Cherreads

Chapter 2 - 02

කෝපි එකක්....

සීනි නැතිව.....

කෝපි ඉල්ලනවා....ඒකත් සීනි නැතුව මේකට සීනි අමාරුවද දන්නෙ නෑ මේ අඩු වයසිම්ම...

දෙන්නම්...ඔයාට කෝපි එක කලුවටද හදන්න ඕනෙ.....

ඔව්.....වැඩිය එපා...උගුරු දෙක තුනක් ඇති.....

මං ඔලුව වනලා එන්න හැරුන....වැඩිය එප උගුරු දෙක තුනක්ලු ඕනෙ කියන්නෙ.....අනේ උඹ එක උගුර බිව්වත් කෝපි එකේ ගාන ඒ ගානමයි...ඊටත් මේ ගිනි මද්දහනෙ කෝපි බොන්නෙ මොකාද.....එක්කො මූ වෙන කොහෙන් හරි කොත්තුවක් වත් කාල බඩ අවුල් ගිහි මෙහෙට කෝපි බොන්න ආවදෝ.....හිටපන් උඹට පුක කොන්ක්‍රීට් වෙන්න දෙන්නම්....කලුවට දෙන්ඩ....කෝපි කොහොමත් කලුයි තමයි ...

උඹ මොනවද බන් ඔය කුටු කුටු ගගා කරන්නෙ.....

පේන්නෙ නැද්ද එකෙක්ට මෙ ගිනි මද්දහනෙ කෝපි හදනවා....සීනි එපාලු උගුරු දෙක තුනක් තිබ්බා නම් ඇති කියන්නෙ..මේක කෝප්පෙක දාලා දෙන වෙලේ මීට වඩා ලේසියි උනු වතුරයි කෝපි කුඩුයි අරන් ගිහින් උගෙ කට ඇරපන් කියලා කටට හලලා එනවා....හුචු හුචු ගාලා කට එහා මෙහා කරලා බොන්නෙ නැතැයි...

මී හරකා....

ආව්....හ්

සත්තයි...මගෙ ඇස්වලට කදුලු පටලයක් බැදුනා...කමනිට යකා ආවෙස වෙලා වගේ ඇගිලි පහ නවල මගෙ උච්චියටම ඇදලා ඇරියා.....මං ඔලුව මුදුන අල්ලගත්තා....

ඇයි අනේ අනින්නෙ...පිස්සුද හැටිද එහෙම.....??

පිස්සුද හැටිද අහන්නෙ.....බලපිය ....අර හීටරේ ගහලා තියෙන්නෙ ප්ලාස්ටික් කෝප්පෙට නේද.....සිහිය නෑ...සිහිය නෑ තොට....ගන් ඕක..අරන් ගහපිය යකඩ කෝප්පෙට...ඉන්නවනෙ කාබාසිනියා කරපුවාම කරපු පමාවට ගේන්ඩ ....ගන් ඕක...

පෝ..හෙමින් අනේ...හෙමින්....හෙමින් බනින්ඩකො...ඕක ඇහුනොත් අප්පච්චිත් කුලප්පු වෙනවා...

ඇත්ත මං උන්නෙ අවසිහියෙන්...මගෙ ඔලුවෙ එක පැත්තක් වැඩ කෙරුවෙ අප්පච්චි අර මහ වැව තියන ගෙදර ගනීද නැද්ද කියන කල්පනාව උඩ.....අනිත් පැත්තෙ වැඩ කෙරුවෙ අද මාරවිල තියන ශෝ එක දිහාවට.....එතනිනුත් දශමයක් වැඩ කෙරුවෙ සීනි නැති කෝපි ඉල්ලපු කොල්ලා ගාවට වෙනකොට මං ඒ ඔක්කොම ඔලුවෙ තියන් ගිහින් වතුර එක ගහලා තිබුනෙ ප්ලාස්ටික් ජොග්ගකට...

උගුරු දෙක තුනයිනෙ ... .

මං මගෙ කටට අල්ලන උගුරු ගාන ගැනලා කෝප්පෙට දාලා සති එකහමාරක් විතර බඩ කොන්ක්‍රීට් වෙන තරමට කෝප්පෙට කෝපි කුඩු එකතු කරලා පාරිභෝගිකයා කියන්නෙ අපගෙ දෙයියාය කියන තේමාව යටතෙ විරිත්තන් වගේ කෝපි එක අරගන අර කොල්ලා ගාවට ගියා.....

.

ලියනවා...ලියනවා.....ලියන මහත්තයා ...

ඔයාගෙ කෝපි එක....

තියන්න....

ඔලුව ඉස්සිලි මොකුත් නෑ....මාව පඩේකට වත් මායිම් නොකර තියන්න කිව්වා.....මාත් තිබ්බා...ඒකා මොනවා හරි ලියනවා...මොන රෙද්ද ලිව්වත් මට මොකද කියලා හිතුවත්...කොල්ලා ලියන කොලේ එක තැනක තිබුන වචන දෙක තුන මගෙ කකුල් දෙක නැවැත්තුවා ...

මං අහන්නෙ හත් පාට ආදරේක ඇති වැරද්ද මොකක්ද කියලා....?

 හත්පාට අදරයක්...ඉස්කෝලේ යන කාලෙ නම් යාලුවෙක් අපිට නොදී මොනවා හරි කෑවොත් සාප කෙරුවෙ උඹට හත් පාටින් බඩ යමන් කියලා ...ඒත් මේ හත් පාට ආදරයක්....??

ඔයා ඔතන හිටන් මගෙ කොලේ කියවනවා නේද.....

ආ..ආ..ම්...මේ....

මට කර කියා ගන්න දෙයක් නැති උනා...කොල්ලා ඇහුවා මගෙන් ඔයා ඔතන ඉදන් මගෙ කොලේ කියවනවා නේද කියලා.....ඔව්...එක අතකට ඔව්....මොන මගුලටද මං දැන් බොරු කියන්න ඕනෙ....මං හිතලා කියෙව්වෙ නෑ..... ඇස්දෙක තිබුන හන්දා දැක්කා...අනික ඒ අකුරු ...පස්පංගුව අස්සෙ තියන කටුවැල් බටු වගේ...

ම්න්...මං කියෙව්වා....හැබැයි හිතලා නෙවෙ....මං ඒක අහම්බෙන් දැක්කා.....ඒකයි....

.ඉතින්...ඔයාට මොනවද හිතෙන්නෙ....

මොනවද හිතෙන්නෙ අහන්නෙ.....??

හත් පාට ආදරයක් කියන්නෙ වරදක්ද...?

වරදක් කියන්නත්...නැතත්....හත්පාට ආදරයක් කියන්නෙ මොනවද කිව්වොත් මං සතුටින්...

පන්ඩිත පාටයි පොඩ්ඩක්...මං හිතින් එහෙම හිතුවා...වෙන මොකටවත් නෙවෙ...කොල්ලා ලිය කිය ඉන්න එක නවත්තලා මගෙ දිහාව බලපු විදිහ හන්දා...අනිවාර්යයෙන්ම මූ සුනාමියෙන් පස්සෙ ඉපදුන එකෙක් වෙන්න ඇති.....උන් කොහොමත් පන්ඩිතයි...ඊටත් පොඩ්ඩ බැරි වෙනකොට අතපය කපා ගන්නවා.....

බෙල්ලෙ වැල දාගන්නවා...

කොල්ලා හිනා උනා...හැබැයි හරීම ලාවට...ඒකත් නිකන්...එයාගෙ හිනාව හරි ගනන් කියන්න වගේ.....

ඔයා ඇත්තටම දන්නෙ නැද්ද....

ම්න්....නෑ...

ඔයාට මං ඒක හරියටම තේරුම් කරලා කිව්වොත් ඔයාගෙ අවසානම උත්තරේ....."ඊයා " කියලා කියවුනොත් මම මොනවද කරන්නෙ.....??ඔයාට අපුලක් වගේ දැනුනොත් මොකද කරන්නෙ

ඊයා කියලා කියවෙන්න...ඔයා මට කියන්න හදන්නෙ කුනුහර්පයක් නෙවෙනෙ ලමයො...ඇරත්...කුනුහර්පයක් කිව්වත් ගානක් නෑ...මොකද...සිංහලට වඩා....කුනුහර්පෙන් තමයි මං කතා කරන්නෙ...සිංහල ලිමිටඩ් කුනුහර්ප අන්ලිමිටඩ්!

කොල්ලා ලාවට ඔලුව වැනුවා.....හරියටම ඔයා මාව විහිලුවකට ගන්නවා වගේ...එයා ආපහු කොලේ දිහාව බැලුවා.....මට මොනවත් කිව්වෙ නෑ..අඩුම ගානෙ ...මට මේක ලියන්න දීලා පාඩුවෙ යමන් කියලා වත්....

මං එතනම හිටගන කොලෙ දිහාව බලන් උන්නා....එයා ආයම ලියනවා...

මං අහන්නෙ ඇයි....ආදරේට පාටක් නෑ කිව්වට.....

ආදරේට වයසක් නෑ කිව්වට...

ගිරි පලාගන ආදරේ කියන්නෙ ආදරේමයි කිව්වට...

ආදරේට බේදයක් නෑය කිව්වට...

ඇයි....ඒක පොතකට විතරක් සීමා වෙන්නෙ....අකුරකට විතරක් සිමා කරන්නෙ....එතනින් එහාට රියැලිටි ලෝකෙක ඇයි එහෙව් ආදරේකට ගරහන්නෙ.....????

 එයා ලියනවා....ආදරේ ගැන...එයා ලියනවට වඩා.....කාගෙන් හරි ප්‍රශ්න අහනවා....

පොතක පිටු අස්සෙ අකුරු ගොඩකින් ෆැන්ටසි ලෝකයක් මවන....ආදරේට අත් පොත් තියන මිනිස්සුම ඇයි රියලිටියෙදි ඒ අත්පොතම ආපිට උදුරන්නෙ.....??

ඒක ලැජ්ජාවක්ද...

ඒක.....මානසික ලෙඩක්ද....

ඒත් නැත්තන්....ඒක....උමතුවක්...

අසහනයක්ද.... සුව කරන්න බැරි රෝගයක් .....එහෙමද...

එයාගෙ ඇගිලි වලට කරන්ට් වැදිලා වගේ..... ලියාගන ...ලියාගන...ලියාගන යනවා...මං ලව්වාගෙන්න ගත්තු කෝපි එක ඇල් වෙනවා.... .එයා දන්නවා.....මං එයා දිහාව බලන් ඉන්නවා කියලා ... එයා දන්නවා.මං එයා ලියන හැම අකුරම කියවනවා කියලා ....

ඔයාගෙ කෝපි එක ඇල් වෙනවා...

.බලන් ඉදලා බැරිම තැන මං එයාට කිව්වා ඔයාගෙ කෝපි එක ඇල් වෙනවා කියලා ...අවසානෙදි එයා ලියලා ලියලා පෑන පැත්තකින් තියලා මගෙ දිහාව බැලුවා.....ඒ ඇස් යට කලු ගහලා.....කොල්ලා නිදි මරනවදෝ මන්දා.....අනිවාර්යයෙන්ම මේකා ඵෝන් එක කනවද දන්නෙ නැ.....

ඔයා මේ ඔක්කොම දැක්කද...

ම්න්....දැක්කා...

එයා මගෙන් අහනවා ඔයා මේ ඔක්කොම දැක්කද කියලා .....ඉතින් මං දැක්ක එකට දැක්කා නොකියා වෙන මක්ක කියන්නද...???

නම මොකක්ද...

එයා කෝපි එක අතට ගන්න ගමන් මගෙන් ඇහුවා නම මොකක්ද කියලා...

අවසරයක් නැතුවම.....මං එ‍යාගෙ ඉස්සරහින් තිබුන පුටුව ඇදාලා අරන් වාඩි උනා....අතේ තිබ්බ බන්දේසිය පැත්තකින් තිබ්බා...අතරින් පතර බිත්තියෙන් එහා පැත්තෙ උන්න අප්පච්චි ගෙයි දබරේරගෙයි කටහඩ ඇහෙනවා...අප්පච්චි කියනවා අද හවස ගෙ බලන්න එන්න පුලුවන්ද කියලා ...

දබරේරා කියනවා මේ දැම්ම උනත් යන්න පුලුවන් කියලා ....

හැබැයි දබරේරා ඔහොම නෙවෙ ඔලුවෙන් හිටන් කිව්වත් අප්පච්චි පහ වෙනකන් මෙතනින් හෙළ වෙන්නෙ නෑ....

ඔයාගෙ නම....

එයා දෙවනි පාරටත් මගෙන් නම අහනවා .....

මයුර .....

මයුර එච්චරයි ද....

මයුර අනුශ්ක....

මයුර කියන්නෙ මොනරට.....ඔයත් ඒ වගේද ....ආඩම්බරද ...?

මං කට කොනකින් හිනා උනා....මං මොනරෙක් වගෙ ආඩම්බරයි නම් තමයි....හැබැයි මොනරෙක් නෙවෙ කියන්න හිතුනා ...මොකද ඌ කොච්චර ආබරේට පිල් විහිදුවත් පස්ස හරවපු ගමන් පුක එලියෙ...

ඔයා මාව ආශ්‍රෙ කරලා බැලුවොත් තේරේවි ....මං ආඩම්බරද නැද්ද කියලා ....

නොදන්න උන්ට එහෙමයි..දන්න උන්ට මෙහෙමයි.....මිනිස්සු ආඩම්බර වෙන්නත් ඕන....දියාරු උනහම ඔලුවට අතහෝදන්න එනවා.....ඒත් මං දරුනුවට ආඩම්බර නෑ

හ්ම්....ඒත් ඔයාට තියෙන්නෙ නපුරු ඇස්දෙකක් මයුර....

ම්න්....වෙන්න පුලුවන් ඒත් පිට කවරෙන් කතාව මනින්න එපා මල්ලි...

මට චූට්ටක් විතර තරහවක් මෝදු වේගන ආවා.....පන්ඩිත ලයින් එකට එයා මගෙ ඇස් දිහා බලන් මට තියෙන්නෙ නපුරු ඇස් දෙකක් තියෙන්නෙ කියනවත් එක්කම මං එයාට කිව්වා පිටකවරෙන් කතාව මනින්න එපා මල්ලි කියලා ....එයා ඒකටත් හිනා උනා....මේකට සයිකොද මන්දා.....සයිකො කාරයෙක් තමා....

මම අනූ එකෙ....මන් හිතන්නෙ මං ඔයාට අයියා....

වෙන්න බෑ.....පිස්සු... ඔයා හුරතල් පාටයිනෙ....නෑ වැරදියට හිතන්න එපා ඔයා හරි ලාබාලයිනෙ...

පිට කවරෙන් කතාව මනින්න එපා කියලා තමයි මටත් කියන්න වෙනෙ...

ම්න්.....මං මල්ලි තමයි....අනූ අටෙ.....

මං ඇහිබැම අකුලවන් අහක බලාගත්තා....මං අහගන එයා හරි ලොකූ හුස්මක් ගන්නවා...

ඔයාගෙ නම කිව්වෙ නෑ...

නිම්න තිහස්වර .....

නිම්න....තිහස්වර.....ම්ම්ම්ම්.....

මං ලාවට වගෙ මිමිනුවා....නිම්න....කලාතුරකින් ඇහෙන නමක්.....මට තවම විස්වාස කරන්න බෑ මේ කොල්ලා සුනාමියට කලින් විතරක් නෙවෙ....වර්ල්ඩ් කප් එකටත් කලින් කියලා .....තිහස්වර ....නිම්න.....ලස්සනයි...නිම්න කිව්වම නිම්නයක් මතක් වෙනවා...

නිම්න...මොකක්ද ඔයා මට කියන්න හැදුවෙ.....

......

එයා කොලේ දිහාව බැලුවා ....ඒ කොලේ තනිකරම ප්‍රශ්න පත්තරයක් .....හැම තැනම අහන්නෙ ඇයි කියලා.....

මං පොතක් ලියනවා....

ම්න්...මොනවා ගැනද....

අපි ගැන....

අපි ගැන.....??

නෑ..."අපි" ගැන....ඔයා ගැන නෙවෙ....."අපි" ගැන.....මං කියන්නෙ ඔයාලා ගැන නෙවෙ....අපි ගැන....මං ලියන අපි ගැන කතාව වෙනස්.....

මං චුට්ටක් ඔලුව වැනුවා ....එයා කියනවා...එයා පොතක් ලියනවලු.....අපි ගැන....හැබැයි....මම ඇතුලු අපි ගැන නෙවේලු...එයා ඇතුලු අපි ගැනලු....මට තේරුන් නෑ...මට තේරුම් ගන්න ටිකක් වෙලා ගියා...

අර බලන්න.....

මොනවද...

ඔයාලගෙ ටීවි එක දිහාව....

එයා ඉක්මනට අපේ ටීවි එක පෙන්නුවා.....සින්දුවක් යනවා....අභිශේකගෙ භූමියට තවම පන තියනවා සින්දුව.....එහෙන් කස්ටමර්ස්ලා දෙන්නෙකුත් ආවා.....ඇති යන්තන් .....කෑම දෙකක් ගෙනියන්න ආවෙ...එහෙන් අභිශේකා ආදරේ හිතෙනවද අහනවා.....මන් ඒක බලන එක එක තත්පරේකට නවත්තලා නිම්න දිහාවට හැරුනා....එයා බලගන ඉන්නවා....හරියටම අභිශේකා භූමි කියල කතා කරන්නෙ එයාට වගේ හැගීමක් ඒ ඇස්වල ලියවිලා තිබුනා.....

ඉතින්...සින්දුවජ් යන්නෙ...විශේශත්වයක් තියනවද?

ශ්.....බලන්නකො ඕක....

ම්න්....

එයා මාව නැවැත්තුවා .....නවත්තලා ....ඒක බලන්නයි කිව්වා ....මට කියවන එක පැත්තකින් තියලා ඒක දිහාව බලන්න සිද්ද උනා.....

 ආදරේ හිතෙනවද අහනවා...

ඔව් මටත් ආදරේ හිතෙනවා....

හාදු මට දැනෙනවද අහනවා...

ඔව් මමත් උනුහුමක් හොයනවා...

කිරි වරම් නෑනේද අහනවා...

කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියනවා....

මුගුරක් අරන් ඇනපන්....තදින්

භූමියට තවම පන තියනවා...

මන් අහගන උන්නා....මං දකිනවා...ඒත්...එයා හත්පාට ආදරයක් කියලා අදහස් කෙරුවෙ මේකමයි කියන්න මට තේරුම් ගන්න වෙලා ගියා....එයා අපි ගැන ලියන්නෙ කියල වචන අස්සෙ තේරුම් හංගලා කතා කෙරුවෙ මෙහෙම දෙයක් ගැන කියන්න මට තේරුම් ගන්න සෑහෙන වෙලා ගියා.....

මං නෙවෙ හුස්මක් ගත්තෙ මං මේ සින්දුව අහලා තියනවා...හැබැයි එකපාරයි.....මොකද ....මං ඇහුවෙම සින්දුවක් අහනකොට මගෙ ඇගිලි නලියාපු සින්දු මිසක් මේවගෙ යතාර්තයක් අමු අමුවෙ ගුලි කරාපු සින්දු නෙවෙ වෙනකොට හුස්මක් නොගෙම මං ඒ සින්දුව අහන් ඉදලා එයාගෙ දිහාවට හැරුනා .... ...එයා මගෙ දිහා බලන් ඉන්නවා.....ලාවට හිනාවක් නොවෙන හිනාවක් දීලා මන් කියන්නෙ මොනවද කියන දේ අහන්න බලන් ඉන්නවා....

නිම්න මේ....

ඇයි....පිලිකුල්ද ?

ප්..පිස්සුද....නෑ..එහෙම නෑ...මිනිස්සුන්ට...අයිතිය තියනවනෙ...ආදරේ කරන්න.....ආදරෙ කියන්නෙ විශ්වභාශාවක්...ආදරෙ කියන්නෙ ආදරේට...මට පිලිකුලක් දැනෙන්නෙ නෑ...මිනිස්සුන්ට ඕන ආදරෙ විදින්න මිසක් විදවන්න නෙවෙනෙ නිම්න....

ඔයා ඔය ඕක හදවතින්ද කියන්නෙ මයුර...?මං අහන්නෙ ඔයා මගෙන් බේරෙන්නද ඔහොම කියන්නෙ?

ඔ..ඔව්..... හදවතින්....ඇයි මං බොරු කියන්නෙ.....

එයා අහනවා මං ඒක කිව්වෙ හදවතින්ද කියලා....නෑ..අවංකවම මට ඕනා උනේ එයා අර කොලේ ලියාපු ටිකට එකගයි කියලා පෙන්නන්න මිසක්....මගෙ ඇත්ත හිතින්ම නෙවෙ.....ඇත්ත මං මහ බර වචන දාලා උත්තර බැන්දට මං කිව්වෙ බොරුවක්

ඇයි තමන්ටත් බොරු කරගන්නෙ මයුර...ඔයාගෙ හිතේ එහෙම මිනිස්සු ගැන හැගීමක් නෑ...නිකන් හිස් වචන ඔයා ගාවත් තියෙන්නෙ....ඔයාට ඕන වචන ටිකක් කියලා ප්‍රශ්නෙන් බේරෙන්න.....ඔයාට වචන තියනවා ඒත් ඒවා හිස්...

.නිම්න....නෑ...මං කියන්නෙ....මට එහෙම නෙවෙ.....

.එහෙම නෙවෙ නම් කොහොමද...??

මං කියන්නෙ මට ඒ අය ගැන ලොකූ අදහසක් නෑ.....ඒත් එහෙමයි කියලා මන්.....එයාලට ගරහන්නෙත් නෑ.. ඇරත්....මේ ලෝකෙ කිසිම න්‍යායක් නෑනෙ....ගෑනු ආදරේ කරන්න ම ඕනෙ පිරිමින්ටමයි කියලා.....නේ....පිරිමි ආදරෙ කරන්න ඕනෙ පිරිමින්ටමයි කියලා...එහෙම රූල් එකක් නෑනෙ.....සංස්කෘතිය ඉස්සරහට දාන් නටන උන් අතරෙත් ඔහොම ලින්ගෙ සම ආදර කතා ඇතිනෙ නේද

මං ඉක්මනට වචන ඇමිනුවා....අර කොල්ලා පෑන අල්ලන් මගෙ දිහාවම බලන් ඉන්නවා..මොන විකාරයක්ද....ගෑනු ආදරේ කරන්න ඕනෙ පිරිමින්ට මිසක්...පිරිමින්ටද...මගෙ යටි හිතත් ඒ අස්සෙන් තව මගුලක් කියවනවා...මාව මරාගන කන්න හදනවා...හිත එක මගුලක් කියද්දි වැවක් වාන් දානව වගෙ මං බොරු හලනවා.....මාව නිකන් දඩු අඩුවකට හිරවෙලා වගේ .... ආදරේ ගැන මේලෝකෙ අත්දැකීමක් නැති මට...එක පාරම එහෙම සම්භන්දයක් ගැන.....ඇත්තටම කිසිම හැගීමක් දැනුන් නෑ.....ඒත්..එහෙමයි කියලා.....මට මෙතන ඉන්න සීනි නැති කෝපි බිව්ව පන්ඩිතයගෙ වචන ගාව නැවෙන්න හිතුනෙත් නෑ...

තමුන් බොරු කරනවා මයුර...

මොන ලබ්බට බොරු කරන්නද...ඇරත්...එහෙම මිනිස්සු ආදරේ කෙරුවා කියලා....මට ඇති රුදාව මොක්කද...උන් හම්බ කෙරුවොත් උන් කනවා. .අපි හම්බකෙරුවොත් අපි කනවා.....මොකො උන් මට කන්න දෙනවද..මං උන්ට කන්න දෙනවද ...

ඒක ඇත්ත....උන් හම්බකෙරුවොත් උන් කාවි...හැබැයි....උන්ට නිදහසේ ඉන්න දෙන තාක්...ඕක සින්දුවක් ....ඕක එක සින්දුවක් විතරයි...ඔතනට පොසිටිව් කමෙන්ට් කීයක් නම් වැටෙනවා ඇත්ද ...ඔව්....මේක තමයි ආදරේ කියන්නෙ....ආදරේට ජෙන්ඩර් එකක් නෑ..අරක මේක.....ඒත්....මයුර...ඔය ඔතන ඉන්න කිසිම කෙනෙක් තමන්ගෙම පුතා දුව කිව්වොත්....අප්පච්චි මං ආදරේ කෙල්ලෙක්ට.....අම්මා මන් ආදරේ කරන්නෙ කොල්ලෙක්ට කියලා....අම්මා අප්පච්චි ලා බාර ගනීද .....???? මං අහන්නෙ ආදරෙ කියන්නෙ අර මයුර කිව්වා වගෙ විශ්වභාශාවක් පුතේ ආදරෙ විදින්න මිසක් විදවන්න නෑ කියලා හදවතින් වැලදගනීද??

මේක හරි මගුලක් උනානෙ.. .මං කොහොමද අයිසෙ ඒක දන්නෙ....නෑ..මං ඔය ටික හිතින් හිතුවා විතරයි ..කටින් කිව්වෙ නෑ....ඉදල ඉදලා මද්දහනෙ කෝපි ඉල්ලන් ආව මූට පිස්සුද....අනේ උඹ ආයම වරෙන්කො මගෙන් කෝපි එකක් ඉල්ලගන....මේ පලාතෙ වද්ද ගන්නෙ නෑ.....කෝපි පේන්ඩ ගහනවා තොට මං.....

මයුර.....

ම්න්...ඔව්....

මං අහන්නෙ....එයාලා බාර ගනීද මයුර.....

ම්...බාර ..ගනී නේද...

ඔයාටත් විස්වාස නෑ ඒක.....ඔයාගෙ දරුවෙක් ඕක කිව්වොත්

මොන පිස්සුද.....විකාරද....???ඔව්වා හොදයි පිට රට මිනිස්සුන්ට...ලැජ්ජ නැද්ද.....ඊටත් මිනිස්සු ගල් ගහයි....හූ කියයි...මං මගෙ ළමයි හදන්නෙ ඒකටද....කොල්ලෙක්ට දෙන්ඩද....කෙල්ලව කෙල්ලෙක්ට දෙන්ඩද?

එයා හිනා උනා.....එයා ඇස් හීනිකරලම හිනා උනා. . ....මාව ගැස්සුනා....මොකද එයා හිනා උනාට එයා අල්ලන් උන්න පෑන පුලුවන් තරම් තදින් මිරිකන් උන්නා...

මට ඕන කරන උත්තරෙ...ඔයාගෙනුත් මට හම්බ උනා මයුර.. .....මං කිව්වා ඔයාගෙ වචන හිස්!!ඇතුලාන්තෙ බොගයක්...පිට පොත්ත විතරයි ...බිම්ගෙයක් වගේ...වට විතරයි මැදක් නෑ..මට ඒ උත්තර්‍ර් ලැබුනා.....

මො..මොනවද...

තමුන්ට උනත් එ ගැන මිනිස්සු ගැන කිසි හැගීමක් නෑ...ඒ මිනිස්සුත්....අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය යි .. උන්ට තියන හැගීම්මයි...ඒ මිනිස්සුන්ටත් තියෙන්නෙ කියන්න...තමුන්ටත් පිලිගන්න අමාරුයි...දුකයි මට..අලුත් පරම්පරාවෙ උනත් ...තමුනුත් මහ ලින් මැඩියෙක් මයුර...

නිම්න.....!!!

මම හිතන්නෙ කස්ටමර් අපගෙ දෙවියාය කියන වචන ටික මට අහක දාන්න හිතුනා...ඒත්.....එහා පැත්තෙ මේසවල මිනිස්සු පිරිලා....මේක දෙදාස් විසි තුන....මිනිස්සු අතේ ඕන තරම් ස්මාර්ට් ඵෝන් තියනවා....මොන මගුල උනත්....උන් හිගන්නෙක්ට රුපියලක් දෙන්න ගියත් මුලින්ම එලියට ගන්නෙ ඵෝන් එක....යන්නෙ ලයිව්.....නැත්තන් වීඩියො කරලා මේ කාලකන්නියට හෙන හත ගහහන්න කියල ශෙයාර් කරන්න යාලුවන් ගාලා මොකක් හරි වැලෙ වැල් නැති පේජ් එකක් නග්ගලා ගන්න වීඩියො එකක් වයිරල් යවනවා...මට එයාගෙ මූන මිරිකන්න හිතුනා...මට බැනපු කට අරන් මිරිකන්න හිතුනා.....කෝපි කෝප්පෙන් කෙලලා අරින්න හිතුනා

මට අදාල නෑ.....ඒ මුනිස්සු මොන විදිහට උන්නත්...මං කියන්නෙ මගෙ කැමැත්ත....මගෙන් කැමැත්ත අකමැත්ත අහලා....පස්සෙ මගෙ උත්තරෙ දුන්නම මට බනින්නෙ...මොලේ අමාරුවද නිම්න...?? ඇරත් ඔය මගුල් මට කියන්නෙ...මන් තමුන්ගෙ දුක අහන අයියද.....

මං කට අරින්නෙ නැති උනත්...හරි හිමීට කියවන් යනකොට එයාගෙ මූන ආයම වෙනස් උනා..තත්පර ගානකට උඩින් තිබුන අර තරහා මූන ආයම වෙනස් උනා.....

ඇත්ත ඕකයි ...මට ඕන උනෙ...ඔයාටත් ඇත්ත මේකයි කියලා කියන්න....මිනිස්සු ආදරේ ගැන කොහොම අත් පොත් තිබ්බත්....ආදරේ කියන්නෙ මොකක්ද කියන්න මේතාක් වෙනකන් කවුරුත් තේරුම් අරන් නෑ මයුර...එහෙම උනා නම්...ඇත්තටම ...හත්පාටට ආදරේ මිනිස්සුන්ටත්...මෙ සමාජෙ සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන්න අයිතිය තියෙන්නෙ ගියා....

මං මීක් නොගා උන්නා..එයා අවසානම කෝපි උගුරත් කටේ හලාගන මා දිහා බලන් උන්නා.....

ඒ කියන්නෙ ඔයත් කැමති නෑ කියන එකනෙ.....

........

කමක් නෑ...ඒක ඔයාගෙ උත්තරෙ.....මං ඇහුවෙ මට අහන්න ඕන දේ . ... ඒත් ඒ මිනිස්සුත් ආසයි...ආදරේට ආදරේ කරන්න.....වැලද ගන්න.....හ්ම්ම්....කමක් නෑ.....මට ගාන කියන්න.....

මං දන්නෙ නෑ..මේකා මාව ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ දමාගන හිරකරනවා....පඩියා වගේ වදන් හැලුවට මොකද මූත් මහ ගල් ආදා.....

මට ඔය කීයක් හරි දෙන්න....සීනිත් නැතුවනෙ හැදුවෙ....

.තටමලා තටමලා වගේ මං අහක බලාගන ඔය කීයක් හරි දෙන්න කියනකොට ඒකා සාක්කුවට අත දාලා අත දාලා අවසානෙදි මගෙ දිහා බලලා මුන ඥොක් කර ගත්තා...හරි වගේ

ආ...පඬියාගෙ සල්ලි නෑ වගේ ...ඔන්න දැන් කියයි....මල්ලි මගෙ වොලට් එක නෑ..යැයි යැයි ගායි.....

මයුර.....

ම්න්...මොකද....වොලට් එක බැරි වෙලාද...කමක් නෑ...මං ගානෙ දුන්න කියල හිතා ගන්න....මට ලෙක්චර් එකකුත් දුන්නනෙ

මාව හිගන්නෙක් වගේ පේනවද....නෑනෙ....මං ආයම ආවම දෙන්නම්....ඔච්චර මිනිස්සු හෑල්ලු කරන්න එපා මයුර

ඇයි යකො මේක මහ මගුලක් උනානෙ...මං මුගෙ වැදි බනත් අහන්න...අවසානෙදි කයි කතන්දරත් අහන්න...මොන රෙද්දක්ද මේ....

අයියෙ මොනවද බලන්නෙ...

මල්ලි.....රයිස් එකක්....

ඇති යන්තන් මං ගැලවුනා.... .....මහචාර්‍ය ඇල්කසාස්ගෙ වදන් වලින් මං බේරුනා.......කඩේට ආව කොල්ලෙක් එබි එබි බලනකොට මං අරකගෙ පඩි වදන් ඒකටම තියාගන්න දීලා රයිස් එකක් දාන්න යන ගියේ ආපහු ඒකා දිහාවත් හැරිලා නොබලම.....

අප්පච්චි ....

ම්ම්ම්ම්....

බඩුවක් අහන්නද....

ගොන් කතාවක් නාහා...මගෙ ලේ කෝප නොවෙන කතාවක් නාහා...උඹගෙ ඉලව් බෑන්ඩ් එකට යකඩ කෑලි ගන්ඩ මගෙන් සල්ලි නාහා...ඕන එකක් අහපන්.....

මම උන්නෙ මගෙ අඩු දෙක පුටුව උඩ ගහන් කක්කුටු අන්ඩක් හප හප...මගෙ බත් පතෙ නැති දෙයක් නෑ...දවල් බතට තිබුන හැම එකෙම්ම පිත්තල හැන්ද හැන්ද ඔබාගත්තු මං හැන්දෑවෙ තුනට විතර කඩෙ පිටිපස්සෙ මුල්ලක් අල්ලන් පන්සලෙ ඇතා කෙහෙල් පිති ගිලින්නා වගේ ගිලින්න ගත්තා... 

.

මගෙ හිත උඩින් ගල් රෝලක් ගිහින් වගේ... .....මගෙ පපුව මහ බරයි ....අර කොල්ලා ඇවිල්ලා කන අත ගාලා කනට ගහපු පාර එක්ක මගෙ ඔලුව විතරක් නෙවෙ.....මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා..... .

අප්පච්චි ..අම්මා එක්ක යාලු උනේ කීයෙන්ද.....?

මට වයස විස්සෙන් උඹත් උන්නා...උඹ තාමත් මෙතන යකඩ කෑලි පූට්ටු කර කර ඉන්නවා....ඒයි ඇහුනද...අර රමනියගෙ කොල්ලා මූටත් වඩා බාලයි....ඌත් බදිනවලු...මූට ගෑනියෙක් අපි හොයල දෙන්න ඕනෙ... . උඹට දැන් විසි පහක්...යකඩ වලට ඇන ඇන ඉදපන්.....

අයියො කමනි...කියන්න ආව දේ කියන්න දෙන්න...මට ඕන කසාදයක් නෑ...දැන් ඔයා ඔය කියන්න කට උල් කරන්නෙ උඹලට අපි නැති කාලෙක වතුර උගුරක් හරි දෙන්ඩ ඉන්නෙ මොකාද වගේ ගොන් කතාවක් නම්....මං ඇද ගාවින් ටැප් එකක් හයිකරගන්නවනෙ... මොකො ජලසම්පාදනෙන් වතුර කපන්නෙ නෑනෙ නාකි උන්ගෙ නේ....

 ඒක නෙවෙ අනෙ අහන්න ගත්තු දේ අහන්න දෙන්නකො...කොහෙන් ගියත් ගෑනියෙක් ගැන කියවනවා....අනික අප්පච්චි විදින දුක පෙනවනේ.....

කට වහපන් තෙල් හැන්ද අතේ තියෙන්නෙ ආ....ඉකමනට කාපන් ඕක.... කාලා අප්පච්චි එක්ක අර ගෙදර ගිහින් බලලා වරෙන් ආයම පාරක්.....

එක පාරක් දෙපාරක් ඔලුව වනපු මං කක්කුටු අන්ඩ අම්මගෙ දෙවනි පුතාගෙ ප්ලාස්ටික් පිගානට දාලා අම්මවයි අප්පච්චිවයි දෙන්නවම එක තැන ඉන්දවලා ඇල්කසාස් අහන්න දුන්න සින්දුව අහන්න දුන්නා....

කව්ද පුතේ මේ...

බලන්නකො....බලන්නකො..ඔතන ඉන්නෙ කොල්ලො දෙන්නෙක්

.

මේ කොන්ඩෙ වවන් ඉන්නෙ කොල්ලෙක්ද

ම්න්.....කියවන්නෙ නැතුව බලන්නකො.....

මං බලාගන උන්නා..අම්මයි අප්පච්චි දැන් ඵෝන් එක දිහාව බලාගන ඉන්නවා...අප්පච්චි ඇස් දෙකත් හීනි කරන් අර කමෙන්ට් කියව කියව අම්මට මේක මෙහෙමයි අරහෙමයි ගගා කියවනකොට අම්මා කරන්නෙත් ඇත්තද පව් නේද ඒයි....ඒත් ඉතින් මිනිස්සුනෙ ගගා අර හත්පාට ආදරවන්තයගෙන් පැත්ත අරගන්නකොට මං එහෙම්ම අම්මට කොඩිගහ යට එකෙ කලුවවයි...ශනිවයිත් පෙන්නුවා....

වරදක් නෑ.....ලකුනු ඉහලිම්ම....සමාජේ ඒ මින්ස්සුන්ටත් ඉඩක් දෙන්න ඕනා කියන මතේ ඒ දෙන්නම දැන් කියවනවා.....

දැන් තමයි වෙලාව.....මං අතේ තියන් උන්න බත් එකෙන් අනාපු බත් කට කටට නොදා අවසානෙදි අම්මයි අප්පච්චි දිහාව තත්පර ගානක් බලන් ඉදලා අප්පච්චිට කතා කෙරුවා ....

අප්පච්චි ....ඒක වැරද්දක්ද.... 

කෝකද....

ඕක....මං අහන්නෙ....කොල්ලො...කොල්ලො ආදරේ කරන එක.....ඒක වැරද්දක්ද...කොල්ලෙක් කොල්ලෙක්ට ආදරෙ කරන එක...කෙල්ලෙක් කෙල්ලෙක්ව තෝරගන්න එක...ඒක වැරද්දක්ද

ඔව්වා..මේ...අද ඊයෙ නෙමෙ බන් තියෙන්නෙ...ඔහොම කොල්ලෙක් අපි ඉස්කෝලේ යන කාලෙ අපේ පන්තියෙත් උන්නා....කොල්ලගෙ නම...සමන්ද කොහෙද ...උඹලගෙ අම්මට ඇන්දුවෙත් ඌ හොද සැලුන් කාරයා.....දැන් නම් කොහෙ ඉන්නවද මන්දා.....ඒවා ඉතින් අපිට අදාල නෑනෙ...

එතකොට අම්මා කියන්නෙ.....

මන්දන්නෙ නෑ බන්.....උඹ කාලා ඉවර නම් පිගාන දියන් බල්ලට බත් ටික දාගන්ඩ....බහුබූත අහනවා

බහුබූත නෙවෙ අහන දේට උත්තර දෙන්නකො නෑ මං අහන්නෙ...අම්මගෙ අකමැත්තක් නෑ කියන එකනෙ.....එහෙම දේවල් තිබ්බා කියලා ..අම්මලාට ඒක වදයක් වත් පිලිකුලක් වත් නෙවෙනෙ....

මං දෙවනි පාරටත් අම්මගෙ ප්‍රශ්නෙ අහනකොට අම්මා මගෙ අතේ තිබුන බත් එක උදුර හත්තා මං මහපට ඇගිල්ල සූප්පු කර කර අප්පච්චි දිහාවට හැරුනා ....මන්දා අප්පච්චි මගෙ හොම්බ කට කුඩුකරයිද කියලා....ඒත් මේක කියන්නම වෙනවා

අප්පච්චි .....

ම්ම්ම්....

කිව්වට තරහා ගන්න එපා....මාත් ආදරේ කරන්නෙ...කොල්ලෙක්ට අප්පච්චි .....අප්ප..ආව්...හ්..ආව්.....හ්...ඔලුවටම ගහන්න...එපා...අනේ...ඌව්.....හ්....මොලෙත් එක්ක හෙලවුනා

අවුරුදු විසිපහක් ලොකු කෙරුවෙ තෝව කොල්ලෙක්ට දෙන්ඩනෙ....ආ බොල...ලැජ්ජා නැතුව ..තොට මම...කොලු කාරයො වෙන්ඩ තොට මොකද වෙලා තියෙන්නෙ

ආ...ආ..ඒ...අප්...අප්පච්...චී...ඒ..ඒ....නෑ.නෑ....මගෙ එහෙම මගුලක්..නෑ...මේක සෝශල් එක්ස්පරිමන්ට් එකක්..අනෙ ....අම්මෙහ්.....පරිප්පු තසිමෙන්මනෙ ගහන්නෙ...

මගෙ ඔලුව වටේ දේදුනු විතරක් නෙවෙ...හත්දින්නත් තරු මන්දාකිනි ඔක්කොම පායන්න ගත්තා...අප්පච්චි මට කෙලියෙම පරිප්පු තසිමෙන් වෙනකොට ඔලුව තෑන්...තෑන් ගෑවා

මටත් ඉන්නෙ කොල්ලෙක් කිව්වා විතරයි...අප්පච්චි එතන තිබුන පරිප්පු දාන තසිමෙන්ම මම එකම කොල්ලනෙ නොබලා දීලා අතාරිනකොට මන් ඔලුව ඔබන් බෙරිහන් දුන්නා.....

ඇත්ත....නිම්න හරි.....ෆැන්ටසි අස්සෙ ආදරේ ගැන සර්ව සාධරනේ ලියන කියන...බලන...බහුතරයක් මිනිස්සු රියැලිටිය අස්සෙ ඒක පිලිගන්නෙ නෑ....මට මහ හිස් කමක් දැනුනා.....කලකිරිමක් දැනුනා...මිනිස්සු හරි දෙබඩී වගෙ දැනුනා.....භූමියට පන තියනවද අහනකොට සංවේදි උන අම්මයි අප්පච්චියි මන් ආදරේ කරන්නෙ කොල්ලෙක්ට කිව්වා විතරයි ආවෙස වෙන්න ගත්තා...කොටිම්ම අම්මගෙයි අප්පච්චිගෙයි ඇතුලෙ ඉන්න සංවේදි මනුස්සයා ආවේස වෙන්න ගත්තා...කොලු කාරයො වෙන්ඩ මොකද වෙලේ තියෙන්න අහපු අප්පච්චි මට තවත් එකක් ගැහුවා...

සමහර විට ....නිම්නත් ආදරේ කරන්නෙ පිරිමි ලමයෙක්ට වෙන්න ඇතිද.....???මට හිතුනා හරිද

ඒක එහෙම නම් එයාටත් මගෙ උත්තරෙන් කල කිරෙන්න ඇති...

මගෙ අතේ තිබුන ඉදුල් වේලිලා යනකනුත් මං නිම්නගෙ වචන කල්පනා කරනකොට මගෙ ඵෝන් එක වයිබ්‍රේට් උනා....

රෑට ශෝ එකක් තියනවලු බලන්න එනවද.....

කව්ද සෙල්ලම් කරන්නෙ....

මං ආපහු රිප්ලයි යැව්වා....

රණවකලලු.....

චාමර රණවකද.....

ඔව්...

එන්නම්....

මං ඵෝන් එක පැත්තකට දැම්මා...රණවක කියනකොටම මතක් වෙන්නෙ...පොඩි නෑනෙ මං නුඹගෙ ලොකු මස්සිනා සින්දුව...රෑට ශෝ එකක් නම්.....වේලාසන ගෙදර දුවන්න ඕනෙ....අප්පච්චි එක්ක දැම්ම අර ගෙදර බලන්න ගියා නම්.....

අප්පච්චි ...

මොකද....එ පාර උඹ ආය කියන්ඩ යන්නෙ උඹ යාලු නාකි පප්පෙක් එක්ක කියලද....

නෑ අනේ...විකාරද....මං ඒක ඇහුවා....එතනින් ඉවරයි....ඕකම ආය කියවන්න එපා...අපි අකමැති උනාට ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න මේ ලෝකෙ ඉඩක් තියනවා....ඒක ඒ මින්ස්සුන්ගෙ කැමැත්ත...ආදරේ කරන මිනිස්සුන්ට තහංචි දාන්න අපිට බෑ...අනික මේක දෙදාස් විසිතුන අප්පච්චි අපි ලින් මැඩියො නෙවෙනෙ....

ඒ උඹට උනාට උඹගෙ අප්පච්චි තාම ලිදේ . ...කට වහපන් කොල්ලා.....එකානෙ එකානෙ බලන්නෙ නෑ තෝව කෑලි කපලා ඔබනවා වැවෙ....

.ඔය කිව්වෙ කතාවක්...අප්පච්චිලට ඒකනෙ තාම එකම තැන ඉන්න වෙලා තියෙන්නෙ....හැමදාම එකම තැන..කිසි අප්ඩේට් එකක් නෑ

ඔව්...ඔව්...උඹලා ඔක්කොම දන්නවනෙ....තොපි මහචාර්‍ය්ලනෙ

හරි..දැන් ඔය ඇති...මං කියන්නෙ..මං ඒ මිනිස්සුන්ට සපෝර්ට් කරනවා.....

..කමනී.....හ්....ඔය ඉලපත ගෙනාවා නම්....

*

*

*

ඕක දාගනින් හරියට.....පොලිසිය හැමතැනම.....

මං උන්නෙ බුම්බගන...රවාගන..... වෙන මොකටවත් නෙවෙ...බයික් එකේ පිටිපස්සෙන් යන එකාට හැමදාමත් හම්බෙන්නෙ කැත හෙල්මට් එකක් නිසා....ඒක එබුවම තනිකරම පැනි ආප්පයක් දිගෑරලා ඔලුවට ඔබල වගෙ...

අප්පච්චි ....

මාරවිල හන්දිය පහු කරාපු අප්පච්චි සිල්වර් ටවුන් පාරට හැරෙව්වා.....ඒ පැත්තෙන් ගිහිනුත් ලගයි....මං උන්නෙ අප්පච්චි උරහිසට අතක් තියාගන ඒ ගැන කිය කියව වෙනකොට අප්පච්චිත් ඇහෙන ඇහෙන විදිහට උත්තර බැන්දා ...

උන්ට දහයක් දෙන්ඩලු...ඉතුරු ටික හිමින් ගෙවන්ඩලු.....රට යන්ඩ කියන්නෙ යන්නෙ...ඒකලු විකුනන්නෙ....

හැබැයි අප්පච්චි...උන් බඩුත් එක්කම දෙන හන්දා හතලිහට පාඩු නෑනෙ.....

මං උරහිස ගාවින් බෙල්ල දාලා ආයම කියවනකොට මෙච්චර වෙලාම පාර බලන් ආව අප්පච්චි අහස දිහාව බැලුවා..

කොල්ලා වැස්සක් අල්ලන්ඩ එන්නෙ...

ඇත්ත...මෙච්චර වෙලා වහින පාටක් වත් තිබුන් නැති අහස බුම්බන්ඩ ගත්තා....සැරින් සැරේම ගොරවන්ඩ වගේම විදුලි කොටන්න ගත්තා...හෙල්මට් එක ඇරුනම මෙලෝ මගුලක් නැති අපිට වැස්සොත් නාන්න වෙන හන්දා මෙච්චර වෙලාම විසි පහට විතර ගාටපු අප්පච්චි අනිත් පාර ඇදලා අරින්න ගත්තා....

අපරාදෙ ...අප්පච්චි මහපාරෙන් එන්න තිබ්බෙ

මං පිටිපස්සෙන් ඉදන් කියෙව්වා....හුලන් අතට ගස් කොලන් ඇඹරෙන්න ගත්තා .....බුම්බන් උන්න අහස එන්න එන්නම රවන්න ගන්නකොට ඉදලා හිටලා කටේ සද්දෙත් පෙන්නුවා....මොන මොනවදො කිය කිය අංගාර අහස ගුගුරන්න ගත්තා

ලොකු බයික් එක ගෙදර දාලා කඩේට විතරක් සුපර් කප් එක අරන් ආව අප්පච්චිට එන හුලන් පාරටද මන්දා බයික් එක වාවන්නෙ නැතුව දෙපාරක් තුන්පාරක්ම කැපෙන්න ගියා වගේම අප්පච්චි මට මේ හුලන් අස්සෙම කෑ ගහන්න ගත්තා

උඹ මක්ක කරනවද පිටිපස්සෙ ඉදගන ....

මං මක්ක කරන්නද මන් මේ ලැගේජ් එකෙන් අල්ලන් ඉන්නෙ ඔයානෙ කපන්නෙ

මං පිටිපස්සෙ ඉදන් බෙරිහන් දුන්නා...

බයික් එක වැනෙනවා.....ඒ අස්සෙන් පිටිපස්සත් බර වෙනවා අප්පච්චි මාව මරන්ඩ හදනවා....මෙලෝ මගුලක් නොකරත් බැනුම් අහන මාත් අප්පච්චිට කෑ ගහනකොට බුම්බන් උන්න අහස අඩන්න ගත්තා....

වැහිමන්දාරම තිබ්බෙ විනාඩි කීයද .....

කොළඹ හලාවත මහපාර වගෙ නෙවෙ මාදම්පෙ ඇතුල පාර මහ මූසල පාටයි....නවසිය හත හලාවත මීගමු බස් දුවන්නෙම සිල්වර් ටවුන් පාරෙ උනත් මෙවෙලෙ මේ පාරටම උන්නෙ අප්පච්චි මායි විතරක්ම වෙනකොට අපි එන මගටම කොහොඹ අත්තකුත් කඩන් වැටුනා අපේ ඔලු නූලෙන් බේරුනා....

කොල්ලා දබරේරට අරන් කියපන් අපි මග කියලා ...

අප්පච්චි ආයම මට ඉස්සරහා ඉදන් කෑ ගැහුවා වගේම මං දබරේරට කෝල් එකක් අරන් අපි ඉන්නෙ මග කියලා කිව්වා ....

වහිනවා...

වහිනවා...වහින එක නම් කුනුවෙන්ඩම වහිනකොට මායි අප්පච්චි නාගන වගෙ ගෙදරට ආවා වගේම දබරේරයි අයිතිකාරයයි ගෙයි ස්තෝපුවෙ ඉදන් බලන් ඉන්නහැටි අපි ඈත තියාම දැක්කා වගේම මෙච්චර වෙලාම ආව බයික් එක එකපාරම රෝද හිර උනා වගේ වෙලා බයික් එක මග හිටියා....

හිටියා. ..මොන මගුලක් උනාද....

මොනව හරි හිර උනා වගෙ අප්පච්චි ඕකදීලා යන්ඩ මං මේක තල්ලු කරන් එන්නම් දෙන්නම නානවා....

ඉස්සරහට ගාර්ඩ් එකක් වත් නැති හෙල්මන්ට් එකෙන් පෙරීගන එන වතුර මගෙ මූන කට තෙමාගන ගියා....මං අප්පච්චිට යන්න කිව්වා...ඒ යන්න කිව්වත් මොකද අපි දෙන්නම උන්නෙ අම්බානෙට නාගන....

මොන...මගුලක්ද....

පස්සෙ රෝදෙ කැරකෙන්නෙම නෑනෙ....

මහ වැස්සෙම මං බයික් එක ඇදන් බැරි බැරි ගාතෙ ගෙදර කිට්ටුවටම එනවත් එක්කම මුලු පලාතම නිල්ම නිල්පාට එලියකින් වැහිලා ගියා විතරයි මට මතක...මගෙ කන් බෙරත් එක්ක පුපුරන්න ආවා....ඒ තරම් හෙනයක් පිපිරුවෙ. ....

ඒ තරම් විසාල හෙනයක් පිපිරුවෙ.....

ගොරවනවා එකා කාරෙට.....මග දිගට බයික් එක ඇදන් ආව මං ඇරලා තිබුන ගේට්ටුවෙන් බයික් එකත් ඇදන් හරි අමාරුවෙන් වත්‍තට දාන්න හැදුවා...හැබැයි මට දාගන්න බැරි උනා....හුලගෙ තද කම කොයිතරම්ද කියනවා නම් ඇරලා තිබ්බ ගේට්ටු පියන වැහුන වේගෙට මාවයි බයික් එකයි දෙකම වැට මායිමෙනුත් එලියට වීසී වෙලා ගියා....කොටින්ම ගේට්ටු පියන ඇවිදින් මාව වීසි කෙරුවා .....

අනෙ...අම්මෙහ්....අප්...පච්චී....හ්.....!

🙂.......

ආයම කොටසකින් එන්නාම්....පයිස්සමින් ඉන්ඩෝ

ආතරෙයි....

හෙට ද්වාර පුතා එක්ක එන්නාම්

මම ජොබී

Nedeesha

More Chapters