මං එන්න ආවා....වැහි කුඩු පොත මැදම ඇදන් උන්න සරමත් කොනකින් උස්සන් වලව්ව වත්තෙන් පැනලා පහල ගුරුපාර දිගේ කැරකොප්පුව දිහා බලාගන මන් එන්න ආවා ..
ටාං.....ටාං....ටාං...
වැස්ස කියලා නෑ....හෙන ගහනවා කියල නෑ...කම්මලෙ මනුස්සයා දැලි පාට ගැහුන සරම කැහැපට ගහගන මයින හම ඇද ඇද ගිනි පිඹ පිඹ යකඩ තලේකට ගහනවා ...
මඩ වෙච්ච අඩි පාරෙ මඩවලවල් උඩින් පැන පැන ගියපු මං එක මඩවලක තිබුන ගෙඹි බිත්තර දිහා බැලුවා ...තව ටික දවසකින් ඔතනින් ඉස්ගෙඩි බෝවෙයි .....නොදන්න ළමයි නොතේරුම් කමට මාලු පැටව් කියලා රැවටිලා ඉස්ගෙඩි අල්ලන් යාවි....හරියටම මං දැන් නොතේරුම් කමට රැවටිලා ඉන්නවා හා සමානවම ...
මාමෙ....
මං කම්මල ඇතුලටම ගියා...කම්මලේ මනුස්සයා අත් දෙකෙම්ම මනිහම අදිනවා..මනුස්සයා අත් දෙක ඉහලට උස්සන වතාවක් ගානෙම දෙපැත්තෙ තිබුන ඉල ඇට වල ඇට එකයි දෙකයි කියලා ගනින්න පුලුවන් තරමට කේ ඩෑරි වෙලා ගිහින් උන්නා....
මයින හමේ එල්ලිලා උන්න මනුස්සයා මං මාමෙ කියනකොටම හැරිලා බැලුවා ...ඒ මූනෙ බයාදු හිනාවක් මතු උනා...කිලිටි අත් දෙක සරමෙන් පිහිදගන සීයා තාත්තව දැක්කම දෙකට නැවෙනවා වගෙ නැවෙන්ඩ හදනකොට මං මනුස්සයව නැවැත්තුවා ....
.
බේබි හාමු ....මේ වැහි පෝරුවෙ .
උදැල්ලක් හදාගන්ඩ....
හදිස්සිද ...අපෙ හාමු.....
උඹ හදන්ට ඕන් නෑ...මං හදා ගන්නම්...
අනේ හාමු....ඔය අත්වලට බැරිවේවි පදම් කොර කොර යකඩ තලන්ට....
බැරි උන හෝ නැතා...මං මේක අද හදන්ඩම ඕනේ....මට දියන් ආම්ප්නන ...
මං කම්මල් කාරයගෙන් ආම්පන්න ඉල්ලන ගමන් එතන තිබුන ආන්පන්න අල්ලලා බැලුවා ....යකඩ තලන මිටිය....යකඩ අල්ලන අනුව....ගල් අගුරු.....වතුර බේසම....මේ ඔක්කෝම එක්ක මං ඒ හැම දේම අත ගෑවා ...
බේබී හාමු.....මේන්...මගෙ...නම් මනාපයක් නෑ හාමු.....මොල්ලිගොඩ මහ හාමු දැක්කොතින්....අහිංසක මගෙ දරු පවුල බඩගින්නෙ...මාව අච්චු කොරාවි...
එහෙම වෙන් නෑ....බය නොවී ඉදපන්...
මං උදැල්ලක් හදන්ඩ ගන්න යකඩ පෙත්ත අඩුවෙන් අල්ලන් ඇවිලෙන ගල් අගුරු ගොඩට දාලා මයින හම අදින්ඩ ගත්තා ....
මයින හමෙන් එන හුලන් පාරත් එක්ක පුපුරු ගහන අගුරු කෑලි රතුම රතු පාටට දිලිසෙනකොට මං අර කෙල්ල කිව්ව විදිහටම ඇවිලෙන ගිනි පුපුරක් ගානෙම ප්රාර්තනා කෙරුවෙ එක දෙයයි....මගෙ ඇග දැවිල්ල ඇල්ලුවෙ කොයි වගේමද...ඒ හා සමානවම වින කරපු උන්ව ඇවිලියන් කියලා ...මට අමතක එයාව ගිනි ගත්තෙ කොහොමද ඒ හා සමානවම උන් ඔක්කෝම ඇවිලියන් කියලා ...
නියං කාලෙ පිපුන මලක්ලු උන් පර කෙරුවෙ....නියං කාලෙ මං ගාවින් සුවද බෙදපු මලක්ලු උන් මගෙන් ඉදිරුවෙ ....මං වෙනුවෙන් සෙංකඩගල අහස හොලවපු .....නුවර වැව දෙබෑකරන් මාව හොයපු මලක්ලු උන් අකාලෙ මරලා දැම්මෙ...
වෙන්න ඇති ...වෙන්න ඇති....අනේ දෙයියනේ ඒ ඇස් දෙකේ තිබුන වේදනාව.....
ටාං.....ටාං.....ටාං...ටාං...
මම මට අමතක නියංකාලෙ මං වෙනුවෙ පිපුන මල ගැන හිත හිත රත් උන යකඩෙ තලන්න ගත්තා ...නුපුරු යකඩ මිටිය අත්වලට කරගැට දාන බව දැන දැන මම යකඩෙ තලන්න ගත්තා ...ඒකි කිව්වෙ රෑ එලිවෙනකන් හරි කමක් නෑ උදැල්ල හදපන් කියලා ....උන් පරසක්වල ගැහුවලු...කව්දෝ එකෙක් පර සක්වල ගැහුවලු මං ලව්වා මිනි වල කප්පනවා කියලා .....ඌ වේදනා වින්දලු.....මං වෙනුවෙන් ඉපදුන එකා ...මං වෙනුවෙන් මවපු එකා නොසෑහෙන්න වේදනා විදිනවලු...ඒ ඔක්කොම වලව්වෙ උන් හින්දලු .....
බේබී..හාමු.....ආයම ගින්දරට දාන්ඩ.....
මම හුස්මක් නොගෙනම යකඩෙ ගැහුවා...ටාං....ටාං ...ටාං....ගාන සද්දෙ කන් අඩි අස්සෙන් යනකොට මට කෙල්ල කියපු හැම දේම ආය ආයම මතක් වෙන්න ගත්තා...බඩ බොකුවල කොහොල්ලෑ ගුලිය වගේ උන් පොවපු වස තියනවලු....මතුර මතුර තැබිලි ගිල්ල ගිල්ල මගෙ මතකෙ ඔක්කොම හිර කෙරෙව්වලු...
මාමෙ....
මම මයින හම ඇද්දා....ගිනියම් උන අගුරු කෑලි වලින් ගිනි පුපුරු විසික් වෙනකොට මට රන්මලියා ගැන අහන්න ඕනා උනා.....මං දිහා අත් දෙක එකට එකතු කරගන මොල්ලිගොඩ වලව්වෙන් අච්චි කරයි කියලා බයේ ගැහෙනන මනුස්සයා දිහා එක පාරක් බෙල්ල හරවලා බලලලා ආයම අගුරු ගොඩ දිහා බලන් මයින හම අදින ගමන් කතා කෙරුවා .....
බේබි හාමු.....
අර වලව්ව පිටිපස්සෙ තියන කටු මැටු ගෙදර උන්න මැනිකව දන්නවනෙ...
අපෙ...මොකදැයි හාමු නොදන්නෙ. උන්දැලා වලව්වෙ වැඩ කරන උන්නෙ...ඇයි බේබි හාමු...මැනිකලා ආයම මෙහෙ එනවලුද ...අනේ...කෙලී මැරුනත් හරි ඒකි පිස්සියක් උනා...එතනා පිස්සියක් උනා බේබි හාමු.....පව්....ඒකිගෙ ඔරුව පෙරලුනානෙ....ඒකිගෙ වෙලාව...
මම ගිනි අගුරු දිහා බලන් ඉදලා යකඩ අඩුව ශාලා ආයම තලේ ගත්තා .....මං අහන්න හදපු හැම දේයක්ම කම්මල් කාරයා කියනකොට අර කෙල්ල කියන්නෙ බොරු නෙවෙ කියන්න...මට කෙල්ලගෙ වචන තව තව විශ්වාස කරන්න තව තව සාක්කි හම්බෙනකොට මම තව තව අතට හයිය අරන් යකඩේ තලන්න ගත්තා ..හිස් කබලෙන් මතු උන දාඩිය කොන්ඩ ගස් අස්සෙන් බේරිලා නලල දෙපැත්තෙන් පහලට වැටෙනකොට උන් රන් මලීව මරා ගත්තා කියපුවා මතක් උනා..නාද්යත් ඒකිගෙ මරනෙටත් වග කියන්න ඕනෙ එකියක්ය කිව්වා.....
ඒකි මගෙ බෙල්ලට එල්ලපු හූනියමක්ය කිව්වා...කොළඹ යන්න දගලන්නෙ ඒකිට ජවුසන් නටන්න කියලා කිව්වා...උන් මගෙ ජිවිතේ කෑවලු...මගෙ පවුල ඇවිලුවලු....මගෙ සතුට මගෙන් උදුර ගතතලු...
මං හුස්ම ගත්තෙ ඒ කොල්ලා හින්දලු....මේ හැම දේම මතක් වෙනදාඅ මට හුස්ම ඉහලට පහලට දාන්නවත් බරි වෙයි කිව්වා...
ටාං....ටාං.....ටාං.....ටං...
වතුරට දදා....ගිනි අගුරට දදා....මම යකඩ කෑල්ල පදම් වෙන්න තැලුවා ...පැයක් යන්නත් කලියෙන් මගෙ අත් වල කර ගැට දානකොට පැය දෙක තුන ගෙවිලා වට පිටාවම අන්දකාර වෙනකොට මූකලානෙ ගස් අස්සෙ ලැග්ග බස්සො සැරින් සැරේ අඩනකොට මගෙ අත් වල කර ගැට පුපුරලා ගිහින් දැවිල්ල ගත්තා ...
කම්මලෙ උන්දා දැන් අරක කරන්න..දැන් මේක කරන්න කියනකොට ඒ මනුස්සයා කියන කියන එක මම කෙරුවා...ඇදන් උන්න ටී ශර්ට් එක ඇගටම ඇලෙනකොට මම එක තත්පරයක් නවතින් නැතුවම යකඩෙ තල තල උදලු තලේට පන පොවන්න ගත්තා....
මගෙ ජීව්තේ උන් විනාශ කෙරුවා නම්...අනිවාර්යයෙන්ම උන් විදවන්න ඕනා...
කියන්නෙ මොනවද...කරන්නෙ මොනවද නොදැන උන් කියන කියන හැම දේම රූකඩයක් වගේ අහන තැනට මාව වට්ටපු උන් හැමෝම විදවන ඕනා....
මගේම උන් වෙලා මට අනවින කොඩිවින කරපු උන් හැමෝම විදවන්න ඕනා...අඩන ඇස් තිබුන කොල්ලට...මං වෙනුවෙන් නියං කාලෙත් උන්න කොල්ලට දීපු හැම වේදනාවක්ම උන් ගෙවන්න ඕනා....
මගෙ හැම මතකයක්ම මකල දාලා මාව ලෙඩෙක් කරපු උන් විදවන්න ඕනා...
මම දත් මිටි කාගනම යකඩෙ තලනකොට කම්මලේ පොල් අතු වහල උඩින් අඩාගන ගියපු කෑරලා මොකක් කිව්වද කියනන් නොදන්නව උනත් ඌ කියන් ගියෙත් මොකක් හරි හිත පාරවන කතාවක් වෙන්න ඇතියි කියලා මට හිතුනා....
මම ඔලුව උස්සළ බැලුවා....වට පිටාවම කට්ටම කලුවරයි....වෙලාව කීයද කියලා නොදන්නවා උනත් මං ඇවිත් දැන් පැය ගානක් ගිහින් කියලා මගෙ අත්වල කර ගැට කිව්වා .....
මගෙ අත් වේදනා දෙනවා....
ඒ උනත්...ඒ ඔක්කොටම වඩා උන් මගෙ හිත පැරුවා..බැහැයි කියලා...එපාමයි කොයලා පර සක්වල ගහපු ගෑනුයෙක්ව කරේ එල්ලන් මං අර කොල්ලගෙ හිත රිදෙව්වාලු කියන වචන මතක් වෙන වාරයක් ගානෙ මගෙ අත් වලට වඩා හිත කැක්කුම් කරන්න ගත්තලු....
නාද්යා ...උඹ නෙවෙ මගෙ ජීවිතේට ගලපෙනම එක්කෙනා...උඹ මගෙ ජීවිතෙම කන්න ආව ගෑනියක්ලු...
උඹලා මගෙන් උදුර ගත්තු ජීවිතෙ මං ආයම හොයා ගන්නවා...පිස්සෙක් උනත් කමක් නෑ..මරන මංචකේදි හරි කමක් නැ....මං උඹලගෙ පලිගන්නවා...මට මෙහෙම කරපු උන්ගෙන් පලි ගන්නවා...මං අනිවාර්යයෙන්ම ..පලිය..ගන්න...එක...
ගන්නවා....ගන්නවා..මයි.....
මගෙ හිත අස්සෙ කෙල්ලහෙ වචන වතුර යට ඔබපු රබර් බෝලයක් උඩට මතුවෙන්නා හා සමානව එහා මෙහා පාවෙනකොට මම අතේ අල්ලෙ පුපුරපු කර ගැට උඩින් තව කර ගැට දානකොට දාඩිය නාගන මම උදලු තලේ හැදුවා...
බේබී...හාමු...දැන්ම උදලු මිට හදනවයි.....මිටවල් නම් තියනවා..පීරි ගාන්ඩ ඕනා...ඒත් දැන් මහ රෑත් වෙන්ඩ එන්වා.....ඇරත්....තව සුනංගු උනෝතින්...ලොකු හාමු මෙතනට ඇවිත් පරල වෙයි බේබි හාමු....
මට දීපන්...මං ගෙදර අරන් ගිහින් හරි හදා ගන්නම්....කරන්ඩ ඕනම දේ කරලා ඉවරනෙ.....
මම කම්මල් කාරයා දිහා බැලුවා...ඒකා බය වෙලා...කතා කරන වාරයක් ගානෙම ගුරු පාරෙන් එබි එබි ඈත පේන වලව්ව දිහා බැලුවා....හරියටම දැන් මහ එකා එයි...දැන් මහ එකා එයි කියන්න වගේ...
පැය ගානක් ඔට්ටු වෙලා දාඩිය මුගුරු හලලා හදපු උදලු තලේ වගේම උදලු මිටට ගන්ඩ ඕන ලීය යත්ත පීරි ගාන ආම්පන්න මේ ඔක්කොම පෝර ගෝනියල දාගත්තු මම ආයම එන මග මහ වත්තෙ ලයිට් නැතුව කරුවලේ එන්ඩ වෙන හින්දා හුලු අත්තක් අවුල ගත්තා....කැර කොප්පුව අයිනෙන් පාර වැටිලා තිබුනත් මැරිච්ච මිනිස්සුන්ට වඩා ජීවත් වෙන උන් තමයි භයානකම කියන දේ වලව්ව්වෙ උන් උගන්නනකොට මන් හිතේ බයක් නැතුව හුලු අත්ත අවුලවන් කැරකොප්පුව පාර අයිනෙන් එනකොට මලකඩ කාපු යකඩ ගේට්ටුව " කිරීස්..."
ගාන සද්දෙත් එක්ක ලාවට ඇරුනා...
බේ..බි හාමු...
මගෙ සර්වාංගෙම සීතල වෙලා ගියා...කොච්චර බය නෑ බය නෑ ගෑවත්....කන් වලට පිටිපස්සෙන් ඇහුන කටහඩ එක්ක මම බය උනා...මගෙ සර්වාංගෙම රෝම කෙලින් උනා..මටත් නොදැනිම මගෙ කන් දෙක ලාවට එක දශමයක් විතර පස්සට උනා...
බේ බී...හාමු...මේ මං...
රන්මලී....
ඒ කටහඩ රන්මලියගෙ වෙනකොට මගෙ ඇගට කේ ටිකක් ඉනුවා...මොකද මෙලී කිව්වාමට කරදරයක් කරන් නෑයි කියලා.....උන් මට කරලා තිබුන දේවල් එක්කලා ගල් හිතක් වෙනුවට පොඩ්ඩ ඇත්නම් ගැස්සෙන හිතක් මට දීලා මාව දුර්වලයෙක් කරලා තිබුනා...හිටු කිව්වොත් හිටින තැනට උන් මාව නම්මන් තිබුනා....ඒත්...මොන හේතුවකට හරි...හොල්මනක් බව දන්නවා උනත් ඒකි මගෙ ගාව ඉන්නකොට මට හයියක් දැනුනා..හරියටම කඩා වැටෙන්න ඔන්න මෙන්න තියන අත්තකට මුක්කුවක් ගැහුවා වගේ...
බේබි හාමූ....උඹලා ඕක හැදුවයි...
ම්ම්ම්ම්....
ගෙදර ගිහින් අත පය කහ වතුරෙන් හෝදගනින් හාමු....
හා...
බය වෙන්ඩ කාරි නෑ...මං ඉන්නවා උඹ ගාව...උඹ හෙට උදෙම්ම පලයන් හාමු ගෑනි එක්ක.....ඒකිට ඕන ජවුසමක් නටන්ඩ දීපන්...දීලා...ඒකිගෙ එකින් එක වැරදි අල්ලන්ඩ පටන් ගනින්....බැටලු හම පොරවගත්තු කැනහිලී.....ඕකිට තලපන් අතේ හයිය පෙන්නඩ ඕකිට තලපන්...ඔය වගෙ උන්ට තැලුවයි කියලා උඹලට පව් සිද්ද වෙන්නෙ නෑ....වලව්වට රිංග රිංග....උඹව ගන්ඩ ඕකි නටපු දහන් ගැට...මේ ඇස් වලින් මං බලන් උන්නා...උඹලා මට සෙනෙහෙවන්ත කම් පානවට ..උඹගෙම එකෙක්ට වගේ සලකනවට ඕකි පිපිරුනා ..ඕකිමයි බල කෙරුවෙ....ඕකිමයි...පොඩි මැනිකෙගෙ කනට විස බීජ දැම්මෙ...ඕකිමයි....සිරියාවන්ත මහත්තයට කොඩි වින කොරන්ඩ උසිගැන්නුවෙ . ...
මං අහන් උන්නා මගෙ පිටිපස්සෙන් වේලුන කොල දඩු පොඩි වෙන සද්දෙ එක්ක කෙල්ල නාද්යගෙ පලු අරිනවා.....
ඒකිට ඕන ජවුසමක් නටන්ඩ දෙන්ඩලු...දීලා ඒකිගෙ වැරදි අල්ලන්ඩලු......ඒකිට ගහන්ඩලු.....ඒකිලු ඔක්කොම කෙරුවෙ....ඒකිලු පොඩීව ඇවිස්සුවෙ .ඒකිලු....සිරියාවන්ත මහත්තයට කොඩි වින කරන්න ඇවිස්සුවෙ ...සිරියාවන්ත මහත්තයා...ඒ කව්ද..ඒ....එතකොට පොඩී...එකි බැදලා ගියා ...ළමයෙක් හම්බුනායි කිව්වා....කෝ....මගෙ මගුලටවත් ඒකි නාවෙ ඇයි.....???...
මම නැවැතුනා....එහෙම්ම පිටිපස්සට හැරුනා ...කෙල්ල ඉන්නවා.....වෙනසක් නෑ...පාට ගියපු චීත්ත ගවුමමයි....කකුලට සෙරෙප්පු දෙකක් වත් නෑ ....
මට තරහා ගියා .....මේ රෑ සෙරෙප්පු දෙකක් වත් නෑ ඔහේ ඇවිදිනවා.....කොන්ඩෙත් අවුල් වෙලා.....
උඹට මම හැමදාම කියනවනේ වතු වතු ගානෙ යනකොට සෙරෙප්පු කබල් දෙකක් දාපන් කියලා ..කකුල් වලට වීදුරු කටු ඇනගන කපාගනින්කො....ඊට පස්සෙ කකුල් කපන් ඉස්කෝලෙ නොයා ඉදින්...උඹටත් වෙන්නෙ හරකියෙක් වෙන්න....අකුරක් නොදැන වලව්වෙ ඉදුල් හෝදන්ඩ..කොහෙද මං කිව්වා උඹව ලොකු ඉස්කෝලෙකට දාලා උගන්නන්නම් කියලා....අහන් නෑනෙ...මෙහෙටම වෙලා කට්ටි පැන පැන ඉදපන් එතකොට අම්මා වගේ මේ ඉන්න උන්ට පිටි කොට කොට ඉන්න පුලුවන් ..උඹට වෙන්නෙත් මලපොතෙ අකුරක් නොදන්න එකෙක් එක්ක දීග යන්ඩ තමා...මට එන තරහට උඹට ගහන්ඩ හිතෙනවා පිට පුපුරන්ඩ.....
මං කියෙව්වා...හුස්මක් කටක් නොගෙනම කියෙව්වා .....මෙච්චර වෙලමමගෙ දිහා බලන් උන්න කෙල්ල බිම බලාගන්නකොට මම කකුලෙ තිබුන සෙරෙප්පු දෙක ගලවලා ඒකිට දුන්නා...ඒත් ඒකි දාගත්තෙ නෑ....ඒ වෙනුවට කදුලු පුරවන් මා දිහා බැලුවා....
බේබි...හාමු.....මං...මැරිලා ඉවරයි...දෙයියෝ...
මම පපුව අල්ලගත්තා ...හුස්ම හිරවෙන්න එන වේදනාව එක්ක මම පපුව අල්ල ගත්තා ...වෙලාවකට හැම දේම අමතක වෙලා යන මම ආයම හිතුවෙ ඒකි ජීවත් වෙනවා කියලා වෙනකොට ඒකිගෙ වචන එක්ක මට වාවන්නෙ නැති උනා...ඒකිහරි...මට හොද සිහිය එනකොට හුස්ම වැටෙන් නැතිවේවි .....
රන්මලී.....
බේබි හාමූ.....
සිරියාවන්ත මහත්තයා ....කව්ද....
හාමුගෙ . ...පන.....වලව්වෙ හැති කරේ...ඒකව පන පිටින් මරාගත්තා ....
කො...ල්...ලෙක්..නෙ....
ම්ම්ම්...කොල්ලෙක්...උනාට....ඒකා හින්දයි හාමු....උඹලා ජීවත් උනේ...උන් ඒකව නැති කෙරුවා .....ඉවසන්න පුලුවන් දුකක් නෙවෙ හාමු දුන්නෙ....උඹ ඒකගෙ ඇස් ඉස්සරහම ඒකව අදුනන් නෑය කියලා තුන් පාරක් කියනකොට මැරුන මම පවා බය උනා ඒකගෙ පපුව පැලේවි කියලා .....උඹලා හරී ලස්සනට ජිවත් උනා හාමු...බේබි...හාමු....මිනිස්සු...ඇත්තටම නතර වෙන්නෙ....රූපෙ ගාව නෙවෙ හාමු.....මිනිස්සු ඇබැහි වෙන්නෙ.....හුස්ම ගන්නෙ රූපෙ ගාව නෙවෙ....හදවතට කතා කරන තැන...හරියටම අරකි උඹට සුදු මහත්තයා කියනකොට පපුවට කිසිම හැගීමක් දැනුන් නැති උනාට...සිරියාවන්ත මහත්තයා සුදු මහත්තයා ....සුදු අප්පො කියනකොට උබේ මූන පාට වෙනවා වගේ.....හිතට කතා කරන මිනිස්සු ගාවයි හාමු මිනිස්සු නවතින්නෙ..
සුදු....අප්පො....
කෙල්ල කිව්වා....සිරියාවන්ත මහත්තයා මට කතා කෙරුවෙ සුදු අප්පො කියලලු....අනේ....දෙයියනේ....සුදු...අප්පො....සුදු...මහත්තයා ...එහෙම කියපු උඹව මම අදුනන් නෑයි කිව්වලු.....අනේ...මට...පිස්සු හැදෙයි දෙයියනේ ..මොන මගුලක්ද මට මුන් කරලා තියෙන්නෙ ....
මම කෙල්ල කියන එකම වචනයක් නෑරම අහන් ඉදලා ආයම අතුරු ප්රශ්නයක් ඇහුවා....
එතකොට ...පොඩී....ඒකි.....ඒකී...ඇයි නාවෙ...ඒකි බැදල ලමයෙක් ඉන්නවා කිව්වට....මං ඒකිගෙ ළමයා දැක්කෙ නෑනෙ.....
කොහෙ ලමයිද....ආන් ඒකි පිස්සියක් වෙලා....ඒකිට කොයි වෙලෙ හරි පනුවො ගහනවා ඔය යන විදිහට ...ඒකිගෙ දීගෙ කැඩුනා....ඒකිගෙ අම්මාට ඒකි දිහා බලන් ඉදලා පිස්සු හැදුන....ඕන්...දැන් අම්මලා දුවලා දෙගොල්ලොම පිස්සු වාට්ටුවෙ...
මො...කක්....පිස්සු....වාට්ටුවෙ ....
හ්ම්ම්..මේ හැම දේම උඹේ ඔලුවට එකපාර බර වැඩියි හාමු....දැන් උන්න ඇති.....ඕන් ඔය උදලු මිටයි තලෙයි කැරකොප්පුවෙ මාව වලදාපු තැනින් දාලා උඹලා යන්න යමල්ලා...ගිහින්...ඒ කරලා....හෙට බිම් කරුවලේම දෙයියනේ කියලා ගෙදර පලයල්ලා....මට පුලුවන් උඹ වෙනුවෙන් මුන් බලාගන්ඩ.....උඹ එනකන් හුගක් ඇස් බලන් ඉන්නවා...කොහොමෙන්.කොහොම හරි....අවුරුද්දක් ගියත් කමක් නෑ...උන්ව හොයා ගනිල්ලා .....
උඹලා ඉන්න තත්වෙ එක්ක හොද සිහිය එයි...අවසිහිය එයි.....ඒත්...කොහොම හරි හුස්ම ගනිල්ලා...
කෙල්ල කියපු ඔක්කොම අහන් උන්න මම අතේ තිබුන උදලු තල උදලු මිට දාපු උරේ කැරකොප්පුවෙ රන්මලී මොල්ලිගොඩ කියලා ලියපු ගල් ලෑල්ල ගාව තියලා එන්න එනවා එක්කම යකඩ ගේට්ටුව වැහිලා ගියා...
සුදු මහත්තයා ....ඇයි දෙයියනෙ...උඹලා කොහෙද ගියේ.....
ඇයි මම කියලනෙ ගියේ...
කියලා ගියා කියන්නෙ.....උඹ මොන මගුලටද කම්මල් අස්සෙ රිංගන්න ගියේ...උඹලා ඒවා අස්සෙ රිංගන සිරිතක් තියනවද....ඒකලා අපේ පාමුලට එනවා මිසක්කා...
අනේ....මෙ කුනුහර්ප කතා නොකර පැත්තකට වෙන්න අම්මා....මට ඕනා දෙයක් කරගන්න මම ගියේ....ඌට තියන කකුල් දෙකම තමා මට තියෙන්නෙ...ඌට තියන දේවල්ම තමා මට තියෙන්නෙ..මට මේ වලව් කෙරුවාව ඇති වෙලා...
උඹට කොච්චර කිව්වත් වැඩක් නෑ...අර සක්කිලි උඹව කාලා ගිහින් තියෙන්නෙ....නැත්තන් උඹට මොන මගුල කෙරුවත් තවම කට අඩු නැත්තෙ ඕකනෙ....
මොනවද අම්මා කුටු කුටු ගාන්නෙ.....
මොකුත් නෑ...පලයන් ගෙට...උඹගෙ ගෑනි පොඩ්ඩ බලන් ඉන්නවා..ඒ අනිත් එකී...ඒ...තේ එකක් හදන්ඩ කිව්වම තේකොල කායන් දලා...මොන සිහියෙන් ඉන්නවද මන්දා ඒ කෙල්ල...
ඇතුලට යන්න ගියපු මම ආයම හැරුනා...අම්මා කුටු කුටු ගගා බැන බැන අවසානෙදි නාද්යටත් බනින්න ගත්තා ...යසයි....වැඩේ..විසිහතර පැයක් ගියෙ නෑ...නැන්දම්මා ලේලිලා ඇවිලෙන්න අරන්....උඹලා එකතු වෙලා මාව කෑවනම්....පොඩ්ඩක් හිටපල්ලා..මං උඹලා උඹලවම කොටවනවා...මොකද...මගෙ හොද සිහිය තියන වෙලේ උඹලාගෙන් පලිය නොගත්තොත් අවසිහිය තියන වෙලේට මටම විදවන්න මං පව් කර ගහනගන්නවා.....
අම්මා...මෙහ්..මගෙ ගෑනිව මෙහෙට ගෙනාවෙ වැඩ කාර කමට නෙවෙනේ...තේ බොන්ඩ ඕන උනේ සීයා තාත්තට නම් අත්තම්මා ඉන්නෙ හදලා දෙන්ඩ.....මගෙ එකී මොකටද.....ඇරත් අද පලවෙනි දවස...
යන්න ගියපු මම ආයම හැරිලා ඇවිත් නැන්දම්මා ලේලි ගින්න අවුලවන්න පලවෙනි ගිනි කූර ගහලා ගින්න අවුලලා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න අනිත් එකීව හොයන් ගියා....
නාද්යා ....
......
නාද්යා ...
මම ගෙට ඇතුල් උනේම ඒකිට කතා කරගන වෙනකොට කාමරේටත් නොයා මම කෙලිම්ම කුසියට ගියා ..ආර්ස් ඉන්නෙ...ඒකි පොල් ගානවා.....ඒකිගෙ මූන කුන්ඩ හට්ටියක් වෙලා...අත්තම්මා පැත්තක ඉදන් අත් දෙක පිටිපස්සට බැදන් බලන් ඉන්නකොට අරකි කොදු කඩගන පොල් ගානවා....
මැනිකෙ.....ආ...මේ මොකෝ....මේ.....කෝ අර වැඩට ඉන්න කෙලි....ඇරත් මෙච්චර රෑ වෙලා උයන්නෙ.....
වැඩට ඉන්න කෙලීම ඕනෙද සුදු පුතා .....අද පලවෙනි දවස.....කුමාරි හාමිලා කියලා බෑ...පරිප්පු හොද්දක් වත් ලිපට කරන්ඩ ඕනා...ඉස් ඉස්සරෝම දවසේ...රෑ කියලා වෙනසක් නෑනෙ බඩගිනි අල්ලනවනෙ...
ම්ම්ම්ම්.....
මම හිත යටින් හිනා උනා...අත්තමම අලුත් ලේලිගෙ පොල් ගෑමෙ විලාසිතාව බලන් එහා මෙහා යනකොට අරකිට අඩන්න බැරි කමටද කොහෙද පොල්බෑව මිරිකගන ගානකොට මම හිමින් හිමින් පිදුරු දාන්න ගත්තා ....
මොකක්ද මැනිකෙ අර අම්මා කියන කතාව...තේ එකක් වත් හදාගන්ඩ බෑය කියලා ...කායම් කියලා....උඹලගෙ අම්මා අප්පච්චිට පවා හරීයට දොස් කිව්වා ...ඇරත්....ඔය කොටන් ඉන්න පච්චෙටත් දොස් කිව්වා..කවද හරි අම්මෙක් වෙනකොට ඔව්වා හොදද ඇහුවා.....ලැජ්ජයි කිව්වා ... මේවා කිව්වා කියල අම්මා එක්ක ඇවිලෙන්න යනවා නෙවෙ....මමත් අම්මට කිව්වා ඔයා කැමති නම් මට කමක් නාඅ කිය...ඒත් මැනිකෙ දන්නවනෙ මොල්ලිගොඩ කුමාරි හාමිලාගෙ හැටි...
හ්ම්ම්..හ්ම්....එහෙනම් උයන්නකකො...අමතක නොකර මගෙ බිත්තරේ බදින්න මතකනේ...අනේ මැනිකෙ...මෙන් මේ ඇදුම් ටිකත් පෙගෙන්න දාන්න ආ...
ඒ ටික කියලා මම කෙලිම්ම කාමරේට ආවා...කියන්න තේරෙන්නෙ නෑ...මට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනා...මට ඒකිව අම්මා එක්ක අවුලවන්න ඕනා උනා... උන් දෙන්නට දෙන්නව වහ කදුරු කරන්න ඕනා උනා...
එතෛන් පස්සෙ මං කෙරුවා කාමරේට ආව ගමන් ඇදුම් ටික ගලවලා බිමට දාපු එක.....යට ඇදුම ඉතිරි වෙන්න ඔක්කොම.ගලවලා බිම දාලා එහෙම්ම ගිහින් නාගන ඇවිත් තෙත තුවාය ඇද උඩ දාපු එක...
සුදු මහත්තයා ....එන්න කන්න....
තෙත කොන්ඩෙ අතින් ගස ගස කලු වෙච්ච ඇස් යට...හකු බැහැපු මූන දිහා කන්නාඩියෙන් බලන් උන්න මට අම්මා කතා කරනකොට මම ටික වෙලාවක් ඉදලා කුසියට යනකොට නාද්යා දාසි වගේ වැඩ කරනවා...
නද්යා ...කාමරෙ මගෙ ඇදුම් වගයක් ඇති ගන්න....
.හොදමයි මහත්තයා ...
දැම්ම ....නැත්තන් කාමරේ ගද ගහයි....
නාද්යා යටි තොල හපාගන ඉක්මන් අඩි තිය තිය අපේ කාමරේට යනකොට මම ඒකි බැදපු බිත්තරේ කටේ තියන්නත් කලින් කර වෙලා කියලා පැත්තට කරනකොට මන් බලාගන සීයා තාත්තා රන් දෙනි ගල දූ ඩිංගගෙ අතින් හදපු රෑ බතේ රස බලන්ඩ හදනවා.....
මං බලන් උන්නා....
පලවෙනි බත් කටම කටේ ඔබාගන්නකොට මං අහගන සීයා තාත්තට ගලක් හැපෙනවා...සීයා තාත්තා කාපු බත් කට එලියට දැම්මා...මං අත හෝදගන කෑම මේසෙන් නැගිටලා කාමරේට යනකොට අරකි ඇද උඩ ඉදන් අඩනවා....
ඇයි මේ....
සුදු...මහත්තයා ...අනේ...මට බෑ.....උඹ ගිය වෙලේ ඉදලා මාව මරව මරව වැඩ ගත්තා ...පිටි කෙටෙව්වා ...පිටි තැම්බෙව්වා...මගෙ අත් කැක්කුමයි ....
හරි..හරි...නාඩා ඉදින්කො.....එ අස්සෙන් සීයා තාත්තා බනිනවා හාල් ගරලා බතක් ලිපට කරගන්න බෑයි කියලා ....කන කන බත් කටෙ වැලිලු....ආය කුසියට යන්න එපා..මං කැමති නෑ කවුරුත් උඹට බනිනවට රෙදි ලෑස්ති කරගනින්කො...අපි රෑම යන්න යමු....
අනේ....පින්...අයිති වෙයි නිතේශ් .....මට නම් බැ දෙයියනේ මේ ලිප් ගානෙ නැගන් බත් තම්බන්න...
හා..හා....දැන් අඩන්න එපා...ගෙදර ගියහම ඔයයි මායි විතරනෙ...එතකොට උයන ඕන් නෑනෙ.....
මම ඒකිව කුලප්පු කෙරුවා...අඩ අඩ උන්න ඒකිට තවත් අඩවන්න හේතු දුන්නා ...අවසානෙදි වලව්වෙ උන් ඇහැපියවනකන් ඉදලා මං ඒකිත් එක්ක කොළඹ එන්න ආවා ....
නිතේශ්....
මොකද ...
මං උන්නෙ ගෙයි ඇතුලෙ ඇවිද ඇවිද.....ගෙදර ආවත් හරි...ඒකිට හෙලුවැලි කික්කියෙක් වැහුන වගේ කොටට කොටෙ ජවුසන් ඇදුමක් ඇදන් සකබඹරේ වගේ කැර කෙනකොට මම වේදනාත්මක පාලුවක් ගේන ගෙයි පුරා ඇවිද ඇවිද පපුවට වද දෙන හිස්කම හොයන්න නැහුනා....බිත්ති පුරාවටම තිබුන ඇන දිහා බලන් උන්නා.....
මේ බිත්ති පිරෙන්න ඵොටෝ තියෙන්න ඇති..... මේ ගේ පුරාම අපේ මතක තියෙන්න ඇති.....අනෙ මං උඹව මතක නෑ කිව්වලු....එක පාරක් නෙවෙ...තුන් පාර්ක්ම...උඹගෙ සුදු අප්පොට මතක නෑනෙ....මැනිකේ.....
මම හිස් උන බිත්තියකට කම්මුල හේත්තු කරන් මගෙන් උදුර ගත්තු " සිරියාවන්ත මහත්තයා"ගැන හිත හිත හීල්ලුවා...
නිතේශ් ...
.....
නිතේශ් ....
....
දෙයියනෙ නිතේශ් ...
ඇයි යකො ඇයි ...මොන හුත්තක්ද මේ....කොයි වෙලෙත් නිතේශ් නිතේශ් ගාන්නෙ ...දැන් තොට එහෙ ඉන්න බෑ කියපු හින්දා නේ මෙහෙ එක්කන් ආවෙ බලපිය දැන් වෙලාව පානදර දෙකත් පහුවෙලා...තෝ තාම සක්මන් කරනවා ...මොන මගුලද මගෙන් ඉල්ලන්නෙ.....මට පාඩුවෙ ඉන්න දීලා ගිහින් නිදාගනින්කො නාද්යා ....
දෙයියනේ මට බඩගිනී...එහෙ ඉදන් ආවා...ඇල්වතුර උගුරක් වත් නැතුව..වචනයක් කියන්න බෑ මැරෙන්න හදනවා බැලුවොත් බිත්තියක් බදාගන ඉන්නවා පිස්සෙක් වගෙ...බැලුවොත් පැත්තක් බලන් ඉන්නවා....මොන පිස්සු වැඩක්ද නිතෙශ් ඕක....ඇනයක් අල්ලන් ඉන්නවා .....පිස්සෙක්ද ඇත්තටම.....මං ගැන නිකන් වත් බලන් නෑ.....
මොකක්ද හුත්තියෙ තෝ කිව්වෙ.....ආ...දැන් තෝ නහයෙන් අඩපු හින්දා නෙවේද එක්කන් ආවෙ.....ඒ තෝ ගැන බලල නෙවෙද...ආ...කොහෙද යන්නෙ....වර මෙහාට.....
නි...නි...තේශ් අනේ...නිතේ...ශ්....
මොනවද තෝ කියවන්නෙ.....පලවෙනි දවසෙම මගෙන් මැරුම් කන්ඩ එපා හරි ...ගෙදර ඉන්නකම්ම ඇකිලිලා ඉදලා මෙතනට ආවට පස්සෙ කරේ නගින්ඩ එනවද ...බඩගිනි නම් තේ එකක් හදන් බීපන්...මං උඹට මේ රෑ මොනවා ගෙනත් දෙන්නද ...වේලක් බඩගින්නෙ උන්නා කියල මැරෙන් නෑනෙ...කුසියට ගිහින් බලපන් .... තියෙන්නෙ මොනවද නැත්තෙ මොනවද කියලා .....කොයි වෙලෙත් මාවම කන්ඩ හොයනවා...
මං නාද්යව මරන්ඩ හැදුවා ..මං උන්එ මට අමත දේවල් එක්ක පොර බද බද වෙනකොට ..මට මගෑරුන ආදරෙ හොය හොය වෙනකොට නාද්යා නිතේශ් නිතේශ් ගගා මැරෙන්න හද හද මට බනිනකොට මම අඩියට දෙකට ඒකි ගාවට ගියා...එකි පස්සෙන් පස්සට ගියා .....
උන් හැමෝම.එකතු වෙලා මාව කෑවයි කියන දේ ගොජ ගොජ ගාලා පැහෙන තෙල් කටාරමක් හා සමානව නටන කොට මම නාද්ය ගාව දත් මිටි කාලා කාලා ඒකිව දාලා පහල තිබුන ගෙදරට ගියා.....
මේකෙ...උන්නෙ.....කව්ද....මගෙ සිරියාවන්ත මහත්තයා කියපු කොල්ලා ඒක්ක උන්න අනිත් කොල්ලද.....කෙල්ල කියපු විදිහට ඔව්.....ඒත්...අද....අද කෝ ඒ අය...මොල්ලිගොඩ හැත්ත උන් හැමෝවම පාරට දැම්මලු...
මං දොර ගාව සෑහෙන්න වෙලාවක් හිටන් උන්නා...
මට සමාවෙන්න....
සමාව ඉල්ලන්න ඕනා කාගෙන්ද.....කියන්න හරියටම නිච්චි නැති උනත්...මම කදුලු පුරවන් බලන් ඉදලා පාස්වර්ඩ් එකට බින්දු හතරක් එන්ටර් කරලා දොර ඇරියා .....
මුලු ගේම පාලුයි ....
හිස් වෙච්ච බිත්ති විතරයි ....
නේ උඹලා අද කොහෙද .....
ඇතුලට ආව මම දොර වහලා දොරකොඩ ගාව හිටන් බලන් උන්නා....මතක හුගාක් පුරවගත්තු...ආදරෙ හුගාක් පුරවගත්තු ගෙයක් අද අමුසොහොනක් වෙලා තියන හැටි මං බලන් උන්නා.....
මං උඹලගෙ නිතේශ් ...අනෙ උඹලට මාව මතකද...
මං බිත්ති අත ගාගන අඩියෙන් අඩිය තිය තිය ඉස්සරහට ආවා ..ඇස්වලින් වැටුන කදුලු සීතල ටයිල් පොලව තෙමනකොට මගෙ කකුලට මොක් හරි දෙයක් පෑගුනා වගේම මන් ඒක අතට අරගන බැලුවා ....
සිල්වර් පාට මස් කටුවක් .....බල්ලෙක්ගෙ කර කරපටියට දාන නම කොටපු මස් කටුවක් ....
මං එහෙම්ම ඒක අනිත් අතට හැරෙව්වා ....
"PALINGU".....
🥺ම්හුක්...දෝනියෝ...ඔයා කොහෙතෝ....මේ නිතේස් අයියා හොයනවනෙ ....
😒අනේ අක්කෙ තව කොටසාක්...අනේ...අක්කෙ.....මේකෙම්ම රෑටත් එන්නකෝ....ම්
ජැක්කනෙ ජැක්කනෙ... ඔය ළමයි කියන එක මේ ලමයම තනියම කියා ගත්තා ....ජැන් ඉතින් ඔය ලමයිට සුම්මා ඉරි ...😂😂😂
ආයම කොටසකින් එන්නාම් .....
🙈🙈🙈

බායිම්...නාද්යා😂😂
FERDEESHA ❤💚 ...