Cherreads

Chapter 90 - 90

තේශී.....තේශී...

මේසෙ අල්ලන් හිටන උන්න මාව කැරකවෙන්න ගන්නකොට මම එහෙම්ම පුටුවෙන් ඉදගන මේසෙට ඔලුව ගහගත්තා ....එයා මාව හොලව හොලව තේශී...තේශි ගානකොට මගෙ ඔලුවට නොකන් ග්‍රීල් ඇන බස්සනව වගේ වේදනාවක් නලල දෙපැත්තෙන් දැනෙනකොට මම එයාට වත් උත්තර නොදී ඔලුව ගහගන උන්නා....

තේශී....අනේ...සුදු.මහත්තයා ....

විතේන් මගෙ ඔලුව කැරකෙවනවා විතේන් ...

මම අමාරුවෙන් වචන හැටගහලා විනාඩි පහක් දහයක් විතරම එහෙම උන්නා වගේම එයාට ගෙනාව බේහෙත් එකෙන් උනට දෙන පෙනඩෝල් පෙති දෙකක් බීපු මම ටික වෙලාවක් යනකන් එහෙම්ම මේසෙට ඔලුව ගහගනම ඉදලා නැගිට්ටා...

ලොකු පුතා මොකද....

දන්නෙ නැ අම්මා...එක පාර ඔලුවෙ කැක්කුමක් ආවා ....මොකක්දෝ වෙලා ගියා .....

උඹලට ඔලුවෙ කැක්කුම් හැදිලා බේරුනොත් ඇති ...අර යක්ස ගෑනු තියලා ගියපු දෙස් දෙවොල් වල හැටියට.....ඔලුවට කොහෙන් වත් නිදහසක් නෑනෙ.....දෙයියනේ කියලා උඹලා යන්න ලෑස්ති වෙයල්ලා...මේවල ඉදලා නිකන් ලෙඩ්ඩු වෙන්න...ඔවුන්ට ලැජ්ජාව කියන දේ ගෑ විලා වත් නෑ....

අම්මා ඇවිත් මගෙ නලලට අත තියලා උනද බලනකොට හොස්ස ලගින් මැස්සා යන්න බැරි තාත්තා ආයම වලව්වට දෙහි කපන්න ගත්තා ...අවන්කවම උන් අපේ පපුවට ඔලුවට නිදහසක් දුන්නෙම නැති තරම් වෙනකොට තාත්තා කියන කතාවට මම මේ පාර වචන දෙකක් නොකියා ඔලුව වැනුවා....

කොහෙද ඔය යන්නෙ.....

පහල ගෙදර ....

මෙවෙලෙ....

තාත්තා ....අපි දෙන්නට විතරක් යන්න බෑනෙ...මෙච්චර දවසක්....අපිට හැම දේකටම උන්නෙ උන් දෙන්නා...ගහෙන් ගෙඩි එන්නා වගේ....මුල අමතක කරලා යන්නෙ කොහොමද තාත්තා ....ෆ්‍රාන්ස් බැරි උනත්...මට ඕනා අපි පස්දෙනා එක තැනක ඉන්න.....

තේශි....

ඔයා ගෙදර ඉන්න....

මම දොර ඇරන් එලියට ඇවිත් එහෙම්ම පහලට ආවා.....අඩි දෙකතුනක් පඩි බහිනකොට අර ඔලුව කැක්කුම ආය ආයම අල්ලන්න ගත්තා වගේම මම ග්‍රීල් වැට අල්ලන් තත්පර ගානක් එහෙම්ම ඉදලා බල්ලො කන් පට ගසනවා වගේ ඔලුව ටිකක් දෙපැත්තට ගසපු මම එහෙමම් තත්පර ගානක් යනකන් යනකන් ගරාදි වැට අල්ලන් ඉදල එහෙම්ම පහලට බහින්න ගත්තා...

මොන හුත්තක්ද මන්දා...මට ප්‍රෙශර් ඇවිල්ලද මන්දා.....ප්‍රෙශර් නගින් නැතිව තියේවිද...ඒ කාලකන්නි හැත්ත වදදෙන තරමට.....

ශෙනෝන්.....

මං පහලට ඇවිත් එක පාරක් දොර බෙල් එක ඔබලා අනිත් පාර එහෙම්ම දොරට තට්ටු කරලා කතා කෙරුවා ...

ශෙනෝන්...

මැරිලද මන්දා ...

මන් ආයම තට්ටු කර කර කතා කරනකොට මං අහගන ඇතුලෙන් දොර පහුරු ගාන සද්දයක් ඇහුනා ...පලිගුවා....ඒකි මගෙ කටහඩ ඇහිලා දොර පහුරු ගානවා ....කෙදිරි ගගා දොරට යටින් ඉව කරනවා ....

අනේ...දෝනියෝ....ඔය දොර හූරන්න එපා තාත්තියා ඊයෙත් බැන්නා නේද.....කෝ අහකට අහකට වෙන්න.....මේ දොර අරින්න මාමියට දොර අරින්න....

මං අහගන දොන්ත බිබික්කම පලිගුවට දොර හූරන්න එපා කියනවා...ඕකි අපේ ගෙදරත් දොරවල් ඔක්කොම හූරලා හූරලා ඔක්කොම දොරවල් වල බලු නියපොතු පාරවල් හිටලා තිබුනා ....

නිතේස් .....අයියේ...ඇයි ඒයි...මේ එලියෙ හිටගන....

එලියෙ හිටගන කියන්නෙ උඹ දොර අරින්න එපැයිනෙ....උඹ දොර අරින් නැතුව මම කොහෙන් එන්නද...

අම්මො අනෙ ඔයා හරියට සෝබනේ දානවා දැන්...ළමයෙක් හම්බකරන්න ඉන්න හින්දද මටයි දෝනියටයි මෙච්චර වෙනස් කම් කරන්නෙ නිතේස් අයියේ...

ඈ ඒයි....ඈ...

යෝ....අහකට වෙයන් බන්...ළමයි හම්බකරන්න කලින් බැදගන්න එපැයිනෙ.....කෝ අඩගහපිය ගුටි නොකා මිනිහට ...

පලිගුවා මාව දැකලා අත ලෙව කකා නගුට වන වන නහින්න හැදුවා ..උදේ ඉදන් සිය පාරක් ඒකිව මං දැක්කත් මාව ඒකි දැක්කා උනත් ඒකි හැසිරුනේම හත් අවුරුද්දකින් මාව දැක්ක ගානට වෙද්දි මම ඒකිගෙ තෙත නහය මිරිකුවා ...

යෝ..උඹ මාව දකිනවා නේද ...ආ...උඹ මාව විසි හතර පැයේම දකිනවා නේද....ආ බොල පලිගුවෝ ...ම්ම්...අම්මෝ...සුවද....අම්මියා සැලුන් එකේ තියන සබ්බ සකලමනාවම මගෙ පුතාගෙ ඔලුවට හලනවා වගේ නේබොල.....ආ.....ආ පලිගුවෝ...

ඩියෝනයා ශෙනෝනයව හොයන්න යනකොට මම එතනම තිබුන සෝෆාවෙන් ඉදගත්තා ...ඒ එක්කම මගෙ අත ලෙව කකා උන්න පලිගුවා ඉදගත්තු මගෙ උකුලට පැනලා සෙල්ලමට මාව හපනකොට මං ඒකිගෙ ඔලුව ඉබලා බැලුවා වගේම ඒකිගෙ ඔලුවෙන් නානාප්‍රකාර සුවදවල් ආවා....අරූ ඔක්කොම සුකුරුත්තන් අතුල්ලලා....

නිතේශයා...

වරෙන් දෙයක් කතා කරගන්න ආවෙ....

මොනවද....

ඇවිත් ඉදගනින්කො...

මම ශෙනෝන්ව මගෙ ගාවින් ඉන්දව ගත්තා විතරයි බිබික්කමා ඇවිත් මැද්දෙන් ඉදගත්තා ...ඉදගන කතා කරන මගෙ කට දිහා බලන් උන්නා.....

කියපන් මොකක්ද වෙන්න ඕනා....

මේකයි....තාත්තා කියනවා මේමාසෙ ඇතුලත යන්න ලැහැස්ති වෙන්න කියලා ....අවංකවම මට දැන් තාත්තා කියන දෙයින් පිට දෙයක් කරන්න හිතෙන් නෑ ....උඹලම දැක්කා වෙච්ච කෙරිච්ච දේවල් ....මට සෙනාරිව පැත්තකට කරලා මැරි මැරි හරි හිත හදාගන්න පුලුවන් උනා බන් ඒකි අවසානෙදි නැන්ද්මම්මා අපෙ මහ උන්ගෙ ජාතියෙ උනත් ඒකිට පන වගේ ආදරේ කරපු එකෙක් හම්බ උන හින්දා ...ඇරත්...ඇත්තම.කතාව මම ඒකිව මා ගාව ගෙනල්ලා තියා ගත්තා උනත්...මගෙ අතින් ඒකිට තව කෙනෙක් ගාවට යන්න බැරි තැනට මං වැඩ කෙරුවෙ නෑ බන්....

අද කාලෙ මිනිස්සු ඔව්වා බලන් නෑ බන්...මම බලන්නෙත් නෑ...ඒත්...මං දන්නවා ...අපේ ගෙදර උන් ඔය මගුල බලනවා.....නැත්තෙ නෑ....පහුවදාට දොර අරින්න කලින් රෙදි නැන්දෙක් එක්ක ඇවිත් ලේ පැල්ලම හොයයි.....බදින්න කලින් උන්නෙත් මා එක්කමයි කිව්වොත් ඒක පිලිගන්නෙ නෑ.....ඒක කොහොමත් පිලිගන් නෑ....රන්ඩුවක් ගොයෝතින් එතනත් විසුමක් වෙන් නෑ...

වැඩි දේවල් ඕන් නෑ....ඒකි එක්ක මොන මගුලකට හරි මගෙ අම්මා එක්ක ඇවිලුනෝතින් අද මගෙ විතේන්ට කියපු වේස පදම ඒකිටත් අනිවාර්යයෙන්ම කියනවා බන්....

මං ඒකිව සර්ව සාදාරන විදිහට පිට කෙරුවා ...ඒකි ආවෙ කෙල්ලෙක් විදිහට ..මං යැව්වෙත් කෙල්ලෙක් විදිහට .....මට දුකක්නෑ....ඒත්....විතේන් බන් ....

මට විතේන්ව නම් අතාරින්න හිතන්නවත් බෑ.....මට ඒක හීනෙකින් වත් කරන්න බෑ...එකා එක පාරකුත් විදවපු කොල්ලෙක්.....ඌට එක පාරකුත් ජීවිතේ නැති වෙලා ගියපුන් කොල්ලෙක්.....ඇරත්..මට හුස්ම දීපු කොල්ලා ...එහෙව් ඒකේ....අච්චර දේවල් තාත්තා කියනකොට මම කොහොමද බන් ගානක් නැතුව ඉන්නෙ.....

ඒක ඇත්ත උඹ කියපු හැම දේම සීයට දාහක් ඇත්ත.....උඹට එහෙම කරන්න බෑ නිතේශයා...උඹට එහෙම කරන්න හිත හදාගන්න කොහොමත් බෑ නිතේශයා...උඹට කලින් ඌව මගෙ ට්‍රැක් එකට වැටුනෙ..

මොකක්.....??මොකක්ද උඹ කිව්වෙ...

සෙනෝන්....?

නැ..නෑ..යකො...එහෙම මගුලක් නෙවෙ ..උඹ දකින්න කලින් මම ඒ කොල්ලා ගැන දැනන් උන්නෙ... ඌ පුදුමාකාර තරන් දුක් වින්දා බන් ...පව්...ආය නම්...ඒ වගේ දුකක් හතුරෙක්ටවත් වෙන්න එපා...එච්චරයි මං ප්‍රාර්තනා කරන්නෙ....උඹට අප්පා අම්මා...අපි තාත්තා හැමෝම ඉන්නවා...වලව්වෙ උන්ට ඕන මගුලක් කර ගන්න දීලා උඹ තාත්තා කිව්ව විදිහට යමන් නිතේශයා .මෙච්චර කල් උන්ගෙ පර වැඩ කර කර උන්ට බයේ නැහුන කාලෙ ආය විහිලුවටවත් ඕන නෑ...අඩුම වලව්වෙන් එන හුලගක් වත් ඕන් නෑ බන්...ඕනම දේකට අපි ඉන්නවා.....

ශෙනෝන් මගෙ අත උඩින් අත තියලා ඕනම දේකට අපි ඉන්නවා කියනකොට ඩියෝනයත් ඒකගෙ අත ඒ උඩින් තියලා පලිගුවගෙ බලු අතත් තිබ්බා...ඇත්තටම මට නම් වලව්වෙන් එන හුලගක් වත් ඕන් නෑ...ශෙනෝන් කිව්වා වගේම මගෙ විතේන් දුක් විදපු කොල්ලෙක්.....සෙනාරිට මොන දේ නැත්ත මිනිහා හරි ඉනන්වා..ඒත් මගෙ විතේනට....නෑ..නෑ....මම මගෙ විතේන්ව මම කොහොමත් නැති කර ගන්නෙ නෑ...

ඒක හරි...ඒත්...මං කියන්න අවෙ මේකයි ශෙනෝන්...මම යනවා..හැබැයි...ආයම නොඑන්නෙම....මං ගියොත් ආය කවදාවත් එන්නෙ නෑ ..ගියොත් නෙවෙ...මං කොහොමත් එන්නෙ නෑ...මේ වෙච්ච කෙරිච්ච දේවල් එක්ක අප්පච්චි කොහොමත් අම්මව අයින් කරයි කියන එක මට හිතෙනවා බන්.....

ඒ වගේ අම්මෙක් මොකටද බන්....ඒකට හරියන්න දැන් උඹට රත්තරන් වගේ අම්මෙක් ඉන්නෙ ....නොඑන්න හරි කමක් නෑ බන්...මෙ අපායෙන් යමන්...මෙහෙ උන්නොත් වෙන්නෙ උඹගෙ ජීවිතේ සම්පූරනම කාලකන්නි වෙන එක.....උන් කරන්න හදන්නෙ උන්ගෙ ලබ්බෙ නම්බුව වෙනුවෙන් උඹව බිල්ලට දෙන්න හදන එක....සුදු අක්කට කරන්න ගියා වගේ....පොඩීට කෙරුවා වගේ....උඹම බලපන් අද පොඩීට යන එනමන් නෑ...ඒකි අමු පිස්සියෙක් ...අනික උන්ට උනත් පස්සෙ පස්සෙ අන් පැලවෙන්න ගත්තා ....මට උඹලගෙ වලව්වෙන් හිතට අල්ලපු එකම ගෑනු පරානෙ සුදු අක්කා.....

උඹ මගෙ යාලුවා...ඊට වඩා සහෝදරයා උඹට කෑ ගහනකොට අපිටත් කැක්කුමයි....උඹ දුක් විදපු එකෙක්....උඹට සතුටක් තියෙන්නම ඕනා නිතේශ් ...උඹ පලයන්...ආය නාවට කමක් නෑ.....

නිතේ....ස්....අයියෙ...ම්හුක්....

මම යනවා කිව්වා...මම ආය නොඑන්නම යන්න යනවා කියන එක ශෙනෝන් එක්ක කතා කර කර ඉන්න කොට මන් බලාගන ගඩාපියගෙ මූන කලුවෙලා යනවා ...ඒකා මගෙ අත කූරු ගගා කෙදිරි ගානවා ..මාව අදිනවා ....ඕකා ඔය කෙදිරි ගගා නොකියා කියන්නෙ යන්න එපා කියලා උනත් ඒකට කට ඇරලා කියා ගන්න බැරි කමට කූරු ගානවා....මට ආය නොඑන්නම යනවා ඇරෙන්න වෙන විකල්පයක් නැත්තටම නැති තරම් ...අප්පච්චි අද හෙට නාවත්...අනිවාර්යයෙන්ම අම්මව අයින් කරලා එයාට අයිති ලෝකෙ එයා අනිවාර්යයෙන්ම හොයා ගනී...හොයා ගන්න අමුතුවෙන් දෙයක් නෑ..මගෙ අප්පච්චිට එයා ප්‍රාර්තනා කරපු ලෝකෙ ඒ ජීවිතේ දැනටමත් ලැබිලා තියෙන්නෙ...ඉතින් තව මොනවා හොයා ගන්නද...මම එහෙම්ම ගඩපි පැටියා දිහා බලලා ඒකගෙ ඔලුව අත ගෑවා . .ඒ ඇස් අඩන්න ඔන්න මෙන්න....දැන් අඩයි...දැන් අඩයි කියලා හිතුනා...

මගෙ...නිතේස් ..අයියේ....එතකොට...ඔයාලා ආයම කවදාවත් එන්නෙ නෑද...

....

අපේ..දෝනියව බලන්න වත්...එන්නෙ නෑද...

.......

මේ ලමයට දුක හිතීගන එන්නෙ දැන්....

......

ඇඩෙන්නත් වගේ. .....

.....

අනේ...සෙනෝන්.....ම්හුක්.....

මම හිතුවා වගේම ඒකා නහයෙන් අඩන්න ගත්තා ...මාව අත ගගා නහයෙන් අඩන්න ගත්තා ...

ශෙනෝන්.....මම කොහොමත් යන්න තීරනේ කරලා ඉවරයි බන්...මට සැනසීමක් ඕනා...මට තවත් විදවන්න අමාරුයි.....මම කියන්න ආවෙ යනවා කියලා නෙවෙ....පුලුවන් නම්...අපි එක්ක යන්න වරෙල්ලා කියලා .....

නිතේශ් ....

ම්න්....උඹම දන්නවා....මට නෑයෙක්ට...වේයෙක්ට කියන්න උන්නෙ උඹලා විතරයි .....එහෙම එකේ.....මම කොහොමද උඹලව මෙහෙ දාලා යන්නෙ.....

ඒත් බන් ..ෆ්‍රාන්ස් කියන්නෙ....ඩුබයි කටාර් වගේ ලක්ශ තුන හතරෙන් යන්න පුලුවන් රටවල් නෙවෙ .....මැලේශියා වගේ එකෙම්ම පනින පුලුවන් රටවල් නෙවෙ...පැලෙන්න සල්ලි ඕනා....

සල්ලි වලට මොකක් හරි ගේමක් ගහමු...මං සැලෝන් එක සම්පූරනම විකුනන්න දානවා...තියෙන්නෙ කොහොමද ....ඒ විදිහට මොකක් හරි කරමු.....උඹට වත් මට වත් හතර මහ නිදානෙ පහල වෙලා නෑනෙ ....එහෙමයි කියලා ...ගේමක් ගහගන්න බැරි තරම් උඹලා අපි දෝදු නෙවෙනෙ බන්....උඹලත් බැදපල්ලා....

අනේ....මගෙ...නි...තේ...ස්....ම්හුක්...අනේ..සෙනෝන්..... ..සෙනෝන්.....අනේ.....දෝනියෝ...දෝනියෝ.....අපි යන්න...යන්නෙ...අපි....ය...න්න...යන්නෙ....ප්‍රංස යුවතියන්....හජේ...කොඥ....අරන්...ලිලී....ටුකුරු...ටුන්...

ගඩාපියගෙ මුනට දේදුන්නක් පෑව්වා...මෙච්චර වෙලාම වැහි වලාකුලු වලින් බර වෙලා කලු වෙච්ච අහසට එක පාර දේදුන්නක් පෑව්වා.....ඌ දගලනවා මගෙ බෙල්ලෙ එල්ලුනා....අනිත් අතට ශෙනෝනයගෙ බෙල්ලෙ එල්ලුනා ....මේ ඔක්කොම දිහා බලන් උන්න පලිගුවා වෙන්නෙ මොනවද කියන්න හරියටම නොදැන උන්නත් ඒකිට දෝනියෝ...දෝනියෝ ගානකොට ඇගේ නගින්න ගත්තා ...අර නගුට ෆෑන් එකක් වගේ වනන්න ගත්තා ....ඇස් දෙක ජිල්බෝලා දෙකක් වගේ දිලිසෙන්න ගත්තා ....

මේකිගෙ ලේ එහෙම චෙක් කරන්න වෙයි...මිනිස්සුන්ට වගේ නෙවෙ මුන්ට වීසා හදන්නත් නටන්න ඕනේ.....

ඒ..තොට දෙන්න හිතයි....දොන්ත මූන තැලෙන්න....

මන් හේතුව නොදැන නටන පලිගුවගෙ කම්මුල මිරිකුවා .....අනේ ඇත්තටම ඌ දන්න දෙයක් නෑ...හැබැයි ඌට පුලුවන් උනා හිතේ කහටක් නැතිව උගෙ හාම්පුතාගෙ සතුටෙදි සතුටු වෙන්න....දුකේදි....දුක් වෙන්න . ..අවංකවම.....සත්තු හොදයි කියන්නෙ මේ හින්දම වෙන්න ඇති ..උන්ගෙ හිතේ කොනකවත් කවදාවත් කිසිම කහටක් තිබුන නෑ...එක දවසක් දෙන බත් පිඩ උන් මුලු ජීවිත කාලෙම මතක තියා ගන්නවා...හිත පුංචි උනත්...ඒ හිත් අස්සෙ පිටාර ගලන්න ආදරෙ තිබ්බා 

මීමැස්සෙක් උගේ ජීවිත කාලෙ පුරාවටම එකතු කරන්නෙ පැනි තේ හැන්දයිලු.....අපිට ඒක පැනි හැන්දක් උනාට ....ඒ පැනි හැන්ද අස්සෙ උගෙ ජීවිතේම තිබුනා....

බල්ලෙක්ව අපිට එකම එක හුරතලෙක් උනාට....බල්ලෙක්ට අපි එයාලගෙ ජීවිතේටම ඉන්න එකම සුවාමියෙක් වෙනවා....

මේ වචන හරි පුංචියි....ඒත්...ඒක අස්සෙ ගන්න දේවල් කප්පරක් තරම් තිබුනා...අවසානෙදි මේ හැම දේම කොහෙන් ඉවර උනත් අවසානෙදි මේ හැම දේම හැදිලා තියෙන්නෙ ආදරේ වෙනුවෙන් කියන එක විතරක් මේ ලෝකෙට ඉතිරි වෙනවා.....

මම පලිගුවගෙ දොන්තගෙ මූන අතගෑවා....පව්...ඒකිව දාලා ගියෝතින් අරූගෙ පපුව පැලෙයි .. උගෙ විතරක් නෙවෙ අපෙත් පපුව පැලෙයි....ඒකිට ආදරේ කරන තරම දන්නෙ අපි විතරයි .....

මං යන්නම් බන්....මෙන්න මේ හැම මගුලම ඉක්මනට ඉවර කරගන මෙහෙන් තොලෝන්චි වෙලා යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරපන්.....මේ රටේ අනිත් උන්ට කොහොම.ඔලුව උස්සන් ජීවත් වෙන්න පුලුවන් උනත් අපේ ගෙදරින් මට කවදාවත් සැනසීමක් නම් නෑ බන්...තිස්තුන්කෝටියක් දෙවි දේවතාවො සුවර්ගෙන් බැහැලා ඇවිදින් මේකට ඉඩදීපන් කිව්වොත්.....මුලු දේව මන්ඩලේටමත් වේස පද අහගන ස්වර්ගෙට යන තැනට අපේ උන් කතා හදාවි ..උන්ගෙ ඔලුව තියෙන්නෙ බෙල්ලෙ පාලුවට....දෙයියො මොල බෙදනෙ වෙලෙත් කාගෙ ජරි ජාතකයක් හොය හොය ඉන්න ඇති...ඒ වගේ උන්ගෙ බඩකින් ඉපදෙන්නත් මම මොකක් හරි පවක් කරලා ඇති බන්....අප්පච්චිගෙ ආදරේ මහ මෙරක් ලබන්න පින් කෙරුවට අම්මගෙ ආදරෙන් බිදුවක් වත් නොලැබෙන්න....ඒක මහ පවක්....අම්මා ..අම්මා...කිව්වත්.....

අප්පච්චි රසානි අම්මව බැන්දොතින් එක අතකින් මට කුඩම්මා...අනිත් අතින් ..නැන්දම්මා...එකම කොනකින්වත් ලේ බැදීමක් නෑ...හැබැයි කට පුරාවටම ලොකු පුතා කියලා කතා කරනකොට අම්මා කටවචනෙට සුදුමහත්තයා කියනවා වගේ නෙවෙ...ඒක මගෙ පපුවටම වදිනවා ශෙනෝන්.....එහෙව් අම්මෙක් මට නැති කර ගන්න බෑ....

.......

මම එන්න හැරුනා.... වෙන්න ඔනා ටික...කරගන්නෙ කොහොමද කියන එක හිමින් හිතන්න ඉඩතියලා යන්න ලෑස්ති වෙලා ඉන්න කියන එක කියලා මං එන්න අවා....

විතේන් .....

මං ගෙදර අවා....ගෙට ආවෙම විතේන් කියාගන වෙනකොට හොද වෙලේට අද අම්මට කතා නොකෙරුවෙ හිතුනා .....

අම්මා මූනට පිපිඥ්ඥා පෙති වගයක් තියාගන සෝෆාවට වෙලා උඩබෙලි අතට නිදාගන ඉන්නකොට මං බලාගන තාත්තා අම්මට කුටු කුටු ගගා බැන බැන එහාටත් ගියා මෙහාටත් ගියා ..

මේ ගෑනිට බදින වයසෙ කොල්ලෙක් ඉන්නවා කියලා නෑ....

පහන්....මට ඔය ජපකරන ඒවා ඇහෙනවා හරි....මම පිපිඥ්ඥා පෙත්තක් තියා ගත්තම හරි අමාරුයි මොකාද දන්නෙ නෑ කොරියන් කාරයෙක් වගේ ක්‍රිස්ටල් ස්කින් එකක් ඔනෙ කියලා බත ඉදෙන හුමාලෙට මූන අල්ලන්න ගිහින් මූන පුච්චන් උන්නෙ....

රසානි...ඇති....

ඇති ..නම් කටවහපන්.....

අර මගුල් දෙක ආය රන්ඩු වෙනවා .....

අම්මගෙයි තාත්තගෙයි රන්ඩුව අහන් උන්න මම එයාව හොයන් කාමරේට යන්න යනකොට මේ රෑත් මොනවද මගුලක් ගිලින අප්පච්චි මගෙ ගාවට ඇවිත් හොරාවට කුටු කුටු ගෑවා ....

අනෙ අම්මො...ඔයාගෙ කසාදෙ කඩාගන්න ඕනෙ නැත්තන් පාඩුවෙ ඉන්න...

මං අප්පච්චිගෙ බඩට ඇගිල්ලකින් ඇන්නා....වෙන්න බෑ.....එයාට බඩ ටිකක් තිබ්බනෙ ..මේ දවසට බඩට බැහැලද වෙන්න බෑ....මං එහෙම්ම අප්පච්චිගෙ මුන දිහා බැලුවා....

අප්පච්චි ....

ම්ම්ම්

ඔය ගිලින්නෙ හුස්ම හිරකරන් නේද....

පලයන් යන්න ආව අතක් බලාගන....

මං හිතුවා හරි...අප්පච්චි පුලුවන් තරම් ගිලින්නෙ හුස්ම හිරකරගන ...නාකි මනමාල ජෝඩුවලට ඕන දෙයක් කර ගන්න දීපු මම කාමරේට ආවා එයාව හොයාගන.....

විතේන් ...

තේශි එන්න .....චාකෝල් මාස්ක් එකක් දාන්න...

අනේ...මට ඕන මගුලක් නෑ.....ඕක

හෝදන් බුදියගන්න වරෙන්...

එහෙ නාඩගම් බලලා කාමරෙට එනකොට මගෙ එකා මෙහෙන් තව මගුලක් මූනට අලවන් උන්නා.....සුදුම සුදු මූනට කලුම කලු චුයින්ගම් වගේ ඇලෙන අගුරු තලියක් .....මම බලන් උන්නා...ටිකක් වැවුන සිනිදු කොන්ඩෙ පිටිපස්සට වෙන්න බෑන්ඩ් එකක් දාගන උන්න එයා නියපොතු ශේප් කරනවා...ඔය ටික මට දුන්නා නම්...මම හිරමන තලයක් වගේ වෙන්න හපනවනෙ .....යක්සයා...ඔව්වා ශේප් කෙරුව වගේ නෙවෙ....ඔව්වලින් සූරනකොට....

ඔයා නිදියන්නද එන්න කිව්වෙ....නැත්තන් බුදියන්නද මහත්තයා.....

බුදියගත්ත්ට පස්සෙ නිදියගන්න එන්න කිව්වෙ .....

නියපොතු වලට දැව ආරක්ශකද මන්දා උල උල උන්න එයා මහ කැත හිනාවක් දාලා නිදියන්නද එන්න කිව්වෙ බුදියන්නද එන්න කිවේ මහත්තයා ගාලා අහනකොට මාත් ඊට නොදෙවෙනි කැත හිනාවක් දාලා එහෙම්ම මේසෙ උඩ තිබුන ඕඩි ක්ලෝන් එක අරන් හිස්මුදුනට හලාගන ඇදේ පෙරලුනා ....

බුදියගන්න තියා නිදා ගන්නවත් බැරිව එක පාර ගොක්කොල පේයි වගේ හැගීමක් මගෙ පපුව පුරාවටම ගියා ...සෑහෙන්න වෙලාවකට කලින් අල්ලපු ඔලුවෙ කැක්කුම ආයමත් අල්ලගන ආවා...

සැරින් සැරේම අල්ලන ඔලුවෙ කැක්කුමට ඇස් ගෙඩි පුපුරන්න වගේ තරම් වේදනාවක් දැනෙන්න ගත්තා ....ඔලුව පහත් කෙරුවම ඔක්කොටම වඩා කැක්කුම අල්ලන්න ගත්තා .....ඒක නිකන් ඔලුවට සෙම පිරුනම එන ඔලුවෙ කැක්කුමක් හා සමාන වෙනකොට මං නැකිටලා ඉදගත්තා ....

මැනිකෙ....

ම්ම්ම්...

නහය බර ගතියක් එක්ක හොටු දියර පහලට එනකොට උගුර බැරැන්ඩි ගතියක් දැනුනා...මට හෙම්බිරිස්සාව වගෙේ.....

ගෙදර සමහන් තියනවද ....

ඇයි....හරිද ...මං උඹට කිව්වා සුදු මහත්තයා රෑට නාන්න එපා කියලා

මං මේ රෑට නාපු පලවෙනි වතාව නෙවෙනෙ විතේන් ...

මං එහෙම්ම ඇදෙන් බැස්සා ....මං රෑට නාපු පලවෙනි දවස අද උනා නම් මට මේක ගානක් නැති වෙන්න තිබුනා ....එක්කො තෙහෙට්ටුව හින්දද දන්නෙ නෑ.....ඔලුවට නිදහසක් හිතට නිදහසක් නැති උනාම ලෙඩ හැදෙන් නැතිව තියෙවිද ....

ඔයා ඔහොම ඉන්න මන් හදන් එන්නම්...

සීනි හැදි බාගයක් දාන්න...

අනේ නිතේශ් මගෙන් කුනුහර්ප නාහා ඉදින් පොඩි බබෙක් නෙවෙනේ .....

ආ..මං පොඩි බබෙක් නෙවෙ හින්දද ඔය ගම්මිරිස් ඇටේ මගෙ කටේ ඔබන්නෙ....

තෝනෙ ඔබාගන්නෙ ...මන්ද...??ඇරත් ඒකට දැන් ගම්මිරිස් ඇටෙ කියන්න බෑ දැන් ඒක ලොකුයි .....

ඔව්.....කුරුම්බැට්ටි මුනක් වගේ ...

උඹ වරෙන්කො රෑට අතපත ගාගන කටේ ඔබාගන්න....දෙයිද බලන්න....

ගන්න හැටි මම දන්නවනෙ....ඒක හින්දා දැන් යමන් ගිහින් හදන් වරෙන් ...අනේ...මැනි සීනි හැදි බාගයක් දාපන් බන් උගුර දැවිල්ල හැදෙනවා...අවංකවම මගෙ උගුර වීදුරු කටුවලින් සූරලා වගේ විතෙන් හෙම්බිරිස්සාව හැදෙන්නද මන්දා 

මාත් එක්කආදරේට රන්ඩු කරපු කටින් කට ගියපු එයා සමහහන් එකක් ගේන්න කුසියට යනකොට මම ඒහෙම්ම ආයම ඇද උඩ දිගා වෙලා නලල ඇගිලි වලින් මිරිකගත්තා ..මොන මගුලක් උනාද කියන්න දන්නෙ දෙයියොම විතර්ක් වෙනකොට මම එයා සමහන් එක ගේනකන් ඇදේ පෙරලුනා.....ඒ අස්සෙන් කසනවා.....මොන මගුලක්දෝ මන්දා.....ඇදේ තියන් මොනවා හරි ගිලල රෑට කූඹි වහනවා...මගුල ..

මම නැගිටලා ඇද රෙද්ද ගැසුවා .....

තේශි....ආ...

විතේන් නේ ඇද උඩට ගෙනත් එක එක මගුල් කන්න එපා විතේන් ...කූඹි වහනවනෙ....

මම මොනවද තේශි ගෙනාවෙ....ඔයානෙ කැද එක පෙව්වෙත් ...කැද වලට කූඹි වහනවද ....නැනෙ.....

සීනි හැන්දක් දැම්මද.....

ම්ම්ම්....

මම ඇදේ ඉදගන එයාව ඇදලා අරන් මගෙ කකුලක් උඩ ඉන්දව ගත්තා .....එයා මගෙ නලලට අත තිය තිය උන බලනකොට මම සමහන් එකට කටින් පිඹ පිඹ උගුරෙන් උගුර බොන්න ගත්තා ....

සුදු මහත්තයා ....

ම්ම්ම්....

අප්පච්චි අපි එක්ක යන්න එයිද.....

අප්පච්චිට දැන්ම එන්න බැරි උනත්...මං නම් හිතන්නෙ නෑ විතේන් අප්පච්චි නෑවිදින් ඉදීවි කියලා .....

එතකොට අපි දෙන්නා බදින දාට වත් ..

මට උඹ එක්ක අමුතුවෙන් බදින්න දෙයක් නෑ මගෙ විතේන් .....කසාද සහතිකේ කියන්නෙ ලෝකෙට පේන්න උඹ සදහටම මට සින්නක්කරයි කියල පෙන්නන්න ලිය උන ලියමනක් විතරයි . .ඒක ඇතා...හෝ නැතා...මම උඹ එක්ක බැදිලා ඉවරයි...මට ඕන උඹ එක්ක මෙහෙන් පිට වෙන්න....අප්පච්චිට එන්න කල් ගියත්....අම්මයි තාත්තයි ඉන්නවනේ....වෙන උන්ව සාක්කියට ගන්නවට වඩා...හිතට දැනුනම මිනිස්සු ගන්න එක මගෙ හිතට සැනසීමයි විතෙන්....

මම මගෙ කකුල උඩ ඉන්දවන් උන්න එයාගෙ අත් ගොබේට ඔලුව හේත්තු කර්ගන්නකොට එයා මගෙ ඔලුව අත ගෑවා....ඔලුව කැක්කුම දැන්ම අඩුවෙන පාටක් නෑ කියන්නද කොහෙද මගෙ ඔලු කට්ට පුපුරු ගහන කොට මම අසනීප එයාට වත් කටක් ඇරලා වේදනාව ගැන නොකිය කට පියාගන ඉදලා සමහන් එකේ අන්තීම උගුරත් කටට හලාගන එයා අතට හිස් කෝප්පෙ දුන්නා.....

ඒසි එක එපා නේ...

එපා...අම්මෝ....ජනෙල් පියනක් අරින්න....ඒසි එකත් දැම්මොත් මගෙ ඔලුව් පුපුරයි ....

අලුතින්ම්ම කුරුලු පිහාටු පුරවපු බ්ලැන්කට් එක අස්සට ගියපු මම ආයම ඒ බ්ලැන්කට් එක අල්ල ව්සික් කෙරුවා ....

ඇයි.....

ආය මේ මගුල් පුරවපුවා උස්සන් එන්න එපා....

ඇයි....සනීපයිනෙ.....

එපා විතේන් ....මේක අස්සෙ තියෙන්නෙ අහසෙ පියාඹන් යනකොට වැටුන කුරුල්ලන්ගෙ පිහාටු නෙවෙ මෙවටම ඇති කරන කුරුලන්ගෙන් ගලවන පිහාටු....අමු අමුවෙ පිහටු ගලවනකොට කොච්චර ලොකු වේදනාවක්ද මැනිකේ....මට තවත් පව් කර ගහන්න බෑ බන් .මං පව් කරන්න බයයි විතේන් ...මට මේ එක පිට එක හෙන වදින්නෙ ඒ පව්ද කොහෙද .....මිනිස්සු සනීපයි...සනීපයි ගාලා ගන්න දේවල් අස්සෙ සමහර විට තියෙන්නෙ අහිංසක සතෙක්ගෙ කදුලු විතේන් ...

මට වේදනාවක් දැනුනා.....පිහාටු ගලවනකොට උන්ට වේදනාව දැනෙනවනෙ හිතුනා .....කොච්චර උනත් සනීපයි ගෑවට මොබ වේදනාවක්ද හිතුනා ....චීනෙන් එන සමහරක් ජැකට් හදලා තිබුනෙ සම්පූරනම පූස් ලොම් වලින්...පූස් ඝාතකාගාරයක් අස්සෙ හැරෙන්ඩ පෙරලෙන්ඩ බැරිව දහයක් විස්සක් විතර ඉන්න යකඩ කූඩු අස්සෙ ඉන්න පූසාන්ගෙ ඇස්වල කදුලු දකිනකොට පපුව පැලෙන්න එනවා ....වියෙට් නාම් වල සම්පූරනම එක පැත්තක් බලු මස් වලට වෙන් වෙනවා.....බලු මස් කියනකොට මට අපේ පලිගුවව මතක් වෙනවා ..කියන්න තේරෙන්නෙ නෑ...දඩාවතෙ යන බල්ලා උනත්...ඌත් ජීවත් වෙන්න ආස අහිංසකයෙක්බෙ නොබල පෝර ගෝනියක බස්සලා මැරෙනකම්ම පොලු වලින් තඩි බාන්නෙ කොහොමද කියලා .....

මට තව ඒ ගැන හිතන්නවත් ඕනා උනේ නෑ..... කුරුලු පිහාටු බ්ලැන්කට් එක පැත්තකට දාපු මම නිකන් ඇද රෙද්දක් අරගන කකුල් තියන හරියෙ පැත්ත මෙට්ටෙට යට කෙරුවා ....නැත්තන් මගෙ විතේන් දගලන දැගිලිලි වල හැටියට රෙදි හොයන්න දැල් දාන්න වෙනවා .....

තේශි...

ම්ම්ම්...

ඇද රෙද්ද යට කරපු මං එහෙම්ම ඇදේ දිගා වෙලා එයාට ඔලුව තියන්න මගෙ අත දිගෑරියා .....කොට්‍ටෙන් ඔලුව නොතියම මගෙ අත් ගොබේ උඩ ඔලුව තියා ගත්තු එයා මගෙ පැත්තට හැරිලා වෙනදා වගේම ඒ සර්වාංගෙන් බාගයක් මගෙ ඇගට දානකොට මං එහෙම්ම එයාව තුරුල් කර ගත්තා .නලලට වගේම කොයි වෙලෙත් පච පච ගාලා මට බනින කටටයි මං ආදරනීයම හාදුවක් තියනකොට එයා මට තවත් තුරුල් උනා ...කටින් වචන නොකිව්වත් ඇස්වලින් කියන කතා ඕන තරම් වෙනකොට මට ඉබේටම පපුවටත් වඩා බර හුස්මක් පිට උනා...ඔලුවෙ අමාරුවට වඩා පපුවෙ වේදනාව වැඩි තැන මං එහෙම්ම තනි සුදු පාට සිවිලිම දිහා බලන් උන්නා...

හැම දේම ඉක්මනට විසදේවි සුදු මහත්තයා ...මේ මාසෙ ඇතුලත හැම දේම විසදේවි ....

මටත් ඕනේ එච්චරයි විතේන් ....මට තවත් නම් ඔලුවට ප්‍රශ්න පුරවගන්න බෑ මැනිකෙ....තාත්තා කිව්වා වගේ....ඉක්මනට මෙහෙන් යන්න කියලමයි මගෙ හිත කියන්නෙත්...

මං ඉන්නවනෙ තේශී.....

එයා මගෙ හිත හදන්න හැදුවා වේදනා දෙන ඔලුව තව තව වේදනා දෙනකොට එයාටත් හොරාවට මගෙ ඇස් කොනින් කදුලු බින්දුවක් කොට්ටෙ උඩට වැටිලා හැංගිලා ගියා ....

මට තේරෙන්නෙ නෑ ...වෙලාවකට මිනිස්සු කියනවා පමා වෙලා පිපුන මල් සුවදයිලු....සමහරු කියනවා ....මොනවටත් වඩා පතොක් මල් හයියයිලු....ඉරි තැලුන පොලවටත්....වැහි බින්දු වැටෙයිලු....අනෝරා වැහි වැස්සත්....අනිවාර්යයෙන්ම දේදුන්නක් පායාවිලු ..තියෙන්නෙ අමාරුම කාලේ හුස්ම ඇද ඇද අල්ලන් ඉන්නලු.....ඒත් මිනිස්සු නොදන්නවා උනාට....මොල්ලිගොඩ වලව්වෙ උන් උන්ගෙ ගස්වල මල් පිපෙන්නත් කලින් පර කෙරුවා ...පිපෙන්නත් කලින් පොඩි කෙරුවා ....ඉරි තැලුන බව දැක දැක වතුර බිදක් නොදා තව වේලියන් කියලා ඒ උඩ ගිනි ගොඩවල් ගැහුවා ....කොහෙන් කොහොම බැලුවත් උන් දෙන්නෙ දුකම විතරක් වෙනකොට මං දෙයියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලුවෙ වැස්ස වැස්සෙ නැති උනත් කමක් නෑ පතොක් ගහක් වගේ මට දරා ගන ඉන්න හයිය දෙන්න කියලා .....

බේබී....හාමූ.....

බේබී ...හාමු...උඹලට...මාව මතකැයි...

බේබී හාමු....උඹල මගෙ නත්තල් ගහ ගෙනාවැයි...

රන් මලී.....ඔහොම නැවතියන්.....

බේබී ..හාමු....ඔහොම ඉදපල්ලා.....ලොකු මැනිකෙ දැක්කොතින් මාව මරාවි.....

උඹට ඕක තනියම ආන්බාන් කරන්න බෑ දරුවෝ...නැවතියන් ඔහොම .....

බේබී හාමු.....උඹලා පරිස්සම් වෙයල්ලා ....උඹලා නොසෑහෙන්න පරිස්සම් වෙයල්ලා...

රන් මලී...එපා.....යන්න එපා....උඹව වතුරට වැටේවි .....උඹව ගිලේවි....

රන්මලී....එපා...

නැවතියන්....

අනේ...එපා.....රන් මලී...උඹව ගිලේවි....

බේ...බී....හා..මූ...අනේ..

රන් මලී.....එපා....!!!!

තේශී.....තේශී.....සුදු මහත්තයා ...අනෙ...

රන්..මලී....!!!

🥺ම්හුක්.....ජැක්කනේ...එයා ආවා....ම්හුක්...

ම්හුක්....කොචස් අනූවක් පිරුනා...චව චූ.....ච්චයිනෙ ඉචිම්....ජැක්කනෙ.....අඥූවයි....ජැක්කනෙ🙂

ආයම හෙට එන්නා....ම්..

පයිස්සමින් ඉන්ඩෝ...

මං

Ferdeesha ...

More Chapters