Cherreads

Chapter 24 - 24

මගෙ අධීර....."

මට එයාගෙ කට හඩ ඇහුන...ඇතෙක් එක්ක ඔට්ටු උන මට ඊලගට උනේ මොනවද කියන්නවත් දන්නෙ නැතිව ඇහැ පියවෙලා යනකොට මම ආයම එයාග් කටහඩත් එක්ක ඇහැරුනා.....

අග් ...

" ශ්ශ්.....ශ්ශ්...චුට්ටක් ඉදින් මැනික...උඹට තෙහෙට්ටුයි .....මෙහෙම ඉදින්..."

මම කතා කරන්න හැදුවා ....ඒත් එයා නෙවෙ මට කතා කරන්න දුන්නෙ .....මම ඉන්නෙ කොහෙද මොන ලෝකෙද කියලා මටවත් තේරුම් ගන්න් බැරි වෙනකොට මම එකම එක දෙයක් විතරක් තේරුම් ගත්තා...මං උන්නෙ අග්නිගෙ උකුලෙ ....කෑලි කපන්න පුලුවන් අන්දකාරෙක මම උන්න් අග්නිගෙ උකුලේ....ඒකත් එයාගෙ අර හයිය හත්තිය පිරුන අත් වලට හිර වෙලා....

වෙන්දට දැනෙන සීතල වෙනුවට මට අද දැනුනෙ උනුසුමක් විතරක් වෙනකොට මට එයාග් කම්බායෙ සුවද හොදිම්ම නහයට දැනුනා...

සුවද....ඇත්තටම යක්කු ගාවින් එන්න ඕනෙ සිනි ගදක් නෙ ....ඒත් මට අගනි ගාවින් සුවදක් දැනුනා.....පැගිරි කොල පොඩි උන සුවඩක් වගේම.....අතරින් පතර සමන්පිච්ච මල් සුවදක්.....එයා කොහෙද ගිහින් තියෙන්නෙ.....

මම කල්පනා කෙරුවා ....එයාගෙ උකුලෙ ඉදන් උන්න මම ඒ පලල් පපුවට ඔලුව හේත්තු කරන් ඉන්නකොට එයා මාව අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ....

අග්නී....

" ශ් ...ඔන්න බලපන් මැනිකේ...කනාමැදිරියො රෑන්....රෑන්...පියාඹන් එන විදිහ...."

එයා මට ආයම කටවහන්න කිව්වා....ඒ විතරක් නෙවෙ එයත් හෙමීට කතා කෙරුවා.....මම.බලන් උන්නා ...එයගෙ අත් අස්සට හිර වෙලා...එයාගෙ කම්බාය අස්සෙ හැංගිලා මම බලන් උන්නා....

" උඹලා පොඩි කාලෙ සින්දුවක් කියනවා නේද...මල් පෙති වල කව්ද මොනවදෝ ලියලා කියලා...ම්ම්"

මොනවද අම්මෙ අකුරු ජාතියක්....මල් පෙතිවල කව්දෝ ලියලා ..ඒක....ඒකෙ ලමයා අන්දයි ..අම්මා තමා කතාව කියලා දෙන්නෙ ....

" උඹ දන්නවද අධීර මේ ලෝකෙ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම උපතිම්ම අන්දයි ...ගොලුයි...බීරියි ...ඒකයි උඹලට හුගාක් දේවල් පේන්නෙ නැත්තෙ .හුගාක් දේවල් ඇහෙන් නැත්තෙ....හුගාක් වෙලාවට...ඇත්ත කතා කරන්න දිව නැවෙන්නෙ නැත්තෙ.....අධීර...මේ හැම ගහකම....හැම මලකටම.....දිව්‍යාංගනාවක් ඉන්නවා.....ඒකයි ගස් හුස්ම ගන්නෙ...උඹලා හිතන ජාතියේ සුරංගනා ලෝකයක් නෙවෙ. ...මේ හැම.ගහක් ගලක්ම අරක් ගත්තු දෙවිකෙනෙක් ඉන්නවා .....උඹලගෙ මිනිස්සු හරි මෝඩයි මගෙ මැනිකෙ.....යක්කු ඉන්නවා කියලා පිලිගන්න උඹලට සමහර වෙලාවට දෙවියො ඉන්නවා කියලා පිලිගන්න බෑ ..යක්කු වෙනුවෙන් දේවාල...මංගල්ල නොතියන උඹලා දෙවියො වෙනුවෙන් පුද පඩුරු දුන්නට ..දෙවියො ඉන්නවා කියල පිලිගන්නෙ නෑ ..."

මම එයාට තුරුල් උනා...මොකද මුලු වටපිටාවම සීතලයි ....එයා මම උන්නෙ අපෙ ගෙදර පිටිපස්සෙ තියන ගොරකා කැලේවෙ මැද වෙනකොට යක්කුන්ට කැප උන ගස් විතරක් මෙ ගොරකා විමානෙ අස්සෙ තිබුනා.....

එයා මගෙ ඔලුව අත ගානවා ....වෙයා මාව අත් දෙකෙම්ම තුරුල් කර ගන්නවා.....එයා දකින මම නොදකින හැම දේම එයා මට කියලා දෙනව.....මම අහන් උන්නා..එයා කියනවා...මේ හැම ගහක් ගලකටම අරක් ගත්ත දෙවි කෙනෙක් ඉන්නවලු....ඒක ඇත්ත....නැත්තන් මොකටද දුටුගැමුණු රජ තුමා රුවන් වැලි මහා සෑය හදනකොට ස්වර්නපාලියට කියන්නෙ විමානයෙන් බසිනු මැනවි කියලා ...ස්වරනමාලිය හදන්න කලින් දුටුගැමුනු රජ්ජුරුවෝ එතන තිබුන තෙලඹු ගහක් ගාවට ගිහින් කියනව ....කියන්නෙ නෑ....බිමට බහින්න කියලා ආරාධනා කරනවා....සමාව ඉල්ලනවා...මෙතන සෑයක් හදන්න යන්නෙ....ඒ සෑය එයාගෙ නමින් නම් කරන්නම් කියලා වදන් දෙනවා.....ඉතින් එහෙම් නම්....දිව්‍යාංගනාවො නැහැයි කියලා කියන්න් කොහොමද ....?

ඔබේ නමින් සෑය බදිමි

විමානයෙන් බසිනු මැනවි ....

ස්වර්න මාලියේ...රූ බර ස්වර්න මාලියෙ....

මම මොකූත්ම නොකිය උන්නා ..එයා උනත් කතා කෙරුවෙ නෑ...හැබැයි මගෙ අග්නි මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් උන්නා.....දිව්‍යාංගනාවක් ද ....?අග්නිට එහෙම කේනෙක් ඉන්නවද...වෙන්න බෑ....වෙන්න බෑ කොහොමත් වෙන්න බෑ.....යකෙක්ට පුලුවන්ද දිව්‍යාංගනාවකට ආදරේ කරන්න...

ඒත් ...යකෙක්ට පුලුවන් නම්...මනුස්සයෙක්ට ආදරේ කරන්න ....

මට එකපාර විකාරයක් ඔලුවට ගැහුවා ..එයාගෙ උකුල උඩ ඉදන් එයාට තුරුල් වෙලා උන්න මම එක පාර එයාගෙ පැත්ත හැරුනා ..ඒ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා ...

අග්නී ....ඇත්ත කියපන් මගෙ අග්නී...උඹ මාව කනාමැදිරියො බලන්න කියලා එක්ක ආවෙ මේ ගෑනු බලන්න නේද....

"ගෑනු ....?"

ඔව්...මේ ගස්වල ඉන්න....මල් වල ඉන්න...

"ම්න්....වෙන්න පුලුවන් ...."

ඒ...ඒ කියන්නෙ...ඒ කියන්නෙ...උඹට මේ කොගෙ හරි....කොතනක හරි ....ගහකට වහපු ගෑනියක් ඉන්නවා...

"ගෑනියක් නෙවෙ මැනික...දිව්‍යාංගනාවක් ...."

හරි ඉතින් ඒකි කොහොම උනත් ගැනියෙක්නෙ ...නේ නේ??

එයා මා දිහා ඇහි බැම අකුලවන් බලන් ඉන්න ගමන් සැරින් සැරේම වට පිටට එබිකම් කෙරුවා ....මාව තඹේකටවත් ගනන් ගත්තේ නෑ.....මම හිතුවා හරි...මූ මහ මනමාල යකෙක්....නැත්තන් මටත් මැනික කියල මේ රෑ මැද මොන මගුලද මේ ගස් ගල් ගානෙ රිංග රිංග කරන්නෙ....කල්ප ගානක් නෙවෙ.....සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරන් පතන් ආවා උනත් වටේ යන එකා වටේ යනවමයි ...

මම එයාගෙ මූන අතෑරියා. ...අතැරලා එ උකුලෙන් නැගිට්ටා....නැගිටලා ඒ අත් වලිනුත් එලියට ඇවිත් යන්න හැදුවා....

" උඹ ඔය කොහෙද යන්න හදන්නෙ....?"

කොහෙ ගියත් තොට මොකද.....ලැජ්ජා නැති යකා...වටේ යන ගමන් මගෙ අධීර මගෙ අධීර ගෑවා.....

" මගෙ එකාට මගෙ අධීර නොකියා මොනවා කියන්නද ..."

එහෙනම් මොන මගුලටද මේ රෑ තිස්සෙ මෙතන කරන්නෙ....මං හිතුවා උඩ දාගන කනාමැදිරි පස්සෙ යනකොට .....කනාමැදිරි පස්සෙ යන්න උඹ බබානෙ.... අනේ නිකන් ඉදපන් අග්නි.....යක්කුන්ගෙ ඉදලම බොරුව.....උඹ ඕන රෙද්දක් කරගනින්...මං යනවා යන්න....

මම ගසලා දාලා එන්න ආවා...මෙලෝම මගුලක් පේන්නෙ නැති කට්ට අන්දකාරෙ මට අඩියකට වඩා යා ගන්න බැරි උනා.....නගෙ මූනෙ අච්චුව ගස් කදක හිටින තරන් වේගෙන් වැදුනා මාව ආපස්සට විසික් උනා...

"මගෙ කොට මගුල...පුක් ගිනි ගාය අල්ලා වගේ දුවනවා ...."

ඕන් නෑ...ඕන් නෑ....ඕන් ..නෑ....කිව්වනෙ....

" මුරන්ඩු කම් කරන්ඩ එපා අධීර....බොරු හේතු හදාගන නහින්නෙ ඇයි ....."

නෑ නැ....කිසිම බොරු හේතුවක් නෙවෙ ...කිසිම බොරු හේතුවක් නෙවෙ ....උඹ මෙතනනට ඇවිත් ....

මම දැගලුවා කෑ ගැහුවා...එයා අල්ලන අල්ලන වාරයක් ගානෙ මම ඒ අත ගසලා දැම්මා .....මම කෑ ගැහුවා .....හැබැයි ඒක තත්පර ගානයි තිබුනෙ කන හරහා වැදුන පාර එක්ක මාව වීසි වෙලා යන්න ආවත් මාව එයා ඇදලා ගත්තා ...හැබැයි නිකන් නෙවෙ මගෙ අත ගැලවිලා එයි කියලා හිතෙන තරමට ගස්සලා වගේ ඇදලා ගත්තා ....

ආනේ...හ්...අග්නීහ් .....රිදෙනවා...

"රිදෙනවද....ම්ම්ම් උඹට රිදෙනවද ....ආ....අධිර....උඹට රිදෙනවද....කොච්චරක් රිදෙනවද....පොඩ්ඩක්....මහ ගොඩක්...."

අග්නී...අනේ...මගෙ...අත...ආව්...හ්...ගැල...වෙයි...අග්නීහ්...අනේ.....

" ඇයි.....මට වෙන ගෑනු හොයා ගන්න ඕනා හින්දද...මම උඹවම හොයන් එන්නෙ ...ආ අදීර.....උඹ කියපු එකම එක වචනයක් විශ්වාස කරන්...උඹ ඉපදීපදි මැර්‍ර්න හැටි බල බල.....අවසානෙ වෙනකන් මෙ හැම දේම ඉවසන් ඉන්නෙ මම වෙන ගෑනු එක්ක යන්නබලන්ද අධිර?උත්තර දිපන්...උත්තර දීපන් ..නිකන් ඉන්ඩ එපා...මට උත්තර දීපන්....නැත්තන් මං මේ අත ගලවලා අතට ගන්නවා....."

එයා කෑ නොගහා මට තර්ජනේ කරන්න ගත්තා ...එයාට තරහා ගියා එයා මාව මරන්න හැදුවා ....මගෙ එකම එක වචනයක් එයාගෙ ආදරනීයම පැත්ත නැත්තටම නැති වෙලා ගිහින් එයාගෙ නපුරුම පැත්ත පන ගහනකොට මම බය උනා.....මගෙ අත එයා අල්ලන් උන්නා..නිකන් නෙවෙ ඇට කටු කුඩු පට්ටම් වෙලා සර්වාංගෙටම ඒ වේදනාව දැනෙන තරම් ඒ වේදනාව දැනෙන්න එයා අල්ලන් උන්නා...

අග්නී ..අනේ...අග් ..නී ..මගෙ...අත.....

මට ඇඩුනා ..වේදනාවටම ඇඩුනා.....ඒ එක්කම දඩු අඩුවකට අහු උනා හා සමානවම හිර වෙලා තිබුන අත ලෙහුනා ..එයා මගෙ අත අතෑරියා ....අත විතරක් නෙවෙ...එයා මාවත් අතෑරියද කොහෙද ....

"පලයන්"

අග්නි....

" සැරයක් කිව්වම අහලා පලයන්....උන් උඹට ගෙදරට යන්ඩ පාර පෙන්නාවි ...පලයන්"

අනේ අග්නී ..එපා...එපාමාව එලවන්න.....මට...මට...දුක...හිතුනා..අග්නී ..අනේ..

.....

උඹමනෙ කියන්නෙ අග්නි මිනිස්සු මෝඩයයි කියලා .....

.....

අග්නී අනේ..ඒක...ඒක මගෙ හිතට ආව...එක මෝඩ අදහසක් විතරයි අග්නී.....

......

අග්නී ..අනේ...අග්නී...කතා කරන්නකො...අග්නී....කතා කරන්නකො....

මම එයාව හෙලෙව්වා..ඇගේ එල්ලුනා.....එයාගෙ බෙල්ලෙ එල්ලෙන්න වත් උස නැති මම එයාගෙ පොවරන් උන්න ළෝගුවෙ එල්ලුනා...එයා නෙවෙ වචනයක් කතා කෙරුවෙ...අවංකවම මම මෝඩයෙක්....රන්ඩු වෙන්න ඕන නැති දෙයක් අල්නන් රන්ඩු වෙන්න හදපු මට අවසානෙදි එයා ගාව බැගෑ පත් වෙන්න සිද්ද උනා ....මට අමතක උනා..මට අමතක උනා.....මම ආදරේ කරන්නෙ යකෙක්ට කියලා ....මට අමතක උනා ඉෆ්‍රිත්ගෙ පුතාට කියලා ...

මගෙ ..අග්නී....අනේ ...අග්නී ....

මම කතා කෙරුවා...ඒ ලොකු අත්වල එල්ලුනා...ඒත් එය නෙවෙ කතා කෙරුවෙ .....එයා මට යන්න කියලා....මම වටපිට බැලුවා....කුට්ටි කපන්න පුලුවන් තරම් අන්දකාරෙ වට පිටම ගිලගන්නකොට යකෙක් ගාව උන්න මම ගොරකා කැලේ ඉන්න යක්කු විමානෙ මැද මම ගැහි ගැහී ගස් ගල් අල්ල අල්ල එන්න ආවා වගෙම ඊලග තත්පරේදි එයා මාව ආයම ඇදලා ගත්තා .....

අග් ..

"ශ්...."

එයා මාව ඇදලා ගත්තා.....ඇදලා අරන් වඩා ගත්තා.....වඩා ගත්තා කියන්නෙ මාව එල්ලන් වගේ පපුවට තද කරගත්තා ...

" ඇහෙනවද.....ම්ම්ම්...උඹට ඇහෙනවද අධීර ....යකෙක් උනත් මටත් තියෙන්නෙ හිතක් අධීර ...මට කියපන්....මට කියපන්....උඹ මාවම ඕනයි කියලා මාව දාල යන්න ගිය දා ඉදන් අද වෙනකම්ම උඹ මත්තෙම ඉන්න මට මොකටද අධීර සුරංගනාවියො.....???"

එයා කියවනවා...එයාගෙ පපුව ගැහෙනවා....එයාගෙ කට හඩ පවා වෙව්ලනවා....

අග්නී...මාව...වඩා ගන්නකො ...

එයා උන්නෙ මාව තනි අතෙන් එල්ලගන ...මගෙ කකුල් දෙක මෑ කරල් දෙකක් හා සමානව බිමට එල්ලෙනකොට මම එයාට මාව වඩා ගන්න කිව්වත් එයා කෙරුවෙ මාව තනි අතින් අල්ලන් ළඟ තිබුන කටු දිවුල් ගහ උඩට නැගපු එක.

..

යක්කු ගස් නගින වෙලාව....යක්කු ගස් නගින වෙලාව කියලා කිව්වට මගෙ ජීවිතේට ඒ වචනෙ අස්සෙ තියන බර නොතේරුන මම අද යකෙක්ගෙ ඇගෙ එල්ලිලා කටු දිවුල් ගහට නැග්ගා වගේම එයා ආයමත් හාවක් හූවක් නැතිව මාව ඒ ලෝගුව අස්සෙ හංගන් තුරුල් කරගන දෙබොක්කක ඉදගත්තා ...

"ඔන්න බලාපන් මගෙ මැනෙකෙ.....කනාමැදිරියො රෑනක් පිටින් ඉගිල්ලිලා යනකොට ඔට ගස්වලට අරක් ගත්තු දෙවි දේවතාවියො ගස්වලින් බහින හැටි..."

එයා මෙච්චර වෙලාම මාන බලලා තියෙන්නෙ ඒකට....වැදුන කම්මුල් පාරට මගෙ හක්ක තවමත් දෙදුරුම් කනකොට මං රිදෙනවා කියන්නත් බයේ අඩන්නත් බයේ කෙදිරි ගාන්නත් බයේ එයාගෙ අත අස්සට මූන ඔබා ගත්තා ...

"ඇයි මේ.....රිදෙනවද....."

ම්හුක්....

"මගෙ හැටි දැන දැන මාව තරහා අවුස්සලා මගෙ අතිම්ම මැරුම් කන්න එපා අධීර....මිනිස්සු වගේ නෙවෙ....යක්කු වචනයක් දුන්නොත් දුන්නමයි....

ආය ඒකෙ සැකයක් නෑ....උඹලා මේ කොහේවත් යන දේකට මාව තරහා අවුස්සන් උඹලටම රිදවගත්තට උඹට වඩා රිදෙන්නෙ මටයි මගෙ අධීර.....මං උඹ වෙනුවෙන් මේ බලන් ඉන්නෙ සුලුපටු කාලයක් නෙවෙ...

රිදෙන බව දැන දැන රිදවගන්න එපා මගෙ මැනිකෙ....යකෙක් උනත්....උඹේ නමට මගෙ හිතේ තියෙන්නෙ යකෙක්ට උනත් දරන්න බැරි තරන් ආදරයක් මගෙ අධීර ....සැරින් සැරේ මගෙ ආදරේ පරික්ශා කරන්ඩ එපා..ඒකෙන් වෙන්නෙ මගෙ අතිම්ම උඹ මැරිලා යන එක ....."

එයාකියෙව්වා ...මගෙ ඔලුව අත ගෑවා..මගෙ කම්මුල ...එයාම ඇදපු අත මේ ඔක්කොම ..එයාම අත ගෑවා...මම ඒ පපුවට හේත්තු උනා ...

කටු දිවුල් ගහ හෙලවෙනවා....පුංචි පුංචි අතු රිකිලි හෙලවෙනවා....තැනින් තැනින් කනා මැදිරියෙක් දෙන්නෙක් එලි බහින කොට දෙයියන්ට උනත් මිනිස්සුන්ගෙ හිත් බයවෙනවා කියලා කියන්නෙ බොරුවක් නෙවේ කියන්න මම අග්නිගෙ ලෝගුව අස්ස්ව් තව තව හැංගුනා .....

ගොරකා ගස් වල අතු හෙළ උනා....කජුගස් වල.....වට පිටාවෙම තිබුන එක එක ගස් වල අතු රිකිලි හුලන් නැතුවත් හෙළ වෙනකොට යක්කු ගස්වලින් බහිනව ඇති කියන එක මම තනියම හිතින් හිතා ගන්නකොට එකා දෙන්නා එකා දෙන්නා මතු උන කනා මැදිරියො දැන් දැන් එන්න එන්න වැඩි වෙලා රෑනක් වගේ හැදිලා තිබුනා .

" මගෙ අධීර ඔහොම්ම ඉදන් බලපන් මැනික ....අර අතන තියන රත් හදුන් ගහ ගාවින් ගිනි බෝලයක් මතු වේවි..... අන්න ඒවට තමා දේවතා එලි කියන්නෙ....."

මම ඇස් දෙක විතරක් එලියට දැම්මා....එයා මට කනාමැදිරි රෑන එක තැනක ගුලින්වෙන හැටි පෙන්නලා අවසානෙදි එතනින් ගිනි බෝලයක් මතුවෙයි කිව්වම මම බලන් උන්නා.....

තත්පරයක්...දෙකක්.....තුනක් ...ඒත් නෑ .විනාඩි ගානක් පහු උනා .....ගිනි බෝලයක් මතු උනේ නෑ...මම එයාගෙ ලෝගුව ඇතුලෙ ඉදන් බෝතලයක් අස්සෙ හිර උන සමනලයෙක් තටු ගහනවා හා සමානව මමත් දගලන්න ගත්තා විතරයි රත් හදුන් ගහ්න් දේවතා එලි පහල වෙනව කෙසේ වෙතත් අග්නියා පිට පුපුරන්න ගගපු පාරත්බ එක්ක මට දේවතා එලි එකට කෝටියක් විතර පෙනුනා....

" දගලන්නෙ නැතුව හිටපිය...යක්කු ගස්වලින් බහිනකොට වැටිලා මැරෙන්ඩද ඕනෙ...පිස්සු පකයා..."

අනේ...අග්නීහ්....කුනු හර්ප කියන්ඩ එපා අග්නී....

මම මිමිනුවා...එයා දැන් බනින වචනයක් ගානෙම මට කුනු හර්පයක් කියනකොට මම මැරෙන්න හැදුවා....

"ඒව උඹලට දැන් කුනුහර්ප උනාට...කාලයක් තිබුනා...සිංහලයා යස අගේට ඔය වචන කිව්වා...උඹ මට බනිනවා ඒත් ඒක කුනු හර්පයක් නෙවේ කියන්න උඹත් දන්නව මැනිකෙ ...."

මගෙ අග්නි ....මගෙ ආදරනීයම යක්ශ අග්නි.....එයා ආයම මාව තුරුල් කරගත්තා ....බැනුම්.අහපු ගුටි කාපු මම එයාට තුරුල් වෙලා පහල බලන් උන්නා වගෙම ඒ ටික වෙලාවකින් රත් හදුන් ගහ හෙමින් හෙමින් වැනුනා වගේම ගිනි බෝලයක් හරිම හෙමින් පාවෙලා ගියා....

"දැක්කද....."

ම්ම්ම්ම්....

මම හූ මිටි තිබ්බා...එතනින් පටන් ගත්තු දේවතා එලිය ගස් වලින් අතරින් පතරින් තවත් තැන් වලින් මතු වෙනකොට මම ඒ දිහා බලන් ඉදලා ඉදලා අග්නි දිහා බැලුවා....

අග්නී ...

"ම්න්..."

මට මොකද උනේ අග්නී.....

" උඹට කොයි තරමට වෙනකන් මතකද ....."

මට ...මට මතක මාව පාගන්න හරි පොලවෙ ගහන්න හරි ආව ඇතාට අත දිගෑරලා මොනවා හරි මන්තරයක් කිව්ව එක විතරයි ....අග්නී ..අනේ...ඒත්...

" උඹ කවදාවත් ඒ මන්තර ජප කරලා නෑ කියන්නද හදන්නෙ ....?"

.ඔ..ඔව්නෙ....

එයා අහනවා මං කියන්න හදන්නෙ මං කවදාවත් අලි මන්තර ජප කරලා නෑ කියන්නද හදන්නෙ කියලා ...ඇත්ත...මං ජප කරලා නෑ...

"කෝ මේ පැත්ත හැරියන්....බෙල්ල කැඩෙනවා දැන්....බෙල්ල හරවන් ඉදලා නහරයක් වත් පුපුරලා ගිහින් අතේ ඇගිලි පහෙ හැඩේට නහර වැක් ඉලිප්පිලා ගියොත් නිස්කාරනේ අපි බැනුම් අහනවා යක්කු ගහලා කියලා ..කෝ වරෙන් උඹව හරවගන්න...."

මට ගහපු බැනපු අග්නි ඊලග පාර මගෙ කිහිල්ලට යටින් අත දාලා මාව උස්සලා එයාගෙ පැත්තට හරවලා ඒ උකුලෙන් ඉන්දවගත්තා මගෙ අඩු දෙකඑයාගෙ ඉන වටේ එතෙනකොට එයා මාව ඒ ලෝගුව අස්සෙ හංගන් අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ....හරියටම මං මගෙ කොල්ලව පපුවට තුරුල් කරගන්නව වගෙ....

"උඹ අප්පච්චි කෙනෙක් උනත්.....මගෙ ඉස්සරහා මගෙ ගාව උඹ මට නොදරුවෙක් මගෙ අධීර....."

එයා මගෙ මූන අත ගෑවා අත ගාලා ඒ රතුම රතු පාට ඇස්වලින් මා දිහා සෑහෙන්න වෙලාවක් බලන් උන්නා ...සීතල ඇගිලි තුඩු කම්මුල් පුරාවටම ගිහින් අවසානෙදි එයා මගෙ ඔලුව පිටිපස්සෙන් අත තියලා මගෙ මූන එයාගෙ ගාවට ලන් කරගත්තා ...මගෙ ඇස් දෙක ඉබේටම පිය උනා....වෙන මොකටවත් නෙවෙ ....මගෙ අග්නී....මගෙ ආදරනීයම අග්නි ..වචනයක් වැරදුනත් මාව මරන්න තරම් කේන්ති යන අග්නි මට හාදුවක් තිබ්බා ....නලලට ...එයාගෙ සීතල දෙතොලම මගෙ නලල උඩ තත්පර ගානක් නැවතිලා තියෙනකොට මටත් නොදැනි මගෙ ඇස්වලින් කදුලු කැට සටසට ගාලා කම්මුල් හෝදන් පහලට වැටුනා ...

"මන් උඹට ජාති ජාතිත් ආදරෙයි රත්තරනේ...උඹ මගෙ පන අධීර ....උඹයි මගෙ අවසානම ආදරේ....මං උඹ වෙනුවෙන් බලන් උන්නා ....මලකට නටුවක් වගෙ මං උඹව දරාගන උන්නා ....උඹ දන්නවා මැනිකෙ.. මලක් නටුවෙන් ගැල උනාම ....එ නටුව තනිවෙනවා මිසක්.....වැටුන මල වෙනුවට තව මල් වලට ඒ නටුවෙ ඉඩක් දෙන් නෑ කියලා ... මේ අග්නිත් අන්න ඒ වගෙ ..උඹ මගෙ ඇස් පනාපිට පරවෙලා ගියා .....ඇස් පනාපිට පොඩි වෙලා ගියා ...උඹ හන්දා යකෙකුත් ඇඩුවා මගෙ අධීර...එදා ඉදන් අද වෙනකන් මේ නටුව පර උන මල වෙනුවෙන් තනි උනා මිසක් ...උඹ වෙනුවෙන් බලන් උන්නා මිසක් .....උඹගෙන් එහාට නෑ කවදාවත් තවත් හිතක් ගැන හිතුවෙ .....මං යකෙක් ...යක්කුන්ගෙත් යකෙක්....එහෙව් එකෙ දැන දැන මගෙ ඉවසීම නැති කරන්ඩ එපා මගෙ අධීර...."

මට අහන් ඉන්න බැරි උනා රතු පාට උනත් ඒ ඇස් වල කදුලු බකන්න බැරි උනා ...දේවතා එලි වලට පාර පෙන්නපු කනා මැදිරි එලි කටු දිවුල් ගහ වටේ කැරකෙනකොට මට තවත් ඒ වචන අහන් ඉන්න බැරි උනා.....මම සීතල මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා ....

මං උඹට ආදරෙයි මගෙ අග්නි.....

අධීර හැමදාමත් අග්නිගෙ කියලා කියපු මම එයාට ආදරෙයි කියනකොට මං බලාගන ඒ මූනෙ හිනාවක් මතු උනා..." යක්ශයාගෙ හිනාව...." මං ජීවිතේ පලවෙනි වතාවට විස්වාස කෙරුවා යක්ශයෙක් හිනා වෙනකොට සුන්දරයි කියලා ....රතූ උන ඇස් වල බැදුන කදුලු පටලෙ ඇස් වලට බර වැඩි වෙලාද කොහෙද ඒ සීතල කම්මුල් තෙමන් පහලට රීටුවා...

දර ගන්න බැරි තැනමද අග්නි ආදරේ තිබුනේ ...ඇස් දෙක තෙමෙන තැනද අග්නි ආදරේ තිබුනෙ ....අසම්මතේට පයින් ගහන්...මාවම හොයන් එන තැනද මගෙ අග්නි ආදරේ තිබුනෙ.....

මම එයාගෙ මූන බලන් මිමිනුවා.....එයා අහන් උන්නා...හැබැයි එයා මට ඊට එහා වචනයක් කියන්න දුන්නෙ නෑ....කල්පෙකට පස්සෙ අග්නි අධීරට හාදුවක් තිබ්බා....

සීතලම සීතල තොල් මගෙ උනුසුම් දෙතොල් එක්ක පැටලෙනකොට මගෙ ඇස් පිය උනා ...

අග්නී...එ ආදරේ දරන්න බැරි තරම් ආදරනීයයි ....තත්පර විනාඩි වලට ගෙවුනත් අග්නි නෙවෙ මාව අතෑරියෙ ...හාදුවකින් මාව හෙම්බත් වෙන්නම මගෙ අග්නි මාව සිපගත්තා අවසානෙදි මගෙ අධීර කියන ගමන් මාව ඒ රෝම පිරුන පපුවට තුරුල් කරන් පිට දිගේ හෙමින් අත ගෑවා .. ..

.

.."උඹට මේක මතකද මැනිකෙ..."

සෑහෙන්න වෙලාවකට පස්සෙ එයා මට කතා කෙරුවා ...මං උන්නෙ එයාගෙ උර පත්ත උඩ වහපු කනා මැදිරියා එක්ක තරහින්.....මට බෑ එයාගෙ අංශු මාත්‍රයක්වත් වෙන එකෙක්ට දෙන්න .....

මං එයාගෙ අත දිහා බැලුවා .....

මේ...ක

"දිවි දතක්.."

මේක... .....

"උඹලගෙ...උඹ දන්නවද .....ඒකගෙ වෙරි හිදුනට පස්සෙ ඒකා අඩ අඩ උඹව හෙව්වා ...ඒකා අඩ අඩම දේවාලෙ වටේ දිව්වා...පොලවෙ පස් කෑවා .....ඒත්....ඒ වෙනකොටත් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි මගෙ අධීර ....උඹගෙ මලකද අරන් ගිය පාර පුරාවටම උඹෙ ඇත් පැටියා දිව්වා ...

මන් අහන් උන්නා....එයා ලවන් ගැන කියනකොට මං අහන් උන්නා.....

කව්ද අග්නි ...ඒකට රා පෙව්වෙ...ඇරත් මොන හේතුවටද .....

"ඊරිසියාවට....නර හැත්ත ...උන් මගෙන් උඹව උදුර ගත්තා . ..උඹ දන්නවද මගෙ අධීර මිනිස් ජාතිය ඊරිසියා නොකරන්නෙ මරනෙට විතරයි ...ඒ ඇරෙන්න අනිත් හැම දේටම ඊරිසියයි .."

ලවන්ට මොකද උනේ අග්නි.....මන් එයාට කියපු මන්තරද අදත් ඒ කිව්වෙ ...ඒත්....මන් අද කියපු එක මං කවදාවත් කියලා නැ අග්නි.....

"ශිවන්ගෙ ඇතුලෙන් අධීර මතු උනා....ඒකයි උනේ ...ඒකා උඹේ මලකද පුච්චපු දා පපුව පැලිලා මැරුනා ....එදයින් පස්සෙ කතර ගම උන්න මගෙ අහිංසක ඇත් ගොව්වා නැති උනා....පොල් මට්ටයක් තලාගන හිනා වෙවි වතුරෙ නට නට වරූවක් යනකන් ඇතා නෑව්ව තැන බලාගන ඉන්නකොට පාලුවට ගියා ....මේන් මේ මාලෙ තිබ්බෙ ඌ ළඟ .....උඹව පොලවෙ ගහපු තැන වැටිලා තිබුනෙ.....ඒකා මැරෙනකොට මේකත් තද කරන් මැරුනෙ ...අදින් පස්සෙ ඌටත් එක්කම පින් එකතු කරපන් අධීර ....."

එයා මගෙ බෙල්ලට ඒ මාලෙ දැම්මා.....දිවි දලක් ....මතුරලා පන පොවපු දිවි දලක් ....ලවන් මැරුනලු නිකන් නෙවෙ .....පපුව පැලිල මැරුනලු ...ඒකයි ඒක ඇඩුවෙ ...

"අධීර...උඹ උදුවප් පොෝයට කලින් සමනල කන්දට පලයන් ....අවාරෙ වදිනකොට ඒ යන අඩිපාර සුද්ද බුද්ධ කරපන් .....ඒ තියන අඩියක් ගානෙම ඒකට පින් දීපන් ....උඹගෙ ඇතුලෙ ඉන්න අධීරට ආයම ණැගිටින්න කියාපන් ....ආයම මන්‍තර කටපාඩම් කරපන්.....හොදට මතක තියාගනින්....අවේලාවෙ පොත්වලට අත ගහන්ඩ බෑ.....වචන වැරදියට කිවිලි නෑ...උඹගෙ එක අකුරක් වෙනස් උනත් ඇති මුලු මන්තරේම කන පිට ගහන්ඩ.. ...කඩවර කියන්නෙ ලේසි පහසු උත්තමයෙක් නෙවෙ මැනිකෙ. ..උඹලා බොහෝම කල්පනාවෙන් .....වැරදි වෙලාවල ජප කරලා වස්වද්දගන්නවා නෙවෙ...."

අග්නි කියෙව්වා ....එයා මට එකින් එක කරන්න ඕන දේවල් කිව්වා කලා වැවෙ කඩවර දේවාලෙට වගේම කතරගමට පූජාවක් දෙන්ඩ කිව්වා .....මන්තර අවේලාවෙ කටපාඩම් කරන්ඩ එපාය කිව්වා.... සාරන්‍යගෙ හත් දොහෙන් පස්සෙ කරන්ඩ කියලා එය මට ඉහටත් උඩින් වැඩ ගොඩක් කියලා මාවත් උස්සන් කටු දිවුල් ගහෙන් බිමට බැස්සා වගේම අත්තක වහලා උන්න මොකෙක් හරි අත්තක් කඩාගන වේලුන කොල පොඩි කරගන වත්ත පහලට දුවනකොට මං බයටම එයාගෙ ඇගෙ එල්ලුනා....

"බය නොවී ඉදපල්ලා ඒකා අලුතෙන් වහපු පෙරේතයෙක් ...ඒකට පුලුවන් බිජ්ජක් නෑ .....කෑමට වහවැටුන එකෙක්. පුලුවන් නම් ඕකට පරිප්පුයි බතුයි සෝයා ටිකකුයි හදලා අර පෙරේත ගොටුවෙන් තියපන් මැනිකෙ....ඕකා නැත්තන් කාගෙ හරි ඇගකට වහලා ලෙඩ කරාවි ....."

කෑමට වහ වැටුන පෙරේතයගෙ දොල දුක ඇහුවම මට හිනා ගියා ජීවත් වෙලා ඉන්න කාලෙත් සෝයා ගිලපු උන් පෙරේතයො උනහමත් ඔව්වම හොයනවා .. ...

"පෙරෙතයන්ට ගිල්ලනවා වගෙ නෙවෙ මගෙ කොට මගුලත් ඇගට පන එන මොන මොනව හරි ගිලපල්ලා"

මෙච්චර වෙලා වඩාගන උන්න මාව එයා වෙද ගෙදර ගාවදි බස්සලා මගෙ කනට කෙදිරුවා වගේම මං ඇයි කියලා අහන්න එයාගෙ පැත්ත හැරුනා.....

ඒ මොකටද මට පාන්ඩුව නෑනෙ. ...

"උඹට පාන්ඩුව නැති උනාට එක ගහලා දෙක වදිනකොට දපනෙ දාලා උන්නොත් .....මන් ඉතින් ආය කොහෙ කියලා යන්ඩද ....පුක තිබ්බට වැඩක් නෑනෙ මැනිකෙ මගින් කලන්තෙ දැම්මොත්..."

අග්නියාහ්හ්හ්......

මම මැරෙන්න හැදුවා ..මෙච්චර වෙලා අගේට උන්න් අග්නියා ආයම වලත්තයෙක් වෙලා... කොහෙන් ගියත් මගෙ තට්ටම මිරිකන අග්නි මගින් කලන්තෙ දැම්මොත් කියනකොට මට පොලව පලාගන යන්න හිතුනා .....

"ඉතින් කෑ ගහන්නෙ .....ඇත්තනෙ මැනිකෙ.....යකෙක් ගහනව කියන්නෙ නිකන්ද....."

අග්නි ඇති අග්නි ඇති....උඹ මහ වලත්තයෙක් අග්නි ....

"වලත්තයෙක් කියන්නෙ මැනිකෙ මෙන්න මෙ මගුල දැන් කොයි වෙලේ හරි වාශ්ප වෙලා යනවා ...තාත්තගෙ නම තියන්න එපයිනෙ ."

මොන මගුලක්ද අග්නි මේ වෙලා තියෙන්නෙ .. ....කෑ නොගහා ඉදින්කො..මෙ කොල්ලා නැගිටියි .....

ඉලව් රකින්න ආව උන් පාන්දර ජාමෙ හන්දා හැමෝම නිදියන් ඉන්නකොට මං හොරාවගෙ ඇඹරි ඇඹරි කාමරෙට යනකොට මගෙම කරුමෙට පුංචි එකාව තොටිල්ලට දාලා තිබ්බා වගේම මන් බලාගන අග්නි කට කොනකින් හිනා වෙනවා ....

අග්නී ...අග්නී ....ඒ ගැන නම්.....දැන්ම....හිත න්ඩ වත්...එපා ..

"දැන්ම එපා කිව්වෙ.....පස්සෙ හිතන්ඩ පුලුවන්ද ඒ කියන්නෙ....?"

ගොනා හැරෙන්නෙ පොල් පැලෙ කන්න කියන්නා වගෙ මගෙ වලත්ත අග්නියත් හදන්නෙ මාව කන්න කියන එක මට දැනෙනකොට මං හොරා වගෙ ලෙස්සලා යන ගමන් එපා කියනකොට එයත් මන් කියන එකම කිව්වා වගේම පස්සට පුලුවන්ද අහද්දි මාව රතු වෙලා ගියා .....ලැජ්ජා හිතෙන බව දැන දැනමද කොහෙද එයා මගෙ දිහ බලලා කට පොඩ්ඩක් උල් කරනවා එක්කම මං පැනලා දුවන්න හදනවා එක්කම අග්නියා මාව කුනු කරවල කෑල්ලක් ඇදට විසික් කෙරුවා වගේම දෙවනි පාරටත් ලයිට් එකත් පුපුරවගන ඇදට පැනලා මාව යට කර ගත්තා ....

අග්..නී....අනේ.....හ්.....අග්...බ්භ්හ්භ්හ්...භ්භ්....

"කෑ නොගහා ඉදින් බිජ්ජො....කන්දොස්කිරියාවට නැගපුවත් බහිනවා.."

😂මුව කායයියා ජොයි...ඔය ලමයිනුත් ජොයියන්න...

...ගුත් නයිත්.. .....

...ආය එන්නම්

..මම..

Ferdeesha ❤️💚😘

More Chapters