Cherreads

Chapter 55 - 55

කළු පාටින්ම ඇඳගෙන හිසේ ඉඳන් ආවරණය කරන් උන්නු හයේ හතරේ පිරිමියෙක් එදා වගේම කිණිස්සකුත් අමෝරාගෙන ක්ලෙයාරා දිහා බලන් උන්නා. ඇඳන් උන්නු සුදු පාට ටවල් එකත් එක් අතකින් අල්ලගෙනම ක්ලෙයාරා බිය මුසු මුහුණින් පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් හේත්තු වුණේ බිත්තියට.

ඒ මොහොතේ කාමරේ දැල්වෙමින් තිබුණු බල්බ් එළියෙන් ඒ මනුස්සයාව හඳුනා ගන්න එච්චර අමාරු වුණේ නම් නෑ. කළු පාටින්ම මුළු ඇඟම වහගෙන උන්නු හයේ හතරේ පිරිමියගේ ඇස් දෙක විතරයි හරියකට පෙනුනෙත්. ඒ ඇස් හරියට නපුරු පාටයි. කේන්තියෙන් ඇස් රතු වෙලා වෛරයෙන් දිලිසෙනවා.

" ව්..ව්..විශාල්... please විශාල්.. ඕක නම් කරන්න එපා.. please විශාල්.... "

ක්ලෙයාරා බයෙන් කෑ ගහන්න වුණේ ඒ සුදු පාටට හුරු අඳුරු පැහැයක් ගත්තු බිත්තියට හේත්තු වී ගෙනමයි. කොහොමින් කොහොම හරි ක්ලෙයාරා ඒ මනුස්සයව නම් හඳුනා ගත්තා.

" please විශාල්... please... අනේ විශාල්.... "

ක්ලෙයාරා බිත්තියට හේත්තු වෙලාම ඉකිබිඳින්න වුණේ බයෙන් ගැහි ගැහී.

ඒ පිරිමියා හෙමින් සීරුවේ අර ග්ලවුස් දාන් උන්නු අතේ කිණිස්සත් අමෝරා ගෙනම ක්ලෙයාරා ගාවට ළං වුණා. හැබැයි එයා එකම එක වචනයක්වත් කතා කළේ නම් නෑ. ක්ලෙයාරා ගාවට ලං වුණු ඒ පිරිමියා හෙමින් සැරේ එයාව බිත්තියට හේත්තු කරලා තද කරගත්තා.

" විශාල්.. ඇයි මේ.. අනේ.. අනේ විශාල්.. අනේ මාව මරන්න එපා.. මං..මං හරි අසරණ වුණා විශාල්.. please විශාල්... "

එයා ඉකිබිඳින්න වුණා. ඒත් අර නපුරු ඇස්.. ඒ ඇස් දෙක කේන්තියෙන් දිලිසෙන්න වුණා. පුදුමාකාර කේන්තියකින් ඒ ඇස් දිලිසෙනවා .

ක්ලෙයාරා බලන් උන්නේ ඒ නපුරු ඇස් දිහාමයි. වෛරයෙන් පිරිලා ක්ලෙයාරා දිහාවට යොමු වෙලා තියෙන ඇස්වල තිබුණේ තීව්‍ර බැල්මක්.

ඒ බැල්මත් එක්ක ක්ලෙයාරා පුදුමාකාර විදිහට අසරණ වුණා. එයාට කරගන්න කියලා කිසිම දෙයක් තිබුණේ නෑ. එයා ඒ හයේ හතරේ පිරිමියා ඉස්සරහා පිංසෙණ්ඩු වුණා. ඔව්, අනන්තවත් පිංසෙණ්ඩු වුණා.

ඒත්.. ඒත් ඒ හැඩි දැඩි නපුරු පිරිමියා නම් එයා කියන එකම එක වචනයකටවත් ඇහුම්කන් දුන්නෙ නෑ. එයා වෛරයෙන් බලන් උන්නු විනාඩි කිහිපයෙන් පස්සෙ හෙමින් සැරේ අඬ අඬා පිංසෙණ්ඩු වෙන බොළඳ සුකොමල ගැහැණියගේ කට අතින් වැහුවේ එයාට කෑ ගහන්න බැරි වෙන්න.

බය වැඩිකම නිසා ක්ලෙයාරාගේ ඇස්වලින් හෝ ගාලා කඳුළු බේරෙනවා. මුළු සර්වාංගයම වෙව්ලනවා. කකුල් දෙකත් එක්ක ගැහෙනවා. හදවතේ ගැස්ම.. ඔව්, හදවත ගැහෙන්නෙ හරියට භූ කම්පනයකට හෙල්ලෙන ගොඩනැගිල්ලක් කඩා වැටෙන ගානට.

ක්ලෙයාරාගේ කටට අතක් තියලා එයාගේ කට ඒ අතින් තද කරන් උන්නු හැඩි දැඩි හයේ හතරේ පිරිමියා අර අනිත් අතේ තිබුණු කිණිස්ස හෙමින් සැරේ ලං කළේ ක්ලෙයාරාගේ බෙල්ල දිහාවට. මර බියෙන් ගැහෙමින් උන්නු ක්ලෙයාරා කඳුළු පිරිලා බොඳ වෙලා ගියපු ඇස් දෙකේ පහළ කොණකින් ඒ බෙල්ල ළඟ තියෙන කිණිස්ස දිහා බැලුවා.

ඒ කිණිස්සේ මුවහත ඒ මොහොතේ කාමරය පුරාවටම දැල්වෙමින් තිබුණු අර බල්බ් එළියෙන් දිලිසෙන්න අරන්. හරියට යුද්ධයට අරන් යන කගක් ගානට.. ඒ කිණිස්සේ මුවහත දකිද්දි ක්ලෙයාරාගේ මර බිය නම් එන්න එන්නම වැඩි වෙනවා.

දෑසින් වැටෙන කඳුළු බිංදු එක් මොහොතකවත් ඒ රළු පිරිමියාගේ හිත නම් උණු කළේ නෑ. ඒ ඇස්දෙකේ තිබුණෙම මහා ලොකූ කේන්තියක් විතරමයි. ඒ හිත අස්සේ තිබුණු ක්ලෙයාරා විසින් එයාට වරදක් කලා කියන හැඟීමත් එක්ක ඒ බැල්ම හරියට වෛරය කියන සිතුවිල්ල තුලින් බලවත් වෙලා තිබුණා.

හඬන්න වැලපෙන්න කොච්චර හැදුවත් කට තද කරන් ඉන්න නිසා එයාගේ මුවින් එකම එක වචනයක්වත් පිට වෙන්නේ නම් නෑ. එයා අත් දෙකත් බිත්තියට හේත්තු කරන් බලන් උන්නේ එතනින් පලා යන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තුවෙන්.

ඒත් ඒ හැඩි දැඩි හයේ හතරෙ රළු පිරිමි දේහයත් එක්ක කොහොම කියලා නම් හැප්පෙන්නද..? එයාට දඟලන්නවත් ඉඩක් නෑ. එයා එහෙම්මම ඇස් පියාගත්තේ මේ එයාගේ ජීවිතේ ගෙවෙන අවසන් තත්පර කිහිපය බව ඉවෙන් වගේ දැනිලද කොහෙද..

එතුවක් වෙලා අර බෙල්ලට තියන් තද කරන් උන්නු කිණිස්ස හෙමින් සැරේ පහත් කරපු පිරිමියා ක්ලෙයාරාගේ කට තව ටිකක් අතින් තද කරගෙනම අඩියක් පස්සට ගියා.

දැන් නම් ඒ ඇස් තව තවත් වෛරයෙන් පුපුරනවා. අර අතේ තිබුණු කිණිස්සත් තද කරලා අල්ල ගත්තු ඒ රළු පිරිමියා එහෙම්මම පුළුවන් තරම් වෙර යොදලා ක්ලෙයාරාගේ බඩට ඇන්නේ ඒ ක්ෂණයේමයි.

ඇස් පියන් උන්නු ක්ලෙයාරා එහෙම්මම ඇස් විවර කළේ ඒ කිණිස්ස එයාගේ කුස පසාරු කරන් යද්දි . එයාගේ ඇස් දෙක එහෙම්මම උඩ ගියා. අර කලින් වැටුණාටත් වඩා ඇස් දෙකෙන් බේරෙන කඳුළු බිඳු.. ඒ මරණයේ වේදනාවෙන් වැගිරෙන කඳුළු. ඒ කිණිස්ස එහෙම්මම තියෙද්දි අර රළු පිරිමියා ක්ලෙයාරාව අත් හැරියා.

එයා එහෙම්මම මරණයේ බියෙන් හා වේදනාවෙන් පිරුණු කඳුළු පිරි ඇස් දෙකෙන් ඒ පිරිමියා දිහා බලන් තමන්ගේ කුස දිහාවට අත තියාගත්තා. මුළු ලෝකයම හරියට එයාට පෙණුනේ නිලංකාර වෙලා. කඳුළු පිරුණු ඇස් දෙකට ටිකෙන් ටික අර පිරිමියව බොඳ වෙලා වගේ පේන්න වෙද්දි එයා කුසට තියාගත්තු අත් දෙක දිහා බැලුවා.

රතු පාට ලෙයින් තෙත් වුණු අත් දෙක.. සුදු පාට ටයිල් පොළව දිගේ වැගිරෙන රතු පාට ලේ. අර රළු පිරිමියාව දැන් එයාට පේන්නෙම හරියට චායා මාත්‍රයක් විදිහට විතරමයි.

" ව්.. ව්.. විශ්..විශාල්.. එහෙනම්.. ඔ..ඔයා ඒක.. කළා..ඔ..ඔයා මාව.. ඔයා ම්..මාව මැරුවා... "

එයා මරණයේ වේදනාවෙන් දොඩවන්න වුණේ බිත්තියට හේත්තු වෙලාමයි. දැන් නම් එයාට තවත් එකම එක වචනයක්වත් කතා කර ගන්න බෑ. ඒ තරම් වේදනාවයි.

බිම සුදු පාට ටයිල් පොළවට කිටි කිටියේ වැටෙන ලේ බිඳු. බිඳු නෙවෙයි ඒවා හරියට ජල කරාමයකින් වතුර වැගිරෙන්න වගේ.

මුළු ලෝකයම නිලංකාරයි. දැන් නම් එයාගේ ඇස් දෙකට පේන්නෙම කළු අළු මුහු වුණු චායා පෙළක් විතරමයි.

හෙමින් හෙමින් නතර වෙන හදවත.. හදවතේ ගැස්ම හෙමින් හෙමින් අඩු වෙන්න අරන්. තවත් ජීවත් වෙන්න අවසර නැති බව වැටහුණු ගානට ක්ලෙයාරා තොම්සන් එහෙම්මම ඇස් පියා ගත්තා. පියා ගත්තාම නෙවෙයි ඒ ඇස් එහෙම්මම පිය වුණා. බිත්තියට හේත්තු වී ගෙනම එයා අර හයේ හතරේ රළු පිරිමි දේහය ඉස්සරහා සුදු පැහැති ටයිල් පොළවට ඇද වැටුණේ ප්‍රාණය නිරුද්ධ මළ කඳක් විදිහට.

ඔව්, ඒ එයා ගත්තු අවසන් හුස්ම. එයාට එතබින් එහාට මේ ලෝකයේ ජීවත් වෙන්න අවසර තිබුණේ නෑ. එයාගේ ඇස් එහෙම්මම පිය වෙලාම තිබුණා.

Lunch time එකේදී සත්සිඳු අර උදේම එයාගෙ නපුරා ගෙනත් දුන්නු බත් පාර්සල් එකත් අරන් කට්ටිය කෑම කන lunch room එකට ගිහින් කෑම කන්න පටන් ගත්තා. උදේම වගේ උයලා තිබුණට මොකද බත් එක නම් තාමත් ටිකක් රස්නෙයි. උණු පිටම වගේ බැඳපු නිසාද කොහෙද..

එයා බත් පාර්සල් එකත් අරන් lunch ගන්න room එකට ගිහින් කෑම කන්න බත් පාර්සල් එක ලිහලා බැලුවා. නාඩු හාලේ බත් එක්ක පරිප්පුයි , හාල්මැස්සෝ තෙල් දාලා , පිපිඤ්ඤා සලාදයි , වම්බටු මෝජුවයි..

තවත් ඉතින් කෑම මොකටද. මේවා තමයි දිව්‍ය භෝජන කියන්නේ. එයා බත් කටක් අනලා කද්දිම වගේ එයාට දැනුනේ හොඳ හුරු පුරුදු රසයක්. ඒ වෙන මොකවත් නෙවෙයි.

කිරි අම්මගේ වම්බටු මෝජුවේ රස.. ඒ රස නම් එයාට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ. බාබු අන්කල් හදලා තිබුණු වම්බටු මෝජුවත් ඒ රසමයි. ඇරපු අතක් නෑ.. ඉතින් ඒ මොහොතෙදී කිරි අම්මවත් මතක් වෙලා එයාගෙ ඇස් අගට ආපු කඳුළු බිංදුව වම් අතේ පිටි අත්ලෙන් පිහදා ගන්න ගමන් එයා තවත් බත් කටක් අනලා කෑවා.

ජීවිතේ කියන්නෙත් හරියට කෑම පිඟානක් වගේ දෙයක්. නොයෙක් රසවලින් පිරිලා. පැණි රස, ඇඹුල් රස, ලුණු රස , සැර රස වගේ නොයෙක් රස ජාති.. ඉතින් ඒ ජීවිතයට එන හැම රසයක්ම මිනිස්සුන්ට විඳ ගන්න වෙනවාමයි .

සත්සිඳු lunch time එකේ කෑම කන ගමන් හෙමින් සැරේ කාටත් හොරෙන් phone එකත් අතට අරන් ගැරඬියට call එකක් ගත්තා. මිගාන් උන්නේ jym එකේ workout කරලා බයික් එකේ ආපහු ගෙදර යන ගමන්.

Phone එක ring වෙන නිසා මිගාන් බයික් එකත් අයිනකට කරලා නවත්තලා බැලුවම screen එකේ තිබුණේ my babybabe කියලා. ඊට වඩා සතුටක් කොයින්ද ඉතින් එයාට. මූණ පුරාවටම පැතිරුණු ඒ එළියත් එක්ක ඒ මූණේ මැවුණේ හරි ලස්සන හිනාවක්.

" හෙලෝ my babybabe... "

බයික් එකත් නවත්තගෙන එයා phone එක කණේ තියාගෙන කතා කරන්න වුණා.

" හෙලෝ සර්... "

" ඉතින් ඉතින්.. මොකෝ මේ හදිස්සියේ... "

එයා ඇහුවේ හිනා වෙවී.

" මං කන ගමන්... "

" දරුවෝ, දැන්ද කන්නෙ ඔය..? "

මිගාන් පුදුමයෙන් වගේ අහද්දි සත්සිඳු තවත් බත් කටක් කෑවා.

" හ්ම්, ඔව් අප්පා.. අද ලොකු article එකක් ලියන්න වුණානේ මට.. ඉතින් lunch time එක චූට්ටක් පරක්කු වුණා... "

" ඒක හොඳ චුට්ට.. බලනවා දැන් වෙලාව කීයද කියලා... "

" ඇයි..? "

" ඇයි අහන්නෙ.. දැන් දවල් නෙවෙයි , දැන් හවස් වෙන්නත් ඔන්න මෙන්න.. ඔක්කොටම කලින් කාලා බීලා ඉන්නවා.. කාලා ඉවර වෙලා පුළුවන්නේ වැඩ ටික කරන්න.. නොකා නොබී ඉඳලා ලෙඩක් හදාගනින්කෝ.. මං නම් නෙවෙයි ඔන්න බලන්නේ... "

එහෙමත් අවවාද කිරිල්ලක්. එහෙව් අවවාද ඉතින් එයාගෙන් විතරමයි. ඔව්, ඒ නපුරුම නපුරු ගැරඬියගෙන් විතරමයි.

එයා දෙන ඒ අවවාද ටිකත් අහගෙනම තවත් බත් කටක් අනලා කන ගමන් කොල්ලා හිනා වෙන්න වුනාම ගැරඬි උත්තමයාට ඊටත් වඩා කේන්තියි.

" හිනා වෙයන්.. හිනා වෙයන්.. ඇති වෙනකන් හිනා වෙයන්.. මං මෙතන උඹ හින්දා පණ බයේ ගැහෙනවා.. උඹ ඔහේ ඉඳන් ජෝගි නට නටා ඉඳපන්... "

එයා කිව්වෙ බොරු තරහක් මවාගෙන. ඒ තරහා ඉතින් බොරු තරහක් කියලා හොඳටෝම තේරෙනවා. ඉතින් සත්සිඳුට හිනා.

එයා හිනා වෙවීම බත් කන ගමන් එයත් එක්ක කතාවට වැටුණා.

" ම්... ජෝගි.. මොන ජෝගිද..? "

එයා ඇහුවේ හිනා වෙවී.

" මොන ජෝගිද.. සූටිංගෙ මාටිංගෙ ජෝගි.. මගෙ යකා අවුස්ස ගන්න එපා හරිද... "

" මොකෝ අනේ කේන්ති ගිහින්..? "

සත්සිඳු දුකෙන් වගේ අහද්දි නම් ඉතින් එයා අර තරහව පැත්තකට දාලා කතා කරන්න ගත්තා.

" ඇයි දරුවෝ මෙහෙම කරන්නේ.. ඔයා දන්නවා මං ඔයා ගැන කොච්චර වද වෙනවද කියලා.. මං දන්නවා මෙච්චර ඔයා ගැන හොයලා බලන එක වදයක් වගේ දැනෙනව ඇති ඔයාට.. ඒත් babybabe , ඔයා දන්නවා.. මේ ලෝකේ මට කියලා ආදරේ කරන්න ඉන්න එකම වස්තුව ඔයා විතරයි මගෙ දරුවෝ.... "

එයා ඒ කියන වචනත් එක්ක ඉතින් හිතක් පෑරෙන්නෙ නැතුව තියෙන්නේ කොහොමද..ඒ වචන හරි බරයි. ඒ වචන එක්ක එයා පිට කරන සුසුමන් පවා බරයි. ඒ තරමටම ඒ වචන අහන් ඉඳලා අහිංසක කොල්ලගේ ඇස් දෙකෙන් වැගිරෙන කඳුළු බිඳුත් හරි බරයි.

" මං ඔයාගෙ වස්තුව ද සර්..? "

" ඔව්.. මොන සැප සම්පත් තිබුණත් මිනිහෙක්ගේ හිතකට ඕනි කරන්නේ ආදරේ දරුවෝ.. ආදරේ නැතුව මිනිහෙක්ගේ හිත කොහෙද පරිපූර්ණ වෙන්නේ.. ඉතින් මගෙ වස්තුව ඔයානේ.. මොකද මගේ මේ නපුරු හිත ආදරෙන් පිරෙව්වෙ ඔයානේ... "

එයා ඒ වචන කිව්වෙ හදවතේ පතුලෙන්මයි. ඒ වචන ඒ තරමටම බර ඒකයි.

" ඔය වචන හරි බරයි සර්.. හිත පෑරෙනවා.. හැබැයි එදා කිව්ව වගේම මං අදත් ඉල්ලන්නේ ඔය වචන නවත්තන්න එපා... "

" babybabe... "

" සර්... "

" මගෙ චූටි කොල්ලා දැන් බඩ පිරෙන්නම බත් ටික කන්න ඕනි , හරිද.. මං හවසට එනවනේ මගෙ වස්තුව එක්කන් එන්න... "

ඒ වචන ඉතින් එයාගෙ babybabe වෙනුවෙන් විතරමයි. එයාගෙ හිත පුරාවටම ඉන්නෙ ඒ කටකාර කොල්ලා. දැන් නම් ඉතින් එයාගෙ වතුසුදු මල වෙනුවෙන් එයාට මොනාද එක අතකට කරන්න බැරි..

" හ්ම්.. පරිස්සමින් යන්න... "

" හරි දරුවෝ.. ඔයත් පරිස්සමින්... "

" බුදු සරණයි...! "

" බුදු සරණයි මගෙ දරුවෝ... මං ආදරෙයිනේ... "

මිගාන් එහෙම කියද්දි සත්සිඳුට හිනා ගියා. ඒ හිනාව හරි හුරතල් පාටයි.ඊටත් වඩා ඒ හිනාව අස්සෙ තිබුණේ අමුතුම විදිහේ ලැජ්ජාවක්. ඒ හිනා හඬ ඉතින් මිගාන්ටත් ඇහුණා. එයා ඒ හිනාවට ඇහුම්කන් දී ගෙනම call එක cut කරලා phone එක කලිසම් සාක්කුවට දාගත්තා.

සත්සිඳු ත් phone එක පැත්තකින් තියලා ගැරඬියගේ සිහිය පිටින්ම බත් කන්න වුණා. වසන්තයේ තතු එහෙමයි. දැන් ඒ වසන්තයේ මල් ගොමු විකසිත වෙන්න අරන්. ඉතින් ගිමත් කලට යලිදු නෑ අවසරයක් නම්.

ජීවිතයේ මල් ගොමුව විකසිත වෙන්න නම් හමුවෙන්නම ඕනි මිගාන් වගේ මිනිස්සු. කොයි තරම් දඩබ්බර වුණත් ආදරෙන් රැක ගන්න මිනිස්සු..

ජීවිතයේ ගොඩ දවසකින් කෑව රසම බත් එක ඒක වෙන්න ඇති. ඒ බත් එක ඒ තරමටම රසයි. පරිප්පු කරියත් එක්ක හාල්මැස්සෝ තෙල් දාලා කියන්නෙම ඉතින් අදහන්න වටින ආගමක් වගේ තමයි. ඒකටත් එක්කම බටු මෝජුවත් එක්කහු වුනාම ඉතින් වෙනම රසක්. පිපිඤ්ඤා සලාද ගැන නම් ඉතින් කවර කතාද..

කොච්චර වැල්ලේ ජීවත් වුනත් මොකද කොළඹ එන්න කලියෙන් ඉස්සරම දවස්වල නංගිත් එක්ක පිපිඤ්ඤා පෙති ඇස් උඩ තියාගෙන රූපලාවණ්‍ය කරපු හැටි කොල්ලට ඒ මොහොතෙත් මතක් වුණා. කොල්ලා බෑ බෑ කියද්දි නංගි එයාවත් අල්ලගෙන ඇස් වහගන්න කියලා ඇස් උඩින් පිපිඤ්ඤා පෙති තියලා මොකක්දෝ මගුලක් කරනවා. මොනා කරන්නද.. අමාරුවෙන් වුණත් ඉතින් එයා ඔහේ ඉවසගෙන ඉන්නවා.

" මේවා කළාම ඇස් ලස්සන වෙනවා සුදු චූටි... "

නංගි පිපිඤ්ඤා පෙති සත්කාරය කරන ගමන්ම කියවනවා.

" අනේ මේ මගුල නවත්තපන් චුංගියෝ.. උඹේ වැඩේ මගෙ මූණේ එක එක එව්වා අතුල්ලන එක... "

" තමුසෙ ලස්සන වුණාම මටද වාසි..ආ.. තමුසෙටනේ.. පාඩුවේ කට වහන් ඉන්නවකෝ ඔන්න... "

නංගි එහෙම කිය කියා රටේ නැති දේවල් කොල්ලගේ මූණේ අතුල්ලනවා . කොල්ලට ඉතින් මල යකා නැග්ගා වුණත් එයා ඉවසන් ඉන්නේ ඒ එයාගෙ නංගි නිසා.

නංගිගේ පිපිඤ්ඤා පෙති සත්කාරය නිසාමද කොහෙද කොල්ලගේ ඇස් ඉතින් කොහොමත් ලස්සනයි . ඒකනේ ඉතින් අර තරම් රළු හිතක් තිබුණු දඩබ්බර හිතුවක්කාර නපුරු ගැරඬියා පවා ඒ ඇස් දෙකට වශී වුණේ..

එයා නංගිට පුංචි කාලේ ඉඳන්ම කතා කළේ නංගි කියලා නෙවෙයි, චුංගි කියලා.. ඉතින් ඒ කාලේ සුන්දර මතකත් එක්ක මොහොතකට අතරමං වෙන ගමන් එයා රස කර කර බත් එක කෑවා.

මිගාන් එයාගේ kawazaki බයික් එකෙන් කිරුළපන ගෙදරට ආවේ ඉතින් පුරුදු සුපුරුදු විදිහටම රූං කුරුල්ලා වගේ. එයාගේ හිත්ස්ට දැනෙන්නේ පුදුමාකාර නිදහසක්. ඒ නිදහස දැනෙන්නේ සත්සිඳු නිසා කියන්න ඒ හිත් දන්නවා. ඉතින් කවදාවත්ම නොදැනුනු විදිහට එයාගේ ඇස් දුටු දාක ඉඳන් මේ මෑතක සිට දැනෙන ඒ ප්‍රහර්ෂිත හැඟීමට ඒ හිත හරි හරියට ලෝභ කරන්න අරන්.

මිගාන් ගෙදරට ගොඩ වුණේම බඩගින්නේ. එයා සත්සිඳුට කන්න කියලා බල කර කර අවවාද කළාට මොකද එයාට කන්න තරම්වත් වෙලාවක් නෑ. Jym එක අස්සේ පදිංචි වෙලා වගේ ඉන්න ගැරඬියට කොහෙද කෑම කන්න තරම් වෙලාවක්..

එයා ගෙදරට ගොඩ වුණු හැටියෙම kitchen එකට ගිහින් අතත් සෝදගෙන ඇවිත් කෑම මේසයේ පුටුවක් ඇදලා වාඩි වුණා. තවමත් උදේ වගේම කෑම මේසය උඩ කෑම ටික තියලා තිබුනේ එයා ඒ වෙද්දිත් කෑම කාලා තිබුණේ නැති නිසා.

" සර්..සර් ආවද..? "

බාබු අන්කල් වත්තෙ පිටිපස්සේ කෙළවරක ඉඳලා දුවගෙන ඇවිත් එයාගෙන් ඇහුවා. එයා ඒ මොහොතේ උන්නේ සුදු පාට ප්ලේට් එකකට කෑම බෙදා ගන්න ගමන්.

" ඔව් බාබු අන්කල්... "

" සර් උදේ කාලා ගියෙත් නෑනේ හරියකට.. ඉතින් මං කෑම ටික අස් කළේ නෑ.. පිපිඤ්ඤා සලාදෙ නම් මං අයින් කළා සර්.. ඒක කන්න බෑ... "

" අහ්... ඒකට කමක් නෑ බාබු අන්කල්... "

" ඒත් ඉතුරු වුණේ නෑ සර්.. ජේකබ් සර් ඇවිත් කෑම කාලා ගියේ.. උදේම කොහේදෝ ගියා.. ආපහු ආවේ කළු ළමයි දෙතුන් දෙනෙක් එක්ක.. මං ඉතින් ඒ ළමයින්ටත් කෑම ටිකක් දුන්නා.. ඉතුරු වෙච්චි බර්ෆි කෑලි ටිකක් තිබිලා මං තේ කහට ටිකකුත් වත් කරලා දුන්නා... "

බාබු අන්කල් කිව්වෙ හිනා වෙවී. කළු ළමයි කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. ඒ ගැරඬියගේ සේනාව.. අර කළු ඇඳ ගත්තු නින්ජලා පිරිස..

ඒ ඉතින් බාබු අන්කල්ගේ වචනවලට අනුව නම් කළු ළමයි.. කළු ළමයි කියන්න ලොකුම හේතුව ඉතින් ඔය නින්ජලා පිරිසේ ඉන්න හැම එකාම කළු ඇඳගත්තු එකමත් නෙවෙයි, ඒ හැම එකාම jym ගිහින් ඇඟ පුම්බගත්තු කට්ට කළු අප්‍රිකානු පුරවැසියෝ වගේ පෙනුමැති නිසා..

කළු ළමයි ගැන කතාව ඉතින් එතනින් ඉවරයි. බාබු අන්කල්ගේ කතාවට ඇහුම් කන් දී ගෙනම යාන්තමට හිනා වෙන ගමන් එයා කෑම කන්න පටන් ගත්තා. බාබු අන්කල් එතන තිබුණු එයාගේ සුදු පාට water මග් එකට එතන තිබුණු water jug එකෙන් වතුර එකකුත් පුරවලා තියලා එහෙම්මම kitchen එක හරහා ගිහින් වත්තේ පිටිපස්සට ගියා.

ගැරඬියා උන්නේ කෑම කන ගමන්. එයාට යකෙක් කන්න බඩගිනියි. උදේ jym එකට ගිහින් workout කරන්න ඉස්සර මගදි cafe එකකින් බිව්ව latte එක හැරෙන්න එයාගේ කුසට කිසිම ආහාරයක් තිබුණේ නෑ. Latte එක නම් එයාට වෙනම රහක්.

Italian beverage එකක් වුණු latte එක එයා බිව්වෙ හරි ආසාවෙන්. මොකද ඒ menu book එකේ තිබුණු අනිත් හැම දේකටම වඩා එයාට හිතට ඇල්ලුවේ ඒ latte එක. Coffee එකක් වගේම වුනාට මොකද latte එක අස්සේ එයාට coffe එකේ නැති මොකක්දෝ වෙනම රසක් දැනෙන්න වුණා. එයා හරි ආසාවෙන් ඒක බිව්වේ අන්න ඒ නිසාමයි.

කෑම කන ගමන් එයා තවත් වම්බටු මෝජු ටිකක් දාගත්තේ ඒක රස වැඩි නිසාමයි. ඒ බටු මෝජුව නම් ඉතින් නොකා අත් හරින්න හිතෙන්නෙම නෑ. එයා තවත් බත් ටිකත් බෙදාගෙන අර බෙදාගත්තු බටු මෝජු ටික ඉවර වෙනතුරුම කෑවා.

එයාට කියලත් මහ ලොකු වෙනසක් නෑ ඉතින්. පරිප්පු කරියයි , හාල්මැස්සෝ තෙම්පරාදුවයි කියන්නෙ එයාටත් එක්තරා විදිහක ආගමක් වගේ තමයි. ඒ වුනාට ඉතින් එයාට නම් හිතුණෙම පිපිඤ්ඤා සලාදෙත් තිබ්බා නම් කොච්චර ශෝක් ද කියලා..

ඒත් ඉතින් තියෙන එකත් එක්ක කාලා බඩ පුරවගන්නව හැරෙන්න අමුතු විච්චූරණ මොකටද.. එයා ඒ හින්දා බඩ පිරෙන්නම කෑම කාලා , වතුරත් බීලා ගිහින් පඩිපෙළ නගින්න වුණේ ගුඩුස් එකකුත් අරින ගමන්..

මිගාන් එයාගේ room එකට ගිහින් එහෙම්මම ඇඳට වැටුණේ කාලා වැඩි වෙලා නිසා. ඊටත් වඩා එයාට workout කරලා හරි මහන්සියි. ඒ වගේම නිදිමතයි. ඒ නිසා පැය භාගයක් විතර ඇඳට වෙලා පොඩි නින්දක් දාන්න හිතාගෙන එයා එහෙම්මම ඇස් දෙක පියා ගත්තා.

එයා නිදාගත්තේ phone එක silent දාලා. මොකද නැත්නම් ඉතින් එයාට නිදාගන්න කියලා ආවට නිදාගන්න වෙන්නෙ නෑ. එයා ඒ හින්දා phone එක silent දාලා එතන තිබුණු table එක උඩින් තියලා නිදාගන්න වුණා.

එයාට ඇස් පියවෙලා පැය භාගයක් විතර යද්දි සත්සිඳු එයාට call කරන්න වුණේ වෙලා තියෙන දේ ඒ වෙද්දිත් එයාලගේ office එකට ආරංචි වෙලා තිබුණු නිසා. ඒත් ඉතින් කොච්චර phone එක ring වුණත් එයා answer කරන්නෙ නැති තැන සත්සිඳු එයාගේ කැබින් එකට ගිහින් table එකේ ඔළුව ගහගෙන එහෙම්මම ඇස් පියා ගත්තේ වෙලා තියෙන දේ හිතාගන්නවත් බැරුව.

ඒත් එක්කමයි කොල්ලගේ ලොක්කා පණ කඩාගෙන එයාගේ කැබින් එකට දුවගෙන ආවේ. ඒ තඩි රාළහාමි එන සද්දෙන්ම ගැස්සුණු කොල්ලා එහෙම්මම ඇස් විවර කරලා බලද්දී ලොක්කා කොල්ලගේ table එකේ ඉස්සරහා තිබුණු පුටුවේ වාඩි වෙලත් ඉවරයි.

" ඒ කොල්ලෝ... "

ලොක්කා හති අරිනවා.

" උ..උඹට ආරංචිද.. අන්න අර..අර අම්මණ්ඩි නැති වෙලාලු... "

ලොක්කා නම් තවම හති අරිනවා. ඇත්තම කිව්වොත් එයා ඇවිත් ප්‍රධාන කර්තෘතුමාටත් වඩා චීත්තයක් කියන නමට ගැළපෙන කෙනෙක් කියලයි සත්සිඳුට නම් ඒ මොහොතේ හිතුණේ.

" මොකද යකෝ මිනිහා මැරිච්ච ගෑණි වගේ බලන් ඉන්නේ.. අර ක්ලෙයාරා ගෑණි මැරිලා.. මේක හොඳ news එකක් යකෝ.. මරපු එකෙක් නෑ.. මැරිච්ච විදිහ දන්නෙත් නෑ... "

ලොක්කට ඉතින් ඕනි ඒ අස්සෙත් කොහෙන් කොහොම හරි පත්තරේ up කර ගන්න. ඒක ඉතින් newspaper කාරයින්ගේ ගතියනේ. ඒත් කොල්ලා එකම එක වචනයක්වත් කතා කළේ නම් නෑ. කොල්ලා උන්නේ ලොක්කා ගැනත් කලකිරිලා.

' මෙතන මෙච්චර දෙයක් වෙලත් මේ නාකි රාළට ඕනි newspaper එක up කරගන්න.. දෙන්න හිතයි මට මුගේ තට්ටේ පැලෙන්න.. පාන්කඩයා... '

එයා ඒ මොහොතේ ලොක්කගේ මූණ දිහා කලකිරුණු විදිහට බලාගෙන හිතුවේ. ඊටත් වඩා කොල්ලට තිබුණේ ලොක්කා ගැන මරාගෙන මැරෙන්න තරම් කේන්තියක්. ඇත්තමයි , එයාගේ මූණේ ඒ මොහොතෙදි subtitles play වුනා නම් ඉතින් ආයේ දෙකක් නෑ රස්සාව දමලා ගහලා ආපහු වැල්ලට ගිහින් මාළුවෙක් අල්ලගෙන්න විකුණන්න තමයි වෙන්නේ.

" හිපාටුවෙක් වගේ බලන් ඉන්නෙ නැතුව දැන්මම article එක ලියන්න ගනින් මයේ පුතේ.. උඹනේ ඉතින් මේක දුවවන්න ඉන්න එකම එකා.. හොඳ පුතානේ... "

ලොක්කා එහෙම කියලා අර එයා වාඩි වෙලා උන්නු පුටුවෙන් නැඟිටලා එහෙම්මම යන්න ගියා. කොල්ලට කරකියාගන්න දෙයක් තිබුණේ නෑ. එයා බලන් උන්නේ අසරණ වෙලා වගේ. එයා බය වුණේ වෙන කිසිම දේකට නෙවෙයි. අර පැත්තක උන්නු ගැරඬියවත් මේකේ කොහේ හරි කොණකට ගෑවිලා ඇත්ද කියලා බයෙන්..

ඇස් දෙක පියා ගත්තට පස්සෙ ඉතින් jym එකේ මැරිලා මැරිලා ආව එයාට නින්ද යන එක අහන්නත් දෙයක්ද.. එයාට ගොඩ වෙලාවක් නින්ද ගියේ මහන්සියත් එක්ක. කොහොමින් කොහොම හරි එයා යාන්තමට ඇස් ඇරලා බැලුවේ ඇඳ ගාවම තිබුණු table එක උඩ තිබුණු පුංචි clock එක දිහා.

එයාගේ හොඳම යාළුවෙක් වුණු නවම් ඕස්ට්‍රේලියා ඉඳන් එවපු ඒ ලා නිල් පාටට හුරු clock එක නම් මාරම ලස්සනයි. ඒ clock එකේ ඉලක්කම් හදලා තිබුණේ පුංචි පුංචි සුදු පාට pearl වලින්. ලා නිල් පාට වටකුරු රාමුවේ ඇතුළ තද නිල් පාටයි. ඒ තද නිල් පාට පසුබිමේ ඉලක්කම් වෙනුවට තිබුණේ සුදු පාට pearl.. ඉතින් ඒ clock එක ඒ තරමටම වටින්නේ අන්න ඒ හින්දා.

වෙලාව හවස 3.25 යි. එයා එහෙම්මම ඇස් අරලා ඒ දිහා බලලා දෙලොව රත් වුණා. මොකද හරියටම හවස 4 වෙද්දි සුපුරුදු විදිහටම කුමාරතුංග මුනිදාස මාවතේ අර සුපුරුදු නුග ගහ යටට වෙලා ඉන්න එක එයාගේ වගකීමක් වෙලා ඉවරයිනේ..

එයා එහෙම්මම phone එකවත් අතට ගන්නෙ නැතුව සුදු පාට ටවල් එකකුත් අරන් bathroom එක ඇතුළට ගිහින් wash එකක් දාගන්න වුණා. ඇඟ හරිම උණුසුම්.. ඊටත් වඩා මුළු සිරුර පුරාවටම දාඩිය වැගිරෙනවා . ඉතින් එයා ශවර් එක යටට වෙලා ගොඩ වෙලාවක් උන්නේ ඒ සිරුර පුරාවටම තිබුණු ග්‍රීෂ්මය නිවිලා යන්න.. එයා ආපහු මිනිත්තු හතළිහකට විතර පස්සෙ bathroom එකෙන් එළියට ආවේ නම් හොඳ fresh පිට..

නෑවට පස්සෙ දැනෙන සනීපේ.. ඒක නම් කියලා නිම කරන්න තේරෙන්නෙ නෑ. දවස තිස්සෙම මහන්සි වෙලා නා ගත්තට පස්සෙ තමයි ඕනිම මනුස්සයෙක්ට ඇඟට සැනසීමක් දැනෙන්නේ.

ඒ වෙද්දි වෙලාව හවස 4 පහු වෙලා විනාඩි පහකුත් ගිහින්. කොල්ලා සට පට ගාලා සුපුරුදු විදිහටම short එකක් ඇඳලා අත් දිග තද නිල් පාට ටී ෂර්ට් එකකුත් දාගෙන phone එක අතට ගත්තා.

එයාට හික් ගෑවුණේ ඒ වෙලාවේ. සත්සිඳුගෙන් missed calls හතක් ඇවිත්..

" දැන් නම් ඉතින් උඹේ අවසානේ ගැරඬියෝ... "

එයාට ඒ දිහා බලන් ඉද්දි එහෙම්මම කියවුණා. කිව්වා නෙවෙයි ඇත්තෙන්ම කියවුණා . එයා නිදාගන්න ඉස්සර phone එක silent දාලා නිදාගන්න වුණු නිසා calls කොච්චර ආවත් ඇහුණේ නෑ.

ඒත් එක පාරටම ඇස් දෙකත් උඩ දාගෙන එයා බලන් උන්නේ එයාට මොකක් හරි හදිස්සියක්වත්ද කියලා. දැන් නම් මිගාන්ට හරි බයයි. එයා phone එකේ volumes normal කරගෙන එහෙම්මම පඩිපෙළ බහින ගමන් කොල්ලට call එකක් ගත්තා.

සත්සිඳු උන්නේ ක්ලෙයාරාගේ මරණය ගැන article එක ටයිප් කරන ගමන්. Phone එක silent දාලා තිබ්බ පුංචි වෙලාවට ගැරඬියට missed වුනේ කොච්චර වැදගත් පණිවිඩයක් ද.. එයා ගැරඬියගෙන් ආව call එක එහෙම්මම answer කරලා පෝන් එක කණේ තියා ගත්තා.

" හෙලෝ babybabe... "

" සර්... "

කොල්ලගේ කටහඬත් බිඳිලා වගේ. මිගාන්ට නම් එයාගෙ ඒ වෙනස හොඳටෝම තේරුණා.

" ඇයි මගෙ දරුවෝ.. මොකක්ද කේස් එක.. ඔයාගෙ voice එකත් අවුල් ගිහින්.. අසනීපයක්වත්ද... "

එයා කලබලෙන් කතා කර කර ගිහින් එහෙම්මම එළියට බැස්සා. Full face හෙල්මට් එකත් අතට අරගෙන එයා පෝන් එකත් කණේ තියාගෙනම බයික් එකට ගොඩ වුණා.

" එහෙම දෙයක් නෙවෙයි සර්... "

" එහෙනම්.. බලන්නකෝ ඉතින්. මං ජිම් එකට ගිහින් ඇවිත් එහෙම්මම පොඩි ඇලට් එකක් දැම්මා. කොහෙද.. මේ ගෝතයාට මහන්සියට එහෙම්මම නින්ද ගියානේ... "

එයා කිව්වෙ හිනා වෙවී. ඒත් සත්සිඳු නම් නිහඬයි. එයා ඔහේ එයා කියන දේවල් අහගෙනම උන්නා විතරමයි.

" සර්... "

" ම්..මං දැන් එන්න හදන්නේ.. ඔයා ඔෆිස් එකෙන් ආවද..? "

" තාම නෑ සර්..

" එහෙමද..මං phone එක silent දාලා තිබ්බේ.. ඔයා ගොඩාක් calls අරන් තිබ්බා..ඒකයි මං හදිස්සියෙන්ම call back කළේ.. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද babybabe...? "

එයා ඇහුවේ හරි ආදරෙන්. මොන දේ සිද්ද වුනත් එයා එහෙම ආදරෙන් කතා කරද්දි හිත නිවෙනවා. හරියට බෝ රුකක් ළඟට වෙලා සිලි සිලි බෝපත් හඬ අහන් ඉන්නවා වගේ. හැබැයි සමහරක් තැන්වල දරන්නම අමාරුත් ඒ ආදරේ..

" සර්.. කලබල වෙන්න එපා.. පුංචි ප්‍රශ්නයක්.. හෙමින් සැරේ එන්න.. මං බලන් ඉන්නවා.. පරිස්සමින්... "

එයා කිව්වෙ එච්චරමයි. එයා එහෙම්මම call එක cut කළා. මිගාන්ට මොකුත්ම

හිතා ගන්න බෑ. ඒත් එයාට එකම එක දෙයක් තේරුණා. ඒ එයා නොදන්න මොකක්ම හරි දෙයක් සිද්ද වෙලා තියෙන බව. එයා හෙමින් සීරුවේ full face හෙල්මට් එක දාගෙන ගෙදර වත්තෙන් එළියට බයික් එකත් අරන් ගිහින් කුමාරතුංග මුනිදාස මාවතේ අර පුරුදු සුපුරුදු නුග ගස් හෙවණ යටට වෙලා එයාගේ අහිංසකයා එනතුරු බලන් ඉන්න පිටත් වුණා. ඒත් මේ නොකියා කියූ දේ ගැන නම් එයාට හරි සැකයි.

ඒ හින්දම එයා බයික් එකේ යන ගමන් එක හිතින්ම තීරණයක් ගත්තා.

' අද නම් office එක ගාවටම යනවා... '

එයා හිත අස්සෙන් කිහිප වතාවක්ම හිතල හිතලා ගත්තු තීරණේ ඒක. ඉතින් වෙනදාටත් වඩා වේගයෙන් එයා බයික් එක ride කරන්න වුණේ වෙලා තියෙන ඒත් සත්සිඳු නොකියපු දේ මොකක්ද කියලා දැන ගැනීමේ නොඉවසිල්ලෙන් හා බලවත් වුවමනාවෙන්. එයා කිරුළපන පහු කරන් ටික දුරක් යද්දි එයාගේ phone එක ආයෙමත් වතාවක් ring වෙන්න වුණා.

ඒත් ඒ යන ඉසව්වේ තිබුණු වාහන තදබදයත් එක්ක ඉතින් call එකකට answer කරලා දෙනවා තියා phone එකක් දිහා බලන්නවත් වෙලාවක් කොහෙද.. ඒ නිසා එයා ඒ ආව call එක answer කළේ නෑ. එහෙම්මම ඒ වාහන තදබදය පහු කරලා ටිකක් ඉස්සරහට ගිහින් ආයෙමත් phone එක අතට අරන් බැලුවේ බයික් එක පැත්තකට කරලා නතර කරලා.

Phone එක අතට අරන් බලද්දිම වගේ ආයෙමත් phone එක ring වෙන්න ගත්ත නිසා එයා එහෙම්මම phone එකේ screen එක දිහා බැලුවා. ඒත් ඒ කෝල් එක.. ඒ කෝල් එක ආවේ unknown number එකකින්..

එයාට ටිකක් පුදුමත් එක්ක. ඒක answer කරනවද නැද්ද කියලා ඒ පුංචිම පුංචි තත්පරය අස්සෙත් අනේක වාරයක් හිතලයි එයා ඒ කෝල් එක answer කළේ.

" හෙලෝ... "

" හෙලෝ... "

එහා පැත්තෙන් ඇහුණේ රළු කටහඬක්. ඒ හඬ ටිකක් බැරෑරුම්. එයාට ඇහුණෙම ඒ හඬ නිකන් වියරුවෙන් බර වෙලා වගේ.

" කවුද මේ..? "

" මං කවුද කියන එක අදාළ නෑ.. මේ මිස්ටර් ඩිනෝ මිගාන් සමරදිවාකර නේද..? "

එහා පැත්තෙන් කතා කරපු රළු හඬින් එයාට කතා කළේ එහෙම.

" ඔව්.. මං ඩිනෝ මිගාන් සමරදිවාකර තමයි.. තමුන් කවුද..? "

මිගානුත් ඒ මනුස්සයගෙන් ඇහුවේ හඬ ටිකක් රළු කරලා.

" මං කිව්වනේ මිස්ටර් ඩිනෝ.. මං කවුද කියලා අදාළ නෑ.. අදාළ වෙන්නේ වුණේ මොකක්ද කියන දේ විතරයි... "

" මොකක්ද..? "

ඒත් එක්කම වගේ මිගාන්ට ඇහුණේ එහා පැත්තෙන් නැගෙන වියරු සිනා හඬක්.

" යකෝ.. මගෙ මාරයා අවුස්ස ගන්නැතුව කියන පකක් කියපන්... "

මිගාන් පාර කියලවත් බලන්නෙ නැතුව කතා කරපු ඒ මනුස්සයට කෑ ගහන්න වුණා.

" වැඩිය කලබල වෙන්න එපා මිස්ටර් ඩිනෝ.. අද රෑට news බලන්නකෝ.. හෙට උදේට newspaper එකත් බලන්න.. එච්චරයි... "

ඒ රළු හඬින් කිව්වෙ එච්චරමයි . එහෙම්මම ඒ call එක cut වුණා. හැබැයි ඒ ශේන් සල්ගාදු නම් නෙවෙයි. ඒ ශේන් සල්ගාදු නොවන බව නම් ගැරඬියට ඉර හඳ වගේ විශ්වාසයි. එහෙනම් ඒ කවුද..? එයාගෙ හිත එයාගෙන්ම ප්‍රශ්න කළා.

මොකක්ද ඒ අලුත් සෙල්ලම.. එයාට හිතාගන්නවත් බෑ. එයා මොකුත්ම හිතාගන්නවත් බැරුව එහෙම්මම පෝන් එක සාක්කුවට දාගෙන බයික් එක සුපුරුදු වේගයෙන්ම ride කරන්න වුණා.

මීළඟ කොටසට ...

More Chapters