එයා කිව්වා මට මහන්සී කියලා....ඒත් මහන්සී කියලා කොහොමද මේවට මට උත්තර දෙන්නෙ කව්ද....මගෙ හිත රිදෙන එක...ඒක....ආච්චම්මා අම්මවයි මාවයි එලවන එක....කසාදෙ උඩ කටු දාන එක....ඒක.....
නලුවට නම් මොකද....එයාට නම් හැම දේම තියනවා....අම්මව ගෙදරින් එලෙව්වොත් මාව බලාගන්නෙ කව්ද...සුදු බාප්පයි තාත්තයි ඇරුනම වෙන කව්ද ඉන්නෙ...
සුදු බාප්පත් එක පාරම එයා උන්න රටට ගියෝතින් ....??
මගෙ හිතට එක එක ප්‍රශ්න ගොඩාක් වද දෙන්න ගත්තා.....ගොත ගැහෙන හන්දා නලුවගෙන් අහන්නත් බෑ..එයා කියනවා මට මහන්සීලු....මට මහන්සි නෑ මට දුකයිනෙ.....
යෙවීන්.....බබී....
මම උන්නෙ බිම බලාගන...එයාට සමහර විට මං ගැන දුක හිතුනද දන්නෙ නෑනෙ.....
මම නලුව දිහා බැලුවා...දැන් නම් අර ඇහිබැම දෙක ඇකිලිලා නෑ... ඒ උනාට එයා හැම වෙලේම උන්නෙ දත්මිටි කාගන වගේ.....හුගාක් හිනා වෙන්නෙත් නෑ.....
යෙ..යෙ...යෙවීන්ට...ම්ම්..මහන්සි....න්න්...නෑනෙ....මා...මේ...
මම ඉකමන්ටම මට මහන්සී නෑනෙ කිව්වා... මොකද මට බය හිතුනා එයත් මම කියන දේවල් අහන් නැතිව මගාරි කියලා ....හැමෝම අම්මා තාත්තා සුදු බාප්පා ඇරුනම හැමෝම කරන්නෙ මාව මගාරින එක...නොකරපු දේවල් වලට මාව අහු කරන එක....මට මම වැරදි නෑ කියලා කියන්න උත්තර බැදගන්න බරි බව දැන දැන මාව වැරදි වලට අහු කරන එක.....
මම එයාගෙ දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා....මගෙ ඇස් වල කදුලු .....එයා මගෙ දිහාවට නැවුනා...ඊලග තත්පරේදි මාව වඩා ගත්තා ....
අනේ හරි හොදයි අප්පා.....වඩා ගත්තත් එක්ක...
හරි...මහන්සි නැත්තන් කියන්නකො බලන්න...ඔයාට මොනවද කියන්න තියෙන්නෙ....
එයා ඇහැව්වා...මට මොනවද කියන්න තියෙන්නෙ කියලා ...
මම උන්නෙ එයාගෙ අත් දෙක උඩ ඉදගන.....නාලා උන්න නලුවා ගාවින් ආවෙ හරිම පැනි රහ සුවදක් වෙනකොට ඇත්තමයි මට එයාව ඉඹලා බලන්නත් හිතුනා....ඒත් ඉතින් මේ දුක හිතිලා ඉන්න වෙලේ ඉඹින්න බෑනෙ...අනික නලුවෙක් නෙ....එහෙම ඉඹින්නෙ කොහොමද ...
ම්ම්...ඉතින් ඔයාට මොනවද කියන්න තියෙන්නෙ....
ග්ග්...ග්ග්..ගොඩක්...දේවල් ....
ම්ම්ම්...ගොඩක් දේවල්.කියන්න තියනවා නම් කියන්නකො....මං අහන් ඉන්නම්.. ...
හැබැයි ඉතින් මට ඇදුමක් දාගන්නකන් ඉන්න වෙනවා...හොදද....
හ්හ්...හ්හා....ඉන්නම්...
එයා මාව වඩාගනම ගේ ඇතුලට ආවා.....බිමින් තිබ්බෙ නෑ...එය මාව වඩාගනම පඩි පෙලත් නැග්ගා....ඒත් බිමින් තිබ්බෙ නෑ.....
ඔයා මෙතන ඉන්න මං එන්නම්....කොහෙවත් යන්න එපා ...මොනව හරි උනෝතින් මට ඔයාගෙ බාප්පට වන්දි ගෙවන්ඩ වෙයි ..
ඔන්න දැන් නම් මාව බිමින් තිබ්බා.....එයා මාව උඩ තට්ටුවෙ ලොකූම ලොකු ටීවි එකක් ගාව තියන සෝෆා එක උඩ ඉන්දවලා කොහෙවත් යන්න එපා කිව්ව...බාප්පට වන්දි ගෙවන්න වෙයි කියලා.....මං හිතන්නෙ එයා අපේ බාප්පට බය ඇති නේද ....ඒත් ඉතින් නලුවෙක්නෙ.....අනික බැට් මෑන්.....බොරු වෙන්න ඇති.....එයා මම කොහෙ හරි යයි කියලා බයට එහෙම කියන්න ඇතිනෙ....
ඒ කියන්නෙ නලුවොත් බොරු කියනවා....අපි වගේමයි.....
මම සෝෆාව උඩ ඉදගත්තා ....කකුල් දෙකත් උඩට ගත්තා .....අනේ එයා මට බැන්නෙ වත් නෑ....හිම වගේ සුදු පාට සෝෆාවෙ ඉදගත්තා කියලා එයා මට වචනයක් වත් කිව්වෙ නෑ...ඒකට අපේ අච්චම්මා...මට ගෙදර තිබ්බ එකේ ඉදගත්තත් කොහෙන් හරි ඇවිල්ලා බැහැපන් බැහැපන් ඒකත් කන්නද හදන්නෙ අහනවා...ඒඋනාට අරුනි අක්කා ඕක උඩ නිදා ගත්තත් ආච්ම්මා නෙවෙ බනින්නෙ...ඒ උනත් ඉදලා හිටලා අරුනි අක්කත් ආච්චම්මට මොනවා හරි කියන් එනකොට කට වහන් යන්ඩකො කියලා බනිනවා.....ඒත් ඉතින් මට ඔව්වා කියන්ඩ බෑනෙ....
මගෙ කට කඩයි ...නැත්තම් ලිපේ තියන හනස්සක් අරන් ඇවිත් මගෙ කට පුච්චයි.....
නලුවා යන්න ගියා....එයා මාව ඉන්දවලා එයගෙ කාමරේට යන්න ගියා ..එයාට ලැජ්ජා ඇති නේද....අපේ බාප්පට නම්.ලැජ්ජා නෑනෙ...මං ඉන්න තැනත් ඇදුම් ඇදගන්නවනේ.....වෙලාවකට මගෙන් උඹ කට ඇරන් මොනවද බලන් ඉන්නෙ කියලත් අහලා ඇදන් හිටපු තුවාය මගෙ ඔලුවට දාලා මට හිනා ගිහින් පන යනකම්ම කුචි කවනවනෙ...
ලැජ්ජා නැති උනාට බාප්පා හරි ආදරෙයි අනෙ ....
යෙවීන්.....
මම උන්නෙ කල්පනාවක...ඇදුම් මාරු කරන්න කියලා ගියපු නලුවා එලියට ආවා....අම්මො අනේ...එයාගෙ ලස්සන....කන්නාඩි දෙකකුත් දාලා...ඇයි ඒ...අනේ...නලුවට ඇස් පේන්නෙ නැද්ද කොහෙද ...
.වයසයිනෙ.....අපේ බාප්පගෙ වයසෙ කියන්නෙ කොච්චර ලොකුද....මොනවා කරන්නද.....නලුවෙක් කියලා නෑනෙ....ඈ පොට්ට වෙනවනෙ.....

අපෙ ආච්චම්මත් වෙලාවකට මට බනින්නෙ උඩ බලන් යන්නෙ උඹේ ඇස් පොට්ට වෙලාද කියලා ....ඒත් ඉතින් මගෙ ඇස් පොට්ට වෙලා නෑ.....
මම කන්නාඩි දාගන උන්න නලුවා දිහා බැලුවා .....එයා මා දිහා බලන් ඉදලා එයා ගාවට එන්ඩයි කියලා අත දික් කරනකොට මම එයාගෙ ගාවට දිව්වා...
ක්ක්..කොහෙද.....අ...අපි....ය්ය්...යන්න...
යන්නෙ.....
ම්ම්ම්...එන්නකො...
එයා මාව එක්කන් කාමරයක් අස්සට ගියා...සන්තානම් මෑනියනෙ...පොත් කාන්දරාවක් ...පුස්තකාලයක් වගේ....රාක්ක ගොඩක් පිරෙන්න තිබ්බෙම පොත් විතරක් වෙනකොට කාමරේ ජනේලෙ ගාව තිබුන මේසයක් උඩත් පොත් ගොඩක් තිබ්බා.... මම මේසෙ ගාවට දිව්වා...ඒක පුරාවටම තිබුනෙත් පොත්..හැබැයි හරි බර...ලොකූ පොත්....මේසෙ එක කෙරවලක ඇස් බැදපු ගෑනු කෙනෙක් තරාදියක් අල්ලන් උන්නා....
මම එයා දිහා බැලුවා...එයා මට ඕන දෙයක් අත පත ගාන්න දීලා එයාගෙ පොත් රාක්කයක් ගාව හිටගන මොකක් හරි පොතක් බල බල ඉදල පොත අරන් ඇවිත් කැරකෙන පුටුවෙන් ඉදගත්තා ....
මං හිතන්නෙ අද රෑට උදව් කරන්න ඕනා අයගෙ නම් ලෑස්තුව වෙන්න ඇති මේ එයා බලන්නෙ.....
මම එතන තිබ්බ පුටුවෙන් ඉදගත්තා .... එයා පොත දිහා බලාගන ඇස් රැලි කරගත්තා .....ඒ චුට්ටකිම්ම කෝල් එකක් ආවා...එයාගෙ කට කොනට හිනාවක් මතු උනා...
මිස්ටර් අබේවර්දන...මාව මතක් වෙලා තියෙන්නෙ...
......
ම්ම්ම්....ම්ම්....දැන් මොකක්ද මට කරන්න කියන්නෙ...කේස් එකෙන් බහින්න කියලද.....?
......
කෙල්ලට අවුරුදු 15යි...එතකොට ..මේක කාන්තා හා ලමා අපරාද විමර්ශනේට දැම්මද නැද්ද ...ම්ම්ම්.....දැම්මා...හරි...මිස්ටර් අබේසේකර ....ඔයත් ලෝයර් කෙනෙක්...මාත් ලෝයර් කෙනෙක්...හරි...තමුන් දන්නවා...තමුන් ඔය රකින්න හදන මිනිස්ටර්ගෙ පුතා ඔය කරපු පලවෙනි වැරද්ද නෙවෙ...ලයිශන් නැති බාර් කීයක් තියනවද...??
.......
ඉතින්.....දැන් අබේසේකර තමුන් කියන්නෙ මේක මෙතනින් නවත්තන්න, කෙල්ල කැමැත්තෙන් කෙරුවයි කියලා පිලිගන්න කියලා ගානක් දීලා පිට කරන්න....හරි...මං ඒක කෙරුවා කියමු.....කෙල්ලගෙ දුප්පත් කමට සල්ලි ගත්තා.....වර්ජිනිටි එක ගැන කතා කෙරුවොත් අපේ රටේ උන්ට හෙන ගැහුවත් මේ දේවලුත් වැදගත් හන්දා රුපියල් දහ පහලොස් දහක් වියදම් කරලා කෙල්ලගෙ වර්ජිනිටි එක හැදුවා කියමු...හරි...
...
පොඩ්ඩක්....හෝව්...පොඩ්ඩක් හෝව්.....මම කියලා ඉවර නෑ... හරී..මම.කියලා ඉවර නෑ...මම මේක අතාරින්නෙ නෑ....මම කියලා ඉවර නෑ.....මේක උසාවිය නෙවෙ..මම ඉන්නෙ මගෙ ගෙදර...තමුන්ට හිතුන වෙලාවට මැදින් කතා කරන්න මේක උසාවිය නෙවෙ...!!
මම බය උනා....නලුවා එක පාර මේසෙට ගහගන නැගිට්ටා ...එයා එක පාරක් නෙවෙ දෙපාරක් තුන් පාරක්ම මේසෙට ගැහුවා...හිටපු ගමන් මේසෙට ගහගන කෑ ගහපු එයාට බය උන මම හැමදාම කරනවා වගේ කර්ට්න් එකක් අස්සට රිංගගන අත් දෙකෙම්ම කට වහගත්තා ...අපේ ගෙදර වෙන්නෙත් මේ දේ....අම්මා තාත්තා රන්ඩු වෙන හැම දාකම මම උන්නෙ කර්ට්න් එකක් අස්සෙ....ආච්චම්මා කෑගහලා රන්ඩුවක් අවුලන හැම දාකම මම උන්නෙ කර්ට්න් එකක් අස්සෙ...පොඩි සද්දෙටත් බය වෙන මම හැම දාම කෙරුවෙ අත් දෙකෙන් කට වහගන කර්ට්න් එකක් අස්සෙ ඉදන් කදුලු බේර බේර බලන් ඉන්න එක....
නලුවා කෑ ගහනවා..එයාට මාවත් අමතකයි....මම අහන් උන්නා.....මට තේරුන් නැතත් මං අහන් උන්නා
දැන් උන් දෙන ගානත් අරන් කෙල්ලගෙ වර්ජිනිටි එක හැදුවා...මාසෙකින් දෙකකින් දැනගන්නවා...කෙල්ල අනාරික්ශිත ගැබ් ගැනීමක් කියලා හරි...දැන්...එතනින් එහා ....එතනින් එහා.....මිස්ටර් අබේසේකර ...එතනින් එහා.....
.......
Objection !!!! මම විරුද්දයි ...තමුන් කියනවා ඇබෝශන් එකකට යන්න පුලුවන් කියලා....හරි ඇබෝශන් එකකට යන්න කලින් මට කියනවා මිස්ටර් අබේසේකර .....කෙල්ලගෙ මානසීක මට්ටම කොහොම වෙයිද කියලා...?? මුලිම්ම තමුන්ව රේප් උන...ඒක අකමැත්තෙන්....හරි....කැමැත්ත ඇතිව හෝ නැතිව හෝ .....කෙල්ල රේප් වෙලා ඉවරයි ...මොකද කෙල්ලට වයස 15යි...කෙල්ල කැමැත්තෙන් උනා නම්...මොකටද පැමිනිල්ලක් දාන්නෙ.....??
පලවෙනි පාර රේප් උන එකට මානසීකව වැටෙනවා..හරි....ශාරීරිකව...මානසීකව දෙකම.....දෙවනි එක...ගෙදර මිනිස්සුන්ට මූන දෙන්න බෑ....හරි.....පස්සෙ....කෙල්ල කොහොම හරි හිත හදන් මොන දහන් ගැටේ දාල හරි ඉස්කෝලේ යනවා කියලා හිතමු.....පස්සෙ කෙල්ල දැනගන්නවා ප්‍රෙග්නන්ට් ....කෙල්ලට මේ වදෙන් බේරෙන්න් තියෙන්නෙ එකම.ඔප්ශන් එකයි...suicide ....
......
පොඩ්ඩක් ඉන්නවා අයිසෙ....තමුන් ඔය ඉන්න වයසෙන් පහලට බහිනවා...බැහැලා අවුරුදු පහලවක කෙල්ලගෙ මාන්සීක මට්ටමෙන් හිතලා බලනවා මිස්ටර් අබේසේකර .....ඉස්කෝලේ යන වයස...ඔලුවට වැටෙන ප්‍රෙශර් එක වැඩී.....රේප් කේස් එකෙන් යන්තන් ගොඩ එනකොට බඩ වෙලා කියල දැනගත්තම ...ඕක අම්මා තාත්තා ...පස්සෙ ඉස්කෝලේ ප්‍රින්සිපල් ....ඊටත් පස්සෙ ඕක ඉස්කෝලෙම දැනගත්තම.....කෙල්ල හිතන්න පටන් ගන්නවා....ඒ දේවල් වෙන්න කලින් කෙල්ල හිතන්න පටන් ගන්නවා...දැන් ඉතින් මට මෙහෙම වෙයි...මට මෙහෙම කරයි ...මාව කොන් කරයි..මාව ලැජ්ජා කරයි...අපි මෙහෙන් පිළියම් හොයන්ඩ කලින් කෙල්ලම තනියම පිළියමක් හොයා ගන්නවා..කෙල්ල එල්ලෙනවා...එක්කො වහ කනවා.....හරි ...මේවා හැම දාම වෙන දේ හැම දාම වෙන දේ .....
........
මෝඩ කතා කියන්ඩ එපා මනුස්සයො...හැම එකාගෙම මානසීක මට්ටම එකද....??හැම එකාම දරාගන්න විදිහ එකද.....කෙල්ලට ගට තිබුනොත් මොකක හරි කරලා කවුන්සලින් ගිහින් ඔලුව හදාගන එක්කො පරිවාසෙ හරි....සල්ලි තියන දෙමව්පියො නම් රටකට හරි අරන් යයි.....මේ මොකුත් කරගන්න බැරි උන්.....උන්ට මොකද වෙන්නෙ...තමුන් කියනවා ඇබෝශන් එකකට යන්න පුලුවන් පස්සෙ පරිවාසෙ කියලා .....මේ හැම දේම වෙන්නෙ කෙල්ලට....එතකොට චූදිතයා....ඌට මොකද....ඌ කට උඩ.තියන් බලන් ඉන්න එක....ඇබෝශන් කරන එක ලේසිද.....??
අනික...පිලිගත්තු කිසිම දොස්තර කෙනෙක් ඇබොශන් එකක් කරන්නෙ නෑ....ගබ්සාව නීති ගත නෑ.....හරි ....දැන් තමුන් ඔය කියන විදිහට කෙල්ලව අපි ඇබෝශන් කරන්න නම්ම ගත්තා කියමු.....එතනින් එහාට....ඒ කෙල්ලගෙ ජීවිතේ තියෙන්නෙ පරිවාසෙද....ලමා කාලෙ....ඒක....එක මොකක්ද...???කිසිම ඩොක්ටර් කෙනෙක්ට අයිතියක් නෑ ජීවිතයක් මරන්න....
මොකටද ඩොක්ටර්ස්ලාගෙ ලෝගො එකේ පීච් උඩ සර්පයෙක් ඉන්නෙ...ම්ම්ම්.....දන්නවද හේතුව.....ආ මිස්ටර් අබේවර්දන .....??
......
සර්පයා වෙදකම සංකේතවත් කරනකොට යෂ්ටිය ජීව වෘක්ශය සංකේතවත් කරනව වගේම දොස්තර බෙහෙත් හේත් වලින් බේරගන්න උත්සහා කරන ජීවිතයයි...සැරයටිය වගෙම සැරයටිය බලය,බලය වගේම ගෞරවය සංකේතවත් කරනවා...එහෙම කෙනෙක් ඕක කරයිද ...තමුන්ට හොර දොස්තරලා මර්ගෙන් කරන්ඩ පුලුවන් හැබැයි...
හැබැයි...නියම ඩොක්ටර් කෙනෙක්ට බෑ....
හිපොක්රටිස් දිවුරුම දන්නවනෙ..." වෛද්‍ය වෘතියට ඇතුළත් වෙන අවස්තාවෙදී ගෞරවනීය නීති වලට විශ්වාසවන්තව සිටින බවට මම පොරොන්දු වී දිවුරනවා.මාගෙ පළමු සැලකිල්ල වනුයෙ කායික මානසික,පුදගල සහ සමාජීය යන සියලුම අංගයන් තුළ සෞඛ්‍ය යථා තත්වයට පත් කොරීම,ආරක්ශා කිරීම හෝ ප්‍රවර්ධනය කිරීමයි..."
කායික මානසීක කියන කෑල්ල....අනිවාර්යයෙන්ම කියන්නෙ ඇයි අබේවර්දන .....ඇයි ....අනික...තමුන් මම හිටගන්න ඕනා සාදාරනෙ පැත්තට මිසක් අසාදාරනේට නෙවෙ....." මම නීතීඥයෙකු ලෙස මගෙ රාජකාරිය අභිමානයෙන්,නීත්‍යානුකූලව සහ මනුශ්ත්වයෙන් ,ස්වාධීනත්වයෙන්,නීත්‍යානුකූලව සහ මනුශ්‍යත්වයෙන් ඉටු කරන බවට දිවුරමි"
මිස්ටර් අබේවර්දන ....තමුන් මම ඔය වගන්තිය කියල දිවුරුම් දීලා මෙතනට ආවෙ යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්ඩ....නීතිය අන්දයි...නීතිය අන්දයි කියන කට කතාව ඇත්ත කරන්ඩ නෙවෙ...තමුන්ගෙ සේවාදායකයා මොකා උනත්....මට අදාලා නෑ....මම මගෙ පැත්තට මට කරන්න පුලුවන් උපරිම කරනවා....මීට එහා මට අනවශ්‍ය බලපෑම් එල්ල කරන්ඩ ආවොත්..මම තමුන්ට විරුද්ද වෙනවා....හරි...
එයා ආයම අතේ තිබුන ෆයිල් එකෙන් මේසෙට ගැහුවා....මම හුස්ම හිරකරගන බලගන උන්නා...එයා එහාට ගියා මෙහාට ගියා...දැන් නම් මට ඇත්තටම බයයි....මම හිතන් උන්නා වගේ නෙවෙනෙ...අනේ නලුවා හරි නපුරෙක්නෙ....එයා මේසෙට ගගහා කෑ ගහපු හැටි....
එයා අඩි දෙකතුනක් එහාට ගියා...ආයම මෙහාට ගියා...ඒ එක්කම එයා එයාගෙ ඵෝන් එකට කොටලා කොටලා කනේ තියා ගත්තා ...
හෙලෝ...රොමේන්...කොහෙද ඉන්නෙ...අද නයිට්ද....ඔව්ද.....පුලුවන් නම් අපේ ගෙදරට වරෙන්....එක විනාඩි පහකට.....සිවිල්නෙ ඉන්නෙ.....හරි...සිවිල් නම් ඉන්නෙ විනාඩි පහකට වරෙන් යුනිෆෝම් නම් ඉන්නෙ එන්න එපා...
මම අහන් උන්නා..එයා කාටද කතා කෙරුවා රොමේන් කියලා කෙනෙක්ට.....මම බලාගන නලුවා නලල මිරිකගන්නවා...ආයම.නලලට තට්ටුවක් දාගන්නවා...අනේ සුදු බාප්පා කොහෙ ගියාද මන්දා.....එයා ආයම ඵෝන් එක කනේ තියා ගත්තා.....
උදාන..කොහෙද ඉන්නෙ...වෝර්ඩ් එකේද...ගෙදරද....විනාඩි දහයක් දෙන්නම් ..වරෙන්...හදිසෛයක්...හදිස්සියක්...ඇයි කියල ඔතන ඉදන් අහන්න ඕනා නම් මමගෙදරට එන්න කියන්නෙ නෑනෙ...
එයා ඵෝන් එක පැත්තකට දැම්මා.....පැත්තකට දාලා...ඒ තත්පර්ර්ම්ම ආයාම කනේ ගහගත්තා....
හෙලෝ....අම්මා...
......
මට කියන්න දුව හොදින්ද....
........
ම්ම්ම්...හරි...අද රෑ...හෙට...අනිද්දා...උසාවි දානකන්....ඔයා වගෙම දරුවගෙ තාත්තා ඇරුනම වෙන කිසිම කෙනෙක්ට එයාව හම්බෙන්න දෙන්න බෑ තේරුනාද...හම්බෙන්න බෑ කියන්නෙ හම්බෙන්න බෑ.....මොනම හේතුවකට වත් හම්බෙන්න බෑ...
ආයිශ් ....සිල්වා...සිල්වා....උඹගෙ පුතාව මං මේ පාර නම් නග්ගනවමයි....
කාටද මන්දා ආයම පාරක් කතා කරපු නලුවා ඊලග පාර දාන් උන්න කන්නාඩි දෙක ගලවලා දාලා බනින්නා ගත්තා...බැනලා ආයම මේසෙ දිහා බැලුවා...
යෙ....යෙවීන්...යෙවීන්....යෙවී....න්...
ඔයා කොහෙද...යෙවීන්.....
මං හිතන්නේ එයාට මාව මතක් උනාද කොහෙද ....ඔව් ඉතින් මම ඉදන් උන්න හිස් පුටුව දැක්කම මතක් වෙන්න එපැයිනෙ.....ම්හුක්....බාප්පා දීලා ගියේ ලමයව බලාගන්න කියලනෙ....එයාට යෙවීන්ව අමතක උනානෙ....
මෙච්චර වෙලාම නලුවගෙ කටට බයේ උන්න මම ඊලග පර කර්ට්න් එක ඇතුලෙන් ඇස් දෙක දාල බලනකොට නලුවා මාව හොය හොය බෙරිහන් දිදී දුවනවා...සන්තානම් මෑනියනෙ.....තව චුට්ටෙන් වැටෙනවා....
යෙවීන්....ඔයා කොහෙද යෙවීන්....මේ කොල්ලා කොහෙ ගියාද මන්දා.....
මම බලන් උන්නා...අර....අර....එනවා.දුවනවා...
එනවා දුවනවා...අපේ සුදු බාප්පා උන්නා නම් නලුවට ගහයි....ලමයව බලා ගත්තු හැටිද අහලා...යෙවීන්ටත් ඕන නම් එකක් අනී උන්න තැනින් හැංගුනා කියලා ...
යෙවී...න්න්න්න්!!!
එයා එලියෙ ඉදන් හයියෙම්ම මගෙ නම කියලා කෑ ගැහුවා.....ඔන්න අනේ දැන් නම් හෝම් අලෝන් එකෙ කෙවී....න් ගානව වගෙ...
යෙවීන්...ඔයා ඉන්නවද.....
අනේ පව් අනේ....නලුවෙක් උනත් බයයිනෙ....මම දොර රෙද්ද අස්සෙන් එලියට ආවා....
වට්..ද ෆ්ෆ්.....යෙවීන්.....කොහෙද යෙවීන් යන්නෙ...මම කොච්චර හෙව්වද .....
එයා ෆක් කියන්නද කොහෙද ගියේ...එ උනාට මගින් නැවැත්තුවා....එයා නැවැත්තුවා උනාට අපේ සුදු බාප්පා නම් ආච්චම්මා බනිනකොට ඕක ගාන්ක් නැතුව කියනවා....ආච්චම්මා දන්න ඉංග්‍රීසියක් නෑ කියනවා...හැබැයි මටත් කිව්වා උඹ නම් මේක කියන්ඩ එපා කට පොඩි කරනවා කියලා ...සමහර විට ඉංග්‍රීසි කුනු හර්පයක් වෙන්න ඇති...
ඒ කියන්නෙ නලුවොත් කුනුහර්ප කියනවා.....
කොහෙද යෙවීන් රිංගන්නෙ...මම බය උනා...ඇයි ඔයා එහෙ ගියේ...මම කතා කෙරුවනෙ...මම කොච්චර ඔයාව හෙව්වද.....
යෙ...යෙ..යෙවීන්...බ්බ්..බය....උ....උනා....නේ...
කාටද....ම්ම් කාටද අපේ යෙවීන් බය උනේ....
මුලින් මුලින් සැරෙන් වගෙ කතා කරපු එයා අනිත් පාර මගෙ ගාව දන ගහගන කාටද බය උනේ කියලා අහනකොට මට එයාගෙ මූන බලන් එයාට බය උනා කියන්න හිතුන් නැති හන්දා මම අපේ ආච්චම්මව ඇල්ලුවා ...
ආ...ආච්....චම්..මට...
ම්ම්ම්....ඔයා ආච්චම්මට ඔච්චර බයයිද යෙවීන්.....?
මගෙ ගාව දන ඔබාගන උන්න එයා අනිත් පාර පිට අලෙන් මූන අත ගගා ආච්චම්මර බයයිද අහනකොට මේ පාර එයාගෙ මූන වෙනස් උනා....ඇත්තටම ඉතින් මං ආච්චම්මට බයයි නේ .
ම්ම්ම්...ඔ...ඔව්...නේ
.....හරි...මෙහෙ එන්නකො....මං අපෙ යෙවීන්ට රහසක් උගන්නන්නම්....හොදද...
ම්ම්...හ්..හා....ස්ස්..ස්..සුදු ...බ්බ්..බාප්පට....කිව්වට...කමක්...න්න්..නැද්ද....ර්...ර්..රහස...
ම්ම්...ඌට ඕනෙත් නෑ.....යෙවීනුයි....මමයි විතරයි ...හරිද....
ම්ම්ම්ම්....හ්හ්..හා..
එයා මගෙ අතින් අල්ලගත්තා ...අතින් අල්ලගන එයාගෙ මේසෙ ගාවට ගියා....එයා මට රහසක් කියන්නලු යන්නෙ.....බාප්පටවත් ඕන් නෑ කිව්වනෙ....ඒ උනාට බාප්පට නොකිය බෑනෙ .නලුවට කියන්ඩ එපාය කියලා පොරොන්දු අරන් බාප්පට කියන්න ඕනෙ .....
එයා පොතක් ගත්තා ..දුඹුරු පාට තද කවරයක් තිබ්බ පොතක්...අරගන මන් දිහාවට හැරුනා හැරිලා මාව එයාගෙ මේසෙ උඩින් ඉන්දවලා අර පොත අතට ගත්තා ..
.යෙවීන් ....
ම්ම්ම්ම්
මේක ඩයරි එකක්....හොදද....අපි..මේකෙ ලියන්නෙ...අපි විතරක් දන්න අපේ දේවල් .....
ම්ම්ම්ම්....
ඔයා දැන් මට උදව්වක් කරන්න ඕනෙ.....
හරි වැඩෙ .....නලුවට උදව්වක් ඕන වෙලා...එයා මගෙන් සල්ලි වත් ඉල්ලන්න යනවදෝ මන්දා .....මම එයා දිහ බලලා ගොත ගැහුවා ....
ම්ම්..මො..කක්...ද.....?
මෙහෙමයි.....යෙවීන්ට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.....යෙවීන් මේක ලියන්න ඕනා....
ම්ම්..මො....මො..නවද.....
හැම දේම .....හැම දේම...ගෙදර වෙන්නෙ..මොනවද ...
ආ..ආ...ච්ච..ම්මා...බ්බ්....බ්බ...බනින ...ඒවත්...
ආන්න හරි ..ඔය තේරුනෙ.....අපෙ යෙවීන්ට ගහන්නෙ කොහෙටද ...ඇයි ගැහුවෙ....මොකෙන්ද ගැහුවෙ.....කවදද ගැහුවෙ....එතකොට බැන්නොත්. බනින්නෙ ඇයි...මොනවා කියලද බැන්නෙ කියලා ලියන්න ඕනා....හැබැයි ...ලියලා කාටත් පේන්නෙ නැති වෙන්න හංගලා ...මම ඉල්ලන දවසට දෙන්න ඕනෙ....තේරුනාද ....
ම්ම්ම්.....
ම්ම් නෙවෙ....
එයා මගෙ අතට අර පොත දුන්නා..දීලා කිව්වා එයා වෙන හැම දේම ලියන්න කියලා ...ඒක හරි ශෝක්....නිකන් සැන්ටට ලියුම් ලියනව වගෙ....අද බැනපුවත් ලියන්න ඕනෙද දන්නෙ නෑනෙ...කමක් නෑ ඔන්න ඔහෙ ලියමු....බාප්පා ගැනත් ලියන්න ඕනද දන්නෙ නෑ..බාප්පා බීලා ඇවිත් පේර ගහේ කොල කනවා කියලත් ලියන්න ඕනද දන්නෙ නෑනෙ...දැක්කොත් ලියනවා ....
මං උන්නෙ මේසෙ උඩ එයා මගෙ අතට පොත දීලා ලියන්න ඕන දේවල් කියනකොට මං ලියන්න ඕනා දේවල් කල්පනා කර කර උන්නා වගේම එයාට ආයම කෝල් එකක් ආවා....එයා මොන මොනවදෝ කිව්වා ....එ චුට්ටකිම්ම කව්ද දෙන්නෙක් අපි දෙන්නා උන්න කාමරේට ආවා.....

(ASP රොමේන් ජයවර්ධන )

(Dr.උදාන සෝමරත්න )
සංධීර්.....
උඹලා ආවද.....ඉදගනිල්ලකො බඩුවක් අහන්න....
ආවා .ආවා කියන මගුලක් ඉක්මනට මං අර දුම්කොළ කොලනියෙ අරක්කු පොට් එකකට යන ගමන් ආවෙ ඒ මගුලෙ හැමදාම වලි ...ඕ....මේ කව්ද මේ.....සංධීර් කාගෙද මේ ඇබිත්තමා ...
ඇතුලට ආවෙ කව්ද කියන්න දන්නෙ නෑ හැබැයි නලුවා එ දෙන්නටම ඉදගන්න කියනකොට කලු පාට ජැකට් එකක් ඇදලා බූට් දෙකක් දාන් උන්න එක්කෙනා බර අඩි තියන ගමන් මගෙ ගාවට එනකොට මං ඉක්මනට නලුවා දිහා බැලුවා .....නලුවා මගෙ ගාවට එනවා එක්කම මං ඇගෙ එල්ලුනා ...මගෙ ගාවට ආව ඒ ජැකට් කාරයා මා දිහා බලලා මන් කාගෙද අහනකොට නලුවා මාව අත් දෙකෙම්ම බදාගන මම එයාගෙ කිව්වා....
මගෙ ඇයි ....
වෙන්ඩ බෑ...
ඇයි වෙන්ඩ බැරි මොකද .....
බදින්නෙවත් නැතුව උඹට හුලගෙන්ද ලමයි හම්බුනෙ??
ඇයි බදින්නම ඕනෙද ලමයි හම්බෙන්න...ඇරත් මං කිව්වෙ ණෑනෙ මේ මගෙ ළමයා කියලා .....!!!!නේද බබී....
සංධීර්...!!!
ඒ.....හ්හ්හ් බාල අපරාද කාරයා රොමේන් ඇරෙස්ට් කරපන් මූව....!!
🙂ජොබී නිදහාස්ස්....
සෑත අග්ගියා එක්ක එන්නම් ....
මෙ ලමයා බුජි.....ඔය ලමයිනුත් බුජියන්ඩෝ...
ආතරෙයි ...
චුක්..චුක්....
මීත....
ජොබී.මුව කායයි හතු කැකුලා🤭🤭🤭
Ferdeesha ❤️💚😘 ...