Cherreads

Chapter 15 - 15

මේක හොදද...ම්ම්

හ්..හොදයිද....හාමු...

මට නෙවෙ ඇසලට පහසුද....

ප්පහසුයි හාමු...

ම්න්...එහෙනම් මේක ගමු.....

මං උන්නෙ අනත මනත වෙලා...ඇසල කියන්නෙ ඉටිපන්දමක් උනා නම්...අනිවාර්යයෙන්ම මාව මෙතනම දියවෙලා වැක්කෙරිලා යනවා.....මගෙ මුන අත් දෙකෙන් අල්ලගන කියපු කියුම් එක්ක මගෙ යටි බඩ ඇතුලේ මේ වෙනකොට රැලි පිට රැලි ගහන ගමන් මොන මොනවා දෝ වාන් දාන්න හැදුවා.....

මං තවම හිටගත්තු තැනම...අර කොල්ලා ගියා ගියාමයි තවමත් ආවෙ නැති කොට සෙනගත් නැති උඩ තට්ටුවෙ මමයි ඉන්ධර් හාමු තනි වෙලා මං හිටගන උන්න තැනම ගල් ගැහුනා.....

ඉන්ධර් හාමුගෙ සීලෙ මගෙ අතින් බිදුනලු...මෙච්චර කල් රැකන් උන්න කුමර බඹසර තවත් නම් රකින්න බැහැයි කිව්වා.....

වරහැලි කඩමාලු අදින මං කවදද දෙවියනෙ සිල් රැකපු ඉන්ධර් හාමුගෙ සිල් බින්දෙ...??

ඇසල.....තවමත් මෙතනද....

.......

මූනම රතු වෙලා...ඇයි මේ...ම්ම්ම්ම්

ඉ..ඉන්ධර් හ්...හාමු....ම්..මං.....

මට ඒපාර ගොතත් ගැහෙනවා....ඉන්ධර් හාමු මං කවදද හාමුගෙ සීලෙ බින්දෙ කියලා අහන්න හදපු මගෙ කට සීල් වෙලා ගියා...තවත් සුදුපාට අත් දිග ශර්ට් එකක් ළඟ තියන් උන්න ඉන්ධර් හාමු මහෙ මූනම රතු වෙලා කිව්වා...රතු වෙන්නෙ නැතැයි දෙයියනෙ කියපු කියුම් වලට....

ඇසල.....මගෙ වචන වලටද මේ මූන රතු කරන් ඉන්නෙ ම්ම්ම්....

ආයමත් රහස් දොඩන්ඩ ගත්තා.....ආයමත් රහස් කියන්න පටන් ගත්තා...අනේ හාමු ඔහොම කියන්න එපා හාමු....ඔය වචන මට හරි බරයිනෙ.....

මගෙ හිත කියවනවා...ඒත්...හාමුගෙන් පැනලා යමන් කියනවා වෙනුවට හිත කියන්නෙත් ඔහොම කියන්න එපා කියලා විතරක්ම වෙනකොට ඉන්ධර් හාමු මගෙ යටි හිතත් මේ වෙනකොට මගෙන් උදුරගන කියන්න මම දැනන් උන්නෙ නැති උනා.....

ඔය විදිහට බය වෙලා වගේ බලන් ඉන්න එපා ඇසල මට රකින්න බැරි උන සිල් බිදිලා තියනකොට නැකත් නැතිවම මේ මල පොඩි කරන්ඩ මනාප නෑ මම... ...මනාපම...හද ඇති රැක....මේ අත්වලට.....පිරුවට පොඩිවෙන හැටි මේ ඇස්වලින්ම දකින්න...හැබැයි...අමනාපයි මල පොඩි වෙලා මැරිලා යනවා දකින්න.....හතලිස් ඇදිරිය පැන්නට මොකද ...මං කිව්වා වගේම මං රකිනවා මගෙ මලව...තෙරුනාද උඹට ම්ම්ම්...

......දෙයියනේ ඉන්ධර් හාමු.....මට වචන නැති උනා....පිරුවට පොඩිවෙන හැටි හද එලියෙන් දකින්න මනාප බව කියපු ඉන්ධර් හාමු මං රකිනවා මගෙ මලව කියනකොට මට මෙතනින් දුවන්න වත් කකුල් නෑ වගේ දැනුනා.....ඇත්තටම ඇයි දෙයියනේ මේ....??.

මෙච්චර රතු වෙන්නෙ....එක්කො....උඹ බයයිද මට .....ම්ම්...කොයි වෙලෙත් ගැහෙන පපුවයි.....රවුම් වෙන මේ ඇස් දෙකයි එක්ක.....මට උඹව තලන්න දුක හිතෙනවා ඇසල.....ඒත්.....මල් තියෙන්නෙ....බඹරුන්ට රොන් ගන්න මිසක්.....උන්ට සිල් ගන්න නෙවෙනෙ ඇසල...ඒකත්...වියපත් බඹරෙක්ට නම්....??..

........මට කෙල ගිලුනා....ඉන්ධර් හාමු මාව ළඟ තියන් මේ කියවන්නෙ...හාමු හීන දකින අර වියන් බැදපු ඇද මැද මැවෙන රමනය ගැන වෙනකොට මගෙ සම්පූරනම උගුර කටම වේලිලා ගියා.....මොකද ...මං...අනේ මං හාමුට යට වෙන්න...??

ඉන්ධර් හාමු හිනා උනා....කතා කරන ඇස් හීනි උනා....ආයමත් ඇගිලි තුඩුවලි මගෙ නිකට අල්ල ගත්තු ඉන්ධර් හාමු තත්පරයක් දෙකක් මගෙ මුන දිහා බලන් ඉදලා මගෙ මූනට පහත් උනා...

වෙලාවකට ඇහැල මලක්...වෙලාවකට...පින්න මලක්....මෙච්චර රතු උනහම....උඹ හරියටම එදා අර රතු කැට වගේ දිලිසුන මැයි මල වගේ ඇසල...මං කවියෙක් නම්.....උඹ තනිකරම මගෙ අතින් ලියවුන "මෝහනයක්" ඇසල....අතිශයෝක්තියෙන්ම වර්නනා කරලා කරලම කියවන එකාට සිහි කල්පනාව නැති කරන...හැබැයි.....මටම විතරක් කියවන්න පුලුවන් කවියක් වෙයන්....ඉන්ධර් මනාප එහෙම

මගෙ මැයි මල...ඉන්ධර් පිස්සු වැටිලා උඹට.....මක්ක කරන්නද ඒකට....වැරද්ද මගෙ ඇසලම වෙනකොට...ම්ම්ම්...නන්දා උඹගෙ අප්පා එක්ක මොන නැකතෙ උඹව හැදුවද කියන්න දන්නෙ නෑ...මොන නැකත උනත්.....හැබැයි...මගෙ ඇහැල මල කියන්නෙ.....මහ බඹා නිවාඩු පාඩුව අඹපු රූපයක් ....එහෙමත් නැත්තන් ...උඹව වැරදිලා මනුස්ස ලෝකෙට එවල....ඒත් නැත්තන් ..මේ ඉන්ධර් හාමුව පරික්ශා කරන්ඩ එවලා....කියපන්...මොන කාරනාව උඩද උඹ මගෙ ඇස් මායිමට ආවෙ ඇසල....ම්ම්ම්....මොන හයියටද ඇසල සිල් රැකපු මගෙ හැම මුද්‍රාවම බිදලා දැම්මෙ....?

ඉ..ඉන්ධර් හාමු....මං....මං

මං මනාපයි...උඹ ඔහොම ගොත ගගහා බය වෙනකොට මේ ඇස්වල තියන අහිංසක කම බලන්ඩ...හැබැයි ඉතින් මගෙ ගාවදි විතරයි ....තේරුනාද උඹට....

........

ඇසල....

බේබි...හාමු...

උන්මාද චිත්‍රව වගේ..මං උඹවත් හිරකරන්නද ....?මට ඊරිසියයි.....වෙන උන් දකිනකොට ....නිකන්ද ඉරුගල්බන්ඩාරගෙ මැනිකෙ කියනකොට ...ආඩම්බර නැද්ද ඇසලට.....ම්ම්ම්.....හැබැයි උඹව සත්මහල් ප්‍රාසාදෙක දාලත් මදි වගේ මට....කව්ද දන්නෙ....පටාචාරාවත් සත්මහලක ඉදන් පැනලා ගිය එකේ....දීඝගාමිනිත් උඩහට බඩගාපු එකෙ...උඹවත් මොකෙක් හරි උදුරන් ගියෝතින් ...

ඉන්ධර් හ්..හාමු....මාව...හිර කෙරුවත්....කාරි නෑ...ඒත්....මේ....තරම්....වර්නනාවක්..

දෙන්ඩ එපා හාමු...මේ වර්නනා අහන්ඩ තරම් දුප්පත් පපුව හයිය නෑ හාමු...මේවා සිමෙන්තියෙන් වත් කොන්ක්‍රීට් ගල් වලින් වත් නෙවෙ හාමු හදලා තියෙන්නෙ....කොයි වෙලෙත් එක එකා ගාව තැලෙන.මේ හිත හරියටම මන් අදින ඇදුම් කඩමාලු වගේ දියවෙලා ගිහින් හාමු....එහෙව් එකේ...මෙහෙව් වර්නනාවක්...අනෙ....එපා...හාමු....

ඇසල....ඇසල....ඇයි මේ....ම්ම්ම්

මං කිව්වනෙ.....ඇසල ගාව..මේ ඉන්ධර් කියන්නෙම කවියෙක් කියලා .....ඉතින්...මං මනාපයි...මගෙ ඇහල මලව හැම කෝනෙකිම්ම විදින්න...බලන්න...මට දුකම උඹව තලන්න.....ඒත්..... මලක රහ බලන්න රේනු නොතල කොහොමද ඇසල...මං කවියෙක් නම්.....ඇසලට බැරිද මගෙ හඳ වෙන්න.....මොකද...කවියෙක් නිදි වදින්නෙම වැඩි වැඩියෙන් හඳ එක්ක.....

.......මට දැන් පන නෑ වගේ...කසාදෙට කලින් ඉන්ධර් හාමු මාව මරලා දායි වගේ...ඒකත් මෙ වචනවලිම්ම....පිරිමියෙක් නොවි මං ගෑනියක් උනා නම්..සත්තයි මං මේ කියන කියුම් එක්ක බඩ වෙනවා දෙතුන් වතාවක්ම ....යටි හිතින් ඉන්ධර් හාමු එක්ක නිදි වැදලම...මොන ගෑනිද දෙයියනෙ මේ තිරිවානා සර්වාංගෙට යටවෙන්ඩ අකමැති.....?මම වත් නොදකින ..දකින්ඩ බය හිතන ලෝකයක් ඉන්ධර් හාමු හරි කෛරාටික විදිහට මගෙ යටි හිත අස්සෙ මවනකොට මටත් නොදැනිම නිදිකුම්බාවක් වගේ ඇකිලුන හදවත හොරෙන් හොරෙන් දිග ඇරෙන්න ගත්තා .....

බිබික්කමට පිස්සු...!!

නෑ...මටයි දැන් පිස්සු!!!

හ්ම්.....අදට ඔය ඇති....මං නන්දට සල්ලි දෙන්නම්...මනාප දෙයක් හෙට ඇවිදින් සුද්දි එක්ක ගනින්....මං උඹට අත පුරවල අරන් දෙනකොට උන්ගෙ හිත් තැලෙනවනෙ ඇසල...ම්ම්ම්....

ඇති යන්තම් ...මං දඩුකදෙන් ගැල උනා....මෙච්චර වෙලාම වචනවලි දඩු කදෙ ගහලා උන්න මං නිදහස් උනා....ඉන්ධර් හාමු වෙනස් උනා.....අර කවියා වෙනුවට පරන ඉන්ධර් හාමුම වේගන එනකොට මං ඉක්මනට මගෙ ඇදුම් මාරු කර ගන්න ඇතුලට දිව්වා..හැබැයි...ඇතුලට දුවපු මං හති ඇරියා...මට මහන්සී...හාමුගෙ බර වචන අහලම මට මහන්සි ...ඇග හිරිවැටුන තරම කොයි තරම්ද කියනවා නම්...බර ඇදලම ඇට්ටර වෙච්ච පපුවෙ තිබුන රුපියල් දෙකක් තරමට දුඹුරු පාට ගහපු කාගෙ කාගෙත් ඇස් නතර කරන තැනම තිබුන තන පුඩු ඉවසන්න බැරිම තැනදෝ ඉලිප්පිලා තිබුනා...මෙච්චර කාලෙකට සීතල වතුර බින්දුවකට විතරක් පනගහපු තන පුඩුවක් අවසානෙදි ඉන්ධර් හාමුගෙ වචන ගාවදි රෙදි පිලි ගලවන් උන්නා....

මට ලැජ්ජ හිතුනා...මං අත් දෙකෙම්ම අතුල්ල ගත්තා....අතුල්ලපු වේගෙ කොයි තරම්ද කියනවා නම් ගල් යුගෙ උන්න එකෙක් ඒ වේගෙටම ගල් දෙකක් ඇතිල්ලුවා නම් ගිනි ගන්නවා...හැබැයි මේ වෙනකොටත්...අතට අහුවෙන ලැමට යටින් තිබුන ළය ගිනි ගන්න ගමන් තිබුනා.....

ඇසල...බිබික්කමාව පිස්සු වැටිලා....ඒකත් මේ හිගන උඹ හන්දම....

කන්නාඩියෙ උන්න මගෙම රූපේ බලන් උන්න මන් මටම මුමුන ගත්තා....

අර ඉන්ධර් සර් නේද.....

කෝ.....

අර අර ඉන්නෙ බන් අත් දිග ශර්ට් තියන තැන...

ඒ අන්න උඹගෙ ක්‍රශ් එක ඇවිල්ලා....ඉන්ධර් ඉරුගල්බන්ඩාර .....බලපන්කො....වයසට යන්න යන්න ලස්සන වෙනවා.....ඔක්කොමත් හොදයි නපුරු කමනෙ ඉවසන්න අමාරු....

ඉතින් බන් හාමු කෙනෙක් කියන්නෙ නිකන්ද ...නමම බලපන්කො...ඉන්ධර් ඉරුගල්බන්ඩාර ....උඹගෙ මනමාල මහත්තයව හැට පනින්ඩ කලින් වත් බැදගනින් ...

මගෙ ඇස් දෙක එක තත්පරේකට හීනි වෙලා ගියා.....නන්නාදුනන ගෑනු කටහඩවල් තුන හතරක්...ඉන්ධර් ඉන්ධර් ඉන්ධර් .....උන් කතා කරන්නෙ ඉන්ධර් හාමු ගැන නේද....

මං අතට ගත්තු ටී ශර්ට් එක ඇදපු වේගෙ මටම හොයා ගන්න බැරි උනා...මොකද ඒතරම් වේගෙකින් මං ටීශර්ට් එක ඇන්දා....

ගිහින් කතා කරමුද.....

මොනවද අහන්නෙ...

අහන්න දේවල්ද බන් නැත්තෙ...ඔය මොනවා හරි ලෙක්චර්ස් එන්නෙ කවදද කියලා වත් අහමු.....

යමන්කො එහෙනම්...උඹට කොහොමත් උඹගෙ ඉරුගල්බන්ඩාරව දැක්කම නලියනවනෙ...

.නිකන් ඉදිල්ලා...මගෙ හාමුට මොකුත් නොකියා.....

ඇතුලට වෙලා උන්න මගෙ අත්වල ඇගිලි කිටි කිටියට මෙලවුනා..මොකීද ඒ....මොකීද...ඇරත්...ඒකිට කොහෙන් ආව හයියක්ද....මගෙ හාමු කියන්නෙ...මගෙ හාමු...හහ්...මගෙ හාමුලු...හාමු උඹගෙ නම්...මං මොකාගෙද.....

නොහිතන වෙලාවක ආව මටවත් නොතේරුන අහේතුවකට මට තරහ යනකොට මං මගෙ බෙල්ල එලියට දාලා ඉන්ධර් හාමුට අයිතිවාසිකම් කියන අංගනාවි මොකීද බැලුවා....

ඉරුගල්බන්ඩාර සර්.....

අර ඉන්නෙ.....එකියක් නෙවෙ...දෙතුන් දෙනෙක්ම...අත් දිග ශර්ට් දෙක තුනක්ම අතේ තියන් උන්න මං ඉන්ධර් හාමු ඒකිලා දිහාවට හැරෙන හැටි....උන් කියවනකොට එයා මොකුත් නොකිව්වත් ලාවට වගේ ඔලුව වනන හැටි මන්බකන් උන්නා...හැබැයි එක තත්පරෙන් මගෙ තරහව හේදිලා ගියා...

වෙන මොකටවත් නෙවෙ.....දවසක ඉන්ධර් හාමු කියන්නෙ ඇත්තටම දීග යන කෙනෙක් හන්දා....අහේතුවකට තරහා ගිය මම මටම දෙස් තියාගත්තා....කියන්නෙ මොනවද නෑහුනත්....මං ඉන්ධර් හාමුට ලන් වෙන්න හදන ගෑනු පරානෙ දිහා මං බලන් උන්නා...තරහ ගන්න කාරනාවක් නැති උන්ත්...ඇති උනත්...මට පිලිගන්න සිද්ද උනා....ඒ ගෑනු පරානෙ ඇත්තටම ලස්සන බව...

ධර්මේන්ද්‍රන් හාමුයි ලොකු මැනිකෙයි කිව්වෙම මේක වෙන්නෙ ඉන්ධර් හාමුගෙ මේ අපලෙ හන්දා වග කී වංගියක් නම් මටත් කිව්වද.....ගෑනු පරානයක් දුන්නොතින් කැඩෙන කසාදෙකින් පුරුකක් ඉතිරිවෙයි කියන බයටයි දුප්පත් මාව බිලි ගත්තෙ.....මගෙන් කියලා නම් මොනවා යන්නද...මන තනිකර අපලෙකට තියාපු අඩයක් වෙනකොට...

.

හාමු කියනව මට හදක් වෙන්නලු...මං මොකටද හාමු හදක් වෙන්නෙ...ඒත්...එක අතකට මට හදක් කිව්වත් මොකද...හදෙත් ආවාට නැතුවද...

මං බලාගන උන්නා....අර කෙල්ල මොන මොනවා හරි කියලා හිනා උනා.....අනිත් උනුත් හිනා උනා...සිමෙන්ති අනන....ඉදුල් හෝදන ඇසල කියන්නෙම බේබදු ජානවලින් ආව එකෙක් වෙනකොට ඉරුගල්බන්ඩාර හාමු ගාවින් හිට ගන්නවත් මට පුලුවන්ද .....

ඇසල.....

....

මං බිම බලාගන උන්නා....හාමු දැක්කා...මං හාමු දිහා බලන් ඉන්නවා.....හාමු දැක්කා මටත් නොදැනිම අද මගෙ මූන අමුතු වෙනවා...

ඇසල.....

මගෙ ගාවට ආව ඉන්ධර් හාමු දෙවනි වතාවටත් කතා කරනකොට මං අර නුපුරුදු හැගීම් හන්ගන් ඉන්ධර් හාමු දිහා බැලුවා....

හාමුගෙ මැනිකෙද ඒ....?

.....මැනිකෙ....????

ඔ..ඔව්....බ්...බේබි....හාමුගෙ....මැනිකෙද... ඒ.....

මගෙ ඇහල මල.....ඒකද මේ ඇස්වල කදුලු ...ම්ම්ම්ම්

ම්...ම්..මගෙ....

ම්න්...

මගෙ ඇස් වල කදුලුලු...කොහෙන්ද....කොයි වෙලේද....මං ඉක්මනට ඇස් දෙක පිහදගත්තා ...ආයමත් අලුත් ඇදුම් සුවද අස්සෙ මමයි ඉන්ධර් හාමුයි තනිවෙකොට අර ගෑනු පරානවල සුවදවත් ඉතිරි නොකර යන්න ගිහින් තිබුනා.....

ඇසල .....දැන් කොච්චර පිහදැම්මත්....මේ ඇස් අඩපු බව මං දැක්කා...මන්වත් නොහොතන මනස්ගාත හිත හිත...ඇයි කොයි වෙලෙත් මේ පුංචිහිත රිදවගන්නෙ.....ම්ම්ම්...කාරි නෑ...මං දන්නවා.....සමහර විට...මහ හාමුගෙයි මැනිකෙගෙයි වචන උඹගෙ මේ හිතට කා වැදිලා ඇති ඒත්.....පුලුවන් නම්...මේ හාමුටත් ඉඩක් දියන්.....නෑ...උඹ අල්ලලම බලපන්.....මේ පපුවම....කොච්චර වත් මුරන්ඩු කමට රිදවගන්නවා හතර කොනම...අවුලගන්නවා අමු අමුවෙම...නෑ....උඹම අල්ලල බලපන්....

ඉ...ඉ...ඉන්ධර් ...හාමු.....

මං හිතන්නෙ මනුස්සයෙක් ජීවත් වෙනකොටම පන යනවා කිය්න්නෙ මේකට වෙන්න ඇති....ඇස්වල කදුලු බැදුනට අමනාප උන ඉන්ධර් හාමු මගෙ අත මගෙන්ම උදුරන් හාමුගෙ අර පිරුන පපුව උඩ තියාගන්නකොට ඊයෙ රෑ වතුර බින්දු රැදුන තිරිවානා පාට පපුව ආය ආයමය් මගෙ ඇස් ඉස්සරහා දකින්න නෙවෙ...අල්ලන්නත් වරම් දෙනකොට මම ජීවත් උනත් මැරිලා උන්නා....සිමෙන්ති ගල් වලට රලු උන අතට ඉන්ධර් හාමුගෙ පපුවෙ රිදෙමෙ පවා දැනෙනකොට මං ගොලු වෙලා ගියා...මට පුලුවන් කමක් තිබුනෙ ගොලුවෙලා ඉන්ධර් හාමු දිහා බලාගන මගෙ ඇස් කරකවන්න විතරයි .....

"දැනෙනවද ම්ම්ම්....දැනෙනවද මගෙ ඇහල මලට....මෙ විසල් පපුව මැදත් පැලෙන්ඩ තරම් ආදරයක් දැන් තියන බව...ඒකත්...උඹට විතරයි ....."

ඉන්ධර්.....

කාරි නෑ...හිමීට පුරුදු වෙමු.....උඹට බර ඇති තවම....හදිස්සි වෙන්නෙ මොකටද ම්ම්ම්ම්....මට කියන්න ඕනෙ මෙච්චරයි ....

ඉන්ධර් ආදරෙයි....මේ ඇහල මලට.....

මගෙ මැනිකට....

මගෙ ඇස් වලට එක තත්පරෙන් කදුලු පිරුනා...එකම එක තත්පරෙන් කදුලු පිරුනා....මං කවදාවත් ප්‍රාර්තනා කරපු නැති දෙයක්...අඩුම ගානෙ මගෙ හීනෙකවත් නොතිබුන දෙයක්...ඉන්ධර් හාමු මට ආදරෙයි කිව්වා....මගෙ අත තවමත් හාමු මහත්තයගෙ අර විසල් පපුවෙ තියනකොට ඉන්ධර් හාමු මගෙ මුනම ඒ අත් දෙකෙන් අල්ල ගත්තා ...

අමනාපයක් නැත්තන් .....තියන්නද මේ මලට හාදුවක් ....

මට වචන නෑ දැන්...හා කියන්නවත්....එපා කියන්නවත්.....

රවුම් උන ඇස් දෙක මගෙ මොනවා කිව්වදො මන්දා...හැබැයි හාමු හිනා උනා.....දෙයියන් බුදුන් පල්ලයි...නපුරු උනත් ඉන්ධර් හාමුට තිබුනෙ හරි ලස්සන හිනාවක්.....

මනාපද මැනිකෙ ....ම්ම්ම්....මගෙ ඇහල මල මට කටින් උත්තර නොදුන්නත්...දන්නවද...මේ ඇසුත් දැන් කතා කරන්න පටන් අරන්....කටින් නොදෙන උත්තර ඇස්වලින් දෙනකොට මං කොහොමද ඇසල උඹවම ඉල්ල ඉල්ල වද දෙන මේ වයසක හිතට මොනවත් තේරුම් කරන්නෙ....

හාදුවක් දෙන්නද .....නැත්තන් ...හාදුව ඉතිරි කරගන්නද.....දෙන්නත් ලෝභයි ...නොදී ඉන්නත් ලෝභයි....දන්නවද....මගෙ ඇහල මල කියන්නෙම දෙයියො නිදහසේ මවපු මලක්.....මේ හිත තවත් නම් මෙල්ල නෑ ඇසල....

මං ඇස් පියාගත්තා ...මොකද ....කටින් උත්තර නොදුන්නත් මගෙ අකීකරු ඇස් දෙක ඉන්ධර් ඉරුගල්බන්ඩාරට මනාපයි කියල මගෙ ඇස් කියල තියනකොට මං කොහොම නම් ඇස් ඇරගන ඉන්නද...

මං ඇස් පියාගත්තා ....කවදාවත් නොහිතපු උනුසුමක් මගෙ නලල උඩ නවතිනකොට මේ ඇසල ධනුද්දර සෙනවිරත්න කියන මගෙ ඇස් දෙක තෙහස් ඉන්ධර් ඉරුගල්බන්ඩාර කියන දේහදාරියගෙ වියපත් උනත් බරම බර ආදරනීය හාදුව ගාවදි තෙමිලා ගියා....

වියපත් බඹරෙක් ඇවිදින් ළපටි මලකට කුලුදුලේ හාදුවක් තියලා ගියා...ඒකත්...කුලුදුල් ...මේකත් කුලුදුල් .....හාදුව දීමත්...හාදුව ගැනීමත්...දෙකෙම කුලුදුල් .....

" ධනූ....."

මට ඇස් අරින්න ඕන කමක් තිබුන් නෑ.....මොකද ....කිව්වත් වගේ ඉන්ධර් හාමු කියන කවියා ගාව හදක් වෙන්න හොර හොරාවට හිත නැවුන මට කුලුදුලේ ලැබුන හාදුවෙ උනුහුම ඇස් ඇරියොතින් යාවි කියන බයට මම ඇස්පියාගන උන්නත්...මේ අවුරුදු ගානටම ඇසල...ඇසල....ඇසල ගගා නහින්න හදපු ඉන්ධර් බේබි හාමු හරි මෘදු විදිහට මගෙ දෙවනි නම කිව්වා.....

ඒකත්....නමේ බාගයයි... " ධනූ....."!!!

මම මිමිනුවා....මට මිමිනුනා...මොකද මේ වෙනකොටත් මාව දියවෙනවා...මේ වෙනකොටත් මාව ඉන්ධර් හාමු ගාව දියවෙලා වැක්කෙරෙන්න ආවා....

ඇසල දන්නවද....ධනුද්දර කියන එකේ තේරුම.....ම්ම්ම්....මොන දේ උනත්....නන්දා උඹට හරිම නම දාලා තියනවා....මේ ඇහැල මල දැනටමත් මේ ඉන්ධර්ගෙ හදවතට විදලා ඉවරයි .....

මේ ඇස්වලට කදුලු ගන්න එපා...එක ඇගිල්ලට කසාද මුදු දෙකක් වැටෙනවට මනාපයක් නෑ කොහොමටත්ම.....උඹගෙ හිත තවම පුංචි හන්දම වෙලාවකට චන්ඩ වෙනවා...කාරි නෑ.....ආදරෙ කරනකොට හිමින් ආදරේ කරපන්...කවියෙක් උමතූ උනෝතින් ...නිවනක් නැත්තෙ හදටයි...හැමදාම මට උඹව අඩවන්න බෑනෙ මැනික.....ම්ම්ම්....

ළපටි මල් වලට වියපත් බඹරු ආදරේ කරනකොටයි වැඩිපුරම ලස්සන!!.ඉතින් මෙ බඹරත් වැඩිපුරම ආදරේ මේ ළපටි මලට.....තේරුනාද....

"තෙහස්....."

ආදරෙයි මගෙ ඇහැල මලට....!!

අලුත් ඇදුම් සුවදයි ....මගෙ උකුල උඩ තිබුන ඇදුම් උරෙ තිබුන මගෙ මගුල් ඇදුමෙ අලුත් සුවද මේ වෙනකොට මං සියවතාවක් විතර ඉන්ධර් හාමුගෙ ඇස් වලට හොරෙන් ඉව කෙරුවා ....

ඉරුගල්බන්ඩාර වලව්වෙ එකම උරුමෙ උන තෙහස් ඉන්ධර් ඉරුගල්බන්ඩාර හාමු මට ආදරෙයි කියලා දෙපාරක් කියලා තිබුනා මදිවට ..මම කුලුදුල් හාදුවක්.මොන තරම් උනුසුම්ද කියන්න අත් වින්දා...

මං ආයමත් සුවද ඉවකෙරුවා ...

මදැයි දැන් උඹ ඔය ඇදුම සියවතාවක් ඉව කෙරුවා ....

ඔන්න ඉතින් වෙස් පෙරලුනා....උතුරන්න ආදරෙයි මගෙ ඇහල මලට කියපු කටිම්ම ඉන්ධර් හාමු මට සැර උනා...

ඔය කිව්වට බිබික්කමට අමාරු ඇති මං අර දෙමලිච්චිව දැක්ක හන්දා.....කියන්ඩ ඕනා උගන්නඩ ගියාට කාරි නෑ මගුල් මුද්ද දාගන යන්ඩ කියලා ....ඒත් ඉතින් අර සුගලා දේවි මක්ක කියයිද දන්නෙ නෑ....රත්තරන් නෙ වැටිලා නැතිවෙයි කියලා ගෙදරින් තියල යන්ඩ කියයිද දන්නෙ නෑ...අනෙ ඉතින් බිබික්කමට.මුද්දවත් පරිස්සම් කරගන්න බෑ.. ඒ තරම් ලපටියෙක්නෙ.....

මං නියපොත්තක් කන්න ගත්තා ...මාව තුරුල් කරගත්තු කවියට යකා වැහිලා තිබුනා....හදක් වෙයන් කියපු කවියා ඒ කටිම්ම මට සැර කෙරුවා මදිවට පුරුදු නපුරු බැල්මම ආපහු දාන්න ගන්නකොට මං ඇදුම් බෑග් එක පපුවට තුරුල් කරන් ගොලු බෙහෙත් බිව්වා .....

ඉන්ධර් හාමු සැර උනත්.....අවුරුදු කීයකට පස්සෙද මං මේ මගෙම සයිස් එකට මටම කියලා ඇදුමක් ගත්තෙ...අවුරුදු කීයකට පස්සෙද අලුත් ඇදුමක් මෙච්චර සුවදයි කියලා හිතට දැනෙන්න දුන්නෙ....

හාමුට මේක සාමාන්‍ය උනාට...මගෙ දුප්පත් හිතට මේක මහ මෙරක් වගෙ....

ඇසල.....

බේබි හාමු.....

නන්දට කියාපන් අද හුනු ගාන්ඩ එනවයි කියලා ....

හුණු ගාන්ඩ.....වලව්වටද බේබි හාමු

නෑ...

එහෙනම්...

උඹලගෙ ගෙදරට....

අපේ ගෙදරට ...??ඒ ඇයි බේබි හාමු.....

උඹ කියන්නෙ මට උඹව හිගන පැටියා වගේ ගේන්ඩ කියලද...ඊට පස්සෙ මෙතන ගෙයින් එලියට බහිනකොටත් කදුලු පෙරන් මගෙ ගාවට එන්ඩද.....??දුප්පත් උනාට කාරි නෑ...පිලිවල ඉගන ගනින්...විච්චූරන පාට බෑ.....ලාපාටක් කියන්ඩ කියපන්....සකරමොටන් නැතුව.....

මං ඇස් දෙක රැලි කරගත්තා ...ආයමත් යකා වැහුනා....ඊලග පාර නම් වෙද ගෙදර ගියහම වෙද මහත්තයට රහසින් වත් කියන්ඩ ඕනා බිබික්කමගෙ වෙස් මාරුවෙන එකට තෙලක් හින්දලා හරි දෙන්ඩ කියලා .....ඊටත් දැන් මං කිව්වද මට සකර.මොටන් පාටක් ඕනෙ කියලා ..අන කරන්න නම් දන්නවා...ඒ උනාට තමන්ගෙ කියලා මෙලෝ මගුලක් කරගන්න බෑ....කොච්චර වත් ඇඥල...ඇඥල...ගානවා....

නාකි බිබික්කම

ඉන්ධර් හාමු

ම්න්....

තරහා ගන්නෙ නැතිනම්..කාරනාවක් කියන්ඩද....

ම්න්.....

මං...දිගටම ගුනේ මාමා ගාවට යන්ඩද...මට නොයා බෑ බේබි හාමු...සුද්දි ඉස්කෝලේ යනවා....මට ඒකිට උගන්න ගන්න ඕනේ බේබි හාමු....මටවත් හරියට ඉගන ගන්න බැරි උන එකේ...මට....සුද්දිවවත් උගන්න ගන්න තිබුනොතින් ..අනේ හාමුට...පින්සිද්ද වෙනවා.....

මං හරි හිමීට මිමිනුවා.....මොන දේ උනත් ඉන්ධර් හාමු වලව්වෙ නැති වෙනකොට මහ මැනිකෙ මගෙන් මරව මරව වැඩ ගනී.....ඉන්ධර් හාමුගෙ හිතේ මං වෙනුවෙන් මොන හැගීමක් තිබුනත්...කුමාරි හාමිට වගේම ධර්මේන්ද්‍රන් හාමුට මං ඉදුල් හෝදන කොල්ලමයි.....ඇරත්...මට ඉගන ගන්න බැරි උන එක ඒකිවත් ඉගන ගත්තොතින් අනෙ ඒකිවත් මෙ නාරාවලෙන් පිටවෙලා යයි...

ම්න්...මං ඒක කල්පනා කරලා බලන්නම් ඇසල....

බේබි හාමු....

දැන් මං සැරයක් උඹට කිව්වනෙ ඇසල..ම්ම්ම්.....මගෙන් පිට කතාකරන්ඩ පුරුදු වෙන්ඩ එපා තේරුනානෙ...එකපාර බැරි උනත් උඹ ඉගනගන්ඩ ඕනා වලව් මැනිකෙක්ගෙ සිරිත්....මොකද උඹ මගෙ මැනිකෙනෙ...ම්ම්ම්....මොක අමතක කෙරුවත් ඒක ඔලුවෙ තියාගනින් ඇසල....

.......

මං මීක් නොගා උන්නා....මොකද ඉන්ධර් හාමු කියන්නෙ අහස වගෙ මනුස්සයෙක්....තරහා ගියොත් මුලු හතර දිග්බාගෙම පොඩි පට්ටම් කරලා මිසක් පස්ස නොබලනකොට මං මීක් නොගා උන්නා...ඒත්....ඉන්ධර් හාමු කියයි... පවුලෙ බර අදින එකා වෙච්ච මමනෙ හැම බරම දන්නෙ....

ඇසල හිත නරක් කරගනද ම්ම්ම්ම්....

බේබි හාමු.... 

ගෙදරට තව ටික දුරයි ...එක පාරම කෑ ගහපු ඉන්ධර් හාමු හරි ඉක්මනට නිවුනා...මෙච්චර වෙලාම තාර පාරේ ආව කාර් එක බොරළු පාරට හරවනවත් එක්ක අර වේගෙ අඩු උනා....දැන් ඉතින් කොන්ක්‍රීට් වනාන්තරේ අහවරයි .... වැවයි පන්සලයි....මේදෙකම එකම රාමුවක තියනකොට පීදෙන්න බලන් උන්න කොල ගැහුන ගොයම ලා පාට වෙන ගමන් උන්නා...හුලග යන්නෙ කොයි දිහවටද ගොයම් ගසුත් ඒ එක්කම නැලවුනා...

ඇසල...

අන් උන්නෙ ජනේලෙන් එලිය බලාගන...අනේ මන්දා....කොච්චර දැක්කා උනත් වෙනදට නොදකින හරි ලස්සනක් මන් අද මේ හැමතැනකිම්ම දකිනකොට පයින් යන මනුස්සයෙක්ටත් කාර් එක පහු කරන් යන තරමටම වේගෙ බාල කරපු ඉන්ධර් හාමු මටත් හොරාවට මගෙඅත අරගන හාමුගෙ අතට පටලවගන්නකොට මං හාමු දිහා බැලුවා.....

ඇසල.....හවහට පන්සල් යමුද...

ප්..පන්සල්....

ම්න්....මනාපයි ඇසල එක්ක යන්න....මේ අත්වලිම්ම මල් කඩාගන එන්න ඕනෙ හැබැයි....

මං මගෙ ගොරෝසු වෙච්ච අත ඒ සිනිදු අතට තද කරන් උන්න ඉන්ධර් හාමුදිහා බැලුවා...

හිත් අමනාප කරගන්ඩ එපා....සුද්දිට මං උගන්නන්නම්....ඇසලටත් එක්කම....

ම්..මටත්.....එක්කම

ම්න්....ඇයි....ඇසල මනාප නැතුවද

රතුපාට දල්ල තියන නා ගස් පේලියම වැවෙන් එන හුලගත් එක්ක හාදකම්.කරනකොට මං බලාගන අර රත ගැහුන දළු මොනව මොනවදෝ උන් උන්ටම කියා ගන්නවා....

ඉන්ධර් හාමු මගෙන් අහනවා ඉගන ගන්න මනාප නැතිද කියලා ...අනේ කව්ද මනාප නැත්තෙ...ඒත්...ගෙදර අප්පච්චි මම උන කොට ..මං කොහොමද ඉගන ගන්නෙ....සුද්දිට නම් අනේ වාසනාවන්....

ඉන්ධර් හාමු මගෙ පිට අල්ලට හාදුවක් තිබ්බා...මට ඉතින් අමුතුවෙන් දියවෙන්න දෙයක් දැන් ඉතිරි වෙලා නෑ...මොකද ...දියවෙන්න දෙයක් ඉතිරි නැති තරමට හාමු මාව දිය කෙරුවා ....

මෙච්චර වෙලාම නෑහුන සින්දුව බහින්න ඔන්න මෙන්න තියලා ඇහෙනකොට මං මගෙ ඇස් කොන්වලින් ඉන්ධර් හාමු දිහා බැලුවා...කරකවාපු උඩු රැවුල ඉන්ධර් හාමුව පරිනත කරලා මදිවට ඕනාවටත් වඩා කඩවසම් කරලා තියනකොට මට ආදරෙයි කියපු හැටි මතක් උන මට මටත් නොදැනිම හිනාවක් ගියා වහේම ඉන්ධර් හාමු එක පාරම.මගෙ දිහා බැලුවා...

".මගෙ මැනිකෙගෙ හිනාවෙ ලස්සන....ඔය තරම් ලස්සනට හිනාවෙන්න ඉගැන්නුවෙ කව්ද ඇසල.....ම්ම්ම්....දන්නවද...ඇසල හිනා වෙනකොට....ඇසුත් හිනාවෙනවා....

ඉන්ධර් හාමු...

මට ලෝභ හිතෙනව....ඇස් කොන්වලින් හොරෙන් බලනකොට ....වලව්වෙ තියන්නද.....නැත්තන්...අරගන ගිහින් හිරකරන්නද කියලා.මගෙ හිත දැන් මටම වද දෙනවා ඇසල.....ඒ තරම් උඹ මට ලස්සනයි.....මගෙම ඇස්වහ වදී කියලා හිතෙන තරමට උඹ හරි ලස්සනයි ඇසල.....

වැරදි වත්තක පිපුණත් මොකද...අයිති මට නම්.....

......ඉන්ධර් හාමු අයිතිය කියනවා...එහෙන් සින්දුවක් යනවා....විශාරද නන්දාමාලනිය කොහෙන්දෝ ඇවිදින් ආදරේ ගැන අද ඕනාවටත් වඩා කියලා දෙනකොට වයසට කලින් කරන් ගැට්ටි උනත්....ඉපදුන දා ඉදන් දුක් වින්දත්...ඉන්ධර් හාමු නම් වෙච්ච කවියගෙ ඇස්වලට අතිශයෝක්තියක් උන මම ඉන්ධර් ඉරුගල්බන්ඩාරට මෝහනෙ වෙලා උන්නා....

සින්දුව අහන්නද...හාමුට උත්තර දෙන්නද කියලා මගෙ හිත වැට උඩ ඉදන් දෙපැත්තට වැනෙනකොට මගෙ අත අරගන පපුවට තද කරගත්තු ඉන්ධර් හාමු අර කතා කරන ඇස් වලින් මගෙ ඇස් දිහා බැලුවා...

"මේ ඇහල මල ඉන්ධර්ගේ නේද ...."

ඔබයි රම්‍ය

සඳ කිරණ

ඝණ අන්ධකාරෙ.....

ඔබයි සෞම්‍ය

තරු එලිය

ගිම්හාන කාලෙ....

ප්‍රේමය නම් කිමැයි

ඔබ මට

කියා දුන්නෙහිය

දැන් මගෙ පරමාථය ඔබය

මගෙ පරමාදර්ශය ඔබය

මගෙ එකායන

ප්‍රාර්ථනයද ඔබය.....!!

 ආ පුතේ...ඉන්ධර් හාමු එහෙම කිව්වද.....අපේ කෙල්ලට උගන්නන්නම් කියලා ...

හ්ම්ම්ම්ම්...ඔය කිව්වෙ බිබික්කම

කට උඹගෙ....ඔච්චරත් කරන මනුස්සයට කියන කතා....

මෙච්චර කල් නැහුන මට වඩා දැන් අම්මට ලොකු මැනිකෙගෙ දොන්ත බිබික්කමව...

ඔව්වා අරකට ඇහෙයි ඇසල....උඹව දඩු කදේ ගහාවි මහ තැන....

හ්ම්....ඔච්චරනෙ දන්නෙ...වෑවරයක් කඩලා ගිනි අව්වෙ මාව වරුවක් දඬු කදේ ගැහුවා...විකුනන්න කැඩුවා නම්...කාරි නෑ...බඩගින්නට බිව්ව වෑවරෙ දඩු කදේදිම මට දිරෙව්වා....

හුනු නාගන උන්න මං මුනට වැටුන හුනු කුඩු පිහදාගන ධර්මේන්ද්‍රන් හාමු මීට හත් අට අවුරුද්ද්කට උඩදි මට අච්චුකරාපු හැටි කියන ගමන් අම්මා දිහා බැලුවා

මං උන්නෙ කලිසම පිටින්....මාව ගේ ගාවින් දාපු ඉන්ධර් හාමු ආපිට යන්න ගියේ මොකුත්ම නොකියම උනත් හාමු ගිහන් අඩ හෝරාවක් යන්ඩ කලියෙන් හාර්ඩ්වෙයාර් එකේ කොල්ලො දෙන්නෙක් හුණු අරගන ආවා.....ඉතින් දෙන්නෙක් මොකටද...එකෙක් ආපිට හරවලා යවපු මං ගුනෙර් මාමා ගාවට නොයා අර කොල්ලා එක්ක පළුදු වෙච්ච හත් අවුරුද්ද්කින් වත් හුනු ටිකක් නොවැදුනත් අප්පච්චි බුලත් කන වාරයක් ගානෙම දබරැගිල්ලට වැදුන හුනු විතරක් ඉතිරි උන බිත්තිය ගානට මට්ටම් කරන්න වැලි කඩදාසියකින් කපන්න ගත්තා ..

කරන්ට් එක තිබ්බා නම් මේක සට සට ගාල ගහන්න තිබුනා නැන්දෙ....

හාර්ඩ්වෙයාර් එකේ කොල්ලා මේක කියපු සිය වෙනි වතාව.....පව් උගෙ අත රිදෙනවා ඇති....බිත්ති කපලම ගෙවිලා ගියපු වැලි කඩදාසිය මාරු කරපු මන් තවත් අලුත් කොලයක් ගන්නකොට හෝරාවක් දෙකක් එකම දිගට බිත්ති මැදපු කොල්ලා මහන්සියටම අගු පිලේ ඉදගන අම්මා හදාපු ඉගුරු තේ කෝප්පෙ එක්ක සුද්දියගෙ කොටහලුවට හදාපු වැලි තලප කෑල්ලක් කනකොට මං මගෙ බෙලෙක් කෝප්පෙ තිබුන තෙ එක නිවෙන්න ඇරලා ආයම බිත්තිය කපන්න ගත්තා .....

ඉන්ධර් හාමු පන්සල් යන්ද ඇහුවා...ඔය කිව්වට එන එකක් නෑ.....කුමාරි හාමි එවයි මා එක්කම පන්සලට යන්ඩ.....පෝයට ගිහින් මුල් පුටුව අල්ලන් මහ සද්දෙන් සාධු කිව්වට මොකද පින් කැටේට කාසියක් දාන්ඩවෙයි කියන බයට මහ කුමාරි හාමි නෙවෙ අනිත් දවසට පන්සලෙ පස් පෑගුවෙ.... ..මැනික් රකින නයි වගේ මහ උන්දෙන්නගෙම රස්සාව වලව්ව රකින එක...

රෑට ඔවුන්ට නින්ද යන්නෙත් නැතුව ඇති...ඔය කිව්වට බිබික්කමත් රෑට බුදියන්නෙ සල්ලි කුට්ටිය පපුව මැද තියන්ද දන්නෙ නෑ....අනේ අම්මේ...දුප්පත් අපිට නම් නින්ද නොගියෙ බඩගින්දර වැඩි උන දාක විතරයි....අනිත් දවසට නම් පැදුරට වැටෙන්ඩ කලින් අපි නිදි.....

පැදුර කියනකොට මතක් උනේ.....අම්මා ලව්වා අලුත් පැදුරක් ගන්ඩ ඕනා....බේබි හාමුගෙ ඇදට නගින්ඩ..අනේ අම්මෙ මට බෑ...ඊටත් අර නාකි මැනිකෙගෙ පපුව ගැලවිලා බිමට වැටේවි මං හාමුගෙ ඇදට නැග්ගා කිව්වොත්.....

ඔය කොච්චර කියෙව්වත්...වෙලාවකට පේන්නෙ නැද්ද බිබික්කමත්...මේ ආදරෙයි කියලා...ඊලග තත්පර්‍රෙ මගෙ බෙල්ල කන්න හදනවා...අනේ උඹ කවියෙක් වෙයන් බිබික්කම මහ කුමාරිහාමිට....මට හදවෙන්න කියප් එකානේන්නම් අර කෙල්ල එක්ක හිනා උනේ.....කව්ද දන්නෙ බිබික්කම උනත් කුපාඩියද කියලා .....

හිටපන්කො මං උඹට ඇහල මල් පෙන්නන්නම්.....

මං හදිසියෙ ආව තරහවක් එක්ක මං අර බිත්තිය කපාගන කපාගන යනකොට පරන බිත්තියෙ කහ ගැහුන හුනුකුඩු මගෙ සර්වාංගෙම පාන්පිටි හැලියකින් ගැහුවා වගේ සුදු පාට උනා....

නන්දා.....

අපෙ...අප්පෙ...මේ බේබි හාමුනෙ....අනේ හාමු මොක හරි උවමනාවක් ද.....

ම්න්....අම්මා කිව්වෙ හෙට උදේට ඉඹුල් හදන්ටය කියලා ....

අනේ හාමු.....මේ තකහනියෙ මෙහෙ ආවෙ...ඒක කියන්ඩදමද.....

ම්න්...ඒකත් එකක්...මක්කද මන්දා නන්දා වරුවක ඉදන් මගෙ නහය දනවා ...

ඉන්ධර් හාමු නේද...

ධර්මේන්ද්‍රන් හාමුගෙ වෑවරෙන් පටන් ගත්තු බැනුම මං දැන් වරුවක.ඉදන් බිබික්කමටත් එක්ක බනින්ඩ ගත්තා මිසක්කා තේ එක බොන්ඩවත් නෙවෙ මං නැවතුනේ....

මං හුණු පිටිම්ම හැරිලා බැලුවා.....අගු පිලෙ ඉදන් උන්න කොල්ලා පනුවා වහෙ දෙකට නැවෙනකොට මං බලාගන හෙට උදේට ඉඹුල් ඕනයි කියාගන තකහනියෙ කඩාපාත් උන සුදු වයිරම ගියපු රතුපාට බතික් සරමට කමිසයක් ඇදන් උන්න බිබික්කම පුරුදු විදිහටම අත් දෙක පිටිපස්සට බැදන් අඩ නිරුවතෙන් ඉදන් හුනු නාගන උන්න මගෙ දිහා බලාගන ඇස් හීනි කරනවා....

ඉඹුල් ඕනා කියන්ඩලු ආවෙ...ඉස්සරනම්....වලව්වෙන් පනිව්ඩ ආවම අපි දිව්වා මිසක්කා වලව්වෙ උන් නෙවෙ මෙහෙ ආවෙ....ඊයෙත් පොල් වැටුන හන්දා අදත් වැටෙයි කියල බලන්ඩ ආවද කව්ද දන්නෙ....මට කේන්ති අර ගෑනු පරානෙ එක්ක හිනා උන හැටි මතක් උන මට බිබික්කම එක්ක මොන මගුලෙ හේතුවකටද මන්දා කේන්තියක් නැග්ගා.....

ඇසලත් බරටම වැඩ වගේ...

එහෙමයි බේබි හාමු...

ඇස් පෙනි පෙනි වැඩද අහනවා...

අනේ හාමු....ඔහොම ඉදගන්ඩ පුලුවනිද

කාරියක් නෑ .....

අනේ මහ එකා සන්තකේටම තිබ්බ පුටු දෙක තුන අර වයලටාගෙ ගුබ්බෑයමට දීලා බේබි හාමු.....

ම්න්.....

මං ආපහු හැරිලා බැලුවා...අම්මා බිබික්කම ගාව දෙකට නැවෙනකොට බිබික්කම මගෙන් ඇස් අහකට නොගෙනම අගුපිලෙන් ඉදගන්නකොට මං ආයම මදින්ඩ ගත්තා ..

බේබි හාමුට ඉගූරුදාපු කහට එකක් හදන්ඩද....

තේත් ගිල්ලවන්ඩ...ඇයි අර කැම්පස් සිරික්කියගෙන් බිව්වා නම් අහවරනෙ...දුප්පත් අපේ සීනි ඇටේටම විදින්න එන්නෙ....ආදරෙයිලු..අනේ උඹලගෙත් බොරුව..කාරි නෑ..මං ආදරෙයි කිව්වෙ නෑනෙ....

මං හිත යටින් ආයම බැන්නා.....

මේක මේ...ඇසලටද...

බේබි හාමු...අනේ ඕක අපෙ කොලුවට හදාපු එකනෙ...මං වතුර එකක් පැහෙන්ඩ තිබ්බා...

ඕන් නෑ...මං මේකෙන් බොන්නම්...

අනේ...බේ..බි

කිව්වනෙ නන්දා...කාරි නෑ...

බිත්තිය මැද මැද උන්න මං ඉක්මනට හැරිලා බැලුවා..මොකද ....ලෝකෙ දහවන පුදුමෙ අඒ ගෙදර වෙන හන්දා.....

ඇත්ත...මට ඇහුන එක හරි.....අගුපිලෙ ඉදන් උන්න ඉන්ධර් හාමු මගෙ බෙලෙක්කෙන් තේ බොනවා....මහ මැනිකෙ දැක්කා නම් අගුපිලක ලැගන් මගෙ බෙලෙක්කෙ කටෙ ගහනවා පපුව පැලෙයි...ඒතරමට මාන්නෙ...

මං බලන් උන්නා...වතුර වීදුරුව පවා සිය වතාවක් හෝදවන ඉන්ධර් හාමු මගෙ කට ගාව කඩතොලු හිටපු බෙලෙක්කෙන් තේ බොන හැටි බලන් උන්න මගෙ කටත් ඇරුනා....

එක උගුරක් ...දෙකක්.....තුන හතරක්ම බොනකනුත් බලන් උන්න මට අහක බලන්ඩ අමතක වෙනකොට ඉන්ධර් හාමු බෙලෙක්කෙ පැත්තකින් තියලා ආපිට මගෙ දිහා බලලා ඇස්වලින් බෙලෙක්කෙ පෙන්නුව..හරියටම ඇවිත් බොන්න කියන්න වගෙ....

බෑ කියන්නත් බෑ....ඒ බලන බැල්මට....ඇස්වලින් අඩගහන් විදිහට මට නොයා ඉන්න කොහොමත් බැරි වෙනකොට හුනු නාගන උන්න මං අගුපිලෙන් හාමුට ඈතින් ඉදගන්නවා එක්කම ඉන්ධර් හාමු මගෙ හුස්ම හිර කෙරුවා ...ඒ ඉන වටේ අත දාලා එකපාරම හාමුගාවට ඇදලා අරගන.....

අනෙ...බ්..බේබි...හාමු...අම්මා..දකීවි

මොනවද...ම්ම්ම්ම්...මගෙ ළඟ ඉන්න එකද...කැන්දන් යන්න හොද නම්...ලගට ගන්න බැරි මොකද.....ම්ම්ම්ම්ම්....

මං ආපහු රූට්ටන්න හැදුවා...ඒත් හාමු නෙවෙ යන්න දුන්නෙ....ආයමත් ඇස්වලින් තේ එක පෙන්නපු ඉන්ධර් හාමු මගෙ දිහා බලලා මේක බීපන් කියලා නොකියා කියනකොට මං තේ එක අතට ගත්තා ....හාමු මේකෙන් අඩක්ම බීලා.....

ඇල්වෙලා....ඒ මදිවට තේ එක ඇල්වෙලා.....කවදාවත් ඇල් තේ කටේ නොගහන බේබි හාමු අද ඇල් තේත් බීලා..එක.උගුරට තේ එක ගහපු මං හුස්ම අල්ලන් හාමු දිහා බලනකොට ඇස් දෙක හීනි කරන් හුනු බින්දු පිරුන මගෙ දිහා බලන් උන්න ඉන්ධර් හාමු මගෙ නහයට තට්ටුවක් දැම්මා.....

" පූස් පැටියෙක් වගෙ...."

...

මෙච්චර මගෙ නහය දන්නෙ... මගෙ ඇහැල මලට මාව මතක් උනාද ම්ම්ම්ම්....

තකහනියක්...මෙහෙට ආවෙ.....ඉඹුල ගැන කියන්නමද බේබි හාමු.....

නෑ...උඹව බලන්න.....!!ඇස් දෙක කියන්නෙම යමන් කියලා උඹ බලන්න....හේතු නැති උනත් හේතු හදාගන හරි මට ඕනෙ උඹ බලන්න....

අනෙ...බේබි හාමු....

ලැජ්ජ නැති කොල්ලා මගෙ.....කාට පේන්නද ඔය එලියෙ දාගන...

ඉ..ඉන්ධර්...හාමු...

කවදාවත් නැතිවම මට ලැජ්ජා හිතුනා...හුනු නෑවත් ,ඉන්ධර් කවියගෙ ඇස් දෙක නැවතුනෙ මගෙ නිරුවත් පපුවෙ සියුම්ම තැන වෙනකොට කාට පේන්නද එලියෙ දාගන කියනකොට මෙච්චර දවසක් බාගෙට බාගයක් මං උන්නෙම.මෙහෙම උනත්...අද මට ඉන්ධර් හාමු ගාව බඩ කලතවන ලැජ්ජාවක් දැනෙනකොට මං අත් දෙකෙම්ම පපුව වහගත්තා....ඇස් අඩවනින් බලන් උන්න ඉන්ධර් හාමු කට කොනකින් හිනා උනා...!!

මගෙ ඇහල මල....අමු හෙලුවට වඩා...මං මනාප අඩ හෙලුවට.....මොකද.....හද එලියට ලස්සනම...අඩ හෙලුව!රමනයක් උනත් රහම අඩ හෙලුවට....

😩ඉන්තර්....

🌼ආයම එනකන් පයිස්සම්න් ඉන්නලා බිබිලා ටික.....

මම ජොබි බිබික්කම😂

Nedeesha !

More Chapters