අම්මා.....අම්මා නැති වෙලාලු....
මෙච්චර ඉක්මනට ...
ඉක්මන් වැඩි නැද්ද ....
මම බිත්තියට හේත්තු උනා....අත්තම්මා කුනු වෙවී වැටෙන මල කද ඉඹ ඉඹ ඇඩුවා....අනීතා ගගා හූ තිබ්බා.....
අම්මා.....
අවසානෙදි අම්මා නෑ අම්මා..මැරුනා කියන වචනෙ අහන්න මගෙ කන් ඉක්මන් උනාද මන්දා....
මම ආයම අප්පච්චිට කෝල් එකක් ගත්තා ..මොකද මට ඒ වචන ඉක්මන් වැඩී.....
අප්පච්චි ...හෙලෝ...
සුදු මහත්තයා .....
කොච්චර කුරිරු කම් කෙරුවා උනත් අප්පච්චිගෙ කටහඩ මේ වෙනකොට බිදිලා තිබුනා...කවුරු කාට අයිති උනත්...අම්මා ආපිට ආදරේ නොකෙරුවා උනත්..කාලයක් තිබුනා අපි අම්මට ආදරේ කෙරුවා ...ඒත්...ඒ හැම දේම අම්මම නැති කරගත්තා .....මම විනාඩියක් පහු වෙනකනුත් සද්ද නැතුව උන්නා....
අප්පච්චි ...අම්මානැති උනේ....
මගෙ ඇස් ඉස්සරහමයි.....
........
සුශු මහත්තයා .....
මට එතනින් එහා කතා කරන්න දෙයක් තිබුන් නෑ...තිබුනත් මගෙ කටට ආවෙ නෑ....අමනුස්සයො බලවත් කියලා අහලා තිබුනට..මේ තරම් බලවත් කියලා මට දැනිලා තිබුන නෑ...අප්පච්චි බලන් ඉන්නකොට අම්මගෙ ඇස් කන් වගේම සර්වාංගෙම තිබුන හැම සිදුරකින්ම ලේ ගලන්න ගත්තලු....බලන් ඉන්නකොට බඩ ඉදිමුනාලු...හරියටම බැලිමැක්කො වහගන උන්න බලු කුක්කෙක්ගෙ කන් වලින් බැලි මැක්කො රිංගුවට පස්සෙ ඌ ඉදිමිලා ලේ හලලා මැරෙන විදිහ හා සමාවනවම....
අම්මා කතා කරගන්න හැදුවට අවසානම විනාඩො ගානෙදි අම්මට කතා කර ගන්න බැරි උනාලු.....අප්පච්චිගෙ කටහඩ හොරකම් කරපු පව අම්ට අවසානම තත්පර් ගානෙදි විදින්න උනාලු....
මං අහන් උන්නා...අප්පච්චි අම්මා විදපු දුක කියනවා..මාස ගානක් දුක් විදල මැරෙන්නතිබුන එක තත්පර ගානකින්....විනාඩි ගානකින් එක පාරම කර උඩට හැමවේදනාවක්ම විදින්න වෙනකොට ඒ වේදනාව දරා ගන්න එක එසේ මෙසෙ දෙයක් නොවෙනකොට අප්පච්චි බලන් ඉන්නකොට ඇස් පනා පිට අම්මා හොද සිහියෙන් ඉන්නකොට ...පන ඇද ඇද ඉන්නකොට පනුවො මතු උනාලු.....
මම අත්තම්මා දිහා බැලුවා...හොද සිහිය වගේම අසිහිය අතරෙ උන්න අත්තම්මා හිනා වෙවි අඩනකොට මට නාද්‍යා මතක් උනා.....
ඒකිට මොනවා වෙලාද දන්නෙ නෑ....
මම දිව්වා...ඒකි වෙලහටත් ලිදේද නැද්ද දන්නෙ නෑ...මං දිව්වා....පරන කුසියෙන් එලියට පැනලා මම දිව්වා ...
කුඹුකෙ ලිද ගාවට මම කකුල් ඉක්ම්න කෙරුවා උනත් ගරා වැටිලා තිබුන මැනිකගෙ ගේ අස්සෙන් ආව හූ තියන සද්දෙ එක්ක මගෙ කකුල් එක තැන නතර උනා...
නා...ද්‍යා.....
මට කතා කරගන්නත් බැරි උනා....රන්මලියගෙ ගේ අස්සෙන් එලියට මතු උනේ නාද්‍යා වෙනකොට ඒකි මම කෙල්ලට අරන් දුන්න සුදු පාට ගවුම ඇදන් උන්නා.....ඇදන් උන්නා කිව්වට ඒකිට ඒ ගවුම හිර උනා.....තැනින් තැන ඉරිලා ගිහින්....කහට පැල්ලම් හා සමානව කේ එක්ක මුහු උන සැරව පැල්ලම් මතු උන ගවුමෙන් එන කුයිලෙ උඩුහුලගෙ ගහගන එනකොට මම නහය වහ ගත්තා ....ඒ ගවුම....ඒ ගවුම අපි පෙට්ටියට දැම්මනෙ .....ඒත් ඒකම දැන් ....
නාද්‍යා අඩනවා ...ආය ගන්නෙ නෑ කියනවා...එපා කියනවා....බයයි කියානවා....මං අහන් උන්නා...ඒකි දනගහන් වැදගන උන්නා....
එපා....එපා....මට...සමාවෙයන්....මට..සමා...වෙයන්....මම....ආය...එහෙම කරන්....නෑ.....
නාද්‍යගෙ සර්වාංගෙම ගන්න දෙයක් නැති උනා...තුවාල.දාලා තිබුන ඇග පුරාවටම තිබුනෙ කටු කම්බි වලින් සූරලා වගේ නියපොතු පාරවල් වෙනකොට නාද්‍යා මාව දැක්කා උනත් මාව ඇදිනුවෙ නෑ මට පවා බය උනා....ඒකි අත් දෙකෙම්ම මුන වහන් ඇඩුවා ඇවිදින්න බෑ දැවිල්ලයි....වේදනයි ...කිය කියම ලතෝනි ගැහුවා...
මං හිතන්නෙ මොල්ලිගොඩ උන්ගෙ ලතෝනිය.....මරන වේදනාව...මරනයේ සුවද....මුලු සෙංකඩගලම දැනෙන්න ඇති....සමහරු මාස ගනන් විදෙව්වා උනත් උන් මාසෙකින් විදින වේදනා මුන් එක දවසින් දෙකෙන් විදින හැටි මම බලන් උන්නා.....උන් විදින වේදනාව බලන් ඉන්න මට පවා දැනුනා....රන්මලියගෙ හයියෙන් හුස්ම ගන්න සද්දෙ....මිදුල පුරා වටම පොර බද්නකොට හිටින අඩි පාරවල් වලින් වලවල් ගැහිලා තියනකොට නාද්‍යා පොලවෙ පස් කකා වැන්දා .ඒකිව අතෑරපන් කිය කිය කියෝම වැන්දා...
අනේ....මාව අතෑරපන් ...මං ...වැරදී..... මම වැරදී තමයි....අනේ....මං වැරදී තමයි....මාව අතෑරපල්ලාකෝ.....වදින්නම්....වදින්නම්.....
මං බලන් උන්නා...ඒකිව කොන්ඩෙන් බිම දිගේ ඇදන් යන හැටි...ගස් ගල් වල හැප්පෙන හැටි....අවසානෙදි ඒකි සර්වාංගෙම දැවිල්ලයි....දැවිල්ලයි ගගා හූ තිය තිය කොහිල කොටුව මැදින් ලිදට දුවන හැටි....
ඒකි ලිද වටේ දුවනවා...වතුර බාල්දියක් ඇගට හලා ගන්න ඒකි බාල්දිය හොය දුවනකොට මං බලාගන ආයමත් ලිදේ බොලොක්කෙ කැරකෙනවා ..
මලකඩ බැදුන බොලොක්කෙ කන් අඩි පීරි ගාගන කැරකෙනකොට මන් බලාගන වතුර පිටාර ගලන බාල්දිය උඩ බැගන් උන්න රන්මලියා හිනා වෙනවා...එකි නාද්‍යා මැනිකේ එන්න එන්න ගගා අඩගහනවා....
නාද්‍යා මැනිකේ.....උඹට නාන්න ඕනෙද ....උඹට ..වතුර ඕනෙද.....ආ..මැනිකේ...උඹට වතුර හුගාක් දෙන්නම්.....වරෙන්.....මැනිකේ....වරෙන්..
මම බලන් උන්නා...රන්මලියගෙ ඇගෙන් එකයි මඩ...හරියටම ඒකිව වැවට වැටිලා ගොඩ ගත්තු දවසෙ වගේ.....ඔලුව පිටුපස්සෙන් ලේ කැට කැට වැක්කෙරෙන කොට ඒකින්හිනා උනා....ඒකි කෑ ගගහා හිනා උනා.....නාද්‍යා වතුර ඉල්ල ඉල්ල කෑගහනකොට රන්මලියා වතුර
බාල්දිය උඩ ඉදගන නාද්‍යට අත දික් කර කර එන්න එන්න ගගා හිනා වෙනකොට මං බලාගන අරකි ලින් ගැට්ට උඩ නැග්ගා...නැගලා හිට ගත්තා .....වතුර දියන් ගගා කෑගැහුවා...
දියන් ..දියන් වතුර දියන් ...වතුර දියන්.....
රන් මලියා දිහාවට අත දික් කර කර වතුර ඉල්ලපු නාද්‍යා දිහා බලන් උන්න රන්මලී ඊලග පාර මා දිහා බැලුවා .....
බේබි...හාමු.....තව දෙන්නයි....තව දෙන්නයි .....තව...දෙන්නයි ...බේබි....හාමූ....තව...දෙන්නයි.....
ඒකි හිනා උනා....ඒකි හින වෙන ගමන් තව දෙන්නයි....තව දෙන්නයි ගාන ගමන් නාද්යායගෙ අත අල්ලගන්නකොට මම ලිද ගාවට ගියා නාද්‍යා උන්නෙ ලින් කටේ හිට ගන වෙනකොට රන්මලියා එදා වගේම මඩ නාගන නාද්‍යගෙ අතින් අල්ලන් ඉන්නකොට මම නාද්‍යා දිහා බැලුවා
ඒකි හිනා උනා ...හිනා වෙවී මා දිහා බැලුවා ....
සුදු මහත්තයා ....මං මං නාන්න යන්නෙ ..මම...නාන්න යන්නෙ ..මං නාල එනකන්....මං නාලා එනකන්.....ඔතනම ඉදපන්....ඔතනම ඉදපන් .....සුදු මහත්තයා ....මං නාන්න යන්නෙ....මං....
හා ..හා එහෙනම් නාගන වරෙන්කො ..මං බලන් ඉන්නම්.....උඹ එනකන් නම් නෙවෙ ...උඹ යනකම්.....නාද්‍යා ...උඹ ඉන්නෙ හොද සිහියෙන්ද....අවසිහියෙන්ද කියන්න මම දන්නෙ නෑ....හැබැයි...උඹ කවදා හරි ආයම හොද විදිහකට ඉපදුනෝතින්...කවදාවත් මිනිස්සුන්ට ගින්දර දෙන්නෙ නැතුව...එක මනුස්සයෙක්ට විතරක් ගෑනි වෙන්න බැරි නම්...කුරුලු කූඩුවලට ගල් නොගහා වත් ඉදපන්.....
නාද්‍යා...උඹට නිවන් සුව...
මම දත් මිටි කාගන ඇස් හීනි කරගන ඒකිට කියන්න ඕන ටික කියලා ඔලුව කස කස හින වෙන ඒකිගෙ මූනටම නිවන් සුව කියනවත් එක්කම යකඩ බොලොක්කෙ හයියෙන් කැරකුනා ඒ එක්කම රන්මලියා නාද්‍යගෙ අතින් ඇද්දා ....
මං බලන් උන්නා...මං ලිදට එබිලා බලන් උන්නා..
..ලින් හතක් ඇතුලට බස්සලා ආගාදයක් වගෙ හැදුන ලිදෙ ගැට්ටක නාද්‍යගෙ ඔලුව වැදුන පාරට මටත් නොදැනි මගෙ ඇගිලි වලට ලින් ගැට්ට මිරිකුනා...
වතුර විසි උනා.....ලොකුම ලොකු ගලක් වැටුනා හා සමානවම සද්දයක් එක්ක නාද්යව වතුරට වැටෙනවා මං බලන් උන්නා.....වතුර පිරුන ළිඳේ ඒකිව උඩ පහල යන හැටි....අත් දෙක ගසන හැටි....ඇදන් උන්න ගවුමට හුලන් බදලා ගවුම පිම්බුන හැටි....අවසානෙදි වතුර උරපු ගවුමත් එක්කම නාද්යව යට යන හැටි....අවසිහියෙන් උනත් හුස්ම ගන්න පන කෙන්ද බේරගන්න ඒකි දගලන හැටි මම බලන් උන්නා....
ඔන්න ඔය වගේම තමයි හාමු මමත් එදා අත් දෙක උස්ස උස්ස උදව් ඉල්ලුවෙ...
උඹ මේ වගේ බලන් ඉන්නවා වගේම ඕකිත්....අර කැරකොප්පුවේ වැට මායිමෙ ඉදන් මන් දිහා කාටත් හොරාවට බලන් උන්නා....
මම අත් උස්ස උස්ස මගෙ පන කේන්ද බේරගන්න මම පොර බදින හැටි ඒකි බලන් උන්නා....ඒකිගෙ නාස් පුඩු වලින් වතුර යනවා වගේම තමා හාමු මගෙත් ගියේ ....ලින් ගැට්ටෙ ඒකිගෙ ඔලුව වැදුනා වගෙ තමා හාමු...මගෙත් ඔලුව වැදුනෙ.....
එදා ඒ ඔලුව වැදුන පාර...ඔරුවටත් රිදෙන්න ඇති හාමු....
මඩ අස්සෙ එරි එරි....වැල් වල පැටලි පැටලි....වතුර පෙවි පෙවි...මම කෑගැහුවා හාමු.....ඒත් මගෙ කටහඩ ආවෙ නෑ හාමු....
දැන් මේකි දගලනවා වගේමයි මං දැගලුවෙ.....
මටසාප කරන්න එපා හාමු.....මිනිස්සු හැමෝම ප්‍රාර්තනා කරන්නෙ සුන්හ මරනයක් උනත්....මේ ලෝකෙ හැමෝටම සුභ මරනයක් හම්බෙන්නෑනෙ....මගෙ පවකට වෙන්න ඇති හාමු එහෙම උනෙ....
මම වතුරේ දගලලා දගලලා අවසානෙදි පන ගියපු නාද්‍යා දිහා බලාගන රන්මලී කියපු කතාව අහන් උන්නා...ඒක ඇත්ත...මේ ලෝකෙ හැමෝටමසුභ මරනයක් ලැබෙන් නෑ..මැරෙන එක පවා තීරනෙ වෙන්නෙ කරපු පව් පින් අනුව...සමහර විට...මට උනත්....පව් ගෙවන්න ඇති....
හාමු...
ම්ම්ම්....
මේ ලිද වහලා දාපන්....
ම්ම්ම්ම්.....
ලින් ගැට්ට උඩ ඉදගන ලිද අස්සට කකුල් දෙක දාන් උන්න රන්මලියා ලිඩ්ග වහලා දාන්න කියනකොට මම හූමිටි තියලා එන්න හැරුනා...
අනෙ .....අයි....යෝහ් ...අයියො.....අනීතෝ...උඹලා ..ඔක්කොමල්ලා...මගෙ ඇස් පනා....පිට ...මැරි....මැරි ...යනවා ..
වලව්වට අඩිය තියන්නවත් හම්බුන් නෑ...අත්තම්මගෙ විලාපෙ ඇහුනා....අත්තම්මා තවම සුදු අක්කගෙ කාමරේ....ඔව් ඉතින් ඒ ගෑනි කොහෙ එන්නද...හිටගන්නවත් පනක් නෑනේ...අඩලා කෑ ගහලම අත්තම්මග් කට හඩ සම්පූරනම බැදිලා වගේ තියන කොට මන් අහගන සීයා තාත්තා කැහැ කැහම වමනේ දානවා...
මම විතරයි පන ගහලා ඉන්නෙ...මුලු මොල්ලිගොඩ වලව්වම මැරි මැරි වැටෙනවා....
අත්තම්මා වැද වැද අහසෙ ඉන්න දෙයියන්ගෙන් පවා පිහිට ඉල්ලුවා.....
අනේ...සීවරන්...දෙයියනේ.....මේ අවනඩුව..බලාපාල්ලා.....අයියෝ...මගෙ උන්...ඔක්කොම....මැරි...මැරි....වැටෙනවා...මොන හෙනයක් වැදුනද බලාපල්ලා ...හාමුදුරුවනේ .....
මෙච්චර කල්ම අපිට දීපුන්වේදනාව නොදනුන අත්තම්මා අද දෙයියන්ට කියනවා....හිතක් පපුවක් නැති උන් වගේ අපිට නූල් පන්නවලා වලව්වෙ නම්බු රකින්න කියලා අපිව අබ්බගාතයො කරපු අත්තම්මා ...කවදාවත් අපේ ඇස් වල කදුලක් නොදැකපු අත්තම්මා අද දෙයියො පස්සෙ යනවා...දෙයියන්ට මෙ දුක බලන්න කියනවා...මේ අවනඩුව බලන්න කියනවා.....
දෙයියො උනත් මේ වගේ පව් කාරයන්ගෙන් මූන හංග ගන්නවා.....ඇයි..උන්ට මිරිස් අඹරනකොට ...ලිප් අස්සෙ දාගන යන්තර රත් කරවනකොට අපි ගැන දුක හිතුන් නැද්ද ..මොනවා උනට් ඒත් අපි වගේ ලේ ඇට මස් නහර තියන උන් කියලා හිතුන් නැද්ද .....මට වලව්වෙන් කියලා තඹ සතේක දේවල් ඕන් නෑ.....මාව පවුලෙන් අයින් කරලා දැම්මත් මට අබ මල් රේනුවක තරම් වේදනාවක් නෑ...ඒ උනත් මාව ඇතෑරියා නම්...උන්හෙ නෙවෙ කියලා එලියට ඇදලා දාලා මට ඕන ජීවිතේ ගෙවන්න දුන්නා නම්....
නෑ...උන් එහෙම කේරුවෙ නෑ...උන්ට ඕනා උනේ අපිව රිදවන්න....අපිට තලන්න...
උන් විදවන්නම ඕනා.....
අත්තම්මා විලාප තියනවා ඇහි ඇහිම මම අත්තම්මලාගෙ කාමරේට යනකොට සීයා තාත්තා ඉන්නවා.....මොල්ලිගොඩ හාමුදුරුවො ...පාන් කියා ගන්නවත් බෑ....සුදු පාට ඇද රෙද්ද රතුම රතු වෙනකොට මට රසානි අම්මව මතක් උනා.....උන් පලිගත්ත විදිහ වගේම උන්ට ආපිට ඒ හැම වේදනාවක්ම කැරකි කැරකි එනකොට මම බලන් උන්නා....
නි....තේ....ශ්....පින්....අයිති....වෙයි...මාව....අරන්...පලයන්.....මාව...අරන්...පලයන්....මේ.....යක්කු....විමානෙන්...මාව...අරන්....පලයාන්....
සීයා තාත්තා කැහැ...කැහැ හුස්ම ඇද ඇද එයාව මේ යක්කු විමානෙන් අරන් යන්න කියනකොට මම සීයා තාත්තගෙ ලේ වලින් රතු පාට උන සරම දිහා බලන් උන්නා....සිනිම සිනි ගදයි .....කකුල් වල නියපොතු යකෙක් හා සමානවම දික් වෙලා කකුල් වල නියපොතු වලිම්ම කකුල් කසාගන කකුල් දෙකේ ලෙලි ගිහින් තිබුනා....කොටිම්ම මොල්ලිගොඩ හාමු දිහා බලන්නවත් බැරි තරම්.....කතා කරන වචනයක් ගානෙම එලියට ආවෙ අමනුස්ස කුයිලෙ වෙනකොට ගෙට බන්දපු යක්කු උන්ව අරක් ගෙන තිබුනා...
සුදු...මහත්...තයා ...අයියෝ....මාව....ඉස්පිරිතාලෙ ගෙනියපන්...ඉස්පිරිතාලෙ ....හෙනියපන්....මගෙ.....යටි බඩ....වේදනාවයි....යටි....බඩ...වේදනාවයි....අයි....යෝහ්....
මම සීයා තාත්තා ඉස්සරහ හිටගන අත්දෙක බැදගන බලන් උන්නා....සීයා තාත්තා වකුටු වේගන එහාටත් පෙරලෙනවා....ආයම මෙහාටත් පෙරලනවා....රසානි අම්මා විදපු වේදනාව මොකක්ද....ඒ හාසමානවම ....එකම අංශුමාත්රයක් වත් අඩු නොවීම සීයා තාත්තා විදවන කොට මම හොද සිහියෙන් ඉදන් මේ ඔක්කොම බලන් උන්නා.....
සීයා තාත්තා .....මේ ගෙවෙන්නෙ ඔයාගෙ අවසාන පැය ගාන වෙන්න පුලුවන් ....
මම.ඒ මූන ....වේදනාව වැඩි කමට ඇස් වලට උනපු කදුලු දිහා බලාගන මුමුනනකොට සීයා තාත්තා මැරෙන්ඩ බෑ ගගා ඇඩුවා...එයාව සනීප කරන්ඩ කිය කිය ඇඩුවා ...සේසතම හරි අරන් එයාව සනීප කරන්න කියලා කෑ ගැහුවා ..මේවා දාලා යන්න බෑ ගගා ඇද බදාගත්තා ....
බැ...බෑ....මට යන්ඩ බෑ .....මට..බෑ...මට...බෑ...මට ..මේවා..දාලා යන්ඩ බෑ...මාව සනිප කරපන් ...මාව සනීප කරපන්.....මට....යන්ඩ...බෑ....
ඇයි යන්ඩ බෑ කියන්නෙ මෙච්චර කල් ඇන ඇන ගිහිල්ලත් මදිද උඹට...
මම හිතින් සාප කෙරුවා ..මැරෙන්ඩ ඔන්න මෙන්න ඉදලත් තන්හාවෙන් මැරෙන්න හදන සීයා තාත්තා මැරෙන්න බෑ ගගා පරසක්වල ගහනකොට මම අර ලේ නෑවුන ඇද කොනක ඉදන් ටික වෙලාවක් බලන් ඉදලා මොල්ලිගොඩ හාමුඇස් දෙක වගේ පරිස්සමින් කරන කලුවර අල්මාරිය ඇරිය.....
.ම්ම්ම්ම්...මේ තියෙන්නෙ....බැංකුවටත් නයට දෙන්න පුලුවන් යකො...පෙරේත කමට සල්ලි වල සුවද බල බල ඉන්න තියන සල්ලි ඔක්කොම මිටි බැදන් අල්මාරුයෙ රෙදි.අස්සෙ ගහන් උන්නා....
තිය...පන්...නි....තේ....ශ්...ති....ය....ප...න්....
කෑ නොගහා ඉන්න අනේ....උඹ දැන් මැරුනම කව්ද.මේවලට වැඩ කරන්නෙ...කැරම් අතක් ගහලා කාඩ් පැක් එකක් වත් අදින්න සල්ලි නෑ.....කෝ හොද කොල්ලා වගේ මට කියන්න මොන ඇදුමද මල්ශාලාවට දෙන්නෙ.....මේක....මේන් මේක...නැමි පනාවත් දෙන්නම්...හැබැයි ඉතින් කොන්ඩෙත් නැතුව පුකේ තමා ගහගන්න වෙන්නෙ....
නිතේ....ශ් .....නි....තේශ්....තිය.....පන්....ඔව්....වා....තියපන්....නි....තේ.....ශ්....
මම.අහගන සීයා වේදනාව යකාට පලයන් කියලා නහින්ඩ හදනවා..මැරෙන්ඩ ඔන්න මෙන්න ඉන්නෙ...තාමත් මගෙ වස්තුවෑ.....ගගා නහින්ඩ හදනවා නාකි හුත්තා.....
කාමරෙ අස්සෙ ගන්දස්සාරෙ ඉහට ගහන්ඩ එනකොට මම ඒකගෙ කුනු සල්ලි තියලා ඇදුමක් ගත්තා ....අරන් අල්මාරිය වහලා දැම්මා....
තියප..න්.....මගෙ.....මේ....ඔක්කොම....මගෙ...මගෙ....මේ....ඔක්කොම....මගෙ...
තොගෙ තමයි.....මට ඕන ඇටයක් නෑ....පෙරේත කමින් එකතු කරපු සල්ලි පුස්කන්ඩ එනවා...සීයා තාත්තා උඹට ඕනා නම්..අද දවස ජීවත් වෙන්න පුලුවන් වෙයි....ඒත්.....හෙටක් නම් නැතිවෙයි .බලපන් සීයා තාත්තා උඹගෙ කකුල් නිල් වෙලා....දැනටමත් ඉනෙන් පහල පන නැති වේගන එන්නෙ....දැනට වලලු කර ගාව....ඕක ඔහොම්ම....ඔහොම්ම.....
නි....තේ...ශ්...නව.....ත්ත....පන්.....
නෑ...උඹ අහන්ඩ ඕනා....උඹේ මරනෙ පවා උඹ අහන්ඩ ඕනා.....හිතේ කිසිම තෙතමනයක් නැතුව උඹාලා අපිට දීපු වද උඹලට ආයාම පත්තු වෙනකොට උඹලා අහන්න ඕනා සීයා තාත්තා ...
එහෙන් පොඩී.....අනිත් පැත්තෙන් ලොකු අම්මා....අනිත් පැත්තෙන් .....අම්මා...නාද්‍යා ...මේ ඔක්කොම....එකා පිට....එකා....ඒකා....පිට එකා....මැර්ර්න්නෙ ඇයි.....ම්ම්ම්ම්....ඇයි සීයා තාත්තා ....ඇයි....
උඹට දැනගන්න ඕනද .....
මම සීයා තාත්තා මරනෙට බයෙන් ලේ ගෑවුන ඇදන් රෙදි අස්සෙ හැංගෙනකොට එයාගෙම මරනෙ ගැන කිය කිය ඇද වටෙ කැරකුනා.....සීයා තාත්තා එපා කිය කියෝම කෑ ගහනකොට මම.කෙරුවෙ තව තව කියවන එක වෙනකොට මම හිනා උනා.....සීයා තාත්තා අමාරුවෙන් හුස්ම අල්ල අල්ල එපා ගාන හැටි දැක දැක මම හිනා උනා.....
සීයා තාත්තා .....මේ ගෙදර.....යක්කු අර්ක් අරගන ඉවරයි ....උඹලා එකා පිට එකා මැරෙන්න පටන් අර්න් ඉවරයි...ඇහෙනවද අත්තම්මා විලාප දෙනවා.....
නිතෙ....ශ්.....නව....ත්....තපන්.....
උඹට දැනෙනවද....ගේ අස්සෙන් එන අමනුස්ස කුයිලෙ.... ම්ම්ම්ම්....එතකොට උඹගෙන් ඉවරයක් නැතුව එලියට පිට වෙන කුනු ලේ.....අම්මට පන පිටින් පනුවො ගහපු හැටි...අත්තම්මට සර්වාංගෙම වැහෙන්න තුවාල දාපු හැටි.....ලොකු අම්මා අල්ලපු කාමරෙ එල්ලිලා ඉන්න හැටි...පොඩී වැවට බිලිගත්තු හැටි.....නාද්‍යා ලිදට පැන්න හැටි....
නි.....තේ....ශ්....
සීයා තාත්තා ...බඹරෙ කැරකෙන්නෙ අපේ පැත්තට .... උඹලගෙ පැත්තට කැරකුන කාලේ අපි නර දුක් වින්දා ....ඒත් අද.....අද එහෙම නෑ... අද හැම දේම තියෙන්නෙ අපෙ අතේ ...උඹක මැරෙන්න ඕනේ පනුවො ගහල ....උඹළා මරෙන්න ඕනා මැරෙන්න බෑ කියලා ...මගෙ අතිම්ම මම උඹල හැමෝගෙම මිනිවල් කපනවා.....
නිතේ ශ්....නවත්....තපන් ....මම...උඹව....මරනවා .....මම....උඹව .....පන....පිටින්....
අමෝ...අමෝ.....හිටගන ඉන්න පන නෑ.....මාව මරන්න කතාව...වදුරු කුනුහර්ප නොකියා මට කියපන් උඹේ මල කුන වලලන්න ඕනෙ කොතනද කියලා....සුදු අක්කගෙ....තැනින්.....එතන හොදයි....ගානට වලව්වත් පේනවා.....එහෙනම්....ඈවරයි.....දෑවරයි...කෝ....ඉතින්...
නි....තේ....කැහ්....කැහ්....කැහ් . ...බ්වෑක්ක්ක්ක්...
ම්ම්ම්ම්.....නායිස් ....උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙ සවුන්දර කන්නෙ පාන්දර ආප්ප කිව්වලු.....මෙ මොකත පුතේ...මේ .....මං කිව්වනෙ...ඔච්චර හයි පිච් එකෙන් තපුල්ලනකොටම උඹට අමාරුවෙයි කියලා ...කමක් නෑ.....කමක් නෑ....මං උඹව ඔය ජීවත්වෙන පැය ගානට හරි ගෙවන වාට්ටුවකට දාන්නම්කො....හොද කොල්ලා වගෙ නහින් නැතුව ඉදින්...කෝ.....තුන් ඈවරයි කියලා ඔය අඩු බඩු ටික අරන් පැත්තට වෙයන් මං ඇම්බුලන්ස් එකට කතා කරන්නම්....පීපෝ....පීපෝ....ගාන් උඹව අරන් ගිහින්.....සිරිපුරෙන් ආපිට අපිටම බාර දෙන්න එපැයිනෙ....
මරන වේදනාව කෙසේ වෙතත් මගෙ කතා අහන් උන්න සීයා තාත්තා පරල වෙලා මාව මරනවා මරනවා කිය කිය කෑ ගහලා කෑ ගහල අවසානෙදි කැහැල කැහැලා ලේ තලියක් එලියට දැම්මා වගේම යටිනුත් ලේ බඩ යන්න ගත්තා ...මන් බලන් උන්නා.....සීයා තාත්තා ඉස්සරහදිම පොලිසියට කතා කෙරුවා .....සීයා තාත්තා ඉස්සරහම ඇම්බුලන්ස් එකට කතා කෙරුවා ...මල් ශාලාවට කතා කෙරුවා .....
කවදාවත් කාකි ඇදුමක් ගාවට යන්න හිතන්නෙ වත් නැති අත්තම්මලාගෙ වලව්වට පොලිස් ජීප් එනකොට සීයා තාත්තා කැහැලා කැහලම කටහඩ නැති කරන් ගොලුවෙලා උන්නා...
කන් අඩි පීරීගාන ඇම්බුලන්ස් සද්දෙ එක්ක සීයා තාත්තා මැරෙන්න බයෙ රෙදි අස්සෙ හැංගෙන හැටි මොල්ලිගොඩ වලව්වට පය ගහපු කාකි කාරයො කට ඇරන් බලන් ඉන්නකොට එල්ලිලා මැරුන ලොකි අම්මගෙ මලකද සීයා තාත්තා ගාවින් අරන් යනකොට මම බලාගන සීයා තාත්තාව ඔතලා තිබුන රෙදි තෙත් වෙනවා...
එතකොට මේ එල්ලිලා මැරිලා ඉන්නෙ....තමන්ගෙ කව්ද ....
මගෙ ලොකු අම්මා සර්.....ලිදට පැනලා තියෙන්නෙ මගෙ නෝනා...
පොලිසියෙ මහත්තුරු කට උත්තර ගන්නකොට තුවාල වලින් සර්වාංගෙම වැහිලා ගියපු අත්තම්මා අපිට හූනියම් කරලා කිය කිය තව තව බහුභූත කියවනකොට මමත් ඔව් කියන ගමන් කදුලු පුරවගත්තා .....අඩ අඩම සීයා තාත්තා දිහා බලලා කට කොනකින් හිනා වෙලා ගිහින් එන්න කියලා කාටත් හොරාවට අත වනලා ආයම ලගට ගිහින් උඹට එන්න වෙන්නෙ නෑ කියන එක කියනකොට මන් බලාගන යටි තොල වෙව්ලනවා .....
තමන්ට මේ සම්බන්දව කාව හරි සැකද....
නෑ සර්...කිසිම කෙනෙක් නෑ...
ඒ කියන්නෙ තමුන් ඔය හූනියන් විශ්වාස කරනවා ....
අනිවාර්යයෙන්ම ....මොකද මමත් හූනියම් වලට අහු උන කෙනෙක් හින්දා .....මගෙ අප්පච්චි අබ්බගාතයෙක් ගානට වැටුනෙ මගෙ ඇස් ඉස්සරහා හින්දා ....මන් පිස්සෙක් උන හින්දා ....මගෙ අප්පච්චි ගොලුවෙක් උන හින්දා .....ඒ වගේම ....ඒ හැම දේම කෙරුවෙ.....මන් හොදටම දන්න කියන උන් හින්දා .....
මරන පරික්ශක වතුරෙන් ගොඩට ගත්තු නාද්‍යගෙ වටේ කැරකිලා කැරකිලා ඔලුවෙ තුවාලෙ ඇරුනම ඇගේ වෙන කිසිම පැල්ලමක් නෑ කියන ගමන් මා දිහා බලන් උන්නා වගේම තප්පර ගානකින් උරහිස් දෙක කැඩෙන්න වගේ කැක්කමයි කියන ගමන් බිත්තියක් අල්ල ගත්තා වගේම මන් ඒ මනුස්සයගෙ කර උඩ ඉද්න් උන්න රන් මලී දිහා බැලුවා ....
මිනිය ගොඩ ගන්න ආව උන්ටත් එහෙන් මෙහෙන් සුලු සුලු ඩෑස් හම්බෙනකොට මෙච්චර වෙලාම හූනියන් යක්කු ප්‍රේතයො විස්වාස නොකරපු උන්ට උන්ගැනෙන්න ගත්තා වගේම මන් බලාගන වැඩි දුර කුනු හොයන්න ගියපු මගෙන් කට උත්තර ගත්තු පොලිස් මහත්තයා තුන් මුනින් දාඩිය දාන් එලියට දුවනවා....
සීයා තාත්තව අරන් ගියා ...අප්පච්චි අම්මගෙ මල කද එක්ක.....මම විතරක් අත්තම්ම එක්ක ගෙදර්ස් තනි වෙනකොට මම අත්තම්මව රෝද පුටුවෙන් තියලා වලව්ව ඉස්සරහින් ඉන්දවලා එහෙම්ම ශෙනෝන්ට කෝල් එකක් ගත්තා ....
හෙලෝ.....ශෙනෝනයා.....සීයා තාත්තව අරන් ගියා.....
මම කෝල් එක කට් කරලා දාලා එහෙම්ම කැට් එකට කෝල්කෙරුවා.....ඒ එක්කම..දන්න කියන කට්ටඩි තුන් හතරෙ දෙනෙක්ව ගෙන්නුවා ...
ස්..සුදු...මහත්තයා ....ඇයි....ඇයි...මේ.....
අත්තම්මා ඇගිලි කොර උන අත් වෙව්ලව වෙව්ලව ඇයි ඇයි ගගා කෑ ගහනකොට ගෙන්නපු කට්ටඩියො මතුර මතුර මුලු වලව්වටම කහ ඉහින්න ගත්තා .....
අත්තම්මා ....පූජා කරන දෙයක් කවදාවත් ..කිලි පිටින් දෙන්නෙ නෑ.....යක්කු පෙරේතයො පිටින් දෙන්නෙ නෑ...යන්න බෑයි කියන උන්ව දුම්මල ගහලා හරි එලවලා තමා දෙන්ඩ ඕනෙ. ..
මොකක්...පූ...ජා...මොනව.....උඹ....උඹ....
කෑ නොගහා උන්ට වැඩේ කරගන්න දීල මා එක්ක ගමනක් යන්න වරෙන් .....
මම දැන් දැන් පන යන්න ඔන්න මෙන්න උන්න අත්තම්මව එක්කන් කැරකොප්පුවට යනකොට වලව්ව අස්සෙන් යාතිකා කියන සද්ද වගේම බෙර සද්දෙ ඇහෙනකොට යක්කු පෙරේතයෝ අරක් අරන් උන්න අත්තම්මා රෝද පුටුදෙ ඉදන් හූතිය තිය කෑ ගහනකොට මම උන්දා ඉස්සරහම උන්දගෙ මිනිවල කපන්න ගත්තා ....
හරියටම ජීවත් වෙලා ඉන්නකොට බිනරිට පාංශුකුලේ දුන්නා වගෙ...
පන පිටින් ඉන්න උන් අමු අමුවෙ මරා ගත්තා වගේ....
නිතේ....ශ්...නිතේ. . .ශ්.....උඹ...
මං කපන්නෙ උඹගෙ මිනිවල අත්තම්මෙ.....මං කපන්නෙ උඹලගෙ මිනිවලවල් අත්තම්මෙ...උඹලා අපිට කරපු හූනියම අපි ආපිටම උඹට කැප්පුවා...මං මේ එලියට ගන්න් පස් පිඩැල්ලක් ගානෙම ප්‍රාර්තනා කරන්නෙ උඹලට ආයම ඉපදීමක් කොතනකවත් දෙන්න එපාය කියලා ...
උඹලා වගේ උන්ගෙ අතින් මැරිච්ච උන්ට....උඹේ අතින් මැරුන නූපන් දරුවන්ට පින් අයිති වෙන්ඩ කියලා ...උඹලා මරා ගත්තු මැනිකගෙ කෙලීට පින් අයිති වෙන්ඩ කියලා ...මං මේ මුලු වලව්වම දූවිලි තුඩක් ඉතිරි නොවෙන්ඩ ඔක්කොම සුද්ද කරනවා ....ඒකත් උඹේ ඇස් පනාපිට....උඹලා හින්දා යන එනමන් නැති උන.....උඹේ මිනිහා හින්දාඅසරන උනානාත උන හැම ගෑනියෙක්ව්ව්ම මං අද වලව්වට ගෙන්නවලා අර මිටින් ගහන් ඉන්න ඔක්කොම සල්ලි බෙදලා දානවා ...
දවස් ගානක් එක දිගට වල් කොටලා අතපය කැක්කුම් දෙනකොට මං කටත් පැත්තට ගියපු වෙව්ල වෙව්ල ඉන්න අත්තම්මා දිහා බල බල වෙන්න තියන හැම දේම එකින් එක කියන ගමන් මිනිවලවල් කැපුවා ...
අත්තම්මා .....දන්නවද....උඹලා දාල යන්න තියන දෙයක් වෙනුවෙන් ....ඔය අත්වලින් කරගත්තු පව් බොහෝමයි.....හුස්ම අල්ලන්නබලන් ඉන්න...මේ ලෝකෙ පාට බලන්න බලන් උන්න නොදරුවො කීයක් ඔයාත් දෙකෙන් මැරුවද....අන්න ඒ පවට තමයි අත්තම්මා ඔය අත් දෙක කුනු වෙලා ගියේ.....
එක එකාට සාප කරපුවට තමයි...ඔය කට වටේටම තුවාල දැම්මෙ....ඇග පුරාවටම උද්දච්ච කම හින්දයි මුලු සර්වාංගෙම එකම තුවාලයක් උනේ....තමන්ගෙම උන්ට කොඩි වින කරපු හින්දයි අද උඹට මෙහෙම උනේ අත්තම්මා.....
ජාති ජාතිත්...මාව උඹලා ඉන්න තැනකවත් ඉපදෙන්න එපා.....ජාති ජාතිත්...උඹලට ආයම ඉපදීමක් එපා අත්තම්මා .....උඹලට මේ ආත්මෙදිම මේ පව් ගෙවන්න වෙනවා.....
උඹලා ජීවත් වෙලා ඉන්න උන්ට පාංශුකුලේ දෙනකොට නම්බු මාන්නෙ ඔලුවට ගහන් උන්න වගේ.....මෙන්න උඹේ මිනිවල....මෙක දිහාත් හොදට බලපන්.....
හෝරා ගානක් එක දිහට මිනිවලවල් කපනකොට මගෙ අත පය වේදනා දෙනකොට මල ඉර බැහැන් යන වෙලාව ලන් වෙනකොට අත්තම්මා නහයෙන් කටෙන් සෙම පෙරන්න ගත්තා ...ඇගේම මල මුත්‍රා යන්න ගත්තා....
වලව්ව දලදාවට දෙන්න කලින් කහ වතුරෙන් නාවලා සාත්තු කරනකොට වෙනදට පය ගහන්න බය හැමෝම අද වලව්වෙ තොයිලෙට එනකොට තියන සබ්බ සකල මනාවම අසරන මිනිස්සුන්ට දෙනවා කිව්වා විතරයි අත්තම්මා දගලපු දැගිලිලි මම බලන් උන්නා...
මල ඉර බැහැගන ගිහින් දම් පාට අහස ටිකෙන් ටික කලු වෙලා යනකොට වලව් වත්ත පුරාවටම කොල්ලො කුරුට්ටො එනකොට මම.මෙහෙ ඉන්නකොට ශෙනෝන්ලා මුලු නුවරම පීරලා සීයා තාත්තා හින්දා අනාත උන ගෑනු දරුවො හොයාගන උන්ගෙ අයිතිය අන්තීම තත්පරේදි හරි අරගන්න එනකොට අත්තම්මා වෙව්ලන්න ගත්තා....
මිනිවලවල් කපපු මම අත්තම්මව රෝද පුටුව පිටින් තල්ලු කරන් ඇවිත් සීයා තාත්තා අතිම්ම අනාත උන ගෑනු දෙන්නෙක් ලව්වා නාවලා වලව්ව ඉස්සරහින් දාපු යකඩ ඇද උඩින් නිදි කරවනකොට තුවාල වේදනාව....විසබීජ ඉඅහට ගහන් එන වේදනාව...වැස්සි පයින් ඇනලා නරක් උන ඇහැ සනීප වෙලා තිබ්බත් ආයමත් ඒ තුවාලත් උඩ්ස් ගහනකොට ඔලුවට ගහන වේදනාව එක්ක අපා දුක් විදින ගමන් ඉන්නකොට කහපාට ඩෝසර් එක පෙලට දෙක තුනක් නවත්තනකො අත්තම්මා බැරි බැරි ගාතෙ කෑ ගැහුවා .....සීයා තාත්තා පොදිගහපු සල්ලි එක්ක උන්ගෙ උප්පැන්න වලින් අවජාතක නම සදහටම කපලා මොල්ලිගොඩ නම දෙනකොට අත්තම්මා නහයෙන් කටින් සෙම දදා විලාප තිබ්බා.....
කට්ටඩියො සම්පූරනම ගේ සුද්ද කර කර දුම්මල ගගහා යාතිකා කිය කිය ජහ වතුර ඉහ ඉහ යනකොට අත්තම්මා මර බයේ හැන්ගෙන් කොට මට සීයා තාත්තා අරන් ගිය ඉස්පිරිතාලෙන් සීයා තාත්තගෙ මලගමේ පනිවිඩේ අරන් එනකොට තව හෝරා ගානකින් බිමට සමතලා වෙන වලව්වෙ තියන සබ්බ සකල මනාවම කහ වතුරෙන් නාවලා කැමති එකෙක්ට අරන් යන්න කියපු මම අත්තම්මව රෙද්දකින් පොරවලා ගෑනුදෙන්නෙක්ට බලාගන්න දීලා ඉස්පිරිතාලෙට දුවනකොට අප්පච්චි අම්මගෙ මලකද බාර දීලා ඒ හුස්මට සීයා තාත්තා බලන්න ඇවිත් තිබුනා.....
අප්පච්චි ....
ම්ම්ම්ම්....
මම අප්පච්චි ගාවට ගියා...එයා වචනයක් වත් නොකියම සුදුරෙද්දෙන් වහල තිබුන සීයගෙ මල කද දිහා බලන් ඉන්නකොට මම ගිහින් රෙද අයින් කෙරුවා ....
ඇස් බාගෙට ඇරිලා දිවත් එලියට ඇවිත් වගේම මැරෙන මොහොතෙ මල මුත්‍ර පවා ගිහින් තිබ්බා. ...ඒ විතරක් නෙවෙ ...දකුනු කකුල දැකපු මම අප්පච්චි දිහ බැලුවා ....
අප්පච්චි ...
ම්ම්ම්ම්...උන්ගෙ වාඩුව ඌ ගත්තා ....උඹට පොවපුවට හරියන්න ඒකගෙ බඩවැල් ඔක්කොම නරක් වෙලා ගිහිල්ලා...හෙට එලිවෙනකොට ....හැම පවක්ම ගෙවිලා ඉවර වෙයි නිතේශ් ...
මම පන ගියපු සීයා තාත්තගෙ ඇස් දෙක වහලා දානකොට ඇටෙන්ඩන් කෙනෙක් ඇවිත් එලියට ආව දිව වගෙ වගක් නැතුව ඇතුලට ඔබලා කට වහලා රෙදි පටියක් ඇරන් ගැට ගැහුවා....
මේ වයසක උන්ද ඔයාලගෙද මහත්තයා ....කාගෙ උනත්....මේ මනුස්සයා එසේ මේසේ පව් කරපු එකෙක් නම් නෙවෙ වෙන්න ඇති....නැත්තන් ජීවත් වෙලා ඉන්නකොට ඇග කුනුවෙන්න.....
ආව ඇටෙන්ඩන් යන්න යනකොට සීයා තාත්තා ගැන දීපු ගුනකතනේ එක්ක මායි අප්පච්චියි මූනට මුන බලාගත්තා ...
ඇත්ත...මොල්ලිගොඩ හාමු තරම් පව් කාරයෙක් නැතුව ඇති මේ මුලු සෙන්ංකඩගලම.....මිනිමැරුනත් මතක් මැරෙන් නෑයි කිව්වට.....මොල්ලිගොඩ හාමුගෙ මතක පවා මැරිලා යාවි.....
🙂ජැක්කනේ....
😒මුව පැචියා චේ බොන්න නන්නෙ....ඔය ලමයිනුත් ගීන් චේ බොන්න...
ආය එන්නාම්....පයිස්සමින් ඉන්න...
චටා...බායි.....ආතරෙයි ...
චුක්....චුක්....චුක්....😘
Ferdeesha ❤️💚😘 .