි කතාවක්" තුර්ශ කිව්වට මට ඒ කතාව මෙතන කරන්න ඕන නෑ.
"අනේ තුර්ශ මෙතන බෑ. උඹට කතා කරන්නම ඕන්නම් අපි වෙන තැනකට යං" මන් තුර්ශගේ අතක් අල්ලගත්තේ වෙන කොහෙට හරි යමු කියන ආයාචනයෙන්.
"ඇයි උඹට මෙතන බැරි?" මේ යකාට තේරෙන්නේ නැති හැටියක් මට මෙතන ඉන්න බෑ!
"අනේ බං! තුවාල පාරන්න එපා බන් පිං සිද්ධ වෙයි මට පාඩුවේ ඉන්න දීපංකෝ" දැන් නම් මට මූ එක්ක කිසිම දෙයක් කතා කරන්න ඕන නෑ. මට පඩුවේ ඉන්න ඕනා.
"සවේන් උඹට අඬන්න ඕන්නම් අඬපන්." මොකක්? ඌ කිව්වේ අඬන්න කියලද? මට අඬන්න එපා කියන අය සෑහෙන්න හම්බෙලා තියනවා. අයුශ් උනත් කිව්වේ අඬන්න එපා කියලා. ඒත් ජීවිතේට අඬන්න කියලා කියපු එකම එකා තුර්ශ!
"මොකක්ද?"
"අඬපං. මන් උඹව අල්ලන් ඉන්නම්. මෙතන වෙන කිසිම දෙයක් එලියට යන්නේ නෑ. මන් උඹට ඒක පොරොන්දු වෙනවා." ඒත් මාව අල්ලගන්නම් කියන්නේ මූට මාව අප්පිරිය නැද්ද?
"උඹට මාව අප්පිරිය නැද්ද බං?"
"අප්පිරිය වෙන්න උඹ ජරාවක් නෙමේනේ බන්. මන් වගේම කොල්ලෙක්" තුර්ශ රුසීහ සිරිවර්ධන, මූ අමුතුම එකෙක් නේද? කලාගාරයකට වඩා මානසික වෛද්‍යවරයෙක්ද මොකද මන් කාටවත් නොකිය හිටපු හිතේ තියන වේදනාව මගේ දිව අගට එනවා.
"අනේ බන් පංතියේ එකෙක්වත් මගේ මූන බලන්නේ නෑ බන්. ඉස්සර බත් පත එකට බෙදන් කාපු එවුන් මගේ එහා පැත්තෙන් ඉඳගන්නෙත් ඩෙස්ක් එක එහාට ඇදගෙන. නිකං මගේ ඇඟේ ගෑවුනොත් උන්ට ලෙඩක් බෝ වෙයි වගේ" තුර්ශගේ මූනේ තිබ්බ වේදනාව මගේ හදවතේ වේදනාවේ රූපෙම වෙන්න ඇති. ඒත් ඌ ඊළඟට කරපු දේ මට වාවගන්න බැරි වුනා
"මෙහේ වරෙං" අඬන්න බැරි වුන මන්, කෝටි ගානක කඳුලු හදවතේ ගුලි කරන් පුදුම තරම් වේදනාවක් වින්ද මන්, නිරායාසයෙන්ම ඒ තුරුලේ අඬන්න ගත්තම, තුර්ශ මගේ පිට හෙමීට අත ගානකොට මන් තව, තව ඇඬුවා. ඌ හෙල්ලුනේවත් නෑ. මන් ඌගේ ශර්ට් එක පෙඟෙන කමු ඇඬුවා. ඇති කියලා හිතුනම මට තුර්ශට කියන්න ඕන වුනා,
"විද්‍යාව පාඩමට මීමන ශාක කඩන්න ආවේ මමයි ආයුශුයි මෙතනට. එයා මේ බ්‍රිඩ්ජ් එක උඩ ඉඳන් අර කොනට නැවුනා ඒවා කඩන්න. එතකොට එයා පොන්ඩ් එකට වැටෙන්න ගිය වෙලේ මම... මමයි එයාව අල්ලගත්තේ... ඒ වෙලේ, ඒ වෙලේ....තුර්ශ මේ.." ඒ වෙලේ නේත්‍ර මගේ ඉනෙන් ඇදලා මගේ තොල් උඩ තොල් තිබ්බා, ඒ හැඟීම වචනයෙන් විස්තර කරගන්න බැරි හැඟීමක්, ස්පර්ශයක්. ආස කරන ස්පරශයක්. අවුරුදු ගානක් හිත ඉල්ලපු ස්පරශයක්. මගේ හිතේ අයුශ් ගැන ආකරශණයක් ඇති වුනේ හිතට අමුතු හැඟීම් එන්න පටන් ගත්තු වයසෙදිමයි. මං සම ලිංගිකත්වය ගැන මෙලෝ දෙයක් නොදැන හිටපු කාලේ. කොයි තරම් මන් බය වුනාද ඒ හැඟීම් ගැන. ඒත් පත්තර කෑල්ලක කියවපු ලිපියක් නිසා මගේ හැඟීම් වලට කියන්නේ 'සමලිංගිකත්වය' කියලත් එය අසාමාන්‍ය තත්වයක් නොවන බවත් දැනගත්තත්, මන් අයුශ් ට මගේ හැඟීම් නොකියා හිටියේ එයාව නැති කරගන්න ඕන නැති වුන නිසා. ඒත් කවුද හිතුවේ එයාටත් මන් ගැන එහෙම හිතුනා කියලා? ඒ හැගීම් කාටවත් තේරෙන්නේ නෑ. කවුරුත් තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ. ඒ පත්තර කෑල්ල හැමෝම කියෙව්වේ නෑ.
"මට තේරෙනවා. ඒකද උඹට මෙතන කතා කරන්න බෑ කිව්වේ?" තේරෙනවා? තුර්ශට තේරෙනවා කියලද කියන්නේ? ඒ කියන්නේ එයාට ඇත්තටම මන් කියන දේ තේරෙනවා. මට කොයි තරම් සැනසුමක් හිතට ආවද කියනවනම් මට ඉතුරු ටිකත් කියන්න ඕන වුනා, කවදාවත්ම නැතුව මට කෙනෙක් එක්ක කතා කරන්න හරිම පහසුවක් දැනුනා.
"අයුශ් උයි මායි හැමදාම උදේට මෙතනට ඇවිල්ලා අර කෝයි මාලු එක්ක කතා කරලා යනවා. ඒ කාලේ හරි සුන්දරයි. අපිට වැඩි කාලයක් එහෙම ඉන්න හම්බුනේ නෑ"
"අයුශ්ව රට යැව්වලු නේ?"
"හ්ම් ඔව්. ආයේ එයා මට කතා කරේ නෑ තුර්ශ. එයාට මාව අමතක වෙලත් ඇති" එහෙම කිව්වේ ඇත්තටම මන් එහෙම හිතුන නිසා නෙමෙයි හිතේ තියන දුකට. එයාට මාව අමතක කරන්න බෑ. නේත්‍ර ඉන්නෙ දෙනෙත් වල. ඒක ඇත්තමයි. මගේ නේත්‍රට මගෙන් තොර ජීවිතයක් තියෙන්න බෑ. මටත් එහෙමයි. ඒත් තුර්ශට ඒ ගැන කියන්න ගොඩක් දේවල් තිබුනා.
"සවේන් අහපං! ඇයි උඹ මේ තරම් වැටිලා ඉන්නේ කියපං? හරි අපි හිතමු ඌ උඹව අමතක කරලා කියලා? අමතක කරල නම් ඌ උඹට ආදරය කරලා නෑ නේ. ඉතින් බන් එහෙම උඹට ආදරේ කරන්නේ නැති මනුස්සයෙක් මත්තේ නැහෙන්නේ ඇයි? මේවා කියන තරම් ලේසියෙන් කරන්න බෑ කියලා මන් දන්නවා. ඒ වුනාට බලපං උඹ දිහා. උඹ ඉස්සර මොන තරම් ෆෝවර්ඩ් කොල්ලෙක්ද බන්? උඹ නැති ඉවෙන්ට් එකක් මේ ඉස්කෝලේ තිබ්බද කියපං? ඒ කාලේ උඹ වටේ කී දෙනෙක් හිටියද? ඒ උඹේ personality එක නිසා. උඹව වට්ටන්න බෑ කියලා දන්න නිසා උන් උබේ වටේ හිටියා. කපන්න බැරි අත ඉඹිනවා වගේ. උඹේ එක වීක් පොයින්ට් එකක් නිසා උඹ වැටෙන කොට උන් උඹව තව තව වැට්ටුවා. ඒක තමයි බන් මේ සමාජේ ආතල් එක. ඒක තමා උන්ගේ එකම විනෝදේ.
හැබැයි නිකමට හිතපං උඹ බොරුවට හරි දැන් කලින් හිටියා වගේ පට්ටම ෆෝවර්ඩ් වෙලා හිටියා වගේම srong personality එකක් වුනොත් බන් අයුශ් ගේ පර්ශ්නය නොවිසඳුනත් උඹට මේ ඉස්කෝලෙව් ඇතුලේ තියන ප්‍රශ්න ගොඩක් දුරට විසඳෙනවා. බන් අයුශ්ව ආයේ හොයා ගන්න හරි, අයුශ් උඹව හොයා ගන්න හරි ඉස්සෙල්ලා උඹ survive වෙයන්කෝ. අයුශ් පැත්තකට දාපන්, කවුද දන්නේ බන් අයුශ්ට වඩා උඹට ආදරේ කරන කෙනෙක් ඉස්සරහට උඹට හම්බෙන්න බැරි කමකුත් නෑ.
අපි ආදරේ කරන කෙනා අපේ ජීවිතේ ලොකු කොටසක් තමයි බන්. මන් නෑ කියන්නේ නෑ. ඒ කෙනා නිසා දරුනු විදිහට හිත තුවාල වෙන්න පුලුවන් බන්. ඒත් ඒ කෙනා උඹේ මුලු ජීවිතේම නෙමේ බන්. උඹේ ජීවිතේ උඹේ. උඹ උඹට ආදරේ නොකර තව කෙනෙක් උඹට ආදරේ කරයි කියලා කොහොමද බන් බලාපොරොත්තු වෙන්නේ?"
තුර්ශ කියන කතාව ඇත්ත. ඒත් ගෙදරින්වත් මාව පිළිගන්නේ නැති උනාම මන් කොහොමද ඉස්සරහට යන්නේ?
"තුර්ශ උඹ කියන කතාව හරි තමයි බන්. මට නොතේරෙනවා නෙමෙ. ගෙදරින් වුනත් මට සලකන්නේ අමුතු විදිහට. අම්මා නම් වෙනසක් නෑ. තාත්තා නම් මගේ මූන බලන්නේ නෑ."
"ගිය පාර වාර විභාගෙටත් උඹ හරියට ෆේස් කරලා තිබ්බේ නෑ නේද?"
"මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ බන්. මට තේරෙන්නේ නෑ මන් කොහෙන් පටන් ගන්නද කියලා"
"පටන් ගන්නේද? පටන් ගන්නේ කලා උලෙලෙන්." තුර්ශ සාක්කුවෙන් උගේ ලේන්සුව අරන් මගේ නහය රතු වෙන්නම මිරිකලා අරන්න්ලේන්සුව මගේ අතේ තිබ්බා.
"හෝදලා ගෙනල්ල දීපං තොත්ත බබා! මෙහෙ වරෙං යන්න" කියලා මාව අතෙන් ඇදන් අරන් ගියේ නැටුම් කාමරේට. අන්තිමට මෙතනට ආවේ කවදද කියලා මට මතක නෑ. ඇතුලෙන් ඇහෙන බෙර හඬ, තාලම්පට වැදෙන හඬ, අසුරා වන්නම.... මේ තියෙන්නේ මගේ ආත්මෙන් කොටසක්. නර්ථනය නැත්තම් සවේන් කෙනෙක් නෑ. මන් සරස්වතී දේවිය මග හැරියට සරවස්වතී දේවිය
මාව මඟ ඇරියේ නෑ, මොකද දැන් තුර්ශ මාව හිටෙව්වේ සරස්වතී පිලිමේ ඉස්සරහ.
"තුර්ශ මේ"
"මොනාද මේ මේ කියන්නේ? සපත්තු දෙක ගලෝපන් මගෙන් මැරුම් කන්නේ නැතුව" මට හිතට සතුටක් ආවා. ඒක හද පොපියන සතුටක්. කාලෙකින් හිතටා ආ නැති හැඟීමක්. තුර්ශ කියන්නේ ඇත්තටම පුදුම කොල්ලෙක්. මන් සපත්තු දෙක ගලෝලා සරස්වතී පිළිමයටත් වැන්දා.
"Excuse me madam!" කියලා තුර්ශ මැඩම් ට excuse කරාට මැඩම් පිළිතුරු දුන්නේ මට. ඒ ඇස් වල සතුට දිලිසුනා. කෝල් කර කර පවා මට ආයෙ ඒන්න පුතේ කිව්වේ රංගිකා මැඩම් විතරයි. මැඩම්ට බබා හම්බු වුන නිසා පහුගිය කාලෙම ඉස්කෝලේ ආවේ නැති වුනත්, සිද්ධිය ආරංචි වුන දවසෙම මට කෝල් කරලා මගේ හිත හදන්න උතසහ කරේ පුංචි දරුවා අඬනකොට අනේ පුතේ මන් ආයේ ගන්නම් කියලා තියලා ආයේ ආයෙත් මට කෝල් කරනකොට මන් ආන්සවර් කරේවත් නෑ.
"අහ්! සවේන්?" මැඩම්ගේ මූන දැක්කම මට පෙනුනේ සරස්වතී පිළිමෙට පණ ඇවිත් වගේ.
"මැඩම් සවේන් මේ සැරේ නටනවලු" තුර්ශ මාව මැඩම් ඉස්සරහට තල්ලු කරා. ඉතින් මන් මේ සැරේ කලා උළෙලේ නටනවාලු.
මතු සම්බන්ධයි...