මන් එයා දිහා හැරිලා බැලුවා.....මට හිනා ගියා....එයාගෙම කටින් ඇත්ත එලියට පනිනකොට එයා හොරෙක් වගෙ බිම බලාගන්නකොට තත්පරෙන් දෙකෙන් නින්ද ගියපු දරුවව මම බලෙන් වගේ අතට අරගන අඩයි කියලා එයාගෙම චූටි ඇගිල්ලක් කටට එබුවා...
අනේ පව්නෙ .....
එතකොට මම පව් නැද්ද මැනිකෙ
මීට කලින් හිනා උන මම ඊලග තත්පරේදි එයාගෙ මුන දිහා බලාගන කදුලු පුරවගන්නකොට එයා බිම බලාගත්තා .....අතේ උන්න පුංචි එකාව මම ඇගිලි තුඩු වලින් ඇවිදන් ගිහින් සාලෙ කොනක තිබුන තොටිල්ලෙන් තියලා පොරවලා ආපහු එනකනුත් මගෙ විතේන් උන්නෙ මූන බිමට හරවන් ඇදන් උන්න ටී ශර්ට් එකේ කොනක් රෝල් කර කර වෙනකොට මන් බලාගන ඒ උරහිස් ගැස්සෙනවා...එයා අඩනවා.....එයා අඩන් නැතුව ඉදීද.....
මගෙ විතේන් ....
මම කතා කෙරුවා .....සෑහෙන්න වෙලා එයා දිහා බලන් ඉදලා එයාව උරහිස් වලින් අල්ලන් නැගිට්ටවලා මම නිකටෙන් ඒ මූන ඉස්සුවා....ඒ ඇස් දෙක තනිකරම රතුපාටයි....ලේ නහර ඉලිප්පිලා රතුම රතු වෙලා ගිහින් තියනකොට එයා අඩාගන මගෙ පපුව මැදට මූන ගහගත්තා ....
අනේ....සුදු...මහත්තයා ...මගෙ සුදු අප්පො.....තේශි....අනේ...මගෙ...නිතේශ් ...
එයාගෙ කටින් ඒ නම කියවෙනකොට මම ඇස් දෙක තද කරලා පියා ගත්තා ...මට ඒ නම මගෑරුනා .....මේ සුවද ...මේ උනුහුම ..මේ ආදරේ....මේ හැම දේම මට මගෑරුනා ....එයා අඩනවා ...නිකන් නෙවෙ කෑ ගහලම අඩනවා මං එයාට අඩන්න දුන්නා...අඩුම ගානෙ ලමයා නැගිටියි කියලා වත් කිව්වෙ නෑ...මෙච්චර කාලෙකට විදපු දුක එලියට දාන්නම එයාට මම අඩන්න දුන්නා...එයා අඩනවා....මගෙ ටී ශර්ට් එකෙන් ඇද ඇද අඩනවා ආයම එයාව දාලා යන්න එපා කිය කිය අඩනවා....මේක නරක හීනයක් කියපන් සුදු මහත්තයා කිය කිය අඩනවා....මම වෙන කාගෙවත් නෙවෙ හැම දාම විතෙන්ගෙමයි කියලා කියපන් කොය කියෝම එයා මට ගගහ අඩනවා මන් පුදුමාකාර වේදනාවකින් අහන් උන්නා.....
සුදු...මහත්තයා ...අනේ....අනේමාව දාලා යන්න එපා...අනේ....මාව දාලා යන්න එපා මගෙ නිතේශ් ...මාව දාලා යන්න එපා.....මට මැරෙන්න වත් බැරිවෙයි...මට දරාගන ජීවත් වෙන්න බෑ....ඒත්මට මැරෙන්නවත් බැරිවෙයි නිතේශ්....ආයම උඹ මාව දාලා ගියෝතින් ...මට කියපන්.....මට කියප..න්...මං හිත හදාගන මැරෙන්න කොහොමද ...උඹගෙ මගෙ ලමයා....ඌට කව්ද ඉන්නෙ....අනේ....ඒ පුංචි එකා තනි වෙනවානේද මගෙ සුදු අප්පො...අනේ...අනෙ....වදින්නම්...මාව...දාල...යන්න එපා...මගෙ තේශි ...
මට කියපන්....මේක නරක හීනයක්...මේක නරක හීනයක් කියලා කියපන් මගෙ රත්තරන් .....උඹ වෙන..කාවවත් බැන්දේ නෑයි කියප...න්...අනේ...උඹ මගෙ විතරමයි කියපන් තේශි.....අනේ...මගෙ....නිතේශ් ....මාව...දාලා යන්න...එපා....රත්තරන් ...මට.....මට...උඹ නැතුව...බෑ...මගෙ....නිතේශ් .....
අහපන්...මම...මොන දුකක් වින්දද කියලා ...උඹත්...නැතුව ..උඹේ ලමයෙක් එක්ක තනි උන...මම...පිස්සෙක් උනා....මගෙ...සුදු අප්පො.....අනිත්...හැමෝම...අතින් අල්ලන්...ක්ලිනික් එනකොට මගෙ අත පාලුවට ගියා....සුදු...අප්පෝ....උන්...මා දිහා...බලලා කුටු...කුටු...ගානකොට ...මං අසරන...උනා.....මගෙ නිතේශ් ...බඩකුත් උස්සගන...උඹ නැතුව...උඹ එක්ක....මම පිස්සෙක් උනා....මගෙ තේශී.....උඹගෙ උන් මට දුන්නෙ එසේ මෙසේ ගින්දරක් නෙවෙ...උඹගෙ සුදු පුතා...උන්නෙ මලකදක් වගේ...මගෙ තේශී...මගෙ...පපුවට කන තියලා අහපන්...මගෙ....පපුවට..කන තියලා අහපන්. ...උප්පැන්නෙට තාත්තග් නම ඉල්ලනකොට මම මොන වේදනාවක් වින්දද කියලා අහපන්...මගෙ නිතේශ් ...
මේක නරක හීනයක් කියපන්.....උඹ ..මගෙ ඇස් ඉස්සරහා වෙන එකෙක්ගෙ උනේ....නෑ.....කිය...පන්...මගෙ ..නිතේශ් ....
විතේන් ...අනේ...මැනිකේ.....විතේන් ....
මම...නොමැරි....මැරුනා.....මගෙ...නිතේශ් ....අනේ....මාව...දාලා යන්න එපා.....
මට අහන් ඉන්න බැරි උනා.....එයාගෙ වේදනාව ...ඒ කදුලු වලට මාව පවා පිච්චුනා...ඒ ඇස්වලින් ගැලුවෙ කදුලු වෙනුවට උනු වෙච්ච හැහීම් වෙනකොට මට මගෙ මැනික විදපු දුක අහන් ඉන්න බැරි උනා...බඩකුත් උස්සන් තනියම ක්ලිනික් ගියා මගෙ අත පාලුවට ගියා කියලා කියනකොට මට මගෙ පපුවට වාවන්නෙ නැතුව ගියා....මම උඹව කවදාවත් දාලා යන්නෙ නෑ මගෙ මැනිකෙ කියල කියා ගන්නවත් මගෙ කට පන නැතිව ගියා...
එයා අඩනවා ...එයා ඇස්වල කදුලු හිදෙනකම්ම ...මම අඩන්න දුන්නා...එයාගෙ දුක අහ අහ අඩන්න දුන්නා.....එයා කියනවා ඒක නරක හීනයක් කියන්නලු....අනේ දෙයියනේ...ඒ හැම දෙයක්ම නරකම නරක හීනයක් උනා නම්.....කොච්චර දේවල් වෙනස් වෙන්න ගියාද ....
අනේ....තේශී .....මට කියපන්.....ඒ හැම දේම නරක හීනයක් කියලා ...උඹ හැම දාම මගෙ නේද...මගෙ විතරයි නේද තේශී....
ඔව්...මං උඹේම විතරයි හැමදාටම.....මට සමාවෙයන් මගෙ විතේන් ...උඹේ තේශිට උඹව අදුන්න බැරි උනා ...මට සමාවෙයන් මගෙ පන...මම උඹව අදුනන් නෑයි කිව්වා...උඹ නොදන්නවා උනාට...මං අද දවස වෙනකම්ම දුක් වින්දා මගෙ විතේන් ...උඹව හොය හොය පිස්සෙක් වගේ මං නොගියපු තැනක් නෑ මැනිකෙ....
මට කියපන්...මට කියපන් ....එච්චර දේවල් වෙලත් ...උඹ කොහොමද මං වෙනුවෙන් එයාව පරිස්සම් කෙරුවෙ කියලා . මාත්...ළඟ නැතුව එයාවත් දරාගන උන්නෙ කියලා .....
මට කියපන් මගෙ මැනික ...උඹට තනි වෙනකොට බය හිතුන් නැද්ද කියලා ....අනිත් උන් හැමෝම...තවත් කාගෙ හරි අතක එල්ලිලා යනකොට ...මං නැතුව උඹ කොහොමද ගියේ විතේන් .....
මගෙ ඇස් වලින් කදුලු වැටුනා...උප්පැන්නෙට නම තියන වෙලාවෙ ඒ පපුව කොච්චර නම් හිර වෙන්න ඇතිද කියලා මට හිතා ගන්න බැරි උනා...ලගින් ඉන්න ඕනම වෙලාවෙ එයාගෙ ළඟ නැති උන එක එයා කොහොම දරා ගත්තද හිතන්න මට බැරි උනා...මම අත්දෙකෙම්ම එයාව තුරුල් කරගත්තා ..ගනින්න බැරි තරම් හාදු තිබ්බා.....
මගෙ මැනිකෙ ....ඒ හැම දේම නරකම නරක හීනයක් විතරයි මගෙ විතේන් .....අනේ ආයම මේ ඇස්වලින් කදුලු වට්ටවන්න එපා පන ...මං උඹේ....මං උඹේ විතරමයි ....මන්...සදහටම උඹගෙ විතරමයි විතේන් .....
මම එයාගෙ ඔලුව අත ගගා මම එයාගෙම විතරයි කියලා අවසානෙදි නලලට හාදුවක් තිබ්බා.....තත්පරේක දෙකක නෙවෙ මෙච්චර කල් මට මග ඇරුන එයාව මට දැනෙන කම්ම මම එයාව තුරුල් කරන් එහෙම්ම උන්නා.....ආදරේ පිරුන දිගම වගෙම ගැඹුරුම ගැඹුරු හාදුවකට පස්සෙ මම ඒ ඇස් වල කදුලු පිහ දැම්මා....
උඹට ගොඩාක් පින් මගෙ මැනික....මට...දෙන්න පුලුවන් ලොකුම දේ දුන්නට ....උඹට ගොඩාක් පින් මගෙ විතේන් ...මන් නැතිව උනත්...මගෙ පන...මගෙ ආදරේ...මගෙ මතක රැක්කට....උඹට ගොඩාක් පින් මගෙ විතේන් ...මාව අප්පච්චි කෙනෙක් කෙරුවට.....උඹට ....ගොඩාක් පින්....අතාරින්න ඕනම තැන් වලදි.....මාව අතාරින් නැතිව දරාගත්තට...කවදහරි ....උඹට මගෙ පුතාම කියයි...අම්මෙ උඹ බුදුවෙන්න ඕනා කියලා .....ඇත්ත .....උඹ අම්මෙක්....ඉතින් බුදු වෙන්න බැරි ඇයි පන...මං උඹට ආදරෙයි මගෙ විතේන් .....ආයම කවදාවත් මම උඹෙන් ඈතට යන්නෙ නෑ .....මටම කියලා පවුලක් ඉන්නකොට මම කොහොමද විතේන් උඹෙන් ඈතට යන්නෙ ...මං අප්පච්චි උනාම...මං කොහොමද උඹලව දාලා යන්නෙ ....
සුදු මහත්තයා .....
නාඩා ඉදින් මැනිකෙ...මිනිස්සු හැම දාම දුක් විදින් නෑනෙ...මැරෙන්න මොහොතක් තියලා හරි....සැනසීමක් එක දශමෙකටවත් හම්බෙනවා.....උඹට පින්....මාව පිස්සෙක් වෙලා මැරෙන්න මොහොතක් හරි තියලා මගෙ ඇස් ඉස්සරහට ආවාට...මං හුස්ම වැටුනත් මැරුන මනුස්සයෙක් වෙලා උන්නෙ මහෙ විතේන් ....
මම මගෙ විතෙන්ව පපුවට තුරුල් කරන් සෑහෙන්න වෙලාවක් උන්නා.... එයා බෝලයක් වගේ වෙලා....මම ඇස් දෙක පියාගන එයාව තුරුල් කරන් උන්නා...මට මග ඇරුන එයාව මම ලෝබ කමින් තුරුල් කරන් උන්නා..අවසානෙදි පිරුන මූනෙ තිබුන රතු පාට තොල් වලට හාදුවක් තියල මම හිනා උනා....මෙච්චර කල් හිනාවක් තිබුන් නැති මගෙ මූනට හිනාවක් මතු උනා....ඒ ඇස් හිනා උනා....මෙච්චර වෙලාම අප්පච්චිගෙ අම්මගෙ අදෝනාව අහන් උන්න පොඩි එකා කෙදිරි ගාලා...කෙදිරි ගාලා අවසානෙදි අඩන්න ගත්තා .....
අන්න...අඩනවා....අන්න අඩනවා...
එයා මට තුරුල් වෙලා ඉදන් තොටිල්ල දිහාවට ඇස් දාලා අන්න අඩනවා...අන්න අඩනවා කියනකොට මම එයා එක්ක හිනා වෙලා තියන මුරන්ඩු කමට හැඩි කරපු සාලෙ දිහා බැලුවා....
මැනිකෙ....මේ...මං දැන් මේ ඔක්කොම අස් කරන්න ඕනෙද ...
ආ...නැතුව ඉතින්...ඇයි උඹට අර ගෑනිට ලමයි හදන්න හදිස්සිද....අනෙ ඇත්තමයි තේශි මම ඕක මිරිස් ගලක් උඩ තියලා තලනවා....
අනේ අම්මෝ...එපා යකො...විහිලුවට වත් ඔහොම කියන්න...ඇගත් එක්ක හිරි වැටුනා...
ඉතින් ඇත්තනෙ...
ඇත්තනෙ කියන්නෙ ...මං ඒක බොරුවට කිව්වෙ යකෝ.....තොගෙ ගෑස් බල බල ඉන්න ගියොත් කොච්චර කල් ඉන්නද....ඇරත්.....අර දොර රෙද්ද අස්සෙ රිංගන් පුපුරපු හැටි මම දැක දැකම තමයි එහෙම කිව්වෙ.....අනික...හෙන ගහන්න මම ඉන්නකොට උඹ මොකටද අර පොල්කාවයියෙක් ලව්ව බඩු ගෙන්න ගන්නෙ.....
බඩු ගෙන්න ගන්නෙ කියන්නෙ....බිබික්කමාගෙ මිනිහා අර අසරනයට උන ගැනෙන්න ගහලා...ඕකා මටත් ගහලනෙ ගියේ....අසරන මට ලමයෙක් ඉන්නවා කියල වත් බැලුවෙ නෑ....පිට පුපුරන්න ඩෑස් තුනක්ද හතරක්ද ගැහුවා.....
..හොද වැඩේ තොට ..අනේ....සාදු.....අනේ...සාදු...
අනේ සාදු...අනේ සාදු තමයි...උන් දෙන්න හින්දා තමයි උඹෙ මැනික අද හුස්ම ගන්නෙ තේශී....දන්නවද තේශි.....මේලෝකෙ කාටවත් ලේසියකට ඔය වගේ යාලුවො කවදාවත් කොතනකවත් හම්බවෙන්න නෑ සුදු මහත්තයා ....උන් මාව බලාගත්තෙ දරුවෙක් වගේ.....උන් මාව පරිස්සම් කෙරුවෙ ඇහැක් වගේ...එතකොට මම වත් දන්නෙ නෑ....මමවත් දැනන් උන්නෙ නෑ සුදු මහත්තයා ...උඹ අප්පච්චි කෙනෙක් වෙන්න්ස් යනවා කියලා මම හින්දා ....මටම පුදුමයි එච්චර දේවල් වෙලත්...උඹගෙ සුදු පුතාගෙ පන ඉතුරු උන එක....මටම පුදුමයි...මාස දෙකක් තුනක යනකන් එයා සද්ද නැතුවම මා එක්ක උන්න එක.....ඒක වෙලාව....ඒක වෙලාව සුදු මහත්තයා අනේ උන් දැනගත්තා නම්....මගෙ ලමයව.....
එපා විතේන් . .එපා....විහිලුවට වත් ඔහොම කියන්න එපා මගෙ කොල්ලගෙ පන හයියයි. .ඌ මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනා ....ඔය කතාව විහිලුවට වත් කියන්න එපා මැනිකෙ ....
මම එයාගෙ කටට අත තියලා කියන්න ගිය දේ නැවැත්තුවා ....ඇත්තටම අත්තමලා නිකන් හරි දැනගත්තා නම්...සුදූගෙ දරුවට උනේ මොකක්ද....ඒකම වෙන්න ගියා....දෙයියො මගෙ ලමයව බේරුවා ....මම එයා දිහා බලාගන එයා කියන හැම දේම අකුරක් නෑරම අහන් උන්නා..අවංකවම අපි දෙන්නා ඩියෝන්ලාට මල් තියලා වැන්දත් මදි..උන් නම් යාලුවො නෙවෙ .....සහෝදරයො.....උන් දෙන්නා නැතිනම්....අපි දෙන්නා මැරුන තැන් වල ගසුත් පැල වෙලා....අවංකවම උන් දෙන්නට හරියන්න ඕනා....අනිත් හැමෝටමත් වඩා...
මම හැඩි කරපු සාලෙ දිහා බලලා අඩලා අඩලා අවසානෙදි එයාගෙම ඇගිල්ලක් උරවන ගමන් කකුල් දෙකත් උඩ දාගන ඉන්න මගෙ සුදු මහත්තයා ගාවට ගියා .අප්පච්චිත් සුදු මහත්තයා ....අප්පච්චිගෙ පැටියත් සුදු මහත්තයා ...
යෝ....මගෙ කොල්ලා .....කාරුත් අවදානෙ දුන්නෙ නැද්ද....ඕ...අඩලා අඩල තනියම ඇගිල්ල කටේ ගහගත්තෙ....මගෙ සුදු මහත්තයට කවුරුත්ම අවදානෙ දීලා නෑ අප්පා....
මොනාද මිනිහො ඔය කියවන්නෙ.....
මම පොඩි එකාගෙ කම්මුලක් හිමින් මිරික මිරික එක එක බහු බූත කියවනකොට මිස්ටර් විතේන් අම්මා මූඩ් එකට මාරුවෙලා මට කෑ ගහන්න ගත්තා ....මම තොටිල්ලෙ ඉදන් එල්ලෙන සෙල්ලම් බඩු දිහා බලන් තනීයම කියවන්න හදන්න ...ඇගිල්ලක් උරවන.....කකුල් අතපය ගසන මගෙ හිච්චි දිසානායකව වඩාගන බඩු මුට්ටු උඩින් පැන පැන ගිහින් සෝෆාවෙ ඉදගත්තා ...

මැනිකෙ...
ඇයි.....අප්පා...ඇයි....ම්හුක්.....
මම්ම් උන්නෙ මගෙ පොඩි එකාව ඇග උඩ තියාගන පස්සට හෙමින් තට්ටු කර කර වෙනකොට මාව මට්ටු කරන්න හදපු විතේනයා නාහෙන් අඩ අඩ සෙල්ලම් බඩු ඇහිදිනකොට මම එයාට කතා කෙරුවා....
මේහෙත් ත්රී පෝශ හම්බෙනවද අනේ....නෑනේ.....
පිස්සුද මිනිහෝ.....
යෝ.....හ්....ඇයි.....අප්පා....අනේ මැනිකෙ...මේ....හ්...හම්බෙනවා නම්..මේකට වැඩිය කුක්කු පොවන්න එපා ඈ....බර අඩු උනේ නැත්තන් හම්බෙන් නෑනෙ....
උඹ මොන ජාතියෙ අප්පච්චි කෙනෙක්ද නිතේශ් ...
හරි...හරි...ඉතින්.....එක මාසයක් හම්බුනොත් ඇති .....
මම අතේ උන්න මගෙ චුච්චුවව හුරතල් කරන ගමං විකාර කියෙව්වා ...පුලුවන් තරම් ඉම්බා....මගෙ රැවුල එයාගෙ මූන පුරාවටම ඇතිල්ලුවා...වෙලාවකට කොල්ලා හූ තියලා හිනා උනා....වෙලාවලට මගෙ කරදර ඉවසන්න බැරිව ඇඩුවා ...එයා ලමයව බිමින්තියන්න ගගා බෙරිහ දුන්නත් මම නෙවෙ මගෙ වස්තුවව බිමින් තිබ්බෙ....එයගෙන් බැනුම් අහ අහ මම ලමයව වඩාගන එයාට උදව් උනා.....
අනේ මිනිහො....ඔය ලමයා අතට පුරුදු වෙනවා...බිමින් තියලා මට උදව් වෙයන්කො සුදු මහත්තයා .....
මට බෑ.....අප්පච්චිට බෑ කියන්න සුදු මහත්තයා ....අප්පච්චිට බෑනේ.....
අප්පච්චි .....
ම්න්...
මේක පොවන්නකො....
මොනවද මේ ...
මිදි...එයා ආසයි....
මම එයා එක්ක මුලු සාලෙම අස් කෙරුවා .....සින්ක් එකේ ගොඩ ගහපුවලන් පට්ටලේම හෝදන්න උදව් කෙරුවා ඔක්කොම ඉවර වෙලා අවසානෙදි මම ඇගිලි උරන පොඩි එකාව වඩාගන සෝෆාවෙන් ඉදගන්නකොට එයා මට තේශි නොකිය අප්පච්චි කියලා කතා කරන ගමන් මගෙ අතට පොඩි සූප්පු බෝතලයක් දීලා පොවන්න කියන ගමන් මගෙ ගාව ඉදගත්තා ....
තේශි.....
ඕ මැනිකේ.....
අම්මියි තාත්ති කියනවා බබාව baptist කරන්න කියලා ....
මම එයා දිහා බැලුවා...එයා කියනවා අම්මයි තාත්තයි කිව්වලු මගෙ පුතාව බෞතිස්ම කරන්න කියලා ...එයා මා දිහා බයෙන් වගේ බලන් ඉන්නකොට මට පව් කියලත් හිතුනා..
ඔයාවත් එහෙම කරලනෙ තියෙන්නෙ....
ඕ ...
එහෙනම් ඉතින් කරමු...
ඔයාට ඒක අවුලක් නැද්ද.....සුදු මහත්තයා ....
මන් මොකටද අවුල් ගන්නෙ මැනිකේ.....ලමයා බෞද්ද උනත්.. ..කතෝලික උනත් ....අප්පච්චි මම කියන එක ලෙ වල තියනවා...ඇරත්...මට ඔය ආගම් බෙද බෙද ඉන්න ඔන් නෑ මගෙ විතේන් .....මගෙ කොල්ලා හොද එකෙක් උනොත් ඇති..මං ඌට කවදාවත් කියන් නැ පුතේ උඹ අරකෙක් වෙයන් මේකෙක් වෙයන් කියලා .....මම එක දෙයයි කියන්නෙ....පුතේ උඹ හොද එකෙක් වෙයන් කියලා .....මට එ හොදටම ඇති මගෙ විතේන් ...
අනේ...අප්පච්චි .....අනෙ තේශී..උඹ තමයි හොදම.....අපි එයාගෙ godfather ට ශෙනෝන්ව ගමු තේශි .....godmother කෙනෙක් ඕන් නෑ...අපි දෙන්නටම ශෙනෝන්වයි විතෙන්වයි ගමු...
මං අහන් උන්නා එයා කියනවා මගෙ පුතාගෙ ඥාන මව්පියන්ට ශෙනෝන්ලව ගමු කියලා ....ඇත්තටම උන්ට පුලුවන් ඒ තැන ගන්න කිසි කහටක් නැතුවම.....උන්ට පුලුවන් මගෙ දරුවට ආදරේ කරන්න ...තවත් අප්පච්චි කෙනෙක් වෙන්න කහටක් නැතුවම....අපෙන් පස්සෙ දරුවගෙ බාරකාරයො වෙන්න උන් ඕනවටත් වඩා සුදුසු වෙනකොට මම මගෙ විතේන් කියන හැම දේටම ඔලුව වැනුවා....නිහාර විවේන් කියලා නම තෝරපු එයාම බැප්ටිස් කරන්න බයිබල් නමකුත් තෝරලා තිබුනා ...
එතකොට නම මොකක්ද මැනිකෙ ...නම් තුනක් එනවද.....
.ඔව්නෙ ....නම් තුනක් එනවා.....නිහාර විවේන් දිසානායක කියන නමේ ඉස්සරහට තව නමක් එනවා.....
ම්ම්ම්ම්...මොක්ද දාන්නෙ...
Elijah ....නැත්තම්....ezekiel .....කෝකද හොද.....
එලීජා....එසෙකියෙල්....ම්ම්ම්....
එයා නම් දෙකක් කියලා මගෙන් කෝකද හොද අහනකොට මම නම් දෙක මුමුන මුමුන ගලපලා බැලුවා.....
Ezekiel ....ඒක....ඒක හොද නැද්ද...
ම්ම්ම්...එහෙනම් ඒක දාමු....
Ezekiel .....එතකොට ඔයාටත් එකක් තියනවද මැනිකෙ..මං අහන්නෙ විතේන්ට කලින්...?
ඕ....මටත් තියනවා...
මොකක්ද.....
Zechariah (සකරියස්/ සෙකරයාහ්/සෙකරියා) zechariah vithen nelisha de silva !!!
අඩේ...හ්...නමේ දිග...
ඒත් පොඩි කොස්සක් තියනවනෙ තේශි....
ඇයි.....
Godfather කෙනෙක් වෙන්න එයාලත් බැප්ටිස් වෙලා තියෙන්න ඕනනෙ....
ආ...ඒක...මොකක් හරි කරමු..උන් බෑ කියන්නෙ නෑ....අනික..මේක...මේ මිනියක් මරනවා නෙවෙනෙ මැනිකෙ...
ඒකනෙ...
සුදු අප්පො....
ඕ
මම උන්නෙ කැරට් කප කප ...මිරිකපු මිදි වල යුශ බීපු මගෙ චුටි සුදු මහත්තයා ආයම දොයිය බබා කියනකොට පොල් කාවයියා ඇවිදින් ලොකුම ලොකු ටර්කි කෙනෙක් ගෙනත් දුන්නා..මං ඒක්ගෙ ඇග අස්සට ඔබන්න කැරට් වගේම අල කපලාතව චීස් කුට්ටියක් ඔබල කකුල් දෙක කතිරෙට හිටින්න ගැටගැහුවා ...මගෙ විතේන් කෑම මේසෙට පිගන් තිය තිය දුවන ගමන් මට විනාඩි පහෙන් පහට සුදු මහත්තයා අරක කරන්නකො...මේක කරන්නකො ගගා කියවනකොට අනෙ ඉතින් මාත් ගොනා වගේ ඒ ඔක්කෝම දුව දුව කෙරුවා ....
ඔය අතරනින් පතර මුල්ලකට ඇදන් ගිහින් එහෙන් මෙහෙන් අතවරයක් නොකෙරුවමත් නෙවෙ.....දකින්න කවුරුත් නැති උනත්...අයිතිය ඕනාවටත් වඩා තිබුනා උනත්...වෙලාවකට මට හිතුනා හොර්ර්න් ආදරේ කරන එක හරි රසයි කියලා...
ආදරේ කරන ලෙවල් එක අනුව ඒ ආදරේ පපුවට දැනෙන විදිහ වෙනමම රසයන් වලට දැනුනා....එයාගෙ පෙම්වතා විදිහට එයාගෙන් මට ලැබුන...මම එයාට දීපු ආදරෙ නෙවෙ මම එයාගෙ සැමියා විදිහට මට ලැබෙන්නෙ වගේම එයා දෙන්නෙ ආයම දරුවගෙ අප්පච්චි විදිහට දෙන්නෙ වෙනම විදිහට.....මට කියන්න තේරෙන්නෙ නෑ...හැබැයි...ඔය ලෙවල් තුනටම මම හරි ආසයි ..මං හරි ලෝබයි....
ජීවිතෙ හොදම කාලෙන් බාගයක්ම මම දුක් වින්දා ..ටිකක් නෙවෙ නොසෑහෙන්න....ඒ උනත්....අවසානෙදි උඩ ඉන්න දෙවියන්ට මන් ගැන අනුකම්පා හිතිලද කොහෙද අවසානෙදි මට සැනසීමක් දුන්නා.....
චීස් කුට්ටියක් ගගා උන්න එයා ගාවට ගියපු මම ඉන වටේ අත පටලවගන එහෙම්ම උරහිසට නිකට තියා ගත්තා ....
අප්පච්චි ලා කීයටද එන්නෙ සුදු මහත්තයා ....
දැන් ඒවිනේ....මේ අනේ....
ම්ම්ම්...
මං දැන් ගෙදර යන්න ඕනෙද...
නැතුව....උඹ මෙහෙ ඉදලා මොනවා කරන්නද....
ඇයි යකො මම මෙහෙ ඉදලා මොනවා කරන්නද අහන්නෙ...මට බෑ....අනේ විතේන් මේ .....හ්....කන පලාගන්න එපා ආ....ඇයි වදේ...හිතේ ඇති මාව එලවලා අර පොල්කාවයියව ගෙන්නගන්න උඹ නේ...හිටපන්කො.....කරන්නම් වැඩක්....
යෝ....හ්...මිනිහෝ.....මාව හපන් නැතුව ඉදුකො...බොරුවට කිව්වෙ ඇයි යකො...බලපිය...ඇවිල්ල පැය කීයද ලප සෝනියා වගේ හැම තැනම ලප...
අනේ....නිකා ඉදු ..කව්ද දන්නෙ නෑ හොරා වගේ උන්නෙ.....
මම ආයම එයාගෙ කම්මුල හැපුවා....එයා කිව්වෙ ඇත්ත.....කාලෙකට කලින් තියපු මගෙ දත් පාරවල් ආයම බෙල්ල දෙපැත්තෙ තිබුනා.....මගෙ විතේනයා මහත් වෙලා....
මැනිකේ...
ම්ම්ම්ම්.....
මට ආය යන්න කියන්න එපා මගෙ විතේන් ....මට දැන් නම්...යනවා තියා හිතන්නවත් බෑ මගෙ විතෙන් .... ...මිනිස්සුන්ගෙ සැනසීම තියෙන්නෙ...තමන්ගෙ හිතේ උඩිම්ම ඉන්න උන් ගාව....හිතට දැනෙන්න ආදරේ කරන උන් ගාව...මට උඹව නැති උනා...මග ඇරුනා...මම කැඩුනා බිදුනා....මට ආය බෑ විතේන් ...ඒක මහ වේදනාවක්.....මටම කියලා පවුලක් ඉන්නවා.....මගෙ සතුට සැනසීම තියෙන්නෙ උඹගෙ අත් දෙක උඩ...මට සැනසීමෙම්ම නින්ද ගිය දවස් තිබුනෙ උඹ ගාව. බඩ පිරෙන්න කාපු දවස් තිබුනෙ....ඇස් වල කදුලු පිරෙනකන් හිනා උන දවස් තිබුනෙ උඹ ගාව මගෙ විතේන් .....
මිනිස්සු ලෝබයි ...ආදරේ කරන දේවල් නැති කරගන්න...ඒ වගේම ...මමත් ලෝභයි....මට යන්න කියන්න එපා....නැති උන කාලේ ආපිට ඇදලා ගන්න බෑ...ඒත්....ඉස්සරහට ගෙවෙන්න තියන කාලෙ මගෙන් උදුර ගන්න එපා මගෙ විතේන් ....මිනිස්සු ජීවත් වෙන්නෙ එක පාරයි.....ඒ එක පාර ඇතුලෙත් හරියටම ජීවත් වෙන මිනිස්සු ඉන්නෙ අතෙ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්...මිනිස්සු කරන්නෙ ජීවත් වෙනවා කියලා මැරි මැරි ජීවත් වෙනඑක...මම එහෙම එකෙක්....මට ආයම ජීවත් වෙන්න දීපන් මගෙ විතේන් ....
සුදු මහත්තයා ..අනේ...
මම කියෙව්වා .....මිමිනුවා...මට යන්න කියන්න එපා කිය කිය හුගාක් දේවල් කිව්වා...අවසානෙදි එයා මොකුත්ම නොකියා මාව තුරුල් කරගත්තා ...ඉස්සර් උන්න මගෙ විතේන් වගෙ නෙවෙ හරියටම අම්මා කෙනෙක් දරුවෙක් තුරුල් කරගන්නවා වගෙ...ඇත්ත....එයා ගාව දැන් තියෙන්නෙ ඒ හැගීම්....මම ටික වෙලාවක් එයාට තුරුල් වෙලා ඉදලා හපපු කම්මුලට හාදුවක් තියනකොට මං අහගන හිච්චි දිසානායක කෙදිරි ගානවා.....
එව්ව්.....චුච්චුවා නැගිට්ටද ...අප්පච්චි ගෙ සුදු මහත්තයා ...
නිදි මත බේරෙන ඇස් වලින් මා දිහා බලාගන උන්න පොඩි එකාව වඩාගන මම කුසියට එනකොට මට වාහන සද්දයක් ඇහුනා....
අනේ...දෝනියෝ...හෙමින් යමන්කො...යෝ...මේ කෙල්ල මට හරියට වද දෙනවා අප්පා....
මට හිනා ගියා.....දෝනියො දෝනියො ගගා ඇවිට් දැන් ඕකට මේකව දැක්ක ගමන් ආය සිහිය නැතිවෙනවා....
සුදු පුතා...අන්න පලිගු අම්මියා එනවා....
මම.අතේ උන්න පොඩි එකාට ඩියෝනයව පෙන්නලා පලිගු අම්මියා කියනකොට අරූ මහ අම්මන්ඩි වගෙ දික් කරගන මගෙ ගාවට දුවන් ආවා...
නිතේස් අයියෙ .....මගෙ හූචි කුචයියො...හූචි කුචයියෝ....අනේ...අම්බෝව්ව්.....මුගෙ කම්මුල හපන්න දීපියා.....ව්ව්...දෝනියෝ..මෙ මල්ලි බබා...මේ...මලි බබා.....අනේ නිතෙස්...මගෙ පුතාව දීපන්...මගෙ හූචි කුචයියව දීපන්කො ඒයි.....
මම හිතුවා හරි ..ඌට ලමයව දැක්කම පිස්සු හැදෙන්න ආවා...පලිගුවට දෝනියෝ...දෝනියෝ ගගා ලමයව පෙන්නකොට මං බලාගන පලිගුවා නැට්ය වන වන කොල්ලගෙ කකුල් ඉව කරනවා...අත ඉව කරනවා...මූ සෙල්ලම්බඩුවක් කියල හිතලද කොහෙද හොරාවට හපන්නත් හැදුවා...පස්සෙ ආයා මූන ලෙව කෑවට පස්සෙ ඒකි ඉඹ ඉඹ නැට්ට වනන්න ගත්තා ....ඩියෝනයලා ලමයා අරන් යන්නෙ කොහාටද පලිගුවා දිව්වා....කකුල් වලින් හිටගන බැලුවා...අනේ ඉතින් ඒකිගෙ ආදරේනෙ ...
නිතේශයා.....
ශෙනෝන් ආවෙ බෝතල් දෙකක් අරගන වෙනකොට එයාගෙ තාත්තව දැකලා මම දකුනු කකුල හංගගත්තා කව්ද දන්නෙ කිව්වත් වගේ කැඩුවොත් ...
තාත්තා අප්පච්චි කෝ....
ඔය ආවෙ .. මං උඹව පස්සෙ අල්ලගන්නම්.....
එයා වෙනසක් නැතුවම අදත් මට බැනගන ඇතුලට යනකොට මං බලාගන අප්පච්චි මුනෙ කිසි හිනාවක් නැතුවම ගෙට ආවා...
අප්පච්චි ....
සුදු මහත්තයා ....
අප්පච්චි ගෙ කටහඩ පවා මැලවිලා තිබුනා...ඇයි ඒ...අප්පච්චිට සනීප නැද්ද....ඒ එක්කම තවත් කාර් එකක් ඇවිත් නැවැත්තුවා ....මං දොර්කොඩ හිටගන බලාගන උන්නා.....ඒ ආවෙ අම්මා....හැබැයි....අම්මා එක්ක තව කෙනෙක් උන්නා.....වෙන කවුරුත් නෙවෙ ....ඒ උන්නෙ අර සුද්දා.....
එතකොට ...අම්මා....
මම අප්පච්චි දිහා හැරිලා බැලුවා ....මගෙ අප්පච්චි උන්නෙ වෙන කල්පනාවක...ලමයව අත පත ගෑවා උනත්....අප්පච්චිගෙ හැගීම් මැරිලා තිබ්බා.....
මම හිනා වෙවෙ අර.මනුස්සයගෙ අත පටලවන් එන අම්මා.දිහා බැලුවා...එයත් මගෙ විතේන් වගේ අප්පච්චිගෙන් පලි ගන්නවද...
මැනිකෙ.....
ඇයි තේශි.....
අම්ම....ඇයි විතේන් අර...අර මනුස්සයා එක්ක ආවෙ...මගෙ අප්පච්චි ..මගෙ අප්පච්චිට මොකද වෙන්නෙ විතෙන් ...
මම කුසියෙ උන්න විතේන්ව මුල්ලකට ඇදන් ගිහින් අර සුද්දා ගාව හිනා වෙවි ඉන්න එයාගෙ අම්මව වගෙම සෝෆාවට වෙලා නලල මිරිකන් ඉන්න අප්පච්චිව පෙන්නුවා ...
මගෙ අප්පච්චිට දැන් වත් සැනසීමක් නැද්ද විතේන් .....
මම ඔහේ ඉන්න අප්පච්චි දිහා බලලා දැන් වත් සැනසීමක් නැද්ද අහන ගමන් එයා ලගට යන්න යනකොට විතේන් මාව අල්ල ගත්තා ....
එපා තේශි ..එයාට ටිකක් ඉන්න දෙන්න.....ඔයා ගියොත් වෙන්නෙ තව හිත රිදෙන එක....
මම නැවතුනා...එයා කිව්වා වගේම මම නැවතුනා....මට අම්මට බනින්නත් බෑ.....මිනිස්සුන්ගෙ කැමැත්ත වෙනස් වෙනවා...
හැමෝම උන්නෙ පොඩි එකාගෙ සිහියෙන් වෙනකොට මම විතේන් එක්ක කෑම මේසෙ ලැස්ති කෙරුවා වගේම අවසානෙදි ලමයගෙ කටට සූප්පුවක් ගහලා පැද්දෙන පුටුවෙන් ඉන්දවලා අපි හැමෝම කන්න ගත්තා ..හැමෝම කෑවා...හිනා උනා...ඒත් මගෙ අප්පච්චි කනවට වඩා අත ගෑව....එයාගෙ අම්මා අර සුද්දට එක එඅ දෙවල් බෙදලා දෙනකොට මගෙ අප්පච්චි නොකා උන්නා...මගෙ ඇස් වලට කදුලු පිරුනා...
මම මගෙ පිගානෙ තිබුන කුකුලු අන්ඩ අප්පච්චි ගෙ පිගානට දැම්මා....
කන්න අප්පච්චි .....
එපා සුදු මහත්තයා ...මට කන්න බෑ...
මගෙ අප්පච්චි මම දාපු කකුලු අන්ඩ පැත්තට කරනකොට අප්පච්චිට එහා පැත්තෙ උන්න තාත්තා මගෙ අප්පච්චි දිහා බලලා ඇස් හීනි කරගන නලලයට පිට අල්ල තියලා බැලුවා ...මගෙ ඇස් දෙක ලොකු වෙලා හුස්ම හිරවෙන්න ආවා....
දහම් මේහ් ...නැගිටපන් සුදු මහත්තයා උඹට උන කියන මගුල් අහන් නෑනෙ බෙහෙත් ටිකක් ගන්න යමු කිව්වම යැයි යැයි ගානවා...
අනේ...එපා මැනිකෙ...ඕන් නෑ.....
මො....ක...ක්....සුදු මහත්තයා ....මැනි...කේ....
අප්...අප්පච්චි ....ඔයා...
අප්පච්චි .....තාත්තා ....ඔයයි..මගෙ...අප්...පච්චියි....අම්....මා....
🤭හූ....ජැක්කනෙ...!!!!

අප්පම්ච්චීව් ....උම්ඹ මාව රැවැට්ටුවා...අම්පම්චි ...🙂🙂
ආයම එන්නාම්ම්...
මුව පැතියා හබුන් කනවලු...ඔය ලමයිනුත් හබුන් කාලා ලොකුවෙන්න....🙈🙈🙈
පයිත්තමින් ඉන්න ඈ....ආතරෙයි....චුක්...චුක්....චුක්😘😘😘
Ferdeesha ❤️💚😘 ...