අනූ....
ම්ම්...රත්තරන් .....
නින්ද යන්නෙ නෑ....
ඇයි ඒ .....ඒත් මට අද නිදාගන්න ඕනනෙ මැනික.....
මං උන්නෙ එයාගෙ අත උඩ ....මං රැයවල් ගානක් මේ රැය ගැන හීන දැක්කා...ප්‍රාර්තනා කෙරුවා...මේ දවස උදා වෙනකන් මං සප්ත සාගරයටත් අනන්ත කදුලු වැගිරුවා.....හැම අයිස් ග්ලැසියරයක්ම දියවලා එක්කාසු වෙන වතුර කදටත් වඩා අනන්ත අප්‍රමානයක් මං කදුලු වැගිරුවා...
රතියක් නැති රැයක් වෙනුවට මං ආදරෙ උතුරාපු මොහොතක් ප්‍රාර්තනා කෙරුවා... ඒ අත උඩ....නැත්තන් ඒ පපු මැද්දෑවට මූඅ ගහන් සැන්සීමෙන් මගෙ නින්දට ආවඩන්න හිතුවා.....
දොලහෙ කනිසම පහු වෙලා....එකෙ හෝරාවටත් ලගයි..මුලු ලෝකෙටම හොරාවට හද එලිය මැද්දෑවෙ කඩුපුල් පෙති දිගාරින රම්‍යතම රැයක මං එයාගෙ සුවද කියන වංකගිරිය අස්සෙ අතරමන් වෙලා උන්නා....
ඒත් එයාට නම් නින්ද කියන අකුරු තුනෙ වත් තේරම නොදන්න ගානට මාව තුරුල් කරන් සැරෙන් සැරේට මට රහසක් මිමිනුවා....එයා ඉන්නෙ මගෙ ආදරෙන් නන්නතාර වෙලා.....
ජීවිතෙ එක කාර්තුවක හෙම්බත් වෙන්න විරහව වින්ද මං උන්නෙ වසත් සුවදෙ අතරමන් වෙලා...ආපිට ගොඩ ඒමක් නැති තරමට ගිලිලා....
මං එහෙම්ම ඔලුව චුට්ටක් උස්සලා එයාගෙ මූන දිහා බැලුවා....රැවුල් කොට එදා වගේමයි.....
ඇයි දැන් නින්ද නොයන්නෙ....
නින්ද නොයන්නත්...නින්ද යන්නත් හේතුව මයුර කිව්වම මගෙ මයුර පිලිගන්නවද ....
ම්ම්ම්ම්.....මොනවද ඔය කුරුටු ගාන්නෙ....
ඊලග ප්‍රේමවන්‍තයට මොන විදිහටද හුස්ම පිඹින්නෙ කියලා මං හෙව්වෙ...මගෙ අනූ අහලා තියනවද හෝලි බයිබල් එකේ පුරාන ගිවිසුමෙ ලෝකය මැවීමෙන් පස්සෙ....දෙවියන්වහන්සෙ මැටි පිඩක් අරගන පිරිමියව මැව්වා කියලා ....ඒ මැටිපිඩට හුස්ම පිම්බා කියලා ....අර ලස්සන ගීතිකාවක් එහෙමත් තියෙන්නෙ කැමති ලෙසින් අඹනු මැනවී මා...දිව්‍ය කලා කරුවානනී...මැටි පිඩක්‍ය මා ඔබේ අතෙ...කියලා ....
ම්ම්ම්...අහලා තියනවා...
ඊටත් පස්සෙ....පිරිමියව දැඩි නින්දකට පත් කරලා ඉල ඇටයක් අරගන ගැහැනිය මැව්වා කියනවා...
හ්ම්..හ්ම්....
උඹගෙ වස්තුව සර්වබලධාරි දෙවියන් වහන්සේ නෙවෙ...ඒ අහලින් වත් තියන්න සුදුසු නෑ....මොකද මන් කෙලෙස් පිරුන මනුස්සයෙක්.....ඒත්....මට ඕනෙත්....ප්‍රේමවන්තයා තුලින් ආදරනීය තවත් චරිතයක් මවන්න...හරියටම මයුර කියන පිරිමියගෙන් ආයම නිම්න කියන මං ඉපදුනා වගේ....
දැන් ඒපාර හදන්නෙ අලුත් කෙනෙක්ට පාර කියන්නද
ම්ම්ම්ම්....මං වේදනාවෙන් ඉන්නකොට මගෙ අතින් ලියවෙන්නෙම වේදනාව මුහු උන අකුරු ...ඒත් මං ආදරේ තුල ගිලෙන්න ගත්තම මගෙ අතින් ලියවෙන්නෙ සැනසීමත් ආදරයත් පිරුන අකුරු ....මිනිස්සු මේ පොත් අස්සට එන්නෙ සැනසීම හොයන්....උන් මේ පිටුඅස්සෙ අතරමන් වෙන්නෙ සතුට හොයන් ....අපි මවන මනුස්ස පරාන මේ අකුරු අස්සෙ පිටු අස්සෙ අඩන වැලපෙනකොට මේ අකුරු කියවන විදින මිනිස්සු ඊට වඩා අඩනවා ...
ඉතින්.....නිම්නට හිතුනා මේ බරසාර ප්‍රේමය ගැන විතරක් ලියන්න....වේදනාව අංශු මාත්‍රයකින් වත් එක්කාසු නොකර ආදරේ පිරුන පිරිමි පරානයක් බිහි කරන්න...කල්ප කාලාන්තරේකට ඒ නම..ඒ ආදරෙන් ගැලවෙන්න ඉඩක් නොතිය ඉන්න....
මං.නැගිට්ටා ...නැගිටලා හාංසි උනා
....හැබැයි මං පිට දුන්නෙ ඇද පත්තට නෙවෙ....මගෙ නිම්නගෙ කකුල් මැදින් ඉදගත්තු මං එයාගෙ පපුවට හේත්තු වෙනකොට එයා එහෙම්ම මගෙ බද වටෙ අත යවලා අලුත් ප්‍රේමවන්තයව මවන්න කටු සටහන් ගහනවා....
ඉතින් දැන් මොකක්ද ලියන්න හදන්නෙ....
ආදරේ ගැන විතරයි .....මොකද ....නිම්නගෙ ජීවිතෙ හැම දුක්ඛදොම්නසක්ම වාශ්පවෙලා ගියා.....මට ඕනෙ ආදරේ ගැන විතරක්ම ලියන්න....
උඹ මම...මේලෝකෙන් හරි අඩක්ම ඉන්නෙ වේදනාවෙන් හෙම්බත් උන මිනිස්සු....ඉතින්....ඇයි මගෙ අනූ මිනිස්සුන්ට බැරි ආදරෙන් හෙම්බත් වෙන්න...
මං ඔහෙ අහන් උන්නා...නිල්පාට ඇට්ලස් චූටි පෑන අතේ තියාගන උන්න එයා පෑන කරකව කරකව ඉන්න ගමන් ආයම මොනවා හරි ලියන්න යනකොට වැහි වැහැලා....වැහැලා රෑ පානෙ පායපු හදේ එලිය ජනෙල් කූරු අස්සෙන් මගෙ කාමරේට එනකොට හතර වියන් බැදපු ඇදෙ දුහුල් රෙදිත් පසාරු කරන් ඒ හද එලියම සුදු පාට ඇද ඇතිරිලි වලට වැටුනා...
එයා කල්පනා කරනවා.....පිපුන පිච්චමල් වලට හද එලිය වැටිලා...ඒ විතරක් නෙවෙ පිච්ච ගැටපිච්ච මේ ඔක්කොම එක්ක හරිහරියට පිපුන සෑහෙන කාලයක් පරන කෝපි ගස්වලත් මල් පිපිලා හීන් හුලන් රැලි එක්ක ඒ සුවද උඩු හුලගෙ පාකරලා යවනකොට නිම්න එකපාරම මාව තුරුල් කරන් මගෙ උරහිසටත් බෙල්ලටත් මැදින් මූන ඔබාගත්තා ...
වස්තු....
ආදරනීයම පිරිමි පරාන ඉපදෙන්නෙම ආදරෙ අතින් මිටමොලවගන....මයුර දන්නවද ඒක....
......
හතරවියන් බැදපු ඇදයි....පායපු හදයි. ..හද එලියයි...උඩු හුලගෙ ගහන් යන කෝපි මල් සුවදයි ...මේ පරන කාලෙ කලුතොටආරච්චි වලව්වයි අස්සෙ මං ආදරේ විතරක්ම බෙදන....සෙනෙහස විතරක්ම බෙදන නිවුන පිරිමියෙක් අඹන්න යන්නෙ මයුර....
මං එහෙම්ම නිම්න දිහාවට මගෙ ඔලුව හරවලා බැලුවා ...එයා මගෙ මූන දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා...
.....උඹට හාමු කෙනෙක් වෙන්න බැරිද මගෙ සුදු මල්ලි.....
හ්..හාමු කෙනෙක්...
හ්ම්...හිමිවෙයිද නැතිද නොදැන...බලාහිදීම් කවදා අහවරක් වෙයිද කියන්න නොදැන....ඒත්...අහේතුකවම දෙන මේ ආදරේ පුරවගන මං එනකන්...කඩන් වැටුන දුරුතු හදක් ආයම පායනකන් බල්න් උන්න උඹට ඒ ආදරේම...එ සෙනෙහසම උතුරන්න තියන පිරිමි පරාණයක් වෙන්න් බැරිද....
ආන් බලාපන් මගෙ අනූ කඩන් වැටුන දුරුතු හද ආයම අහස අරක් අරගන...වසත් සුවද ඉහිරෙනවා හතර දික්බාගෙම......මෙ හැම දේටම හේතුව උඹයි මගෙ මයුර....ඉතින්...මට කියපන් සුදු මල්ලි....තවත් වතාවක් ආදරනියම පිරිමි පරානයක් විදිහට මගෙ පොත් අස්සෙ ඉපදෙන්න බැරිද....උඹ වගේ ආදර වන්තයෙක් කියන්නෙ...හැම පපු කදක්ම ප්‍රාර්තනා කරන ආදරයක්...ඉතින්...අඩුම ගානෙ...හැබෑ ලෝකෙ නැති උනත්...උන්ට මේ අකුරු අස්සෙදි වත් උඹව තුරුල් කරගන සැනසෙන්න දෙන්න බැරිද
මං හිනා උනා....හිනා වෙලා ඒ මූනට හාදුවක් තිබ්බා.....
.හැබැයි...කතාව කොහෙන් පටන් අරන්...කොහෙන් ඉවර උනත්.....ඇත්ත ලෝකෙදි මම හැමදාමත් අයිති උඹට...හොදද....
එයා හිනා උනා...හිනා වෙලා මගෙ කම්මුලට හාදුවක් තිබ්බා...
....නමක් දෙන්නද....
කාටද...
උඹට....අලුතෙම්ම හුස්ම ගන්න හදන ආදරෙ කියන විශය ඉස්මුරුත්තාවට එනකම්ම හදාරපු පිරිමි පපුවට.....
.....ම්ම්ම්...හා...
..තෙහස් ඉන්ධර් ඉරුගල්බන්ඩාර ....
මං එයා දිහා බලාගන උන්නා...අර කුරුටු ගාපු කොලේ එක කොනක එයා අලුත් ප්‍රේමවන්තයට මුහුර්ත බලලා නම තියනකොට මං එයාගෙ මූන දිහා බලාගන උන්නා....
තෙහස් ඉනධර් ....
ම්න්....මේ ඉන්නෙ ආදරේ ඉහවහ ගියපු මනුස්සයා....
එතකොට .....ආදරේ අයිතිකාරයා.....
...ඇසල ධනුද්දර .....
.....මේකෙ තියෙන්නෙ ආදරේ විතරමද වස්තු....
හ්ම්...සම්මතෙන් පිට පැන්නත්.....ආදරේ විතරක්ම පිටාර ගලන සුන්දරම ඍතුවක්.....අනූට බැරිද ඒ ඍතුවට නමක් දෙන්න...
ඔයා ඔය මගෙන්ද අහන්නෙ....
ම්ම්ම්...ඔව්...නමක් දෙන්න.....
තෙහස්.....ඇසල....
නම් දෙක දිහාව බලාගන උන්න මං එහෙම්ම ජනේලෙ කූරුවලින් පේන ආකාස තලේ දිහා බැලුවා...හද එලියයි.....ප්‍රේමනීය හදවතකුයි.....එකපාරම හිතන්නත් බෑ.....ඒත් නොහිතත් බෑ....ආදරේ වෑස්සෙන පිරිමියෙක් වෙනුවෙන් ලියවෙන කතාවක්.....
මං එහෙම්ම එයාගෙ පපුවට ඔලුව තියාගත්තා...හිතා ගන්න බෑ....වසන්ට කාර්තුවෙ රහම හරියෙ එයාගෙන් පිරිලා උන්න මං කල්පන කෙරුවා...මගෙ සතුටට හේතුව කව්ද කියන්න කල්පනා කෙරුවා ...ඇත්තටම මේ වසන්ත කාර්තුවට හේතුව එයයි...වසත් ඍතුවට හේතුව එයයි...ඉතින්...ආදරේ පිටාර ගලන්නත් හේතුව එයයි...
වස්තූ....
හම්බ උනාද අනූ....
ම්න්....
කියන්න.....මොකක්ද.....
නුඹ ඍතුවක්.....ඉඩෝරෙක මල් පිපෙන!..පුලුවන් නම් ඔය ඉන්ධර්ව මවපන් ආදරෙ ටින් ගානක් පුරවගත්තු පපුවක් එක්ක...මොකද...මේ මයුරගෙ පපුවත් හරි බරයි නිම්න....!!...ලස්සනම ඍතු කවදාවත්ම අහවර උනෙ නෑ..ආයම අලුතෙන දළුදානවා මිසක්ක.....ඉතින්....ඔය ඉන්ධර්ව ආදරෙ පුරවගත්තු මිනිහෙක් කරපන් මයෙ අම්මෙ...මොකද මම උඹට ඒ තරම්ම ආදරෙයි.....!ඉතින් මම ඉන්ධර් නම්...උඹ නෙවෙද ඇසල??

*
*
වස්තු.....නිම්න.....
එනවා අනූ....අනූ අප්පච්චි ඉස්සරහා ඉදගත්තු දෙන්...මං අම්මා එක්ක පිටිපස්සෙන් ඉදගන්නම්
නෑ..නෑ.....කොල්ලා..උඹ පලයන් ඉස්සරහට...මට අම්මා එක්ක පිටිපස්ස හොදයි.....
ඇයි අප්පච්චි ....
එපා...මට අම්මා එක්ක හොදයි....
වෙලාව හතරයි.....නින්දක් නැති රැයක අවසානෙ උනෙ රොබරෝසියා පිපෙන අභිමානවත් සෙංකඩගලට ගිහින් දලදාව වැදපුදාගන්න දවසකට දොරවල් අරින ගමන් වෙනකොට හෝරා ගානක් මාව තුරුල් කරන්...මට තුරුල් වෙවි ඉන්ධර් කෙනෙක් මවාපු මගෙ වස්තුව මගෙ අප්පච්චි ව අතින් අල්ලන් ඇවිත් මගෙ කාර් එකෙ පස්ස ශීට් එකෙන් අම්මා ගාවින්ම ඉන්දනකොට තට්ට තනියෙන් දාලා යන්න බැරි පුතන්ඩියා මේ වෙනකොට ත් අම්මගෙ උකුලට ඔලුව ගහන් ඇස් කරකව කරකව උන්නා.....
අනූ ට්‍රේන් එක කීයටද....
.හයට....
වෙලාව ඇතිද .....
අපො ඇති....කටුනායකින් හයිවෙ එකට දැම්මම හරිනෙ.....
රවිදුට කිව්වද අනූ...
ඔව්....ඌ ඉන්නෙ...පව්...මග බලන් ඇති.....කල්පනලා එනවත් ඇති...අපි යමුද.....
ගේ ඇතුලට සිය පාරක් ගිහින් ආව මම ගන්න ඕන අඩුම කුඩුම ඔක්කොම අරගන අම්මගෙ කර වටෙ ස්කාෆ් එකක් ඔතලා උදාරයට මැසේජ් එකක් දානගමන් එයාගෙන් යමුද අහනවත් එක්කම ගේට් එක ගාවින් හෝන් සද්දයක් ඇහුනා...
මයුරයියෙ......
කුඩම්මා.....කුඩම්මා පාන්දරම බෙරිහන් දෙනවා....
මයුරයියෙ.....හ්හ්හ්හ්
ඕහ්....
ඔයාලා හරිද....අපි හරි...අපෙ උදාරයා අහනවා ඔක්කොම හරිද කියලා.....
හරි කියන්ඩ.....
...ආ.මේ අපෙ කල්පනයා අහනවා බුංජියා එක්ක යන්න ඕකට එන්නද කියලා ...අපෙ උදාරයා කැමති නෑ ඒඋනාට ඌයි බුංජියයි එකතුවෙනවට...මාත් කැමති නෑ කල්පනයා බුංජියට එකතු වෙනවට.....බුංජියා චපලයා..මගෙ නාකි මයුරයව උදුරගත්තා...
මං කටට අතක් තියාගන මගෙ නිම්න දිහා බැලුවා..යන්නෙ දලදාවට උනත් කුඩම්මගෙ කටින් එකයි ආඩපාලි වෙනකොට මගෙ නිම්නයා මෙහෙ ඉදන් ඒකිට ඇගිල්ල දික් කෙරුවා...අරකි විරිත්තන් යන්න ගියා....
ඒකි නම් අනූ...යක්ස.කෙල්ලෙක්.....
ඒකි යකින්නක්....කල්පනයට ළඟදි බෙසමක් කැඩෙනලන් ගහලා ඌත් මේකිට නැඹිලියකින් ඔලුව පැලෙන්න ගහලා තිබුනා...
උඹ බේරුනා....මං ආවෙ හොද වෙලාවට එහෙම නොවුනා නම් මගෙ මොනරගෙ පිහාටු මේකි වරුවෙන් ගලවයි.....
ඇත්තට....ඒ.මොනරා එහෙම රටේම ඉන්න.ගිනි කිකිලියන්ට අහුවෙන්නෙ නෑ...අහුවෙනවා නම්...ඒ...එකම එකයි....
කාටත අනු....මොනරා අහුවෙන්නෙ කාටත...චූචි බුංජියට කියන්න අනූ...කාටත අහු වෙන්නෙ....
අහු වෙන්නෙද...සැරින් සැරෙම වෙස් පෙරලෙන....අවදානෙ ඉල්ලන කපටි කෝලමකට.....
යෝහ්...අනූ...ම්හුක්....චූචි බුංජියනෙ....කෝලම උනත්....චූචි නිම්නනෙ.....
යමුද .....අපි එනකන් මල් සුවදයි වැව රවුමයි බලන් ඉන්නවා .....
....ඒ ඇස් හිනා උනා....
ආදරේ ....දරාගැනීම කියලා දුන්න එක වස්තුවක් මට එහාපැත්තෙන් ඉන්නකොට ...හිමිකරගත්තු ආදරේට එකම දශමෙකින් වත් වේදනාවක් නොදී හරි අපූරුවට පොරොන්දු රැකපු ජීවිතෙ සැදෑසමෙ සැනසීමෙන් ගෙවන තවත් ආදරනීය මනුස්ස ප්‍රානීන් දෙන්නෙක් මට පිටිපස්සෙන් උන්නා...
ඉතින්...මේ මයුරට වැටීමක් කොහෙද ...
පපුව පුරවලම හුස්මක් ගත්තු මං තුරුනුවන්ගෙ සරනයි කියාගන කාර් එක ස්ටාර්ට් කෙරුවා ....!!!
*
*
*
.....මයුරයා ....උදාරයා....මචන් කල්පනයො.....මචන්...අපිට...අපිට හරිගියා බන්....මේ බලපන් මගෙ මූනෙ හිනාව....මේ බලපන් මගෙ සන්තෝසෙ...
රොහාන් ....කමනි ...අනෙ අවසානෙදි රවිදුවට හරි ගියා අප්පච්චි .....
උඹලට...හරියන්න...ඕනා නේන්නම්....උඹ...මේ ඇදුමට ලස්සනයි...
කොළඹකොටුව දුම්රිය ස්ථානය.....හැම තැනම තිබුනෙ කලු අකුරු ....වෙලාව හයට ලගයි ...විස්වාස කරන්න...රවිදුවා අනෙ දූවගන ඇවිදින් මගෙ අම්මා අප්පච්චි ගෙ කකුල් අල්ලා වැන්දා.....අපිට හරිගියා...අවසානෙදි අපිට හරි ගියා කියපු ඌ මගෙ අප්පච්චි ගෙ උරහිසට ඔලුව ගහගත්තා .....
වයස හතලිහ පැන්නත් මොකෝ....මොබ තරාතිරමෙ උන්නත් මොකෝ මගෙ අම්මා අප්පච්චි ගෙ ඇස්වලට හැමදාමත් අවුරුදු විසිගනන් වල උන් වෙනකොට අප්පච්චි රවිදුවගෙ පිට අත ගගා උඹලට හරියන්න ඕනා නේන්නම් කියනකොට මං බලාගන මගෙ නිම්න ඇස් පිහනවා....ඒ ඇස්වලට මේ උදෙම්ම කදුලු මතු වෙලා...
නිම්න.....
රවිදු.....
අවසානෙදි ....උඹලා ආවා...අපිව හොයාගන...ආයමත්...ආවා නේ නිම්න....
නෑවිදින් කොහොමද ...අපි පොරොන්දු දුන්නනෙ.....රවිදු සතුටින් නේද...
සතුටින්....ඒ වගේම සැනසීමෙන්....අවුරුදු ගානකට කලින්....අපි හැමෝම මේම පාරෙ...මේම කෝච්චියෙ ඉදගන ගියා....ඉතින්....අද....මං ඒ පාරෙම උඹලව පරිස්සමට එක්ක යනවා...මොකද...මට දැන් පරිස්සමින් ජීවත් වෙන්න ඕනා...මගෙ ආදරෙ මං එනකන් බලන් ඉන්නවා...ඒ වගේම මං තව මිනිස්සුන්ව පරිස්සමින් එක්ක යන්න ඕන...මොකද....අදරේ කරන මිනිස්සු හැමදාමත් මග බලන් ඉන්නවා....
රොහාන්....කමනි.....
මගෙ අම්මා අප්පච්චි ඉස්සර උනා....එදා වගේම අදත් නැරඹුම් මැදිරියෙ.....අතේ තිබුන ටිකට් ටික ඌම අතට ගත්තු රවිදුවා මගෙ අම්මා අප්පච්චි ට කෝච්චියට නගින්න අත දුන්නා...කල්පන උදාර....මයුර නිම්න...මේ හැමෝම අත්පටලන් ඇතුලට යනකොට මං බලාගන මගෙ නිම්නගෙ අක්කා....එයාගෙ අම්මවයි අප්පච්චිවයි කෝච්චියට නග්ගනවා.....
මේඝා.....එහෙම නැත්තන් නිම්නා.....මං උඹට සැනසීම ප්‍රාර්තනා කරනවා නිම්නා....ජීවිතේ කොතනම හරි උඹගෙ හිත නිවී සැනසෙන්න ඕන....උඹට සැනසීම උරුමමයි නිම්නා....
අනූ...
ම්න්....
මොනවද කල්පනා කරන්නෙ.....
කල්පනා කරන්න දේවල්ද වස්තු නැත්තෙ....
මැනිකෙ හූ තිබ්බා...අපි ගාව උන්න රවිදුවා වෙනදටත් වඩා හරි සන්තෝසෙන් සුක්කනම අතට අරන් තියනකොට වෙනදට වඩා පන ගහල.අද මැනිකෙ හූ තියන ගමන් සටස්...පටස්...සටස් පටස්...ගගා හීන් සීරුවෙ ඉස්සරහට ඇදෙනකොට මං වීදුරුවෙන් එහා තිබුන නෙලුම් කුලුනත් ඉර පායන්න පෙරාතුව තියන පැස්ටල් පාට අහසත් දිහා බලාගන උන්නා.....
එයා මගෙ උරහිසට බර උනා.....මං බලාගන කුඩම්මා නැග්ග වෙලාවෙ ඉදන් එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා...හැරෙන හැරෙන අත ඒකි ටික්ටොක් නටනවා....අවසානෙදි ඒකි ලගටම තිබුන හිස් ශීට් එකට ඇවිදින් කොල්ලෙක් ඉදගත්තා ....එ ටිකකින්ම ඒකිගෙ නැටිල්ල අහවර උනා...
මං හිතන්නෙ දෛවයට කුඩම්මා ගැන දුක හිතිලා ඒකි වෙනුවෙන් මවාපු එකාව එව්වද කොහෙද .....!
...ටකස්...ටකස්...පටස් පටස්....
ටකස් ටකස්...පටස් පටස්.....
මැනිකෙ හු තියනවා... ලතාවට පැද්දෙනවා...පායන ඉර නිවි හැනහිල්ලෙ පැස්ටල් පාට අහසට නගිනකොට එදා වගෙම අදත් පොල්ගහවෙල නිල් ගොයම හරි ලස්සනට ඔර එලිය එක්ක හිනා වෙනවා මං ආයම වතාවක් දැක්කා...
හැබැයි එ වෙනදත් වඩා හරි ලස්සනට....
නාඹර ඉර එලිය හරි හරිහයට ළපටි ගොයමට හාදු තියනකොට මෙ කන්නෙත් සරුසාර වෙයන් කියාගන ගොයියො ලියැදි දිගෙ එහා මෙහා යනකොට මං හරි ආසාවෙන බලාගන උන්නා....සුදු පාටෙ සුද හොරකම් කරාපු කොක් රාලලා බෙලි කඩාගන වතුරට ඔලුව ඔබාගන එහා මෙහා පීනන කටටත් මදි තිත්ත පැටව් අල්ලනවා....
සැනසීමයි....මේ ගහකොල...මිනිස්සු දකින එක පවා හරි සැනසීමයි....මං දාසය අවුරුද්දක්ම දැක්කෙ කලු පාට ලෝකයක්...දුක කදුලු ඉකිබිදීම් මිසක්....සතුටක හේයාවක් වත් නැති ලෝකෙක වෙනකොට මං අවුරුදු දාසයකය පස්සෙ එ අංගාර කඩතුරාව අහක් කරලා පිරිසිදු ඇස්වලින් ලෝකෙ දිහා බැලුවා...
....
මං එහෙම්ම මගෙ බර උන උරහිස දිහාව බැලුවා....අවුරුදු ගානකට පස්සෙ මගෙ උරහිස උඩ ඇපල් මලක් පීදිලා...රැයෙන් බාගයක්ම ඉන්ධර්ටත් ඇසලටත් ආදරේ කරන්න අඩි තාලම් දාපු මගෙ ස්නේහ වන්තයට නින්ද ගිහිල්ලා.....
මැනිකේ ආයම හූ තියනවා.....මගෙ අත් වලට ඒ අත් ගුලි වෙලා....හීන් සීරුවට ඔලුව හරවපු මං එයාට ඇබිත්තන් හාදුවක් තියලා සින්දුවක් අහන්න ගත්තා ..මොකද එයාව ඇහැරවලා මට ඒ නින්ද නැති කරන්න ලෝබ හිතුනා....රැයෙන් බාගයක්ම කවියෙක්ට හදක් එක්ක නිදිවදින්න මණ්ඩප හදාපු මහෙ නිරුවතෙ අයිතිකාරයගෙ අත මගෙ අතට පටලන් මාත් එහෙම්ම ඇස් පියාගන්නකොට ඇපල් මලක සුවද එක්ක ආව අමරසිරි මහත්තයා මගෙ කන් පෙති සැනසෙව්වා....

.... ඔබ ඇපල් මලක් වාගෙ ලස්සන වසන්ත කාලෙ මට හදිස්සියෙන් වාගෙ හමු වූ...
අනූ...අර...අනේ..එදාවගේමයි මගෙ මයුර....
මැයිමාරලු...රවිදුවා කිව්වෙ....
ඇයි අනූ මේ රට මෙච්චර ලස්සන....අපි පව් අනූ.....මෙච්චර ලස්සන රටක් තියාගන අපි නොසෑහෙන්න දුක් විදිනවා....
.........දුකම ව්තරක් ව්දපු මිනිස්සු දවසක සැප කියන්නෙ මොකක්ද නොදැන මහපොලවට පස් වෙනවා...එහෙම බැලුවම මොන තරම් පව්ද...
..අපි උන්නෙ සරසවි උයන පහු වෙනවත් එක්කම තිබුන ස්ටේශන් එකේ.....මං හිතන්නෙ මැනිකෙට හති වැටුනා....විනාඩි ගානක් නැවතිලා මැනිකෙ හුස්ම ඇල්ලුවා..යකඩ කදක් උනත් මැනිකෙක්නෙ.....නිකන්ද ගෙන්දගම් පොලවෙන් කන්ද උඩරටට නැලවි නැලවි එනවා කියන්නෙ....
තව චුට්ට දුරයි...
හ්ම්...තව චුට්ට දුරයි....
එදා වගේ මට උඹ එනකන් තට්ට තනියෙන් ගල් බංකුවෙ ඉදන් කිරිමූද දිහා බලන් ඉන්න ඕන නෑ මගෙ මයුර....
මං එයා දිහා බැලුවා...අර ඇත්දල පාට මූන අවර්න උනා....තවමත් ශේශ උන සමහර අතීත මතක එයාව සැරින් සැරෙ රිදවනකොට එයාව ජනත් එක්ක තියලා පොඩි නිම්න එක්ක බුදුන් වැන්ද දවස මතක් වෙලා මටත් රිදුනා...
නෑ....අද මටයි...මගෙ වස්තුවටයි දෙන්නටම පුලුවන් මැටි පහනක් අවුලන්න....එකය හදුන් කූරක් අවුලන්න...මලක් පූජා කරන්න....වේදනාත්මක කාර්තු සදහටම අහවරයි මයෙ අම්මෙ...
.....උඹවම හරි ලස්සනට මං මවන්න ගත්තු එක මං ගත්ත හරිම තීරනයක් මයුර...දන්නවද...උඹ නොහිතම කියන ඔය මයෙ අම්මෙ වචනෙ අස්සෙ පුදුමාකාර ආදරයක් තියනවා මයුර....මේ ඇස් වල ඒ ආදරේ නොසෑහෙන්න තියනවා....
කමක් නෑ.....එදා විදපු දුකට හිලව් වෙන්න...අර්ධ ශතකෙට ලන් කරලා හරි මන් අද මහමෙරක්.තරම්.ආදරේ විදිනවා...මට අද බුදුන්ගෙන් ඉල්ලන්න මහ දේවල් නෑ....ඉල්ලන්න තියෙන්නෙ....මොන ආත්මෙ.කොහොම ඉපදුනත්...මම හැමදාමත් උඹගෙම වෙන්න කියලා ...එච්චරයි .....
මං හැමදාම උඹගෙමයි...
මං හිනා උනා....එයා හිනා උනා..අපි හිනා උනා....එහෙන් උදාරයගෙ උරහිස උඩ උගෙ ආදරේ නිදහසෙ හුස්ම ගන්නකොට මං බලාගන මගෙ අප්පච්චි අම්මා එක්ක පින්තූරයක් ගන්නවා....එයාලා හිනා වෙනවා.....නහර.පෑදිලා හම රැලි වැටුනට මොකද ඒ අත් තවම.එකට පැටලෙනවා....
මැනිකෙ හූ කියනවා...සටස් පටස් ගගා පලල් නිතඹ පද්ද පද්ද සෙංකඩගලට අපිව එක්ක යනවා...කොලම කොලපාට හෙල් අස්සෙන් රතු කැට වහේ මැයිමාර දිලිසෙනවා.....කාලෙකට කලින් වේදනාවෙන් මිරිකි මිරිකි ගියපු මං අද මගෙ ආදරෙ එක්ක ආදරෙ පුරවගන එයා එක්ක අදත් දලදාව වදින්න යනවා.....
අප්පච්චි ...මහන්සිද....මහන්සි නම් චුට්ටක් මෙතන වාඩි වෙමු
නෑ කොල්ලා....මහන්සියක් නෑ.....දලදාව දකින එකත් ඇස් වලට සනීපයක්...මයුර....උඹට පුලුවන් නම් අම්මවයි මාවයි පින්තූරයක් ගනින් පුතෙ....
ගන්නම් අප්පච්චි ....කෝ අම්මගෙ බෑග් එක දෙන්න....
අපි උන්නෙ වැව් රව්මෙ.....දලදාවට ගිහින් වෙනකොහෙවත් නොයා දවල් කෑමට ගෙදර එන්න ගගා දහ අතෙ වැදපු රවිදුවා අපි ස්ටේශන් එකෙන් එලියට එනකම්ම පස්සෙන් ආවා...අවසානෙදි ඌ නැවතුනා.....සතුටු කදුලු බේරුනා....
කෝ අප්පච්චි හිනා වෙන්න...
මං අම්මා දිහා බලන් ඉන්න එකක් ගනින්.....වයසට ගියාට තාම මගෙ පන උඹගෙ අම්මනෙ....
මං අප්පච්චි දිහා බලාගන ලස්සනට වඩා හරි ආදරනීය පින්තූරයක් ගත්තා....මං හිතන්නෙ මයුර කියන පිරිමියට ආදරේ කවන්න ඇත්තෙ මේ මනුස්සයා වෙන්න ඇති....
හරි අප්පච්චි ....
මං අප්පච්චි අතට ඵෝන් එක දුන්නා....අප්පච්චිගෙ මූනෙ හිනාවක්.මතු උනා...
අනූ.....
කියන්න වස්තු....
නුවරට වසන්තෙ ඇවිදින් ....
නුවරට ව්තරද.....ඇයි..මයුරනිම්නට.....උඹට හිතෙන්නෙ නැද්ද වස්තු....මේ රොබරෝසියා පිපුනෙ මයුරනිම්න හන්දා කියලා ...හත්පාට හිත් හන්දා කියලා ...දාසය අවුරුද්දකට පස්සෙ නුවරට පයගහපු මම වෙනුවෙම්ම පිපුන වසන්තයක් කියලා.....

මම එයාගෙ සුලැගිල්ල මගෙ අතට පටල ගත්තා.....නුවර වැව රවුම පුරාවටම මිනිස්සු පිරිලා...හීනියට ගියපු හිරිකඩ වැස්සට රොබරෝසියා තෙමුනා....සමහරක් වල පෙති හැලුනා...අපිට ඉස්සරහින් මගෙ අම්මා අප්පච්චි ....කල්පන උදාරලා යනකොට අපිට පිටිපස්සෙන් .මගෙ නිම්නගෙ අම්මා අප්පච්චි අක්කා..වගේම බඹරෙ වගේ කැරකෙන කුඩම්මා ආවා.....
ජනත් එනවද වස්තු....
චූටි මල්ලි දැනටමත් දලදාව ඉස්සරහා .....
දලදාව ඉස්සරහා...මෙ අපෙ ජනා....
හ්ම්....
ඌ හිනා වෙනකොට තවම කම්මුල් වලගැහෙනවද නිම්න....තවමත් එයා හිනා වෙනකොට ...ඔහ් ...ඕහ් ..ස්..සොරි.....
අනූ...ඔයා හොදින්ද.....
මහත්තයා ...දෙතුන් දවසකින් හරි හමන් කෑමක් නෑ....බත් පැකට් එකක් ගන්න කීයක් හරි.....
මාව වීසි වෙලා ගියා...ජනත් ගැන අහ අහ එයා දිහා බලන් ආව මාව කාගෙ හරි ඇගක හැප්පිලා වීසි උනා...නිම්න මාව අල්ලගත්තා
මහත්තයා ....
හිගන්නෙක්...
රැවුල් කොන්ඩා වාවගන කිලුටු නාගන ...කකුලට සෙරෙප්පුවක් වත් නැති ....එක අතකුත් නැති හිගන්නෙක්..
දවස් ගානකින් බත් කටක් කෑවෙ නෑ කියාගන හාමත් උන හිගන්නෙක්...
වස්තු මාරු තියනවද ...
මං ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම මගෙ නිම්නගෙන් වොලට් එක ගත්තා ...ඒත් එයා උන්නෙ වෙන ලෝකෙක...එයා උන්නෙ අර අත නැති කිලිටි පෙරාගන උන්න හිගන මනුස්සයා දිහා බලාගන වෙද්දි එක පාරම එය මිමිනුවා ....
"අප්පච්චි....."
ව්...ව...වස්තු....
මාව සීතල උනා.....එයා මිමිනුවෙ අප්පච්චි කියලා...මොන අප්පච්චි ....කාගෙ අප්පච්චි ....කොහෙන් ආව අප්පච්චි ???
වස්තු....මොනවද මේ කියවන්නෙ....
වයසක වැහැරුන හිගන මනුස්සයව දැකපු නිම්න මගෙ පිටිපස්සෙන් හැංගෙනකොට අතකුත් හිගන්නා මගෙ ගාව නැවතිලා අත දික් කරගන ඉන්නකොට හත් අවුරුද්දකින් නාපු නැති මටුලු ගැහුන පැනි පාට කොන්ඩෙ අස්සෙ දූවිලි පිරුන නලලෙ තිබුන කැලැල දැකපු මාව සීතල වෙලා ගියා....
ඒඇස්.....ඒ කැලැල්.....
දෙවියනෙ මේ ඉන්නෙ ජයවර්ධනයා ...මේ මිනිහා ගෙ අත කෝ....නලලෙ කැලැල්...අනිත් අය විතරක් ඒ විදිහම ඉන්නකොට ඇයි මේ මිනිහට විතරක් ....
නිම්න හැන්ගෙනවා...මොන මගුල කලත් මගෙ කොල්ලගෙ බය එහෙම්ම වෙනකොට අතට අහු උනේ කීයද වත් නොබලා මං මිනිහගෙ අතට සල්ලි මොටමොලවලා මගෙ නිම්නවත් අරන් එතනින් එන්න ආවා...
අ..අ..අනූ....
ඇයි වස්තු මේ....ඇයි මේ...ඌ උඹගෙ අප්පච්චි නෙවෙ නිම්න...ඌට ආයම කවදාවත් ඒ තැන ගන්නවා තියා හිතන්නත් බෑ...අර බලපන්...උඹගෙ අප්පච්චි ....එකට් දෙකක්ම ඉන්නෙ....අර බලපන්කො වස්තු
මං...මං බය උනා අනූ ....අනෙ මං නොසෑහෙන්න බය උනා බන්.....
ඇත්ත ඒ ඇස් ඒ මූන .....බය වෙලා...එයාට හීනියට දාඩිය රැල්ලකුත් දාලා...මට පව් කියලා හිතුනා.....
මගෙ නිම්න....ආයම කවදාවත් උඹග් ජීවිතේට උඹගෙ අනූ ඉන්නකන් ඒ අදුරු හෙවනැලි වැටෙන්නෙ නෑ...මම උන්නත්...මම මලත්.....මං උඹව රකිනවා නිම්න.....මොකද...උඹගෙ මයුරට...උඹගෙ සුදු මල්ලිට තරම් උඹව රකින්න කාටත් බෑ නිම්න.....
.......සමාවෙන්න....
ඇයි....සමාව
එක තත්පරේකට මට අමතක උනා මාව රකින මහ පවුරක් වගේ පිරිමියෙක් මගෙ ගාව ඉන්නවා කියලා....සමහර බයවල් ආත්ම ගානක් ගියත් මැකෙන්නෙ නෑ වගේ....කරුමෙට මං ඒ ඇස් දැක්කත් බයයි මයුර...තවමත් මට මරන වේදනාව දැනෙනවා....
මං ඒ අත අල්ල ගත්තා...අම්මා අප්පච්චි ලා අපිව දාලා සෑහෙන දුරක් ගිහින් මං එයා එක්ක එහෙම්ම වලාකුලු බැම්මටහේත්තු උනා...හුස්මක දුරින් දලදාව පේනවා...හුලන් රැලි ඇවිදින් කිරි මුහුදට හාදු තියන වාරයක් ගානෙම බෝගම්බරේ රැලි ගහනවා....
නිම්න...
හ්ම්.....
බුදුන් ගාව නැති සැනසීමක් නෑ නිම්න.....ගිනි මැද ගිනි දාහක් ඇවිලුනත්....බුදුන් ගාව නිවන තියනවා....එහෙම නැති නම්.....අන්තෙටම අසරන උන පටාචාරා නිවෙන් නෑ.....ගුරුපඩුරු දෙන්න ආවේසෙන් දුවාපු අංගුලිමාල දමනේ වෙන්නෙ නෑ....වස්තු දන්නවා යශෝදරා උත්තමාවියත් මහ සාගරයක් තරම් කදුලු හලලා...හලලා....අවසානෙදි බුදුන්ගෙ කසාවත හාව නිවුනා...ඒ සිරිපතුල් ගාවදි වේදනාවෙන් නික්මුනා....
ඉතින්...අර බලපන් රත්තරන් දලදාව....උඹගෙ මයුරව නිවපු දලදාවම උඹව නිමන්නෙ නැතුවද...
එයා හිනා උනා...සාරසොභාව පිටාර ගලන හරි ආදරනීයම හිනාවක් එක්ක එයා මගෙ දිහා බලලා හිනා උනා....ජීවිතෙ එක තැනකදි මනුස්සයෙක්ට කරන්න තියා හිතන්නවත් අමාරු පාප කාන්දරාවකට කරගහපු ජයවර්ධනට කිසිම සංසාර කන්නෙක සැනසීමක් ලබන්න සුදුසු කමක් නැති වෙනකොට අහේතුක ප්‍රේමයක් වෙනුවෙන් අප්‍රමාන වේදනා උහුලපු මට දෙවියො කවදාවත් පර නොවෙන වසත් ඍතුවක් දීලා තිබුනා...
ඉතින් මේ නුවරම සුවදයි....
වස්තු....මොන මල්ද ඕන.....
අරකෙන් එකයි.....මේකෙනුත් එකක් ගමු අනූ....
මං එයාට දහක් දුන්නා...වට්ටියක් පන්සීයයි... ඕලු නෙලුම් මානෙල්...පිච්ච නිල්කටරොලු ...දලදාව ඉස්සරහා මල් ලෝකයයි....
අප්පිච්චියෙ ...පුතාත මල්...
පුතාට මොන මල්ද ඕනෙ....
මේ..මල්....එක මලක් අති නේ අප්පිච්චියෙ ....
එක මලක් මදිනෙ රත්තරන් ...සාධුට එක මලක් ඇතිද....
ඔව්නෙ..ඇති නෑනෙ...
මං උන්නෙ පැන් ඉහ ඉහ...මගෙ නිම්න මට එහා පැත්තෙන්....හුරතලෙ පිරුන ඇබිති පැංචෙක් අප්පච්චි එක්ක හරි හරියට කියවනකොට මට ඒ මූන පොඩිය නොබලම ඉන්න බැරි උනා
අප්පිච්චියේ....
ඕ...පන....
මොනාත..මේ....මල්....කව්ත...මේක....
ගැටපිච්ච .....ඉඹින්න එපා.....ඉඹින්න හොද නෑනෙ...
ගැතපිත්ත.....
ඔව්නෙ....සාධුට තියන.මල් ඉඹින්න හොද නෑ...මගෙ පුතා ජෝ චුට්ටක් අරන් මල්වලට දාන්නකො....
මං බලාගන උන්නා..ගැටපිච්ච ?ගැටපිච්ච මල්....ඒ සුවද...මට පිටුපාන් ඉන්න පිරිමි පරානෙ ගැටපිච්ච මල් අහුරකට පැන් ඉහන ගමන් කොලු පැංචා එක්ක කතා කර කර ඉදලා ලමයවත් අතින් අල්ලන් අපිව පහු කරගන යන්න.හැදුවා.....
නන්දන....!
පිනක් තිබුනොත් සර්වසම්පූර්න පිරිමි ආත්මයක් ප්‍රාර්තනා කරපු නන්දන.....
මං එහෙම්ම නිල් අහස් තලෙ දිහාව බැලුවා.....එයා අප්පච්චි කෙනෙක්....ආදරෙ වෙනුවෙන් තමන්ගෙ ආත්මෙ පවා මුලින්ම උදුරපු ගැටපිච්ච කුමාරි.....දිලිසෙන සාරි වෙනුවට නිල් කලිසමට සුදු ශර්ට් එක ඇදලා...වත් සුනු වෙනුවට මූන පුරාවටම රැවුල වවාපු නන්දන සර්ව සම්පූරනම පිරිමි ආත්මෙකට අයිතිවාසිකම් කියාගන ආදරෙ පිරුන කැදැල්ලක් හදන් තිබුනා.....
මං හිනා උනා....මා එක්කම මං හිනා උනා...අමුතුවට පටන් ගත්තු අමුතු කතාවක වේදනාව දෝරෙ ගැලුවත් මොකද අවසානෙදි නීරහ හරි අමතක වෙන්නම රහ වෙලා තිබුනා....
එන්න අනූ.....
පැන් ඉහාපු මල් අහුරු තෙල් හදුන්කූරු ඔක්කොම අරගන මම එයා එක්ක ගිහින් මගෙ අප්පච්චි ලා...අම්මලා එක්ක මාව නිවපු....එයාව නිවපු...මුලු ලෝකයක් නිවාපු ඒ තථාගතයානන් වහන්සේට සැදැහැසිතින් ...වේදනාවක් කියන අංශුමාත්‍රයක් වත් නැති හිතින් මල් පහන් පූනා කරන්න ගත්තා...
මයුර...
රවිදු.....
මං හැරිලා බැලුවා....මැටි පහන අවුලනවත් එක්කම මට පිටිපස්සෙන් ඇහුන කට හඩ එක්ක මං හැරිලා බැලුවා...උදාර කල්පන ගෙ ඇස් තෙත් උනා.....ජනත්....හිනාවෙනකොට වල ගැහෙන හරි ලස්සන හිනාවක් තිබුන ජනත් අයියා.....සයුරු කල්හාර බස්නායක නමින් ඒ අම්මගෙ කුසෙන්ම එලි බැහැලා තිබුනා...
මේඝ කල්හාර....සයුරු කල්හාර....ආදරේ පුරවගන අපි වෙනුවෙන් ඇවිදින් තිබුනා...
මයුර මල්ලි....
මං මොනව කියලා කියන්නද.....වැලදගැනීමක් දෙනවා ඇරුනම...සයුරු...ඇත්ත...ඒ ඇස් සයුරක් හා සමානයි ...නිල් ඇස් හිනාවෙනවා...සතුටු කදුලු කඩා හැලෙනවා....මගෙ අම්මා අප්පච්චි ....මේ හැමෝගෙම මූනු කාලෙකට පස්සෙ පාට වැටිලා.....
රොහාන් ....කමනී.....
මගෙ කොල්ලා..උඹ ආවා...උඹත් ආවා එහෙනම්....උඹලා හැමෝම ආවා...උඹලා හැමෝම අපි හැමෝටම සැනසීම අරන් ආවා.....දැන් ඉතින් අපි වයසයි....ඒත් සැනසීමයි....නිකන්ද....දාසය අවුරුද්දක් උඹලව දරාගන අපිත් උන්නා කියන්නෙ...වරදින්නෙ නෑ...උඹලට කවදාවත් වරදින්නෙ නෑ....ආදරෙන් ඉදිල්ලා...දැන් ඉතින් නේ රොහාන් උඹලගෙන් නිදහස් .....
.අප්පච්චි ...
මගෙ ඇස් වලින් කදුලු බේරුනා....මං වැටුන හැම තැනකම මාව දරාගත්තු මන් අඩන හැම තැනකම මගෙ ඇස් වහලා කදුලු හලාපු නොදරු කාලෙ පටන් කරපින්නන් මාව හදා වඩාපු අප්පච්චි ගෙ වචන ගාවදි මට කදුලු නවත්තගන්න බැරි තැන මං ඒ කකුල් ගාව වැද වැටුනා.....
කොල්ලො.....නැගිටපන්...නැගිටපන් මගෙ එකා...උඹට වරදින්නෙ නෑ මගෙ පුතෙ...උඹට වරදින්නෙ නෑ...උඹගෙ අප්පච්චි ට ආඩම්බරයි ...උඹ වගෙ කොල්ලෙක් හැදුවා කියන්න මට ආඩම්බරයි ...කල්පනයා ....උදාරයා....කොල්ලො...උඹලට මන් හැමදාමත් අප්පච්චි කෙනෙක් උනා...එදා වගේමයි....වයස කියන්නෙ ඉලක්කමක්.....උඹලගෙ රොහාන් දැන් අබලන් වේගන එන්නෙ....ඒත්.....උඹලට තියන ආදරේ එදාවගේමයි....උඹලා...උඹලගෙ කූඩුවල සතුටුන් ඉදිල්ලා...ආදරෙන් ඉදිල්ලා...ඒත්....වෙලාවක් තියන වෙලාවක...මතක් උන වෙලාවක....වරෙල්ලා....එදා වගේම...මෙ කමනියි...රොහානුයි උඹලට දොරවල් අරිනවා....
මට ඉකි ගැහුනා...අඩන්නෙ නෑමයි කියලා හිතාගත්තා උනත් අප්පච්චි ගෙ වචන අපි හැමෝවම අඩවනකොට මගෙ අම්මා ඇස් වල කදුලු පුරවන් බුදුන් එක්ක ගනුදෙනුවක උන්නා....
කල්පනයා...උදාරයා කොල්ලො...
රොහාන් ....අනේ එපා බොසා...අපි හැමෝම සතුටින් ඉන්නෙ....මයුරයා...රවිදුවා...අපි හැමෝටම අපි ප්‍රාර්තනා කරාපු සැනසීම ලැබුනා....
නෑ.....උඹලා දෙන්නට මේක කියන්ඩම ඕනා....උඹලා දෙන්නට මං මේක කියන්ඩම ඕන...මගෙ කොල්ලා මොකක් හරි පිනක් කරලා තියනවා...කරාපු පවකට ඌ ගංගාවක් තරම් කදුලු හැලුවත්.....උඹලා දෙන්නා ඌව කවදාවත් වැට්ටුවෙ නෑ පුතේ.....උඹලා අපිටත් වඩා මගෙ කොල්ලව අල්ලන් උන්නා...ඒ පිනම ඇති.....ඒ පිනම ඇති උදාර උඹට හරියන්ඩ....එ පිනම ඇති කල්පනයා උඹලට හරියන්ඩ....මට මගෙ එකත් එකයි....උඹලා තුන්දෙනත් එකයි....මගෙ කවදාවත් වෙනසක්.තිබුන් නෑ....උඹලා ඔක්කොටම මං කවලා තියනවා...මගෙ උන් වගේ මන් හදලා තියනවා...
දැන් ඉතින් කදුලු වලට තිත තියලා සැනසීමෙන් හුස්ම ගනිල්ලා...උඹලට දලදාහාමුදුරුවන්ගෙම පිහිටයි...
මං අප්පච්චි දිහා බලාගන උන්නා...අප්පච්චි හිනා උනා....අවුරුදු ගානකින්.මගෙ අප්පච්චි අවංකවම හිනා වෙනකොට පැන් ඉහාපු මල් වලට මගෙ කදුලු වැටුනා.....
ඇත්ත....උදාර කල්පන කියන්නෙ ජාති ජාතිත් ප්‍රාර්තනා කරන්න ඕන මනුස්ස පරාන දෙකක් වෙනකොට මං උදාරයගෙ කල්පනයගෙ අත් අල්ලගත්තා ...
මචන් .....
මයුරයා.....
ජාති ජාතිත් උඹලා දෙන්නට පින්.....කඨෝරම කාර්තුවලදි මාව දරාගත්තට....මට වැටෙන්න නොදුන්නට.....මාව රවිදුවව උහුලන් උන්න උඹලව මං ජාති ජාතිත් ප්‍රාර්තනා කරනවා...උඹලගෙ යලමහ කන්න හැමදාම සරුසාරවෙන්න ඕන උදාර.....
ස්තූතියි ...අනේකවාරයක් ....
ඒ වගේම.....
ආදරෙයි ප්‍රමානයක් කියන්න බැරි තරමට...!
අනූ ...එන්න මේ මල් එක තියමු.....
අපි බුදුන් වැන්දා.....මේ දුන්න සතුටට මෙ වස්සාන ඍතුවට මං එයා එක්ක අනන්ත අප්‍රමාන ස්තූතියි කිව්වා.... දෙවාලෙ ගාවදි අවසානම මල් අහුර එයා එක්ක පූජා කරන්න අත තියාපු මං අවසානෙදි මේ සෙංකඩලගල පින්වන්තම බිම් කඩ ඇතුලෙ සැන්සීම පිරුන හුස්මක් අරන් පාතට දලා එයා එක්ක එලියට ආවා....
ඉතින් වස්සාන කාර්තුව පටන් ගත්තා....හුලන් රැලි වලට බෝපත් තාලෙට එහා මෙහා වැනෙනවා....මං එහෙම්ම බිම තිබුන කහ ගැහුන බෝපතක් අහුලගත්තා.....එයා එක්කම බුදුන් වදින්න එන්න පින් ඉල්ලපු මට අවසානෙදි වස්සාන කාර්තුවක ඒ පින ලැබුනා....
උදාර කල්පන තවත් හදුන් කූරු අහුරක් අරන් යනකොට මං බලාගන ජනත් රවිදු එක්ක පහනකට තෙල් වක්කරනවා...මගෙ අම්මා අප්පච්චි හරි සැනසීමෙන් බෝ මලුවෙ ඉදන් ඉන්නකොට සුචිත්‍රම්මා අප්පච්චි අක්කා එක්ක මෙහෙනින් වහන්සෙ කෙනෙක් ගාව නැවතිලා උන්නා....
නිම්න....අක්කා.....
එයාගෙ සැනසීම තියෙන්නෙ දැන් එතන විතරයි අනූ......ආදරේ වෙනුවෙන් මහන්සි උන එයාගෙ හිතට දැන් තියන එකම නිවන ඔතන විතරයි....ඉතින්...ආශිර්වාද කරනවා ඇර කදුලු හලලා හතරවරිගයක් සංසාරෙන් එතෙරකරන්න යනමේ ගමනට අපි බාදා කරන්න නරකයි ...අනූමයි කිව්වෙ...බුදුන් ගාව නැති සැනසීමක් නෑ කියලා...රාහුල මාතාව පවා සැනසීම හොයා ගත්තෙ මේ කසාවතෙන්....ඉතින්....මේඝටත් මං ඒ සැනසීම ප්‍රාර්තනා කරනවා....
මං හිනා උනා.....නිම්නා අක්කා මෙහෙනින් වහන්සෙ පස්සෙන් හරි හිමීට අඩිය තියනකොට මං අවසානෙදි දලදාවත් ඈතින් පේන රොබොරෝසියා වසන්තෙත් දිහා බලලා පපුව හෑල්ලුවෙන්න හුස්මක් ගත්තා...
උඹ ප්‍රාර්තනා කරන සැනසීම කසාවත හෙවනින් උඹට අනිවාර්යයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා නිම්නා....!
ඉතින්....ඛේදාන්තෙකින් පටන්ගත්තු මයුරනිම්නෙකට අවසානෙදි වසත් සුවද දැනුනා...
අවුරුදු දාසයකට පෙරාතුව මේ බුදුන් ගාවම කදුලු හලපු මං අද සැනසීමෙන් හුස්ම ගන්නවා....
මගෙ අනූ.....
මං මගෙ අත් ගොබේ එල්ලුන නිම්න දිහා බැලුවා.....එක තත්පරේකට අතුරුදහන් වෙච්ච එයා ආයම ඇවිදින් තිබුනා...නිකන් නෙවෙ....මූන පුරවලම හිනාවක් එක්ක....
දෙයක් දෙන්නද.....
මොනවද...
සදාකාලික ආදරෙන් මල් අහුරක්....
Forget me not...?
හ්ම්...මගෙ ආදරෙත් එක්කම...අගෙ අනූ....උඹත් මමත්...හමුවෙන්න විතරක් නෙවෙ...හිමිවෙන්නත් සංසාර ගානක ඉදන් අපි අපිවම පතාගන ආව එවුන්...ඉතින්...උඹෙගෙත් මගෙත් ආදරේට දීඝායු පතපන් මගෙ සුදු මල්ලි....මන් උඹට හැමදාමත් ආදරෙයි...
ඉතින්...මේ ආදරේ ආගමක් නම්....සත්ත්‍යි...මයුරනිම්න කියන්නෙම ඒ ආදරේ වදින ගාථාවයි මගෙ මයුර....
ඇත්ත.....මේ ආදරෙ ආගමක් නම්.....උඹත් මමත් ගාථාවයී...ඉතින් රත්තරන් ...හත්පාට ආදරෙ ගැන උගන්නන සිනි නැති කෝපි එකක් ඉල්ලන් ආව උඹ කියන්නෙම මට වස්තුවක්.....ඉතින්....මේ දලදාව ගාව ප්‍රාර්තනා කරපන් මගෙ නිම්න....
හත්පාට හැම හිතකටම උන් පතන ආදරේ උරුම වෙන්න කියලා.....
ඒ විතරක් නෙවෙ...ප්‍රාර්තනා කරපන් සුදු මල්ලි.....මං වගෙ බිදුන හැම බිලින්දෙක්ටම උඹ වගෙ ප්‍රේමවන්තයෙක් මුන ගැහෙන්න කියලා .....
එ වගේම ප්‍රාර්තනා කරපන්.....උපන් සංසාරෙ කොතන තැනක කිසිම අහසකින් දුරුතු හදක් කඩන් වැටෙන්න එපාය කියලා....
හැම හිතකටම වස්ත් සුවද හැමදාමත් උරුම වෙන්න කියලා...!!!
මං හිනා උනා..එයා හිනා උනා....නිල්පාට ආදරමල් අහුරක් එක්ක ලාරෝස රොබොරෝසියා මලක් මගෙ අතට මිටමොලවපු හත්පාට ආදරේ ඇති වැරද්ද මොකක්ද අහන ගමන් මගෙ ඇස් වහන් තිබුන අංගාර කඩතුරාව සදහටම අහක් කරාපු මගෙ සෙනෙහෙවන්තයා එක්ක මං එහෙම්ම දලදාවෙන් එලි බැහැලා දලදා වීදියෙදි අත් පටලවගත්තා...!
ඉතින් අහවරක් නැති වේදනා සමුද්‍රයක ගිලුන මයුර නම් ප්‍රේමවන්තයට අහවරක් නොවෙන වසත් ඍතුව ලැබුව වගයි.....!!!

මලනොතලා බඹරො රොන්ගන්නෑ දී වේදනා.....
පෙම්වත ඔබ් ආලෙ වන්දනාවක් සුවපත් වෙනා.....
ගලනා ගංගාවො.....නිහඩව මුහුදු ගියෝ....
හැබැහින් පෙම්බැන්දෝ.....සසරේ එක්වූවෝ.....!
ස්තූතියි ...ආදරෙයි හැමෝටම....
මන් ජොබී