Cherreads

Chapter 7 - 07

වෙව්ලන ඇගිලි වලට ස්ටියරින් වීල් එක අහු නොවෙනකොට වෙව්ලන කකුල් වලට බ්‍රේක් එක පෑගුන් නැතිව ගියා ලයිට් කනුවෙ වැදුන පාරට ඉස්සරහට විසික් වෙලා ගියපු මගෙ පුපුරපු නලල ආයම ඇනෙනකොට මං එහෙම්ම ටික වෙලාවක් උන්නා...මට දැනුනා ඊයෙ රෑ ඇද පත්තෙ වද්දන් තුවාල උන තුවාලෙ ආය ආයම පෑරුනා කියලා.....

වේදනයි.....මේ හිත උහුලන්න අමාරු වේදනා හුගක් ඉහිලුවා ....

සුදු අක්කෙ උඹත් ගියෙ උඹට දරන්නම බැරි තැන නම්...මාත් ඉන්නෙ මට දරන්නම බැරි තැන .....උඹ මට කලින් ඉස්සර උනා....මට කියපන්....මාත් උඹ පස්සෙන් එන්නද.....

සිග්නල් ලයිට් පවා වැටුන කාර් එක ඔහේ තියනකොට දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිත් කාර් එකට තට්ටු කරා....එයාලා හිතුවා මං මැරිලා කියලා .....එතනට දුවන් අව මිනිස්සු කිව්වෙ කරදරයක් නෑ කියන එක උනත් මං ප්‍රාර්තනා කෙරුවෙ මට යන්න තිබුනා නම් කියලා ....

ජීවත් වෙන්න එක හේතුවක් ඇතිලු....ඒ උනත් ජීවත් වෙන්න එකම හේතුවක් නැති මං කොහොම උහුලන්නද....මට මැරෙන්න හිතෙන්න නැතිද.....මාස ගානකටදි උඩ දි ඇවිලුන ඇවිලිල්ලතවමත් ලැව් ගින්නක් වගේ ඇවිලෙනකොට මම ඒකිව මගෙ කරගන්න දහ අට සන්නියම නැටුවා උනත් උන් කෙරුවෙ වලව්වෙ සුදු හුනු ගාගන්න මගෙ අසරනීව පාගපු එක දෙනෝ දහක් මැද ලැජ්ජා කරපු එක....ඔක්කොම කර බාගන අහන් ඉදලා අවසානෙදි හැම රෑකම කොට්ටෙ පෙගෙනකම්ම අඩපු එක...මං සෙනාරිට පින් දෙනවා මගෙ සුදු අක්කා වගේ ඒකිත් ඒකිගෙ ඇගෙ බර බල්කෙට දැනෙන්න නොදුන්න එකට....එහෙම උනා නම් මට වෙන්නෙ කනේරු ඇට කන්න.....

අවසානෙදි උන් හැමෝම එකතුවෙලා මටයි සුදූටයි දුන්නෙ උපන් මනුස්සයෙක්ට උහුලන්න පුලුවන් වද වේදනා නෙවෙ ...

මට උඹව බේරගන්න බැරි උනා මගෙ සුදු.....

ආව මිනිස්සු මම හුස්ම අල්ලනව දැකලා යන්න යන කොට හුස්ම ඇල්ලුවත් මැරිලා ගියපු මම ස්ටියරින් වීල් එකට ඔලුව ගහන් ඇඩුවා මට ඕනේ අඩන්න...අඩලා අඩල...ඇස් ගැලවෙනකන් හරි අඩලා හිතේ තියන විරහවයි.....සුදූගෙ මලගමේ වේදනාවයි තුනි කරන්න....

මට හැම දේම නැති උනේ මෙ නුවරදි...මට එයාව හම්බෙනුත් මේ නුවරදි.....මට එයාව නැති උනෙත් මේ නුවරදි.....මට මගෙ සූදූව නැති උනෙත් නුවරෙදි...මට කිසිම දෙයක් නැති උන් නෑ....උන් හැමෝම එකතුවෙලා නැති කරල දැම්මා මිසක්...

.

තවමත් ලයිට් කනුවෙ ඇනන් උන්න කාර් එක මම ආයම පාරට ගත්තා ...අඩලා ඉදිමුන ඇස් දෙක වගෙම ආයම පැරුන නලලෙන් එන උනුසුම් ලේ බිංදු මම ඇදන් ඉන්න ඇදුමෙම්ම පිහද ගත්තා ....නීට් එක කියන දේ නූලටම බලන මම දැන් එකම ඇදුමෙන්.....ආත්මයක් නැතිව ජීවත් වෙන මිනිහෙක්‍ට මොන පිලිවලද....

සෙකංඩගල අහසට පායන ඉර දන්නව නම් නුවර මැනිකෙලා එකතු වෙලා අපිට කරපු හරිය කවදාවත් වලව්වට ඉර පායන් නැති වේවි....තියන මහන්තත්ත කමට ඉස්පිරිතාලෙ නොයා වින්නඹු අම්මා ලව්වා අත දාවල දරු ගැබ පිහවන්න තරම් මැනිකෙට නම්බුව ලොකුවෙනකොට ඉනෙන් පහල කොයි වගේද නොදැක අන්දකාරෙම පිරිමි හත්තිය ඇතුලේ යවලා හදපු අපි නිකම්මු වෙලා උන්නා.....ඔය කවුරු කවුරුත් උඩ දාන් වලවේ හාමුදුරුවො ගගා වැලලුන තැන්වල දැලි ගෑවුන තැන නොතිබුනාමත් නෙවෙ....

උන්ට ලොකු නම්බුව.....හගක ගෙඩියක් කැඩුවත් වරු ගනන් වලව්වෙ මිදුලේ දඩු කදෙ ගහන උන් පන්සලට ගියහම ගන්නෙ මුල් තැන වගේම සද්දෙට සාදුකියන්නෙත් උන්ම උනා....

මිනිමරුවො.....උඹලා ඔක්කොම මිනිමරුවො....උඹලා අපිට අපිවම නැති කෙරුවා....උඹලා අපිට අපිවම නැති කෙරුවා.....

කම්මුල් තෙමාගන යන කදුලු පේලිය ඇදුම ඇතුලෙම හැංගෙනකොට මම නුවර වට රවුම ගාව උන්නා...

ඒ බෙංච් එක.....ඉතින්....උඹ මම නැති උනාට වෙන උන් තුරුල් වෙලා හීන මවාවි...අපි මැවුවා වගෙ ගඩොලින් ගඩොල බැදල ගෙවල් හදාවි...කනුවෙන් කණුව බැදලා අවසානෙදි එකතු වෙලා මවපු හීන මාලිගාව ඇත්ත කරාවි...අවසානෙදි උන් එගෙට ගෙවදීවි....

ඒත් අපිට...අපිට ....කවදාවත් ගඩොලින් ගඩොල එකතු කරල හදපු ගෙදර නවතින්න බැරි උනා....උන් ඇවිත් කිරි උතුරවන්න කලින් මුට්ටියම කුඩු කරලා දැම්මා....සුදු මොන තරහීන මවන්න ඇතිද.....මේ වලව්වෙන් පැනල ගිහින් බඩට ආව දරුවා හදාගන දරුවගෙ තාත්තා එක්ක ජීවත් වෙන්න....අවසානෙදි මවපු හීනත් නැතිව ගියා...කිරිමුට්ටිය ගගේ පා කරන ගමං නල්වන්න හදපු දරු පැටියව උන් මරාගත්තා .....උනුත් අම්මලද.....

නම්බුව වෙනුවෙන් උන් අපිට වද දේවි....

මං අපි දෙන්නා මුලින්ම හම්බ උන තැන...අපේ ආදරේ මුල්ම අංකුරේ දාපු තැන වෙච්ච වැව රවුම වගෙම අපේ ආදරේ මලගම උන වැව රවුම දිහා බලන් උන්නා....

ඉතින්....තව දුරටත්....නිතේශ් සෙනාරි කියන්නෙ අතීතයක් විතරමයි.....සුදු අයියගෙ මැනික කියන්නෙත් අතීතයක්ම විතරයි ....මට උඹව නැති උනා...නෑ..උන් උඹව මගෙන් ගත්තා ...ඒ උනත්...උඹට ජීවිතයක් තියනවා....මං දන්නෙ නෑ...මේ වේදනාව තව කොච්චර කල් තියේවිද කියන්න....ඒ උනත්....මැනික.....කවදා හරි අල්ල ගන්න ඕනේ...හන්තානෙ ගුලිවෙන තැනට වඩා සංසාරෙ තනි නොකරන ආදරයක්.....උඹට සුභ ගමන් සෙනාරි...මං වෙනුවෙන් බලපු හීන එයා එක්ක බලපන්...

හන්තානට පායන හද ලස්සනයිද කියන්න...

මා නොදකින ඒ පුර හද හැකිය ඔබට දකින්න්...

මා ගැන මතකය ගුලිකර මහ වැලියට දමන්න...

ඉතින්....මගෙ මතකේ සදහටම ගංපතුලේ හිර වේවි....

පෙරුම් පුරලා එකම සිහිනෙක

ඇන්ද රූ සිතුවම් මකා

හිඩැස් නොතියා බැඳුණු ප්‍රේමෙක

විරහ ගිනිදැල් දැල්වුනා...

නුවර වැව වට අනන්තය දැකි

දලදාවටත් දුක කියා

හන්තාන පාළුව මකන්නට සද

පෑයුවා මා හැර දමා...

නුවර අහසෙ පායලා තිබුන ඉර එන්න එන්න සැර කරනකොට මොල්ලිගොඩ වලවේ සාලේ මැද්දෙ ඇත්දල දෙකක් එක්ක පොල්තෙල් පහනක් තියලා ඇති . ...මාලහතක් දාලා කොන්ඩ ගෙඩිය ගහන් උඩරට මනාලියෙක් වෙලා පෝරුවට නගින්න උන්න සුදු අක්කා අවසානෙදි පිට පලු නැති මිනි ඇදුම ඇදන් ඔය ගෙදර අද නිදියාවි.....හිතේ කහට ටොන් ගනන් තියන වලව්වෙ මැනිකෙලා එන උන් ඉස්සරහා බොරුවට දුක කියල පෙට්ටිය බදන් කදුලු බිව්වා උනත් ඒකිගෙ අවසන් හුස්ම යවන හේතුවම මොල්ලිගොඩ මැනිකෙලා කියන්න මේ සෙංකඩගල පුරවරයම කවදාවත් නොදනීවි.....

නව මසක් දරාගන මෙ ලෝකෙට ගේන්න ඒකි හීන දකින්න ඇති.....ලේ කිරි කරලා පොවන්න...ඒකි හීන දකින්න ඇති...දරු පැටියා ඒකගෙ අප්පච්විගෙ රූපෙ ගන්නවනම් කියලා ප්‍රාර්තනා කරන්න ඇති...මොන දේ උනත් වලවෙ අගස්ති මාල කුඩු කරන් ඒකිට පොල් අතු පැලක වැටිලා ඉන්න හරි හිත හදාගන්න ඒ ආදරෙ පුදුමාකාර වෙන්න ඇති ඒ උනත් උන් කෙරුවෙ අවසානෙදි දරුහීනෙ අත් වලින් පොඩි කරලා දාපුඑක...කුල මල හොයන අත්තම්මා දන්නෙ නැද්ද දන්නෙ නෑ..මනමේ කුමාරිත් ගියේ අවසානෙදි ගියේ වැද්දෙක් එක්ක කියලා....ඇත්තටම අමන ගති තිබුනෙ වැද්දට අසිපත දුන්න මනමේ කුමාරින්ගාව නෙවෙ....ලේ කැටියෙක් අමු අමුවෙම මරාගන්න ගැට අන්නාසි කවපු මොල්ලිගොඩ වලව්වෙ මහ මැනිකෙට.....

කලු පාට තාර පාර ‍රත්වෙනකොට අවුරුදු රහ මැරිලා නොතිබුන කොට අතේ පිච්චිය නැතත් සමහරු ඇදිවත පිටින් හරි නෑගම් ගියා....උන්ගාව තිබුන සතුට මන් ගාව එකම දශමයක් තිබුන් නෑ.....මගෙ කර් එක ඇතුලෙ ඒසි එකේ උන්නා උනත් මාව පිච්චුනා....උන් මහපාරෙ පිච්චුනත් ඒ හිත් සන්තෝසෙන් පිරිලා තිබුනා.....

නෑගම් යන මිනිස්සු නෑගම් යනකොට බඩ ගෝස්තරෙ හොයාගන්න දත කන අසරනයො පාර මැද කාට හරි අත පෑවා...මං කට පුරාවට අසරනයි කිව්වට වලව්වෙ මැනිකෙලාට මෙ මිනිස්සු හිගන්නු රොඩියො උනා...එක අතකට දෙයියො මහ අසාදාරනයි හැමෝම එක කුලේක මැව්වා නම් මේ මිනිස්සු කවදාවත් මේ තරම් අසරන වෙන්නෙ නෑ...

ඕනම පින්තූරෙකට කතාවක් තියනව වගේ පාරේ අත පාන හැමෝටම කතාවක් තිබ්බා...මිනිස්සු කවදාවත් හිතලා අසරන වෙලා ඉපදුනේ නෑනෙ...

අපේ මතක පිරුන සෙංකඩගල පහු කරන් ආව මම ගලන කදුලු වලට ඔහේ ගලන්න දීලා ඩ්‍රයිව් කෙරුවා... 

කාර් එකේ ඒසි එක වහලා දාපු මම ඇතිවෙනකන් අඩපන් කියලා අඩපු ඇස්වල කදුලු පිහදගන ශටර් එක ඇරියා ම්....

රතු ලයිට් එක පත්තු උනා.....

ට්‍රැෆික් ලයිට් ගාවදි රතු ලයිට් එක පත්තු වෙනකොට ඇගිල්ලක් ගහන්න බැරිතරම් වහන හතරමන් හන්දියෙන් එහා මෙහා මාරු වෙනකොට රතු එලියට මගෙ කාර් එක නැවතුනා වගේම මම සුදූව වගේම හිතේ විරහව වේදනාව අමතක කරගන්න ලාවට රේඩියෝ එක දැම්මා වගෙම එහෙම්ම සිගරට් පෙට්ටියෙන් සිකරට් එකක් අරන් අවුල ගත්තු සිගරට් දත්වලට හිර කර ගන දුම් උගුරක් ඇදලා ඔහේ බලන් උන්න වගේම මට එහා පැත්තෙ තිබුන කාර් එක දිහා මට ඉබේටම බැලුනා.....

මැ...නි....ක.....

මටත් නොදැනි මටම ඒ වචන මිමිනෙනකොට මගෙ ඇස් වල වේලුන කදුලු ආයම අලුත් උනා වගෙම මම ඉක්මනට සන්ග්ලාස් දෙක දාගත්තා ....මොකද මගෙ කදුලු එයා දකින්න ඕන නෑ...

දෛවය කොයි තරම් නම් නපුරුද කියනවා නම් හොය හොය තලන්නෙත් අසරනයන්වම වෙනකොට මට එහා පැත්තෙ උන්නෙ අවුරුදු හතරක මගෙම ආදරෙ වෙනකොට දරන්න බැරි වේදනාවක් එක මම ඇස් කොන්වලින් ඒ දිහා බලන් උන්නා....

මොන දුකක්ද...අදරේ කරපු උන්ම විතරයි අහිමි වීමෙ දුක දන්නෙ කොට රැයක් සතුටින් ගෙව්වා කියන්නද කොහෙද රවීන් ගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදිලා තිබුනා.....තරහවක්...වෛරයක් හිතෙ කොනකවත් නැති උනත් මට මං ගැනම අනුකම්පාවක් දැනුනා වගේම ඊයෙ අවසානම පාරට මට සතුටින් ඉන්න කියලා ගියපු කෙල්ලගෙ හිනාව මම දැක්කා...ඒකි හිනා වෙනවා...ඒ උනත් රවීන් කවදාවත් දන්නෙ නැතිව ඇති ඒකිගෙ ඇත්තම හිනාව මොකක්ද කියලා.....ඒකි හිනා උනත් ඇතුලෙන් මැරිලා උන්නා...අවුරුදු හතරක් හිඩැසක් නොකර දීපු ආදරේම මරලා කාටද පුලුවන් හිනා වෙන්න....හිනා වෙලා සතුටින් ඉන්න කියලා යන කාටවත් විරහව ඇරෙන්න සතුට උරුම නෑ කියන්න මම හොදට තේරුම් ගත්තා ....තවත් බලන් උන්නොත් වෙන්නෙ මගෙ හිත තව පෑරෙන එක වගේම මාව දැක්කොතින් වෙන්නෙ ඒකත් අමාරුවෙන් හදා ගත්තු හිත බිදෙන එක....

හිමි උනා...අහිමි උනා....ඒක දෛවයේ තීරෙනේ ඒ උනත් දැන් එතන තියෙන්නෙත් කුරුලු කූඩුවක්...මට තවත් පව් එකතු කර ගන්න බෑ.....මං පොරොන්දු උනා....වගේම මම උඹව අමතක කරනවා...මං ආයම කාට හරි ආදරේ කරයිද නැතිද කියන්න මම දන්නෙ නෑ..හැබැයි මම ආයම ආදරේ කෙරුවොතින්...වලවෙ මැනිකෙගෙ මලකද උඩින් හරි මං ආදරේ කරන එකාව මගෙ කරගන්නවා...මොකද විරහව කියන්නෙත් එක්තරා ප්‍රේමයක් උනත්...අවසානෙදි දරන්න බැරි තැන මාත අතෑරියොතින්.....සුදු අක්ක වගේම....

පිම්බුන බැලුමත් දරන්න බැරි තැන පුපුරල යනවා...මගෙ සුදූට උනෙත් ඒක....

මම ශටර් එක වහලා දැම්මා...මට ආයමත් බලන්න ඕන් නෑ ..පොරොන්දු තියෙන්නෙ රකින්න..මම උඹගේ ඔලුවෙ අතගහල දිවුරුවා නාස්ති වෙන්නෙ නෑ කියලා ....

සසල උනත් මගෙ සිතුවිලි ඔබ ළඟ....

නිසල කරන් මම ඉන්නම් සෑම දින.....

කාත් කවුරුවත් නොමැති මා හට ...

ඔබත් අහිමිව ගියපු අරුමය.....

ඔබට මා හිමි නෑ...

මටද ඔබ හිමි නෑ....

ඉතින් හිතින් විතරක් ආදරේ කරන ගමන් මෙ නිතේශ් හුස්මක් ගන්නකොට කොලපාට ලයිට් එලිය එක්ක අපේ කාර් දෙක දෙපැත්තට යන්න ගියා...

පාරෙ වාහන වගේම ඇවිදන් යන මිනිස්සු තම තමන්ගෙ ලෝකවල ඉන්නකොට මමත් නන්නත්තාර වෙලා ඔහේ උන්නා.....වස් ඉල්ලපු ලොකු මැනිකෙගෙ නිතේශ් ටමයි ඒ වස් වැදුනෙ නොදන්න නොදන්න මැනිකෙ තවත් අපිට කෙරුවෙ එක එක ජරහන්ත පොවපු එක වෙනකොට අවසානෙදි මතුරපු දෙයක් එක්ක මේ ලෝකෙ නොදැකපු ලේ කැටියක් යන්න ගිය එක වගේම කකුල් අල්ලලා සුදු අක්කා සදහටම යන්න ගිය එක ආය ආයම මතක් කරනන්ද කොහෙද මගෙ ඵෝන් එකට වලව්වෙන් කෝල් එකක් ආවා.....

මං ආන්ස්වර් කෙරුවා....

සුදු අයියෙ.....

පොඩී...ඇයි.....

ඔයා..පරිස්සමින් ...ගි..යා නේද....

ඔව් පොඩී....සුදූට මොකද උනේ ..පොඩි....

.කොච්චර හිත ගල් කරගන්න හැදුවත් ආය ආයමත් මගෙ හිත එක තැනම කැරකුනා...මටත් වඩා අසරන උනේ මගෙ සුදු වෙනකොට මට ආයම වාවන්නෙ නැති උනා...පිරිමි හිත් ගෑනු හිත් වහේ නෙවෙ ....අඩන්නෙ නැතිව ඉදලා ඉදල අවසානෙදි අඩන්න ගත්තම උන් අඩන ඇඩිල්ල උහුලන්න කාටවත් බැරි වෙනතරමට උන් අඩනකොට එහා පැත්තෙ උන පොඩි හොරෙන් හොරෙන් මගෙ හිත් හැදුවා....

සුදුව අරන් ගියා සුදු අයියෙ....රෑ වෙනකොට ගෙනෙයි ....වලව් මැනිකෙලාගෙ රගෙටමද කොහෙද...මලගෙදරට මැස්සෙක් වත් නෑ....අඩාගන්නවත් අපිට අයිතියක් නෑ සුදු අයියෙ උන් කාටවත් දුක නෑ...උන් කාටත් හිතක් පපුවක් නෑ....

අඩන්න එපා පොඩි....කරන්න දෙයක් නෑ....ඒක අපේ කරුමෙ...

මං තියන්නම් පරිස්සමින් ..සුදු අයියෙ.....තෙරුවන් සරනයි අනේ ..අපිට ඉන්නෙ උඹ විතරයි ...පරිස්සමින් .....

පොඩීගෙ වචන එක්ක හිනා වෙන ඇස් දෙක වලගැහෙන කම්මුල්.....නල දතක් පැත්තෙන් තිබුන, අක්බමරු කොන්ඩෙ ඉනෙන් පහලටත් තිබුන සුදූගෙ රූපේ මගෙ ඇස් පනා පිට පෙනකොට මම හුස්ම අල්ලන් උන්නා...

ජීවිතේ කියනෙත් කතාවක්...හිත හිත ලිව්වට නොහිතන විදිහට ඉවර වෙන...වෙනසකට තියෙන්නෙ අපේ අතින් වලව්වෙ න් පෑන් උදුරගන තිබ්බා...අපේ ජීවත කතාව ලියන්නෙත් උන්..මකන්නෙත් උන්.. ...ඉතින් අපිට තියෙන්න උන් ලියන පිටපතට නටන්න...එච්චරයි ....

ශීට් එක උඩ තිබුන වතුර බෝතලෙ කඩා ගත්තු මම එක හුස්මට බීගන බීගන ගියා....විරහව වගේම සුදුගෙ මලගමේ වේදනාව එක්ක මගෙ බඩේ බඩබොකු එකට ඇලිලා තියනකොට බඩගින්න පවා නැත්තටම නැතිවෙල දවසට දෙකට මාව වැහරිලා අවලස්සන වෙලා තිබ්බා....

ඉතින්...අවසානෙදි හිතේ දුක හිත ඇතුලෙම තියලා ලොක් කරපු මම පැය ගානකට පස්සෙ මම ගෙන්දගම් පොලවට ආවා....

සල්ලි කාර නෝනලා පිරුන...කුල මල තබේකට මායිම් නොකරන කුරුදුවත්තෙ නෝනලා පිරුන වීදියක තිබුන මගෙ සිව් මහල් ගොඩ නැගිල්ල ගාව මම එහෙම්ම කාර් එක නැවැත්තුවා....

පැත්තම පාලුවෙලා.....කොළඹ උන් අවුරුදු හොයන් ගම්වලට යනකොට කඩ පේලි ඔක්කොම වහල තිබුනා....

Salon niyo

කියන දඩ සයිස් බෝර්ඩ් එක දිහා බලන් උන්න මම ටික වෙලාවක් ඔහෙ උන්නා.....පහල තට්ටු දෙකම සැලෝන් එකට අයිති වෙනකොට තුන් වෙනි තට්ටුව ගේ කුරුල්ලො දෙන්නාගෙ කූඩුව උනා....ආදරේ කියන්නෙ ආදරේ විතරක්ම වෙනකොට උන්ගෙ කැදැල්ල අස්සෙ උතුරන්නම ආදරේ තිබ්බා...ඉතින්...හතරවෙනි තට්ටුව මට....

වෙනදට ලිෆ්ට් එකෙන් යන මම පඩිපෙල බඩ ගෑව....හෙට සදුදා....අද ඉරිදා...වහපු සැලෝන් එක හෙට අරිනවා.....ඒත්...මම එන්නෙ නැ...මට ඔනෙ කොහෙ හරි මුල්ලක් අල්ලන් හැංගෙන්න වෙනකොට මම සිල්වර් බාර් එක අල්ලන් පඩි නැගලා ගේ කුරුල්ලො දෙන්නගෙ කූඩුව ගාව ණැවතුනා....මගෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුමයි....ගෙඩි ගැහුන නලලෙන් එන වෙදනාව උහුලන්න අමාරු වෙනකොට මම උන්ගෙ බෙල් එක ගැහුවා....

මැරිලද මන්දා ....

කෝල් එකක් ගත්තා ...නෝ ආන්ස්වර් ...

ආයම දොරට ගැහුවා...ඒ පාර ඇරියා ...

නිතේශ් ...අඩේ....

මට...වතු...ර ....

මට එච්චරයි කියන්න හම්බුනෙ....මං එහෙම්ම ශෙනෝන්ගෙ උරහිසට බර උනා වගේම ඒකා මාව වත්තම් කර ගත්තා ...

බබා...බබා..බබා.....

මොකද වදේ

වතුර එකක් ගේන්න....

මට බෑ මං පෙරේදා රෑ වතුර එකක් ඉල්ලුවා ගෙනත් දුන් නෑනෙ...ඕන නම් ගන්න එකයි....

ඩියෝන් වතුර එකක් ගේනවා..මට නෙවෙ...

සිහියත් අවසිහියත් මැද උන්න මට උන් දෙන්නගෙ කතා ඇහෙනකොට බඩ ගාගන හරි ගෙදර යන්න හිතුනා උනත් අරූ උගෙ බොටමට දෙහි කප කප මාව උස්සන් ගිහින් සෝෆා එකේ තිබ්බා...

අරු අර තායි මගුල බලනවා...පොඩ්ඩක් ඉදින් නිතේශ් කනට දෙකක් දීලා ඇදන් එන්නම්....

මාව සෝෆාවෙ තියපු ශෙනෝන් යන්න යනකොට කාමරේ ඇතුලේ කින්පුස්ද..මොන මගුලෙද සින්දුව ඇහෙනකොට මම අත්දෙකෙම්ම ඔලුව බදාගත්තා .....

නිතේශ් ...නිතේශ් ...ඇයි මේ...නිතේශ් ....ශෙනෝන් අයිස් බෑග් එක....අයිස් බෑග් එක...

ශෙනෝනට අයිස් බෑග් එක ගේන්න කියපු ඩියෝන් මගෙ මුනම අත ගෑවා...හරි හමන් කෑමක් නැතිව උන්න මාව හාමත් වෙලා තියනකොට මගෙ ඇගේ හැගීම් දැනීම් පවා මැරිලා උන්නා.....

නිතේශ් ....මෙන්න මේක බීහන් උඹට උන.....

අතට දුන්න පෙන්ඩෝල් දෙක ඩියෝන්ගෙම පිහිටෙන් බීගත්තු මම නලලට තිබ්බ අයිස් බෑග් එක එක්ක එහෙම්ම වැටිලා උන්නා....

මචන් උඹ කාලද....

කෑවනම් පේනවනෙ...කාල නෑ කියන එක තේරෙන්නෙ නැද්ද .....

හරි..මං ඇහුවෙ කාලද කියලා විතරනෙ ඔයා මොකද ණැකිට්ට වෙලේ ඉදන් පුප්පන්නෙ....

ඔයාට වැඩක් නෑ...

මම අත් දෙකෙම්ම අයිස් බෑග් එක නලලට තද කරන් මගෙ වේදනාව උහුලගන්න හදනකොට අරුන් දෙන්න කා කොටා ගන්න ගත්තා ....

නිතේශ් ..මචන් උඹ කාලා නෑනෙ.....මේ තොල්පට පවා වේලිලා.....

ශෙ . ..නො...න්...හැම...දේම...ඉවරයි...ශෙ...නෝන්...හැම..දේම...ඉවරයි...බන්....මගෙ..හැම..දේම.....අනේ...බන්...මගෙ....හැම..දේම...ඉවරෙටම...ඉවරයි.....ශෙ..නෝන්...මං...තනි...උනා...මං...තනි....උනා..ශෙ..නෝන්....

උහුලලා..උහුලලා...කෑගහලා අඩලා එලියට නොදාපු දුක මම උගෙ උරහිසට ඔලුව ගහන් එලියටදානකොට උන් දෙන්නා මට ඇති තරම් අඩන්න දීලා කටපියන් උන්නා...

උන් මුලිම්ම මගෙ කෙල්ලව උදුර ගත්තා .....ඒකත් මම ඉවසුවා.....ඒකි වෙන එකෙක්ගෙ උනා.....මම ඒකත් ඉවසුවා....ශෙ ..නෝන්...උන්..මගෙ..සුදුවත්...මරා ගත්තා ...යකෝ.....උන්...මහෙ..සුදූව...අමු..අමුවෙ...මරා ගත්තා ....

නි..නිතේශ් ..උඹ..කියන්නෙ...අහි...ංසා..

සුදු..අක්කව....සුදු...අක්කව...

මට...කතා කරගන්නවත් හයියක් නෑ.....උන් සුදුව දන්නවා...උන්..මගෙ නැදෑ සනුහරේවම දන්නවා....

.උන්...අමු අමුවෙම ඇගිලි පුරුකක් තරම් වත් නැති දරුවව අමු අමුවෙම මරාගත්තා ...ඒකි කොහෙ උහුලන්නද බන්....ඒකි කොහෙ උහුලන්නද.. .අවසානෙදි ...ඒකි..යන්න ගියා....ඒකි...ගියා...මගෙ..සුදු...යන්නම...ගියා....

මම එහෙම්ම ඔලුව බදාගන ආයම සෝෆාටවට වැටුනා...මට තව කියන්න දෙයක් නෑ...වලව්වට හෙන ඉල්ල්නවා ඇරෙන්න...කෑගහලා අඩාගන්න බැරිව කදුලු බීපු මම අවසානෙදි උන්ගෙ ගෙදර කෑගහලා අඩලා මගෙ දුක පිට කරගත්තා .....

අහකට ...මාව අල්ලන්නවත් එපා

මොකක්ද බබා ඔයාට වෙලා තියෙන්නෙ... උදේ ඉදම්ම මගෙන් පලි ගන්නෙ මොන හෙතුවටද . .

මොකක් හරි හේතුවක් ඇති ..හොදට කල්පනා කරලා බලනවකො...

පොඩියට උනත් පිලිවට තියන කුසි කැල්ල අස්සෙ උන් දෙන්නා උයනවා උයනවට වඩා මරා ගන්නවා...මොන හේතුවටද කියන්න මං දන්නෙ නැ....මොකක් හරි හේතුවකට ඩියෝන් ශෙනෝන්ගෙන් පලි ගන්න අරන් තිබුනා....

ඇබිත්තන් සයිස් හුරතල් මූනක් තිබ්බත් ඩියෝන් කියන්නෙ ගඩාපියගෙ පුතා කියන එක නිතරම ශෙනෝන් මන්තරය දෙඩුව...ඒ කොහොම උනත්..උන් දෙන්නා ගහ මරාගන හරි උන්ගෙ ආදරේ දිනා ගත්තා .....

ඒත්..මම.....

මට කව්ද ඉන්නෙ...

මට ආයමත් ඒ ඇස් මතක් උනා.....

ඔබ ආයෙ එනවනම්...

මිහිදන් කල පෙම අරන්....

නෑ....උඹෙයි මගෙයි බැදීමට තිතක් මිසක් මම කමාවක් තිබ්බෙ නෑ සෙනාරි....ඒක් ඉවරයි .....ඒක ඉවරෙටම ඉවරයි...

ආයමත් ඇස් කොන් තෙමන් වැටුන කදුලු බින්දුව කොට්ටෙ තෙමන කොට මම ඔහේ උන්නා....

නිතේශ් ....දෙයක් කියන්නම්.....අපි දැක්කා...උඹ ඒකිට දීපු ආදරේ....ඒකිව උඹ රැකපු හැටි....ඇස් දෙකෙ තියන් පරිස්සම් කරපු හැටි ....ඒත් මචන් ...දැන්...සෙනාරි...උඹේ නෙවෙ...මට පඩි ටෝක්ස් දෙන්න ඕන් නෑ...අරහෙමයි..මෙහෙමයි කියලා ....ඒත්....අපි පැල්බැදන් ලව් කලත් ...හිමිවීමක් නැතිනම්...මචන් ...නෑමයි....

මම දන්නවා.....

කරන්න තියන එකම දේ.....උඹ හිමින් හිත හදාගනින්..හැබැයි...සෙනාරිට යන්නම දීපන් උඹගෙ උඩරට මැනිකෙ ඒකිට තියපු දෙස්වලට ඒකි හුස්ම අල්ලන එකත් පුදුමයි...

මං ඒකිට යන්න දුන්නා බන්...වේදනයි. ...මට දරන්න බැරි තරම් වේදනයි.....

ඔව්...ඒක මං දන්නවා..හැබැයි....ඒ වේදනාවෙන්ම යන්න දීලා....එන්න ඉන්න එකාට එන්න දියන්...හැබැයි....ඔය උලකුඩය දේවි...මොල්ලිගොඩ මැනිකෙගෙ ලබ්බවල් වලින් වැඩක් නෑ...උන් මැරුනම ඔය මගුල් අරන් යන්නෑනෙ මං වගෙ එක කෝල් එකයි ඇදිවත පිටින් උස්සන් යමන් නේද බබා.....

බබා....තමා බබා...අහකට ගන්නවා අත.....

ශෙනෝන් කිව්ව කතාව ඇත්ත. ....මට තවත් ඔය උලව් නීති වලට යටවෙන්න බෑ....මං එහෙම්ම කල්පනාවට වැටෙනකොට අරුන් දෙන්නා ආයාම මරාගත්තා .....

නිතේශ් ...මචන් කාලා ඉමු....

බෑ බන්...මට බඩගින්නක් නෑ...

උඹට බඩගිනි නැති උනාට අපිට බඩගිනි....

උඹලා කාපල්ල....මට කන්න බෑ බන්....

නිතේශ් ....ප්‍රශ්න වලට ව්සදුම නොකා ඉන්න එක නෙවෙනෙ බන්....වරෙන්.....

දවස් ගානක් බඩගින්න උහුලපු මම අවසානෙදි නැකිට්ටා වගේම ශෙනෝන්ගෙ බොටම් පලුව ගස්ස ගස්ස බත් බෙදුවා ...

ගෝවයි චිකනුයි පපඩනුයි ...

මට හැන්දක් විතර ඇති බන්....

කොතක් සයිස් බත් එක බෙදනව දැකපු මම හැන්දක් ඇති කියලා බත් අහුරක් ඉල්ලන් ඉදගත්තා ....බත් කටක් කටේ දාගන්න කලින් මම රතුවට තිබුන ගෝවා එකෙන් ඇබිත්තක් කටේ දාගත්තා වගේම මගෙ හකු පාඩා හිරිවැටිලා ගියා....මුන් ගෝව වලට දෙහි දාලා.....

මං බන් ඉව්වෙ..කාපන්.....

ශෙනෝන් මං බන් ඉව්වෙ ගගා බත් කට අනනකොට බොටමගෙ මුන ණෑඹිලියක් වෙලා ගියා...

බබා ගෝව එක ඇබුල් ඇයි...

මං දෙහි ගෙඩියක් දැම්මා අනෙ...

ගෝව වලට...

ම්ම්ම්ම්.....

ගෝවා වලට කව්ද මිනිහො දෙහි දාන්නෙ...

අර තිබුනෙ.....ඇටෙත් එක්කම පලාගත්තන්නම් තමා රස කියන්නෙ ඒ ගෑනි....

අනේ...ශෙනෝන්....මාව මරපියකො...නිතේශ් ඕක කන්න එපා මූට හාල්....

උන් දෙන්නා ආයම මරාගන්න ගත්තා ...මට දෙහි දැම්මත් එකයි නැත්ත එකයි වෙනකොට මම කට පියන් බත් කටක් උගුරෙන් පහලට යවාගන්න දැගලුවා වගේම ඩියෝන් තනිකරම අම්මන්ඩින්වගේ මොකකට හරි මහ කෲර විදිහට පලින්ගත්තා....ඒ මොනවා උනත් ඌ ගාව තිබුනෙ ආදරේ විතරක්ම වෙනකොට මිනිස්සු කියන්නෙ මොනවද හිතන්නෙ මොනවද නොහිතා උන් ආදරේ කෙරුවා...ඒ අතින් බලනකොට උන්ගෙ ආදරෙ මාරම හයියයි.....

මේ.....හ්..උබ්....අරූ..ජැහ්..කැහ්....

කටවහන් කාපියකො ඒයි.....

.කැහ් .කැහ් බබා...වතු..කැහ්...

මට බැහ්.....මටත් ඉල්ලනකොට දුන්නෙ නෑනෙ...කැහැල මැරියන්....

මගෙන් මොකක් හරි අහන්න හදපු ශෙවෝන්ට පිට උගුරෙ ගියා වගේම කැස්ස බල බල අර බොටමා වතුර එක බිව්වා..උන්ගෙ වලි ඉවරෙකුත් නෑ....ඔව්වට මොකුත් කියන්නත් බෑ.....මොකද අන්තීමට උන් දෙන්නා හොද උනාම හැමදාම තැලුනෙ අහක ඉන්න මම...බොස් මම උනත් ගෙදරට මම ජබොස්.....ඒ මොනවා උනත්...අද වෙනකන් උන් දෙන්න විතරයි මගෙ හයියට උන්නෙ...

නිතේශ් ...උඹට විතේන් කාරයා කතා කරාද...

ම්න්....

මොනවද කිව්වෙ. 

විශේශයක්නෑ...කඩල කන්න කිව්වා

කැහ්...මොක...ක්...කැහ්...කඩල...

ම්න්...කඩල.කන්න කිව්වෙ වැව රවුමෙ...එච්චරයි ...හෙට එන්නම් කිව්වා....ඇයි....

කැහ් ..නෑ .ඌ කඩල කන්න කිව්වා...පුදුමයි....

ඇයි ....

ඌ මහ යකෙක්ලු බන් ඔහොම හිනා වෙලා උන්නට 

ඉතින්...මට පාන්ද....ඌ එනවා නම්..වැඩේ කරන් යන්න කියපන්...මං හෙට නිවාඩු...

අනේ..අනේ...අන්...මෙන්න වැන්දා....මට බෑ ඒ කුන්ඩාවාලෙට අත ගහන්න....නූලක් ගැස්සුනොත් ඇටෙත් එක්කම පලාගන තෙල් දාගන්න වෙන්නෙ.....

ශෙනෝන්..මං ඉන්න තත්වෙ එක්ක මට මොකුත් කරන්න බෑ ශෙනෝන්...

උඹ මුලු ගැනුනොත් කරන්නෙ නහින එකනෙ...ඒ හින්දා වරෙන්...ඇවිත් ඔය පින්වත් දෑතිම්ම ඒකගෙ අක්කට දාන්න ඕනා ඒවා දාපන්.....ඒකි ඉල්ලලා තියෙන්නෙ vip ....

ඉතින්...ඒ කියන්නෙ උඹලනෙ....මම නෙවෙනෙ....

ඒක හින්දා කරපන්....අනික මේ ඌට බයවෙන්න ඌට ගිය රටනෙ ...මූන දැක්කම පේනවා කෙල්ලො ඇති ගමකට කියලා....

නෑ බන්...නෑ....ජීවිතේට නෑ.....ජිවීතේට නෑ...

අලව්වෙත් ඔය වගෙ එකක් උනා නේ බබා...

මම දන්නෙ නැ...මට ඔහෙ එක්ක කතාවක් නෑ

උඹලා මරාගන්න එක මරාගනිල්ලා මම ගියාට පස්සෙ.....ඌට කෙල්ලෙක් නෙවෙ ගමක් උනත් මට මොකො...ඌ එනෙන් මගෙ තැනට....මමයි බොස්.....

ඒ උනත්..ඒ උඹනෙ කියන්නෙ....ඌට මහ අමුතු තියරියක් තියෙන්නෙ...උඹ ඇවිත් ප්‍රසිඩන්ට් උනත්.....ඌ උඹ ලව්වා කොසැටයක් තලවා ගත්තා උනත් ඌ කියන්නෙ ඌයි බොස් කියලා....මිනිහව හැන්ඩ්ල් කරන්න අමාරුයි ....දැන්...උඹ කොහොම නැටුවත්....උන්ගෙ අක්කට උඹ සර්වීස් එක දෙනවා....ඌ උඹට ගෙවනවා...ඌ ගෙවන්නෙ..සැලරියක් හා සමාන දෙයක්නෙ....එතකොට උඹම බලපන්...employee කව්ද....employer කව්ද කියලා...ඒක නිසා....උඹම කරපන්....

මං මොකුත් නොකියා බලන් උන්නා..කඩල කාරයා ලේසි නෑ වගේ....සල්ලි කදන් නෙ....අනපු බත් කටක් ආයම මම එක හක්කක තියා ගත්තා ....

ඌ එච්චර රෙස්පට් නම් ගන්න ගෑනිට දෙවියනෙගෙ පිහිටත් නෑ තමයි....

ගෑනිට නම් මන්දන් නෑ නිතේශ් ... මිනිහට නම් ඒ ටික වෙයි...

කැහ්...කැහ්...මො..මොකක්...මිනිහට....

හුම්..හුම්...විතේන් ඩි සිල්වා...ඇවිත්...අපි දෙන්නා වගේම හූචිකුචයියෙක්....

කැහ්.....කැහ්...මොකක්...පි..පිස්සුද යකො...තොපිට ඕනෙ මුලු ලෝකෙම උන්ව තොපි වගේ කරවන්නද...කොල්ලො දෙන්නෙක් එක ගාව ඉදන් උන්නත් තොපි උන්ව බන්දවන්න හදනවා...

.නැ..නෑ..සීරියස් ..එක ඇවිත් ප්‍රසිද්ද රහසක්...

මොකක්....උඹ කියන්නෙ...මේ විතේන් .....

හුම්..හුම්....විතේන්.....දේදුන්නක්...

අනපු බත් කට හිර වෙවි...උගුරෙන් පහලට යනකොට මම අත හෝදන් නැකිට්ටා වගේම මගෙ ඔලුවට පොල්ලකින් ගැහුව වගේ උනා....

අච්චර ලස්සන කොල්ලා...එහෙමද....මුන්ට පිස්සු...වෙන්න බෑ.....මුන්ට ඕනෙ මේ ලොකෙම දේදුන්නක් කරන්න.....

අත හෝදගත්තු මම ආපිට යන්න ලැහැස්ති උනා....උන්දෙන්නා..ආදරේට මරා ගන්නකොට මට ඒ රන්ඩුව මැදට පැනල "මං යන්නම් බන් "කියලා උන්ගෙ ආදරේ එක තත්පරේකට නවත්තන්න ලෝභ හිතෙනකොට මමඑන්න හැරුනා....

ඉතින්....හන්තානට පායන හදම ගෙන්දගම් පොල්වටත් පායලා තියනකොට මගෙ ඵෝන් එකට මැසේජ් එකක් ආවා.....

සුදු අයියෙ...සුදු අක්කව ගෙනාවා....

ඊලගට ආව ඵොටො ඇස් කොන් කෙවාගන කදුලු පොත්තක් බිමට හලනකොට මාල හතක් දාලා පෝරුවෙ නගින්න උන්න උඩ රටමනාලි බාගෙ මිනි ඇදුම ඇදන් පෙට්ටියක් අස්සෙ නිදාගන උන්නා....

මගෙ සුදු....මට සමාවෙයන්....

🙂වෙන්න බෑ කියන්නෙ....

😂ආය අනිද්දා....අද දෙකක්.දුන්නා...හෙච....ආතියෑන් බබා එක්ක එන්නම්....

අර උඩම තියන කවිය...ශෙනුන් මල්ලිගෙ...shenunshenu ස්තූතියි මල්ලි ගොඩක්.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters