Cherreads

Chapter 38 - 38

නිඛිල්.....නිඛිල්....ඇති ඔය මුරන්ඩු කම ආ.....කිව්වා නේද සැරයක් ...ආ....

මම ලමයට සැර උනා...මේ කොල්ලා පුදුම විදිහට මුරන්ඩු වෙලා තියෙන්නෙ....මූත් මුගෙ මහ එකා ගානටම හැදිලා.....අමන්දියා බිම උන්න පූසව වඩාගත්තා.. ඒ උනාට ඒ ජඩ පූසගෙත් පුදුම සෝබනයක් තියෙන්නෙ ....ඒකි කොහොමත් ඉන්නෙ යකා ගහලා වගේ .....

අප්පු....ච්චියේ ..අප්පුච්චියේ.....ම්හු....අපාමෙ...අපානේ...අපා..නේ...හ්

හරි..මං උඹට හෙට ඉදන් යකා කියන්නම්.....

උඹත.....නකා...අමන්ජි....යේහ්හ්...

යෝ.....හ් නිඛිල්....ඇත්තමයි මම උඹට ගහනවා උඹේ මහ එකාට උන ගැනෙන්න හරි.....

මම කොච්චර කිව්වත් මේකා යක්පැටියා වගේ උනා..ඒකට පුතා කිව්ව කියලා ඩෝන් ගිහින්...ඒ මදිවට මේ යක්ස කොල්ලා මගෙ මූනටත් ගැහුවා ...මට දැන් අග්නියව හමගහන්න තරම් තරහා...මගෙ උකුල උඩ ඉදන් උන්න කොල්ලා.මගෙ බෙල්ල බදාගන උරහිස ගහගන් ඒකවම තනියම නිදි කරවගන්න හැදුවා... හැබයි ඒකට නම් මිනිහා බයිය පුතා කිව්වා .හිටපන්කො ගෙදර යනකන්....බයිය පුතා කරවන්නම් මං...

බයි....බයි.....බයි...බ....යි...ය....පු...තා...ඇති...න්...නියා.....පයි....ම්ම්...ගලත....ගලින්....බයි...

"ඇයි අනෙ මෙ..."

ඇයි අනෙ කියන්නෙ...මොනාද ඒයි මේ ලමයට උගන්නලා තියෙන්නෙ....

"......."

.....

එයාගෙ මූන රතු උනා...මටත් වැලලෙන්න හිතුනා ....මොන මගුලක්ද අපි දෙන්නා ඒ කියෙව්වෙ ...අනෙ....ඒයි....?එයා මට අනෙ කිව්වා ...මං එයාට ඒයි කිව්වා ...හැබැයි...ඒ එක වචනයක් වත් අපි දෙන්නා හිතලා කියපුවා නෙවෙ වෙද්දි ....

.මගෙ බඩෙ සමනල්ලු පියෑඹුවා .....අවංකවම මගෙ බඩෙ සමනල්ලු පියාඹන්න ගත්තා .....

ඒ...යි ...අග්ගියෙ ....ඒයි....

ඔය පේනවනෙ ගනින් අග්නි මෙ කොල්ලව ....කියන දෙ පොඩ්ඩක් අහන් නෑ පුදුම මුරන්ඩු කමක් තියෙන්නෙ ...මහ එකා විදිහට ගිහින් මෙතන...

මං මගෙ උකුලෙ උන්න කොල්ලව බලෙන් වගෙ අග්නයගෙ අතට දෙනකොට අග්නියා බය වෙලා වගෙ බලන් උන්නා මං ගස්සගන කාමරේට එන්න ආවා ..

"අප්පච්චිගෙ පුතා මොනවද කෙරුවෙ ...ම්ම්...."

මොනවත...ඔව්....මොනවත..කෙරුවෙ....

"ඒක තමා අහන්නෙ...ඔය කොට බරියට තරහ යන්න මොකද කෙරුවෙ ...."

තොත බරියත 

මං අහන් උන්නා ..කාමරේට ගස්සන් ආව මම අප්පච්චිලා පුතාලගෙ කතාව අහන් උන්නා ..මේ අග්නියා ඒකට ඔක්කෝම උගන්නනවා ....ඒකත් ගිරවා වගෙ ඔහේ කියවනවා

අග්නීහ්....

"මොකද?"

මොකද අහන්නෙ...ඕන එකයි එපා එකයි දෙකම උගන්නන්ඩ එපා අග්නි මේ ලමයා ඔව්වා ඉගන ගන්නවනෙ ..

" දැන් මේකා සපුමල් කුමාරයද....අනෙ නිකන් ඉදින් මැනිකෙ....මට කුමුහර්පයක් නොකියන ගේකින් අව මිටක් ගෙනෙන්...ඇරත් පුංචි එකාට මං කුනුහර්ප ඉගැන්නුවෙ නෑනෙ...."

ඔයාට කිව්වට අහන් නෑ අග්නී....

මං එයාගෙ අතේ උන්න නිඛිල් දිහා බැලුවා ....ලමයට නිදිමතෙ....ඒත් බඩගින්නෙ නිදිකරවන්නත් බෑ....කොල්ලගෙ පිටි ටින් එකම හිස්....සීනි ඇටයක් නෑ..මට කඩේට යන්න වෙනවා .....ලමයගෙ පිටි එකක් ගන්න ෆාමසියට යන්න වෙනවා ...

සුදු පුතා.....සෑට කුක්කු බොනවද .....ණැත්තන් ...

ම්හුක්....බොනවත.....අප්පුච්චියෙ....

ඒක තමයි අහන්නෙ මගෙ පුතා කුක්කු බොනවද .....

මගෙ....පුතා...නකා....

යෝහ්....යෝ.....හ්....යෝ....හ්හ්...අග්නීහ්...

"මට බයින්නෙ ...ඉතින්...."

උඹලා දෙන්නා මට උඹලා දෙන්නව හදන්න බෑ....

අග්නියගෙ උරහිස උඩට මූන ගහන් උන්න නිඛිල් දිහා වගේම අග්නි දිහා මන් බලලා කුසියට එන්න ආවා..තාම හතයි. ....රෑට කන්න හදන්න ඕනා ...පාන් ගෙනත් සැමන් එකක් තෙල් දාලා පරිප්පු හදනවද .....පරිප්පු හැදුවොත් පොඩි එකාටත් කවන්න පුලුවන් . .එයාට බලෙන් කවනවා වගෙ නෙවෙ මං කනකොට මගෙ පිගානට අත දාන් කනකොට ළමයා බඩ පිරෙන්න කනවා ...අනෙ ඉතින් උන් පුංචි කමට අපෙ පිගානට අත දානකොට බනින්නෙ සැරකරන්නෙ කොහොමද ...

එයාගෙ පිගානට බෙදන සුදු බත් හැන්දට වඩා පුංචි උන් හැමදාම හෙව්වෙ අම්මා තාත්තගෙ බත් එකේ රස.....

මං එහෙම්ම පරිප්පු බෝතලේ ලගට ගිහින් පරිප්පු ටිකක් මැටි ඇතිලියට දාලා වතුර ටිකකුත් දාලා එන්න හැරෙනකොට ලොකු හොරයි පොඩි හොරයි ගල් ගිලලා වගෙ බලන් ඉන්නවා ...

"කොහෙද මැනිකෙ යන්න යන්නෙ..."

අපායට ඇයි....

"ම්න්....පරිස්සමින් ගිහින් වරෙන් එහෙනම් ...අපේ අප්පච්චි උන්නොත් කියපන් මුනුබුරයි මායි මතක් කෙරුවයි කියලා .."

මං රැව්වා....අග්නියගෙ කට එන්ඩ එන්ඩම වැඩි වෙනකොට මං ලමයට දෙන්න බිස්කට් ටින් එක අරිනකොට අග්නියා ලමයවත් බිමින් තියලා හිමීට හුරුවමක් බාන ගමන් හොරා වගෙ ලිප් බොක්ක දිහාවට ගිහින් චිමිනිය දිගේ උඩට බඩගාන්න ලැහැස්ති උනා...

අග්නීහ්....!!!!

අග්ගියේ.....හ්.....

අග්ගියෙ ..අග්ගියෙ තමයි....අප්පච්චි පුතයි මොකද මේ කරලා තියෙන්නෙ....

කිව්වට විස්වාස කරන්න මුන් දෙන්නා ටින් එකේ තිබුන හැම චොකලට් බිස්කට් හැම එකකම මැද ක්‍රීම් එක කාලා දෙපැත්ත ඉතුරු කරලා තිබුනා ...මං බිස්කට් එකින් එක බැලුවා ...සමහරක් වල ක්‍රීම් එක බිදක් වත් තිබුන් නැ....සමහර බිස්කට් වල මගෙ නිඛිල්ගෙ චූටි දත් පාරවල් තිබුනා ...මුන් දෙන්නම අද කරලා තියෙන්නෙ මේක...

සුදු මහත්තයා ....අප්පච්චි එනකන් කෝතුවක් කනවද ...

කෝ...තුවක්....

ඔව්...අප්පච්චි මගෙ පුතාට කුක්කු පිටි එකකුයි....

"මැනිකෙ...මුරුක්කු...."

මං කට තදකරගත්තා ....විස්කෝතු නඩුව විසදන්න යනකොට මාරු උන අග්නියා චිමිනිය උඩ ඉදගන කඩේ යන්න හදපු මට මුරුක්කු ගේන්න කියනකොට මං පැදුරක් දාලා ඒ උඩ කොල්ලව තියලා ක්‍රීම් මොකුත් නැති බිස්කට් ටින් එක දුන්නම කොල්ලා විස්කෝතුව පෙරල පෙරල ක්‍රිම් හොයනකොට මං ලිප් කන්ද ගාවට ගිහින් චිමිනියෙ ඇතුල් පැත්තට මූන දැම්මා අග්නියා අන්දකාරෙ බිත්තියෙ ඇලීගන ඉන්නවා..... 

මුරුක්කු....මුරුක්කු ගෙනත් දෙන්නම මිනිහා පහලට එන්න අග්නි ළමයා තනියමනෙ.....

දැන් ඉතින් මට බලාගන්න ආයම ලමයි දෙකයි .....මම අග්නිට රවලා බැනලා පහලට ගෙන්න ගන්නකොට එයා හොරා වගේ පැදුරට ගෑටුවා .....ඇත්තටම මේ ඉන්නෙ මාව මරාගන කන්න හදන නපුරුම නපුරු අග්නිද හිතුනා....

අග්ගියෙ ....මේහ්....නකා...පුතා...ගෙ...කෝතු....අපුච්චියේ....අප්පු...ච්චියේ....මේහ්....නකා...පුතාතනෙ....

" පුතාගෙ....පුතා..ගෙ.....අප්පච්චි අග්ගියව මරයි ..."

නානෙ....නානේ...අග්ගියෙ....නානේ...අග්ගියව...මනන්නෙ...නානෙ...

මම රවාගන බලන් උන්නා....උගන්නන්න පුලුවන් ඔක්කොම උගන්නලා අග්නිය දැන් සුදන වෙන්න හදනකොට මම යතුර අරන් එන්න ආවා....

මගෙ පිස්සු අග්නි...මගෙ විකාර අග්නි...මගෙ ආදරනීයම අග්නි...

අග්නි....මට තේරෙන්නෙ නෑ.....එයාගෙ මේ වෙස් මාරු කිරිල්ල....එකම එක වචනෙකින් හිතන්නවත් බැරි තරම් ආවේස වෙන මගෙ අග්නි වචනවලට ව්ස්තර කරන්න බැරි තරම් ආදරනීය චරිතයක් උනා .

මගෙ ප්‍රේමනීයම යක්ශ ආත්මය....

එයාල දෙන්නම එහෙම ඉන්නකොට මම කඩේට ආවා....ගෙදර ගාව තියන කඩේ අම්ම තාත්තා ඇරෙන්න හැම දේම තිබුනා උනත් ලමයගෙ පිටි නැති වෙනකොට මට හන්දියටම එන්න උන්නා ...ආවට වඩා හොදයි වහ කන එක...අග්නියගෙ තැල්මවල් බලපාන්නෙ පහුවදාට වෙනකොට අද සිකුරාදා හෙට සෙනසුරාදා කියන එක මතක් වෙනකොට අනේ මට.අනේ දෙවියනේ කියලා කියවුනා....

කව් ඇන්ඩ් ගේට් ටින් එකයි....සීනියි...අපො...කුඩු සීනි වලට මම ආසත් නෑ...මටත් ඕනෙ ඇට හැපෙන සීනී ..කටට දාගත්තම කරස් කුරුස් ගාලා හැපෙන සීනි...

අරලිය එකෙන් ඓඉනි පැකට් එකයි....පෙති පාන් එකයි....මැකරල් එකෙන් සැමන් ටින් දෙකයි ලමයගෙ පිටි එකයි ....කෝ බිස්කට් ....මුන් දෙන්නා ක්‍රීම්.ගිලලා බිස්කට් පලු ඉතුරු කරලනෙ ..අර පොඩි යකා දැන් ගිල්ලට හිටපු ගමන් ගිලින්නෙත් නෑ...මං ආයම බිස්කටුයි ලොකු ලමයට මුරුක්කු එකයි කලවම් කඩල.පැකට් එකකුයි ගත්තා...

මුන් මහ අසාදාරනයි.....ඉස්සර දාන කජු බෑව දැන් දාන්නෙ නෑනෙ...ඒකත් මාටියා ගහනවා ....

මන් ගත්තු බඩුටිකත් උරේකට දාගන ආයම ආවා.....දැන් ඉතින් අප්පච්චිලා ආවම මං ආයම ඔෆිස් යන්න එපැයි....කාර් එක හදනකන් බස් එකෙ හරි කෝච්චියෙ හරි ගාටනවා කියන්නෙ...මරනවා වගෙ ...ඒත් ඉතින් නොයා කොහොමද .....ළමයා චුට්ටක් ලොකු උනහම ඒකව මොන්ටිසෝරි දාන්න ඕනා ....අනෙ එතනින් පටන් ගන්න ගැම්ම ඒකත් වයස දහ අට වෙනකන් ඉගන ගන්න එපැයි .....

ජීවිතෙ අමාරුයි ...හුස්ම යන මොහොත වෙනකන් හුස්ම අල්ලන් ඉන්න කොච්චර කට්ට කන්න ඕනෙද .....?

මම ගෙදර ආව....පහන් පැලෙ දේවාකෙ ඇවිලෙන සුවද කූරූ වල සුවද උඩු හුලගෙ එහා මෙහා කැරකෙනකොට අම්මා නැති ගෙදර අග්නිගෙ පහන නිවලා තියෙන්නෙ මේ හතර දික්බාගෙම රකින්නලු....මං ඒ කිසි දෙයක් නොදැන මැරෙන්න හැදුවා ..

....ඒත් ඉතින්....ආදරේ කියන්නෙ පිච්චෙන එකට නෙවේද...??

අග්ගියේ.....මේක..මේක...අපානෙ ....ඒකෙ....නානෙ .....

"මොනවද නැත්තෙ"

නානෙ .....

"මොනවද...."

කීම්...නානෙ.....නකා ...පුතාත කන්න....කීම් නානෙ....

යකා පුතාට ...ඔව් දැන්‍ යකා පුතාට කන්න ක්‍රීම් තමා අඩු වෙලා තියෙන්නෙ....අග්නි මට පොල් ටිකක් ගාලා දෙනවා ඔතනට වෙලා බිබික්කම වගෙ ඉදන් ඉන් නැතුව....

මං කුසියට ආවා...ඒ එනකොට නිඛිලා මුලු මූනෙම චොකලට් බිස්කට් ගාගන ...අග්නියා ක්‍රීම් තියන ඒවා හොයනවා ..කොහෙ හොයන්ඩද මුන් දෙන්නා එකතුවෙලා ඒවා ලෙවකාලනෙ.....

මගෙ කටේ සද්දෙට මීක් නොගාපු අග්නියා දිහා බලලා පොල් ගාන්ඩ කිව්වා විතරයි ඒකගෙ ඇස් දෙක එලියට පනින්ඩ් ආවා...

"උඹට එනකොට මොකක් හරි මගින් පෑගුනාද බන්?"

ඇයි...කන්ඩ ඕනා නම් ගාන එකයි..මට ඔක්කොම කරන්ඩ බෑනෙ .....

මං අග්නියා දිහා බලලා පොල් බෑව දික් කෙරුවා .....හිතනවද අග්නියා මාව ගනන් ගත්තා ...නෑ මූ මාව තඹේකට මායිම් කෙරුවෙ නෑ...ඒකා පැදුර උඩ පත බෑවිලා විස්කෝතුවක් එක්ක ඔට්ටු උන නිඛිල්ව උස්සලා බඩ උඩින් තියා ගත්තා ....

ආ එහෙමද....හිටපන්කො...මන් උඹ ලව්වා පොල් ගාව ගන්නවමයි.....උඹට මෙතන ගිලින්ඩයි මං උයන්ඩයි....

මැටි වලදෙ තිබුන පරිප්පු ටික හෝදන ගමන් උන් දෙන්නගෙ සිරික්කිය බල බල උන්න මං මුනු මුනු ගගා බැන බැන උන්න මං තුන පහ බෝතලේ පොලවෙ ගගහා උයන්න ගත්තා ...

"කෝ ටක්..ටක්....කියන්න....අප්පුච්චියා කියලා දුන්නෙ මගෙ පුතාට..."

තත්.....

"කව්ද ආවෙ"

කව්ත ආවෙ....කව්ත....අප්පුච්චියෙ ආවෙ.....

"ඒක මම අනෙ කියන්නෙ ..."

මමනෙ..... කීන්නෙ.....

"යෝහ්...මගෙ මෝඩ හුරතලේ....මගෙ පුතා කියන්නෙ රාස්සයෙක්...."

පුතා....සාස්ස...යෙක්.....අප්පුච්චියෙ...පුතා ...පුතා ...සාස්සයෙ....ක්..

අග්නී....හ්....මේක ගාපන්කො...මට මේ හොද්ද ලිපේ තියා ගන්ඩ...

"උඹට පාන් ද බන්....මං ලව්වා පොල් ගාව ගන්නෙ...?උඹ හිතුවද යක්කු බැදන් වැඩ ගන්නවා කිව්වම යක්කු ලව්වා පොල් ගාවගන්නවා කියලා ....".

කට උත්තර නෑ.....අග්නියා කොල්ලට පාර යක්කු ඉන්න සෙල්ලමක් කියල දීලා.....ටක් ටක් කව්ද ආවෙ රාක්සයෙක්.....මූ කියන එකම පාට රතු පාට...යක්කු ආස.ලේ පාට හින්දා කියන්නෙම රතු පාට....ඒකා ලව්වා පොල් ගාවගන්ඩ ගියපු මම බැනුම් අහන් හිරමනේ උඩ් ඉදන් මාව තඹ දොයිතුවාට ගනන් ගන්නෙ නැති අග්නියා දිහා බලලා මගෙ අන්තීම තුරුම්පුව දියත් කරන්න හිතාගන ඇදන් උන්න ටී ශර්ට් එක උස්සලා නිඛිල්ට පෙන්නෙ නැති වෙන්න දොන්ත අග්නියගෙ වස්තුවක් එලියට ගත්තා...දැන් හරි...

අග්නී....

මම.අග්නිට කතා කෙරුවා ....ළමයා එක්ක උන්න අග්නියා මා දිහා හැරිලා බලනකොට මම ඒකා දිහා බලලා පොඩ්ඩක් මනමාල විදිහට හිනා උනා.....

ආවොත්...මෙව්වා දෙනවා....

අග්නියා බලන් උන්නා.....ඒකා හපලා රතු වෙලා චුට්ටක් ලොකු වෙලා තිබුන පපුව දොහා බලන් උන්න අග්නියා ඒ ටිකකින් ඒකා ඇදන් උන්න සලුව එහා මෙහා කරලා මම පෙරේතකම් කරපු මගෙ වස්තුව පෙන්නුවා...

" වාතයක් නොවී උන්නොත් මේවා දෙනවා....."

ඉතින්...කවුරු දිනන්න ඇති කියලා හිතනවද.....

එතනින් පස්සෙ මීක් නොගා ශිවන් පොල් ගාන්න ගත්තා.....

කුඓය පුරාවටම තෙම්පරාදු සුවද ඉවරයක් නැතිව දැනුනා....පාන් පෙත්තකට බටර් ගාලා මං අග්නිගෙ අතට දෙනකොට එයා ඒක නිදා වැටෙන පුංචි එකාව වඩාගන එහා මෙහා යන ගමන් කැව්වා....සැරින් සැරේම ලගට ඇවිත් මගෙ කම්මුලකට හාදුවක් තියන්න....ආදරෙයි මැනිකෙ කියලා රහසින් කොදුරලා යන්න අමතක නොකරපු මගෙ ආදරනීයම යකාගෙ ප්‍රේමවන්තයා මට සැමන් ටින් එකේ වතුර පිට්න් එලියෙන් තියන්න කියන එක දෙපාරක් තුන් පාරක්ම කිව්වා .....

"මැනිකෙ ඔන්න ඔය ටින් එක වතුර පිටින් එලියෙන් තියපන්.පිලිහිඩි සුවදට අර පෙරේතයො රෑනක්ම බලන් ඉන්නවා...."

එයා ආයම කියනකොට මම සැමන් ටින් එක අරන් ගිහින් වහලෙ උඩින් තිබ්බා වගේම ඒ ටිකකින් ටින් එක පෙරෙලෙන සද්දයක් ඇහුනා...මම සැමන් ඒකට පලාපු මාලු මිරිස් කරලක් දාලා කරමූඩියකින් වලද වහලා දැම්මා....

තව පෙත්තක් කවනවද අග්නි....එයාට නින්ද යන්න යන්නෙ...

" එපා...මේකා කන්නෙ නෑ...කිරි එකක් හදලා දියල්ල..."

මම.අග්නිගෙ උරහ උඩ ඔලුව ගහන් අඩ නින්දෙන් පාන් කෑල්ල හපන පුංචි එකාගෙ චූටි මූනට හාදුවක් තිබ්බා...මගෙ හුරතල් දග මල්ල....ඒකට දැන් තියෙන්නෙ අග්නියගෙම කට....පොඩ්ඩ බැරි වෙනකොට කතා කරන්නෙම අග්නිට.....එයා මටත් වඩා ආදරේ අග්නිට...

ළමයා දිහා බලන් උන්න මම කිරි එකක් හදන්න යනකොට ලමයව වඩන් උන්න අග්නි ඇවිත් මාව පිටිපස්සෙන් තුරුල් කර ගත්තා ....එක අතකින් පුංචි එකාව...අනිත් අතෙන් මාව....ඇදුමට ඇතුලෙන් තිබ්බ අග්නිගෙ ගොරහැඩි අතේ උනුසුම යටි බඩට දැනෙනකොට නොකියා උන්නත් වේදනා දෙන යටි බඩට සනීපයක් දැනුනා....එයා හිමින් අත ගෑවා....මගෙ හිස් මුදුනට හාදුවක් තිබ්බා...මාව තුරුල් කරන් උන්නා...මගෙ ශිවන් ගගා මුමුනු ගෑවා.....

එයා හරි ආදර්නීයයි...

මම කටවරද්ද ගන්නෙ නැතිව ඉන්න තාක් මගෙ අග්නි පුදුමාකාර තරම් ආදරනීයයි ....

මම ලමයගෙ කිරි එක හැදුවා....බාගෙට නිවෙනකන් වතුර බාජනේක දාලා නිවලා අතිනුත් පොඩ්ඩක් හොලවලා අග්නිට දෙනකොට එයා මා දිහා බලන් උන්නා...ඇස් පිල්ලමක් වත් ගහන්නෙ නැතිව එයා මා දිහා බලන් උන්නා.....උරහිස උඩ උන්න පුංචි එකාට නින්ද ගිහින් ....ඉතින්....කිරි එක පොවන්න එයාට හදිස්සියක් නැති උනා...

මගෙ ශිවන්.....

එයා කොදුරනවා...ආදරෙයි කියන්න....හාදුවක් තියන්න...තුරුල් කර ගන්න හදන හැම තැනදිම එයා කෙදිරුවා ....එයා මාව ලගට ඇදලා ගත්තු අග්නි මගෙ මූනට පහත් උනා එයාගෙ බෙල්ලෙ එල්ලෙන ඕන කම තිබුනා උනත් කොලු පැටියා හින්දා එල්ලෙන්න බැරි වෙනකොට එයා මාව එක අතකින් එල්ල ගත්තා ...මගෙ කකුල් දෙක පොලවෙ ගෑවි නොගෑවි තියනකොට මං අත් දෙකෙම්ම ඒමූන අල්ල ගත්තා ..

.උනුසුම් ....ඒවගේම ගැඹුරු ....ආදරේ පිරුන හාදුවක් .....

කෙම්මුරක් නොවුනත් මගෙ අග්නිගෙ හැගීම් ආදරනීයයි....

අග්නී....

"ම්න් ..."

.කෙම්මුරකදි ඇරෙන්න ඔයාට මගෙ ගාවට එන්න බැරිද ...මන් අහන්නෙ ....එහෙම....

මං ලමයව හරහට අරන් කිරි පොවන අග්නිගෙ අත් ගොබේට හේත්තු උනා.....

.එයා මගෙ දිහා බලලා හිනා උනා .....

"දැම්ම බෑ මැනිකෙ ..උඹලට කරන්න වත් පිළිවෙත් වගේම ඒකට කාලෙත් ඕනා.....හරියටම එකටම උඹ මාව දකින් නැතිව කටහඩ ඇහුවා වගෙ .....පස්සෙ උඹට මාව හුලගක් වගෙ දැනෙන්න ගත්තා වගෙ .....පස්සෙ උඹ මාව දැක්කා....අතපත ගෑවා .....අන්න ඒවගෙ ...කෙම්මුරක් දෙකක් පයිනකන් උඹ මට හැඩ ගැහෙන්න ඕන ශිවන් නැතිනම් හැමදාම මට වෙන්නෙ මගින් නවතින්න ... උඹට වෙන්නෙ කලන්තෙ දාන්න ...උඹ හොද සිහියෙන් උන්නා නම් බඩේ ගින්දර දරන්න බැරිව උඹ මැරෙන්න ගියා මගෙ ශිවන් ....උඹලම අවසානෙදි වෙව්ලනවා නම්...යකෙක් උන මන් ගැන උඹට තේරුම් ගන්න පුලුන්නෙ මැනිකෙ....."

එයා මගෙ මූන දිහා බලාගන එකින් එක කියවනකොට මං එයාගෙ කොන්ඩෙ අතින් හැදුවා නිඛිල් ඇදලම කොන්ඩෙ අවුල් වෙලා තිබුනා ...

"මේකව මෙතනින් තියමු..තනි පංගලමෙ බුදි කරවන්ඩ එපා නැගිටලා අඩාවි ....පව් මගෙ කොලුවා "

මන් උතුරන පරිප්පු එකේන් ටිකක් අල්ලට අරගන ලුනු බලනකොට එයා දරුවව තනියම නිදි කරවන්න බැහැ කියලා පැදුර උඩින් තිබ්බා.....එයා මගෙ කොලුවට.....නෑ...අපි දෙන්නගෙ කොලුවට පුදුම විදිහට ආදරෙයි ....

"අනෙ මැනිකෙ කෝ මුරුක්කු....?"

ලමයව තියපු එයා ඊලග පාර මුරුක්කු හොයන්න ගත්තා .. ඒකට අතට අහුවෙලා තියෙන්නෙ කලවම් කඩල එක...අවසානෙදි මුරුක්කු එකයි කලවම් කඩල එකයි දෙකම අත් දෙකෙ තියන් ඒ දෙක දිහා මාරුවෙන් මාරුවට බල උන්නා හරියටම කොයිකද වැඩියෙම්ම රහ කියන්න වගෙ...

"මට මේ දෙකම ඕනා....අග්නි ආසයිනේ"

අනේ....නිකන් ඉදින්කෝ....අග්නී....හ්..මේ ළමයා ඇහැරේවිනෙ....අනික උඹ...මහ අසාදාරන පෙරේත යකෙක්.....පොල් ගෑවෙ මමනෙ ...

" ඒ උනාට උඹ මං ලව්වා වලන් හෝදගව ගත්තා ....."

මම නහින්ඩ හැදුවා...කාපු බීපු වලන් පට්ටලේට හිලව් වෙන්ඩ කපටි අග්නියා මට බලහත් කාර කම් කරන්න පටන් ගත්තා....පාන් පෙත්තෙන්...බිස්කට් එකෙන්...කිරි එකෙන් වගෙම චුට්ටන්ගෙ ගෙදරින් කවල තිබුන බත් කට දෙක හන්දා බඩ පිරිලා වගේම නටලා මහන්සියට මගෙ කොල්ලට යකෙක් ගහලා වගේ නින්ද ගිහින් තිබුනා.....

එයාව බිත්තියෙ අයිනට දාපු මම මැද ඉන්නකොට දොන්ත අප්පච්චි අග්ගියා මෙට්ටෙ අනිත් පැත්තෙ උන්නා....දැන් ඉතින් වැටෙන්න තැනක් නෑ...ඇදට නගින්න දෙයක් නෑ...මං හිතන්නෙ අද ඉදන් ජීවිතාන්තය දක්වාම මට මෙට්ටෙක ඇරුනම ආය කවදාවත් ඇදක නම් නිදා ගන්න බැරි වේවි.....

අග්නී.....

"ම්ම්ම්ම්"

ඒකා නෙවෙ මූන උස්සන්නෙ...මූ මහ නරකාදි යකෙක්....යක්කු ගස් නගිනවා කිව්වට දැකලා නොතිබුන මම අවසානෙදි යකෙක් එක්ක ගස් නැග්ගා වගේම යක්කුන්ට කුක්කු පෙව්වෙ අපි කිව්වට අවසානෙදි මට යකෙක්ට කුක්කු පොවන්න උනා...යක්කු ගහනකොට ලේසි නෑ කියන එක අහලා තිබුන මට මගෙ යකා නැගිටගන්න බැරි වෙන්නම ගහනකොට අද රෑ දොලෙහෙන් පස්සෙ පටන් ගන්නෙ කෙම්මුරේ හන්දා මම මීක් නොගා උන්නා...

අග්නි....

"ම්ම්ම්....."

අරකෙ ඉතිරි ටික කියන්නකො...

" කෝකෙද ..."

අර කතාවෙ .....

" ම්ම්ම්..වරෙල්ලකො එහෙනම්..."

අග්නියා උඩට ආවා...ඇවිදින් මාව එයාගෙ අත් ගොබෙ උඩට ගත්තා....මම එයාගෙ ඇගට කකුලකුත් දාගන අතකුත් බඩ්ග වටේ ඔතාගත්තා ....අග්නිගෙනත් දෙකම මගෙ ඇග වටේ එතුනා....ඊයෙරෑ රෙදි කාන්දරාවට යට උන මට නොදැනුන සනීපයක් මගෙ අග්නිගෙ පපුවෙන් එනකොට කතාව අහන්න තියන ආසාවට මම පෙරේතකම් කරන එක පස්සට දැම්මා...

" උඹලට මම කිව්වෙ මැනික්පාල බිසව ලෙඩ උනා කියලා නේද ..."

හ්ම්ම්ම්...ඕ....

" හරි...අහගනිල්ලා...මැදින් කතා කෙරුවොත් කතා නෑ...ළමයා ඇහැරුනොත් උඹටත් දෙකක් දීලා බුදි කරවනවා හරි...ඔන්න අහගනින් මැනිකෙ...පව් උඹට මහන්සිත් ඇතිනෙ...

මැනික්පාල බිසව ලෙඩ වෙනවා...ඔන්න ඔතනදි ඒකිගෙ අයියන්ඩි....විශ්ණු

" ඔඩ්ඩි" කියලා අසුරයෙක්ට භාර කරනවා...ඒ අසුරයා ගතමනාවක් ඉල්ලනවා.හරියටම අපි දැන් උඹලගෙන් දොලපිදේනියක් ඉල්ලනවා වගේ.....මේකා ඒකගෙ ගාස්තුව ගතමනාව විදිහට ඉල්ලන්නෙ දිව්‍ය ලෝකෙ ඉන්න අවස්තාවක්....දැන් ඉතින් විශ්නුට තමන්ගෙ වැඩේ කරගන්නත් ඕනා...නංගිව බේරගන්න නම් ඉතින් ඉල්ලන දේ දෙන්ඩ වෙන හන්දා ඕකට විශ්ණු කැමති වෙනවා....පස්සෙ ඔඩ්ඩි කියන අසුරයා විනය් කපලා මැනික් පාල බිසවව සනීප කරනවා....එතනින් පස්සෙ කියපු පොරොන්දු රකින්ඩ එපැයිනෙ....ඔඩ්ඩි යනවා දිව්‍ය ලෝකෙට...."

යක්කුන්ට දෙයියො එක්ක ඉන්න පුලුවන්ද අග්නී.....

මම ඔලුව කැසුවා...එයා මැදින් කතා කරන්න එපා කිව්වත් මම හරස් ප්‍රශ්න ඇහුවා...මට නිදිමතටද කොහෙද ඈනුමක් ගියා...බනීවි කියලා හිතපු එයා කෙරුවෙ මගෙ කම්මුලට හාදුවක් තියපු එක....

"එහෙම උන්න බෑනෙ මැනිකෙ...මගෙ කොට මගුලට බයියන්ඩ ඕනෙද....."

අනේ ඉතින් මගෙ අග්නිගෙ ආදරෙ....මට ලෝභ හිතුනා...අග්නිව දාලා නිදා ගන්න මටලෝභ හිතුනා...එයා මට නින්ද යනකන් ඉදලා මෙ වටේම කරක් ගහන්ඩ යනවා...අම්මා හන්දයි පහන නිව්වෙ ....ඒඋනත් මට ඕනේ මගෙ අග්නිව මගෙ ළඟ තියා ගන්ඩ.....මම නිදිමත දැනුනත් නිදිමත නැහැයි කියලා පෙරේත කම් කරන ගමන් කතාව අහන්න ගත්තා...පිරුනු පපුවෙ මවිල් හන්දා මට ඒකගෙ පපුව පාදගන්න උනා....මගෙ අග්නි මට හරි බරි ගැහෙන්න ඉඩදීලා ආයම කතාව පටන් ගත්තා...

".මගෙ ශිවන්...ගින්දර ගාව කවදාවත් පුලුන් තියන්ඩ බෑ...ඒක උඹලා දන්නවා...එහෙව් එකේ...උඹලා හිතනවද ඔඩ්ඩිට දිව්‍යලෝකෙ ඉන්ඩ පුලුවන් උනාය කියලා.....ඔඩ්ඩිට සුරයන් එක්ක එන්න බැරි වෙනවා.....අනිත් පැත්තෙන් අසුරයෙක් එක්ක ජිවත් වෙන්න සුරයො කැමති වෙන්නෙත් නෑ...මේ හන්දා මොකද කරන්නෙ...සුර සේනාවම එකතු වෙලා ඔඩ්ඩිව දිව්‍යලෝකෙන් එලියට දානවා....

ඔන්න එතනින් පස්සෙ මේ ඔඩ්ඩි කියන අසුරයා "සූනියම් යකා"වෙලා මහ පොලවට ඇවිත් මිනිස්සු මර මර...මිනිස්සුන්ට හදි හූනියන් කර කර මනුස්ස ලෝකෙම විනාස් කරන්ඩ ගන්නවා....

ඔන්න ඉතින්...දැන් කාලෙ වගේ තමා හැම දේම ලැව් ගිනි වගේ බුක් ගාලා එක එකාගෙ කනට යනවා....සූනියන් යකා මනුස්ස ලෝකෙ විනාස කරනවා කියන කතාව ඉන්න දිව්‍ය ලෝකෙන් දැනගන්නවා....සුරයො.මේ ගැන කතා බහ කරනවා...මෙන්න මේකට උත්තරයක් විදිහට සක්‍රයා කියනවා සූනියම් යකාව මට්ටු කරන්ඩ පුලුවන් කෙනෙක්ට මනුස්ස ලෝකෙට යන්ඩය කියලා....

ඔන්ම ඉතින් ඒකට බල පුලුවන් කාර කමක් තියන දෙවි කෙනෙක් දිව්‍ය ලෝකෙන් බැහැර වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙනවා....වැඩේ කියන්නේ මගෙ ශිවන්...එයාගෙ නමත් " ඔඩ්ඩි"උඹලා පටල ගන්නවා නෙවෙ.... හබැයි ඉතින් ඔඩ්ඩි කියන පොලවට ආව කියලා සූනියම් යකා දැනගන්නවා .....හැබැයි ආවා කියලා දන්නවා උනාට මේ ළමයා කව්ද නොදැන ඒකව හොයා ගන්න බැරිව රටින් රටට ගිහින් ළමයි ගැන හොය හොය කවුරු හරි ළමයෙක් ගැන සැක හිතුනොත් ඒ ළමයි ලෙඩ කරව කරව රටවල් විනාස කෙරුවා....ඒත් හරි ඔඩ්ඩි මොකාද කියලා.මේ සූනියම් යකාට හියා ගන්න බැරි වෙනවා....

පස්සෙන් පහු වෙනකොට මේ දිව්‍ය ලෝකෙන් ආව ඔඩ්ඩි බමුණන්ගෙන්....ඍෂිවරුන්ගෙන් මන්තර සාත්තරේ ඉගන ගන්නවා....ඒ සාත්තරේ ගැන හොදටම ඉගන ගන "වඩිග රටෙ" වඩිග රජ්ජුරුවන්ට මන්තර සාත්තරෙන් උදව් උපකාර කරන රාජකීය ඇදුරා වෙනවා....මැනිකෙ මේ වඩිග රජ්ජුරුවො ඇවිදින් මිටි එකෙක්...උඹලා ඔය කුරු උන් කියන්නෙ...කොට උන් කියන්නෙ....

මං වගේද අග්නි...

" යෝ.....හ්....නෑ...මං ඉතින් උඹට ආදරේටනෙ මැනිකෙ කොට මගුල කියන්නෙ...මෙ වඩිග ඇවිත් කොටයි...බුටුයි...."

බෙට්ටක් වගේද?

" ඔව්...ඔව්....උඹගෙ කට....හැබැයි ශිවන්...මේ වඩිග කොච්චර කොට උනත්...බිසව ලස්සන කුමාරිකාවක්...ඔන්න මේ අතරමග සූනියම් යකා හොයා ගන්නවා ඔඩ්ඩි ඉන්නෙ වඩිග රජ්ජුරුවන්ගෙ මාලිගාවෙ කියලා....පස්සෙ මේ හූනියම් යකා උපායකින් මේ ඔඩ්ඩිව විනාශ කරලා දාන්න කල්පනා කරලා ඔඩ්ඩිගෙ ඇගට ආවෙස වෙනවා....."

අනේ...හ්....

" ඉතින් ඉදින්කො මැනිකෙ.....කෝ ඔය කට පිහිදගනින්...පෙරේතකම් කරනවා කෙලත් පෙරනවා...මගෙ කොට බරියා....ඉතින් අහගනින්කෝ...උඹලව බුදි කරවලා මං යන්ඩ එපැයිනෙ මැනිකෙ...හොද එකා වගේ මීක් නොගා ඉදින්කො... ඔන්න ඉතින් සූනියම්‍ යකා වැහුන ඔඩ්ඩිගෙ හිත වෙනස් වෙනවා....මේකා අනේ රාජ බිසව ඉන්න කුටියට යනවා....ගිහින් බිසව එක්ක යහන් ගත වෙන්ඩ හදනවා...උඹ හිතන්නෙ මොකක් වෙයි කියලද....බිසව අකමැති වෙයි කියලද..."

ඒකි කැමතිවෙනවද ඒයි??

"ම්...නැතුව....අර කුරුමිට්ටා එක්ක ඉදලා එපා වෙලා උන්න රාජ බිසව මේ තරුන ඉලන්දාරියට කැමති වෙනවා.....හැබැයි මගෙ ශිවන්....ඔය යක්කු එක්ක ගනු දෙනු කරනකොට බොහෝම කල්පනාවෙන් කියන්නෙ...කට කහනවට නෙවෙ...ඔන්න බලාපන්...යහන් ගතවෙන්ඩයි කියලා හැම දේම කරගන සිරියහන් ගබඩාවෙ ඇදට වැටෙනකොටම අර සූනියම් යකා රාජ බිසවගෙ කටහඩින් කෑ ගහනවා මේ ඔඩ්ඩි තමාට කරදර කරන්ඩ හදනවා කියලා..."

අනේ...ඉතින්....

." ඉතින් ඔන්න ඔය සද්දෙ එක්ක රාජපුරුශයො ඇවිදින් ඔඩ්ඩිව අල්ලගන්නවා... ඔන්න නඩුව අහන්ඩ ගන්නවා....නඩුව අහනකොටත් ඔඩ්ඩි කිව්වෙ තමන් හිතා මතා මේ අකටයුත්ත කෙරුවෙ නෑ කියලා...රජතුමා ඒක පිලිගන්නෙ නෑ...ඉතින් මොකද වෙන්නෙ වඩිග රජ්ජුරුවො ඔඩ්ඩිට මරන දන්ඩනය නියම කරනවා....හරි.....සක්කරයා ඔතනදි කල්පනා කරනවා .....දිව්‍ය ලෝකෙන් ආව කෙනෙක් එහෙම මරන්ඩ දෙන්ඩ බෑය කියලා.... පස්සෙ සක්කරයා වඩිග රජ්ජුරුවන්ට පෙනී ඉදලා කියනවා...ඔඩ්ඩිව මරන්ඩ එපා එයා වැරදි නෑ කියලා හරිද ...පස්සෙ වඩිග රජ්ජුරුවො ඇත්ත තේරුම් ගන්නවා...ඒත් බිසව වෙච්ච ලැජ්ජාව හන්දා ඔඩ්ඩිව රටෙන් පිටුවහල් කරන්ඩ කියලා නියෝග කරනවා....මේ ඔඩ්ඩි පස්සෙ කාලකදි ඍෂිවරු ඉන්න පලාතකට පිටුවහල් කරනවා....

මෙයා මන්තර සාත්තරේ අනුව මන්තර හදලා ලියලා ගුරුකම් කරලා සූනියම් යකා බන්ධනය කරල සූනියම් යකාගෙන් පොළවෙ ඉන්න මනුස්ස ජනතව බේර ගන්නවා....

මේ ඔඩ්ඩි ඔඩ්ඩි ඍෂි තුමාය කියලා කියනවා...ඔඩ්ඩි ඍශි තුමා මන්තර ගුරුකම් සෑහෙන්න රචනා කර කර පොත්පත් වල අකුරු කෙරුවා කියනවා...පස්සෙ මේ උඹලගෙ සිංහල රටට මේන් මේ ගුරුකම් සාත්තරෙ ලියවුන පොත් හුගාක් ලැබුනා....උඹලා දන්නවා ඔය වඩිග පටුන නටන වඩිග බමුණො අතේ පුස්කොළ පොතක් එහෙම තියන් ඉන්නවා.....

මිනිස්සු හිතන්නෙ මේ වඩිග බමුනො තමයි ඒ ඔඩ්ඩි මන්තර පොත් අරගන මේ ලංකා දීපයට ආවෙ කියලා...

මේ පොත්වල මගෙ ශිවන් මන්තර සාත්තරේ වගේම වින කපන මන්තර සාත්තරෙත් ලියලා තිබුනා....ඒත් ඉතින් මිනිස්සු මේවලින් වැඩියෙම්ම ඉගන ගත්තෙ වින කරන මන්තර....විනකපන මන්තර ඉගන ගත්තෙ හරි ටිකයි ...මිනිස්සුන්ටත් අනුන්ට ගින්දරක් දෙන්න ඕනා නම් වෙන මොකුත් ඕන් නෑ මැනිකෙ ....ඒ හන්දා අද ගුරුකම් සාත්තරේ වැඩියෙම්ම තියෙන්නෙ විනකරන මන්තර ...විනකපන මන්තර හරී අඩුයි ...

මේන් මේ මන්තර සාත්තරේ අවෙ දකුනු රටින්...ඒ කියන්නෙ උඹලා මේ පය ගහලා ඉන්න මාතර රටින් කියලත් කියනවා...ඒ හන්දා මාතර පැත්තෙ මන්තර ගුරුකම් සාත්තරේට ප්‍රසිද්ද උනාය කියනවා...ඔන්න ඔහොමයි කොඩිවිනේ උප්පත්තිය උනාය කියන්නෙ....."

එයා දිගම දිග කන්තදරයක් හරි අපූරුවට මගෙ කනේ තියනකොට මගෙ ඇස් දෙක හොදටම බර වෙන්ඩ ආව....එයා අවසානෙදි මගෙ ඔලුව අත ගාලා මගෙ නලලට හාදුවක් තියලා පුංචි එකා ගාවට හැරෙව්වා....හරවල අපි දෙන්නවම බෙඩ් ශීට් එකෙන් පෙරෙව්වා...කොලුවගෙ කටින් වැටිලා තිබුන සූප්පුවත් ආපිට කටට ගැහුව.....

අග්...නී.....

" නිදා ගනින් මගෙ ශිවන්....මහ රෑ ජාමෙටත් ලගයි....මට මෙතන බුදියන්ඩ බෑනෙ...මං එක වංගියක් කරක් ගහලා එන්නම්...උඹලගෙ අම්මා නැති බව ඔය කවුරු කවුරුත් දන්නවා...මගෙ මැනික...නිදා ගනිල්ලා.....මං උඹලා දෙන්නට ආදරෙයි ....."

අග් ..නී...යන්න....එපානෙ....

"අකීකරු කම් නොකර නිදා ගනිල්ල...උඹලට තෙහෙට්ටුයිනෙ හෙට දිහාට වෙද ගෙදර මිනිස්සු පිරේවි....උඹලා හෙට අනිත් උන් එක්ක බෙහෙත් අඹරන්ඩ....තෙල් ගාන්ඩ ඉගන ගන්ඩ ඕනා...අනිද්දා දිහාවට කඩවර ගොටුවක් දෙන්ඩ යන්ඩ ඕනා...තේරුනාද..."

ම්ම්ම්..

" කෝ දැන් නිදා ගනිල්ලා...ඇරත්..හෙට අර තෙල් සාත්තුවට උඹලව එක්ක ආව මනමාලයා ඒවි....ලෙඩක් නැතුව එන එක වටින් නෑනෙ මැනිකේ...."

මගෙ දෙයියනේ...අග්නී...අනේ...අග්නී...ඔයා ඒකට මොකක්ද කෙරුවෙ අග්නී.....යන්න එපා නවතින්නකො...අග්නී....හ්හ්...

🙂ගුත් මෝනිම් තූයූ.....ගුත් මෝනිම්....තූයූ.....මුව පැතියා නැගිත්තෝ.....!!!

🙂ආය කොටසකින් එන්නා.....ම්....

🙂කායයියා චේ බොන්ඩ යන්නෙ...ඔය ලමයිනුත් චේ බොන්ඩ🤭🤭🤭

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters