Cherreads

Chapter 77 - 77

මයුරයා...යෝ.....මේක පිඹපල්ලකො....බලන් ඉන්නෙ....

ඉටිපන්දමක් ඇවිලෙනවා....නිකන් නෙවෙ....ඉලක්කම් දෙකක.....ඇබිත්තකට නැති රවුම්ම රවුම් කලු චොක්ලට් කේක් එකක් උඩ තිස් හයේ ඉටිපන්දම ඇවිලෙන හැටි මං බලන් උන්නා.....

කල්පනයා එහෙන් කෑ ගහනවා මේක පිඹපන්කො කියලා...ඒත් පිඹින්නෙ කොහොමද ...ප්‍රාර්ථනාව නැතුවම...

.මට මොනවා හරි ඉල්ලන්න පුලුවන්ද .....

උඹට මොනාද ඕනෙ කියපන්....ආය සේසතම වියදම් කරල හරි ගෙනත් දෙනවා..කියපන්...මේ කල්පියා ගාව වචන දෙකේ කතා නෑ...

නෑ...උඹගෙන් නෙවෙ.....

එහෙනම්...අපෙ මිනිහගෙන්ද ....සෙනේ ....මෙ අපෙ කොල්ලට

නෑ කල්පන එහෙම දෙයක් ගැන නෙවෙ මන් කියන්නෙ මං අහන්නෙ මේ ඉටිපන්දම නිවන්න කලින් මට මොකක් හරි ප්‍රාර්තනාවක් කරන්න පුලුවන්ද ....?

පුළුවන් අපි හැමෝම උඹගෙ ප්‍රාර්ථනාව වෙනුවෙන් ප්‍රාර්තනා කරන්නම්...

.මං ප්‍රශ්නෙ ඇහුවෙ කල්පනගෙන්...ඒත් මට අවසාන උත්තරෙ ලැබුනෙ උදාරගෙන්.....මට ඕන උනා ප්‍රාර්තනාවක් කරන්න...ඒත් උන් බලන් උන්නෙමන් ඉටිපන්දම නිවලා කේක් කෑල්ල දෙනකන්......

අවසානෙදි මං ඇස් පියාගත්තා....තිස් හයෙ ඉලක්කම උඩ කහ පාට පුංචි ගිනි දැල්ල එහා මෙහා නටනකොට මං ඇස් පියාගන ප්‍රාර්තනා කෙරුවෙ එකම දෙයයි...මගෙ සැනසීම මට ගෙනත් දෙන්න කියලා .....

එච්චරයි මං ඉන් එහා මට කියලා මොකුත් ඉල්ලුවෙ නෑ...මොකද ඔය සැනසීම ඇතුලෙ හුගක් දේවල් තියනවා....මං ඒ පාර්තනාව කරලා හිමින් සීරුවෙ ඇස් ඇරාලා ඉටිපන්දම නිවුවා....

උන්ම පුංචි පීත්ත පටියක් ගැටගහලා සරසන් අරන් ඇවිත් තිබුන පිහියෙන් මං අර කේක් කෑල්ල කපලා මගෙ ලගම උන්න කල්පනගෙ කටට ලන් කරනවත් එක්කම කැෆෙ එක පැත්තෙ තිබුන දොරෙ වින්චයින් එක හෙලෙ උනා.....කවුරු හරි ඒ පැත්තෙ දොර අරින්න හදනවා.....

මයුරයා.....උඹට කස්ටමර් කෙනෙක්....

කෙල්ලෙක්....ඵෝන් එකත් කනේ ගහන් කෝල් එකේ සිහියෙන් ඇවිදින් වහලා තියන වීදුරු දොර අරින්න හදනවා.....

එක්කො මං කියන්නද අපි අද වහලා කියලා .....මේක කොහොමත් අද වහලනෙ බන්.....නැත්තන් ඒකි ඔය ඵෝන් එකේ සිහියෙන් දොර ගලවනවා

ම්න්....කියපන්.....

මගෙ ගාව උන්න කල්පනයා තවමත් දොරට අත තියගන කෝල් එකට උත්තර බැද බැද ඇතුලට එන්න හදනකොට කල්පනයා අද අපි වහලා කියලා කියන්න ගියත් මට හිතුනා....කෝපි එකක් හොයන් එන්නෙ බඩ ගින්නට තිබහට මිසක් ආසාවට නෙවෙ කියලා ...අනික...අපෙ පැවැත්ම කියන්නෙ අපි ලගට එන මනුස්සයො නිසා වෙනකොට මං එහෙම්ම කල්පන පස්සෙන් ගියා....

කල්පන.....කමක් නෑ ..ඇතුලට ගම්මු....ගිහින් එහා පැත්තෙන් දොර ඇරපන්..ආ යතුර...

උඹල අද නිවාඩුනෙ...

ඒකට කමක් නෑ.....එක කෝපි එකක් නෙ.....ඇරපන්....

මං මගෙ සාක්කුවෙ තිබුන යතුර කල්පනට දීලා ඇරියා.....අර කෙල්ල තවම කෝල් එකෙ....එක අතකින් දොරේ හැන්ඩ්ල් එක අල්ලගන වගේම ඒ අතේම අත යට පොතක් හිර කරගන....

හරි....මට සම්පූරනම ගාන කියන්නකො මිස්ටර් ...අපි මීට කලින් ඔයාලා ලව්වා පබ්ලිශ් කරගත්තු නැති අය නෙවෙනෙ.....

තව දෙයක් මේපාර මගෙ සම්පූරනම නම වෙනුවට මේඝා කියලා විතරක් දාන්න ...මොකද මල්ලිගෙයි මගෙයි නම් පටලගන්නවා ....අනික අර මගෙ පලවෙනි කවි පොත ...ලැවැන්ඩර් එක...මේකෙනුත් ටිකක් මට ඕන.....හ්ම්...හ්ම්....හ්ම්...

හරි මං හෙට වෙනකොට සම්පූරනම පේමන්ට් එක දාන්නම්.....ඕකෙ.....හරී....ගොඩක් ස්තූතියි මිස්ටර් උදේශ්....

මං එයාගෙ කතාව අහවර වෙනකන් බලාගන උන්නා.....මොකද කතා බහ අනුව එතන තිබුනෙ වල් පල් සංවාදෙකට එහා දෙයක් වෙද්දි මම මේ කෙල්ලගෙ සංවාදෙට කන් නොදී කන් දීගන බලාගන උන්නා....

එයා ලියන එක්කෙනෙක් වගේ...කවි පොතක් ගැන කියෙව්වෙ ....සමහර විට මෙහෙ ආවෙ කෝපි එකක් බොන්න නෙවෙ වෙන්නත් පුලුවන් ....

සොරී....මේක අද වහලද.....

අද නම් අපි වහලා ....

අනෙ එහෙමද...ම්ම්ම්...දැන් මොකද කරන්නෙ මේ ළඟ කැෆේ එකක් නැතුව ඇති නේද ...

මේ හරියෙ නම් තව කැෆේ එකක් පයින් යන දුර නම් නෑ...නැත්තන් ග්‍රෑන්ඩ් එක තියනවා.....අපි අද වහල ඒක ඇත්ත...ඒත් මිස්ට කෝපි එකක් දෙන්න බැරි කමක් නෑ....

අනෙ...අනෙ ඇත්තටම ගොඩක් ස්තූතියි .....උදේ ඉදන් මං වතුර උගුරක් වත් නැතුව පුදුම තිබහකින් ඉන්නෙ...

ම්න්...මිස් ඔහොම්ම ඇතුලට එන්න....

කෙල්ල කට පුරවලම මා එක්ක හිනා උනා....ඒ විතරක් නෙවෙ නිවාඩු උනත් කෝපි එකක් දෙන්න බැරි නෑ කියනකොට කෙල්ල පපුවට අතකුත් තියාගන මට සියවතාවක් විතර ස්තූතියි කියලා ඇතුලට යනකොට මං අනිත් පැත්තෙන් ඇතුලට ආවා...

මොකද බන් උනෙ...

කෝපි එකක්.....මම හිතුවා වගෙ හරි...මිනිස්සු එන්නෙ තිබහවෙන් බඩගින්නෙන්....ඉතින් එහෙම වෙලාවට දැක දැක නොදැක්කා වගෙ ඉන්න බෑ උදාර.

ඒක ඇත්ත....උඹට මොකක් හරි උදව්වක් ඕනා නම් කියපන්....

අවුලක් නෑ..උඹලා කාපන් මන් ඒක දීලා එන්නම්..

උදාරයට අනිත් උන් එක්ක එකතුවෙලා කේක් එක කන්න කියපු මං එහෙම්ම කැෆේ එකට ඇවිත් ඒප්‍රන් එක ඇදගත්තා .....ඒත් කෙල්ල.....කෙල්ල කෝ...කෙල්ල ඇවිදිනවා .....නිකන් නෙවෙ කෙල්ල උන්නෙ කෙල්ල ආවෙ කැෆේ එකකටමද කියලා හොයා ගන්න බැරි තරම් පුදුමෙන් වෙනකොට මම බලාගන එයා හරි ප්‍රවේසමට පොත් අත ගානවා...

මං බලාගන ඒ මූනෙ පුදුමෙත් එක්ක හරි අපූරු හිනාවක් ඇදෙනවා...

මම බලන් උන්නා....පොත් තියන රාක්ක ගොඩෙ එහාටත් යන්වා මෙහාටත් යනවා ...අවසානෙදි එයා එකම එක තැනක නතර වෙනවා ....

ඇත්තටම මේ කෝපි කඩේ....මේ කෑම කඩේ හදවත තිබුනෙම ඔතන .....පන ගැහෙනම තැන ඔතන.....මෙතනින් මං ප්‍රවේසම් කරනම තැන ඔතන ...

එයා අවසානෙදි නැවතුනා.....වෙන කොතනවත් නෙවෙයි....මගෙ නිම්න මුලින්ම ඇවිදින් ඉදගත්ත මුල්ල....සීනි නැති කෝපි එකක් ඉල්ලන් හත් පාට ආදරේක ඇති වැරද්ද මොකක් ද කියලා මගෙන් පන්න පන්න ප්‍රශ්න කරපු මුල්ල...

කිඩිම අවරයකින් තොරව ඉදගන්නවත් වරමක් නැති වටිනම තැන වෙනකොට මං බලාගන කෙල්ල එතන නැවතිලා සෑහෙන්න වෙලා බලන් ඉදලා ඉදලා කවුන්ටර් එක ගාවට ආවා....

මිස් මොනවද බොන්නෙ...

කෝපි එකක්.....මට කලු කෝපි එකක් ...

සීනි කොහොමද ...

.....ම්ම්ම්...මං සීනි නම් බොන්නෙත් නෑ..

...හැදි කාලක් වගෙ දාන්නකො...

කෝපි එක විතරද....

...ම්ම්ම්...කෙරෝසන්ට් එකක් දෙන්න.....

ජෑම් කප් එකක්?

දෙන්න....

මෙච්චරයිද....

ඔව් මෙච්චරයි .....

මං ඕඩර් එක ගත්තා...කලු කෝපි එකක්...සීනි හැදි කාලක් එක්ක කෝපි එක ඉල්ලපු කෙල්ල කෙරෝසන්ට් එකක් ඉල්ලුවා .....මං එහෙම්ම ගිහින් ප්ලේන් කෙරෝසන්ට් එකක් අරන් මයික්‍රො එකට දැම්මා....හැබැයි ඒ එනකනුත් කෙල්ල වාඩි වෙන්න ගිහින් නෑ.....තවමත් කවුන්ටර් එක ගාව .. ....

මිස්ටර් ...ඇත්තටම ...මේක කාගෙ අයිඩියා එකක්ද....මේක හරි ලස්සනයි...ඇත්තටම මේකට ලස්සනයි කිය්ද්න එකත් මදි කමක් වගෙ.....

මන් හිනා උනා. ...එයා මේක වර්ණනා කරනවා...එයා කොට්න්ම කෝපි එකේ සුවදටත් වඩා පොත් සුවදට වහ වැටෙනකොට මං නිරහංකාරවම මේක අයිඩියා එකක් කියන ගමන් හදපු කෝපි එකයි ප්ලේට් එකට තියාපු කෙරෝසන්ට් එකයි ජෑම් ඩප්පියයි පොඩි බටර් පැකට් එකයි පිහියයි හැන්දයි මේ ඕකොම එකට ට්‍රේ එකක දානකොට කෙල්ල ඒක අරන් ඉදගන්න ලෑස්ති උනා....

හැබැයි....කරුමෙටම තහනම් කලාපෙ!

එක්ස්කියුස් මී.....

ඔව්...

මිස්....තරහා ගන්නෙ නැතුව වෙන තැනකින් වාඩි වෙන්න පුලුවන්ද ...මොකද ඔතන නම් වාඩි වෙන්න දෙන්නෙ නෑ...

අනේ ..එහෙමද ඒ ඇයි ඒ....කමක් නෑ....මං වෙනතැනක වාඩි වෙන්නම්....

ස්තූතියි ....

මොනවා උනත් එතන තමයි මෙතන ලස්සනම තැන...මොකක්ද මන්දා හරි අමුත්තක් තියනවා...

.අමුත්තක් කියන්නෙ ...ඇත්තටම එතන...අවුරුදු ගානක ඉදන් කෙනෙක් වෙනුවෙන් වෙන් කරාපු තැනක්.....

විශේශ කෙනෙක් වෙන්න ඇති ....

ම්න්...ඔව්...එයාව මට හුගක් විශේශයි....මිස්ට පුලුවන් කෝපි එක බොන්න මං එහා පැත්තෙ ඉන්නවා.....

.එයාව වෙන තැනකට මාරු කරලා එයාගෙ පාඩුවෙ ඒක බොන්න දීපු මන් ආපහු උදාරලා උන්න තැනට ආවා.....

හරිද බන්....

.

ම්න් හරි.....කපන්නද....

කපපන්.....

මං නවත්තපු කේක් එක ආයම කැපුවා...කපලා උන් හැමෝටම කෑල්ල කෑල්ල කවලා උන් තුන් දෙනා අතින් මටත් කවා ගත්තා.....ඇත්තටම මේක හීනයක් වගේ..... ..අවුරුදු එකොලහක්.....අවුරුදු දහයකින් අපි ආයම අපිට හම්බ වෙන්නෙ....

සුදු වෙන උන් සුදු වෙලා...හැදෙන උන් හැදිලා....ලස්සන වෙන උන් ලස්සන වෙලා....විපරියාස නම් සෑහෙන්න වෙලා තිබුනත් ..ඇතුලාන්තෙන් අපේ සම්බන්ද කම..එදා වගේම තිබුනා.....

ආය කොහෙද යන්නෙ...

හරි නෑනෙ.....මේක දෙමු....

මන් ආයම නැගිට්ටා ....

ආ...ආ....මයුරයා...උඹ ඒ පාර ටේස්ට් එක වෙනස් කරගත්තද....

විකාරද උඹට?

විකාර නෙවෙ....කල්පියා අවදානෙන් ඈ...මං බලාගන....නෝනා හාමිනෙ එක්ක උඹගෙ කිචි බිචිය...බුංජියට අකටයුත්තක් කරනවා නෙවෙ....මහ වේසයි ආ එහෙම උනොත් නම්...

මොනවද කල්පන ඔය කියවන්නෙ.....

යෝ සෙනෙ...මං එපැයි මූව බලාගන්ඩ....යන්න කලින් චූචි බුංජියා කල්පියට කිව්වනෙ...අවදානෙන් ඉන්න කියලා මූ ගැන.....

..උඹට විකාර බබා...

විකාර නේන්නම්...මං ඇවිත් කිව්ව දේ අකුරට කරන මිනිහෙක් සෙනේ....මට උඹව බලාගන්න වට වඩා ඌව බලාගන්න ඕනා...ඔච්චර ලොකු කෑල්ලක් දෙන්න එපා ඉතින් ඇයි යකො...මයුරයා...තෝ වෙනස් වෙලාද.....ආ???...

මට වෙනස් වෙන්න ඕන නම්..මං වෙනස් වෙන්නෙ එයා ඇවිදින් ජීවතුන් අතර කෙනෙක් නෙවෙ කියල දැනගත්ත දාමයි කල්පන වෙනස් වෙන්නෙ.....අවුරුදු දහයක්.....නෑ....එකොලහක්...මං අදටත්...මේ තත්පරෙත් බලන් ඉන්නවා....එයා වෙනුවෙන් මං මේ දැනුන් බලන් ඉන්නවා.....කවුරු කොහොම වෙනස් උනත්...මං වෙනස් වෙන මනුස්සයෙක් නෙවෙ කල්පන..සමහර විට...මං මැරෙන තාක් උනත්....මේ විදිහටම බලන් ඉදලා.....මොකුත් නොලබාම මැරිලා යන් භ්භ්භ්.....භ්භ්...

විකාරයෙක් වෙන්ඩ එපා මයුර....අපි උඹගෙ හිත ගැන නොදන්න උන් නෙවෙ....අනික...උඹට නම් හරියන්ඩම ඊනෙ....රවිදුවට හරි යන්ඩම ඕනෙ...එහෙම නොවුනොත් ඒක මහ ආසාදාරනයක්.....මගෙ එකාගෙ කට හොද නෑ....විකාර හිතන්න එපා....නිම්න එනවා කිව්වා....දිනයක් නොකිව්වත් එනවා කිව්වා...ඒ වචන බොරු වෙන්නෙ නෑ මයුර....

ම්න්.....දන්නවා.....මගෙ ආදරේ ඇතුලෙ මං කවදාවත් අල්පමාත්‍රයකින් වත් වංචාවක් කරලා නෑ....ඒක නිසා එයා එනවා.....!

අද යමන්කො ගෙදර...තවම කට හදාගන්න බෑ...

ඌයි....යා....කොනිත්තන්නෙ. ..සෙනේ රිදුනා යස්සයො....හැබැයි ආවදාම හුලන් පිට නිදාගන්න ඕනා නම් බැනපම්..මං යනවා අම්මලාගෙ ගෙදර ....

හ්ම්..යමන්...අම්මා කොහොමත් මග රැකන් තමයි ඉන්නෙ උඹ වඩිනකන්....

යෝ...සෙනේ.....චූචි කල්පියනෙ...විහිලුවක් තේරෙන්නෙ නෑ....👉👈සෙනේ..සරංගෙ.....!

කල්පනයගෙ විකාර එහෙම්මයි....ඒ කතාව එහෙම්මයි....ඌ මොනවා උනත් තවමත් මගෙ නිම්නට දුන්න වචන රකිනවා.....හැබැයි මට කල්පන හන්දා සමහර තැන් වල රිදුනා....උගෙ වචන මාව පෑරුවා....වෙන මොකුත් නෙවෙ....උගෙ සමහර විකාර හුරතල් කතා මට මගෙ නිම්නව මතක් කෙරුවා.....මොනවා හරි උන හමන් නිම්නත් මාව දාලා යනවා කියනවා...අනූ මං යනවා අම්මලාගෙ ගෙදර කියලා මා එක්ක තරහා වෙනවා...මෙතන ඉන්නෙ චූචි බුංජියනෙ....චූචි නිම්නනෙ කියනවා.....

මොන දේ උනත්.....ආයම එයා ආවම එක දෙයක් නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන.....

වෙන.මොකුත් නෙවෙ...මේ පාර නම්....අනිවාර්යයෙන්ම මේකවයි ඒකවයි ඈත් කරලා තියන්න ඕන....!

උදාරයගෙත්....කල්පනයගෙත් කෝලම් විකාර රන්ඩු මැදයි....රවිදුවාගෙ උඩරට මැනිකෙගෙ වගතුග මැදයි මං ප්ලේට් එකට දාගත්තු කේක් කෑල්ල අරන් එන්න ආවා...

එයා ඉන්නවා...උගුරෙන් උගුර අර කෝපි එක රහ බලන එයා ආයමත් ඵෝන් එක කනේ තියාගන කා එක්ක හරි කතා කරනවා.... හිනහා වෙනවා....පැත්තකින් ඇහෙන නෑහෙන ගානට දලා තියන සංගීතෙත් එක්ක එයා කෝපි එක තලු මරනවා....

ඔය දැන් අවුරුදු කීයක් ඔහෙද....අම්මයි මායි බලන් ඉන්නවා....අනික අප්පච්චි අහනවා ඔය හැටි හම්බ කරන්නෙ කාටද කියලා.....ඇත්තටම ඔය හැටි කාටද...මට දෑවැද්දක් වත් දෙන්න හිතුනද...?

අනික චූටි මල්ලි.....ඔයා එයාවත් තියන් නරක් කරනවා...එක්කො එයාව එවන්න ඕන....ඔය දෙන්නම එහෙට වෙලා ඉන්නවා....උදේ ඉදන් ඔෆිස් එක බදාගන ඉන්නවා.....රෑ එලිවෙනකන් පොත් එක්ක නටනවා ...

කරන්න දෙයක් නෑ ලොකු මල්ලි.....මට මින් පස්සෙ ඔයාගෙ දේවල් ගැන හැන්ඩ්ල් කරන්න බෑ... ඔයාව බේර ගන්න මට හැමදාම අප්පච්චි ට් බොරු කියන්නත් බෑ...ඔයා දන්නවා අප්පච්චි අම්මා වගෙ නෙවෙ....ලේසියටකට කේන්ති යන්නෙ නෑ..හැබැයි මේ පාර නම් මං දන්නෙ නෑ...

ඔයාට ඕන දෙයක් තියනවා නම්....මෙහෙට එන්න...ඇවිත් නිදහසෙ කරන්න...මට බෑ අම්මගෙයි අප්පච්චි ගෙයි කන් කෙදිරිය අහන්න....ඔය යන විදිහට අප්පච්චි කියන්න වගේ උඹට බදින්න වෙන්නෙ කොල්ලෙක්ව.....අහන අහන එකටයි බලන බලන එකටයි එපා කියනවනෙ...එක්කො කොල්ලෙක් බැදපන්...

ඔව්.....මට වගේ තමයි...තමුසෙට එක්කො ලස්සන කොල්ලෙක් සෙට් කරන්නද.....අනික තමුසෙ දන්නවද මට මෙහෙ මරු කැෆෙ එකක් සෙට් උනා මල්ලි....හොදම දේ....ඒක මල්ලි.....නෑ එක්කො....මන් කියන්නෙ නෑ...දවසක ආවම බලනවා...හොදම දේ ඒකෙ කෝනර් එකක් තියනවා ප්‍රයිඩ් කලර් තීම් එක තියනවා....ඊටත් වඩා හොදම දේ...මේ කැෆෙ බාර් එකේ.....ලස්සන....කොල්ලෙක් ඉන්නවා.....

ආ...ආ.... ගාන්නෙ ගොනෝ මට මීට වඩා හයියෙන් කියන්න බෑ.....ලස්සන කොල්ලෙක් ඉන්නවා.....මැදි වයස් වගෙ...මැචුවර්ඩ් ලුක් එකක් තියෙන්නෙ....

අනේ මන්දා...මේක හරිද කියලා.....අනුන්ගෙ කතා අහන් ඉන්න එක ඇත්තටම කොයිම අතකින් හොද දෙයක් නෙවෙ....ඒත් කේක් කෑල්ල් දෙන්න ආව මගෙ මූන කන් ඔක්කොම රත් වෙන්න ගත්‍තා .....ශරීරාංග වලින් මගෙ පපුව ගානට තරන් උස ...ඒත් මට වඩා ටිකක් වැඩි මහලු පෙනුමක් තිබුන මේ කැරලි කොන්ඩ කාරි එයාගෙ මල්ලි එක්කද කොහෙද මේ හරි හරියට හොර රහස් මුමුනන්නෙ මං ගැන කියලා ඇහෙනකොට මට දුවන්න හිතුනා....

නැත්තන් මට කෙනෙක් ඉන්නවා කියන්න හිතුනා...ඒත් ඒක හොද මදි....එහෙම උනොත් එයා හිතාවි මන් එයා කියන හැමදේම අහන් උන්නා කියලා.....ඒකෙන් වෙන්නෙ එයා අපහසුවට පත් වෙන එක...

තමුසෙට මොකටද දැන් එයාගෙ හැඩරුව බලන්න ඕන නම් එනවා.....මන් ඕනා නම් හොරෙන් පින්තූරයක් අරන් එ.....එ....හ්..හ්..හෙලෝ.....හෙලෝ...මන්...ම්..මල්ලි.....සිග්.....නල්...නෑ...වගේ.....හෙ....හෙලෝ...

ම්...ම්..මේ...මිස්...මේක..මෙ....මගෙ බර්ත් ඩේ ...එක.....අ...අද....

වැඩේ වැරදුනා.....!කරුමෙ.....!

වැරදි වෙලාවක....අපි දෙනවම අපි දෙන්නට මාට්ටු උනා.....

එක්කො මට මෙතනින් මාරු වෙන්න තිබුනා....ඒත් මන් අහන් උන්නා.....

මන් බලාගන කෙල්ල ඵෝන් එක උස්සන් හෙලො හෙලො ගගා මාව රවට්ටනකොට මාත් නෑහුන බව අගව අගව මගෙ රතු මූන හංගන් ගොත ගැහුවා...

ඔ..ඔයාගෙ බර්ත් ඩේ එකද...

ම්න්....

Wish your happy birthday ....නම?

අ..අනුශ්ක.....

සුභම සුභ උපන්දියක් අනුශ්ක.....හිතෙ තියන හැම බලපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....

ස්තුතියි ගොඩක්.....

ඒක ඊටත් හපන්... මන් හිතුවෙ මේ කෙල්ල මට අතට අත දෙයි කියලා...දෙයියනෙ මන් ඉවරයි...වීදුරුව ගාව ඉන්න කල්පනයා එහෙන් පිහිය උරුක් කර කර අතින් පයින් මොනවද කියනකොට රවිදුවයි උදාරයයි ඌව මෙල්ල කරගන්න හදනවා.....ඒ අස්සෙන් ජීවිතේට නොදැකපු මේ කෙල්ල අතට අත නොදි මගෙ හැම ප්‍රාර්තනාවක්ම ඉශ්ඨ වෙන්න ඕන කියලා මාව බදාගත්තා.....

ජීවිතේ පලවෙනි පාරට දැකපු කෙනෙක්....එහෙම වැලදගන්න එක හරිද...???

නෑ...මේක උපන්දින සුභ පැතුමක් නිසා වෙන්න ඇති.....

එක්කො මන් හිතනවා වැඩී....

නෑ....නෑ...එහෙම උනත් මේ අනවශ්‍ය දේවල් ඕන නෑ.....ඕන නෑ කියන්නෙ ඕන නෑ...

අනෙ නිම්න.....ඉන්න තැනකින් වරෙන්කො....සුදු මල්ලිව එක එක නැට්ටිච්චියො අල්ලගන්න හදන්නෙ ... !

මිස්ටර් අනුශ්ක මගෙ බිල් එක....

මයුරයා අපෙ සෙනේ කතා කරනවා....මං බිල් එක දාන්නම්...

මං හිතන්නෙ මං අද උපන්දිනෙ දවසෙම මගෙ බාර කාරයගෙන් මැරුම් කන්න යන්නෙ...මෙච්චර වෙලාම කෝපි එක තොල ගාපු කෙල්ල ලැජ්ජාවටමද කොහෙද යන්න නැගිට්ටා....එතකොට කේක් කෑල්ල....ඒකට මොකද වෙන්නෙ.....අපෙ දාල යයි කියලා හිතුවට එහෙම උනෙත් නෑ...මේක අරන් යන්නම් කියලා ඒකි අතේ තිබුන පොත පැත්තකින් තියලා ටිශු එකක් අරන් කේක් කෑල්ල ඔතාගන උරහිසෙ තිබුන අර නයි මල්ල වගේබෑග් එකට ඔබාගන ඉක්මනට කවුන්ටර් එක ගාවට දුවලා මගෙ ගාන ඇහුවත් මට ගාන කියන්න බැරි උනා.....

රැන්ඩම් හග් එකක් හන්දා මද කිපුන කල්පනයා ගල් ලෙන බිදන් ලෙන් දොර ඇදන් එලියට ඇවිදින් මගෙ කේශාන්තෙ ඉදන් පාදාන්තෙ දක්වාම අලු වෙන තරමට රවාගන ඉදලා ඌ බිල් එක දාන්නම් කියනකොට මං එහෙම්ම බෙල්ල හරවලා උදාරයා දිහා බැලුවා...මොකද උගෙ පවුල මාව අද මරනවා.....

අනේ උඹ මාව වැරදියට තේරුම් අරන් කල්පනයා.....

මිස් මොනවද ගත්තෙ..

බ්ලැක් කොෆී එකයි...කෙරෝසන්ට් එකයි....

දෙදහයි....

දෙයියනේ කල්පන...

අරූ අර කෙල්ලගෙ මුහ්න දිහා බලාගන දෙදහයි කිව්වා...මූට විකාරද.....

කල්පන...ඕක ඔච්චර වෙන්නෙ නෑ පන්සීයක් ගනින්....

ඇයි...ඉතුරු එක්දාස් පන්සීය උඹව බදාගත්තට...වේස කම උපන්දිනේ දාම....මට හිතුනා උඹගෙ ට්‍රැක පැනලා කියලා ...

විකාර කියවන්න එපා බන්....උඹට පිස්සුද.....

මමයි කල්පනයයි අත් වලින් කොනිත්ත කොනිත්ත මරා ගන්නවා...එහෙන් අර කෙල්ලත් බඩුත් එක්ක හොරු මාට්ටු උන හන්දද කොහෙද අරූ ගෙඩි පිටින් දෙදහය් කිව්වත් ආය ඇයි හුයි නැතුව පර්ස් එක ඇදල අරන් දෙකෙ කොලෙ දික් කරනකොට මං කල්පනයව තල්ලු කරලා ඉතුරු 1500 දුන්නා...

2000යි නේ ගාන කිව්වෙ.....

නෑ.....පන්සීයයි....

ඔව්...මිස්ට හන්දා බොස්ට එක්දාස් පන්සීයක් ඩිස්කවුන්ට් දාන්න හිතිලා.....

ඔයාලා වහන්නෙ ඉරිදට විතරයි නේද ...

ඔව් මිස් ..අනිත් හැමදාම අපි ඉදේ ඉදම්ම අරිනවා.....ස්තූතියි මිස්....ආයම එන්න....ආයුබෝවන් ...

මට නිකන් මොකක්ද වගේ.....මූ මාව බලන්න ආව පලවෙනි දවසෙම මගෙන් තරහ පිරිමහනවා...එක්කො අවුරුදු දොලා ගියාට කල්පනයට වයසට යන්න අමතක වෙලා...අර කෙල්ලව අරහෙන් රතු වෙනවා...මූ මෙහෙන් වලත්ත කතා කිය ආය එන්න ආයු වඩනකොට මං කෙල්ල දිහා බලලා පේන නොපෙනන ගානට හිනා වෙනකොට අරූ හිනාවෙවි මගෙ කකුල පෑගුවා...

....එහෙනම් ගිහින් එන්නම්..මෙතන තියන පොත් දැක්කම නෑවිදින් බෑ...මොකද මිස්ටර් අනුශ්ක ගාව හරි ලස්සන කලෙක්ශන් එකක් තියනවා...අනික මේ තීම් එක...ඒකත් හරි ලස්සනයි.....අමුතුයි ....ඔක්කොම කෝපි පාටයි...සුවදයි...පොත් සුවදයි...කෝපි රසයි....මේ පරන කාලෙ ඩිසයිනුයි එකතු උනහම හරි ලස්සනයි.....

ආ....අපෙ බොසා කෝපි පාට ළමයි පේජ් එකේ ඉන්නවනෙ...ඒකයි මිස් ඔය...වින්ටේජ් කියයි.....ඇස්තටික් කියයි....මෙයාට ඔය කෝපි පාට එක්ක හැම දේම හොදටම ගලපගන්න පුලුවන් ...

දෙයියන්ගෙ නාමෙට කට පියවපන් කල්පන....උඹට මොකද වෙලා තියෙන්නෙ...යමන්කො....

ඇයි...රිදෙනවද....උඹව බලාගන්න කියල ගියෙ කොහෙවත් ඉන්න උන්ට දෙන්න නෙවෙ....

අර කෙල්ල හිනා වෙනවා.....ආයාම වට පිට බලනවා...එක්කො කෝපි බිව්වා නම්..සල්ලි ගෙව්ව නම්....සල්ලි ගත්තා නම් යන්න ඕන...මොන මගුලට පව් දෙන්න වටේ කැරකෙනවද....එක්කො පොතක් ගන්න ඕන...නැත්තන් යන්න ඕන....මම කීයක් කියල කුනු කතා අහන්නද? මොන මගුලට තටමනවද මන්දා....

මිස්ටර් අනුශ්ක....ඔයලගෙ කාර්ඩ් එකක් තියනව නම් මට දෙන්න පුළුවන්ද....

පුලුවන් ...

මං ඉක්මනට උත්තර බැන්දා...මොකද මට බය හිතුනා...උන්ගෙ හිත්වල මොන අදහස තිබ්බත්...ඒක කොහොම එලි දැම්මත් බාර ගන්න නොගන්න එක තියෙන්නෙ අපේ අතේ...මට බෑ කස්ටමර් කෙනෙක්ගෙ හිතක් රිදවල ඍණ අදහසක් එක්ක එයාව එලියට යවන්න...කරන්න පුලුවන් හොදම දේ අහන දේට සාදාරන උත්තරයක් දීලා දෙපැත්තම බැලන්ස් කරන එක වෙනකොට මන් කල්පනයව පැත්තකට කරලා කාර්ඩ් එක දෙනකොට කෙල්ල කාර්ඩ් එක අරන් නම්බර් එක බැලුවා...

ලෑන්ඩ් ලයින් නේද.....

ඔව් මිස්....මේකට කෝල් එකක් දෙන්න.....

හරි....බොහොම ස්තූතියි ...

ආය එන්න....

ඇති යන්තන්..මං බේරුනා...උඩ ඉන්න දෙවියො වගේම මගෙ ආදරේ මන් දිහා බැලුවද කොහෙද ...කාර්ඩ් එක ගත්තු කෙල්ල යන්න ගියා.....

මිස්ටර් අනුශ්ක.....

නැ.....මං හිතන්නෙ නෑ....මගෙ දිහා මගෙ නිම්නයවත් බලන් නැ වගේ....අනෙ නිම්න උඹ තවම ඉපදිලා නැද්ද නිම්න...මේ කල්පනය උඹගෙ සුදු මල්ලිව අද නම් මරනවා.....

කියන්න මිස්...මොකක්ද වෙන්න ඕන.....

මං ආයම මගෙ මුන හිනාවකින් පුරවගත්තා ..මොකද....පාරිභෝගිකයා සමානයි දෙවියන්ට...හිනාව බොරු උනත් කමක් නෑ...මට හිනාවෙන්න සිද්ද උනා.....

මං මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා.....

නෑ මිස්...කියන්න.....

අනුශ්කට...කවුරු හරි කෙනෙක් ඉන්නවද...?

ඔව්.....ඉන්නවා...!

.💐.....ආයම හෙට එනකන්...පයිස්සමින් ඉන්ඩ...

ආතරෙයි....ගොඩාක්....

මම ජොබී....

Nedeesha ❤

More Chapters