සුදු පුතා....සුදු මහත්තයා.....හිච්චි පුතා...උක්කු බබා....ඔයාට උක්කු බබා කියන්ඩත....ආ සංගුලුබන්කට්ටරයො....ඕ.....යෝ...යෝ.....චූචි කට සූදයිනෙ....කුක්කු සූදයිනෙ....අප්පුච්චා කුක්කු පිටි හදනවා....ඕ...මගෙ කුක්කු බෝලෙට....කුක්කු කුක්කු.....කුක්කුති.....
ගුඩු ගුඩු ගාලා කුක්කුති බීල...මේ චූචි කකුල් දෙකයි....චූචි අත් දෙකයි ලොකු කරගන්ඩ ඕන.....
ඌඋ....ඕ.....
ඕ....ව්...ඔය තේරෙන්නෙ අප්පච්චිගෙ සුදු බෝලෙට...පියුමා නම් පිස්සෙක් නේ පුතේ...පියුමට නට් ලූස්....ඕ....ව්..නැත්තන් මගෙ සූකිරි කැටේට සූප්පුවක් වත් ගේන්ඩ කියනවනෙ...ඕකව අපිට එපානෙ....මගෙ පුතාට ඕකව එපා....මේ අප්පච්චියි.....බෙනෙ අප්පච්චියි ඇති මගෙ පුතාට.....ඕකට කොහොමත් හද පායන කාලෙට ට්‍රැක් අවුට් යනවා....
හම්....ම්ම්ම්....ම්ම්ම්.....
ඕ....ව්...අරූට නට් ලූස්.....ඌට උඹලගෙ අම්මගෙ සිහිය විතරයි....නෑ.නෑ....ඌත් ආදරෙයි....ඌත් ආදරෙයි ...අම්මෙ.....ඌව තරහා කරගන්ඩ එපා මගෙ පුතා...ඕකට ගොඩ මඩ ඉඩම් සරුසාරයි පලබරයි.....කොහොම හරි අක්කර දෙක තුනක පොල් ඉඩමක් වත් මගෙ පුතාගෙ නමට ලියවගමු හාද ....ඕහ්...මගෙ පුතාට පොල් මුදලාලියෙක් වෙන්ඩ පුලුවන්....මගෙ පුතා වැටෙන පොල් ඔක්කොම විකුනන් රත්තරන් බඩු හදවගන්ඩ ඕන හරිද ....
පොල් ගනන් යනකොට රත්තරනුත් ගනන් යනවා.....
ම්ම්ම්ම්....බබ් .බ්බ්බ්බ්බ්.....බ්බ්...ම්ම්ම්....ම්ම්ම්...
මගෙ පුතාට වලව්වකුත් තියනවා...වලව්වෙ මහ හාමුදුරුවො නම් සන්තෝසෙ දරාගන්න බැරිව හිටගන ඉන්නකොට දිවංගත වෙයි මුනුබුරු පැටියව දැකල.....ඒවට මේ බාප්පොච්චා ඉන්නවා හරිද ....මගෙ පුතාගෙ අප්පුච්චියත් මේ ආකාස...බාප්පොච්චියත් මේ ආකාස...කෝ මගෙ අම්මා නැලවෙමු...පව් අප්පා...මගෙ නොදරු පැටියට මහන්සිය....ඔව්...බයියලා...බයියලා.....
මගෙ පැටියට මහන්සිය....
(අර නොදරුවට උගන්නන දේවල්.....!පියුමට නෙවෙ උඹටයි හාමු පිස්සු....ඌට නෙවෙ උඹලටයි දැන් ඉසකුඩිච්චියක් දාන තරමට පිස්සු....මගෙ ඉහෙ නහරත් එක්ක ඇදුම් කනවා මයෙ ආකාස වස්තුවෙ....ඒත් බොලාගෙ මලකරච්චලේටත් මං පුදුම තරන් ආදරෙයි බන්....
මං උන්නෙ දිරාගන යනගමන් තිවුන මැටිවරිච්චි කුසි කෑල්ල ඇතුලෙ....හුඹස් මැට්ටෙන් පිරියම් උන දරලිප උඩ පරංගියගෙ කාලෙ ඉදන් වතුර උනු කරාපු දැලි තට්‍ටුවක් බැදුන කේතලෙ ඒකගෙ පාඩුවෙ හනසු හින්දරෙන් ඇවිලි ඇවිලි ඇහෙන් නෑහෙන ගානට හූල්ල හූල්ල තෙත් කාපු හුස්ම අර කොම්බු ගැහුන නාහෙන් එලිදානකොට පැටියගෙ සූප්පු බෝතලෙ සියවතාවක් විතර හෝද හෝද ගෙයි ඇතුලෙන් ඇහෙන මගෙ හාමුගෙත් පැටියගෙත් කයියට කන් දික් කෙරුවා.....
දෙයියො බුදුන්ගෙ පිහිටෙන් මයෙ පැංචා දැන් අකුරු ඇහිදින හන්දියෙ හන්දමද කොහෙද ඒකගෙ වැඩේම කතා කරන කට දිහාව බල බල කට පොඩිත්ත උල් කරාන පපු ඇබිත්තමට දරන්ඩ බැරි තරන් හුස්ම කටවල් අල්ල අල්ල අතපය හතරම ගහගහ තටමලා තටමලා බිත්තරෙ දාන කිකිලි වගේ යන්තම් අකුරක් දෙකක් සබ්ද කරගන්නවා....
ආකාස හාමුගෙ කටට නිවනක් නැ...මයෙ අම්මෙ ඔයාකාර වචන උනන්ඩ ඕක උල්පතක්ද හැබෑටම...ඊටත් පපඩන් පොඩි කරන්නා වගේ පාන් රොඩු පොඩි කරන්නා වගෙ දාන ඉන්ගිරිසි කෑලි ....අනෙ අම්මෙ මන්දන්නෙ නෑ ඔව්වා කුනුහර්පද කියලා....
මයෙ රත්තරම උනත් මක්කද....අර කියන ප්‍රේමනීය සියපත උනත් මක්කද...හාන්දුරුවනෙ අර රේඩියෝවෙ ඉන්න පෙති සීයට මයෙ ගාවට ආවම කපුවෙක් වැහෙනවනෙ.....
ඊටත් ඔයාකාර නැටිල්ලක්.....???ඕකා අර කොලඹ රටෙත් නටනවද දන්නෙ නෑ . හිටපන් මං උඹට ඉලපතක් කැඩෙන්ඩ ගහනවා නාඩගන් නටලා අහු උනෝතින්....
අනෙ ඒත් මං උඹට කොහොම කියල නම් සැක කරන්ඩ ද ආකාස හාමු....මයෙ පපුවෙ බරම පැත්තත් උඹ හන්ද ගෙවෙන තත්පරයක් ගානෙම බරවෙනකොට
උඹලා දන්නෙ නැ...උඹලා ඔය ගෙන්දගම් පොලවෙ ඉන්නකොට මයෙ හිත මෙහෙ නහින තරම...විසි හතර පැය ඇතුලෙ තියන විනාඩි ගානටම මං අර උඩ ඉන්න දේව මන්ඩලේට යාදිනි තියනවා උඹලා රකින්ඩ කියලා.....මයෙ ඇස් මානෙම ඉන්න අම්මා අප්පුච්චා නගා වගේම මයෙ කලුපුතා එක්ක පැටියා එක්ක පැටියගෙ පවුල රකින්ඩය කියලා මං දැන් අමුතුවෙන් බුදුන්ට කියන් නෑ ආකාස හාමු.....
බුදුන් මට එවුන් රකින්ඩ මේ අතපය හතරට ඇතෙක් තරමට හයි හත්තිය දීලා තියෙනවා . .එවුන් මයෙ ඇස්පිල්ලම් යට ඉන්න එවුන්...අනෙ උඹලා ඉන්නෙ හූ හතක් තියලා වත් නෑහෙන දුර....
ගව් හතකටත් එහාවයි මයෙ ආදර පරානෙ....
එහෙව් මං කොහොමද උඹලා ගැන මතක් නොකර ඉන්නෙ...උඹලා දැක්කත් හරි....තව්තිසාවෙ පිපෙන මල් මයෙ පපුවෙ පිපුනා ආකාස හාමු...
ඔන්න බබො ....ඇතින්නියා .....
ගල් අරඹෙ.....සිටින්....නියා ....
ගලින්....ග...ලට ....පනි....මගෙ පුතා දොයිය දොයිට මගින් ආය ඇස් අරින්ඩ එපා...,
එතකොට අර ඇතින්නිට වෙන්නෙ ආයම ගලෙන් ගලට පනින්ඩ...ඒකිට බැරි නන් මගෙ සන්ගුලුබන්කට්ටරයව දොයිය පුතා කරවන්ඩ අප්පච්චි ගිහින් අර ඒක දන්තයව හරි කනෙන් ඇදන් ඇවිදින් ගලින් ගලට පනින්ඩ කියන්නම්කො...
තොරතෝංචියක් නැතුවම ඇහෙන ආකාස හාමුගෙ කච කචේ අහන් උන්න
මං මගෙ අට කම්මුලට ගහගත්තා....මේකා අර නොදරුවව නිදිකරවන්ඩ හදනවා.....ඒකා ඇහැ පියෙව්වම මොකො සූප්පුව සමනගෙ අප්පව හරහට අරන් කටෙ ගහන්ඩද....නැත්තන් හාමුවව හරහට අරන් කටෙ ගහන්ඩද..අනෙ දෙයියනෙ මේකා කෙරුවොත් ජන්ජාලයක්මනෙ...ඊටත් මක්කද අප්පා ඔය කියන අපබ්‍රංස.....
හාමු තනිකරම දෙමලිච්චෙක් වගෙ!
දෝ.....යි...පුතා....ආ...අ...
ආකාස, එපා ඕකලාව බුදි කරවන්ඩ....මේක පොවාගන්නකන් හිටපල්ලකො....ඕකා බුදියෑවොත් කව්දැයි මේක බොන්නෙ....?
ගොජ ගොජ ගගා නටන වතුර බුබුලුත් හාමු තැනගෙ කරච්චලෙත් මයෙ කල්පනාවත් මුනිවතත් සුන්නත්දූලි කරන්නා එක්කම දැලි රෙදි කෑල්ල ගුලි කරලා අතට අරගන්න ගමන්ම මං ආකසා හාමුට කෑ ගැහුවා.....ඒත් වැඩක් උන් නෑ....හාමුට මයෙ කටහඩේ සද්දෙ නෑහිලාම යන තරමට හාමුගෙ බෙරියම ඉහට උඩින් ගිහින් තිවුනා....
දෝ........යි....අම්මා...ආ...ආ....දොයිය....එව්....ඒක පුදුම තරම් කැතයි නේ බබො...දෝ....යි අම්මා ගාලා අදින්නෙ මොකටද....එහෙම අදින්න ඕන නෑනෙ...ගුරු අකුරක් තමයි...ඒත් ඔය තරන් අදින්න ඕන නෑ..දෝයි අම්මා....ඔහොම කිව්ව නම් හරිනෙ...මගෙ පුතා ලොකු උනහම ආකාස අප්පච්චි තමයි රත්තරන්ට අකුරු කියලා දෙන්නෙ තේරුනාද ....සින්හල සාහිත්‍ය...ඒ විතරක්ද....මං මගෙ පැටියට කවි ගොතන්ඩත් කියලා දෙන්නම්..... ....
පැටියා දන්නවද.....ආදරෙ කරන මනුස්සයෙක් වෙනුවෙන් කවි ගොතන එක තමයි මේ ලෝකෙ තියන හොදම ප්‍රේමය කියන්න.....
හ්ම්ම්ම්ම්..මේ අප්පච්චි උඹගෙ බෙනරගම වෙනුවෙන් දාහක් කවි කතා ගොතනවා මගෙ නිවන්.....හිස් කොලයක් අතට අහුවෙන වාරයක් පාසාම කවියක් ඉපදෙනවා මගෙ නිවන්.....
මට ඕන උඹගෙ අප්පච්චි වෙනුවෙන් කවි ලියලම මැරිලා යන්න.....උඹගෙ අප්පච්චි වෙනුවෙන් ආදරෙ විතරක්ම ලියලා මැරෙන්න ...මගෙ පුතෙ උඹ දන්නවද ලියන එවුන් මැරුනට උන් ලියාපුවා අදටත් පනගහනවා කියන්න...දවසක මේ ආකස අප්පච්චි වයසට යාවි....අවසානෙදි මහපොලවට පස් වේවි...ඉලන්දාරියෙක් උන කාලෙක මං මහපොලවට පස් වෙලා ගියත් උඹට මං උඹලගෙ අප්පච්චි වෙනුවෙන් ලියාපු කවි කතාවල හුස්ම වැටෙනවා පෙනේවි මගෙ නිවන්....
තුන්යම දකින හැම හීනෙකම පවා ඉන්නෙ උඹගෙ අප්පච්චි නිවන්.....මං ඒ මනුස්සයට පුදුම විදිහට ආදරෙයි...උඹගෙ අප්පච්චි දවසක ඒකාන්තෙම්ම බුදුවෙන්නම ඕන පුතෙ....එහෙව් දාට මගෙ පුතාට බැරිද රාහුල වෙන්න?
.....නොහිතපු යාමෙකදි මගෙ පපුව කෑලි දාස් ගානකට කුඩුපට්ටම් වෙලා ගියා....
නොදරුවගෙ කිරි එක සූප්පු බෝතලේට දාලා සිය වතාවක් හොලවලා හොලවලා අවසානෙදි තවත් ඩින්ගක් ඇල් වෙන්න වතුර කෝප්පෙක බස්සලා ඉමක් කොනක් නැතුව බලාගත්ත අත බලාගන චප්පෙ හපන සමනගෙ අප්පට තේ වතුර ටිකක් අරන් යනගමන් උන්න මගෙ කකුල් වලට ඊලග අඩිය ඉස්සරහට තියාගන්න බැරි උනා.....
මෙච්චරවෙලාම හය හතර මෙලෝ සන්සාරයක් නොදන්න නොදරුවට දාහක් කතා කියවපු හාමු තැනගෙ කටහඩ හිටිහැටියෙ වෙස් මාරු කරාන උන්නා.....දරුවව නලවන්ඩ හුරුතල් කතා කියන්ඩ කතා කරාපු ලාමක කටහඩ ආයම අර පිරිමිකම උතුරන්ඩ තියන දෘඩ කටහඩට මාරු වෙලා මදිවට පහු පහු වෙනකොට මයෙ පැටියට කියන් යන වචනයක් වචනයක් පාසාවටම කාමර කෑල්ලෙ ජනේලෙට සමාන්තරව උන්න මගෙ පපුව මම නොහිතපු වෙලාවක පුපුරලම යන්න ගියා.....
හාමු තැන මගෙ කොල්ලට පොඩි රාහුල වෙන්න්ඩයි කියනවා...පැත්තක ඉදන් සමනගෙ අප්පා එකාකාරෙට කහිනවා....ඒකගෙ කැහිල්ල අස්සෙන් එන බල් බල් සද්දෙ එක්ක මයෙ යටි හිත කියන්නෙම ඒ හුස්ම පොදට තව වැඩිකල් නෑය කියලා වෙනකොට සමනගෙ පැලට ඉන්න අන්තීම පිරිමි පරානෙත් මලගමකට මාන බලන හැටි දකින මට සසරමග කෙටි කරගන්න එක තවත් ටිකක් පස්සට දාන්ඩ සිද්ධ උනා....
උන් තවත් අසරන වෙනවා....
උන් අන්තෙටම අසරන වෙනකොට ඒ බව දැක දැක මං කොහොම කියලා නම් බැදීම් ලෙහාගන බුදුගෙට යන්ඩද...
ඒක හරියටම බුදුන් ඉදලත් බුදුබන අහන්ඩ පින් තිබිලත් ගෙදර එවුන් මතක් වෙලා රහත් වෙන්ඩ වරම් නැතුව මන්ඩපෙන් බැහැල ගෙදර එනවා වගෙ වැඩක්....
සමනගෙ අප්පුච්චෙ.....ඉදා.....මේන් තේ කහට...
කැහ්...කැහ්.....
.මේන්...තේ කහට එක.....
කෝ ඔය හපෙ එලියට දාපල්ලා...කොච්චර කිව්වත් ඔය ලබ්බ ගිලිනවා...බලපන් උඹගෙ කටම රත ගහලා...කෝ එලි දාලා මේක බීලා හිටින්....
කැහ්....කැ...ස්...සමනා.....කැහ්...
හරි හරි...උඹල හපෙ පිට උගුර්‍ර් යවාගත්තා ඉතින් බලපන්කො...කෝ එලි දාපන්කො ඕක.....
අතෙ තිවුන කහට කෝප්පෙ පැත්තකින් තියාපු මං සමනගෙ අප්පගෙ කටට යටින් අත තිබ්බෙ නොදරුවෙක් ගානට වෙනකොට මන් අනිත් අතෙන් උන්දැගෙ පිටට හිමීට ගහගහ තට්ටු කෙරුවා අනෙ උන්දෑ අර බොරපාට ගැහුන ඇස් වලින් කදුලු වක්කරගන මයෙ ගොරහැඩි අල්ලට අර හප කරාපු බුලත් කට වමෑරියා....
ඉදල්ලා...උඹලා මක්කටද මේ බැරි මගුල් තාම හපන්නෙ ....කෝ මේක වත් හිමීට බීහල්ලා....
පැත්තකින් තියාපු තැනින් තැන පතුරු ගියපු බෙලෙක් කෝප්පෙ ගත්ත මං ආයම උන්දැගෙ කටට ළං කරාපු මං උන්දැගෙ ගිලා බැහැපු හකු දිහාවත් කුහර ගැහුන ඇස් දිහාවත් බලාගනම මං උන්දැට ඇහෙන ගානට විතරක් මුමුනනකොට මයෙ දිහාව තත්පරයක් දෙකක් බලන් උන්න සමනගෙ අප්පා අනිත් පාර වෙව්ල වෙව්ල කට අරිනවත් එක්කම මං අර බෙලෙක් කොප්පෙ කටට ළං කෙරුවා...උගුරක් පෙවුනා ඉතුරු උගුර උන්දැගෙ දුම්කොල කෑල්ල වගෙ යටි තොලෙන් පාතට වැක්කෙරීගන ගිහින් අර මටුල්ල වගේ තිවුන රැවුල ඇතුලෙ අතුරුදන් උනා...
හෙට අනිද්දා දිහාට උඹලව වැවට කැන්දාන ගිහින් නාවන්නම්....මුඩු ගැහුන පොල් ගෙඩ්ඩ වගේ ඔහෙ ගුරුපාර දිහාව බලාගන හූල්ලන්ඩ ගත්තම තවත් උඹලා ලෙඩ වෙනවා....මේක හිමි හිමිහිට බීහල්ලා....කොලුවා සහගින්දරෙ...අරකිලා මොන පන්ඩිතකමටද හේනට ගිහින් තියෙන්නෙ...ගියත් කාරි නෑ....අර කොලුවා තට්ට තනියෙන්...
මේකිට අන්දකයිප්පුද?ඒකා බෑගිරි තිව්වට උඹට පුලුවන්ද නොන්ඩි කොට කොට දුවන්ඩ.....ආ දෙන්කො ...එක්කො අම්මන්ඩි ඉදල ඒකි යන්ඩ ඕන...ඇරත් අර නාකි ගෑනිට පුලුවන්ද මහපොලව එක්ක මැරෙන්ඩ....හැන්දෑ ජාමෙ පැලට ගියාට මං එනකොට බලන්ඩ ඕන ඔක්කොම අහවර කරලනෙ එන්නෙ..
යනවා මෙතන...බිජ්ජ බලන්ඩ.....ඕක බීපල්ලා...,
කැහැ කැහැ තේ කහට එක තොල ගාන උන්දෑ දිහා බලාන උන්න මට මෙච්චරවෙලාම මෝදු නොවුන හීන් කේන්තියක් මෝදුවේගන එනවත් එක්කම සරමත් කැහැපට ගහගන මං ආපිට කුසියට වැදිලා නිවෙන්ඩ දාලා තිවුන කිරිබෝතලෙ අතටගත්තා.....
මං අහගන ආකාස හාමු ආයම නැලවිලි කවි කියනවා...ඇතිනින්නියන්ට ගලින් ගලට පනින්ඩ කියල අවසානෙදි කුලුදුලේම කියාපු නැලවිලි ගීයට මාරු වෙලා තිවුනා.....
වැදි රැලක පනගහපු රාසින් දෙයියන්ගෙ ලේ ධාතුවක් නැලවුන ඒ අපූරු ආදර නැලවිල්ල ....
මෙ කේන්තිය පිටින් යන්ඩ බෑ....ඒත් මට දැන් නිවෙන්ඩ තව කේන්තියක් ඇත්තෙත් නෑ...පැලෙන් කාන්දු වෙන නැලවිල්ල එක්ක මටත් නොදැනිම මාව හීන් සීරුවට නිවෙන්න ගත්තා.....
නිවන්ට විතරක් නෙවෙ හාන්දුරුවනෙ අනෙ මටත් ඒ පපු තොටිල්ලෙ නැලවෙන්ඩ හිතුනා...
කලාත්ම හාමුගෙ කටහඩ මුලු පැල් කොටේම අරක් අරගන්නවා...කොටින්ම කැලේ ඉන්න සතා සීපාවගෙ කිරිදරුවන්ට පවා නැලවෙන්ඩ ඒ නැලවුම පිටාරගලනවා....රෙදිකඩකින් ඔතාන ආව සූප්පුබෝතලේ මීටත් එහාවට ඇල්වෙන්ඩ නොදි පපු රස්නෙ මැද උනුහුම් වෙන්ඩ පපුවෙ හන්ගාන ආව මං හීන් සීරුවට පන අදින ඇන දෙකක දෙකොන් එල්ලාගන පූරුවෙ පව් නාහෙන් අඩ අඩ ගෙවන පඩුපාට ගත්ත දොර රෙද්ද හීන් සීරුවට අහක් කරන ගමන් කාමරේට බෙල්ල දැම්මා...
අනෙ දෙයියො මයෙ පපුකෙඩෙත්තුවම දැහැන් ගතඋනා....
ආකාස හාමු මයෙ කොල්ලා නලවනවා...නිකන් නෙවෙ.....ගොම මැටි පොලවෙ ඉදගන වරිච්චි බිත්තියට පිට දීගන කකුල් දෙකත් දිගෑරගන් ඒ මැද කොට්ටක් තියන් කොලු පැංචා නලවනවා.....
අනෙ අරකගෙ අත් දෙක දෙපැත්තට දිගෑරිලා කොට්ටෙනුත් බිමය වැටිලා....එහාටත් මෙහාටත් කකුල් දෙක වනන වනන වරයක් වාරයක් පාසාම කිරිපබලු දාපු අත් පොඩි දෙක යන්තමට වගේ ගොම මැටි පිලෙ වදිනවා...

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ...ඒ..ඒ..
නාඬන් දැන් එන්දෑ
දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද දැන් දරු සුන්දර රූපා
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
පැන පැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
සුදු මහත්තයා....
ඔන්න ඉතින් හුජු මහච්චයා ගෑවනෙ ඇවිත්.....අපූරුවට නින්ද යාගන ආව ළමයා.....
ඇහෙන නෑහෙන ගානට යන්තමට කෙදිරි ගාපු මං එයා ගාවින් දන ඔබාගන්නකොටම එයා වගේම අඩමානෙට නින්ද යාගන ආව කොලු පැටියත් මයෙ දිහාව බැලුවා විතරයි අනෙ මව්වත් කමක් ආරූඪ කරාන උන්න ආකාස පරානෙට තරහා ගියා කියපල්ලකො...
අනෙ ඉතින් මේකලාව බුදි කරවන්ඩ හදි ගැහෙන්නෙ ..මං කිව්වනෙ උඹලට පැටියා නිදි කරවන්ඩ එපාය කියලා...
කෝ කොහෙ.....මට ඇහුන් නෑ....
....(ඕන් ඉතින් ඩෝන් ගිහින්....ගස්සනවා...අරහෙන් පියුම් හාමුවා ප්‍රේමට ගස්සන ගැස්සිලි පරාදයි මේ ගැස්සිලි...)
මයෙ පුතා....මයෙ අම්මා....රත්තරම.....කුක්කු බොමුද....ඕ...මයෙ කොල්ලා බඩගින්නෙ දාලා ඕකිලා ගියා....ඕ...ඕකිලා දෙන්නම ගියා....
ම්ම්ම්ම්....හම්...මම්...ම්ම්
හා...හා....හරි...හරි.....මයෙ සුදු මහත්....තයා....අප්පුච්චගෙ පන නෙ මයෙ අම්මා.....ආන් කලුවත් ආවා...ඕ...මයෙ කොල්ලා බලන්ඩ කලුවත් ආවනෙ...
....ම්....ම්ම්.....
දෙයි හාන්දුරුවන්ගෙ පිහිටයි...මේක බීහල්ලා රත්තරනෙ.....කෝ මයෙ පුතා මේක බීහල්ලා....ඉක්මනට ලොකු වෙන්ඩ ඕන නෑ....උඹලා හිමි හිමීට ලොකු වෙයල්ලා...අප්පුච්චට හදිසි නෑ ....ඔව්...උඹලා ඔය විගහට ලොකු වෙන්ඩ ඕන නෑ මයෙ අම්මෙ....
මන්දාරම්...
සුදු මහත්තයා...
ලෝබ හිතෙනවා.....මට උඹව මෙහෙම දැක්කම මගෙනෙ කියලා දැන දැනත් මට පුදුම විදිහට ලෝබ හිතෙනවා මගෙ මන්දාරම්....
මං උන්නෙ බිම බඩගාගන වගෙ...කොලු පැටියා තවමත් එයාගෙ කකුල් මැද සනීපෙට ඉන්නකොට යාප්පුවෙන් කටට ගහපු සූප්පු බෝතලෙන් බිදෙන් බිද කිරි උරන නොදරුවවට ආදර කතා මුමුන මුමුන උන්න මයෙ ඉහ කෙයා අස්සෙන් එයාගෙ හීන් ඇගිලි එහා මෙහා යනවත් එක්කම මං ආකාස දිහා බැලුවා.....
ඒ ඇස් අමුතු වෙලා...කොච්චරවාත් අංකරේට එන ආකාස හාමුට තිවුනෙම දඩබ්බර ඇස් දෙකක් උනාට ළයම ස්නේහයෙන් බර උන මේ ආකාස හාමුගෙ ඇස්වල බැල්ම ස්නේහෙන්ම පාට වෙලා තිබුනා...කොටින්ම ඒ පපුව ස්නේහ නගරයක් වෙලා තිවුනා.....
එයාට ලෝබයිලු....මගෙ හාමු තැනට ලොබ හිතෙනවලු....මගෙ වස්තුකද ඒ කකුල් මැද නලව නලව මයෙ ඇස්වලට එබෙන ආකාස හාමු ආදරෙන් මත් වෙලා වගේ මයෙ මූනම හීන් සීරුවට අතගගා ආදර වැහිවස්සන්න හදනවා...
සුදු මහත්තයා ඇයි මේ....
මොකුත් නෑ...මං හිතන්නෙ මං ඉන්නෙ මත් වෙලා...මිනිස්සුන්ට මත් වෙන්න මධු විතක්ම ඕන වෙන්නැ මන්දාරම්...ආදරෙන් දිදාලෙකුත් ඇති....උඹ දන්නෙ නෑ මන්දාරම් උඹව දකින්ඩත්...උඹව ලබන්ඩත් මං පුදුම විදිහට පින් කරලා තියනවා....කැලැක් පිරුන ලෝකෙක නිකැලල් කොල්ලෙක්ගෙ ආදරේ විදින්න වෙනවා කියන එක පුදුමාකාර භාග්‍යක් මන්දාරම්.....
......
මට ආය අමුතුවෙන් තව්තිසාව දකින්ඩ වරම් ගන්ඩ පින් කරන්න ඕන නෑ මන්දාරම්.....මං ආදර්‍ර් කරන්නෙම තව්තිසාවකට වෙනකොට.....
අනෙ බන්....ඇයි මයෙ අම්මෙ මේ...උඹලත් අඩන්ඩ කට හදනවා මයෙ ආකාස....
විරහවට විතරක් නෙවෙ ආදරේටත් මිනිස්සුන්ව අඩවන්න පුලුවන් මගෙ මන්දාරම්...මේ ඇස් අඩන්නෙ ආදරෙ හන්දා....මේ ඇස් අඩන්න තටමන්නෙ ආදරෙ බර දරන්න බැරි හන්දා.....එහෙව් එව්වා ඇහිදාර පන්නන් කදුලු විදිහට පල්ලම් බහිනවා.....
ආකාසෙකට වැස්ස කැප උනාට කදුලු අකැපයි මයෙ හාමු තැන.....සියපතක පෙති උඩට උනත් වැහි දිය වැටිලා හැඩ උනාට....උඹලා අහල තියනවද මොනම ඉසව්වකින් හරි කියලා තියනවා කදුලු කැට වැටුනම සියපතක් හැඩ උනාය කියලා...
.....මෝඩ කොලුවෙක් උඹ....ගදපාන සුවදයි උඹලා ගාව...කොයි කැලෑමලටත් වඩා මං දැන් කවි ගොතන්නෙම ගදපාන මල් ගැන....
.......අනෙ මන්දා....ඉදලා ඉදලා මං හොයාන තියෙන්නෙ කවියෙක්වනෙ....
මං එයා එක්ක හිනා උනා....ඒ ඇස් මයෙ ඇස් එක්ක ආදර චුම්බනෙන් ඝට්ටනෙ වෙන යාමෙක මං යනත්මට වගේ හිනා වෙලා ආපිට ඒ කකුල් උඩ නිදාගන ඉන්න ගමන් අප්පච්ච්ලාගෙ කතාවට ඇස් ලොකු කර කර බල බල අතපය හතර ගහන නොදරුවගෙ නලලට හාදුවක් තිබ්බා...
ඇයි මන්දාරම් පැටියට ඉක්මනට ලොකු වෙන්ඩ එපා කිව්වෙ....අපි කියන්නෙ ඉක්මනට ලොකු වෙන්ඩ කියලනෙ.....ඇයි මන්දාරම් විතරක් හෙමීට ලොකු වෙන්ඩ කියන්නෙ...ඕන් ගුඩුස් ගියා ....ආ මේකෙන් කට පිහදාන්ඩ....ඔහොම ඉන්න මමම පිහන්නම්.....
ආකාස හාමු මගෙන් ප්‍රශ්න අහනවා.....ඇයි හෙමීට ලොකුවෙන්න කියන්නෙ කියලා අහනවා... වැහි නැති බව දැන දැනම දවසගානෙ කොයිම කාන්තාරෙක හරි අලුත් පතොක් අංකුරක් මහපොලවෙන් උඩ මතුවෙනවා ඇති...මොන තරම් කාස්ටකෙ උනත් ඒකත් හීන් සීරුවෙ ලොකු වෙලා මලකට උපත දෙයි කියන්න ඔය කරන්ගැට්ටි උන පතොක් ගස් පවා දන්නවා ඇති...උනුත් මං වගේම හීන් සීරුවට ඒ ලපටි පතකොට කොදුරනවා ඇති ඉක්මනට ලොකු වෙන්න එපා පැටියො කියලා...වෙන මොකටත් නෙවෙ...ඩින්ගෙන් ඩින්ග ලොකුවෙනකොට උරහෙට වැටෙන ප්‍රශ්නවලට උන්ට මූන දෙන්ඩ තියන බව දන්න හන්දා...
ඇති තරම් ලමා කාලෙ විදිපන්...අනෙ ඉක්මනට ලොකු වෙන්ඩ එපා කියන්නෙ ඒකයි මං.....
ඇයි කියල දැනගන්නම ඕනද ආකාස හාමු....
හ්ම්....ඇයි මන්දාරම් ඒ...
මේ කරන්ගැට්ට් මහපොලවෙ පය ගහලා හයියට ඉන්ඩ මටත් සෑහෙන්ඩ අමාරු උනා ආකාස....ගලක් වගේ හිත හයිය කරගත්තා උනත්....ගල් හිතක උපතට පෙරාතු අතීතෙ තනිකරම සමනොලෙ පවා පහු කරාන යන තරමට මයෙ ඇස්වලින් කදුලු ගංගා ඇතිපදම් කඩා වැටුනා...මේකගෙ ජාතක අප්පා යුද්දෙන් මැරුන එකෙක්...උපන්ගෙයි මයෙ කොල්ලා යුධ අනාතයෙක්...
ඒකව හදන අප්පා මිනි කපන්නෙක්.....ගම්වල එවුන් තව අවුරුදු දාස් ගානක් ගියත් බෙනරගම පවුලට පුක හරවාවි...බහතෝරන්ඩ කලියෙන් ගම් හතක් ඇවිදින් මයෙ කොල්ලට අරියාදු කලත් කිරිදරුවා හන්දා ඒකට දැනෙන් නෑ...එත්...කරදඩු උස්වෙන්ඩ වෙන්ඩ මයෙ කොල්ලට තේරෙනවා...
මගෙ ඇස් වලට කදුලු කැප උනාට කාරි නෑ ආකාස...මං අප්පෙක්...ඒත් මෙ ඇස් වලට කදුලු අකැපයි...මේකා මයෙ කොල්ලා...මේ ගමෙ එකාලා මාව ඇඩෙව්වෙ මට හරිහැටි ඉකි ගහගන්ඩවත් බැරි කාලෙ ඉදන් මගෙ ආකාස...
අප්පලා ඇඩුවට උන් කවදද කැමති දරුවො අඩනව දකින්ඩ...ඕකට ඉක්මනට ලොකු වෙන්ඩ එපා කියමු ආකාස...හෙමින් ලොකු වෙද්දෙන්...
උඹ මහ පින්කදක් මගෙ මන්දාරම්...ඒත් උඹට වැරදුනා...මාත් දැන් මේකගෙ අප්පා කියන්ඩ...මගෙ කොල්ලව ඇඩෙව්වොත් මං මේ ගමම මරනවා මන්දාරම්.....ඔවුන් දන්නෙ නෑ මේ ආකාස තනිකරම යකෙක් කියන්ඩ ...උඹ මගෙ පන...එතකොට මේක මගෙ හුස්ම....පනත් හුස්මත් වෙනුවෙන් මං ගමක් උනත් මරන්ඩ තරන් යකෙක් වෙනවා මන්දාරම්.....ආදරෙ නාමෙන් ගෑනුන්ට විතරක් නෙවෙ බන් පිරිමින්ටත් බැරි කමක් නෑනෙ කාලිලා වෙන්න.....
තත්පර ගානක් ඒ ඇස් දිහා බලන් උන්න මං මගෙ ඉස්සරහ ඉදන් චන්ඩ කතා කියන චන්ඩි ශාමගෙ රැවුල වැවුන කම්මුල මයෙ පිට අල්ලෙන් පිරිමැද්දා....
උඹ මහ චන්ඩයෙක් මගෙ ආකාස....
ඔව්.....චන්ඩයෙක්....ඒත් මං උඹ ගාව නොදරුවෙක් මන්දාරම්....
නොදරුවා මයෙ.....කාරි නෑ හාමු තැන...උඹලට හුරුතල් වෙන්ඩ ඕන තරම් මයෙ ගාව ඉඩ තියනවා
*
*
*
උඹලා නම් පුදුම මුරන්ඩුයි ආකාස....පැටියට දැන් බඩත් පිරුන එකෙ සැපට නින්ද යනවනෙ...
ඉතින්....ඔයා කියන්නෙ ලමයා තනියෙන් ගෙදර දාලා යන්ඩද...
ඉතින් දෙයියා මන් උඹලට කිව්වෙ යමින් ගමන් හේන් කෑල්ල ගාවදි ප්‍රේමට පයින්ඩෙ දීගන යන් කියලා.....කාටක අවූවෙ.....ඕකගෙ ඉහ ඇම්ම අල්ලයි අප්පා....අනෙ රත්තරනෙ කියන දෙ අහපල්ලකො....
උඹට තමයි ඉහ ඇම්ම...මං තියලා යන්නෙ නෑ ළමයව...අනික පේන්නෙ නැද්ද රෙදිකඩකුත් ඔලුවට බැන්දා....අපෙ බූරුවත් දැනගන්ඩ ඕන ගෑනු ගත්තා නම් කන්ඩ බොන්ඩ දෙන්ඩ.....කැහැට්ටිව හේනට යැව්වම වල් ඌරො එනවා ඇති ළමයා නලවන්ඩ.....ඕකිගෙත් දත කට වයිබ්‍රේට් වෙලා යන්ඩ දෙකක් දුන්නා නම් හරි....පුදුම කෙලියක්නෙ මේක...හරිද. ....ඔන්න මං ඉදගත්තා...ඔය මොකද කකුල එලියෙ දාගන ....ආස ඇතිනෙ ගමෙ ඉලපත් වලට ගල පෙන්නන්ඩ...වහගනින් ඔය කකුල...
දිගට ඇදන් පදින්නෙ කොහොමද...නිකන් ඉදිල්ලකො...කොහෙද ඔය අත දාන්නෙ...උඹ දැන් ළමයත් වට්ටනවා යකො....!!
මෝ...යකො....මට යකො කිව්වා යකා ඇති මගෙ කලිසම අස්සෙ...අනෙ වහගනින්...වහගනින්...වහගනී...න්න්න්න්න්...වහගනින්...කකුල වහගනුකො මන්දාරමො....ගල එලියෙ දාගන යන්ඩ පුදුම ආසාවක්නෙ .....හොද කෙලිය....තව කල් ගිහින් ඇට කුට්ටමත් එලියෙ දාන් යයි දිගට ඇදන් පදින්ඩ බෑ කියලා.....උඹට පදින්ඩ බැරි නම් මට දියන් මන් පදින්නම්....
ශිහ් .....මේ කට නන්.....නිකන් ඉදින්කො සුදු මහත්තයා....
ඇයි කට මොකද....මෝ...අනෙ...ශිහ් කිව්වා.....දැන් තමා උඹට මගෙ මට ශිහ් නේ.....බුලත් කටා...අර..අර...ඔන්න ඔන්න ඒකදන්තයා වැහුනා...(අම්)මො...අනේ රවනවා....අර අර....එපා අප්පා ඔහොම රවන්න.....මේ මල්ලි මේ....මං කියන දේ අහපන් ..මං අවුරුදු දහයක් වැඩිමල් ආ....මං අයියනෙ.....අයියලා කවදාවත් වැරදි දේ කරන් නෑ....අපෙ අරූ නම් බූරුවෙක් ඒක වෙනම කතාවක්...ඒත් මේ අයියා එහෙම නෑ
ම්න්....
මට ආයම ඉහෙ ඇම්ම...මට ආයම ඉහෙ ඇම්ම...මං දන්නවා...අනෙ හාන්දුරුවනෙ මන් නම් මැරෙන්නෙම අකාලෙමයි...එක්කො ඉහ ඇම්මට ඩිස්ප්‍රීන් බීලමයි....මේකා අයාම අන්කරේට එනවනෙ.....ඊටත් මක්කද මේ කියන හරුප....මයෙ කලවෙ මිරික මිරික මේකට ගල කියන්නෙ...අනෙ හාන්දුරුවනෙ මේකා මේ ගිනි දවාලෙ මයෙ සරුවාංගෙ මිරිකනවා...
මං රවාගත්තා.....කොහෙන් අහුලන්ද මන්දා දිගට හරහට අසිකිත්ත කතා පෝලිමක් ලැජ්ජ නහරෙ කපා දාපු එකා වගේ කියවගනම උන්න ආකාස හාමු කැහැපට කවන් බයිසිකලේට නැගන් උන්න මගෙ සරමත් ඇදලා ඇදලා අවසානෙදි එලියට ආව කකුල වහලා දැම්මා .....ඒ මදිවට අර කිරි සප්පයගෙ ඉහට රෙද්දක් ගැටගහන් පපුවට තෙරපන්...
පියුමව බලන්ඩ යන් ගගා නැහුන එකා දැන් හදන්නෙ මේ කාටකේම කොල්ලවත් ඉස්සරහින් ඉන්දන් ඉස්කෝලෙට යන්ඩ වෙනකොට සක්කරයගෙ පුතා වයිමා ආවත් ඒකත් එක්ක කටගහන්ඩ තරම් හපනෙක් නොවුන මං අවසානෙදි දරුවවත් තුරුල් කරන් බයිසිකලේට ගොඩ උන ආකාස හාමුවත් තියාගන කලින්ටත් වඩා පරිස්සමට බයිසිකලෙ පැද්දා.....
අනෙ මන්දා මන්දාරම්...වතුර අඩුපාඩු තිබුනට මොකද මෙහෙ කලින්ටත් වඩා ලස්සන වෙලාද කොහෙද.....
මෙහෙ මොන ලස්සනක්ද සුදු මහත්තයා....ඔය උඹලා සෑහෙන දවසකින් ගම්වැදුන හන්දා.....
මන්දාරම්....හේනෙ ළපටි කැකිරි නෑ.....
ළපටි කැකිරි.....??
ඔව්.....ඔයා දන්නෙ නෑ...වලව්වෙ බත් අම්මා ළපටි කැකිරි හින්දුමක් හදනවා....පුදුම රහයි ලමයො ඒක.....මැටි හට්ටියට උන්දෑ ඒක හදන්නෙ...ඔය කැකිරිය පහුදාට තමා ආය ඉතින් අමුර්තෙ වෙන්නෙ....කැකිරි හින්දුමයි වේලුන හාල්මැස්සො හොද්දයි....හීන්වෙන්ඩ ලියාපු අගුනුකොල මැල්ලුමයි....ඔය හාල්මැස්සො කිරි හොද්දත් රහම පහුදාට...නිකන් නෙවෙ ආයම රත් කරනකොට රෝස් වෙන්ඩම රත් කරලා එ හට්ටියටම බත් අනාගන කෑවම මාර රහයි මන්දාරම්...
.....
මට කැකිරි ඕනා.....උයල දියන්කො ළමයො...හැබැයි උලුහාල් නම් කෙලින්ඩ එපා....මං උඹටත් කෙලලා අරිනවා කැකිරියෙම්ම...නේද පුතේ.....අප්පුච්චිට කියන්ඩ උලුහාල් නම් එපාමයි කියලා
පුරුදු විදිහමයි.....ආදර වදන්....චන්ඩි වදන් දාහක් ජාති කියපු මගෙ ආකාස වස්තුව ආයම අර කැඩුන රේඩියෝ කන්කරචලෙ පටන් ගත්ත...අනෙ ඉතින් මාත් ඔය කොච්ක්චර කෑ ගැහුවත් මෙ කන්දොස්කිරියාවට මාත් මයෙ තුන් හිතින්ම පේ වෙලා ආදරෙයිනෙ දෙයියා...
ඇබිත්තන් කකුල් කෙටිට හැඩල් එක උඩ හිටින්ඩ උකුලෙ ඉන්දවන් උන්න මයෙ පුතු පැටියා හුස්මක් නොගෙන කියවන් යන ආකස අප්පච්චිගෙ කතාවත් අහගන හතර වටටම ඇස් කරකවනකොට සැරින් සැරේම නේද මගෙ ළමයො නේද මගෙ ලමයො ගගා මයෙ දිහාවට බෙල්ල හැර්‍ර්න ආකාස හාමු අනිත් පාර දගලා ළමයත් වට්ටයි කියන බයට මං වම් උරහෙ පැත්තට හීන් සීරුවට පහත් උනා...
දැන් මයෙ පැටියයි මයෙ ආකාස වස්තුවයි එකම හුස්ම යට!කැලෑගම්මානෙක ආදරනීයම තුම්පත් රෑන
හීන් හුලන් රැල්ල හේන් යායටම හාදු තියාන යනකොට අවු පූටකෙන් ඉහ බේරගන්ඩ චීත්ත පටලන් උන්න ගෑනු හේන් කෑලි වල ඉදන් මහපොලව එක්ක හරි හරියට ඔට්ටු වෙනකොට ඒ උරහෙ දිහාට බර වේගෙන එයා කියවන ඔක්කොටම හූ මිටි තිය තිය උන්න මන් ආදරෙ හීලෑම නැති තැන ඒ ඉහට හාදුවක් තිබ්බා.....එකක් තියලා මදි වෙනකොට තවත් එකක් තිබ්බා.....
එයා කියවනවා...හිටි හැටියෙ ආයම මගෙ දිහා හැරිලා බලනවා...එහෙව් වෙලාවට නූලෙන් වගේ අපෙ තොල් එකට හැප්පෙන්ඩ බලනවා.....දෙතොල් හාදුවක රහ බලන්ඩත් කලියෙන් මයෙ කන් පෙති ගිනි ගන්නවා....
අන්න...අන්න...මන්දාරම්.....මගෙ ලමයො අර.....අර ඉන්නෙ කැහැට්ටි නේ ....මේකිගෙ ඇගේ හැටියටද උස්සන් ඉන්න උදැල්ල.....අපෙ එකත් මෙහෙ එනවා ඇති උදලු ගාන්ඩ .ඕකට වලව්වෙ ඉන්නකොට තමයි කෙහෙල් ගහක් වත් හිටවගන්ඩ වලක් කොටාගන්ඩ පන නැත්තෙ පගයට....ප්‍ර්‍රෝඩාව....ඕකට ඇදවෙලා තියන ඉන්නක් කෙලින් කරන්ඩ කිව්වත් අබ්බගාතෙ...
........(පගයලු.....ශිහ් කුනුහර්ප විමානයක් මේක...)
එක අතකට කැහැට්ටිට බනින එකත් පව් මගෙ ලමයො .....ඒකිට ඕන උඹගෙ බර චුට්ටක් හරි අඩු කරලා දෙන්නනෙ... බනිනව නම් බනින්ඩ ඕන අපෙ බූරුවට....ඌ එපැයි මේ ගෑනි ගැන බලන්ඩ...
ඕකා අපෙ සීයප්පච්චිගෙ පරන ගිරයක් අර ඇන්ටික් බඩු කඩේට විකුනලා සල්ලි අරන් නෙ.....ඔයාට මට කියන්ඩ බැරි උනානෙ ළමයො ..වලව් හාමුදුරුවො මූ එනකන් ඉන්නෙ මුගෙ ඇට දෙකම පුවක් කපන්නා වගේ කපලා දාන්ඩ....මට දුන්නා නම් මං වෙන පොට් එකකින් ගානට ඕක කරලා දෙනවනෙ...අපරාදෙ උන්දැගෙ මී මුත්තගෙ පඩික්කමත් තිබුනා...ඔව්වා අපි කන්ඩද නෑනෙ....මට පුලුවන් නන් වලව්වත් එක්ක විකුනනවා...විකුනලා ස්පා එකක් දානවා....කොහොමද මගෙ අයිඩියාව...
ශිහ් .....නැහැදුන වැඩකරලා උඹ තව රහත් කරනවා සුදු මහත්තයා....එපා ඔව්වා මට කියන්ඩ...
ආ...මේ බලපියව්කො...පුදුම ලැජ්ජාවක්නෙ මේක නම්.....ඉතින් ඇත්තනෙ....රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ පඩික්කම් තියන් මොන මගුල කරන්ඩද.....ඔව්වා වටින්නෙ ඇන්ටික් කඩවලටනෙ....අපරාදෙ මට හිතුනොත් මං අර පහල කෑල්ලෙ දුංකොළ වවනවා.....ඔය අතරින් පතර කන්සා පැලයක් වත් ඉන්දන්ඩ බැරියෑ....තනමල්විල ඩුප්ලිකේට් එක වලව්ව පිටිපස්සෙ....අරුත් හීනියට ඔව්වා ගහනවා..ඕකයි මායි එකටම කහකොලෙ ඔතපු ගුලිය කාපු දවසෙ ඌවයි මාවයි සීයප්පච්චි වරු දෙකක් දඩු කදෙගැහුවා....වරු දෙක ගෙවුනට පස්සෙ අපි දෙන්නා ආයම දෙකක් ගෙනත් කෑවා....
ඒ කාලා පියුමා ඒ කාලෙ ටෝක් කරපු කෙල්ලගෙ ගෙදර තිබ්බ මල්පෝච්චි දෙකතුනක් උස්සන් වලව්වට ගෙනාවා...ඒකි නම් මූට බලු බැනුම් බැන්නෙ ....හැබැයි ඒකිත් ටෝක් උනා නැත්තෙ නෑ....සෛල තමයි සෛලවතීගෙ
මුන් දෙන්නා මොන නැකතෙ ඉපදුන එවුන්ද මන්දා....යකො දහදුරා වැඩ කරලා ඒවා කියන ලස්සන...
මට දැන් තරහව....මුලින් දැකපුදා මං හිතුවෙ අනෙ මේකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා උනාට දැන්නෙ දෙයියනෙ මේකගෙ හැබෑ රූපෙ එලියට එන්නෙ.....අනෙ දෙයි හාන්දුරුවනෙ මේ වලව් හාමුලා තනිකරම අර හොර මුලට වැටුන ගිරවා වගේනෙ...කෙරුවොත් අසමජ්ජාති වැඩක්...
ඊටත් කහ ගුලි කෑවලු.....මූ කොළඹ රටෙ හොද හොද ජල්ලි අල්ලනවා ඇති...
කරාපු මදාවි කම් ආය එක දශමෙකින් වත් හන්ගන්නෙ නැතුව වීරකම් කෙරුවා හා සමානව එකම දිගට කියවන් ගියපු මගෙ චන්ඩි ශාමා අනිත් පාර උකුලෙ උන්න දරුපැටියවත් අරන් බහිනවා එක්කම මාත් බයිසිකලෙන් බැහැගත්තා...අනෙ අපෙ ඇස්වලටත් හොරාවට නොදරුවට ආකාසගෙ පපු මැදම නින්ද ගිහින් තිවුනා.....
ලමයො.....අනෙ.....මේ....
කොල්ලට නින්ද ගිහින් සුදුමහත්තයා...
හුලන් සනීපෙටත් එක්ක වෙන්න ඇති....පව් මන්දාරම්...මේ මුන දැක දැක කොහොමද ලමයො අපි මේකව ගෙදර දාලා එන්නෙ...
.......ම්න්....
පව් මගෙ නොදරුවා....ලමයො කොල්ලව මේකෙන් පොරවන්නකො....ඔලුවට රස්නෙ නොවදින්න මන් අත තියාගන්නම්.....
ප්‍රේමත් අම්මත් හේනෙ එහා කෙරවල.....අහසින් දියබිඳු මහපොලවට එවන්නෙ නැතිම තැන උන් කේඩෑරි සර්වාංග අවු පූටකේට පුච්ච පුච්ච ඇග දාහයෙන් මහපොලව තෙමලා දාන හැටි දැක දැකම මං කොල්ලගෙ ඔලුවට ගැටගහලා තිවුන රෙදි කඩ ලෙහලා ඒකව ඒකෙන්මපොරවනව එක්කම මගෙ හාමු තැන අර කිව්ව වගේම ඔලුවට රස්නෙ වදින් නැතිවෙන්න ඒකගෙ ඇබිති ඔලුව අතින් වහගත්තා...
මුලු රැයක් පුරවටම උඹ ඉන්නෙ අර පැලේද මගෙ මන්දාරම්.....?
....ම්න්...
කැලෑ අහසෙ රෑ හද පායපුවාම පුදුමාකාර විදිහට ලස්සන ඇති නේ....මට කියපන් ලමයො...කවදාවත් ඔය කැලෑ හද එකම වතාවක් වත් උඹට මන්දාරම් වස්තුව කියලා කොදුරලා නැද්ද ....
මං එයා දිහා බලාගන උන්නා...ආකාස හාමුගෙ ඇස් තියෙන්නෙ මං නිදිවරන පැල දිහාවෙ වෙනකොට ආයමත් අර කටහඩ ආදරෙනුත් දැඩි කමෙනුත් පිරිලා යන්න අරන් තිබුනා...
එහෙම වෙලා නැති නම් හදට නඩු දාන්න ඕන මගෙ මන්දාරම්.....මං උඹ ගැන හදත් එක්ක දොඩමලු වෙන හැටියට හදට නඩු දාලත් මදි....මන්දා මං උඹට පිස්සෙක්ට අන්තව ආදරෙයි මන්දාරම්....
සුදු මහත්තයා....
රත්තරන්.....මට උඹ එක්ක පැල් රකින්ඩ ඕන....ඒ විතරක් නෙවෙ....චන්ද්‍ර කාන්තිය මේ හතර දිග්බාගෙටම හාදු තියන හැටි උඹට තුරුල් වෙලා බදින්න ඕන....පුලුන් වලා කැටි හදට හාදු තියන යාමෙක මට උඹත් එක්ක දෙතොල් හාදුවකට එහා යන්න ඕන මගෙ මන්දාරම්....
මන්දාරම්....මට උඹ එක්ක රමනයක් අස්සෙ තියන සුන්දරම තැන් රැයක් එලිවෙනක් හරි රහවිදින්න ඕන මන්දාරම්.....රමනයත් එක්තරා මරනයක් කියන හැගීම මට උඹගෙන් මාව ඔත්පල වෙලා යනතරමට විදින්න ඕන රත්තරන්....
මගෙ ඇගිලි දහයටම බයිසිකල් හැඩල් එක කිටි කිටියටම මිරිකිලා ගියා.....ආකාස හාමු තනිකරම කවි ගගක් වගේ .....යටිහිත ඉල්ලන සෘංගාරාශා මයෙ ඇස් දිහා බලාගන හින් සීරුවට කියවන් යනකොට මංඅගෙ අත්වලින් හැඩල් එක මිරිකගන ඒ ඇස් දිහා බලාගන උන්නා.....ඒ චුට්ටකින්ම එයා යන්තමට හිනා වෙලා ආයමත් පැල දිහාව බැලුවා.....පපුව පුරවලම හුස්මක් අරගත්තා...
ඒ ඔක්කොම මැද මං බලාන නොදරුව හීනෙන් හිනා වෙනවා.....
මං උඹ වෙනුවෙන් සින්දුවක් කියන්නද මගෙ මන්දාරම්....?
සින්දුවක්....
ඔව්....මට උඹ වෙනුවෙන් සින්දුවක් කියන්න ඕන මන්දාරම්...මේ කැලැගම් සුවද තනිකරම මගෙ මන්දාරම්ගෙ ආත්මෙ වගේ.....ගදපාන මල් සුවද ....නිල් ආකාස තලෙ.....ඉදහිටක අහසටත් නඩු කියාගන යන කෑරලුන්ගෙ ඈඩියාව මේ ඔක්කොම එක්ක මගෙ යටිහිතට උඹ ව මට තව තව ළං කරනවා.....
පුංචි එක උරිස් තොටිල්ලෙ සුව නින්දක.....මයෙ අම්මා ඒ අප්පච්චිගෙ පලල් උරහෙ ඉදන් සනීප හීන දැක දැක නිදි කුමාරි තුරුල්ලෙ ඉන්නකොට හේනට ඉහලින් කෑරලෙක් නාහෙන් අඩාගන ගියා වගේම එයා ගහ උඩ අටවාපු පැල දිහාව බලාගන ඉදලා මගෙන් සින්දුවක් කියන්නද අහනවා...
ම්න්....මක්කද සුදු මහත්තයා...
පුන්සද රෑට ඇවිදින් හේනෙ කලුව බිද....

*
*
*
මලයා උඹ හදන්නෙ මේ කොල්ලට වැඩ වැඩි කරන්ඩ...කිව්වම අහලා ගෙදර යමන් පිස්සො...
මං නෙවෙ උඹනෙ අර කැහැට්ටිට වැඩ වැඩි කරන්නෙ බූරුවො...මං මගෙ කොල්ලට වැඩ වැඩි කරන් නෑ...මං යන්නෙ උදව් කරන්න....ගියා ගත්තා ඒක අරගන ආපහු ආවා.....මොකො ඒක කරෙ තියන් එනවද.....නෑනෙ...අනික මං අහන්ඩ උන්නෙ
උඹ මොකද මට ලමයට සූප්පුවක් වත් ගේන්ඩ නොකිව්වෙ...
ඉතින් මං කියන්ඩ ඕනද...උඹත් ළමයගෙ අප්පනෙ....ඔක්කොම මං ඇගිල්ලෙන් ඇන ඇන කියන්ඩ ඕනද.....??බඩත් ගිනි උඹ නම් කැලනි හිගන්න වගෙ අනිවාර්‍ර්ම්ම මන්දාරම්ගෙ ගෙදරින් ගිලින්ඩ ඇති.....
ගිල්ලා තමයි....මගෙ ලමයයි අම්මයි දෙන්නම මට හොදට කන්ඩ දුන්නස්...නිකන් නෙවෙ...අලකොල මාලුවයි ඉදි ආප්පයි රොටියි....උඹ මොනාද කෑවෙ...
පෝහ්....පෙරේතයා ..බඩපල බඩ පල....
....මන් දැන් ගිහිනුත් කනවා...ඔක්කොටම කලින් මට කියපන් පියුම් අරකි අද මොනාද ඉව්වෙ...
අපො...උඹ එහෙන් කාපු එකමහොද...නියන් වැටකොලුයි ,කොසැට තෙල්දාලයි බතුයි....ඊටත් මේකිගෙ වැඩේම පඩින එක කලාත්ම...
ශිහ්....ගුරාට කියපන් ඕකිට මුඩ්ඩක් ඔබන්ඩ කියලා....අපො එපා...ඔය මිනිහව ඔය ගෑනිගෙ තට්ටම් අස්සෙ අතුරුදහන් වෙයි....
මට දුවන්න හිතුනා...
ඊටත් වඩා එහෙන් මෙහෙන් දුවන ලමයෙක්ට වත් ඇහෙයි කියලා මයෙ හිත ඔක්කොටම වඩා ලැජ්ජාවෙනුයි බයෙනුයි ගැහෙනකොට මං කරපු එකම දේ වැටේ එල්ලීගන එක එකාට පද හදන අයියා මලො දෙන්නව නොදන්න එකා වගේ ගාට ගාට හීන් සීරුවට වෙන අහකට මාරු උන එක...
පියුම් මං යනවා.....මං එන්ඩ ටිකක් රෑ වෙයි....මට අද නයිට් එකක් ....අපි දැන් අරක අරගන ඇවිත් එම්බාම් කරලා ගිහින් දෙන්න යනවා...
උඹ එක පාරකුත් බයවෙලා හුජ්ජ කල හතක් විතර ගියානෙ ගොනො.....මන්දාරම් මුව එපා එක්ක යන්ඩ මූ බයයි...අන්තීමට ලැට් එකට යනකොටත් ඔයාටත් අස්සට යන්ඩ වෙයි...
කටවහපන්...එහෙම නෑ ලමයො...මෙ මුගෙ පච....කටවහකො බොරු කියන්නෙ....මූට උන ඒවා මගෙ පිටින් යවන්නෙ....අපි යමු මන්දාරම්...මේ මගෙ බෑග් එක උඹගෙ කැහැට්ටිගෙ ගෙදර...බඩු ටික අරන් මට හිස් බෑග් එක දෙන්ඩ කියපන්.....මං යනවා අයියන්ඩි...
හරකා...යනවා නෙවෙ...ගිහින් එන්නම් කියපන්...මං නම් කියන්නෙ කලාත්ම උඹ එක්කො මන්දාරම්ගෙ ගෙදරින් නැවතියන්...පව් උඹ හදන්නෙ අර ලමයට වැඩ වැඩි කරන්න....කිව්වම අහලා හිටපන් මලයා...උඹට ගෙදර ඉන්ඩ බැරි නම් වරෙන් මෙහාට...උඹ ගැන මං දන්නවා....
මං බය නෑ .....පරිස්සමින් ඉන්නවා පියුම්....රෑට කන්න ටවුමෙන් මොනවා හරි ගේන්නම්...
ගිහින් එන්නම් පියුම් හාමු.....
පරිස්සමින් මන්දාරම්...ඕකව බලාගන්ඩ කට විතරයි ඕකා....
*
*
*
*
අපි දැන් මේකෙද යන්නෙ...?හැබැයි දැන් නම් දොලහත් වෙලානෙ මගෙ ලමයො.....එක්කො අපි දොලහ මාරට විතර යන්ද...?
මං උන්නෙ මිනිකපන ගෙයි ඉස්සරහා...පියුම් හාමුත් මාත් මේකට වැන්දෙ නැති ටික විතරයි.....අනෙ රත්තරනෙ උඹලා නැවතියල්ලා කියලා කකුල් අල්ලපු නැති ටික විතරයි....ඒත් මේකා තනිකරම ඒකදන්තයට හපන්....
මිනිය ඔතාගන එන්ඩ ඕන කරන රෙදි එක්ක අනිත් ආම්පන්න ඔක්කොම හර්ස් එකෙ පිටිපස්සට දාපු මං යතුරත් අරන් එලියට එනකොට මං බලාගන මගෙ චන්ඩි ශාමගෙ මුනෙ තිවුන අර ප්‍රබෝධමත් ගතිය යන්තමට විතර මැරීගන ගිහින් තිබුනා...හර්ස් එක වටෙ කැරකි කැරකි ඉදලා පිටිපස්සෙ තිබුන රෙද්දත් මලකද තියන.තහඩු ඇද දිහාවත් බලපු මිනිහා මගෙ ඔලුවත් කස කස දොලහටම නොයා දොලහමාරට විතර යන් කිව්වා....
දොලහමාරට...ඒ මොකද.....තවත් පැයබාගයක් පරක්කුයි ...එතනට යනකොට කීයද...මං කිව්වනෙ සුදු මහත්තයා උඹලා ඉදිල්ලකො...
නෑ....නෑ...මාත් එනවා...මං කිව්වනෙ....
එහෙනම් ඉතින්.....
දොලහ කැතයි ...දොලහමාර ලස්සනයි ඒකයි....
විකාර....එනවා නම් වරෙන් ආකාස...නැත්තන් හිටපන්....මුරන්ඩු කම උඹගෙ....
මෝ...අනෙ...ඔන්න...ඔන්න තරහා ගියා.....මට මගෙ අදහස් ප්‍රකාශ කරන්ඩ කිසි අයිතියක් නෑනෙ...මේ මල්ලියා මේක ඒක පාර්ශවීක ප්‍රේමයක් නෙවෙ තනියෙන් තීර්නගන්ඩ ....මේක ද්වීපාර්ශවීය ප්‍රේමයක්....
මං රවාගත්තා...කොච්චර කිව්වත් කනට ගන්නෙ නැති එකාට රවාපු මං වචනයක් නොකියා හර්ස් එකට නැගලා ඉදගන්නවත් එක්කම හාමුවත් අර කැඩුන රේඩියෝව පත්තු කරගනම හර්ස් එකට නැගලා ඉදගත්තා....
.......මං කියනවට දොලහමාරට යන්කො.....
ආයමත් දොලහමාරක් ගහනවා....මොන එහෙකටද දොලහමාරට යන්නෙ...මුදලාලියා ආවොත් මාව එම්බාම් කරයි දරුවො....අහවල් කාරියටද දොලහමාරට යන් කියන්නෙ...
ස්ටාර්ට් කරගත්ත හර්ස් එක කොහෙ කොහෙවත් වදින්නෙ නැතුව රිවර්ස් කරගත්ත මං වත්තෙන් බොරලු පාරට දානකොටත් එයා කෙරුවෙ පස්සෙ තිබුන රෙද්ද දිහාවත් මිනිය තියන ඇද දිහාවත් මගෙ දිහාවත් බල බල දොලහමාරට යන් ගගා මාව කූරූගාපු එක වෙනකොට මං ඒකට සැර නොවි සැර උනා.....
දොලහමාරට යන් කියන්නෙ.....
.....
දොලහ කියන්නෙ යක්කු ගස් නගින වෙලාවනෙ මල්ලි.....දොලහමාරට යමුකො....
..........උඹලට නූල් මතුරන්ඩ වෙනවා ඔන්න බලහල්ලකො මේ මුරන්ඩු කමට....
අනෙ....දොලහා මාරට ය......මුකො.....!
ඔය නගින යකෙක් නෑ බය නොවි ඉදිල්ලා....මොකො එවුන්ට ඔරලෝසු තියනවා කියලද දොලහටම ගස් නගින්ඩ....ඔව්වා මනස්ගාත.....
Are you sure?දොලහටම නගින් නෑ කියලා sure shot නේද මගෙ ලමයො....
....(මිනියට කලින් මාව එම්බාම්.කරන්ඩ එකෙක් නෑනෙ...අනෙ දෙයියො...ආය පටන් ගත්තා....)
එක්කො සින්දුවක් වත් දාන්නකො මයින්ඩ් රිලැක්ස් වෙන්න....මූඩ් අවුලෙන් ගියොත් එයාටත් අවුල්නෙ...
...
මේ.....එක්කො අපි පිරිත් ටිකක් දාන් යමුද.....?
👉👈🌸🌸🌸එන්නම්....ආතරෙයි අනෙ...