Cherreads

✨lord of the demon kingdom✨

Another world within a world

There is never any sunlight

It has only darkness

"AN HUNG GONG"

The past and the present collide

but the past doesnot go away

a story of two people

Ending with one

𝓬𝓱𝓪𝓹𝓽𝓮𝓻 1

ඕකිඩ් හරිම මහන්සියෙන් තනියමයි ගෙදර එන්නේ.මුලු පාරම 𝘴𝘪𝘭𝘦𝘯𝘤𝘦.ඒ හැමදාම එයා එන පාර වහලා.පොලීසියෙනුත් ඉන්නවා.පාර අද්දරම 𝘸𝘢𝘳𝘯𝘪𝘯𝘨 𝘣𝘰𝘢𝘳𝘥 එකක්.ඒ හින්දා ඒ පාර පහු කරන්න බෑ.

𝘱𝘰𝘭𝘪𝘤𝘦-"මේ පාරෙන් යන්න බෑ.මීට කලින් කෙනෙක් ගිහින් අතුරුදන්..."

හැම පාරක්ම වහලා.ඉතිරි වෙලා තියෙන්නේ සොහොනක් ගාවින් යන අදුරු පාරක්.ඕකිඩ් සන්සුන් වෙලා හුස්මක් ගත්තා."..අය්යා මේ වෙලාවේ හිටියනම්.."ඇයට හිතුනා.ඒ පාරේ 𝘴𝘪𝘭𝘦𝘯𝘤𝘦 එකම බය හිතෙනවා.ටිකක් දුර යනකොට ඈතින් කලු ඇදගත්ත මනුස්සයෙක් හිටියා.ඕකිඩ් එයාව දැකලා බය උනා.එයාගේ හදවත මාරම විදිහට ගැහෙනවා.ඒ හින්දා පස්ස බලන්නේ නැතිවම ගෙදර දිව්වා.

𝘈𝘕 𝘏𝘜𝘕𝘎 𝘎𝘖𝘕𝘎 (𝘥𝘦𝘮𝘰𝘯𝘥 𝘬𝘪𝘯𝘨𝘥𝘰𝘮𝘦)

𝘥𝘦𝘮𝘰𝘯𝘥 ලෝකේ අදුරු මාලිගයේ නිශ්ශබ්දතාවය මැද 𝘥𝘦𝘮𝘰𝘯𝘥 𝘭𝘰𝘳𝘥 රාජකීය සින්හාසනයේ වාඩි වෙලා ඉන්නවා.එයාගේ නම " 𝘓𝘈𝘊𝘏𝘐𝘞𝘈𝘙 𝘉𝘓𝘈𝘊𝘒𝘛𝘏𝘖𝘙𝘕 ".කලු ඇදගත්ත මනුස්සයා ලැචිවර් ගාවට ඇවිත් දන ගැහුවා.

"𝘮𝘺 𝘭𝘰𝘳𝘥...පණිවිඩයක් තියනවා.."

𝘭𝘢𝘤𝘩𝘪𝘸𝘢𝘳 (𝘥𝘦𝘦𝘱 𝘷𝘰𝘪𝘤𝘦 එකකින්)

"හොහෙන්ද?.."

"ගෑණු ලමයෙක් මාව දැක්කා.."

𝘭𝘢𝘤𝘩𝘪𝘸𝘢𝘳 හිටියේ බර කල්පනාවක.ඔහු කලු ඇදගත්ත මනුස්සයා වෙතට හැරී,

"ඔයාට විශ්වාසද.."

"ඔව්..මට විශ්වාසයි.මොකද කිව්වොත් ඒ ගෑණු ලමයා මාව දැකලා බය වෙලා දිව්වා.."

𝘭𝘢𝘤𝘩𝘪𝘸𝘢𝘳 තවත් බර කල්පනාවක

"එයාව 𝘧𝘰𝘭𝘭𝘰𝘸 කරන්න.මට ඇයගේ තොරතුරු අවශ්‍යයි."

***

ඕකිඩ් ගෙදර හති දාගෙන දුවගෙන ආවා.අර මනුස්සයා දැකපු බයට.එයාට හිතුනේ ඒ හොල්මනක් කියලා.කාමරේට ගිය ගමන් බෑග් එක ගලවලා ඇද උඩට විසි කරලා ඇදට වැටිලා කල්පනා කරන්න ගත්තා.

"..කවුද ඒ මනුස්සයා..ඒ මනුස්සයාගේ ඇස් දෙක..මේක හීනයක්වත්ද.."

එයා කල්පනා කර කර ඒ මනුස්සයගේ රූපේ එයාගේ 𝘮𝘪𝘯𝘪 𝘯𝘰𝘵𝘦 𝘣𝘰𝘰𝘬 එකේ අදින්න ගත්තා.ඊටපස්සේ ඕකිඩ් නාගෙන , කෑම කාලා ඉස්කෝඑ වැඩ කරන්නාපටන් ගත්තා.වැඩ ඉවර කරනකොට රෑ 12 යි.(ඕකිඩ්ගේ අම්මයි තාත්තයි නෑ.එයා ගෙදර තනියමයි ඉන්නේ)

***

ඊලග දවසේ ඕකිඩ් හෙමින් හෙමින් පාර අයිනෙන් ඉස්කෝලෙට යන්න පටන් ගත්තේ සාමාන්‍ය දවසක් වගේමයි.එයාගේ ඉස්කෝලේ "𝘓𝘐𝘕𝘚𝘏𝘜𝘞𝘌𝘐 𝘚𝘊𝘏𝘖𝘖𝘓".ඒක තියෙන්නේ ගමක.එහෙ කැලෑව වැඩී.ඕකිඩ් ඉන්නේ ගමක නිසයි එයා ඒ ඉස්කෝලෙට ගියේ.ඉස්කෝලේ වටපිටාව හරිම නිස්කලංකයි.හැබැයි,අද ඒ නිස්කලංක බව නෑ.

හිරු එයිය මදයි.එයා ඇවිදින අතරේ ආයෙත් අර කලු ඇදග්ත්ත මනුස්සයා පේන්න ගත්තා.ඕකිඩ් ටිකක් ත්‍රස්තයි.එයා ටග්ගාලා පිටිපස්ස හැරිලා බැලුවා.පාරට අදුර වැටිලා.පහුගිය දවස්වලට වඩා අදුරුයි.

"මම දැක්කේ ඇත්තද,නැත්තම් මට පිස්සුද.." ඕකිඩ් තම්න්ටම කියා ගත්තා.

ඇය පියවර ඉක්මන් කරලා ඉස්කෝලෙට ගියා.පන්තියට යන්න තියෙන්නේ අදුරු කොරිඩෝවක් දිගේ.එතනට ලයිට් නෑ.බිත්ති පැරණි.කිසිම කෙනෙක් නෑ.ඇය හැමදාම මෙතනින් යන්න කැමති නෑ.වෙන විකල්පයක් නෑ.

ඇගේ ගතට තනි බවක් දැනුනා.ඇය පියවර නැවැත්තුවා.එවිටම තවත් පියවර හඩ ඇහෙනවා.ඒක ඇගේ පියවරවල reflection එකක් වගේ.වෙනම කෙනෙකුගේ පියවර වගේ.

ඕකිඩ් බයෙන් බයෙන් පිටිපස්ස හැරිලා බැලුවා.කිසිම කෙනෙක් නෑ.ඒත් ඇයට හිතෙන්නේ කවුරුහරි ඇයව follow කරනවා වගේ.

ඕකිඩ් පන්තියට ඇතුලු උනා.ඇගේ පියවර corridor එකේ අදුරේ ගිලිහෙනවා.පන්තියේ ළමයි 4 දෙනෙක් විතරයි.ගුරුවරුත් නෑ.

"කවදාවත් මෙච්චර ළමයි අඩු උනේ නෑ නේද?"ඕකිඩ් හිතනවා.ඒ වෙලාවේ announcement බෙල් එක ගහන්න ගත්තා.හරියට නිකන් ටකරමකට ගල් ගහනවා වගේ.

"විශේශ නිවේදනයයි.පොලිස් විශේශකාල බලකායේ හදිසි මෙහෙයුමක් හේතුවෙන් අප පාසල සතියක් වසා තැබේ.එබැවින් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම නිවෙස් කරා හැකි ඉක්මනින් ගමන් කරන්න.දෙමාපියන් සමග ගමන් කරන සියලුම දරුවන් ප්‍රධාන ගේට්ටුව අසල තම දෙමාපියන් පැමිණෙන තුරු රැදී සිටින්න.නැවතත් එම නිවේදනය..."

"පොලිස් මෙහෙයුමක්...ඇයි ඒ.."ඕකිඩ් හිතන්න ගත්තා.විනාඩියක් යන්න කලින් හැමෝම පිටවෙන්න ගත්තා.කවදාවත් එහෙම silence එකක් ඕකිඩ්ට දැනිලා නෑ.ඒ නිහඩ බව අදුරුයි,නරකයි.

ඕකිඩ් තාම දන්නේ නෑ මේක හීනයක්ද නැත්නම් badly written play එකක්ද කියලා.ඒ උනත් ඇයත් ගියා.

***

lachivar blackthorn අදුරු නිකායේ රාත්‍රී අහස යට , ඔහුගේ අසුන මත හිද රත් වූ දෑසින් බලා හිදී.ඔහුගේ සේවකයා අවසර ගෙන ඇතුලු වෙයි.

"my lord , අර ගෑනු ලමයා ගැන තොරතුරු හොයාගත්තා."

lachivar තියුනු වූ දෑසින් ඔහු දෙස බලා,

"කියනවා.."

"ඇය යන්නේ LINSHUWEI පාසලට.මගේ මැදුරෙන් 12km පමණි.ඇයට වයස අවුරුදු 19යි.ඔබතුමාට වඩා වසර 3කින් බාලයි."

lachivar සෙමෙන් සිනාසෙමින් තම කඩුව මුවහත් කරයි.

"ම්..."

demon kingdom එකේ අදුරු රාත්‍රිය පවා lachivar blackthorn සිසිලසින් දඹගෙයි සිටී.මේ අතර තවත් පණිවුඩකරුවෙක්,

"my lord , ඔබතුමාගේ හිතමිත්‍ර LINCHEN අධිරාජ්‍යයේ අධිරජු පැමිණ සිටිනවා."

lachivat blackthorn ගේ දෑස් රත් පැහැයෙන් රිදී වී යයි.ඔහු හොදින් දන්නා නමක් අදුරු වාතාවරනයේ ගැඹුරුකමින් උච්චාරණය කරයි.

"Liyan Zhao Zhan"

"එහෙමයි.."පණිවිඩකරු

lachivar ගැඹුරු හඩකින්,

"ඔහුව සාකච්ඡා කාමරයට මග පෙන්වන්න.මම එනවා.."

සේවකයා ආචාරශීලීව,

"එහෙමයි"

✨සාකච්ඡා මන්දිරය

lachivai නිහතමානී සිනාවකින්,

"අවුරුදු කීයකින්ද දැක්කේ . සාදරයෙන් පිලිගන්නවා අපේ මාලිගාවට Liyan.."

Liyan(මද සිනාවකින්)

"ස්තූති..,ඒත් මම ආවේ කාරණාවක් ගැන කතා කරන්න.."

Lachivar ගේ දෑස් නිහඩව දිලිසෙයි.

"මොකක්ද?.."

Liyan="මගේ නංගී ගැන . මමත් මගේ සහොදරයනුත් ඇයව වසර 10කින් දැකලා නෑ.ම හිතන්නේ එයා තනිව ජීවත් වෙනවා.ඇයව හොයාගන්න මට ඔයාගේ උදව්වක් ඕන"

Lachivar="හොද අදහසක්..මම මේකට උදවු වෙන්නම්.. හැබයි මට මොනවද ඔයාල ඒ වෙනුවෙන් දෙන්නේ?.."

Liyan="එයාව හොයා ගත්තට පස්සේ ඔයා ඉල්ලන ඕනම දෙයක්..."

lachivar="දැන් එයා කොහෙද ඉන්නේ.."

Liyan ="මනුස්ස ලෝකේ.."

Lachivar ගේ දෑස් මදක් පුදුමයෙන් යුක්ත විය.

More Chapters