සුදු අප්පො....ඇයි....සුදු අප්පො.....උඹ මාව අදුනන් නෑයි කිව්වෙ.....
අනේ ..මැනිකෙ...අහන්නකො....අනේ....
මගෙ විතේන් ....එයා අඩ අඩ හිනා වෙනවා හිනා වෙවි අහනවා මං ඇයි එයාව අදුන්නන් නෑයි කිව්වෙ කියලා ..අනේ ..අනේ...මං හොද සිහියෙන් නෙවෙ උන්නෙ කියලා එයා පිලිගන්නෙ නෑනෙ.....මම එයාගෙ ලගට ගියා ....එයා පස්සට පැන්නා...අනේ....එයා මාව පිලිකුල් කෙරුවා...මම අල්ලපු අත අති පිහිහ ගත්තා....
නෑ...ඕන්...නෑ...අහකට ගනින් අත..උඹ පස්සට ගියා...මම ලගට එනකොට උඹ පස්සට පැන්නා...උන් හිනා උනා..මගෙ ඇස් වල කදුලු දැක...දැක....උඹ හිනා උනා...ඒකිව උඹ බැන්දා....උඹ මාව එදා පිලිකුල් කෙරුවා ....
නෑ..නෑ..අනේ...අනේ....එපා...විතේන්..එපා..අනේ...එපා....විතේන් .අනේ ..රත්තරන් .....මං කියන දේ අහපන්කො.....
එපා මොනවද එපා.....උඹ දැන් පරක්කු වැඩියි...උඹ එපා කිව්වට...උඹ එපා කිව්වට වැඩක් නෑ...නිතේශ් ..මං උඹව අතෑරලා ඉවරයි...මං පොරොන්දු උනානෙ....මං පොරොන්දු උනා...උඹට මතකද....මං උඹේ ඔලුවෙ අතගහලා පොරොන්දු උනා...මං උඹව අතාරිනවා කියලා....
දෙයියනේ...විතේ...න්...අනේ...අනේ....එහෙම කරන්න එපා අනේ ..වදින්නම්...අනේ මග් රත්තරන් ...වදින්න...ම්.....අනේ....මාව දාලා යන්න එපා....අනේ...විතේන් ...
එයා මාව දාලා යනවා කිව්වා...එදා පොරොන්දු උන විදිහටම මාව දාල යනවා කිය කිය මාව තල්ලුකර කර මගෙන් ඈතට යනකොට මගෙ පපුව පැලෙන්න ආවා.....මාව පිස්සෙක් වෙන්න ආවා.....ඇස්වලින් ගලන කදුලු දිහා බල බල එයා හිතක් පපුවක් නැති එකෙක් වගෙ එයා මගෙන් අඩියෙන් අඩිය පස්සට යනගමන් මට බැන්නා...හිනා උනා....එයා මට..මගෙ කදුලු ගැන නිකමටවත් බැලුවෙ නෑ...එයාට ගානක් නෑ....එයාට මගෙ වේදනාව ගානක්ම නෑ.....
උඹ ඇඩුවයි කියලා වැඩක් නෑ නිතේශ් ....උඹ අරකිව බැන්දා වගේම...මාත් බැන්දා.....හරියටම උඹේ අප්පච්චි වෙන එකෙක් බැන්දා වගේ....උඹත් බැන්දා.....එහෙම කරපුවාම...මමත් අනිත් පැත්තෙන් බැන්දම මොකද....මගෙ තාත්තා හරි....උඹත් දහම් කෙනෙක්...මගෙ තාත්තා හරි....උඹත් මාව අතෑරලා බදියි කිව්වා....ඉතින් මේ බලපන්...මේ...හොදට බලපන්...මාත් බැන්දා...කවදාවත් මාව අඩවන්නෙ නැති කෙනෙක්....කවදාවත් මාව මගින් දාල යන්නෙ නැති කෙනෙක්...උඹ වගේ මාව පිලිකුල් නොකරන කෙනෙක්....මට මැනිකෙ කියපු කටින්ම මං ඉස්සරහා වෙන ගෑනියෙක්ට මැනිකෙ නොකියන කෙනෙක්...
න්....නෑ..නෑ...අනේ...අනේ..එපා....විතේන් ...අනේ....රත්තරන් ...එපා....එපා....දෙයියනේ ..එපා ....අනේ..අනේ...මං වදින්නම්.....එපා...එපා....දෙයියනේ..එපා....අප්පච්චි ...අනේ...අප්පච්චි කියන්නකෝ....මගෙ මැනිකෙට කියන්නකො...අනේ....ශෙනෝන්....ශෙනෝන්...කියපල්ලකො.....අනේ...එපා....
එපා.....දෙයියනේ...එපා....
නිතේශයා....නිතේශ් ....
එපා...එපා...කියපන්....වෙන එකෙක්...එපා....කියපන්...අනේ....අනේ....එපා.....එපා....මගෙ....විතේ.....න්න්.....එපා.....
නිතේශ් .....යකො...නිතේශයා.....මොන..
හුත්තක්ද යකො....ඇස් ඇරපිය.....මූට දැන් දවස් හතරක ඉදන් නින්දක් නෑ....එක්කො මතක් වෙන හුත්තල් එක දවසෙ මතක් වෙන්න ඕනා...අනීතා පට්ට වේස ගෑනී.....නිතේශයා....යෝහ්.....කොල්ලො....තොගෙ....ටෞක....චටාස්....
විතෙ.....න්න්...!!!
නිතේශයා....
වි...වි...තේ....න්...ශෙ...ශෙ.....
කොහෙද කොහෙද උඹ ඔය දුවන්නෙ...
ම්හුක්....සෙ....නෝ.....න්...නිතේ....ස්....
අයියෙ...නිතේස්...අයියෙ....කොහෙද ඔය දුවන්නෙ.....
ඩියෝනයා දුවපිය මට මේ සරම ඇදන් දුවන්නත් බෑ...දුවලා අල්ලගන්
එදා මාතර ගිහින් ආව දා ඉදන් මට නින්දක් තිබුන් නෑ...ඇස් දෙක පියවෙන තත්පරෙම්ම මගෙ හැම හීනෙකම උන්නෙ එයා... මොල්ලිගොඩ උන්...කියපු කරපු දේවල්.....වෙච්ච දේවල් හැමදාම හීන වලින් ඇවිත් මගෙ නින්ද උදුර ගන්නකොට මම හැම රෑකම මැදියමේ පිස්සෙක් උනා....ඇඩුවා...කෑ ගැහුවා....දිව්වා...මගෙ විතේනව ඉල්ලලා මැරෙන්න හැදුවා....උන් කිව්වා වගේම හොද සිහිය එනකොට නිතේශ් කියන්නෙම අමු පිස්සෙක් වෙලා උන්නා.....
නිතේ...ස්...අයියේ ..අනේ....දුවන්නෙ කොහෙද ...දෝනියෝ....දෝනියෝ...අනේ...අල්ලපිය...
ඇරපන්...මේ ගේට්ටුව ඇරපන්....අනේ...ඇරපන්....කෝ...එයා යන්න යන්නෙ....එයා ..එයා ..මගෙ...විතේන් .....
නිතේශයා ..නිතේශයා...කෝ...හොද එකා නෙ නැගිටපන්...නැගිටපන්කො.....උඹගෙ විතේන් යන් නෑ....යන් නෑ....අනේ බන් ....යක්කු ගස් නගින වෙලේට හැම දාම දුවන්ඩ එපා බන්....නැගිටපන්කො.....
ශෙනෝන් ..ශෙනෝන්...එයා...එයා ....අනේ...එයා බැදලා....ඌ බැදලා..ගිහින්...ගිහින්...කතා කරපන්...ඌ ...ඉන්නෙ කොහෙද....නලි...න්...නලින්....අන්න.ඌ ...දන්නවා...ඇති....අනේ...යමන්කෝ....
මම වීදුරු දොර ඇරගන්න බැරි තැන බිම ඉදගන ඇඩුවා....හීනෙන් උනත් අතට දාලා තිබුන කසාද මුද්දපෙන්න පෙන්න එයත් බැන්දා කියලා කියපු එක මතක් වෙනකොට මට පිස්සු හැදෙන්න ආවා..මං ඔලුව බදාගන කෑ ගැහුවා .මතකෙ එන්න එන්න මගෙ ඔලුව සම්පූරනම නරක් වේගන ආවා...ඒ වේදනාව.....මට දරන්න බැරි උනා ..එයාව පිලිකුල් කරපු හැටි
.. මම පස්සට පැන්න හැටි එක පැත්තකින් මාව රිදවනකොට අනිත් පැත්තෙන් මම එයා එක්ක කොච්චර ආදරෙන් උන්නද...මං කොයි විදිහටද එයාව බලා ගත්තෙ එයා මට මොන තරම් ආදරේ කෙරුවද කියලා එකින් එක හෙමින් හෙමින් මතක් වෙනකොට මම මතක වලින් හෙම්බත් වෙනකොට උන් දෙන්නා මගෙ දෙපැත්තෙ ඉදගත්තා .....
උන් දෙන්නට පව්...උන් දෙන්නම මං හින්දා විදවනවා...හොද වෙලාවට අපි ආයම මගෙ ගෙදටරට ආවෙ....ඒ ආවත් උන් දෙන්නා උන්නෙ මතකයන් පවා මරලා දාපු මගෙ ගෙදර ....එයයි මායි උන්න එයයි මායි හිනා උන...ආදරේ කරපු ගෙදර .....ඒත් අද හැම දේම මුඩු බිමක් වගේ වෙලා ගිහිල්ලා....
ශෙනෝන්....මගෙ....විතේන් ...මගෙම්..විතේන් ...අනේ...ඌ වෙන එකෙක්ව බැදල...මමත්...මගෙ අප්පච්චි වගෙේ උන හින්දා....ඌත්...බැදල...අනේ බන්...මට ඌව හොයා දියල්ලකො.....
පොඩ්ඩක් ඉවසපන්කො ...මේ නලියත් නෑ බන්....ඌ අයින් වෙලාලු.... ඌ කම්පැනි එකම විකුනලලු....අනික....උඹලගෙ අරකිට ගත්තා ...ඒකිට බබෙක් හම්බෙන්නලු.....ඒකිගෙ මිනිහා ගත්තෙ....එහෙමයි කියලා....අපි වැඩේ අතාරින් නෑනෙ බන්....අනේ හොද එකා වගේ....මෙන්න මේ කාල කන්නි ටික ඉවර වෙන කන් වත් ඉවසපන්කො කොල්ලො.....උඹ ඔහොම පිස්සෙක් වගේ උන්නම...කව්ද බන් මේවා කරන්නෙ.....ආ....බලපන්...උඹට නින්දක් නෑ....අප්පච්චිත් හොද වේගන එන වෙලේ උඹ අය පිස්සෙක් වෙන්න එපා බන්.....
මට තව දුරටත් ඉවසන්න හිතක් පපුවක් නෑ..ශෙනෝන්....අහලා තියනවද....ශෙනෝන්..කතාවක් තියනවා...මිනිස්සු පන්සල් වගේ හිත් තියන උන්ව අතෑරලා....දන්සැල් වගේ හොත් තියන් උන් ගාව නවතිනවා කියලා ....
මට උනේ තනිකරම එහෙම කරුමයක් ....පන්සලක් වගේ හිතක් තිබ්බ එකෙක්ව මගෙන් ඈත් කරලා...උන් මට බලෙන් කර ගැස්සුවෙ දන්සලක් වහෙ හැම එකාම කකා යන එකියක්....මට හරියයිද බන්....මට හරියයිද කියපල්ලකො....
මම දනහිස් වලට ඔලුව ගහගත්තා ...එයාගෙ පස්සෙන් උන්න නලින් උන්නෙ නෑ....ඒ මනුස්සයව හොයන්න පුලුවන් හැම තැනකම හොයලත් නැති වෙනකොට අවසානෙදි එකම බලාපොරොත්තුව බිනරිට අරගන...ඒකිටත් ළමයෙක් හම්බෙන්න ඉන්නව කියලා ....එහෙම එකි කොහෙ ඔට්ටු වෙන්නද...මගෙ කරුමෙ එසේ මෙසේ කරුමයක් නෙවෙ කියන්නෙ.....මගෙ විතේන්ගෙ කම්පැනි එක පිටිම්ම විකුනලලු...මං අසරන නැද්ද දෙයියනේ....
මට දැනුන අසරන කම ගැන කියන්න වචන නැති තරම් උනා....පපුවට දැනෙන වේදනාව ගැන කියන්න බැරි තරම් උනා...හොද සිහිය එනකොට අවංකවම මට ගහලා තිබුන් නැතිඋනේ හෙනයක් විතරමයි කියන එක මට දැනෙනකොට දවස් හතරක් නිදි නැතිව හීනෙන් බය වෙලා කෑ ගහපු මම ආයම නැගිට්ටා ....
වෙලාව කීයද ශෙනෝන්.....
එකට කාලයි.....
ම්න්...අද නේද පස්වෙනි දවස...?අද නේද ...මැනිකා කියපු පස්වෙනි දවස...
ඔව්...
මං යන්න ඕනා....
උඹ ...තනියම...
ම්න්.....මං තනියම ...මං තනියම....උන් මාව කෑවා නම්....දැන් මම උන්ව කන්න යන්න ඕනා.....මට උඹලව එක්ක ගියොත්.....උන් දන්නව මට හැම දේම දැන් මතකයි කියලා ....පලවෙනි ටිකට් එක ඇදෙන්න කාටද කියන්න මම දන්නෙ නෑ...ඒත්....මම අද පලවෙනි මිනිවල කපන්න ඕනා...
ඒත් බන්.....
මන් හින්දා උඹලා විදවපු තරම දැන් ඇති බන්...දවස් හතරක් තිස්සෙ මං හින්දා උඹලට නින්දක් නෑ....අප්පච්චි හින්දා උඹලට සැනසීමක් නෑ...මගෙ විතේන් හින්දත් උඹලා නැහුනා.....උඹලට කියලා සැනසීමක් ඕනා බන්.....
නිතේශයා .....
මම තනියම යන්න යනවා කියනකොටම උන් දෙන්නම කලබල උනා..ශෙනොන්ගෙ මුනෙ තිබුනෙම මාව තනියම යවන්න බෑ කියලා කියන්න පුලුවන් බැල්මක් වෙනකොට මම නැවැත්තුවා ....මම ශෙනෝන්ගෙ අත් දෙකෙන් අල්ල ගත්තා .....
ශෙනෝන්...මට උඹට දෙන්න දෙයක් නෑ...මට...උඹට කියන්න දේවලුත් නෑ....ඒත්....මගෙම උන් වින කරපු වෙලේ.....මගෙම උන් මාව නැත්තටන නැති කරපු වෙලාවෙ උනෙ උඹලා විතරයි ...මම...මගෙ ජීවිතේ කිසිම තැනක ...මගෙ අම්මට පින් දීලා නෑ.....මගෙ අම්මට....බුදු බව ඉල්ලලා නෑ....ඒත්...මං .....උඹ වෙනුවෙන් බුදු බව ප්‍රාර්තනා කරනවා ....උඹගේ මේ අත්වලට යෝද බල යෝද හයිය ලැබෙන්න ඕනා.....මාව බලාගත්තට....මගෙ අප්පච්විව බලා ගත්තට...මගෙ...මැනිකව බලා ගත්තට....උඹට අනේක වාරයක් පින් ....ජාති ජාතිත්...උඹ මහගෙම සහෝදරයෙක් වෙයන් ශෙනෝන්....මට උඹට එච්චරයි කියන්න තියෙන්නෙ...
මට මේ ගමන...තනියම යන්න දියන්....මං වෙනුවෙන් මනුස්සයො නැති උනාට....එකම එකියක් ඉන්නවා ...මනුස්ස ලෝකෙ.. සමහර මනුස්සයන්ට වඩා...අමනුස්සයො හොදයි කියන්න ඒකි මට කියා දුන්නා...මං එනකන්....ඉදින්...මං අනිවාර්යයෙන්ම එනවා...හැබැයි ...මං එනදවසෙ.....මොල්ලිගොඩ වලව්වෙ උන් එකෙක්වත් මේලෝකෙ හුස්ම ගන්න එකක් නෑ.....ආය ආයමත්මන් කියන්නෙ.....උඹට...ජාති....ජාතිත්....පින්.....මගෙ ජීවිතෙ ....මගෙ...අප්පච්චිගෙ ජීවිතේ.....මගෙ...විතේන්ගෙ ජීවිතේ ...දුශ්කරම කාලෙ...අපි ගාවින් උන්නට.....මනුස්ස කම මැරුන ලෝකෙක....තවමත්...මනුස්සකම් තියනවා කියලා ඉගැන්නුවට....දැනෙන්න දුන්නට...
ලාභයක්....නොපතාම....අපිවෙනුවෙන්.....තවමත් නැහෙනවට....මට...උඹ වෙනුවෙන් ....අහසෙ තරුවත් .....හඳවත්....ඉරවත්...දෙන්න බෑ ශෙනෝන්...දවසක්....ආවොත්.....උඹට ජීවත් වෙන්න හයියක් ඕනම තැනක්....අන්න එදාට...මං අනිවාර්යයෙන්ම උඹට...මගෙ පන දෙනවා....
මං කියපු වචනයක් වචනයක් ගානෙම උන් දෙන්නම ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට මං මට කියන්න පුලුවන් ...එවෙලෙ මගෙ හිතේ තිබුන හැම හැගීමක්ම වචනවලට පෙරලලා ඇස්වල කදුලු පුරවන් ආයම උඩට එන්න ආවා.....
නාද්‍යා ....නාද්‍යා .....
ගෙට ඇතුල් වෙනවා එක්කම මං දැක්කෙ නාද්‍යගෙයි මගෙයි වෙඩින් ඵොටො එක වෙනකොට මං ඒකිගෙයි මගෙයි මූන දිහා බැලුවා....ඒකිගෙ මූනෙ තිබුනෙ මහ කුරිරු හිනාවක් වෙනකොට මගෙ මූනෙ හිනාවක් තියා කිසිම හැගීමක් තිබුන් නැති උනා....හරියටම හිස් වෙලා ගියපු භාජනයක් වගේ...අකුරු මොකුත් ලිය උන් නැති හිස් පිටුවක් වගේ.....
මගෙ මූනෙ කොහෙ සතුටක් තියෙන්නද...මොන හැගීමක් තියෙන්නද ...හදවත හිස් වෙලා ගිහින් නම්....මොනවා තියෙන්නද...
නාද්‍යා ....නාද්‍යා ...මගෙ ආදරනීයම බිරිද ..උඹ මගෙ ජීවිතේට ආවෙ කොහොමද .....උඹට යන්න වෙන්නෙ.....අන්ත විදිහට....අදින් පටන් ගන්නෙ උඹලා විදවන කාලෙ නාද්‍යා.....හොදට බලන් ඉදින්...උඹල හැමෝම එකතු වෙලා මගෙ ජීවිතේ පැත්තෙන් පැත්ත කෑවා...අන්න ඒ වගේම..මාත්....උඹලව...මගෙ ඇස් ඉස්සරහම .....මම විදපු දුකට අන්ත දුකක් විදින හැටි හිනා වෙන ගමන් බලන්න පුලුවන් තැනට ගේනවා ....එහෙනම් දවස පටන් ගත්තා නාද්‍යා ....බලන් ඉදින් .....උඹගෙ වලත් මමම කපන හැටි .....උඹට පෙන්නලමයි...කපන්නෙ.....
මං අල්මාරිය ඇරියා .....මලගෙයක් වෙන්න කලින් උනත් මං කලු ඇන්දා ...වට්ටක්කයි...කරවලයි.... බතුයි ඕන් නෑ...මොකද ඇත්තටම කිව්වොත්...වට්ටක්කයි බතුයි කරවලයි.... ඔය අලු කෙහෙලුයි ගිල්ලන්නෙ වෙන ලබ්බක් හින්ද නෙවෙ....මලගෙදර ඉන්න මිනිස්සු අඩලා අඩලා හෙම්බත් වෙලා ගියහම උන්ගෙ ඇගෙන් පිට උන කෙල හොටු කදුලු හින්දා උන්ව වේලෙයි කියලා ...විජලනේ හැදෙයි කියලා ...ඇගට හයියක් නැතිවෙයි කියලා ...අනික මලගෙයක් උනහම මිනිස්සුන්ට කන්නවත් කොහෙද සිහියක්...අඩනවා මිසක්කා හිතේ ගින්දර ගාවදි බඩේ ගින්දර පෑලෙ දොරෙන් පිට වෙලා යන හින්දා ...වට්ටක්ක ගිල්ලපුවාම වෙන්නෙ අර බඩ ගින්න නැති මිනිස්සුන්ට ආයම කෑම රුචිය ගේන එක...
ඉතින් මුන්ගෙ මලගෙදර මොකාද අඩන්නෙ .....අඩන්න බල්ලෙක් වත් ඉන්නවද...නෑනෙ...එහෙව් එකේ මොන මගුලටද මල බත් ...
නිතේශයා .....
මන් කලුවට කලුවෙ කලු පොරවගන කලු කුමාරයා වගෙ මහ පාන්දර එලියට බැස්සා ...මම කාර් එක ගාවට එනවා එක්කම ඩියෝන් වගේම ශෙනෝන් ආවා.....
පරිස්සමින් ගිහින් ආයම වරෙන්...නෑවිදින් ඉන්න කියල නෙවෙ කියන්නෙ...මේ පාර උඹ අනිවාර්යයෙන්ම එන්න ඕනා....උඹ උඹේ විතේන් වෙනුවෙන් ආයම එන්න ඕනා....අවසිහියෙන් උනත් ...උඹෙන් උන දේවල් වලට උඹ අනිවාර්යයෙන්ම වැදලා හරි සමාව ගන්න එන්න ඕනා.....මේ පාලු බිල්ඩිම...ආයම හිනා සද්දෙන් පුරවන්න...උඹ එන්නම ඕනා නිතේශ්.....
මං අනිවාර්යයෙන්ම එනවා...මං....අනිවාර්යයෙන්ම එනවා බන්....අවසිහියෙන් උනත්....වෙච්ච වැරද්දට ....වැදලා හරි සමාව ගන්න..අන් අනිවාර්යයෙන්ම එනවා....මං එනකන් ඉදින්....කලින්...වගේ මං එනකොට මේ හැමදේම හිස් කරලා තියන්න එපා බන්.....
උන් මගෙන් පොරොන්දු ගත්තා ....ආයම එනවා කියලා මගෙන් පොරොන්දු ගත්තා ....ඒ වගේම මමත් ආයම එනවා කියලා උන්ට පොරොන්දු උනා ..මං එන්නම ඕන...මං අනිවාර්යයෙන්ම එන්න ඕනා.....මම කාර් එකට නැග්ගා.....මගෙ තනියට උන්නෙ කලු පාට අහස වගේම පාරෙ තිබුන කහපාට ලාම්පු විතරක් වෙනකොට දවල් වෙලාවට හුස්මක් කටක් ගන්න ඉඩක් නැති මහ පාර වෙනුවට පාලුවට ගිය පාරේ මම සෙංකඩගල ආදර කතාව මරලා දාපු පව්කාරයන්ගෙ මිනිවල කපන්න මම එන්න ආවා.....
"තේශී ..." උඹ කවදද රත්තරන් මට ආයම ඒ නම කියල කතා කරන්න මගෙ ගාවට එන්නෙ....උඹගෙ සුවද පවා මට දැන් කල්පයක් තරම් ඈතයි මගෙ විතේන් ....
මෙච්චර කාලයක් මෙලෝම මතකයක් නැතුව දුක් විදපු මම අනිත් පාර අමතක වෙලා ගියපු මතක ආයම වලලපු තැන් වලින් ගොඩ අරන් හූල්ලන්න ගත්තා ....
එයාගෙයි කියන්න දැන් මං ගාව ඉතිරි වෙලා තිබුනෙ ඵොටෝ එකක් විතරක්ම වෙනකොට මම මට ඉතුරු එයාගෙ අල්ලන්නවත් බැරි හිනාව ඵෝන් එකෙන් බලන් හීල්ලුවා .....
තනිකම මාව එන්න එන්නම පිස්සෙක් කරයි කියන බයටම මම රේඩියෝ එක දානකොට අහම්බෙන් වැඩ කරන චැනල් එකක් අහු උනා...කරුමෙ කොයි තරම්ද කියනවා නම්....මහ රෑත් ඇහැරන් හූල්ලන්නෙ විරහව විදින උන් කියල දන්න නිසාමද කොහෙද උන්ගෙ ඇස් වලට කදුලු ගේන්න ලතා මංගේශ්කාර් lag jaa gale කියන ගමන් ඉන්නකොට මම එයාගෙ ඵොටෝ එක මගෙ පපුවට තද කරගත්තා ..මොකද ඒ සිංදුව එක්ක මතක හරි බර හින්දා...

ඉස්සර හිතුන වෙලේකට තුරුල් කර ගන්න පුලුවන් උඹව අද මට ඵොටෝ එකකට විතරක් සීමා වෙලා මගෙ මැනිකෙ...
උඹ ඔන්න තැනක් දන්නෙ නෑ...දන්න කෙනෙක් නෑ....උඹගෙයි කියන්න ඉතිරි හැම දේම මගෙන් අද දුරයි මගෙ විතේන් .....උඹ උඹේ කියන දූවිලි තුඩ පවා අතුගාගන යන්න ගිහින් මගෙ මැනිකෙ ....
මම තනීයම කියෙව්වා. .වෙලාවකට තනීයම කෑ ගහල ඇඩුවා අදත් වැව රවුම පහු වෙනකොට පුරුද්දට වැව රවුන දිහා බැලෙනකොට එයයි මායි වරු ගනන් බලන් ඉදන් උන්න සිමෙන්ති බන්කුව අද පාලුවට ගිහින් තිබුනා.....
වලාකුලු බැම්මට හේත්තු වෙලා වරු ගනන් හිනාඋන හැටි...හැම දේම අද මතක විතරක් වෙලා.....
මං ඇස් පිල්ලමක් වත් නොගහා පාලුවට ගියපු සිමෙන්ති බංකුව දිහා බලන් උන්නා....මතක උදුරන් වේදනාව විතරක් ඉතිරි කරන් උන්න වැව රවුම දිහා බලන් උන්නා.....
දන්නවද මැනිකෙ....ආදරේ මහ හුගක්ම දැනුනෙ ..උඹ එක්ක උන්නත්...උඹ නැති තැන්වල....
උඹව මට වැඩි පුරම දැනුනෙ..උඹේ අතට පැටලෙන මගෙ අත පාලුවට ගියපු තැන්වල....
උඹ නැතුව මැරෙන්නම හිතුනෙ....උබව තුරුල් කරන් නිදියපු ඇදේ උඹ වෙනුවට හිස්තැනක් ඉතිරි වෙලා කොට්ටෙ පෙගෙනකන් කදුලු හලපු තැන්වල....
ජීවිතේ ලස්සනම තත්පර ගෙවුනෙ උඹ ළඟ....පිපුන රොබොරෝසියා මල් තවමත් සුවද ගහනවා ඇති....ඒත්...උඹ නැති තැන මට ගද සුවද දැනෙයිද .....
අවසානෙදි සිද්ද උනේ මට මගෙම උන් මග,ඇරුම එක මගෙ විතේන් ....
මැනිකා ඉන්නවා ....රන්මලියත් ඉන්නවා ....අඔපච්චිත් ඉන්නවා ....ඒත්...ඒ හැමෝම ඉන්නවා....උඹ නැතුව ....උන් මගෙ හයියට ඉන්නවා ....ඒත් උඹ නැතුව ....
කමක් නෑ මගෙ විතේන් ....උඹ මේ ලෝකෙ කොහේ උන්නත් මං එනකන් ප්‍රවේසමෙන් ඉදපන් .....මං දැකපු නරක හීන කවදාවත් යතාර්තයක් නම් කරන්න එපා එහෙම උනෝතින් ...මාව මැරිලම යයි විතේන් ..මන් දරාගත්තා....පිස්සෙක් උනා....අවසානෙදි ....උඹත් නැති වෙලා උන්නොත් මං හිතන්නෙ ..එදයින් පස්සෙ මං ජීවත් වෙන එකක් නෑ මගෙ විතේන් ..
මට උඹෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි...මං එනකන් පරිස්සමින් ඉන්න පුලුවන් නේද කියලා විතරමයි මගෙ විතේන් .....ඒ ඇරෙන්න මට උඹෙන් අහන්න දෙයක් නෑ.....
මං එහෙම්ම ඈතින් පේන දලදාව දිහා බැලුවා ...තව හෝරා ගානකින්....ආයමත් තේවාව ඇහේවි...කිරි ආහර පූජා කරාවි.
..
දලදා හාමුදුරුවනෙ .....උන් මැරුවෙ කාටත් කරදරයක් නොකර පාඩුවෙ ගලාගන ගියපු මගෙ ආදරේ ..උන් උදුර ගත්තෙ ....අහිංසක ජීවිත...කප්පම්මක් නෙවෙ....ඒත්...මුලු වලව් ඉඩමම දලදාවට කහටක් නැතුවම ලියන්නම් ...අනේ හාමුදුරුවනෙ මගෙ වාඩුව මට ගන්න දෙන්න...එච්චරයි මං ඉල්ලන්නෙ....
මං පපුව පිරෙන්න ලොකුම ලොකු හුස්ම අරගත්තා ....
මට මැනිකව මතක් උනා ...ඒකි රන්මලියා වෙනුවෙන් ඉඩම දලදාවට පූජා කරන්න කිව්වා ...ඒකි මට හයියට ඉන්නවා...ඒකම මට ලොකු සහනයක් ....
මැනිකා...මං උඹේ කෙලී වෙනුවෙන් සාදාරනයක් කරනවා මැනිකා...උඹ මාව..මගෙ අප්පච්චිව ගොඩගත්තු පිනම ඇති උඹට ඊලග ආත්මෙ දුකක් නැතුව ජීවත් වෙන්න.....
උඹට පින් මැනිකා....ගහන උදලු පාරක් ගානෙම උඹට පින්...
කීවෙ වචනෙට නෙමෙයි හින්දා
ඔන්න කරලම පෙන්නුවා
ගෙවෙන්නට කලින් ගොම්මන
මහ එකී ඇදටම වැට්ටුවා
ඉක්මනින් මියැදේවි ඒකි ,විදවන්න
එකීට මැතිරුවා
සුදු මහත්තයා ඉතිං උඹ දැන්
කපාපන් වල උන් දිවුරුවා
එක දෙයක් මට කරලා දීපන්
හිලව්වට ගිනි නිවු නිසා
මගෙ එකි හිත හදාගන නෑ
ඒකි මැරුනෙ උන් නිසා
තෙප්පම නෑ ඉතිං වැව මත ඈ
එයින් මරු දැකි නිසා
ඉතින් දාපන් යලිත් තෙප්පම
උඹ ඈට ණය ඇති නිසා...
මතකෙ ආ වග හංගගන ඉද
බලාපන් උන් විදවනවා
උඹට දුන් දුක දහස් ගුණයෙන්
විදවන්න
මං මතුරනවා...ගොළුව මුව
හැකිලි ඇඟ වනව
වත පණුවො ගස්සනවා
ඉතිං මන් තව එක දෙයක් රන් මලී
වෙත ඉල්ලනවා
පවෙන් වැජඹෙන වලව්වම උඹ
බිමට සමතලා කරපන්
දකින්නට එය මහ එකා හට
ඉස්සරහින් ගෙනට්ග් තියපන්
හිස් වෙච්ච පසු වලව් වත්තම
පිනට දළදාවටම පුදපන්
එයින් ලැබෙනා කුසල් බලයෙන්
මගෙ එකී හට නිවන පතපන්....
(මැනිකගෙන් නිතේශ්ට.....නෙතූ අමන්දා ඔයාට ස්තූතියි ගොඩාක් මේ වචන වලට❤️😘)
සස්....සස්.....සස්...
ලා වැහිපොද මැද .....කනා මැදිරි එලියක් හා සමාන කහ පාට ලාම්පු එලියෙන් මම අඩි හයක් පහලට කොටන්න ගත්තා ....
ඇදන් උන්න ටීශර්ට් එක ගලවලා දාපු මම ඒකම ඔලුවට ගැට ගහගන්නකොට මං බලාගන සොහොන් කොතක් උඩ ඉදන් උන්න රන් මලියා සින්දුවක් මුමුනනවා...
මහෝගනි ගස් එකට එක පූට්ටු වෙනකොට දත කට පවා හිරි වැටිලා යද්දි කාටත් නොකියම ආව මම වලව්ව ඇතුලට වත් පය නොගහා අමනුස්ස විමානෙ අස්සෙ මිනිවල හාරන්න ගත්තා .....
සස්.....සස්.....සස්....සස්....
පොලවට ගහන උදලු පාරක් ගානෙම මං බලාගන අරකි සොහොන් කොත උඩ නැගගන හිනා වෙනවා....තව හයියෙන්...තව හයියෙන් බේබි හාමු ගගා කියවනකොට ඒකිගෙ මූන එක එක වෙලාවට එක එක වේසෙට පෙරලෙනකොට ඈතින් ඇහෙන උලලේනියන්ගෙ සද්දෙ එක්ක සමහරක් වෙලාවට සර්වාංගෙම වෙව්ලලා යන්න තරම් බය දැනෙනකොට මම හිතින් ඉතිපිසෝව මුමුන මුමුන උදලු පාර ගහගනකොට අරකි පොලවට අඩි නොගහා එහා මෙහා ඇවිද ඇවිද සිංදු කිව්වා ....
බේබි හාමු.....
ම්ම්ම්ම්...
උඹලා බයටද වෙව්ලන්නෙ...
ම්ම්ම්ම්.....
ඇයි...මං ඉන්නවනෙ....
ඒ හින්දා තමයි බය.....
ආ...අරමොකද.....
උඹ මැරිලා මදිවට ගිරියෙන් සිංදු කියනකොට මල උන්ට වත් අහන් ඉන්න බැරුව උන් වලවල් වලින් නැගිටියි කියලා ....
මුලින් මුලින් පොලවෙ ඉදන් වල කොටපු මම පස්සෙ පස්සෙ වල ඇතුලට බැහැලා වල කපන්න ගත්තා ....අලුත් උදලු මිට හින්ද අත්වලට කර ගැටදානකොට මම අත් දෙකට පිම්බා....අරකි වලෙ ගැට්ටෙ ඉදන් කකුල් පද්දවනකොට මම ඒකි දිහා ආයම බිම බලාගත්තා ...
උඹට ඔය කකුල් පද්දවන්නෙ නැතුව ඉන්නම බැරිද.....
ඇයි.....
ඇයි අහන්නෙ... උඹ ලමිස්සියෙක් නේද ආ...??මං මෙතන ඉන්නකොට ඕක පද්දන්නෙ.. ඇරත්....උඹ තවම බොඩියක් නොදා පද්ද පද්ද යනවා...වනචර කෙල්ල...උඹට කොච්චර කිව්වත් අහන් නෑ....හහන්ඩ හිතෙනවා පුක පුපුරන්ඩ
මම බොඩිය නොදා ඉද්දිනෙ හාමු මැරුනෙ...
මම ගහපු උදලු පාර ඔහොම්ම නැවැත්තුවා ...නවත්තලා ඒකි දිහා බැලුවා.....
මට....උඹ නෑ කියන එක....මතක නැති වෙන්නෙ ඇයි රන්මලී .....
මතක නැති කම නෙවෙ....බේබි...හාමු.....උඹලගෙ හිත මම මැරිලා නෑ කියලා පිලිගන්නෙ නෑ...ඒකයි....
මං කෙල්ල දිහා බලන් උන්නා ..ඒකි කියවනවා ..අඩි පහක් විතර යට උන්න මම ඒකි කියන දේ අහන් උන්නා...ඇත්ත ...මට බෑ ඒකි මැරිලයි කියලා පිලිගන්න...
මං ජීවත් වෙලා උන්නා නම්....ආයම මටයි බේබි හාමුටයි අලුව වල අස්කොන් ගිලින්ඩ තිබුනා.....එදා බේබි හාමු හදපු තේ එකෙ රස....මට තාම මතකයි.....ඒ අතින් සිරියාවන්ත මහත්තයා හරී වාසනාවන්තයි ...ඇයි ඉතින්....බේබි හාමුට කුසියෙ වැඩපොල බැරිකමක් නෑනෙ
සිරියාවන්ත හාමු නෙවෙ ඒකා යකෙක්...
අනෙ පව් අප්පා.....ඒ උනාට මාත් හිතන් උන්නෙ ලොකු උනහම බේබි හාමු වගෙ හරි....සිරියාවන්ත මහත්තයා වගෙ මහත්තයෙක් හරි කසාද බැදලා මේ අපායෙන් ගැලවෙන්න...කොහෙද ඉතින්.....සමහර විට මට පින නැතිව ඇති හාමු.....
මට තව දුරටත් වල කපන්න බැහැයි කියලා හිතුනා ...කාටත් හොරෙන් වලව්වෙන් ගෙනාව සවල වගේම කඩන් වැටෙන්න ඔන්න මෙන්න තිබුන ඉනිමග දිහා බලපු මං කෙල්ල දිහා බැලුවා ....
තව අඩියක් මොකටද මේ ඇති රන්මලී ....මට මේ මිනිවල කපනවට,වඩා අමාරුයි ...උඹෙ ඔය වචන අහන් ඉන්න එක....එක පැත්තකින් ..මට ඌ නැ....අනිත් පැත්තෙන් උඹ නෑ....මටයි කියලා මේ වලව්වෙන් ඉතුරු කෙරුවෙ දුක විතරයි රන්මලී...
උන් දක්ශයි...මල් වල පෙති තලන්න...සමනල තටු ...පොඩි කරන්න.....හොදට ඉන්න මිනිස්සුන්ව හැම පැත්තෙම්ම මරා ගන්න...මට පාලුයි...මට වේදනයි.....මට තනියි .....මෙච්චර දෙයක් කෙරුවෙ මගෙ අම්මා කියන තිත්ත ඇත්ත .....මං දන්නෙ නෑ බන්....මෙච්චර දේවල් වෙලත්...මං නොමැරි ඉන්නෙ කොහොමද කියලා .....
හැම දේම ඉක්මනට විසදේවි හාමු....මේ කාරිය අහවර එකේ....වැවට තෙප්පම දාපන් හාමු.....තව අඩහෝරාවකින් ....ඉර නගීවි...යක්කු ගස් නගින්ඩ කලියෙන්....මං ඔය වලව්වෙන් එකෙක්ව ගන්නවා හාමු....
කාවද .....
කාගෙ පැත්තට ඊතලේ කැරකෙයිද කියන්න උඹ නොදැන උන්නට කමක් නෑ.....පුලුවන් නම්....සුදු මැනිකෙගෙ...දොරෙ මලකඩ කාපු සරනේරුවලට තෙල් ඩිංගක් දාපන්....
මං රන්මලියගෙ මූන දිහා බලන් උන්නා...ඒකි දරදඩු කමට කියවනකොට ඉනිමග දිගේ ආව මම පහල වැවට ගියා ...
සීවරන් දෙයියනේ...සුදු මහත්තයා ...අනේ..උඹ කොයි වෙලේද ආවෙ පුතේ....
වැවට තෙප්පමක් දාපු මම මොකුත් නොදන්න ගානට.....මොකුත්ම මතක නැති ගානට ගෙට ඇතුල් වෙනකොට අම්මා කොන්දත් කුදු කරන් වතුර බෙසමක් උස්සන් නොන්ඩි ගගහා අත්තම්මගෙ කාමරේට යනවා....
ඔය මොකද අම්මා ඔය.....
අත්තම්මගෙ ඇග පිහින්ඩ . ...අර ගෑනි ආව දා ඉදන් වගතුවක් නෑ මට නම් තේරෙන්නෙ නෑ දෙයියනේ.....බුදිම තමයි....උදේ ඉදන් බුදි....ඒකිට එන්ඩ කිවේ සාත්තු කරන්ඩ ....දැන් මට වෙලා තියෙන්නෙ ඒකිට සාත්තු කරන්ඩ.....ඒකි කොටට කොටේ ජවුසන් ඇදුම් ඇදන් යනවා...එන්නෙ මහ පාන්දර ඔය හැටි බුදියන්නෙ ඕකිට දරු පැටියෙක් වත් හම්බෙන්ඩ වත්ද සුදු මහත්තයා ඔ
කොහෙ....අහසින් පාත් වෙලාද...ඒකිට ළමයි හදන්ඩ මන් ඕකි එක්ක බුදියෑවෙ නෑ....ඇරත් ඕකිට වටෙ ගිහින් ආවම ඇහැරන් ඉන්ඩ පන ණෑ....
සීවරන් දෙයියනේ...මේ වේසාවියක් ගෙට අරගන....මිනිස්සු ගල් ගහයි යකො.....
කෝ ඕක මෙහාට දෙන්ඩ මං අරන් යන්නම්....
අම්මා නාද්‍යට දිගට හරහට බනිනවා...මගෙ විතේ කියපු වේසා පශම අද නාද්‍යට කියනකොට මම හිත යටින් හිනා වෙවෙ වතුර එක උස්සන් අත්තම්මලා ගෙ කාමරේට යනකොට අත්තම්ම ඉන්නවා...මගෙ ඇස් දෙක ලොකු උනා....මොල්ලිගොඩ මැනිකෙ ඉන්නවා .....හැබැයි එතන උන්නෙ මොල්ලිගොඩ මැනිකෙ නම් නෙවෙ...අමුම අමු මලකුනක් .....මටම වමනෙට වගේ ආවා ...ඇතුල් වෙනකොටම කාමරේන් ආව සැරව ගද එක්ක මං නහය අකුක ගත්තා
අම්මා.....මේ ඇයි අම්මා...
දෙයියොම තමා දන්නෙ සුදු මහත්තයා ...ඉස්පිරිතාලෙ ඉදලා ආව දා ඉදන් කහනවා කහනවා ඉවරයක් නෑ...බෙහෙත් අගුන වෙලාදෝ මන්දා ...කහ වතුරෙන් උදේ හවා හෝදනවා ඒත් අඩුවක් නෑ නිතේශ් .... බෙහෙත් ගානවා....ඒත් ආඩුවක් නෑ.....සැරව ගලනවා කොයි වෙලෙත්.....
වෙලාවකට මගෙ ඔලුව පුපුරන්ඩ වගේ....ඇගම ගිනි ගන්නවා වගේ ....එහෙන් මට කකුල් කැක්කුම ....
.....
මං අත්තම්මා ගාවට ගියා...මොල්ලිගොඩ මැනිකෙ තනිකරම කුනු ගොඩක් වගේ වෙලා....කසලා කසලා ඇගපුරාම සැරව බිබිලි දාලා තිබුනා වගේම උකුල් ඇටේ කැඩිලා හින්දා එකම පැත්තට ඉදලා ඒ පැත්තෙත් වනයක් ඇවිත් ...අම්මා කියනවා අත්තම්මගෙ තුවාල වලට කොච්චර බෙහෙත් දැම්මත් ඉවරයක් නෑලු....ඉතින් ඇත්තනෙ....අත්තම්මගෙ ඇගට පෙරේතයෙක් බන්දලනෙ ..ඌ ජීවත් වෙන්නෙ අත්තම්මගෙ තුවාල වල.....ඒ වලින් ගලන සැරව...ලේ....වලින්...
අත්තම්මා.....
මම අත්තම්ම ගාවට නැවිලා අත්තම්මා ගානකොට ගෑනිට කතා කරගන්න්ඩත් බෑ.....උගුර කට වේලිලා ගිහින් ....ඒ ඇස් යට කලු වෙලා.....ඇස් ගෙඩි බොර පාට වෙලා...ළඟින් එන පෙරේත කුයිලේ එක්ක මම අතතම්මගෙ සර්වාංගෙම දිහා බලනකොට මං දැක්කා පුපුරලා ගියපු බිබිලක් උඩ නිලමැස්සෙක් වහනවා....ඒ කියන්නෙ.....තුවාල වල පනුවො ගහයි....මගෙ විතේන් විදෙව්වෙ කොහොමද ඒ වගේම විදවයි...
අනි....තා.....අනී.....තා....හ්....
ඇයි අම්මා...ඇයි...
කැහ් ..කැහ් ...දැවිල්....ලයි....දැව්.....ල්...ලයි...හෝදපන්....කැහ් ..කැහ් .....හෝදප ...න්...අනීතා....කැහ්.....
මම අත්තම්මගෙ තුවාල දිහා බලන් ඉන්නකොට එයා නියපොතු හැලුන ...සමහරක් නියපොතු නරක් උන...නිය පිරිත්තාවට ඇවිත් ඉදිමුන අත් වලින් ඔලුව කසන්න ගත්තා ...කස කස ඇඹරෙන්න ගත්තා .... දැවිල්ලයි....දැවිල්ලයි ගගා කෑ ගහනකොට මං බලාගන දගලන වාරයක් ගානෙම අර ඇගේ තියන තුවාල පෑරෙනව....ඔලුව කස කස කෑ ගහන වාරයක් ගානෙම හොරි දාපු ඔලුවෙන් ඉස,කෙස් ගුලි ගුලි ගැලවෙනවා.....
මං අඩියක් පස්සට ගියා .... මට දැනුන අප්‍රසන්න කම වචන වලට විස්තර කරන්න බැරි වෙනකොට මන් පස්සට ගියා වගේම දැවිල්ලයි දැවිල්ලයි ගාන අත්තම්මව නොන්ඩි කොට ආව අම්මා ආන් බාන් කෙරුවා වගේම ලතෝනි ගැහුවා ....
මගෙ....දෙයියනේ ....අනේ....සුදු මහත්තයා ...
ඇයි අම්මා...
කාමරෙන් යන්න ආව මං මොකුත්ම දන්නෙ නෑ වගේ හැරිලා බැලුවා ...එකම අතට ඉදලදම කොහෙද තුවාල දාලා...තුවාල දාලා පිටේ වම් පැත්තෙ තුවාලයක් වලක් වෙලා.....පිට ගන්ඩ දෙයක් නෑ...පිට පුරාවටම හිල්...ඕජස් වැක්කෙරෙන හිල්.....තව දවසක් දෙකක් ගියෝතින් පනුවො ගහනවා .....ඒත්....මැනිකගෙ ලිස්ට් එකේ හැටියට .....අත්තමයි ලිස්ට් එකේ අවසානෙටම ඉන්නෙ .....ඒ තරම් විදවික්මක් අත්තම්මට තියෙන්නෙ....
අනෙ නිතේශ් ....පුතේ...අයියෝ...වතුර බේසමකට ඩෙටෝල් ටිකක් දාන් වරෙන්...කුසියයට යනකොට බලාගන යමන් පොඩී ඉන්නවා...ඒකියෙ කකුල් දම් වැල් දාලා ගැට ගහලා තියෙන්නෙ...ඒකි අමු හෙලුවෙ ඉබා ගාතෙ දුවනවා....ඒකිගෙ අම්මා පිස්සු කියෝනවා....මට තේරෙන්නෙ නෑ දෙයියනේ....මට තේරෙන්නෙ නෑ....නාද්‍යා....නාද්‍යා ....මෙහාට වරෙන් ගෑනියෙ බුදිය බුදිය ඉන්නෙ...නාද්‍යා ...තොට කන් ඇහෙන් නැද්ද ...
දැවිල්ලයි...දැ....විල්ල...යි...දැවිල්....ලායි ....අනී.....තා....හ් ..අයි .....යෝ.....අයි...යෝහ්....
හරි...අම්මෙ හරි....අනේ නිතේශ් ඉක්මන් කරහන්කො.....
අම්මා කොර ගගහා අමාරුවෙන් එහා මෙහා යන ගමන් මට ඩෙටෝල් වතුර බේසමක් ගේන්න කිව්වා වගේම කුසියට යන්කොට පොඩී ඇති බලාගන යන්න කිව්වා.....ඒකිව දම්වැල් දාල ගැට ගහලලු.....ඉබාගාතෙ යනවලු.....ලොකු අම්මා පිස්සු කියවනවලු.....ඒ ඔක්කොමත් අස්සෙ අත්තම්මා දැවිල්ලයි ගගා මරලතෝනි ගහන කොට මං ඒ පෙරේත කුයිලෙ ගහන කාමරෙන් එලියට ඇවිත් ඉක්මන් අඩි තිය තිය මැද මිදුල පහු කරන් කුසියට යනකොට කුසියෙ පිලිකන්නෙ විකාර කියවන වගේම දම් වැල් සද්දයක් එක්ක මම බෙල්ල දාලා බැලුවා...
පොඩී.....
මට කෑ ගැස්සුනා.....ඒ උන්නෙ පොඩි...ඇදන් උන්න ඇදුම් ඉරාගන...කොන්ඩ කඩාගන සෙවල පෙරාගන උන්න පොඩීගෙ කකුල් දෙකටම බල්ලො දාන දම් වැල් දාන් උන්න ඒකිගෙ කකුල් වල වලලු කර දම්වැලට කැපිලා කැපිලා රතුම රතු වෙල තිබ්බා .....පොඩීගෙත් කකුල් පුරාවටම අත්ට්ගම්මා වගේ තුවාල දාලා තිබුනා ...මන් ඒකි දිහා බලන් උන්නා.... ඒකි මාව දැක්කා.....නාවර වලින් වැහුන මුනෙ හිනාවක් මතු වෙනකොට මාව දැකලා දුවගන එන්න හදනවා එක්කම ඒකිව දම් වැල් හින්දා බිම වැටෙද්දි මම ඒකිගෙ ලගට ගියා ....
නිකිනි...
මං කතා කෙරුවා ...ඒකි ඒකිවම හපාගන...ඒකිවම තුවාල කරගන....මම ඒකිට කතා කෙරුවා විතරයි ඒකි නැගිටලා මා දිහා බලාගන් අත් දෙකෙම්ම ඔලුව කහ කහ මා එක්ක හිනා උනා....
මම තව අඩියක් ඉස්සරහට ගියා විතරයි පොඩී අත් දෙක්ම්ම මුන වහන් එපා එපා ගාලා.....ඒ ටිකකිම්ම ආයම එන්ඩ එන්ඩ ගගා විකාර කියවන්න ගත්ත.....
එපා...එපා....එපා....මේ.....තව....එපා...
අර....එන්ඩ...එන්ඩ....දොයි....දොයි.....
අනේ...මහත්තයා...එන්ඩ....එන්ඩකො...
මහත්තයා....එන්ඩ අපි මල් කඩන්ඩ යමු.....ඔව්....රෝස....පාට...මල්..හුගක්...තියනවා....
ම්ම්ම්.....ඇත්තට...කොහෙද ...මල් තියෙන්නෙ...
...ම්ම්....ආ.....ම....ල්....ගොඩක්...තියනවා....ගොඩ්ක්....තියනවා....
උඹට මල් ඕනෙද....රෝස පාට මල්....ඕනෙද.....
ඕනා....ඕනා...අනේ....අනේ....ඕනා....මට යන්ඩ දියන්.....යන්ඩ දියාන්....
මම කිලුටු පෙරාගන ඒකිටම තුවාල කරන් උන්න නිකිනි දිහා බලාගන ඒකිගෙ කකුල් දිහ බැලුවා....ඒකි රෝස පාට මල් මල් ගගා දම් වැල් කඩන්න දුවන්න යන්න හදනකොට මන් ඒකිගෙන් රෝස පාට මල් ඕනෙද ඇහුවා විතරයි ඒකිගෙ ආවේසෙ තවත් වැඩිවෙලා කකුල් කඩාගන්න හදනකොට මන් වට පිට බලලා දම් වැල් දෙක ලෙස්සා .....
දැන් පලයන් උඹට මදී නොකියන්න රෝස පාට මල් පිපිලා තියනවා ...ගිහින්...ඇති....තරම් කඩාගනින්.....
මන් ඒකිව ලෙහලා දැන් පලයන් කිව්වා...ඇදිවත පවා ගැලවි ගැලවි වැටෙනකොට ඒකි දම් වැල් දාලා තුවාල උන කකුල් වලින් කොර ගගහා රන්මලීලාගෙ ගෙවල් පල්ලැහට දුවනකොට අද කපපු මිනිවල කාගෙද ඊලගට ඉන්නෙ මොකාද කියලා අමුතුවෙන් කියන්න ඕනා වෙන් නැති කොට මන් ඩෙටෝල් බෝතලයක් හොයන්න කලින් සුදු අක්කගෙ කාමරෙ වහලා දාපු දොරවල් වල තද උන සරනේරු වලට තෙල් වක්කරන්න ලෑස්ති උනා.....
ජැක්කනේ.....😒😒😒
ආය හෙච එන්නාම් ....
පයිස්සමින් ඉන්ඩෝ...
මම
Ferdeesha ❤️💚😘 ...